අවසාන කොටස!
අපා දෙපා සිව්පා බුහුපා සියල් සතුන්වෙත මෙත පා - මින්නේරිය වැවාණෝ!
අප
අපගේ ගමන පිටත් වීමට පෙර බුදුන් වඳිද්දි ;
මා මධූගේ කණට ලංවී එක් යෝජනාවක් කලෙමි.
“ මින්නේරි දෙවියන්ට ඇවිත් පඬුරක් දානව කියලා හිතා ගන්න !”
මින්නේරි
දෙවියන් යනු මහසෙන් රජතුමා යැයි විශ්වාසයක් පවතී. මින්නෙරි දෙවියනට කැපකොට සැදූ මින්නේරි
දේවාළය පිහිටා ඇත්තේ මින්නේරි වැව් බැම්ම මතය.
මෙම
ස්ථානයේ වැව් බැම්ම බොහෝ සෙයින් උස්ව පිහිටා ඇත .දේවාලය එක් ඉමක කුඩා බැම්මක් වේ. එම
බැම්ම නොඑසේනම් තාප්පය අයිනට ගිය විට අඩි 15කට වඩා පහතින් පිහිටි වැවේ ජල තලය පෙනේ. එසේම
වැවේ අනෙක් ඉම තෙක් ඇතින් ඈතට දෘෂ්ථි පථය විහිදී යයි. වියළි කාළගුනයේදී මෙම ස්ථානයේ අධික සුලං ප්‍රවාහයක් හමයි. එම සුළඟ හමන්නේ ඈත්
කොනේ සිට වැව් දිය සිපගෙනය. කිසිදු බාධාවකින් තොරව වැවේ ජල තලය හරහා එන සුළඟ මහත් වේගයකින්
වැව් බැම්ම මත පිහිටි දේවාළය ද එහි පැමිනි බැතිමතුන්ද නහවාගෙන හමායයි. මෙම
අඛණ්ඩ වාත ප්‍රවාහය කරණකොට ගෙන වැව දිය රැළි නංවයි. මෙම රැළි වැව්
බැම්ම දෙසට ගලා විත් රැළපනාව සිපගනී.
සේකරයන්
“සින්ධූප මාන වැව්තලාමතින් ඇදී …….” කියා ලීවේ
මෙම ස්ථානයේ සිටද? ඒකෙසේ වෙතත් අමරදේවයන්ගේ ශෝකා භරිත ලයාන්විත ස්වරයෙන් එම පද වැල
ගැයෙන විට මගේ සිත ඇසිල්ලකින් නතර වන්නේ මෙම සුන්දර සිතුවම අභියසය!
වචන නොලියමි.........
වියළි
කලාපයේ මෙම අද්විථීය වාපී කර්මාන්තය පිළිබදව
ලියැවුනු පොත් දෙකක් ඇත. ඉන් එකක් වන්නේ මහාචාර්‍ය
බස්නායකගේ “ශ්‍රී ලංකාවේ පුරාණ වාරි මාර්ග
ශිෂ්ඨාචාරය”නම් ග්රන්ථයය (කතුවරයාගේ හා ග්‍රන්ථයේ නම ලියූවේ
මතකයෙන් බැවින් තරමක් ස්දොස් විය හැක. ඊට සමාවන්න). අනෙක වන්නේ රොට වැව
උදුල බණ්ඩාර අව්සදහමි විසින් ලියන ලද “වැව” නම් ග්‍රන්ථයයි. මින් පළමු වැන්නට වඩා දෙවැන්න
සුවිශේෂී වන්නේ එය ලියූ ගත් කතුවරයානෝ වැව් බැඳි රාජ්ජ්‍යයේ ගොවි පුතකු ලෙස ඉපිද; වැව්
දියෙන් වැඩී; වැවට ආදරයකල එසේම ඒවෙනුවෙන්
සමාජමය කාර්‍ය භාර්‍යයකට උරදුන් අයෙකු වන බැවිනි!
එම
ග්‍රන්ථයේ පිදුම මෙසේ පෙලගස්වා ඇත.
“ජාතිය කැඳවාගෙන යනු ලබන
ඉසව්ව
පිළිබඳ හාංකවිසියක් නොදත්
ලාකීය
ජනතාව සේ;
මව්
මළ බව නොදැන
ප්‍රාණ
නිරුද්ධ කිරි බුරුල්ලෙන්
කිරි
උරන බිළිඳකු සේ ,
මියැදෙන
වැව් පා මුල හිඳ
වැව්
දියවරට පොර බදන
වැව්
බැඳිකලාපයේ
ජනී
ජනයනට
ඉමහත්
ස්නේහයෙන් යුතුව
මේ
අදහස් අහුර
පුදමි
.”
එම
පොතේ පසු කවරයේ ලියා දක්වා ඇති වගන්තියෙන්
වැව හා ස්වභාදහම පිළිබඳ උදුලගේ දැක්ම විස්තර කෙරෙන්නේ මෙසේය.
“ මිනිසා
සිය පැවැත්ම උදෙසා සොබාදහම වෙනස් කරයි.
එහෙත්
ඔහු අතින් එතැන ගොඩ නැගෙන නව පරිසරය
යළිත්
වහා සොබාදහමට සුසංගතව ගමන් කරයි නම්
සොබාදහමේ
සුන්දරත්වයට හෝ
එහි
අවිචිඡින්නතාවට එය බාධා නොකරයි.
වැව
එවැන්නකි.
මිනිසා
වැව් බැඳවූ වහාම
සොබාදම
පැමින ඒවා තුරුළු කර ගත්තා සේ
මේ
සියලු වැව් සොබාදහමටම එක්වී ඇත.
නිමකොට
; ප්‍රථම දියවර මුදා හැරිදා සිට ,
ශත
වර්ෂ දාහතක් තිස්සේ නොකැඩී නොබිඳී පවතින වැවකට
ඒ
සා තිරසර බවක්
නිමැවුම්
කරුවන් විසින් පවරා ඇත්තේ
එහි
කුමන සාධක ඔස්සේ ද ? ”
පංසලේ පියනම!
එකෙන් අහලා බලන්න වචන ටික! වැවකටලැබෙන අපෙන් ලැබෙන සැළකුම් මදි යැයි ඔබට සිතේවි හදවතක් වෙත්නම්!
ලංකාවේ
වැවක් ගැන ලියැවී ඇති එකම ගීතය වන; ගරු මර්ස්ලින් ජයකොඩි පියතුමා විසින් පද රචනය කරණලද; ඩන්ස්ටන් ද සිල්වා විසින් සංගීතය සැපයූ නාලිනී රණසිංහ ගායිකාව විසින් මෙයට බොහෝ කළකට පෙර ගැයූ “කහවන්
වැහගොයමට රන් දිය වැහැලා” ගීතයෙන් ගැයෙන්නේද
මේ සුන්දර මින්නේරිය වැව ගැනමය.
සුන්දර පැරකුම් සයුර!
ලංකාවේ
විශාලතම වැව පරාක්‍රම සමුද්‍රය වුවද
කවියා කවි පබදා ඇත්තේ මින්නේරි වැවගැනය! එසේම මොනතරම් විශාල වැවක් කලද පරක්‍රමභාහු දේවත්වයෙන් පුදන්නට එදා ජන්තාව
පෙළඹී නැත.
මින්නේරිය සොරොව්ව. මේ ගලන්නේ දස දසකට ජීවය සපයන රුධිරයයි
ජලය
අක්කර අඩි ලක්ෂයක ධාරිතාවයකි යුතු මේ පින් කෙතෙහි
ජලතලය අක්කර 6000 කි! ලෝකයේ මහා පුදුම
හතෙන් එකක් වන මිසරයෙහි පිරමීඩ අතරින් විශාල තම පිරමීඩයෙන් පොලවේ වසාගෙන ඇති භූමි ප්‍රමානය අක්කර 13 ක් පමනි!!
මින්නෙරිය ,පරක්‍රම සමූද්‍රය , කළාවැව එක්ක තැබූ කල තවත් එක් අහිංසක නිර්මාණයක්! -ගීසාහි පිරමීඩ.
මේ
සියල්ල අභිබවා මින්නේරිය වැවේ සුන්දරත්වය; මහසෙන් නරෙන්ද්ර්‍යානෝ දේවත්වය මත වඩා හිඳුවන්නට
හේතු වන්නට ඇත. මොනතරම් විසල් වැව් කර්මාන්තයක් කලද ජනයා; පාරාක්‍රමභාහු රජතුමාව මහසෙන් රජතුමාගේ ස්ථානය අසලටවත් නොතබා ඇත.එයට හේතු
භූතවූ කරුණු කිහිපයක් පෙනේ. ඉන් එකක් වන්නේ මහසෙන් රජතුමා ගේ රාජ්ය කාලය වන්නේ ක්‍රි
ව 276-363 අතරවේ. පාරාක්‍රමභාහු රජතුමාගේ කාලය ක්‍රි.ව.1153-1186 අතරය. එනම් මහසෙන් රජතුමා රජවන්නේ පාරාක්‍රමභාහු රජවන්නට වසර 800 කට
පමන පෙරය. එකල මහා වැව් කර්මාන්තයක කෙරවූ අයෙකු මහා පුරුෂයෙකු ලෙස දෙවියන් තන්හී සැලකුම්
ලැබූවද පොළොන්නරු යුගයේදී එය සාමාන්ය දෙයක් වන්නට ඇත.
පුස්කොල පොතක් ගත් පුලස්තිද / වියගහ රැගත් පැරකුම්ද?
තවත්
ලෙසකින් ගත්තද පොළොන්නරු යුගය හින්ඳු ආගම බොහෝ
ලෙසින් ලක්දිව ප්‍රච්ලිතව පැවති යුගයකි. සඳකඩ පහණෙන් ගවයා අතුරුදහන් වන්නේද මේ යුගයේය. හින්ඳු ආගමේ තිස්තුන් කෝටියක් දෙවිවරු අතර අපේ පරාක්‍රම බාහුට ඉඩක් නොතිබෙන්නටත් ඇත!
තිස්තුන් කෝටියෙන් කෝටියෙන් පංගුවක්
ඕමාර ගොල්ල කන්ද නැගීමෙන් පසු අප කන්ද මට රැඳුනේ සුළු මොහොතකි.
අප
ආ මග දෙස හැරී බලා
නැවත ගමනට වැටුනෙමු.
එතැන් සිට කිලෝ මිටරයක් දෙකක් පමන දුරට යන තුරු අප කන්ද නැගීමේදී විඳි දුකට වන්දි ලබා ගනිමින් විය.
පොල් රුප්පාවක් අතරින් දිවුනු මග කුඩා හැරවුම් කිහිපයක් තිබුනත් එය බොහෝ සෙයින් පීත්ත පටියක් සේ විහිදී තිබුනි. එවන් පාරක් දිගේ
වේගයෙන් පහත බහින විට මුහුණ පාන්නට සිදුවන විශාලතම ගැටළුව වන්නේ මාර්ඝයෙහි කිසියම් කඩතොළුවක් වලක් වැනි බාධාවක් තිබුන හොත් සයිකලය ක්ෂණිකව නවතා ගැනීමට ඇති අපහසුවය. එසේ නවතාගන්නට උත්සාහ කරද්දී සයිකලය විසිවී පෙරලී යාමට ඉඩ ඇති අතර; නවතා ගැනීමට නොහැකි වුවහොත් කඩතොළුවට
ඉදිරිපස ටයරය හෝ ටයර දෙකම ද
එසේත් නොමැතිනම් සයිකලයේ රිම් එකකට
හෝ දෙකටම
හානි සිදුවිය හැක.
වනේ වෙසෙන වන හතුරෙකුට වත් මෙවන් විපතක් නොවේවා.
මේ වෙනින් කාගෙද එකක්!
එහෙත් මෙම වේගයට එරෙහිව තිරිංග යෙදීමද බ්රේක් පලු විනාශවී යාමට තුඩු දෙන කරුණකි. ඊටත් වඩා ඒ තරම් දුකක් විඳ ලබාගත් සතුට බ්රේක් ගසා නැති කර ගැනීමට අපට තිබුනු අකමැත්තය!
පල්ලම අවසාන වන විට හැඟුනේ; නැග්ග කන්දට සාපේක්ෂව බැස්ස පල්ලම දිග මදි වගයි! මෙය සාමාන්ය මිනිස් ස්වභාවයකි! මේ සියළු කඳු පල්ලම් පසු කර අප තව තවත් ඉදිරියට පැද්දෙමු.
ඊලඟ අප පසු කරණ
ප්රධාන නගරය වූයේ ගලේවෙලයි.මෙම නගරයට ටික දුරකට පෙර අප මාර්ඝය අසල කුඩා කඩයක් අසල දිවා අහාරය ගන්න්ට නැවැත්වෙමු.
අපි කන තුරු!
කාලා පොඩි ඇලයක්!
දිවා ආහාරය සඳහා කිරි තේ එකකට දමා ගන්නා ලද ඕට්ස් ගත් අප මද වෙලාවක් නතරවී සිට පිටත් වුනෙමු. ගලේවෙල නගරයට එළඹෙන විට දහවල් 1.30 ට පමන වන්නට ඇත. නගරය මාධ්යයට එන විට හිරුරැසින් අපව දැඩිසේ පිළිස්සෙමින් විය.
ගලේවෙල!
මොහොතක් දෑස් වසා ගෙන ගලේවෙල ටවුම මනසින් මවාගන්න. ඔබ අනෝරා වැස්සක තෙමෙමින් සිටියත් වැහි වතුර අභිබවා දහඩිය පොල්ල දන්නේ ඔබට නොදැනුවත්ම නොවේද? එවන් නගරයක් මැද අප ගිණි කූඨකයේ බයිසිකල් පදිමින් විය! නගරය අවසන් වන සීමාවේ වම් අත දෙසින් ජූස් බාර් එකක් නොහොත් පලතුරු යුෂ විකුනන ස්ථානයක් මා දිටීය. අප දෙදෙනාම ඒ දෙසට හැරුනේ ඉබේටමය.ජූස් බාර් එක පිහිටියේ පඩි 8-10 ක් නැග්ග පසු උස් ස්ථානයකය. මොහොතකින් අප පඩි පෙල තරණය කොට ජූස් බාර් එක අභියස විය.
අප දෙදෙන ප්රදර්ශන පුවරුව දෙස බලා ඇනවුම ඉදිරිපත් කලෙමු.
මුලින් මධූට උවමනා වූයේ දොඩම් එකක් බීමට වුවද මාගේ කැමැත්තමත ඔහුද තම ආශාවන් සිතේ තද කරගන්නට ඇත.
පැතුවේ මෙවැන්නක්......!
මේ වෙලාවට හොඳම අනෝදා එකක් බිව්වනං! මම
ජූස් බාර් එකේ තිබුනු කටු ආත්තා නොහොත් අනෝදා රූපය පෙන්වමින් කිව්වේය. අනේ අපරාදේ
කියන්න බෑ මධුශාන්ද එයට එකඟ විය.
“අපිට
අනෝදා දෙකක් දෙන්න !” මම උස් හඬින් පැවසීමි.
“අනෝදා
නෑනෙ !”
“අප්පට
සිරි ! එහෙනං දොඩං දෙකක් දෙන්න !”
“දොඩං
නෑනෙ !”
“මොනවද
එහෙනං තියෙන්නෙ?”
“කොකා
කෝල ,අලියා බීම …….!” වැලක් කියාගෙන ගියේය
.
“ඇයි
පළතුරු නැද්ද ?”
“අපි
තාම පටන් ගත්තෙ නෑ !”
“…………………………..!?!?!?”
කියන්න
වදන් නොමැත. අප ලොකු අලියා බීම බෝතලයක් ගෙන පිපාසය තවත් වැඩිකරගෙන ඉන් පිටත් වුනෙමු.
ලැබුනේ මෙවැන්නක්.......!!
ගලේවෙල
සිට දඹුල්ල දක්වා එන ගමනත් ඉන් ඉදිරියට යෑමේදීත් අතිශය ලෙස හිරු රැසින් දැවුනෙමු! අප ගෙන ආ ටී ෂර්ට් ඔලුවේ ගැටගසා ගත්තෙමු. එහි නිදහස් කෙළවර පිට දිගේ
වැටී තිබුනි.
ගලේවෙල පසු කරමින්!
මාරුවෙන්
මාරුවට ජලයද ජීවනීද බොමින් දඹුල්ල පසු කෙරුවෙමු. එතැන් සිට මාර්ඝය දිවෙන්නේ කිලෝ මීටර 2 ක් පමන දුරට එක එල්ලේය. මින් පලමු කිලෝමීටරය
දිගු පල්ලමකි. දෙවැනි කොලෝමීටරය දිගු කන්දකි! පලමු කිලෝමීටරයේ පල්ලම විවේක සුවෙඅයෙන්
පසුකර ලබන සතුට මෙන් දෙගුනයක දුකක්; දෙවැනි කිලෝමීටරයේ කන්ද නගිද්දී ගතට දැනේ.
ලඟදීම හේන් ගොවිතැන් සඳහා පස් අවුරුද්දකට බදු දීමට නියමිත දඹුල්ල කිරිකැට් පිටිය අබියස.
එතැන් සිට මදුෂාන් මට ඉදිරියෙන්
පදිමින් විය. අප අපගෙ ගමන් සටහනද; මධුෂාන්ගේ ඇපලේ ගූගල් මැප් අනුසාරයෙන්ද අපසිටින
තැන ගැන දළ නිමානයක් ගොඩනගා ගනිමින් අඩියෙන්
අඩිය ඉදිරියට ගියෙමු.
නොනැවතී ඉදිරියට....!
එතැන්
පටන් අප කිලෝමීටර කනු ගනන් කරමින්; කිලෝමීටර පහෙන් පහට නවතිමින් පදින්නට විය. ඇත්තෙන්ම
මා කිලෝමීටර පහකට සැරයක් නැවතී ගිමන් හරිනා විට මධූටද නිරායාසයෙන්ම විවේකයක් ලැබේ.
සීගිරිය!
මෙසේ සීගිරි හංදියද පසු කොට අප කෙමෙන් කෙමෙන් හබරණට
ලඟාවුනි. අපගේ මූලික ගමන් විස්තරයට අනුව අප හබරණ නැවතිය යුතුවේ. එහෙත් මධූට වගේ වගක් නැත.
ඔහු; ඔහු මවන පුරාවෘථය තුල ජීවත් වෙමින් සිහින මවමින් වන්නට ඇත.
මහන්සියෙන් ලියා දන්වන්න ඕනෙ නෑනෙ!
අප
හබරණින් හැරී මද දුරක් ගිය විට හමුවූ හද්ද චාටර් කඩේකින් පොල් රොටී කා යලිත් පිටත්
වුනෙමු. එතැන් සිට බොහෝ දුරකට යන තෙක් දිගු පල්ලමක් මුන ගැසුනි.දැන් වේලාව හවස 5.00 ට පමන ඇත. එහෙත් දවස තාමත් තරුණය! බැසයන
හිරි රැස් උස් බයිසිකල් පිට නැගුනු උස් මිනිසුන්
දෙදෙනෙකුගේ චිත්‍රයක් අපසමග පාර දිගේ මින්නේරිය දෙසට ගෙනයමින්‍ය.
ගන දෙවිඳු!
මින්නේරිය
මහ කැළය මැද ඇති පුල්ලෙයාර් සාමිගේ (ගන දෙවිඳුන්ගේ ) කෝවිල අසලින් අත්තක් කඩා එල්ලුවෙමු. නොබෝ වේලාවකට
පෙර එම ස්ථානයේ ගසන ලද පොල් කැබැල්ලක් කටුව සමග බිම විසිවී ගොසිනි. පඬුරක්ද දමා අප
පිටත් වුනෙමු. ගමන නිම කරණ්නට ශක්තිය ඉල්ලා සෙමෙන් මිමිනූ වදන් තවමත් දෙසවන් තුලය! එතැන් පටන් තවත් කිලෝමීටර දෙකක් පමන දුර පැදයන විට මාගේ
මස් පිඩුවලට; පාපැදියේ පෙඩලය පහතට තෙරපීමට නොහැකි තරම් ශක්තිය හීනවී ගොසිනි. අප ලඟ
කෑමට දෙයක්ද නොමැත.
ආයෙත් මේ වගේ ගොන් වැඩ නොකරමි!
ඝන
වනාන්තරය තුලින් රැහැයි හඬ හීන් හඬින් ඇසේ. මා ගමන කිලෝමීටරයෙන් කිලෝමීටරයට නැවතිමින් යන්නට
විය. පාරේ කුඩා බෝක්කුවක දෙපස ඇති සුදු පැහැති ගාර්ඩ් ගල් ; මාගේ ගෙදර ඉස්තෝප්පුවේ
තබා ඇති හාන්සි පුටු පේලියක් සේ දිස් වේ. මා නැවති නැවතී හිමින් හිමින් පදිමින් මින්නේරිය
දෙසට ගාටමින් විය. මේ ගමන මින්නේරි යෙන් එහාට මාහට යෑම හීනයක් පමනි.
ගාර්ඩ් ගල් පේලි සුව අසුනක් වේවා!
“පුතේ
අපි මින්නේරියේ නැවතිලා හෙට උදේම යමුද ?”
“අව්ලක්
නෑ ! බාප්පි ඉන්න !! මම ගිහින් හෙට උදේම එන්නම් බාප්පි එක්ක යන්න!!!”
“ඔයාට
යන්නම ඕනෙද ?
“ඔව්
බාප්පි ! මම කියන්නම් අපි ත්‍රී වීල් එකක් අරන් සයිකලේ ඒකෙ දාගෙන යමු”
“එතකොට
ඔයා ?”
“මම
පැදගෙනම එනවා !”
“එහෙම
බෑ ! පදිනවා නම් දෙන්නාම පදිමු. ඉන්නවානම් දෙන්නම ඉමු !! මොකද කියන්නේ ?”
“යමු
!”
“හරි
!”
මධුෂාන් මොහොතකට වත් තම ඉලක්කයෙන් ඉවත් වන්නේ නැත. මාහටද
තනිව ඉලක්ක්‍ය මග අරින්නට හිතක් නැත.
“හරි
පදිමු ! ”
යලිත්
පදින්නට විය. මොනවා වුනත් අප හවස හය - හය හමාර වෙන්න කලින් මින්නේරිය කැලෙන් පිට විය
යුතුය. ඊට
සති කිහිපයකට පෙර මෙම
කැළය මැදින් ස්කූටියක ගමන් ගත් විදේශික යුවලකට
වල් අලි ප්‍රහාරයක් එල්ලවී තරුණයා ජීවිතක්ෂයට පත්වී තිබුනි. එහි වඩාත්ම ශෝකාකූල පුවත
වන්නේ ඔවුන් මෙහි පැමින සිටියේ තම මධුසමය ගත කිරීමටය !
චූටි හුරතල් අලි පැටියෙක්!
ස්කූටියක්
පැද්ද එකෙකුට මැරෙන්න ගහන්න හැකියාවක් ඇති අලියෙකු ට
පුටාර් එකක් හෙවත් සයිකලයකින් යන අප ගැන කවර කතාද? එහෙත්; මග මළත් වේගයෙන් යෑමක් ගැන හිතන්නටවත් බැරිය. අප සෙමෙන් සෙමෙන් වනාතරයෙන් නික්මිනි. මින්නේරිය වැවේ මනරම් දිය දහර බොහෝ සෙයින් වියලී ගොසිනි.
ලොව පළමු එළවළු රොටිය ලෙස පේටන්ට් බලපත්‍රය ලබාගත් නිර්දේශකය අතැතිව - මධුෂාන්
තවත්
ටික දුරකදී අපට හමුදා අනු කණ්ඩයක් මගින් පවත්වා
ගෙන යනු ලබන කුඩා අවන් හලක් නෙත ගැටුනි. එතැනින් ආධුනිකයින් වෙතින් සැකසුනු එළවළු රොටී
සමග කිරි තේ පානය කොට නැවත ගමන් ඇරඹූයෙමු. තේ
බීමෙන් අප නැවත් යාන්තමින් මුවහත් වී සිටියෙමු. එම කැපුම් දාරය පැවතියේ යුද හමුදා කඳවුර
අසලට එන තුරු පමනි. එතැන් පටන් විසල් කඳු දෙකකට පමණ මුහුන දෙන්නට සිදුවී නැවත මා කලින්ම
අප සිටි ස්ථානයෙනුත් අඩි කිහිපයක් පහලට වැටුනි.
“පුතේ
අපි මින්නේරිය දේවාලයට යන්න ඕනෙ නේද ?”
“නැතුව! නැතුව!!”
ප්‍රධාන
මාර්ඝයෙන් හැරුණු අප වැව් බැම්ම මතින් වැටී ඇති පාර දිගේ පැදගෙන යමින් විය.
දෙවියන් වෙත කිලෝමීටර සිය ගනනක් මග ගෙවා....!
කිලෝමීටරයක්
දෙකක් පමන දුරක් අප පදින්නට ඇත. කිසිදාක මින් පෙර අප නොදුටු මල්, පහන්, පහන් තිර , හඳුන්
කූරු ආදිය පිරුණු “පින් විකුනන කඩ” පේළියක් එහි අළුතින් ඉඳිවී තිබුනි. අප
එම කඩ පේළිය පසුකොට ගොස් දේවාළය අසලට ගොස් සයිකලය අසල වූ ලයිට් කණුවකට හේත්තු කලෙමි. මාගේ
ගමන් සගයාද මා අනුගමනය කලේය. දේවාළය කපුවෙකු විසින් අරක් ගෙන තිබුනි. කලකට එහි පැවති
පෞරාණික, ගෞරවනීය ස්වභාවය කපුවා හා එතුමාට කුඩය අල්ලන එවුන් විසින් අනුභව කොට තිබුනි. කෙසේ
හෝ මෙම මහාවාපී කරුමාන්තය කොට දශක සිය දහස් ගනනකගේ බඩසාය නිමා කල පිනෙන් දේවත්වයට පත් මින්නේරි දෙවියන්ට
ආමන්ත්‍රණය සිත එකඟ කර ගැනීමට මාහට හැකිවිය. ඉතිරි කිලෝමීටර 30 කට ආසන්න දුර යන්නට අවශ්‍ය ශක්තිය දෙවියන් ඉදිරියේ ඉල්ලාසිටියෙමි. එතැනින්
අප ඉවත්වන වන විට කලුවර හාත්පසම පැතිරී තිබුනි. ආපසු අප සිටි තැනට නොඇවිත් මින්නේරිය
- පොළොන්නරුව පාරට වැටෙන අතුරු මගක් ඔස්සේ අප පැදීමු. හිස
බැඳි විදුලි පන්දම් එළියෙන් අප කිසිදු දිනෙක එතෙක් අප දෙදෙනාගෙන් කිසිවෙකු නොගොස් තිබූ
මගක් ඔස්සේ ඉදිරියට ඇදුනෙමු. බොහෝ දුරක් යන තුරු පල්ලමක මිහිරියාව විදින්නට අවස්ථාව
ලදිමු. හාල්
මෝල් අතරින්දිවුනු එම මාර්ඝය මින්නේරිය - පොළොන්නරුව පාර අභිමුව අවසන් විය.
එතැන්
පටන් මා නැවත ජව සම්පන්නව පදින්නට විමි. එතැන්පටන් ගිරිතලේ වැව
අසල කන්ද වුවද ගැම්මෙන් පදින්නට හැකි ශක්තියක් ශරීරයට ආරෝපනය වී තිබුනි. ඒ ශක්තිය මාලැබූවේ කිනම් අදෘශමාන දෙයකින් දැයි සිතාගන්නට නොහැක! එහෙත් අදටත් එම සිදුවීම; සැමදා මගේ සිතතුල තිබුනු අචල දේව භන්තිය තව තවත් ස්ථාවර කරණ්නට හේතු විය! ඉක්බති අප කිලෝ මීටරයෙන් , දෙකෙන් තුනෙන් ආදී වශයෙන්
නවතිමින් විනාඩි 10 ක පමන විවේකයක් ගනිමින් පැද ගියෙමු. ජයන්ති පුර ,
බැඳිවැව ආදී කුඩා හංදි අප මහත් උද්යෝගයෙන් පසු කලෙමු. බැඳි
වැව සිට එක ගැම්මට අප කුඩා ආනතයක් ඔස්සේ ගමන් කලෙමු .
විවිධ ආයතන මගින් සිටිවා තබා ඇති “පොළොන්නරුව” බෝඩ්
ලැලි කිහිපයක් පසුකරමින් ඉදිරියටම ආවෙමු.
පොළොන්නරුවට අප ඇවිත් ඇති බව අපේ සිත් අපට කියමින්ය. එහෙත් අප මේ ගමන අවසන් කල යුතුව ඇත්තේ අද්විතිය ස්ථානයකිනි! තවත්
සුළු මොහොතකින් අප “පොළොන්නරුව” ඔරිජිනල් බෝර්ඩ් එක ඉදිරියේ විය! මගේත් ඔහුගේත් සේයාරූ ඩිජිටල් ගතකෙරුවේය.
මේ කොහෙද කියා ලියාගන්නවත් පණක් නැත!
ඉන් ඉක්බිති ඔහු ගේ
සයිකලයේ සවි කොට තිබුනු කුඩා ඩිජිටල් ඔඩෝමීටරය නොහොත් ගමන් කල දුර දැක්වෙන
මාපකයේ රූපයක්ද සනිටුහන් කර ගන්නට විදුලි පන්දම එයට යොමු කලේය.
“බාප්පි
මේං !”
“මමද
එයට හොස්ස පෙව්වේය ”
222.79 එහි දැක්විනි.
දවසකින්
සයිකල් දෙකකින් අප කිලෝමීටර දෙසීයක් පැද තිබුනි !
පසු
වදන
අප
එදින රත්‍රියේ මධුෂාන්ගේ මහගෙදරට හෙවත් අපේ අයියාගේ ගෙදරට ගොඩ වැදුනෙමු.
අප සයිකල්යෙන් කොළඹ සිට පැමිනීම මධූගේ අම්මාට ලොකු
දෙයක් ව්ක්‍රමයක් වූවාට අපේ අයියාට ගානක් තියෙන බවක් නොපෙනුනි. ඔහු සිරිත් පරිදි වෙනත් අවශේෂ දේ ගැන කතා කරමින් විය . අපට
රාත්‍රී ආහාර ගැනීමෙන් අනතුරුව; මධූගේ මව , මගේ නෑනා , මගේ අයියා ගේ බිරිඳ හෙවත්
ප්‍රියන්ති අක්කා අප සිටි ස්ථානයට පැමින අයියා
වෙතට හැරුණි.
“මහත්තයෝ ඔයැයිත් ඔය වගේම දුරක් පැද්දලු නේද ?”
“ආ
ඔව් ! හබරණ - ගල්ඔය හංදියේ ඉඳන් කුරුණැගල හරහා
බිංගිරියට ! ඒකත් කිලෝමීටර් දෙසිය ගානක්!! ඒ පැද්දෙ ෆ්ලයිං පිජන් ස්ටැන්ඩර්ඩ් එකක් නෙ!!!”
ෆ්ල්යි පිජන් යනු ආසාවටවත් පදින්න හිතෙන්නේ නැති මහා බර සාර බයිසිකලයකි. අයියා පැද තිබුනේ පිටිපස ලැගේජයක්ද සවිකොට තිබූ සයිකලයක් බව මගේ මතකයට ආවේය. දැති 44 කොග්වීලය. දැති 20 ෆ්‍රී වීලය! ඇත්තටම
කොහොම පදින්න ඇතිද?
මට
අපේ කඩවත ටවුමේ ලකී අයියාව මතක් වුනි! “එකට
ගියෙ සුමනෙ! දෙක බොනියා!! ඒ
ඔක්කොම රේසින්ග් ඈ !? මම
හය ! ස්ටෑන්ඩර්ඩ්
වලින් එක! මේ තවත් එවන් කතාවක් නොවන්නේද?
“අයියෙ
මම නිදාගන්නද ……..? ” අයියා
“හා!” කියන්නටත් ප්‍රථම ; මා ගේ ඉල්ලීම පරිදි බිම දමා තිබුනු මෙට්ටයේ හාංසි වී දෙනෙත්
වසාගත්තෙමි ………!
Lions just don’t dream of Hunting, They just go and hunt!
පසුදින අප බයිසිකල් ගලවා මධුෂාන් ගේ DX වැගන් එකේ දාගෙන පොළොන්නරුවෙන් පිටත් වුනෙමු. සඳුදා හවස් වනවිට මධූ මට ඡායාරූප කිහිපයක් මේල් කර තිබුනේ ඉහත උදෘථය සමගිනි.
ඒ කියන්නේ කොල්ලො උඹලා අපි බළල් පවුලේද?
හම්මා..... මාරයිනේ
ReplyDeleteබොහොමත්ම ස්තූතියි! ඔයලත් ආව නිසා ඒ තරම් මහන්සියක් නෑ!
Deleteමේකත් ඔන්න ඔහේ මෙතැනම කියලා දානවා...
Deleteමම ඉස්කෝලේ යන කාලේ මට තදබල මවුන්ටන් බයික් පිස්සුවක් තිබ්බා. ගෙදර තිබ්බ අය්යාගේ මවුන්ටන් බයිසිකලේ තමයි මගේ ටාගට් එක. පුදුම ගේමක් දුන්නා ඒකෙන් ගමන් බිමන් යන්න. කොහෙද ඉතින් අපේ ගෙදරින් මට එකහෙලා කියලා හිටියා කෙල්ලෝ ඔහොම සයිකල් පැදගෙන යන්නේ නැහැ, යක්ෂ පැටියෝ අපේ නම්බුව නොකා ගෙට වෙලා ඉඳු කියල.. මම නෙවෙයි අතඇරියේ. අන්තිමේදී අපේ අය්යා කාරයා මගේ වැඩේ කඩාකප්පල් කරන්න ටියුබ් එකට වැඩේ දුන්නා. මම ඒත් ටියුබ් එකකුත් දාගෙන ගියානේ මහපාරේ පදින්නය කියලා. ඔව් ඔව්.. කොළඹ නුවර පාරේ.
හනේ ඉතින් වියලි සුනාමියක් වගේ මට බස්කාරයෝන්ගෙන් සහ රථවාහන පදවන විනීත රියදුරන්ගෙන් අඩන්තේට්ටම් එමටයි. උන්ට මේ මැජික් එක හෙනම මැජික් වෙලා.... මම ඉතින් අර මොකද්දෝ කාපු එකා වගේ ගෙදර ඇවිත් සද්දේ වහල හිටිය. තාමත් ආසයි ඒ වැඩේ කරන්න. ඒ උනාට අපේ මාරම සත්ගුණවත් මිනිස්සුන්ට ජෝක් එකක් වෙනකොට මම පාවිච්චියට ගන්න ඉන්න වෙස්මුන තාම මග... ආපු ගමන් පොඩි හරි දුරක් පදින්න ඕනේ මෙහෙම.
හ්ම්ම්ම් ඉස්කොතුයි මගේ මේ හිතේ අමාරුව යවාගන්න දුන්නට... හි හි හි
ලිඛිතා , මගේ පෝස්ටු කිය්වලා කොමෙන්ටු දාන නිශාන් කියලා. එයත් සයික්ලින් කරණ කෙනෙක්. එයා හැමදාම මට කතාකරණවා සයික්ලින් ටුවර් එකක් කරණ්න. ලඟදි අපි කරණ්න හිතාන ඉන්නෙ. එන්න පදිමු!
Deleteහත්වලාමේ මට දුර පදින්න බැහැ මම හිතන්නේ.. හම්මියෝ.... මම ඉවරෝ ( කට විතරයි..... දන්නවනේ)
Deleteයනවනම් ඔය බයිසිකල් පිටිපස්සේ චුටියට වගේ පුෂ් චෙයාර් එකක් එහෙම එල්ලනවා නම්, ඒකෙ යන්න එන්නම්! හි හි හි
ටික ටික දුර පදින්න පුරුදු වෙන්න. මගෙ "සයිකලයක් අරන් පදිමු!" පෝස්ටුව කියවන්න.ස්තූතියි!
Deleteඔය තියෙන්නෙ ගේම වින් කරල.
ReplyDeleteයම් දෙයක් කරන ඕනය කියල හිතේ අධිශ්ඨානය තියෙනවනං ගතේ සවිය කොහොම වෙතත් අවසානය දකින්න පුලුවන්.
මදැයි කට්ටිය අනෝද බොන්න ගියා.
වෙනදා වගේම ඔබතුමා අදත් ඉක්මනටම ඇවිත්! මම අර ගොඩකවෙලයි ගලේවෙලයි පටලවා ගත්තෙ මේ ගැන තමයි. ස්තූතියි!
DeletePraසන්ன හායි
Deleteකොහොමද අද ජෝලිද මොනවත් ගල් වැඩ කලේ නැද්ද අනේ ඔයා අනෝදා බොන්න ආසද මන් ගොඩකවෙල ආපුවිට දෙන්නම්
විහිළු නෙවෙයි ඇත්තටම එනවා ඔන්න!
Deleteඅනේ මමනං අනෝද බොන්න ආස නෑ ඇනේ.. හැක්..
Deleteඒක නෙවේ මම බයේ ඉන්නේ අර ඉරෝමානි නෝනා මේ පෝස්ටුවට මොනවා ලියලා මාව නැති බංගස්තාන කරයිද කියලා. මගේ අතින් රජ්ජුරුවන්ට වැරදි දෙයක් එහෙම කියැවුනේ නෑ නේද?
Deleteෂා මේකනන් නියමයි ඈ... //ලංකාවේ වැවක් ගැන ලියැවී ඇති එකම ගීතය වන// තව ගීත තියෙනවනේ ද? කලා වැවේ නිල් දියවර අපෙ අම්මා... එක ගීතයක්...
ReplyDeleteමචං ඒක අම්මා ගැන නේද? ස්තූතියි බොහොමත්ම! ඇත්තටම මේ සිංදුව අහලාම බලන්නකො. කටට ආවට කියනවා නෙවෙයි. ඇත්තටම වැවකට අපි සළකනවා හොඳටෝම මදි. අපි මීට වඩා ඒ ගැන හැඟීම් බර වෙන්න ඕන! ගෙදරකට බැරි අමාරු කාලේ බත සරි කරපු කුඹුරු කෑල්ල , කොස් ගහ , එළදෙන පිළිබඳව වාගේ.
Deleteඑල එල
ReplyDeleteතැන්කූ! තැන්කූ!!
Deleteමහත්මයා මෙවැනි නිස්සාරන දෑ කරන්නේ ඇයි? ඇඟ පත වෙහෙසලා වැඩ කරන්නට උවමනා නම් ශ්‍රී ලංකා යුද්ද හමුදාවට බැදී රට වෙනුවෙන් සේවය කරන්න මහත්මයා.
ReplyDeleteප්‍රිය මහත්මයානෙනෙනි, බොහොමත්ම ස්තූතියි ඔබගේ ඔවදනට!
Deleteමරු නියමයි.මාත් ගමන ගියා වගේ දැනුනා.
ReplyDeleteදේව ගතා කෑලි ටකටනමි මද්ද කැමති නෑ
ඔයාල කරල තියෙන වැඩ බල්දි පලතුරු ගිලින ෙදයියොන්ට හැරෙන්නවත් බෑ
බොහොමත්ම ස්තූතියි මද්දා. එක එකාගේ හිතනෙ මචං. දිගටම කියවන්න. තව සති කිහිපයකින් "ගඟක් දිගේ ගිය ගමනක් " පටන් ගන්නවා. ඒකත් කියවන්න. උඹට හරියටම හරියයි! ස්තූතියි නැවත නැවතත්!
Deleteඅපූරුයි....ඔබ හා මනසින් සංචාරය කලා
ReplyDeleteඅපූරුයි....ඔබ හා මනසින් සංචාරය කලා
ReplyDeleteඅනේ බොහොමත්ම ස්තූතියි. එක්කගෙන යන්න නම් තව බොහෝ සංචාර පෙල ගැසිලා. කෝ ඊ ට ඉඩක්!බොහොමත්ම ස්තූතියි නැවතත්!
DeleteHARIMA MAHANSI, GAMANATA SAHABAGI UNA VAGE DANUNA.
ReplyDeletelALITH pERERA.
සත්තකින්ම ඔබට එහෙම දැනුනා නම් මගේ දුප්පත් උත්සාහය යන්තමින් හෝ සාර්ථක වූවා යැයි සතුටු වෙමි. බොහොමත්ම ස්තූතියි කියෙව්වාට ; ලිව්වාට!
Deleteනියම ගමනක්.ඇත්තටම පොඩි පිස්සුවක් තියෙන්ඩම ඕනි ඔහොම වැඩ කරන්ඩ .ගඟ දිගේ ඊළඟ කොටස මොන ගඟ දිගේ ද යන්නෙ.
ReplyDeleteඇත්තටම ඒක පිස්සුවක් කිව්වත් වැරදි නැහැ ඔබට මට පොදු!? යනවත් වෙලා ; මැරෙණ වෙලාවෙ මතක් කරලා පොඩි කික් එකක් ගන්න පුළුවන් එකක යන්නයි ඉන්නේ! මොකද කියන්නෙ එනවාද?
Deleteමේ මල්ලි ඔයා අර නැග්ග කියන දිවිදොස් කන්ද මම හිතන විදියට මම දැක්කා. මම මේ ලඟදි ගියා කටුගස්තොට. යනකොට පිළිමතලාවෙන් ; ගන්නෝරුව ගුහාගොඩ පාරට වැටෙන අතුරු පාරකින් ගියා. ඒ යනකොට වම් පැත්තේ ත්යෙන්නෙ ඒ කන්දද? ඒ පාර කෙලවර වෙන හරියේ තියෙනවා රණබිම රාජකීය විදුහල!
Deleteහෑ නුවර ගියා??? මරුනේ!!!!
Deleteඅනේ නගෝ සයිකලෙන් නෙවේ අපේ වාහන කටුවෙන් තව ගෑනු පරාණ 4 ක් එක්ක!?
Deleteහරි හරි ඔයා ඒ කන්ද තමයි දැකල තියන්නේ.දැක්ක ගමන් බැහැල යන්ඩ එපැයි.මටත් පිස්සු තමයි නැත්තං කැළෑ ගානෙ රිංගනවද්?😂😂
Deleteඑළ ! මලේ උඹලගෙ ගෙවලුත් ඒ පැත්තේද?
Deleteකලින් හිටියේ ඒ පැත්තෙ දැන් ගම්පොළ පැත්තෙ .
Deleteඑකෙක් රයිගම පැත්තෙ - අනෙකා ගම්පොල පැත්තෙ
Deleteඑහෙමද?
මහල්ලා සහ මුහුද.
ReplyDeleteආඩම්බරයි!
බයිසිකල් පැදීම රටට සේවයක්. කොල්ලන්ට ගටක්.
ඔබට ජය!
මාත් මහල්ලෙක්.
ස්තූතියි සොහොයුරානෙනි! අපි මහල්ලන් වූවාට නාකින් නොවෙමු. නාකින් වන්නෙ නොහැකි එවුන්ය!
ReplyDeleteඅනර්ඝ ලිපියක්. මේකේ වැදගත් කම තියෙන්නේ ගියපු විස්තරේට අමතරව තවත් රටේ ලෝකේ වැදගත් විස්තර ඇතුලත් කරලා ලියලා තියන නිසා. බොහොම ස්තුතියි.
ReplyDeleteසයුරි බොහොමත්ම සංතෝෂයි ඔබ මේ පැත්තට ආවාට.( අවාට කිව්වාම නිකං හඳේ කතාවක් වගේ නේද?) පැමිණියාටපැමිණියාට! අගය කිරීම ගැන නිහත්මානීව සතුටට පත් වෙනවා.!
ReplyDelete//කිරි තේ එකකට දමා ගන්නා ලද ඕට්ස් //
ReplyDeleteහ්ම්ම්ම්ම් , කිරිබත් ෆෙටිශ් එක තාමත් ආ ! :-D :-D
බ්‍රොහියර් ලියල තියනව.
http://www.worldcat.org/title/ancient-irrigation-works-in-ceylon/oclc/5057599
පරිවර්ථනයකුත් තියනව මගෙ හිතේ
ඒක නෙමෙයි, තට්ටයා යන තැන්වල ඉන්නෙම අප්‍රිකානු අලි නේ. ලංකාවෙ එවුන් මියුටේට් වෙනවද මංදා :-D :-D
අනේ සමාවෙන්න ඕන! ඌ අප්‍රිකාවෙන් පැමිනි සංචාරක ඇතෙක්! කරුමෙට මම කැමරාව අටෝන කොටම මෙන්න මූ එතන. ගයිඩ් අලියා පිටිපස්සෙ.(ඌ අපේ එකෙක්!) මීට පස්සෙ මම හරි එකාව දාන්නම්! බොහොමත්ම ස්තූතියි. (මම කියන දේවල් වලට හිනාවෙලා අමතක කරණ්න!) බොහොමත්ම ස්තූතියි.
Deleteඅන්තිමට මල්ලි අය්යාට පදිරි උනා... අම්මෝ ප්ල්යින්ග් පිජන් ...... මොක උනත් මදුවට යෝද බල යෝද ශක්තිය ලැබෙන්න ඕනේ එදා මනන්පිටියට ගෙනත් දුන්න බත් එකට....
ReplyDeleteඔව් බාං ඌ මාර පොරක්. ඔය මධුෂාන් වගේ ඇඹරෙන්නෑ! ඌන දේකට එකෙන්ම. හැබැයි ඌව මෙලෝ එකෙකුට ආස්සරේ කරණ්න බෑ. පොඩ්ඩ නැත්නම් ගිණි කන පනිනවා. දවසක් හොඳින්නම් මාසයක් ඌ මාත් එක්ක කතා කරන්නෙ නෑ!
Deleteමචං එදා අපිට මනම්පිටියෙදි බත් ගෙනත් දුන්නේ මධූගේ යාළුවෙක් - සහන් කුලරත්න - වෝටර් බෝර්ඩ් එකේ ඉන්ජා. ඌ එනකල් තම්යි ඕමාර ගොල්ලට ඉස්සෙල්ලා කල් මැරුවේ බලාකියා ගන්න.
මේ ටිකේ වැඩ ටිකක් වැඩි උනා. අද තමයි පොස්ටුව බැලුවේ . මට හිතෙනවා ඔබ පැරකුම් රජතුමා හැල්ලුවට ලක් කලාද කියලත්. ඇයි වැඩි වරුනේ මින්නේරිය දෙවියෝ ගැනනේ. අමතක කරන්න එපා , අහසින් වැටෙන එකම දිය බිදක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට හරින්න එපා., කිඋවේ පැරකුම් රජතුමා කියලා. හරිම මහන්සියෙන් නේද ගමන නිමාකරලා තියෙන්නේ. ඇතී විශිෂ්ටයි.ඔබට තවත් ශක්තිය ලැබේවා.
ReplyDeleteඅයියෝ........ ආයෙත් වැරැද්දක්ද් දන්නෑ.......!? මීට දඟයා.
Deleteබොහොමත්ම ස්තූතියි නෝනෝ!
ශා තට්ටය අයියෙ! මේකනම් ෆුල් මාවලස් ඇඩ්වෙන්චර් එකක් හොඳේ 👍🏽 🤘🏽.. හප්පට බොල කිලෝමීටර් 200+ කියන්නෙ කමල් පාලිත ගෙ රෙකොර්ඩ් එකත් කැඩුව එහෙනං ඈ.
ReplyDeleteජය වේවා..!!
ඔය වගේ දරුණු දේවල් නං මට හීනෙන් පේන්නෙත් නෑ. මම කරන දේවල් ඔහෙලට හීනෙන් පේන්නෙවත් නෑ ආයුබොවන්ඩ
👊🏽
මචං ටික්කො. මම උඹේ පෝස්ට් එකකට කොමෙන්ට් එකක් දැම්මා , බැලුවාද? 200+ පැදපු එවුන් බුසලක් විතර ලංකාවේ ඉන්නවා බං! අපි එක අබ ඇට දෙකක් විතරයි! තැන්කූ මචං තැන්කූ!
Deleteඔව් ඔව් අයියේ මම දැක්ක සහ රිප්ලයි එකකුත් දැම්ම. ප්‍රශ්නේ තියෙන්නෙ ඒ බුවා ඒ නමින් මතක නැහැ නේ. වෙන නමක් අපි කියන්න ඇති.
Deleteඉස්සර ගාල්ලෙ අපේ සෙට් එකේ කිහිපදෙනෙක් ගාල්ල කතරගම බයිසිකල් ටුවර් දැම්ම. ඒත් මට අපේ ගෙදරින් උතුරු කොරියාවටත් වඩා දරුණු සම්බාදක දාල තිබ්බ නිසා නො හෙල්ලුම්. පොල් මැල්ලුම්.
🙈
මචං මල්ලියේ අනේ තරහ අව්සර! මට උඹෙ බ්ලොග් එකේ ලින්කුව මේකෙම එල්ලලා එවපන්!
Deletehttp://tikikatha.blogspot.co.uk
Deleteඑළ! එළ!! උඹ ලඟ ඉන්නව වගේ දැනෙනව කොල්ලෝ!
Deleteමල්ලි උඹේ "මගේ මෝටර් සයිකලේ, තවත් කථා සහ බිමත්ව පැදවීම අංක 02"පෝස්ටුවට මම කොමෙන්ට් එකක් දැම්මා . කියෝපං!
Deleteබොහොම ස්තුතියි අයියේ කමෙන්ටුවට. මමත් දීර්ග රිප්ලයි එකක් දැම්ම. ගිහින් බලන්න/ සුභ දවසක්..!!
Deleteඋඹ මාව මේ කන්තෝරුව මැද්දෙ ඇඬෙව්වා මල්ලියේ. බුදු සරණයි. මෙහේ වෙන්න ඕනෙ දේයක් ඇත්නම් කියපන් . අපි ලොකු මිනිස්සු නොවුනාට විශාල හදවත් ඇත්තන්. ඕනම දෙයක් ,ඔව් ඕනෑම දෙයක් කියලා එවපන් දෙමව් පියන් වෙනුවෙන් නම් කාගෙ උනත් , කාට උනත් එකෙන්ම තමයි.
Deleteමම මේකම උඹේ පෝස්ටුවෙත් එල්ලුවා! කොහෙන් හරි උඹට බලන්න!
තට්ටය අයියෙ ..!
Deleteඔහේගෙ මෙන්න මේ "මෙහේ වෙන්න ඕනෙ දේයක් ඇත්නම් කියපන් . අපි ලොකු මිනිස්සු නොවුනාට විශාල හදවත් ඇත්තන්. ඕනම දෙයක් ,ඔව් ඕනෑම දෙයක් කියලා එවපන්" කියන වචන ටික ගොඩක් පරිස්සං කරගන්ට. මම ඔබට advice දෙන්න පුළුවන් වයසක නෙමෙයි ඉන්නේ. ඒත් මගේ මේ පුංචි බ්ලොග් කාලෙ වින්ද අත්දැකීම් හැටියට ඔය වගේ වචන කියද්දි බොහොම පරිස්සම් වෙන්න ඕන. මේකේ ඇතුලෙ හොරු, මංකොල්ලකාරයො, මැජික් කාරයො වැහි වැහැල. මොකද මේක මගේ බ්ලොග් එක. මට ඕනෑම දෙයක් ලියන්නත් පුළුවන් වගේම කියන්නත් පුළුවන්. අනික අත්දැකීම් වලින් මේ කියන්නෙ. (බ්ලොග් ලියන්නන් හැටියට මුල ඉඳලම මම විශ්වාස කරන දෙන්නෙක් ඉන්නව. ඒ තමයි කාටත් ඇත හිත දෙන අටම්පහුර සහ බ්ලොග් ඔස්තාර් මාතලන්. තව බ්ලොග් කරුවන් කාරියන් කමෙන්ට් කරුවො කිහිපදෙනෙකුත්.)
බොහොම ස්තුතියි ඔබගෙ වචන වලටත්. සන්තෝසයි ඔබ වගේ වැදගත් "මනුස්සයෙක්" හමුවීම ගැනත්.
ඔබට කියන්න තියෙන්නෙත් මම මගේ තාත්තට කියපු දෙයම තමයි. "මම හොඳින්. මට මොකුත් එපා..බොහොම ස්තුතියි" කියල.
මම එක ඉල්ලීමක් කරනව. මම හරිම අසාවෙන් ඉන්නෙ ඔබ තුමා හමුවෙලා කවදාහරි කයාකින් කරන්ට.
අනික, සමාවෙන්න තට්ටය අයියේ, මම ආගමක් දහමක් අදහන්නෙ නැති කෙනෙක්. හැබැයි "මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම"...
ඔබට සහ පවුලේ සැමට සුභ දවසක්..!!
හම්මේ මේක කියවනකොටත් ඇඟ රිදෙනවා පැදපු පැදිල්ල මතක් වෙලා. මේවගේ ඇඟ රිදෙන වැඩක් කරනවනම් පොඩි පුරුදු පුහුණු වීමක් කලයුතුයි.
ReplyDeleteගමනේ මුලින්ම හොඳ සැලැස්මක් තිබිය යුතුයි. (ශරීර ශක්තිය කලමණාකරණය හා කාලය කලමනාකරණය ගැන ).
ඉක්මනින් ශක්තිය මුදාහරින ආනමාලු කෙසෙල්, රටඉඳි, වියලි මිදි, ජෑම් සමග පාන් ඉතා වැදගත්. පැයකට 350 - 400kj පමණ ශක්තියක් බයිසිකලයක් පැදීමට අවශ්‍ය වෙනවා කියලා ගොඩක් ක්‍රීඩා පිලිබඳ අන්තර්ජාල සටහන් වල සඳහන් වෙනවා. ඒ ශක්තිය නිරන්තරයෙන් ලබාදීම වැදගත්.
රෙඩ්බුල් වැනි ශක්තිජනක පාන පානය කිරීම කිසිසේත් අනුමතකරලා නෑ. ඒවායින් තාවකාලිකව ශරීර ශක්තිය වැඩිවශයෙන් ජනනය කලත් එය ඉතා කෙටි කාලයකින් වැයවෙනවා.
බොහොමත්ම ස්තූතියි ගමන් සගයා!
DeleteMajula Ayya
ReplyDeleteGreat , my congratulation !, I need to write more. But I cannot write sighala.
Please help me to write singhala in this colume.
ආයුබෝවන්!ස්තූතියි!! අපි 1 වනදා හමුවෙනවානේ. කතාකරමු!
DeleteNice to read, good writing. I was working in Habarana in mid 80s and been up and down this road from Colombo to Kaduruwela many times. Passing Habarana in the evening on a bike was a bad idea. At the time we did not even travel in a Jeep passing Habarana due to Elephants and LTTE. Things have changed a lot since 80s.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි. කාලය සමග දැන් අලි තර්ජන වැඩිවෙලා. ඇත්තෙන්ම අපි කල දේ එතරම් බුද්ධිමත් දෙයක් නොවේ. ඒත් මෙවැනි දෙවල් ; තනිව තමන්ට හිතලා සතුටු වෙන්නත් , කාට හරි කියන්නට කතාවක් ඉතුරු වෙන්නේත් , අහන කෙනෙකුට අහගෙන ඉන්න හිතෙන්නේත්; ඒ අපි ගත්තු අවදානම, හිතුවක්කර ගමන නිසාම තමයි. හිතන්නකෝ "මඩොල් දූව" පොතෙ අපි රස විඳිනේ උපාලි ගිනිවැල්ලේ ගේ නසරාණි වැඩම තමයි නේද කියා? මම දන්නවා ඔබතුමා ; ඔබගේ කොමෙන්ටුවෙන් අපේ තීරණය විවේචනය නොකල බව. මම ඒත් මේක ලිව්වේ ඇයි මම ඒක කලේ කියලා අනාගතේ මටම හරි හිතුනොත් ; මේ කාලේ මම හිතන පතන හැටි මටම පසක් කරගන්නයි මේ තරම් දුරට ලිව්වේ. බොහොමත්ම ස්තූතියි නැවතත්!
Deleteලියවිල්ල නියමයි. හිතට වැදුන පෝස්ට් එකක්...
ReplyDeleteගෙදර පඩිපෙළ නගිද්දී මහන්සි දැනෙන එකෙක් වශයෙන් මටනම් ඔය වගේ ගමන් යන්න හිතන එකත් හීනයක්...
මමත් කොල්ල කාලේ එක දවසට කිලෝමීටර 130 ට ටිකක් වැඩියෙන් පැදලා තියෙනවා. හැබැයි, ඒ කඳු නැති පාරවල...
ලොකු පුතේ උඹ එල කොල්ලෙක්නෙ ඒ කාලෙ!
Deleteමචන් උඹේ බ්ලොග් එක බලපන්!
Deleteගග දිගේ ගියා ,පොලොන්නරුත් ගියා ,ඊළඟට ....?
ReplyDeleteමල්ලි ආයෙත් ගඟට බහින්නත් තියෙනවා. තව "මැකීගිය රේල් මග" කියලා ට්‍රේල් එකකුත් තියෙනවා. ඔක්කොටම කලින් අර වහන ගැන එකත් ලියලා ඉවර කරන්න ඕනෙ. මදිවට තව තියෙනවා "සෝබර් අයිලන්ඩ්" ගැන ලියන්න. අනේ මල්ලි තව එක්ක් ලියන්න තියෙනවා ඉක්මනින්ම පොඩි චරිථාපදානය "මහතා" කියලා. ඇයි මම මහ ලොකු වට බ්ලොග් එකේ පැත්තක ලියලා තියෙන "එන කන්නය වැපිරෙන හැටි" තවත් ටිකක් තියෙනවා. කවදා ලියලා ඉවර කරන්නද මන්දා!බොහොමත්ම ස්තූතියි ආවාට ලීව්වාට!
Deleteලියල තියන විදිහ නියමයි ...
ReplyDeleteඅර අනෝදා කතාව තමා මරු ...
ගමන ඉවර උනාට පස්සෙ ඇඟේ පතේ අමාරුවට මුකුත් කලේ නැද්ද ..??
නෑ මං කිව්වෙ ස්ට්‍රෙචිං කරල, මසාජ් කරල, පස්පංගුව බොනව වගේ වැඩ ...
ඊයේ මහ රෑ මට නොටිෆිකේෂන් එක ආවාම බැලුවා බොරැල්ල කනත්තෙන්වත්ද කියලා. බලන කොට දෙයියනේ මේ අපේ මදුරුවානේ!? සිද්ධිය මේකයි. මාත් එක්ක ගිය එකයි උගෙ තාත්තයි අමධ්යප වීරයෝ. ආන්න ඒකට මාත් එක්ක ගිය එකාගෙ තාත්තගෙ තාත්තා! ආන්න තාත්තලා! ස්තූතියි බොහොමත්ම!
Delete