Saturday, April 28, 2018

93. කෝ....... කොහිද...............?













දුටුව විට ගොළුව යයි
නුදුටු විට රුව සොයයි
හඬ නැතිව දුක සිතෙයි
ලියන සිත රිදුම් දෙයි

ඔබ කොහිද සිත අසයි
දකින්නට දින ගනියි
ලියන්නට සිත බියයි
අරුත පිරි තිත් පෙලයි

.
.
.
.
!
?
Z





Friday, April 27, 2018

92. සයිකලයෙන් තල් අරණට.......2

   ගියොත් හොඳ පෝස්ටුවක් !
   නොගියොත් හොඳ ප්රවෘථියක් !!
   මොනවා උනත් මේක මම හදවතට දුන් පොරොන්දුවක් !!!



ජීවිතයේ දාහය කෙතරම් වියරු වුවද ; මේ තරම සිසිලසක් හදට දැනේ  නිරතුරුවම

"මදුෂාන් මාර අවුල නිශාන් ගෙ තාත්තා මැරිලා!"

"හුටා …! කොහෙද මලගේ තියෙන්නේ?"

"රාගම පාරෙ ! මම යනවා ඔයා එනවද?"



මේ ජීවිතයේ හිස් බවද ; පරිපූර්ණ බවද ; නො එසේ නම් පරම පිවිතුරු බවද?

 අපි දෙදෙන නිශාන්ලගෙ පියාගෙ මලගෙදරට ගියේ දෙවාරයකටය.මම; මිතුරාගේ පියාගේ මලගෙදරට යන විට එතරම් සෙනගක් එහි නොවීය.ඔහුගේ මහළු මව බොහෝ සෙයින් කණගටුවට පත්වූ සේයාවක් ඇය  කෙරෙණ් පෙන්නුම් කෙරිණි. මා මලගෙදරට පය  තබා ස්වල්ප වේලාවකින් නිශාන් මා ඉදිරියේ විය.තම පියා ගේ විස්තර රාශියක් මා හට දක්වමින් විය.එහෙත් මාගෙ සිත  වෙහෙසවූ වෙනත් කාරණාවක්  විය. අනෙකක් නොව මේ අභාග් සම්පන්න තත්වය කරණ කොට ගෙන අප පිඹුරුපත් සැකසූ ගමනට කන කොකා අඬන්නට හැකියාවක් ඇති හෙයින්. මෙවන් වාතාවරණයන් තුල මා තරමක් ආත්මාර්ථකාමීවේ.එය වචනයට නැගුවහොත් කවුරු ආවත් නැතත් මා යොදාගත් ගමන මම තනිව හෝ යන්නෙමි. මන්ද; අප යන්නට සැලසුම් කර ඇත්තේ කඩවත සිට පිටකොටුවේ බෝ ගහ බලන්නට යන ගමනක් නොවේ.සමහර විට කල් දැමීම හා කිසිදා නොසිදුවීම අතර ඇත්තේ අඟල් කිහිපයක දුරකි. “කල් දැමීමයනු අත හැර දැමීමටම යොදනා සමාන පදයකි.මියගිය පියාගේ විස්තර වලට උඩින්  පල්ලෙන් ඇහුම් කන් දුන් මා අවසන් කටයුතු කෙරෙණ දින වකවානු ගැන විමසුවේ එය අපේ ගමනට එක එල්ලේ බලපාන නිසා නොව නිශාන්ට කරණ අනුග්රහයක් ලෙසටය.අවසානයේ මා ඔහු වෙත  මගේ හිතේ ඇති ගැටළුව මුදා හැරියෙමි.

ඉතින් මල්ලි මොකද අපේ ගමනට වෙන්නේ ?”

මොනවා කරණ්නද අයියේ පොඩ්ඩක් කල් දාමු !”

එම උත්තරය මා කෙලෙසින් වත් බලා පොරොත්තුවූ පිළිතුර නොවීය.මට ඇවැසි වුනේඅවුලක් නෑ අයියෙ ඔය දෙන්නවත් යන්න !”කියන පිළිතුරය.කෙසේ වෙතත් නිශාන් හට සමුදුන් මා නැවත ප්රධාන මාර්ගයට පැමින මදුෂාන් හට ඇමතුමක් ගත්තෙමි.නොබෝ වේලාවකින් මදුෂාන් මා අසල විය.මම තත්වය පැහැදිලි කලෙමි.නිශාන් නොකියා කීවේ තම පියාගේ අභාවය හේතුවෙන් අපගේ ගමන කල්දමමු!” යන්නය.

දැන් මොකද කරණ්නේ ?” මදුෂාන් මගෙන් විපිළිසර විය.

මොනවා කරණ්නද හැකි උපරීම උත්සාහදරමු නිශාන් වත් අරන යන්න !”

මං නං හිතන්නේ නෑ එයා එයි කියලා නම් !

එහෙනම් උගේ තනියට උඹත් හිටපං !  මල ගෙදර ගියාම නිකං කතා කරලා බලන්න.උගෙ කටින් ගන්න බලන්න අපිට යන්න කියන වචනෙ

Wednesday, April 18, 2018

91. ප්‍රේමය ගැන කතා බහක්!





ගොඩ වැදුනු එකේ මේ සිංදුව පොඩ්ඩක් මාත් එක්ක මුමුනලාම කියවන්නට පටන් ගමු! එහෙම හොඳයි නේද?

හිතේ  කලක සිට පැල පදියම් වූ අදහස් ගොන්නක් ලියාතබන්නට උවමනා උනත් එය නිවැරදි අනු පිලිවෙලකට ගලපාගන්නට නොහැකිවීම මෙම ලිපිය ලිවීමට මෙතරම් කලක් ගතවන්නට හේතු විය.
කුඩා කෙමියක් ඇති භාජනයක් තුලට දැමූ වීදුරු බෝල මෙන් ලියන්නට ඇතිදේ සිරවී ගොසිනි.
එසේ හෙයින් මා මෙයින් සිදුකොට ඇත්තෙ ඒ සිරවී ඇති දේ අතට අහුවෙන අහුවෙන පරිදි ඉවතට ඇද පෙනෙන්නට සැලැස්වීමයි.
මෙයට දිය හැකි හොඳම උදාහරණය වන්නේ රෙදි සෝදන යන්ත්‍රයක් එහි ලූ  රෙදි පෙරෙදි   සෝදා අවසන් වූ පසු එයින් රෙදි ඉවත් කරණ්නට යාමේදී සිදුවන ක්‍රියා දාමයය. 
හිතන්න සියලු රෙදි එකට වෙලී පැටලී ඇත.
අතට අහුවෙන අහුවෙන දෙයින් මා  එලියට අදිමින්ය.
 එකක් ගන්නට අපහසුවිට තව එකකින් අදින්නෙමු.
 විටෙක අතට එන්නේ එක මේස් එකක් පමනි. 
අනෙක මතුවන්නේ තවත් ටික වේලාවකින්ය.  




එකකට එකක් නොගැලපෙන සේ ඇදි ඇදී එන අදහස්  සෝදා පිරිසිදු කල පසු!

මේ සංවාදය මෙසේ පටන් ගමු. දිනක් මා මිතුරු නුවන් මල්ලි හෙවත් වෙජිටේරියන් (ඒ එයාව අපේ ගෙදර හඳුන්වන ගෞරව නාමය!) අලුත් සිතුවිල්ලක් මා සිතට ඇතුළු කලේය.
“අයියෙ; බැන්දට කොපමන කාලයක් එකට හිටියද කියන එක නොවේ වැදගත් වෙන්නෙ. 
දෙදෙනා අතර බැඳීමක් නැත්නම් වෙන්වෙන්න ඕනෑ. 
දැන් බලන්න අපේ රටේ  ගෝල්ෆේස් හරි වෙන බීච් එකකට හරි ගිහින් බලන්න අවුරුදු 50 -60 පැනපු කපල් එකක ආසවට අහින් අල්ලගෙන යනවා දැකලා තියෙනවද? ඒඋනාට එහෙම රටවල් කොච්චර නම් තියේද ?”


උප්පැන්නයට අනුව වයසට නොයන දිනෙන් දින තරුණවන ආදරය!

බලාන ගියාම කතාව ඇත්තම ඇත්තය. 
අපේ රටේ කීදෙනෙක් නම් මුදල් ගෙවා චිත්‍ර පට මගින් හෝ නොගෙවා රූපවාහිණියෙන් හෝ කොයි තරම් වියපත් වූවන්ගේ  ප්‍රේම ජවනිකා ඇස් කෙවෙනි තෙත් කරමින් බලන්නේද?
මැදි වයස පසුකරණ හෝ කල; එහෙත් සුපිරි ප්‍රේම වන්තයින් ටෙලි කතා වල අප කොතෙක් නම් දැක  ඇත්ද? 
නව යොවුන් තරුණ තරුණියන් පරදා ප්‍රේම කරණ  කයි කතන්දර උදේ සිට රෑ වනතුරු ඉකිගසමින් නරඹන ඔවුන්ගේ නිවෙස තුල වෙසෙන තම ස්වකීය බිරිඳ හෝ සැමියා වෙත එම ආදරය දක් වන්නේද?
මා ගේ උසස් නිළධරයෙකු දිනක් උදෑසන කංතෝරුවේදී මුන ගැසිනි.
 “මම ඊයේ දැක්ක ඔයා කවුද ලේඩි කෙනෙක් එක්ක පාර පනිනවා කොහුවලදි”    
“සර් ! ඒ මගෙ වයිෆ් ”
“වෙන්න බෑ අතින් අල්ලගෙනනෙ හිටියේ. මම මගේ වයිෆ් ගෙ අතින් අල්ලගෙන ගිහින් නෑ අවුරුදු 10 කින්  වත් ! ”  
මා නිරුත්තර වුනෙමි.


මියෙන තෙක්ද ඉන් මතුවට - නෑර අත දිවෙන පෙම!

අප ප්‍රේම ගීත කීයක් නම් රස විඳින්නේද ? 
කාලානුරූපීව ජෝතිගේ “ඉර  සඳ වැඳලා - නෙත්දෙක ඇරලා - අත ඔබෙ නලලෙ තියා . . . //” ගීතයේ සිට විකටර්ගෙ “සසර සැරිසරණතෙක් ඔබමගේ ඔබමගේ . . . //” වැනි ගීත කීයක් නම් හදවතින්ම රස විඳ ඇතිද ? 
කෝ ඒත් කසාද බැඳ වසර 5 ක් 10 ක් යනවිට ප්‍රේමයක්.
අසන නරඹන ගයන සවන් දෙන සූවිසි මහා  සුන්දර ප්‍රේම කථා රාශියට අප ඇලුම් කලද; අප ඒවා තුල මනසින් ජීවත් වුවද  එසේ ජීවත් වන්නට කැමති වුවද අප; අපගේ නීත්‍යානුකූල බිරිඳ හෝ සැමියා සමග ජීවත් වන්නේ අතේ දුරිනි. ඒ මන්ද ? 
විවාහයට පෙර තම පෙම්වතියගේ කුඩා  හිසේ රුදාවක් පිළිබඳ මහත්සේ උනන්දුවන පෙම්වතුන් විවාහයෙන් පසු බිරිඳට කුමන ව්‍යාධියක් වූවද   ඇස් හැර  නොබලති.
“හරි හරි මටත් අමාරුයි තමයි මම මේ  නොකිව්වට ….”මේ ඊට ප්‍රථිචාරය.
මෙය කියවන විවාහවී වසර 5 ක් ඉක්ම ගොස් ඇති ඔබ අතුරින් කීයෙන් කීදෙනෙක් නම් තම සහකරුට හෝ සහකාරියට “මම ඔයාට ආදරෙයි . . !” කියා ගෙවුනු මාස 6 ක් ඇතුළත එක් වතාවක් හෝ පවසා ඇත්ද ? 
නලළ සිප ඇතිද?
මෙය මා ඔබගෙන් පෞද්ගලිකව ඇසුව හොත් “එයාට ඒවා වැඩක් නෑ  . . !”කියා බොහෝ  විට  කියාවි.
නමුදු මම එම ප්‍රශ්න කිරීමම ඔබගේ සහකරු හෝ සහ කාරිය වෙතින්  විමසුව හොත් ඔහු හෝ ඇය ද බොහෝ විට එම  පිළිතුරම දෙනු ඇත.
එතකොට ප්‍රශ්ණය කිකිළිද බිත්තරේද කියන තැනට වැටෙන්නේය!


මේ ඒ සෙනෙහස මද?

මේ සියල්ල්ලම  නොඑසේ නම් දැන් ඕව කොරන්නේ මොකටද ? නැතිනම් අපි දැන් අම්මලා තාත්තලානෙ කියනු ඇත.
එහෙත් අප කඳුළු පෙරාගෙන මෙල් ගිබ්සන්ගේ  For Ever Young බලන්නෙමු. 
(බලන්න එය සුපිරිම ප්‍රේම කතාවක්!)


කියන්න වදන් නෑ - බලන්නම වෙනවා!

එවිට ගැටළුව ඇත්තේ කොතැනකද? 
වයස සමග ප්‍රේම කිරීමේ රටාව අමතකව ගොස්ද ? 
නැත චිත්‍රපට වල නළුවා හෝ නිළිය; එම නිර්මාණය තුල හොඳින්  ජීවමන ලෙස ප්‍රේම නොකලොත් අප එහි අඩුපාඩු  සියයක් දකී.
ඔහු හෝ ඇය දිනක් හෝ තහනම් ප්‍රේමයක බැඳුන හොත් ජීවිතයේ කිසිදු දිනෙක නොකල ලෙසින් නැවුම් ව ඒ ආදරය කරණු ඇත.
තම තම පමනට  එම ආදරය වඩාත් නිර්මාණශීලී එකක වීම දක්නට හැක. 
අප අපගේ පෙම් වතිය හෝ පෙම් වතා හට ආදරය කරණ්නට පටන් ගන්නේ ඔහු හෝ ඇය දකින්නටත් කලිනි.
අප යොවුන්  වියට එලඹෙත්ම දකින දෙයින් අසන දෙයින් හෝ සිතට  සිතෙන දෙයින් අපගේ අනගත සහකරු පිළිබඳ මනෝ රූපයක් ගොඩ නගා ගෙන සිටිනු බොහෝ විට දක්නට ලැබේ.
බොහෝ පිරිමින්ගේ මනෝ රූපයට මූලික වන්නේ තම ආදරනීය මව වුවද එයින් එහා ගිය; ඒ මත ගොඩනගා ගත්  සුන්දර  සිතුවමක් හදවත තුල ඇති හිස් අවකාශයේ සැරිසරණ්නට ඉඩ හැර ඇත.
මා එය මට දැනුනු හැටි කියන්නම්. 
මා යොවුන් වියට එළඹෙන අවදියේ චිත්‍ර පටියක් ප්‍රදර්ශනය වුනා “බයිසිකලේ” කියලා. ඒකෙ  රඟපෑවෙ ජෝ   අබේවික්‍රමයි මාලණියිද කොහෙද? 
ජෝඅබේවික්‍රමව නම්  100% ක්ම හරි. 
එහි එක් ජවනිකාවක් තියෙනවා ජෝ අබේවික්‍රම උදැල්ලකට මිටක් ගහනවා. 
මේ වැඩේ කරණකොට එක වරම එයාගෙ ඇඟිල්ල තැලෙනවා. එයා වේදනාවෙන් ඇඟිල්ල අල්ලාගෙන සිටිනවිට ඔහුගේ  ආදරනීය බිරිඳ එතනට දුවැවිත් එම ඇඟිල්ල මුව රුවා ගන්නවා! 
යොවුන් මගේ සිත තුල එතෙක් නින්නාද නොවූ තතක සියුම් කෝමළ ස්වරයක් හැඬවීමට එම ජවනිකාව ඉවහල් විය. පසුකලෙක මා සොයන්නේ එවන් ප්‍රේමයක් නොවන්නේද? 
මෙය බොහෝ අය  තම විවාහ ජීවියේ මුල් කාලයේදී  තත්වාකාරයෙන් අත් දැක ඇති සුන්දර සිද්ධියක් වනු ඇත. එහෙත්  පසු කාලීනව ඇය ක්‍රියා කරණ්නේත් ඔහු ඉල්ලා සිටින්නේත් ගොරකා, සුදුලූනු, ඉඟුරු එකට අඹරා ගෙනත් රෙදිකඩකින් එතීමටය ! 
එතෙක් පැවති සුන්දර ප්‍රේමය ගොරක සුදුලූනු සමග මිරිස් ගලේ ඇඹරී ගොස්ය!

බඹරවගේ ඇත  තවම විසේ...!

පුද්ගල ප්‍රේමය දෙදරී යාමට ඇල්කොහොල් කරණ්නේද සුපිරිම මෙහෙයකි ! 
ඉතා ආදරයෙන්, සෙනෙහසින් සිටින අඹු සැමියන් අතරට  මෙය පැමින මිනිහා නොමිනිහා වී තම බිරිඳ තවත් බයිට් ප්ලේට්  එකක්  ඩෙවල් පෝක් එකක් ලෙසට දකින මහත්වරු ද සිටිති.
ඔවුන් අතර එතෙක් තිබූ ප්‍රේමය අතුරුදහන් වන්නේ ඩෝප් බැසීමටත් ප්‍රථමයෙන්ය!
මා බොහෝ අළුත විවාහ වන තරුණ මිත්‍රයින්හට දෙන වැද්ගත්ම අවවාදය වන්නේ නොබීපු දවසට බිත්තිය පැත්තට හැරී නිදා ගත්තද දෙකක් දාගත් දිනට තම බිරිඳදෙස හැරී යහන් ගත  වන ලෙසයි!
බොහෝ බිරින්දෑවරුන් තම සැමියා ගේ බීමට යුද්ධ ප්‍රකාශ කරණ එක් හේතුවක් වන්නේ බීමෙන්  පසු තමාව  නොසලකා  හැරීමය! බීමත් සමග තමාකෙරෙහි වඩාත් උනන්දුවන මහත්වරු සිටින ගෙවල්වල බොන්නට  ගියවිට බයිට් වලින් කිසිදු අඩුවක් පාඩුවක් දැනෙන්නට නෝනාවරු ඉඩ නොතබති !  


උඹද? මමද?

තම බිරිඳ සමග තරගයට වැටුනු මහත්වරුන් සිටිති. 
ඔවුන් බිරිදට ආදරය කරණ්නේ ඇයට කෙළවුනු අවස්ථාවලදී පමණි!
ඒ සිද්ධිය  ගැන හොඳින්  විස්තර දැනගැනීමට හැකි හොඳම මග ගැටළුවට මැදි වූ කෙනා ගෙන් දැන ගැනීම වඩාත් යෝග්‍ය වන නිසාය.ඔවුන් අතරද පුද්ගල ප්‍රේමය ගව් ගනනක් දුර ගොස්ය!සමහර පිරිමින් සිතා සිටින්නේ බිරිඳ යනු තමා ගේ අන්තේවාසික සේවිකාව කියාය. ඒසමගම සියළු  විනෝදාංශ රසාස්වාදන හිමිවිය යුත්තේ තමාට පමනක් යැයි සිතයි.
අඩුම පිරිවැටුමකින් තම ගෙදරදොරේ වැඩකටයුතු ටික කර කියා ගෙන තමාට ඇවැසි වෙලාවට කිසිදු වියදමකින් තොරව ලිංගිකත්වය ලබාගත හැකි  ක්‍රමවේදය විවාහය ලෙස ඔවුන් අර්ථ දක්වා ගනිති.


ස්වයං චිත්‍රපට වින්දනය!

ජිම් යන්නේ ඔවුන්
චිත්‍රපටි, සංගීත සංදර්ශණ නරඹන්න යන්නේ ඔවුන්
මිත්‍ර සමාගම් පවත්වන්නේ ඔවුන්.
හැඩට අඳින්නේ ඔවුන්.
බැචුලර්ස් ට්‍රිප් සියල්ල ඔවුන්ගේ අයිතීන්.
ඇයට හිමි වන්නේ රැකියාවක් කලහොත් එයත් දරුවනුත්  කුස්සියත් යන බර්මූඩා ත්‍රිකෝණයට මැදිව මියෙන්නටය.


එකදා පංසිල්-සැමදා අටසිල් නොව එකදා අටසිල් - සැමදා දස සිල් !

බිරින්දෑවරුනට ජීවිතයේ මැදිවයස එළඹෙන්නටත් පෙර ජීවිතයේ අනිත්යය  පෙනෙනට පටන්ගැනීමද ප්‍රේමය පලා යාමට ප්‍රධාන හේතුවකි.
බුදුන් වහන්සේ වදාලේ  හැමදා පන්සිල් එකදා අටසිල් ලෙසය.
උන් වහන්සේ ලෞකික ජීවිතය මෙන්ම ලෝකෝත්තර ජීවිතය ගැන එකසේ දේශනා කොට ඇත.
එහෙත් අභාග්‍යයකි!
සමාජයේ වෙසෙන බොහෝ කාන්තාවන් බුදුන්ටත් වඩා බෞද්ධයෝ!
කාර්යාලවල හෝ වෙනයම් සමජයක සිටින විවහය ඉහිරවාගත් හෝ විවාහයක රස ඵල නෙලාගැනීමට අපොහොසත්වූ හෝ උවමනාවෙන් පැහැර ඇරගත් කාන්තාවන් තම සංගමය පුළුල කරගන්නේ මෙම ව්‍යාජ ධර්ම ප්‍රචාරක කටයුතු වලිනි!
එතැන් පටන් විවාහය පුද්ගල ප්‍රේමය යනුබැඳීම්
තම සැමියා පළිබඳ සොයා බැලීම්ගැටීම්.


අපේ එකා කලොත් වැඩක් නැට්ටෙ ඉඳන් ගොම!
වරෙංකො ගෙදර!!

තවත් බිරින්දෑවරුණට ලෝකයේ සියළුමදෙනා සර්ව සාධාරණවන අතර එම කුලකයට අයත් නොවන එකම අවයවය වන්නේ ආදරණීය සැමියාය.
සාධාරණ හෝ අසාධාරණ අවුලක් ඇති කරගෙන නිවසට පැමිනෙන ඔහු  එය තමබිරිඳ සමග පවසන්නේ අස්වැසිල්ලක් පතාගෙනය. මෙන්න එයට බිරිඳගේ ප්‍රථිචාරය - “අනේ ඔයා කොහේ  ගිහින්ද අවුලක් කර නොගත්තෙ කියලා කියලා කියන්න කෝ ?”    
ගෙදර සියළුම තීන්දු තීරණ ඇයගේ වැඩක්.
ඔහු වෙනුවෙන් හිතන්නේ ඇයයි
ඔහුට ඇති කාර්යය වන්නේ කියන දේ කොට;දෙනදේ කා;වෙනදේ බලාසිටීම පමණි. 




මේ මුලු ලෝකයම මගේ! (හැබැයි ගෙදර පවුලගෙ!!)

මෙතනදී මට මතක් වුනා පොඩි කථාන්දරයක්.
එක නිවාස යෝජනා ක්රමයක සිටි තරුණ පහේ අඹු සැමි යුවලක් සෑමදිනෙකම පාහේ කෙස් වළු පටලාගෙන සිටිනු  අසල් වැසියනට සුලභ හඬක් වූයෙන් එම යුවලට අවවාද කිරීමට වෙනත් වයස්ගත විශ්රාමසුවයෙන් සිටින ගුරුතුමෙකුව යොමු කරණ ලදී .
ගුරුතුමා - "දැන් බලන්න පුතා කොහේද ප්‍රශ්න නැත්තේ කියලා. දැන් අපේ ගෙදරනම් අපිට තියෙන සියළුම  ප්‍රශ්න; ලොකු ප්රශ්න, කුඩා ප්‍රශ්න විදියට වෙන් කරගෙන තමයි අපි ඒවට පිළිතුරු සොයන්නේ !"
තරුණ සැමියා   - "කාටද ලොකු ප්‍රශ්න; කාටද කුඩා ඒවා?"
ගුරුතුමා - "කුඩා ප්‍රශ්න ගැන සොයා බලන්නේ අපේ හාමිණේ. ලොකු ඒවා මට තමයි !"
තරුණ බිරිද - "මොනවද ඔය නෝන විසදන කුඩා ඒවා ?"
ගුරුතුමා - "රෑට දවල්ට මොනවද කන්නේ?, නිවාඩුවට අපි කොහෙද යන්නෙ?, ගෙදර ගාන්නෙ මොන පාටද?,  රැට තියෙන පාටියට යනවද නැද්ද?, දුවගෙ මංගල්ලෙ ගන්නේ කොයි කාලෙද?, කොහේද?, එන මාසෙ මගේ පැන්ශන් එකෙන් මොනවද කරන්නේ? ඔය වගේ ඒවා ……!"
තරුණ සැමියා - "එතකොට මොනවද ලොකු ප්‍රශ්න…?"
ගුරුතුමා - "ඇයි දෙයියනේ කොච්චරනම් තියෙනවද ? බොස්නියාවේ ප්‍රශ්න! චෙච්නියාවේ අර්බූදය!! කියුබාවේ ගැටළුව !!! ඔන්න ඔය වගේ ඒවා!?"


මා ඇසූ තවත් රසවත් කතාවක් පවසා නික්ම යන්නම්
තවත් ලියන්නට බොහෝ දෑය
ඒවාද ඉදිරියේ කතා කරමු !


මහ එකාගේ හී පාරේ යන හීන් එකා !

වැද්දිය - "හීන් එකෝ! තෝ දඩමස් පොජ්ජ යි මී පැණියි  නැහැමින් කොටාබාපිය! එතොකොට තොටත් තොගෙ මහ එකා වගේ වැල්වල එල්ලිලා රුකුලෙ මන්දො කරණ්න පුළුවන්. මීපැණි බැද්දෙන් හොයාන එන්න පුළුවංමුවා ගෝන හඹන්නට පුළුවංඅප්පුච්චා වගේ කොටි හපුවා එක්ක හටං කොරණ්න පුළුවං. උඹටත් ඉක්මනටම අප්පුච්චා වගේ මහ එකෙක් වෙන්න පුළුවං.  කාපිය නැහැමිං !"
බිරිඳ - "උඹ ඉතින් නොකා ඉදලා තාත්තාවගේම මට වද දියංකො! ලේසියියිනෙ කිසි කරදරය ක් නැතිව ඇඳේ ඉඳන් කෙදිරි ගගා ඉන්න එකනෙ ඇත්තෙපුළුවං නං මහ මිනිහා වගේම  උඹත් කවදාහරි තව කොහේ හරි ඉන්න් ගෑනියෙකුට වදයක් වෙයං  !"  

 මෙම කථා දෙකෙන්ම උපහසයට ගෙන ඇත්තේ බිරින්දෑ වරුන් වීම ගැන මාගේ පාඨිකාවන්ගෙන් සමාව ඉල්ලා සිටිමි
වාගේම තරහ අවසර
ඊළඟ කථිකාවට අපි මහත්වරුන්ගේ කථා දෙකට හතරක් ලියමු !  අත් දැකීම් ඇති නැති සියල්ලෝම මේ කථාවට පෝර දමත්වා ….!   
සුපිරි කතා දෙකක් මතක් උනා බැලන්ස් වෙන්න !


මාව බේරා ගනියෝ !  පස්සෙ  පුලුවංනං ගෑනිත් ගැනියෝ !!

ඔන්න දවසක් අපේ පාඨකයෙක් යනකොට ජලාශයක් අයිනේ තියෙන පාරකින් මහත්තයෙක් කෑ ගහනවා ලු කරවටක් වතුරේ ඉඳන් !
අපිව බේර ගනියෝ ……!” කියලා .
අපේ පාඨකයාත් අරමැරෙන්න එපා! මැරෙන්න හරින්නත් එපා !!” පෝස්ටුව එහෙම බලලා ඇග පුරා මොරාල් එක හදාගෙන  හිටියෙ
වැඩේට බහින්න කලින්අපිකියන එක ප්රථ්යක්ෂ කරගන්න එපායැ
මොකද මේ මනුස්සයානම් කොහොම හරි බේරිලා ඉන්නවානෙ !
කවුද අපි කියන්නේ …?”
මායි මගේ නෝනයි …! අනේ ඉක්මනට ….!!”
කෝ  එතකොට නෝනා ?”
එයාගෙ කර උඩ තමයි මම මේ හිටගෙන ඉන්නේ …….!
“^%$#*)!!@%$$^&()_*^%$%##&&*((#@@!#@$^%^())_)........!”
විපතෙදී තම ජීවිත් ගැනවත් නොසිතා බිරිද ගැන සිතන සැමියකුගේ කතාවකි !


මේ අනිත් කථාව !


මොන කස්තිරමටවත් බිම නොවැටුනු පෙරේතකම !

ඔන්න ගමේ අප්පුහාමි කෙනෙක්  එයාගේ පවුලවත්  දොක්කං ගුවන්කරණම් පෙන්වන ප්‍රදර්ශනයකට ගියාලු.  
ඒකෙදි එකා පසුපස එකා තිදෙනෙකුට හිඳ ගමන් කල හැකි; එක් හුලං පෙත්තකින්  උඩ ගිහිං; උඩුකුරු, යටිකුරු, මැදකුරු, වටකුරු , කුරු කුරු; අඩව් , කස්තිරං , කරලං , පෙන්වමින්  උඩු ගුවනේ වැඩ හිටිය සුට්ටං ආසියාත්තරාවක් ප්‍රදර්ශනය පෙන්වපු පිට්ටැන්නට  ගොඩ බෑවාලු.
ඊටපස්සෙන් පහු ඒකෙන්  එලියට දොක්කපු නියැමුවා; පිනිමුවා සේ වටේ ඉදං තමං දිහා කොර මඤ්ඤං  වෙලා බඩ උලා  ගෙන හිටිය පිරිසට කිව්වලු
“මෙතන  ඉන්නවානම් මොකෙක් හරි එකෙක් මාත් එක්ක අර විදියේ කරලං ගහද්දී හිත තද කොරාණ මීක් නොකියා ඉන්න ඇහැක් එකෙක් මං උන්දැට මහ පොලොවට දොක්කපු ගමන් අං අර වැල ගහ යට නවත්තලා තීන; ටෑංකිය පිරෙන්න පැස්ටෝල්  ගාපු  මොටෝ සයිකලේ ගෙදර ගෙනියන්ඩ දෙනවා…..” කියලා.   
මෙතනට නිකංම නිකං ආපු අර අප්පුහාමිටත්  හිතුනාලු “අඩේ මේක තමයි අඩා  අපෙ   මැරිච්ච වඳ ආත්තාගෙ පවුල හීනෙන් ඊයෙ පෙනිලා මට විට කොටන  වංගෙඩිය ඔහොක් කොරලා පෙන්නන ඇත්තේ …!” කියලා පවුලවත් ඉස්සර කොරාණ ඉදිරි පත් උනාලු තරග  කොරන්න !
දැන් ආසියාත්තරාවේ ඉස්සර්හින්ම ඒකෙ ඩැයිබර් ලු . 
ඊළඟට අර අප්පුහාමිලු . 
පිටිපස්සෙන්ම මායියා!
ඕං  රූං  ගාගෙන යානෙ අහසට ඉගිල්ලුනාලු. 
ඩැයිබර් මුලු හයියම දාගෙන එහාට ගියාලු. 
මෙහාට ගියාලු. 
හිටිගමන්ම තිරිංග තද කොලාලු.  
යානෙත්; ගමේ ආරච්චිගෙ මදාවි පුතා කච්චෝරු කට්ටුවේ හිදං තිරික්කලේට බැංඳ පුසි ගොනාගෙ කිරිජ්ජ පල්ලට කෙවිටෙන් ඇන්නා වගේ හඬ දීගෙන ආකාසෙ එහාට යනවලු මෙහාට යන වලු. 
උඩු කුරුලු. 
යටි කුරුලු! 
ඩැයිබර මොන කෙළි කොලත් අර අප්පුහාමි  මීක් නැති ලු ! ඩැයිබර් දැන ගත්තලු මූ මගේ  මොටෝ සයිකලේට කෙළින්නම ආපු භහිරවයෙක් තමයි කියලා හිත හදගෙන අන්තිම බර පතලම වෙට්ටු ටිකත් දාගෙන පිට්ටැන්නට දොක්ක උනාලු .
ඩැයිබර් බහින ගමන්ං අර උන්දැ ගෙන් ඇහුවලු “ඈ මනුස්සයෝ උඹට  ඩිංගිත්තක්වත් බයක් සැකක් සාංකාවක් දැනුනෙම නැත්ද අම්මා පල්ල මං අච්චර මගෙ අම්මා මුත්තා කලෙවත් නොකල ජාතියේ සුකුරුත්තං පෙන්නලත්?”   කියලා.
“කිව්වට මොකෝ කියංඩ  ! මගේ මායියා බිමට වැටුනු වෙලේනම් මගේ මුලු සර්වාංගෙම හිරි වැටිලා ගියා ආයිබොවංඩ ….!” කිව්වාලු.
ඔන්න අපේ මහත්වරු !
ආයෙමත් කියන්නම් තරහ අවසර ! අත් දැකීම් ඇති නැති සියල්ලෝම මේ කථාවට ලුණු ඇඹුල් ඇතිව පෝර පෝර දමත්වා! 



      

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...