හර බර නොව රස බර , නිස්කාන්සුවේ නොව එකසිය ගානට වැඩකටයුතු මැද, පත් අට එකට සිඳුවාගත් කසාය වඩියක් නොව වැඩි සීනි ප්ලේන්ටියක් වී, සමාජයට නියමුවකු නොවී සීන් එකේම එකෙක් ලෙස, පොරක් නොව බුවෙක් විදියට, ටෝක් නොදී කයියක් ගහන, කැළෑ පත්තරයක් නොව; බෙල් එක ගසා බයිසිකලෙන් බෙදන සඟරාවක ඩිජිටල් කොපිය !
Monday, March 29, 2021
192. තිස් අවුරුදු රථ මතක . . . . ! (6)
Saturday, March 13, 2021
191. තිස් අවුරුදු රථ මතක . . . . ! (5)
මිය ගිය හිතවත් කමෙක නොමියෙන මතක!
ෆියට් 132 රථය; මා වෙතින් ගෙනගියේ එක් දවසක සන්ධ්‍යා භාගයේ මිලදී ගත් සුපින්වතා වෙනත් වාහනය ගෙනවිත් ඇදගෙනය. එය ඒ තරමට අබලං වෙලා නොතිබුනත් බට් කරලා දැම්ම ඩිස්ට්‍රිබියුටරෙන් වැඩේ සාර්ථකව ඉටුකොට නැති වගක් පෙනුනි. අනෙක ඒ වෙන කොට වසර ගනනාවක් මා ගේ සොයුරියගේ නිවසේ පැත්තක ගාල් කොට කිසිදු සැපක් නැතිව තිබුනු රථයේ බැටරිය ඒ වන විට මිය ගිහින් තිබුනි.මා රැකියාව සඳහා කොළොඹින් පිටතට යෑම සමගම ෆියට් රිය පිළිබඳව සොයා බැලීම මා වෙතින් ගිලිහී ගියේය.
පිටකෝට්ටේ මාගේ සොයුරියගේ නිවසේ නොතෙමෙන්න නවතා තිබූ රථයේ කල දසාවට; ඔවුන් ෆොර්ඩ් එස්කොට් රථයක් ගත්තට පසුව සෙනසුරු ඒරාෂ්ඨකය ලැබුවේය.
මාස කිහිපයකින් සොයුරියගේ නිවසට යන විට මාගේ රථය මිදුලේ කොනක මාස ගනනාවක් තිස්සේ රැඳුනු මාගේ වස්තුව දක්නට ලැබුනේය.
ඔවුන් මාගේ ෆියට් රිය මිදුලට තල්ලු කොට දමා සාරියකින් වසාදමා තිබුනු අතර අවම වශයෙන් පොලිතීන් යාර තුනක් ගෙනැවිත් රථය වසා දමන්නටවත් ඔවුන් කාරුණික වී නොතිබුනි.
මාහට වාහනයක් නොමැති කාලයේ වෙනත් මිත්‍රයෙකුගේ හෝ ඥාතියෙකුගේ වාහනය දුටු විටදී සිත පිනා යන සතුටකින් හදවත් හිරිවැටී යයි. එම වාහනය කිළිටුව වෙත්නම් එය සෝදා හරින්නට මා සිත පොළඹවයි. මා එසේ කල අවස්ථා අපමණය.
වරෙක රාවතාවත්තේ රන්ති රොහාන්ගේ කාර් සේලයේදී ඔහුවාහනයක් පසුපසට ගැනීමට යාමේදී පසුපස වාහනයේ ගැටෙතැයි බියෙන් මා වාහන දෙක අතරට කකුල තිබ්බේය. මේවා බුද්ධි ගෝචර කරුණු කාරණා නොවුනත් මිතුරෙකු වෙනුවෙන් මාඑසේ කලෙමි. එකම සතුටට කරුණ වන්නේ රන්ති රොහාන් හට අදද එය හොඳින් මතක තිබීමය. සමහර මිතුරු හමු වලදී ඔහු මධුවිතෙන් සප්පායම්ව මා වැළඳගෙන ඒ මතකයන් නිරාවරණය කිරීමේදී හිතට මහත්වූ සතුටක් දැනේ! එය පෘථග්ජන ස්වරූපයකි.
එකල මා සතුවූ මූල්‍යමය වශයෙන් වටිනාම වස්තුව වැස්සට "වේලෙමින්" අව්වට "තෙමෙමින්" සාරියක් ඇඳගෙන සිටිනු දැකීම මගේ හිත කම්පනයට පත් කල දසුනක් විය. මාගේ අවශ්‍යතාවය වූයේ; මෙම වාහනය මාහට ගැනීමේදී උදව් උපකාර කල මාගේ මිත්‍ර කටුබැද්දේ රන්ති රොහාන්ගේ ගෙදරට ගිහින් වාහනය දිගේලි කිරීමටය. එතැන මොනවා නැතත් වාහනයට නොතෙමී ඉන්නට තැනක් තිබුනි.
කටුබැද්දට ගෙන ගොස් ආපසු එදිනම හැරෙණ තැපෑලේ ගෙනැවිත් දීමට වත්; ඔවුන්ගේ එස්කොට් රථයේ බැටරිය පැය ගනනකට ලබා දීමට ඔවුන් පසුබට විය.
මාගේ සොයුරියගේ සැමියා හට ඔවුන්ගේ රථය ගන්නා තෙක් වාහනයක් පැදවීමට නොහැකි විය.
සතියේ ඉඩ ලැබෙන ලැබෙන වාරයක් වාරයක් පාසා කටුනායක සිට පිට කෝට්ටෙට ගොස් ඔහුට රිය පැදවීම හුරු කොට නැවත කටුනායකට රෑ පානේ පැමිණීමේ ප්‍රථිපලයක් ලෙස ඔහු පැදවීම ඉගෙන ගත්තේය.
ඒ කරුණු කාරණා කෙසේ වුවත් බැටරියක් සොයා ගැනීමට නොහැකිව මා ඔවුන්ගේ නිවෙසින් පිට වීය. ඔවුන් වෙසෙන අලකේශ්වර පාරේ මීටර 500 ක් පමණ දුරක් එන විට ඒ අසල සිටි මිත්‍රයෙකු මාගේ ගමන ගැන විමසා ඔහුගේ පියාගේ පැරණි රථයේ බැටරිය ගලවා දීමට කාරුණික විය. මිත්‍රයාගේ මහළු මිත්ත්ණිය බෙහෙවින් රෝගාතුර වී අවසාන අඩියේ සිටි අතර මෝටර් රිය ඉතා අවශ්‍ය මොහොතක එහි බැටරිය ගලවා දීමට තරම් ඔවුන් මාහට ඉතා කාරුණික විය.
බැටරිය දමා සැනෙන් පන ගන්වා ගත් රිය කටුබැද්දේ රන්ති රොහාන්ලාගේ ගෙදර ගාල කර නැවත බැටරිය ගලවා කටුබැද්දේ සිට පිට කොට්ටේ අලකේශ්වර පාරට ගෙනෙන විට රාත්‍රී 12.00 පසුවී තිබුනි. මිත්‍රයාගේ නිවස අසලට පැමිණ බලන විට ඔවුන් දොරවල් වසා විදුලි පහන් නිවා නින්දට ගොස්ය. ගේට්ටුවද ඉබි යතුරු යොදා අගුළු දමා ඇත. පසුව මාගේ ඉනෙහි බැඳි පටිය ගලවා එය උපකාරී කොට; බැටරිය ගේට්ටුව ඇතුලට පහත් කොට නොහොත් බා; පාගමනින්ම බොරැල්ලටද එතැනින් පිට කොටුවටද ගොස් සීදූවේ මාගේ නවාතැනට ලඟා වුනෙමි!
කඩවත පදිංචියට ආපසු; ෆියට් රිය කටුබැද්දේ සිට ගෙන ආවේය. රැකියාව කල ස්ථානයේ මිතුරෙකු වූ; බියගම ඉන්ධන පිරවුම් හල අසල සිටි අයෙකු; එය ගෙඩි රුපියල් 22000 කට මිළදී ගැනීමට එකඟ වීම මට මහත් ඉස්පාසුවක් විය.
රථය ඇදගෙන යාම සඳහා මාගේ මිතුරා ඔහුගේ මිතුරන් පිරිසක්; වෑන් රථයකින් පැමිණුනෝය. ඔවුන් ඒ සඳහා සුදුසු කඹ පොටක් රැගෙනා විත් නොමැති වූ අතර මා ඒ සඳහා; වැටකින් ගලවා ගත් කටු කම්බියක් ලබා දී ඉන් නොනැවතී එය වාහනයට ගැට ගසා දුනිමි. මෙය බලා සිටි ඔහුගේ මිතුරෙකු මා ගෙන් විමසූවේ "වාහනේ මුගෙ ඇඟේ ගහන්න; පුදුම කැපවීමක් නේද තියෙන්නේ?" කියාය. සත්තකින්ම බොහෝ කාලයක් එක තැන තිබුනු එය මා කෙරෙන් වියෝවීම; ගෙදරක බොහෝ කලක් ඔත්පලව සිටි රෝගියෙකු මිය යාම වැනි "සතුටු දායක" කාරණාවක් නොවේ යැයි කාට නම් කිව හැකිද?
ඉන්පසු මාසයක පමණ කාලයක් වාහනයක් නොමැතිව සිටියෙමි. විකුණා දැමූ වාහනය තිබුනද එය නොතිබුනා හා සමානය. එහෙත් ධාවනය නොවන මට්ටමේ හෝ මෝටර් රථයක් නිවසේ ගරාජයේ පසුවීම එක අතකින් පොඩි ගැම්මකි.
ෆියට් රථයෙන් එම ගැම්ම මාහට මොනවට සපයා තිබුනි.
කිසියම් අමුත්තන් පිරිසක් ගෙවදින බව කල් තියා දැන ගත් විට; නිවෙස අස්පස් කොට, මකුළු දැල් කඩා, ඇමැද පොඩි පහේ ඇන්දිල්ලක් කරණා කල; මා විසින් තවත් අමතර වැඩක් ඊට එකතු කරගෙන සිටියෙමි. ඒ පන ගැන්වීමට නොහැකි ෆියට් රථය මිදුලට තල්ලු කොට හොඳින් හෝදා පිසදා නැවත ගරාජය තුලට තල්ලු කොට ගාල් කිරීමයි!
නිවෙසට පැමිණි අමුත්තන් වාහනය පිළිබඳව විමසීමේදී; එය ගුරුගේ මැණික් කහවත්ත සතුව තිබූ වාහනයක් බව, ඝන සෙන්ටිමීටර 2000 ක සිලින්ඩර ධාරිතාව, කැමි දඬු දෙකකින් ක්‍රියාත්මක වන වෑල්ව 16, බල මෙහෙයුම් සුක්කානම් පද්ධතිය හා ඉදිරි පස දොර වීදුරු වැනි කාරණා සහිතව තෙලක් බෙදීමට මා හට එකල කට පාඩම්ව තිබුනි.
ගමනක් බිමනක් යෑමට වාහනය නොමැති වීමේ හීනමානය තුනී කිරීමට එය බොහෝ සෙයින් ප්‍රමානවත් විය!
කඩවත දැනටත් ජීවත් වන නිවස පිහිටා ඇති ආසන්නතම නගරය කඩවත වූවාට එය පිහිටා තිබුනේ කඩවත නගරයට කිලෝ මීටර 6 ක දුරකිනි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගමක් වූ එම ප්‍රදේශයට ප්‍රධාන මාර්ගයේ සිට ප්‍රවිශ්ඨ වීමට තිබුනු පහසුම මාරගයේ තිබුනු කුඩා පාලම කැඩී කිසිදු වාහනයකට යාමට ඒමට නොහැකි තත්වයක පසු විය. වාහනයක් නොමැතිව ගමන් බිමන් යාම තබා ලුනු මිරිස් හාල් තුන පහ ටිකක් හෝ සපයා ගැනීම ඉතා අසීරු කටයුත්තක් විය.
මීට වසර 25 කට පෙර ඒ සඳහා කිලෝ මීටර 3 ක පමණ වටයක් ගමන් කිරීමට සිදු විය.
රැකියා සඳහා ගමන් කිරීම එවන්ම වූ සුපිරි කට්ටක් විය.
මන්ද කැඩුනු පාලම මතින් දමා තිබූ පොල් කොටය මතින් ගමන් කිරීමට ගොස් අත පය කඩාගත් අයගේ ලැයිස්තුවට අපගේ නම් ඇතුළු කර ගැනීමට අවශ්‍යථාවයක් නොතිබූ බැවිනි!
එකල අපගේ ගමන් බිමන් පිරිමසා ගත්තේ බිරිඳගේ ලොකු මල්ලී විසින් පාවිච්චි කිරීමට ලබා දී තිබුනු හොන්ඩා CB125T බයිසි කලයෙනි. 125 ට්වින් ඇන්ජිමේ සිළින්ඩර දෙක වෙත මදි නොකියන්නට; ආයේ කාටවත් කටක් ඇරලා වචනයක් කියන්නට බැරිවෙන්නට; පැට්‍රෝල් පෙවීමට කාබියුරේටර දෙකක්ද එන්ජිමට සපයා තිබුනි. අද කාලේ මරුටියක් ගානට පෙට්‍රොල් බොන එම සයිකලය අපගේ එදිනෙදා කටයුතු සෑහෙන පමණට ඉටු කොට දී තිබුනි.
එකල මා සේවය කලේ යටියන්තොටය. මා දින පතා කඩවත සිට යටියන්තොටටත් ආපසු ඉර ගෙදර යන වේලාව අල්ලා ආපසු කඩවතටත් ගමන් කලේ පෙරකී යතුරු පැදියෙනි.
යටියන්තොට - කරවනැල්ල - රුවන්වැල්ල - ගෝනගල්දෙනිය - ගල්බැම්ම - නඩුවත්ත - මිල්ලතේ හංදිය - කිරිඳිවැල - රදාවාන - වැලිවේරිය ඔස්සේ උදෙටත් හවසටත් මා දින පතා ඉහලටත් පහලටත් ගම්න් කලෙමි.
රුවන්වැල්ලත් කිරිඳිවැලත් අතරදී වැස්සකට හසු නොවුනේ නම් එය පුදුමයකි!බොහෝ දිනවල හවස් වරුවේ ගෙදරට ගෙවදින්නේ ඉහෙන් කනෙන් වතුර පෙරාගෙනය!
මේ කාලය වන විට වසික බිහිවන්නට ආසන්නවී තිබුනි. එහෙත් අපගේ ගමන් බිමන් බොහොමයක් සුපුරුදු පරිදි සිදුවූයේ යතුරු පැදියෙන්මය. සවස් යාමයේ බිරිඳව හිඳුවාගෙන යතුරු පැදියෙන් නිවෙස දෙසට එමින් විය. නිවසට එන්නට පෙර මාර්ගයේ තරමක පල්ලමක් තිබුනු අතර එයට සයිකලය ප්‍රවිශ්ඨ වීමත් සමගම සයිකලය නවතන ලෙස බිරිඳ හඬ නැගීය.
නවතා බලන විට ඇයගේ සාරි පොට සයිකලයේ එතී දකුණු අතත් ගෙලත් පහතට තෙරපී තිබුනි.
ඔබ විශ්වාස කරණ්න; එය දැකීමෙන් මා තුල ඇතිවූ ආවේගයේ තරම!
සයිකලයෙන් බිමට නොබැසම සාරි පොටේ ඉහලින් අල්ලා සයිකලය පසුපසට දිවෙන්නට වැරෙන් ඇද්දෙමි!
අදටත් ඇයගේ අතේ සාරි පොට ඇදීමේදී ඇතිවූ පිලිස්සීමේ සළකුණ ඇත.
එහෙත් සිදුවීමට ගිය අවසනාවන්ත හා භයානක සිදුවීම වසිකට නොදැනෙන්නට ඇති.
මේ සිදුවීම් මෙසේ සිදුවන විට බිරිඳගේ නිවසේ ඉසූසූ ජෙමිනි කාරයක්, ලෑන්ඩ් රෝවර් සීරීස් 3 මැලේරියා මොඩලයක්, ටොයෝටා හයි ඒස් ඩොල්ෆින් රථයක්, ඉසූසූ 250 ටිපරයක්, ටොයෝටා ඩයිනා තට්ටුවක් ගාල් කොට තිබුනි. අප ඒවා ඉල්ලා ගත්තේ හදිසියේ බිරිඳ කාසල් වීදියේ සායනය වෙත යෑමට හෝ වෙනත් දුර බැහැර යෙදෙන උත්සවයකට යෑමට පමණි! වාහනයක් ඉල්ලීමට ගිය බොහෝවිට මාමණ්ඩිය වෙත ඉල්ලීම ඉදිරිපත් කොට විනාඩි 15 - 20 එය ඇපෲ වෙනතුරු බලා සිටිය යුතු විය!
සිදුවෙන්නට ගිය සයිකල් අනතුරෙන් කෙටිකලකින් මාගේ සොයුරිය අපගේ නිවෙසට පැමිනුනාය. ඇයත් ඇයගේ සැමියාත් සිදුවූ ත්‍රාසජනක නාට්‍ය ජවනිකාව; මාගේත් බිරිඳගේත් අභිනවයන් සමග ඇහි බැමි අහසට හරවාගෙන උඩට ගත් හුස්මෙන් යුතුව අසා සිටියෝය!
අවසානයේ ඇයගෙන් ඊට පිළියමක් ලෙස "ඔන්න ඔයා ආයෙ; මීට පස්සෙ බයිසිකල් වලනම් යන්න එපා!" කියා අගනා අවවාදයක් දී පිටව ගියාය!
ඒවන විටත් ඇයගේ නිවසේ ෆෝඩ් එස්කෝට් රථය; ඔළුව හිට පොරෝගෙන හිම නින්දේය! එකල එම රථය මාසයකට නොව මාස තුනකට වතාවක් හෝ ගමනක බිමනක යෙදුනේදැයි සැක සහිතය.
ඇයගේ අවවාදය සමග ඉන්නා තැන අමතකව ගිය මා " කරණ්න දෙයක් නෑ බයිසිකලේම තමයි යන්න වෙන්නේ! එහෙම් නැතිව යන්න එකක් නෑනේ !" කියා පැවසූවද සිදුවූ වෙනසක් නොවීය!
දිනක් මා කිරිබත්ගොඩ නගරය හරහා ගමන් කරද්දී; නගර මාධ්‍යයේ තිබුනු කුඩා කාර් සේලයක (මනමාළියන්ගේ හිස රැඳි ඇඳිවත නොව මේ කියන්නේ කාර් කඩයක් ගැනය!) නවතා තිබූ හුරු බුහුටි රථයක් ඇහැ ගැටුනි. ඒ ඔස්ටින් මිනි 850 වැගනයකි. එහි මිළ විමසූ විට එය රුපියල් 50'000 කි. වැරදීමක් නොවේ රුපියල් පනස් දහසකි. එය මා 45000 කට ඉල්ලා මැරෙන්න යද්දී එහි සිටි අතර මැදි බ්‍රෝකරයෙකු මැද්දට පැන 48500 කට මිල නියම කර වාහනය මාවෙත ලබා දීමට කටයුතු කලේය.
එය ඉතා හුරුබුහුටි රථයකි. එහි පැට්‍රෝල් දැම්මේ පිටුපස ටැංකියට නොව වාහනයේ පැසෙන්ජර් ආසනය ඉදිරිපිට බිම තබා තිබුනු පැරණි තිනර් කෑන් එකකටය. එකල එනම් 1994-95 කාලයේදී පැට්‍රෝල් ලීටරයක මිල රුපියල් 35 ක් වී යැයි මාහට මතකය. ටිනර් ටැංකියට පැට්‍රෝල් ලීටර දෙකක් ගසා ගෙන අප අපගේ ගමන් බිමන් වල යෙදුනෙමු!
එකල අපගේ ආර්ථික තත්වය මත ලීටර දෙකක් සපයා ගත්තේද මහත්වූ අමාරුවකිනි. ලීටර දෙකකට වඩා මිලදී ගත්තේ සුවිශේෂී ගමනකදී පමණි. ගමනේ යෙදී සැඇහෙන දුරක් යනතුරු කිලෝමීටර දෙකෙන් තුනෙන් තිනර් කෑනයේ ඉතිරිව ඇති පෙට්‍රෝල් ප්‍රමාණය පිළිබඳව කළ්පණාවෙන් ගියද තවත් දුරක් යන විට එය අමතකවී යයි. නැවත එය සිහි ගැන්වෙන්නේ කෑනයේ පැට්‍රොල් ඉවරවි; කෑනයේ මූඩිය සිදුරු කොට ඇතුලට දමා ඇති බටයෙන් හූස් හූස් ගානා හඬිනි. බීම උරන බටයකින් බෝතලයක ඇති බීම උරාගෙන බී අවසන් වන විට නැගෙන හඬ ඔබට මතකද? එම හඬත් සමගම එම ආසනයේ ගමන් ගන්නා අයෙන්ක් වෙතොත් ඔහු ලවා හෝ නැතිනම් මවිසින් හෝ වහාම බටය මූඩියෙන් පන්නා උඩට කොට අල්ලා ගනී. අද හිතෙන විට එය තේරුමක් නොමැති දෙයක් ලෙස පෙනුනද එවිට පැට්‍රෝල් බිඳෙන් බිඳ එන්ජිම විසින් භක්ෂණය කරණ අයුරු මැනවින් පදවන්නාට පෙනේ! ඒ සමගම වෙහෙසෙන්නේ හැකි ඉක්මණින් පිරවුම් හලක් සොයා යෑමටය!
එම රියෙන් මමත් එකල මාගේ අතිජාත මිත්‍රයා වූ හිතමිත්‍ර ෂානකත් අපගේ බිරින්දෑවරුන්ද සමගින් කිතුල්ගල ගිය ගමන තවමත් මාගේ මතකයේ ඇත. ඒ වන විට බොහෝ සෙයින් මහළුවී සිටි; එහෙත් තම යුතුකම් කොටස මැනවින් වටහාගත්; 850CC එන්ජිමට බරක් නොදැනෙන්නට; එය යාන්තමින්හෝ වෙහෙසට පත් නොකරමින් යාන්තමින් ඇක්සලරේටරය දකුණු කකුලේ මහ පොට ඇඟිලි තුඩ මගින් කිති කවමින් ගිය ඒ ගමන සුන්දර ගමන් චාරිකාවක් විය. අප හතර දෙනාගේ බරද අපගේ ගමන් මළුද දරාගෙන ඉබි ගමණින් කිතුල්ගලට ගියෙමු. මෙම පෝස්ටුවේ මුදුන් කෙළවරේ දැක්වෙන්නේ එම ගමන ගොස් පෙරළා ආපසු පැමිණීමේදී ගලගෙදර පාලම ආසන්නයේ ගත් ඡායා රූපයකි.
වසික අප නිවසට සපැමිණෙන අවධියේ මා සතුව තිබුනේ එම රියයි. වසික - මාගේ ආදරණීය පුත්‍රයා එහි බොහෝ ගමන් බිමන් ගොස් ඇත.
මේ ගැන තව ටිකක් නිවිහැනහිල්ලේ කථා කරමු.
23. ගඟක් දිගේ ගිය ගමනක්
"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...