නොනවතී නොවෙනස්ව සදාකල් ගලමි මම...!
ආදරයෙන්
සඳ එළියේ
නිසොල්මන්ව
ගලා බසින......!
සදා තනික
කිසිදු දිනෙක
නොසිඳී යන
ගඟක් ලෙසට......... ;
ඔබේ නමට
උපන් සිතට
පවන්සලන
නෙත ඔබ ලඟ............!
සතු නෙතු ඇඳි මතු සිතුවම......!
ගඟ ගැලුවට
ReplyDeleteමට පාංද
කයාකයක්
ඇත මා ළඟ.
හැක්.. අගෙයි චිත්තරේ.
ඔය කියනා ගඟ ගලද්දි කයාකයකින් බේරෙණ්න ලැබෙන්නේ නෑ මල්ලියේ!
DeleteHmm
ReplyDeleteනැතුව! නැතුව!!
Deletewelcome back කියල කොමෙන්ට් එකක් දාන්න හදල කෝකටත් older post එක බැලුව තට්ට මහත්තයා ගැන දන්නා බැවින්.. හරිනේ.. මං නැති දෙදොහට පෝස්ට් දෙකක්ම දාල.. එනිවේ වෙල්කම් බැක්.. අනිකත් කියෝලා එන්නං.. හෙට ඉඳන් සති දෙකක් අපි නිවාඩු.. සුභ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteබොහොමත්ම ස්තූතියි!
Deleteමම ගලමින්
ReplyDeleteයනෙන දෙපස
සෙනෙහෙ බෙදනු
සොඳුරු ලෙසට...
ලස්සනයි.
ජයවේවා!!!
බොහොමත්ම ස්තූතියි! පැමිණීම අගයමි!
Deleteපින්තුරේ දැක්කම මට හිතෙන්නේ පියෙකුගේ හිතේ දුවෙකුට තියෙන ආදරය කියන්න හදනවා කියලයි. මම හරි නේද? ඒත් සමහර දරුවෝ මේවා තේරුම් ගන්නේ නැති එකයි වැරැද්ද??
ReplyDeleteඔව් දුවෙක් වන්!
Deleteගග දිය වුව
ReplyDeleteසද එළියෙන්
දිලෙන කල
හරි අපූරුවට,
ගග දිය වුව
සිදීයන
මහා ඉඩෝරය
ඒවිය කලට,
දිලෙන කල
අපූරුව
නැතුවාට
අමාවක
හොදය
සබද.
ජය !!! තට්ටයා :)