Friday, December 8, 2017

69. හබරණ පුර කිඹුල් වස්තුව.....!





 එක පැත්තකින් මේක සොමි කථාවක්. හැබැයි සොමි කියන්නේ සෞම්ය කියන එක !
 කිඹුලෙකු ගෑවුනු කථාව කොහොමද සෞම්ය කථාවක් වෙන්නේ ?
එහෙනම් මෙතන ඉඳන් කියවමු මේ සොමි කතාව - හබරණ පුරවර කිඹුල් පුවත!

ඕන්න අපේ පවුල මායියා නොහොත් හාමිනේ දවසක් හැන්දෑවක මට කිව්වා
 “හැමදාම ඔය වැද්දා වගේ කැලේ යන එක හරියන්නෑ !
                                                               -යමු අපි හෝටලේකට ලමයි දෙන්නවත් දොක්ක ගෙන” කියලා.

 මෙයා මෙහෙම කියන්නේ මම දන්න එකම ට්රිප් එක තමයි කෑම්පින් ! වැඩි වියදමකුත් නෑ ! වැඩෙත් වැඩි අවුලකුත් නෑ !
 “යමුකො එහෙනං ඕන මගුලක!” කියලා මාත් වැඩේට සැට් උනා ! මොකද මම ගෙදර ඉන්නත් එපායැ !!

 “හරි දැන් කොහේද යන්නේ ?” මමම අහපි !

 “අපි යමු පාසිකුඩා ……!

ඒ කාලෙ“මාළු මාළු” හෝටලේ බැසිල් ලොක්කා විවෘථ කරලා කෙටිම කලයයි.

 “කාඩ් ඔෆර් එකක් තියෙනවා මේ මාසෙ යනවා නම් 50% ක ඩිස්කවුන්ට් එකක් මාළු මාළු එකේ !” කියන්න ඕන නෑනෙ අපේ කාන්තා පක්ෂයට ඩිස්කවුන්ට් එකක් දෙනවා කිව්වොත් ටොන් 15 ගල් රෝලක් උනත් ගෙනල්ලා තියා ගනී “කවදා හරි ප්ර්යෝජං වෙයි !” කියලා.
 පුදුමයි නිකං මල් වඩමක් දෙනවා වෙලත් මිනී පෙට්ටියක් ගෙදර නොගෙනෙන්නේ ?

ඉතින් මමත් වැඩේට සෙට මෝල් උනා. ඔය කියන කාලෙ මට තිබුනේ Toyota LN 106 ෆෝ වීල් ඩබල් කැබ් එක.
 අප්පට සිරි ගහේ ගලේ උනත් එකෙන්ම තමයි. ඉස්සරහ දුනු - ඒ හින්දා සැප නෑ අහෝ ! තමයි. ඒත් ගමනට යකා! බය නැතිව ඕන එකෙකුට රෙකමන් කරණ්න පුළුවන් වන්ඩිය !

ගහේ ගලේ යන්නට හැකි  අරුම පුදුම රෝද 4

 ඉතින් හාමිනේ හෝටලේ බුකින් පැත්ත බලා කියා ගනිද්දී මම වන්ඩිය සර්විස් එකට දාලා වැඩ කරණ්නෙ නැතිව තිබුනු ලයිට් බයිට් ටික කඩවත ලකි අයියගෙ විකලේ ගාව ඉන්න එලෙක්ටික් සරාට කියලා හදවා ගෙන වැඩේට සෙට් උනා.

දැන් මේක කියවන් උන්නැහැලා බලනව ඇති “කෝ කිඹුලා?” කියලා.
 ඇත්තටම කියන්න මේ මොහොත වෙනකොට මමදන්න කිඹුලෙක් හිටියානම් අපේ ගෙට හැරෙන තැන රංජිගේ “බාක් හවුස්” එකේ ෂෝකේස් එකේ ඉන්න සීනී හැලිච්ච කිඹුලෝ විතරයි.
 ඔය කාලෙ එකෙක් රුපියල් 15 යිද කොහෙද!
ඒත් මම කෑවෙ ජෑං පාන් ! ඒකත් 15 යි. අරෙකෙ සීනි විතරයි!
 මේකෙ රතු පාට ජෑනුත් තියෙනවා !
 මොන ගොනාද එකම ගනදීලා ජෑං නැති ; සීනී විතරක් තියෙන කිඹුලො කන්නේ?

 මේකට “බාක් හවුස් ” කියන නමදීලා තියෙන්නේ ඒකෙ උඩ ගහලා තියෙන බෝඩ් එකේ අකුරු අමුනපු කොම්පූටර් වැඩ්ඩා !
ඌ Bake House ලියලා තිබුනේ Bark House කියලා!

බාක් හවුස් කිඹුල් මොටා!

 ඉතින් කතවෙන් කතාවෙන් කියාගෙන ආපු කතාව යට යටයනවා!

ඉතින් නියමිත දවසේ මායි හාමිනෙයි කොල්ලයි දූ සිඟිත්තයි අරණ් මම දෙයියනේ කියල පිටත් උනා.
 ඉතින් මෙහේ ඉඳන් වරකපොල, කුරුණෑගල එතනින් ගියහම ඔය දඹුල්ල , ගලේවෙල එහෙම පහුකරගෙන අවා හබරණ ට.
 බස්ටෑන් එක පහු කරලා අඩි ගානක් යන කොට දකුණු පැත්තේ උඩතට්ටුවේ ඒකාලෙ තිබුනා හෝටලයක් “මිනොල්ටා” කියලා.
 ඒකෙ තමයි අපේ තාත්තා තාත්තට වඩා ගිණි සීනියර් බුවෙකුට අම්ම මෝ නැතිව සමුගැනීමේ සදයක් පවත්වලා තියෙන්නේ !

 ඉතින් මම අර කිව්ව බස්ටෑන් එක පහු කරලා අඩි 10 යක් යන්න හම්බුනේ නෑ මෙන්න වං අත පැත්තේ අයිං කරලා නවත්තලා තියෙනවා කොල පාට ඉංග්ලිශ් නොම්මර Toyota LN 166 අළුත් මොඩල් එකේ ෆෝ වීල් ඩබල් කැබ් එකක්.
 ඉතිං මේක බලන අය අහයි “ඉතිං මට පාං ද ?” කියල!
 “පාං නෙවේ කිඹුලා”
“මොකෙක් ..?”
 “මොකෙක් වත් නෙවෙයි කිඹුලෙක් !”
 ඔව් දෙයියනේ මේකෙ පිටපස්සේ හතර දෙනෙක් බක්කියට නැගලා බිමට තද කරගෙන ඉන්නවා කිඹුලෙක්.

මම මුළින්ම දැක්කේ වලිගෙ විතරයි.
මමත් 60 පන්නලා යනගමන් යාන්තමට දැක්කෙ. දැක්ක ගමන් මම ගැහුවා බ්රේක් පාරක් ටයර් වලින් ; තෙල් හිදිලා හාල්මැස්සෝ තාච්චියෙන් එන කර ගඳ එන්න. ක්ෂණිකව මම රිවස් කලා එකසිය ගනට.

 මගේ රිවස් එක ගැන “දන්නෝ” දනිති ! මම ඊයෙත් රිවස් කලා රිවස් කිරිල්ලක් …… කියන්න ඕන නෑනෙ ! අපේ හාමිනේ කියන්නේ “ මෙයාට ඉස්සරහට යන්න අමරු උනාට පස්සට නම් ඕන දුරක් යයි!” කියලාය.
 අර “දන්නෝ” එයද දනිති!

 “පුතේ ආං කිඹුලෙක් කැබ් එකක දාගෙන යනවා. බැහැලා අහපං කොහේටද ගෙනියන්නේ කියලා !”

“කොං?”

ඔය ඉන්නේ …බං !” මට මල් යායකි !

 කොල්ලා බහින කොට අර කැබ් එක (තෙශාන්ත කියනවා වාගේ) “සූස් ..!” ඇද්දා කියහල්ලකො!
 මමත් එකෙන්ම පිකප් කලෙය.!

 “මනුස්ස්යෝ මොලේ හොඳ නැද්ද? මේ කෙහෙම්මල් කිඹුලෙක් පස්සෙ එළවන්නේ? අර ලමය බිම !”
 අප්පට සිරි වැඩේ ඇත්තය! නවත්තල කොල්ලාව දාගෙන ආයෙත් යන්නට විය!

 ඔය බොඩියයි සස්පෙන්ශන් පැත්තයි අළුත් උනාට LN 106 , 107 ,166 ඔය ඔක්කොටම ආවේ එකම ඇන්ජිං ගියර් පෙට්ටි.
 ඒක තමයි 3L එන්ජිම නොහොත් කවුරුත් දන්න විදියට කියනවා නම් ඩොල්පින් ඇන්ජිම.
 2800 cc!
ඒකෙ ඉංග්රීසි නොම්මර වුන්නට මගේ එක 56 එක්දාස් කාණ්ඩෙ උනත් එකම එන්ජිමය!

මගේ වාහනේ බොඩිය අවුල් වුනාට දිවිල්ල එකෙන්ම!
 හදලා තිබුනා තිබුනා සුප්පා සුපිරි තල් සූකිරි වගේ!!
 එකට තියලා ඕන එකක් එක්ක යන්න පුළුවන් වෙන්න  පොම්පෙ උපරිම තෙල් ඇරලයි තිබුනේ!

 මම මග හැලුනු කොල්ලවත් දාගෙන වාහනේ පාරට ගන්න කොට අර කැබ් එක හබරණ රවුන්දබවුට් එකෙන් පොලොන්නරුවට හරවලාත් ඉවරයි.
 මමත් ඇරියේ නෑ රවුන්දබවුට් එකෙන් හරවලා පොලීසිය ගාවදි තමයි තර්ඩ් එකට කැඩුවේ.
 එතනින් එන්ජිම ෆුල් RPM එකට අරන් තමයි ෆෝර්ත් එකට දාගත්තේ.
දැන් මට පේනවා අර කැබ් එක.
ගසලා යනවා.
කැබ් වල පිටිපස්සේ බක්කියට ලෝඩ් එක වැටුනේ නැත්නම් එලවීම අමාරුයි.
බර වැටුනාම එකෙන්ම කොන්ට්රෝල්!
 ඒ පැත්තෙන් ඒ කැබ් එක ඉදිරියෙන්.
ඒත් ටික වේලවකින් ඒක ලඟට ගන්න පුලුවන් උනා.
 මගේ කැබ් එක පන්නනවා කියලා දැක්කාම ඒක තව යන්න ගත්තා.
මමත් ඇරියේ නෑ.
අනේ ඇස්වහක් කටවහක් නෑ මගේ කැබ් එකත ඕන වෙලාවක “යං!” කියා ගත්තු ගමන්මයි.
එන්ජිම පට්ට!
ඉස්ම යන්න අරින්න පුළුවන් ඕන එකක එක්ක හිතේ බය නැත්නම් !

 මෙහෙම විනාඩි විස්සක් පැය භාගයක් ගිහින් හැරෙව්වා මේක ;මින්නේරිය වනජීවි පාර්ක් එකට.
 මාත් හැරෙව්වා.
එතන ගේට්ටුව ගාව ඒ කැබ් එක නවත්වද්දිම මම බැහැලා ගිහින් ඒකෙ ඩ්රැයිවර්ට කථාකලා.

 “මේ කිඹුලා කැලේට අතහරින්න යන්නේ ! ඉක්මනට ටිකට් අරන් එන්න අපි යනවා !”

 ටිකට් තුනකුත් සුරුස් ගාල ගත් මා නැවත ; එම කැබ් එක ගිය මග යන්නට ගත්තා!

  මගේ කථාව අවසානයි ! අසා සිටි ඔබ සැමට ස්තූතියි! මෙතැන් සිට දිග හැරෙන්නේ “හඳ මමා චිත්ර” පිටුවයි!

කිඹුලෙකු හඹා යෑම!

මොන විදියට ගැට ගැහුවත් -  කිසිම ෂුවර් එකක් නොමැත!

ඔන්න තරම!


අභය දානය  ලද කිඹුලා 
 වරිගෙ කිසිවෙක් නොකල ගමනක්!

 ඔන්න ඔහොමයි කිඹුල් කතාව අවසන් වෙන්නේ.

මේ පිරිසෙන් මා හට මතක එහි රියැදුරු රණබාහු ගේ නම පමණි.
මෙම කිඹුලා අල්ලාගෙන ඇත්තේ දඹුල්ලේ වැවක සිටය. මෙම සතාව හදුනා ගෙන ඇත්තේ එම වැවේ නන්න ගිය අයෙකුහට මෙම කිඹුල් තඩියාව පෑගීමෙන්ය !

 නෝනාවරුණි මහත්වරුණි ගඟ දිගේ ඉක්මනින්ම පිටත් වෙමු !
 ඊට අමතරව මෝටර් රථ දියේ ගිලීම ගැන තව එක් පෝස්ටුවක්ද ලියමින් පවතී.
 ඊට අමතරව අපේ කල්යාණ මිත්ර කමි මහතා ගෞරවයෙන් යෝජනා කර තිබුනා දියෙ ගිලීමෙන් සිදුවන අනතුරු සඳහා ලබා දෙන ප්රථමාධාර පිළිබදවත් ලියන ලෙස !
එම අරාධනය දුටු පමනින් මට කමී මහතගෙන් අහන්නට හිතුනේ
 “ “මහත්තයෝ ඔයා හිතන්නෙත් මගේ හිතෙන්ම දෝ ?” කියලාය.
ඇත්තෙන්ම එය සමාජ අවශ්යතාවයකි!

 ඒක නෙවෙයි මොකද කියන්නේ මේ කිඹුල් කතාව තවත් සොමි කතාවක්;
 නොහොත් සොමි ටෝකක් නෙවෙයිද?

35 comments:

  1. ඒක නෙවෙයි මොකද කියන්නේ මේ කිඹුල් කතාව තවත් සොමි කතාවක්......
    මේක කතාවක්ද ?????????????????

    ReplyDelete
    Replies
    1. ඔව් මචං මට නම්.....

      Delete
    2. අනේ මම ඇහුවේ කිඹුලගෙන්!

      Delete
  2. ඇයි අප්පා ඔය වාහනේ පස්සේ ඔය තරම් එලෙඋවේ. හිතුවද කිබුලා මරන්න ගෙනියනවා කියලා. සමහර විට ඔබ වාහනේ අදුරගෙන නෑ වගේ. වනජීවී එකට වැඩිපුරම තියෙන්නේ ඔය ජාතියේ වාහන තමයි. ඒවගේ පේන්ට් එකත් ඔය පාටම තමයි. තව දෙයක් ඇයි වනජීවී එකේ ට්‍ ෂර්ට් එකවත් අදුර ගත්තේ නැද්ද? එයාලා ටික දෙනෙක් ඇදන් හිටියනේ. අයියෝ රැවටිලා තියන තරමක්.

    ReplyDelete
    Replies
    1. නෝනො මම් හබරණදි කැබ් එකේ දපා තියලා කිඹුල දැක්ක ගමන් දැන ගත්තා මූව අතාරිණ්න ගෙනියනවා කියලා. මම දැකලා තිබුනේ නෑ මගෙ මුළු ජීවිත කාලයටම කිඹුලෙක් ට මේ වගේ ගේමක් දීලා තියෙනවා. ඉතින් ඒ සිද්ධිය බලන්නයි මට බලන්න ඕන වුනේ!
      "//තේරුණේ දැන් තමයි...."// - එච් ආර් ජෝතිපාල

      Delete
  3. ඔය තරම් සැපක් ගන්න පුළුවන් ජොබක් දාල ආව කියලා මතක් වෙනකොට දුකේ බෑ අප්පා

    ReplyDelete
    Replies
    1. දුමිදු ඔයා වනජීවී එකේ වැඩ කරාද? අපරාදේ අස් උනේ. ජීවිතේ විදින්න පුළුවන් රැකියාවක් .

      Delete
    2. අහෝ දුකකි ඉරකි තිතකි තිත් ගොඩකි!

      Delete
    3. Iromani... පත්වීම බර ගත්තේ නැත.(ප්‍රිය බිරිඳගේ ඉල්ලීම පරිදි.එයා බය වුනා මම අලි පස්සේ කැලේ යනවට )

      අය්යේ... දුක කියන්නේ අය්යලා ඔය වේගේ වීඩියෝ දාලා මනස කලම්බන්න හදන එකට

      Delete
  4. මදෑ කිඹුලෙක් පස්සෙ එලෝල කරගෙන තියෙන දෙයක්. ඉතිං ඔහේල පාසිකුඩා ගියේ නැද්ද?

    //කමි මහතා ගෞරවයෙන් යෝජනා කර තිබුනා දියෙ ගිලීමෙන් සිදුවන අනතුරු සඳහා ලබා දෙන ප්රථමාධාර පිළිබදවත් ලියන ලෙස// ඔය මනුස්සය සේෆ්ටි කාරයනෙ. ඔය කවුරුහරි ගිල්ලෝල මරන්න ට්‍රයි කරනව ඇති. හැක්..

    ReplyDelete
    Replies

    1. ගියා ගියා මල්ලියෙ ගියා!

      ප්‍රසිද්ධියේ කියපු එක වැරදියි මම නම් කියන්නෙ!?

      Delete
  5. මේ මිනිස්සුන්ට එතකොට වාහනයක් තිබිලා නැද්ද ? ඔබගේ කැබ් රථයේ කිඹුල් රාළ කෙනෙක් දාගෙන යනකං හාමිනේ කොහෙද හිටියේ ? දොස් කිවේ නැද්ද ? පාරේදී රිය අනතුරු වලින් තුවාල වෙලා ඉන්න මිනිස්සු දාගෙන යන වාහන හිමියන් ගැන අහලා තිබුනට කිඹුල් තඩියෙක් දාගෙන ගිය කෙනෙක් ගැන අහව්වමයි.

    ReplyDelete
    Replies
    1. බුදු මල්ලියේ කිඹුලා ගියේ එකක! ඉස්සරහ එකේ!
      කිඹුලි ගියේ මා එක්ක! අවුලක් උනේ නෑ රත්තරනෙ!

      Delete
  6. මේ ලිපියෙන් මඩ ගහලා තියෙන්නේ මාලබේ ස්වුඩ්රෝස් ඩෙන්ටල් ක්ලින්ක්හි හිමිකරු දන්ත වෛද්‍ය(පේරාදෙණිය) දත් කිඹුලා මහතාට නේද ? එළකිරි වෙබ් අඩවියේ ගරු කටයුතු මෙම්බග්ර් කෙනෙක් වන එතුමාට මඩ ගැසීම ලක්ෂ 7 කට ආසන්න සාමාජිකයන් පිරිසක් සිටිනා එලකිරිය සමග සිදුකල පෞද්ගලික අරෝවක් ලෙස අප සලකන බැව දැන්වීමට කැමැත්තෙමු.

    අපගේ බලකාය මගින් ඩොස් ප්‍රහාරයක් එල්ල කොට මෙම බ්ලොග් අඩවිය අඩපන කිරීමට අප තීරණය කොට ඇත.

    මෙයට
    GTRZ (රංග තේනුවර)
    එළකිරි ඩොට් කොම් ඇඩ්මිනිස්ටේටර්

    ReplyDelete
    Replies
    1. "සමාවෙන්න රත්තරණේ වරද මං අතේ....??" චන්දන ලියන ආරච්චි

      Delete
  7. සබාවෙන් අවසරයි...
    මම මෙතැනට පැමිණියේ සුට්ටන් ප්‍රශ්නයක් අහන්නටයි.

    හතර දෙනෙක් ගියාය කියපු වාහනෙන් බැහැල, වනජීවී පාක් එකට යන්න ටිකට් තුනක් ගත්තේ... ( නිවැරදි පිළිතුර/පිළිතුරු තෝරන්න )
    1. කොල්ලා එක්කෝ තාමත් අර බස්ටෑන් එකේ නිසාය
    2. කිඹුලාගේ හිලව්වට තට්ටයාගේ ටිකට් එක බැර කල නිසාය
    3. මගදී ආපු වේගෙට හාමිනේ බිමට වැටුණු නිසාය
    4. මින් කිසිවක් නොවේ...

    ඉස්ටූතියි !


    [කියන්න ඕන නෑනෙ අපේ කාන්තා පක්ෂයට ඩිස්කවුන්ට් එකක් දෙනවා කිව්වොත් ටොන් 15 ගල් රෝලක් උනත් ගෙනල්ලා තියා ගනී “කවදා හරි ප්ර්යෝජං වෙයි !” කියලා.
    පුදුමයි නිකං මල් වඩමක් දෙනවා වෙලත් මිනී පෙට්ටියක් ගෙදර නොගෙනෙන්නේ ?]
    මේ.. මේ.. මේ.... මෙව්වා කියලා තට්ටේ පලාගන්න එපා හරිද? ( ඒ උනාට මට මතක් උනේ 'සල්ලි දීල ගවුම ගත්තේ ඇඳගෙන යන්න..' - මිනි ගවුම ; සින්දුව ) ඉතින් ගල්රෝලක් උනත් හරි පොරෝජන් තමයි, බලන්නකෝ මේ අවුරුදු ගානකට කලින් බැකෝ කියන්නේ luxury වාහනයක් උනා. ආණ්ඩුව පෙරලුනාත් හරි ඉවරායි උනත්- ඒ කාලේ කල්ල මරේ නැද්ද හා?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ තට්ටයට ටිකට් එකක් ගන්න තරං වයස මදි හින්ද.

      Delete
    2. සමාවෙන්න මින් එකක් වත් නෙවෙයි!
      තට්ට්යා ගන පේල් ය!

      Delete
    3. අයියො ආයෙමත් කෙළවුනා නේද? මවුබසත් පේල්ද මන්දා!

      සමා වෙන්න ගන නෙවේ රත්තරණේ ගනං ! ගනං!!

      Delete
    4. ඔක්කොම උත්තර වලට රත්තරන් ගාගෙන එනකොට මේ නමටත් ලැබිලා වගේ. ඒ උනාට ප්‍රශ්නේ තාම වලංගුයි. මොකද දන්නවද, උත්තරේ තව ගැටළුවක් තියෙන නිසා.

      තට්ටයාට ගණන් බැරිබව කෙසේ වෙතත්, පාක් එකේ ටිකට් දීපු උදවියත් ලෙසටම සිංහල + ගණිතය දුර්වලයි වගේ. ඒකද මේ ජාතික ධනය අපතේ යන්න හේතුව???
      දැන් මේ කිඹුලා දන්නවද උගේ මේ අලකලංචිය නිසා අභිරහසක් එලි උනාය, ඌ ජාතික කර්තව්‍යයක් කලාය කියල? නෑනේ??? ඌට හිතෙන්න ඇති

      "මදැයි වැවකට පොඩ්ඩක් බැස්සා ඩිංගක් ඇඟපත තෙමාගන්න කියල. මේ මොකද්ද මචං මේ උනේ?"

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ගැත්තාට අනුකම්පා කරමු!

      Delete
  9. කිඹුලගේ සෞම්‍ය වගේ පේන කෑල්ලක් තියනවා. කට ඇරගෙන අව්ව තපින කොට. කට ඇතුල මලක් වගේ ලස්සන රෝස තැඹිලි කහ සුදු බොහොම සෞම්‍ය සංකලනයක්.
    https://www.shutterstock.com/image-photo/crocodile-open-mouth-157021568?src=WRDDm4hLc_ATMA2MPvs0KQ-1-25


    ඒක නෙමෙයි අර මොකක්ද කිඹුලි කතාවක් ලියල තියෙන්නෙ ඇනෝ කෙනෙකුට උත්තර දීලා? බෑන්කිං ටර්ම් එකක්ද?

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් ඕක දැනුනු එකෙක් වත් අහගන්න ජීවත්ව නෑනෙ! හරියට මොහිණී දැක්ක එවුන් වගේ!

      අනේ අපේ ගෙදර ඉන්නේ හැලයයි සීදේවියි නෙ!?

      Delete
  10. සමා වෙයන් අයියෙ පරක්කු උනාට
    උඹ කීව වගේම ලියල තියෙව සුපිරියි.
    මද්දා මේ ගෘප් එකක් නිසා අම්බානට බිසී ෙවලා.

    ReplyDelete
    Replies
    1. එළ ! එළ !! අවුලක් නෑ ! ඒක නෙවේ අර වෙන්නප්පුවේ වැඩේ මොකද වෙන්නේ?

      Delete
  11. ආහ්... එළ කිරි. කිඹුල්ලු අල්ලනවා බලන්න මිනිස්සු පොරකෑවත් නිදහස් කරනවා දකින්න ලැබෙන්නෙ මහ කලාතුරකින්.. චෑන්ස් එක ගන්න පැකිලුන්නැති තට්ටයාට ආචාරේ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ආවාට! කියෙව්වාට!! ලිව්වාට!!
      ඔබගේ පැමිණීමම මාහට කල ගෞරවයක්සේ සලකමි!

      Delete
  12. අපුරු අත්දැකීමක් සහා ලියැවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! පැමිනීම සතුටක්!

      Delete
  13. මරු අත්දැකීම නේ ...
    අරූගෙ අත් කකුල් බැඳල තිබ්බ විදිහට මං හිතුවෙ ජොයින්ට් පැනල ඇති කියල ...
    මටත් කිඹුල් නැට්ටක් පෑගිලා තියනව ...
    මැණික් ඟගේදි ..
    හැබැයි පොඩි පැටියෙක්ගෙ ...

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම මල්ලි උඹ වගේ නිෂ්ඵල ඡායා රූප ශිල්පියෙක් හිටියානම් මීට වඩා හොඳ පින්තූර වාර්ථාවක් අවකාශයට මුදා හරින්න තිබුනා!
      ස්තූතියි! පැමිනීම, කියැවීම, ලිවීම හා අගය කිරීමට!

      Delete
  14. අය්යේ ඊළඟ පොස්ට් එකට දවස් දහයක් හොඳටම වැඩියි වගේ නේද ?

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...