14. යලි රඟ දැක්වෙන "සෙක්කුව" නව නිශ්පාදනය . . . . . . . . . . . . . . !(ලාංකීය දේශපාලනයේ එතෙක් මෙතෙක් රැවටීම)

                      
කිරි පුස්සාගේ හා පැඟිරාගේ  මනාප පොරය !

මේ අන්ඩුව පත් කිරීම ගැන මම නම් දුක් වෙන්නේ නෑ. 

ඒකට හේතුව මෙන්න මේකයි. 
කාලෙකට ඉස්සර 80 දශකයේ අග භාගයෙදී වාගේ; ඊයෙ පෙරෙදා මියගිය අජන්තා රණසිංහ ලොක්ක තමයි නවයුගය පත්තරය කලේ. ඔය කාලයේදීම වගේ නන්දා මාලණී "හේමන්ත්යෙදී" අවසාන කරලා "සත්‍යයේ ගීතය" පටන් ගත්තේ. ඒ කාලයේ මේ ප්‍රසන්ග වල  ගැයුනු  ගීත වලට අණ්ඩුවේ පත්තර වලින් ඉස්ම යන්න ගැහුවා. ඉතින් මටත් සෙට් උනා එක එක කලා බුවාලගෙන් ටෝක්ස් ටිකක් ගන්න.

දවසක් මටසෙට් උනා අමරදේව මාස්ටර්ව හමුවෙන්න. හිතාගන්නකො වෙලාව ඇති රෑ 8.00ට විතර! ඒ කාලේ මාස්ටර් හිටියේ නුගේගොඩ අනුලා එක අයිනේ උඩ පාරේ වම් පැත්තේ ගෙදරක. දැන් මම යන්නේ මස්ටර් ගේ කටින් "විරෝදාකල්ප ගීත මෙලෝ රහක් නැත!" කියලා ඉන්ටවිව් එක අරන් එන්න. මම පොතක් අස්සෙ පුල්ස් කැප් කොල දෙකකුත් දාගෙන ගිහින් දැම්ම ගෙට්ටුවට හිමීට තට්ටුවක්.
"ක්-කවුද--! කියාගෙන ඉස්සරහට ආවේ විමලා නෝනා.
මම ඒකාලේ පැඟිරා. මමත් තටම තටම සීන් එක කියන්න හදනකොටම ......
"මහත්තයා නෑ....................!" කියලා අවාට වඩා වැඩි වේගයෙන් ඉගිල්ලුනා.
මම හයිලෙවල් පාරට ඇවිත් පොඩ්ඩ වෙලාවක් ගියා විතරයි විමලාවෝ තම දුවා දරුවන් එක්ක එතෙනින් පාරට ඇවිත් අඳුරේම යන්නගියා කොයි ලෝකේ හරි!
මමත ආපහු ගෙදර පැත්තට ගියාම මෙන්න කවුද බුවෙක් ඉන්නවා ගෙට්ටුව අයිනේ පුටුවක වාඩි වෙලා.
"අමරදේව මහත්තයා ඉන්නවද..............?
"ඔ.ඔව්! මම මම!"
දේශයේ කලාකරු මා ඉදිරියේ. (වැරදුනා! එතුමා ඉස්සරහ මම!)
අපි එකිනෙකා නොදකමින් කට්ට කරුවලේ කතිකාව ඇරඹූයෙමු.
කතිකාව අවසානයේ දී කලක සිට මගේ සිතේ තිබුනු යමක් ඔහුගෙන් විමසූයෙමි.
"1956 දී මේ රටේ සමජවාදී විප්ලවය සිදු වුනාකියලා ඔබ තුමන්ලා සිතා සිටියා නේද?"
"මොකෝ නැත්තේ..! ඒකනේ ' ඔබ හට ලෝකය සාදා දී මිස - යා නොහැකිය මගෙ පුන්චි පුතුන් . . . .' කියලා මමයි  විමලයි කිව්වේ!"
(මේක  මේ මාස්ටරුයි විමලා නෝනයි කියපු ලස්සන සින්දුවක අන්තිම වචන ටික.)


මේ තරම් දිගට මේ කතාව ගෙනාවේ අපි  හැමෝම  පහුගිය කාලේ කියෙව්වෙ සිරිසේන උන්නැහැ රට අලුත් පීල්ලකට ගනියි කියලා තමයි.
නමුත් එද අමරදේවලා සෙකරලා ඇන්දගෙන හිටියා වගේම අපි තාමත් ඇන්දගෙන.
ගැටලුව වන්නේ අමරදේවලා ඇන්දගත්තේ 1956 දී විතරයි.
අපි 1970,77 සිට 94 වාගේම තාමත් මුන්ගේ බයිලා අහගෙන ඉන්න එකය!
නිරීඇල්ලගේ "සෙක්කුව" ම කී පාරක් නම් බෙලුවාද විසිල් ගගහ!
                                         සෙස්ස පස්සට,  තට්ටයා

1 comment:

  1. සෙක්කුව බලලා නැති අය මේක කොහොමද තේරුම් ගන්නෙ තට්ට මාමෙ🤔

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...