මෙම පෝස්ටුව කියැවීමට පෙර මෙන්න මෙතනට ගොඩ වැදී එන්න!
මගේ (මම හිතාන ඉන්න විදියට) සිරා පෝස්ටුවට පිළිතුරක් ලෙස ඔබ ලියපු පෝස්ටුවේ මුලින්ම දැක්වෙන පිංතූරයෙන්ම ඔබ මාව පූසාට දමා ඇති බවක් පෙනේ! ඔබ මාව බල්ලාට නොදමා බළලාට දැමූ එකට අනේක වාරයක් පිං!
ඇත්තෙන්ම ඔබට වැනි ගීතවත් ලමා කාළයක් මට නොතිබුනි. චිත්‍රපට සමග ගෙවුනු කාලයක් යනු සිහිනයකි. නමුත් ඒ කාලයේ "හිංදි ගීත අඩපැය", ඉරිදා දහවල් 1ට පමණ; ඉර මුදුන් සමයමේ ප්‍රචාරය වුනු, අසහාය නිවේදක බණ්ඩාර කේ විජේතුංගයන් ඉදිරිපත් කල චිත්‍රපට සංස්ථාවේ ප්‍රචාරක වැඩසටහනෙන් අප හිංදි ගීත ඇසුවෙමු. එසේම කාලයකට පෙර බොහෝ දනන්ගේ තුඩග රැඳි ගී රාවය වූයේ හිංදි හෝ හිංදි අනුකාරක ගීතයකය. "දෝස්ති" චිත්‍රපටයේ ලක්ෂ්මිකාන්ත් ප්යාරෙලාල්ගේ මන මෝහණීය සංගීතයට එන ගීත අතුරින් රාෆි ගේ හඬින් ගැයුණු "koy jab raah naa paye" ගීතය හා "chahunga mein tujhe saan savere" ගීතය සහ සන්ගම් චිත්‍රපටයට ෂන්කර් ජායෙකිශන්ගේ සංගීතයට මුකෙශ් ගේ ශෝකාකූල හඬින් ගැයුණු "mere maann ki ganga" යන ගීත එවකට තරුණයන් ගයනවා මා හට අද මෙන් මතකය!
ඕනෑම කලාවක වේවා තාක්ෂණයක වේවාඕනෑම ක්‍රියාකාරකමක වේවා සීයට 99.99 ක්ම ඇත්තේ කොපි කිරීමය! අපි පාසැල් යන කාලයේ පටන් ගෙදරදීත් පාසැලේදීත් කනට ඇහුනේ "කොපි කරණ්න එපා!", "කොපි කලොත් බලා ගෙනයි!" වාගේ මෘදු සුමට වදන්මය. "කොපි කිරීම" යනු ඒ තරම් භයානක දෙයක් ලෙස අපගේ හිත් වලට කාවද්දා ඇත!
කොපි කිරීම මේ තරම්ම වැරදි දෙයක් නම් ඇයි දෙයියනේ පංසිල් පද පහට ඒක බුදු හාමුදුරුවෝ ඇතුලත් නොකලේ? කියා මාහට තිබූ විචිකිච්ඡාව පහව ගියේ පංසිල් පද පහෙනුත් සමහර සමහර ඒවා බුදු රදුන්; ජෛන මහා වීර හෙවත් නිගණ්ඨ නාථ පුත්තගෙන් කොපි කලා කියා දැන ගත් දායින් පසුවය! මේ සියල්ලම වැටෙන්නේ කොපි ලෙසය!මේ සියළු කොපි කිරීම් "අවුලක් නැත!" යැයි සිතුනේ කොම්පියුටර් භාවිතය සමග එන "කොපි" - "පේස්ට්" බොත්තං සමගය. එය එසේ නොවන්නට අදටත් "කොපි" කිරීම යනු මහා භයානක අකුසල කර්මයක් යැයි මා අදටත් සිතා සිටින්නේය!
මම පුංචි කාලේ අපේ ගෙවල් ලඟ නැන්දා කෙනෙක් "ආස්මී" හදන හැටි බලා ඉන්න කොට එයා පිටි වලට දාන ලිහිසි ද්‍රව්‍ය මොනවා දැයි ඇසූවද ඇයගෙන් මාහට පිළිතුරක් නොලැබුනි! පසුව මා ගෙදර විත් අම්මා ගෙන් මේ පිළිබඳව විමසීමේදී ඒ "දවුල් කුරුඳු" හෝ "උළු දවුල්" විය හැකි බව අම්මා අනුමාණ කොට පැවසීය. මගේ ඊළඟ ගැටළුව වූයේ ඒ නැන්දාට එවැනි කැලෑ ගසක පොතු වලින් උකහා ගත් යුෂ; මේ "අසාමාන්‍ය" කෑමට දාන්න ඉගැණ්වුයේ කවුරුන්ද කියාය. බලාන ගියාම එය උගන්වා තිබුනේ ඇයගේ මවය. මෙය සොයා ගෙන ගියහොත් සිංහලේ මුල හොයා ගෙන ගිහින් තිරිසනෙකුට "මුත්තෙ" කියන්නට සිදු වෙනවාට වඩා දෙයක් හිතා ගත නොහැක! බලාගෙන ගියාම අම්මලා කොරලා තියෙන්නෙත් කොප්පෙ ගැහිල්ලය! අපේ ගුරාලා කරලා තියෙන්නෙත් කොප්පෙ ගැහිල්ලය!! එබැවින් අපි කරණ්නෙත් ඒකමය!!!
ටොයෝටා කොරොල්ලා වාහනය පසු ගිය කාල වකවාණුව පුරා වාහන මිලියන 40 ක් නිපදවා විකුණා දැමූවත් ඔහු ආදීම වාසියාගෙන් "රෝදය" කොප්පෙ ගැසූ බව නිකමට වත් කියැවෙන්නේ නැත!
මම අළුත් තැනකින් මෙහෙම පටන් ගන්නම්! මීට කලකට පෙර ලංකාවට පැමිණි ටාටා බස් රථවල පසු පස තිබුණු ලාංජනයේ දෙපැත්තේ තිබුණු වී කරල් දෙකට මැදිව ඉහලින් TATA කියා තිබුණු අතර පහලින් වූ යේ කට පුරා BENZ කියාය. අද වන විට රතන් ටාටා බෙන්ස් වලිගය හලා ටාටා නම නිදහස් කරගෙන ඇත. ඉංදියාවේ කුමණ කර්මාන්තය ගත්තද කලාව ගත්තද මේ බව දැකිය හැක! පලමුව පිටස්තරයෙන් එන ඕනෑම දෙයක් ඇතුලට ගෙන පසුව එය තමන්ගේ අච්චුවට හැඩ ගසා ගන්නා බව පෙනී යයි!
සංගීතය ගත්තද එය එසේමය. නෞශාඩ් අලී ගේ ගත්තත් එස් ඩී බර්මන්ගේ ගත්තත් ලන්ෂ්මී කාන්ත් ප්‍යාරේ ලාල්ගේ ගත්තත් ඔවුන්ගේ ඔකෙස්‍රට්‍රා තුල වැයෙන්නේ ඉන්දියානු සංගීත බාන්ඩ පමණක්ද? නැත! ඔවුන් ඒ සඳහා වයලීන් ද, චෙලෝද, ඩබල් බේස් ද, ඉයුෆෝනිම්ද, ට්‍රම්ප්‍රට්ද, ජෑස් ඩ්‍රම්ද යනාදී වශයෙන් බටහිර සංගීත භාන්ඩ ඔවුන්ගේ රාග තාල වාදනය කිරීමට යොදා ගත්තේය. එහෙත් ඒවායෙන් ගැයුනේ හින්දුස්ථානි, දකුණු ඉංදීය, කර්ණාට, බෙංගාලි තනුය! (මේ උදාහරණ කිහිපයක් පමණි) සමහර අවස්ථාවලදී ඒවාට ඉතා දුර්ලභ ලෙස බටහිර තනු, මෙලඩි කොටස් ගත් අවස්ථාද නැතිවා නොවේ.
මේ හැම දෙයකින්ම පෝෂණය වූ; ඉංදීය සංගීතය පවතින්නේ ඉතා උසස් තැනකය. ඊට හේතු භූතවූ ප්‍රධාන කරුණක් ලෙස මා දකින්නේ ඉංදියාව තුල තිබෙන සංගීතයේ මහා සම්ප්‍රදායය. ඊට සාපේක්ෂව ලංකාවේ ඇත්තේ චූල සම්ප්‍රදායකි. කලකට පෙර මකුළොළුව මහතාත් පසු කාලීනව ලයනල් රන්වල, බැද්දගේ වැනි අය හැකි උපරිමයෙන් කාරණා කාරණා කලත් කෙරුණු යමක් දක්නට ලැබෙන්නේ "මේ අවුරුදු කාලේ" පමණය. කොටින්ම එඩ්වර්ඩ් ජයකොඩිට රෝහන බැද්දගේ තනු යොදපු "ගං වතුර ගලා උතුරා යයි දෙගොඩ තලා . . ." ගීතයද ගොඩ නගා ඇත්තේ බිලාවල් රාගය පදනම් කොට ගෙනය!
මහා සම්ප්‍රදායකින් කරණ කියන දේවල් චූල සම්ප්‍රදායකින් කිරීමට නොහැක. එය හරියට රෝද තුනේ ට්‍රයිසිකල් එකකින් ප්‍රංශ සවාරිය පදිනවා වාගේ වැඩකි! ඒ නිසාම මහා සම්ප්‍රදායන්ගේ ඇල්ම් බැල්ම අප ලංකර ගත යුතුවේ. නො එසේ නම් අපට ඉතිරි වන්නේ පංච කෙළිය, අං කෙළිය, ඔළිඳ කෙළිය වැනි කෙළි මිසක "පෙම් කෙළියේදී" ගැයෙන රසාලිප්ත ගීතයන් නම් නොවේ!
මහා සම්ප්‍රදායෙන් චූල සම්ප්‍රදාය පෝෂණය වීමේදී පලමුව සිදුවන්නේ අනුකරණයන්ය! ටොයෝටා රෝදය; ආදී මානවයාගෙන් හොරා ගත්තාට කොපි කලාට අද භාවිතාවන්නේ ඒ කොපි කල රෝදය නම් නොවේ. ඩන්ලොප් විසින් හුලං ගසන රබර් ටයරය නිපදවා කාලය සමග ඒවාට විවිධ කට්ටා රටා, විවිධ ප්‍රමාණ ආදී එක් කරණ ලද "ආරළු බූරළු" වලින් එය ඉතා දියුණු තත්වයකට පත්වී ඇත. එසේම මහා සංගීත සම්ප්‍රදයකින් අප වැනි චූල සම්ප්‍රදායක් සහිත රටක් කලා මාධ්‍යයක් ණයට ගන්නා විට පලමුව ඔවුන්ගේ තනු අනුකාරක ලෙස යොදා ගැනීම දක්නට ලැබීම සාමාණ්‍ය දෙයකි.
වඩාත් වැදගත් වන්නේ එම ණයට ඉල්ලාගත් තනුව කෙතරම් සාධාරණ ආකාරයකට භාවිතා කරණ්නේද හා කලේද යන්නය.
මීට කලකට පෙර ලංකාවේ විසූ එක් සංගීතවේදියෙකු තමා වෙත ගීතයක් නිර්මානය කර ගැනීමට පැමිණි විට පලමුව අසන්නේ "මේක සැඩ් මූඩ් ද හැපී මූඩ් ද?" කියා යැයි මා අසා ඇත! එයට හේතුව ගීතය කියවා එහි අරුත දැන ගැනීමට මෙම සංගීතවේදියා සිංහල භාෂාව නොදන්නා හෙයින්ය! (මාගේ මතකයේ හැටියට මේ මොහමඩ් ගවුස් මාස්ටර්ය! වැරදි නම් නිවැරදි කල මැන!) ගායකයා වෙතින් ගීතයේ භාවය කුමණ ආකාරයක් ගනී දැයි අසා දැන ගන්නා ඔහු ඊළඟ මොහොතේ තම හාමෝනියම් වාදන භාණ්ඩයෙන් රසාලිප්ත මධුර තනුවක් නිමවයි! එසේ නිපදවෙන දුක්බර තනුවට ; දුක්බර හඬින් ගැයෙන දුක්බර වචන සපිරි පදමාලාව සඳ කිඳුරු කවි පරදා ලන්නට සමත්වෙයි. මෙවන් වූ තනුවකට ඊට ගැල පෙන දුක් බර පදමාලාවක් සකසන පද රචකයා පිළිබඳව මා අදටත් ලියන්නේ ගෞරවයෙනි.
මා වරක් පැවසූ ලෙස 1971 වසරේ ජුලි 20 වන දින තිරගතවූ හතරදෙනාම සූරයෝ චිත්‍රපටයට පී එල් ඒ සෝමපාලගේ සංගීතයට ලතා වල්පොල ගැයූ "පැතුම් මල්ලෙකී මේ ජීවිතේ . ." ගීතය ගෙන බලන්න! "පැතුම් මල්ල" අප කිසිදා සාමාන්‍ය ජීවිතයේදි භාවිතා නොකරණ වදන්යුගලයකි. ලියුම් මල්ල, එලවළු මල්ල, පං මල්ල හැරුණු විට අප කිසිදා; "පැතුම් මල්ලක්" යන්න භාවිතා නොකරයි. එහෙත් බලන්න එම ගීත රචකයා එය භාවිතා කොට ඇති සුනම්‍ය ආකාරය!? නිල් කමල් චිත්‍රපටයට රවිගේ සංගීතයට රාෆි ගයන මෙහි හිංදි ගීතය මෙතැනින් රස විඳින්න! දැන් ලිඛිතාගේ පෝස්ටුවට සෙමෙන් සෙමෙන් අවතීර්ණ වෙමු! ඇය පලමුව උදාහරණය ලෙස දක්වා ඇත්තේ මදර් ඉන්ඩියා චිත්‍රපටයට නෞෂාල් අලීගේ සංගීතයට ලතා මංගෙස්කා ගැයූ ගීතයක්ය. මෙම ගීතය ඇතුලත් මදර් ඉන්ඩියා චිත්‍රපටයේ මෙම ජවණිකාව තෙක් කථාව සැකවින් ගෙන බලමු. දරිද්‍රතාවයෙන් පීඩිතව සිටින ඈත එපිට ගමක සිටින නව යුවලක් පොලී කරුවෙකුගේ උගුලකට හසුවේ. අවසානයේ තරුණයා ජීවිතය සමග පොර බදිද්දී තම දෙ අත් අහිමි වේ. අවසානයේ ඔහු ජීවිතයෙන් පලා යයි. තම දෙ අත් නැති වීම නිසා ඔහුගේ ජීවන බරද තම ආදරණීය බිරිඳට ඉසිලීමට සිදුවීම බලා සිටින්නට නොහැකි වන සැමියා තම බිරිඳගේ නළලත තිලකය මකා දමා රාත්‍රියේම යලි කිසිදා නො එන්නටම පිටව යයි! තරුණ බිරිඳ තම පුතුන් දෙදෙනා සමග ජීවිතයට මුහුණ දේ. ගවයෙකු නොමැති බැවින් මෙම තරුණ මව නගුල අදිමින් මෙම ගීතය කියණ්නීය. මේ ගීතය බලන ඕනෑම අයෙකුට මෙන්ම මටද සිතුනේ ජීවිතයෙන් පලා යන සැමියා කරණ කොට ගෙන තරුඅන බිරිඳ වඩාත් දුක්ඛ දායක මෙන්ම අසරණ තැනකට පත්වන බවයි! සත්තකින්ම එය හදවත ඉරා දමන රූපරාමුවක් සහිත ගීතයකි. ශෝකාලාපයකි!
දැන් මෙම තනුවට ගැයෙන සිංහල ගීතය පිළිබඳවත් සොයා බලමු!
එම ගීතය වසන්තා සන්දනායක ගායිකාව විසින් ගායනා කරණු ලබන "නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා - මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා" ලෙසින් ගැයෙන යශෝදරාවගේ ශෝකාලාපයයි. ඉතින් බලන්න මෙම එකම තනුව ඉතාමත් සාධාරණ ආකාරයට සිංහලට ගෙන ඇති හැටි! එසේ නැතිව එයට "ඇරපං කරාමේ - මේක අපේ පයිප්පේ" මොඩලයට ගෙන කෙලෙසා නොමැත. ඒ නිසාම හිංදි ගීතයට හින්දු අයෙක් සවන් දුන්නත් සිංහල ගීතයට හින්දු අයෙක් සවන් දුන්නත් මෙලඩියට පමණක් සවන් දුන්නත් මේ ත්‍රිවිධාකාරයේ සවන් දීම් වලට සිංහල රසිකයෙකු භාජනය උනත් මෙම භාෂා දෙකම නොදන්නා අයෙකු සවන් දුන්නත් දැනෙන හදවත ඉරිතලන හැඟීම නැතිවන්නේ නැත. එසේ හෙයින් එම තනුවට සිංහල පද රචකයා ඉතාමත් සාධාරණයක් සිදු කොට ඇති බව පෙනී යනු ඇත!
ඒ නිසාම හිංදි මෙලඩිය නමැති බනිසට මැදි කොට ඇත්තේ එකම වර්ගයේ සොසේජස් විනා බිත්තර නොවන බව පෙනී යයි. ඒ වගේම එකම ගීත තනුවක් වෙනත් අදහස් දෙකක් උද්දීපනය වන සේ භාවිතා කල නොහැකිවේද?
දැන් අපි මේ වාගේම ගැයෙනා හිංදි ගීත දෙකක්ද ගෙන බලමු. එම ගීත දෙකම ගැයෙන්නේ ටාජ්මහල් චිත්‍රපටයටය. පලමුව තම මුම්ටාස දේවිය සමග සාර්ජාන් අධිරාජයා ගයන ගීතය මෙතනින්ද දෙවනුව ඇය මිය ගිය පසු ගැයෙන ගීතය මෙන්න මෙතැනින්ද රස විඳින්න! මේ දෙවෙනි ගීතය යූ ටියුබයේ දක්වා ඇත්තද "jo wada kiya woh nibhana padega sad song"ලෙසය! එකම මෙලඩිය උවද දෙ ආකාරයකටම යෙදිය හැකි බව මෙයින් තහවුරු නොවේද? එසේනම් හිංදි සොසේජස් බන් එකෙන් සොසේජ් ඉවත් කොට සිංහල හෝ වෙනත් භාෂාවක බිත්තර දමා එග් බන් කීමේ වරදක් වේද? ටාජ්මහල් චිත්‍රපටයේ සංගීතවේදී රෝෂන් මෙසේ තම බනිස වරෙක සොසේජ් බන් ලෙසද තවත් වරෙක එග් බන් ලෙසින්ද මේසයට යවා 1964 වසරේදී හොඳම පසුබිම් සංගීතයට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනුවේය! එසේම ගීත රචනා වෙනුවෙන් සහීර් ලුදියාන්වි හටද ෆිල්ම් ෆෙයාර් සම්මානය ලැබුණු අතර හොඳම පසුබිම් ගායිකාව ලෙස ලතා මංගෙස්කා ව මෙම ගීතය වෙනුවෙන් නම් කරණ ලදී! මාගේ උගත් මිතුරිය දක්වා ඇති "පන්චි ලයින්" එක පිළිබඳව මා හට නිවැරදි වැටහීමක් නැති බව බය පක්ස පාතව පවසන අතරම; මා කිසි විටෙක හිංදි ගීතවල පද මාලාව පිළිබඳව කථා කොට නොමැත! අප හිංදි ගීත වල මූලික වශයෙන් රස විඳීනේ ශබ්ද රසය විනා අර්ථ රසය නොවේ! ඒ නිසා එකම මෙලඩියට "දුටුවාම එදා . ." ගැයූවද "වෙහෙර හේන විහාරයට . . . ." ගැයුවත් භාෂාව නොදන්නා අයට අවුලක් නැත! ඒ නිසාම හිංදි පද මාලා පිළිබඳව කථා නොකිරීමට මා ප්‍රවේශම් විය!~
හින්දුස්ථානි රාගධාරී සංගීතය තුල උදේ වරුවට ගැයෙන රාග හා දවලට ගැයෙන රාග සේම රාත්‍රියට ගැයෙන රාග වෙන් කොට ඇත. භාෂාවේද ගුඩ් මෝනිං, ගුඩ් ආෆ්ටර් නූන් , ගුඩ් ඊවිනිං හා ගුඩ් නයිට් යනුවෙන් සුභ පැතීම් වර්ග කොට ඇත. එහෙත් ගීත එසේ අර්ථය හා වචන අනුව ගැයුව යුතු කාලය තීරණය කරණ බව මා දැන සිටියේ නැත! මා සිතන පරිදි "අප දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ . ." ගීතය චිත්‍රපට ගීතයක් විය යුතුය. එය එසේ වී නම් චිත්‍ර පටයේ රූප රාමුවට අදාලව එම ගීතය ගැයෙන්නට ඇත. චිත්‍ර පටය තුල; පට්ට පාන්දර මෙම ගීතය නොගැයෙන්නට ඇති බවටනම් මට හොඳ හැටි විශ්වාසය! එසේ ගීතයේ වචනාර්ථයට අනුව ගායනා කල යුතු කාලය නිර්ණය කල යුතු වේ නම් හෝ ගීතය ගයන කාලයට අනුව ගීතය තෝරා ගත යුතු වෙන්නේ නම් උදෑසනට කීමට ඇත්තේ සී ටී ගේ "අවදිවන්න . අවදිවන්න", අයිවෝගේ "උදෑසනක් වේවා ඔබට සුභ උදෑසනක් වේවා", "උදෑසනම පොඩි අපි දිව යනවා", "කුරුළු ලොවේ කුරුළු හඬට මා පිබිදෙනවා" වැනි ගීත කිහිපයක් පමණි! "සොඳුර මට සමු දෙන්න" ජීවිතේට කියන්න බැරි ගීතයකි! මන්ද ඈත ගමේ සරු පස පෙරලන්නට යන්නේ "හෙට" බැවිනි! ඒ නිසා එය අද නොව "හෙට" ගැයෙනා ගීතයකි! මේ පිළිබඳව මා වැඩි පුර කියන්නට යන්නේ නැත!
ගීතයකට රාගයක බල පෑම සම්බෝලයකට "අජිනො මොටෝ " දැමීමක් ලෙස සිතනවා නම් එය පිළිබඳව නැවත සොයා බැලිය යුතුවේ. එසේනම් රාගය විස්තර කෙරෙණ ගීත යනු තනිකරම අජිනො මොටෝද? මෙයට මං සුට්ටං උදාහරණයක් දෙන්නම් මෙහෙම:- සංගීත් නිපුන් සනත් නන්දසිරි විසින් රචිත "තනුව" නමැති ග්‍රන්ථයේ පලමු ගීතය ලෙස දක්වා ඇත්තේ "ඇවිළුණු ගිනි දැල්" ගීතයයි. මෙම ගීතය පිළිබඳව කෙරෙණ හැඳින්වීම මා මෙලෙස ලියා තබන්නම්! "දක්ෂිණ භාරතීය රාගයක් වන කලාවතී රාගය ආශ්‍රය කොටගෙන මෙම ගීතයේ තනුව නිර්මණය වී ඇතැයි එකවරම පෙනෙන නමුදු එම රාගයට අයත් නොවන මධ්‍යමය සහ රිෂභය මෙම තනුව සමග සංකලනය වී තිබීමෙන් තවත් රාග යුගලයක ඡායාව ජනිතව ඇතැයි සිතේ. කලාවතී රාගයේ ආරෝහණ අවරෝහන වශයෙන් පිළිගැනෙනුයේ ස ග ප ධ නි ස, ස නි ධ ප ග ස යනුවෙනි. එහෙත් රිෂභය සහ මධ්‍යමය යොදා තිබීමෙන් ජනසම් මෝහණීය හස ගාවතී යන රාග යුගලයේ ඡායාවද අල්පව දැකිය හැක. . . .. .. . ... ." තවත් වචන, විස්තර, දිගු එකකි. මෙයින් පෙනෙනවාද රාග යනු හුදෙක් අජිනො මොටෝ ලෙස ලඝු කොට දැක්විය හැකි කාරණයක් නොවන බව! මෙම පොතේ ගීත 50 ක් පමණ දැක්වෙන අතර ඒ එක් එක් ගීතය පිළිබඳව රාගධාරී සංගීත විශ්ලේෂනයකින් යුක්තවේ! අජිනොමොටෝ පිළිබඳව තවත් කියන්නට අවශ්‍ය නැති බව මාගේ හැඟීමයි!
සිංදු නිර්මාණය කිරීම ආප්ප බෑමක් නොවන බව මමද පිළිගන්නා සත්‍යයකි. එහෙත්ම් එසේ ආප්ප බානවා වැනිව් බිහිඋනු ගීතද රසික ජන මනස පිනවා ඇති අවස්ථාද අප දැක ඇත. දීපිකා ප්‍රියදර්ශනී ගයන "කවිය ඔබ" එසේ ක්ෂ්ණිකව නිමැවුනු ගීතයකි. බොහෝ ඊත පිළිබඳව ජාතක කථාව සොයා බැලීමේදී එසේ නිර්මාණ්ය වූ ඒවා නැත්තේම නැති බව තේරුම් යයි.
හිංදි තනු වලට වචන ලියා ගැයෙන ගීත වල වචන වලට ලැබෙන්නේ අඩු ලංසුවක් නම් මම ගීත කිහිපයක් කියන්නම් එසේ තනුවට අකුරු එක් කල!
කුමාරදාස සපුතන්ත්‍රී ගේ "මලින් මලට" ගී පොතේ දැක්වෙන පරිදි එඩ්වඩ් ගයන "මල් මාලතී ලතා", "මාලතී වසන්තේ" , "දොඹ මලින් මලට" ගීත තුනමද සුනිල් ගයන 'මිනිසා සුවඳයි මලසේ" ගීතයද තනුවට වචන එක් කිරීමෙන් බිහිවූ නිර්මාණයන්ය. ඒවායේ පද රචනය පිළිබඳව අපට අඩු ලංසුවක් හැකිද?
දඬුබස්නා මානයේ සංගීත සංයෝජනයේදී පැරණි ස්ත්‍රොත්‍ර, හටන් කවි වැනි අමුද්‍රව්‍ය එකතු කරගෙන ඇති බව ඇත්තකි. මා කිසි විටෙකත් ස්වතන්ත්‍ර නිර්මාන කරුවන්ට; විශෙෂයෙන් සංගීත සමායෝජකයින් හට වඩා හිංදි අණුකරණ මත සංගීත තනු යොදන නිර්මාපකයින් උසස් යැයි පවසා නැත! දඬුබස්නාමානය ටෙලිය පදනම් වී ඇත්තේ සුදලිය - මරුවල්ලිය සටන් සම්ප්‍රදායයන් මත බැවින් මාස්ටර් එවන් හටන් කවි අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරණ්නට ඇත. එසේම ප්‍රෙම් ලියා වික්ටර් ත්නුව යොදා ගායනා කරන "අදරයේ උල්පතවූ අම්මා" ගීතයේ තනුවට පදනම් වී ඇත්තේ "දොයි දොයි දොයි . .දොයිය බබා . ." නම්වූ ඔබගේත් මගේත් සවනත රැඳුණු මුල්ම ගීතයේ පදනමය! මෙසේම වැදි නැළවිළි ගීත වැනි දෙයින් උකහා ගත් කුඩා අංශු එක් කොට ගීතය නව ප්‍රවනතාවයකට ගෙන ආ අවස්ථා බොහෝ සෙයින් දැකිය හැක! එසේම අප අහන හිංදි තනු වල මූල බීජ මොනවාදැයි අප සොයා බැලුවේද?
ලිඛිතා තම ලිපියේ එක තැනක මතු කරණවා "තාලෙ තිබ්බා නම් පද මවන්න පුළුවන්" කියලා යෙදුමක්. මීට වසර ගනනාවකට පෙර ප්‍රවීණ ගීත රචක ආචර්‍ය ය අජන්තා රණසිංහයන් පවසනවා මෙවන් අදහසක්. " ගීත රචකයා විසින් පද මාලාව සැකසූ පසු එහි තුල ගැබ්වූ තනුවක් පවතී!" කියා. ඒ නිසාම ඔහුගේ අදහස වූයේ පද මාලාවට; එහි තනුව හා සංගීතය හා ගායනයට වඩා වැඩි බරක් තැබිය යුතු බවයි!
ගීතයකට නර්තණයේ යෙදීම වෙනමම කාර්නයක්. ඔබට මතකද ඩෙස්පරාඩෝ එකෙ එන ගීතය! සුපිරි පන්ච් එකක් තියෙන ගීතයක්! එය රස විඳින්නේ ඒ පන්ච් එකට බීට් එකට මිසක් වචන වලට නොවේ. ඔය වගේම ගීතයක් කීර්ති පැස්කුවෙල් ඒ කාලේ කීවා.ඒවා අහන්නේ ශබ්ද රසයට. රිද්මයට! හද්ද ඩොටේ ඉන්න එවුං ඒකාලේ බෆලෝ සොල්ජර් සිංදුවට රැඟුවේ එහි රෙගේ බීට් එකට. ඉන් අදහස් වෙන්නේ නෑ වචන අභිබවා සංගීතයට සෑම ගීතයකම අවස්ථාවක් හිමිවෙනවාය කියා. කවියට යෑමට හැකි උපරීම දුර ගියාට පසුවයි ගීතය නිර්මානය වන්නේ. එහිදී වච්නවලින් කියන්නට හැකි උපරිම හැඟීම කීවාට පසුව ඉතිරිය පැවසෙන්නේ සංගීතයෙනුයි. මෙලඩි වල ඇති "මී පැණි වන් " රසාස්වාදය නිසාමයි ඒවා සිංහලට ගෙන ඒවා අපේ කර ගන්නේ! මා කිසි විටෙකත් ස්වතන්ත්‍ර නිර්මාණකරුවන් දෙවන් තැනට හෙළුවේ නැති බව නැවත මතක් කරමි. නමුදු කරුණාරත්න අබේසේකර ඇතුළු හිංදි අනුකාරක ගීත රචකයින් "මම බයිසි කලේ පැද්දා " තැනට දානවා නම් ඒ පිළිබඳව මාගේ බලවත් කණගාටුව.
නමුදු ඔබ මගේ කමෙන්ටුවකට පිළිතුරු ලෙස "සින්දුව පංකාදුයි - හිංදි කොපියක් නොවුනා නම්" කියන අදහස සමග මාගේ ඇති එකඟ නොවීම නිසාම මෙම පෝස්ටු දෙකම ලියා ගෙන ආවෙමි!
මේ කරණු කාරනා මොනවා උනත් හිංදි තනුවකට කරුණාරත්න අබේසේකර පද ලියා ජෝති ගැයූ සුමියුරු ගීතයක් සේම රසවත්වූ මෙහි ඊළඟ කොටස හෙවත් දිගුව මෙතැනින් කියවන්න.
"අප දෙන්නා පොකුණයි පියුමයි" ගීතයේ සමස්ත අර්ථය ගත්විට වැටහෙන්නේ අමනාපයක් නිසා වෙන්ව යන පෙම්වතිය අමතා කියන්නක් බවයි. ඒ අනුව "සුබ සැන්දෑවක් වේවා!" යන්න සමුදීමක් හා සමුගැනීමක් අඟවයි. එය සුබ පැතීමක් ලෙස ගැනීම නිවැරදි නොවන බවයි මගේ හැඟීම.
ReplyDelete"ඔබගේ සිත මා නැත හඳුනන්නේ
වරදක් නැතිවයි පිටුපා යන්නේ
තේරෙයි, තේරෙයි, තේරෙයි, තේරෙයි, තේරෙයි
සුබ සැන්දෑවක් වේවා!"
මෙය මුලින්ම ච්ත්‍රපට ගීතයක් නොවේ!
Deleteඅසු කාලීනව සමහර ජනප්‍රිය සරල ගීත ෆිල්ම්ස්වලට ගැනීමක් කෙරෙද්දී මෙ ගීයත් යොදා ගත්තාදැයි නොදනිමි
ඔව් එසේ විය හැකියි!
Delete//රාගධාරී සංගීතය තුල උදේ වරුවට ගැයෙන රාග හා දවලට ගැයෙන රාග සේම රාත්‍රියට ගැයෙන රාග වෙන් කොට ඇත. භාෂාවේද ගුඩ් මෝනිං, ගුඩ් ආෆ්ටර් නූන් , ගුඩ් ඊවිනිං හා ගුඩ් නයිට් යනුවෙන් සුභ පැතීම් වර්ග කොට ඇත.//
ReplyDeleteසෑම රාගයකටම අදාළ (ගයන) 'ගාන සමය' ලෙසින් දැක්වෙන්නේ මෙය නේද?
https://www.amazon.com/dead-skin-remover-feet/s?k=dead+skin+remover+for+feet
Deleteනිදි මහත්තයත් දන්න දෙවල්!~
Deleteප්‍රා ජේට:- ඔය කිව්වේ ඉතිං!?
ලිඛිතා නෝනාගේ කඩදාසිකොලේදී තට්ට මහතාව නැග්ගුවේ මුරුංගා අත්තක නොවේ ගරායක් නැටුමේ අයිලේ හදන්නට ගන්නා ඇට්ටෝනියා අත්තකයි. කොහෙට නැමුනත් කැඩෙන්නේ නෑ. දැන් පේනවානේ රාග තාල ඇඹරිලා යන්න දාපු පොස්ට්ටුවේ තරම. කාම රාග ඇරෙන්නට වෙන රාගයක් නොදන්නා නිසා නිහඩව යමි...
ReplyDeleteඔව් අසංක මල්ලි රාග තියෙන්නේ ඇඟේනෙ!?
Deleteහැමවෙලාවෙම ඔලුව ඇතුලේ මිමිණෙන සින්දු ටිකක් තියේ.ඒවා copy ද කියල සමහර විට දන්නෙත් නෑ. ඔබ ලිපිය ලියන්න ගොඩක් දුර study කරලා තියෙනවා. ඒ කැප කරපු වෙලාවට මහන්සියට සහ ලබා දුන්න දැනුම සහ රසාස්වාදයට මගේ ආචාරය පිළිගන්න.
ReplyDeleteඔබගේ පැමිණීම ඉතා අගය කොට සලකමි!
Deleteබොහොමත්ම ස්තූතියි! පැමිණීම අගය කොට සළකනවා!
Deleteඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ "7. බර කතා බහ" යටතේ එකතු කොට ඇත. එයට පිවිසී බලන්න. අපගේ එකතු කිරීම හෝ පොදුවේ අපගේ සින්ඩිය පිළිබඳව කිසියම් අදහසක් වේනම් එය අප වෙත එවන්න. නොනවත්වා දිගටම ලියන්න. අපි ඔබේ ලිවීමට ඉඩ සලසා තබන්නෙමු!
Deleteසංගීතය ගැන ගැඹුරු දැණුමක් නැත. එබැවින් වැටක් ගසා, තාලයට ලිස්සා යාමට අවසර.
ReplyDelete++++++++++++🙏👌😊
https://en.wikipedia.org/wiki/Fences_(band)
Deleteඔය ඉන්නේ වැටේ අයිති කරුවන්!
DeleteHmm
ReplyDeleteඒ මොන රාගයෙන්ද ලිස්සුවෙ, සෑර්? මමත් රාග-තාල දාලා සිංදුවක් කියන්නද?
Deleteබව්...බව්..වව්...බහූ....ඌඌඌඌඌ.....
https://genius.com/Baha-men-who-let-the-dogs-out-lyrics
DeleteWho, who, who??
Deleteටොමියා සහෙන්න ඉගෙන ගෙන තියෙනවා වගේ රාග තාල!
Deleteමෙන්න බල්ල එලියට දාපු සිංදුවෙ හිංදි එක...
Deletehttps://www.youtube.com/watch?v=EbPVTxLiKm8
තව සිංදුවක් තිබුණා, "ඇයි මගෙ හරකට ගැහුවේ" කියල. හිංදි. හොයාගන්න බැරි උනා.
https://sithsatahan.blogspot.com/2021/11/blog-post.html
ReplyDeleteහොද මෙලඩියකට පද නැතිවත් හිට් වෙන්න පුලුවන්. හැබැයි රැදෙන්න අමාරුයි. පහල ලින්ක් එක මම මෑතක දැක්ක මෙලඩියකින් කීකරු කරගත් අසීරු පද මාලාවක්.
ReplyDeletehttps://www.youtube.com/watch?v=n7UgpieMe0E
ReplyDeleteලස්සන සින්දුවක් මා රස වින්දා! ස්තූතියි!!
Deleteමම නං සංගීතය ගැන මුකුත්ම දන්නේ නැහැ.හයේ පන්තියේදී, සෞන්දර්යය විෂයයන් තෝරා ගැනීමේදී මාව සංගීතයට තෝරා 'නොගෙන' සිංහල සංගීතයට මහඟු සේවයක් කලේ මේ පෝස්ටුවේ කියැවෙන ලයනල් රන්වල මහතාගේ සොහොයුරු, එකල අපේ සංගීත ගුරුවරයා උන විනී රන්වල මහතායි. මට සින්දු කියන්න බැරි උනාට, ගීතවල පද (80 දශකයත් ඇතුළුව, ඒ දක්වා ගැයූ ගීත වල) මතක තිබීමේ හේතුව නිසා "බජව්" දාන කොට මටත් ඒ කාලයේ යම් ඉල්ලුමක් තිබුනා.
ReplyDeleteශාස්ත්‍රීය සංගීතය ගැන මට නොතේරුණත්, සීතල හැන්දෑවක, පොඩ්ඩක් රත් වෙලා, "ජොවාදා කියාහෝ නිභානා පරේගා", එහෙම නැතිනම් "මුළු හදින් මම ඇයට පෙම්කොට" එහෙමත් නැතිනම් "මොකද මැණිකේ හනික යන්නේ", "ජැමෙයිකා ෆෙයාවෙල්" (ලයිස්තුවේ තව තියනවා) වගේ සින්දු අහන එක නම් නොවරදවාම කරනවා.
// අද වන විට රතන් ටාටා බෙන්ස් වලිගය හලා ටාටා නම නිදහස් කරගෙන ඇත.//
මට හොඳට මතක ඇති කාලේ ටාටා ලොරි (ආමි ට්‍රක් එහෙමත් මතකයි) වල තිබුනේ බෙන්ස් සලකුණ (තරුව) මිස T සලකුණ නොවෙයි. ඒවායේ සද්දෙයි, දුමයි, නිසා බෙන්ස් logo එක තිබුනට බෙන්ස් නොවන බව තේරෙනවා.
ටාටා කාරයා බෙන්ස් නම හැලුවා නොවෙයි, බෙන්ස් කාරයා ටාටා හලලා නම්බුව රැක ගත්තා කියලයි මට හිතෙන්නේ.
කොපි කරන එකට නියම උදාහරෙනේ තමයි විලීස් එකෙන් කොපි කරලා හදාපු මිට්සුබිෂි ජීප් එකෙනුත් කොපි කරලා හදාපු මහේන්ද්‍ර ඇන්ඩ් මහේන්ද්‍ර ජීප්පුව.
ඔව් ඒවාගේ වචන කෝෂ තියෙනවා! ඕනම සිංදුවක අකුරක් නෑර දන්නවා ඉස්පිල්ලක් පාපිල්ලක් අඩු නැතිව!
Deleteඅනිවා මමත් ටික වෙන්න චාජ් උනාම ඔය වගේ ඕන් ආතල් එකක් ගන්නවා. බොහෝ විට මා නිදා ගන්නේ "හෝපළු වන පෙත අසමින්!"
ඔව් ඔබ කියන එකේ වරදකුත් නෑ. ඒ උනාට දැන් වාහන නිෂ්පාදනය අතුරින් ඉන්දියාව ඉන්නේ හොඳම තැනක ජර්මනියට උඩින්!
ඔබගේ ලිපියට මගේ අදහසත් ලියන්නට හිතුවා. කිසියම් දෙයක් කොපි කිරීමේ වැරැද්දක් නැතත් දෙයක් කොපි කරල මුල් අයිතිකරැවන්ට කිසිම මූල්‍යමය හෝ වෙනත් වාසියක එයාලට අයත් කොටස නොදීමයි වැරැද්ද. දැන් බලන්න සමහර ගායක ගායිකාවො කොපි ගීත කියල තමන්ගෙ කොපි ගීත කවුරැවත් කියනකොට හරි තරහයි, ඒක වැරදියි. ඒ වගේම සමහර ගායක ගායිකාවො කොපි ගීත කියල ඒව තමන්ගෙ වගේ ටෝක්ස් දෙනව, ඒක වැරදියි. ගීත යනු බුද්ධිමය දේපොළක්. ඔබ සඳහන් කළ සමහර දේවල්, උදාහරණයකට ආහාර වගේ, එක් අයෙකුගේ බුද්ධිමය දේපොළක් නොවේ, පරම්පරා ගණනක රටවල් ගණනක මිනිසුන් ගණනාවක් දායකත්වය සැපයූ දෙයක්. ඒ නිසා ඒවාට තනි අයිතිකරැවෝ නෑ. නමුත් යම් අළුත් තනුවක්, මෘදුකාන්ගයක්, යන්ත්‍රයක් සඳහා නිශ්චිත දායකත්වය සැපයූ අය සිටිනවා, ඒකයි වෙනස. කොපි කරා නම් මුල් අයිතිකරැවන්ගේ කොටස දෙන්න තරම් එතිකල් වෙන්න ඕනෙ.
ReplyDeleteමේ අදහසට මමත් එකඟයි. කොපි කරනවනම් මේක කවර එකක කියල කියන්න ඕනේ. එක්තරා සංගීතඥක් මට මෙහෙ අපු වෙලේ කීවා කොපි නැතිව කරනන් අමාරුයි. අපි එහෙන මෙහන් පොඩ්ඩක් ගන්නව. (මිනිහ ඔපෙරා කෑල්ලක් කොපි කරලා මේ කියන්නේ) කේමදාස පවා කරාලු. හන කේමදාස කියල කලේ . මේ වියට්නාම සංගීතයේ අභාෂය මේ කේරල ඒ වගේ.
DeleteTo Sri Lankan - African Angel :- ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ "3. බ්ලොග් සඟරා" යටතේ එකතු කොට ඇත. එයට පිවිසී බලන්න. අපගේ එකතු කිරීම හෝ පොදුවේ අපගේ සින්ඩිය පිළිබඳව කිසියම් අදහසක් වේනම් එය අප වෙත එවන්න. නොනවත්වා දිගටම ලියන්න. අපි ඔබේ ලිවීමට ඉඩ සලසා තබන්නෙමු!
Deleteශ්‍රීලංකාප්‍රිකාවීට:- ඇත්තටම මෙහිදී ඔබ කියන දේට මා අනිවාර්‍යයෙන්ම එකඟ වෙනවා! මගේ පෝස්ටුව තුල මා ඉදිරි පත් කලේ සංස්කෘථියක හෝ වෙනයම් කලා මධ්‍යයක මෙවන් උපුටා ගැනීම් කොපි කිරීම් අණිකරණය කිරීම සිදුවීම සාමාන්‍ය දෙයක් බවත් එවිට බිහිවන අනුකාරක ගීත සඳහා පද ලිවීම හා ගායනා කිරීම තරමක අභියෝගාත්මක දෙයක් බවයි! ජෝතිලා මිල්ටන් පෙරෙරලා කිසි තැනක ටෝක් දී නැහැ ඔවුන් ගයන්නේ ස්වතන්ත්‍ර තනු පමණක්මය කියා!? ස්තූතියි කලෙකින් දකින ලැබුනාට!~
Deleteමම මේ ප්‍රතිචාරය ලිඛිතා ගේ එකෙත් දැම්ම. මම රුසියානු සින්දුවක් පරිවර්තනය කළා. මම මුල් සින්දුවේ කෝඩ් මයි භාවිතා කරන්නේ.ඒ කියන්නේ කොපියක්. හැබැයි මුල් සින්දුවේ සංගීතය හදපු කෙනාට සහ ලිව කෙනා මතක් කරන්න ඉන්නේ. එතකොට ඒක අමු අමුවේ කොපියක් නෙමෙයිනේ
ReplyDeleteමම කියන්නේ නම් කොපි කිරීම අපරාධයක් නොවෙයි කියලමයි. සමහර මුල් ගීත පිළිබඳව අපි හොයන්නේ අනුකාරක ගීතය නිසාම මයි! "පෙම්බර මධූ මගේ " ගීතයේ මුල් ගීතය ගැන හාං කවිසියක්වත් නොමැතිව අවුරුදු 25 ක් විතර රස වින්දාමයි එහි මුල්ගීතය සොයා අහන්නට පටන් ගත්තේ! මගෙ පළමු "මී පැණි වන් ගී තනු" පෝස්ටුවේ මෙහි ලින්කුව දමා ඇතත් අයියාට කියැවීමේ පහසුව තකා මෙහි එය දක්වන්නම්. මෙන්න ඒක:- https://www.youtube.com/watch?v=ssoChbSjWGg
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඒකෙ ඔරිජිනල් නොදන්නා එක ඔයාගේ වරදක් මිසක් ඔරිජිනල් සින්දුවේ වරදක් නෙවෙයිනේ.. ගීත අහන්න ඕනේ ලාංකික වෙලා නෙවෙයි.
Deleteකොටින්ම හින්දි ගීත සම්බන්ධයෙන් නම් මම නම් මුලින්ම අහනවා ඒ ගීත. මොකද ඒ වොයිස් වෙරියේෂන් ඒ ගීත වලට යොදාගෙන තියෙන තරම් අපේ සින්දු වල ගෑවිලා යනවා විතරයි.
මේ බලන්න මේ සිංදුව : https://www.youtube.com/watch?v=4YbAaRFk70o
මම කොහොමත් ගසල් වර්ගයේ සින්දු වලට හරිම ආසයි.
තව දෙයක්. තෙලිඟු , දෙමල සින්දු උනත් මාර ලස්සනයි. රහුමාන් /රහමාන් කියන මැජික් කරුවා නිසා මම දැන් ටැමිල් සින්දුත් අහනවා
බලන්න කර්කෂ භාෂාවක් විදියට හිතන දමිල භාෂාව [ ඔෆෙන්ස් එකක් විදියට නෙවෙයි කිව්වේ. මෘදු වචන අඩු නිසා හින්දි වලට සාපේක්ෂව] බලන්න මේ සිංදුවේ දැනෙන්නේ මාරම ෆීලින් එකක්
https://www.youtube.com/watch?v=RzNt4i15WLU
[මට දෙමළ නොතේරේ.. මේ කියන්නේ ම්මොන හත් ඉලව්වක්ද කියලාවත් දන්නේ නැත]
හරි හරි නෝනො! දැන් ඔබ ඔය උපුටා දක්වන මෙලෝ මලදානයක් නොතෙරෙනමුත් ස්වර මාධුර්‍යයෙන් විඳින ගීතයට එහි භාවය විනාශ නොවන සේ; තේරෙණ භාෂාවෙන් අකුරු අමුනලා සිංහලෙන් ගැයුවාම ඇයි ප්‍රථික්ෂේම කරණ්නේ? තවත් හොඳයිනේ?
Deleteමෙහෙම හිතන්නකෝ!
ගමක ඉන්නවා ලස්සන යුවතියක්.
ඇය අඳින්නේ රෙද්දයි හැට්ටෙයි.
එයා ඒ ඇඳුමට හරිම සුන්දරයි.
කොහේ හරි යන මේකප් අටිස්ට් කෙනෙක් හරි මොකෙක් හරි බුවෙක් ගිහින් එයාට පොඩි සූට් එකක් අන්දලා පොඩි මේකප් පාරක් දාලා ශූටින් පාරක් කරණවා.
දැන් ඒක අපරාදයක් වෙනවද?
අර බුවා කොළඹ එන ගමන් ඒ යුවතියගේ චීත්තෙ අරං ආවද?
ආයෙමත් ඒ රෙද්ද හැට්ටෙ ඇන්දාම ඒ යුවතියගෙ තිබුනු රූ සපුව නැති වෙනවාද?
ඒ වගේම අලුතින් ඒ රූ සපුවට එක් කල නවතාවයන් හෝ රූ ගත කල පිංතූරවල ඇති අගය නොවටිනා එකක් ද; එය ඔරිජිනල් එක නොවන බැවින්?
ෂාරුක් කාන් ලොක්කාගේ සැබෑ ස්වරූපෙ, ප්‍රීති සින්ටාගේ හැබෑ මූන දැක්කාම ඒ අයගේම ලාටු ගාපු මූන තියෙන බයිස්කෝප් බලන්න හිතෙන්නේ නැද්ද?
ජිප්සීස් කුරුමිට්ටෝ සිංදුව කියද්දී අපි හොයන්න යනවද ඒකෙ ඔරිජිනල් එක!
ඒකත් ඇති! මේකත් තියෙනවා!! කියන ලෙසින් නොවෙද ඒක රස විඳින්නේ?
සමහර ඔරිජිනල් ගීත හොයන්න ගන්නේ මේ ඩුප්ලිකේට් එක අහලා වින්දාම නොවෙද?
හිතට එකඟව කියන්න වික්ටර් ගේ "පෙම්බර ම්ධූ" ගීතය බෙග් ගේ "සිනාවෙන් හෝ කතාවෙන් බෑ" ජෝතිගේ "නින්ද නේන රාත්‍රියේ" ඒවායේ ඔරිජිනල් එක අභිබවා ගිහින් තියෙනවා නේද?
සමහර හිංදි අනුකාරක ගීත මෙරට සාමාන්‍ය රසිකයින් අතරට කාන්දු වන්නට කලකට පෙරයි හිංදි ගීතය අසන්නට ලැබෙන්නේ. ඒත් එහි ජෝති වර්ශන් එක ආ සැනින් ඔවුන් එම ගීතය වටා එකතු උනා! නමුත් ඒ හිංදි ගීතයට පයින් ගසා නොවේ!
සමනළයා දෙස බලන්න! විඳින්න! උගේ මුල දළඹුවෙක් යැයි සිතා සමනළයා විඳීමට අවුලක් කර නොගන්න!
Matanam sangeethaya gana gamburu danumak naha.Eth kalin post ekata bandunu me lipiyath asawen kiyawala rasa winda wagema yamak igana gaththa.Ewagema hama commentuwakma mata yamak uganwanawa yayi mama hithanawa.Me post liyanna oba waya karana watina sramayath kalayath gana mage awanka sthuthiya piliganna.
ReplyDeleteස්තූතියි සරත් මහතා අගය කිරීමට!
ReplyDeleteඅතපය අහක් කිරිමට ඔඩර් බාරගනු ලැබේ....
ReplyDeleteමිට
මහවත්තේ ගයියා
අනේ අපි අහිංසකයි!
Deleteමම දන්න සංගීතයක් නැති නිසා මේ වාදය ටිකක් බර වැඩ්ය්, පරණ හින්දි සින්දු හා කොපි මතක් කිරීම ගැන සන්තෝසයි Wijebahu
ReplyDeleteලොකු දෙයක් නෑ විජේභාහු මහත්තයා! දන්න ටිකම තමයි පොඩ්ඩක් පොලිෂ් කරලා ලියලා තියෙන්නේ!
Deleteකොහොම කොහොම හටි මේ සංවාද වලින් ගොඩක් දේවල් දැන කියාගන්න ලැබුනා.ආසාවෙන් අහපු සමහර සිංදු කොපි කියලා දන්නෙත් මේවා කියෙව්වම.එහෙමෙයි කියලා රසේ අඩුවක් වෙන්නෙත් නෑ නොවැ.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි. ඔව් ඒවා ඉතාම රසවත් පද රචනා, කාව්‍ය සංකල්පණා! ඒවා ලියැවුනේ කවියන්ගේ අතින් එහෙම නැතිව ටිංකර් බාස්ලාගේ අතින් නෙවේ! ඒ නිසාමයි ඒවායේ රස! ඉතින් ලියන්න පටන් ගන්න බ්ලොගය! දැන් බොහෝ දෙනා නැවත පටන් අරණ් ලියන්න!
Deleteජපනුන්ට ෆ්රිජ් එකක් හදන්න ඔනෑ උනහම ඒ ගොල්ල ලෝකයේ රටවල් දහයක හදන ෆ්රිජ් දහයක් ගෙනැල්ලා, ඒ දහයම ගලවලා බලලා එකොළොස්වනි එක අර දහයටම වඩා හොඳට හදනවලු. මේක අපට කිව්වේ වැඩමුළුවකදි, සම්පත්ධාරියෙක් විසින්. හොන්ඩා ලොක්ක (සෙයිචිරෝ හොන්ඩා) එයාගේ මුල් කාලේ බයිසිකල් ඇමරිකාවේ තරඟ වලට දාලා පැරදුනහම, අර දිනපු වර්ගයේ බයිසිකල් ගෙනැල්ලා ගලවලා බලලා ඒ ඔක්කොටම වඩා හොඳ එකක් හදලා තරඟ දිනුවා කියලා අහලා තියෙනවා. හැබැයි ඉතින් ඒකට "කොපි" කියලා කියන එක සාධාරණද කියලා හිතෙනවා. සින්දුවලටත් ඒක ඒ විධියටම අදාලයි කියලා හිතෙනවා. හැබැයි ඒකෙන් ස්වතන්ත්‍ර නිර්මාණ අවතක්සේරුවට පත් වෙන්නත් නැහැ. මොකද කියනවනං හොන්ඩාට කොපි කරන්න (??) හරි ඉස්සෙල්ලා කවුරු හරි බයිසිකලයක් හදලා තියෙන්න එපායැ.......
DeleteWeerasiri:
Deleteනෑ එතැනදී මට පේන්නේ කොපිය නෙවෙයි, උන් ලර්න් කරනවා රහස..
සංගීතයේ සප්ත ස්වර නේ තියෙන්නේ.. අපිට අහු නොවෙන්නේ ඒ ස්වර හසුරවන මැජික් එක! ඒක අල්ලා ගන්න බැරිකමනේ... කොටින්ම හරි හමන් තීම් සෝන්ග් එකක් හැදුවාද අපි 'වන්දේ මාතරම්' වගේ? ඒක මොන භාෂාවක් කතාකරන මනුස්සයෙක් ඇහුවත් ඇඟේ මවිල් කෙලින් වෙනවා.
චිත්‍රපට ගීත අතින් නම් අපි සෑහෙන්න පහලින්.. විෂුවල් නිසා ගොඩ යනවා සමහර ගීත. නමුත් මෑතක වෙනස් වෙනවා වගේ පේනවා. ඒ ගැන මෙතන ලියන්නේ නැහැ.. මාතෘකාවෙන් පිටනේ
අදාළ නොවන්න පුළුවන්, නමුත් මං ලියන්නෙ හිතට ආව දේ. රහ්මාන් සංගීතය විදිහට නොයෙක් ශබ්ද කලාත්මකව යොදාගන්නව. ස්ලම්ඩෝග් මිලියනේයර් චිත්‍රපටියට හදපු උන්දැගෙ මියුසික්වල ගන් ෂොට් පවා තියෙනව.
Deletehttps://www.youtube.com/watch?v=ZiWFn20P8oE
Dracky: ඒ මනුස්සයා මැජික් කාරයෙක් වගේ මට නම්... කෙතලේ විස්ලින් සද්දෙත් ගනී සිංදුවකට.. ඒ තරම් කනක් තියෙන්නේ
Deleteසිරා සිරා... පට්ට මියුසිෂන් කෙනෙක්.
Deleteඒක හරි රසවත් ලියවිල්ලක් නෙව
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්ම්
ReplyDeleteමේ ගැන ඉතින් ආයෙත් ලියන්න අදහසක් නැති නිසා මේ ලෙස ලියා තබමි...
සිංදුව හින්දි නම්, කොපි කරන්නට අවුලක් නැත. එතරම්ම අපි පව් හින්දා වරදක් නැත. ගත්තු මෙලඩි එකකට සිංදු ලියන්නට වැඩ්ඩෙක් ඕනේ නැත. මොකද තාලය තියෙනවා නම් වචන වලින් රිච් වෙච්ච සිංහල භාෂාවේ ඕනේ නතරම් වචන තිබේ.
ඒක මාර නැත! එය අනුන්ගේ ඇඳුම් ඇඳගෙන මගුල් ගෙදර ගියා වගේය. අවුලක් නැත. නමුත් අවුල් නැත්තෙමත් නැත.
අතුරු ප්‍රශ්නයක් : ඇයි අපිට එහෙම මෙලඩි හදන්න බැරි?
ඒකට නම් එකඟයි
Deleteමා දැනට කිසිවක් නොලියමි!
Deletehttps://drackey.blogspot.com/2021/11/1-12.html
ReplyDeleteකිසිවෙකු ඉතාමත් රසවත් ගීතයක් අසයි! ඔහු හෝ ඇය එය රසවිඳියි! එය බොහෝ දෙනා රසවිඳින ගීතයක්ද වේ!!!
ReplyDeleteමෙසේ කාලයක් ගතවේ! රස විඳි ගීතය පැරණි ගීතයක්වෙ!! එහෙත් එහි රසය තවමත් නැවුම් සේ ඔහු හෝ ඇය අසන වාරයක් වාරයක් පාසාම විඳියි!
පාළුවේ කාන්සියේ සිටිනා විට තවමත් මුමුණයි!
යාළු මිත්‍රයින් එක්ක සෙටමෝල් උනු අවස්ථාවලදී උස් හඬින් ගයයි!
කාලයක් ගතවී; එම ගීතය හිංදි අනුකාරක ගීතයක් බව දැන ගන්නට ලැබේ!
එතැන් සිට එය රස නොවිඳියි!
නො මුමුණයි!!
අන් අයෙකු එම ගීතය ගැයූවද, මිමිනූවද,පිළිබඳව කථා කලද නොදිරවයි.
එය හිංදි අනුකාරක ගීයක් බව හෙලිදරව් කරයි.
"ඔව් බං උඹ ඒක අදද දන්නේ? ඒක හිංදි කොපියක් තමයි!" ඔවුන් පෙරළා කියති.
තවත් කැටගරියක් සිටිති. ඒ මෙසේය!
කොලෝනියල් කසින්ස්ලා මෙරටට පැමිණේ.
"ක්‍රිශ්නා නේ බෙගෙනෙ බරූ . . .. " ගයයි.
එහි තිබෙන ආලප්, දෝරා, ස්වර කණ්ඩ, රාගශ්‍රිත ස්වර මාලා විඳිති.
ඒක මරු සින්දුවක්ය.
අර්ථ පූර්ණය.
ප්‍රථිභාවෙන් අනූනය!
ඔවුන් "හෝපළු වනපෙත" අසා නැත!
ඇහුවද එහි ගතියක් නැත!
මේවා සියල්ල මැද අප සිංදු අහති! ගීත විඳිති!! ජීවිතය ගෙන යති!!!
හිංදි කොපියට අකුරු බැඳීම එතරම් ලොකු වැඩක් සේ නොදකිති. හංදියේ දත් සාප්පුවේ චීනා ලොඹු කටට; විරිත්තන දත් වහල්ලක් බඳිනවා වැනි ලේසි වැඩකුයි සිතති.
මේ ගැන කථා කිරීමට කොමෙන්ටු හෝ පිළිතුරු තීර වල ඉඩ හසර මදිය!
කොපි කළාට මොකද ඔරිමජිනල් එකේ ගතියට හානියක් කරන්නැතුව කියන මතයෙයි මම ඉන්නෙ. බැරි වෙලාවත් කොපිය අහල ඔරිජිනල් එක කියපු එකාට බෙල්ලෙ පාං ගෙඩියක් බැඳගෙන වැවක පනින්න හිතෙනවනං අන්න ඒ වගේ කොප්පෙල එල්ලුවට කමක් නෑ.
ReplyDeleteපැරණි හින්දි සිනමාවේ අතිශයින් වර්ණවත් ගීත
ReplyDeletehttp://deepthidonkor.blogspot.com/2021/10/blog-post_24.html
මාත් කියෙව්වා ඔන්න. වෙන මෙලෝ අදහස්ක් නෑ😂
ReplyDelete