අළුත් අවුරුදු උදාව සිදුවන්නට තවත් ඇත්තේ කෙටි කාලයක්.
සැමදාම වාගේ අදත් මෙසේ එළිදකින්නේ මා අන් බ්ලොග් පෝස්ටු යටින් ලියා තැබූ වැකි කිහිපයක්.
කෙවිළිය බිත්තර දමන්නේ කපුටු කූඩුවේය.
කොවුළ් දරුවන් ලොකු මහත් කරණ්නේ කපුටා හෝ කපුටිය විසිණි.
එය එසේ නම් කොවුළ් නදට හෙවත් කූජණයට කපුටාටද පරවේණියෙන්ම අයිතිවාසිකමක් ඇත.
එහෙත් අප කපුටාට දක්වන සැළකිල්ල!
එසේම මාගේ බර අවි වන් කොමෙන්ටු බිහිවූයේ අන් කැදැල්ලක් තුලය. එබැවින් මාගේ කොමෙන්ටුවේ කිසියම් රසයක් අර්ථයක් වටිනාකමක් වෙත්නම් ඉන් හරි අඩකුත් තරමක් හිමිවියයුත්තේ මුල් පෝස්ටුව ලියන ලද බ්ලොග් හිමි කරුටය. එසේ නම් නව වසරේ පටනගමු පසුගිය වසරේ නවතපු තැන සිටන්.
1.
http://tharurasi.blogspot.com/2019/06/blog-post_10.html
Monday ,June 10,2019
උඩුගම් බලා පිහිනන සංගීත හාමුදුරුවෝ
ThattayagekolamaJune 13, 2019 at 12:14 AM
අපේ රටේ භාවිතයේ ඇති ආගම් අතුරින් කිතුනු හා හින්දු ආගම් තුල නිරණ්තරයෙන්ම සංගීතය පවතිනවා.
එහෙත් කණගාටුවට කරුණක් බෞද්ධාගම හා ඉස්ලාම් ආගම් තුල සංගීත ව්‍යවහාරය ඉතා අවම මට්ටමක පැවතීමය. මෙහිදී බෞද්ධාගම තුල කෙසේවෙතත් බෞද්ධ සංස්කෘතිය තුලට; කිතුණු කැරොල් සංගීතයේ සෙවනැල්ල වැටී හෝ "බොදු බැති ගී" නම් වූ චූල සම්ප්රදායක් බිහි වූවද ඉස්ලාමය තුල එය වරනගනු මා කිසි කලෙක අත්දැකීම් කරගෙන නොමැත.
එහෙත් උත්තර භාරතීය රාගධාරී සංගීත මහා සම්ප්‍රදාය තුල සිටින බොහෝ සංගීතඥ්ඥයින් අතර බොහෝ මුසල්මානුවන් දක්නට ලැබේ.
හිංදි චිචිත්‍රපට පසුබිම් ගායකයින් අතර සිටි පද්ම ශ්‍රී සම්මානයෙන් පුද ලද මොහමඩ් රෆි, තලාද් මෙහ්මුද්, ෂම්ශාඩ් බෙගම්, ඒ ආර් රහ්මාන්, නෞෂාඩ්, සලීම් සුලෙයිමාන්, ෂකීල් බදායුනි, තබ්ලා වාදක පණ්ඩිත් සzකීර් හුසෙයින් ආදී මේ අතුරි කැපී පෙනෙයි.
බොදු බැතිගී සම්ප්‍රදාය බිහි වන්නේ බොහෝවිට දහම් පාසල් මූලික කරගෙනය.
දහම් පාසල යනු පන්සලද එහි වසන යතිවරයින් ගේ සෙවනේ හැදී වැඩෙන තවත්පන්සලේම දිගුවකි.
මෙම පන්සල තුල පවතින කිසියම් උත්සවයක් ගමවෙත් දැනුම් දෙන්නේ ගම පුරා ගමන් ගන්නා ත්‍රී වීලයක බැඳ ගත් යකඩ කටකින් උවද එම ප්‍රචාරනයේ කසකරු නො එසේ නම් මල් බයිසිකලේ වන්නේ මොහොදීන් බෙග් මාස්ටර්ගේ බර හඳින් ගැයෙන බුදු ගුණ වේ.
ශ්‍රී ලංකාව තුල මුල් කාලයේදී බොහොවූ සියළුම බෞද්ධ ගීත ගායනා කොට තිබුනේ මුස්ලිම් භක්තිකයින් විසිනි.
මේ සියල්ල සිදුවන්නේ බෞද්ධ ආචාර ධර්ම පද්ධතියකින් යම් පමනකට හෝ සංවර වූ (මතබේධ ඇති මුත්!) වටා පිටාවක් පරිසරයක වන විට ඒයට අනුගත වී කිසියම් විදියක භාවනාවක යෙදෙන යති වරයෙකුගේ දොසක් දකින්නේ කෙළෙසද?
Tharurasi FernandoJune 13, 2019 at 2:45 PM
වටිනා පැහැදිලි කිරීමක් ස්තුතියි.
ලාංකික මුස්ලිම් සමාජය මීට වඩා සාහිත්ය කලාවන් පැත්තට නැඹුරුවීම අත්යවශ්ය බව ඉතාම පැහැදිලියි. ආගම සහ ව්යාපාරවලින් ඔබ්බට යන තරුණ මුස්ලිම් ප්රජාවක් බිහිවීම හරි වැදගත් මේ අන්තවාදයන් පරදන්න නම්...
හැම කලාවක්ම ආගමෙන් පෝෂණය වුණා වගේ අද ආගම් කලාවෙන් ආලෝකයක් ලබනව නම් මේ මරාගැනිලි, බෙදී වෙන්වීම් ගොඩක් අඩුවේවි...
2. Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ
https://nidigepanchathanthare.blogspot.com/2019/06/blog-post_16.html
Sunday, June 16, 2019
මෝස්තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
ThattayagekolamaJune 18, 2019 at 11:26 AM
නිදී; කවුරුදො අර කවුලුවෙන් කිව්වේ ශාන්තී ගීත දේව. පස්සේ ඒක නැවත ගායනා කරලා විකුණුවා සනත් නන්දසිරි උන්නැහැ.කියලයි මටත් මතක.
ඔබ කියන්න ට්‍රයි කරපු සිංදුව "කවුද ආවේ කවුද ආවේ?" සිංදුවද කියලත් මට වෙලාවකට හිතෙනවා. කතාව පටන් ගන්නම් එතනින්.
ඒකාලෙ අබේ ලස්සන සිංදුවක් කිව්වා මතකද
"මං නැති දා - මේ රට ඔබටයි . . //" කියලා?
මට මතක ඔය සියල්ලම පාහේ ඔහු අතින් ගැයුනේ 70 දශකයේදී.
ඒ කාලේ බොහෝ ගුවන් විදුලි නාට්යවලට කුසුම් පීරිස් නෝනා වගේම නිරංජලාත් හඬ කැව්වා.
මට මතකයි අබේත් සමහර නාට්‍ය වලට හඬ කැවීමට සහභාගී උනා කියලා. (දොස් නම් එකෙන්ම නිදොස් කල මැන!) ඔවුන් ප්‍රෙම කීර්තිගේ ශනිදා සාදය හරහා ඔවුන් ගේ නැවුම් හඬ අපට සම්ප්‍රේශණය කලා.
ඔබට මතකද නිදී "වජිරා" ඒකෙ වජිරාට හඬ අවදිකලේ නිරංජලා නේද?
අබේ මියයන්නේ මේ ලෝකෙ කිසිම ගායෙකයකු මිය නොයා යුතු විදියට.
ඒක මේ දිනවල රෝද පුටුවකට සීමා වී සිටින සුමින්ද සිරිසේනගේ කථාවටත් වඩා දුක් බරයි.
අබේ මියයන්නේ කාලයක් කටහඬ නැතිව සිට!
අබේ ගේ වියෝවෙන් මාස ගනනාවකට පසුව ඇය ආවා මා සේවය කල ආයතනයට දුක් බර සිනාවකින් මුව සරසාගෙන.
මා සේවය කල ආයතනයට ඇය පැමිණ තිබුනේ ඇයගේ වීවා එලයිට් රථයේ කුඩා අඩුපාඩුවක් මග අරවා ගැනීමට.
ඒ ශාලාව තරමක විශාල එකක්.
ඇය වට පිට බලද්දීම: මා ඇය පිළිබඳව තරමක විමසිල්ලකින් සිටින බව දන ගන්නට ඇති.
ඒ නිසානේ අය අහිංසක දුක්බර සිනහවකින් මාහට සංග්රහ කරණ්නට ඇත්තේ.
මගේ ආසනය හා මේසය තිබුනේ මේ ශාලාවේ එක මුල්ලක. මගේ දකුණු පසින් සමන් අයියා.
සමන් රත්න සේකර.
ඔහුත් රසවතෙක්.
මම ඔහුව ඇමතුවා . . !
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
. . . . . . . . . . . . . . . . . . . . .
"පොඩ්ඩක් හිටපං කො . . !"සමන් අයියා කිව්වා.
මුළු ශාලාව ඇතුලටත් වැඩහල සිසාරාත් කතා කල හැකි ඇමතුම් පද්ධතිය තිබුනේ සමන් අයියා බාරයේ. මම සමන් අයියාට තමා ගැන යමක් පැවසූ බව ඇය දකින්නටත් ඇති.
සමන් අයියා තමන්ගේ යටතේ හිටිය අන්තේවාසික කොල්ලෝ දෙතුන් දෙනෙකුට කතා කරණු මා දුටුවා.
ඒත් තවමත් ප්රථිඵලය නිහඬ බවමයි.
තවත් ටික වේලාවකින් පෙනයක් හෙවත් පෙන් ඩ්‍රයිව් එකක් එකක සමන් අයියාට ලැබුනා.
"කවුද ආවේ . . . .කවුද ආවේ . . . . . // " (අබේගේ ගැඹුරු හඬ)
"ඔබට හොරා ඔබ හදේ රැඳී උන්
මිනිස් රුවයි ආවේ . . . . . " (නිරංජලාගේ ලයාන්විත ප්රේමණීය හඬ)
ගීතය ඇරඹිනි . . .
කාර්‍යාලයේ පමනක් නොව අක්කර හතක මුළු මහත් වැඩහල පුරාවට ඒ ලයාන්විත ස්වර ගායනා යුග්මය ගලා ගියේය.
මිනිස් හදක් නැති මහ මදුරක් විය
තනි මිනිසෙකු වසනා . . . .
පාලු මකන්නට ඒ මහ මැදුරට
ආවෙමි දුර ඉන්නදලා . . . .
ඇය දෑස් වසා ගෙන සිටිමින්ය . . .
සදා නොදැල්වෙන මිණි පහනක් විය
ඝනඳුර මැද රඳනා . . .
සදා අවුළුවමි එවන් පහන් සිල
රන්වන් රූ මවනා . . . . .
ගීතය නිමාවිය.
අත වූ පසුම්බියක රැඳි කුඩා අත්ලේන්සුව ඇය නෙතින් තෙත් විය. ඇයගේ මෝටර රිය හා සබඳි කටයුත්ත නිමාවී යන්නට නැගිට ගත්තීය.
සෙමෙන් සෙමෙන් පියවර නගමින් පැමිණ මා අසල නැවතුණි.
"බොහොම ස්තූතියි . . !"
නිරංජලා මගේ ඇස් කෙවෙනි නොදකින්නට ඇති!
3.
කොළඹ ගමයා
https://kolambagamaya.blogspot.com/2019/03/49_23.html
Saturday, 23 March 2019
ප්රථම ප්රේමය ඔබ නොවේ (52) - ඉරණම අප එක්කළේ නැත
Thattayage Kolama24 March 2019 at 03:39
කලකට පෙර රස විඳි සෝවියට් කෙටිකතාවක් වාගෙයි.
අතිශයින්ම සුන්දර ලියවිල්ලක්!
ඔබ මේ ලිවීම තුල තැනෙක ප්රශ්ණ කරණවා ප්‍රේමය මේ කියන ලෙසින්ම භයානකදැයි කියා?
මා සිතන විදියට එහි අපූර්වත්වයත් එයමැයි.
බුදුන් වහ්න්සේ කිසිදු තැනෙක ප්රේම නොකරණ සමාජයක් ගැන දේශනා කොට නැහැ.
ප්‍රේම නොකිරීමටවත් ආදරය නොකිරීමටවත් ඉන් එහා ගිය කිසිදු පුද්ගල සඹඳතාවයන් වලට නො එළඹෙන ලෙස පවසා නෑ.
නමුත් බැඳීම ඇරඹීමත් සමගම වියෝවද ඇරඹෙන බව තෙරුම් ගැනීමයි විය යුත්තේ.
වියෝවේදී අප පෙලන දුකේ මුල බැඳීම නො එසේ නම් ප්‍රේමයම බව තේරුම් කර දීමටයි උන් වහන්සේ එසේ දේශනා කොට ඇත්තේ.
කෙසේ වෙතත් දූපත් මානසිකත්වයක් තුල අප දකින ප්රේමය ආදරය ලිංගිකත්වය වැනි කාරණා වලට ලැබෙන්නේ හරිම අඩු ලංසුවක්.
ඒවා බොහෝ සෙයින් පුරුෂ පරමාධිපත්වය ඉදිරියේ වෙන්දේසි වන කාරණා!
බොහෝ පිරිමින් හට කෙල්ලක් ගැහැනියක් යනු හෙඩ් කවුන්ට් එක වැඩිකර ගැනීමේ අවස්ථාවක් පමණයි.
ප්‍රේමය යනු ලිංගිකත්වය නොමිලේ ලබා ගන්නට හැකි පහසුම මග කියලායි වැඩි දෙනා හිතන්නේ.
Ajith Dharma.26 March 2019 at 22:47
ස්තූතියි //බුදුන් වහ්න්සේ කිසිදු තැනෙක ප්රේම නොකරණ සමාජයක් ගැන දේශනා කොට නැහැ.// මා මෙහි පවසන්නේ මිනිසුන් ඒ කිවූ දෙය වටහා ගන්නා ආකාරය ගැනයි.
බටහිර රටක හෝ සෝවියට් දේශයේ ගැහැනියක හා පිරිමියකු කතාබහ කරමින් සතුටෙන් ගත කරන කාලය තුල ඕනෑම අවස්ථාවක ඔවුන් ලිංගික සම්බන්ධතාවයකට එළඹිය හැකියි.
එසේම එසේ නොවී හොඳ යහළුවන් මෙන් සිටිය හැකියි. ඒවත් එක්තරා විධිහක බැඳීම් වුවත් ඒවා තාවකාලිකයි.
වෙන්වීමේදී දුකක් වේදනාවක් නැහැ. එක්ව සිටීමේදී ලැබූ සතුට පමණක් ශේෂයක් ලෙස ඉතිරි වෙනවා
4. විකල්ප
https://www.vikalpa.org/?p=35180
http://iranga.net/?p=2026
Iranga.net
නිදහස් සිතුවිලි අවකාශය
සරසවි තුළ ලිංගික ක්රියාවලට එරෙහි ඊර්ෂ්යාව හා කොන්ඩම් භීතිකාව
Thattayagekolama Blogspot
රෝමියෝ ජුලියට් ගත්තත් සාලිය අශෝක මාලා ගත්තත් ඔවුන් ලද ඇසිල්ලේ ලිංගිකත්වයට සම වැදෙනු ඇත.
බොහෝ අය තමා මෙලොවට ජනිත වීම සඳහා තම ආදරණීය මව; තම ගෞරවණීය පියා සමග යහන් ගතවූ බව පිළිගන්නට මැළිවෙති. එසේම එය; අද තමා රස විඳින හෝ දැක බලා ගන්නා විචිත්‍ර ක්‍රියාකාරකමක් ලෙස සිතන්නටවත් අකමැතිය.
මන්ද ඔවුන් තම දෙමව්පියන් වන බැවිනි!
මිනිසුන් බොහෝ විට සිතන්නට කැමති වන්නේ තමා විඳින්නට කැමති දේමද?
ටී වී චැනලයක මුවකු පසුපස හඹායන යෝධ බිළාලයකු දෙස අප බලා සිටින්නේ කුමන සිතු විල්ලකින්ද?
එය මා දකින්නේ මහත් අභිරුචියකින් දුම්රිය අනතුරක්, ස්වභාවික ව්‍යවසන බලන විට මිනිසුන්ට විඳින හැඟීම මෙන්ය.
ඔබ දක්වා ඇති සිද්ධියද එලෙසමයය!
කෙතරම් සභ්‍යත්වයට ලංවීමට උත්සාහ ගත්තද තමා තුල ඇති පරිනාමය නොවූ අදහස් තමා කෙරෙණ් දිස් වන්නේ තමාටද හොරෙණ්ය.
තරුණියක අනපෙක්ෂිත ගැබ් ගැනීමක් දරා ගත නොහැකිව සියදිවි හානි කරගත් හොත් "මෙච්චර එකේ ඔය වැඩේ ඔහොම නොවෙන්න කර ගන්න දන්නැද්ද?" කියා දෙස් දෙවොල් තියන්නට පෝලිම් ගැසෙති. එහෙත් ඊට පූර්ව විසඳුමක් ලභා ගන්නවාටද ඔවුන් කැමති නොවේ.
මාර්ඝ අනතුරක් දුටු සැනින්; අනතුර කර ගත්තවුන් හට බැන වැදුනද එතැන වරුවක් උවද බලා සිටිමින් රස විඳින්නට එම පිරිසම පෝලිම් ගැසෙති.
මම වරක් පසුගියදා මරා දැමුනු ලක්බිම පත්තරේ; රිද්ම සප්ලිමන්ට් එකට ලියූ "මංජුලගේ දිනපොත" ට මෙවන් කෙටි කතාවක් ලිව්වා.
හංදියෙ කඩෙන් හොරෙන් කාලා යන්න හදපු එකෙකුට මුදලාලියි, කඩේ එවුනුයි, වටේ ඉන්න එවුනුයි අම්බානක නෙළලා!
මදි පාඩුවට මුදලාලියා "බඩගිනි නම් කියන්න තිවුනා . හොරෙණ් කන්නෙ නැතිව! " කියලා මාර ටෝක් එකක දෙනවා.
"ඔන්න දැන් බඩගිනි එව්වො ඉන්නවානම් මුදලාලිට කියලා කැමති දෙයක් අරණ් කාපල්ලා!" කියලා එතන හිටිය ත්‍රී වීල් පාක් එකේ එකෙක් කාටත් ඇහෙන්න කියපි!
5.
https://shanu1987.blogspot.com/2019/06/113.html#comment-form
Thursday, June 20, 2019
113. කිඹුල් සින්දු
ThattayagekolamaJune 21, 2019 at 11:34 AM
මෙන්න කතා!
අර කිව්වා වගේ නාන කාමරේදී "රාජ සඟබෝ පිටදි දුගියාටා - නාන කාමරේ . . //" කියලා කෑගහන මොළේ මඥ්ඥං පොරක් මාත් කණ්නාඩියෙන් දැකලා තියෙනවා.
මම එක පාරක් දැක්කා කොහේ හරි ලියලා තිබුනා; හැම එකාටම සිංදු කියන්න දන්න එවුන් ඉන්න එකම රට අපේ ලංකාද්වීපයම මයි කියලා.
සමහර ගායක ගායිකාවෝ කියන අංජබජල් සිංදු හා කියන විදිය දැක්කාම අපි හොඳයි කියලත් හිතෙනවා.
මම ගුටි කන්න බලා ගෙන ඒ ගැනත් කියන්නම්.
අහලා බලන්න සුනිල් එදිරිසිංහ එයගෙ"ඇසුවේද කවුරුණ්හෝ ඔබෙන් . . " ඔරිජිනල් සිංදුව.
මේ කියන්නේ මුල්ම ගායනය ගුවන් විදුලියට කල! ඒකෙ අන්තරා කොටසේ "විඳි වේදනා - සතුටින් දරා - පැරදී ගියේ - කවුදෝ එයින් " කියන එකේ නියමිත රිද්මය නෑ!
නිකං අන්තිම බස් එක මිස්වෙලා කනත්ත ගාවින් පයිං යන ගමන් කියනවා වගේ හදිසියක් තමයි පේන්නේ.
එකසිය ගානට විස්වාසයි ඔයාට කියන්න පුළුවන් ඊට හොඳට.
එයාම නිකං ඉන්න බැරුවට අමරදේව උන්නැහැ එක්ක කියනවා "පටු අදහස් නම් . . " ගීතය.
අනේ ඒකත් නානවා රජයේ ඇමතියෙක් ගානට. හොඳින් අහන්න - බොරු නම් කියන්න!
අමරදේව මාස්ටර් එක්ක නනදා මාළණී ගෝකුළ අළුත් සී ඩී තැටියකට කියනවා අර "මුණි සිරිපා සිඹිමින්නේ . . . " ගීතය.
නන්දාගේ පිච් එක අවුට්! මට මතක විදියට මේ සීඩී එකේ මුලට තියෙනවා කරුණාරත්න අමරසිංහගේ එළකිරි වන් හඳුන්වා දීමක්.
අනේ එක දියාරුවෙනවා මේ ගීතය අසද්දී.
සෝමතිලක ජයමහ මමත් කැමති ගායකයෙක්. ඒත් කොයි එක බැලුවත් එකම තනුවකට වචන වෙනස් කරලා වගේ.
අමරසිරි පීරිස්:
ඕනෑම එක සිංදුවක් අහන්න පුළුවන්.
අනෙක් සියල්ල මළගෙවල් වල යශෝධරා වත කියවනවා වගෙයි. ඔහුගේ දෙපාරක් අහන්න පුළුවන් එකම සිංදුව "ගොවියාගේ හිත මිතුරා - ලංකෙම්" කියන එක විතරයි.
අනෙක් සියල්ලම වාගේ ශෝකාලාප!
ඔන්න ඒ කාලෙ හොඳ ගායකයෙක් හිටියා අතුල සෝමසිරි කියලා. එයාට ලස්සන කතාවක් හදලා තිබුනා.
මේ කතාව මං ඇහුවේ බී.බී.සියේ චන්දන කීර්ති බංඩාර ගෙන්.
මම එයා කියපු විදියටම ලියන්නම්.
"ඔන්න බං ඔය ගායකයෙක් ඉන්නේ අතුල සෝම සිරි කියලා.
පොරට ඕන උනාලු හොඳ සිංදුවක් කියන්න.
මොකද බුවා කියල තියෙන්නේ
'උඩහ ගෙදර රං එතනා දෝතට දිය බොයි !' කියන එකනෙ.
ඉතිං මෙයා ගියාලු දවසක් උදේම ප්රේමසිරි කේමදාස මාස්ටර්ව හම්බෙන්න හොඳ සිංදුවක් හදා ගන්න.
ගිහින් එයාගෙ අවශ්යතාවය කිව්වාම මාස්ටර් කිව්වලු "තමුසෙ එන 26 වෙනිදා අහවල් තැන ස්ටුඩියෝ ඒකට එනවා.
එදාට රෙකෝඩින් එකක් තියෙනවා. මෙන්න මේ සිංදුවත් බලාගෙන. නොටේශන් එකත් මේං. ඔය සිංදුව යන්නේ 'නර නා නා . . . . නරේන ආආආ නානා නානා' වගේ පොඩ්ඩක් බලාන එනවා. මේක මේ කතාවේ කොල්ලගෙ අම්මා මැරිලා කොල්ලා කියන දුක්බර ගීතයක්. හොඳට හැඟිම් බරව ඇතුළින් එන්න ඕනෙ. හරි!?" කියලා මාස්ටර් අතපය අඹරවලා කිව්වාලු.
ඉතිං මචං අපේ ගායකයත් කොලේ බෝම පරිස්සං කරණ ගෙදර ඇවිත් 'නර නා නා . . . . නරේන ආආආ නානා නානා' සීන් එකේ සිංදුව දවසට දෙතුන් පාරක් කියව කියව ඉඳලා අදාල දවසේ රෙකෝර්ඩින් එක කරණ ස්ටුඩියෝ එකට ගියාලු.
මාස්ටර් යකා වගේ එහෙ මෙහේ දුව දුව ගේමලු.
ඔකෙස්ට්රා එක ඒක ගහනවලු මේක ගහනවලු එක කෙලියයි ලු.
ඔය සීන් එක ඔහොම යන අස්සේ අපේ අතුල සෝමසිරිත් රිංගුවා කියහංකො දොර ඇරගෙන ඇතුලට.
ගිහින් ටිකක් එහේ මෙහේ වෙනකල් ඉඳලා මාස්ටර් ට කිට්ටු කරලා
"මාස්ටර් මම ආවා . . . ." කියලා . . ටිකක් වෙලා යන කොට මාස්ටර්ට මේ කවුද කියලා මතක් වුනා කියමුකෝ.
"හරි! කියනවා බලන්න. කෝ අර අම්මා මැරෙණ සීන් එකේ සිංදුවේ නොටේශන් එකේ ඉන්ට්රො එක ගහන්න ගන්න. නර නා නා . . . . නරේන ආආආ නානා නානා හරිනෙ"
මාස්ටර් ඔකේස්ට්රා එකට කියලා වැඩේ පටන් ගත්තලු.
ඔකේස්ට්රා එකත් සිංදුවේ ආරම්භක සංගීතය ගහන්න ගත්තලු.
මාස්ටරුත් ආවේස වෙච්ච කපුවා වගේ අතපය අඹරෝල මියුසික් කෑල්ල නැවතෙන කොටම අපේ ගායකයා දිහා බලලා අත්දෙකෙන්ම සිංදුව පටන් ගන්න සිග්නල් එක දුන්නලු. අතුල සෝමසිරිත් පටන් ගත්තලු.
"...................................................................................................."
"හෝව්! හෝව්!! ඔහොම නෙවෙයි අයිසෙ ලයාන්විතව කියනවා මේක මේ මලගෙයක බැග්රවුන්ඩ් එකේ ප්ලේ වෙන්නේ!" මාස්ටර් කෑ ගැහුවලු.
අනේ අතුලත් තව දෙතුන් පාරක් ට්රයි කලාලු.
ම්හු! අතුල සෝම සිරිට උගෙ බර හඬින් ඒ සිංදුව කියන්න බැරි උනාලු.
ඒ පාර මාස්ටර් අතුලට කිට්ටු කරලා මෙහෙම කිව්වලු.
"තමුසෙ එන 26 වෙනිදා මෙතනටම එනවා. එදාටත් රෙකෝඩින් එකක් තියෙනවා. එදාට තියෙනවා යකාගෙ අම්ම මැරිලා යකා කියන සිංදුවෙ රෙකෝඩින් එක. තමුසෙ ඇවිත් ඒක කියලා යනවා . . " කිව්වාලු!
ගනං ගන්න එපා මේවා සියල්ල රසවත් කථාන්දර විතරයි.
කරුමෙක මහත කියන්නේ මමත් හිතාන හිටියේ මටත් සිංදු කියන්න පුළුවන් කියලා ලඟදි අහං හිටපු කෙනෙක් "අපෝ . . . . " කියන තුරා!
6. කඩදාසි කොලේ
218 සුහදිනියේ - 21 / සතුරන් සමග එළිපිට සටනට
https://kadadasikole.blogspot.com/2019/06/218-21.html
ThattayagekolamaJuly 2, 2019 at 12:38 AM
සිංහල නවකතා අතර වඩත්ම පැටලිලි සහගත නවකතාව ඩබ්ලියු ඒ ද සිල්වා මහතාගේ "හිඟන කොල්ලා" නව කතාව යැයි මා සිතමි.
එය කොටින්ම "ලැවරියා" එකකි.
එහෙත් සිල්වා මහතා එම ලැවරියාව සෑදීමට යොදගත් ඉඳි ආප්ප රැලි එකින් එක දිග ඇර මේසය මත තබයි.
කතාවක්; කියවන්නා වෙත පැටලිය හැකි ක්‍රම දෙකකි.
ඉන් පළමු වැන්න තමන්ගේ හිතේ තියෙන දේ හරියට කියාගන්න, ලියාගන්න බැරිව සිදුවන ව්‍යාකරණමය පටලැවිල්ලය.
බොහෝ ලියන කියන අය වෙතින් සිදු වන්නේ මෙවන් පටලැවීම්ය.
"හෙන්රි ගායක අන්ධ කල්දේරා"
"රුවන්පුර නිවන් දොරටුව විවර වේවා"
"මහා වෙසක් බත් දන්සැල"
වැනි වැකි ලියැවෙන්නේ මෙනිසාය.
තවත් ලේඛකයින් තම කතාව වඩාත් රසවත් කිරීමට මහත්සේ පටලවා අවසානයේ එම පැටලැවිල්ල තමාටම ලෙහා ගැනීමට නොහැකි වන අවස්ථාද ඇත.
මෙසේ ලියද්දි මට මෙසේ පටලවුනු කතාවක් මතකයට එයි.
එයද මෙහිම ලියා තබන්නම්.
එක් ගමෙක සිටි පාදිලි උන්නාන්සේ කෙනෙක් නොහොත් සිංහලෙන් කියනවා නම් ෆාදර් කෙනෙක් තම පල්ලියේ පූජාව පැවැත්වීම සිදුකරද්දී එයට සහභාගී වූවන් ඉතාමත් මන්දෝත්සායී ලෙස ඈනුම් අරිමින් ඔලුව කසමින් සිටිනු දැක; වෙනත් ගමක ඉතාමත් රසවත් ලෙස පූජාව පවත්වන ෆාදර් කෙනෙකු මුණ ගැසී උපදෙසක් පැතුවේලු.
1. ෆාදර්: හැබෑටම ඔබ කොහොමද මේ පූජාවට පැමිණි අයගේ අවදානය තමා කෙරෙහිම පවත්වා ගන්නේ?
2.ෆාදර්: ඔබ පූජාව කරගෙන යන අතර තුර ඔවුන්ගේ අවදානය වෙනතක යොමුවී ඇති බව දැක්කාම ඔබ පවසන්න ඔවුන් වික්ෂිප්ත වෙන යමක්. "ඊයේ රාත්රිය මා ගත කලේ වෙනත් කාන්තාවක් සමග එකම යහනක!" වගේ එකක් කියන්න. එවිට පූජාවට පැමිණි වුන් කලබල වෙලා නිදිමත පැත්තක දාලා ඔබ දිහා බැලූ විට ඔබ පවසන්න "ඒ වෙන කිසිවෙකු නොවේ. මගේ ආදරණීය අම්මා!" කියලා.
උපදෙස් ලබාගත් පලමු පාදිලි තැන පසුවදා යෙදුණු ඉරිදා උදෑසන පූජාවේදී තමා පෙරදින ලබා ගත් උපදෙස් අනුව ක්‍රියා කිරීමට සිතා මහත් උස් ස්වරයෙන් මුළු මහත් ශාලාවටම ඇසෙන්නට "ඊයේ රාත්රිය මා ගත කලේ වෙනත් කාන්තාවක් සමග එකම යහනක!" යැයි කීවේය. එක වරම රැස්වූවන් අතර ඇති වූ අනපේක්ෂිත වික්ශිප්ත භාවය, මුර ගෑම, දත් කූරු කෑම, ඇනුම් පද, සෘජුවම නැගුනු විරෝධය හමුවේ දෙවනුව පිරිස වෙත කියන්නට උගෙන ගත් වැකිය අවාසනාවන්ත ලෙස අමතකවී ගියේය. ඔහු එනිසා පැවසුවේ "ඒ කවුද කියන්නට මට දැන් මතක නෑ!" කියාය.
එසේම රහස් පරීක්ෂක කතා පටැලවීමට අපටත් හැකිය. එහෙත් කරුමෙට වෙන්නේ පාදිලි තුමාට මෙන් අවසානයේදී "ඒ කවුද කියන්නට මට දැන් මතක නෑ!" කියා ලැජ්ජාව බැරල් එකෙන් වසාගෙන කතාව අමතක කර දැමීමටය!
එසේ කතාවේ පටලැවිල්ල ලිහා අප ඉදිරියේ තැබීමට යා යුතු මග ලිඛිතාහට අමතක නොවේවා.
එකල ගුවන් ගතවූ පරසිදු රේඩියෝ නාටකයක් වූ "මුවන් පැලැස්ස" චිත්‍රපටයට නැගීමට අවසානයක් හදා ගැනීමට; ගුරුන්නාසේ ම විසින්; කඳ කලවා පලා හෙණරාජ තෛලය ඇතුළු කොට තිබුණු "කදිරා" ව මරා දැමුවේය.
ඒ කතා අවසන් කරණා තවත් සුවිශේෂී ක්‍රම වෙධයකි.
එවන් අකල් මරණයකට මධුලිකාව, තීක්ෂණ ඇතුළු කිසිවෙකුට අත් නොවේවා!
7. කඩදාසි කොලේ
223 සුහදිනියේ - 26/ තීරණාත්මක වටාපිටාවක්. මධුලිකා කුමක් කරයිද?
https://kadadasikole.blogspot.com/2019/08/223-26.html
ThattayagekolamaAugust 6, 2019 at 11:40 PM
අප විසින් ගඟක් දිගේ කරණා ගමනකදී හෝ ගං ඉවුරක ගත කරණ රාත්‍රියකදී ගමන් සගයන් කිහිප දෙනා සමග කෙරෙණ සුන්දර කතා බහට උත්තේජනයක් ලෙස තොල සප්පායම් වන මධුවිත පිළිබඳවද; තීක්ෂණ හා විරංග තොලගාන සීතල බීර වීදුරුව පිළිබඳව දක්වන සම මෙතම දක්වන්නේද? "අයිස් මෙන් සීතල බීර මගේ ගත සිසිල් කරමින් මුව තුලින් සිරුර පුරා අමුතු ආනන්දයක් ඇතිකරනවා මෙන් මට දැනුනි."
දිනයේ අවසන සියළු ගැහැට අමතකව දියව යන්නට තීක්ෂණ පානය කරණ බීර වීදුරුව ගැන ඔබ ලියා ඇති වර්ණනාව තුල ඔබ ඒ පිළිඹඳව මනා පරිචයකින් සමන් විත බව පෙනේ?
එය එසේද?
මෙතරම් කාලයක් ඉක්බිතිව හෝ තීක්ෂණගෙන් උනුසුම් හාදුවක් ඉල්ලාගත් මධුළිකාට හද පිරි ස්තූතිය. මම ඒත් බැලුවා තීක්ෂණ මෙතරම්ම මෝඩයෙක් දැයි කියා!?
ලිඛිතාAugust 8, 2019 at 1:16 AM
රහමෙර පානය කරන, ජිවිතේ බරක් පතලක් ගැන මෙලෝ විචාරයක් නැති කොල්ලෙක් විදියට ලියන කතාවකදී, ගහෙන් ගෙඩි එන්නා වගේ ලිව්වහැකිද රහමෙරේ තියෙන බරබරේ? මෙයත් ඉතින් විසිල් ගහගෙන දුවගෙන එන්න ඇති! හුහ්..
ගඟේ පැත්තක ඉඳල හැලි අරක්කු බොන උන්ට මම නම් කියන්නේ කිඹුලම කන්ටය කියල!
මෙච්චර මටගාන්න උනේ ඉතින් ඒ ළමයාගේ තිබ්බ ආදරේ හින්දනේ! තමන් ඉතසිතින් ආදරේ කරන කෙනෙකුගේ ඇඟිල්ලෙන් අල්ලන්නත් සෑහෙන වලියක් දාන්න වෙනවා හිතත් එක්ක.
කුකුල්ලු කන්න හිවල්ලු කඩාගෙන පනිනවා වාගේ නෙවෙයිනේ. තීක්ෂණ ඇත්තටම මෝඩද?
ThattayagekolamaAugust 9, 2019 at 11:03 PM
මා අගින්ම පටන් ගන්නම්!
තික්ෂණ කියන චරිතය ඔබ ගොඩ නගා තිබෙන ආකාරය තුල ඔහු තුල කිසියම් විනෝද කාමී බවක් පෙන්නුම් කෙරෙණවා.
මෙහිදී මම ඔහුව හැඳින්වීමට "සල්ලාළ" කියන වචනය තෝරා නොගැනීමට ප්‍රවේශම් වෙනවා.
ඔහු ස්ත්‍රී ලෝලියකු විනා සල්ලළයෙකුසේ ඔබ ගොඩ නගා නැත.
ප්‍රේමය, ආදරය නමැති කුල්ලට මුවාවී ස්ත්‍රී සේවනයේ යෙදීම ඔහු විසින් කල බවක් මෙහි ගම්‍ය නොවේ.
ඔහුගේ සිත තුල මධුළිකා මුද්‍රා තබා ඇත්තේ ගෞරවණීයත්වයක්.
එම ගෞරවණීයත්වයට හේතු භූතවන කාරණා කිහිපයක් ඔබ විසින් ලියා දක්වා ඇත.
ඇගේ මනා රූ සපුව තුලින් මතුවන පෞර්ෂය, ආඩම්බරකාරී හැසිරීම, ඇය පිළිබඳව තීක්ෂණ ඇතුළු අනෙකුත් සමකාලීනයන් තුල ඇතිවී තිබුණු උනන්දුව හා ඉල්ලුම වැනි කරුණු ගෙන හැර දැක්විය හැක.
"ලෝකයෙ සිටින සියළුම ගැහැණුන් උපතින්ම රූමත්ය!
බොහෝවිට සිටින්නේ තම රූ සපුව පවත්වා ගැනීමට නොදන්නා අයය!" කියා කියමණක් ඇත. මෙහි යම් සත්‍යතාවයක් පවතී.
එනිසාම නොවේද සෑම ගැහැණියකම තම සහකාරිය, පෙම්වතිය, බිරිඳ ලෙස තෝරා ගැනීමට පිරිමියක මෙලොව කොයි දීපංකරේ හෝ වසන්නේ?
උපතින් කාන්තාවක් ලබන රූසපුව සාපේක්ෂ ගුණාංගයක් ලෙස පිළිගත්තද: කලින් කල එහි නිරපේක්ෂ ඒකක තිබී ඇත.
යුරෝපයේ "මරිය තුමී", "බ්‍රිතාන්‍යයේ රජ පෙළපතේ චරිත" කලින් කලට නිරපේක්ෂ ඒකකය ලෙස තෝරාගෙන ඇති බව මීට පෙරද මා ලියා ඇත.කලකට පෙර මෙරට හය හතර නොතේරෙණ ළපැටියාගේ සිට ආච්චි, ආත්තම්මලා පවා "ඩයනා කට්" කපන්නට ඇත්තේ ඩයනා නිරපේක්ෂ ඒකකය යැයි ගත් නිසා නොවන්නේද?
අපරටේ වුවද "රුක්මණී දේවි", "මාලණී ෆොන්සේකා" කලින් කල එසේ තෝරාගත් නිරපේක්ෂ ඒකකයන්ය. (කඩවසම් බවට ගාමිණී, විජය තරාදි පඩියට ගත් බව මාහටද මතකය!)
මෙසේ ලබන හෝ ලබා ගන්නා හෝ මැණෙන රූසපුව යලිදු වර්ගී කරණයකට භාජනයවේ. "අහිංසක ලස්සන", "සරාගී සුරූපී බව" ආදී වශයෙන් වෙන් වෙන් වන්නේ එම වර්ගී කරණයය.
මෙහිදී තවත් අල්පයක් වන කාන්තාවන් සුරූපී වන අතර ඔවුන් කෙරෙණ් දිස්වන්නාවූ පෞර්ෂයක් පිළිඹිබුවේ.
මේ පිළිබඳව කෙස් පැලෙන තර්ක දහසක් ඉදිරිපත් කල හැකි වුවත් එවන් පිළිඹිබුවක් කාන්තාවන් කෙරෙණ් මා දැක ඇත.
කටහඬ තුළින්ද මා එය අසා ඇත!
අපගේ කතා නායිකාව මධුළිකා තුලින්ද දැක්වුණු සුරූපී බව එවන් පෞර්ෂයක් හා මිශ්‍රිත එකක් නම් තීක්ෂණ පසු බැසීමට හේතුවක් විය හැක.
අනෙක් අතට ඕණෑම පිරිමියකු තම සිතෙඟි ඉටුකර ගැනීමට පෙර "මුට්ටිය" දමා බලයි.
එම මුට්ටිය දැමීමට තරම් සිදුරක් නොවුන හොත් ඔහු සිදුර ඇති වන තෙක් කල් බලයි!
මධුළිකා තම චරිතය තුල එවන් සිදුරක් ඇති නොවීමට සියළු කල්හිම උත්සුක වේ. එය කාන්තාවක් තුළින් දිස් විය යුතු ගුණාංගයක් සේ; මා පෞද්ගලිකව දකිමි!
තමා කෙතරම් අසීරු අවස්ථාවකට පත්ව සිටියද ඇය තම පුද්ගලිකත්වය සිදුරු නොවීමටත්, කිසිවෙකුට සිදුරු කිරීමටත් ඉඩ නොතැබිය හැකිලෙසත් හැසිරීමක යෙදී සිටියාය.
මෙවන් චරිත පියදාස සිරිසේණයන්ගේ පොත්වල සිට කරුණාසේණ ජයලත්ගේ නවකතා දක්වාම අප කියවා ඇත.
පියදාස සිරිසේණයන්ගේ රොසලින් මෙන්ම ගොළු හදවතේ ධම්මි, ගැහැණු ලමයි හී කාන්ති (මට මතක ලෙසට) එවන් පරමාදර්ශී චරිතයන් වූහ.
නව ඩිජිටල් ලිවීම තුල එවන් පරමා දර්ශී චරිත දොරමුල්ලට අතුගෑවී ගොස් ඇත.
ඔබගේ ලිවීම් හා කාව්‍ය තුලින් ද මා එය දැක ඇත.
"අනේ මා සිප ගන්න!" "අනෙ මාගේ ඇඳුම උනන්න!" කියා ලිවීම "නිදහස් ලිවීම" යැයි බොහෝ දෙනා සිතති.
එය එසේ නොවන වගට මාගෙන් කිසිවෙකු උදාහරණයක් දක්වන ලෙස ඉල්ලා සිටිය හොත් "නිදීගේ පංචතන්ත්‍රයේ" සිට ලියාගෙන යාහැකි අත ලොස්සක් වෙයි.
මෙවන්; අවකාශය තුල ලියැවෙන ඩිජිටල් ලිවීම තුල ලියමින් පරමාදර්ශී චරිතයක් ගොඩ නැංවීම තම ලිවීම නොකර ගනිමින්; එහෙත් සිදුරු නොවූ මෙන්ම සිදුරු කල නොහැකි චරිතයක් ජීවත් කරවීම අසීරු කටයුත්තකි! ඔබ එය ජයගෙන ඇත!
එය හුදෙක් මනෝමූල චරිතයක් නොවී විශ්වසණීයත්වයකින් යුතුව වැළඳ ගත හැකි අයුරින් ඉදිරිපත් කිරීමට ඔබ සමත් වී ඇත.
"දැන් නම් ෂුවර් එකටම සියල්ල ඇරඹෙණු ඇත!" යැයි; ජාගර සිතකට කුමනහෝ ලෙසකින් නොසිතෙන "කබර හමක්" ඔබ මධුළිකා වෙතට ලබාදී ඇත.
හිතුවාට වඩා ලියැවුනා!
මධුළිකා සතු ආඩම්බරකම පිළිඹඳව මා කතා නොකරමි!
තරුණයකු විසින් තම සිත් ගත් තරුණිය දඩයම් කර ගැනිමට විවිධ විවිධ වූ උපාය මාර්ඝ උපයෝගී කරගනු ලබයි. ඉන් එක් "ඇමකි"; විනීත බව!
තීක්ෂණ පලමුව වඩත් විණීත වන්නට ඇත්තේ 'ඇමක්' ලෙස විය යුතුය. එසේම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඉන් ඔබ්බට ගත හැකි ක්‍රියා මාර්ගයක් මධුළිකාගේ 'කබර හම' ඉදිරියේ මා මෙන්ම තීක්ෂණද නොදකින්නට ඇත.
එසේම නුවණැහි පිරිමින් "බාගෙන කන්නට ඇති වල; ඉහගෙන කන්නට නොයති!"
කුමණ හෝ ලෙසකින් මධුළිකා; තීක්ෂණගේ හදවතේ කෝමළ ස්වරයන් නින්නාද කරවීමට සමත්වී ඇත.
එය යම් ලෙසකින් බලාපොරොත්තුවකි!
ඉතින් මොකටද ඉහගෙන කන්නේ?
මන්ද ඉහගෙන කෑම - ඉල්ලං කෑමක් බව මධුළිකා ඉදිරියේ තීක්ෂණට වැටහී තිබිය යුතුමය!
ඔබගේ බීර කතාවට මා කවියකින් පිළිතුරු දෙන්නම්!
"සුරාවේ අගයත් - එහි ඇති මනා රසයත්
බොන උතුමෝ මිසක්
නොබොන අනුවන දනෝ නොදනිත්"
ලිඛිතාAugust 11, 2019 at 9:50 PM
මේ තරම් බරසාර කොමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තුතියි...
තීක්ෂණගේ චරිත ස්වභාවය මම තරමක වෑයමකින් ගොඩනගපු චරිතයක්. ස්ත්‍රීලොල් චරිත කොහොමත් සුදුවට ගොඩනගන්න බැහැ; ඊටත් වඩා අළුපාට චරිතවල අවංකකම කියන්නේ අන්ධ බිංදුව වගේ. වරෙකදී අතිශය අවංක ලෙස ඉටුකරන කාර්යයක්, තවත් වරෙකදී හුදු වන්කත්වය ; චපලත්වය ; රෝස් පරොස්බව කියන කාරනා වලින් සම්මිශ්‍රණය වුනු කාර්යයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ චරිතයක් බොහොම ත්‍රිමානයි. පැතලි නැහැ.
ලියන කෙනා කෙසේ වෙතත්, කියවන්නා තුල ඇතිකරන්නේ වෙහෙසක්. ඒ නිසා වෙන්න ඕනේ වරෙක පැතුම් කියලා තිබ්බේ මේ මනුස්සයාගේ මධුලිකා ගැන දෙගිඩියාව විකාරයක් වගෙත් දැනෙනවා කියල.
ඒ චරිතය කොහොමද මන්දා ඔබ ඔතරම් පැහැදිලිව දකින්නේ? ඒක සෑහෙන සැකයට තුඩුදෙන වැඩක්!!
මධුලිකා ගැන මට ඇතිකරන්න අවශ්‍ය උනෙත් , ඔබ ඔය කියන ස්වභාවය වෙන්න ඇති.
ස්වභාවයෙන්ම සංකීර්ණ චරිත වුනත්, යුවතියක වශයෙන් ඈ තුල ඒ ඒ අවස්ථා වලදී ඇතිවෙන කැළඹීම් මට හරියට ඉදිරිපත් කරන්න බැරි උනාද මන්ද. අහලා ඇතිනේ සරසවි කල්කේ?
අන්න ඒ වගෙයි මම මධුලිකාගේ චරිතය ගොතාගෙන යන්න උත්සහ කලේ. මේ දෙන්නා ඔබ දන්නා දෙන්නේක්දෝ කියලා සැකයක් සිතෙනවා!
එක්කෝ ඔය කදු කිනිසි පතුරොම් අස්සෙම ඉඳල ඉවට වගේ දැනෙනවත් ඇති මම මේ දත කාගෙන ලියන්න හදන දේවල්.
උත්සහ කරනවා, අගයක් ලැබුනත් නොලැබුනත්!
විනීත කමේ ඇම !
ඔව් ඒක තමයි නියම වචනේ... තීක්ෂණ ඒ අතින් හොඳ දඩයම්කරුවෙක් නෙවෙයි නේද?
නැතිනම්, (මතකද මන්දා) මුලින්ම මධුලිකාගෙන් කන පලාගන්න හදන්නේ නැහැනේ!
මොකක් උනත්, සුරාවේ තරම පෙනුනේ නැති එකනේ අරුමේ!
උන්දා එදා ජින් බීලා උන්නේ නැතිනම්, අරෙහෙම දෙයක් කරන්නේ නෑනේ!!
( තීක්ෂණ බය වෙලා ඉන්නේ ඒ කාරණාවට... පොඩි උනත් සතා භයානකයිනේ.. නැද්ද?)
'නොබොන අනුවන දනෝ' දනෝ නේන්නම්!
8. කඩදාසි කොලේ
232. සුහදිනියේ - 27/ සිහිනයෙන් බැස මහපොළොවට, වැදගත් හමුවක්
https://kadadasikole.blogspot.com/2019/11/232-27.html
ThattayagekolamaNovember 17, 2019 at 11:18 PM
මීට දශක ගනනාවකට පෙර ගුවන් විදුළි සංස්ථාවේ දෙවන සේවය හෙවත් වෙළෙඳ සේවය මගින් ප්‍රචාරය කරණ්නට යෙදුණු නාට්‍යයක් විය "මුවන් පැලැස්ස" නමින්.
එකල එය ලිව්වේ විකටර් මිගෙල්ය.
එහි ප්‍රධාන චරිතය වූයේ කදිරා ය. කදිරාට හඬ කැව්වේද වික්ටර් මිගෙල්මය.
තවත් කලක් ඇවෑමෙන් එය චිත්‍ර පටයට නැගුණි.
වසර ගනනාවක් දශක ගනනාවක් දිවුණු එම මාලා නාටකය චිත්‍ර පටයට නැගීමේදී පැහැදිලි අවසනයක් ඇවැසි විය.
එනිසා එතෙක් දනන් හද තුල වීරාභිවන්දනයෙන් යුතුව ජිවත්වූ කදිරාව මරා දැමීමට වික්ටර් මිගෙල්ලා එකඟ විය.
එසේම ඊට කලකට පෙර එහිසිටි චරිතයක් වූ "උක්කු බණ්ඩා" ට ගේම දුන්නේද ඈත ගමක රැකියාවකට ගොස් අන්තරස්දාන කිරීමෙණි.
එම අන්තරස්දානයට; එකල දේශපාලන හස්ථයක් මුල්වූ බව කට කතාවක් පැවතුනි.
මධුළිකා සමග ගතකල සුන්දර මොහොත ස්වප්නයක් නැතහොත් හීනයක් කලේත් එවන්ම වූ අදිසි හස්ථයකින් දැයි සිතෙන්නේ මට පමණක්මද?
මෙයට පෙර මා මෙහිම ලියා පලකල පරිදි; ඒවන විට ජන විඥ්ඥානය තුල මුල් බැසගෙන සිටි කදිරා මරා දැමීම; තනිකරම මිනී මැරීමකි.
එසේම මධුළිකා හා ගතකල සුන්දර මොහොත හීනයක් කොට දැමීම මා දකින්නේ; විහාරමහා දේවි උද්‍යාණයේ විසල් ගසකට මුවාවී සිප වැළඳ ගත් පෙම්වතුන් යුවලක්; පොලීසියෙන් පැන; ගලග්‍රහණයෙන් අල්ලා ගෙන යනවා වැනි අසාධාරණ ක්‍රියාවක් ලෙසය!
අපේ තාත්තාද එකල ඔවැනි ආතල් අපට දුන්නා මතකය. ඒ එළම සින්දුවක් රේඩියෝ එකේ යන විට මීටරේ කරකවා ප්‍රවෘථි අහන්නට පටන් ගැනීමය!
ThattayagekolamaNovember 18, 2019 at 5:51 PM
මාගේ කමෙන්ටුවේ සදොස් තැන් කිහිපයක් නිදොස් කරමි.
උක්කු බණ්ඩා හා නාමලීගේ චරිත වලට පන පොවන ලද්දේ වොලී නානායක්කාර හා නෙතලි නානායක්කාර යන ශිල්පීන් දෙදෙනා විය. ගුවන් විදුලියෙන් නෙරපා හැරීමෙන් පසු උක්කු බණ්ඩා කළුවර ගසක් කැපූ වරදට මහ උළුගෙදරට පිටත් කොට එහිදී මියගිය බවක් පෙන්නුම් කල අතර නාමලී ඒ සොවින් දරුවාද කැටුව මහ බැද්දට වහං උනු බවක් ප්‍රචාරය කෙලේය!
9. කඩදාසි කොලේ
සුහදිනියේ : මෙතෙක් කතාව . . .
https://kadadasikole.blogspot.com/2020/01/235.html
ThattayagekolamaJanuary 27, 2020 at 7:45 AM
මම මේ කතාව මීට කලින් කොහේම හරි ලිව්වා වගේ මතකයි.
ඒත් මෙතනත් අයෙත්ම ලියන්නම්.
ඇල්බට් අයින්ස්ටයින් උන්නැහේ සාපේක්ෂතාවාදයද මොකද්ද අටමගලෙ හොයා ගත්ත එකට එයාගෙ මිතුරියක් හෙවත් ගෑනු යාළුවෙක් පොඩි පාටියක් දුන්නලු.
ඉතින් මේ පාටියේදි ඒ ගෑනු යාළුවා දෙකක් දාගෙන හිටිය ඇල්බට් අයියා ගාවට සෙටමෝල් වෙලා ඇහුවලු " ඇත්තටම මොකද්ද අනේ ඔයා හොයාගත්තෙ? කනදෙයක්ද?" කියලා.
ඇල්බට් අයියටත් වැඩේට ලාවට මල පැනලා එයා කිව්වලු "අනේ නෝනෙ මං හොයා ගත්තේ කන දෙයක් වත් නැතිවුනු දෙයක් වත් නෙවෙයි; මං මෙච්චර කට්ට කාලා හොයා ගත්තෙ 'සාපේක්ෂතා වාදය' කියලා; මට ඇරෙණ්න මෙලෝ එකෙකුට තෙරෙණ්නෙ නැති මල දානයක්!"කියලා.
"අනේ ඇල්බො මටත් කියහංකො ඒ මොකක්ද කියලා" අර ගෑනු යාළුවත් ඕනැනැති ඇඟෑළුම් කමක් පාමින් තොදොල් උනාළු නිකං පීරිසිය උඩ තියපු ජෙලි කෑල්ල වගේ.
ඇල්බා කල්පණා කලාලු මටවත් මේක හරියට තේරෙණ්නේ නැති එකේ මේ මෝඩ වාහෙට මේක කියලා දෙන්නේ කොහොමද කියලා.
මෙහෙම හිතා බලමින් ඉන්න කොට ඇල්බට්ට ආවාලු හොඳ අයිඩියා එකක්.
එයා අර උඩැක්කිය ළඟට කිට්ටු කරලා කිව්වලු මෙහෙම:
"ඕන්න බුවාලා දෙන්නෙක් ගමනක් ගියාළු පට්ට පෑවිල්ලේ. මේ බුවාල ද්න්නගෙන් එකෙක් උපන් ගෙයි පොට්ට මල හත්තිලව්වක්ලු!
මෙහෙම දාඩිය පොල්ල දාගෙන යන ගමන්; එකෙක් අර පොට්ටයා දිහා බලලා කිව්වලු 'මෂං උක්කු ටිකක් බිව්වානම් එළම එළ! නෙ?' කියලා.
උගේ කරුමක්කාර කමට අර පොට්ටයා ජීවිතේට උක්කු තියා මුරුක්කු වත් බීලා කාලා නැති මෙලෝ රහක් නැති අපතයෙක්ලු.
ඌ ඒ කියන්නෙ පොට්ටයා ගත් කටටම අනිත් පැත්තට ඇහුවාලු 'අම්මට සිරි උක්කු!?!?!? ඒ මොනාද බං?' කියලා.
අරූට 'අනේ!?' කියලා හිතිලා ; ඒත් උත්තරයක් දෙන්න ඌන හින්ද කිව්වලු 'යකෝ උක්කු කියන්නේ සුදු පාට වතුර ජාතියක්නෙ!?' කියලා.
ඒ සැරේ පොට්ටයා අහනවාලු අනිත් එකාගෙන් 'අනේ බුවා මම වතුර කියන එකනම් දන්නවා! ඒත් මොකද්ද මච්චාං සුදු පාට කියන්නේ!?' කියලා.
අරූට මල් හතයි එකයි අටයිලු!
ඊට පස්සෙ ඌ කිව්වළු 'යකෝ සුදු පාට කියන්නෙ කොකාගෙ පාටනෙ!' කියලා. 'කොකා එආ මොකාද බං ඒ?'
දැන් අරූට මේ කොහෙවත් නැති උක්කුවක් ගැන කියපු මෝඩකම කියලා හිතිලා අනිත් එකා හෙවත් පොට්ටයාට කිට්ටු කරලා උගේ එක අතක් අරණ් ඔරලෝසුව බඳින තැනින් කොක්ක වගේ නවලා කිව්වාලු 'බූරුවො කොකා කියන්නේ මෙන්න මේ වගේ එකෙක් යකෝ!' කියලා.
ආන්න ඒ පාර අර අන්ධ බුවා අනිත් අතින් නැමුණු අත අතගාලා බලලා කිව්වලු 'අම්මට හුඩු දැං මං දන්නවා උක්කු කියන්නේ මොනාද කියලා! අනේ රොම්බ තෑන්ක්ස් බුවා!' කියලා.
අනේ ඒ වගේ තමයි මං ඔයාට සාපේක්ෂතා මංගල්ලෙ ඔයාට කියලා දෙන්න ගියානම් වෙන්නේ කියලා ඇල්බට් ලොක්කා අතේ තිබ්බ අසෝක වීදුරුවෙ තිබ්බ සංස්ථා ගල් අරක්කු ටික උගුරට හලා ගත්තාලු!
ඉතින් අපි වගේ ඇඟ පුරා මොලේ තියෙන උන්නාන්සෙලාට ඔබ තුමීගේ දාසය පට්ටං හතර බීරි කතාංගය යාන්තමින් වත් තෙරුම් යන්න මෙහෙම ජාතක කථාව දැම්ම එකටනම් එකසිය ගානට ටැං කිව්ය.
ඒත් ඒ අවසේස, අනුසේස, චරිත වලත් නම ගම දැම්මානං ටැංකිව් වෙරිමච් කියන්නට තිබුනේය.
කොහොමත් ජාතකය දැම්මේ හොඳ වෙලාවටය.
මම මේක කියවන කල් හිතාන හිටියේ මධුලිකා කියන්නේ තීක්ෂණ ගොයියාගේ පුංචි අම්මා කියාය.
තව ඩිංගෙන් මල මගුලකි!
10.
http://awidda-paya.blogspot.com/2020/04/are-you-adult-with-dirty-mind.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+blogspot%2FDxLND+%28%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B6%BA+......%29
ඔබත් දූෂිත මනසක් ඇති වැඩිහිටියෙක්ද ? ...... Are you an adult with a Dirty Mind ......?
ThattayagekolamaApril 03, 2020 11:51 PM
අතිශය සුන්දර කථාවක්!
1. දිනක් මම මගේ පුතා අසන ලද ලිංගික අවයව ගැන ප්‍රශ්නයකට සාධාරණ සරල පිළිතුරක් දෙමින් විය.
මේ වන විට දරුවා එක නැත්නම් දෙක ශ්‍රේණියේ විය යුතුය!
"එහෙම තමයි පුතා පිරිමින්ගෙයි ගැහැනුන් ගෙයි චූ කරණ එකේ පොඩි වෙනසක් තියෙනවා!" මම ඔහුගේ කුහුල යම් පමණකට සංසිඳුවූයෙමි.
"තාත්තේ ලොකු ගැහැනු අයගේ එතන කෙස් තියෙනවා නේද?" ඔහු මගෙන් පෙරළා ඇසූ පැනයෙන් මා සිටි තැන අමතක වුනෙමි.
මා ඊළඟට ඔහුගෙන් එක වර ඇසූවේ
"ඔයා කොහොමද ඒක දන්නේ?" කියාය. මා පැනය විමසූ දැඩි බව නිසාම ඔහු නිරුත්තර වූ අතර කිසි ලෙසකින් එයට පිළිතුරක් ලබා ගැනීමට මා අපොහොසත් උනෙමි.
2. ඔහු වයසින් මුහුකුරා යද්දී ගිටාර් වාදනය ඉගැනීම සඳහා ප්ංතියකට ගියේය. ඒ ඔහු උසස්පෙළ ලියා නිවාඩු පාඩුව ගෙදර ඉන්නා කාලයේදීය. දිනක් ඔහු මාහට දූරකථනයෙන් අමතා "තාත්තේ මට ත්‍රී වීල් එකක් එවන්නකෝ ගිටාර් ක්ලාස් යන්න පාරට යන්න!" යැයි පැවසීය.
මාගේ නිවස පිහිටියේ බස් පාරෙන් කිලෝමූටර තුනක් ඔබ්බෙන්ය.
"ඉතිං පයිං යන්න!" මගේ පිළිතුර විය.
"ගිටාර් එක අතේ අරං යන්න පුළුවංද?" ඔහු චෝදනා මුඛයෙන් ඇසුවේය.
"මේ පුතේ! උඹට ගිටාර් එක පාරෙ අරං යන්න ලැජ්ජයි නම් ඔයා කොහොමද ඕක කවදා හරි කවුරුවත් ඉස්සරහ ගහන්නේ? මතක තියා ගන්නවා; ෆාමසියකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන ලැජ්ජ එකාට කවදාවත් ගෑනියෙක් ඉස්සරහ කලිසම ගලවන්න බැරි වග!! යන්න පයිං!!!"
කොල්ලා එදා ඉඳන් ගිටාරය අරණ් පයින්ම වැඩියේය.
3.කොල්ලා වැඩිදුර අධ්‍යාපනය සඳහා කැන්ගරු දේශයට මීට වසර තුනකට පෙර පියෑඹුවේය. මම ඌට අවවාද දෙකක් දුන්නේය. පලමුවැන්න: "පුතේ ඔයාට එහේදී බොන්න හිතෙන්න පුළුවං! ඒත් මම කැමතියි ඔයා ජීවිතේ පලවෙනි ඩ්‍රින්ක් එක මාත් එක්ක ගන්නවා නම්.
අපි ඒක ඔයාගෙ කොන්වොකේශන් එකට ආවාම කරමු!" (යන්නට හිටියේ මේ ජුලි මාසයේය! කොරෝණා ඊට හරස් වී ඇත!!)
දෙවැන්න: මම ඔයාට සෙක්ස් කරණ්න එපා කියන්නේ නෑ. නමුත් මොන විදියකින්වත් කොන්ඩම් එක අමතක කරණ්න එපා!" ඌ මොනවා කර ගත්තා දැයිමා නොදනිමි.
4. තවත් එකක් මේකටම ලියන්නම්. කොහොමද දන්නවාද මම උගේ ෆුට් බෝඩ් යන වැඩේ නැවැත්තුවේ. "පුතේ ෆුට්බෝඩ් යන එක මාර ආතල් වැඩක්. මමත් ඉස්සර හරි ආසයි. කොටින්ම මම දැනුත් ආසයි.
ඒත් ජීවිතේ තව කරණ්න කොයි තරම් දේවල් නම් තියෙනවාද? ෆෝවීල් ඩ්‍රයිව් එකක් ගන්න, ඩයිවින් කරණ්න, කයාකින් කෑම්පින් කරණ්න, කඳු උඩ නගින්න, සිංදු අහන්න, කෙල්ලෙක් යාළු කරගන්න, කසාද බඳින්න, මම වගේ දරුවෙක් දෙන්නෙක් හදන්න ඔය වගේ කොයි තරම් ආතල් වැඩ ටිකක් ඉතිරි වෙලා තියෙනවාද? ෆුට්බෝඩ් එකට බහින කොටම ඒ ඉතුරු ටික මතක් වෙන්න ඕනෙ! මොකද එක ආතල් එකක් ගන්න ගිහින් මලොත් තව කීයක් නම් මිස් වෙනවාද?"
කොල්ලා කිසි දිනෙක ෆුට් බෝඩ් ගියේ නැත.
කෙල්ල ගැනත් මේ වගේම ලියන්න එමට දේ ඇත. කෙසේ උනත් ඔබ එකඟ උනත් නැතත් මා මා නිමකල මෝල්ඩ් එකේ වැක්කෙරුවෙමි.
ඒ මාගේ මෝල්ඩ් එක නම් නොවේ.
මොකද අපි මොන දේ කිව්වත් හදන එකා අන්තිමට වැඩකට නැති උන එකෙක් උනොත් අපිට අතීතයට ගොස් නිවැරදි කරණ්නට නොහැක.
එනිසා හැදෙන වයසේදී හොඳින් හැදෙන්නට අත හරින්නට නම් හදන වයසේදී සුපිරියටම හැදිය යුතුය! (
මම වැඩිය කමෙන්ට්ස් නොදාන්න හේතුව පේනවා නේද?)
සුදීකApril 10, 2020 7:36 AM
උඹනම් මාර තාත්තා කෙනෙක් !!!! පොඩි කාලේ ඉඳන් පොඩි එවුන් එක්ක හැමදේම කථා කරන සංස්කෘතියක් ඇති කර ගන්න එක සෑහෙන වැදගත්. මට ඉන්නේ දියණියක්.
අනික මම සිංගල් ෆාදර් නිසා මට බොහෝ දේ එයත් එක්ක කථා කරන්න වෙනවා.
නමුත් කෙල්ලෝ උපතින්ම ලජ්ජාශීලී නිසා අඩුවෙන් පුද්ගලික දේවල් කථා කරන්නේ.
තවත් මගේ යාලුවෙක් හිටියා.
අපි දෙන්නම ලංකාවේ තිබුණ යොවුන් ආසියානු කුසලානයක කණ්ඩාම් භාර නිලධාරීන් වශයෙන් ඒ කණ්ඩායම සමග හෝටලයේ රැඳී හිටියා.
ඔහුගේ දියණිය අමෙරිකාවේ ඉඳන් නිවාඩුවට ඇවිත් හිටියෙත් මේ කාළයේ.
ඉතිං ඇය පියා එක්ක ඉන්න ඕනේ නිසා මේ කාමරයේ හිටියා.
නමුත් ඔහු තමන්ගේ කණ්ඩායම සමග පිටවී යනවා. ඉන් පස්සේ දියණිය අපත් සමග ඉන්නේ.
යන ගමන් ඔහු අපිට පොඩ්ඩක් මතක් කරනවා දියණිය ඉන්නා බව.
සමහර දවස් වලට ඒ දුව ආපසු එන්නේ රෑ දෙකට තුනට, බොහෝ විට දොර අරින්නේ මම. දවසක් මම ඔහුව තනියම මුණගැසුණු මොහොතක කොහොමද හිත හදාගන්නේ කියළා ඇහුවා.
ඔහු කියා සිටියේ "එයා ඉන්නේ යුඑස් වල. ඉතිං වැරද්දක් කරනවානම් එහෙදි කරන්න පුළුවන්. මෙහෙදී යන්නේ යාලුවොත් එක්ක ඉන්න.
මම ඒවාට බාධාවල් දාන්න යන්නේ නෑ".
මා දැක්කේ ඔහුත් ඔබත් එකම මට්ටමේ පියවරුන් විදියට.
Mokada me Copy paste?
ReplyDeleteIs your son still in AUS? need any help? Wijebahu
විජේභාහු මහත්තයා. මම පුරුද්දක් ලෙසට මාස හය අහ්තකට සැරයක් මවිසින් අන් අයගේ බ්ලොග් පෝස්ටු වලට යටින් ලියන ලද විශ්ලේෂණාත්මක කොමෙන්ටු මෙසේ එක් තැන් කරණවා. මොකද ඒ මාගේ අදහස් බැවින්. එය "අන් ඇකයේ සුවෙන් වෙසේන මසිත උපන් මගෙ සිතුවිළි" යන මැයෙන් පලවෙන්නේ. කම්මැළි නැතිව පොඩ්ඩක් කියවන්න. එක් එක් සමාජ සම්මතයන්, සිද්ධි, කරුණු කාරණා ගැන ඒ මොහොතේ මා දැරූ මතය තමයි ඔය දැක්වෙන්නේ. අපිට වයසට ගියාම බලා ගන්න බැරියෑ අපි අපගේ අදහස් උදහස් කෙතරම් දුරකට වෙනස් කරගෙන දැයි කියාවත්!?
Deleteදරුවා තවම ඔසී වල! එයාට විශාල ගැටළුවක් නම් කොරෝණා වලින් නැහැ. එයා සිවිල් ඉංජිනේරු උපාධිය රැගෙන ඉන්නේ. තවම එයාට එම ක්ෂ්ත්‍රයෙන් රැකියාවක් නැති එකයි ලොකුම
My advice for your son is to keep doing some work while looking for the right fit. Holes in your CV is bad, even unpaid work is good for reference. Given current bad situation 'kattak kanna wei' for a short period. Wijebahu
Deleteබ්ලොගක් ලියලා, ඒ බ්ලොගට ප්‍රතිචාර ලියලා, ඒ ප්‍රතිචාර ගැන බ්ලොගක් ලියලා, ඒ බ්ලොගට ප්‍රතිචාර ලියනකොටම මට නිකං කොරෝනා වගේ.
ReplyDelete// අපේ තාත්තාද එකල ඔවැනි ආතල් අපට දුන්නා මතකය. ඒ එළම සින්දුවක් රේඩියෝ එකේ යන විට මීටරේ කරකවා ප්‍රවෘථි අහන්නට පටන් ගැනීමය!//
මේක කියෙව්වාම මීට වසර තිස් පහකට හතළිහකට පෙර අප සිංහල අවරුදු උත්සවයක හෝ නත්තල් උත්සවයක කල විකට වැඩසටහනක් මතක් උනා. එහි සිදුවන්නේ රේඩියෝ එකේ චැනල් නිතර නිතර මාරු කරන විට ඒ ඒ චැනල් වල යන වැඩසටහන් වල (එකක සිංදුවක්, එකක නාට්‍යයක්, එකක වෙළඳ දැන්වීම්, තවත් එකක ධර්ම දේශනාවක් වැනි) වාක්‍යය මැද්දට වෙනත් වාක්‍යයක අවසන් කොටස සම්බන්ධ වීමයි. සියලුම කොටස් ජනප්‍රිය සිංදු, සැබෑ ගුවන් විදුලි නාට්‍යය, වෙළඳ දැන්වීම් ධර්ම දේශනා ආදියෙන් උපුටා ගත් ඒවායි. මට මතක එකම එක කොටසයි. එක්තරා නාට්‍යයක රජතුමා බිසවගෙන් අහනවා,
"ඒ හඬ ඇසෙන්නේ කොහෙන්ද සොඳුරිය" ? එවිටම චැනල් එක මාරු කරාම
"ඒ හඬ ඇසෙන්නේ මාලිගාවත්ත ලී මෝලෙන්, ඔබට අවශ්‍ය ලී දඬු ඉරා යතුගා සකස් කර ගැනීමට අදම විමසන්න, මාලිගාවත්ත ලී මෝල, පංචිකාවත්ත පාර කොළඹ 10 "
ඔබටත්, පවුලේ සැමටත්, බ්ලොගය කියවන සැමටත් නිරෝධායනයෙන් තොර නිරෝගීමත් නව වසරක් පතමි.
සෑම් මහත්තයා සත්තකින්ම ඔබසැමට සුවපත් නව වසරක් වේවා කියන්නම් සියල්ලටම කලින්.
Deleteමම බ්ලොග් එකක් ලියන්නේ මට කියන්නට දෙයක් ඇති නිසාත් ලියලා තියන්නට දෙයක් ඇති නිසාත්. ඉතින් මට ලියන්නට කියන්නට දෙයක්න් ඇති දෙයක් ගැන මොකෙක් හරි ලියලා තිබුනොත් කඩුල්ලෙන් පිටතට ඇදී යන පන්දුවට උනත් ලෙග් එකේ ගහන්න හිතෙනවා.
නමුත් ඒ ලියපු දේ කවදාවත්ම මට ආයෙමත් බ්ලොග් පෝස්ට් එකකට ගන්න ලැබෙන්නේ නැතිවන නිසා; ඒ ලිවීම, අදහස, කාලය, මහන්සිය පිළිබඳව පොඩි පහේ ලෝභ සිතක් පහල වෙනවානේ.
ඒ වාගේම ඒ ලිවීම ආයෙ හොයා ගන්න එකත් ආයෙ නිකිණි හොයනවා වගේ අමාරු කටයුත්තක් වෙනවානේ.
මෙන්න මේ කාරණා නිසාම මම; කාගෙ හරි පෝස්ට් එකකට හොඳ (මට සාපේක්ෂව හා මට සතුටු විය හැකි අන්දමේ) කොමෙන්ටුවක් කෙටුව ගමන් ඒ ගමන්ම ඒක වෙනමම කොපි කරලා තියෙනවා. එහෙම දවස ගානෙ හාල් මිට මිට එකතු කරපු ටික තමයි ආයේ දවසක වේලක් සරි කරගන්නට මේ විදියට බතක්ව ඉදෙන්නේ.
ඒ කෙසේ වෙතත් සියල්ල කියවන්න ඇතැයි සිත මින් ඉක්මණින්ම ගොඩ වැදුනාට මෙන්න ස්තූතියි කීවා!
කොරෝනා බයෙන් ඉන්න අපිට මේත් මදැයි කිව්වලු.
ReplyDeleteස්තූතියි! කවදද මේ පැත්තේ එන්න හිතාන ඉන්නේ? අප්‍රේල් එන්න හිටියට බැරි වුනා නේද?
DeleteThis comment has been removed by the author.
ReplyDeleteතට්ට අන්කල් ගෙ පුතා මගෙ හොදම මිතුරා වීම මාගේ පෙර පිනකට මෙන් සිදු වූවක්.(කරුමයක් ලෙස හිතෙන අවස්තාද නැතුවම නොවෙයි 😂😂) ඒ වගේම ඔහු තුලින් මා බොහො දේ ඉගෙන ඇත.මොකද ප්‍රධාන වශයෙන්ම මට මගෙ ගෙදර එවැනි ප්‍රශ්න කතා කිරීමට එහේම වාතාවරණයක් නොතිබූ නිසාවෙනි. එමෙන්ම අන්කල් මිනිහට කියා තිබෙන බොහො මිනිහා මට උගන්වා ඇත. මම මේ ලගදි අපෙ තාත්තට මගෙ girlfriend ගැන කියන්නත් වතුර වීදුරු 2ක් විතර බිව්වා. ඇත්තටම ඔය ලිංගිකත්වය පිලිබඳ අපේ ඉස්කෝලෙ වල උනත් ඒ පාඩම මග හැරල යන තත්ත්වයක් තමයි තියෙන්නෙ. ඉතින් ඒ ගැන ප්‍රථමික දැනුමක් නැති ලමයා වයසින් වැඩෙද්දි ඒ කුතුහලය හොදින් හෝ නරකින් සන්සිදුව ගන්න බලනවා. පස්සෙ ඌව කාමාචරයෙක් කියල සමාජයේ හන්වඩු ගැසෙනවා. ලංකාවේ ළමා අපචාර ,ස්ත්‍රි දූශන වැඩි වීමට ප්‍රධාන හේතුවක් විදියට ඒ පිලිබඳ අපේ මිනිසුන් ගෙ තියන නොදැනුවත්කම වගේම අපෙ මිනිස්සු sex කියන වචනෙ ඇහුනොත් ඌ දිහා බල්න්නෙ සියවසෙ අපරාධකරු දෙස බලන මුවවෙනි. මා කියවපු article එකක තිබ්බ Devorce Rate එක වැඩිම රටවල් අතරින් ඉන්දියාවත් ලංකාවත් පෙරමුණේ ඉන්නව කියලා.ඒකට ප්‍රධාන හේතුවක් විදියට දක්වල තිබ්බෙ, "Unsatisfied Sexual Life". මොකද වෙන රටවල් වල මිනිස්සු බදින්න කලින් ටික දවසක් එකට ඉදල බලනව නෙ.ඒකට අපෙ මිනිස්සු කරන්නෙ බෙල්ලට තොන්ඩුව දාගෙන යනව රෝස මල දිහා බලන්න.නමුත දැන් නම් ඉන්දියාවෙ ඉස්සරට වඩා ඒ තත්වෙ වෙනස් වෙල තියනවා. මොකද මමත් දකින විදියට ඉහත සදහන් කරල තියන විදියටත් "රාගයෙන් තොර ප්‍රේමයක් පරිප්පු නැති හෝටලයක් වගෙ". මේව ඉතින් නිවාඩු දාලා කතා කරන්න් තරම් දිගයි.
ReplyDeleteස්තූතියි මාලින්ද පුතා.
Deleteඇත්තටම; පියෙකු වශයෙන් දරුවකු සමග එවන් මාතෘකාවක් කථාකිරීමට පටන් ගැනීමටත් වතුර වීදුරු හය හතක් බොන්න වෙනවා.
සමහර විට එවැනි මාතෘකා ගැන කථා කරණ විට දරුවාගේ මුහුන කෙලින් බලා කතා කිරීමට අපහසු අවස්ථා එමටයි. ඒ වගේ අපහසුතාවයන් වලින් අත් මිදෙන්නට වැඩිහිටියනට කල හැකි පොඩි පහේ අත් වෙදකම් ටිකක් මා අත්හදා බලලා තියෙනවා.
දූරකථන සංවාද වලදී ඇවැසි කරුණ පැවසීම, ප්‍රථිමුඛව නොසිට කතා කිරීම, අඳුරේ සිට කතා කිරීම ඉන් සමහරක්.
දරුවනට තමන්ගේ ගැටළු කතාකිරීමට උවමනා වේදිකාව සකස් කරදීම වැඩිහිටියන්ගේ වගකීමකි.
උදාහරණයක් ලෙස: දරුවා තමන් දන්නා හඳුනන විරුද්ධ ලිංගික මිතුරියක හෝ මිතුරෙකු පිළිබඳ අදාල නොවන ප්‍රකාශයක් කල විටෙකදී "පුතේ එයා ඔයාට කමතිද දන්නේ නෑ!" වැනි ප්‍රකාශයක් කල විට දරුවා තුල එතෙක් සිරවී පැවති අදහස "අනේ එයානම් නෙවෙයි එයාගෙ යාළුවා නම් ටිකක් ඒ වගේ!" යන ආකාරයට එළියට ඒමේ සම්භාවිතාවක් පවතී. "ඉතිං එහෙනම් එයා ගැන පොඩ්ඩක් කියන්නකො!" කියමින් කථාවේ ඉතිරිය ලෙහා ගැනීම එතරම් අවුල් සහගත දෙයක් නොවේ.
මට මතකයි මම මගේ මිතුරන් දෙදෙනෙකු සමග කාමරයක නැවතී පාසැල් යන සමයේ සිදුවූ සිදුවීමක්. අප ඒකාලෙ 9 යේ වසරට ගිය අළුතමයි.
ඉන් එක් මිතුරෙකු වන රණවකගේ පියා දිනක් හවස් යාමයේ අප හමුවීමට අපගේ බෝඩිම් කාමරයට පැමිණ අඳුරේම අපව ඇමතූ හැටි.
ඔහුට පැවසීමට උවමනා උනේ; අපට ස්ව්‍යං වින්දනයේ යෙදීමේ "ආදිනව" කියාදී එයට හුරුවීමට තබා එය පටන් ගැනීමට වත් නොසිතන බව කියා පෑමටයි.
පාසල් ගුරුවරයෙකු ලෙස ඔහුතුල තිබුනු දුර්මතය හොඳින් රාමුකොට අපවෙත කියාපෑමට හැකි වුනු අතර එතුමා එය අපට පවසා මිනිත්තු කිහිපයක් වත් රැඳී නොසිට ගිය වග මට අද මෙන් මතකය.
ඒ අඳුරේ පවසන දේ සවන් දුන් අපගේ මුහුණු එළියේ බැලීමට අපහසු නිසා විය හැකි යැයි අද මට සිතේ.
ඔහුට මා දුන් දරුණුම අවවාදය ඔබට පවසා ඇත්දැයි මා නොදනිමි. එය ඔහුගෙන්ම අසා දැනගන්න. කෙටිම කෙටි කෙටි කතාව වන්නේ දරුවන්ගේ මානසික ගැටුම්, ව්‍යාධි වලදී ඔවුන් තමා තුලින්ම සොයා ගන්නා කෙටි පිළිතුරු හෝ අත්දැකීම් විරල යාළු-මිත්‍රාදී පිරිස තුලින් හොයා දැන ක්‍රියාවේ යොදන උපක්‍රමයනට වඩා; ගැලපෙන උත්තරයක් දෙමව්පියන් තුලින් සොයා ගැනීමට දරුවන් පෙළබවියයුතු බවයි.
අවසානයේ මා ඔබෙන් ප්‍රශ්නයක් අසන්නම්. . . .
ඔබගේ පෙම්වතිය හදිසියේ ගැබ්ගතහොත් ඔබට එය පවසා නිවැරදි පිළිතුරක් සොයාගන්නට වැඩිහිටියෙක් සිටිනවාද?
අන්න එතනදි තමයි වැඩෙ ටිකක් අමාරු කරන්නෙ 😅😅
Deleteබ්ලොගයක් ලියන හින්දාත්, ඒකේ ආකෘතිය අනුව හිතට එන ඕනෙම දෙයක්, ආදී කාලීන වගේම අද්‍යතන දෙයක් වුනත් පෝස්ටුවකට එබීම මට නම් එච්චර අසීරු නැහැ. ඒවාත්, සිත් ගත් දේවලුත් කොපි කොට තියාගන්නවා අවැසි විට ප්‍රයෝජන ගැනීමට. හරි වැඩේ. අද ඔයාගේ පෝස්ටුවම කොපි කරගන්නයි හිතුණේ. එච්චර දේවල් ලියවෙන්න ගියෝතින් මල කෙළියක් වෙන්නේ. ඒ නිසා තුන් හතර පොලක් විතරක් කොපි කරගත්තා.
ReplyDeleteමරේ මරු! පෝස්ටුව නියමයි. හැම දරුවෙකුටම ඔයාලා වගේ තාත්තලා ලැබෙනවා නම්.....
ඔන්න දැන්මම පොඩි කොටසක් ප්‍රයෝජනයට ගත්ත මේ පෝස්ටුවට. ස්තුතියි!
Deletehttps://nidigepanchathanthare.blogspot.com/2020/04/blog-post_14.html
ස්තූතියි ඔබගේ රෙකමදාරුවට!
Deleteමා ලියන ඕනෑම දෙයක් මාගේ නම, ගම හෝ වෙනත් මාගේ වලිගයක් නොමතිව පල කරණ්න. මේක ඔබට පමනක් ලබාදෙන විශෙෂ වරප්‍රසාදයක් නොව සියල් සතුන් හට දෙන අවස්ථවකි. මන්ද මා ලියන සෑම අකුරක් අකුරක් පිලිබඳවා මා වග කියනා බැවින් ලියන සෑම දේම ලියන්නේ උපරිම සද්භාවයෙන් බැවිනි. එසේ ලියන දේ වඩ වඩාත් පුළුල් ලෙස සමාජ ගත වනු දැකීම මාගේ සතුටයි, අභිප්‍රායයි!
"හැකි තරම් ගස් වවන්න!" මේ ප්‍රකාශය අප කෙතරම් පට්ට ගසා ඇතිද? පලමුව මෙය ලියා තැබූ තැනැත්තා හෝ පැවසූ අය අද කොහි වෙත්ද? එහෙත් ඔහුගේ හෝ ඇගේ එම ප්‍රකාශය කරණ මොහොතේ තිබුනු අදහස වන්නේ; ගස් වැවීමට වඩවඩාත් සක්‍රීයව ප්‍රජාව නඹුරු කිරීම!" නම්; "හැකිතරම් ගස් වවන්න!" කියන වදන් පෙළ අප නැවත නැවත මුරගෑම පිළිබඳව ඔහුතුල අසතුටක් ඇතිවන්නේ නෑ නේද?
මෙයද එවන්ම වූ අව්ස්ථාවකි.
සමාවෙන්න ඌන එකසිය ගානට මා ඔබේ නොව සමස්ථ වර්ගයාගේම පෝස්ටු වලට ඉතා අඩුවෙන් කොමෙන්ටු දැමීම පිළිබඳව.
පෝස්ටුව කෙතරම් රසවත් උනත් කාලෝචිත උනත් මා එයට කොමෙන්ටුවක් ලියන්නට නොපෙලඹිමි. මා ගේ කොමෙන්ටුව ඇරඹෙන්නේ මටද ඊට යමක් එක්කිරීමට ඇත්නම් පමන බව කරුණාවෙන් සිත් තබා ගන්න!
ස්තුතියි.
Deleteයමෙකුට යම් ගෞරවයක් - සේවාවක් ලබා දිය යුතුය කියලා හැඟුනොත් මම එය කරන්නේ හොඳ හිතින්. පෙරළා යමක් ලබන රිසියෙන් නෙවෙයි.
'යහපතක් කිරීමෙන් ඔබ ලබන සතුට ඔබේ වැටුපයි. පැසසුමක් අගය කිරීමක් වෙතොත් ඒ බෝනස් එකයි. හැමවිටම බෝනස් බලාපොරොත්තු වෙන්න එපා!' ඒ පාඩම මට ඉගැන්නුවේ 'දෙපා අවසඟ පාපන්දු පිස්සා' පොස්ටුවෙදී මා කියූ රාජමනී අංකල්.
කර්තෘ අඥාත තවත් කතාවක් මම තරයේ විශ්වාස කරනවා. 'කෙනෙකුට වඩාත්ම මිහිරි ලෙස ඇහෙන්නේ තමන්ගේ නම කියවෙන හඬයි'. ඉතින් කාගෙන් හරි යමක් ගත්තාම, එහි මූලාශ්‍රය දක්වන්නේ 'කපුටාගේ කූඩුවේ බිත්තර දමන කොහෙක්' වෙන්නට අකමැති නිසයි. අනුන්ගේ ළමයින්ට උප්පැන්න ලිවීම මට නම් ලැජ්ජාවක් නිසයි.
ඒ වාගේම බොන මිනිසුන්ගේ පුරුද්දක් මටත් බෝවෙලා.
බොන අය හරි ආසයි ළඟපාත ඉන්න සේරටම පොවන්න. හොඳ film එකක්, පොතක්, ලිපියක්, ටෙලියක් දන්නා-කියන අයට විතරක් නෙවෙයි නොදන්නා අයගෙත් අවධානයට ලක් කරන්න මම හරිම කැමතියි. ඉතින් ඉබේම වගේ ඒක කරන්න හිතෙනවා.
දෙයියම්පා අදයි මේක දැක්කේ කියන්නකො!
Deleteඅරාබි භාෂාව ඇහෙන්නේ පොඩ්ඩක් විතර රිද්මික් විදිහකට නේද ?
ReplyDeleteප්‍රාජේ මා ඉන් අදහස් කලේ සාම්පරදායක් ලෙස; හින්දු ආගමේ ගැයෙන භජන්, කිතුණු ආගමේ ගැයෙන වැනි ගැයුමක් මුස්ලිම් ආගම තුල හෝ බෞද්ධාගම තුල නොමැති බවය. පූජ්‍ය අරිය ධම්ම හාමුදුරුවන්ට; තාලයට ගැයෙන පිං සිද්ධ වෙන්නට බෝධි වන්දනා කවි ටිකක් පංසලට එකතු උනත් දැන් ඒ ටිකත් අහල අහලාම එපා වෙලා!
Deleteමෙම මුස්ලිම් ආගමෙ ගැයුම ඔබ අසා ඇතිද සමන් ලෙනින්ගේ හඬින්! නැත්ද? ඔව් ඒක අහන්න ඕනෙම ගායනයක්. ආන්න ඒකෙ තියෙනවා ඔය ආගම් සියල්ලෙන්ම උපුටා ගත් ගැයුම්. මෙතනින් අහලා බලන්නකෝ. https://www.youtube.com/watch?v=E0wuoqdDbts