ඉතින් ඔයා කියෙව්වා නේද දෙවෙනි ඒකත්.
අද එතැන ඉඳන්.
ඔයා පුංචි කාලේ තමයි රත්නපුර එක්සත් ජාතික පක්ෂ බලකනුවක් වූ ගාමිණී අතුකෝරළ මිය ගියේ.
ඒ අවමංගල සභාව රූපවාහිණියෙන් විකාශණය කලා වාගේ මට මතකයි.
මෙය විකාශණය වන වෙලාවේ ඔයා ඉඳලා තියෙන්නේ අල්ලපු ගෙදර.
ඉතින් මෙම අවමංගල සභාවේදී බොහෝ කථිකයින් ගාමිණී අතුකෝරළ මහතාව හඳුන්වා තිබුනේ "පුංචි ඇත්පැටවා" යන නමින්.
ඒක අහන් හිටපු ඔයා අල්ලපු ගෙදර නිවැසි කරුණාරත්න මහතා අමතා "අප්පච්චි . . .මොකද අප්පච්චි එයාට පුංචි ඇත්පැටියා කියන්නේ . . . . ?" කියලා ඇහුවාලු.
මේකට අප්පච්චි "ඒ පුතේ ආදරේටනේ . . . !" කියලා උත්තර දුන්නාලු.
එතකොට ඔයා ටිකක් කල්පණා කරලා කිව්වාලු
" ආ! ඒක තමයි තාත්තිත් මට නරි පැටියා කියලා කියනවා ඇත්තේ!" කියලා.
වැඩියෙම්ම ආදරේ අයට "නරියෙක්" කීම මගේ පුරුද්දක්!
පැටියා කථාව කිව්වාම මට තවත් කථාවක් මතක් උනා.
දවසක් අපි කොහේ හරි දුර ගමනක් යනවා ලොකු සීයගේ වෑන් එකේ.
මමයි වාහනේ පැදෙව්වේ.
ලොකු සීයා හිටියේ අනෙක් පැත්තේ ආසනේ.
ඔයා හිටියේ පිටිපස්සේ පුංචි ආච්චි කිට්ටුව.
මොනවා හරි දේකට මට ටික වෙන්න කේන්ති ගිහින් හිටපු වෙලාවක ඔයා මොනවා හරි මගෙන් ඇහුවා.
මම ඒකට දුන්න උත්තරේ කෙළවර කලේ
" . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . පැටියෝ!" කියලයි.
ඒක අහන් හිටපු පුංචි ආච්චි ඔයාට කිව්වාලු "තාත්ති එක්ක කථා කරණ්න එපා තාත්තිට කේන්ති ගිහින් තියෙන්නේ . . !" කියලා.
ඔයා ඒකට යස උත්තරයක් දීලා.
"නෑ! තාත්තිට කේන්ති ගිහිල්ලා නෑ! අර මට 'පැටියො!' කිව්වේ"
ඒකාලේ මම දහම් පාසලේදී හවසට; කුමාරතුංග මුනිදාස මහත්තයාගේ "හීන් සැරය "පොත එකේ ඉඳන් හයේ පංතියට වෙනකල් දරුවන් එක් කරගෙන කියලා දෙනවා ඔයාට මතකද?
ඒකෙන් හරි ගෙදර තිබිලා කියවලා හරි ඔයාට ඒ පොතේ එන සමහර සමහර සිද්ධි මතක තියෙන්නට ඇති.
එම පොතේ එක පරිච්ඡේදයක් වූයේ "කොටි කටුසු හටන" නමින්.
නරියාගේ සංඥාවට අනුව කොටියා; කටුස්සා සිටි ස්ථානය එල්ලය බලා පැන බිම පහුරු ගා දඟලා මහා විනාශයක් කලද කටුස්සාට වූ අවැඩක් නැති.
ඊළඟ අවස්ථාව යෙදුනේ කටුස්සාටය.
නරියාගේ සංඥාවට අනුව "කටුසු හාමි කොටි රාලගේ කන විකුවේය! නහය විකුවේය!! ඇහි බැම විකුවේය!!! . . . . . ." යනුවෙන් පොතේ ලියැවේ.
එකල ඔයා උදේ පාන්දරට ඇඳේ නිදා සිටිනා විට ඔයා ගේ ඇඟට උඩින්, දෙපසින් අත් දෙකත් දණහිසත් තබාගෙන; "කටුසු හාමි කොටි රාලගේ කන විකුවේය! නහය විකුවේය!! ඇහි බැම විකුවේය!!! . . . . . ." කියමින් ඔයාගේ කන, නාසය, ඇහිබැම විකයි.
ඔයා උඩ පැන පැන හිනාවෙමින් ඇඹරෙයි . . !
මම නිදා සිටින විට ඔයාට ඒ අවස්ථාව ලදොත් මාහටද එම අත්දැකීම එලෙසින්ම විඳින්නට සිදුවේ.
ඔයා කර දඬු උස් වී ගියද; අප හමුවූ අවසන් අවස්ථාවේදීද ඔබ මගේ කනද, ඇහි බැමද විකූ බව මෙය කියවන අන් අය විශ්වාස කරයිද?
ඔව්! ඔයාට වයස අවුරුදු විසි ගානක් වෙලත් තවම අපි දෙන්නා කොටි කටුසු හටන රඟ දක්වති.
තවමත් ඔයා මාවත් මම ඔයාවත් විකයි.
මම ඉස්සර රෑ අන්තිමට නින්දට යන්නට පෙර ඔයාගෙ කාමරේටත් නංගිගේ කාමරේටත් ගිහින් ඔයාලාව අන්තිම වතාවට බැලීමේ පුරුද්දක් තිබුනා.
ඔයා ඒ වෙලාවට හොඳට නිදි.
මම ඔයාගේ යටි පතුල් ඉඹලා ඒවා දිව ගානවා.
ඊළඟට නංගීට.

ඔයා හරිම සංවේදී දරුවෙක් උන නිසාම; නංගීගේ සපැමිනීම ඔයාට දුකක් ගෙන දේවි කියලා අපි හැමෝම හිතුවා.
එහි ප්‍රථිපලය උනේ ඔයාට හැමෝම වැඩි වැඩියෙන් ආදරය කිරීම.
ඔයා වැඩුනේ සාගරයක් බඳු ආදරයක් මැද කිව්වොත් ඒක අතිශෝක්තියක් නොවේ.
විශේෂයෙන් ඔයා අම්මාගේ පවුලේ පළමු මුණුබුරා වීමම සුවිශේෂී දෙයක් උනා.
ඔයාව බලා ගන්න කවන්න පොවන්න හරියට කට්ටිය.
ඒත් මම ඊට සතුටු උනේ නෑ.
මම කැමති උනේ නෑ ඔයා මගේ අච්චුවෙන් පිට අන් අයගේ ආදරය මැද ගොඩ නැංවෙනවාට.
ඒක හරිම ආත්මාර්ථකාමී දෙයක් ලෙසට බැලූ බැල්මට පෙනේවි.
ඔයාට කන්නදෙන බොන්න දෙන තැන සිට සෑම සියළු දේකටම මාවිසින් නිර්මාණය කල ක්‍රම වේදයක් තිබුනා.
ඒ නිසාම කේක් එකක කෑල්ලක් පමනක් කා සෑහීමට පත්වීම; චොකලට් එකකින් සීමිත කොටසක් පමණක් රසවිඳ ඉතිරිය ශීතකරණයේ ඉතිරි කොට තැබීම වැනි දේට ඔයා ඉබේම පුරුදු පුහුණු වී තිබුනා.
ඔයාගේ ඥාති සමූහයා "වැඩි ආදරයට" මුළු චොකලට් එකම, මාශ්මෙලෝස් පෙට්ටියම කවන ආකාරයේ අත්දැකීමකට ඔබ ලක්වේවි යැයි මා බොහෝ කල්පණාවෙන් උනා.
ලොකු සීයාගේ වෑන් එකේ කොහේ හරි ගමනක් යන විට එහි ඉදිරි පස ආසනයේ ගමන් කරණ්නේ ලොකු සීයානේ.
ඉතින් එක් වරක් ලොකු සීයා ආසනයේ හරි බරි ගැහී ඉඳගෙන "කෝ පුතා එන්නකෝ මං ගාවට!" කියලා ඔයාව එයාගෙ උකුළ උඩට ගන්න හැදුවා.
මම ඊට එකවරම විරුද්ධ උනා කිසිම තෙතක් නොමැතිව.
ඔයා ඉපදෙන කොට මට තිබුනේ පරණ ඔස්ටින් මිනි වැගන් එකක්.
6ශ්‍රී 2416
6ශ්‍රී 2416 - 2+4+1+6=13 ඒ උනාට කිසිම දුකක් නොදුන් කෙනෙක්
ඊට පසුව වාහන කොපමන තිබුනත් ඔයාව පුරුදු කරලා තිබුනේ පසුපස ආසනේ යන්න.
ඒ වැඩි ආරක්ෂාවට.
කිසිදිනෙක ඔයාව උකුල උඩ හොවාගෙන මා ඉදිරි අසුනක ගොස් නොමැත.
අන් අයෙකුට එසේ ගෙන යාමට ඉඩ තබාද නැත!
බොහෝ දෙමාපියන් තම දරුවන් ඉදිරිපස ආසනය අසල හිටගෙන තබා ගෙන හෝ පසුපස ආසනයේ සිට ඉදිරිපස ආසන දෙක අතර හිටගෙන රඳවාගෙන තම මෝටර් රථ පැදෙව්වාට මා කිසි දිනෙක ඊට ඔබට අනුබල දී හෝ අවස්ථාව ලබාදී හෝ නැත!
බොහෝ විට මම කලේ ඔයාව ගමන යන්න කලින් නිදි කරවලා ඔයාගේ; හතරැස් නාන බේසම මත රෙදි නවල තියලා පරිස්සමට ඒකෙ ඇතුලෙන් තියලා ඒක ඔස්ටින් මිනි වැගන් එකේ ඉස්සරහ ආසන දෙකයි පසු පස ආසනයයි අතර හොඳින් හිරවෙන්න තබා ගැනීමයි.
මේ සැකැස්මට ලොකු ආච්චිලා සීයලා නම් ටිකක් අකමැතියි.
ඒත් ඒ කිසිවෙකු එම විරෝධතාවය මගේ ඉදිරියේ කියන්න මැළි උනා.
එසේම මාකිසිදිනෙක ඔබව පාර මාරුවෙන ස්ථානයකින් හැර අන් ස්ථානයකින් ගමන් කරවා නැත.
කිසිදිනෙක මා පෝලිමක් පනිනු ඔබ දැක නැතිවා මෙන්ම මමද කිසිදා පෝලිමක් පැන නැත.
මේක කිව්වාම මට හොඳ දෙයක් මතක් උනා.
ඔයා මොන්ටිසෝරි යන කාලේ පොඩි දිවීමේ තරඟයකට සහබාගී උනා.
ඒ කකුල් දෙක බැද්දේ බැලුම් බෝලයක් තබාගෙන දීවිමේ තරඟයක්.
අපි බලා ඉඳිද්දී ඔයා තරඟයේ අංක එකට දුව ගෙන ආවා.
ඇවිත් දිනුම් කනුව ලඟ තිබුනු නූල අසල නැවතුනා.
වටේට හිටපු අය කොතරම් කෑ ගැසුවත් ඔයා නොවේ නූල කඩාගෙන ගියේ.
පසුව දෙවෙනියා පැමිණ නූල කඩාගෙන ගියාට පසුව තමයි ඔයා ගියේ.
නූල කඩාගෙන යාම වැරදි දෙයක් විදියටයි ඔයාගේ පුංචි හිත ඔයාට ඒවෙලාවේ කියලා තිබුනේ.
ඒතරම්ම ඔයා විනය ගරුක දරුවෙක්.
ඉතින් ඒකෙන් මේකෙන් නංගී ගෙදර ගෙනාපු කථාව පස්සට ගියා.
නංගී ආපු දවසේ ඉඳන් ඔයා එයාට බොහෝ ආදරය කලා.
"නංගී ඇහැරේවි!" කියා ඔයා සද්ද කලේ නෑ.
හදිසියට ඔයාව නංගී ලඟ තියා පොඩි ඉසිබුවක් ලබන්නට හැකි තරම් ඔයා එයාට ආරක්ෂකයෙක් උනා.
ඒ වෙලාවේ නංගි හොඳටෝම දොයි!
"අනේ පුතෙ නංගි ඇහැරේවී !" කියා එතන සිටි අයෙක් පැවසූ විට ඔයා; ඔයාගේ චූටි අත් දෙකෙන් ඔයාගේම කට වසාගත්තා!
ඔව් එහෙම ඔයා ඒ දුක තද කරගත්තා.
ඒ තරම් පිංවත් දරුවෙක් ඔයා!