Monday, June 10, 2019

142. අන් ඇකයේ සුවෙන් වෙසෙන මසිත උපන් මගෙ සිතුවිළි . . . . . . . . . 4


පේටන්ට් කංතෝරුවට යමින් ගමන් . . . . . . !

රෝදය තව දුරටත් සොයාගත යුතු හෝ සොයා ගැනීමට කාලය යෙදවිය යුතු දෙයක් නොවන බව ප්රකට කියමනක් වුවද; ලෝකය විසින් ප්රථම මෝටර රිය නිපදවූවා යැයි සම්මාන, පිළිගැනීම් පුද දෙන්නේ කාල් බෙන්ස්ට විනා මීට වසර 5000 කට පෙර රෝදය පිළිබඳව මූලික සිතුවිල්ල පහලවූ ගල් වැද්දාට, ඔහු තුල සිටි වඩුවාට නොවේ.

 කාල්බෙන්ස් නොව ටොයෝඩාද කිසිම විළිලැජ්ජාවක් නොමැතිව පසු කාලෙක කාගෙන්වත් අවසරයකින් තොරව හිතුමතේ පාවිච්චි කරණ්නේ ඒ නොදියුණු ගල් වැද්දාගේ නිර්මාණශීලීත්වයය.
 ඔබ නිකමට හිතුවාද එම අහිංසක ආදිමයා හට රෝදයේ පෙටන්ට් අයිතිය තිබුනානම් ඔහු අදවෙන කොට මොන තරම් ධනස්කන්ධයකට හිමිකම් කියා වි දැයි කියා?

එසේම පලමු නිර්මාණය ගුරු කොටගෙන නව නිපැයුම්, නව චින්තනයන්, නව යෙදවුම් සොයා ගැනීම්; වෙල්ක්රො පටියෙ, බෝල් පොයින්ට් පෑනේ සිට ව්යාග්රා පෙත්ත දක්වා නොනැවතී දිවෙන්නකි.

ම විසින් කලකට වරක් එළි දක්වන "අන් ඇකයේ සුවෙන් වෙසෙන මසිත උපන් මගෙ සිතුවිළි" ලිපි මාලාවද එවන්ම වූ අදහස් ගොන්නකි.

" ඔබ මට වඩා ලොකු දිය බිඳුවක් පමණි !" පොකුණ අමතා නෙළුම් පතක රැඳි දිය බිඳුව පැවසීය; යැයි මහගම සේකරයන් කියන්නට කලින් නෙලුම් කොල වල වතුර බිංදු වෙන අය දැක නොතිබේද?
එම නිර්මාණයේ පරම අයිතිය හිමි සේකරයන්ට පමණක්ද?
නෙළුම් පත හට, පිණි බිඳුවට, සොබා දහමට එහි පලුවක් කොටහක් නැතිනම් ඉරුවක වත් අයිතියක් නැතිද?

"අඩවන් වූ දෙනෙති ගලනා  . . . ." ගීතයේ අදහස බිහිවන තිඹිරි ගෙය පද රචකයාගේ  විඥ්ඥානය පමනක්මද? සමාධි පිළිමය, එය නිර්මාණය කල ගල් වඩුවා ඉන්නේ කොතැනකද?
මා සිතනා පරිදි "අඩවන්වූ දෙනෙතින් ගලනා . . . ."  ගීයේ පද මාලාවේ රැඳි ප්‍රථිභාවෙන් සැළකිය යුතු ප්‍රමාණයක් බිහි වන්නේ එම ගල් වඩුවා අතිනි!

අඩවන්වූ ගීතයේ මෙන්ම මෙහි  එන කොමෙන්ටු ගොන්නෙහි රැඳි යම් පරිකල්පණයක් වේ නම් එහි කතෲ භාවය මට මෙන්ම මුල් ලිපිය ලියූ සහෘදයාහටද හිමිවේ.

එසේම මාගේ සිත සියුම්ව පිරි මදින ලද මුල් පෝස්ටු ලියු සොහොයුරු සොහොයුරියනට හිස නමා ආචාරය කරමින් පිළිගන්වන්නම් "අන් ඇකයේ සුවෙන් වෙසෙන මසිත උපන් මගෙ සිතුවිළි . . . 4 "නම් වූ මගේ  අදහස් පොකුර!

*********************************************************************************************************************************
මගේ ලෝකය My World
http://magelokaya01.blogspot.com/  world
පටිසෝතගාමීව දස වසක්
1.
ප්‍රේමණීය රමනය තරම් රමණීය ලිපියකට යෙදූ පසු වදන.

Tuesday, July 31, 2018
http://magelokaya01.blogspot.com/2018/07/

රැජිනගේ රටේ මුසල දෙසැම්බරය , තනියෙන් ගැසූ රස්තියාදූ සමගින් ආයෙමත් රෝසී අක්කා

Thattayage KolamaSeptember 29, 2018 at 12:52 AM
අප අපගේ ලිවීම් තුල, කතා කිරීමේදී,කෙතරම් අචාරශීලී, සදාචාරාත්මක උවත්; මෙවන් සුන්දර කතා කියැවීමෙන් සිත තුල නිදිගත් රස මතක අවදි වීම හෝ නො එසේනම් සිත තුල නිහඬව අවදිවීමට අවකාශයක් සොයමින් වෙහෙසෙන හැඟීම් වලට අත් තටු ලැබීම අතිශයින්ම සාධාරණ කරුණකි.
 ඇත්තෙන්ම එය සුන්දර කථාවක්.
පුහුදුන් ඕනෑම පිරිමියකු විඳීමට පෙරුම් පුරණ අත්දැකීමක්.ඒ සුන්දර අත්දැකීම මස් කඩයක් නොකල ඔබගේ ලිවීමද මම බෙහෙවින් අගය කරමි.
ගැරෙජ් බාස්ලා එන්ජිමක් ගැලවූ විට අත කටේ සහ එකී නොකී මෙකී සියළු අවයව වල මජං පෙරාගත්තද ශල්‍ය වෛද්යවරයෙකු හදවතේ සැත්කමක් කරණ්නේ ඇඟ පුරා ලේ පෙරා ගෙන නොවේ.
 කලා කෘථියකින් මතුවන රස භාවයන් යනු දෙකේ දෙකේ පොල්ලකින් ඔළුවට ගැසීමක් නොව කුරුලු පිහාටුවකින් යටි පතුල කිති කැවීමක් වූ තරමට එය වඩාත් සුන්දර වේ.
පොල් අතු වලින් වටකල ගනිකා නිවසක ඇතුලත රහසේ නරඹා කෙරෙණ විස්තරයකට වඩා වටිනා කමක් චැටර්ලි ආර්යාවගේ පෙම්වතාට හිමිවන්නේ එසේ හෙයිනි.

ඔබ රසවිඳ ඇතිද සමන් ජයනාත් ජිනදාස ගයන "බිසරු ලියන් . . ." ගීතය?


 මේ ගීතය පුරාවට ශෘංගාරය දෙගොඩ තලා යන බවක් මා හට දැනුනා!
අවාසනාවකට එහි ගීත රචකයා මාහට සඳහන් කල නොහැකි වුවත් (පසුව හොයාගත්තා - බන්ධුල නානායකාරවසම්) එම ගීතය තුල එහි වචන වලට වඩා වැඩි දුරකට ශ්රාවකයා රැගෙන යන; ගායකයාගේ හඬ පෞර්ෂය බේද බින්න නොකරණ අතිශය ලගන්නා සුලු මියැසි රටාවක් මැවූ නවරත්න ගමගේද එම ගීතයේ වචන ඇමුණූ රසවතා සේම ගීතය එම තැනට පත් කරලීමට අනර්ඝ උර දීමක් සිදුකොට තිබේ.

එම ගීතය පුරා විචිත්‍ර වූ අත් දැකීම "පැදුර එලන් බලා සිටිමි!" කියනවාට වඩා අතිශය සියුම් ලෙස ශ්‍රාවකයාගේ රස නහර පුබුදුවා ලයි.


රූකාන්තගේ "රේණු රේණු . . .' ගීතය? එඩ්වඩ්ගේ "මුව මුක්තා ලතා . . ." කිත්සිරි ජයසේකරගේ "මී පැනි රහසක් . . ."පණ්ඩිත් අමරදේවයන්ගේ "කුමරියක . . ." මේ සෑම ගීතයක්ම සදාතන කලා කෘථි ගනයට වැටෙන්නේ මෙනිසාය.


වරක් ලන්ඩන් නුවර ඇල්බට් ශාලාවේ පැවති ගීත ප්රසංගයකට මොහමඩ් රෆි; මාගේ ආදරණීය ගායකයා සහභාගීවී ක්රිෂ්ණා මුකර්ජී සමග ගීතයක් ගායනා කරණවා. ගීතය "සව් සාල පෙහෙලේ . . "! ඔබ යූ ටියුබයෙන් රස විඳින්න රෆි ගේ ආදරණීය හඬින් ක්‍රිෂ්ණා  මුකර්ජීව ගීතය තුලින් අමතන හැටි.


හිංඳි නොතේරුනද එම හඬේ ඇති ලයාන්විත බව අපව මොහොතකට ආදරණීයයන්, පෙම්වතුන් බවට හරවනවා.
 ලිවීමක්, ගැයීමක්,නාද සංකළණයක් යනු සරම ඔසවා පෙන්නීමක් නොවේ. එය අතිශයින් සුන්දර හැඟීම් ජනනය කරවන එකක් විය යුතුය.
අකුරු දැන ගත්තාට වචන තනන්න බැරිය. වචන දැනගත් පලියට වැකි ලියන්නට බැරිය. වැකි ලියන්නට හැකිවූ පමණින් රචනා ලියන්නට නොහැක. රචනා ලියූ පමණින් ඒවා කියවන්නට හැකි ඒවා බවට පත් කිරීම ඊටත් එහා ගිය කටයුත්තකි.

වචන පමනක් දැන ලියන කවිද,පබදන ගීතද කලින් කලට විවිධ මාධ්‍ය තුල සැරිසරණු ලබයි. "
රම්බරි කියපන් නුඹෙ නොම්මරේ . ." බිහිවන්නේ මේ තත්වයන් තුලය. ඔබ ඊට බොහෝ ඉහලින් සුනදර ශෘංගාරය අප සමග බෙදා හදා ගනියි.

එකම එක දෙයක්! ඔබගේ ලිවීම මා සිත තුල දෙවරක් ඊර්ෂ්යාව ජනිත කලේය!
වරක් ලිවීමටය අනෙක අත්දැකීමටය!

*********************************************************************************************************************************
2.
ස්වකීය සුජාත පුතණුවන් ගැන  එකෙන්ම ආඩම්බර ඔරිජිනල්ම තාත්තා

Friday, October 26, 2018
http://magelokaya01.blogspot.com/2019/03/

අනුරාධපුරේ ස්වේච්ඡ සේවය , පුරාවිද්යා මහත්තයා , අභයගිරිපුරාවිද්යා කැණීම්, බසවක්කුලම වැව අසල ඉංග්රීසි පන්ති සමග ආයෙමත් තාත්තා

Thattayage KolamaOctober 28, 2018 at 2:55 PM
අතිශය සුන්දර ලිපියක්.
නමුත් එහි කිසියම් හදිසියේ ලියූ බවක් පෙනුනා. ඒ; මා එම ලිපිය කියැවූ හදිසිය නිසාදැයි විටෙක මට සිතේ.
ඔය ඔබගේ පියාගේ පරම්පරාවේ අයගේ සාමාන්ය තත්වයක්.
අපේ ගේ වටේම කුඹුරු. ඒවායේ කුඹුරු කැපෙන කාලයට මම මගේ කොල්ලාවත් ඔය විදියටම යැව්වා ගොයම් අදින්න. මහේල ජයවර්ධන පෙදුරුතුඩුවෙන් Trail එක පටන් ගන්නකොට කොල්ලාව අතට සල්ලි දීලා මම යැව්වා.
එයා මෙරටින් යන දවසේත් මම දුන්නු අවසාන අවවාදය වූයේ;
"දවසකට එක මිනිහෙකුටහෝ උදව්වක් කරණ ලෙස!".

ඔබ සැබවින්ම සතුටු වියයුතුයි, ආඩම්බර විය යුතුයි එවන් පියෙකු ලැබුනාට!

දරුවන් යනු තමාගේ දුවා දරුවන් පමනක් නොව සියල්ලන්ම යැයි සිතා කටයුතු කිරීම තරම් ආශිර්වාදයක් තම දරුවන් හට පියෙකුට ලබා දීමට නොහැකිය.
කලකට පෙර මා සේවය කලා කේරළ ජාතික මහත්මයෙකු වෙත. ඔහුගේ පියා නිරණ්තරයෙන් ඔහුට පැවසූ කියමනක් ඔහු මාවෙත පැවසූවා.

"පුතා! ඔබ අන් දරුවන් රැක බලා ගන්න. දෙවියන් ඔබේ දරුවන් බලා ගනු ඇත . . . . . . !"

මෙය හුදෙක් ආගමික මිත්යා විශ්වාසයක් ලෙස කෙනෙකුට බැහැර කල හැකි වුවත් සමාජමය වශයෙන් කිසිවෙකුට එහි දොසක් දැකිය හැකිවේද? තම දරුවා අවට සිටින අනෙකුත් දරුවන් හට යහ මගක යන්නේ නම් තම දරුවාහට ඉන් එපිට මගක් වෙතට යන්නට ඇති ඉඩ ප්රස්ථාව කෙතරම් අවම වනවාද?

මීට කලකට පෙර පැවති සමාජය තුල වැඩිහිටියෙකු හට ඕනෑම දරුවෙකු හට අවවාදකිරීමේ හැකියාවක්, උවමනාවක්, අවශ්යතාවයක් මෙන්ම අවස්ථාවක් , ඉඩ ප්රස්ථාවක්, සමාජමය ඉඩකඩක්,යුතුකමක්, වගකීමක් තිබුනි.
එවන් සමාජයක් තුල දරුවා වඩාත් සුරක්ෂිත විය.
එයට ඇවැසි ඉඩ කඩ නිර්මාණය වන්නේ පරාර්ථකාමී සමජයක් තුල.

ඔබගේ පියා එවන් පරාර්ථකාමී සමාජයක කොටස් කරුවෙක්!

එවන් සමාජයකට ඔබව නිර්ලෝභීව අවතීර්ණ කිරීම, විවෘථ කිරීම එක් අතකින් හොඳ ආයෝජනයක්.
ඔබගේ පියතුමා අද; ඔබ ගැන සිතමින් කම්පාවට පත් නොවී හාන්සි පුටුවකට වී කෝපි කෝප්පයක් , තේ කෝප්පයක් තොලගාමින් සැහැල්ලුවෙන් සිටින්නේ නම් ඒ මීට කලකට පෙර කල ආයෝජනයේ ප්රථිලාභ අත්විඳිමින්ය.

අප අපගේ දරුවන් පෙල ගැස්විය යුත්තේ හුදෙක් "පොරවල්" කිරීමට නොව අභිමානවත් මිනිසෙකු කිරීමටය! වරක් එක් සමාජ විශ්ලේශකයෙකු කියා තිබුනු දෙයක් මා මීට පෙරද එක් අවස්ථාවකදී උපුටා දැක්වූවා මතකය. "අප උත්සාහ ගත යුත්තේ හොඳ දරුවන් සෑදීමට නොව හොඳ දෙමව්පියන් බිහි කිරීමටය. මන්ද පසුගිය කාලය පුරාවට අප වෙහෙස වී ඇත්තේ අපගේ දරුවන් වෙනුවෙන් විනා අපගේ දෙමව්පියන් වෙනුවෙන් නොවේ!" මේ ඒ කියමනයි.
අප; අපගේ දෙමව්පියන්ගේ අවශ්යතා දෙස බැලීම කල්තබා දරුවන්ගේ ඕනෑ එපාකම් පසුපස ලුහු බඳිමින් වී ඇත. මෙනිසාම අප කිසිවිටෙකත් හොඳ දරුවන් නොවේ. එහෙත් අප ඉඳුරාම හොඳ දෙමව්පියන් වී ඇත.
මෙනිසාම අප ඉතාමත් තරග කාරී ලෙසම අපගේ දරුවන් ඔවුන් ජීවත් වන සමාජය තුල වඩාත් ඉහල ස්ථරයකට ඔසවා තබන්නට යන්ත දරණ්නෙමු. එම සිතුවිල්ලම "පරාර්ථකාමී සමාජයක්" වෙතින් අප ඉවතට ඇදදමා අවසන්ය.


වරක් ස්වාධීන රූපවාහිණියේ සංවාදයකට සහභාගී වූ නැසීගිය නන්දදාස කෝදාගොඩ මහතා කීවේ අප අපේ දරුවන් දොස්තරලාම කරණ්න වෙහෙස නොගත යුතු බවයි. මන්ද කොන්දොස්තරලාද සමාජයේ කොටස් කරුවන් හා සමාජයට අත්යාව්ශ්ය කාර්යය භාරයක් කරණා කොටසක් බවයි. එවිට එය අසා සිටි ප්රෙක්ශකයෙකු; මැදිරියට සජීවීව සම්බන්ධවී පැවසූවේ;
"මහාචාර්ය තුමන්ලාගේ දරුවන් දොස්තරලා කරලා අපේ දරුවන් කොන්දොස්තරලා කරණ්නද කියන්නේ?' කියාය.
 කතාවේ ගත යුත්තක්ද ඇත. කිසිදු දොස්තරවරයෙකු තබා හෙදයෙකුවත් තම දරුවා කොන්දොස්තරවරයෙකු කිරීමට අත් පොත් තබාවියැයි කියා ඔබ සිතනවාද !?

මෙවන් තරගකාරී සමාජයක් තුල දරුවාව පරාර්ථකාමී කුලකයක අවයවයක් කිරීමට හිත හදා ගැනීමම ප්‍රශංසනීය ය.
 මන්ද වල් වැදුනු ථූප ගොඩ දාන කල් කරණවා නම් කරණ්න වැඩ ඕනෑ තරම් ලෝකේ රටේ තියෙන බව ඔබගේ පියා ඉන්තීරුවෙන්ම දන්නා බැවිනි.

"අත් වැඩ පර වැඩ සමව සිතන්නේ . . !" කියන්නේ මෙවන් මිනිසුන් පිළිබඳවය.

හැමදාම වගේම තවත් දෙයක් කින්නට ඇත.

මා කිසියම් තැනක ලියා ඇති;
මගේ මතකය නිවැරදිනම් පොළොන්නරුවට බයිසිකලෙන් ගිය ගමන ගැන ලියැවුනු ලිපියේ;  මා ලංකාවේ ගතකොට වඩාත්ම සුනදර සැඳෑවක් තවමත් මතකයේ ඇත! ඒ බසවක්කුළම වැව් කණ්ඩිය මතය යනුවෙන්!
 ඒත් එය ඔබ ගතකල සැඳෑවන් තරම්ම සුන්දර නොවන්නට ඇත.

ගීපොතත් මීවිතත් රැඳුනද සුන්දරියක අවට නොරැඳුන බැවිනි.

අහා! එය මොනතරම් සුන්දර මොහොතක් වන්නට ඇතිද!?

*********************************************************************************************************************************
3.


Friday, March 22, 2019
http://magelokaya01.blogspot.com/2019/03/
යක්කු බැදගෙන වැඩ ගැනීම සහ යක්කුන්ට කුක්කු පෙවීම.

Thattayage KolamaMarch 23, 2019 at 3:47 PM
අහා! සුපිරි !!
මෙන්න කතන්දර!
මම හැමදාම කියනවා වගේ ෆෝ වීල් ඩ්රයිව් එකක් කියන්නේ මොන්ටෙරෝ එකකට නැතිනම් ප්රාඩෝ ඒකකට, නිසාන් පැට්රෝල් එකකටම පමනක් නොවෙයි. BJ40 කුත් හොඳම ෆෝවීල් ඩ්රයිව් එකක්.
අපේ මිනිස්සුන්ගේ පමනක් නොවේ මෙවා වල නිශ්පාදකයින් පවා මිනිස්සුන්ව ගොනාට අන්දලා කියලත් වෙලාවකට හිතෙනවා. මම එහෙම කියන්න හේතුව මට ලියාගන්න පුළුවන් වෙයිද මන්දා. ට්‍රයි කරලා බලන්නම්.

බොහෝ දෙනා වාහනයක් පාවිච්චි කරණ්නේ ඕනමන්ට් එකක් විදියට වගේම ප්රෙස්ටීජ් එකක් විදියට. නැතිනම් ප්රාඩෝ තියෙන උන් ඒක විකුණලා  V8 ලෑන්ඩ් කෲසර් ගන්න එකේ කිසිම තාර්කික බවක් නෑ උන් පා විච්චි කරණ විදියට!
ඇතුලෙ වාඩි වෙලා කොළඹ ශොපින් යන්න මොකටද ඔය තරම් සොෆිස්ටිකේටඩ් වාහන ගන්නේ. නමුත් අපේ එවුන්ගේ (සහ මේ විදියට හිතන පතන වෙනත් රටවලත් ඉන්නා) සීනි බෝල ෆෝ වීල් ලවර්ස්ලාට ගැලපෙන්න එවනවා එකසිය ගානට රගඩ් වාහනයක් තොරොම්බල් කරත්තයක් වගේ සරසලා!
හැබැයි මාව ලඟින්ම ඇසුරු කරණ තෙශාලා වගේ එවුන් මට කියන්නෙත් "උඹේ ෆෝවිල් අර කාගෙද මොකද්ද එක වගේ ප්රයෝජනයක් නෑ!" කියලයි.
ඒකට හේතුව මම මඩ වලවල් හොයා නොයෑම!,
හැකි හැම විටකදීම වාහනයට අවම හානියක් එන ලෙස පැදවීම!!,
අනවශ්ය එක්ස්පරිමන්ට් සඳහා අහිංසක මාගේ දුප්පත් වාහනය නොයෙදීම!!!
වගේ කරුණු කාරණා නිසාය.
ඇත්තෙන්ම මාහට වෝටර් පෲෆ් ඔරලෝසුවක් ලැබුනු පමනින් ඒක බැඳගෙන නාන්න යන පුරුද්දක් මාහට නැත.
එහෙත් ඩයිවින් වොච් එකක් තිබුනොත් කිමිඳීම සඳහා මා භාවිතා කරාවි.
හැකි හැම විටෙක දීම යන්ත්රයේ අවම හැකියාව උපරිමයෙන්ද උපරිම හැකියාව අවමයෙන්ද භාවිතා කිරීම මාගේ ක්රම වේදයයි.
නමුත් ඒ කියන්නේ කොළඹ ඉඳන් ගිය ෆෝ වීල් වාහනේ පැත්තක තියලා තිස්සෙන් බොලේරෝ එකක නැගීලා යාල යනවා වගේ හිඟන වැඩ වලට නම් නොවේ.

කැබිලිත්තේ යන එක ගැන මමත් දෙවරක් හිතන කාරණයක්. එයට හේතුව මා සතු 28ශ්‍රී  අවුරුදු 30 ක් පරණ වාහනය ආපසු ගෙදර ඇවිත් පුණරුත්ථාපනය කරණ්නට යන වියදම දරා ගැනීමට අපහසු වීම.
එහෙත් කිසියම් ජාතික වශයෙන් හෝ පෞද්ගලික වශයෙන් යම් කැපවීමක් මැදිහත්වීමක් කරණ්නට ඇවැසි මොහොතක මෙවා යක්කුම තමයි මිණිසුන් විසින් දුකට පත් මිනිසුන්ගේ සුභ සාධනය වෙනුවෙන් පදවන , මෙහෙයවන.

හැබැයි ඒ අර සුදු ටෙනිස් ෂෝර්ට්ස්, යොනෙක්ස් ටීෂර්ට් ඇඳන් සන්ග්ලාස් දාගෙන ගංවතුර කාලෙට, නාය යන කාලෙට එලියට බැහැලා අනතුරට පත් වූවන් භිය ගන්වමින් මුසපත් කරමින් තම තමන්ගේ ෆෝ වීල් ඩ්රයිව් ක්ලබ් වල ප්රොපගැන්ඩා කරණ මීඩියා ෂෝ කාරයෝ විදියට නොවෙයි.
විටක් කාරිය හප හප; පාන් කෑල්ල් කහට එකේ පොඟවන් කාගෙන ගේම ගහන සමාජයේම කොටසක් විදියට!

**********************************************************************************************************************************

http://kadadasikole.blogspot.com/
කඩදාසි කොලේ
https://kadadasikole.blogspot.com/2019/05/213-17.html
4.
මූන අවුල් උනාට හදවත ලස්සන ඇති!

Tuesday, March 26, 2019
210. සුහදිනියේ - 14 | සොරකමක් ; ක්ෂණික තීරණයක්, මධුලිකා කබලෙන් ලිපට වැටෙයිද?

Thattayage KolamaMarch 30, 2019 at 8:02 AM
මට මේ වෙලාවේ මතකයට එන ජගත් පූජිත කතාවක් වේ.
ඒ අනෙකක් නොව "වැළි කතරක අතරමංව" ය!

එහි ප්ලොට් එක මෙසේය. වැළි කතරක අතර මං වූ මිනිසෙක් ගල් ගුහාවකට ගෙවදී. ඒ ආරක්ෂාව පතාය. එහෙත් රාත්‍රියේ එය තුලට පැමිණෙන්නේ එම ස්වභාවික නිවස්නයේ නියම උරුමක්කාරියය. ඒ අන් කිසිවෙකුත් නොව රුදුරු බිළාලයෙකි. (ජගුවරයෙකු වැනි! ) එහෙත් මෙම මෘගයා මිනිසාව කා නොදමයි. අනතුරක් නොකරයි. මන්ද ඇයද ඔහු මෙන්ම වැළිකතරේ අතරමංව හුදෙකලාව විසින් දැඩිලෙස පෙලීමකට පත්ව ඇති
හෙයින්‍ ය.
මෙය අභව්‍ය කතාවක්සේ හැඟෙන්නේ එවන් අවස්ථාවකට පත්වන තුරුය.

මධුළිකා; තීක්ෂණ පිළිඳව මොන තරම් කරුණු දැන ගත්තද, ඔහු පිළිබඳව පැහැදීමක් තිබුනද නැතුව වුවද තම පැවැත්ම වෙනුවෙන් එවන් තීරණයකට එළඹිම අස්වාභාවික කරුණක් නොවන්නේය.
විශේෂයෙන් ආදරය, රැකවරණය වැනි කාරණාවලදී කාන්තාවක් බොහෝවිට තමා මෝඩ වෙමින් බව දැන දැනත් තීන්දු තීරණ වලට එළඹේ. තීක්ෂණ; චාපා සමග ගත කරණ ජීවිතය පිළිබඳව දැන දැන වුවත් මධුළිකා ඔහු හා විවාහ වන්නට තීරණය කරණ්නෙ "ඔහු සමග තමා ආරක්ෂිතය!" යන නිගමනය මතද නොඑසේනම් "ඔහු එයාට එහෙම කලාට මට එහෙම කරණ එකක් නෑ!" , "දැං ඔහොම උනාට බැන්දාම පිරිමි හොඳ වෙනවා!" වැනි ප්‍රපංචයක් මත සිට ගෙන දෝ යි කියා සිතා ගැනීමට මධුලිකා කතා කරණවා මදිය!
කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රනිල්ට; මෛත්‍රී සමග ආණ්ඩුව කරණවා හැරුණු විට වෙන යම් විකල්පයක් නැතිවා මෙන්ම මධුළිකාටද ගන්නට වෙනත් තීන්ඳුවක් තීරණයක් නොමැත.
හදා ගන්නට මිනිස්සු ගන්න එක කෙසේ වෙතත් හදා ගන්න වාහන කටු හන්න එක ගැන නම් මා හොඳාකාරවම දනිමි !

එයට සැබෑ ආදරයක් මෙන්ම අවශ්‍යතාවයක් ඇවැසිය!

මමද එවන් ව්‍යාපෘථියකට අත ගාසා සිටිමි. ඒ පිළිබඳව ලියන්නට කල් වැඩිය!

**********************************************************************************************************************************

5.
අධ්‍යක්ෂකට ඕනෑ හැටියට වෙස් ගැන්වූවාට 
 අපි දකින්න කැමති විදියකුත් තියෙනවා !

https://kadadasikole.blogspot.com/2019/04/212-16.html

Tuesday, April 2, 2019
212. සුහදිනියේ - 16 | ඝාතන තැතක් ? මිනීමරුවන් නිදැල්ලේ

ThattayagekolamaApril 5, 2019 at 4:17 PM
කතාවක් ගමන් කලයුතු මග තීරනය කරණ්නේ කවුරුන්ද?

මෙයට නොයෙක් ආකාරයේ මතවාද ඉදිරිපත්වේවි. නමුත් පිළිගත් මතය වන්නේ එය කතෘ සතු අයිතිවාසිකමක් ලෙසටයි.
ඔව් අයිතිවාසිකම ඔහු හෝ ඇය සතුයි. එයට කිසිවෙකුට අභියෝග කල නොහැකියි. එහෙත් වගකීම, යුතුකම සදාචාරය කියන දෙයින් ඔහුට හෝ ඇයට ගැලවීමට නොහැකියි.

ඒ අනුව ගත් කල කතා වක ගමන් මග තීරණය කිරීමේ අයිතිවාසි කමක් පාඨකයින් හටද යම් පමනකට හිමි වේ. මන්ද ඔවුන් කතාවක් පසු පස ලුහුබඳින්නේ හෝ ගමන් කරණ්නේ දිනෙන් දින එම ගමන් මග තම තමන්ගේ සිත් සතන් වලට ගැලපෙන අයුරකින් පෙල ගැසෙන නිසාමමයි.

කතෘ විසින් පාඨකයින්ගේ කල්පිත කතාව, ගමන් මග කිසියම් අපගමනයකට ලක් කොට වෙනයම් මගකට තම කතාව නො එසේනම් නිර්මානය ගෙන යන්නේ නම් එය පාඨකයින්ගේ විශ්වසණීයත්වයට, හැඟීම් දැනීම් වලට හානි නොවන අයුරින් ඉටු කිරීමේ සදාචාරාත්මක වගකීමක් ඔහුට හෝ ඇයට ඇත.

ඔබ නරඹා තිබේද රාජේෂ් ඛණ්නා හා ශර්මිලා තාගෝර් රඟන "ආරාධනා" චිත්‍ර පටය. ශර්මිලා තාගෝර් දුම්රියක ගමන් ගනිමින් කවුළුවකින් පිටත නරඹමින් සිටියි. රාජේශ් ඛණ්නා විවෘථ ජීප් රියක නැගී ගමන් කරයි.

චිත්‍රපටය ඇරඹෙන්නේ දුම් රියෙ හුමාල පිස්ටනයට හාර්මනයිස් වෙන්නට එස් ඩී බර්මන් ගේ විචිත්‍ර තනුවකට "මෙරෙ සපුනෙකි . . .//" ගීතය ගයමිනි.
එතනින් ප්‍රේක්ෂකයින්ගේ හදවත් තුල රෝපණය කරණ සුන්දර ප්‍රේමයක බිජුවට ඵල දරණ්නේ උතුරු ඉන්දියාවේ හිමෙන් වැසීගිය කඳු පාමුල "කොර කාගස්තා යෙ මන් මෙරා. .//" ගීතය ගැයීමත් සමගය.


LyricsTranslation
Kora kagaz tha yeh man meraMy heart was like a blank paper
Likh liya naam ispe teraI wrote your name on it


Kora kagaz tha yeh man meraMy heart was like a blank paper
Likh liya naam ispe teraI wrote your name on it
Soona aangan tha jeevan meraMy life was like an empty courtyard
Bas gaya pyar is mein teraYour love has now settled in it


Toot na jaye sapne main darta hoonI fear that my dreams might break
Nis din sapno mein dekha karta hoonI see you everyday in my dreams
Toot na jaye sapne main darta hoonI fear that my dreams might break
Nis din sapno mein dekha karta hoonI see you everyday in my dreams
Naina kajrare, matware yeh ishareThese kohl filled eyes, these intoxicating glances


Khali darpan tha yeh man meraMy heart was like an empty mirror
Rach gaya roop is mein teraIn which your beauty has manifested
Kora kagaz tha yeh man meraMy heart was like a blank paper
Likh liya naam ispe teraI wrote your name on it


Chain ganvaya maine nindiya ganvayiI lost my peace and my sleep
Sari sari raat jaagun doon main duhaaiAll night long, I stay up praying
Chain ganvaya maine nindiya ganvayiI lost my peace and my sleep
Sari sari raat jaagun doon main duhaaiAll night long, I stay up praying
Kahoon kya main aage, neha laage, jee na laageWhat else can I say, I'm in love


Koi dushman tha yeh man meraMy heart was like an enemy
Ban gaya meet jaake teraIt became a friend to you
Kora kagaz tha yeh man meraMy heart was like a blank paper
Likh liya naam ispe teraI wrote your name on it


Baaghon mein phoolon ke khilne se pehleBefore flowers bloom in the gardens
Tere mere naino ke milne se pehleBefore our eyes saw each other
Baaghon mein phoolon ke khilne se pehleBefore flowers bloom in the gardens
Tere mere naino ke milne se pehleBefore our eyes saw each other
Kahan thi yeh baatein, mulaqatein, aisi raateinThese talks, meetings, nights were not there


Toota taara tha yeh man meraMy heart was like a broken star
Ban gaya chand hoke teraIt became your moon
Kora kagaz tha yeh man meraMy heart was like a blank paper
Likh liya naam ispe teraI wrote your name on it

ඉන් පසු ප්‍රෙක්ෂකයාහට නුරාව දනවන්නේ "රූපුසෙරා මස්ථානා . .//" සමගය . (මට මේ ගීත ඇසෙනා හටි විනා මා දන්න අණ්ඩර හිංදියක් නොමැත)

මෙසේ ප්‍රෙක්ෂකයා රාජේෂ් හා ශර්මිලා සමග මුළු හදවතින්ම ප්‍රේමයේ සුන්දර ස්වප්නයක ගිලී කිමිදී සිටිනා විට අධ්‍යක්ෂක අර ප්‍රේමණීය තරුණයාව අත්තනෝමතික ලෙස මරා දමයි!
කෙල්ලව මහ මගට ඇද දමයි!
කතාව ඔහුගේ බැවින් කිසිවෙකු ඔහුට අභියෝග නොකරණ බව සැබෑය. එහෙත් එතෙක් ප්‍රේමයෙන් මුසපත්ව ඔහුගේ සැලෝලයිඩ් ප්‍රේමයේ සුන්දරතා රසවිඳි ප්‍රේක්ෂකයින් බලා පොරොත්තු වන්නේ මෙවන් අකල් මරණයක්ද?

එය පෝය දාට සිල්ගත් උවැසි උවැසියනට අනිත්‍යය මෙනෙහි කරණ්නට පංසලක් පංසලක් ගානේ පෙන්වීමට නිපදවූ "අංගිලිමාල","සිරි පතුල", "අජාසත්ත" මොඩලයේ චිත්‍ර පටයක් නම් එහි අභිමතාර්ථයන් නිවැරදිව අඩු නැතිව ඉෂ්ඨ සිද්ධ වී ඇත.

ඔබ දන්නවා නොවෙද බිත්තියක පෝස්ටරයක රූමත් යුවතියක් නෝසේනම් තරුණයකු දුටු විට ඔහුගේ හො ඇයගේ ආකර්ශණීය රූපය විනාශ වන අයුරින් එක් දතක් කළු කිරීම, කණ්නාදි කූට්ටමක් පැළඳ වීම, දෙනෙතේ කළු ඉංගිරියාව ඉරා ඉවත්කිරීම වැනි කටයුතු කරණ අප අතර සිටින අසාමාන්‍ය පුද්ගලයින් හට මානසික අභාධයක් තිබෙන බව?

මෙම චිත්‍ර පටයේ අධ්‍යක්ෂක වරයාද එවන්ම මනෝ භාවයකින් සිටිනට ඇතැයි මා විශ්වාස කරමි. මේ කියන්නේ "සබ්බේ පෘථග්ජනා උම්මත්තකා" හෙවත් "අපි හැමෝම මඥ්ඥං" කියන එක නම් නොවෙයි. ඊට වඩා බරපතල තත්වයක්!

ඔබ දන්නවාද විජය කුමාරතුංග හට වෙඩි තබන්නට පැමිනි එක් අයෙකු විජේට වෙඩි තබද්දී අනෙකා මුරගා ඇත්තේ "මූනටම තියපං !" කියාය.
මේ සියල්ලෝම "ආරාධනා" පොරවල්ය!

මේ නයින් ගත් කල මදුළිකාව හිමිවිය යුත්තේ කාහටදැයි තීරණය කිරීමේ සාධාරන අයිතියක් මෙය කියවන් දනන් හටද යම් පමනකට ඇති බව කතු තුමියට යම් පමණකට හෝ තේරුම් යනවා ඇතැයි මා සිතමි.

"කවුරු කීවත් ඒක එහෙම තමයි!" කියා මුරණ්ඩු වන්නට ඔබට අයිතියක් ඇත.
එහෙත් එසේ මුරණ්ඩුව චරිත මෙහෙයවමින් ලියන කතාව ලිවිය යුත්තේ පිටු 160 මොනිටර් ඇක්සයිස් පොතක විනා සයිබර් අවකාශයේ නොවන බව මා යෝජනා කරමි! මන්ද මධුළිකා, තීක්ෂණ, විරංග මෙය කියවන අපි විසින් බෙදා වෙනස් කරගෙන හමාර බැවින්ය!

මේ ආන්ඩුවට ඡන්දෙ දුන් අය හොරු අල්ලා හිරේ විලංගුවේ දමා යුක්තිය ඉෂ්ඨ සිද්ධ කරණා තුරු බලා හිටියා මෙන්ම මධුළිකාට සාධාරණයක් සිදුවෙන අයුරු අප අවධානයෙන් සින්නෙමු.
ඒ වගේම මේ කන කට්ටේ හටියට තීක්ෂණටද සාධාරණයක් ඉටුකර දීමට ඔබගේ මැදිහත්වීම අප ගෞරවයෙන් අපේක්ෂා කරණ්නෙමු!

මෙය ප්‍රථික්ෂේප කිරීමේ පූර්ණ අයිතියක් ඔබට ඇත. මෙය විවාදයට සංවාදයට, විසංවාදයට විවෘථය! තතු දත්තෝ මා නිවැරදි කරත්වා!

ලිඛිතාApril 7, 2019 at 8:19 AM
කතාවක ගලායාමට ප්‍රේක්ෂකයන් දක්වන ප්‍රතිචාර බලපාන්නේ සයිබර් අවකාශයේ වෙන්නත් ඇති. එතැනදී මම ඔබේ තර්ජනය පිලිගන්නවා. මොකද මම මේ කතාව ලියා තබාගෙන කොටසින් කොටස නොදාන කෙනෙක් නිසා. නමුත් කතාවක් ලියා අවසන් කල කෙනෙක්ට නම් මේ තර්ජනය වලංගු නොවෙන්නත් පුලුවන් නේද?

සමහර වෙලාවට මගේ කලින් ලියපු කතාවක්වත් බැරිවෙලා කියෝලාද මන්දා මෙහෙම හිතුනේ.

ඔබ කියන විදියට , කරුමෙට වගේ ඔය කියන චිත්‍රපටයේ මංගල දර්ශනය කෙලින්ම ප්‍රේක්ෂකයාට ලබාදුන්නා නම්, අන්තිම කොටස වගේ යනකොට මිනිස්සු හෝල් එක දෙක කරලා ඩිරෙක්ටර්ට පිහියෙනුත් අනින්න තිබ්බා. ඔව් ඒකනේ ෆිල්ම් එකේ ගැම්ම එක අතකට.

අනිත් එක, එහෙම ඛේදවාචකයක් උනේ නැතුව කොහොමද හිට් වෙන්නෙ? දැන් බලන්න " ඒක් පූල් දෝ මාලි" එකේ ඒ අංකල් අරෙහෙම අතුරුදහන් උනේ නැතිනම් අර වගේ හොටු පෙරෙන අවසානයක් දීලා මිනිස්සු ටික ගෙදර යවන්න බෑනෙ!

කන කට්ටේ හැටියට නම් මොකක් හරි දෙයක් තීක්ෂණට ඉතුරු කරන්න බලන්නම්. රට යන විදියට නොගිහින් කොහොමද ?

දැනටමත් විරංගට අසාධාරණයක් කලොත් අඟල් දෙකක් විතර බස්සන්න බලාගෙන ගීතිකා ඉන්නවා. තට්ට මහතා තීක්ෂණව ඉස්සර කරගෙන පිටිපස්සෙන් අර කියාපු තුවක්කුවක් මානගෙන. අනේ ඉතින් මම කොහොමද මේක ලියන්නේ?

බොහොම ස්තූතියි දීර්ඝ කොමෙන්ට් එකට. තව ලියන්න දේවල් ඇත. පරිස්සමෙන් කියෙව්වාටත් ස්තූතියි

6.
ඇය ඔහුගේ ආදරය පිළිගත්තානම් චිත්‍රපටිය තැනෙන්නේ නැත!

ThattayagekolamaApril 7, 2019 at 8:39 AM
මම මෙතනදි අදහස් කරණ්නේ නෑ සෑම ප්‍රේම කතාවක්ම සතුටු දයක අවසානයක් තියෙන්න ඕන කියලා.

"බඹරු ඇවිත්" චිත්‍රපටයේ මතු පිටින් දිවෙන ආදර කතාව බිඳ වැටීමට තුඩුදෙන ප්‍රභල ගැඹුරු සමාජ යතාර්ඨයක් යටි පෙල ලෙස දිවෙනවා!
"මධුමතී" චිත්‍රපටයේ වියෝව කතාව තුල තිබුනා. "වසන්තේ දවසක්" චිත්‍ර පටයේ වෙන්වීම හදිසියේ ඔබ්බන ලද එකක් ලෙස දැනෙන්නේ නෑ.

 ආතර් කොනන ඩොයිල්ගේ රුදුරු බලුව පොතේ බැස්කර්විල්මහතා ප්‍රේම කරණ්නේ ඔහුගේම සතුරාගේ බිරිඳට බව දැන ගත්තාට කිසිදු පාඨකයෙක් සරම
කැහැපොට ගසාගෙන ආ පුවතක් මෙහේ නොවේ එඟලන්තයේ වත් අසා නෑ.
ඒ එරට සරම් නැති නිසා නොව ඔවුන්ගේ ප්‍රේමයට වඩා ප්‍රභල කතාවක් සමාන්තරව දිවෙන බැවින්.

ඔබටත් ප්‍රේමය එසේ තුනී කරන්නට බරි කමක් නෑ!

**********************************************************************************************************************************

7.
මෙන්න බුවා! ඔරිජිනල්ම රාත්තල!

Sunday, May 5, 2019
213. සුහදිනියේ - 17 | ඔත්තුකරුවන් පසුපස ; විශ්වාස කරන්නේ කවුරුන්ද?

ThattayagekolamaMay 6, 2019 at 8:40 AM
අපි බෲස්ලිගේ එන්ටර් ද ඩ්‍රැගන් බලා එලියට පැමිණියේ බෲස් ලී සේ ඇවිද ගෙනය. අපේ හොඳ වෙලාව්ට මොකෙකුවත් අපි සමග ගේමට පමිණියේ නැත. මන්ද අපේ සිරුර තුල වූයේ සටන් කාමී බෲස් ලී බැවිණි.
වරෙක නවලිය පුවත් පතට ලිපියක් ලියමින් එක් චිත්‍ර පට විචාරකයෙකු පැවසූවේ "ළඟදීම ස්වර්ණා මල්ලව ආරච්චි අපට අමතක වේ" යන අදහසය.
ඔහු එය වඩාත් විස්තර කලේ ප්‍රථිභා පූර්ණ නළුවකු හෝ නිළියක විසින් තිරය මත රේඛනය කරණු ලබන චරිතය විසින්; ප්‍රේක්ෂකයා හට එම නළුවාව හෝ නිළියව අමතක කරණු ලබන බවයි!
මේ සියළු කතා මැද මා හට මා අමතකව ගොසිණි. මන්ද මා තීක්ෂණ තුලට ආරෝපණය වී ඇති නිසාය.

හිරුට හොරෙන් නළලත මත සිත්තම් කල හාදුවේ සිතුවම !



ලිඛිතා May 6, 2019 at 5:34 PM
චරිතයක් විසින් එබඳු බලපෑමක් කරන බව නම් ඇත්තක්. මොකද මේ වෙනකොට මට මෙතෙක් නිහඬව සිටින මධුලිකා මහත් පීඩනයක් එල්ලකර හමාරයි.
බලන ෆිල්ම් නම් සෑහෙන තරමකට මටත්මානසිකව බලපානවා. Frozen බලලා ඇතිවෙච්ච කම්පනයට මම සතියක් තිස්සේ විදෝලා අන්තිමට මෙන්න මේ සටහන ලියල තමයි හිත නිදහස් කරගත්තේ. හි හි... Zootophia බලලා වෙච්ච දේ ඊටත් එහා!

මේ කතාවේ සියුම් තැන් කියෝන පාඨකයින් සිටින එක මට ධෛර්යයක්. ඔබත් එයින් කෙනෙක්. කතාවේ ගුණය පවත්වාගෙන යන්නට මමත් ඒ නිසා යම් තරමකට උත්සහයක් ගන්නවා. ස්තුතියි මේ දිරිගැන්වීමට!

8.

Thattayagekolama May 6, 2019 at 9:23 pm
චිත්‍රපට කෙසේවෙතත් කියවපු පොත් වල නම් එහෙම්; මැවුණු චිත්ත රූප සිතට වද දුන් අවස්ථා ඇත.
එයින් වඩාත්ම සංඝට්ඨනයන ලක්වූ චරිතය ජැක් ෂේප ගේ "ෂේන්" පොතේ එන ෂෙන් චරිතයයි.
"ඔහු ආවේය! තම යුතුකම ඉටු කලේය!! නැවත ගියේය!!!"

ඇයි ඔහු ගියේ. ඔහුට එහිම නවතින්න තුබුනා නොවැ!? මගේ සිත මගෙන් නිඹඳවම ඇසූ පැනය විය.
ෂෙන් පැමිණ්නේ අහම්බයක් ලෙසිණි. ඔහු වෙතින් මරා දැමෙන්නේ නගරයේ දුෂ්ඨතම අධමයාවය.
ඔහු මුදා ගන්නේ කුඩා දරුවෙකු සහිත කුඩා ආදරණීය පවුලක් පමණක් නොව මුළු මහත් පලාතකි. ඒ නරකෙනි.

අවසන කුඩා දරුවා ෂේන්ව නවතා ගැනීමට කෑගසයි.

"ෂේන්! . . යන්න එපා . . ! නවතින්න ෂේන් . . .‍යන්න එපා! . ආයෙත් එන්න ෂේන් . . .!!!"

එහෙත් ෂේන් ආපසු නොබලාම මිටියාවතෙන් පිටව යයි.

එය ඉතා දුක්බර වෙන් වීමක්; දැන් මතක් වන විට පවා.. !

මේ ගැන කලකට පෙර හැලපයා විසින් ලියා තිබුනා.

https://sithgathsahithyakalakruthi.blogspot.com/2018/04/blog-post_27.html

හැලපයා විසින් එහි අවසන් කොමෙන්ටුවට එක්කල පිළිතුරේ ලස්සන කතාවක් කියා තිබුනා;
" චිත්‍රපටය හමුවෙලත් බැලුවේ නෑ; හිතේ තියෙන චිත්ත රූප මැකේවිය කියලා !"
මේක සිරාම කථාවක්.
"වන සරණ" ටෙලිය බලලා මට උනේ ඔය අපරාදෙමයි.
ඒවගේම දෙයක් උනා පියවි ඇසින් මඩොල් දූව බලන්න ගිය දා !

**********************************************************************************************************************************
https://worldofaru.blogspot.com/
අරුගේ ලෝකය- World of Aru
සිත ලිහමි . . . ලිහන සිත ලියමි . . . . .
9.


ඔහු තුල ඈ කොතැනද?

May 12, 2019
https://worldofaru.blogspot.com/2019/05/blog-post.html
මොහමඩ් නුඹට . . . . . . .

Thattayagekolama  May19,2019

මා හිතන විදියට මේක හුදෙක් ෆාතිමාලට පමනක්ම පොදු කාරණාවක් නොවේ.
ඔබ නොසිතුවාට මෙය මීට වඩා තීව්‍ර වෙන්නේ තහනම් සඹඳතා වලදී.
(මම වඩාත් පරිස්සම් වෙනවා "තහනම් ආදරය" කියන වචන පෙල නො යොදවන්න!)
මෙවන් සඹඳතා වලදී බොහෝ විට ගැහැනිය එය තහනම් ආදරයක් යැයි සිතූවත් බොහෝ පිරිමින් හට එය තහනම් සඹඳතාවයක් විනා තහනම් ආදරයක් නොවන්නේය.

 එක් වරක් දෙවරක් රස වින්ද පසු ඇය; තවත් එක හපා ඉවත ලූ උක් හපයක් පමණක් බව ගැහැණිය මොහොතකට හෝ සිතන්නේ නැත.

ඒ අතීතය තවත් ටික කලකින් අරක්කු බෝතලයක් හිස් කරණ තැනෙක එක් ප්‍රවාදයකට; තම වීරත්වය දක්වන පුරාවෘථයක් පමණක් වෙනවා.

ගැහැනිය ලිස්ට් එකේ තවත් එක් අංකයක් පමණයි!

 නමුත් පවතින තත්වය යටතේ, මේ වාතාවරණය තුල මෙය කියවන කොට දුක්ඛ දායක මිහිරියාවක් හිතට කාන්දු වෙන එක නවත්වන්නට බෑ.

කොහොමත් ඔවුන් වඩා ලෙන්ගතු හා වැඩි මූලිකත්වයක් දෙන්නේ තම ජාතියට මිසක පුද්ගල ප්‍රේමයට නොවන බව පෙනෙනවා. මට හමුවෙලා තියෙනවා සමහර පිරිමින්; පළමු දරු ප්‍රසූතියේදී තම බිරිඳ විඳි දුක වේදනාව නිසාම තවත් දරුවකු නොපතන!

 මෙතනදී බොහෝ මොහමඩ් ලා ඉන්නේ ඊට බොහෝ පහලින්.

**********************************************************************************************************************************
10.
Admiral Nagumo's fleet unleashed 
the Mitsubishi A6M Zero fighters and bombers on the attack
 on Colombo on 5 April 1942.

https://hattorvittor.blogspot.com/
B&W
Black & White eka (බැරි වැඩ) 
https://hattorvittor.blogspot.com/2019/05/1942-and-whaaaat.html

Saturday, May 11, 2019
හැට්ටර්ගේ ඉතිහාස කතා - පාස්කු and whaaaa...t 1942 ?

ThattayagekolamaMay 12, 2019 at 10:47 AM
හැට්ටර් මහතානෙනි.
මීට කලකට පෙර මා මිට්සුබිෂි වෙළෙඳ නාමය හා ගැවසී ගත් රැකියාවක නියෙලුනෙමි.

එකල අපේ කොම්පැණියට අළුතින් එන එවුන්ට "අපි' ගැන පොර ටෝක් දෙන්න මටත් ඉඩ කඩක් සෙට් වෙනවාය.
එතෙනදී ඔය ඊස්ටර් සන්ඩේ කථාන්දරය කියලා ඒ ආවෙත් "මිට්සුබිෂි අහස් යානා මහත් වරුණි!" කියා කියන පුරුද්දක් තිබුනි.
කොහොම උනත් වැඩේ ඇත්තය.
තව සීන් එකක්. ජපන් අහස් යාත්රා ටික මුලින්ම දැකලා තියෙන්නෙ ඔය කියන කැනෙඩියන් ගුවන් නියමුවා. උන්නැහැ මීට අවුරුදු 10 ක් ඇතුලත ආයෙත් ලංකාවට ඇවිත් කොග්ගල ගුවන් හමුදා කඳවුරට ගිහින් තියෙනවා. මොකද ඒ කාලෙත් උන්නහැ ඉඳලා තියෙන්නේ කොග්ගලමයි. කොග්ගලෙන් අහසට ගිය යානෙකින් තමයි ඔය ජපන්නු සෙට් එක දැකලා තියෙන්නේ.
 හොඳ වෙලාවට උන්නැහැ දැකලා තියෙන්නේ. ඒවගේම උන්නැහැ කියපු ගමන් මහ පොලොවෙ පය ගහලා හිටපු එවුනුයි අහසේ හිටපු එවුනුයි ගේමට සෙට් වෙලා තියෙන්නේ.
අපෙයි උන්නැහැගෙයි හැමෝගෙම හොඳ වෙලාවට හේමසිරි ප්රනාන්දු ගොයියා ඔය සීන් එකේ ඉඳලා නෑ!

හැට්ටර් -මේ විට්ටර් ගෙ මල්ලි May 12, 2019 at 6:42 PM
අපේ තට්ට සෑර්ට කියන්ඩ, ඔයින් එක මිට්සුබිෂියක් අකුරෙගොඩ වැවට කඩන් වැටුන කියල පරණ කතාවක් තිබ්බනේ.
මට මතක විදියට දෙදාහේ විතර කාලේ කෝමහරි අකුරේගොඩ කස්ටියක් ප්ලේන් එකේ ඇන්ජිම වැවේ පතුලේ තිබිල ගොඩට අරන් තියෙනවා.
හැබැයි ඒ ගෝලයන්ගේ මොලේ පිහිටලා තිබිල තියෙන්නේ වැරදි තැනක. උන් ඇන්ජිම මස් කොරල ඇලුමිනියම් බරට විකුණලා. සම්ප් එකේ යස අගේට ඔයිලුත් තිබ්බ කියල තමා මට කිව්වේ. ඒක දැනගත්ත දවස තමයි ජීවිතේටම මිනීමස් කන්ඩ හිතුන එකම දවස.

ඔයවගේ තව කේස් එකක් තිබ්බ ඕස්ට්රේලියාවේ. එහෙ ජප්පෝ රජකරපු කාලේ ගෙනිච්ච ඩෝසරයක් පරදිනකොට මූදට දාල ගොහින් තියෙනවා. බොහොම පස්සේ කාලේ ජප්පෝ ඒක තමන්ගේ රටට ගෙනිහින් රීකොන්ඩිශන් කොරල හිටන් තියාගෙන ඉන්නවා. ජප්පගේ ඒ කාලේ කඩ්ඩ ඉතිං හැට්ටර්ලගේ වගේම තමයි. අකුරක් අඩුවෙන් Komatu කියල තමයි කාස්ටින් එක ගහලා තියෙන්නේ.

ජයවේවා!


31 comments:

  1. මේක කියෙව්වාම කරකවලා අත හැරියා වාගේ උනා. ඒකටම හරියන්න අච්චාරු කොමෙන්ට් එකකුත් දාන්නම්. "රෝදය" කවදා කවුරු හොයාගෙන පේටන්ට් අරං තිබුනත් ඒක ඕස්ට්‍රේලියාවේ නම් නොවන බව සහතිකයි. හේතුව අවුරුදු 40,000ක් (60,000 කියලත් කියනවා ) පැරණි ඉතිහාසයක් තිබුනත් ඔස්ට්‍රේලියාවේ ආදිවාසීන් 'රෝදය' සොයාගෙන තිබුනේ නැති කමයි.

    ඔබතුමාගේ දරුවන්ට ඔබතුමා දෙන නිදහස වැනි නිදහසකුත්, ඒ සඳහා අවශ්‍ය කරන උපදෙසුත්, පහසුකමුත් මගේ පියානන්ගෙන් ලැබීමට තරම් මම වාසනාවන්ත උනා. උදාහරනෙකට, කියනවානම් අපි සිරීපාදේ යනවා කිව්වාම තාත්තා කියන්නේ සිරිපාදේ කියන්නේ හැටන් පාරට විතරක් නොවෙයි, එරත්න පාරෙන් හරි රත්නපුර පාරෙන් හරි යන්න, ගිය පාරෙන් බහින්න එපා, තරුණ කාලේ ඒ පාරවල්වල නොගියොත් පස්සේ ඒ ගැන දුක් වෙන්න වෙයි කියලයි. ඒ වගේම තාත්තා තරුණ කාලයේ සිටම ඔහුට වඩා වැඩිහිටි පරම්පරාවට ගරු කිරීමත්, ඔවුන් සමග කතාබහ කර අතීත කතා දැනගැනීමේ වැදගත් කමත් නිතරම මට කියනවා. අදටත් මම කවුරු හරි පිරිසක් සමග එකතු උනොත් එහි ඉන්නා වයස්ගතම පුද්ගලයින් සමග කතා බහ කිරීමත් ඔවුන්ගේ පැරණි අත්දැකීම් පිලිබඳව කථා ඇසීමටත් පුරුදු වී සිටිනවා. ඒ ගැන හොද හොඳ අත්දැකීම් තියනවා, මෙතන ලියන්න දිග වැඩියි.

    // ගැරෙජ් බාස්ලා එන්ජිමක් ගැලවූ විට අත කටේ සහ එකී නොකී මෙකී සියළු අවයව වල මජං පෙරාගත්තද ශල්‍ය වෛද්යවරයෙකු හදවතේ සැත්කමක් කරණ්නේ ඇඟ පුරා ලේ පෙරා ගෙන නොවේ.//
    මේක ගැනත් දෙයක් කියන්නම්. ශල්‍ය වෛද්‍යවරයෙක් සහ මෝටර් මිකැනික් කෙනෙක් එකිනෙකාගේ රාජකාරිය ගැන කතා වෙමින් ඩ්‍රින්ක් එකක් දාලා. මිකැනික් කියා තියෙන්නේ මම කරන වැඩෙත් ඔය වගේ තමයි, එන්ජිම ගලවලා නරක් වෙච්ච කෑල්ල වෙනුවට හොඳ එකක් දාන එක ශල්‍යකර්මයක් වගේ තමයි. නමුත් මට ලැබෙන්නේ අඩු වැටුපක්, ඒ වෙනස මොකක්ද ?? එතකොට ඩොක් කියා තියෙන්නේ "ඇන්ජිම දුවද්දී රිං සෙට් එක මාරු කරන්න ට්‍රයි කරපං .උඹට වෙනස තේරෙයි " .

    ලංකාවේ පමණක් නොවෙයි, ඕස්ට්‍රේලියාවෙත් 4WD වාහන භාවිතා කරන්නන් ගෙන් බහුතරයකුත්, ශ්‍රී ලාංකික ප්‍රජාවෙන් අති බහුතරයකුත් තමන්ගේ 4wd වාහනය ගුරු පාරකවත් යන්නේ නැහැ. මාත්, ලංකාවේදී සිටම මාගේ හොඳම අපාය සහාය මිතුරාත් අපිට 4wd තියා 'හොඳ විශ්වාසදායක' වාහනයක්වත් නොතිබුන කාලේ (90 දශකයේ මුල) ඕස්ට්‍රේලියාවේ අපි ගිය තැන්වලට 4wd වලින්වත් වැඩි දෙනා යන්නේ නැතිව ඇති. අදටත් වාහන හොඳින් නඩත්තු කරනවා විනා කිසිවිටක එහි ලස්සන ගැන නම් කරදර වෙන්නේ නැහැ. පාවිච්චි කරන්නේ කොහොමදවත් නොදන්නා වින්ච්, අමතර ඉන්ධන ටැංකි, වතුර ටැංකි වාහනයේ පිට පැත්තේ හයි කරගෙන ලස්සනට පොලිෂ් කරලා ලංකාවේ පාරවල් වල යන 4wd දැක්කාම හිනා යනවා.

    මං හිතන්නේ බ්ලොග් එකක් පටං අරං ඒක පවත්වාගෙන යනවාට වඩා මේ වගේ නිවාඩු තියන වෙලාවට අනුන්ගේ බ්ලොග් වලට ප්‍රතිචාර දැමීම මට ගැලපෙනවා කියලයි. මොකද අද රැජිනගේ උපන් දිනය වෙනුවෙන් අපිට නිවාඩු. සිද්ධාර්ථ කුමාරයා වෙසක් පෝය දවසේ උපන්නා වගේ රැජින උපන්නේත් ජුනි මාසේ දෙවන සඳුදාවකනේ

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් සෑම් මහත්තයා! අදත් වෙනදා වාගේම කලින්ම ගොඩවෙලා.
      හැමදාම කල කී දේ ලියනවා විනා;. නොයෙක් දේ පිළිබඳව මාගේ අදහස් ලියැවෙන්නේ බොහොම කලා තුරකින්. ඒ අතුරිණ් බොහෝ දේ ලියැවෙන්නේ අන් අයගේ පෝස්ටුවලට දාන කොමෙන්ටු ලෙසට. ඉතින් අපි තව කාලෙකින් ආපසු හැරිලා ජීවිතේ දිහා බැලුවාම අපි එක් එක් කාලවකවානු වලදී දරා සිටි මතයයන්, අදහස් ලියා තැබීමටයි මේ ලිපි පෙල මා සකසන්නේ!
      සත්තකින්ම දරුවන් හට; තෝරාගත් පුළුල් ක්ෂේත්‍රයක් තුල සෑහෙන නිදහසක් දී තිබෙනවා.
      සත්තකින්ම අපේ තාත්තලා අපිව බොහෝ නිදැල්ලේ තමයි හැදුවේ. නමුත් අපි නොදන්නවා උනාට දිග ලනුවක් දමා තිබුනා!

      ඔව් ඔය බාස් ගෙයි ඩොක් මහත්තයාගෙයි කතාව හරිම සුන්දර එකක්.
      ඔව් අපේ රටේ තාම ගෙදරට ගෙනාපු සෝෆාව සාරියකින් වහලා තියන්න තමයි බලන්නේ.
      මේ නිකන් ලේසියෙන් අත අරින්න හිතන්න එපා. ලියමු ලියමු!

      Delete
  2. මෙතන තියෙන සමහර කොමෙන්ට් නං මම කලින් කියෝල තියෙනව.

    රෝදෙ කවුරු හොයා ගත්තත් ඒක කරකවන්න නිකං බෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසන්න මේ සියල්ලම් ඔබ කියවන්න ඇති. මමම මගේ අදහස් ගොනු කර තැබීමයි මේ වෙන්නේ.

      Delete
  3. 'මගේ ලෝකය' කියලා තිබ්බම හිතුවේ ඉස්සර රංග-අසේල ලියපු බ්ලොග් එක ආයේ පටන් අරන්ද කියලා. බැලුවම මේ ඒ නම කොපි කරලා ලියන ජරාවක්නී. රංග,ඔබා මාමා,අබේපාල මාමා ලියපු බ්ලොග් කියවලා නැද්ද. තට්ටයා මහතා බ්ලොග් වලට අළුත් නිසා එව්වා දන්නේ නැතිව ඇති. පොඩ්ඩක් හොයලා බලලා කියවන්නකෝ ඒ බ්ලොග්. ඒවායේ කොමෙන්ටු පවා කියවද්දී ඉතාම ආශ්වාදනීයයි. 2009-2015 වගේ කාලේ ලිය උන සටහන් ඒ.

    ReplyDelete
    Replies
    1. අනේ ඇනෝ තුමා,
      සත්තකින්ම මම මේ බ්ලොග් කෙරුවාවට අළුත් තමයි. ඒ විතරක් නොවෙයි මගේ සිතුම් පැතුම් අදහස් උදහස් පවා අළුත්.
      ඒත් ඔබ පවසන ආකාරයේ පැරණි බ්ලොග් කියවා බලන්නට එකෙන්ම කැමතිය.
      මා ඔබේ වයස නොදනිමි. ඇත්තෙන්ම කලාවේ ආශ්චර්‍යයමත් යුගය වූ හැත්තෑවේ දශකය මා හට හොඳ හැටි මතකය. එතෙක් අමරදේවගේ හා ජෝතිපාලගේ මොඩලයන්ගේ ගීත අසා සිටි කණ්ඩායම් දෙකම වික්ටර් ගේ ආගමනය දැක බලා සිටියෝය. ඔවුන් මෙම නව යොවුන් තරුණයාගේ නව්‍ය හඬ එතෙක් පැවති සාම්ප්‍රදායික හඬ වල් අතික්‍රමණය කරණු බලා සිටියෝය. ඔවුන් එම හඬ ආදරයෙන් වැළඳ ගත්තෝය.
      ඕනෑම මාධ්‍යයක් තුල පැවති හෝ පවතින මහා සම්ප්‍රදාය පසුපසින් ගමන් කරණ චූල සම්ප්‍රදායක් පවතී. කාලය විසින් එම චූල සම්ප්‍රදාය හෝ එය නියෝජනය කරණ පිරිස නිසි තැන තබාවි. ස්තූතියි!
      හැකිනම් හුදී ජන පහන් සංවේගය පිණිස එම ඉපැරණි බ්ලොගයන්ගේ ලින්කුවක් දෙකක් දමන්න. ස්තූතියි නැවතත්!

      Delete
    2. මගේ වයස ගැන තට්ටයා මහතා අසා ඇත. මා ඉපදුනේ 1952 දීය. දැන් විශ්‍රාමිකයෙක්මි. පැරණි දේ හොදයි, අළුත් දේ නරකයි කියමින් යන කෙනෙක් නොවේ මා.

      උදාහරණයක් විදියට අප පැටි වියේ සිටි ජනකාන්ත නළු නිළියන් වූ විජය,ගාමිණී,රවින්ද්‍ර, ගීතා වැනි අය ගැන බලන්න. ඒ උදවියට වඩා අද සිටිනා රොෂාන් රවින්ද්‍ර,සෞම්‍ය ලියනගේ, සමනලී,චාන්දනී සෙනවිරත්න වැනි කලාකරුවන්ගේ කුසලතාවය දහස් වරක් ඉදිරියෙනි.

      මා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ/ ජාතික චිත්‍රපට සංස්ථාවේ/ ජර්මානු සංස්‌කෘතික මධ්යස්ථානය වැනි ස්ථාන වල තිබෙන අයිතම සදහා බොහෝ විට සහබාගි වෙමි. නරක දේ නරකයි කියමටත් හොද දේ හොදයි කීමටත් බිය විය යුතු නැත.

      ඔබ මෙහි සදහන් කර ඇති මගේ ලෝකය නමැති බ්ලොගය දුටුවිට මට රංග විසින් ලියු මගේ ලෝකය බ්ලොගය සිහිවී එම ලින්කුව ඔස්සේ ගොස් බැලුවෙමි. එනමුත් ඔබ සදහන් කර ඇති බ්ලොගය තනිකර ජරාවකි.

      Delete
    3. බොහොමත්ම ස්තූතියි අනෝ තුමා. මා ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හැකි පමන තහවුරු කරමි.
      එම නිසාමයි "මොඩරේශන් ඇස් වට්ටියේ" තිබී ඔබගේ අදහස අහුලා ගත්තේ.

      ඔබ සමහර විට ඔය කියන බ්ලොගය ඔබේ මානයෙන් සාර්ථක එකක් වී තිබීමට පුලුවන. මට ඊට ඔබට එදිරිව තර්ක නොකිරීමට කාරණා කිහිපයක් ඇත.

      1. මම කලණ ගේ "ලෝකය" විනා රංගගේ "ලෝකය" කියවා නැති වීම.
      2. බ්ලොග් ලියන බොහෝ අය ලියන රචනා වල අඩු වැඩි වශයෙන් හොඳ ලිපි හා නරක ලිපි තිබීම.
      3. එහෙත් ඒ ලිපි හොඳ හෝ නරක වන්නේ කියවන මාහට සාපේක්ෂව විනා එහි ගුණාගුණ මැන බැලීමට නිරපේක්ෂ ඒකකයක් නොමැති බව.
      4. බොහෝ කමෙන්ට්ස් වැටෙන, කියවන්නන් වැඩි, බොහෝ කාලයක සිට ලියන සමහර බ්ලොග් මගේ රසාඥ්ඥතාවයෙන් ගත් කල මෙලෝ රහක් නොමැති වීම.
      වැනි කාරණා කාරණා දැක්විය හැක.
      මෙය කලණගේ ලෝකයටද අදාලය. ඔහු ලියා ඇති පෝස්ටු බොහෝ ගනනක් වෙතත් මා අදහස් දක්වා ඇත්තේ ඉතා සීමිත ප්‍රමානයකට පමණි.

      ඔහුගේ පෝස්ටු ගත්තත් මට සාපේක්ෂව බොහෝ ඒවා කියවන්නේ වත් නැත. තවත් ටිකක් තරමක් කියවයි. තවත් ස්වල්පයක් මුළුමනින්ම කියවයි. අල්පයක් කියවා රස විඳිමි. දුරා වාරයේ එකෝම එකකට කමෙන්ටුවක් ලියමි.

      මෙය මාගේ බ්ලොගය පිළිබඳව වෙනත් පාඨකයෙකු හට පැවසිය හැකි ඉතා සාධාරණ වූ ප්‍රකාශයකි.(මීට ටික දිනකට පෙර එක් පාඨකයෙක් මා හට කියා තිබුනා මාහට රසාලිප්ත ලෙස ලියන්නට බැරි වගක්!)
      එහෙත් ඔබ තුමා වැනි පරිණත හා මාධ්‍යය පිළිබඳව නිරන්තර සංවාදයේ හා අධ්‍යනයේ යෙදෙන්නෙකු මාගේ පාඨකයෙකු වීම පිළිබඳව මා උදක්ම සතුටු වෙමි.

      මා කලණගේ "ලෝකය" උපුටා දැක්වූයේත් රංගගේ "ලෝකය" පිළිබඳව වර්ණනා මුඛයෙන් කතා නොකලේත් මා අත්ථුඃකණ්සනයක හා පරවම්භනයක යෙදෙනා බැවින් නොව; මා කලණගේ "ලෝකය" වෙත ලියන ලද මාගේ අදහස් සමුච්ඡය ගොනු කොට තැබිය යුතු හෙයින්ය.

      බොහොමත්ම ස්තූතියි.

      Delete
  4. Well, I have not read most of the posts you commented, hoping to read some of them.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔය මා සිතන, දකින හැටි!

      Delete
  5. අපේ තට්ට මහතා ගේ "අන් ඇකයේ සුවෙන් වෙසෙන මසිත උපන් මගෙ සිතුවිළි . . . . . . . . . 4" හෙඩිම දුටු විටම මට මතක් වූයේ ඔබතුමා මගේලෝකය01 බ්ලොග් අඩවියේ ඇතැම් ලිපි වලට දැක්වූ ප්රතිචාරය. කලාතුරකින් උවත් ගොඩඋනොත් එහි ඔබ ලියන දේ කියවන්නට මම එදත් අදත් ආසාකරමි. මමත් දරුවෙක් සිටින පියෙක් උවත් ඔබ තරම් පරිනත නැත. මට ඔබගෙන ඉගෙන ගන්නට බොහෝ දේ ඇති නිසා ය. පුරුද්දක් ලෙස වැඩිහිටියන්න්ට ගරු කරන්නටත් පිදියයුත්තන් පුදන්නටත් මගේ දෙමාපියෝ මට දුන් වටිනාම දායාද වලින් එකක් ය. මම අදත් ලියන කිසිම ප්‍රතිචාරයකදී අනෙකා අපහසු තාවයට පත්වන දේ නොකියන්නට වග බලාගන්නේ ද අනෙකාට කරන ගරු කිරීමක් වශයෙනි. විනය නැති තැන පැවැත්මක් නැතිය යන්න මම අදහන ඒක් ජීවන ධර්මතාවයකි .

    මහාචාර්ය නලීන් ද සිල්වා අපේ තාත්තා ගේ දීර්ග කාලීන මිතුරෙකි . එතුමා ලියූ "මගේලෝකය" පොත ගැන මම එතුමා වරෙක අපේ නිවසට පැමිණි විට විමසුවෙමි . මම බලාපොරොත්තු උන පිළිතුරට වඩා සරලව එතුමා දුන් පිළිතුර වූයේ "මගේ ලෝකය ගැන මම ලිව්වා එච්චරයි පුතා" කියා ය. "මොකද ඔය නමට පේටන් ඕනේ නෑ නේ" කියා සිනා සුනා අදටත් මට මතක ය. මහාචාර්ය නලීන් ද සිල්වා ගේ "මගේලෝකය" සහ මම ලියන "මගේලෝකය01" බ්ලොග් පඩංගුව මොකක්ද ? සමහර බ්ලොග් ලියන ලොකු පොරවල් ගැන අපේ හිච්චි බ්ලොග් පඩංගු ඇතුලේ කතා කරන්නට ගොස් ටිං කිරි ගාගන්නට ඇති අකමැත්ත නිසාම මම ඒ ගැන මීට වඩා නොකියන්නට සිතා ගත්තේය. එදා සුද්දා ගියේ රුවල් නැවක කියා මම එංගලන්තයට යන්නට රුවල් නැවක් තෝරා නොගන්නෙමි. පයිප්පයක් උරමින් , කොපි කෝප්පයක් බොමින් උදෑසන ඩේලිනිවුස් පත්තරය බලමින් උජාරුවට පැයගානක් ගල් අගුරු දුම්රියකින් නුවර යන්නටද අද මම කැමති නැත. ඇතැම් අය අද රවින්ද්‍ර මහත්මාගේ රංගන කුසලතාවයට සුදු හුණු පිරියම් කරද ඔවුන් ම රවින්ද්‍ර මහත්මා රංගනයට පිවිසි මුල් යුගයේ කළුතෙල් ගෑ අයම ය. ඉතින් සමහර අය ගැන මම පුදුම නොවෙමි.

    සමහර සමහර දේ කියන්නේ ඇතුලත කිසිවක් නොකියවාය . සමහරුන් ගේ අතුලත හිස් ය. සමහරු පත්තරමිලට ගන්නේ හෙඩ්ලයින් කියවාය. මේ සියලු දේ "Praසන්ன" මහත්මා කිව්වේ නම් මම පුදුම නොවෙමි . ඒමක් නිසාද යත් මම හිතන විදියට "මගේලෝකය01" සම්පුර්ණයෙන් ම කියවාඇත්තේ ඔහු වන බැවින් ය.

    තට්ට මහතා ඔබට බොහොම ස්තූතී !

    ReplyDelete
    Replies
    1. ඉතින් එහෙනම් කියවන්න පටන් ගන්න මගේ පිළිතුර.

      ඔබ මීට පෙරද පවසා ඇති පරිදි ඔබ පෝස්ටුවක් දැම්මාට පසුව මගේ කමෙන්ටුවක් එන තුරු බලා සිටිනා බව මා දනිමි.
      එය ඔබට පමනක් නොව සීයට අනූවක් බහුතරයකගේ විලාශයය.
      ඔබ මෑත භාගයේ ලියන සියල්ලම වාගේ මා කියවා ඇත. එහෙත් මා කොමෙන්ටුවක් දමමන්නේ මගේ ඇතුළු හදෙන්ම එයට අවශ්‍ය උත්තේජනය ලබෙනවානම් පමණි.

      ඔබ මගේ කමෙන්ටුවක් බලාපොරොත්තුව සිටීම; මා ලිවීමට හේතුවක් වී නොමැත. කමෙන්ටුව ලිවීමට මුල්වන්නේ ඔබේ කමෙන්ටුවේ රස භාව, හරය හෝ ඉන් උත්තේජනය වන මාගේ රස මතකයන්ය. පමිණ ගිය වග දැනෙන්නට අඩි සළකුණ පමනක් ඉතිරි කර නොයා පැල පදියම් වී කොමෙන්ටුවක් ලිවීම මාගේ සිරිතයි.
      මගේ "කමලාසනී","ඝෝටා- 2020", "කවුද ගොජා" වගේ සමහර ලිපි මාතලන්ගේ බ්ලොගයට මා දමූ කමෙන්ටුය.
      එහෙත් ඒවාට ඔහු දැක්වූ ඇල් මැරුණු පිළිතුරු නිසාම ඔහුට ලිවීම මා අත් හලෙමි! (මෙය මා ඔහුට කරණ චෝදනාවක් නොවන්නේය! ඒ උගේ හැටි - මේ මගේ හැටි ය!!)
      මන්ද අන් අයට කෙසේ වෙතත් මා; මට ලබෙන පිළිතුර හෝ වෙනයම් ප්‍රථිචාරයක් පිළිඹඳව අවදියෙන් වන්නෙමි.

      ළමයින් මිනිසුන් වන්නේ ආහාරය සඳහා පාන් කෑමෙන්ම නොවේ.
      ඔවුනට දෙමව්පිය ඔවදන්, ආශිර්වාද, ගුරු හරු කම්, මග පෙන් වීම්, උපක්‍රම, විධික්‍රම ආදී මෙකී නොකී බොහෝ කරුනු කාරණා ගුරු කොට ගෙනය. එසේම පාසලෙන්, ගුරු මව්පිය වරුන්ගෙන්, යාලු මිත්‍රාදීන්ගෙන්, වඩිහිටියන්ගෙන්,ගහ කොලින් සතා සීපාවාගෙන්, ගංගා ඇල දොළින්; උගෙන ගන්නා, උකහා ගන්නා, දැක බලා ගන්නා, බලා කියා ගන්නා, අනේක විධි කාරණා රාශියක් මත ඔහු වැඩෙයි.
      මෙවායේ වටිනාකම් හරයන් දකින්නේ අවම වශයෙන් එවන් අත් දැකීමක් ලත් නැතත් අසා දැක වත් ඇති අය පමණක්ය. ඔබ ලියා අති දේ නිවැරදිනම් ඔබ නිපදවී ඇත්තේ එවන් මොල්ඩයක් හෙවත් අච්චුවක් තුලය.

      ඔබ අද කියන තාක් මා ඔබගේ බ්ලොගය "මගේ ලෝකය" යන්නට පිටු පසින් 01 ක් තිබෙනු දැක නැත. සත්තකින්ම එයට පේටන්ට් බලපත්‍රයක් ගත නොහැක.
      එසේම එම නමින් මීට කලින් බ්ලොගයක් තිබුනා යැයි ඔබ නොදැන සිටින්නට අතැයි කියාද සිතමි. එය එසේ වූවත් නැතත් මා එහි මහා වරදක් නොදකිමි.
      මා මගේ පෝස්ටුව ඇරඹීමේදී කියනවා මෙන් රෝදය හොයා ගත්තු එකා ඒක කාටවත් පාවිච්චි කරණ්නට ඉඩ නොදුන්නා නම් ඌ මැරෙණ්නේ එයින්ය!

      ඒ කෙසේ වෙතත් ඔබ අතින් මගේ මතක මං පෙත අවදි කිරීමට, මගේ මතය අවිස්සීමට හැකි ලිපියක් ලියැවුනෝතින් එයට ලෝභ නැති කොමෙන්ටුවක් ලැබෙනු ඇත!
      එතෙක් ඔබ ලියන, පල කරණ දේ දැක දැකත් බිහිරකු සේ, අන්ධයෙකු සේ මා සිටියත් ඒ නොකියවාම නොවේ.
      ස්තූතියි!





      Delete
  6. කලවම් පලා මැල්ලුම් වල රහ දන්නේ ඒවා කාපු එවුන් විතරයි.. :)))))

    ++++++++++++++

    ReplyDelete
    Replies
    1. කොහෙද අත පය දිග ඇරලා කොමෙන්ටුවක් දාන්න පෝස්ට් එකක් ලිව්වානම් අපෙන් වෙඩි වාගේ කොමෙන්ටු!
      ඇත්තටම ඔබට කියන්න තියෙන්නෙ මට එහෙම කමෙන්ටුවක් දාන්න පෝස්ටුවක් මෑත භාගයේ ඔබගේ බ්ලොගය තුල නොදුටු බවයි.
      (මෙය චෝදනාවක් නොව කණගාටුවෙන් ලියන්නක්. මෙම කණගාටුව කොයි වගේද දන්නවාද? අර මාජ්ජ කාරයෝ ඌනවට වඩා පුම්බලා පුම්බලා උඩ ඇරලා; මැරෙණ්න කිට්ටුව බිමට බැහැගන්න බරි නිසාම නිර්මාණ නියංසායකට වැටුණු අමරදේව මහත්තයා දිහා බලා ඉන්න කොට දැනුනු දුකට කිට්ටුවෙන් යන එකක්! - මං හිතන්නේ හරියටම තේරෙණ්න ඇති!)
      ඉතින් ලියන්න සුපිරි ලිවීමක් පෙරදා සේ! නැවත්තත් ශපත කරණ්නම් දෙන්නම් වෙඩි වාගෙ කමෙන්ටුවක්! එළ!
      කලවම් පලා මලව ගන්න ඕනෙ කලවම් කර කර - කලවන් වෙන්න නොදී!? වෙනස දන්නා බව දනිමි!

      Delete

  7. දාලා නේද බොලේ...
    මගේ කතාවෙන් ඉලිප්පෙන සංවාද වල ගොඩක් දුරට ඔබත් ඉන්නවා. ඒකට බොහොම ස්තුතියි. මේ සංවාද වලින් තව සංවාද ඇතිවෙන්න මේ විදියට එකතුවක් විදියට දාන බ්ලොග් ලෝකේ ප්‍රථමයා සහ එකම කෙනා ඔබ වෙන්න ඕනේ. මොකද පුවත්පත්කලාවේ නම් තමන්ගේ තීරු ලිපි වගේ දේවල් එකතු කරලා පොත් විදියට පළකරනවා දැකලා ; අහලා තියෙන නිසා.

    අර රෝදේ කතාව නම් ටිකාරියක් විතර මතභේදාත්මකයි. රෝදය විතරක් නෙවෙයි, තවත් හුඟක් දේවල් පරම්පරාවකින් පරම්පරාවකට නොමිලේ ලැබෙන පරිසරයක් තිබ්බ නිසා තමයි මනුෂ්‍ය වර්ගයා දියුණුවට පත් උනේ. රෝදය රෝදයක් නොවී, කොටුවට පුරුදු උනා නම්, අපි ඒ ලැබෙන ඩක ඩොක බම්ප් එකත් ආසාවෙන් වැළඳගනී. සොයාගත්ත එකාට වඩා භුක්තියක් ඒ මත කරන අනෙකුත් නිර්මාණ වල අඩංගු වෙනවා. මොකද විදුලිය නැතිනම් මේවා ඔක්කොම නැති තත්වයක්නේ අපි දැන් ජිවත් වෙන්නේ. ( අදටත් දවල්ට උනත් කරන්ට් එක කැපුවාම මාර අපහසුයි. ඒ මොකවත් නිසා නෙවෙයි ඔක්සිජන් වගේ අපි ඒකට පුරුදු වෙලා!)

    මට දාපු කමෙන්ට්ස් ගැන නම් බොහොම ස්තුතියි. ඒ වගේම අනෙකුත් තැන්වලදී දක්වලා තියෙන අදහස් උනත් සිත්ගන්නාසුලුයි. ඒ ඔක්කොමත් හරි, අර ගඟේ යාම නම් සෑහෙන දුරට මුලාකරනසුළුයි !

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම මෙය යම් විදියක වවාගෙන කෑමක්! කියන එක නොවෙයි නේද ඔය අයිසිං එකට යටින් තියෙන්නේ? මට ලියා තබන්න අතීතයක් තියෙන කෙනෙක්. ඒක රසවත්ද නතිද කියන එක නම් ප්‍රශ්ණයක් තමයි. ඒත් "නව නළු රස" කියන කණ්නාඩිය දාලා බැළුවාම නම් ඒ හැම අවස්ථාවකින්ම කිසියම් රසාස්වාදයක් ඇතිවීම වැලැක්විය නොහැකියි. (මොකද පිළිකුල් රසය කියලාත් එකක් තියෙනවානේ!?) අද මගේ අත පය හතර කැඩිලා එක් තැන් උනත් තවත් අවුරුදු 5ක්- 10ක් ලියා තබන්නට රස මතක මා සමග! ඒවා හක්බෙල්ලාවක පවුලේ සුසානභූමියේ කාටත් හොර රහසේ වැළලී නොයෑමටයි මේ ලියන්නේ.සමහර විටදී ඒවා පලවෙන්නේ මගේ පෝස්ටු ලෙස. නතිනම් කමෙන්ටුවක් ලෙසින්!

      රෝදය කිසි ලෙසකින් මතබේධාත්මක කර ගන්න එපා! මුල්ම කාලෙ හදපු රෝද "ඩොක ඩොක " ගාමින් බම්ප් වෙවී තමයි ගියේ. ඒත් කාලයක් මෙහෙම බලංගොඩ ඉඳන් පිටකොටුවට ඇවිත් ඇවිත් යනකොට (මං මේ කියන්නේ බලංගොඩ මානවයා ගැන!) රෝදෙ බිම ඇතිල්ලිලාම ටිකින් ටික රවුං වෙලා. මං මේ කියන කාලෙ තාර දාලා තිබුනේ අවිස්සාවේල්ල පහු කරලා ගැට හැත්තේ; ලොරි නවත්වන සුදු අයියගෙ කඩේ ළඟට විතරයි!

      කිසිම මවා පෑමක්. පොකට් ගැහිල්ලක්, මාටියා ගැහිල්ලක්, ඇන්දිල්ලක්, වංචාවක්, හොරකමක්, සුරාවක් සූදුවක් නෑ! අනිවා ලබන සඳුදා උදේ 10.00 වෙන කොට ආයෙ දෙකක් නෑ ගඟේ, ගඟේම තමයි!

      Delete
    2. "ශිනාවෙන් ඕ... කතාවෙන් බේ මනින්නට මිනිශා......." කියලා බෙග් මාස්ටර් කීවාට; ටිකට ගත්ත වුන්ව ගඟ දිගේ කළුතරට; ගෙනියනවාමය!

      Delete
    3. රෝදේ එහෙම රවුම් උන එක අතිශය භයංකර තත්වයක් වෙන්න ඇති නේ! මොකද බ්‍රේක් එක ඒ වෙනකොට සොයාගෙන නෑනේ!!

      වවාගෙන කෑමක්ම තමයි... මොකද අපි මේ හිතාගෙන , බලාගෙන, පොප් කෝන් ලං කරගෙන බලාගෙන ඉන්නවා ගඟේ යයි, හප්පෝ එයි, මැප් එක වතුරට වැටෙයි, ඇනොපිලිස්ට හෙම්බිරිස්සාව හැදෙයි, තෙෂා කොක්කු ගෙනියයි වගේ ත්‍රාසජනක දේවල් කියවන්න. ඒ අස්සේ මෙයා අපිව 'අර බලන්න සඳ' වගේ පෝස්ටු දාලා මුලා කරනවා. ඒකත් හරි කියමුකෝ... මේ කමෙන්ට්ස් වැටිලා තියෙන්නේ එතරම් ප්‍රමිතියක් නැති බ්ලොග් වල කියලාත් ඇනෝ තුමෙකුත් කියල තියෙන එකේ, පොඩ්ඩක් ප්‍රබුද්ධ ඒවටත් ලියන්න මිට පස්සේ..

      Delete
    4. රෝදෙ මුළින්ම හැදුවේ හතරැහැට! බළංගොඩ ඉඳන් හැමදාම උදේට පිට කොටුවට මාළු ගන්න එන්න ගිහින් තමයි (බළංගොඩ මානවයා) තාර පාරටම ගෙවිලා ඔය රෝදෙ රවුං වෙලා තියෙන්නේ.
      මං ඔය කියන කාලෙ තාර දාලා තිබිලා තියෙන්නේ ගැටහැත්තෙ ලොරි නවත්තන සුදු අයියගෙ කඩේ ගාවට විතරයි!

      සත්තයි මේ කියන්නේ ගල් පැලෙන ඇත්ත. එන සතියේ ගඟට බහිනවා; බහිනවාම මයි!

      මම ප්‍රබුද්ධ ඒවා බැලුවා. ඒවට ලියන්න මම ප්‍රබුද්ධ මදි!

      Delete
    5. ලිඛිතා (මිසී) ඔයත් මාර කතානේ කියන්නේ.මම මේක පොඩ්ඩක් විතර මෙව්වා කොරලා කියන්නං.

      රෝදය රෝදයක් නොවී, කොටුවට පුරුදු උනා නම්, ඒ කොහොම උනත් කොටුවට පුරුදු වෙලා කොටු පයින අයත් ඉන්නවනේ මිසී . නැද්ද මං කියන්නේ. ඉතින් ඒ ගොල්ලෝ ඒ ලැබෙන ඩක ඩොක බම්ප් එකත් ආසාවෙන් වැළඳගනී. එග්සෑක්ට්ලි. හරියටම හරි. සොයාගත්ත එකාට,( ඒ කියන්නේ ලයිසොන් ගත්ත , අර පැටන්ට් කියන්නේ) වඩා භුක්තියක් ඒ මත කරන අනෙකුත් නිර්මාණ වල අඩංගු වෙනවා. පිස්සු ඩබල් වෙනව මිසී.(අමනාප වෙන්ඩ එපා කවටකන් කෙරුවට)

      ජයවේවා!
      Myself Hattor

      Delete
  8. ඔබගේ මෙම ලිපිය කියවා බලා, මගේ කවියක් ගැන ඔබ සඳහන් කිරීම පිලිබඳ මම කුඩා දැරියක් සේ සතුටු වුණෙමි... නමුත් මෙම පතරංග කමෙන්ට් අස්සේ මං කුමක් පල කරන්න දැයි නිනව් නැති විය.. ඇත්තටම මං තෝරාගත් බ්ලොග් පමණක් කියවන අතර, අතරින් පතර ඉඩ ලැබෙන වෙලාවල්හීදී අනෙක් බ්ලොග් කියවන්නෙක්මී.. මගේ බ්ලොගයට ලොකුවට කොමෙන්ට් නොවීම පිලිබඳ මං ඉස්සර හිත දුකින් හිටියත් පසුව, මගේ බ්ලොගය පටන් ගත්තේ මගේ සතුටට විණා අනෙකුන් වෙනුවෙන් නොවන බැවින් ඒ පිලිබඳ නොතැකුවෙමි.. එම නිසා අද වන විට, හොඳ, නරක, තෘප්තිමත් , ඒ වගෙම අතෘප්තිමත් කවි, කතා, විකාර ලිපි අධික ප්‍රමාණයක් සහිත බ්ලොග් හිමියෙක් වීම සතුටට කරුණකි...


    බ්ලොග් ලෝකයේ ස්වර්ණමය යුගයක් තිබේ නම් ඒ 2009-2013 වගේ වකවානුය ඒවල තිබෙන කවි, කතා, ලිපි ඉතා මනරම් වනවා වගේම කොමෙන්ට්ටුද ඉතාම විශාල ප්‍රමාණයකි... ඒවා වත්මන් බ්ලොග් වලට හිතාගන්නවත් නොහැකි ප්‍රමාණයකි.

    කෙසේ නමුත් කවුරුන් හෝ මගේ කවියක්, කතාවක් පිලිබඳ වැරද්දක් හෝ, හොඳක් හෝ, ඕනෑම අදහසක් පවසනවා නම්, ඒ ගැන මම ඉතාම සතුටින්මි... ඉතින් ඔබට ස්තූතියි....

    ReplyDelete
    Replies
    1. මමද බ්ලොග් කියවන්නේ උඩින් පල්ලෙන්මය. කොහොමත් මා; හාවා හඳ දකින්නාසේ; මිළදී ගත්ත එකෙකුගෙන් ඉල්ලාගෙන ආ පොතක් වුවත් කියවන්නේ උඩින් පල්ලෙන්මය. එහි රසාලිප්ත තන් පමණක් ගිලී කිමිදී කියවමි.

      මා ඉඳ හිට කයියක් දෙකක් ලිව්වාට මට කයි අරහං ය! ඒත් ඉඳ හිටලා "වදින" එකක් දැක්කොත් පන්නලාම කියවන්නෙමි. දුමී, සොඳුරු සඳවතී, ලිඛිතා,අරූ නම් ඔබ වැනි අතලොස්සකගේ බ්ලොගයට හොස්ස පොවමි. ඒ රසාලිප්ත යමක් වෙත්දයි බැලීමටය. එහිදී කිසියම් "වදින" එකක් තිබුනොත් එය කියවමි. ඉතිරිය මා මීට උඩින් කලණට කී දේමය! (තව ටිකෙන් අමතක වෙලාම යනවා - කළ්‍යාණමිත්‍රගේ කවි කොමෙන්ටුද එළම එළය!)

      සියළුම මාධ්‍ය වල මෙවන් උච්චා වචනයන් සිදුවේ. මෙයට හොඳම උදාහරණය වන්නේ "ගුවන් විදුලිය" ය! හැත්තෑව දශකයේ මුදල් ගෙවා ලයිසොමක් අරණ් රේඩියෝ අහපු අපිට දැන් රේඩියෝ අහනවට උන් තරගෙට සල්ලි විසික් කරයි! හිරු ඇහැව්වොත් සල්ලි තමාය!

      කාලය ගෙවීයයි! විවිධ දේ එයි යයි! එහෙත් මේ අප ලියන කියන දේ අවකාශයේ නැතත් "පෙනයක" හරි ඉතුරු වෙයි.
      පතරාංග කොමෙන්ටු සඳහා රසාලිප්ත හරවත් පෝස්ටු දමන්න!
      (මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි!)

      Delete
    2. නොකියවීම කමෙන්ට් කිරීමට බාධාවක් නොවේ

      Delete
    3. එකෙන්ම,එහෙව් පරිණත බ්ලොග් මමත් දුටිමි.

      Delete
  9. The Kopi (ne ganga dige) ko yako. Kayak deke hulang behelada?

    Wilson mama wage bath kanawada? Sudu Andagena kalu awiden balanwada?

    ReplyDelete
    Replies
    1. ප්‍රිය මහත්මානෙනි,

      මටනම් හෙම්බිරිස්සාව ! ඔබටත් එසේම වේවා!!

      මේදිනවල පවතින අධික වර්ෂා පතනය හේතුකොටගෙන ගංගා ඇල දොළ ජලාශ සාගර ආදී මෙකී නොකී කිසිදු ස්ථානයකට බැසීම. ස්නානය, පිහිනීම, කිමිදීම, ඔරු පැදීම, මාලු බෑම, රැවුළ බෑම ඇතුළු කිසිදු ජලජ කටයුත්තක නොයෙදෙන ලෙස නියෝගයක් ලබී ඇත. එනිසා වැස්ස තරමක් තුරල් වනතුරු කෝපි කෝප්පයක් බී සුදු ඇඳගෙන කළු ඇවිදින් බලාගෙන සිටිමි.


      මෙයට හිතාදර තට්ටයා.

      Delete
  10. පෝස්ටුව දැමූ ඔබට දෙපාරක් ස්තුතිවන්ත වෙනවා. එක; පොස්ට් එකට. දෙක; මෙච්චර සවිස්තර කමෙන්ට්ස් දාන්න අනෙක් අයව උත්තේජනය කළාට!

    ReplyDelete
    Replies
    1. මම බ්ලොග් පකීර් කෙනෙක් නොවන්නෙමි! එසේම බ්ලොගය සොයාගත්තේද මම නොවෙමි. ඒත් කොමෙන්ටු ගැන මට හැඟෙන දැනෙන දේ කෙටියෙන්ම ලියන්නම් මෙහෙම. පෝස්ටුව යනු ක්ටු තොරණකි!එය පූර්ණ තොරණක් වන්නේ සාරවත් කොමෙන්ටු තුලිනි.

      ඒ ඒ බනිස් වලට ගැලපෙන කෙහෙල් ගෙඩි සපයා කෑම වේල රසවත් කිරීම කොමෙන්ටුව ලියන්නාට අයත් කට යුත්තකි.

      කිරිබතට ලුණුමිරිසද, ටී බනිසට ඇඹුල් කෙහෙල් ගෙඩියද, කොස් කූරු ගෑමට ජාඩි හොද්දද නැගලාම යයි.

      ස්තූතියි බොහොමත්ම!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...