Monday, June 3, 2019

141. කළු ගඟ දිගේ . . . . . 6

පොලුයි - දෙලුයි !
බල මාළුයි!!

රාත්‍රිය මුළුල්ලේ නිදි වර්ජිතවත් නිසි පමණක් නොව කිසි අහරක් නැතිව; ගඟක ඉවුරක; පරිසරයට නිරාවරණයව සිටි අයෙකු හට සීනි සම්බෝල පාන් එකක් සමග බිත්තර පාන් එකක් පමනක් යනු ගිරුවා පත්තුව මැදින් කෝඳුරුවෙක් ගියා වැනි දෙයකි.
තවත් ලිහිල් කර ලියනවා නම් වික්ටෝරියා පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වැනි නොදැනී යන කාරණයකි.

උදේ තේ බීම පුරුදුවූ අයෙකු හට හිස් බඩ කිසිදු ක්‍රියා කාරකමක් කිරීමට හිත දෙන්නේ නැති බව මා ඉවෙන් මෙන් දනිමි. ඇත්තෙන්ම මමත් එම කුලකයේ තවත් එක් අවයවයකි.
උදේ තේ එක සමග කිසියම් පැණි රසක් කන්නට මා කලක සිට පුරුදු වී ඇත්තෙමි. මේ පැණි රස කෑමට බොහෝ විට ගොදුරු වන්නේ ඉඟුරු විස්කෝතු කිහිපයකි!

පසිඳු සමග හක්බෙල්ලවක ගතකල සමහර උදෑසනයන් හීදී; මාගේ සොයා ගැනීමක් යැයි මා සළකන නෙස්ටොමොල්ට් යොදන ලද කෝපි කෝප්පයේ; තැටි පාන් අඩිය පොඟවා ගෙන කන්නට පුරුදු වූවේ පසිඳු ගෙන්මය!
පාන්; ජෑම් + බටර් + මාමයිට්  ගාගෙන කෑම පුරුදු වූවේ තවත් මගේ ලඟම ඥාතියෙකුවූ රොමේන් අයියා ගෙනි.

අතෙකින් සිතියමකි අතෙකින් ගෙන     බනිස
මරණ තුනක් පෙන්නයි තම  දත්          දෙතිස

කෙසේ වෙතත් ඇනෝ එතරම් කෑමට පැන්නූ අයෙක් නොවීය! ඒත් එය කණ්ඩායමේ කිසිවෙකුට අඩු පාඩුවක් සේ නොදැනෙන්නට මමත් පසිඳුත් හැකි උපරිමයෙන් කටයුතු  කලෙමු.
අපි යන විට කයාක දෙක  හරවා ඒවා මතුපිට එක් එක් කයාකය මත ගෙනයන දෑ බෙදා හැර තිබුණි.



පුරුදු පරිදි මම; වඩා බරසාර ෆයිබර් කයාකය තෝරා ගත්තෙමු. එසේම  කෝඩුකාර ඇනෝව මම මගේ කයාකයේ ඉදිරිපසට නංවා ගන්නට සිතා ගත්තෙමි.
ඒ ඔහුට අමතර ආරක්ෂාවක් දෙන අටියෙනි.  මෙම ආරක්ෂාව යන වචනයේ අර්ථ දෙකක් ගැබ්වී පවතී.

ඉන් පලමු වැන්න එම කයාකයේ ඇති සුවිශේෂී ස්ථායිතාවය ය. දෙවැන්න හදිසි අවස්ථාවකදී පෞද්ගලිකව මා හට කල හැකි මැදිහත්වීමය.

මා සම්බන්ධවන ඕනෑම ක්‍රියාකාර කමකදී බොහෝ විට මා පෙරමුණේ රාළ වෙමි. මන්ද අනෙකෙකු වෙත සිදුවන අනතුරක් නිවෙසියනට දන්වන්නට සිදුවීමට වඩා මරණය වාසනාවන්ත බැවින්ය.

බොහෝ විට මාහට හමුවන සියල්ලෝ මට වඩා වයසින් අඩු අය වෙති. එසේම ඔවුන් පැමිණෙන්නේ මාවෙත තබන මහත්වූ විශ්වාසය කරණ කොට ගෙන යැයි මා සිතමි. එහෙයින් ඔවුන්ගේ ජීවිත මත මා ලංසු තබන්නේ නැත.

වසික පමණක් නොව මාගේ දියණිය පවා තම මිතුරියක සමග මහ පාරේ ඇවිද යන විට ඇයව රැගෙන යන්නේ වඩාත් ආරක්ෂාකාරී ලෙස මාර්ගයට විරුද්ධ දෙසිනි.
මා ඔවුන් හට ආරක්ෂාව සැපයූ අයුරිණ් ඔවුන් ඔවුන්ගේ ළබැඳියනට ආරක්ෂාව සපයමින්ය!
මා කිසි දිනෙක ඔවුන්ව කුමන හදිසි අවස්ථාවකදීවත් පදික මාරුවකින් හැර වෙනයම් තැනකින් පාර පන්නවා නැත.
තවත් කාලයකින් ඔවුන්ද ඔවුන්ගේ දුවා දරුවනට එසේ ආදර්ශමත් වනු ඇත!

බයිසිකල් ගමන් වලදී ඉදිරියෙන් පදින්නේද ගඟාවන් දිගේ යන ගමන් වලදී හමුවන රැපිඩ් හෙවත් ඇලි තරණයේදී පළමුව එයට මුහුණ දෙන්නේද මාය.
ඒ මා තුල ඇති සුවිශේෂී හැකියාවක් හෝ නිර්භීත භාවයක් නිසා නොව කණ්ඩායම හැකි අවම අවදානමකට ලක් වනු පිණිසය!
මේ පිළිබඳව විවිධ අර්ථ කතනයන් දැක්විය හැක.

1. නායකත්වය පළමුව අනතුරකට ලක් වීමෙන් මුළු මහත් කණ්ඩායමම අනතුරේ වැටීමට මග පෑදෙනවා නොවේද?

2. අවිනිශ්චිත අවදනම් සහගත අවස්ථාවකදී; පළමුව වඩාත් ජේෂ්ඨ සාමාජිකයා එයට මුහුණදී එහි ස්වභාවය තෙරුම් ගන්නවා විනා වෙනත් සාමාජිකයෙකු ඒ වෙත යොමු කිරීමෙන් තත්වය වඩාත් බරපතල විය හැකි නොවේද?

මෙහිදී මා තෝරා ගන්නේ දෙවන පිළිවෙලයි.



ලංකාවේ අංක එකේ කිමිදුම් සමාගම වන මාස්ටර් ඩයිවර්ස් ආයතනය වෙතට ලැබෙන වඩාත් භාරදූර කටයුතු වලදී; එයට උර දෙන්නේ එහි සභාපති තැන්පත් ආරියශීල වික්‍රමනායක මහතා බව මා අසා ඇත.

වරක් මහවැළි ගඟ හා සම්බන්ධ එක් වාරි ගේට්ටුවක් (මාගේ මතකය නිවැරදි නම් පොල්ගොල්ල) සිරවී තිබුනු අවස්ථාවක, එසේම බෝවතැන්න උමග හා සම්බන්න්ධ කිමිදුම් කටයුතු වලදී දියට බැස්සේ එතුමාමය!
මෙය කියවන අය අතර; මේ ගැන මට වඩා දන්නා වෙතොත් අය මාවත් මෙම පෝස්ටුවත් නිවැරදි කරත්වා.

කෙසේ වෙතත් ඔහුට මගේ උත්තමාචාරය!


මම මේ ලියන්නේ 30/05/2019 දහවල් 12.24 ටය. ඉහත ආරියසීල වික්‍රමනායකයන්ගේ වික්‍රමය මෙසේ සිල්ලරට ලියා අත පිසදා ගෙන  හිත හදා ගැනීමට මාහට නොහැක. මා ‍You Tube හි මේ ගැන සොයා බැලූවද කිසිම ආරංචියක් සොයා ගැනීමට නොහැකිවිය.

පසුව මා අන්තර්ජාලයෙන් මාස්ටර් ඩයිවර්ස් ආයතනයේ දූරකථන අංකය සොයා එය ඇමතීමි.

"හෙලෝ මාස්ටර් ඩයිවර්ස් . . . . . !?" එහා ඉමෙන් මිහිරි හඬක් නැගිනි.

"හෙලෝ මිස් මට ආරියසීල මහත්තයාගැන පොඩි විස්තරයක් දැන ගන්නට ඕනෙ  !"

"පොඩ්ඩක් ඉන්න මම මේක සර් ගේ සෙකට්‍රිට දාන්නම් . . . . !" ඊළඟ මිනිත්තුවේදී තවත් සුන්දර හඬක් අවදි විය . . . . .  !

"හෙලෝ . . . . . !?"

"හෙලෝ මිස්, මට අරියසීල මහත්තයා ගැන පොඩි විස්තරයක් දැන ගන්න ඕනෙ. . . .අර මහවැළියේ ගේට් එකක් හිරවුනු වෙලාවෙ . . . . . . !?!?!?"

"ආ වික්ටෝරියා නේද? ඒ ගැන සියළුම විස්තර තියෙනවා සර් ගෙ "කෙම්බිමට ගමනක්" පොතේ. . . !"

"මට පොතනම් හොයා ගන්න බැරි උනා . . . පොඩ්ඩක් කතා කරණ්න ලැබුනොත් ඒක ලොකු දෙයක් . . . . "

" . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ."

" . .  . . . . . . . . . . . . . . . . . . . . ."

"හරි මම වෙලාවක් වෙන් කරලා දෙන්නම්. 2.00 වෙන කොට මෙතනට එන්නකෝ  "

හරියටම 1.36 වන විට මම මාස්ටර් ඩයිවර්ස් ප්‍රධාන කාර්‍යාලයට ගියෙමි. තවත් පැය භාගයකින් පමන ආරියසීල වික්‍රමනායක මහතාගේ ලේකම්වරිය පැමිණ මාහට එතුමාගේ චරිතාපදානය වන "කෙම්බිමට ගමනක්" ග්‍රන්ථයේ පිටපතක් ගෙනත් දුන්නේ "මේකෙ ඔයාට ඕන විස්තරේ තියෙනවා කියවන්නකෝ . . . !" කියාය.

එම පොතේපලමු පරිච්ඡෙදයේ දැක්වෙන්නේ මා පෙර සඳහන් කල පුරාවෘථය ය. මා එය  මෙහි පෙලගස්වන්නම් තරමක සංස්කරණයකින් යුතුව.

හඹා ආ මග . . . !

1. වන පරිච්ඡේදය - එදින ඔහු එතැන සිටියේය

ලංකාද්වීපය පුරා තද වැසි ඇද වැටෙමින් තිබිණි.

රට මධ්‍යයේ පිහිටි උස් කඳු මුදුන් දෝවමින් පහතට ඇදෙන මහා දියවර දරාගත් මහවැලි ගංගාවද සැඩ රළ නංවමින් පෙරට ගලා ගියේය.

ඒ 1984 වසරේ ජුලි මාසයයි.වසර හයකට පසු මහවැලි ගඟේ ඉහළම ජල මට්ටමක වාර්තා වූ අවස්ථාව එය වූ අතර  රටේ ප්‍රදේශ රැසක් ඒ වන විට ගංවතුර උවදුරට ගොදුරු වී තිබිණි.

සිව් වසරකට පෙර මහවැලි ගඟට හුළු ගඟ එක්වන ස්ථානයට නුදුරිණ් තිබුනු දිය ඇල්ල වෙනුවට වික්ටෝරියා වේල්ල ඉඳිවී තිබුනි.

 මෙම වර්ෂාව සමග එම වේල්ලේ නිර්මාපකයෝ නොසන්සුන් වූහ. අපේක්ෂිත් ජල ප්‍රමාණය මෙන් දෙගුණයක් ජලය වෙල්ලෙන් උත්පාදිත ජලාශයේ එක්වෙමින් තිබුනි.

ජලාශය වේගයෙන් පිරී යන ආකාරය 
1984 ජුලි 25 සන්ඩේ ඔබ්සරවර් වාර්ථාකරු ලියා දක්වා තිබූ අයුරු . . !

ඒ අතරම මේ ජලය පිට කිරීම සඳහා වේල්ලේ පත්ලේ ඉඳිකර තිබුනු; දොඹකරයක ආධාරයෙන් කොන්ක්‍රීට් පීල්ලක් ඔස්සේ  ඉහළට ඔසවන  හා පහතට හෙලන දොරටුව හදිසියේ ක්‍රියා විරහිතව තිබීම නිසා තත්වය වඩාත් නරක අතට හැරෙමින් විය.

ජුලි මැද වන විට වේල්ලේ අඩි 250 ක උසකට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් පිරී තිබුනි.

දැවැන්ත වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව ඝන මීටර හැත්තෑ දෙකෝටි අසූ ලක්ෂයකි!

මෙය පරාක්‍රම සමුද්‍රය, කලා වැව හා නුවර වැව යන යෝධ  වැව් තුනේම ජල කඳටත් වඩා විශාල ධාරිතාවකි!

වික්ටෝරියා සතුටින් ඉපිල . . . . . !

වහා යෙදිය යුතු පිළියම වූයේ කෙසේ හෝ ජලාශය පත්ලට කිමිදී පත්ලේ අති දොරටුව විවෘථ කිරීමය! අවසානයේ මෙම අභියෝගය මහවැලි අමාත්‍යංශයෙන් ඉදිරිපත් වන්නේ එවකට තිස්පස් වියේ සිටි ආරිය සීල වික්‍රමනායක වෙතටය.
බොහෝ අයගේ විරෝධතා පසෙක ලා; මහ වැසි අතරේ ඇවැසි ආම්පන්න වාහන දෙක තුනක පටවා ගත් ආරියසීල තම සොහොයුරු රුවන් සමගින් විටෝරියා වැඩබිම වෙත ගියේය.

කිමිදුම් කරුවෙකු සාමාන්‍ය ක්‍රමවේධ ඔස්සේ ප්‍රායෝගිකව කිමිදෙන උපරිම දුර අඩි 180 කට වැඩි නොවේ. වික්ටෝරියාව පිහිටියේ මුහුදු මට්ටමෙන් මීටර 417 ක් උසිනි.

මුහුදු මට්ටමෙන් ඉහල යත්ම යත්ම වායුගෝලීය පීඩනය අඩුවන බැවින් කිමිදිය හැකි ගැඹුර තව තවත් අඩුවේ. ඒ නිසාම මෙම දෙශගුනික සාධක මැද අඩි 250 ක් කිමිදීම මුහුදු මට්ටමේ අඩි 350 ක් කිමිදීම හා සමානවේ.

"ඒ විතරද? ඒ පරිසරයේ උෂ්නත්වය අඩුයි. වතුරේ පතුලට යනකොට හොඳටම සීතලයි.
රොන්මඩ නිසා ගං වතුර සම්පූර්ණයෙන්ම බොර පාටයි. අඩි කීපයක් පහලට ගියාම සීයට සීයක්ම කළුවරයි.
ගංවතුරට ගසාගෙන ආ බොහෝ දේ නිසා විය හැකි අනතුරු ගැන කියන්නට බෑ.
ඔය සේරම බේරගෙන පතුලට ගියත් තියෙන ලොකුම ප්‍රශ්නෙ මේ යෝධ දොරටුවේ දෝෂය හඳුනාගැනීම. ඒ
වැඩේට ජලාශය පතුලේ ගත කරණ්න පුළුවන් උපරිම වෙලාව විනාඩි 7 යි!
ඒ වෙලාව පැන්නොත් මැරෙන්න පවා ඉඩ තියෙනවා.
ඒ වගේම එක දවසකට කිමිදෙන්න පුළුවන් එක වතාවක් විතරයි.
ජල පීඩනය නිසා රුධිරයේ දියවන වාතය ටිකෙන් ටික ඉවත් වන්නට දවසක විතර කාලයක් යනවා. ඒ නිසා එක සැරේකට වඩා කිමිදෙන්න බෑ!"

එසේම ජලාශය පත්ලට සැනින් ලඟා විය හැකි වුවද අඩි 250 ක ගැඹුරක සිට මතුපිටට පැමිණීමට පැය 2 කට ආසන්න කාලයක් ගත කලයුතු වේ.

එක් එක් ගැඹුරු මට්ටමට පැමිණ නියමිත වේලාවක් එම ස්ථානයේ රැඳී සිටිමින් නොපැමිණියහොත් කිමිදුම් කරුවා මරණයට හෝන් සදාකාලික අංගවිකල තාවයට පත්විය හැක. ඒ නයිට්‍රජන් රුධිරයේ දියවී යන හෙයින්ය.


අභියොගය ඉස්මත්තේ - සතුට ගලයි සැම චිත්තේ
කිමිදීමට සූදානම්ව.  වම් කෙලවරේ ආරිය සීල

අදාල දිනයේ දිය යට සිට මතු පිටට සම්මත් සංඥා ලබාදෙන ලණුවක්; බෝට්ටුවක රැඳී සිටි තම සොහොයුරු රුවන් වෙත තිබියදී පිටෙහි රැඳවූ ඔක්සිජන් ටැංකියක් සහිතව මහා දිය කඳට පැන ආරියසීල නොපෙනී ගියේය!

"මම හිතුවා වගේම අඩි 10 යනකොට වතුර යට සීයට සීයක් කළුවරයි. කිසි දෙයක් පෙනෙන්නේ නෑ.
 හොඳටම සීතලයි. මම කළේ ආරක්ෂක ආවරණයක් විදියට එක් අතක් ඉස්සරහට කරගෙන, ඔළුව පහළට දාලා ඊතලයක් වගේ කෙළින්ම පතුලට යන එක. ඒකට විනාඩි තුනක් ගත වෙන්න ඇති."

ජලාශ පත්ලේ තිබුනු දොරටුව ක්‍රියා විරහිත වීමට හේතුව එහි ඉංජිනේරුවන් වූ යුරෝපියයන් නිගමනය කල හේතුව නොවීය.

දින තුනක් ඇතුලත තෙවතාවක් ආරියසීල වික්ටෝරියාව පතුලට ගොස්  පමිණියේය.

අවසන් වතාවේ කල කිමිදීමේදී එතෙක් විසන්ධිව තිබුනු දොඹකර කේබලය දොරටුවට සම්බන්ධ කිරීමට ඔහු සමත් විය!

ඉන් පසු ටොන් ගනනාවක් බරැති දොරටුව ඉහලට එසවුනු අතර වේල්ල බිඳී යාමේ අවදානම ක්‍රමක්‍රමයෙන් ඉවත් විය!

ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "වික්‍රමනායක" යෙකුවිය.

මා එම ඡේදය කියවා අවසන් වන්නට මත්තෙන් ඔහුගේ පෞද්ගලික ලේකම් වරිය මා ඇමතිමි.

'හරි! සර්ව හම්බෙන්න පුළුවන් යමු . . . . . . . !"

 තවත් විනාඩි ගනකින් මා ආරියසීල වික්‍රමනායක මහතා අභියස විය.

ගලිවරාණය . . !

අප එතුමාට සවන් දෙමු . . . . !"

https://www.youtube.com/watch?v=-OznXPOQ3Jw&feature=youtu.be

ඒ අපේ කාලයේ වීරයෙකුගේ යශෝරාවයයි.ඔහු ඉතා නිහතමාණී ධෛර්‍ය සම්පන්න මිනිසෙකි. එසේම ඔහුගේ නෙත් සඟල මහත් වූ තරුණ බවකින් දිළිසුනි. තවත් වසරකින් තම කිමිදුම් දිවියට වසර 50 ක් සපුරණ මේ මිනිසා යළිත් හෙට දවසේ වුවද වික්ටෝරියාවේ පතුලට බසින්නට හැකි ජවයකින් පිරිපුන් බවක් ඔහු කෙරෙණ් විද්‍යාමාන විය. සැබවින්ම ඔහු වීරයෙකි!

මේ ගැන තවත් පුවතක් මාහට මේ පෝස්ටුව දැම්මාටත් පසුව Youtube  යේ තිබී හමු වුනි. එයද හුදී ජන පහන් සංවේගය පිණිස මෙහි එල්ලමි. එය පුවතක් විනා ප්‍රකාශයක් නොවේ. එය ද අසා බලන්න. වෙනස වටහා ගන්න.



මේ මොහොතේ මට මෙවන්ම වූ තවත්  කථාවක් මතකයට එන්නේ නිරායාසයෙණි! අනේ; සමාවෙන්න එයත් මම මෙතනම ලියා තබන්නම් ඉතිහාසයට ඩිජිටල් මතකයක් ඇවැසි බැවින්.

මම මේ කථාව මුළුමණින්ම ලියන්නේ මතකයෙන්. ඒ නිසාම පොඩි පොඩි නිවැරදි කිරීම් තිබිය හැක. එහෙත් කථාවේ හරය සීයට සීයක්ම නිවැරදිය. මෙය වරක් "ලක්බිම" ඉරිදා සංග්‍රහයේ පවා ලියැවී තිබින.

එම ලිපියේ තොරතුරු සොයා ගැනීමට සුන්දර අයියා - සුන්දර නිහතමාණී ද මැල් ඇමතීමි. මන්ද එවකට ඔහු "ලක්බිමේ" ප්‍රධාන කතු වූ බැවින්. එහෙත් ඔහුට ලිපිය මතක තිබුනාට එහි අක් මුල් ගැන මතකයක් නොවීය! 


සියවස් ගනනාවක් බත සරි කල පින් කෙත . . !
මින්නේරි වැව.

මාගේ මතකය නිවැරදිනම් වසර 1957. මුළු මහත් ලංකාවේ විශාල වපසරියක් ගංවතුරෙන් යටවී ගිය වසරක් ලෙස එය පැරැණ්නෝ හඳුන්වති. ත්‍රිකුණාමලයට හා මඩකලපුවට දුම් රිය වෙන්වී යන ගල් ඔය හංදිය දුම් රිය නැවතුම් පලේ පවා; එදා 1957 දී ගංවතුර නැගි මට්ටම අදද දකින්නට හැකි අයුරින් දක්වා ඇත.

මුළු රජරටටම බලපෑ මෙම ගං වතුරිණ් වඩාත්ම තර්ජනයට ලක් වූවේ එහි වූ වැව් පද්ධතියය. 

මින්නේරිය වැව! ඔව් ක්‍රිස්තු වර්ෂ 286 දී මහසෙන් රජතුමා විසින් නිර්මිත වර්ග කිලෝමීටර 18.9 ක වපසරියකින් යුත් වැව් රාජිනියද මෙම ගංවතුරේ තර්ජනයට ලක්වී තිබුනි.

වැව උතුරා වාන් දමා පිටාර මට්ටම පසුකොට ගතවෙන හැම පැයකදීම ජල මට්ටම ඉහල නගිමින් විය.

හදිසියේ මෙම ගැබ්බර වූ වැවේ වැව් බැම්ම අනපෙක්ෂිත ස්ථානයකින් පුපුරා ගිය හොත් සිදුවන ජීවිත හානි ප්‍රමාණය දහස් ගනනකි.

අදමෙන් විදේශයන්හී සිට පාර්ලිමේන්තුවට වඩිනා මන්ත්‍රී බහිරවයන් නොව පොලොවේ පය ගසා සිටි සී පී ද සිල්වා මහතා පොලොන්නරුව ආසනයේ පාර්ලිමෙන්තු නියොජිතයා ලෙස වැව් බැම්ම අසලට පැමිණියේය. 

සී පී ද සිල්වා - අපේ ගරුතර තාත්තා කී පරිදි මෙතුමාටත් කිරි වීදුරුවකට දමා වස දුන්නේලු . . !

තවත් මොහොතකින් සිදුවිය හැකි විනාශයෙන් පලාතේ දුගී දුප්පත් මිනිසුන් බේරා ගැනීමට කලයුතු එකම පිළියම ලෙස  විශේෂිත; අවම හානියක් ගෙන දෙන ස්ථානයකින්; වැව් බැම්ම කපා ජලය ඉවතට යෑමට ඉඩ හැරිය යුතු බව වාරි ඉංජිනේරුවෝ සී පී ද සිල්වා මහතා හට පැවසීය.

වැව් බැම්ම කපා දැමීමට බුල්ඩෝසරයක් උවමනාය. එයද සොයා ගත හැක. 1953 වසරෙදී නැවත හාරා ගැඹුර කරණ ලද වැවේ වර්ග කිලෝමීටර 19 කට ආසන්න ප්‍රමාණයක පැතිරුණු අති මහත් ජලධාරිතාව වැව්බැම්ම කපා දැමීමත් සමග ක්ෂණයකින් ගලා යාමට පටන් ගනී. එම යෝධ ජල ප්‍රවාහයට අනිවාර්යයෙන්ම ගොදුරුවන ඩෝසරය හා එහි ක්‍රියා කරු සුනාමියකට හසුවූ ගිනි පෙට්ටියක් වී යනු ඇත. 

මිසරයේ ගීසාහී ලොව ලොකුම පිරමීඩය අක්කර 13 ක් වන විට මින්නේරිය වැව අක්කර 4670 කි. එහි වැව් බැම්ම මීටර 13 ක් උස වන අතර එහි දිග කිලෝමීටර 2 ක් වන අතර වතුර ගැලුම් බිලියන 20 ක ධාරිතාවයක් එහි ඇත! මේ කියන්නේ ලීටර නොව ගැලුම්ය. මෙය ලීටර කිරීමට 4.56 න් ගුණ කල යුතුය!

"කවුද මේ වැඩේ කරණ්නේ ? මේක කරණ මනුස්සයා අනිවාර්‍යයෙන්ම වතුර පාරට බිලි වෙනවා . . . . . . ! සී පී ද සිල්වා මහතා ඔබ මොබ බලමින් කල්පණා කරණ්නට විය. කොයි එකටත් මේ ඩෝසරේ වැඩකරණ මනුස්සයාව එක්කගෙන එනවාකො  !"

තවත් ස්වල්ප වේලාවකින් කුඩා මිනිසෙකු සී පීද සිල්වා මහතා ඉදිරියේ විය.

"පුතා උඹට තේරෙණවා නේද වැඩේ. උඹ මේ වැඩේ නොකලොත් මිනිස්සු දස් ගානකට උන් හිටිතැන නැතිවේවි. මිනිස්සු පොඩි ලමයි ගෑනු වයසක උන්දැලා දාස් ගානක් මැරිලා යයි. 
උඹ මේ කරණ්න යන්නේ ලොකු පිං කමක්. උඹ කොහොමහරි ඩෝසරේ වැව් බැම්මේ වැදෙද්දිම අහකට පැනලා ජීවිතේ බේරා ගැනීමට බලපං පුතා !" 
කඳුළු පිරි දෑසින් සිල්වා මහතා  එකම ගැලවුම් කරුවාට එක හුස්මට කියා ගෙන ගියේය.

කුඩා මිනිසාටද ඇඬුම් ආවේය!  "ඔව් මහත්තයෝ මම කරණ්නම් . . .! මම මරුණොත් මගේ පවුල ඔබ වහන්සේ දුකක් නොදී බලා ගන්න ඕනෑ . . . . ! කියා සී.පී ද සිල්වා මහතාගේ දෙපා වැඳ ඩෝසරයට ගොඩ විය.

ඩෝසරය මහත් හඬක් නගමින් පන ගැන්විය. කුඩා මිනිසා එය හොඳින් සැර දමමින් ජවය එක් කර ගත්තේය. එය යකඩ පෙරලෙන කටුක හඬ නංවමින් ඉදිරියට සෙමෙන් සෙමෙන් ඇදෙන්නට පටන් ගත්තේය.
. . . . . . .  . . . .  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .. ..  . 
. . . . . . .  . . . .  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .. ..  . 
. . . . . . .  . . . .  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .. ..  . 

විසල් යකඩ දම්වැල හෙවත් ට්‍රැක් මත දිවුනු ඩෝසරය කෙමෙන්  කෙමෙන් වේගය වැඩි කර ගනිමින් දිවැවිත්  සියවස් ගනනාවක් ඉපැරණි වැව් බැම්මට මරු පහරක් දුන්නේය.

ඩෝසරය වැව් බැම්මට වදීන්න ඔන්න මෙන්න තියා එතෙක් එය මෙහෙය වූ කුඩා මිනිසා ඉවතට පැන්නේය.

නිමේශයකි හෙන හඬ නවාගෙන වැව් බැම්ම බිඳී ගියේය. කුඩා මිනිසා හට තව දුරටත් ජීවත් වීමේ වාසනාව ලැබුනි.

ගං වතුර පහව ගිය පසු කැබැලිවී ගිය ඩෝසරය දියෙන් මතුවී තිබුනි!ජීවිතයේ අවසන් කාලය බොහෝ අසරනව මේ විරුවා සිටී බව මා අසා ඇත!

ඉතින් යලිත් අපේ කථාවට . . . . . . . . . !

කයාකයට ජීවිතාරක්ෂක කඹ, වෙන් කල පිහි, ජීවිතාරක්ෂක කබා, ජීවිතාරක්ෂක උපකරණය  (Bay watch type Life saving Can ), හෙල්මට් ආදිය වෙන කල පසු අපට ගෙන යෑමට ඇති පුද්ගලික දෑ වෙන් කර ගතිමු.

එයට, අපගේ ඇඳුම් කැඩුම් වලට අමතරව සිව් දෙනෙකුට සැහෙන කූඩාරමක් (Four Man Canopy). එක් අයෙකුට සෑහෙන කූඩාරමක් මූලික වශයෙන් අයත් විය.

(Four man tent එකකට අමතරව One man එකක් ගෙනියන්නේ අපගේ ඇඳුම් කැඩුම් හා ආහාර ආදිය ගබඩා කොට තැබීමටය. එයට හේතුව වන්නේ එකක් ඉඩ පසුව සඳහාය. අනෙක ආහාර ඉවට  පසුපස එන කූඹි ඇතුළු කෘමීන්ගේ සිට වලසුන් දක්වා සියළු සත්වයින් ගෙන් සිදුවිය හැකි අපල උපද්‍රවයන්ගෙන් ගැලවීමටය.)

"කළු ගඟේ . . 5" ට කොමෙන්ටුවක් සපයන කැන්ගරු දේශයේ  විජේභාහු මහතා; "ගලායන ගඟක් දිගේ යන්නට සිතියම් මොකටදැයි?" විමසයි.

 සත්තකින්ම ගොඩබිම මෙන් සැතපුම් කිලෝමීටර කනු, මගදිගට නගර ගම් දනව්, කඩ සාප්පු නැති ගඟක "මේ මොහොතේ අපි ඉන්නා ඉසව්ව!' සොයා ගනීමට සිතියමක් වැදගත් වේ.

පසු කරන ඇල මාර්ග, පාලම් විශාල වංගු යානාදියෙන් අප ඉන්නා ඉසව්ව ගන දළ අදහසක් ගොඩ නගා ගත හැකි වේ.

එසේම ගඟ ගලන මාර්ගයට සාපේක්ෂව ජනාවාස ඇති ඉසව්වද නිර්ණය කර ගැනීමට සිතියමකින් සිදුවන පිටු බලය අති මහත්ය.

මහවැළිය මෙන් නොව කළු ගඟ ගලන්නේ ජනාවාස සමීපයෙන්මය.

එනිසාම ආහාර ගෙන යෑමක් අප වෙතින් සිදු නොවීය.

ගඟ දිගේ ගමනේදී පසු කරණ අවන් හල් තේ කඩ පමනක් නොව වයින් ස්ටෝරු හෙවත් තැබෑරුම් පවා අප සිතියම මත සටහන් නොනැවතී වැඩි පරිස්සමට ලැමිනේට් කරගෙනද සිටියෙමු!

අප කයාකයක් දියත් කරණ්නට මත්තෙන් එහි ඇති කුඩා සිදුරු ඇතුලතින් කඹයක් යවා සකස් කර ගනී.
එම රැහැන් පට දෙක; කයාකය මත අපගෙ පාරිභෝගික ද්‍රව්‍ය තබා ගැට ගැසීමට ප්‍රයෝජන වත් වේ.
එසේම කයාකය මතට නැගීමේදී, කයාකය හැසිරවීමේ දී, ජීවිතාරක්ෂක කඹයක් කයාකයට සම්බන්ධ කිරීමේදී ප්‍රයෝජනවත් වේ.

කයාක දෙකටම රැහැන් යෙදූ පසු මා පුරුදු පරිදි පසිඳු ඇමතූ වෙමි.

"පසිඳු මල්ලී! දෙවියන්ට කොල අත්තක් එල්ලාපං . . .!"

"ආ ! මම එල්ලන්නං . . . " ඒ පසිඳු නොව තෙශාන්ත ය.

"හරි දෙන්නාම එල්ලපං! වැඩිවෙන්නෑ . . .! මා ඔවුන් දෙදෙනා අමතා කීවෙමි.

ඇත්තටම මේ කළු ගඟ දෑ  ඈ . . ?

කළුතරින් ගලන්නේ මේ ගඟමදැයි සිතෙන තරම්; අඩි 20 ක 25 ක පළලකින් ගඟ නිසොල්මන්ව තිබුණි.  
අප විසින් සකසා ගෙන ආ සිතියම් කට්ටල දෙක අතට ගෙන තරමක දළ අදහසක් ගඟ ගැන ගොඩනගා ගතිමු.

මා අත තිබූ ගෝ ප්‍රෝව ඇනෝ අතට පත් කලේ ඔහු වාර්ථා ගත "නිශ්ඵල" ඡායා රූප ශිල්පියෙකු ලෙස අටමා විසින් හඳුනා ගෙන තිබූ හෙයිනි. අප පිටත් වන්නට මොහොතක් තබා අපගේ ජන්ගමයන්ගේ තබා ගත් සක්කි සටහන් අමු අමුවේම වත් පොත් කරණය වූයේ තරුණයන් වෙතිනි.

දිය මතුපිට සිට අඟල කිහිපයක් හෝ නොපෙනෙන තරම් බොර පාට විය. කිසිදු ප්‍රාණියකු අසල ගැවසෙන බවක් නොපෙණුනි. වැලි තොටුපොළ අසල බෝට්ටු නැවත්වීමට මෙන් ජැටියක් සේ ලී හරස් කර තැනූ ගැටියක් විය. තවත් ලෙසකින් පවසනවානම් ඉවුර ගඟට හෝදා යෑම නවතා ලීමට කොට හරස් කොට උපක්‍රමයක් යොදා තිබුනි. 

එක් එක් ප්‍රමාණ්යේ සිරුරු වලට හිමිකම් කියන ලද අපට ගැලපෙන ප්‍රමාණවල ජීවිතාරක්ෂක කබා තිබුනේ කෙසේදැයි මට අදවත් සිතා ගත නොහැක.
වෙනදා මෙන් නොව අප සියළු දෙන හිස් ආවරණයන්ගෙන් ආරක්ෂා විමු.
වතාවත් සිදුකොට අවසානයේ මමද සමන් දෙවිඳු සිතින් නමැද ගඟට බසින්නට සැරසී අවසාන වචන කිහිපයට කට හඬ අවදි කලේය.

 ඒ වචන ටික කියන්නට තිබුනේ නැවුම් අත්දැකීමක් අභියස සිටි ඇනෝට පමණි. එහි සංෂිප්තය ගත හොත් "බය වෙන්න එපා මොනදේ උනත් කලබල නොවී ඉන්න! මැරෙණ්ණ දෙන්නේ නෑ!" යන්නය. ඔහු එම වචන මත තම මුළු හද පිරි විශ්වාසය තැබූ අයුරක් පෙනුනි.

 "ඔව් අපි යන්නයි හදන්නේ!" හදවතට දැනුම් දුන්නෙමි. 

සියල්ල අවසාන මොහොතේ යහපත් වෙමිනි. මෙම නිමේශය වෙන තෙක් තිබුනු බාධා  අපට මතක නැත. අළුත් දිනයක් අළුත් අත් දැකීමක් අළුත් බලා පොරොත්තුවක් සමගින් මා දියට බැස්සෙමි.

දැඩි ශීතලක් ඇතැයි මා උප කල්පණය කලද එවන් සිසිලසක් දියේ තිබුනේ නැත. ඇත්තෙන්ම තරමක උනුසුම් ස්වභාවයක් එහි විය. 
ඒ වන විට කාලය නිසාදෝ නො එසේනම් ස්ථානයේ ස්වභාවය නිසාදෝ මිනිස් පුළුටක් අහලක නොවීය. මා දියේ සිට පලමු කයාකය දියට බාගෙන හෙමින් සීරුවේ දියත් කලෙමි. 
එය අසල වූ ලී කූඤ්ඤයක ගැටගැසූ  පසු අනෙක් කයාකයද දියට ගත්තෙමි. මමත් සමග තෙශාන්ත හෝ පසිඳු දියෙහි සිටියා මතකය.

නමෝ විත්තියෙන් ඇනෝව කයාකයට ගොඩ කරගත් මා පුරුදු පරිදි කයාකයට නොදැනෙන සේ ඒ මතට පැන ගත්තෙමි. 

"අවුලක් නෑ. මේකෙ මහ ලොකු රටාවක් නෑ. මම පදින්න කියන පැත්තෙන් පැදහං. එපා කිව්වොත් නවත්තපං එච්චරයි. ඇල උනාට පෙරලෙන්නේ නෑ. වතුරට වැටුනත් ලයිෆ් ජැකට් එක හින්දා ගිලෙන්නේ නෑ !හරි එහෙනම් පදිමු!"

කුමන හේතුවකට හෝ අහේතුවකට පසිඳුත් තෙශාන්තත් පදින ලද කයාකය ගඟේ ඉහලට කෙටි දුරක් ගොස් වටයක් කර කැවී නියමිත දිශාවට හැරුණි.

සත්තකින්ම ගඟ ගලන්නේ කුමන දිශාවක සිට කුමන දිශාවකටදැයි සිතා ගත නොහැකි තරමට ගැලීම අතිශයින් මන්ද ගාමී විය.

ගඟට පිළිපන්න පළමු මොහොතේ පටන් හබල් ගැසීමට සිදු විය. 

"මල්ලි ෆොටෝ ටිකක ගනිං!" මම ඇනෝ අමතා කීය. 

ඡායා රූප ශිල්පය හා සම්බන්ධ සියළුම මෙව්ලම් හා ජංගම සියල්ල ඇනෝ ඉදිරියේ වූ හැච් එක් හෙවත් වල තුල වූ ඩ්‍රයි බෑගයේ ගබඩා කොට තිබුණි. එනිසා හදිසියේ ඡයා රූපයක් ගැනීම තබා කැමරාවක් ජන්ගමයක් මෑනීමටවත් නොහැකිවිය. එය විනාඩි 5ක 10ක ගෘහ කර්මාන්තයකි.

ඉර යාන්තමින් එබිකම් කරමින්ය. සැමදා සේම ජීවිතය පාවී යයි. අවශ්‍යම වෙනසක් ඇවැසි තැනක පමනක් හබලෙන් ගං දිය පිරිමදිමි. 
වඩාත්ම රුචි වන්නේ නිසොල්මනේ ගලා බසින්නටය. 
මග දිගට හමුවන දිය ඇලි ගල් පර අතුරිණ් සීරුවට ගමන් කල යුතුව ඇත. 
ඒ නොපෙනෙන සක් සුදක් දැකීමටය. 

ඒ හුනු පිරියම් කොට අහස් ගැබට විහිදී ගිය බලා පොරොත්තුවය.
                                                                                                                                                                                                         

බෝම අමාරුවෙන් , , හරියට බඩට කෑමක් බීමක් නැතිව . . . හරියමන් නින්දක් නැතිව . . . . යාන්තම් විළි වහ ගන්න ඉනට වස්තරයක් විතරක් තිබී අල්ලපු පොටෝ ටික . . !

ගං දෑල දෙපසම
කෑල මල් පිපි ඕසෙට

කොමල කළු ගඟ
සිඹිමි ඔබ ගෙන දෑතට

හද ඉතින් ඉවසන්න

බාරවෙන්නම් මම - කළුතරට !



39 comments:

  1. එල, ඩයිවින්ග් කරනකොට බය හිතෙනවද තට්ටයෝ....? නහයට වතුර යයි කියල මාස්ක් එකෙන්... බියගම ජයරත්න අය්යත් ආරියශීල මහත්තයා වගේම වැඩ කරු මගේ හිතේ (දෙන්නා යාලුවෝ).

    ReplyDelete
    Replies
    1. මම යනකොට ආරියසීල මහත්තයාව හමුවෙන්න මම හිතාන හිටියා "බියගම විලේජ්" එකේ ජයරත්න අයියාව අඳුනනවාදැයි කියා අහන්න. ඒත් මට අමතක උනානෙ!

      නහයට වතුර යයි කියලා කෙසේ වෙතත් දිය යටදි කරකිල්ල හැදෙයි කියලානම් බයයි! (මගෙන් අහ ගන්න එපා - පොඩ්ඩක් හිටු!)

      Delete
  2. අපිත් ඔබතුමා සහ මිතුරු පිරිස සමග කළු ගඟ දිගේ යනවා වගේ දැනෙනවා.
    ආරියසීල වික්‍රමනායක මහතාගේ වීර ක්‍රියාව ගැන මම එකල කියවලා තියනවා.
    තැටි පාන් අඩියේ කරවෙච්ච කොටස කෝපි දාපු නෙස්ටොමෝල්ට් එක්ක පොඟවලා කන එක මට නම් ලුණුමිරිස් එක්ක අයිස්ක්‍රීම් කනවා වගේ.!
    මින්නේරි දෙයියන්ට වස දීපු කතාව ඉතාම මතභේදාත්මකයි නේද?? එතුමා කිරි බොන්න ඉස්සෙල්ලත් සනීප මදි කිය කියා හිටපු බවත් කියැවෙනවා. එතුමාට අසනීප උනේ කිරි බීපුවාමයි කියන කතාව, ඊට මසකට පසු සිදු වූ අගමැති ඝාතනයෙන් පසු මාපිටිගම බුද්ධරක්ඛිත හාමුදුරුවන්ගේ උවමනාවට පැතිරවූ කටකතාවක් බවත්, ඇත්තටම අසනීප උනේ කිරි බීමෙන් නොවන බවත් කියැවෙනවා.
    කළු ගඟ දිගේ පහලට යන්න කිසිම හදිස්සියක් නැහැ . හිමිහිට යමු. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔබ තුමාගෙ පමිණීම හැමදා වගේම අදත් සතුටක්. ඇත්තටම මෙවන් ගමනකට එක් වෙමු! - පරණ කතා කියව කියව යන්න.

      ඔය වැනි වාඩි කෑම, කඳවුරු කෑම මහ අමුතුයි. උදාහරණයක් විදියට මඤ්ඤොක්කා තම්බලා වගේම රහයි ඒක ගිණි අඟුරු අතරේ තබා පලහා (වැදි වචනෙන් ) පුච්චලා කෑම. එතකොට බඩ ඉරිඟු පුච්චලාත් සුපිරි. ලුණු මිරිසට අමු පොල්තෙල් දාලා රොටී කෑම? බල කරෝල උනු අළු පල්ලෙ දාලා හදන පොල් සම්බෝලෙ?

      ඔව් මාත් අහලා තියෙන්නේ සී පී ද සිල්වා මහත්තයා කොහෙදෝ රටක සංචාරයකින් පස්සෙ මෙරටට ගොඩ බැස්ස වෙලාවෙ දුන්නු කිරි වීදුරුවේ වස තිබුනා කියලයි.ඕවා නම් මොනවද පහුගිය කාලෙ තව කාටද රත්නපුරේ පැත්තෙ කෙනෙකුටත් වහ දුන්නා කියලානෙ කතාව ගියේ?

      ඔව් ඔහොම හිමිහිමීට පල්ලම් බහිමු! ස්තූතියි පාළු කපන්න ආවාට!

      Delete
  3. ජැක්සන් ඇන්තනි සහභාගී උන 'ගඟ දිගේ' කියන වැඩසටහන මම බැලුවා විකාශය වෙද්දී. එය නම් ඉතාම රසවත් විදියට පෙළගස්වා තිබුනා.ඒ වගේම ඔබගේ ගමනත් ත්‍රාසය මුසු, විනෝදාත්මක, අත්දැකීම් බහුල එකක් වෙන්නට ඇති. ඒත් ඔබ මෙහි සටහන් කර ඇති අන්දමට මට මෙය කියවීම නීරසයි.

    -රසික

    ReplyDelete
    Replies
    1. 1. ජැක්සන් ඇන්තනි හෙවත් පනාපුත්‍ර කුහුඹුපැනියා කියන්නේ ප්‍රේම කීර්තිද අල්විස් රූපවාහිණියට හඳුන්වා දුන් අංක එකේම වැඩ සටහන් ඉදිරිපත් කරණ්නෙක්, ප්‍රථිභාපූර්ණ නළුවෙක්, භාෂා ඥානයෙන් පිරි පුන් අයෙකු වීම.
      2." ගඟ දිගේ" වැඩ සටහන් මාලාව ඉදිරි පත් කරණ මාධ්‍යය ලෙස; රූප රචනා ලිඛිත මාධ්‍යයට වඩා බොහෝ සෙයින් ප්‍රභල වීම.
      3. ඔහු ඔහුගේ ගමන යෙදෙන්නේ හුදෙක් වානිජ පරමාර්ථයෙන් වන බැවින් අපට මෙන් නීරස "ගෙදර වැඩ" නොතිබීම හා ඒ ගැන කතා නොකිරීම.
      4.ඔහුගේ ගමන රූපවාහිනී වැඩ සටහනක රූගත කිරීමක් වන බැවින් කටුක හෝ නීරස අත්දැකීමක් වුවත් සුන්දර, එසේම නරඹන්නාගේ සිත බැඳ තබනා ආකාරයෙන් සංස්කරණය කල හැකිවීම.
      5.කැමරා කෝණ, විවිධ කාච භාවිතය, කැමරාකරණයේ විධික්‍රම, කැමරා ප්‍රයෝග වැනිදේ භාවිතා කිරීම.
      6. ඔහු ඉදිරි පත් කරණ්නේ ඔහු ලැබූ සුන්දර අත් දැකීමක් වන අතර මා ලියන්නේ ඔබටද කල හැකි, ඔබ කිරීමට ගියද මුහුණ දීමට ඉඩ ඇති අභියෝගයනට අප මුහුණ දුන් ආකාරය හා ඒවා සිසාරා අප අපේ අරමුණ සාක්ෂාත් කරගත් ආකාරයය.
      7.ඔහු යාත්‍රා කල මහවැළිය පැහැදිලිවම මීට වඩා අතිශය සුන්දර එකක් වීම.
      8. ඔහුගේ ගමන සිදුකරණ්නේ නවීන උපකරණ, මෙවලම්, යාත්‍රා හා එය මෙහෙයවන විශාල කණ්ඩායමක් සහිතව.
      9. මේ ගමන ගැන ලියන්නට යන විට මගේ මතකයට එන වෙනත් වෙනත් විවිධ කයි කතාන්දරද ලියා තබන්නට යෑමත් මෙය නීරස වන්නට හේතුවක් විය හැකියි.
      10. ඔබ කියෙව්වාද මේ බ්ලොග් එකේම "ගඟක් දිගේ ගිය ගමනක්" යනුවෙන් 1 සිට 20 දක්වා පෝස්ටු 20 ? බලන්න එය ඔබට ඇවැසි රසාස්වාදය තිබේදැයි කියා!
      11. මේ සියල්ලටම වඩා වඩා මගේ අසමත් කම වන්නත් පුළුවන්.

      හැබැයි එක දෙයක්. "දත තියෙන එකා කියනවා නම් දත රිදෙනවා කියලා; දත් දොස්තරට කියන්න බෑ රිදෙන්නේ නෑ කියලා!" ඒ වගේ ඔබ පවසනවා නම් මේ පෝස්ටුව නීරසයි කියලා මට කියන්නත් බෑ, මම කියන්නෙත් නෑ; නෑ මේක නීරස නෑ කියලා. ඔබගේ ප්‍රථිචාරය හිස නමා පිළි ගන්නවා. සමහර විට ගමන පිටත් වුනාම ඔය ගතිය හරියයි. තාම බස් එක ස්ටෑන්ඩ් එකේ නොවැ!? ස්තූතියි! (ජැකාලා කවුද අපි කවුද නේද?)

      Delete
    2. නීරසයි ඔබ මෙම සටහන් පල කරනා ආකාරයට. ඔබට යමක් රහට, අන් අයට කියවන්න ආසා ලෙස සටහන් කිරීමේ හැකියාවක් නැහැ. සමාවෙන්න හිත රිදුනා නම්. ඇත්ත කිව්වේ.
      -රසික

      Delete
    3. @ඇනෝ..............
      ත්‍රිවිල් එකක් පිටිප්ස්සේ ගහලා තිබුනා රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව කියලා...
      ගග දිගේ නෙමෙයි පුලුවන්නම් කො‍ටුවේ ඉදලා කොල්ලුපිටියට පයින් ගිහි පෙන්නපන්...

      Delete
    4. මටනම් ජැකාට වඩා උබ විරයෙක්..ජැකලාට තියෙන සම්පත් එක්ක බලපුවාම උබ ඌට වඩා ගොඩක් ඉස්ස්‍රහින්න් ඉන්නේ

      Delete
  4. I know Mr A Wikramanayka's younger brothers, they are from Baddegama and use to live near the Gin Ganga (Their house, 5 feet, main road, 10 feet, Gin Ganga) So you can guess, how they became master divers.

    Will read and comment more later.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම විජේබාහු මහත්ත්යා ඔහුගේ චරිතාපදානයේ දෙවෙනි පරිච්ඡේදය පටන් ගන්නේ ඔය කාරණයත් සමග. ඒ මෙසේය:
      2. බත් දුන් ගමේ පළමුවැන්නෝ
      "අපේ ගමට අවුරුද්දකට දෙපාරක් ගං වතුර එනවා. ඒ කාලේ ගමේ මිනිස්සුන්ට ඒක අද තරම් ප්ටශ්නයක් නෙමෙයි. ගං වතුර එයාලගේ ජිවිතේම කොටසක්. ගංවතුරෙන් සිද්ධ වුනු අලාබ හානි විතරක් නෙමෙයි ඒකෙන් ලැබුණු ප්‍රතිලාභ ගණනාවකුත් එදා මිනිස්සුන්ට තිබුනා. එදා ගංවතුරසහ වී ගොවොතැන අතර තිබුණේ හරිම අපූරු සම්බන්ධයක් . . . ඒක සොබාදහමේ හැසිරීම ගැන අපූරු පාඩමක් . . . ගිංගඟේ ගංවතුර නිසා අපේ ගමේ හුඟක් ළමයින්ට අවුරුදු තුනේ හතරේ ඉඳලා පීනන්න පිළුවන්. අපේ මම්මා කිසි අමාරුවක් නැතුව ගඟේ එගොඩ මෙගොඩ පීනනවා.මමත් පීනන්න පුරුදු වුණේ පුංචි කාලෙදීමයි. ගිංගඟ ගලාගෙන ගියේ අපේ ගෙවල් පහළින්. මීටර් සීයක් දෙසීයක් දුරින්. හැබැයි අපේ ගෙදර තිබුණු තැන ටිකක් උස නිසා කවදාවත් ගං වතුරට අහුවෙන්නේ නෑ"

      Delete
    2. Here we go, finally in the water!!!!

      Stop talk about food like 'Thati Pann' and Nestamalt we get home sick.

      Aa ha, the map is to find the wine store, just admit it.

      My mother is from Baddegama, my grandparents lived alone B'gama Nagoda road. Even my mother is an expert in swimming and 'Paru Padeema'. Wekramanayaka's lived few houses towards Nagoda, two of them was my brother's friends and we use meet them mostly in Galle town.

      Delete
    3. බද්දෙගම, ඌරල, කඹුරුපිටිය පැත්තට මගෙත් නැඹුරුවක් තියෙනවා.
      ඔබ තුමාගෙ අම්මා පාරු පදිනවා කිව්වේ උන ලී පාරු වෙන්න ඕන! මමත් කැළණි ගඟේ පැද ඇත්තෙමි.
      ඇත්තටම ඔබ ආරියසීල මහත්තයා එක්ක කතාවට වැටුනි නම් Home Sick හැදෙනවා පමනක් නොව ඊළඟ දවසෙ මෙරටට ගොඩ බසීවි. කතාවේ මුල සිට අග දක්වා දේශීයත්වයම තමයි.
      මම හිතන්නේ ආරියසීල මහතාගේ සොහොයුරු කීව්වේ රුවන් මහතාද. අර වික්ටෝරියාව අසල පිංතූරෙ ඔහු තමා හිටගෙන රඟන්නේ!

      Delete
  5. අපේ නිශ්ඵල ඡායාරූප ශිල්පියාට හබල් පිත්තක් දුන්නාම කොහොමයි පොටෝ කෑලි අල්ලන්න කැමරා අටමගලේ මානන්නේ....

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඌ මුලින්ම කිව්වා කැමරාවක් ගේන්නේ නැති කතාවක්.
      ඌ අල්ලපු තරමක් පොටෝ ඇල්ලුවේ මගේ ගෝ ප්‍රෝව වගේ එකෙන්. (ගෝ ප්‍රෝව ලෙඩින්! බැටරිය දාන්න ඕන. මෙහේ තියෙන බැටරියේ ඇම්පියර් ගාන මදි කියනවා බාස්ලා!)

      Delete
  6. ඔබ වැන්නේක් 26 ඉරිදා සවස 5.30 ට පමණ පුංචි බොරැල්ලේ Canny හිදි ඔබ වැන්නේකු දුටිමි. ඒ ඔබ ද?

    ReplyDelete
  7. අනේ උදාර මම හිතන්නේ ඒ මම නොවේ. මම Cannys. එකට ගියේ නෑ වගේ තමයි මතක. නමුත් ඔය හරියේ ඉන්න ඇති. ඉතින් ඇයි කතා නොකලේ? ස්තූතියි මා ගැන විපිළිසර වූවාට!

    ReplyDelete
  8. ඔය මාස්ටර් ඩයිවර්ස්ල වික්ටෝරියා එකේ කරපු වැඩේ ගැන ඒ කාලෙම අහල තිබුණ. අනික් සීන් එක ගැනනං අදමයි ඇහුවෙ.

    ඇනෝපිලිස් නිශ්ඵල ඡායාරූප ශිල්පියෙක් කියල අටම රෙකමන්ඩ් කළානං ආයෙ අහන්න දෙයක් නෑ. මොකද දකින හැම එකම ඔය මනුස්සය ෆොටෝ අල්ලනව හිටං. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක තරමක් අප්‍රකට පුවතක්. මම ඒක හොයාගෙන ගිහින් ලියන්නම්. ඒක කොහේ හරි ලියවිලා තියෙන්න ඕන දෙයක් නේද?

      කියල වැඩක් නෑ ඒ ගැන නම්. අම්මෝ කියන්න කතා කෝටියයි

      Delete
  9. දැන් නම් වික්ටෝරියා පිරෙන්නෙ නෑ නේද?
    වික්ටෝරියා, රන්දෙනිගල , රන්ටැඹේ පිරුනත් බාගයක් මඩ ඉතුරු බාගෙ විතරයි වතුර

    ReplyDelete
    Replies
    1. ඒවායේ රොන් මඩ අයින් කරණ්න ඕනෙ කියලා ක්තාවක් නම් තිබුනා ප්‍රාජේ මීට අවුරුදු 3-4 කට ඉස්සර. ඒක මොකක් උනාද දන්නේ නම් නෑ! ස්තූතියි. ලංකා බෙල් එකේ වෙඩිමකදී මම බැලුවා ඔයා ඉඳීද කියලා? ලොක්කා නම් හිටියා!

      Delete
  10. උබව අහලා තිබුනට කෙමෙන්ට් වලින් දැකලා තිබුනට උබගේ පොස්ට් එකක් රස වින්දේ අද...
    උබ කිව්වට සමාවෙන්න...
    සොබා රු වගේම පරිසරයට ආදරය කරන් එකෙක් දැකිමත් සතුටක්

    ReplyDelete
    Replies
    1. මා වචනයෙන් නොකිව්වාට අපි වගේ එකෙකුට කමෙන් එකකතියෙන වටිනාකම කියන්න ඕන නෑනෙ.

      1.අළුතින් එකෙක් කියවන්න පටන් ගැනීම.
      2. අළුතින් කියවන එකා කමෙන්ට් එකක් දැමීම.
      3. අළුතින් එකතු උනු එකා බ්ලොගර් කෙනෙකු වීම.

      මේ සියළු කාරණා නිසා උඹේ කමෙන්ටුව මට මහමෙරක්!

      මම බොහෝ විට ලියන්නේ නිර්මාණ වලට වඩා අත් දැකීම්.
      සමහර විට මම ඒ අත් දැකීම ලබන්නේම ලියන්නට ඕන නිසා.
      ඒක හරියට අර්නස්ට් හෙමිංවේ Death in the Afternoon පොත ලියන්න ස්පාඥ්ඥේ ගොන් පොර වලට ගියා වගේ එකක්; ඒ තරම්ම නොවුනත්.
      ජැක්සන් ඇන්තනි ගඟ දිගේ කරනකොට සේවා සපයන්නේ කිතුල්ගල චන්නපෙරේරා ගේ රාෆ්ටර්ස් රිට්‍රීට් එකෙන්. ඒකට යනවා ලොකු කෲ එකක් තිරෙන් පසු පස.

      වැඩසටහනේ නාමාවලියේ තියෙනවා වෙනමම නම්15 ක් විතර අධ්‍යක්ෂකගේ ඉඳන් කෙලවරට!
      මහවැලියේ මහියංගනේ ඉඳන් මනම්පිටියට කරණ කිලෝමීටර72 ක සංචාරයට එක් අයෙකුගෙන් බෝඩර්ලෑන්ඩ්ස්ලා 65000 ක් අයකලා මීට අවුරුදු4-5 කට පෙර.
      එතකොටත් සියලු සේවා සැපයීම් කරණ්නේ වෙනමම කෲ එකක් ගිහින්.

      අපේ කණ්ඩායම කරණ්නේ සියල්ල අපි සපයාගෙන. පිටත් උනාට පස්සේ ආයෙ ගෙදරට එනතුරු හව්හරණක් නැතිව. ඉතින් ඒවා රූප රචනා තරම් සුන්දර නෑ.
      ගමන යන්න වාහනේට ටයර් හතර දාගන්න තන ඉඳන්ම කථාවක් තමයි අපට නම්!
      බොහොමත්ම ස්තූතියි මෙහි පැමිණියාට, කියෙව්වාට , අගය කලාට, එය හිතේ තියාගෙන ඉන්නෙ නැතිව ලියා පල කලාට!

      Delete
  11. No Machang, it's not 'Una lee paru'. This paru we had in Baddegama area is made out of wood planks. Widely used during floods and some time in the river by sand miners to dive and collect sand. It had bigger capacity, to take about 8-10 people and goods. This is not safe/designed to use in the river rapids (I think, due to the flat bottom and wideness) Excellent mode of transport during floods. Aaaaaaa good old days.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි! ඔබ තුමාගේ මව් තුමිය වැඩ්ඩියක් නොවැ!
      ඇත්තටම දැනුත් වැලි එකතු කරණ්න භාවිතා කරණ්නේ පතුල සමතල පාරු විශේෂයක් . ඇත්තටම ඒවාට "වැලි පාරු" කියලාම තමයි කියනවා මම අසා තියෙන්නේ.

      ඇත්තෙන්ම අතීතය මොන තරම් සුන්දරද?
      මගේ අම්ම ගැන මතකයඉතා සුන්දර එකක් අවසානය කෙසේ වෙතත්!

      Delete
  12. Yes, she was (Passed away 2 years ago). What about me? I am an expert on that Paru too, may be since age of 12.

    Can I do anything for your Go-Pro battery from here? (are they allowed to post?)

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම මුළු හදින්ම හිස නමා ආචාර කරණවා එවන් මවකට.
      එතුමිය වෙනුවෙන් සිදු කල යුතු ඕනෑම පුණ්‍ය කටයුත්තක් සමාජ මෙහෙවරක් වේ නම් කියන්න අපි මැදිහත්වෙන්නම් ඒ වෙනුවෙන්.

      බොහොමත්ම ස්තූතියි විජයභාහු මහත්තයා. බැටරියක් මට හොයා ගන්නට පුළුවන් වේවි. බොහොමත්ම ස්තූතියි ඔබගේ ත්‍යාගශීලි භාවයට.
      එම කැමරාවත් මා සතු අනෙක් ඇක්ශන් කැමරාවත් දෙකම ලැබුනේ වෙදදුරු තුමෙක්ගෙන්.
      ඔහුගේ නමත් මම මේ මොහොතේ සඳහන් කරණ්නම්.
      ප්‍රසාද් රණ්නුලු දොස්තර මහතා තමයි පලවෙනි එක දුන්නෙත් ඒකට සිද්ධ වුනු අබ්භගබ්භය කීවාම දෙවෙනි එකත් දුන්නේ.
      එව්වා වගේ තමයි! චේතනානං භික්ඛවේ කම්මං වදාමි කියලනෙ කියලා තියෙන්නේ?
      ස්තූතියි. නැවත නැවතත්.

      Delete
  13. ආරියසීල වික්‍රමනායකයන්ගේ ගැන දන්නවා උණාට වික්ටෝරියා වික්‍රමය ගැන නම් අහලවත් තිබුනේ නෑ අයියේ . ගොඩක් පිං මේ දේවල් අපිත් එක්ක බෙදා ගත්තාට .

    එතුමා ඇත්තටම වීරයෙක් . මොකද මම එහෙම කියන්නේ මගේ කියවීම තුල එතුමා ගොඩනගපු "සිංහ ලකුණ - ගන්න අපේ දේ" අපේ කමට ශක්තියක් උන එකට පළමුව පිං දෙන්න ඕනේ .
    දෙවැනි කාරනාව තමයි අයියේ පැල්වත්ත සීනි කම්හල පරිපාලනය කරලා ඒ ප්‍රදේශයේ මිනිස්සුන්ගේ ජන ජීවිත සුපෝෂිත කරපු එක . මොකද එතුමාගේ සංකල්පය තමයි මම දන්නා විදියට උක් වගාවේ වැඩ නැති කාලයට කිරි දෙනුන් ගෙනල්ලා මුලින්ම යෝගට් හදලා අද වෙද්දී පැල්වත්ත කිරිපිටි සහ කිරි හා බැදුන නිශ්පාදන වෙළදපොලට හදුන්වලා දීලා විදෙස් කිරි පිටි වල එකාදිකාරය බිදවපු එක . අපේ රටේ මිනිස්සුන්ට වස වෙනුවට දේශීය නැවුම් කිරි දුන්න එක.

    ඉතින් කතාවේ මුලට එන්න බැරි උනානේ .

    මෙන්න මේ තැනට අයියේ මම එන්න ගියේ,

    ""පසිඳු මල්ලී! දෙවියන්ට කොල අත්තක් එල්ලාපං . . .!""

    මමත් හරියට විශ්වාස කරනවා අයියේ ඔය දේ . ගොඩක් වෙලාවට දුර යද්දී අයියනායක දෙවියන්ට කොළ අත්තක් එල්ලන දේ ට අපේ පවුල් වල සමහර අය හිනාවෙනවා . දවසක් නෑදෑවෙන අයියා කෙනෙක් ඇහුවේ "උබ එහෙ ඉද්දීත් මෙහෙම කරාද " කියල .

    අපේ විමලරත්න කුමාරගම මහත්තයාගේ කවි පන්තියක් මතක් උනා ඔය අතරේ

    සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම
    කෙම්වර දවස්වල පානින් සැරසී ම
    වන අතු කඩා ගස් දෙබලක දැවටී ම
    මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම

    ReplyDelete
    Replies
    1. ඒ වගේම තමයි මල්ලි, හැමදාම කිරි ගන්න නං එළදෙනුන්ට පැටව් ඉන්න ඕනි. ඒ නිසා මේ ගැහැණු සතුන් හැමදාම ගැබ්බරව ඉන්නේ. හම්බෙන පැටව් ගැහැණු සතුන් නම් නිරෝගිකම බලලා තියා ගන්නවා කිරි ගන්න. පිරිමි පැටව් සුළු ප්‍රමාණයක් පට්ටි දාන්න තියාගෙන, ඉතිරි පැටවුන් මරා දැමීම තමයි කරන්නේ. ඔය ඔහෙලා බොන්නේ කිරි නෙමේ, ඔය සතුන්ගේ ලේ. දන්නේ නැත්තම් හොයලා බලලා කතා කරන්න.

      Delete
    2. මම ඔබට අමතීමට කොතැනින් පටන් ගන්නදැයි හිතා ගත නොහැක! මන්ද ඔබගේ කොමෙන්ටුව තුල කතා කිරීමට ඒ තරම් දේ ඇති බැවින්!
      සත්තකින්ම දෙශීයත්වයට පුදුමාකාර ඇල්මක් තියෙන කෙනෙක් ආරිය ශීල මහත්මා. එතුමා එක්ක ඔය මගේ පුංචි පහේ සම්මුඛ සාකච්ඡාවෙන් පස්සෙන් පහු මා එතුමා සමග බොහෝ වේලාවක් කතා කරමින් සිටියා. එතුමාගේ චින්තනය අපේ දේශ පාළුවන්හට තියේ නම් අත්තෙන්ම මේක සුර පුරක්!

      විමලරත්න කුමාරගමගේ කවියක් ඔබ උපුටා දක්වා තිබුනා. මොන තරම් සතුටක්ද එය. ජේ ආර් පී සූරිය ආරච්චි මහතාගේ ඌරුවට කියනවා නම් "හසන්ත මහත්තයො මේ බලන්න මගේ ඇඟේ මවිල් කෙලින් වෙන හැටි. දැන්නම් හසන්ත මහත්ත්යෝ භය නැතිව මැරෙණ්න පුළුවං මේ වගේ කොල්ලො ඉන්නවා කියලා දැනගත්තාම. මොනතරම් ආඩම්බරයක්ද?"

      සත්තකින්ම මා කුරා කුහුඹුවෙක්වත් නොමරණ කෙනෙක්. පසුගිය වසර 15 ක පමන කාලය තුල මා අතින් මියගොස් ඇත්තේ අහම්බෙන් ගෙට රිංගා ගත් විසකුරු සතුන් තුන් හතර දෙනෙකු පමනයි. ඒ; වෙන කලයුතුම දෙයක් නොමති අවස්ථා වල. එයම මට මහත්වූ ආත්ම ශක්තියක් තනි කෑල්ලට ගෙදර එන බව හිතේ දරාගෙන ඕනෙම ගමනක් පිටත් වෙන්න ඔරලෝසුවේ ඕනෑම වෙලාවක!
      තවත් දෙයක් මගේ "අන් අකයේ සුවෙන් වෙසෙන මසිත උපන් මගෙ සිතුවිලි 4" ඔබට මා ලියූ කමෙන්ටු දෙක තුනක්ම තියෙනවා. එන සඳුදා දිහාට එළි දක්වන්නම්!

      Delete
    3. ඇනෝ තුමා ඇත්තෙන්ම මමත් අහලා තියෙනවා ඔය කතාව ඔය විදියටම. මම පොඩි වීඩියෝ ක්ලිප් එකකුත් දැක්කා. ඔබ මතු කරලා තියෙන කාරණයේ කිසියම් හරයක් හා බරක් පතලක් මා දකිමි.
      සත්තකින්ම අපි කිරි බිව්වත්, කිරි පැනි කෑවත්, යොගට් කෑවත්, ගිතෙල් පහනක් පත්තු කලත්,අයිස් ක්‍රීම් එකක් රස වින්දත් ඔය කියන ආකාරයට අප වක්‍රව හවුල් වෙනවා වසු පැටවුන්ගේ අතිශය දුක්ඛිත මල ගමට!
      මෙතනදී මට හිතෙන විදියට කලන මල්ලි; ආරියශීල මහතා පිළිබඳව සුභවාදීව කතා කලේ ඔය තරම් දුරක් හිතලා නොවෙයි. දෙශීය කර්මාන්ත දියුණු කිරීමට එතුමා ගන්නා උත්සාහය ගැන විය යුතුයි. ඒ වගේම් ඔබ දන්නවා යැයි මා හිතනවා සීනි නිෂ්පාදන්යෙන් පසු ඉතිරිවන මොලෑසස් වලින් මධ්‍යසාර නිෂ්පාදනය ඉතා ලාභදායී කර්මාන්තයක්. එහෙත් ඔහු; ඔහුගේම වචනයෙන් කියනවා නම් End Product එකක් ලෙසට අරක්කු සෑදීම නොකරන බවත්.

      Delete
  14. You may receive 14-34freewheel set.
    I went through the store. Thank you.

    ReplyDelete
    Replies
    1. ආ! එළ! ඒ කියන්නේ මට "රට වටා සයිකලෙන්" කියලා පෝස්ටු පෙලක් ලියන්නම වෙන හැඩයි නේද? නමුත් මට ඕන 13 - 34 ෆ්‍රී මෙගා රේන්ජ් ෆ්‍රී වීල් එකක්. අනික මැද හතරැස් (Square Type) 48-38-28 කොග් වීල් එකකුයි ඕන ඔය ඉවෙන්ට් එකට!

      Delete
  15. ඇති යන්තං ගඟට බැහැලා ...
    දැං ඉතිං ලියන ඒවට අපිත් පුලුවං විදිහට පරිකතා කමෙන්ට්ස් වලින් කන්ට්‍රිබියුට් කරන්නං ...

    ReplyDelete
    Replies
    1. මොඩරේශන් දාලා තියෙන්නේ. උඹලා කියන පවුලේ සැමට එකට සිට රස විඳින්න පුළුවන් ඒවා විතරක් දාන්නම්! එළ මේ මාසේ 15න් පස්සෙ ඉරිදාවක් වෙන් කර ගෙන තියා ගන්න!

      Delete
  16. කාලෙකට පස්සේ කමෙන්ට් එකක් දාන්න වෙලාවක් ලැබුනා.උඩහට වැස්ස කාලෙකනම් හොද කායකින් රයිඩ් එකක් යන්න තිබ්බා නේද අය්යේ

    ReplyDelete
  17. "නව දිවිය " !!
    සුපුරුදු දිවිය තමයි අය්යේ

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...