08. කවුද ගොජා . . . . . . . . . . . . . ! මමයි ගොජා . . . . . . . . . . . . !! (ලංකීය දේශපාලනයේ සදාතනික රැවටීම!)


රුපියල් 15 ට බැස්ස පාර්ලිමේන්තුව !

වෙනදා වගේ ම  අදත් රබාන අරගෙන පොඩිවටයක් යන්නම්; නයි නැටවිල්ලට කලින්.
අපිත් එක්ක හිටයා එකෙක් ගොජා කියලා. ඌත් දන්නේ නෑ ඇයි ඌට ගොජා කියන්නේ කියලා. ඌත් ගානක් නැතිව හිටිය. පස්සේ නිකං හොයලා බලන කොටයි වැඩේ පත්තු උනේ. ඌට දාල තිබුනු ඔරිජිනල් නම "ගොන් රජා" ඒක අනිත්පැත්ත හැරෙව්වාම "රන් ගොජා" ඒක කෙටි කලාම "ගොජා!"  ඒ අද රෑට නෙමෙයි. ආදරේට!
දැන් පුලුවන් නේද පූර්විකාව ගලපාගන්න?

මහත්වරුනි;

අපි අපේ එදිනෙදා ජීවිතයේ සිදුවෙන ඕනෑම පරිවහල්ලකට මේ දේශපාලු හැත්තට අම්ම මෝ නැතිව රෙද්ද උස්සා ගෙන බනින්න්ට පුරුදුවී සිටිමු. ඒකේ මහා ලොකු වැරැද්දක්ද නැත්තේය. මන්ද ඔය අයියලා බලයට පත්වන්නේ සියල්ලන්ගේම ප්‍රශ්න විසඳා මදි උනොත් ප්‍රශ්න රටින් ගෙන්වා හෝ විසඳන බව කියමින්ය.
මුන්ව පත් කරන්නෝ කවුරුහුද?  උන්ට උන්ගේ පවුලේ ඡන්දයෙන් පමනක් බලයට පත්විය හැකිද? උන්ව පත් කරන්නේ අපිමය. නැත්නම් කුනු කන්දට යටවූ එවුන්මය. නැතිනම් තවම යට නොඋනු හෙට අනිද්දාට යටවෙන්නට නියමිත එවුන්ය.
පහුගිය කාලය තුල සිදු වන ඔනෑම අවුලක් අසාධාරණයක් කේස් එකක් වලියක් වංචාවක් අරන් බලන්න. මුල දේශපාලුවෙක්ය. එතකොට දේශපලුවාගේ මුල කවුද?  ඔබ, මම, උන්, මුන්, අරුන් ඇතුළු සමස්ථ ඡන්ද දායකයාය. මේ සමස්ථයට මීට කලකට පෙර නැසීගිය සිසිර කුමර මනික්කාරච්චි නෙමැති කෘතහස්ථ ලේඛකයා හැඳින්වූයේ  "ජහමනයා" කියාය. අපිව හැඳින්වීමට මේ තරම් සුදුසු  නාම පදයක් සිංහල භාෂාවේ නොදකිමි.
දැන් සීන් එක පෙරලෙන්නේ අර කිකිළිද බිත්තරේද ප්‍රශ්නය  තියෙනා තැනටමය! ඒ කොහොමද? ඇයි අපිට ඡන්දය දෙන්න ලැයිස්තුව හදන්නේ අපිවත් අපේ අම්මා අප්පවත් අපේ වඳ පුංචි අම්මගේ පුතාවත් නොව උන්මය.
"උන් උන්ගේ ලැයිස්තුවට හොරු 3යි, මිනීමරුවෝ 2යි, පගා කාරයෝ අච්චරයි, කොමිස් කාරයෝ මෙච්චරයි වැලි මුදලලිලයි,බාර් කාරයොයි වේස ගෙවල් රන් කරන එවුනුයි කී; මෙකී; නොකී අපතයෝ සියල්ල එක් පෙලට හිඳුවා මදි පාඩුවට ආර්ය මහා සංඝ රත්නයෙන්  මයිලක් දෙකක් ද අනුපානයට කැලෑ ඇඳුමක් ඇඳ පපුව පුම්බා ගත් රණ විරුවෙක්ද වයසට ගොස් ලොං හැලුනු මහාචාරියෙක්ද කංකරු නායකයෙක් කියාගත් බෙරිහං දෙන්නෙක්ද එකට දා පත අට එකට හිඳුවා අපට දුන්නහම කටද තට්ට්යෝ අපි ඡන්දෙ දෙන්න්නේ: උඹලගේ තාත්ත්ටද?" කියලා ඇහුවොත් මටත් සිදුවන්න්නේ  මුඛ පූට්ටු කරගෙන සිටීමටය.
හැබැයි මට සද්දේ වහලා පෙරළා ඇසීමට ඇත්තේ" ඉතින් මචං ඔය ලැයිස්තුව හදන එවුන්ව ඔත්නින් තිබ්බේ තොපිම නේද්? කියාය.
මීට කාලයකට පෙර ගමේ සිට්යේ මැම්බර්ය. ඌ මැම්බෙර් උනාට එක  එකාට ගෙම්බර් දැමීමට නොගියේ ඌ ගමේම එකෙක් නිසාය. ඌට ගම කන්නට බැරිවූයේ මුලු ගමම මාලු ටැංකිය වගේ ඒකට එක දන්න හඳුනන; එකාට එකා නෑ දෑ කම් කියාගත් ප්‍රජාවක් වුන නිසාය. ඌව පත් කලේ ගමේම උඹලා අපි වගේ දන්නා හඳුනන එවුන්ය. ඌත් නිකන් අහසින් වැටුනු එකෙක් නොවේය. ගමේ මරණාධාර සමිතියේ , සමූපකාර සමිතියේ, ගොවි සමිතිවල වැඩ කල මළ ගෙවල් වල නයිට් ගැසු පොරක්ය. නැතිනම් ඔරිජිනල් ගුරෙක්ය.
අදවෙනකොට සියල්ල විරව පට්ටම් ගසා අවසානය.ඒ කාලයේදී ඡන්දෙ ඉල්ලන එකා ඡන්ද කාලෙට හිඟමනේ ආවේ තමන්ම ගෙයින්ගෙටය! අද උන්ට ගේම ගසන්නට  එදා මෙන් ඇත්තේ ගමක් තුල නොවේ. දිස්තිරික්කයක්ය! පොල්කටු ඉස්තිරික්කයක්සේ ගිනියම් වූ දිස්තිරික්කයක් පුරා ගේම ගහන්නට පොරවල් ඕනෑය. ඩීසල් ගහන්න ඕනෑය. අරක්කු ඕනෑය. අනිත් එවුන් එක්ක ගහ මරා ගන්නට තුවක්කු පිස්තෝල  පොයින්ට් ත්‍රී එයිට් , නයින් එම් , ෆෝ ෆ්යිව්, ඌසී බූසී මදිපාඩුවට ග්‍රෙනේඩ් මන්නා තිබිය යුතුය.මේව පාවිච්චියට වනාතෙන්, ගෝතමී රෝඩ් එකෙන්, තොටලඟින් මට ලඟින් නැතිනම් මීතොටමුල්ලේ කුනු කන්දෙන්  හෝ බුවාලා සොයා ගත් යුත්තේය.
අපේ රටේ තත්වය සැකවින් දැක්වුව හොත් හොරණ විල්මට් ඒ පෙරෙරා පරාද උනේ කාටද සොයා බලන්න, පිලිප් ගුනවර්ධන පරාද වන්නේ බොනී ජයසූරියටය!.ඇන්  ඇම් පරාද වන්නේ වින්සන්ටය!!  පහුගිය කාලේ ගම්පහ දිස්තිරික්කයේ යූ ඇන් පී කාරයෝ කරූට වඩා මනාප දුන්නේ පබාටය! (එයාටනම් අපිත් මනාපයි කියලා උඹලා කියාවි. මමත් එකෙන්ම!) අර සිසිර ජයකොඩිට වඩා මනාප ලැබුනේ මර්වින් සිල්වාටය. මෙහි  සංශිප්තය ගතහොත් බොහෝ අවස්තාවල් වල පොඩි හොරා පැරදී ඇත්තේ පට්ට හොරාටය. අපි පසුගිය කාල් වකවානුව පුරා අපි පට්ට හොරාට වැඩි වැඩියෙන් මනාප වී ඇත.
වැරැද්දක්ද නැත. මන්ද සොක්‍රටීස් කියා ඇති පරිදි "ප්‍රජාතන්ත්‍රවාදය (බහුතරයේ කමැත්ත) යනු හිස් (ඔළු) ගනන් කිරීමක් නොව ; කකුල් ගනන් කිරීමකි!" ඕනෑම සමාජයක බහුතරය හරක්ය. එනිසා බහුතරයේ තේරීම ගැන තව කුමනකතාද?

සෙස්ස පස්සට .........තට්ට්යා

4 comments:

  1. ස්තූතියි! ඔයා විතරයි කියවලා තියෙන්නෙ. ස්තූතියි නැවත නැවතත්!

    ReplyDelete
  2. විල්මමට් ව දැම්මෙ නිදහස් අධ්‍්‍්‍්‍්‍්‍්‍යාපන පියාව පරද්දන්නයි.ෙකොලම නම් එල ! පතමි මම ජය !!



    ReplyDelete
  3. ඔන්න අද ආවෙ කියවන්න.
    ප්‍රශ්නෙ ගැන නම් හැමෝම දන්නවා නෙහ් තට්ටමාමෙ, මොකුත් කරන්න දෙයක් එහෙම නැද්ද ඕකට🤔

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...