01. කමලාසනී...............

දෙන්න හදන්නේ රම්පෙට පොරි හැලෙන්න ම !~

මචං කාලයක් ඔය පී. වී නන්දසිරි ලොක්කා හිටියෙ ගල්කිස්සේ , අත්තිඩියේ කලා පුරේ. මම් දවසක් ගියා පොරව හමුවෙන්න. ඔය   " කමලාසනී " කියනවා වාගේම හරිම ගරු ගාම්භීර චරිතයක්. මොන දේ කතා කලත් ඒ කතාව "හින්දුස්තානී රාගදාරී සංගීතය"(මේක තමයි තියෙන එකම ද යන්න) සම්බන්ද කරගෙන තමයි කතාව. නාසික ස්වරය. හඬත් නිකන් රාගයක් වගේමයි. කථාව පටන් ගන්නේත් රැල් බුරුල් ඇරලා හොඳට හරි බරි ගැහිලා වාඩී වෙලාම තමයි. හැබෙයි කාගෙවත් හොඳක් නම් කියවුනේම නෑ. හැමෝටම වගේ දෝසා රෝපනේ තමයි.
                                                                                            හැබැයි මම දකින දේ තමයි  ඔය අය්යලා එකෙක් වත් උන්ගෙ උපරිමයෙන් යමක් කලේ නෑ කියන එක.දැන් බලහල්ල ඔය මනුස්සයාගේ උනත් අහන්න තියෙන්නේ ඔච්චරම තමයි.දැන් ඇල්විටිගල මස්ටර්ව ගත්තත් "සිනිදු සුදු මුදු තලාවේ" විතරයි. එක්කො මේ අයගෙ හොඳ ගීත අපිට ඇහෙන්න දාන්න ගුවන් විදුලියට උවමනාවක් නෑ. නැතිනම්   ඕවා යනවෙලාවට අපි දොයි. මොකද සතිය තුල හරි දවස තුල හරි යන ඉදිරි වැඩ සටහන් ගෙන අපිට  දැනෙන කියැවෙන ඇසෙන ලියැවෙන තැනක් නොමෙති  නිසා. ඒකාලේ පත්තරේ ගියා ගුවන් විදුලි කාල සටහන්.
                                                                                                           ඉතින් ඇල්විටිගල මස්ටර් ගෙන නේ අන්තිමට කතා කලේ. එයා අර ශ්‍රී වීනාවද මොකද්ද එකක්. අනේ අසාවට එකෙන් සරල ගී අනුවාදනයක් නම් දැක්කේ නෑ මම නම්.ඉතින් මම කියන්න හදන්නේ මේ අය තමන් හිටිය තැන් වලින් බිමට ඇවිත් ; අපි වගේ නොමල් බුවා ලට රස වින්දින්න යමක් කලේ නෑ කියන එකයි. ඔය බුවාලා මොකක් හරි සිරා වැඩක් කලාම පත්තරෙන් හරි වටේ ඉන්න අනිත් එවුන් හරි උස්සලා තිව්වාම ; මේ අය බය වෙනවා ඊට පස්සේ වෙන මොනවා හරි අලුත් වැඩක් දෙන්න. මොකද වැඩේ දීල කෙලවෙලා ගියොත්  බුවා සම්පූර්නයෙන්ම  චාටර් වෙයි කියලා තියෙන බය වෙන්න් ඇති.
      ඒ කාලේ අමරදේව මාස්ටර්  "ආලෙ බැන්ද මාගෙ පනේ සෝමා වතී...."  වගෙ 6/8 වල ඉන්දලා  "කරදර පොදිබැඳ" ," තන්හා ආශා " වගේ ලොකු පරාසයක තම හඬ ගෙනගියා. ඒත් කාලයත් එක්ක ඒ හඬත් නිහඬ උනා ; මැරෙන්නට කලින්.
                                                                                              දැන් අපේ වර්ථමානයේ ජීවත් වෙන අන්තිම අය්යාව ගන්නකෝ. සනත් නන්දසිරි.කෝ " ඇවුළුනු ගිනිදැල්" වලින් පස්සේ සින්දු? දැන් එයා කියන්නෙත් " වරදක් කලත් සිතකින් නොවේයි කියලාම තමයි. අපිට  ඉතින් තියෙන්නේ  වරදට සමාවදීල බලාන ඉන්න තමයි. හැබැයි එයා කිසි ගානක් නැතිව ශන්ති ගීතදේවගේ  "කවුරුදෝ අර කවුලුවෙන් " සින්දුව නම් ඇද නැතිව එයාගේ වගේ කියනවා වගේ වගක් නැතිව! ඔය අතින් එඩ්වඩ් තරමක් ඉදිරියෙන්ද මන්දා. "මාරම්බරී" එහෙම සුපිරිනෙ! ඇයි එයාගේ ගසල් එක "මුව මුක්තා ලතා"! සුනිල් එදිරිසිංහත් කලානෙ "හංස රජිනී" කියලා සරල ශාස්ත්‍රීය ගීතයක්. ඇයි වික්ටර්ගේ "හොපලු වන පෙත" ඔයවගේ සිරා සින්දු කොයි තරම් නම් තියෙනවද?
                                                                                        "අල්ලපු ගෙදර" ෆිල්ම් එකෙ සින්දු සෙට් එක!? තව තියෙනවා සිසිර සෙනරත්නගෙත් සිරා සින්දුවක්. දැන් මතකයට එන්නේ නෑ!  අනික මේ රාගාශ්‍රිත ගීත කිව්වාම අපට හිතට එන්නේ ඔක්කෝම නින්ද යන ඒවා කියලා. ප්‍රියාගෙ "අඳුර අඳුර මගේ", ෆ්‍රෙඩී සිල්වාගේ " කුන්ඩුමනී" වගෙ හොඳ සරල ගීත රාශියක් තියෙනවා අපේ සින්දු පොත් වල. දවසක් මට හමූ වුනා සිංහල සංගීතයේ මුල් ගස රෝහන බැද්ද්ගේ ලොක්කව.
               " මහත්තයා කොයි තරම් දේශීය සංගීතය ගැන කිව්වත්  එඩ්වඩ් ජයකොඩිට හදපු 'ගං වතුර ගලා උතුරා යයි දෙගොඩ තලා.....//' සින්දුවේ මියුසික් කරණ කොට පොඩි රාග ටච් එකක් අරන් තියෙනවා නේද මහත්තයො " කියලා ඇහුවාම
                  "හි.. හි... නිකන් බිලාවල් රගයේ වගේ නේද?" කියලා කිසි ලැජ්ජවක් බයක් නැතිව පෙරලා මගෙන් ඇසුවේය.
ඔය රාග ටච් එක තියෙන සුපිරි හින්දි සින්දුවක් තියෙනවා නෞශාද් මියුසික් කරපු කොහිනූර් ෆිල්ම් එකේ මොහමඩ් රෆී කියන "මදුබන් මේඉන් රදිකා නාචිරේ" කියලා. එකත් එළම සින්දුවක් තමයි.


මේකත් අහලම යන්නකෝ


              දවසක් කැම්පස් එකක  ප්‍රබුද්ධ පොරවල් වගයක්පොඩි කයිවාරුවකට සෙට් උනා. හතරැස් මේසයක් උඩින් රවුම් බෝතලයක් කාරිය  තියලා පටන්ගත්තු කතන්දරේ අන්තිමට තල්ලු උනේ ලංකවේ සංගීත වැඩ්ඩා කවුද?  කියන එකට! ඒ ගොල්ල කිව්වේ කේමදාස මාස්ටර් තමයි වැඩකරු කියලා. මම හිටියේ සරත් දසනායක තමයි වැඩ්ඩා කියලා. එක එක තර්ක විතර්ක මැද්දේ අපි සින්දු කියන්න සෙට් උනා. වැඩේ ජයටම යනකොට මම් පටන් ගත්තා "අමර පෙම් ලතාවේ... " . අප්පට සිරි  සිරා ප්‍රතිචාර.! ඊට පස්සෙ "පාට පොදක් තිලකලා ...." ඔය වගේ සින්දු සෙට් දෙකක් තුනක් කියලා ඊට පස්සේ මම කිව්වා ඕවා සරත් දසනායකගේ මියුසික් තමයි මචන්ලා කියලා. එතකොටනම් උන් කොර උනා.
                                           
සෙස්ස පස්සට - තට්ටයා
                                                                                                       

                                                                                                               

3 comments:

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...