එක කුස උපන් ගීතයක්!
අප කලා
කරුවන්
දකින්නේ
ඔවුන්
කරණ
නිර්මාණ තුළිණි. ප්‍රේම්ව හදවත
දකින්නේ “සඳකැන් වැසිලා”ගීතයෙනි. බණ්ඩාර.කේ.විජේතුංගයන්ව මා දකින්නේ “සොවින්
පිරි
මගේ
හදවත”තුලිණි. ප්‍රේම්ටත් බණ්ඩාරටත් මෙය සර්ව සාධාරණ වූවාට සකල
ලෝක
වාසී
සියළුම
කලා
කරුවන්
මෙම
තරාදි
තට්ටුවට
දමා
කිරා බැලිය
නොහැක. ඔවුන්ව කිරා බැලීම කෙසේ වෙතත් සමහර
කලා
කරුවන්
අපව
කිරා
බලන්නේ
මස්
කඩේ
දුනු
තරාදිය
නොහොත්
ස්ප්රිං බලාංසයේ එල්වාය !
මස් කඩේ දුනු තරාදිය ගෙනාපු අලුත!
මෙය
කලා
කරුවන්ට
පමනක්
නොව
සකල විධි
සමාජයටම
පොදු
තත්වයකි. මෙම සමාජය මත බිහිවූ මේ බ්ලොග් ලෝකය
ගත්තද
එසේ විය යුතුය.වදන්
වලින් පැණි බේරෙණ, ඇස්
කෙවෙණි
වලට
කඳුළු
උනන, පියයුරු කිරෙන් පිරෙණ ගී, කවි කතා නිසඳැස් පැළලි, පැදුරු
දිග
හරිණ
බ්ලොග්
කරුවන්ගේ
නියම
ඇතුලාන්තය
දන්නේද
ඔවුන්
හා
ඔවුන්
වටා
ඉන්නවුන්
පමණි.
ලොව ප්‍රථම කම්කරු සටන තෙළිතුඩට...
එකල
දක්ෂ චිත්‍ර කතා ශිල්පියෙකු වූ නැසී ගිය පී.ඒ.ලීලාරත්නයන් නිර්මාණය කල චිත්‍ර කතාවක සුන්දර දෙබසක් විය!
“අයිසේ
තමුසෙ
පොඩ්ඩක්
වැදගත් විදියට
හැසිරෙණවකො
…!”
“හරි
සර් බඩගින්න
දැනෙනෙ
නැත්නම්
අපිත්
වැදගත්
තමයි
ලොක්කා…!”
ප්‍රදීප් එක්නැලිගොඩ බහුතරයේ කැමැත්ත දුටු හැටි !
බ්ලොග් කරුවන් මීට වඩා වෙනස් විය හැකිද?
මා
විශ්වාස
කරණ
ධර්ම
තාවයක්
ඇත.“ බල්ලන්ගේ එකමුතු බව පිරික්සීමට උන් අතරට කෑමක් දමන්න!” එම මාගේ ධර්මතාවයයි. එසේම මිනිසුන්ගේ මිනිසත් බව මනින්නට උන් අසලට කාන්තාවක් යවන්න. එතෙක් උන් ලියූ හා තවම ලියන වැදි බණ රැඳි නිර්මාණ හුදෙක් වචන රොත්තක් විනා කිසිදු
හරයක්
නොමැති
බව
තේරුම්
යනවා ඇත.එතෙක්
කවි
ලියා
හොටු පෙර පෙරා ආදරය වෙනුවෙන් තම හදවත
පෙති
පෙති
කපා
බටර්
ගා සීනි
දමා
දුන්
මංපහරන්නන්
හෙවත් “ලව් හොරුන්”කලකදි
ඇයව
හඳුන්වන්නේ; ප්රයෝජනයට ගෙන අත් හල හුදෙක්
පාරිභෝගික
භාණ්ඩයක්
ලෙසටය!සයිකල් පදින අප ගෙවී මාරු කරණ පරණ
බයිසිකල්
චේන්
එකකටවත්
අප
එසේ
සලකන්නේ
නැත!
මනුසත්කම
වැටෙන්නේ
කාණු
පල්ලටය.
(මේ
ලව්
හොරුන්;බණ්ඩාර.කේ.විජේතුංග තම රසාලිප්ත ගීත රචනාවක්වූ “මිහිඳුම් සළුතිර පැළඳි නමුණුකුළ” ගීතයේ හඳුන්වන්නේ “පෙම් රකුසන්”ලෙසය!)
මාගේ
බිරිඳගේ
මවගේත්
පියාගේත් 50 වෙනි විවාහ සංවත්සරය මීට කලෙකට පෙර සැමරුණි. එය සැමරිය යුතු එකක් බව මමද හිස් මුදුනෙන්ම පිළිගත්තෙමි. විවාහවී අවුරුදු 50 ක් ගිය අය මේ කාලයේ බේත් වාගේය.එයට හේතු රාශියකි. බැදලා අවුරුදු 50 ක් යනවිට බොහෝ විට එක් අයෙක් මිය ගොසිනි. නොඑසේම නම්
ඔවුන්
දික්කසාද
වී
ගොසින්ය.
මෙම සංවත්සර උත්සවයේ සංවිධාන කටයුතු
වලදී
මටද
වගකීම්
සම්භාරයක්
කරට
වැටුනේ
නිතැතින්.ඒ මාමණ්ඩිය හැරුණුවිට පවුලේ ජේෂ්ඨතම සාමාජිකයා වූයේ මා නිසා විය යුතුය.
ඊට
අමතරව
මේ
කටයුත්ත
ඉහලින්ම
කල
යුතු
එකක්
බව
මුල
සිටම
මගේ බිරිඳගේ
දොළදුකක්
වීමත්
මීට
හේතුවක්! එයාට ඕන මේක Surprise
Party ක්
හෙවත්
අන්පේක්ෂිත
සාදයක්
ලෙස
ඉටුකර
දීමට!
ඉතින්
මේ
නිසාම
මූලික
වටයේ
සාකච්ඡා
කිහිපයක්
පැවැත්වුනා
මාස
කීපයකට
පෙරදීම! මෙහිදී වැඩි පුරම කතාවුනේ අපේ
මාමණ්ඩියගේ
හා
නැන්දනියගේ
රුචි
අරුචිකම්
ගැනත්
ඒවා
මෙම
උත්සවයේදී
ශාක්සාත්
කර
දීම පිළිබඳවත්.
අපේ
මාමණ්ඩි
ඇඟපුරා
බෞද්ධයෙක්!අනිත් බෞද්ධයන්ට තිබුනේ තෙරුවන්
උනත්
මෙයාට
තිබුනේ
සිව්රුවන් !
ඒකියන්නේ සාමාන්යයෙන් සමාදන් වෙන බුද්ධං, ධම්මං, සංඝං හැරුණාම මෙයාගෙ තව එකක් තිබුනා. එක තමයි “මහින්ද සරණං ගච්ඡාමී” කියන
එක. ඒතරම් මහින්ද වාදියා!මෙයාගෙ පෙකිණි වැල කපලා තිබුනෙත් අලුත්ගම පැරණි පාලමේ ගැට්ටෙ තියලා වීම මීට ආසන්නතම සිදුවීම ලෙසිනුයි මටනම් පෙනුනේ. ඒ බෞද්ධකම් කෙසේ වෙතත් මම හරි අපේ බාල මස්සිනා හරි ගියාම සලකන්න හරි දස්සයා! ඒවට කිසිම අඩුවක් පාඩුවක් වෙන්න තිබ්බේ නෑ කිසිදාක!
අපේ
මාමණ්ඩි
අපි
එක්ක
කිසිම
විහිළුවක්
නොකල
සුපිරි ගල් කාස්ඨ චරිතයක්
උනත්
එයා
අනිත්
අයගේ
විහිළුවලට
දැක්වූයේ
නිබඳ
කැමැත්තක්
රුචිකත්වයක්.
අපේ
මමණ්ඩිගේ
සුපිරිම
කොමිටලේ
තමයි
විල්සන්
ගුණරත්න
මහත්තයා.
මේ කියන්නේ බයිලානෙවේ මේ කරණ්නේ කථාවක් !
මීට
කලකට
පෙර
අපේ
හිතමිතුරු
ජුබිලි
පාටියකදට මේ
විල්සන්
ගුනරත්න
තෙමේ
පැමින
දුන්නේ
සුපිරිම
ආතල්
එකක්. එදා පාටිය අස්සේම; සාක්කුවේ වැටී තිබුණු මගේ කන එලියට අරණ් ඒකට ලංවෙලා බිරිඳ කිව්වේ “අපේ අම්මල තාත්තලාගෙ ඇනවසරි පාටියටත් මෙයාව ගෙන්නමු ..!”කියලයි! මමත් ඩෝප් මරගාතෙම දෙපැත්තට ඔළුව වැනුව වගේ මතකය!කොහොමත් ගෑනු කියන ඒවට පිරිමි අපි ඔළුව දෙපැත්තට වනනවා ඇරෙන්න වෙන
මොනවා
කියල
කරණ්නද? නේද ?
මම විල්සන් ගුණරත්න මහත්තයාව දෙවරක්
ඒවන
විට
මුණ
ගැසී
තිබුනා. එකවරක් “පාර්ක් විව්”එකේදි. ඔය කියන කාලෙ ඒක තිබුනේ වික්ටෝරියා පාර්ක් එක ඉස්සරහ
පාර්ක්
ස්ට්රීට් එකේ!දැන්
නෝරිස් කැනල් පාර පැත්තට ගෙනිහින්
අල
කලාට
ඒ කාලේ ඒක
සිරා “කන පොට්” එකක්!
දෙවෙන
වර
කඩවත
දී. මේ වන විට;මගේ මේ බ්ලොග් එක කියවන සියළු
පාඨක
පාඨිකාවන්
දන්නා
ඉලෙක්ටික්
සරාගේ - බයිසිකල් ලකීගෙ වැඩපොල ඉස්සරහදි. කොහොම හරි මේ උන්නැහැ ඉන්නේ කඩවත ආසන්නයේ බව මා හොඳින්ම දන්නා දෙයක්.මේ නිසාම අපේ බිරිඳට මෙයාව එයාගෙ තාත්තගේ සීන් එකට ගෙන්වන එක පලවෙනි අපේ “ජුබිලි
පාටි
කමිටු
රැස්වීමේ” සිටම සාකච්ඡාවට බඳුන්වූ කරුණක් උනා !
මෙම
පලමු රැස්වීමේදීම අප
අතරේ
වැඩකටයුතු
සියල්ල
බෙදා
හැරුණා.ඒ මොහොතේ සිට සිද්ධියට ඇවැසි කලා කටයුතු පැවරුනේ මාහට අපේ
පවුලගේ මූලිකත්වයෙන්.මමත්
ඉතින්
කලාබර
ආසියා
වගේ
වැඩේට
එන්ටර්
වුනා
කියමුකෝ.
මට ඕන
වුනේ
මේක
ප්රේමණීය ගීතවලින් පිරුණු රාත්රියක් කරණ්න!අපි සාදයට ආරාධනා කලේ;ඒ
දෙන්නගෙ
පැරණි
මිතුරු
මිතුරියනට.මට ඕන උනා එදින එම මොහොතට එන සෑම වයසකම අයට තමාගේ ජීවිතයේ කිසියම් හෝ දිනෙක අත්විඳි,පුදකල
තම
තමන්ට
පෞද්ගලිකව
වූ
ප්රේමය නැවත ස්මර්ණයට නැගෙන සැඳෑවක් නිර්මාණය කරණ්නට !
ඒ
දෙදෙනාව
උත්සව
ශාලාවට
ගෙන
ඒමේ
කටයුත්ත
අපි
සංවිධානය
කලේ Wedding Anniversary එක දවසට
Studio එකට
ගිහින්
Photo
එකක්
ගන්න
යන
මුවාවෙන් !
ඒ දෙදෙනා ශාලාවට එන තුරු එය විදුලි පහන් නිවා අඳුරේ තියන්නට නියමිතවයි තිබුනේ!
මගේ පැලෑන උනේ එයාලා ඇතුල් වෙන කොට; ඒ දෙදෙනාට අසුන් පනවා තිබූ ස්ථානය ආසන්නයේ බිම ඇඳිගත්තු දෙදෙනෙක් යොදවා;නාද ස්වරම් නලාවත් තවිල් බෙරෙත් යොදාගෙන පොඩි දේවාශිර්වාද සංගීත කණ්ඩයක් වාදනය කරවලා ඒකටම සින්ක්රොනයිස් කරලා“ඉසුරු දෙවිදු උමයංගන ……”මෙලඩිය ගස්සන්න!
ස්වර ගැන්වූ නාද - නාද ස්වරම්...
ඔය සීන් එක වෙලාවෙ ලයිට් - අප් කරලා තියෙන්නේ දෙන්නාගෙ අසුනයි අර වාදන ශිල්පීන් දෙදෙනා ඉන්න තැනයි විතරයි! මේ සීන් එක පටන් ගන්න කොටම ඒකියන්නෙ අම්මලා එන අන්තිම මොහොතේ අපේ ආරාධිතයින් අසුන් වලින් නැගිටවලා ලඟට ගන්නයි නියමිතව තිබුනේ. ඉසුරු දෙවිදු මෙලඩිය අන්තිමට ෆේඩ් අවුට් වෙන කොට අපේ ආරාධිත අමුත්තන්ගේ අත්පොලසන් නාදය සමග ශාලාව ඒකාලෝක වෙනවා!
සිනමාවේ ඉසුරු දෙවිඳු උමයාංගන.......
එතැන් සිට මවිසින් උත්සවය මෙහෙය වන්න පටන් ගැනෙනවා. මේ වන විට නොරට සිටින බිරිඳගේ කණිටු සොයුරු ඔහුගේ මුළු පවුල හා මගේ කොල්ලා සමග කිලෝමීටර අටදසක් මග ගෙවාගෙන එන්නට නියමිතව තියෙනවා.
මා ඊළඟට මාමණ්ඩිව පොඩි කතිකාවකට ගන්නවා.එතැනදි මා ඔහුව ප්රශ්න කිරීම තුලින් මෙතැනට ඔහුගෙ කණිටු පුතාගේ පිරිසත් ඔහුගේ ජේෂ්ඨ මුණුබුරාවන මගේ කොල්ලාගෙ අඩුව ඔහුගෙන් එලියට ගන්නවා.
එතැනදී ඒවන විට එම හෝටලයේම වෙනත් ස්ථානයක රැඳී ඉන්න බාල මස්සිනාව දූර කථනයෙන් සම්බන්ධකර ගන්නවා. ඉන් පසු ඔවුන්ව ශාලාවට එවෙලේ මෙරටට පැමිණි
ලෙසට ගෙන්වා ගන්නවා.
මේක තමයි මගේ තිර පිටපත උනේ.ඊළඟට පටන්ගන්නවා අපේ ප්රේම ගී සැදෑව!
පටන් ගන්නේ “ගලන ගඟකි ජීවිතේ ……” ගීතයෙන්. එතැන් සිට සුනදර ගීත පෙලක් !
ලියන්නට වදන් නැත.. මා පතන ආදරේ....!
“රෑණ ගිරා ජෝඩුවයි - හාද වෙලා ආදරෙයි”
“නුහුරු නුපුරුදු තනිය පිළිබඳ - මිහිර ආදරයයි කියා …”
“නිම් හිම් සෙව්වා මා සසරේ - හමුවී යුගයෙන්
බැඳියුගයේ “
“අඬන්නෙ ඇයි සුදු මැණිකේ - කියන්න පන මාගේ
..”
“ආරාධනා …. ආරාධනා …….”
“සීත
අරණේ සුපුල් නා මල සුවඳ ගැල්වූ ජීවිතේ
..”
“ආලේ මිහිර පෙන්වා - සියොතුන් හාදු දෙන්නා
”
“ඔබෙ දෙතොල් පෙති ලිහි -පිපුනු හසරැල් විලේ
”
“……………………………………………”
“……………………………………………”
මගේ මේ ප්රෝග්රෑම් එක කමිටු රැස්වීමට දාපු ගමන් අනේ දෙයියන්ගෙම පිහිටයි නාද ස්වරම් වැඩේ කැපිලා ගියා;මගේ බෙල්ල කැපිලා ගියා වගේ! මම ඉතින් “නරි කවද්ද ඩෝල ගැහුවේ” කියලා හිතින් හිතා ගෙන හිත හදා ගත්තා.
කමිටුව හමුවේ සිඳී ගිය මගේ සිහිනය !
ඊළඟට කැපුනේ මගේ සින්දු වැඩේ! මම හිතාන හිටියේ මගේ ඕන වැඩකට එන ; එකෝඩියන් එකයි , ලීඩ් ගිටාර් එකයි තව කලවමේ ජෑස් ඩ්රම් එකයි , තබ්ලා එකයි ගහන්න පුළුවන් අකාලයේ මියගිය “ස” ප්‍රසංගෙ හේමපාල ගාල්ලගේ වගේ කෙනෙක් දලා නිකං සිම්ෆනියක් වගේ වැඩේ දෙන ; දන්න කියන සංගීත් අංශයට පරසිද්ධ “යුනිෆෝම් අඳින”සෙට් එක දා ගෙන වැඩේ කරණ්න.
ලස්සනට ඇඳලා කරලා පිලිවෙලට ඇවිත් කරණ වැඩක් තමයි මගේ හිතේ තිබුනේ.
සූට් බූට් ගැසු මියැසිය!
ඒ වෙනුවට මගේ ලොකු මස්සිනාට ඕන වුනේ “පැදුරක්” ගස්සන්න! ඕන පැදුරක් නැතිනම් මාගලක් හරි ගහ ගනින් කියලා මම ඒ වැඩෙත් හිතෙන් අත හැර ගත්තා.
දැන් ඊළඟට මට ඉතිරි වුනේ විල්සන් ගුනරත්නව මේ වැඩේට පට්ටල් කරණ එක! මේකටත් ලොකු මස්සිනාගෙන් කියැවුනා තවත් නමක් ඒ ඔහුගේ හිත මිතුරු කුමාර තිරමාදුර .
මාගලක් සේ දිග ඇරී ගිය පැදුරක්!
මම මේ විල්සන් උන්නැහැගේ අංකය හොයාගත්තේ අන්තර්ජාලයේ දාලා තිබුනු “චරිත අටක්” දැන්වීමෙන් ! මම කතාකලා මෙතුමාට !
තවත් චරිතයක් නොපෙනී රඟමි !.
ගොරෝසු ගැඹුරු “ජම්බො පී නට්” හඬ; ගොත ගසමින් දූර කථනයේ එහා කොනෙන් මතුවුනා! මගේ වැඩේ සාවදානව අසා සිටි ඔහු එදින රාත්රී 9.00 පමන කඩවත නගරයේදී හමුවී කතා කල හැකි බව පැවසූවා!
අදාල දිනයේ මමත් බිරිඳත් රාත්රියේ කඩවත නගරයට සේන්දු උනේ මේ මහා කලාකරුවා මුන ගැසිලා අපේ වැඩේට දිනයක් කාරිය දාගන්න!
නියමිත වේලාවට මදක් පරක්කුවී ඔහු කඩවත නගරයට අපට බලාපොරොත්තුවක්ද සමග පැමිනියේය.
“මේ අපේ අම්මගෙයි තාත්තගෙයි වෙඩින් ඇනවසරි කට තමයි ඔබ තුමා ගේ සහභාගීත්වය අපට අවශ්‍ය වෙලා තියෙන්නේ. අපේ තාත්තා ඔබතුමාගේ හොඳ රසිකයෙක්! අපි මේක කරණ්නේ සහෝදර සහෝදරියො හතර දෙනෙක් එකතු වෙලා ………….” මම අපේ බිරිඳට ආරෝපනය වී කියවාගෙන ගියේය.
“බෝ..ම හොඳයි ! බෝ..ම හොදයි !! දැ දැ දැන් කාලෙ තමන්ගෙ දෙමව් පියන්ට සලකන දරුවන් හරිම අඩුයි. මම හරිම අගේ කරණවා! මම වැඩේ කරලා දෙන්නම නියමෙටම! එයා මහින්දට කැමති නම් “මේවගේ උත්සව අපේ කාලේ තිබුනද අපෙ හාමුදුරුවනෙ …….!” කියලා පොඩි කෑල්ලක් එහෙම දලා මම වැඩේ කරලා දෙන්නම් හරියටම…….”
විල්සන් ගුනරත්න මහතා මා හමුවේ කඩවත නගර මාධ්යයේ සිට රඟපා කතාවට පන පිහිටුවා පෙන්නුවේය .
“ මේවගේ උත්සව අපේ කාලේ තිබුනද අපෙ හාමුදුරුවනෙ …….!”
“හරි දැන් ඔබ තුමාගෙ මේකට අය කිරීම කීයද …අපිට
ඕන විනාඩි 10 ක විතර පොඩි සීන් එකක් ..?”
“ඔ ඔ ඔබ ත් තු තුමා හ්හෙට මට කෝල එකක් දෙන්නකෝ. අපි maintain කරණ standard එකක් තියෙනවා නේ! අපිට ඊට ගැලපෙන දෙයක් තමයි කරණ්න ඕනෙ!හ් හෙට ම්මම් මට කෝල් එකක් දෙන්නකෝ !?
“වැඩේ නියමෙට එයාට තේරුණා නේ !?” මම බිරිඳට කියමින්ම ඔහුව ගේ ලඟින් බස්සවාගෙන ගෙදර එන්න හැරුණි.
ඔහු අන්තිමට අපගේ රථයෙන් බහින වෙලාවේත් නැවත අවධාරණය
කල දේ මගේ දෙසවන රැව් දේ !
“ඔබ තුමන් ලා මේ දෙමව්පියන් වෙනුවෙන් කරණ දේ ගැන මම හරිම සතුටුයි ………….”
“ඇත්තටම අපි ඒතරම්ම හොඳ පිරිසක් නේද?” මම මගෙන්ම අසා බැලුවෙමි. මම ඔවුන්ගේ දරුවෙකු නොවන බව දන්නවා නම් තවත් මා පිළිබඳව පැහැදේවි! මෙසේ සිතමින් මා හා බිරිඳ නිවසට පැමිනුනෙමු.
පසුදින ඔහු පැවසූ වේලාව එන තුරු මා සිටියේ නිරණ්තරයෙන් වෙලාව බලමින්ය. බිරිද ගෙදරින් එන්නට පෙර මා හට දුන් අවවාදය , ඉල්ලීම උපදේශය මතක්විය! ඔයා කොහොම හරි කතා කරලා රුපියල් 5000 – 10000 ත් අතර ගානකට සෙට් කර ගන්න බලන්න. නැතිනම් අපේ බජට් එක අපිට දරා ගන්න බැරි වේවි!
නියමිත වේලාවට මා ඔහු ඇමතිමි. කිහිප වතාවක් ඇමතීමෙන් පසු ඔහුව සම්බන්ධ කර ගන්න මාහට හැකිවිය!
“මට නම සල්ලි එච්චර ගානක් නෑ. මොකද ඔබ තුමාලා කරණ වැඩේ බොහොම වටිනවා! එත් අපි maintain කරණ standard එකක් තියෙනවා නේ! මේ වැඩේ මට තනිවම කරණ්න බෑ. ඒකට තව දෙන්නෙකු ගේන්න ඕනෑ. මට සල්ලි නැතත් කමක් නෑ . ඒත් ඒදෙන්නාට මම ගෙවන්න ඕනනේ !”
“හරි කීයද ගාන කියන්නකෝ ……….!?”
“මට හැත්තෑ පං දාහක් දෙන්නකෝ …! මම ඔයට හින්දා කියන්නෙ!! මම නියමෙට වැඩේ කරලා දෙන්නම් !!!”
“ ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? "
“එච්චර ගානක් නම අපිට දරාගන්න අමරුයි! බැරිද 20000 කට කරලා දෙන්න?” මම මට ලබාදී තිබුනු කෝටාව; කිසිදු අවසරයකින් තොරව ඩබල් කෙරුවෙමි.
“මට හෙට කෝල් එකක්
දෙන්නකෝ ……”
මම නැවත පසුදින නැවත ඇමතුවෙමි.
“අනේ ඔය දවසේ මට එන්න වෙන්නේ නෑ. වෙන වැඩක් තියෙනවා !”
වැඩේ එතැනින් කෙළවර විය.
යාළුවා...මොනවද ඕනේ..?
පසුව මම සිද්ධිය කමිටුවට
ඉදිරිපත්කලෙමි. කුමාර තිරමාදුර නැවත කරලියට ආවේය.ටික දිනකින් කුමාර තිරමාදුර හමුවී ලොකු මස්සිනා විසින් මුළු වැඩේම ඔහුට භාර දී තිබුනි . පැදුර භාරගෙන තිබුනේ තවත් මාස්ටර් කෙනෙක්ය. කොමඩිය කුමාරත් මිහිර සිරි තිලකත් විසින් කිරීමට පොරොන්දු වී තිබුනි. පැදුරට ගාස්තුව 25000 කි .කුමාර තමන්ගේ පාට් එක නොමිලේ කරණ්නත් තමන්ගේ යාළුවාට පමනක් ගෙවීමක් කරණ ලෙස ඉල්ලීමක් කර තිබුනි!යාළුවාගේ ගාස්තුව 30000 කි!
යාළුවාගේ යාළුවා...!
මා සියල්ල නිහඬව විඳ දරා ගත්තෙමි. නියමිත දිනට සතියක දෙකක සිට මා පැදුරු මාස්ටර්ව අල්ලා ගන්නට මහත් වෑයමක් ගත්තෙමි. යාන්තමින් ඔහුට කතා කරණ්නට හැකි විය. වැඩ සටහන මෙහෙය වන්නා ලෙස මාහට ඔහු සමග කතා කර ගැනීමට ඇවැසි වූ කාරණා කිහිපයක් විය.
ඔවුන්ගේ ඇඳුම , ඔවුන් ගායනා කරණ ගීත , වැඩ සටහන අතර ඇවැසි ව තිබුනු ජය මංගල ගාථා හා පුංචි දවස් වල නින්දට යද්දී ගීතයේ සංගීත කණ්ඩය වැනිදේ ඉන් අතුරින් ප්රධාන විය.
ඇදුම පිළිබඳව විමසීමේදී ඔවුන්ගේ පිළිතුර වූයේ “අපි වැඩ වලට යද්දී අදින වෙනම ඇඳුමක් තියෙනවා ..!” යන්නය. දෙවැන්නට පිළිතුර වූයේ “අපි පැදුරුවල කියන සිංදු ටිකක් තියෙනවා ..!!” කියන එකය. අනිත් ඒවාටද මොන මොනවාද අපැහැදිලි දේවල් රාශියක් කිව්වේය.
දිනය එළඹුනි !
පැදුරේ උදවිය පැමිනුනි. එකෙක් බොඩි ෆිට් එකකින්ය. තව එකෙක් බතික් කමිසයක්ය. මාස්ටර් කියාගත්තු වැඩකරු පැමිනියේ වේස්ට් කෝට් එකක් වැනි එකක් දමාගෙනය !
මා නැවත මාගේ ප්රශ්න මාලාව ඔර්ගන් ශිල්පියාට ඉදිරි පත් කලෙමි. කිසිදු දේකට කෙලින් පිලිතුරක් නොලැබුනි ! මා ඔවුන් වෙත ලබාදුන් ගීත 20 ක පමන ලැයිස්තුව කිසිදු සැලකිල්ලකින් තොරව පසෙකින් තැබිනි !
ඒ වන විට මෙම ස්ථානයට අරක් ගත් “ඇනය”මා බව
ඔවුන් තේරුම් ගෙන තිබුනි. පැදුරු මාස්ටර් හා මා අතර ඇතිවුනු “රෙදි” කථිකාව
මේ අයටද සම්ප්‍රේෂනයවී ඇති සේයාවක් විද්‍යාමාණ විය.
මූලික වැඩ කටයුතු වලින් පසුව පැදුර ඇරඹුනි. එතෙක් හෝටලයේ මුල්ලකට වී මධ්‍ය සාරයෙන් සංතර්පනය වී සිටි මාස්ටර් ප්රථම ප්රේම ගීතය ගයන්නට විය.
“බුදුන්ගේ අමා ධර්මේ ………!”
එතැන් පටන් වැඩේ “ඉස්සන් මගුරන්” ගෙන් පටන්ගෙන “වස්තුව ඉල්ලන කෂ්යප පුතා” පසුකරගෙන කෙරීගෙන ගියේය. මොහොතකින් එතනට පැමිණි කුමාර තිරමාදුර ජෝතිගේ රසාලිප්ත ගීත කිහිපයක් ඔහුගේ ඌරුවට යටිගිරියෙන් කෑගසමින් කෙස්ස කඩාගෙන ගැයීය ! අවසනයේ “මාළඹේ කියූ කිසිවෙකු …..” ගීතය පවා ගැයිනි. මා සියල්ල උපේක්ෂාවෙන් බලා සිටියෙමි.
කොමඩිය ලෙසට දෙපිට කැපෙන කුණුහරුප දෙක තුනක්
ඇතුලත් එලොවටත් නැති මෙලොවටත් නැති දෙබස් ටිකක් කියවාගෙන ගියේය !
ඊ ළඟට ආරාධිතයින් ගීත ගායනා කරණ්නට පටන් ගත්තේය.ඒ සමග මම ඔර්ගන් ශිල්පියා වෙත ගියේ මාගේ කොලුවා හා කෙල්ල ප්රශස්ථ මට්ටමින් ගයන දීපිකා හා සුනිල් ගේ “අහසයි ඔබ මට….” ගීතයට පසුබිම් සංගීතය හිඟාකන්නය!
අපේ කෙල්ලගෙයි කොල්ලගෙයි ගීතය!
ඔහුගේ පිළිතුර වූයේ “මොකද්ද ? කවුද ඕක කියන්නේ ?? වෙන එකක් කියන්න නැද්ද ??” වැනි එගොඩටත් මෙගොඩටත් නැති වැකිය .
අවසනයේ මාගේ දරුවන් ගීතය ඇරඹීය.
අහලාවත් නෑ කී ගීතයේ Introduction , Interlude ,
Counterparts , Chords සියල්ල නිවැරදිව හසුරවමින් පරිපූර්ණ මියැසියක් සර පුවරුවෙන් සැපයිනි!
එය එසේ නොවුනානම් එය සංගීත කාරයන්ගේ හිඩැසක් වීමට තිබුනු ඉඩ ඔහු මැනවින් වසා දමා ගත්තේය !
අපි බලන්න එනව නේද?
මම සියල්ල ඉවරවුනට පසුව මාමණ්ඩියටත් නැන්දණියටත් කිට්ටුවී පොඩි පහේ අදහස් විමසීමක යෙදුනෙමි!
“කොහොමද වැඩේ …..?”
“අර ගෝසාව නොතිබුනානම් පංකාදු පහයි!”
ඔවුන් ; තම අදහස නිදහසේ කියා දැම්මෝය!
“ඉරිසියා කාරයෝ වෙනවද කලා කාරයෝ …..” කියා නලීන් පෙරේරා ගැයුවේ මෙවන් කලහා කාරයන් ගැන සිතා විය යුතුය !
“ඉරිසියා කාරයෝ වෙනවද කලා කාරයෝ …..”