Monday, February 25, 2019

127. බිග් මැච් . . . .!


බෝල ඇල්ලිල්ලකට එහා ගිය ක්‍රිකට්

පාඨක පාඨිකාවන් තල් අරණට යන්න බලා සිටින මොහොතක "ඒක තමයි මේක" කියමින් වෙනත් වෙනත් දේ ලිවීම ගැන මල පැන බලා සිටිනා බව දැන දැනත් මේ පෝස්ට් එක කල් ගියහොත් මෙය තවත් "දෙසැම්බරයේ පවත්වන "බක් මහ සැණකෙළියක්" බවට පත්වීම නොවැලැක්  විය හැකි වන නිසා මේ කයිවාරුව අදම ගසමු!

මේ ලියන මම දැන් වසර ගනනාවකින්ම බිග් මැච් එකක් බලා නොමැත. විවිධ විවිධ බාදක මතුවී මොන යම් හේතුවක් නිසා හෝ එය වැලැක් වී ගියේය. වෙන දා මෙන්ම "මොරේ" "බිත්තරේ" "උඹ එනවා නේදැයි ? "කියා  අසද්දී ගෙදර කරෝල මුට්ටියට බැස නෝනා එන විට පස්සා දොරෙන් මාරුවී යන හොර බළල් තඩියා සේ මා  
"එන්න තමයි හිතාන ඉන්නේ!" කියමින්
බුදුන් දවස මහා භාරතයේ ඉටි ෂඩ් සාස්තෲන් ගෙන් කෙනෙකු වන සංජය බෙල්ලට්ඨි පුත්ථගේ අමරා වික්ඛේප වාදයට අනුව ආඳා වාගේ සුරූස් ගා මරු වෙන්නට තැනූවද බිත්තරේ කීවේ "ඔය කියන විදියට උඹ මේ පාරත් එන්නේ නෑ වගේ!" කියාය.



"මේ ඉන්නේ හනුමා!"
" එතකොට එයා අතේ තියා ගෙන ඉන්නේ මොකක්ද?"


Thursday, February 21, 2019

126. පළමු ටෙස්ට් නායකයා බිහි වූ හැටි . . .!

මාර්තු 2-3  යෙදී ඇති 90 වැනි ආනන්ද - නාලන්ද සුලෝහිත සංග්‍රාමය වෙනුවෙනි !
   නාලන්දාව !
            
නාලන්දාව !

වර්ෂය 1965 විය ~

ශ්රී ලංකාවේ බෞද්ධ අධ්යාපනයේ මුදුන් මල්කඩ බඳු වූ විද්යාලයයන් ගෙන් එකක් වූ නාලන්දාව පිහිටුවා වන විටත් දශක හතරකට ආසන්න කාලයක් එළඹ තිබුනි. කුමණ හෝ දුර්භාග් සම්පන්න  හේතූන් මත නාලන්දාවේ ගුරුවරුණ් අතර මේ කියන කාලය වන විට කිසියම් ආකාරයක කල්ලි වාදී ස්වරූපයක් නිර්මාණය වී තිබුනි. විදුහල්පති වරයා කුමණ තරාතිරමේ කෙනෙකු වුවද පාසලේ නිල නොලත් පාලකයින් වූයේ මෙම අත ලොස්සක් වූ කල්ලියයි.  පාසලේ පරිපාලනය, අධ්යාපනය, ක්රීඩා පමනක් නොව ක්රීඩා කණ්ඩායම් තේරීම් පවා එවකට සිදුවී ඇත්තේ මෙම අතලොස්සක් වූ කල්ලියේ අභිමතාර්ථයන්ට අනුව බව පැවසේ. මෙය එවකට අධ්යාපන ක්ෂේත්රයේ ප්රසිද්ධ රහසක් විය. මෙනිසාම මෙම පාසලට හිමි විශිෂ්ඨ ශ්රේණියේ විදුහල්පතිධූර පුරප්පාඩුව බොහෝ විට හිස්ව පැවතුනි.මන්ද විදුහල්පතිවරුනට තම අභිමතය පරිදි පරිපාලනය කරගෙන යෑමට; මෙම කල්ලියෙන් ඇති කරණ ඝර්ෂනය හේතුකොටගෙන විදුහල්පතින්වරුණ්  නාලන්දාවට පැමිණීමට තිබුනු අනියත බියය!

තම සිප් කිරි බී වැඩුනු දරුවන්ගෙ රුහිරු  ජාතියට දායාද කල වග !
රණ විරු ස්මාරකය 


Saturday, February 16, 2019

125. සැඟව ගිය දින . . . . !



                               
                                           ලියන්නට
                                           සිතෙහි වී
                                           මැකී ගිය
                                           කවිය සේ . . . . . . . . . ;
                                           මතකයක
                                           මතකයක් 
                                           පමණි එය 
                                           නෑ සිතේ . . . . . . . . . !
                                           සඳ සොඳුරු
                                           බව දුටිමි
                                           සැඟව ගිය 
                                           පසු නුබේ . . . . . . . . !
                                           මිහිරි නද
                                           ඇසෙනු ඇත
                                           බිඳුනු 
                                           වීනා තතේ . . . . . . . . !




Sunday, February 10, 2019

124. "ෆෝ වීල් නැත්නම් වාහනයක් නෙවෙයි . .! " 02






වයසට ගියත් හවසට ගෙදර . . . . !
(යන තිදෙනෙක්)
ප්‍රෙෂර් ලෙඩ්ඩුන්ට දෙන්න හදාපු ව්යාග්‍රා පෙත්තට වුනු දේමයි මගෙ "අතර මග" පෝස්ටුවටත් උනේ. පෙත්ත මාකට් වූයේ ප්‍රෙෂර් කාරයන් අතරට වඩා "ජෝන්" ලා අතරය!
ඇත්තෙන්ම මම ඒක ලිව්වේ මග තොටේදී ඇස දුටු අපූරු සිදුවීම් දෙකක් බෙදා හදා ගන්න. ඒත් උනේ හිතපුම නැති එකක්. ඒ කතා බහට පූර්විකාව විදියට ලියාපු නිසාන් පැට්රෝල් ලොරි පොඩ්ඩා ගැන ලියාපු මුල් වගන්තිය ගුරු තන්හී තබාගෙන නිසාන් පැට්රෝල් ගැනයි වෙනත් ජීප් ගැනයි බොහෝ සෙයින් කතා කර තිබුනා. ඒ නිසාම හිතුනා තව ටිකාක් මේ ගැන කතා කරමුය කියලා.

මේ කතිකාව පටන් ගන්න කොටම කියන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේ ලියන බොහෝ දේවල් මගේ අත්දැකීම් හා මතකය මත පිහිටා ලියන බැවින් පොඩි පොඩි අඩු පාඩු හා වෙනස් විය යුතු තැන් තිබිය හැකි වන අතර සමාව භාජනය කර; සදොස් තැන් කොමෙන්ටු මගින් නිදොස් කර ගෙන ඉදිරියටම යමු.

Friday, February 8, 2019

123. දළ රළ මැද.........!



නැගෙන  දිය සුළි තරග නංවා දිවි ගමන බිහිසුනු                     කරයි
රැගෙන   සිය දිවි පමනකුදු නොව සිය පතද ගෙන පාව               යයි
දැනෙන   පිය සෙනෙහසද ගුලි කොට දියඹ හා නිති පොර        බදයි
වැනෙන   කුඹ ගස රුවල එක්කොට කෙම් බිමට යන මං     සොයයි






දිවිය    අති තෙක් දිවි ගෙවන්නට ඔබේ සුසුමන් මා         පතන්නෙමි
ජවය   ඇති තෙක් නොවේ හදවත ගැහෙන තුරු මා ඔබ   රකින්නෙමි
බලය  නැතිමුත් කාසි කොලවල මිනිස් බව ඇත මිල    නොදන්නෙමි
ඔබය  මගෙ පන! මිය ගියද මා කිසිදු ලෙසකින් හැර    නොයන්නෙමි


23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...