Monday, July 24, 2017

40. කයාක් එකයි ! එක ගමනයි !! බත් එකසිය හතලිහයි !! 4

"පෝස්ටුව කියවන 
දනන් සිත් පහන් කරවන 
කැළණියේ සිළුමිණ 
බලනු මැන රුව රැයේ දිදුලන "


අවසන!
නිවසේදීය
අද ජුලි 20 යි.


සැප වේවා !

මා හිතවත් මිත්‍රවරුණි ,මිතුරියනි ,

ඔබලා  එවූ කොමෙන්ටු ලැබුනා . ඒවාට මාහැකි හැම අව්ස්ථාවේදීම  පිළිතුරු එව්වා . ඒවා කියවන්නට ඇතැයි සිතමි.
 පුරාදින දෙකක් පුරාවට  අප කල මේ ක්‍රියාන්විත්‍ය  නැවැත් වූයේ තෙවැනි දිනයේ හවස් යාමයේදීය.
ඒ වන විට නාවික හමුදාව හා ස්වෙච්ඡා සංවිධාන මෙම කාර්‍යයට වැඩි සක්‍රීය තාවයකින් යුතුව ක්‍රියා කිරීම අරඹා තිබූ බැවිනි.
මමත් සමග ගං වතුරේ ක්‍රියාන්විතයට පසිඳුත් වසිකත් අම්රානුත් සහභාගී විය. එම සත් ක්‍රියාව  සඳහා ගොඩ බිම සිට සහ සම්භන්ධවූ තවත් බොහෝ පිරිසකි . ඩෙමා , බංඩා ,චෙමිල් ,යන අය අමතක කලනොහැක .

 එසේම අපගේ ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයේ සිට අපේ එච් ආර් මිසී ඇතුළු කණ්ඩායමද  වැඩපොලේ සිට කැළණියට සැපයුම් ද්‍රව්‍ය ප්‍රවාහනයේදී රෝහන ඇතුළු පිරිසද කරණලද මෙහෙය  සුළු පටු නොවේ.

ඉන් පසුව තෙශාගේ ඉල්ලීම පරිදි මල්වානේ කොටුවූ පිරිසකට වියළි ආහාර 
සැපයීම  හා ගං වතුරේ තරාළ පල්ලිය අසල කොටුවී සිටිඅපගේ තවත් සහෝදර 
සේවකයෙකු වෙත භාණ්ඩ තොගයක් රැගෙන පූගොඩ කිරිඳිවඇල මාරගයේ 
දංගල්ල , හෙට්ටිකඩේ අසලින් වතුරට බැස පල්ලිය දක්වා  මහ රෑ කට්ට කරුවළේ; පසිඳුගේ හෙඩ් ටොර්ච් එකේ ආධාරයෙන් පමනක්ගිය ගමනද අපිට සුවිශේෂි අත්දැකීම් ගෙන ආවේය .

වසිකත් මමත් ආධාර තොගයක් රැගෙන කොහිලවත්තේ පටු මාවතකට පැමින තද හැඩ පහරට හසුවී    ආපසු එන්නට නොහෑකිවී  කල දැඩි සටන මටත් වසිකටත් ජීවිත කාලයටම අමතක නොවනු ඈත! මෙ සියල්ල ගැන ලියන්නට අපහසු තරම් ඒවා දිග කතාය . මේ සියල්ල අතීතයට එක්වී අවසන්ය!

“එක් රූපයක් වචන දහසක් පවසයි !” යන සම්මත්යේ පිහිටා ඉතිරිය කියන්නට රූප  පෙලකට භාර කරන්නම් !

මේ සියල්ල අවසානයේ එතනට කඩා වැටුනු  “රූපවාහිණී” ප්‍රවෘථි කණ්ඩායම රූප ගත කොට රාත්‍රී 8.00 ට විකාශනය කරණ්නට යෙදුනු අපගේ පොඩි පහේ වොයිස් කට් කෑල්ල්කුත් අපගේ පැදිල්ලේ කොටසකුත්  ප්‍රවෘථි යනඅතර; එයින් බංඩා විසින් පික් පොකැට් ගැසූ කොටසක ලින්කුවද අන්තිමට අමුනා ඇත. 

එයද කම්මැළි නැතිව බලන්න !

මේ සියල්ල කලින් දැමූ පෝස්ටු කියෙව්වාමෙන්ම බලනු  ඇතැයි මා උදක්ම විශ්වාස කරමි.

තවත් පෝස්ටුවකින්  ඉක්මනින් හමුවෙමු .

 “ගඟක්දිගේ ……” මේ මාසෙ අන්තිම හරි ලබන මාසේ මුල හරි එක්කගෙන යන්නට ද මෙයින්  පොරොන්දු වෙමි.

 මෙයට
ඔබේ විශ්වාසී

තට්ටයා. 



2016 කැළණිය  ගං වතුරේ රූපමය පසු විපරම !
දෙගොඩ තලා ගඟ ගලා!

දිය කිඳුරිය සේ සාගරේ.. නෑ! නෑ!!  මේ විපතට පත් ජනතාවය!

හරි හම්බකරපු දේවල් දුක් මහන්සියෙන්!

අමා ගඟ ගලාලා..!

ඉපිද මැරේ යළි ඉපිදේ නොතිර සසර සාගරේ..!

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්..!

එක සිත දෙතැනක නතර වෙලා..!



සිනාවෙන් හෝ කථාවෙන් බෑ මනිනට මිනිසා.

බිතු සිතුවම් රූ මෙනි...!

කවුරුදෝ අර කවුළුවෙන්..! 
(ඇත්තටම දිය බත් වූ බත් අවකශයට විවර වෙනතුරු!)

ආවාස ගෙය තුල!

අධිවාසේ තුනෝ භන්තේ!

පසිඳුයි! වසිකයි!

වසිකයාගේ සූකිරි හිනාව!  
(හිනාව උගේ ! ටී ෂර්ට් එක මගේ!!)
වෑඩේට සක්‍රීයව දායක වන්නට ඉඩ නුදුන්නා යැයි ' මල පැන යන්න ගියාට පස්සෙ  ඩෙමා අමරුවෙන් ආපහු එක්ක ගෙන ඇවිත්!

ආ වැඩේ කලා නම් යන්න තමයි තියෙන්නේ

වසික දෙවන දිනයේ

සේනකගේ ස්තූති පත්‍රය නොහොත් පින් අනු මෝදනාව!

එහෙම ලියලා තියෙන්නේ මේ ගැනත් හිතලා වෙන්න ඇති!

සැළලිහිණියෝ නුඹ දන්නෙ නෑ! 
(පෝස්ටුවට අමුද්‍රව්ය ගේන්න ගිහින් මම පාලම යට.)

යමින් ගමන් මේ ලින්කුවටත් කොටාගෙනම යන්න!




අසා සිටි ඔබ සැමට ස්තූතියි!

Tuesday, July 18, 2017

39. කයාක් එකයි! එක ගමනයි!! බත් එක්සිය හතලිහයි!!! 3

සමනළ කන්දේ සිට හක්බෙල්ලාවකට ගලන කැළණි නදිය සුන්දරව කැළණියට සපැමිනෙන ලාලිත්යය!

සුපුරුදු ගමන් මග එලෙසින්ම! 
කැළණි රජ මහ විහාරය අසල පළමු පාළම.

කැළණියෙන් කොලොම්තොට බලා.....!



රමණීය එගොඩ කැළණිය


සැමට පෙර දෙල් !
දාන - සීල - භාවනා ! කුසටත් මනසටත්  එකතැන අහර!
කිත්සිරි මෙවන් රජ මහා විහාරය - එගොඩ කැළණිය.

පින් විකුණන කඩ!  - එගොඩ කැළණිය

සියලුම පින් එකම තැනින්!

සියලු සිත් පහන් වන පහන් වැට!

අව් වැසි අකුණු සියළු උවදුරු මැද සියල්ල දෙස සානුකම්පිතව !

කිත්සිරි මෙවන් රජමහ විහාරයට අසල සිට පළමු සිව් මංසල පෙනෙන අයුරු.
අද ඔය ත්‍රී වීල් එක යන තැන එදා තිබුනේ අපේ කයාක් එක! එතනටම වතුර!!


පළමු සිව් මංසල. ඉදිරියට දෙවන පාළම. දකුණට කළ්යානි මාවත. මේ මාර්ඝය ගං ඉවුර අසලින් ගොස් අඹතලේ පාරට බුදු පිළිමය අසළින්  සම්භන්ධ වේ.


ත්‍රී වීලරය යන්නේ කළ්යානි මාවත් ඔස්සේය.

අප අපගෙඅ යාත්‍රාව දියත් කලේ පළමු සිව්මංසල නොඑසේනම් පළමු හතරමංහංදියෙනි. 
එහි කැළණිය නොඑසේනම් පළමු පාළම දෙසිනි. ඉන් දකුණු පසට දිවෙන මාර්ගය කෙළින්ම පරණ අඹතලේ පාරට වැටුනද එම මාර්ඝය වැටී තිබුනේ ගඟට ඉතා ආසන්නවය .
 ගඟක් මෙසේ විශාල ප්‍රදේශයක් හරහා  පිටාර ගලමින් පවතින අවස්ථාවක ; එක් මොහොත්කදී නොඑසේ නම් එක් කාල පරාසයකදී ගං වතුර නැවතී යයි . 
මින් මා අදහස්  කරන්නේ   ගං වතුර වැඩිනොවී මෙන්ම  අඩු නොවී පවතින අවස්ථාවයි. 

ඉන් පසු ගඟේ  ස්වල්ප වශයෙන්  වතුර අඩුවී ගියද වැඩිවී ගියද  එය ඇසින් බලා තීරණයකල නොහැක.  කුමන  අවස්ථාවකදී  හෝ වතුර අඩු වෙන්නට පටන් ගන්නා මොහොතේදී එය දැනෙන්නේ ගං ඉවුර අසල සිටින්නෙකුට පමනි !

ගඟේ වතුර අඩුවීමත් සමග ඇතිවන රික්තය පිරවීමට එතෙක් පිටාර ගලා තිබූ විසල් ජල කඳ ගඟ දෙසට එයි. මෙය මුල් අව්ස්තාවේදී නොපෙනීමට බොහෝසෙයින් ඉඩ ඇත. 
එහෙත් යාත්‍රාවක් ඒ අසලින් ගමන් කලහොත්  එය ගඟට ඇදී යන්නට බොහෝ සෙයින් ඉඩ ඇත.   මේ හේතුව නිසාම අප තෝරා ගත්තේ පෙරකී මාර්ඝයම විය.



වමට ගම තුලට ඇති පාර. ඉදිරියෙන් අංගොඩ දෙසට නො එසේනම් දෙවැනි සිව් මංසල දෙසට දිවෙන  මාර්ඝය.ඉදිරියේ ඈතින්  දෙවන පාළමට පෙර ඇති කුඩා බෝක්කුව  පෙනේ,
අප කයාකය ගං වතුරට දමන්නේ මෙම මුල්ලෙනි. පහත් බිම ඉදිරියෙන්

අප ඉදිරියෙන් වූයේ දෙවෙනි පාළම ඔස්සෙ අංගොඩ දෙසට දිවෙන මාර්ඝයය. ඇත්තෙන්ම දෙඇනි ප්‍රදාන පාළමට පෙර  තවත්කුඩා පාළමක් ඇත. (මෙයට බෝක්කුවක් කිව්වත් වැරදි නැත!) 

පොඩි බෝක්කුවේ "පොඩි කම " පේනවා නේද? ගං දියේ  ගලා ආ මඩ කහට තවමත් ඇඟ පතේ තවර ගෙන! 
 බෝක්කුවට ඉදිරියෙන් මගේ මේ ගමනේ ; ගමන් සගයා - Scott P6 Spotster 


වම් පසට වූයේ පෙරකී අයුරින් ගම මැදට  දිවෙන පාරය.  එකිනෙකට ආසන්න වශයෙන් ලම්භක වූ මෙම පාරවල් දෙකට මැදිව වූයේ ගැඹුරු පහත් බිමය.
 මුළු මහත් හන්දිය මත අඩි 4 ක පමන වතුර පිරෙන විට පහත් බිම ගැන කුමන කතාද? එය විලක්මෙනි තැනින් තැන  ගස් ඇත! අප කයාකය මෙම මාර්ඝ දෙක එකින් එක විච්ඡේදනය වෙන තැනින් ;   කයාකය  විලට ප්‍රවිෂ්ඨ කලෙමු.

ගොඩ බිම දිවෙන රථයක් මෙන් ;කයාකය වලකට වැටෙනු නොදැනේ  . එසේ දැනෙන්නේ ; වැඩි ඝනත්වයකින් යුත් මාධ්‍යක යාත්‍රා කරමින් සිට අඩු  ඝනත්වයකින් යුත් මාධ්‍යකට යාත්‍රාව යොමුවුවහොත් පමනි. 
සාගරයක ගමන් ගන්නා නැවක් ;ගංගාවකට හැරවීමේදී මේ මාධ්‍ය දෙකෙහි ඇති ඝනත්ව වෙනස නැවට දැනන්නට පුළුවන. 
මන්ද කරදියට සාපේක්ෂව මිරිදියේ ඝනත්වය අඩු බැවින් යාත්‍රාව මිරිදියතුල වඩාත් වැඩි ප්‍රමානයක්  ගිලීයන බැවිනි. 
මේනිසා නැව් බඳෙහි සලකුනු කොට ඇති  එක්තරා   නියමිත රේඛාවක   මට්ටමට ජලයේ ගිලෙන තෙක් පමනක් ; නැව් වලට බර පැටවීම කරණු ලබයි. එවිට ලොකයේ ඕනෑම තැනක එයට ආරක්ෂාකාරී ලෙස යාත්‍රා කල්ක හැක. 
මෙම රේඛාවට “ප්ලිම්සෝල්  රේඛාව” යැයි කියනු ලබයි.

අප කයාකය පදිනු අපේ සහුර්දයින් බලා සිටිනවා ඇත.

පාරවල් කැපෙන තැනින් පහත් බිමට දැම්මාම අපි පිවිසුනේ මෙන්න මෙතනට. මේ පිට්ටනි එදා මහා විල්! ඈතින් පෙනෙන්නේ අපේ ගමන අවුරා ගෙන ඇති ගස් පංතිය.

 අප පලමුව පාළමට සමාන්තරව යන්නට සිතුවද පාළම පටන්ගන්නට පෙර විශාල ගස්වලින් මාර්ඝය  අවුරා ගෙන තිබුනි. 

මග අවුරා ගත් ගස් පෙල

පාරට සමාන්තරව!

අපට පාළම පෙනෙනේවත් නොමැත. එහෙත්  අප පාළමට සමාන්තරව යායුතුවේ. අපේ ගමන් මග වැටී ඇත්තේ ප්ර්ධාන මාර්ඝය සමග අඹතලේ පාර
 මුන ගැසෙනතෙක් ගොස් එතැනින්  අඹතලේ පාර ඔස්සේ කොහිල වත්ත දෙසටය.     
අපගේ දකුණු දෙසින්  මාර්ඝය වන අතර වම් පසින් ගොඩ නැගිල්ලක් විය . එම ගොඩ නැගිල්ලේ පසුපස කෙලවර අසලින් කැලෑමණ්ඩිය අවසන කුඩා කපොල්ලක් ඇති අයුරක් පෙනේ.
 අපෙ ගමන් මග අංශක 45 කින් වම් පසට හැරවීය.  අප එතනට කයාකය පදවා බැලුවෙමු. කුඩා එහෙත් පහසුවෙන් යා හැකි මගක් එහි විය . අප දැන් කයාකය පදවන්නේ අඩි 20 ක පමන ගැඹුරකින් යුත් ජල තලයකය.
 එතැනින් එහාට ගියපසු කයාකය පැදවීමට අපහසු තරම් වන බූටෑවය.එතැනින් තවත් ඉහලට යත්ම ගෙයක පසුපසින් කෙසෙල් ගස් අතුරින් තවත් ටික දුරක් යෑමට හැකිවිය. අප යන්නේ  පාළම ඔස්සේ නම් නොවන්නෙය.
 එම කෙසෙල් ගස්වලට මද දුරකින් උස් වැටක කටු කම්බි දක්නට ලැබුනා සේ මතකය. ඒ කුඩා හමුදා කඳවුරක මායිමක්‍
මේ ප්‍රදේශය වතුරින් යටව ගියද හැඩ පහරක පීඩනය අපට එතරම් දැනුනේ නැත්තේ ගස් වැල් මෙන්ම උස් ගොඩනැගිලි කිහිපයක් තිබුනු නිසා විය යුතුය. එම කැලෑ මන්ඩියෙන්  ඉවත්වූ අප පිළිපන්නේ විවෘත අවකාශයකටය. 

ගෙවල් පේළිය හා වැට.


මෙම අවකාශය ට  අප අවතීර්ණවන්නේ එක පේලියකට ඇති ගෙවල් කිහිපයක් පසු කරය. මෙම ගෙවල් පේලිය පාළමට ලම්භකව පිහිටා තිබුනි.    


මෙම අවකාශයේ වම් පස ඉහල කෙළවර තරමක් විවෘත වූ අතර දකුණු පස පාළම විය. මෙම පාළමේ කනු අතරින් වේගයෙන්  පහතට ජල කඳ ගලායමින් විය .  ජල මට්ටම පාළමේ යටි දාරයට අඩියක දෙකක පහතින් ගලා යයි. 

 මෙන්න පාළම ! මේ සෑම කටක්ම දියෙන් පිරී තිබුනි!!


අප ගිලගන්නට මුව අයාගෙන!

  එහි එක් පසෙක බාගෙට යටවූ ගොඩනැගිල්ලක්ද ඈති දැල් වලින්  වටකරණලද වොලි බෝල් පිට්ටනියේ වැටෙහි ඉහල කෙළවරද දක්නට ලැබුනි. 

දියේ ගිලුනු ගොඩනැගිල්ල හා වොලි බෝල් පිටිය

එහි වඩාත්ම කැපී පෙනෙන අංගය වූයේ මේ කිසිවක් නොව උඩ සිට පාළම දෙසට තිබුනු තියුනු හැඩ පහරය.    මෙම හිස් අව්කාශය ඉදිරියේ  වූයේ  ඝනට  වැඩුනු කලෑ රොදක්‍. අප දැන් කලයුතුව ඇත්තේ මෙම හැඩ පහර කපාගෙන හැකි ඉක්මනින් ඉදිරියෙන් ඇති කැලෑ රොද අතර ; හැඩපහරින් ගැලවෙනු වස් සැඟවීමය.
 අප හැකි උපරිම වේගයකින් හා ජවයකින් යුතුව  පැදගියෙමු. අප ඉහලින් වූ වොලි බෝල් පිට්ටනිය ආසන්නයට පැද කයාකයට නිදහසේ හැඩපහරේ හර්ස් විමට ඉඩ දුන්නෙමු. කයාකය සෙමෙන්  තම දිශානතිය වෙනස් කර ගනිත්ම මා පසුපස වම් පසින් හබල දියට දමා ගමන නවතාලූයෙමි. 
  
කයාකයක් හරවන ක්‍රම දෙකකි. ඉන් පළමු වැන්න වන්නේ තමන්ට හැරවීමට ඇවසි පැත්තට විරුද්ධ දිශාවෙන් හබල් ගැසීමය. බොහෝවිට හැඩපහරක් ඔස්සේ ඉහලට යන විට හෝ නිසල ජල පෘෂ්ඨයක් මත යාත්‍රා කරණ විට මෙම ක්‍රමෝපාය භාවිත කරණු ලබයි. දෙවන ක්‍රමය වන්නේ තමන්ට හැරවීමට උවමනා  දෙසින් හබල දියට දමා ගමන නවතාලීමයි.   මෙය බොහෝ විට හැඩපහර සම්ග ගමන් කරණාවිට උපයෝගී කරගන්නා අතිශය සාර්තක වූද වෙහෙස අවම වූද  ක්‍රමවේධයයි. 

හැඩ පහරට එදිරිව!
 c -හැඩ පහර! 
කොල කඩ ඉර - අප ආ මග!!

මෙම ස්ථානය වෙනස්ම වූ පරිසරයකි! අපට යන්නට වුවමනා හැඩපහරින් අනෙක් පසටය.අපගමන් කරණ්නේ ඉහලට හැඩපහරට එදිරිවය. 
මේ මොහොතේ හැඩපහර සමග හැරීමට ඇවැසිය. ඉන්පසු හැඩපහරේ උදව්වෙන්ම; ඉන් මිදී ඉවතට යා යුතුය !
 අප එහිදී අනුගමනය කලේ පළමුව එයට එදිරිව ගියත් හරියටම හැඩපහරට මුහුනට මුහුනලා හිට ගත් මොහොතේදී ඔහුට උවමනා  ලෙසට හැසිරීමට ඉඩදී මොහොතක් බලා සිටීමය.
 මේ මොහොත යනු තත්පර 5 – 10 ක් තරම් සුළු නිමේශයකි. 
එම නිමේශය තුල හැඩපහර ; අපව නතු කර ගනිත්ම අපට එහි හැසිරීම එනම් වේගය හා දිශානතිය පිළිබඳ අවබෝධකර ගැනීමට මඳ ඉසිඹුවක් ලැබේ.
 ඉන් පසු අප හබල් ක්‍රියාත්මක කරන්නේ අපගේ සතුරා පිළිබඳව කිසියම් අවබෝධයකිනි!  
 මෙය යුධ බිමේදීද උපයෝගී කරගන්නා සාර්ථක උපක්‍රමයකි.  මෙහිදී වඩාත් විමසිලිමත් විය යුතු කරුණ වන්නේ මේ සුළු නිමේශය තුල ඔහු අප විනාශ කරණනට නොඑසේනම් කයාකය පෙරළාදමන්නට උත්සුක වේනම් ඊට ප්‍රථිවිරුද්ධව සටන් කරණ්නට අප හබල් අමෝරාගෙන සීරුවෙන් සිටිය යුතුය. 

බොහෝවිට මෙහිදී පළමු වෙඩිමුරය තැබීමේ හා සටන  පටන්ගත්යුතු මොහොත හා  ඒ කිනම් දෙසකින්ද යන විධානය දීමේ වගකීම හිමිවන්නේ ඉදිරි  කෙළවරේ සිටිනා “ඇණියේ රාළ” ට නොව පසුපස සිට එය හසුරුවන කප්පිත්තාටය. එය එසේවන්නේ ජේෂ්ඨත්වය නිසා හෝ වෙන යම් අචේතනික දෙයක් නිසා  නොව කයාකයේ හැසිරීම නිවැරදිව දැනෙන්නේ පසුපස සිටින්නාහට වීම කරණකොට ගෙනය .   
අප බලා පොරොත්තුවූ පරිදිම හැඩපහර අපව ආදරයෙන් වැළඳ ගති. ඉක්බිතිව හේ අපව ඔහු සමග කැටිව යාමන එක්කර ගන්නට සැර සෙත්ම  වම්පස නවතාලූවේය . ඒ සමග මා පසිඳු ඇමතූයෙමි .
“මල්ලි දකුනෙන් පැදහං !”
මල්ලි දකුනින් පැද්දේය ! අයියා ද  හබලේ වම් පස ඔසවා දකුනින් පැදීමට පටන් ගත්තේය !! යාත්‍රාව හැඩපහරින් මිදුනි . 

එය දැන් අප භාරේය !!!

අප ආ මාවත!

අප ආ මාවත දෙස පාලම උඩ සිට!


පාලමක අවසානය  ගමනක අවසානය වේවිද?

 පොලොවෙන් ඉහලට වැඩුනු මහා ගස් වල අතු පතර මගින් අහුරා ඇති මං පෙත් හඳුනා ගනිමින් ; හඳුනා ගත්  මං පෙතේ යම් දුරක් ගිය පසු එය සාර්ථක නොවන්නේ නම් නැවත හැරෙමින් පදිමින් නවතමින් සෙමෙන්  සෙමෙන් අප දෙවන වන දූර්ඝයද පසු කලෙමු. 
දැන් අප සිටින්නේ කුඩා එළිමහන් පිටියකය .
 පාළමේ  අවසානය පසුකොට හමාරය . ඉන් ඉක්බිතිව යන්නට අතක් නැත. කයාකය ඔසවා යන්න වේවිද ?
මන්ද ඉදිරියේ විසල් නිවාස තාප්ප නිසා ඉඩ ඇහිරී ඇත. කරණ්නට ඉතිරිව  ඇත්තේ තවතෙක් දූර්ඝයක් තරණය කරණ්නටය . එය “බලන” කපොල්ල මෙන්වූ ඉතා පටු බිම් තීරුවකි. එය  පාළමෙන් කෙළවර  අඩි 20 ක් පමන ඉහලින් පටන්ගෙන කෙමෙන්  පහතට දිවෙන මහ පාරත් යාබද ඉඩමත් අතර වූ අඩි 3 ක පමන පලලකින් යුත් කුඩා පැසේජය ය. යාමට වෙනතක්  නුදුටුයෙන්  අප එයට  අකමැත්තෙන් වුවද ප්‍රවිෂ්ඨ වූයෙමු.
මෙයට අකමැති වෙන්නට කරුණු කාරණා කිහිපයකි. පටු නිසා කයාකය ගෙනයාමේදී බාධා ඇතිවේ. පටු බවට අමතරව ගැඹුරින් අඩු බැවින්  කයාකය ගෙන යා නොහැක. එසේම නිසි පරිදි හබල් පහරක් ගැසීම උගහටය.
 එසේම මෙවන් ස්ථාන  වලට ගංවතුරෙන් ගසාගෙන ඇවිත් එක් රොක් වන සියළුම අපද්‍රව්‍ය රැඳෙන්නෙ මෙවන් තැන් වලය .ඒ කෙසේ වුවත් අපට වෙනයම් විකල්පයක් නොවූයෙන්   අප එම මාර්ඝයෙන් ගමන් කරණ්නට හිත හදා ගත්තෙමු. තරමක් දුර හබල් ගසමින්ද ; තවත් දුරක් හබල රිටක් සේ උපයෝගී කරගෙන තල්ලු කරමින්ද ; තවත් විටෙක එක් අයෙකු හෝ දෙදෙනාම බැස ඉදිරියේ ගැට ගසන ලද ලනුවෙන් අදිමින්ද එම දූර්ඝය තරණය කොට අනෙක් පසට පැමිනියෙමු.


අපි ආවේ පාරත් මේ රූස්ස ගසුත් අතරින්! හිතන්න පුළුවන්ද මේ පටු තීරුවේ කයාකයක් පදින්න තරම් වතුර තිබුනා කියා?

 අප ඉදිරියේ වූයේ පල්ලම කෙළවර කුඩා බෝක්කුවයි .



"අනේ අප්පේ මේ මොකද වෙලා තියෙන්නේ !?" කියලා  නිල් පාට කලිසං සාක්කුවේ අත් දෙක ඔබාගෙන ඉන්න මාමාගේ ඔලුව කෙලින් ඈත සුදු පාටට  තියෙන්නේ පෙර කී බෝක්කුවය!

සාමාන්‍ය දවසක මෙම ස්ථානයේ කැඳ විකුනන ඩිමෝ බට්ටකු නවතා තැබෙන්නේ මෙ තැනය. මෙම කැඳ ලොරිය ගැනත් කිසිවක් නොකිවහොත් පොඉඔඉස්ටුවෙන් වැඩක් නොමැත. 
කැඳ වර්ග 5 – 6  බීමට ඇති මෙසි සුවිශේෂිම කැඳ එක වන්නේ සුපිරි සව් කැඳ එකය!
 මෙය කොයි තරම් සුපිරිද කියන්නේනම් වසික හැකි හැම දිනෙකම උදෑසන කඩවත සිට බයිසිකලය (පා පැදිය) පැදගෙන  කැළණියට යන්නේ ෆිට්නස් වෙනුවෙන් නොව ඔය සව් කැඳ එකට තියෙන කෑදර කම නිසාය !! 
 ඕනෑම වයසකට ගැලපෙන්නට සව් කැඳ , කෝවක්කා , වැල් පෙනෙළ , ගොරකා,  සිට තවත් මෙකී නොකී සියලු දේ මෙතන ඇත !
 (මේක නිකං කැඳ කමර්ශල් එකක් වුනා වගේ නේද ?)
“නැවතත් සුපුරුදු වැඩසටහනට …..!”

මේ අර බෝක්කුව!
 තනියට මගේ ගමන් සගයා.
පසු ගිය සෙනසුරදා පෝස්ටුවේ රූප රචනයට අමුද්‍රව්ය හොයන්න ගිය පාපැදි ගමන අතර!

මේ බෝක්කුවේ දෙපස ඇඳි මතින් වතුර ගලා යයි .  මහා විශාල හැඩපහරක් එම ස්ථානයේ නොමැත. ඒ එතැන හාත්පසින්ම වටවී ඇති හෙයින් විය යුතුය. අප එතැන පසු කොට පරණ අඹතලේ පාර හමුවන මංසංධියට පැමිනියෙමු.

 එතැන ගිරිතලේ සට ඇළහැර දෙසට යනවිට හමුවන දිය බෙදුම හංදිය වාගේය. මාර්ඝ තුනකින් එන ජල කඳ අඹතලේ පාරට එක්වී පාර දිගේම ගඟට සමාන්තරව ගලා බසී. එම ප්‍රදේශය බොහෝ දෙනා වතුරට බැස ඔබ මොබ යමින් සිටිනු දක්නට ලැබුනි. 


අඹතලේ පාර දිගේ!

වතුර මට්ටම අඩි 3 ක් තරම් විය. මේ මාර්ගයේ අප කයාකයන් පැදගෙන නිරායාසයෙන්ම කළ්‍යානි මාවත නොඑඅසේනම් පළමු සිව් මංසලෙන් වම් පසට දිවෙන මාර්ඝය පැරණි අඹතලේ පාර හා  මුන ගැසෙන තුංමංහංදිය  පසු කලෙමු. 


සේනක අප පසුපසම - මග හැරේවි යයි බියෙන් මෙන් හනි හනිකට!

එතැන් සිට ජල මට්ටම කෙසේ වෙතත් හැඩ පහර කැපී පෙනෙන අයුරින් වැඩිවී තිබුනි .    තවත් ටික දුරක් යන විට හමුවන තුංමංහංදිය වෙනස්ම වූ අත්දැකීමකි.අතුරු මාර්ඝය බෙදෙන්නේ වම් පසටය. දකුනු පස පිහිටි ගඟෙන් ගලනා තද හැඩපහරක් මෙම පාරට සම්මුඛව පිහිටියේය . 
මේ මාර්ඝය දෙපස උස් තාප්ප බිත්තිය. එබැවින් මෙය වැවක මහ සොරොව්වෙන්  පිටවන  ජලය ගෙන යන කොන්ක්‍රීට්  ඇළ පාරක් මෙනි . කලින්ම තැන හඳුනාගත් අප හැඩපහර පරයා යාත්‍රා කලෙමු. සේනක එතැනට පැමින සිටියේය.ඔහු පසුපස   පැදගෙන ගිය අප නැවතුනේ “ගඟා තිලක විහාරය අසලින්‍ය.   


වතුර! 

ගඟ දිගේ බඩු ඇවිත් 
බොහෝ පිරිසක් එහි විය . අප ගෙන ආ  අඩුම කුඩුම , ආහාර හා ජලය  පංසලේ සිටි පිරිස වෙත ලබා දුන් අප ආපසු හැරුනෙමු . 
හැඩ පහර සමග අඹතලේ පහර  දිගේ නොමිළේම පැමිනි අප දෙදෙනාහට ආපසු පැමිනීමේදී වැඩි මිළක් ගෙවන්නට විය ! ඟගා  තිලක විහරය අසල සිට දෙවන සිව්මංසල තෙක් කයාකය ඇදගෙන හබලද අතින් ගෙන අඩි 2-3 ක වතුරක හැඩපහරට එදිරිව කිලෝමීටර 1 ½ -2 ක් පැමිනීම අතිශයින් වෙහෙසකරවූ කාර්‍යයක් විය. දියට පෙඟුනු යටි පතුල් තරපාර මතු පිට එකතුවූ වැළි කැට ,ගල් බොරළු වලින් මැදී   ඉමහත් වේදනාවක් ගෙනදුනි.


ආ මෙහෙවර අවසන් කොට!

මේ සියල්ල මැද ආමග ඔස්සේම  දෙවන සිව් මංසලේ සිට නැවත පළමු සිව්මංසල වෙතට  කයාකය  පැදගෙන කැලෑව අතරින් හැඩ පහර කපාගෙන ඒමට අප සමත් වූයෙමු.
 ඒවන විට පිසූ ආහාර තොග එම ස්ථානයට විශාල වශයෙන් ලැබෙමින් විය. දැන් අප  ක්‍රියාන්විතය පිළිබඳ කිසියම් පරිචයක් ලබා ඇත. පංසල තුල සිටි පිරිසේ ප්‍රමාණය හා එක් වරක් ගොස් පැමිනෙන්නට යන කාලය හා ශ්‍රමය ගැන සලකා බැලූ විට එක්වරකට ගෙන යා යුත්ත් හැකි උපරිමයෙන් බව අප ඒ  වනවිට තේරුම් ගෙන තිබුනි.  
උදෑසන ආහාර වේළ අවම වශයෙන දිවා ආහාරය ගැනීමටවත් පෙර ලබාදිය යුතුය. අප අපගේ සියළුම එනම් ඩ්‍රයි බෑග හතරම එලියට ගෙන කෑම පැකට් , බත් පාර්සල්   හෙවත් බත් මුල් සීරුවට ඇසුරුවෙමු . 
අප ලඟතිබූ එක්  විසල් ඩ්‍රයි බෑගයකට මෙවන් බත් 35 ක් අසුරිය හැකි විය. එවන්ම  වූ  ඩ්‍රයි බෑග හතරම පුරවා කයාකය මත ත්බා ගැට ගසා ගත් කෑම පාර්සල් ගනන 140 ක් විය! මුළු පංසලේම කුස ගිනි එකවර නිවාදමන්නට උවමනා ආහාර අප සමගය . 
සාමාන්‍යයෙන් ඕනෑම  කයාකයක මතුපිට පෘෂ්ඨයේ සිට පතුල විනිව්ද යන්නට සැකසූ සිදුරු 2 ක් හෝ 4 ඇත. මේවා සකසා ඇත්තේ මතුපිට එකතු වුනු වතුර ඉවත් කිරීම සඳහාය. බොහෝවිට මේවා ඇබ වලින් වසා තැබේ.
ඒවා විවරව තැබූවද ඉන් කයාකය තුලට වතුර කාන්දු වන්නේ නැත. මතුපිට පෘෂ්ඨය හා පතුල සම්බන්ධකොට ඇත්තේ බටයකිනි. එබැවින් උඩ හා යට අතර සිදුරක් පැවතියද එය දෙකෙළවරින් බටයට හෙවත් නලයට මුද්‍රාවී ඇත. මේ තුලින් යවන ලද නයිලෝන් කඹයක් කයාකයට ගැටගසා ඇත . කෑම පාර්සල්  සහිත ඩ්‍රයි බෑග කයාකයට තබා ගැට ගසන්නේ පෙරකී නයිලෝන් කඹයටය . හොඳින් ගැට ගැසූ පසු කයාකයත් පටවන ලද ආගන්තුක යමක් වේ නම් එයත් එක ඒකකයක් සේ පිහිටයි!      
කයාකය දියත් කලෙමු. එය බෙහෙවි දියේ ගිලී ගොස්‍. අප දෙදෙනාද ගොඩවූ විට එය සිතනවාටත් වඩා බරවී තිබුනි. කයාකය පැදීමට නොහැකි වනසේ තාර පාර මත ඇනී ඇත! කයාකය තවත් ටිකදුරක් ගැඹුරට ඇදගෙන ගොස්  පළමුව පසිඳුද දෙවනුව මමද එයට ගොඩ විය . දෙපා දිග හැර තබා ගන්නට මදක් අපහසු වුවද කයාකයේ පාලනය අප අතට ගන්නට අපට පහසුවෙන්ම හැකි විය.පෙර පරිදි ගැඹුරු දියේ අප අපහසුවකින් තොරව පැද ගියෙමු.   පළමු වන දූර්ඝය  තුලින් හිස් අවකාශයට එළඹුනි.
යාත්‍රාවක් වඩාත් බර වන්නට වන්නට එය දියේ වැඩිවැඩියෙන් ගිලී යයි. එසේ ගිලී යත්ම යත්ම එයට හැඩ පහරින් ඇතිකරණ ප්‍රථිරෝධය නොඑසේනම් ඇතිකරණ බලපෑම වැඩිවේ.
මේවන විට හැඩ පහරේ උපරීම ග්‍රහනය යටතේ අප එයට එදිරිව ඉහලටම පැද  තිබුනි. දැන් අප හට කල යුතුව ඇත්තේ කයාකය නැවත පහලට හරවා ගැනීමය. පෙර පරිදිම කයාකය සීරිවෙන් හැඩපහරට ඇත්ලු කලා පමනි එය හැඩ පහරේ පරඬැළක්සේ ගසා ගෙන  යන්නට ගියේය .
 එය ඉලක්ක වී ඇත්තේ පෙරකී ;පාළමට ලම්බකව පිහිටි ගෙවල් කිහිපයට ආසන්නයෙන් පාලම දෙසටය. පාලම තුලින් ගිය හොත් බොහෝවට කයාකය සිරවී යාමට ඉඩ ඇත ! කල යුතු එකම කාර්‍යය වන්නේ කයාකය හැඩපහරි ඉවතට ගැනීම හෙවත් හැකි ඉක්මනින් පසු බැසීමය!
“මල්ලි හරෝපාං !”
අප දෙදෙනම කයාකය හැරවීමට හැකි උපරිම ශක්ති ප්‍රමාණයෙන් පදිමින් විය. අඩි 50 ක දුරින් පාළමය. පාලමෙ සුවිශාල කණු වල වැදී හැඩපහර සුනු විසුනුවී යයි.   මහාජල කඳ දෙතුන් කොටසකට බෙදී පාළම් කනු අතරින් ගලා බසී. කයාකය  හැඩපහරින් ඉවතට යනවාටත් වඩා වැඩි ශීඝ්‍ර තාවයකින් පාළම දෙසට ඇදී යයි.
“අරින්න එපා පැදපාං …..!”
තවත් නිමේශයකදී කයාකයේ පාලනය අප අතින්  ඔහු පැහැර සාහසික ලෙස පැහැර ගත්තේ අපට හැරෙන්නට වත් ඉඩක් නොතබමිනි.   එක වර කයාකය අඩි 20 කටත් වඩා ගැඹුරු ගං වතුරේ පෙරලී ගියේය. පෙරලුනද මාගේ හබල මා අතය. එසේම කයාකයේ මා එල්ලීගෙනය.
කයාකය මුනිනත  නැවූ නෑඹිළියක්සේ ගසා ගෙන යයි. බත් එකසිය හතලිහ පෙනෙන්නට නැත ! ඒවා දිය යටය !!
කයාක් එකයි ! එක ගමනයි !! බත් එකසිය හත්ළිහයි !!! සේරම වතුරේය .
මා ඒක්ෂණයෙන් ඔබ මොබ බැලු වෙමි . පසිඳු තරමක් දුරිනි .

“යකෝ බත් ටික ! බත් ටික !!......!!!!!!” මට දත් කූරූ කැවෙමින්‍ය .

“හරෝපාං ඉක්මනට හරෝපාං……..!!”   මට කෑගැස්සුනේය .

මොහොතකින් පසිඳු - මාගේ විශ්වාසවන්ත ගමන් සගයා කයාකය වෙතට පීනා ආවේය . අප දෙදෙන එක වර මුළු වැර යොදා කයාකය අනිත් පිට  පෙරළුවෙමු!  බත් පාර්සල් 140 බහා ඇති ඩ්‍රයි බෑග හතරම කයාකය මත නිරුපද්‍රිතව ඇත. 
බත් වලට කුමක් සිදුවී  ඇත්ද?


මේ වැටේ තමයි නතර වුනේ.

කයාකය  සෙමෙන් සෙමෙන් අසල වූ ගස් පේලිය වෙත ගෙන  නවතා ගත්තෙමු. මා ගසක් අල්වාගෙන හබල කයාකය මතට දමා නැවත නිදහස් අතින් කයාකය අල්ලා ගත්තෙමි.  කයකය මතට පැනීමට වෙර ගැනීමට මා දතුන් වතාවක් දෙපා ගසා බැලිවෙමි. 
එකවරම දකුණු  පාදයේ යටි පතුල   කුමන හෝ තියුනු උලකට  කැපී යනු  දැනින. ඒවා ගැන සොයා බලන්නට වේලාව මෙය නොවේ.එකවරම කයාකය මතට පැනගත්තෙමි. 
 යටිපතුලේ  හම ඉරීගොස් තිබුනි . පසිඳුද මා අනුගමනය කලේය .  මේ සිද්ධිය දුටුවේ පාළම  මත සිටි කුඩා ළමයෙකු පමනි. අප කයාකය මතට නැගගත් වහාම හේ ද යන්නට ගියේය! නැවත්තත් කයාකය ඉහල දෙසට හරවා ගත්තෙමු .

 ළිඳට වැටුනු එකා ළිං කටෙන්ම ගොඩ විය යුතුය.  අප නැවත්තත් අපට පහර දුන් හැඩපහරට මුහුණ දිය යුතුය ! ඔව් නැවත මුහුණට මුහුණලා සටනකට අප සූදානම්‍ය . තෙත බරිතවූ අපට බත් ගැන සිත සිතා ඉන්නට කලයක් නොමැත. තවත් නිමේශයකින් අප හැඩපහර මැද්දේය.
  යලිත් හැඩපහරට කයාකය දමන්නට උවමනා පළමු හබල් පහර ගැසුවෙමි.


  කෑම 140 ම දිය බත් වුවද අපට කල හැකි දෙයක් නොමැත. කිරීමට උචිත එකම දෙය වන්නේ   හැකි ඉක්මනින් ගොඩබිමට ගොස් ඩ්‍රයි බෑග් විවරකොට ඒගැන සොයා බැලීම පමනි. 
කයාකය දියේ මුනින් අත හැරවී තිඔබූ කාලය විනාඩි 5 -7 ක් විය යුතුය.  සමහර විට උඩම කෑම  පැකට් කිහිපයකට පමනක් වතුරෙන් හානිවී ඇත. ඒ කිහිපය ඉවත් කොට ඉතිරිය වත් ප්ර්යෝජනයට ගැනීමට නම් ඉක්මනින්ම දියෙන් ගොඩට යා යුතුය .  
අපට උවමනා වූයේ වඩාත් ප්‍රයෝජනවත් කාර්‍යයක් ඉටු  කිරීමටය. ඉක්මනින් වැඩිපුර කෑම  ප්‍රමානයක් එකවර ගෙනයාමටය. මේ වන විට සියල්ල අවුල් වී ඇත. ඇත්තේ එකම එක් විසඳුමකි. හැකි ඉක්මනින් ගොඩට යා යුතුය.

“මල්ලි වමට අල්ලලා යමු !”

“එළ !”

ඉක්මනින් අප කයාකය වැට අයින ඔස්සේ ඉහලට පදවාගෙන ආවෙමු . හැඩ පහරේ කේන්ද්‍ර රේඛාවට අඩි 10 ක පමන ඈතින් අප  ගමන් ගත්තෙමු. සාමාන්‍ය ජල  ප්‍රවාහය හැරුණු කොට ගෙන වෙනත් තද ප්‍රථිරෝධයක් අප හමුවේ නොමැත.

“මචං දැන් හරව ගමු ..!”

සෙමෙන් හැරවා ගැනීමට අපට උවමනා උනද කයාකය එක තැන වේගයෙන් හැරුනි ! දැන් කයාකය හැරී ඇත්තේ හැඩ පහර ගලන දිශාවටමය.එහෙත් කයාකය තවම හැඩපහරේ ග්‍රහනයට හසුවී නොමැත .

එය ගමන් කරණ්නේ හැඩපහරට සමාන්තරවය. 

“වමට ගම්මු !” පසිඳු මගේ උපාය තේරුම් ගෙන තිබුනි . මට උවමනා වන්නේ අපගේ යාත්‍රාව හැඩපහර තුලට ඇතුලු කිරීමයි. එය හිතුවාටත් වඩා සාර්ථකව සිදු වුනි. 
කයාකය “ ඉගිල්ලෙන්නට ” පටන් ගති. 

අප ක්‍රම ක්‍රමයෙන් වම් පසට ඇදුනෙමු. පාලමට ලඟා වන්නට පෙර කයකය හැඩපහරෙන් එතෙර කර ගැනීමට අප සමත් වුනෙමු. නැවත අපගේ සුපුරුදු ගමන් මගේම පැදන්නට වුනෙමු. දෙවන වන දූර්ඝයද “බලන” කපොල්ලද හරහා දෙවන සිව්මංසලටද එතැනින් අඹතලේ පාර ඔස්සේ ගංගා තිලකයටත් පහසුවෙන් යන්නට  හැකි විය . පංසලේ ගේට්ටුව අස්ලට කයාකය ගෙන රැහැන් පොටවල් එකින් එක දිග හැරුවෙමි!

 මොනදෙයක් උනත් කරණ්නට දෙයක් නොමැත. එසේම අප අතින් කුමන විදියේ අත පසුවීමක්  උනද අපට දොසක් කීමට එතැන කිසිවෙකු නොමැත! එහෙත් බොහෝ දෙනෙකු තම තමන්ට හැකි උපරිමයෙන්  කරණ ලද පරිත්‍යාගයන් ; තමදුවා දරුවන්ට හෙට දවසේ කන්න දෙන්නට තිබූ දෑ අප අතින් විනාශ වී ගොස් ඇත !
අවසාන රැහැන් පොටද ගලවා ඉවත් කලෙමි. 

පලමු වාරයේ මෙන්ම ඩ්‍රයි බෑග ඔසවාගන්නට ඇති තරම් පිරිස එහි විය. 
එහෙත් ඒඅයහට මලු ලබාදීමට ප්‍රථම මා ඉන් පලමු වැන්නේ අගුල පන්නා අඹරවා තිබුනු කට දිග හැරියෙමි. අවසාන වටය  දිග හරින්නට මත්තෙන් මා පසිඳු දෙස හිස හරවා බැලුවෙමි. 

බත් පතේ වතුරද?

පසිඳු එතෙක් තියුනු ලෙස ඒ දෙස නෙත් නොහෙලා හෙලා සිට බැල්ම මදක් ඉහිල් කොට මාදෙස බලා යන්තමින් සිනාසුනි. අවසාන වටයද දිග හැරියෙමි .
 මල්ල විවර  විය.

 එයට අතදමා පලමු බත් පාර්සලය අතට ගත්තෙමි.

 අප මෙතරම්  වාසනාවන්ත වූයේ  කෙලෙසද ?  

එය තෙමී නොමැත !

 එය පමනක් නොව  “කයාක් එකේ එක ගමනින් ගෙනා බත් එකසිය හතලිහම දනන් කුසගිනි නිවලන්නට සුදුසු අයුරින් මෙගොඩ කැළණියෙන් එගොඩ කැළණියට ගෙනැන්නට අප  සමත්වී තිබුනි.

“එළ !”

“ඔව් බං එළම එළ !!”

මම පසිඳුට පිළිතුරු දුන්නෙමි !      

         


23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...