Tuesday, August 20, 2019

147. කළු ගඟදිගේ . . . . . . 10

තරු පහක නොමැති සුව ! 
(අප්පා ඇති යාන්තම් සරම තියෙනවා!)

තෙශාන්තත් පසිඳුත් ඉතා වෙහෙස මහන්සිවී උපයා සපයා දුන් මහත් ඵල මහානිසංස දානයෙන් ඉක්බිතිව අප නින්දට වැටුනෙමු.
 ඇත්තෙන්ම නින්දට වැටුනෙමු නොව අප සකසා ගත් නිදන කුටිය හෙවත් කූඩාරම තුල ඇද වැටුනෙමු.
දහවල් කාලය මුළුල්ලේ අපගේ ජීවිත පරිස්සම් කිරීමේ යෙදුණු ජීවිතාරක්ෂක කබා හෙවත් ලයිෆ් ජැකට්ටු කූඩාරම තුලදී අපගෙ හිසට සුව සලසන කොට්ට බවට පරිවර්ථනය කර ගත්තෙමු.

එය අපේ කයාකින් වල එක් සම්ප්‍රදායක් කරගෙන ඇත.
 නින්දට වැටී; ඇත්තෙන්ම නින්දට වැටී නොව නිදාගන්නට වැටී මිනිත්තු කිහිපයක් මරු කියවමින් සිටි මා නින්දට අවතීර්න වූයේ කෙලෙසදැයි කියා හිතා ගන්නට වත් නොහැකි විය.
අවදිවන විට පසු දින උදෑසන 6.30 - 7.00 පමන වන්නට ඇත. අප සමග රාත්‍රිය ගත කරණ්නට කූඩාරම හෙවත් කැනපිය තුලට පැමිණි ඇනෝ පෙනෙන්නට නොවීය.

කෝ බං ඇනෝ? මම තෙශාගෙන් විමසීය.

"මං අච්චර කියද්දි ඔය දාඩිය කියලා මහ රෑම එළියෙ නිදා ගත්තෙ . . !"

කූඩාරමෙහි දොරටුව  ඉදිරියේ හරහ දැමූ තල් ගහක් මෙන් වැටී ඇනො නිදා සිටිනු මට දැක ගත හැකි විය.

ඉර එලිය - 
නියම තැන - 
රැඳෙන්නට - 
ඉඩ නොමැත - 
සරම ඇත!

දහවල පුරා වෙහෙස වීම, රත්‍රියේ උනුසුම, මධුවිත යන මෙකී නොකී කාරණා; එළිමහනේ නින්දට අපව පොලඹවීම සාමාන්‍ය දෙයකි.
එහෙත් රාත්‍රිය පුරාවට වැටෙන පින්න; පසුදින පුරා හිසරදය හෝ අඹර දඹර නාඹර ලෙසින් නහයෙන් කතා කරමින් සිටින්නට මග පාදනු ඇත.
මෙවැනි වීරක්‍රියා සිදු කොට පසු දින දුක් විඳින්නට වන අවස්ථාවනට මා මුහුණ දී ඇත්තෙමි.

එහෙත් මේ වන විට කරණ්නට දෙයක් ඉතිරි වී නොමැත. මන්ද ක්‍රියාව අතීත කාලයට එක් වී හමාරය.
එහෙත් පෙරදින රාත්‍රියේ මෙම මුරණ්ඩු වැඩේට පය ඔසවන විට එයට තෙශා කොක්ක දමනවාත්; මමද අඩ සිහියෙන් මොන මොනවාදෝ කියනවාත් හීනෙන් මෙන්  මගේ මතකයට ආවේ ය.

කූඩාරම තුලම නැගිට ගත් මා; ඔළුව හිටං (ජනාධිපති හිටං නොවේ) සරමෙන් වසා සිටි; ඇනෝ වැනි රුවට උඩින් පැන එළියට ආවෙමි. අල්ලපු කූඩාරමේ සුව නින්දක සිටි පසිඳුද ඒවන විට නැගිට තිබුනි.

ඒ වන විටත් පෙරදින අප  ඇවිළුු ගිණි ගොඩ දුම් දමමින් තම සක්‍රීය බව පෙන්වමින් විය. තවත් කෙටි වේලාවකින් තෙශාද නැගිට පැමිණියේය.
අවසන් අංකය වූයේ ඇනෝය.
අප ඉක්මණින්  නැවත දියට බසින්නට සියල්ල එක් කර ගත්තෙමු.කූඩාරම් ඇකිළීම තෙශාටත් ඇනෝටත් භාරකල මමත් පසීත් පෙර පරිදිම කයාක නැවත දියත් කරණ්නට පළමු පියවර තැබුවෙමු.


නුසූදානම්ව නොසිටනු ! 
සූදානං සරීර තුන !



සියළුම අඩුම කුඩුම අකුලා ගෙනැවිත් නැවතත් කයාක දෙක මත පිළිවෙලින් තබා ගැටගසා ගත යුතුය. 
බොහෝ විට ඇසිරීම හා රැහැන් යෙදිම කෙරෙණ්නේ ම විසිණි. 
ගමන කෙළවර වීමට කෙතරම් ආසන්න වුවද; කයාක මත බඩු බාහිරාදිය තබා ගැට ගැසීම මවිසින්ම කිරීම පුරුද්දකි. 
එසේම; ගමන ඇරඹීමට පලමුව සියල්ල සකසන ආකාරයේ ප්‍රමිතිය මදකුදු  වෙනස් නොකිරීමට මා වග බලා ගනිමි. 

කයාකය පැදීම ඇරඹීමෙන් පසුව එය මතු පිට තබා ඇති ගමන් බඩු සැකසීමට හෝ වෙනස් කිරීමට අවස්ථාවක් නැත. එසේම; කයාකය හා ඒ මතු පිට ඇති බඩු බාහිරාදිය එක් ඒකකයක් සේ පිහිටන පරිද්දෙන්;  සියල්ල තදින් වෙලා ගැට ගසා නොගෙන දිය මතුපිට පැද යාම අසීරු කට යුත්තකි. 
එසේ ගැට ගසා නොගන්නෙ ගමන අතර තුර බොන කුඩා වතුර බෝතලය, ජීවිතාරක්ෂක කඹය, ජීවිතාරක්ෂක උපකරණය (Life saving  Torpedo / Can) සහ පිහිය පමණි. ඒවාද කිසියම් ආකාරයකින් කයාකය මත දිගේලි කරනවා නොව රඳවා තැබීම කරනු ලබයි! 

 (Life saving  Torpedo / Can) 

තවත් ටික වේලාවක් ගත වෙද්දී  අප ගමනට සූදානම්ව සිටියෙමු. අප ගමනේ දෙවැනි දිනය ඇරඹූයෙමු.

ඇනෝව කයාකය මත හිඳුවා දෙවි  පිහිට පතමින්ම ඔහුගේ අතට හබල ලබා දුන්නේමි.

මමත් ඇනෝත් රැගත් කයාකය කෙමෙන් කෙමෙන් ගංගාවට අවතීර්ණ විය! 

 මේ අප යාත්‍රා කරණ්නේ ලංකාවේ දිගින් 10 වන ස්ථානයේ ඇති කිලෝ මීටර 129 ක් දිගැති කළු ගඟ ඔස්සේය. රත්නපුර සිට කළුතරට ගමන් කිරීම අපගේ අරමුණ වන අතර එම දුර කිලෝ මීටර 75 කට ආසන්න දුරකි! මහවැලි ගඟ හැරුණු කොට ගෙන අනෙක් ගඟා  නවයම දුරින් කිලෝමීටර 164 සිට 129 දක්වා කුඩා ප්‍රමාණ වලින් වෙනස් වී ඇති බව පෙනේ.

මේවන විට ගඟ තරමක් පුළුල්ව ගලා ගියේය. ගමන ඇරඹූ ස්ථානයේදී දුටු ගඟට සාපේක්ෂව වඩාත් විශාලව ගඟ ගලමිනි. 

උදෑසන හිරු පොත අත්සන් කොට කන්තොරුවට පැමිණියා විතරමය.

අපට ඇවැසි වූයේ උදෑසනින් හැකි පමණ දුරක් ගමන් කිරීමටය. එහෙත් අත් වල මාංශ පේශීන් ක්‍රියාකාරී උෂ්නත්වයට පත්ව නැති බැවින් තරමක මන්ද ගාමී බවකින් යුතුව හබල් ගැසුවෙමු. 



ගංගාව බොහෝ සෙයින් ඇදිලා ගොස් ය. එය වයසට "අයියා" කෙනෙකු ලෙස දිස් විය. ගඟ තරමක පිපාසයකින් උන් බවක් දිස් විය. එනිසාම ගඟ ගලන්නේ මහත් මන්දෝත්සායී බවක් දක්වමිනි.

ඒවන විට  ගඟේ අයිති කරුවන් ගඟට ඉව අල්ලමිනි. ඒ කුමන ලෙසකින් කළු ගංගා කොමළිය කෙලෙසීම අරඹන්නදෝ  සේ මා දිටිමි.

පෙර පරිදිම ගඟ හරහා රැහැන් ඇද; තැනින් තැන ඉනි හෝ උණ ගස් සිටුවා ගඟේ ගමනට විවිධ අරියාදුකම් පෙන්වමිනි.



අප ගමන් අරගෙන පැයක පමණ කාලයක් ඉකුත් වෙන්නට මත්තෙන් ජීව ඔරලෝසුව උදෑසන අහර කිස මතක් කර මින් විය. 
බඩ ගිනි වූ පමණින් ආහාර ලබා ගන්නට තැනක් සොයා ගැනීම ගං ඉවුරු වලින් උගහටය. අපට තියා කුඩා කුරුල්ලෙකුට කන්නට තරම් බෝවිටියා පඳුරක්, දං ගසක්  හෝ දක්නට ලැබෙන්නේ නැත. 
එහෙත් අපගේ සිතියම් වල හැටියට රත්නපුර - පානදුර මාර්ගය තවත් ටික දුරකින් එකිනෙකා සිප වැළඳ ගැනීමට නියමිතය. ඒ එම මාරගයේ යනෙන අය අතර සුපතල "ඇල්ල" දේවාලය අසල දීය.

ඇල්ල දේවාලය ගැනත් ඇල්ල ගැනත් දැන් ලියන්නට ගිය හොත් උදේට කන්න තවත් පරක්කු වෙන නිසා පස්සෙන් පහු ඒ ගැන ලියන්නම් !
 ඇල්ල දේවාලය අසලින් ගඟ හරහා දිවෙන පාලම ඈතින් පෙනේ. අපගේ සිතියම් වලට අනුව රත්නපුර මහ සමන් දේවාලය පසුකල පසු ගඟ හරහා පාලමක් වැටී ඇත්තේ ඇල්ල දේවාලය අසලින්ය. එය එසේ නම් මේ ඇල්ල අසලය. 

සිතියමට අනුව ද අපගෙ මතකයේ හැටියටද මෙම දේවාලය අසලින් කන්නට ගොදුරක් සොයා ගැනීමට නොහැකි නොවිය යුතුය.

පාලම පේන මානයේ විශාල ප්‍රමානයේ ගල් එකතුවූ ගඟේ දකුනු ඉවුරේ එනම් මහා මාර්ගය දිවෙන පසට අප කෙමෙන් කෙමෙන් කිට්ටු කෙරුවෙමු. එම ගල් ගොඩට ආසන්නයේ ද ගඟ විසල් ගැඹුරකින් යුක්ත විය.

කළු ගඟට අවතීර්ණ වූ පලමු තත්පරයේ පටන් අප එය අත් දුටු වෙමු. ගඟ පලලින් අඩු වූවාට අපරාදෙ කියන්න බැරිය ගැඹුර ගැන නම්!
අප රාත්‍රී කඳවුර ඇටවූ ස්ථානයේ හැරෙණ්නට අන් කිසිදු ස්ථානයක  අනුක්‍රමයෙන් වැඩිවූ බෑවුම් සහිත ඉවුරක් නොදුටුවෙමු. සිමෙන්තියෙන් බඳින ලද කානුවක ගැට්ටක් සේ එය සීමාව ආසන්නයේම උපරිම ගැඹුරකින් යුක්ත විය.
 මේ නිසාම ගඟ දෙපස දෛනික පවිත්‍රතා කටයුතු සඳහා ගඟ ප්‍රයෝජනයට ගන්නා අය දක්නට ඇත්තේ ඉතා දුලභවය! පතල් කැණීම හා ඉල්ලම් සේදීම නිසා නිරන්තරයෙන් බොරවූ බවද හේතුවක් විය හැක.




.



සිරිත් පරිදි මා යාත්‍රා රැකවලෙහි යෙදුණු අතර තෙශාන්තත් පසිඳුත් ගල් ගොඩ අතරින් නොපෙනී ගියේය. 
මමත් අනෝත් ලද ඇසිල්ලේ ගඟේ අසිරිය විඳිමින් විවේක ගත්තෙමු. 
විසල් ගල් තලාව අපට සුව පහසු යහනක් විය.
අප අපගේ හිතවතුනට ආදරණීයනට අප සිටින ඉසව්ව පිළිබඳ රූපමය තොරතුරු සම්ප්‍රේශනයේ යෙදුනෙමු. 
ඇනෝ අවට පිංතූර ගැනීම කරණු මාදුටිමි.



ආව්! ආව්!!


කාලය විනාඩි 15 - 20 - 25 - 30 යනාදී වශයෙන් ගෙවී ගියේය. තවත් පැය භාගයකින් පමන; ගිය පසට ඉඳුරාම වෙනත් පසෙකින් තෙශාන්තාත් පසුපසින් පසිඳුත් ප්‍රාණීභූත විය! ඒ අපට අහාර සඳහා පෝෂ්‍යදායී අහාර වට්ටෝරුවක්ද සහිතවය.

එයට එක්වුනේ දුර බැහැරක සිට ගෙන ආ ඇඹුල්තියල් හා මලවන ලද පොල් සම්බෝලය සමග තෙශාන්ත හා පසිඳු විසින් සපයනු ලැබූ අහාර සලාකයට ගෙන ආවේ මහත්වූ රසවත් බවකි. 
අප බඩ පුරා බත් කෑවෙමු. 



කෑම කන අතරතුරේ තෙශාන්ත ගෙන ආවේ රසවත් පුවතකි. 
එනම් තවත් මීටර 100 ක පමන දුරින් ගලන ඇල්ල තරණය තරමක අභියෝගාත්මක බවයි!

අප ගමන  ඇරඹීමටත් පෙර  "ඇල්ලේ" ඇල්ල ගැන අසා තිබුණි. සංචාරක ව්‍යාපාරයේ යෙදෙන අය පවා`මෙම ඇල්ල තරණය කරණ්නේ නැති වගක් අසන්නට ලැබුණි. එසේම අතර මගදී මුණ ගැසුණු පතල් කණින්නන් හා වැලි ගොඩතමන්නන් අතුරින් කිහිප දෙනෙකු "ඇල්ලෙන්" යන්නේ කෙලෙස දැයි අපෙන් ඇසුවෙමු. 

අප ඔවුන්ගෙන් ඒ ගැන තව තවත් විමසුවා විනා පිළිතුරු නොදුනෙමු!

කුඩා වැස්සකට පවා කළුගඟ පිටාර දමා රත්නපුර නගරය යටවන්නට එක් ප්‍රධාන හේතුවක් වන්නේ මෙම ඇල්ල නමින් පරසිදු කපොල්ලය. ගඟේ වෙනත් ස්ථාන වලට සාපේක්ෂව පලලින් අඩු  කපොල්ලක් තුලින් එම ස්ථානයේදී ගඟ ගලා යයි. මෙම කපොල්ල වෙඩි දමා තරමක් විශාල කොට ඇතත් තවමත් එහි කිසියම් ප්‍රචන්ඩ කාරී ස්වභාවයක් දක්නට ඇත.


ඇල්ලට පෙර !


සාමාන්‍යයයෙන් මෙම ස්ථානය ඔරු මගින් තරණය නොකරණ බව; අහාර ගෙන එන්නට ගිය අවස්ථාවේ හමුවූ සමහර අය විසින් කියනු තෙශාට ඇසී තිබුණි.

මෙම කපොල්ල හරහා ගමන් කිරීමට උත්සාහ කරණ පහුරු හෝ ඔරු එක වරම ඉදිරි පස දියේ ගිලී පසුඉහලට එසවී උඩු යටි කුරු වන බව මමද අසා තිබුනි. තෙශා ද මේ කතාව; ඔහු ඇසූ කයි කතන්දර සමගද මෙය ඉතා  හොඳින් ගැලපුනි. ගඟ පහලට එන්නට මත්තෙන් තෙශාත් පසිඳුත් පාලම මතට ගොස් නිරීක්ෂණය කල විට වම් පසින් සීරුවට වැටී ඇති කුඩා මගක් දැක ඇති අතර එය පසිඳුද තහවුරු කලේය. 

 ඇල්ලට පසු!!

බත් කා අවසන්ය. ඉන්ටර්වල් අහවරය! දැන් ඇත්තේ තුන් වෙනි බෙල් එක සමග ඔළුවෙන් හිට ගැනීමටය.

නැවත සියල්ල; හොඳින් අසුරා - තදින් ගැටගසා ගෙන දියට අවතීර්න වීමු. සිරිත් පරිදි මමත් ඇනෝත් පදින ලද කයාකය ඉදිරියෙන් ගමන්  කලේය. තවත් මීටර 50 කින් පමණ අප ඇල්ලට අවතීර්ණ වන්නෙමු. දෙපස අතරින්  ගංඟාව; චංචුවකින් නො එසේනම් නැසින්නකින් පිටවන දිය දළුවක් සේ පිටවනු ඇත. පාලම යටින් ඔබ්බට ගඟ පෙනෙන්නේ නැත. ඉන් අදහස් කරණුයේ පඩියකින් පහලට වැටෙන කලාලයක් සේ ගඟ පහතට වැටෙනු ඇත යන්නය!
මෙම ස්ථානය ගල් වෙඩි හෙවත් බෝර දමා ඇත්නම් අඩියේ ඇත්තේ තියුණු දාර සහිත ගල් විය යුතුය.යම් හෙයකින් කයාකය එවන් ගලක තදින් ගැටුන හොත් කයාකයේ පතුල ඉරා දමන්නට එම තියුණු දාරය සමත් වනු ඇත!
එසේ නම් කල යුතුව ඇත්තේ යම් පමණකට හෝ දැක පුරුද්දක් ඇති තෙශාගේත් පසිඳුගේත් අවවාද ගුරුතන්හී තබා යාත්‍රාව ප්‍රවේශමෙන් ගෙන යාමයි.

'මචං මතකනේ කියපුවා. කයාක් එක එහේ මෙහේ ගැහුවාට බය වෙන්න එපා. පුලුවං තරම් උඩ රැඳෙන්න බලපං. වැටෙන්නම ගියොත් බය වෙන්න එපා! ඔය ලයිෆ් ජැකට් එක තියෙන තුරු උඹ මරෙන්නේ නෑ! මම ලඟට එන කල් ඔහේ පලයං. ගහ ගෙන ගියා කියලා බය වෙන්න එපා. උඹට මැරෙණ්න දෙන්නේ නෑ. කියන හැම වචනයක්ම අහගෙන හිටපං!!"

මම මගේ සුපුරුදු උපදෙස් මාලාව ගෙන හැර දැක්වූයෙමි. ඇනෝත් සියල්ලට "හරි අයියේ!" කිව්වා මිසක කලබලයක් නොපෙන් වීය! තවත් දෙයක් ඔහු කලබල වුනාදැයි පිට පැත්තෙන් කෙසේ කියන්නද? මා සිටියේ ඔහුට පිටු පසිනි.

"මම පදින්න කිව්වොත් පැදපං! නවත්තන්න කිව්වොත් නවත්තහං!! වතුරට වටුනොත් හබල අත අරිණ්නෙ නැතිව ඉන්න බලපං!!" මම අවසාන කුප්පියද දුන්නෙමි.

කයාක සංචාරයක් පටන් ගන්නට පෙර මම බෙදන තෙල එසේමය. මේ වන විට තෙශාලට පසිඳුලට මා නොබෙදමි. මන්ද ඔවුන්  ආපදාවකදී කලබලයට පත් වන්නේ නැත! ඔවුන්ද දැන් ගුත්තිල හා සම වී ඇත! සමහර විට ඔවුන් ගුත්තිලද පසු කරමින් ශිල්ප දක්වති. එය එසේම විය යුතුය! තෙශාන්තගේ තවමත් මා දකින එකම වරද නම් ඔහු නිවැරදිව හබල් නොගැසීමයි.

නාකි ආච්චිලා දොදොල් හඳි ගාද්දී එය අඩිය අල්ලන්නට පෙර කඩිනමින් හැකි උපරිම ශක්තියෙන් හා ධෛර්‍යයෙන් යුතුව කරති. අවම වශයෙන් එම මට්ටම වත් කයාක් පදීමේදී පවත්වා ගත යුතුය!




සියල්ලටම වඩා ඔවුන් දැන් කලබල නොවෙති! 

ඕනෑම හදිසි අවස්ථාවකදී සිදු නොවිය යුතුම දේ කලබල වීමය. ඔවුනට මා අදද මතක කරණ එකම කටයුත්ත දෙවියන් උදෙසා කොල අත්තක් එල්ලීමය! 
ඒ ඔවුනට අමතකවන නිසා නොව දෙවියන්ගේ සාදර අනුග්‍රහයට මාද පත්විය යුතු නිසාය! 
 එල්ලන්නේ ඔවුන්ය! 
එහෙත් දෙවියන් මා ගැනද බලනු ඇත; මන්ද මා එය මතක් කල බැවින්!!!!!! 

(දෙවියන්; අනේ යකෝb ි@#%ා$^&ි*+_@#$!^^% කියනවා ඇති!!)

"මචං හෙල්මට් එක හරි නේද?" මම මගේ හිස් ආවරණයේ ගාංචුවට අත තියන ගමන්ම ඇසුවෙමි!

රැපිඩ් එකක් නො එසේනම් ඇල්ලක් තරණයේදී සාමාන්‍යය ක්‍රම වේධය වන්නේ; එය තරණය කරණ්නවුන් ගොඩ බිමින් ගොස් එයට සාර්ථකව මුහුණ දෙන ආකාරය පිළිඹඳව පළමුව සැලැස්මක් කථිකා කර ගැනීමයි!

එහෙත් බොහෝ විට එවන් ස්ථාන කරා පිවිසීම රැපිඩ් එක තරණයට වඩා අසීරු බැවින් එක වරම එයට මුහුණ දීම කරනු ලබයි.


යකඩින් කල අකුරට යන පාර



අප කෙමෙන් කෙමෙන් පාළම් වෙතට ළඟා වන විට පාළම මත සිට "පිනුම් ගහන බෝට්ටු"  බලන්නට හය-හත් දෙනෙක් එහි රැස්වී සිටියහ. ඒවා සියල්ල සිතට එක් කලේ අනපේක්ෂිත තිගැස්මකි. 

මාගේ හිතේ ඇඳී ඇති සැලසුම අන්තිම සරලය. කයාකය හැකි පමණ සාර්ථක හා බුහුටි ලෙස පැදගෙන යන්නෙමි! කයාකය පෙරෙලෙනු ඇත!!  කයාකය ප්‍රකෘථි ලෙසට හරවා ගෙන ඇනෝව බේරා ගැනීමට කටයුතු කරමි!!!

පාලම අසලට එන විට ගංඟාව දඟ කවා අත හැර දැමූ දුන්නක් මෙන් මුරණ්ඩුවී තිබුනි.
තෙශාගේ අවවාදය මාහට මතක් විය. කයාකය වමට ගත යුතුය. නිවැරදි පරිදි සිදුවිය යුත්තේ ඉදිරියේ හබල් ගසන්නා බාධක හඳුනා ගෙන මාර්ඝය තෝරාගෙන පසු පස පදින්නාහට කයාකය  ගෙන ගිය යුතු මාර්ඝය, දිශානතිය දැනුම් දිය යුතුය! එහෙත් ඇනෝ ඊට ආධුනික වැඩිය!

" මල්ලි දකුණෙන් පැදපාං . . !" 

කයාකය වම ට හැරවීමට ක්‍රම දෙකක් වේ. ඉන්  පළමු වැන්න ඉදිරියේ හා පසු පස පදින්නා එක්ව හෝ තනිව දකුණු පසින් පමනක් හබල් ගැසීමය - පැදීමය. 
දෙවැනි ක්‍රමය වන්නේ පසු පස පදින්නා තනිව හෝ ඉදිරියේ පදින්නා සමග වම් පසින් කයාකය ඉදිරියට යාමට නොදී හබල දියට දමා නතර කිරීමට උත්සාහ ගැනීමය.

නමුත් විශේෂයෙන් පසුපස පදින්නා කයාකය ඉක්මනින් හැසිර විමේදී උපයෝගී කරගනු ලබන ක්‍රම වේධය වන්නේ මින් දෙවන ක්‍රමයයි. 

එහෙත් දැඩි වේගයකින් ගලන දිය දහරාවක් තුලදී එය භාවිතා කිරීමට තරමක් අපහසුය! බොහෝ සෙයින් නිෂ්ඵලය!! 
එවිට කල යුතු වන්නේ ඉදිරියේ පදින්නා තෙරුම් ගෙන හෝ පසු පස පදින්නාගේ විධානයට අනුව ස්ථානෝචිතව පැදීම නවතා දමනා තුරු පසු පස පදින්නා කයාකය වේගයෙන් හා ශක්තිමත් ලෙස හබල් ගසමින් හැසිර වීමය!

වේලාව උදාසන 9.30 ට පමණ වන්නට ඇත. ඉර එළිය හොඳින් වැටෙමින් විය.

අසලින් ප්‍රධාන මාර්ගයක් ඇදී ගියද ගඟේ සිට බලන විට මිනිස් අතින් කල නිර්මානයක් සේ පෙනෙන්නේ ගන්නග හරහා දිවෙන ගැල්වනයිස් යකඩ පාලම පමනි.

එය ප්‍රධාන මාර්ගය එනම් රත්නපුර - පානදුර මාර්ගයෙන් හැරී ගිය දෙවන පෙල මාරගයකට වැටුනු පාලමකි. පාලමේ වම් පස පැති බැම්ම අප දෙස ඔරවාගෙනය. හාත් පස කොල පැහැති තුරු ලතා පමණි. 

ඒවායේ පත්‍ර හිරුඑලියට දිලිසේ. ඒ තවමත් වියැලෙමින් පවතින පෙරදින වට  පින්නෙන් ලද තෙත්මනය නිසා විය යුතුය.

 "දකුණෙන් පැදපාං! " මා කෑගසා කීවෙමි.

මම හබලෙන් වම් පස නවතා එකවර ලොකු කෝනයකින් කයාකය වම් පසට ගත්තෙමි. ඉදිරිය කෙලෙසදයි ඇනෝගෙන් කිසිදු ප්‍රථිචාරයක් ලබුනාදැයි මගේ මතකයට මෙවෙලේ නො ඒ !

කයාකය ඉවෙන් මෙන් අදිසි ගල් දෙකක් අතරින් ඇසිල්ලකින් විද්දේය. 

එය නැවතුනේ  මෙනෙ දමමින් රැලි නංවන කුඩා; අඩි 40ක - 50ක ජලාශයක් තුලය. බොහෝ විට කයාකය පෙරළෙන්නේ මෙම රැලි සමගය. 

"පදින්න එපා!' මා විධානයක් දුන්නෙමි.  ඒ ඇයි?  බොහෝ විට රැපිඩ් වලදි වේගයෙන් පද යා යුතුය. එහෙත් අප රැපිඩ් එකේ චලනය හැසිරීම හඳුනා ගැනීමට එක් නිමේශයක් නිහඬ වීම වැදගත්ය. 

දිය රැලි අපව ආදරයෙන් වැලඳ ගෙන උඩ පහල 'පරක්" කලා මිසෙක අපව පොලවේ ගසන්නට, බිම අත අරිණ්නට, දියේ ගිල්ලන්නට සිතක් තිබුනේ නැත.

සෙමෙන් රැලි වලින් තොර කලාපයකට අපව සේන්දු වන තුරු ගං දියට අපව භාර කලෙමි!

ඒ සමගම මා පසුපස බැලුවෙමි. ඒ තෙශාන්තලාගේ ඉරණම කෙසේ දැයි විමසා බලා ගන්නටය!
ඔවුන්ද නිරුප්ද්‍රිතව  ජලාශයට අවතීර්ණ වෙමිනි. අප "ඇල්ල" ඇල්ලට සාර්ථකව මුහුණ දී ඇත්තෙමු!

අප කයාක් දෙක අසලට ගෙන සතුට සැමරුවෙමු! 

 චියර්ස් ! බොන්න හිතෙන සතුට !!~

ඇල්ල පසු කර කෙටි දුරක් පමිණි පසු වැලි බෝට්ටුවක් මත රැඳුනු දෙදෙනෙක් අපෙන් විමසුවේ එකම පර්ශ්නයකි.

"ඇල්ලෙන් ආවේ කොහොමද?"
"කොහොමද ඇල්ලෙන් ආවේ?"

අපි එයට දුන්නේ දියාරු; කහවත් හරියට නැති කිරි හොදි උත්තරයකි!

"ඒකනේ මේ ප්ලාස්ටික් ඔරු පෙරළෙන්නේ නෑ බං !" එකෙක් අනිකා අමතා අපේ පිළිතුර ස්ථිර කලේය!



ඔන්න කනෝ පිනුං !




ගං දෑල දෙපසම
කෑල මල් පිපි ඕසෙට

කොමල කළු ගඟ
සිඹිමි ඔබ ගෙන දෑතට

හද ඉතින් ඉවසන්න
බාරවෙන්නම් මම - කළුතරට !


50 comments:

  1. හෑ ! මෙන්න ලියලා...

    මොකක් උනත් කෑම දැක්කහම කටට කෙල ඉනුවා අප්පා. මම හිතාගෙන හිටියේ කයාක් එකට අපිව ගැටගහන බෙල්ට් එකක් තියෙනවා කියලා. නැතිනම් පස්ස ලිස්සලා යන්නේ නැද්ද හැබෑට?

    කියෝගෙන යනකොට තේරුනේ මෙයාලා උදේට දත් මදින්නේ නැහැ කියල.

    ඇල්ල පැදපු එක නම් හුස්මත් අල්ලාගෙන කියෙව්වේ.

    ReplyDelete
    Replies
    1. මීට අවුරුදු දෙකකට විතර පෙරත් ඔබ තමයි මට පළමුවෙන්ම කොමෙන්ටුවක් දැම්මේ! බොහොමත්ම ස්තූතියි නැවත පෙර පරිදි කුළුඳුළේම කමෙන්ටුවක් දැමීමට පැමිණියාට!

      නෑ එහෙම පටියක් නෑ. එයට හේතුව හදිසි තත්වයකදී එය බාධාවක් අවහිරයක් වෙයි කියලා. එහෙම පටියක්; මම දැනුවත්ව තියෙන්නේ සර්ෆින් වල විතරයි. ඒකත් තරමක දිග පටියකින් කකුළේ පහත කොටසට සම්බන්ධ කරණවා.

      සත්තකින්ම ඒක රසම රස කෑමවේලක්. ඊට ඔය ඇඹුල් තියල් එක හා මලවපු පොල්සම්බෝලය උත්ප්‍රේරකයක් වූවා. හිතන්න එපා අතිශ්යෝක්තියක් කියලා. එම පරිසරය, කාළගුණික තත්වය, හා අහාරයේ තිබුනු රස යන මේ සියල්ල ගත්තාම; එහෙම විඳින්නත් පින් කරලා තියෙන්නෝන කියලා හිතෙනවා!

      අනේ ඔව් අපි දත් මදින්නේ වතුරෙ පාවෙලා හරි ඔය ගොඩ බහින තැනක හරි තිබිලා පොල් ලෙල්ලක් වගේ දෙයක් ලැබුනොත් විතරයි! අනික මම කැමති උනත් දත් බුරුසුවක් ගෙනියන්න බෑ. ඔක්කොම එවුන් ඒකෙන් මදින්න තියා ගනී. හැබැයි අවශෙෂ කටයුතු නම් නොවරද්දාම කෙරෙණවා. ඔය ඕන තරම් ඉළුක් ගාලවල් ගඟ දෙපැත්තේ තියෙන්නේ!!!!!

      Delete
    2. ඈ එහෙමද? ආ වෙන්නත් ඇති. ගඟේ ගියපුවාගේ පරණ එව්වට අපි දාපු පොඩිපහේ කමෙන්ට් වලට උත්තරත් නැති නිසා මම මේ දොර පොල්ලක් ලැස්ති කරගෙන හිටියේ කයාක් පෙරලෙන්න දෙන්න. ඇල්ල පැදලා ආපු විදිය කිව්වහම ඉතින් ගහන්ට හිතුනේ නැහැ. ( ඒකත් ප්‍රයෝගයක්ද කොහෙද!)

      ඔවෑක්කා ! එකම බුරුසුවෙන් මදින්න? අනේ මන්ද ; කෝකටත් කියනවද අර අලුතෙන් ආපු ඇනොෆිලිස් කියන කෙනාගේ දැන් සෞඛ්‍ය තත්වය කොහොමද කියල? අනේ ඒ උන්දාව එළියේ බුදිකරවලානේ අනේ වලස්සුන්ට දොළ පිදේනියක් තිබ්බ වගේ!

      අර කයාක් පදින විදිය කියපු හැටියට නම් සැරම සැර තට්ටයෙක් වගේ! හම්මියෝ...

      Delete
    3. සත්තකින්ම ලඟ පාත ඉන්න වුන් දන්නවා මට බොහෝ ඉක්මණින් ගිණි කණ පනිනවා කියලා. කොහොමත් සමහර තැන් වලදී මොකෙක් හරි නායකත්වය ගන්න ඕනනෙ! එහෙම නොවුනාම වෙන දේ ඔය ඇස් මනා පිටම පෙනෙන්න තියෙන්නේ දැන් අවුරුදු තුන හතරක ඉඳලාම.

      ඇනෝ පහුගිය කාලයේනම් ජ්වර රෝගයෙන් පෙලුනා. මං හිතන්නේ ඒ අසනීප තත්වයත් අපෙ කයාක් ගමනත් අතර සම්බන්ධයක් නෑ.

      අර පොඩි පහේ කමෙන්ටු ගැන කියන්නට තියෙන දේ ගැන වැකියක් ත්‍රී වීල් එකක පස්සේ ගහලා තිබුනා. "අපි බොක්කෙන්! අපිට බෙලෙක්කෙන්!!" මම ඔබට ලියන ලද සමහර කොමෙන්ටු ඔබේ පෝස්ටුවටත් වඩා විසල් බව මගේ හැඟීමයි. ආයෙ මත් කියන්නට ඇත්තේ "අපි බොක්කෙන්! අපිට බෙලෙක්කෙන්!!" කියලාම තමයි!

      Delete
    4. හා ලු ඈ !!

      ඔව් තමයි දැන් සහරාන් එක්කත් කිසි කෙනෙක් සම්බන්ධයක් නැහැ කියලා ඔප්පු වෙච්ච එකේ... ( එක්කෝ ඕනේ නැහැ!)

      අනේ ඉතින් ඔබතුමා වගේ පොතක් පතක් කියෝන, රටේ තොටේ දේවල් දන්නා, පෘතුල දැනුමක් සහිත තියා 'කලාබර' කොමෙන්ටුවක් දාන්න වත් වචන ටිකක් හොයාගන්න බැරි සාහිත්‍යාභාධිත උදවිය ; මේ මම වගේ ; ඉන්න බව අමතකද?

      මොකක් උනත්, මගේ කතාවලට දාපු කොමෙන්ටු වලට නම් බෝම ස්තුතියි!

      Delete
    5. මුරුංගා ගස් වල අතුහයිය නැත්තේ ඇයි අප්පා!?

      Delete
    6. //අපි දත් මදින්නේ වතුරෙ පාවෙලා හරි ඔය ගොඩ බහින තැනක හරි තිබිලා පොල් ලෙල්ලක් වගේ දෙයක් ලැබුනොත් විතරයි// ඇයි තට්ට මහත්තයො ඔය රෑට පත්තු කරන ගිනිමැල වල අඟුරු නැද්ද උදේට දත් මදින්න ගන්න. ඒක තමයි හොඳම ටූත් පේස්ට් එක.

      Delete
    7. ආයෙ මාළු කෑලි වලට පෙන්නයැ? ඔන්න දිය කිඳුරියන් වත් ඉන්නවා නම් කමකුත් නෑ!

      Delete
    8. මේවාට කියන්නේ 'ජව්සන්' කියාය!

      Delete
  2. කියෝල එනන්ම්

    ReplyDelete
  3. කියෝපු මාවත් නිකං ඇල්ලෙන් වැටුන වගෙයි.
    පාලම උඩ බලා හිටපු කට්ටියටනං හොඳ ආතල් එකක් තියෙන්න ඇති. විශේෂයෙන්ම ඔය ඇනෝ වගේ කෙට්ටු ඩෑල් එකක් වතුරට වැටුනනං මොකද වෙන්නෙ කියල වගේ.

    ඔය වෙ‍ගේ අවස්ථාවකදි මොක වගේ තත්වයක් යටතේ උනත් කලබල වෙන්නැති එක තමයි ජීවිතේ බේරගන්න තියෙන ලොකුම අවස්ථාව.

    ReplyDelete
    Replies
    1. පැහැදිළිවම කට්ටිය බලාන හිටියේ අපි උඩුකුරුඥ්ඥං වෙයි කියලා තමයි. එහෙම වෙලා එකෙක් දෙන්නෙකුට වතුර පෙවිලා නන්න පෝල් වෙනවා දකින්න තමයි කට්ටිය ඉන්න ඇත්තේ. (එතකොට දේවාලෙටත් පොඩි මාකර්ටින් පාරක් දාගන්න පුළුවන්නේ) අනේ වැඩේ හබක්! උන් දුකෙන් ගෙදර යන්න ඇති.

      අම්මපා කියන්න මමත් ඇත්තටම තරමක බයෙන් හිටියේ ඇනෝ වතුරට වැටුනොත් ඌව බේර ගන්න බැරිවෙයි කියන එක නොවෙයි; බේර ගෙන ආපහු කයාක් එකට පටව ගන්නේ කොහොමද කියන එක!!!

      ඔව් අනිවා! "සම්මා සතිය" නැතිනම් "සම්මා දිනය" වත් තියා ගන්න ඕනෙමයි. නිකං කියවලා බලන්න බොහෝ අය මැරෙණ්නේ බේරෙණ්න ක්‍රම විධි රාශියක් තියෙද්දී. බේරගන්න එකා මොන කෙළි කාරයෙක් උනත් මැරෙණ්න යන එකාගෙ සපෝට් එක නැත්නමේක කරණ්න කලින් ඌ දෙපාරක් හිතනවා "මූ බේර ගන්න ගිහින් මමත් අනවර්ථේ මැරෙණවාද? නැතිනම් ඌට උගේ පාඩුවේ මැරෙණ්න දීලා මරණ පරීක්ෂ්ණේදී සාක්කි දෙන්න සෙට් වෙනවාද?" කියලා! (භය හිතෙනවා නේද?)

      Delete
  4. පට්ටම ාතල් එකක් වගේ

    ReplyDelete
    Replies
    1. ඔව් බං මල්ලියේ ඒක ආතල්ම වැඩක් තමයි! කෝ ඉතිං උඹව සෙටමෝල් කොරගන්න බැරි උනානෙ!

      Delete
    2. මාසෙට එක සති අංතයක් ගෙදර යන්න.
      තව එකක් රයිඩ් එක්කට (මාසෙට එකක් නොයා ඉන්නම බෑනෙ)
      ඉතිරි දෙක තමා මොනාට හරි තියෙන්නෙ ඉතින්.
      දිග නිවාඩුවක් එනවනම් දක කට මැදන් ඉන්නෙ මාසෙකට විතර කලින් ඉදලා ඕකනි අයියන්ඩි වැඩේ.

      සමහරු නිවාඩු 21 ඉතිරි කරන් අවුරුද්ද අන්තිමට බෝනස් එකක් ගන්නවා. මම හැම අව්රුද්දේම 21ත් ඉවර කරලා නෝ 5ක් විතරත් අරන් ලැබෙන බෝනස් එකත් අඩු කරගන්නව.

      උන් රස්සාව කරන්න ජීවත් වෙනව, මම ජීවත් වෙන්න රස්සාව කරනව

      Delete
    3. ඇත්තටම උන් ජීවත් වෙනවා. අපි අපිව ජීවත් කරවණවා!

      මල්ලි හරි මල්ලි!

      ඔය ඕන අයියා කෙනෙක් වයසට ගිහින් ආපහු හැරිලා ජීවිතේ දිහා බැළුවාම කොරලා තියෙන්නේ උදේ හවා වැඩට ගිය එක විතරයි. බලමු දවසක ! මට උඹව අරං යන්න පොඩි උවමනාවක් තියෙනවා! ඔය වගේ දොළ දුක් නම් බොහොමයි. කොහෙද ඉතිං!?

      Delete
    4. යමු යමු අනිවා එනවා

      Delete
  5. හම්මේ ඇල්ලෙන් ගිහිපු ටික සජීවීකරණය කරපු අපූරුව....
    මුද්දා නං පට්ට වාසනාවන්තයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔය ඕන කෙනෙකුට වාසනාව උදා කර ගත හැකියි! බ්ලොග් එකේ පැත්තක තියෙන පෝරම කොලේ පුරෝලා දාන්න! තව කොච්චර යන්න තැන් තියෙනවාද? නේද? ස්තූතියි ඔබගේ ගේ පැමිණීමට!

      Delete
  6. කාලෙකින් ( ඇෆ්‍රිකන් ) අලියෙක් දැක්කෙ නෑ

    ReplyDelete
    Replies
    1. හහ්! හහ්! හා!

      ඒක නෙවෙයි අර පොත් මංගල්ලෙට එනවාද?

      Delete
  7. නිකන් ඉන්නවනම් වරෙන් දොදොල් කෑල්ලක් කාල යන්න :P

    ReplyDelete
    Replies
    1. අඩිය අල්ලගන්නෙ නතිව හැඳි ගා ගත්තද මචෝ!

      Delete
  8. ඒ කියන්නෙ ඕගොල්ලං කරන්නෙ ට්‍රේල් බයිසිකලේ පදිනව වගේ කෙලගෙන ගිහිං ඇල්ලට උඩිං අඩි හතාටක් විදලා ඇල්ලෙ වතුර වැටිලා හැදෙන මහා දිය වලට ඔරුව පිටිම්ම දබුං ගාලා පයින එක. එතකොට තට්ටම ඔරු පල්ලෙ ඇනිලා “හුක්“ කියවෙන්නැද්ද?

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං මල්ලියේ! දිය ඇලි වලින් නෙවෙයි බං අපි පනින්නේ. ඔයා කියවන්නකෝ මගේ මෙන්න මේ පෝස්ට් එක! එතකොට අදහසක් එයි!
      https://thattayagekolama.blogspot.com/2017/11/rapids.html

      Delete
  9. ඔයා වගේ කෙනෙක් කඩවත ට්‍රැෆික් ලයිට්ස් හරියේ මෝටර් සයිකලයක් පැදගෙන යනවා දැක්කා ලගදි. කතා කරන්නත් හිතුනා, ඒත් හස්බන්ඩ් හිටිය නිසා කතා කලේ නැහැ. එයා දන්නවැයි මම මේකට වහ වැටීගෙන කියවන විත්තියක්.

    ReplyDelete
    Replies
    1. කඩවතත් හරි! ට්‍රැෆික් ලයිටුත් හරි!! පැදගෙන යෑමත් හරි!!!
      ඒත් මෝටර් සයිකලයක් නම් පැද්ද අවුරුදු දහයකින් වත් පැදලා නෑ!
      මම හිතන්නෙ ඒ මම නෙවේ කියලා!?
      ඒ කෙසේ වෙතත් ස්තූතියි!~

      Delete
    2. ආ.. ඒ මම වෙන්නැති.. මට වහ වැටෙන්න.. අවුලක් නෑ.. :)))))))))))))

      Delete
  10. What took you so long? This is second day in the river right?

    Video is good, is this trip is all about eating? Looks like eating business is going well (when I look at the size of your friends)

    ReplyDelete
    Replies
    1. හරියටම හරි! මේ අපේ දෙවන දින. සත්තකින්ම ගඟේ ගමන තුල අඩියෙන් අඩිය විඳින්නට දේවල් තිබුනාට ලියන්නට කියන්නට ඇති දේ අඩුයි. ඔබ හිතන්න කොළඹ සිට ගාල්ලට දුම් රියේ ගමන් කලා කියලා. විශේෂ යමක් සිදුනොවුනොත් දැක ඇත්තේ පොල් ගසුයි මහ මුහුදයි පමණයි. ඒත් ඒ දර්ශණය බලලා ඉවරයක් කරණ්න තරම් හිතක් නැති තරම් සුන්දරයි. මොනතරම් දේ වින්දත් ලියන්නට තියෙන්නේ බොහොම පොඩි දෙයක් විතරයි. ඉතින් ඒ හින්දා ලියන්නම වෙනවා ඇතුලෙ ඉඳන් කාපු රටකජු, යල්පැන ගිය ඉස්සො වඩේ ගැන, අලුත්ගමදි බොන වෑවර ගැන !
      අනික අනේ දෙයියන්ගෙම පිහිටයි! මුංට කන්නම බෑ. පසිඳුට පනුවො අමාරුව. ස්තූතියි!

      Delete
    2. Thanks, waiting for the next episode.

      Delete
    3. ඉක්මණින්ම ලියන්නම්. මේ දවස් වල ටිකක් වැඩ වැඩියි විජේභාහු මහත්තයා!

      Delete
  11. කාගේද ඒ වීඩියෝ එකේ පේන සෙක්සි කකුල් දෙක? මුලින් මුලින් ග්ලවුස් දෙක පෙන්නේ මුන කන්න පනින කිඹුලෙක් වගේ.. :)) අනේ අම්මේ.. ගඟ දිගේ නෙවෙයි ඔය පාරේ වාහනේක යනවා මතක් වෙද්දීත් මගේ නම් කොන්ද රිදෙන්න ගන්නවා.. හෙහ් හෙහ්.. මොනවා කරන්නද ඉතින් ඒක නිසා ගිය උන්ට ආඩපාලි කියා කියා ඉන්නවා අපි.. ;)

    ReplyDelete
    Replies
    1. වෙන කාගෙද ඇනෝගෙ මිසක්! කෙඳිරිළි පැත්තකින් තියල යමුකො වතාවක්!

      Delete
  12. සෑර්, හැට්ටර් තාම කළුතර පාලම උඩට වෙලා බලං ඉන්නවා සෑර්ල එනකං.

    මේ, ඉස්සො වඩේ කිව්වම මතක් උනේ. කවදාවත් හොඳට බලල තියෙනවද වඩේ එකේ ඉන්න ඉස්ස දිහා.
    ඌ ඔලුවේ අත තියාගෙන ඉන්නේ. (ඇයි පනපිටින්මනේ තෙලට දාන්නේ.)
    බොරුනං අනිත්පාර බලන්ඩකෝ සෑර්ම.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. අනේ කොහොමද අපිට මග ඇරුණේ????? ඉස්සො වඩේ කෑම ගැන දෙවරක් හිතන්න වෙනවා!

      Delete
  13. මගෙත් හුස්ම වැටුණේ ඇල්ල පහු වුණාමයි! මරු!!

    ReplyDelete
    Replies
    1. ඕක තව හොඳයි! කියවගෙන යමුකෝ!

      Delete
  14. ගිං ගන්ගේ පාරුවක මොයකටේ ඉදල උඩට පැදපු කාලේ මතක් උනා. වතුර leak වෙන පරණ වැලි පාරුවක් ආම්බාන් කරන වැඩේ අවුරුදු දොළහ දාහතරේ කාලේ කොල්ලෝ දෙතුන්දෙනෙකුට ලේසි වැඩක් නෙමේ. එත් කිරල එක ඊට වඩා වැදගත්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ජීවත් කරවන්නේ බලාපොරොත්තු! ජීවත් උනා කියා දනවන්නේ මතක. මැරෙණ්න ඕන සිහින සමග නොව මතක සමගයි! ස්තූතියි. හැකිනම් ඊළඟ පෝස්ටුවට කමෙන්ට් එකක් විදියට ඒ මුළු කථාවම ලියන්න!

      Delete
  15. mamath kiyawwa, niyami, habai bicycle padinawa tharam nahana ?

    ReplyDelete
  16. අහම්බයෙන් ඔයාගේ මේ blog එක set උනා නියම ගමනක් මම පොඩි කාලේ දිවයින පත්තරේ කියෙව්වා කසුරි චන්ද්‍රසිරි කටුදෙනිය හා තව එක්කෙනෙක් බලන්ගොඩ ඉදන් ලෝකාන්තයට පයින් ගියා..මට ඒක මතක් උනා..ගමන වෙනස් උනාට රස එකයි..ජය..

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි! ඇත්තෙන්ම රසාලිප්ත ගමනක් තමයි. හැකිනම් මා මීට පෙර ලියා ඇති "ගඟක් දිගේ ගිය ගමනක්!" කොටස් 20 කින් සමන් විත චාරිකා සටහන කියවන්න. එහි අන්තර්ගතව ඇත්තේ කැළණි ගඟ දිගේ හා මහවැළි ගඟ දිගේ කල චාරිකා දෙකක්. ඉන් මහවැළි ගඟ දිගේ ගිය ගමන සත්තකින්ම හරිම සුන්දර එකක්. කියවන්න කියා ආරාධනා කරණවා ඉතාමත් සුහදව! ස්තූතියි!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...