Wednesday, December 27, 2017

72. අන් ඇකයේ සුවෙන් වෙසෙන - මසිත උපන් මගෙ සිතුවිළි 2


මා මේ වන විට ; අන් හිමි  බ්ලොගයන්ගේ කොමෙන්ට් නොදමන ජාති භ්‍රෂ්ඨයෙකු වී හමාරය! එසේ වීමට හේතු භූථවූ කරුණු කිහිපයකි!
1.මා දිනපතා රැකියාවට යන්නේත් එන්නේත් කිලෝමීටර 17.5 X 2 ගෙවා පාපැදියෙනි. 
මේ නිසාම අන් අයට මෙන් යන එන ගමන් මාහට; බ්‍රෙක් ගැසීම, බෙල් ගැසීම , අහිංසක බස් රියැදුරන්ගෙන් බේරීමට හා ඔවුනට මෙත් වඩා බණ පදයක් දෙකක් කීමට හැරන්නට අන් ඉඩක් ගමන තුළ  නොමැතිවීම!
2. මාගේ අන්තර් ජාල පහසුකම් කාර්යාලයට පමනක් සීමාවී ඇතිහෙයින් ගෙදර සිට ටයිප් කිරීම හැර වෙන කිසිදු  සයිබර අතේ තබා සයිවර් අතේ වත් මොන අතේ වත් වැඩක් කිරීමට ඉස්පාසුවක් නොමැතිවීම!
3.මාගේ සියළු ගද්ය පෝස්ටු වදන් 1500ත් -2000 ත් අතර වීම හෙයින්; ඒවා සතිය පුරා යක්කු ගසින් බහින තෙක් ලිවීමට සිදුවීම!
4.සති අන්තය; සෑම ගෘහ අමූලිකයකු හටම තියෙන  වහල සෑදීම , බල්ලන් නෑවීම, ගෑස් ටැංකිය ගෙන ඒම, කාණු සුද්දකිරීම. රෙදි වැල් බැදීම යනාදී වශයෙන් ත්යෙන 101 ක් කාර්යයන් හා   කඩේ යෑම, ලකාර් ගැසීම, වැනි දෑට දියවී යෑම! 
ඒ සියල්ලටම වඩා සති අන්තයේ; බටහිර වෛද්ය ක්‍රමයෙන් බෙහෙත් හොයාගෙන නැති කිලෝ මීටර 40 සයිකල් පැදිල්ල, වාහන කබල යට රිංගීම, සැමදා පදින සයිකලයට සාත්තු සප්පායම් කිරීම වැනිදේ නිසා යන්තම් හෝ ඉස්පාසුවක් තිබුනද එයද අකාරුණිකව වාෂ්ප වීම!

ඉතින් මේ සියල්ල ගැන සර්ව සාධාරණ විදියට සිතාබලා මා ගැන තරහ අවසර!

තවත් එකක්. ලියන්න ගියාම "+++++" වැනි කෙටි කොමෙන්ටු  මාදන්නේ නැත! ඒවා මේ වාගෙ පතරංග ජාතකයයන්ය!

කඩදාසි කොලේ

සියල්ල කඩදාසියේ ලිවිය නොහැකිය
·                                    Home
·                                    කවි : සඳැස් /නිසඳැස්
·                                    නිදහස් කතා
·                                    කෙටිකතා
·                                    සිනමා විචාර
·                                    නවකතා
·                                    සිත්ගත් ගීත
·                                    සිත්ගත් ගීත

Wednesday, December 13, 2017

162. දඩයම සහ .... | predator


නිර්මාණ
මම දුටුවා ඔබ මට ආරාධනාවක් කොට ඇතිවග මාගේ අදහස එක් කරණලෙස කල. 
ස්තූතියි  ඔබට! 
සංචාරකයෙකු විනා නොවෙමි මා විචාරකයෙකු. 
එහෙත් හැකිය විඳිනට  රසවත් බව කලා කෘථියක. 
එය සම්මත හොඳ එකක් හෝ නරක එකක් දැයි මා නොදනිමි. 
එහෙත් හොඳ  යැයි සම්මත බොහෝ දේ මමද විඳින්නෙමි. 
ඒ මගෙ රස නහර වලට ගැලපෙන්නේ නම්‍
එහෙත් එය නිර්මාපකයාගේ චින්තනයට ඉඳුරාම වෙනස්ව ගිය අදහසක් විය හැක. උදාහරණයක් ලෙසට “මෝනාලීසා” යනු මාහට තවත් එක ගැහැනු රුවකි සිරුරේ කිසිදු හැඩයක් නැති ! 
කලා ලෝකේ කෙළි කාරයින් එයට මේතරම් මැරෙණ්නට යන්නේ  මන්දැයි මාහට සිතාගත නොහැක.  ගුප්ත සිනහව!  
මෙවැනි රූප වෙන ත්තේම නැත්ද? 
එය ඇන්ඳ අය හෝ ඇඳිනලද කාලය   අමතක කල හොත් එය ගැන  මට ඇති විෂේශත්වය ගැන කියන්නට දෙයක් නොමැත.
A4 කොලයක් ගෙන හොම්රන් පැස් කූරු දෙක තුනකින් ඒ මත අක්‍රමවත්ව අඳින ලද කුරුටු ගෑමක්; හොදින් ඝන ලෑල්ලකින්  රාමු කරවා ; ප්‍රදර්ශනයකදී “ “අඳ ගොවියාගේ සිතුවිළි” නොඑසේනම් “වර්ණ !” වැනි නමක් යොදා මාර්කට් කල හැක. 
ප්‍රදර්ශන වලදී දින ගනන් උඩුයටිකුරු කොට එල්වා තැබූ චිත්‍ර ගැන අප අසා ඇත.
ප්‍රියාගේ “හෙට දවසේ අප දෙදෙනා …..” ගීතය පිළිබඳව විවරණයක් ලියන්නට විචාරකයෙකුට ආරාධනා කලහොත් මොන මොන දේ ලියයිද?   එහෙත් එය ඇරඹෙන්නේ හුදෙක් ගල් බෝතලයකින් බව ප්‍රියා කියනා තුරු  අප දැන නොසිටියෙමු.
කලා කරුවන් රැවුල් කොණ්ඩා  වවා ඒවා නොපීරා සිටිය  යුතු  යැයි මතය සමාජ ගත වූයේ විප්ලවකාරයින් ද සිටිය යුත්තේද එසේයැයි  මතය ඇතිවන්නට පෙරද පසුද යැයි මාහට සිතා ගත  නොහැක.
 පත්තර කාරයින් සුරා සොඬුන්  විය යුතුද ?
 බ්ලොග් ලියන්නන් දෙපිට කැපෙන කුණුහරුප ලිවිය යුතු යැයි මතයක් තිබේද?
ගීත වල යටි අදහස නැතිනම් යටි පෙල ; නව අර්ථකථන සැපයීමද නොඅඩුව දක්නට ලැබේ. “හිත මිතුරු සුළඟ ලඟ එන වැහි වළාවට කියන් …” 
එසේම “සඳකඩ පහනක …..” වැනි ගීතවලට නව අර්ථ කථන සපයා ඇති අයුරු පෙනෙන්නට තිබුනි. 
මේවා සමහරක් කියවා රස විඳිය හැකි හා කිසියම් තාර්කික බවක් ගැබ්වී තිබුනද බොහෝ ඒවා හුදෙක් පලහෑළිම විය !
ඇත්තෙන්ම මෙය නව ප්‍රවන තාවයක් නොවන්නේය.
මන්ද ; “අම්බලමේ පිනා - වළං කදක් ගෙනා
             ඒක බිඳපි ගොනා  - ඒකට මට හිනා ”
කවියද මීට බොහෝ කලකට පෙර මෙසේ නව අර්ථ කථන යාන්ත්‍රනයට හසුවී ගිය එකකි. 
“පුහුදුන් සත්වයා සංසාරය පුරා කර පින්නාගෙන ආ කෙලෙස් ගෞතම නායිකයින් විසින් සුණු විසුනු කල සේක !” මේ එය අර්ථ කථනය කල  අයුරුයි.
 මා එය දකින්නේ හැඩට හැදුනු ගසක් ලී මෝලකදී සෙලෙක් ගසා පිට පලු ඇර හතරැස් කොට ලෑලි ඉරණ්නා සේය ! 
මෙහි වඩාත්ම ආන්දෝලනාත්මක කථාව වන්නේ එහි“ගොනා” කියා ඇත්තේ  ගෞතම නායක යන්නෙහි හැකුළුම Abbreviation ලෙස දැක්වීමය! 
ඇයි ඩෝල්ටන් අල්විස් (මතකය  හරි නොවෙද ?) ලියන ලද;
 “එගොඩහ යන්නෝ …….” ගීතයද  මෙලෙස යන්ත්‍රානු සාරයෙන් 
බුදු ගුණ ගීයක් කල තවත් එක් අවාසනවන්ත අහිංසක නිර්මාණයකි!
සමහර විටෙක නිරමාපකයා මෙහිදී කිසිදු හැල හොල්මනක් නොමැතිව (ඇත්තෙන්ම මෙයට හරියටම ගැල පෙන වචනය වන්නේ “නොකර සද්ද!” යන්නය ) සද්දෙ වසා තම නිර්මාණයට ලැබී ඇති සුපිරි අර්ථකථන දෙස බලා සිටියි.
 එසේ මෙසේ පෘථග්ජන්යෙකු එළියට ඇවිත් “අනේ පිස්සුද බං ! මං එච්චර දෙයක් හිතාගෙන ලියපු මගුලක් නොවේ ඕක !” කියා කියන්නට එන්නේ නැත!
එය හරියට ඔසී අබේගුණසේකර ජනාධිපතිවරණයට ඉල්ලද්දී “නව සමසමජ පක්ෂයෙන් ” ගැසූ පෝස්ටරය වාගේය!
 එහි ; එවකට මියගොස් සිටි විජය කුමාරතුංග විසින් කියන ලද්දක් සේ 
උපුටා දක්වා  සිටි;
“ශ්‍රී ලංකාව ඉන්දියාවේ 30 වෙනි ප්‍රාන්තය හෝ අමෙරිකාවේ 51 වෙනි ජනපදය හෝ වීමට මා ඉඩ නොදෙමි ….!”
 යනුවෙන් වූ කයිවාරුව කිසිදා ඔහු ගේ කියමනක් නොවීය ! 
එය එය හුදෙක් වික්‍රමබාහු කරුණාරත්නගේ වචනය! 
අදහස්‍
ඔහුගේ මෙහෙයවීමෙන් මුද්‍රණය  වූවකි! 
එහෙත් කිසිදු විජයගේ අනුගාමිකයෙකු “මෙහෙම  දෙයක් අපේ විජේ මහත්තයා කියලනම් නෑ!” කියා කිව්වේ නැත!   
මන්ද ඔවුන්ද කැමති වූයේ විජය; “ටොන් 15 වේ ගල්රෝලක්”   වැනි හරබර  කථා කියනු ඇසීමටය!   
එහෙත් විජේ තම රැස්වීම්වලදී කතාකලේ හැඟීම් බර ආදරණීය කතා විනා දේශපාලනමය හෝ ආර්ථිකමය වශයෙන් වැදගත් කතා නොවේ!
  මමද වරක් මෙවන්ම වූ සාහසික ක්‍රියාවක් සිදුකොට ඇත්තෙමි. දිනෙක එය ලියා තබන්නම්.
මේ නිසාම නිර්මාණයක් වරගැන්විමේදී නො එසේනම් අර්ථකථන සැපයීමේදී තරමක් නොව බොහෝසෙයින් පරිස්සම්  වියයුතුය.

එසේ නම් අරඹමු කියැවීම!
අප ඉපැදුනු දින සිට මියෙන දින දක්වාම කිසියම් දඩයමක යෙදෙමින් වන්නෙමු.  
එක් එක් ආකාරයේ දඩයම් පසුපස අප ලුහු බඳිමින් වන්නෙමු. ප්‍රේමයද එක් තරා දඩයමකි. 
ඇස ගැටේ. 
ලුහු බඳියි! 
ප්‍රයෝග යොදයි! 
වසන් වෙයි! 
සොයා ගනියි! 
ඉලක්කය ගනියි! 
ක්‍රියාත්මක වෙයි! 
පල නෙලයි! 
ඉන් සතුටු වෙයි!  
නො එසේ නම් දුක්වෙයි! 
තව කොයිතරම් ගැලපීම්ද?
තමා කල දඩයම  නො එසේ නම් නෙලා ගත් ඵලය කොතරම් තමාට ගැලපේද? 
ඉන් තෘප්තිමත්ද?
ජීවිතයේ වරක් දෙවරක් තම සීමිතවූ ඊතල මෙහෙයවූ අයෙකු  අවසනදී 
තම ප්‍රේමය අවකාශයට මුදාහරියි. 
එයට නියමිත ඉලක්කයක් නොමැත.
ඇත්තේ අවස්ථාවක් පමණි.
 එය සැමගේ අවධානයට යොමු වූවද නොවූවද අවකාශය තුල එය සැරි සරයි.  
එහෙත් එහි වටිනාකමක් කිසිවෙකු නොගනී. 
මන්ද ඉලක්කයක් මත පතිතවන හීය හා කොපුවතුල ඇති හීය හැරුණු කොටගෙන අන් හී වලට කිසිවෙකු  කවර  කලෙකවත් වටිනාකමක් දී ඇතිද?
එහෙත් එහි වටිනාකම හඳුනාගන්නෙකු ලොව කොතැන හෝ සිටිනු ඇත.  
ඔහු එය ග්‍රහනය කොට ගනු ඇත කිසිදා එය බිම පතිත නොවන පරිදි!
බොහෝ  දෙනෙකු තෘෂ්නිම්භූතව බලා සිටිද්දී මෙහි අරුමය දකින කිසිවෙකු ප්‍රශ්න කරණු ඇත!
"මෙයට පෙර ඉලක්කගත් ප්‍රේමයනට කුමක්වීද?"
    
හේමන්තයේ පිපී හිනැහෙන වසන්ත කැකුළු...
Thursday, 21 December 2017
මං වැරදියි තමයි.. ඒත් උඹලා හැදියල්ල.. ස්වයං විවේචනයක්.. Does your kid safe at your own house?
මිත්රයා, ඉතින්
බොහොමත්ම ස්තූතියි මෙහෙම දෙයක් ගැන ඔබ කතා කිරීම ගැන!
ඇත්තටම මට බොහෝ අවස්ථවල හිතිලා තියෙනවා ඔය සාමාන්ය ජීවිතයේ ආරක්ෂාව ගැන ලියන්න

එතැනදී මට කියන්න ඕන වෙන්නේ ජනප්රිය මාතෘකාව ගැන නම් නොවෙයි. ඒකෙ අනිත් පැත්ත.උදාහරණයක් විදියට මේ රටේ යතුරු පැදි කරුවන් වසරකට විශාල සංඛ්යාවකගේ ජීවිත මෝටර් රථ (බස් ලොරි ඇතුළුව) පදවන්නන් විසින් බිලි ගත්තද සාපේක්ෂව; රියැදුරන්ගේ දක්ෂතාවය, ඉවසිලිවන්ත කම, හැකියාව කරණකොට ගෙන පාපැදි කරුවන්ගේ ජීවිත බේරෙණ ප්රමාණය හා ගත් කල එය ඉතා කුඩා අගයකි.
"
මුන්ගේ ජීවිත බේරිලා තියෙන්නේ අනිත් එවුන්ගේ බ්රේක් මත!" යැයි වරෙක බස් රියැදුරෙකු මාහා පැවසීය.
නමුත් සමාජය තුල මුල බැසගත් මතය වන්නේ බස් රියැදුරන් මිනී මරුවන් ලෙසය. බහුතර අනතුරු සිදුවී ඇත්තේ ඔවුන්ගේ වරදින් විය යුතුය!
එහෙත් ඔවුන් අභය දානය දුන් ජීවිත ගනනද අපමන විය හැක!අප අසා ඈත්තේද පත්තර වල ලියා දක්වා ඈත්තේද යට කරපුවා පමනි! කතාද අන්තිම අනුවේදනීය ඒවාය

මේවා ලියා පලකරණ්නේද ආවෘථ පිරමීඩ න්යායයෙන්ය.
"
බස් මරුවා සිව් දරු පියා බිළිගනියි" නමුත් ඇතුලාන්තය බැලූවහොත් බොහෝවිට සිදුවී ඇත්තේ මරණ කරු අපරික්ෂාකාරී ලෙස ක්රියා කොට ඇති බවය!
මෙයට වෙනස් සිද්ධියක් ගෙන බලමු.
ඔබට මතකද ඇමති ආරක්ෂක අංශයේ සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයක් බස් රථ දෙකකට මැදිවී ජීවිත ගනනාවක් විනාෂවූ අයුරු!
හුදී ජනයාට ඇමති ආරක්ෂක අංශය ඇලජික් නිසා ඩිෆෙන්ඩර් රියැදුරාහට බැන වැදුනද "හොඳ වැඩේ " කියා නොකියා කීවාට ඔබ බලන්න වීඩියෝව වරක් දෙවරක්.
එතනදී ඩිෆෙන්ඩර් රියැදුරා සියදිවි හානිකර ගැනීමක් ලෙස ලේබල් වීඇතත් සිදුවන්නේ බස් රියැදුරන්ගේ සාමූහික මිනී මැරීමකි!
නවතා පලමු ගියරයේ පිටත් වන බස් රථයට ඉස්සරකරණ ඩිෆෙන්ඩරය ඉදිරියට එන්නේ වංගුවෙන් මතුවන අනෙක් බස් රියය.
ඉන් පලමු බස් රියේ රියැදුරා ඇක්සලරේටරයෙන් තම පාදය තත්පර 10 කට ගත්තානම්; නො එසේනම් ඉදිරියෙන් මතුවන බසයේ රියැදුරා තම රථය එක් අඩියක් දෙකක් වම් අතට ගත්තානම් වේගය මදක් අඩු කලානම් මේ අනතුර සිදුවන්නේ නැත!
මීට සමානම අනතුරකින් මීට කලකට පෙර කතරගම ගිය මුළු පවුලක්ම විනාශ විය.
නමුත් අප අනතුරු වලක්වා ගැනීමට යෝජනා කරණ්නේ යතුරු පැදි කරුවන් බේරා බස් රියැදුරන් බස් එලවිය යුතුය! යන මතයය.
එහෙත් ඇත්තෙන්ම අප අපගෙ ආරක්ෂාව වෙනුවෙන් කුමක් සිදුකොට ඇතිද? අප අනෙකාගේ ආරක්ෂාව සඳහා කල යුත්තේ කුමක්ද?
මේ පිළිබඳව කෙරෙණ කටයුතු වලට සමාජමය වටිනාකමක් ලබෙන්නේ කවදාද?
ස්තූතියි මේක හොඳ ප්රවේශයක්. පුරණ්න ! යටින් අපි ලියන්නම්
!

අඟහරු අඩවිය.

පිටසක්වලයෙකුගේ සිතිවිලි..

Wednesday, December 21, 2016

 

අහිමි වූ රාජ්යය සොයා නැවත පැමිණි රැජින..



මේ කතාව පටන් ගන්නේ දුම්රිය කථාවක් සමග! 
W පංතියේ දුම්රිය එන්ජිමක් අපගේ ලාංකිකයින්ගේ දෑතින් නැවත ජීවය ලැබ සේවයට එක්වූ ආකාරය ගැන ලියැවුනු රසබර ලිපියක් මෙම බ්ලොගයේ පලවී තිබුනා. 
W පංතියේ දුම්රිය එන්ජිම මෙරටට හඳුන්වා දීමේ ගෞරවය හිමි වූයේ කීර්තිමත් නිළධරයෙකු වූ ඩී බී රම්පාල මැතිතුමාටයි! මේ එතුම ගැන කෙටි සටහනක්!

මල්ලී, ලංකාවෙ හදන්න බැරි කමක් නැහැ. 
දැන් එම් 1, එම්2, එම්4 තිබුනට එම්3 කියලා එකක් ගැන කිය වෙන්නේ නෑනේ. 
ඒක තමයි ලංකාවේ 1956 දිද කොහෙද හැදුවා කියන "ජයන්ති" එන්ජිමේ කේත අංකය කියලා කවුදෝ දවසක් මට කිව්ව. කතාව ඇත්ත නම් අපේ රටේ ඇන්ජිමක් හදලා තියෙනවා! 
ඔය රම්පාල මහත්තයාගේ ගේ තිබුනේ මම දන්න තරමින් කොට්ටාවත් පන්නිපිටියත් අතර තියෙන පැට්රොල් ශෙඩ් එක ලඟ. (මොරවක මෙඩිටෝ කොම්පැනිය ලඟ) 
ඔය මහත්තයාගේ සහෝදරයා තමයි ඩී බී නිහාල්සිංහ හෙවත් ශ්රී ලංකාවේ ප්රතම සිනමාස්කෝප් චිත්ර පටිය -වැලිකතර හදපු අධියුරු තුමා. මුන්නැහැගෙ තාත්තා තමයි ඩී බී ධනපාල - ලංකාදීප පුවත් පතේ මුල් කතු තුමා. රම්පාල මහත්තයා එකම කාලේ දුම් රිය දෙපාර්තමේන්තුවේ වගේම ඉන්ජිනේරු සංස්ථාවේ මුල් පුටුවේ ඉන්දලා තියෙනවා. 
හැබැයි පඩි අරන් තියෙන්නේ දුම් රියෙන් විතරයි. 
අනෙක ගරු සේවයක්. (මේ වගේම මහත්තයෙක් හිටිය වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ ඩබ්ලිව් එච් පෙරෙරා කියලා එයාට කවුරුත් කිව්වේ "කෑලෑ රජ්ජුරුවෝ" කියලා. 
එයාම තමයි ඒකාලේ දැව සංස්ථාවේත් ප්රධානියා. එයත් කලේ ගරුසේවයක් !)
 ඉතින් දවසක් ඉංජිනේරු සංස්ථාවේ රැසවීමකදී සභාවෙන් යෝජනාවක් ඇවිල්ලා තියෙනවා " දුම් රිය දෙපාර්තමේන්තුවට අයිති ඉඩමක් ඉන්ජිනේරු සංස්ථාවේ ප්රයෝජනයට ලබාගැනීමක් පිලිබඳව!" 
එතුමා මූලාසනයේ ඉඳලා කියලා තියෙනවා එහෙම ඉල්ලීමක් තියෙනවානම් ඒක දුම් රිය් දෙපාර්තමෙන්තුවෙ අ ප්රධානියා වෙත ලිඛිතව යොමු කරණ මෙන්!
 වැඩේ ඒ විදියටම කෙරුනාට පසුව පසුදිනෙක දුම් රිය දෙපාර්තමේන්තුවේ තම කන්තෝරු කාමරයට ගියපසු එමලිපියට පිලිතුරක් ලෙස; ඉන්ජිනේරු සංස්ථාවේ සභාපතිට ලිපියක් ලිව්වේලු. "සභාපති තුමනි, ඔබගේ ඉල්ලීම ඉටුකිරීමට නොහැකිවීම ගැන කණ්ගාටුවෙමි..........................." යනුවෙන්.
 මා දන්න තරමින් දුම් රියෙන් ලාභ ලභා ඇත්තේ එතුමන් ගේ කාලයේදී පමනි. නිහාල්සිංහ ආනදියයෙක් වන අතර රම්පාල මහතා කීර්තිමත් නාලන්දියයකු වේ.

තට්ට්යා













Thursday, December 21, 2017

71. නැවත ඔබ එනතුරා.....!








" සුව ගෙනෙන සුව යහන
රළු බොරළු ගල් ඇනේ...
හිරු කිරණ සඳු සොමිය
ඇතත් අඳුරම පෙනේ......
කුරුලු නද කූජනය 
ගුමු ගුමුව නොම දැනෙ....
නැවත ඔබ එනතුරා
තනිව හිඳිනෙමි ලෙනේ....! "



Monday, December 18, 2017

70. ගඟක් දිගේ ගිය ගමනක් 16






කයාක තුනයි  අපි හයයි එකම තැනක ඇති එකම රූප රාමුව !

වසිකයි මෛත්‍රියි

තෙශාන්තයි මමයි!

ධම්මියි පසිඳුයි

සිදුවූයේ  නොසිතූ දෙයකි.

  ඔවුන් නැවතුනි එහෙත් කයාකය දියපහරෙන් වෙන්වන්නට අකමැති සේය.
 ඔවුන් දෙදෙන ගසෙහි රඳවා ක්‍යාකය පෙරලී ගියේය. අප  සියල්ලන් හටම සිනහව නවතා ගැනීමට  අපහසු විය.
 ඔවුන්ගේ කයාකය පාවී ගිය  දුර නැවත ආපසු පැමිනීම සිතීමට පවා අපහසු කට යුත්තකි.
 ඔවුන් දෙදෙනාද අත්ත අතහැර දිය පහරට පැන කයාකය වෙතට පිහිනා එය නිවැරදි අතට හරවාගෙන යලිදු ගමන් ඇරඹුවෙමු.

Sit On Top හෙවත් Sit  කයාකයක් දියේ පෙරළුනද එහි  වතුර පිරෙන්නට තැනක් නොමැත. මෙවන් කයාකයක් පිළිබඳව මා කිසිවෙකු දැනුවත් කිරීමේදී මා උදාහරණයක්  ලෙස ගන්නේ මදක් තලන ලද  මෙගා බෝතලයකි!

   එසේම  Sit On Top කයාකයේ ඇතුලත මුළුමනින්ම හිස්‍ය. එනිසාම එය සිදුරු නොවුනහොත් කිසිවිටෙක එය දියේ ගිලෙන්නේ නැත. 
එසේම එය මතුපිට ජලය නොරැඳේ.මතුපිට පෘෂ්ඨයේ සිට පතුල දක්වා සිදුරු 4 ක් හෝ 6 ක් සදා ඇත. සිදුරු යැයි කීවාට ඒවා මතුපිට හා පතුල සම්බන්ධ කල නල යැයි කීවොත් මා වඩා නිවැරදිය.
මෙනිසා පතුපිටට එක්වන ජලය වේනම් එය එම නල මාර්ඝයෙන් ගංගාවට නැවත එක් වේ.

මෙම කයාකයක් දිය මතුපිට උඩු යටිකුරුවූ විට දියේ සිට තනිව උවද සාමාන්‍ය පරිශ්‍රමයකින් එය නැවත යතා තත්වයට පත්කර ගැනීමට පුළුවන!  
මෙහිදී වැදගත්ම සාධකය වන්නේ කයාකය පදින්නා ජීවිතාරක්ෂක කබා ඇඳ සිටීනම් ඔහුට ගැඹුරු දියේ වුවද සිට තම යාත්‍රාව හරවා ගැනීමට පුළුවන.

නැවත අප කණ්ඩායම ගඟ පහලට යාත්‍රා කරණ්නට විය.කෙටි දුරක් මෙසේ  ගමන්  ගත්ම අප ඉදිරියේ  වම් පසින් දිස්වූයේ  විසල් වැලි තලාවකි. අප එයට ලඟාවෙත්ම ඒ මත සිටි පිරිස අප නෙත ගැටුනි.

ලොරෙන්සෝ ද අල්මේදා වර්ෂ 1505 දී ගාල්ලට සේන්දු වන විට ස්වදේශික ලාංකිකයින්ද ; ක්‍රිස්ටෝපර් කොලොම්බස් අමෙරිකාවට ගොඩ බසිද්දී එහි සිටි සවදේශිකයින්ද තම රටට ගොඩ බසින ආගන්තුකයින් දෙස බලාසිටින්නට ඇත්තේ මෙන්න මේ ලෙසින් යැයි සිතෙන අකරයට ඔවුන් අපදෙස බල සිටියෝය.

ඔළුවේ සිට දෙපතුල තෙක් ගං දියෙන් පෙඟුනු ; උගුර කට හැරුණුවිට අන සියළු දේ    ගං දියෙන් තෙමුණු අප ; වැල්ලට සේන්දු වත්ම ඔවුන්ගෙන් කිහිප දෙනෙකු අප වෙතට පැමිනියෝය.
ඒ සමග ඔවුන්  අප වෙතින් ඇසූ  කවුද ? කුමක්ද ? කෙසෙද ? කොහාටද ? කොහිසිටද? ඇයි ? යනාදී වශයෙන් ඇසූ දහසකුත් එකක් ප්‍රශ්න වලට අපට උත්තර දෙන්න සිදුවිය.

ඔවුන් පෙරකී “මහවැළි” වන නිවස්නයට පැමිණි සංචාරකයින් පිරිසකි!
ඔවුන් ගනනින් 12 දෙනෙකු පමන විය.
 අප හා දොඩමළු වීමට 4-5 දෙනෙකු පැමිනි අතර  අනෙක් පිරිස වැල්ලේ වටයක් වෙන්නට වාඩි ගෙන කවයේ කේන්ද්‍රය  මධුවිත අඩක්වූ බෝතලයකින් ලකුනු කොට තිබුනි.
අප සියළු දෙනාගේ පිළිතුරු වල එක ගැලපීමක් විය.  ඒ ; අප දිය බත්වී සියල්ල ගසාගෙන ගිය ;ශාරීරිකව මෙන්ම  මනසිකව ඇල්මැරීගිය කිසියම් රත්වීමක් අපේක්ෂා කරණ අන්ත අසරණ පිරිසක් බවයි !
 “මැක්කාගේ කතාව” මෙන්  අපගේ දුක්බර කථා සියල්ල පටන් ගන්නෙ හෝ අවසන් වන්නේ  “සියල්ල දියබත් වීම !” යන ඛේදාන්තයෙනි!
ඔවුන් ඒ දුක්බර කථා සියල්ල මුදිතා ගුණ හරිථව  විඳ දරාගනිමින් අසා සිටි අතර ඉන් කිහිපදෙනෙකුට කයාක පැද බැලීමේ දොළ දුකක් හට ගත්තේය.
අප ඒවන විය අපගේ තෙමුනු ඇඳුම් ආයිත්තම් වැල්ලේ දමා වේලාගනිමින් විය .අප සියල්ල නවතා දමා ඒ  අවශ්‍යථාවයද පිරිමසා ලූවේය !

එහෙත් ප්‍රථිඵලය අතිශයින්ම ශෝචනීය විය.  

නාගසේන වස්තුවේ රෝහණ මහ තෙරුන් වහන්සේ හට සෝනුත්තර බමුනාණන් ගේ නිවසින් පුරා හත් අවුරුදු දසමසක් ගෙවීගිය පසු ලැබූ එකම දනය “අරුණු” යන වචනය පමනක්වූ සේ අපටද අවසනයේ ලැබුනෙ වචන පමනි.


"මුං මහ @#$%^&*&^ ටිකක් බං! නොදකිං යමං බං යන්න!"


ඒ අපේ තෙශන්තයාගේ සෙනෙහෙබර වදන්ය!

වස්ගමුවේ සංචාරය කරණ්නට පැමිණි එම පිරිසට පහත් ස්වරයෙන් නොසරුප් බසින් වචන දෙක තුනක් කියමින්ම අප නැවතත් ගඟ දිගේ යාත්‍රාව ඇරඹුයෙමු.
දැන් වේලාව සවස 4.30 – 5.00 පමන වන්නට ඇත.ගඟ දිගේ කිලෝමීටරයක පමන දුරක් පැහැදිලිව පෙනේ .







සුන්දරත්වයෙන් අනූන යුවතියක ප්‍රේමයෙන් සිපගනිමින්!

 බැසයන හිරුනිසා අවට ගස් වල දිගු සෙවනැළි වලින් ගඟෙන් සැළකිය යුතු ප්‍රමාණයක් ආවරණය වී ඇත. 
මාගේ මතකයේ හැටියට දකුණු ඉවුර පමනක් හිරු රැසින් නැහැවී තිබුනි. එයද යන්තම් කහ පැහැයෙන්‍
ගඟෙහි පලල මීටර 75 කට වැඩි මිසක් අඩු  නොවේ.
 තව දුරටත් වැළි තලා පෙනෙන්නට  නොමැත. අතරින් පතර ගං  දියෙන් ඉහලට හිස ඔසවා ගත් ලොකු කුඩා ගල් පර්වත කිහිපයක් පමණක් ඈතින් මෑතින්  පෙනුනි. 

එකවරම අප කණ්ඩායමේ  සිටි අයෙක් “අර ! ….අර !!” යනුවෙන් කැගැසුවේය.
ඔහු විසින්පෙන්වන ලද දුලභ දසුන අන් අයගේ දෙනෙත් වලටද කෙමෙන් කෙමෙන් සම්ප්‍රේශණය  විය.

ඒ මධ්‍යම ප්‍රමාණයේ අලියෙකු ගඟේ  වම් ඉවුරින් අප යාත්‍රා කරමින් සිටි ස්ථානයට මද දුරක් එනම් මීටර 50 ක පමන ඉදිරියෙන් ගඟට බසින
අකාරයයි.
මෙම විසල් සත්වයා ඉවුර ආසන්නයේ වූ මද ගැභුරක් සහිත වතුරේ සෙමෙන් සෙමෙන් පිය නගන්නට විය.
 ත හොඬට ගත් දියෙන් තම සිරුරේ දාහය නිවා ගනිමින් ගඟ හරහට් වැටී ඔහුගේ සුපුරුදු මාර්ගයේ ගමන් කරමින් විය. 
කිසිදු කලබලයකින් චකිතයකින් තොරව එහෙත් ස්ථිර ඉලක්කයක් කර ගමන් කරමින් විය.
 ගඟේ හරි මැදට වන්නට ගැඹුර තරමක් අඩුවීගියෙන් අලියාගේ සිරුරින් වැඩි ඉඩක් අපට පෙනෙන්නට විය. 
තවත් මිනිත්තු ගනනකදී;  ගං පතුලේ භූ විෂමතාවය කරණකොටගෙන කෙමෙන් ඔහු වැසී යන්නට විය.
මෙම සත්වයාගේ ගමන් මග යොමුවී තිබුනේ  කෙලින්ම ගග හරහා තිබුනු ලක්ෂයක් නොව මදක් පහලට වන්නට තිබුනු මං පෙතකි.
 තවත් මොහොතකින් ගංදිය තුල නොපෙනීගිය අලියාගේ සොඬය පමනක් දියෙන් උඩට එසවී තිබුනි.
ඉන්පසුව නැවත ටික වේලාවකින්  දෘෂ්‍යමාණ වූ මෙම සත්වයා එහා ඉවුරට සේන්දුවිය. 
ඉක්බිති  ආනතවූ ඉවුර දිගේ තම සුපිරුදු ලැසි ගමනින් උඩට ගොඩවී  වනන්තරය තුල නොපෙනී ගියේය.

මෙහි වඩාත් ශෝචනීය පසුබිම් කථාව කියන්නට යන්නේ  දැන්‍ය. මෙම මහා නළුවාගේ එකදු රූප රාමුවක් වත් ; අපගේ ප්‍රවීණ කැමර්ටා ශිලපී ධම්මික ම්හේන්ද්‍රගේ  කැමරා කාචයේ සටහන් වී නොතිබීමය!
 අප ධම්මිකගෙන් මේ විමසීමේදී ඔහු ; ඔහුටද නෑසෙන හඬින් කියාසිටියේ
“මට ගන්න බැරි උනා …………….!” කියාය.

ධම්මික යනු අහස කඩා වැටුනත්  කිසිදු කලබලයක් නැති අයෙකි. 
එසේම කිසිදු මගහැරීමක් සම්බන්ධයෙන්ද හේ කලබල වන්නෙක් නොවේ.
 කනට ඇසෙන්නට කතා නොකරයි. 
සුරා සූදුවෙන් තොර නිකලැල් චරිතයකට හිමිකම් කියන ශාන්ත ගති පැවතුම් ඇත්තෙකු විය. හේ පසුගිය දා හිමාල තරණයට ද ගියේය!

අප සමග ගිය කණ්ඩායමේ සිටි එකෙක් අය තුල තිබුනේ එකිනෙකට සමපාත නොවූ හැකියාවන් හා දක්ශතාවයන්‍
මෛත්‍රී වන ජීවීන් ගැන වනාන්තරය ගැන මහා පරිචයක් ඇත්තෙකු වුවද වනය තුල කරණ්නාවූ “කඳවුරු” කර්මන්තය පිළිබඳව පලපුරුදු ශිල්පියා වූයේ තෙශන්ත මුල්කිරිගලය.
  කෙමෙන් රාත්‍රියට අවතීර්ණවෙමින් තිබුනු ඒ මොහොතේ සිට  අප සියළු දෙනා; රාත්‍රිය ගතකිරීම සඳහා කඳවුරු බැඳීමට සුදුසු ස්ථානයක් සොයමින් ගඟ පහලට යාත්‍රා කරමින් විය.
 මා තෙශාන්ත අමතා ඔහුට සුදුසු ස්ථානයක් සොයා බලන්න යැයි මගේ  ඡන්ද වරම ඔහු අත තැබීය.
 දිවා අහරය සඳහා ස්ථානයක් සොයා ගැනීම තරම්  අසීරු නොවූ එම වරණයේදී මෛත්‍රී , තෙශාන්ත හා පසිදු තේරීම් කමිටුව මගින් දකුණු ගං ඉවුරේ   එක් ස්ථානයක්  කඳවුරු බැඳීම  සඳහා තෝරා ගත්තේය.

ඒවනවිට සවස 5.30 පමන වන්නට ඇත.

 විසල් කුඹුක් ගසක් දියෙන් මතුවී ඉහලය නැගි එම ස්ථානයේ තවත් ගසක් ඉදිරී;  පෙර කී කුඹුක් ගස මතට වැටී වැට කඩුල්ලක් සේ අපට පූර්ණ ආරක්ෂාව සලසා තිබුනි. ඒ ගඟේ සිට බැලූවිට දකුණු පස ගඟට ලම්බකවය.
 ඒ ගඟේ ඉහල මායිමෙන්‍ය. ගඟට සමාන්තරව ඉහලින් ගඟට සමාන්තරව  ඉහලින් ශීග්‍ර බෑවුමක් සහිත්වන ලැහැබකි.
 වම් පසින් ඇති හෙල  නොඑසේ නම් වල නිසා මෙම ස්ථානය හතර වටින්ම සුරක්ෂිත ස්ථානයක් විය. මෙම බිම පිහිටියේ ගඟට අඩි 6 කට පමන ඉහලිනි. 
    
තැන - නොතැන!

මහවැළි ගඟ දෙපසම රූස්ස ඝන වනාන්තරය පැවතුනද වස්ගමුව රක්ෂිතයෙන් අති බහුතරය ඇත්තෙ මහවැළි ගඟේ වම් ඉවුරේ ය. 
 අප කඳවුරු බිම තොරා ගැනීමේදී දකුණු ඉවුර තෝරාගැනීමට හේතුව  වන සතුන් ගෙන් ශිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට  බව මහට පසුව තේරුම් ගියේය.

අප එතැනට ගොඩබට මොහොතේ පටන්; තෙශාන්ත JOC - Joint Operations  Commander (ඒකාබද්ධ අණදෙන නිළධාරි) නැතහොත් D OPs - Director Operations (අධ්‍යක්ෂක -මෙහෙයුම්) බවට පත්විය.


තෙශාන්ත(අධ්‍යක්ෂක -මෙහෙයුම්)

සාමාන්‍ය සෙබළුන් වූ අප ඔහුගේ අණසකට යටත්ව සීරුවෙන් - අසීරුවෙන් අපගේ කාර්‍යභාරයන් ඉටු කරණට පටන් ගත්තෙමු.
 ධම්මික හා පසිඳු ; එම භූමියේ පැවති ලඳු පඳුරු , උස්ව වැඩුනු තණ කොළ  හා ඉළුක් ආදිය ඉවත්කොට අපගේ කඳවුර ඉඳි කරණට සුදුසු වටාපිටාවක් නිර්මාණය කලෝය.

ධම්මික හා පසිඳු දෙදෙන ගිණි ගොඩක් ඇවිළ වීමට ; දර කොට , අතු ඉති සුඹුළු ආදිය එකතු කරමින් විය.



ගමටම ගිණි තියන්නම්! සුපිරිම ගිණි ගෙඩි  දෙකක්!!


මා සුපුරුදු පරිදි ගඟට බැස අපගේ යාත්‍රා ත්‍රිත්වය සෝදා පිරිසිදු කොට ; ජීවිතාරක්ෂක උපකරණ , කඹ ආදිය නියමිත පරිදි පෙල ගස්වා පසුදින උදෑසන යාත්‍රා කිරීමට කයාක තුන සූදානම් කලෙමි.


ලංකා ඩොක් යාර්ඩ් නෞකංගනය!

ඉන්පසු හදිසියේ ගංගාවේ ජල මට්ටම ඉහල ගියහොත් කයාක හැඩපහරේ ගසාගෙන යෑම සිදුනොවනා පරිද්දෙන් ඒවා  තරමක් ගොඩට ඇද ; 
අසල තිබූ කුඹුක් ගසක ගැට ගසා දැමුවෙමි.

තිස් අවුරුදු යුද්ධයේ අවසාන කාලයේ රූපවාහිනියෙන් ; ක්‍රියාන්විත ප්‍රදේශවල සිට විස්තර ගෙන ඒමේදී පෙන්වන රූපරාමු මතකද? 
සේනාධිනායකවරුන්  තම අනු නායකයන් කැඳවා ; සිතියම් දිගහැර ; ඒවාට නැඹුරුවෙමින් ; තමා අත ඇති යෂ්ඨියෙන් ඒ ඒ දිශා පෙන්වමින් ඉදිරියේ තමන් කරණ්නට බලාපොරොත්තුවන ක්‍රියාන්විතය පිලිබඳව පෙර විපරමක යෙදුනු අයුරු  ?
එසේම තෙශාන්ත ; පසිඳු හා මෛත්‍රී ළඟට කැඳවා ; මොනවාදෝ මුමුනමින් කඳවුර සංවිධානය කරණ්නට විය. සතුරු අක්‍රමණයක් එල්ලවිය හැකි ප්ර්ධානතම ස්ථානය ඉලක්ක කරගෙන; එයට  අධික ප්ර්ථිරෝධයක් එල්ල කලහැකි ගිණි මැලය ස්ථාන ගත කරණ ලදී.
හදිසි අව්ස්ථාවකදි ගංගව ඔස්සේ පසුබසින්නට යාත්‍රා සූදනම්කොට තබන ලෙස අධ්‍යක්ෂක මෙහෙයුම් විසින් මාවෙත නියෝග කරණ ලද්දෙන් මා නැවත කයාක කුඹුක් ගසට යාකොට තිබූ කඹවලට යොදා තිබුනු ගැට වෙනස් කලෙමි!

අවම හානියක් හා උපරිම ආරක්ෂාවක් ඇති ස්ථානය අධ්‍යක්ෂක මෙහෙයුම් විසින් පෙන්වාදෙන ලද ස්ථානයේ ; අපගේ නිවස්න වූ  Two man  canopy ඇටවීමට සාමාන්‍ය සෙබල වසික හා ධම්මික සූදානමව සිටියෝය.
මාගේ නාවික කටයුතුවලින් ඉක්බිතව අපගෙ ගිණි බලය වැඩිදියුණු කිරීමට අවශ්‍ය ඉන්ධන වූ ගඟේ ගසාගෙන ආ විසල් දැව කොට දෙකක් පසිඳු සමග ඔසවාගෙන පැමිණියෙමි.
අප ගෙන ආ ලන්තෑරුමද ; ආරක්ෂාව පතා එක් පසෙක එල්ලූවෙමු.
එදින රාත්‍රී ආහරය සඳහා නොතෙමී අප සතුව තිබුනු  පාන් , මාගරින් හා සීනි සම්බෝල ගත්තෙමු.  ගිණි මැලය නිසා අපට හෝ හපුටු ගුවන් ප්‍රහාර වලට ලක් නොවී සිටීමට හැකිවිය!

කියන්න ලියන්න පුළුවන්ද? 
මෙහි සුන්දරත්වය දෙවෙනි වන්නේ අත්දකින ප්‍රේමයට පමනි!




හාත්පස පැවති දැඩි නිහඬතාවය බිඳීගියේ  දිව කාලය පුරා  කල ගායනාව නොනවත්වා එලෙසින්ම කල රැහැයි හඬෙනි! 
සඳ නොතිබුනු එම රැයේ දස දහසක් තරුකැට යාන්තම් එළියක් ; තමන්නට හැකි පමනින් විහිදුවමින්  අඳුර දුරුකරන්නට දායක වෙමින් විය.
 රැහැයි හඬ මෙන්ම ගඟේ හෝ හෝ හෝව  ඇසෙන්නට වන්නේ අසන්නට මතක් වූ විට පමණි! එය ඒතරම්ම කණට හුරුවී තිබුනි!


ගැයුම!

ටික වේලාවකින් තෙශාන්ත විසින් සම්පාදනය කොට මෛත්‍රී විසින් ඉදිරිපත් කරණ්නට යෙදුනු “ අසන්නන්ගේ   ඉල්ලීම්”  වැඩසටහණකට සවන් දීමේ අවස්ථාව ලැබුණි.   
මාගේ මතකයේ හැටියට  ඔහු පලමුවෙන් ම ගායනා කලේ  විශාරද  ටී ෂෙල්ටන් පෙරේරා ගේ ගීතයකි.
“මී පැනි දී රිදී ගන්න   ගං පොජ්ජට මං ගච්චා …….” නම් රසාලිප්ත  ගීතයය. 

ඒ වන විට ප්‍රථම ප්‍රේමය විසින් මෛත්‍රීගේ හදවත දරුණු ලෙස බරුගසා සිටි අවධියයි! ඒ දුක් බර හඬ නැගුනේ ඔහුගේ ස්වරාළයෙන් නොව හදවතින් විය යුතුය!


මේ ඔහුගේ ආත්ම කථනයද ?


පෞද්ගලිකව  මා ; මී පැනි රසවිඳි අතිශය සුන්දරවූ අවස්ථාවක මතකයක් සිත තුල සදා නොමැකන සේ සනිටුහන්ව ඇති හෙයින්ද , එම ශිල්පියා කෙරෙහිවූ රුචිකත්වය නිසාද , හුදෙක් එම නිර්මානයට හා ඊට ප්‍රස්තූතය වූ අදාල සිදුවීමට ඇති ලෙන්ගතු භාවය නිසාම ; මෙය මගේ සිතේ ලියා තබා අමතක කොට ඇති ගී පොතේ  ඇති ගීතය ක් වූ හෙයින්ද එම ගීත සමුච්ඡය මා ලගන්නා සුළු එකක්ම විය.

මෙම ගීයෙන් කියැවෙන සිදුවීමට නොඑසේනම කථාන්දරයට , සිදුවීම් වැලට යාවජීව වූ චිත්‍රපටයක් ද කලෙකටපෙර නිපදවුනි. ඒ සුප්‍රකට චිත්‍ර ශිල්පී දයා රාජපක්ෂයන්ගේ රසාලිප්ත චිත්‍ර කතාවකට අනුව නිපැදවුනු “හුලවාලි” චිත්‍රපටයයි. 

ආදරයට එක් කල නව අර්ථකතනය!- ධාරා 

එහි ගාමිණී ෆොන්සේකා  හා ටෝනි රණසිංහ චරිතවලට පන පෙවූහ. ප්‍රධාන නිළිය වූයේ සුවිනීතා වීරරත්න විය යුතුය.



චිත්‍ර පටය පටන් ගන්නේ බන්ධුල විජේවීරයන්ගේ “කුළ ගෙදරින් ……දුම්බර කඳුවැටියේ ….” ගීතයෙනි.
 එයද ඉතා රසාලිප්ත ගීතයකි. එහෙත් එහි තේමා ගීතය ඊට හත්පසම වෙනත් රසයක් මවනා “කුඩා ගමේ  මද්දහනේ අවු රස්නේ නිවා ….” ගීතයය.

මා යෞවනයෙක්ව  සිටි අවධියේ අප ප්‍රේම කිරීමට ගුරුතන්හීලා සැළකූ ගීත කිහිපයක් විය! එය එක් එක් අයට සුවිශේෂවූ පෞද්ගලික කාරණාවක්ම විය.

 මා හට විෂය  වූ ගීතය වූයේ සුනිල් එදිරිසිංහය ගයන  මෙම “කුඩා ගමේ ..” ගීතයයි.
ඉනුත් එහි  අන්තරා කොටසේ  එන පහත ලියා තැබෙන ගී කණ්ඩය මාගේ ප්‍රේමණීය සිතට මං පෙත් විවරකල දර්ශනය නොඑසේනම් තේමාව සැපයීය.

“ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකී -
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී……!
ආලෙ බිඳුනු දා කුමකට කඳුළු හෙලනු සකී -
ආල වඩන යන තේරුම බෝසත් කම සකී ………….!!”

“මී පැනි දී………..” ගීයෙන් පසු තවත් එම ශිල්පියා ගේම ගීත කිහිපයක් මෛත්‍රී  ගායනා කලේය. 

ෂෙල්ටන් පෙරේරා ගායකයානන් ගේ නාසික හඬට  තරමක දුරින් නෑකම් කී හඬකට හිමිකම් කී මෛත්‍රීගේ ගී රාවය ;
 ඒ වනවිට බොහෝසෙයින් විඩාබරව සිටි අපට සුන්දර මිහිරියාවක් ගෙන දෙන්නට සමත් විය.
මයිත්‍රී එක් ගීතයක් ගයා අවසන්  වත්ම තෙශාන්ත ; “අනේ මයිත්‍රියෝ තව එකක් කියහංකෝ…….!” යයි පවසමින් කල ඉල්ලීම පසෙක නොහෙලා මෛත්‍රී ගීත දහයක් පමන ගැයුවේය.
අප එකෙක් අය කැමති ගායක ගායිකාවන් කවුරුන් වුවද ;
 එම මොහොතෙ අප සියල්ල ඒකාග්‍රව ඒකාත්මිකව එම හඬ රස විඳීය. 

ඒ ; ඒවනවිට   අප කැමතිම හඬ වූයේ ටී ෂෙල්ටන් පෙරේරා ගේ හඬ මුසුවූ මයිත්‍රීගේ දුකබර හඬට වූ බැවින්‍.

කණ්ඩායමේ වඩාත් වයසින් අඩුවූ දෙදෙන වූ වසික හා ධම්මික දෙදෙනා ප්‍රථමයෙන් නින්දට යැවූ අප තවත් බොහෝ වේලාවක් ගිණි මැලය අසල කියවමින් සිටියෙමු. 

අවසානයේ තෙශාන්ත විසින් සම්පාදනය කල “ජන ගීයක්” සාමූහිකව රසවිඳි අප සිහින ලොවක් හරහා නින්දට පිවිසුනෙමු. 
    
උඩුවියන තරු කැට  දිලෙන අළු පැහැති අහස්  කුසය !

සයනය වසර දස දහස් ගනනකට පෙර සිට එක් තැන් වී සැකසුනු පුළින තලාව!

විඩාව නිවන්නේ මහවැළිය පිසගෙන එන සිහිල් පවන් රැල්ලය !

රත්‍රියේ ඇඟ හිරිවට්ටන සීතල මකා දමන්නේ ගිණි මැළයේ උනුසුමය !

දහසක් ගී පද කිව හැක..............

එහෙත් මතකයට පැමිණියේ රූකාන්තගේ එක්  ගීතයක ඛණ්ඩයකි .

"ජීවිතේ........ සුන්දරද මෙතරම්……………………..!"
  





23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...