Friday, July 7, 2017

කයාක් එකයි ! එක ගමනයි !! බත් එකසිය හතලිහයි !!!


දෙගොඩ තලා යන කැලණි නදිය...

කාලය අදට අවුරුද්දකට මදක් වැඩිව
මාගේ “මේ එන්නේ  ඒ වතුරද?” පෝස්ටුව පලකලේ මීට මාස දෙකකට පමණ පෙර.     
මා සැකකල පරිදිම සිතූ අයුරින්ම මේ ආවේ ඒ වතුරම විය !
මේ වසරේ ගං වතුරට ලක් වූවන් වෙනුවෙන්  කල කී දෑ 
(මගේ බිරිඳ ගේ වචනයෙන් කියනවානම් පංපෝරිය )
 “දවස් දෙකයි, ළිං තිහයි, තේ පණහක් හැටක් විතර ” පෝස්ටුවෙන් කියවා  ඇතැයි මා සිතමි. එම පෝස්ටුව කියවන ලද දුමිදු ගමගේ මිතුරු තොමෝ  ඒ පිළිඹඳව අධිතක්සේරුවකින් කල කොමෙන්ටුවට පිළිතුරු ලෙස හැරෙන තැපෑලෙන් ලිව්වේ ඕව නම් මොනවද ගිය අවුරුද්දනෙ වැඩකලේ කියලාය .
 මෙතැන් සිට දිග ඇරෙන්නේ ඒ පට්ටන්දරය හෙවත් පංපෝරියය! 

මේ කයිවාරුව දෙස kayaking ඇහැකින් (ඒ මොකද්ද ඒ ඇහැ ?) බැලුවහොත් තේරේවි මේ තවත්  වෙනස් kayaking අත්දැකීමක් බව .

එදා තමා හරි හුළඟ! හුළඟ විතරක්නම් මදෑ? අතරින් පතර මොර සූරණ වැස්ස. මුළු වනය මහ කුණාටුවෙකින් කැළැඹීගිය මුහුදක් මෙන් වී ය.

හෙළ සාහිත කෙත පුබුදුවාලූ කුමතුඟු මුනිදසුන් වෙතින් ළපැටියන්වෙත! 
හදවතේ රෝපිත ප්‍රථම සාහිත බිජුවට!

මේ කුමාරතුංග මුනිදාස පඬිවරයාගේ "හීන් සැරය" පොතේ පළමු  පරිච්ඡේදය පටන් ගන්න පළමු වැකි පෙල!
 මේ මා කියන කතාව පටන් ගත්තෙත් මෙන්න මේ වගේ වතාවරණයක් යටතේ කිව්වොත් හරියටම හරි!
ගිය අවුරුද්දේ වෙසක් මාසෙ උදා උනේ එකසිය ගානට වහිද්දිමයි. බෙංගාල බොක්ක හිල්වුනා සේ දැඩි වර්ෂාපත්නයකින් මුලු කැළණි මිටියාවතත් , ගංඟා ධාරයනුත් , ජල පෝෂක ප්‍රදේශත් වැසීගියේ එකවරම!

වයසට ගියත් හවසට ගෙදර - Land Cruiser BJ60

මහ වැස්සේ වුනත් , මහ ගං වතුරේ වුනත්  BJ 60  මාවත් බිරිඳවත් කාර්‍යාලවලට වෙලාවටම ඇරලූවේ පවුලේ වග කීමක් කර දරණ ලොකු අයියා කෙනෙක් වගේ!  

මහ වැස්සේ ඔෆීසියට  ගාල් වන අපේ රැකියාවේ ප්‍රධානම කාර්‍යය වූයේ අවට පලාත්වල ගං වතුර තත්වයන් සමාලෝචනය සහ ගං වතුර පිළිඹඳ කටකතා එක් රැස් කොට බෙදා හැරීමත්‍.
 මෙසේ අප එක් රැස් කොට බෙදා හරින ලද සුපිරිම කට කතාව වූයේ පෙතියාගොඩින් කැළණි ගඟ අයිනේ ඇති වේල්ල කැඩී යන්නට ආසන්න බවයි.මේවා හුදෙක් කට කතා පමනක්ම නොවීය.
 මේවායේ කිසියම් සත්‍යතාවයක්ද නොතිබුනාම නොවේ!   

මෙසේ දිනක් ගෙවෙන විට  උදෑසන සිරිත් පරිදි රැකියාවට එන අතරතුර මාගේ ප්‍රිය බිරිඳ මාගෙන් විමසුවේ “ඔයාලා මොනවත් කරන්නැද්ද ?” කියාය. 
එදින කාර්‍යාලයට පැමිනෙන විට එහි තත්වයත් බොහෝසෙයින් උනුසුම් වී තිබුනි. කැළණි මිටියාවතේ ජීවත්වූ කිහිපදෙනෙකුම අප සමග සේවය කිරීම මෙයට හේතුව විය.  සිද්දිය වඩාත් දරුණුවූයේ අපේ එක් සේවකයෙකුවූ සේනක පෙරේරාගේ නිවස මේවනවිට ජලයෙන් ආක්‍රමනය වෙමින් පවතිනබවට  කැළණි  පංසල අසල මෙගොඩ සිටිය නුවන් බණ්ඩාර විසින් ගෙන ආ ආරංචියෙනි.  
 
ඒ සමගම මා පසිඳු ඇමතිමි . පසිඳු දූරකථනයට කතාකලේ සාම්ප්‍රදායක ලෙස “හලෝ” කියා නොව “අපි මොනවද කරණ්නේ ?” කියා අසමින්‍ය! ඊළඟට ඔහු කීවේ ඔහුගේ මිත්‍රයකුවූ දිමුතුගේ දන්නා පිරිසක් මාලඹේ ගොඩනැගිල්ලක් මත සිරවී ඇති බවත් ඔවුන්ව ගලවා ගැනීම සඳහා යෑමට අවශ්‍ය බවත්‍ !

දැන් අපට යාමට අතක් ඇත. කරණ්නට දෙයක් ඇත. කිසියම් අරමුණක් ඇත. මා වසික ඇමතිමි .ඔහුද ජිවිතාරක්ෂකයෙකි. ප්‍රථමාධාර පිළිඹඳ ද දැනීමක් ඇත. ඔහු මා හමුවීමට  ඔරුගොඩවත්තේ මාගේ කාර්‍යාලයට පැමිනියේය . පසිඳු දිමුතුත් සමග කඩවතට පැමිනේ . 
 බිරිඳ ; ඇමතුමකින් දැනුවත්කල මා වසික සමගින්   BJ 60  යේ ගෙදර පැමිනියෙමි. 
 ගෙදර පැත්තක නිවාඩු පාඩුවේ තිබුනු කයාකය BJ 60 යට  පටවාගත් අප හැකි ඉක්මනින් නික්මින.

කයාකය හිසේ දරාගෙන හොර්ටන් තැන්නේ

 දිමුතු ඔහුගේ පිරිස සොය ගිය අතර   ඔහුගෙන් ඇමතුමක් එනතුරු අප මාලඹේ කඩුවෙල  මාර්ගයේ පැමින චන්ද්‍රිකා කුමරණතුංග මාවත පෙනෙනතෙක් මානයේ නවතා කයාකය බිමට බෑවෙමු.
 මේවන විට සිටියෙ මමත් වසිකත් පසිඳුත් යන තිදෙනගෙන් සමන්විත කණ්ඩායමකි . එම ස්ථානයේ සිටි විශේෂ බලකායේ ඉහල නිළධරුවකු හා ඔහුගේ කුඩා බට පිරිස එතැන රැස්ව සිටින පිරිස ඈත් මෑත් කොට කයාකය දියත් කරණ්නට ඉඩ ලබා දුනි.
 අප වෙතින් එම මොහොතේ සිදුවිය යුතු කිසියම් මෙහෙයක් වෙත්දැයි ඔවුන් ගෙන් කල විමසීය. අසල ඇති ඕකිඩ් රෙසිඩන්ස්  නිවාස සංකීර්ණයේ කිසිවෙකුහෝ සිරවී ඇත් දැයි සොයා බලා වාර්ථා කරණමෙන් ඔවුන් අප කාර්‍යයක් පැවරුවේ අප කල විමසීමට පිළිතුරු ලෙසය . 



ගං වතුර පටන් ගත්  අවස්ථාවේ ගිහාන් චාමික මිතුරා විසින් චන්ද්‍රිකා කුමාරනතුන්ග මාවත අසල ගත් ඡායා රූප දෙකක්.  මේ කථාව සිදුවන විට වතුර මට්ටම අඩි 4 කින් පමන වැඩිවී තිබුනි.


කයාකය දියමත ඇදගෙන අප දනක් ගැඹුර වනතෙක් ආවෙමු. චන්ද්‍රිකා කුමරණතුංග මාවතට මීටර 30 ක් පමන දුරට යන විට තවදුරටත් ඇවිදගෙන යෑමට අපහසු වූ බැවින් අප කයාකයට නැග හබල් ගාන්නට පටන් ගත්තෙමු.

 ඉදිරිපසින් පසිඳුද පිටුපසින් මමද මැදින් වසිකද රැගත් කයාකය සෙමෙන් සෙමෙන් චන්ද්‍රිකා මාවත දිගේ ඇතුලට යාත්‍රා කරණ්නට විය.   එතෙක් විරාජමානව වැජඹුනු මහල් නවීන සුඛෝපභෝගී නිවාස ගං වතුරෙන් අඩි 20 ක් පමන වැසී ගොස්‍.

 කුඩා මැස්සන් දළඹුවන් හා වෙනත් කaමීන්  ගෙන් අසල කුඩා ගස් වල අතු පතර පිරී පැවතුනි. අසල කුඩා යකඩ වහලක් මත කහ පැහැති පූසෙකි ! පීදුනු කුඩා පොල්ගස් වල කරටි මට්ටමට වතුර පිරිලාය.  

සියලු සුන්දර මාලිගා දමා නිවැසියන් ගං වතුරෙන් බේරී ඉවත ගොස් තිබුනි. මාගේ කයාකය මත තිදෙනෙකුට ඉඩ පහසුකම් සැපයුවද වැඩිහිටියන් දෙදෙනෙකුට හා කුඩා දරුවෙකු හටය. එවකට උසස් පෙල සිසුවකුව සිටි වසික යනු කිලෝ 70කට කිට්ටු කුඩා පොඩිහිටියෙකු විය. මුළු බර කිලෝ 250 කට ආසන්න බරක් පටවාගත් කයාකය සෙමෙන් සෙමෙන් චන්ද්රිකා කුමාරණතුංග මාවතේ ටිකෙන් ටික තුලට යමින් විය .

වනවිට වේලාව හවස තුන පසුවී ඇත.සිනෙක් ආයතනයේ මිදුලේ ඉටි කවර ඇතුලේඑල්ලා තැබුනු අටපට්ටම් කූඩු තිහ හතලිහක්  පේලියට එල්වා ඇත. ඒවා දල්වන්නට කිසිවෙක් නොමැත. සියල්ල ; සියල්ල අතහැර ගොසිනි


දේශපාලනයට හසුවීමට ප්‍රථම සයිටමය ගං වතුරට යටවෙන්නට ගිය අයුරු!
සයිටමය අසල බෝ ගස සියල්ල දෙස මුදිතා ගුණ භරිතව!

ගිහාන් චාමික මිතුරා විසින් ගත් ඡායා රූපයක්. 

දියෙන් යටව ගිය උස් බිමක සිටි පිරිසක් දියේ බැස ක්රීඩාකරමින් විය. පිරිසෙන් ලත් හෝඩුවාවෙන්  අප ඕකිඩ් රෙසිඩන්ස් නිවස්නය සොයා තවත් ඉදිරියටම යාත්රා කලෙමු
ප්රධාන මාර්ගයෙන් හැරී කිලෝ මීටර 2 පමන එක දිගට හබල් ගෑ පසු හැරෙන්නට දුන් මාර්ඝ සලකුණ වූ බුදු පිළිමය දක්නට ලැබුනි. හිඳි පිළිමයක් වූ එහි පාදම පුළුමනින්ම වාගේ දියෙන් යටවී තිබුනි. පිළිමය පෙනෙන මානයේදී අප කයාකය වම් අතට හැරවූයෙමු

දියෙන් යට නොවුනා නම් බුදු පිළිමය පෙනෙන මානයේ. අනුග්‍රහය ගූගල්

අප දැන් යාත්රා කරණ්නේ චන්ද්රිකා කුමාරණතුංග මාවතෙන් හැරී ඕකිඩ් රෙසිඩන්ස් නිවස්නය දෙසට දිවෙන මාර්ගයට සමාන්තරව වතු පිටි , වැටවල් උඩිනි.

වතුර නැති දාට බුදු පිළිමය ලඟින් හැරී. අනුග්‍රහය ගූගල්
 බුදු පිළිමයේ  පාදම තෙක් වතුර පිරී තිබුනි. ඡායා රූපයේ අසල නවතා ඇති මොටර් රථයෙන් වතුර මට්ටම ගැන දළ නිමානයකට එළඹිය හැක. 


වතුර බොර පැහැවී ඇති හෙයින් අප ගමන් කරන්නේ අව්ට පෙනෙන තැඹිළි ගස්, ලයිට් කනු යනාදි සලකුනු  ප්‍රයෝජනයට ගනිමින්ය. වේලාව හවස 1.00-2.00 පමන ඇත.

හාත්පසම වැහි බීරිමය. පරිසරය මන්දාලෝකයෙන් වැසී යමින්ය. අපදැන් කයාකය නියමිත මාර්ගයට ගත යුතුව ඇත. අප තැඹිළි ගස් පේලිය පසුකොට  ලයිට්කනු අද්දර බලා සෙමෙන් සෙමෙන් හබල් ගෑවෙමු.

එකවරම කයාකය දිය යට යමක වැදී නතර විය . යාත්රාව මදක් හෝ ඉදිරියට හෝ පසුපසට ගැනීමට නොහැකි වනසේ සිරවී ඇත.

සමාන්යයෙන් මෙසේ සිරවූ විට එය ගලවා ගැනීමට එක් අයෙකු හෝ දෙදෙනාම හෝ දියට බැසිය යුතුය. එය කෙතරම් ගැඹුරු දියක් වුවද ගැටළුවක් නොවන්නේ කයාකයට ගොඩවීමට පෙර සියල්ලන්ම ජීවිතාරක්ෂක කබා වලින් සන්නාහ සන්නද්ධ වී සිටීමය

කයාකයක සිට සැබැවින්ම දියට බැසීමක් නැත. එයකිසියම් විදියකට දියට ලිස්සායාමක් හෝ අත් දෙකට වාරුගෙන දියට පැනීමකි සිදුවන්නේ. දියේ සිට කයාකය මතට නැගීම හුදෙක් පැනීමක්ම විය යුතුය.එය ගසකට නගින සේ  එල්ලීගෙන කලහැකි දෙයක් නොවේ.එසේ නගින්නට ගියවිට කයාකය පෙරලීමකට ලක් විය හැක. ආධුනිකයකු කයාකයට ගොඩවන්නට් යනවිට බොහෝ සෙයින් කලබල වන්නේ එය ටිකෙන් ටික පහලට ගසාගෙන යන බැවිනි. එහෙත් ගං වතුර වැනි නිසල ජලයේදී මේ තිගැස්ම අවම වේ.

ගලක සිරවී ඇති විට හබලින් යාන්තමින් තල්ලුකර බැලිය හැක. මෙහිදී “යාන්තමින්” යන විශේෂනය යෙදුවේ   පදින්නට තියෙන හබල කඩාගනීවියන බියෙන්‍. නමුත් මෙම ස්ථානයේ හබල තියා රුකුල් ගන්න්නට දෙයක් නොමැත. කරන්නට ඉතිරිව ඇත්තේ ජලයට බැස සොයා බැලීමට පමනි .

 බසින්නට සුදුසුම තැනැත්තා අන් කවරෙක්වත් නොව මෙතෙක් මැදටවී පැමිනි වසිකය.

“වසික පොඩ්ඩක් බැහැලා බලන්න !” මම කීවෙමි .

එසේ කියා නිකමටමෙන් නැවත ජලය දෙස බැලීමි. මා දියයට දුටුවේ කුමක්ද !? 

ජල තලයට අඩියකට පමන යටින් වූයේ තියුනුව උල් කරණ ලද යකඩ කූරු අඟල් හයෙන් හයට  සවිකොටතිබූ යකඩ වැටකි !

 මා කෑගසා වසිකව නැවැත්වූයෙමි. මා එය යාන්තමින් වත් නුදුටුවානම් වසික පනින්නේ යකඩ උල් මතටය!

මෙන්න ඒ යකඩ උල් සහිත වැට! අනුග්‍රහය ගූගල්

ඉන් පසු වැටට හබල තියා වාරු ගෙන එම මර උගුලෙන් වියෝ විය. ඉන් පසු එතැනින් ඕකිඩ් රෙසිඩන්ස්  නිවාස සංකීර්ණයට ගොස් බැලූවිට එහි කිසිවෙකු සිරවී නොසිටියහ. 


නිවාස සං කීර්ණය දෙසට. අනුග්‍රහය ගූගල්

අති මහත් බහුතරය මහල් නිවාසයෙන් ඉවත්වී ඇති අතර එය පසුපස පැත්තෙන් පාරක් තනා  ගෙන තිබුනි. එතැනින් වතුර බෝතලයක් ඉල්ලාගෙන් බී නැවත එන්නට හැරුණි. වෙනසකට තිබුනේ වසිකත් පසිඳුත් සුහද මාරුවක් කරගෙන තිබීමය .  

A- මාළඹේ කඩුවෙල මාර්ගයෙන් චන්ද්‍රිකා කුමාරනතුංග මාවත පටන්ගන්නා ස්ථානය.
B- ඉහතඡායාරූපයක දැක්වෙන සයිටමය තියෙන ඉසව්ව. 
C- බුදු පිළිමය. 
  
ඒ ක්‍රියාන්විතයෙන් ඉක්බිතිව අප මාලඹෙන් ඉවතට ඇදෙමින් විය. මාගේ දූරකථනය නාද විය.
 "ඔෆිස් එකෙන්!" මට කියැවින.
 "කොහෙද ඔයාල ඉන්නේ?" ඒ අපේ එච් ආර් එකේ මිසීගේ මිහිරි නාදයය.

"ඇයි මිසී මොනවද වෙන්න ඕන? "

මා සමග  දිගටම යන්න එන්න

35 comments:

  1. ලිඛිතා , බොහොමත්ම ස්තූතියි! ගඟක් දීගේ ගිය ගමනක් බලන්න. ඒක තව දිගට ලියන්න තියෙන එකක් . නැවතත් බොහොමත්ම ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ඒ ඔක්කොම බැලුව.... කමෙන්ට් නොදැම්මට :-)

      Delete
  2. ලිඛිතා , බොහොමත්ම ස්තූතියි! ඔයාගෙ බ්ලොග් එකට ගොඩ වදින්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. http://kadadasikole.blogspot.com/

      Delete
    2. බොහොමත්ම ස්තූතියි.ලද විගස එන්නම්!

      Delete
  3. Manjula Ayya,columa keywa.Niyame.Thawa leyanna

    ReplyDelete
    Replies
    1. නිශාන් , මල්ලි ඔයා හැමදාම මගේ බ්ලොග් එක කියවා විතරක් නොනැවතී කොමෙන්ටුවකුත් දානවා. ඇත්තටම බ්ලොග් එකේ පාඨක පිරිස එකින් එක වැඩිවෙද්දි දැනෙන්නේ අහිංසක ආඩම්බරයක්. ඒ උනාට කමෙන්ටුවකින් දැනෙන සතුට මිළ කල නොහැකියි. බොහොමත්ම ස්තූතියි.

      Delete
    2. ඔයාගෙ සයිකල් ටුවර් එක කරන්න මට පුංචි කාලයක් දෙන්න!

      Delete
  4. //එතැනින් ඕකිඩ් රෙසිඩන්ස් නිවාස සංකීර්ණයට ගොස් බැලූවිට එහි කිසිවෙකු සිරවී නොසිටියහ//

    හයියෝ සල්ලි. :)

    මම kayak එකක ගිහින් නෑ තවම. canoe එකක නම් ගියා. ඒත් වැවක.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි. ඔයාගෙ බ්ලොග් එකට මම ගොඩ වැදුනා. අර අවුරුද්දට කැවිළි පිඟන් හුවමාරු කරනවා වාගේ මාත් එක්ක දියට බහින අයගේ ගෙවල් වලටත් ගොඩ වදිනවා හැකි හැම වෙලාවෙම! කනුයින්ග් කියන්නේ වෙනස්ම දෙයක්. ඔයාට මම කියන්නම් මෙහෙම. ඔයා පැදලා තියෙන්නේ හාලි ඩේවිඩ්සන් ක්ලැසික් ටුවරර් එකක්. මම පදින්නේ හොන්ඩා එක්ස් ආර් ට්‍රේලක්. මගේ ජීවිතයේ එක් සිහිනයක් තමයි ක'නූ එකක් ගන්න එක. මට එකක් මිස් උනා දුප්පත්කම නිසාම! තාම හිතන කොටත් දුකයි. ක්'නූ එකකට කැමැති ඇයි දන්නවද? ඒක රතු ඉන්දියානුවන්ගේ සාම්ප්‍රදායික යාත්‍රාව නිසා. මා රතු ඉන්දියානුවන් පිළිබඳව සදාකාලිකව දුක් වන කෙනෙක්!බොහොමත්ම ස්තූතියි නැවතත්!

      Delete
    2. //මා රතු ඉන්දියානුවන් පිළිබඳව සදාකාලිකව දුක් වන කෙනෙක්//
      සමාන සිතුම් පැතුම් තියන කෙනෙක් හමු උනාම දැනෙන්නේ සතුටක්. මේ ඇමෙරිකාවේ කොතැනක හරි ඇවිදින හැම වෙලාවකම මට හිතෙන්නේ මේ කඳු නිම්න අතරේ මිය ගිය ඔවුන්ගේ මුතුන් මිත්තන් තවමත් මේවා ආරක්ෂා කරනවා ඇති කියලා. මේ ගැන මම ටික දවසකට කලින් යොසමිටි ගැන දාපු ලිපියෙත් ලිව්වා

      Delete
    3. සයුරි,
      මා හදසඟවන් උන්ඩඩ්නීයේ කියලා ලස්සන පොතක් තියෙනවා විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයෙන් ප්‍රකාශිත. මට තවම ගන්න බැරි උනා. ඒ කෙ තියෙන්නේ ඔය රතු ඉන්දියානුන්ගේ ඛේදවාචකය. මම කියෙව්වාම ඔයාට ඒ ගැන ලියන්නම්.මම ඔයාගේ ඒ පෝස්ටුව දැක්කා යන එන ගමන්.ඒත් මට ඒක කියවන්න බැරි උනා. කමාවන්න! කියවලා කොමෙන්ටුවක් දමන්නම්.

      Delete
  5. නියමයි. ඉතුරු ටිකත් ලියමු.

    අපේ මස්සිනත් ඒ දවස්වල වැඩ කළේ ඔය හරියෙ. මිනිහ ගංවතුර එන්න ඉස්සර පැනගෙන තිබුණ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්ග, ඔය මස්සිනාලා කියන ජාතිය කොහොමත් කේස් එකක් වෙනකොට පැත්ත පලාතක නොසිට පැනගන්න අය! (ගනන් ගන්න එපා විහිළුට කිව්වේ - මේක මස්සිනාට පෙන්නන) බොහොමත්ම ස්තූතියි.

      Delete
  6. හප්පා තව ටිකෙන් ආධාර නෙමෙයි මහ ඉස්පිරිතාලෙ යන්න වෙන්නෙ ....

    ReplyDelete
    Replies
    1. ඔව් බං තව ටිකෙන් ලෙඩක්ම තමයි!කතා එපා! මොකද අර බ්ලොග් එක නැවැත්තුවේ. සිගරට් බීම නැවැත්තුවද? ලියන එක නැවැත්තුවද? මචං උඹ සියලු දත්ත සපයලා තියෙනවා. අතනට ඇවිත් "ඇනෝපිලිස්" කිව්වාම හරිද?

      Delete
    2. ලියන්ඩ හිත එකලාසයක් කොරගන්ඩ බැරුව ඉන්නෙ අයියේ ..
      ඇනෝපිලිස් නෙමේ මගෙ ඇත්ත නම කිව්වත් ගමේ උං දන්නෙ නෑ කියල මට සුවර් ...
      ෆේස් බුක් එකවුන්ට් එකක් නැද්ද ..?? තමන්ගෙ නමින් නැතත් "තට්ටයගෙ කොලම" කියල එකක් හදන්ඩ..
      ඒක මේ බ්ලොග් එකේ ප්‍රචාරණයට හොඳයි ...
      හුඟක් කට්ටිය ෆේස්බුක් ලින්ක් වලින් තමා මේවට එන්නෙ ...
      අනික මේ වගේ බ්ලොග් මිනිස්සු අතරට මීට වඩා යන්න ඕනෙ ...

      Delete
    3. ජීවිතයේ මොන විදියේ ප්‍රශ්නයක් තිබුනත් ලියන එක නවත්වන්න එපා. වරක් සුගත් තිලකරත්න කියලා තිබුනා "ජීවිතය ජයගත්තේ දුවලාමයි!" කියල. ඒ වගෙ ලියන්න. දිගටම ලියන්න. ජීවිතේ ; ලියලාම ජයගන්න ! අතහරින්න එපා! ලියන්න! එතකොට සියල්ලට පිළිතුරු ඔයා ගාවටම එයි! ආදරයෙන් දිනුවොත් ලියන්න හොඳ ප්‍රේම ගීතයක්. පැරදුනොත් ලියන්න සිරා විරහ ගීයක්!! දයාබරත්වයෙන් හා සෙනෙහ්සින් යුතුව!

      Delete
  7. සුභ පැතුම්, දිගටම ලියන්න..

    ReplyDelete
  8. ලලිත් , මම තාම ගියේ නෑ හක් පැත්තෙ. 28 යන්න හිතාන ඉන්නවා. ගියාම තණකොලවත්තට ඉඩක් ලැබුනු ගමන් ගිහින් එන්නම්! බොහොමත්ම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. හා..
      ඉන්ගිරියාවත්ත ...

      Delete
    2. ස්තූතියි ලලිත්. මම ගොහින් ඇවිත්ම ඔයාට කතා කරන්නම් කෝ!

      Delete
  9. අර වැට උඩට පැන්නනං. ආං ඒ වගේ සීන් මතක් වෙනකොට ඇඟේ ලොං තාමත් කෙලිං වෙනව. හැබැයි ඉතිං ගොඩ බිමේ ගමනක් යනවට වඩා දියේ ගමනක් යන එක ඇඟට සනීපයි. කිඹුලො හිටියෙ නැත්ද ඔය හරියෙ?

    ReplyDelete
    Replies
    1. සුරංග මගේ ජීවිතයේ ඔවැනි දේ බොහෝයි. ඔබ පිළිගන්න මම මේ ලෝකෙ හැම ආගමකටම ගරු කරණ කෙනෙක්. ඒ හැම එකකම තියෙන හොඳ දේ පිළිබඳව මා තුල ඇත්තේ දැඩි ගෞරවයක්. ඒ වගේම ගලන ඇලකට දොලකට කෙළ පිඩක් නොහෙලන කෙනෙක්. මී මිහි මත මා අතින් දූෂනය වන්නේ මගේ රථයෙන් පිටවන දුමෙන් පමනයි. කෙනෙක්ට මේ කරුණු බැහැර කරණ්න පුලුවන්. ඒත් මම විශ්වාස කරණවා මාව ඒ වෙලාවෙ තවත් සැරයක් දිය යට බලන්නත් , ඒ උල් ටික මට පෙනෙන්නත් හේතු උනේ තවත්බලවේගයකින් කරණ ලද මෙහෙය වීමකින් කියා. හිට්ලර් කියලා තියෙනවා ලස්සන කතාවක්. " ඔබ යමක් කරණ්නට කලින් ඒ පිළිබඳව දහසකින් විමසන්න. එහෙත් ක්‍රියාව පටන් ගත්පසු දහසක් එරෙහි වූවද නොනවතින්න" කියලා. ඒ වගේ මේ වගේ දේවල් කරණ්න හිතුනොත් ; කරණ්න උවමනා නම් කරණවාමයි. හැබැයි ඒ හැම දෙයක්ම ආශිර්වාදය සමග! මේ "ආශිර්වාදය" කියන වචනය නිර්වචනය කරණ්න මගේ වචන කෝෂයේ වචන මදි! හසන්ත කියනවා වාගේ " කොරළම බලන්ටකෝ......!"

      Delete
  10. මගේ පල්සර් 135 එක පදින්න පුරුදු වුනේ ඔය පාරේ .අය්යා ලියලා තියෙන විදිහට හිතා ගන්න පුළුවන් ගං වතුරේ තරම ....මම තිතන්නේ ඔය 2016 ගං වතුර වෙන්න ඕනෑ ....

    ReplyDelete
    Replies
    1. හරියට හරි 2016 තමයි .ඊළඟට අපි යනවා වෙනත් ඉසව්වකට. අපිට කරණ්නට තරම් දෙයක් ඇත්තටම තිබුනේ නැහැ. බොහොමත්ම ස්තූතියි. ඔයා නිතර මා නිවස්නයට ගොඩ වදිනා කෙනෙක්. පෝස්ටුව එල්ලපු වෙලී ඉඳන් බලන්නේ කොමෙන්ටු මොනවද වැටෙන්නේ කියලා. ඒ අතිනුත් හැමදාම එන අය පරක්කු වෙන කොට පොඩි චකිතයක්! පෝස්ටුව "අල!" ද දන්නෑ ! කියලා. හැබැයි මලේ ඔය බයිසිකල් පැදිල්ලටනම් මම හරිම අක මැතියි.පොඩි හරි පතෝල මැස්සක් ගනිමු!

      Delete
  11. ජීවිතේ කාලයක් හොඳටම හුරු පුරුදු පාරක්. ලවු කරන්න, සෙට් වෙන්න, සෙල්ලම් කරන්න ඔක්කොටම ගියේ ඔය පාර දිගේ. ඔය බුදු පිලිමේ ගාවින් වමට තියන අතුරුපාරේ තිබ්බ ( දැන් තියනවද දන්නේ නෑ) ග්‍රවුන්ඩ් එක සහා කජු ගහ කියන්නේ අමරණීය මතක ජීවිතේ. ඒත් ගිය අවුරුද්දේ ඔය කාලේ වෙද්දී විප්‍රවාසී වෙලා.

    දිගින් දිගටම ලියමු. ඉඩ තියන වෙලාවල් වලට එන්නම් එබිලා යන්න.

    ReplyDelete
  12. මම මීට කලිනුත් ඔයාගෙ සිරා නම දැක්කාම එක එක විදියට හිතුවා. මචං ඔයා"කටුස්සා" කිව්වානං ගේමක් නැතිව තේරුම් ගන්න පුළුවන්. ඒත් "කටුසු හදවත" කිව්වාම? මචං මල්ලියේ මම ඔය පෑත්තේ ; ඔය පාරෙ ගිහින් තියෙන්නේ බොට්ටුවකින් විතරමයි. ඒත් මේ මගේ ලියැවිල්ල බ්ලොග් එකක් ,පෝස්ටුවක් කරණ්නේ ගිහාන් චාමික හෙවත් තඩියා. ඌ එහේ. හරියටම කියනවානම් ස්ලිට් එක ඉස්සරහ පාරේ. මම උඹේ කොමෙන්ටුව දැක්ක ගමන් උගෙන් ඇහුවා කජු ගහයි , පිට්ටනියයි ගැන. තාම ඒක ඒවිදියටම තියෙනවලු නොසැලී! හරිආසයි ඔවැනි දේ ගැන ටිකක් වෙලා අර්න් දොඩමලු වෙන්න. ඉඩක් ලැබෙයි කවදාහොඅ! අර සියැටෙල් කිව්වා වගේ මේහැම දූවිලි අංශුවකම ට් , දිය බිඳුවකම තියෙන්නේ අපේ අමරනීය මතක! " මේ ගුරු පාරේ මේ දොළ අයිනේ අපේ කථා ඇත සැඟවීලා... අපේ රහස් ඇත ලියැවීලා........." කියන්නේ නිකම් නොවේ.
    බොහොමත්ම ස්තූතියි - ගොඩ වැදුනාට; කොමෙන්ටුවක් දැම්මාට!

    ReplyDelete
    Replies
    1. කාලෙකට කලින් නම් මමත් ඔය කියන තෑන සෙල්ලම් කරලා මහන්සිය නිවෙනකම් කජු ගහ යටට වෙලා ඉදලා තියෙනවා.මතක් වෙනකොටත් සතුටුයි.ඔය ගහ තියෙන්නේ පිට්ටනියට ටිකක් උඩට වෙන්න.එතනට පිට්ටනිය,වට පිටාව ලස්සනට පෙනවා.....

      Delete
    2. ඇත්තම කිවුවොත් ග්‍රවුන්ඩ් එකට වඩා පුරුදු තැන කජු ගහයට. ගෙදරට හොරෙන් නිදහසේ සෙට් වෙන්න තිබ්බ එකම තැන අපිට. උදේ අටට විතර කට්ටිය එකතුවෙලා බාර් එක අරිනකම් මාලඹේ ෆුඩ් සිටිය ඉස්සරහට වෙලා හිටපු අතීතෙකුත් තිබ්බා. සිනෙක් එක පහුකරන් ගියහම පාරේ කෙලවරේ ලොරියක් ඇතුලේ තිබ්බ ආප්ප කඩේ, කඩුවෙල පාරේ බාර් එක ලඟ "රෝස මලගේ" කෑම කඩේ තිබ්බ ඌරු මස් කරිය, ඊට එහා පැත්තේ බේකරියේ කාල රෝස් පාන්, පෝය දවස් වලට අරක්කු විකුනපු වැලිවිට පාරේ සිල්ලර කඩේ..... මතක්වෙනකොටත් පිස්සු වගේ.

      ඔය තඩියා පදිංචි පාරේ තියන slt එක්ස්ටෙන්ශන් එක ගාවින් පල්ලෙහා පාරේ අවුරුදු හතරක් විතර හක්කලන් කරපු කොල්ලෙක් තමයි මමත්

      Delete
    3. ඔව් හරියටම හරි ඒ පාරේ නම සේරම් මාවත.ඔයා කියන විස්තර ටික ඔක්කොම හරි.........

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. ඔය වගේ ඩිස්කේ පිස්සෝ තමා අපිට ඕන.. වෙල්කම් තටටයා..

    ReplyDelete
    Replies
    1. දේශකයානෙනි ඔබේ සිතරේ....... වැරදුනා! වාදකයානෙනි! බොහොමත්ම ස්තූතියි ආවාට! බැලුවාට!! ලිව්වාට!!! දිගටම එන්න. තව පෝස්ටු එකකින් දෙකකින් පස්සේ ආයෙත් කයාක් එකට නගිනවා "ගඟ දිගේ යන්න....."

      Delete

ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...