Monday, June 12, 2017

33. හක්බෙල්ලාවක රූපමය සංචාරය

හක්බෙල්ලවක
මමත් එක්ක ගඟක් දිගේ ; මෙතෙක් දුරක් පැමිණි අය මේ වන විට හක්බෙල්ලාවක ගැන ටිකක් දන්නවා මම හිතන්නේ. ඒත් මට හිතුනා මීට අවුරුදු තිහ හතලිහකට කලින් ගත්ත එක ෆොටෝ එකක්වත් තිබුනා නම් අද වෙන කොට කොච්චර වටිනාකමක් තිබේවිද කියලා. මීට කාලයකට ඉස්සෙල්ලා ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා එයාගෙ "දඬුබස්නාමානය" රූ ගත කිරීම් වලටත් මේ ගම යොදාගෙන තියෙනවා. අර කමල් අද්දර ආරච්චි සැඟවී සිටින ගල්ලෙන තියෙන්නේ මේ ගමට ඉහලින් තියෙන නා හේන මූකළානේ. අර තොටුපොලක දර්ශනයක් තියෙන්නේ හක්බෙල්ලාවක තොටුපොලේ. දැන් එහෙම තොටුපොලක් නෑ. ඒ වෙනුවට එතන තියෙන්නේ යකඩ පාලමක්! ඉතින් මම මේ කලේ අනාගතය වෙනුවෙන් ආයෝජනයක්.  එහෙමනං දැන්  "හක්බෙල්ලාවක රූපමය සංචාරය "ට මමත් එක්ක යන්න එන්න!


ඔය කාර් එක එන්නේ කොළඹ එහෙමත් නැත්නම් අවිස්සවේල්ල පැත්තේ ඉඳන්. අපි හැටන් පැත්තේ ඉඳන් තමයි බලාන ඉන්නේ. අර කහ ඉර ට පෝඩ්ඩක් එහායින් වම් පැත්තට තියෙන්නේ පැලැල්ලෙගම පාර. ඔතන හන්දියෙ චුට්ටන් කඩ දෙකකුයි බුදු පිළිමයකුයි ත්‍රීවීල් පාර්ක් එකකුයි තියෙනවා. බස් හෝල්ට් එකත් එතන. පැලැල්ලේගම පුරාණ දේවාලයට යන්නේ ඔය පාරෙන්.  දැන් එතනට යමු.

පාරෙ බෝඩ් එක.


අන්ධ මල්ලිගෙ සිම් කඩේ.

මේ කඩේ කරණ එකාට පුදුම හැකියාවක් තියෙන එකෙක්. එයාට ඕනෑම රෑක කිසිම එලියක් නැතිව කඩේ ඉඳන් ගෙදර යන්න පුලුවන් එකෙක්! 


දොර ගුලු ලා ඇත - ඉබ්බන් එල්ලා !


අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඔය ගහලම තියෙන්නේ !


පණ්ඩිත මූනක් තිබුනට හොඳ කොල්ලෙක් සහ තවත් හොඳ කොල්ලෙක්


හිටපිය බස් එක !


දෙවියන් වෙතයි !


තොටුපොල මරා උපන් කුමරා


නා ගසක් දළු දමා - වසන්තය එළඹිලා !


අපේ  මුදලින් හදා 


වැඩි සීනි ප්ලෙන්ටියේ 


ඇල් බි සියාතු - ඇල්බීසියා

ගමට ලයිට් ගඟ හරහා


කියල කැපුවත් නොකිය කැපුවත් මේ ගහ  හොර ගසක්මයි !

මේ එතෙර වන්නේ සසරින් නොවේ.

 ගඟක් උඩ විලක්!
මේකෙ ඩෙංගු හිටියොත් කාටද නඩු ?

 යකඩ තද කරණ යකඩ! නෝ හෙල්ලුම් !


පාලමෙන් ගම්වාසීන්ට ප්‍රයෝජන රැසකි !

  "පාලම යට"

අපි ගමන පටන් ගත්තේ මෙන්නමේ බෝර්ඩ් එක ලඟින්නේ.  දැන් එතැනින් අනිත් පැත්තට ඒ කියන්නේ හැටන් පැත්තට හැරෙමු.

එන පොට හොඳ නෑ ; මෙතැනින් මාරු වෙනු !

ගමේ කඩේ.

ගමට බඩු ඇවිත් !

 මොනවද කන්න තියෙන්නේ?

 අඩ දෙකයි ප්ලේන්ටි දෙකයි

 බඩු එන තුරු !

 පඩි සැට් එකට බුදු සරණයි !

 තුලාව. (සංවාද මණ්ඩපය නොව මෙය අහිංසක  තැටි තරාදියකි)

 මොන වැරැද්දක් කලාටද ?

 රං රඹුටං


 දුං කොළ

පහිණ හල

 ආණ්ඩුවේ ඕපා දූප !

කිරණ්නට දෙයක් නැත !


මේ සියල්ල දෙස මැදිහත්ව

යාබද සමූපෙ

වෙලාතියෙන හරිය !

සියල්ල්ලටම පිළිතුර  - බලය විමද්ධයගත කිරීම

හක්බෙල්ලාවක උප තැපැල් කන්තෝරුවට එහායින් 
වැසී ගිය සමූපකාරය හෙවත් සමූපකාරය තිබුනු තැන.

ඊට යාබද ඉඩමේ Teepee the Campsite කඳවුරු බිම. 

16 comments:

  1. ගඟ දිගේ යන හැටි කියවන්ඩ ආව මදැයි,මේක නිකං වදෙන් බේරෙන්ඩ කරපු වැඩක් වගේ.

    ReplyDelete
  2. "Your comment will be visible after approval."මේ වැඩේ කමෙන්ට් කරන එකට බාධාවක් වගේ දැනෙන්නෙ.

    ReplyDelete
  3. අනේ නෑ ම්චං එහෙම සිද්දියක් නෑ. ගඟක් දිගේ 5 බැලුවාද? නෑ මචං ම්ම ගිය සති අන්තයේ හිටියේ එහේ. මට ඕන උනා අර මම මුලින්ම කියපු රැපීඩ් එකේ ෆොටෝ ටිකක් ගන්න. ඒකෙ ෆොටෝ ටික ගත්තා. ඒ ගමන් ගත්ත අනිත් ටික තමයි ඔය විදියට පෙල ගැස්සුවේ. අවුලක් ගන්න එපා. ඒ ගත්ත ෆොටොස් ටිකත් එක්ක ගඟක් දිගේ 6 දාන්නම්. මචං අර කමෙන්ට්ස් වැඩෙත් හදන්නම්. අවුලක් ගන්න එපා. බොහොමත්ම ස්තූතියි කොමෙන්ටුවට!

    ReplyDelete
    Replies
    1. මොන අවුල්ද.මේක මම ආසාවෙන් කියවන ලිපි පෙළක්.ගිය මාසෙ ඩේටා ඉවරවුනේ කයාකින් වීඩියෝ බලල.

      Delete
  4. අපි ඉස්සර දේවාලේ ගියේ ඔරුවෙන් ඔය තැපැල් කන්තෝරුවට එහා පැත්තේ ලොකු කඩයක් තිබුනා. ඒ කඩේ අයිනෙන් ගගට ගියේ.

    ReplyDelete
    Replies
    1. ලලිත් ඔයා හරියටම හරි. ඒ ලොකු කඩේ එක කොටසක තමයි ඔයපොඩිකඩේ දාලා තියෙන්නේ. ඒ කාලේ "දිනමිණ"කියලා ලොකු බෝඩ් එකක් ගහ්ලා තිබුන කඩේ. කේ ඒ සයිමන් අප්පුහාමි කියලා කඩේට උඩ ගෙදර හිටිය ; මුදලාලි මහත්තයා කියලා ගම්මුන් හැඳින්වූ කෙනෙක් තමයි මුල් අයිති කරු. ඊට පස්සෙ එයාගේ කණිටු පුත් දයානන්ද මහත්තයා කඩේ කලා. අන්තිමට "ගම්පෙරලියේ" කයිසාරුවත්ත්තේ මුහන්දිරම්ට වුනා වාගේ කලියුගයට මුහුන හංගාගෙන පොඩියට කඩේ කරණවා. අර පොඩි තේ කඩේ පවත්වාගෙන යන්නේ අරකඩේ බඩු කිරණ්න හිටපු ආරියසේන අයියා.පුලුවන්නම් ඔයාගේ විස්තර ටිකක් මට එවන්න.

      Delete
    2. මගෙ උපන් ගම තැලිගම , ඉස්පිරිතාලේ ලගයි ගෙවල්. තාත්තත් වැඩකලේ ඉස්පිරිතාලෙමයි , මම ඒ ඕ ලෙවල් කලේ කිතුල්ගල කල්‍යාණි මහා විද්‍යාලේ,ඒ ලෙවල් කළේ රුවන්වැල්ලේ සෙන්ට්‍රල් එකේ.ඔය පාලමට එහා වංගුවේ හිටිය අපිට ඉංග්‍රීසි උගන්වපු සර් කෙනෙක්.
      හැකිනම් මාව මුහුණු පොතෙන් ඇඩ් කරගන්ඩ, "Lalith Perera"

      Delete
  5. දැකල තියෙයි ඇති තරං හිහි

    ReplyDelete
    Replies
    1. වෑඩක් නෑ තාම මාව දැක්කේ නැහැනේ. කවදද දකින්නේ?

      Delete
  6. අපි ආවේ ගග දිගේ යන්ඩ

    ReplyDelete
  7. සිකුරාදාට කයාක් තුනම වතුරට දානවා. තාම සූදානම! සති අන්තේ ගඟදිගේ තව ටිකක් පහලට යමු. ( ඇත්තටමත් මම හක් යන්න හිතාන ඉන්නවා බර වැඩ වගයක්ට. ආවොත් ටිකවෙන්න පදින්න දෙන්නම්. කන්න බොන්න බත් ටික, තේ ව්වතුර ටික දෙන්නම්. පදින්න කයාක් එකකුයි හබල් දෙකයි, ජෑකට් දෙකකුයි දෙන්නම්. )

    ReplyDelete
  8. palamai Km post ekai mention karala nene tattayo. mama thena hoyaganne eken :)

    ReplyDelete
  9. ඕකනෙ කියන්නේ තෙශා! උඹ මග ඉඳන් බලලා කියවනවා. ඇයි බන් මේ කයිවරුවේ මුලනෙ ලියලාතියෙන්නේ හක්බෙල්ලවක යනු A7 මාර්ගයේ 26 27 28 කිලෝමිටර් කනු අතර තියෙන ගමක් ය කියලානෙ? කොහෙද උඹ රෑට දවල්ට ඩෙකටම කණ්නාඩි දාන එකානෙ!

    ReplyDelete
  10. sorry wenna one. kannadi nethuwa beluwe.....

    ReplyDelete
  11. අර කාර් එක එන වංගුව ගවා පේන්න තියෙන කඩේට ඉස්සරා තව කඩයක් තිබ්බද...මට මතකයක් තියෙනවා එතැන තිබ්බ කඩෙකින් අපිට උදෑසන තේ බොන්න දීපු වගක්...දවල් කෑම නම් ගත්තේ ගගෙන් එහා පැත්තේ ගෙදරකින්... - Mayya

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...