Sunday, August 22, 2021

210. අවියක් ලෙස කවියක්!





 මේ ලියන්නේ මතක් උනු ගමන්මයි.

මම දේශපාලනය ගැන ලියන්නේ ඉතාමත්ම අඩුවෙන්. ඒය මාගේ අඩුවක් ලෙසිනුයි මා දකින්නේ. ඒ; "මිනිසා දේශපාලනමය සත්වයෙක්ය!" කියා ඇරිස්ටෝටල් කී නිසා නොව. සාමාන්‍ය ජීවිතයේදී බොහෝ ෆෝරමයන් තුල තම දෙශපාලන දර්ශණය වෙනුවෙන් පෙනී සිටින්නෙකු නිසාමය!

මේ දිනවල අපගේ මව් බිම අන් කවරදාකවත් නොවූ තරම් අඝාදයකට වැටී ඇත. එය කොරෝණා නිසා සිදුවූ දෙයක් යැයි සිත රවටා ගත්තද; ඊට වග කිව යුත්තේ මේ රට මෙතැනට ගෙන ආ පාලකයින් විසින් යැයි මා පැවසුවහොත් කිසිවෙකු මා හට අභියෝග කරයිද?

මේ  වෙලාවේ අප ලිවිය යුතුය!

මේ වෙලාවේ අප කතා කල යුතුය!!

මේ වෙලාවේ අප කුමක් හෝ කල යුතුය!!!

ඒ කොරෝණාවෙන් බේරීමට වඩා මේ දෙශපාලන ගොහොරුවෙන් රට; වඩා යහපත් තැනකට පත් කිරීමටය!

මෙය ලියන්නේ ඉතා හදිසියෙනි. අදහස් එන්නේද අකුරු කොටන්නේද වදන් ගලපන්නේද එකසිය ගානටය! එහෙත් ඒ අදහස් වලින් කිසිවක් මා කිසිදා වෙනස් කරාවි යැයි මාහට නොසිතේ.

මීට දශක කීපයකට පෙර මා තවත් කිහිපදෙනෙකු සමග අතින් ලියන ලද පත්තරයක් කලෙමි. ඒ හක්බෙල්ලාවක සිටියදීය. මේ පිළිබඳව මා 96.  සුගත් , කුලසිංහ හා මම  ! පෝස්ටුවේ යාන්තමින් ලියා තිබේ. එම පුවත් පතට කවියක් ලිය්යන්නැයි මා එවකට හක්බෙල්ලාවක තැපැල්ස්ථානාධිපති යසරත්න පැලැල්ලේගම මහතාගෙන් කල ආරාධනයට පිළිතුරු ලෙස මා වෙත  කුඩා කවි පොතක්; එහි පිටුවක් හා කවියක් තෝරා ලබා දුනි. ඒය විපුල හේවා වලිමුනි සහ සුනන්දා රණසිංහ විසින් ලියන ලද "පහන් දොර" නමැති කාව්‍ය සංග්‍රහය ය. (ප්‍රථම මුද්‍රණය 1987)

මේ පහතින් දැක්වෙන්නේ එහි 36 වෙනි පිටුවේ දැක්වුනු විපුල හේවා වලිමුනි ලියන ලද "ශල්‍ය කර්මය" නම් වූ කවිය ය.

මෙම පෝස්ටුව සම්පාදනය කලේ මෙම කවිය සමාජගත කරණු රිසියෙන්ය!


"ශල්‍ය කර්මය"

ඉගෙන ගනිල්ලා සහෝදරවරුනේ "දොස්තරකම"

කට පාඩම් නොකර වට්ටෝරු

කිඳා බැහැපල්ලා සර්වාංගය තුළට


බලාපල්ලා

රෝගියාට අසාධ්‍යය මරණාසන්නය

මානව පෙරේමයේ නලාව තබා ලයමත

අසා සිටියේද ලබ් ඩබ් ලබ් ඩබ්

ලබ් ලබ් ලබ් ඩබ් ල් . . . . . 

රිද්මය අවුල්වී පැටලී තිබෙනවා නොවේද?


ලියුකේමියා රෝගියෙකුගේ මෙන්

ලේ පිළිකාවක් මෙන්, නරක් වී ඇත සියලු රුධිරය

රතු පැහැ නැත ලේ නහර

නිල්වී ඇත ඇතැම් නහර

කුණු ලේ ගැස්සි ගැස්සී දුවයි ඒවා තුලින් රිංගා ගෙන

භයද - සංත්‍රාසයද මුරුගසං වරුසා වසීයි

ගොම පැහැවී ඇත ඇතැම් නහර

රෝග බීජ පිරී විෂ ලේ දුවයි ඒ තුල


සිත වසා මතුවෙයි කණගාටුව

දෑස උතුරා කඳුළු වාන් දමයි

එහෙත් කණගාටුව ඖෂධයක් නොවේ

කඳුළු වලින් සෑදිය නොහැක බෙහෙත්

භය ද සන්ත්‍රාසය ද නොගැනේ අනුපාන ලෙසට වත්


නරක් වූ ලේ ඉවත් කර අලුත් ලේ දීමට සූදානම

නුඹලා නාස්ති කරති අගනා රුධිරය

ගබ්සා කරති

ලේ දන්දුන්නවුන් ගේ බලාපොරොත්තු කලලය


නුඹලා ඉසින්නාහුය සුවඳ පිනිදිය

ගවර විලක් මතට

සොරුන් හා කැටිව යන තවුසාට

පිරිය හැකි වේද තවුස්දම් මනාව

මහ සයුරට වන් ගං දිය

මිරිදියව පවත්නේ කී නිමේෂයකටද


සත්‍යයේ සැත් අවි ගෙන

විෂබීජ නස්නා දෘෂ්ඨියේ දියේ බහා

කපාපල්ලා මේ පිට පොත්ත

එය විදුරුසේ ඝන යැයි

ඇදහුවෙමු අපි ලදරු කල සිටම

තුනී තැන් බල බලා ඉතා ප්‍රවේසමෙන් කපාපල්ලා

විවර කරපල්ලා ලය මඬල


නරක්වී තිබෙනවා නොවේ ද මුලු හෘදය වස්තුවම

රතු පාට නැහැ නොවේද එය

ගොම පාටවී බොහෝ තැන්

නිල්වී ඇත තැනින් තැන


සොයාපල්ලා අලුත් හෘදය වස්තුවක්

මහලු මැහැලියන්ගේ නොව

ඒවායේ කපාට නොගැලපේ මේ නහර වලට


කලින් සිටි දොස්තරලා පුරුද්දාලූහ එබඳු හදවත්

ලෙඩ දුන්හ ඒවා මුල සිටම

ඒ ලෙඩද වවාගෙන කෑහ දොස්තරු

උන් හිලව් කර ගත්හ අපේ මුලු සේසතම


තව තවත් අසාධ්‍ය විය රෝගය

අපි හැඬුවෙමු;

තහනම් විය හැඬීම්

අණ කෙරුනි සිනා සෙන ලෙස

අපි සිනාසුනෙමු

පුහු පොල්ගෙඩි ද්හෙකට පැලුවා සේ


මේ තරුණ නුඹලාගේ වාරයයි

පැද්දෙන්නට නොදී අල්ලාගනිල්ලා තදින්

ඔරලෝසු බට්ටා

සවිකරපල්ලා 

බට්ටා නැතිව වෙලාව තිතට දුවන ඔරාලෝසුවක්


මේ ශරීරයේ

මස්. මස් පිඩු, ස්නා‍යු, තන්තු, ඇට, ඇට මිදුළු, 

සියල්ලටම ගැලපෙන

නිරෝගී තරුණ හෘදය වස්තුවක් සොයා ගනිල්ලා

ඉවත්කර විනාශකර දමල්ලා

හෘදය වස්තුවක් යයි කී මේ විෂබීජ ගබඩාව

වායු ගෝලයට විෂබීජ මුහු කරන්නට පෙරාතුව

බද්ධ කරපල්ලා සොයාගත් තරුණ හදවත


ඒ සැනින් ඉවත් කර දමල්ලා

නහර වැල් පුරා පිරි කුණු ලේ

පොම්ප කරපල්ලා

ජීවය පිරි අළුත් ලේ, ප්‍රේමය පිරි අලුත් ලේ


සෙවිල්ලෙන් සිටිල්ලා නිරන්තර

කොතැන වරදක් මතුවේද

කොතැන කපාටය නොගැලපේ ද

විසිහතර පැයම අවදියෙන් සිටපල්ලා

18 comments:

  1. //නිරෝගී තරුණ හෘදය වස්තුවක් සොයා ගනිල්ලා//

    නිරෝගී තරුණ හෘදය වස්තුවක් කියලා 1948 ඉඳලාම අපි රැවටිලා තියෙන්නේ එක එක ලෙඩ හැදිච්ච හදවත් වලට නේද?

    අන්තිමටම හොයා ගත්ත හදවත නම් ලෙඩ හැදිච්ච එකක් නොවෙයි. ඒකට cardiac arrest එකක්.

    ReplyDelete
    Replies
    1. අන්තිමට සොයාගත් ලෙඩා රටම විනාශකරාවි යන්න අපගේ විශ්වාසයයි.

      Delete
    2. මීටත් වඩා විනාශයක් කරයිද ? ඇඟ හිරිවැටිලා ගියා. 20 දෙනෙක් මෙහෙ නෑවිත් ඇෆ්ගනිස්තානයේ ඉන්න තීරණය කළේ මේ බව දැනිලා වෙන්න ඇති .

      Delete
  2. Lock down kavi?

    It is easy to blame politicians past and present. People need to look at themselves first, most Sri Lankans are lazy, corrupt, pessimists and political extremists, talk lot work less or not at all.

    People trust and distribute any garbage (brain dead opinions) if they fit with their political ideology. People (even well educated) stay with the same political party for generations without any critical people/policy analysis.

    You can't choose Lee Kuan Yew or Lee Hsien Loong in SL election, so choose the best available and wait for the next election. SL never had govt change outside democratic process, no point trying.

    People should learn to respect the will of the people and wait for the next election to change govt. Not spend so much time criticizing insulting and debating about incumbent govt (leave it to the opposition in the parliament)that is what people in developed countries do.

    Wijebahu

    ReplyDelete
  3. දේශපාලකයන්ගේ හෝ තෝරාගත් වෘත්තිකයන්ගේ ආකල්ප හා හැසිරීම් විවේචනය කිරීම පහසු නමුත් කිසිදු ප්‍රතිඵලයක් අත්නොවේ. අසීරු හා දීර්ඝකාලීන වුවත් අරමුණු කරගත යුත්තේ පුරවැසියන්ගේ ආකල්ප වෙනස් කරන වර්ගයේ ලියවිලි හා විවේචන යයි මම සිතමි.

    ReplyDelete
    Replies
    1. විජේභාහු මහත්තයාටත් ඔබ තුමටත් මා කුඩා එහෙත් සත්‍ය වූ කථාවක් කියන්නම්. මම වගකීමෙන් කියන්නම් මේ කථාව මා හට කිව්වේ කවුරුන්දැයි කියා. මේ කතාව මා සමග කීවේ සුනිල් ගී අඉජේසින්හ මහතා. එතුමා ගැන මා කියනවාට වඩා ඔහුගේ ලින්ක්ඩ් ඉන් ප්‍රොෆයිලයෙන් ඔහු ගැන සොයා ගැනීම වඩාත් උචිත හෙයින් එයත් මා මෙහි අමුනන්නම්.
      දෙවන ,අහා ලෝක සංග්‍රමයෙන් පසුව එක් රටක පිරිසක් බටහිර රටකට ගොස් ඇත්තේ එහි ඇති කාරමික හා තාක්ෂණික නවෝදය පිළිබඳව හැදෑරීමට! එම තාක්ෂණය තම රටට ගෙන ඒමට. එහෙත් ඔවුන් පිළිබඳව එම දියුණු රටේ සමාගම විසින් කණ්ඩායම හිමි රටට දන්වා එවා ඇත්තේ "ඔබගේ රටෙන් මෙහි පැමිණි කණ්ඩායම ඔවුන්ගේ සාප්පු සවාරි හා වෙනත් පෞද්ගලික අවශ්‍යතා පිරිමසමින් ඇවිදිනවා විනා කිසිවක් උකහා ගන්නා බවක් පෙනෙන්නේ නැත! අවම වශයෙන් ඔවුන්ව කණ්ඩායමක් ලෙස නියමිත වේලාවට් ඒක රාශී කර ගැනීම පවා අපට මහත් පරිශ්‍රමයක් දරණ්නට සිදුව ඇත!" යනුවෙන්ය. ඔබ ට පැවසිය හැකිද එම කණ්ඩායම අයිති රට කුමක්දැයි ?
      "වැරදියි! ලංකාව නොවේ. ජපානය!"
      පිලිගන්නට අපහසු උවතේ රට ජපානයයි. නමුත් දෙවන මහ ලෝක සංග්‍රාමයෙන් විනාශ වූ ජපානය නගා සිටුවන්නට මුල් වන්නේ අමෙරිකානු ජාතික ඩබ්ලිව් එඩ්වර්ඩ්ස් ඩෙමිං වැනි කිහිප දෙනෙකු හා එරට රජයයි. ඔහු ජපානයට පැමිනීමත් සමග ඇතිවන ඵලදායිතාවයේ සංකල්ප මතින් ජපානයේ කාර්මික වශයෙන් මුළුමහත් ලෝකයම දිග් විජය කොට අවසානය.
      ලී ක්වාන් යූ ගත්තද මහතීර් මොහමඩ් ගත්තද අද කාලේ උදහරණ ලෙස ජර්මනියේ ඇන්ජෙලා මර්කෙල් ගත්තද නවසීලන්තයේ ජෙසින්ඩා ආඩෙන් ගත්තද ඔවුන් පරමාදර්ශී චරිතය! එවන්වූ චරිතයක් පසුගිය පනස් වසර තුල අපරටේ නායකත්වයට පත්වූවාද? ඔබ හිතන්න මෙතරම් ආර්ථික වශ්යෙන්, සෞඛ්‍ය වශයෙන් , සමාජීය වශයෙන් රටක් මෙතරම් අඝාධයකට පත්වී විදෙශ විනිමය හිගවී බංකොලොත්වී ඇති තැනක සිට පාලකයින් ඇනවුම් කරණ්නේ නවීන වාහනය! බංගලිදෙශයෙන් ණයට මුදල් ගෙන පකිස්ථානයෙන් හාල් ගන්නා තත්වයට පත් වී ඇත්තේ පොදු මහජන තාවගේ වරදින්ද? පසු ගිය වසර ගනනාවක් තුල ලබා ගත් ණය මුදලින් රටේ නායකයින් පොදු මහජන තාවට කල යහපතක් වේද? ඔය ගැන ලියන්නට ගියහොත් පෝස්ටුවක් නොව වෙනමම බ්ලොගයක් පටන් ගන්නට හැක. තමන්ගේ වැරදි වසා ගැනීමට එක් එක් අයගේ එක් එක් න්‍යායන් ඇත. අපේ ආච්චිලා වෙන ඕනෑම සන්නෑසියක් "කරුමෙ!" කියා හිත හදා ගන්නේ එවන් සුරංගනා කතාවක් තුලය! රට කරවන අය රටේ විදෙශ විනිමය හා සම්පත් හොරාකමින් පොදු මහජනතාව තුල චින්තන විප්ලවයක් කිරීමට සැරසේ. එවන් සුරංගනා කතාවලට නොරැවටෙන්න. සුද්දාගෙන් ඔරලෝසුව බඳීනට ඉගෙන ගත්තාට වෙලාවට වැඩකරණ්නට අප ඉගෙන ගෙන නැත්තේ රටක නායකයින් තුල ඒවන් "වෙලාවට වැඩ කිරීමේ පුරුද්දක් නොමැති හෙයින්ය! ජනාධිපති හෙවත් රටේ විධායකයේ අන්තිම පුරුක වන ගමේ ග්‍රාමසේවක මුණගැසීමට ගොස් අත්දැකීමක් ඇති අයෙකු වේනම් ඔවුන්ගේ වේලාවට වැඩකිරීමේ තත්වය හිතා ගත හැක. ඔහුගෙන් ඒ පිළිබඳව විමසුව හොත් ඊට පෙර නායකත්වයද යනාධී වශයෙන් විධායකය තෙක් ඇඟිල්ල දිගුවේ. නමක් ලෙස ගත් විට රණසිංහ ප්‍රේමදාස වෙලාවට වැඩ කල මිනිසෙකි. එසේම එම කාලය තුල රටේ වෙලාවට වැඩ කිරීමේ පුරුද්දක් ඇති වෙමින් පැවතුනි. (මා කිසිදු දිනෙක ප්‍රේමදාස වෙනුවෙන් ඡන්දය පාවිච්චි කොට නොමැති බව අවධාරණය කරමි). ඝෝඨා බලයට පැමිණීම සමග මිනිසුන්බලාපොරොත්තු වූයේ රටේ මොනවා නැතත් විනය හැදෙවිය කියාය. සත්තකින්ම එම කාලයේ දිනපතා අගනුවර වැඩට ගිය අප කුඩා වෙනසක් දුටුවෝය! ඒ රජයෙන් පැනවූ එකක් නොව මිනිසුන් තුලින් ඇතිවූ ස්ව්‍යං විනයය! අද වන විට ඔවුන්ගේ රාජ්‍යපාලනය තුල පවතින විනය පිළිබඳව මාලියන්නට යන්නේ නොමැත. එනිසා පාලකයන්ගේ ස්ව්‍යං විනය ක් නොමැතිව පාලිතයින්ගේ ස්ව්‍යංවිනය පිළිබඳව සුරංගනා කථාවලට නොරැවටෙන්න.

      Delete
    2. එකඟයි. බලය හා ධනය පාලකයින් අතේ ඇතිවිට ජනතා ආකල්ප පමණක් වෙනස්කිරීමෙන් දිනාගත හැකිදේ සීමිතයි .

      Delete
  4. ඒ කෙසේ වෙතත් ඔබ දෙපලගේ පැමිණීමත් කියැවීමත් අදහස් එහා මෙහා කර ගැණීමත් පිළිබඳව මා ස්තූති වන්ත් වෙමි අර තුමාගේ නම සුනිල් ජී විජේසිංහ. ඔහු ජපානය සමග ඉතා කිට්ටු සබඳ තාවයක් පවත්වන විද්වතෙක්. ඔහු ගිය කිසියම් සම්මන්ත්‍රණයකදී ජපන් විද්වතෙක් වේදිකාවේ සිට රැස්ව සිටි අයගෙන් මෙම කථාව කියා "පුළුවං නම් රට මොකක්දැයි කියන්න!?" කීවේලු! සුනිල් මහත්තයා කට පුරා "ලංකාව" යනාදී වශයෙන් ඒ ඒ රටවල අය තම තමන්ගේ රටවල නම් කීවාට පසුව වේදිකාවේ සිටි ජපන් ජාතිකයා පිළිහුර දුන්නේලු! "ජපානය!"

    https://lk.linkedin.com/in/sunil-wijesinghe-8b042223

    https://en.wikipedia.org/wiki/W._Edwards_Deming


    ReplyDelete
  5. You are correct, Mr R Premadasa was kind of leader we should have now.

    You are talking about exceptional world leaders, they were not imported, they are selected by the country/people. Do we have a better one to choose today, if you have an election tomorrow?

    This thinking of politicians are taking all our money and therefor we are poor is wrong (yes,they costly)We as country do not produce enough goods/services to earn money $$$$s, we do not innovate. (Yes, that is a fault of each citizen) We do not differentiate hard working people, we call all rich people 'Kudu Business karayo'.

    Once Lee Kuan Yew was ask why do you pay so much for politicians (Singapore has highest paid politicians) KLY said if you pay in peanuts you only get monkeys and who want that.

    As a country we need to work/produce more and pay even more for politicians, police, govt service etc so that we get better people on the job. Wijebahu

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විජේභාහු මහත්තයා! අවසානයේ අප සියල්ලෝම බලාපොරොත්තු කඩවීමකින් පෙලෙන්නෙමු!

      Delete
    2. විජේබාහු මහතා වෙත,
      අපැහැදිලි ස්ථාන කීපයක් පිළිබඳව ඔබට දැනුම් දීමට අදහස් කළෙමි .
      ඔබ 'yes,they costly' යන්නෙන් අදහස් කළ දෙය නොතේරේ. එලෙසම 'therefor' යන වචනය එම ස්ථානයට ගැළපේද? therefor සහ therefore යන වචන වෙනස් තේරුම් ගෙන දෙන බව සමහරවිට ඔබ නොදන්නවා ඇත.
      එසේම 'Once Lee Kuan Yew was ask' යන්න Once Lee Kuan Yew was asked ලෙස නිවැරදි විය යුතු බව ඉංග්‍රීසිය වහරන ඔබ දැනගත යුතු නොවේද?

      මහත්මයා, ඔබ සිංහල බ්ලොග් වල ඉංග්‍රීසියෙන් අදහස් පලකරන බව (commenting) කවුරුත් දන්නා කරුණකි. නොයෙක් විට ඒ ඔබගේ අයිතියක් බවත්, ඔබට ඉංග්‍රීසියෙන් අදහස් පලකිරීම පහසු (comfortable) බවත් ඔබ පවසා තිබෙනවා දුටිමි.
      මේ ලියන මමත් ඒ බව ඉඳුරාම පිලිගනිමි. ඒ ඔබගේ අයිතියි.

      නමුත් මහතා, මේ සිංහල බ්ලොග් කරුවන් බොහෝ දෙනෙකුට ඉතා හොඳින් ඉංග්‍රීසි භාෂාව හැසිරිය හැකි බව ඔවුන්ගේ ක්‍රියාවන් වලින් පෙනී යනවා. ඔබගේ ඉංග්‍රීසි අදහස් දැක්වීම් වලට ඔවුන් සිංහලෙන් පිළිතුරු දීම ගැන සිතා බලන්න.
      දැන් මේ උක්ත බ්ලොග් සටහනේ ඇති කව් copy and paste ක්‍රමයට නොව නැවත මේ ලිපිය සඳහා විශේෂයෙන්ම සිංහලෙන් යතුරු ලියනය කර ඇති බව ඔබට තේරෙනවා ඇති. එවැනි සටහනකට සිංහලෙන් පිළිතුරු නොලියා ඉංග්‍රීසියෙන් ලිවීම මට නම් හැඟෙන්නේ රචකයා කෙරෙහි ඔබ කිසිම ගරුත්වයක් නොපෙන්වන බවයි. නොඑසේනම් 'අපි තමා පොරවල් ' ක්‍රමයේ ඉංග්‍රීසියෙන්ම වහරන සිංහල සමාජයේ සාමාජික බවක් ඔබ බලෙන්ම අපවෙත පෙන්වීමට අදහස් කරන බවයි. එය මනෝ ව්‍යාධියක් බවත් වෛද්‍ය රුවන් ජයතුංග වැනි මනෝ චිකිත්සකයෙක්ගෙන් ප්‍රතිකාර ගන්නේ නම් හොඳ බවත් මා ඔබට කරුණාවෙන් දන්වා සිටිමි.
      මහත්මයා, අනෙක් කරුණ ඔබේ අදහස් දැක්වීම රචකයා සමග කෙරුණත් එය මේ ලිපිය කියවන අනෙක් සියල්ලන්ටම වැදගත් වන බව ඔබ නොසලකා හරින බව යි.

      ඔබ සිංහල පරිගණක යතුරු ලියනය කරන්නට නොදන්නේ නම් කරුණාකර https://www.google.com/intl/si/inputtools/try/ වැනි මෙවලමක් පාවිච්චි කරන්න. නව තාක්ෂණය ඔබේ වයසට නොගැලපේ යයි කිසි විටෙක නොසිතන්න.
      නොඑසේනම් මහත්මයා කරුණාකර නිවැරදි ඉංග්‍රීසියෙන් ඔබේ අදහස් පල කරන්න.
      කරුණාකර අනුන්ට, විශේෂයෙන්ම රචකයාට ගරු කරන්නට ඉගන ගන්න.

      ඔබට ස්තුතියි.

      Delete
    3. Ano @10.10 PM
      Thanks for pointing out. Alright, my English is bad. I am was born in 1974 in rural Sri Lanka, not in Colombo during Shakespeare’s English generation.

      Sinhala writing is not rocket science to me, I am an IT project manager with AUS Federal govt here in Canberra, I am just lazy and mostly write in English using my office computer. Pl do not analyse the finger when you are shown the moon.

      As I said before, I will write my bad English until blog owner bans me.

      Delete
  6. කාලීනය අගෙයි; නියමයි වාගෙ දැනේ
    ඔබ වාගෙමයි, අදහස් තෙරපෙනුද දැනේ
    පළමුව වෙනස් විය යුතු කවුදැයි නොදැනේ
    වෙනසක් නොමැති නම් අපමය වැනසෙන්නේ!

    ඇරඹුම පහසු විය යුතුමය කොයි කාටත්
    ප්‍රතිඵල ඉක්මනින් දැකියැකි එක වැදගත්
    එබැවිනි යළි කියන්නේ ඔබ කී කරුණත්
    අරඹමු 'වෙලාවට වැඩ' කියනා රැල්ලත්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදී මහත්තයා!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...