Sunday, March 22, 2020

164. කේසි ජෝන්ස් - වීරයෙකු මැරුණු හැටි . . !



උතුරු ඇමරිකානු මහද්වීපයේ මහා කවි කථාව ලෙස; කාල් ඇන්ඩ්බර්ග් විසින් හඳුන්වනු ලබන කථාව පටන් ගන්නේ කෙසේද?
කේසි ජෝන්ස් යනු කවරෙක්ද?
ඉතා ස්වල්ප දෙනෙකු හැරෙණ්නට අනෙකුත් සියළුදෙනා ඔහුව හඳුන්වන්නේ "දුම්රිය අනතුරකින් මියගිය හුදෙක් දුම්රිය පදවන්නෙකු" යනුවෙන් පමනි.
එහෙත් ඔබ දුම්රිය සේවයට සමීප වන හා එය අගය කරණ්නෙක් නම් හෝ දැනට සිහිවටන මන්දීරයක් බවට හරවා ඇති ජැක්සන් හි ඔහු විසූ නිවස පිහිටා ඇති ප්‍රදේශයේ වාසය කරණ්නෙක් නම් මිස ඔහු ගැන ඔබේ දැනීම නොපැහැදිලි වීමට අවකාශ ඇත.

කේසිජෝන්ස්; ජොනතන්ලූතර් ජෝන්ස් ලෙස 1863දී දකුණු මිසූරිහී උපත ලැබීය.
ගුරුවරයෙකුවූ ඔහුගේ පිය; ඔහු කුඩා අවදියේදීම තම නිජබිම වන කේසී නගරයට සේන්දුවිය.
ඔහුගේ සොහොයුරණ් තිදෙනාම දුම්රිය පදවන්නන් වුවද ඔවුන්ගේ ජීවිත හෝ මරණ කේසිගේ මෙන් හැඟීම් දනවන ඒවා නොවීය.
නිල් පැහැයට හුරු අළු පැහැයෙන් යුතු දෙනෙත් සඟලකට හිමිකම් කී ඔහු; අඩි හයකුත් අඟල් හතක උසකින් යුත් ඉතා කඩවසම් තරුණයෙකු විය.
1900 දී ඔහු ; ඉලිනොයිස් මධ්‍යම දුම්රිය මාර්ගයේ සිටි විශිෂ්ඨතම දුම්රිය පදවන්නෙකුගෙන් එකෙකු බවට පත්ව සිටියේය.
ඒ වන විට අහස් යානය වැඩි දියුණුවී නොතිබුනි.
මහා මාර්ගද විරළ වූ එම වකවානුවේ රට තුල ගමනා ගමනයේ යෙදීමට හැකි වේගවත්ම මගවූ දැවැන්ත වාෂ්ප දුම් රියක් හසුරුවන්නෙකු නිතැතින්ම දනන් වසඟයට ගත් අයෙකුම විය.

අශ්වාරෝහකයින් තම සෑදලය අසු පිටින් අසු පිටට රැගෙන යනවා සේ; එකල විසූ බොහෝදුම් රිය පදවන්නෝ තම පෞද්ගලික වාෂ්ප නලාව (දුම්රිය නලාව) එන්ජිමෙන් එන්ජිමට ගෙන යෑම සිරිතක් සේ කරගෙන ගියහ. 
සෙන්ට් ලුවිස් හී සිටි; කේසි ජෝන්ස්ව අගය කරණ්නෙකු විසින් ඔහුට තෑගි දෙනු ලැබූ නලාව තන්ත්‍ර හයකින් යුක්ත වූ අසාමාන්‍ය එකකි. එයින් විශ්මිත ලෙස ගැයුනේ පහර පිට පහර වැදුනු අසරණයින් ගැන කියැවුණු Whip Poor Will. ගීතයේ අනුවාදනයයි.

මෙම මාර්ගයේ ඉහල සිට පහල දක්වා වාසය කල අය තම ඔරලෝසු වල වෙලාව නිවැරදි කර ගත්තේ; නියමිත තත්පරයට පැමිණෙන කේසිගේ පාළුව හුදෙකලාව මුහුවුනු දුක්බර ලතෝනියක් වැනි නලා හඬෙනි. 

ඔහු මත්පැන් පානය නොකලේය.එහෙත් භාන්ඩ ප්‍රවාහනයේ යෙදුනු මුල් අවධියේ සිටම ඔහු වේගවත් රියැදුරෙකු බවට ප්‍රසිද්ධියක් අත්කරගෙන සිටියෙකි.



චිකාගෝ සහ නිව් ඔර්ලියන්ස් අතර දිවුනු අධිවේගී දුම්රිය හතරක්; ඉලිනෝයි මධ්‍යම සේවය සතු විය. ඒවා හඳුන්වනු ලැබුවේ "කැනන්බෝල් එක්ස්ප්‍රස්" යනුවෙනි.

සැත්පුම් 188 (කිලෝමීටර 300) ක දුරකින් යුත් මෙම්පීස් ටෙන්සි හා කැන්ටන් මිසෝරි අතර දිවුනු දුම් රියක පදවන්නෙකු ලෙස සහය වීමට කේසි 1900 දී පත්විය. එවිට හේ 36 වියේ වූවේය.
නියමිත් කාල සටහන සකසා තිබුනේ සියළු නැවැත්වීම් ඇතුළුව පැයට සැතපුම් 50 ක (ආසන්න වශයෙන් පැයට කිලෝ මීටර 80) සාමාන්‍ය වේගයක් පැවැත් විය යුතු ආකාරයටය. 
ඔහුට සිම් ටී වෙබ් නමැති කළු ජාතිකයා වාෂ්ප උඳුනේ කටයුතු සඳහා ලබා දී තිබුනි. ඉතා ලෙන්ගතු වූ වෙබ්  සමග කේසි හට ලැබුනු තවත් දායාදයක් විය. ඒ අංක 382 දරණ නව දුම්රිය එන්ජිමය. එය සාමාන්‍ය රෝද 6 - 8 වර්ගයේ එකක් නොවීය. අංක 382 දරණ නව එන්ජිම; අඩි 6 ක් උසැති එලවුම් රෝද හයක්ද වාහක රෝද  හතරක්ද සහිත රෝද දහයේ මැක්වීන් වර්ගයේ දැවැන්තයෙකි.
1900 අප්‍රේල් 29 වන දින රාත්‍රී 9.00 ට  කැනන්බෝල් 2  උතුරු දුම්රිය  මෙම්පීස් නගරයට කේසි විසින් රැගෙන එන ලදී. කාලසටහනට අනුව එදින විවේක ගෙන අංක 1 දරණ දුම් රිය පසුදින සන්ද්‍යාවේ  භාර ගැනීමට නියමිතව තිබුනි. නමුත් පාලක මැදිරියෙන් ඔහුට දැනගන්නට ලැබුනේ; එදිනට දුම්‍රිය ගෙන යාමට නියමිත  අංක 1 දුම්රියේ පදවන්නා අසනීපයෙන් පසුවන බවය.

"මම ඩබලක් කරණ්නම්!' කේසි පැවසුවේය.

එකල ඔහු දැඩි මුදල් අවශ්‍යතාවයකින් පසුවිය. ඔහුට බිරිඳක් හා දරුවන් තිදෙනෙක් විය. එසේම ඒ වන විට මෙම්පීස් නගරයෙන් නිවෙසක් මිළදී ගෙන ජැක්සන් නගරයෙන් සමු ගැනීමට ඔහු අදහහස් කොට ගෙන තිබුනුබ් අවධියක් විය.

අනුක්‍රමික සේවා වාර දෙකම සේවය කිරීම සඳහා ඔහුගෙන් ඉදිරිපත්වූයේ එකම එක කොන්දේසියකි.  ඒ එම ගමන සඳහාද; තමන්ගේ සුපුරුදු අංක 382 දරණ අධිබල සම්පන්න මැක්වීනයම යොදා ගැනීම සඳහා අවසරය පමනක් විය.
දකුණ බලා යන්නට නියමිත කැනන්බෝල් දුම්රිය මෙම්පීස් වලට පැමිණියේ කාල සටහනට ප්‍රමාදවය. දුම් රිය මැදිරි 12 ක් අමුණා ගත් කේසි; මධ්‍යම රාත්‍රී 12.50 ට මෙම්පීස් වලින් ඉවතට ඇදුනි. ඔහු සිටියේ කාල සටහනට විනාඩි 95 ක් පසුපසිනි. 

"නියමිත වෙලාවට කැන්ටන් වලට යන්නට අපිට ආපසු ගන්නට තියෙන්නේ අන්තිම අමාරු කාලයක්! ඒ වුනත් අපිට බැරිවෙන එකක් නෑ. ඒ වුනත් ඒ කාලය ආපසු ගන්නට බැරිවෙන එකක් නෑ!!" කේසි; තම බොයිලේරු ක්‍රියා කරු  සිම් අමතා පැවසීය.

සිම් සවලෙන් උඳුනට ගල් අඟුරු දමද්දී කේසි
දුම්රියේ වේගය වැඩි කරමින් විය. ඒ වන විට ඔවුන්ගේ වේගය පැයට සැතපුම් 100 (පැයට කිලෝ මීටර 160) අභිබවා  යමින් විය.

සැතපුම් 102 ක දුරක් ගෙවා දමමින් ග්‍රැනඩා හි පලමු වරට ඔවුන් දුම්රිය නවත්වන විට; ප්‍රමාදය විනාඩි 60 කින් අඩු කර ගැනීමට ඔවුන් සමත් වී සිටියහ.

ග්‍රැනඩා සිට විනෝනා දක්වා වූ සතපුම් 23 තුලදී කේසි තම ප්‍රමාදය තවත් විනාඩි 15 කින් අඩු කර ගැනීමට සමත් වී සිටියේය.

"අදනම් ආච්චි අම්මට අඩි උස සපත්තු ලැබිලා වගේයි!" කේසි ; රියැදුරු කුටිය හරහා යමින් සිටි සිම් වෙත කෑගෑවේය.

තම අවසාන් නැවතුම් පොල වන ඩුරාන්ට් වෙතට ළඟා වෙද්දී  කේසින් සිටියේ තම කාල සටහනට ඉතා ආසන්නවය.
එතැන් සිට වූයේ තනි දුම්රිය මාර්ගයක් බැවින්; ගුඩ්මන් වලට මදක් ඔබ්බෙන්; උතුර බලා දිවුනු අනෙක් කැනන්බෝල් දුම් රියට ඉඩ දීම සඳහා අතුරු මාරගයකට ගැනීමෙන් කේසි විනාඩි 5 ක කාලයක් ප්‍රමාද විය.
ඒවන විට කිසිදු අවහිර තාවයකින් තොරවතිබිය යුතු දුම්රිය මගේ කේසි නැවතත් වේගය වැඩි කර ගනිමින් විය.
පැයට සැතපුම් 75 දක්වා වැඩිකරමින් ගමන් ගත් දුම්රිය; වෝගාන්  දක්වා පමිණෙන විට ඔහුගේ ප්‍රමා දය විනාඩි දෙකක් පමණි! 
ඔහුගේ  ගමනාන්තයට ඉතිරිව තිබුනේ තවත් සැතපුම් 14 ක් පමණි.

අදහාගත් නොහැකි ලෙස කැනනබෝල් දුම්රිය සැතපුම් 174 ක් ඇතුලත විනාඩි 91 ක් ඉතිරි කරගෙන තිබුනි.

 "එයින් පෙනීයන්නේ ඇතැම් අවස්ථාවලදී දුම්රිය පැයට සැතපුම් 100 ඉක්මවූ වේගයකින් ධාවනය වී ඇති බව පමණක් නොව කිසිදු අවස්ථාවක පැයට කිලෝමීටර 65 ට අඩුවෙන් ධාවනය වී නොමැති බවය!' යනුවෙන් එවකට ඉලිනෝයි සෙන්ට්‍රල් හි ඉංජිනේරු ෆ්‍රෙඩී ජේ ලී  විසින් පසුව සටහන් කොට තිබුනි.

තවත් මිනිත්තු 12ක කාලයක් එම වේගයෙන්ම තම දුම්රිය පැදවූවා නම් කේසි හට නියමිත කාල සටහනනුව ගමන් නිම කිරීමට ඉඩ තිබුණි.
නමුත් ඔහුට එම වේගයෙන් ගමන යන්නට හැකිවූයේ වෝගාන් හී S වංගුව තෙක් පමණි.
භාණ්ඩ ප්‍රවාහනය සඳහාවූ
දුම්රියක නියාමක මැදිරියේ පසුපස සවිකොට ඇති රත් පැහැති පහන්; එම අපැහැදිලි රාත්‍රියේ තරමක දුරින් තිබෙනු කේසිට යාන්තමින් පෙනුනි.

"අපි හැපෙන්නයි යන්නේ . . !" සිම් කෑගෑවේය . . !

කේසි ජෝන්ස් නිමේශයකින් ක්‍රියාත්මක විය. ඔහු
දුම්රියේ ත්වරණකය වසා දැමුවේය. වායු තිරිංග යෙදුවේය. පසුපසට ධාවනය කෙරෙණ ලීවරය ඇද්දේය. ඒ සමගින්; පහර පහර වැදෙන දිළින්දන් ගැන ගැයෙන ඔහුගේ නලාවේ විලාපය  දසත පැතුරුණි.

"සිම් පැනපාං!" ඔහු කෑගැසුවේය.

සීඝ්‍ර ලෙස දුම්රියේ වේගය පැයට සැතපුම් 75 සිට 35 තෙක් අඩුවිය. 

සිම් ඉවතට පැන්නේය. 

එහෙත්කේසි තවදුරටත් දුම්රිය පාලනය  කිරීමෙහිම නිරත වුනි. එහෙත් දුම්රියේ ගැටීම වලක්වා ගැනීමට ඔහු අපොහොසත් විය. ගැටුමේ හඬ සැතපුම් ගනනාවක් ඈතට ඇසුණි.
කැනන්බෝල්
දුම්රියේ යෝද මැක්වීන් ඇන්ජිම; ඉදිරියේ වූ දුම්රියේ නියාමක මැදිරිය සුනු විසුනු කලේය. කැබැලිව ගොස් තිබුනු එක් දුම් රිය මැදිරියක තිබුනු ටොන් ගණනක් තිරිඟු ප්‍රදේශය පුරා විසිරී තිබුණි.

අංක 382 
දුම්රිය එන්ජිම පමණක් මාර්ගයෙන් ඉවතට පැන පසෙකට හැරී නතරවී තිබුණි. එන්ජිමට යාබදව පවතින ගල් අඟුරු හා ජලය පුරවා ඇති කොටස එනම් ටෙන්ඩරය හා අනෙකුත් මැදිරි සියල්ලම මාර්ගයේ පීලි මත නිරුප්ද්‍රිතව  පීලි මත පැවතුනි.
ගෙල හරහා දිවැවුනු යකඩ ඇනයක් සහිතව; තැලී පොඩිවී ගිය කේසි ජෝන්ස් ගේ සිරුර පසුව හමුවිය. 

අනතුරෙන් මියගිය එකම පුද්ගලයා ඔහු පමනක්මවිය. සිම් වෙබ් සිහිසුන්ව සිට හමුවිය.  ඔහුට අමතරව යන්තමින් හෝ සීරිමකින් තැල්මකින් හෝ පීඩාවට පත්වී සිටියේ හදිසි පණිවිඩ ගෙන යන්නෙකු, තැපැල් ලිපිකරුවන් දෙදෙනෙකු හා එක් කාන්තා මගියෙකු පමණි.
මෙම සිව් දෙනා ඇතුළුව සියළු දෙනා හට ඩොලර් 31 කින්;
දුම්රිය සමාගමට එරෙහිව තිබුණු මුළු මහත් වන්දි ප්‍රමාණයම ගෙවා අවසන් කලහැකි විය.
පසුව අංක 382 දුම්රිය එන්ජිම අළුත්වැඩියා කිරීමෙන් පසුව වෙනත් අංකයක් යටතේ ධාවනය සඳහා යොදවන ලදී.  


අනතුර සිදුවූයේ කෙසේද?

වෝගන් හි නවතා තිබුනු භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගැනුනු දුම්රිය දෙක ප්‍රධාන මාර්ගයෙන් ඉවත්කොට අතුරු මාර්ගයේ නවතා තබන ලෙස පාලක මැදිරියෙන් උපදෙස් ලැබී තිබුනි.
අතුරු මාර්ගය යනු ස්ථාන දෙකකදී ප්‍රධාන මාර්ගයට සම්බන්ධ කෙටි මගකි. නමුත් එම දුම්රිය දෙකෙහි සමස්ථ දිග; අඩි 3148ක් වූ අතුරු මාර්ගයට වඩා වැඩි වූයෙන් පෙට්ටි හතරක් උතුරු කෙළවරෙහි එනම් කේසිගේ දුම්රිය වෝගන් වෙතට ඇතුළුවන  කෙලවරෙහි ප්‍රධාන මාර්ගය මත රැඳී පැවතුනි.
නවතා තැබුනු දුම්රිය යුගලය ප්‍රධාන මාර්ගයෙන් ඉවතට ගෙන කැනන්බෝල් දුම් රියට ඉඩදීම කල යුතුව තිබුනද එම දුම්රියේ රබර් වායු නලයක් කැඩී තිබුණු බැවින් සියළුම රෝද හිරවී කිසිවක් කල නොහැකි සේ නොසෙල්වී; ප්‍රධාන මාර්ගය අවුරමින් පිලි මත නතරව තිබී ඇත.



ඉන් අනතුරුව සිදුවූයේ කුමක්දැයි අද වනතුරුත් මතබේධයට තුඩුදෙන කරුණක්ව පවතී. 
මෙවන් අවස්ථාවකදී පැමිනෙන්නාවූ දුම් රිය නැවැත්වීමට භාවිතා කල යුතු උපක්‍රමයක් ලෙස මාර්ගයේ ඇති බාධකයට ටෙලිග්‍රාෆ් කනු 30 කට ඔබ්බෙන්පීලි මත වෙඩි බැඳීම සිදු කරණු ලබයි.
දුම්රියේ එන්ජින් රෝද වලට හසුවී මහත් හඬකින් පුපුරා යන ටෝපිඩෝ ලෙස හඳුන්වනු ලබන මෙම වෙඩි වලට අමතරව විශාල එළියක් විහිදුවමින් දිලෙන ලන්තෑරුමක්; ඉදිරියට එන දුම් රිය නවතා ගැනීම සඳහා එය ඉදිරියට යැවීම  නියමයකි.
එදින එම සියළු කටයුතු සඳහා; ඇනහිට තිබුනු දුම් රියේ සිට ජෝන් එම් නිව්බරි නමැති කොඩිකාර සේවකයා යවනු ලබ ඇත.

ඉලිනොයි සෙන්ට්‍රල් විමර්ශකයෙකුගේ වාර්ථා වලට අනුව පෙනී යන්නේ නිව්බරි විසින් ඔහුගේ කාර්‍යය ඉටුකොට ඇති බවටත් ටොර්පිඩෝ වෙඩි පිපිරී ඇති බවත් කෙසි විසින් එම සංඥා වල අනුකූලව ක්‍රියා නොකිරීම මෙම ගැටුමට හේතු වී ඇති බවය. 

එහෙත් ඔහුගේ වියෝවෙන් තවත් සෑහෙන කලකට පසුව එනම් 1957 දී සිම් ටී වෙබ් විසින් ප්‍රකාශකලේ මීට ඉඳුරාම වෙනස් විස්තරයකි.

එනම් එදින කිසිදු සංඥාවක් , සංඥා එළියක් හෝ සංඥා කරුවෙකු  හෝ වෙඩි හඬක් තමන්ට ඇසුනේ වත් දුටුවේවත් නොමැති බවය.
මෙම ප්‍රකාශය සමග කේසිගේ ගෞරවය නැවතත් රැකුණි.

කේසිගේ මිතුරෙකු සේම කැන්ටන්හී දුම් රිය එන්ජින් පවිත්‍ර කරණ්නෙකු වූ වොලාර්ස් සෙන්ඩර්ස් නමැති නීග්‍රෝ ජාතිකයා විසින් පසු කලෙක ගීතයක් නිර්මාණය කරණු ලැබීය.
"කේසි ජෝන්ස් කේසි ජෝන්ස් කේසි නිවැරදි . . . .
 . . . . . දිවා රැයේ ඔහු සිටියේ සෙවයෙ සිරවී . . . //"

එය ගීතයක් ලෙස ක්‍රම ක්‍රමයෙන් වැඩි දියුණු වී ලෝක යුද්ධයට පෙර වැඩියෙන්ම අලෙවිවුනු ගී තැටිය බවට පත්විය. 1930දී පොතක්, චිත්‍ර පටයක් හා ගුවන් විදුලි කථාපෙලක්; කේසිගේ පුරාවෘථය පසුබිම්කොට බිහිවුණි.
ඔහුගේ අවසාන චාරිකාවේ 50වෙනි සමරුව වෙනුවෙන්; ජැක්සන්හී සමරු මුද්දරයක් පල කලේය.
එම උත්සවයට පැමිණි ජනකාය; එතෙක් එම නගරයට පැමිණි සුවිශාලතම ජනකාය විය.එදින එතැන සිටි කථිකයින් ඔහුව ; සුවිශේෂී ඉංග්‍රීසි ලේඛක ජෝන් බැන්යන් හා ජෝන් ඇපල් සීඩ්  වැන්නන්ගේ ශ්‍රේෂ්ඨත්වයට සම කලේය.



කේසි ජෝන් කෞතුකාගාරය විවෘථ කරණ ලද්දේ 1956 දීය.නාගරික සභාව විසින් මිළදී ගනු ලැබූ ඔහුගේ නිවස ඒ සඳහා යොදා ගැනුනි.
පවුලේ අය විසින් ඔහුගේ අත් ඔරලෝසුව ඇතුළු තවත් පෞද්ගලික වස්තූන් රැසක් ඒවෙනුවෙන් ලබා දෙනු ලැබූ අතර;අනතුරට පත් අංක 382 දරණ දුම්රියට සමාන දුම්රියක් ජැක්සන් නගරයෙන් ලබාදෙනු ලැබීය.

ඉලිනෝයි සෙන්ට්‍රල් සමාගමෙන් තවත් බොහෝ සිහිවටන ලබා දී තිබෙන අතර කේසිගේ නලාවේ අනුරුවක්ද එහි තබා ඇත.අයිතිහාසික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව සිහිවටනයක් මගින්  අනතුර සිදුවූ ස්ථානය පෙන්නුම් කිරීමට  ඵලකයක් තනවා එහි මෙසේ සඳහන් කොට ඇත.


"කේසි ජෝන්ස් : ජනතාව අතර ප්‍රචලිත; අමෙරිකානු දුම්රිය ඉතිහාසයේ ජන ගායනාවකට පදනම්ව ඇත්තාවූද; මෙම ස්ථානයේදී 1900 වසරේදී දුම්රිය අනතුරකින් මරණයට පත්වූ; වර්ණවත් හා එඩිතර දුම්රිය රියැදුරෙකු මෙයින් අනුස්මරණය කෙරේ."

කේසිජෝන්ස්ගේ දුම්රිය මගින් විසිරුනා වූ තිරිඟු ඇට වලින් ජන්මය ලද්දාවූ තිරිඟු; අවුරුදු පතාම එම අනතුර සිදුවූ භූමියේ ඉබේ වැඩෙනු අදත් දක්නටලැබේ.



https://en.wikipedia.org/wiki/Casey_Jones

මුතුහර 1998 ජුලි   පිටු අංක 95, 96, 97, 98

16 comments:

  1. අහලා තිබුනෙ නැති කතාවක්... ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. ඒක ආශ්චර්‍යයක් මෙන්ම ගෞරවයක් . ඔබ නොදන්න ඉතිහාස කථාවක් ලියන්නට හැකිවීම. ස්තූතියි!

      Delete
  2. මේ ලිපියේ හැටියට දැනට ශතවර්ෂයකටත් කලින් තිබුන වාෂ්ප දුම්රිය පවා පැයට කිලෝමීටර් 15 අ වේගයෙන් ධාවනය වී තිබෙනවා. එසේම දුමිරිය ධාවනය කිරීමට නියම කර ඇත්තෙත් සමනය වේගය පැයට කිලෝමීටර් 80 ක අවම වේගයක් ඇතිව !!!

    ඒකට මේ සිරිලංකාවේ අදටත් ඇතැම් දුම්රිය ධාවනය වෙන්නේ පැයට කිලෝමීටර් 15 ක වේගයෙන්. ඒ තියා කොළඹ ඉදං බදුල්ලට තියෙන කිලෝමීටර් දෙසිය ගණන යාමට පැය 12 කට වඩා ගන්නවා.

    අපේ රටේ දැන් තමයි පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් යන්න පුළුවන් අධික වේගී මාර්ගත් හදන්නේ.

    කවුදෝ කොහෙද කියලා තිබ්බා අපි ඇමරිකාවට වඩා අවුරුදු 100 ක් පිටිපස්සෙන් ඉන්න රටක් කියලා. දුම්රිය සේවය සංසන්දනය කරාම ඇමරිකාවේ වර්ෂ 1900 යේ තිබ්බ දුමිරිය සේවාව අපේ වර්තමාන දුම්රිය සේවාවට වඩා ඉදිරිගාමී. ඉතින් තට්ටයා මහත්මයෝ මෙවැනි රටක අපි කවදා හිනැහෙමුද?

    දයා ගුණවර්ධන -
    කුරුණෑගල

    ReplyDelete
    Replies
    1. මගේ කොමෙන්ටුව මුල් ජේදය පහත ලෙස නිවැරදි විය යුතුය.

      'මේ ලිපියේ හැටියට දැනට ශතවර්ෂයකටත් කලින් ඇමරිකාවේ තිබුන වාෂ්ප දුම්රිය පවා පැයට කිලෝමීටර් 150 ක වේගයෙන් ධාවනය වී තිබෙනවා. එසේම දුමිරිය ධාවනය කිරීමට නියම කර ඇත්තෙත් සමනය වේගය පැයට කිලෝමීටර් 80 ක අවම වේගයක් ඇතිව !!!'

      Delete
    2. ඔව් දයා මහත්තයා! අපි ඔය කට තියන් ඉන්න බැරිවට අමෙරිකාවට බැන්නාට ඒ මිනිස්සු ඔයතත්වයට එන්න බර කට්ටක් කාලා තියෙනවා. එසේම තම වගකීම් නිවැරදිව හඳුනාගෙන ඒ අනුව ක්‍රියා කරණ මිනිස්සු. ඔබ හිතන්න පසු ගිය දිනෙක බදුල්ලේ ඉඳන් එන දුම්‍රිය එක නැවතුම් පොලක විනාඩි 20 කට වඩා නවතාගෙන ඉඳලා එන්ජින් ඩ්‍රැයිවර්ගේ කාම එක එනකල්. ඉතින් තව මොන කතාද?

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. 160km/h wada wedi yegayak 1900 di..... supiri weddek nee. anunge noselakilimath kama nisa nethiuna eka gena nam dukai.

      Delete
    2. ඔව් ඔහු තම වගකීම නිවැරදිව ඉටු කිරීමට තම ජීවිතය පරදුවට තැබූ නිර්භීත මිනිහෙක්. ඔහුට අවකාශය තිබුනා සිම් වගේම ජීවිතය බේරා ගැනීමට!

      Delete
  4. අගී අගී ඉතා අගී
    ඉතිහාසය නම් අනගී
    බෝ දේවල් ඇත හැංගී
    ලියන්න තව, මේ වගෙ 'ගී'

    ReplyDelete
    Replies
    1. පෙරදින දිය යට හැංගී
      ලිව් දේ කාටත් නොහැඟී
      තිබුනු හෙයින් මේ අනගී
      කථාව ලිව්වා නොසැඟී

      Delete
  5. Harima apooru kathawa!Ea wagema harima kanagatudayakayi.

    ReplyDelete
    Replies
    1. ඔව් සත්තකින්ම ඒක හරිම කනගාටුදායක කතාවක්! ස්තූතියි දුක සැප බෙදාගන්න මේ කොරෝණා මගුල අස්සෙ හරි ගෙවදුනාට!

      Delete
  6. වසර 22කට පසු ඔබේ ලිපියට ප්‍රතිචාරයක් දැක්වීමට හැකිවීම පිදිබඳව සතුටුවෙමි. නම දකිනකොටම මුළු ලිපියම මතකයට පැමිණියා. මා ඉතා කැමති ලිපියක්.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි. සතුටුයි එය ඔබට මතක තිබීම ගැන. මේ කතාව මම කියෙව්වේ Reader's Digest එකකින්. එය මගේ හිත තුල ඇති කල කම්පනය නිසාම එය පරිවර්ථනයට පෙළඹුනා!

      Delete
  7. පීලී වෙඩි බැඳීම සහ රතු තෙල් පහන් දැල්වීම Flagman සිදු කරලා නැතුව වෙන්නම ඕනේ කියලා හිතෙනවා .

    ReplyDelete
    Replies
    1. ඔව් කළණ මගේ හිතත් ඉඩ දෙන්නේ නෑ මොහොතකටවත් කේසි අත වරදක් පිළිගන්න!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...