Thursday, January 31, 2019

122. අතර මග . . . !




 මාගේ ලොරි පොඩ්ඩා


පසුගිය කාලය පුරාවට මා කාලය ගතකලේ මාගේ ලොරි පොඩ්ඩා නොහොත් ට්රක් රිය ගොඩ දා ගැනීමටය. පලමුව මා එහි සවිකොට තිබූ වේග හතරේ ගියර පෙට්ටිය ගලවා වෙනුවට වේග පහේ; තේරෙණ සිංහලෙන් කියනවානම් 5 ස්පීඩ් ගියර පෙටියක් සවි කිරීමය. එයට අඩු වැඩිය ලෙස ක්ල්ච් ප්ලේට් හා ප්රෙෂර් ප්ලේට් අතුරු පස ලෙස සැපයීමි. එම ගියර පෙට්ටිය තිබුනු එකට වඩා සෙන්ටි මීටර 10 ක් දිගින් වැඩි නිසා එයට ගැල පෙන්නට පසුපස අවර පෙති කඳ හෙවත් ප්රොපෙලර් ෂාෆ්ට්  එක කොට කර සාපේක්ෂව  ඉදිරිපස ප්රොපෙලර් ෂාෆ්ට් එක දිගු කලෙමි. ඉන් පසු සිදු කලේ පසු පස ඩිෆරන්ෂලය ඇක්සලය හා දුනු මිටි දෙක සමගම ඉවත් කොට එයට 5 ස්පීඩ් එකලසක් එක් කිරීමය. මන්ද 5 ස්පීඩ් ගියර පෙට්ටියට ගැලපෙන ඩිෆරෂලයේ; පීනියන් හා ක්රවුන් වීලයේ දැති අනුපාතය 4 ස්පීඩ් ඩිෆරන්ෂලයට වඩා වෙනස් වන නිසාය. මේ සියල්ල සිදුකලේ මිතුරකු සතු  ගර්හිත නිසාන් පැට්රල් වැගනයකින් ගලවා නැවත මාගේ ලොරි භාගයෙන් ඉවත් කරණා අදාල කොටස් නැවත සවි කර දීමේ පදනම මතය. අඩුපාඩුවට ගෙවන මුදල් වලට අමතරවය! සාපේක්ෂව වැගනයේ දුනු මිටි සමන්විත වූයේ තුනී දුනු කොල හතකින් වන අතර ට්රක් රියේ දුනු මිටි වල වූයේ ගනකමින් වැඩි දුනු කොල හතරක් පමනි. මේ නිසාම ට්රක් රියට අමතර සුව පහසුවක් එක් කිරීමට දුනු මිටි හතරද මාරු කලෙමි. මේ සියල්ල සිදු කලේ මා තනිව වෙහෙසමින් වන අතර පසු ගිය මාසය තුල මා ඔසවන ලද, අදින ලද, තල්ලු කරණ ලද මුළු බර කිලෝ 1000 ඉක්මවන්නට ඇත. මේ සියල්ල සමග සිදුවූයේ පසුගිය කාලය පුරා පාන්දර 1.00 -2.00 වනතුරු නිදිවරමින් මජං නාගෙන වැඩ කල අතර මේවන විට ඉදිරිපස දුනු ෂකල් හා දුනු බුෂ් අළුතින් යෙදීම හා මාගේ ට්රක් රියෙන් ඉවත් කල ඉදිරි පස දුනු මිටි දෙක සමන්විත ඩිෆරන්ෂලය මිතුරාගේ රථයට සවි කිරීම කල යුතුව ඇත!
මේ සියල්ල වචන දෙතුන් සීයකින් ලියා අවසන් කල හැකි වුනද නිමකිරීමට ගතවන ශ්රමය -මිනිස් පැය ගනන අති මහත්ය. වෙහෙස සෙසු පටු නැත
 වින්ඳ දුක දන්නේ මාත් හදවතත් පමණි!




මේ සියල්ලටම වඩා එය; මා ඔබෙන් ඈත් කර තැබීමට හේතුවිය. මෙනිසාම ලියන්නට බොහෝ දේ හිත තුල ඉපදී හිත තුලම මිය ගියේ තුන් මාසයේ, හත් දවසේ තබා පාන්ශුකූලයටවත් ඉඩක් නොතබාය! එනිසාම බයිසි පැදිල්ලද තරමක් පසු බෑවේ; ඉදිරියට එන උදරය ඉදිරියේය. නමුත් සිතට වදින දසුන් රැසක්පසුගිය කාලය පුරාවට දැකීමි
මේ පිළිබඳව සටහනක්!


රවිශංකර් හා ටෙඩී බෙයාර් . . . !

 ඊයේ හවස වැඩ ඇරී පුරුදු පරිදි මගේ විශ්වාසවන්ත ගමන් සගයා වන ස්කොට් P6  සමග පාරට වැටුනෙමි. මේ දිනවල ඉඳිවෙමින් පවතින කැළණි නව පාලම හා කනු මතින් රාජගිරිය තෙක් දිවෙන මාර්ගයේ ඉඳිකිරීම කරණ කොට ගෙන උදේ සිට රාත්රිය තෙක්; දෙමටගොඩ, ග්රෑන්ඩ්පාස්, ඉඟුරුකඩේ හංදිය, තොට ලඟ, පෑලියගොඩ, නව කැළණි පාලම, කැළණිය, ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය එකී නොකී මුළු මහත් ප්රදේශය සිසාරා  මැවෙන්නේ කරවටක් උතුරා පිටාර ගලන ට්රැෆික් ගං වතුරකි! සනත් නන්දසිරි කියනා පරිද්දෙන් සැන්දෑ කළුවර ගලා හැලෙන විට - සෙනෙහස දැල්වූ නිවස සොයා යන මහ පිරිස; මේ ගං වතුරට , මියෙම්වා - රැකෙම්වා කියා සිතා පැන; පොලිස් කොස්තාපල් මහත්වරුන් විසින්; සුරා සුර යුද්ධයෙදී අමාව සොයා කිරි සයුර කළඹන පරිද්දෙන් ඇතිකරණ සුට්ටං රැළි වල මහිමෙන් මෙහා ඉවුරේ සිට එහා ඉවුරට සේන්දුවී පවුල නිදි අතරේ නිවෙස් වලට ගාල් වෙති!
ඊයේද හෙට වගේම ට්රැෆික්  වැඩි දවසක් විය! (වැරදීමකින් ලියැවුනක් නොව හෙට දවස මට තරම්ම ෂුවර්ය!) වසා දමා තිබුනු දෙමටගොඩ රේල් ගේට්ටුව අතරිණ් රිංගාගත් මා ට්රැෆික් ගං වතුරට සේන්දුවිය. කුඩා කුඩා රැළි වලට නතුව සෙමෙන් සෙමෙන් සමන්තා හෝල් හංදියටද එතැනින්  වර්චූසා එක දෙසට ගසා ගෙන යන්නට විය. මාලිගාවත්ත දෙසින් පැමින හිරවී තිබුනු රටේ එහා මෙහා යන සීටීබී හා ප්රයිවෙට් ස්;  මෝටර් රථ අතර; පෙරහැරක ගමන් ගන්නා අලි ඇතුන් සේ ඇතින් කරුවලේ දිස්විය. මා ඉදිරියෙන් වූයේ දූවිළි වලින් වැසීගිය රක්ත වර්ණයෙන් අතීතයේ තියෙන්නට ඇතැයි සැක සිතෙන සීටීබී බසයකි. ඩිපෝව ලියැවුනු කොටුවේ "නිකවැරටිය" කියා ලියා තිබුනි. මා මීට පෙර විටෙක කීවාසේ; චින්තන ජයසේනයන් ලියූ "මෙවර ජාතික කලා උළෙල මෙවර නිකවැරටියේදී කරටි කඩාගෙන සිදුවිය !" කියන වැකිය මතකයට ආවේ නිතැතින්මය. නැවතුනු බසය පසු කරණවාත් සමගම එහි වම් පස කවුළුවක් තුලින් මාදුටුවේ වෙනස්ම වූ දර්ශණයකි.  සෙනග පිරුණු බසය දෙස නැවත වතාවක් මා බැළුවෙමි. සමගම මා ජංගමය අටවාගෙන කාච සටහණක් ලබා ගන්නට වෙසෙසුනෙමි. එය අසාර්ථක විය. සමගම රැල්ලට හසුව බසය වේගයෙන් ගසා ගියේය. මා එතැන් සිට බසය හඹා පැද්දෙමි. අළුත් පාලම මතදී බසය අභිබවා යන්නට මාහට හැකිවූ නමුත්පිංතූරයක් ලබා ගන්නට ඉඩක් නොවීය. මා පෑලියගොඩ හංදියේ බලා සිට එතැන නවතනවාත් සමගම රූපයක් ලබා ගතිමි. බසය ඉගිල ගියේය. යලිත් බසය දක්නට ලැබුනේ දළුගම කන්ට්‍රාස් සිනමාහල ඉදිරියේදීය. එතැනදීද පිංතූරයක් ලබාගත් මා බසය අතහැර පදින්නට විමි.

මෙන්න ඒ පින්තූර කිහිපය.






අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකුවූ තියෝඩර් රුස්වෙල්ට් වෙනුවෙන් සැකසුනු සාදයක මේස සැරසූ රෙදි වලසුන් ටෙඩියෝ වී අප අතර පුණරුත්පත්තිය ලබා ඇත!. අපි අපේ ජනා ට ආදරේට "සිරා" නැතිනම් "හිටං" කියන්නැහැ; තියෝඩර් රුස්වෙල්ට් තුමාට කියා ඇත්තේ ටෙඩී කියාය! 


ඔරීම ජිනල් ටෙඩී !

මේ නිකවැරටියට කරටි කඩාගෙන වඩම්මන්නේද යෝධ ටෙඩියෙකි. මෙහි විශේෂත්වය වන්නේ සෙනග පිරුණු බසයේ ටෙඩියාට තනිව ඈඳි ගෙන යාමට උගේ අයිතිකරු ටිකැට්ටුවක් ගෙන ආසනයක් හිමිකර දීමය! ඇමරිකාවේ ඌ උපන් රටේදීවත් ටිකට් එකක් ගෙන සීට් එකක ආඩම්බරයෙන් වාඩිගෙන යාමට අවස්ථාවක් ලැබී ඇතිදැයි සැක සිතෙන විටදීම මාගේ මතකයට ආවේ ඉංදියාවේ රවි ශංකර් සිතාර් වාදකයාය. ඔහුද රටකින් රටකට පියාසර කරණාවිට තම සිතාරය සඳහා ඔහුගේ අසුනට යාබද අසුන මිළදී ගන්නා බව අසා ඇත.

යාබද අසුනේ ටියුන් කරමින් සිටින්නේ වයන්නට සිතා සිටිනසිතාරයක් විය හැක ! 
රවි ශංකර් - හැට පැන්නද බිම නොගිය වඳුරෙක්

 මෙය අසූ කාලයේ එය පුදුම සහගත කථාවක් සේ පෙනුනද මේ ටෙඩියා ඒ සියළු සැක  සංකා මගේ සිතෙන් අකා මකා දැම්මේය!


"කියැවීම මිනිසා සම්පූර්ණ කරයි - රතු ලූනු පොඩි කරයි!"

කියවීම මිනිසා සම්පූර්ණ කලද ගැහැණිය සම්පූර්ණ කිරීමට අපොහොසත් වී ඇත. එනිසාම ඇය නොනවත්වාම "කියවිල්ල" කරමින් වී ඇත!  (මෙය මා කොප්පෙ ගැසුවේ කොයි ලෝකෙන්ද මාවෙත පත බෑවුනු වට්ස් අප්  පණිවිඩයකිනි.) තම දරුවන් කියැවීමට හුරු කර වීම; එකල  බොහෝ දෙමව්පියන්හට ප්රශ්ණයක්ව තිබුනි. දැන් දෙමව්පියන්ද බයිලා කියැවීම හැරුණු විට වෙනයම් කියැවීමක නොයෙදෙන බැවින් මේ වන විට එම ප්රශ්ණය සමාජය තුල සාර්ථකව විසඳී ඇති ආකාරයක් පෙනී යයි. මා කියැවීම පුරුදු පුහුණු වූයේ මා ගේ මිතුරකු වූ එස් සී කේ ජයකොඩි නමැති මිතුරා නිසාය. මාගේ නවා තැන් පොල අසල නිවෙසක තිබුණු අනර්ඝ  එකතුවෙන් මා පාසලට ගෙන යන පොත් ජයකොඩි විසින් කියවා රස විඳ පසුව මාහට කථාන්දරයක් සේ කියා දීමෙන් පසුව ඇතිවන කුහුල නිසා මා කියැවීමට පටන් ගතිමි. එච් රයිඩර් හැගාර්ඩ්ගේ "ඇලන් ක්වාර්ටමෙන්" පොතේ ආම්ස්ලොපාගාස් හා නස්ටා අතර කිරිගරුඬ සෝපානය ඉදිරියේ වන ද්වන්ධ සටන ලියැවුනු පිටි කිහිපය කියැවීමෙන් මා "කියවීමට" අත් පොත් තැබීමි. පසුව ආර් කුලසිංහ සර් ආතර් කොනන් ඩොයිල් ගේ "රුදුරු බලුව" කතාව මාහට කතාන්දරයක් සේ පවසීමෙන් නැවත කියැවීම ඇරඹිමි. අපට පෙර පරම්පරාව කියැවීම ඇරඹුවේ ඩීමන් ආනන්දගේ පොත් වලිනි. ඊට පෙර පරම්පරාව ඩබ්ලිව් සිල්වා ගේ යුගයය. ඊට පෙර ගෙවී ගියේ පියදාස සිරිසේනගේ කාලයය.මේ සියළු කාලයට පසුව කියවන්නට පටන් ගත්තේ"සිත්තර","සතුට", "දසුන", "සුහද" වැනි චිත් කථා පත්තරය.  තවත් කලකදී එතැනට හොරෙන්ම රිංගා දරණ ගසා ගත්තේ  "සූසර", "මධුසමය" වැනි පත්තර තට්ටුවල යටින් තබා; බ්රවුන් පේපර් බෑග් වල දමා අලෙවේ කල පත්තරය! මේ අපේ රටේ කියැවීමේ විකාශන කළුවරේ අත පත ගාද්දි ඉහැඟෙන  දැනෙන අයුරුය. කොළඹ පොත් ප්රදර්ශණය පොත් කියැවීම කෙසේ වෙතත් පොත් මිළදී ගැනීම විළාසිතාවක් බවට මේ වන විට පත් කොට හමාරය. අමෙරිකාවේ නිවසක් සාදා විකුණන විටදී එහි අනිවාර්යයෙන්ම තිබිය යුත් පොත් රාක්ක පිරවීමට පොත් ගන්නේ යාර අඩි අඟල් වලින් ඇනවුම් කිරීමෙන් බව මා අසා ඇත. මේ සියල්ල අතර ලඟදී දිනෙක මා සුන්දර දසුනක් සටහන් කර ගතිමි. මෙන්න රූපය. බලන්න එම රූපයට "කියැවීම මිනිසා සම්පූර්ණ කරයි - රතු ලූනු පොඩි කරයි!" කියන යෙදුම මොන තරම් ගැලපේදැයි කියා!






36 comments:

  1. මොනාද මංජු මේ අගක් මුලක් නැති පල් හෑලි?
    -රසික සූරියආරච්චි

    ReplyDelete
    Replies
    1. අයි ඔයාට අවුල්ද එයා මොනවා කලත් ඔයාට මොකෝ අනුන්ගේ රෙදි හෝදන්නේ නැතිව ඉන්නවා

      පළකරනවකෝ රසික ලංකාවේ නැවත සල්ලි දීලා ලබාගත්තා පුරවැසි සහතිකේ පොටෝ එකක් එතකොට තමුසෙගෙ බොරු බයිලාව බ්ලොග් කියවන අයට අහුවෙලා කුජිත බව පෙන්න එක්ක


      Delete
  2. මේවා මා හදුන්වන්නේ "කස්කුටා ලිපි" ලෙස! අගමුල නැති වැල් වැනි ලිපි! ස්තූතියි!

    ReplyDelete
  3. I like your writings (one of the best our SL blogs) However this is bit of 'Pal hali' that's all right, I enjoyed.

    About fixing cars, my experience from old days, whenever you change gearbox, engine from petrol to Diesel, setup did not last long, other problems like vibrations, clutch wearing fast, crank and axial problems came one after the other (may be you are an expert and know what to do)

    ReplyDelete
    Replies
    1. Mate, if you do the swap like a fool, most probably you will get all those problems. You may not heard about balancing and matching components.
      Cheers!

      Delete
    2. විජේභාහු මහත්තයා; මගේ ඔය ලොරි පොඩ්ඩට උත්පත්තියේදී හයි කරලා තිබිලා තියෙන්නේ SD33 - 3300CC ඇංජිමක්. කවුදෝ සුපින්වතෙක් ඒ ඇංජිම ගොඩට ඇදලා ඒකට TD27 - 2700CC ටර්බෝ චාර්ජ් ඇංජිමක් තියලා. එතකොට ගියර් පෙට්ටිය මුල් එකමයි. ඨ්ඪ්27 එකේ ගියර් පෙට්ටියේ බෙල් හවුසිම ආයේ ඇස්වහක් කටවහක් නෑ ඉංතීරුවෙන්ම පරණ නිසාන් පැට් රොල් ගියර් පෙට්ටියට කිරිගහට ඇන්න වගේ හයි කරණ්න පුළුවන් ජාඩියට මූඩිය වාගේ. එක ඇන තව්වක් වත් වෙනස් නොකර; කපන්නෙ කොටන්නෙ නැතිව; ටොප් ශාෆ්ට් එක දිග කොට කරණ්නෙ නැතිව හයි කරලා ඇන ටික කරකව ගන්න පුළුවන්!ඉතින් මම කලේ මේ පරණ වේග හතරෙ ගියර පෙට්ටිය ගලවලා ඒකෙ බෙල් හවුසිම අලුත් වේග පහේ ගියර පෙට්ටියට හයි කරලා; බබාට කොට්ටෙ තිබ්බා වාගෙ එන්ජිමට තියලා ඇන ටික දාගත්තු එකයි. කොටින්ම එන්ජිම අදටත් දන්නෙ නෑ මම එයාගෙ ගියර් පෙට්ටිය මාරු කලා කියලා!
      මේකෙ රසවත්ම කතාව මොකක්ද දන්නවාද පරණ 3300CC ඇංජිමට වඩා මේ එන්ජිම හැම අතින්ම ඉදිරියෙන් තමයි ඉන්නේ. ධාරිතාව හැරුණාම අශ්ව බල ගනන එතනින් ගියාම ව්‍යවර්තය හෙවත් ටෝක් එක මේ සියල්ල!

      SD 33 - 60KW / 81bhp @ 3800rpm
      237NM

      TD27T - 73.5KW / 98.6bhp @ 400rpm
      240NM @ 2200rpm

      Delete
    3. Machang, I had a Mitsubishi short wheelbase with a Petrol engine. I replaced it with a 4DR5. That is my experience, you seems to be an expert (I am not)

      Delete
  4. One more thing, I think the woman in the picture is Ravi Shankr's daughter (OMG)

    ReplyDelete
    Replies
    1. එතුමා රස කාමියෙක්! රසවතෙක්!! ඒ රසකාමීත්වයෙන් ඔහුට ගැලපෙන අයෙක් ලෙස මාදකින්නේ අපේ රටේ හිටිය ෂෙල්ටන් ප්‍රේමරත්නයන්! අනේ මේ එයාගෙ දූ සිඟිත්ත කියලානම් මම හීනෙකින් වත් හිතුවේ නෑ. ඕකනේ කිතුල් ගහ යට ඉඳන් කිරි බීපුවාම වෙන්නේ!?

      Delete
    2. Ow, Anushka. Tokkak anaganin umbatama, soya balanne nethwa kupadi katha kiyanawata.

      Delete
  5. Do you still want my reply to your Gota 2020? (yes, that Ano is me). Sorry I was on holidays did not read your reply on Gota 2020.

    ReplyDelete
    Replies
    1. සතුටුයි හඳුනා ගැනීම. ලියන්න ඔබේ අදහස්. මේ සමාජයට අවශ්‍ය වන්නේ හුදෙක් දේශනා පමනක් නොවේ. සංවාද විසංවාද ; වාද විවාද මේ සියල්ල. ඇත්තෙන්ම ඝෝඨා හොඳයි; වඩාත් සර්වසාධාරණ වනවානම්. තවමත් එහෙම වගක් පෙනෙන්නට නැතිවීම රටේම අභාග්‍යයක්!

      Delete
  6. තට්ට මහත්තයාගේ අලුත් ලිපිය දැක ආටියාට බෙහෙවින් සතුටු සිතුනි . ඇතුලට ගොස් බැලින්නම් නිසාන් පැටරෝල් රථයක කථාවක් ය. නිසාන් පැටරෝල් යනු ආටියා බෙහෙවින් ප්‍රිය කරන යන්තරය වන අතර එය දෙවෙනි වන්නේ ශ්‍රීලංකා දුම්රිය සේවයේ සියලු දුම්රිය එන්ජින්වලට ය. නිසාන් පැටරෝල් සහ දුම්රිය මෙතන ගලපන්නට නොගියත් රුමේනියන් මගී දුම්රිය මැදිරියක් හොද භාන්ඩ ප්‍රවාහන කෙටි දුම්රිය මැදිරි දෙකක් වත් ඇදගෙන යන්නට තරම් මෙහි ඇති ගියර් පෙට්ටිය ට බලය ඇත .

    මෙහෙම කියද්දී තවෙකෙකුට මේ මොන හරුපයක් ද නොතේරෙන බැවින් https://www.youtube.com/watch?v=FEUfnPHtsrU මේ ලින්කුව මෙතන සටහන් කරනවාය .

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි පුතේ ඒක නං බලන්නම ඕන එකක්. මම එක වතාවක් වත්තලදි දැක්කා BJ40 ලැඇන්ඩ් කෲසර් එකක් අඩි 40 කන්ටේනර් කැරියර් එකක් අදිනවා. තව කිරිඳිවැලයි වැලිවේරියයි අතර වතුරුගම හරියේ ඉන්නවා ලෑන්ඩ් රෝවර් කාපු එකෙක් වත්ම පෙරේරා කියලා. මේකා ආනන්දියය යෙක්! මේ උන්නැහැ රත්මලානෙ ඉඳන් වතුරු ගමට ටොන් 15 ගල් රෝලක් ඇදගෙන ආවලු! මා ලඟත් BJ40, නිසාන් පැට්රෝල් මීට කලින් තිබුනා. ඒත් මම කිසිදාක මේ වගේ වීර වික්‍රමාන්විත වැඩ සඳහා මගේ වාහන යොදවලා නෑ. හේතුව මම එයාලට කරදර කරණ්න අකමැතිවීම. මම මගේ වාහන වලට කතා කරණවා! ඒක පොඩි පිස්සුවක් වගේ පෙනෙනවා තමයි. දුර ගමන් ගිහින් නිදිමතේ උනත් අනතුරකින් තොරව ගෙදරට ගෙනාවාම බොනට් එක අතගාලා ස්තූති කරණවා. හිනා වෙන්න එපා. ඒ මගේ හැටි. අපි ලිඳත් එක්ක ගනුදෙනු කල ජාතියක අවසන් පුරුක! මීහරකට "පුතේ!" කියලා කතාකල මිනිසුන්ගෙන් පැවතගෙන එන්නේ! මොකද කියන්නේ ? බොරුද?

      Delete
    2. මගේ දෝනිත් උදේට කියනවා no overtake කියලා මගේ bike එකට

      Delete
  7. ඊලග හීන වලින් එකක්.

    පරන වාහන එපා කරපු බයික් දකෙක සාඩම්බර හිමි කරුවෙක් වන අතර.

    පහුඌ මාසසයේද ලක්ෂ බාගෙට ටිකක් වැඩියෙන් වැය කොට. වෙළදපල වටිනාකමි ඒ වගේ දගෙුනයක් පමනක් වන මාගේ අස්පයාට පන දුන්නෙමි.

    ගිය වසර අවසානයේ ගන්නට පොරොන්දු උෟ බයිසිකල් කටුව ගැනීම තව මාස ගානකට යට ගිය අතර සුද්දන්ට යවන බයිසිකල් දෙස බලා කෙල හලමින් කල් ගතකරමි.

    ReplyDelete
    Replies
    1. අනේ කොල්ලො, ඔය බයිසිකල් මගුල පැත්තකින් තියලා ජීප් කටුවක් හරි කැබ් එකක් හරි අරං ටිකින් ටික හදමුකෝ. අපිත් පුලු පුලුවං විදියට උදව කරන්නංකො. මොකද කියන්නේ හා ද? මගේ නං ඇඟේ ලේ නෑ ඔය බයිසිකල් ගැන කියන කොට!

      Delete
    2. රෝද හතර වගේද අය්යේ රෝද දෙක . එකම දේ අව්වට තෙමෙනවා වැස්සට වේලෙනවා .ඒ වගේද trafic එකේ බෙන්ස් ,බී .එම් ඩබ්ලිව් නවත්තගෙන ඉන්නකොට ඒවා පහුකරගෙන යනකොට එන ගම්ම. ඇගේ ලේ නැතුව ඒ.සි එකේ වේලි වේලි ඉන්න ඩ්‍රයිවර් ලගේ මුනවල් දකින කොට එන නොන්ඩි හිනාවත් දාගෙන උන්ව පහුකරන එක තරම් මට නම් වෙන ආසාවක් නෑ

      Delete
  8. //කියවීම මිනිසා සම්පූර්ණ කලද ගැහැණිය සම්පූර්ණ කිරීමට අපොහොසත් වී ඇත. එනිසාම ඇය නොනවත්වාම "කියවිල්ල" කරමින් වී ඇත!//
    තට්ටවහන්සේගේ බැංකුගත කලයුතු වටිනා වැදෑරීමකි.

    //(මෙය මා කොප්පෙ ගැසුවේ කොයි ලෝකෙන්ද මාවෙත පත බෑවුනු වට්ස් අප් පණිවිඩයකිනි.) //
    Well, well, you got to come up with a better defense, mate.

    ReplyDelete
    Replies
    1. "ඔබ කොතරම් උස පුද්ගලයෙකු වුවද නීතිය ඇත්තේ ඔබට ඉහලින්ය !" කියන එක අහල ඇති මයේ හිතේ ! ? ! ? ! ?

      Delete
  9. එහෙනං පහුගිය කාලෙ පැට්රෝල් එක්ක හොඳ එක්සසයිස් එකක් කරල තියෙනව.

    අපේ අය කියවන්න ගියාම ඕන එකයි එපා එකයි හැමේකම කියවන එක තමයි අවුල. (පත්තර නෙමෙයි කටින්)

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් කියහංකො! අත පය හතර වනේ දාලා කොටලා වගේ. අනික එක ඩිෆරන්ෂලයක් ගලවගෙන එනකොට ටෝච් එක අල්ලන් ඉන්න මධූ කොල්ලා හිටියා. සියල්ල තට්ට තනි පංගලේම තමයි! අතපය බේරගෙන තියෙන වැඩ ටික කරගත්තේ සෑහෙන්න වෙහෙසිලා.

      කියවීමයි කියවිල්ලයි කියන්නේ දෙකක්!

      Delete
  10. සෑර්, එතකොට තිරිලෝනියේ සිරිමතාණන් - සම්පත් දුපතේ ...

    ජයවේවා!
    Myself Hattor!

    ReplyDelete
    Replies
    1. අම්මප තේරුණේ නෑ කියහං කො! මොක උනත් ඉස්තූතියි ඇවිත් ගියාට!

      Delete
  11. මාත් මේ දවස්සල ආයිමත් වාහන පිස්සුව ඉහට අරං දඟලනවා. ඒ අස්සෙ මේක දැක්කම ආයි නිකං ඔල්මාදං. අපිට ගැලපෙන සයිස් ජිමිනියක් එහෙමත් ලස්ස පාලොහකට වැඩිය ගනං කියන කාලෙ ජිප් නං හීන තමා. කොහොම නමුත් ගමං යන්න විස්සාසෙට ගන්ට පුළුවං ජාතියෙ යහපත් ජිප්පෙකක් ගැන ආරංචි උනොත් අපටත් කියන්න.

    ReplyDelete
    Replies
    1. මේ සුරංග මහත්ත්යෝ නිකං ඉන්න වෙලාවක කියවන්නකෝ මගේ "ෆෝ වීල් නැතිනම් වාහනයක් නොවේ!" කියන ලියවිල්ල. අම්මපා අදටත් මං අපේ කාර් තියෙන යාළුවන් හමුවුනාම කියන එකක් තමයි "යකෝ ඕක විකුණලා 'වාහනයක්' ගනිංකො ! " කියන එක. ගන්නවානම් ෆෝ වීල් එකකට යන්න. මං මේකෙම ලියන්නම් මාවර මංඩියේ චතුරංගගේ නොම්මරේ. ඌට කතාකරලා බලන්න ඔයාට මිට්සුබිෂි එකක් හොයා ගත්ත හැකි වෙයි. උගේ ගේ වටේම තියෙන්නේ ජීප්. කොටින්ම ජීප් කනත්තක සොහොන් පල්ලෙක් මූ! ඌ එකක් ගොඩ දාලා දෙයි. ඔයා එනවානම් මටත් ඇවිත් බැලිය හැකියි නිකං අතිං පාඩුවට! චතුරංග - 0773765678

      Delete
    2. Suranga, best place to pick a bargain Jeep is Yala or Minnariya (from national park drivers) I was at Minneriya last December, saw lot of good Jeeps, just ask for fun, some are willing to sell (Remember to take Thattaya with you)

      Delete
  12. අනේ එහෙම දෙයක් නෑ. තරමක් දේවල් ටික ටික දන්නවා! ස්තූතියි!

    ReplyDelete
  13. අනේ මං දන්නේ නැහැ මගේ දෝසයක්ද කියල. මට අර ටෙඩියා දැක්කහම හිතෙන්නෙම ඌට පන තියෙන එකෙක් කියලමයි. නැතිනම් ඉතින් නිකවැරටියට ටෙඩ්ඩෙක් ?? (ඉරිසියාව ඉතින් වෙනම කතාවක්)

    ඊටත් හපන් අර රතුළුණු පොඩිකරන පින්තුරේ. දැන් ඔතන සම්පුර්ණ වෙන ආටිකල් එකක් කියෝනවද, නැතිනම් වෙලේ සුදාගේ වික්‍රම කියෝනවද කවුද දන්නේ?? මට මතක් වෙන්නේ අර 'පලිඟු මැණිකේ' එකේ මුදලාලි දවසක් ගමේ මිනිස්සුන්ගේ පත්තර කියවීමේ ඇති උනන්දුව ගැන කියපු කතාවක්. කඩේට දුවගෙන ඇවිත් පුංචිම කොල්ලෙක් ඉල්ලන්නේ 'සිත්තර' පත්තරේ මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. සිත්තර කියන්නෙත් සුපිරිම පත්තරයක්. මම පෝස්ට් එකක් ලියන්නත් හිතාන ඉන්නවා. සිත්තර පත්තරේට බනින්නේ හිංඳි තනුවලට ජෝති කියපු සිංඳු වලට බනින අයමයි. ස්තූතියි කලෙකින් මෙහි ආවාට!

      Delete
  14. ටෙඩී ලා ගැන කියනකොට මතක් උනේ, ඔබ තුමා එන්නකෝ අපි වැඩ කරන ගුවන් තොටුපොලකට , පත ටෙඩියෝ බදාගෙන ලන්කාවට එන අපේ ඇත්තියන්ව පෙන්නන්න.....

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ? හැබැයි ඒ ඇත්තිලාට මෙහේ ඇවිත් ඔය දේවල් කරණ්න ඉඩක් නැති නිසාම වෙන්න ඇති ඔය!

      Delete
  15. ටෙඩියගෙ පින්තූරෙ ගන්න කාලා තියෙන කට්ටක්.

    ReplyDelete
    Replies
    1. අහලා නැතිද "බල්ලට හැතැම්ම නෑ !" කියලා කියමනක්?

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...