Monday, October 14, 2019

151. කළු ගඟදිගේ . . . . . . 12

ඉහල නාරගල තියෙන්නේ නාරගලට ඉහලින්! පුදුමයි නේද?

ඉහල නාරගලින් ගොඩවූ අප ලොරි පොඩ්ඩා සමග බැල්ලපිටියට  පැමිණ එතැනින් කළුතරට පැමිණියෙමු.

පසුදින අප සියළු දෙනාහට රැකියා සඳහා පිටත් වන්නට තිබුනි. මේ නිසාම අපට තවත් දිනයක් මිඩංගු කිරීමට නොහැකිව තිබුණි. මටත් තෙශාටත් ඇනෝටත් නිවෙස් වල සිට කිලෝමීටර 25 ක 30ක දුරක සේවා ස්ථාන වලට යාමට තිබුනද පසිඳුහට රපෝර්තු කිරීමට තිබුනේ යාල ඔහු සේවය කල කඳවුරු බිමටය!

ඒ කළුතර සිට; ගෙඩි පිටින් කිලෝමීටර 175 ක් දුරිණ් පිහිටි ස්ථානයකය!

අහසින් යනවානම් මෙන්න පාර!

ඔහුට එදින රාත්‍රිය මුළුල්ලේ ගමන් කොට පසුදා උදැහැනැක්කේ එහි යාමටත් සේවය කිරීමටත් නියමිතව තිබුනි. එනිසාම ඔහුව කළුතරින් කතරගම බස් රියකට නැංවීමේ වගකීමක් මාවෙත තිබුනි.
 මෙනිසාම කළුතරට ගොස් ඔහුව බසයකට ඇරලවා මමත් තෙශාත් ඇනෝත් ලොරි පොඩ්ඩාගේ නැගී බණ්ඩාරගම හරහා කඩවතට පමිණියෙමු.

ඔනෑම කටයුත්තක් මග නතර කිරීම බත් මුට්ටිය ඇට්ටකුණා වීමට බොහෝ සෙයින් සමානය. සමහර වැඩ හා පුද්ගලයින් වළං කටු සේය! එනම් එයින් කිසිදා නැවත වළඳක් සෑදිය නොහැකිවනවා සේම කිසිදා පස් වන්නේද නැත!

අපගේ කළු ගඟ චාරිකාව නිමකලේ;එකිනෙකාට සමුදුන්නේ  ඉදිරි සති කිහිපය තුල නැවත ඉහල නාරගලින් ගමන් අරඹා කළුතරට පා තබා අපගේ චාරිකාවට පරිපූර්ණ අවසානයක් ලබා දීමටය.

 දින සති ගෙවීගියේ කිසිදු අස්වැසිල්ලකට ඉඩ නොතබාය.
වැසි වැස්සේය!
තෙශාට රැකියාවට අමතරව ඉගෙනීමේ කටයුතු හරස් විය!!
මාගේ රැකියාව තුල නිවාඩු යනු නිකිණිය!!!
අප සියල්ලන් හටම හැකිවූ දිනයක් වෙතොත් පසිඳු හට එදින ඔරු පදිනවා තබා බාල්දියෙන් නා ගැනීමට වත් නිවාඩුවක් නොමැති විය!!!!

මේ සමගම අප්‍රේල් 21 වන දින බෝම්බ පිපිරී ගියේය!

2019 මාර්තු 16 රත්නපුරෙන් දියට බට අප මාර්තු 17 නාරගලින් ගොඩට පමිණියෙමු. එතන් පටන් ඉතිරි කිලෝමීටර 20ක 30ක දුර ගමන් කිරීමට ගතවූ කලක් නම්.

මේ සියල්ල සමගින් ගමන මාස ගනනාවක් ඇදිනි.

කළු ගඟේ ගමන් චාරිකාව ගැන සිත් තුල මුල් බිජුවට වැපුරුණුදා; අප සිව්දෙනා අතර සංනිවේදනය සඳහා සැකසුනු "River Expedition" වට්ස් අප් ජාලයට පණිවිඩයක් මුදාහරිමින්; ජුනි මස 18 වන දින අනෝපිලිස් පවසා සිටියේ "2019ජුලි මස 14 වෙනි ඉරිදා කලු ගඟ කයක් සවාරියේ ඉතිරි කොටස දියත් කිරීම සඳහා සූදානම් වන්න" කියාය!

මම එයට ඌණ පූර්ණයක් එක්කලේ මෙලෙසිනි.



පසිඳු පලමුවෙන්ම මට හමුවන්නේ"Lakdhasun"  ෆෝරම් එකෙන් සංවිධානය කල; හැමිල්ටන් ඇල පිරිසිදු කිරීමේ ශ්‍රමදානයකදී. එදා මම පසිඳුගේ දූරකථන අංකය ගබඩා කර ගත්තේ "Lakdhasun" කියලා. ඒ මීට අවුරුදු 8 කට විතර ඉස්සෙල්ලා මං හිතන්නේ. ඒත් තාම දූරකථන ගබඩාවේ පසිඳුගේ අංකය තියෙන්නේ එහෙමමයි!


ඊට පිළිතුරුලෙස පසිඳු ඔහුට එදින සහභාගී වීමට ඇති නොහැකියාව පවසා ජුලි මස 7 වන දින පවසා සිටියේ ජුලි 14 වනදින ඔහුට නොහැකි බවය.


ජුලි16 වෙනි පෝය දින තෙශාන්ත විසින් යෝජනා කර තිබුනු අතර ඒය ඇනෝ විසින් ස්ථිර කර තිබුනත් එයට පිළිතුරු ලෙස මා පැවසූවේ වැඩේ අගෝස්තු 11 වනදිනට කල තැබීමටය.
වැඩේ එයින් මෙයින් කල්  ගිහිං ගිහිං අගෝස්තු 11 ට යන්නට පිඹුරුපත් සැකසුනි.


අනපේක්ශිත ළෙස ඇනොට උන වැළඳී තිබුනි.

එයට ඇනෝගෙන් කිසිදු ප්‍රථිචාරයක් නොලද්ද අතර ජුලි 29 වෙනිදින ඔහු පවසා සිටියේ "මට සහලෝල උණ!' කියාය. එසේම තවම උණ බැස නොමැති අතර ඉන් ඉක්බිති සති දෙකක් වත් විවේකීව සිටිය යුතු බවය!

වැඩේ හැමදා වගේම අවුල් වී ඇත!



2018 නොවැම්බර් 16 වෙනි දින එනම් හරියටම ඊට මාස  අටකට පමන පෙර මාගේ බ්ලොගයේ දකුනු පස ඉහල කෙලවරේ ඇති "යොමුව" තුලින් මා ලද ඉල්ලීමක් විය.එය සැකවින් මෙසේය:

"ඔබ නැවත බෝට්ටු චාරිකාවක යෙදෙනවාද? එයට අපටද එකතු විය හැකිද?
මගේ දූරකථන අංකය:.................. මගේ ඊ ලිපිනය.................... 
මීට සුදාරක! "

සුදාරක යනු මගේ හිතේ පැලපදියම් වුනු චරිත නාමයකි. ඒ; ජී බී සේනානායකගේ රසාලිප්ත නවකතාවක් වන "වරදත්ත" නවකතාවේ එන චරිතයකි.

 අපගේ බ්ලොග් ලෝකයේ හා ඉන් පරි භාහිරව සැරිසරන අනේක විදි "අයියලා"ගැන මාහට යම්තාක් දුරට අදහසක් තිබුනු බැවින් සුදාරක "රොබෝවකු" නොවන බව තහවුරු කර ගැනීමට; මා මගේ අනන්‍යතාවය හෙළිනොකර ඔහුගේ කරුණු විමසූවෙමි. ඒ සඳහා මා යොදාගත්තේ කාර්යාලයේ ස්ථාවර දුරකථනයයි. සුදාරක ඔහු පදිංචිව ඉන්නා ස්ථානය හැරෙණ්නට වෙන කිසිදු තොරතුරක් ලබා දීමට අකමැතිවිය. එවිට මා මාගේ අනන්‍යතාවය හෙලිකොට දූරකථනය විසන්ධි කර දැමුවෙමි.

සුදාරක දෙතුන් විටක් මා ඇමතීමට උත්සාහ කලද එය මාගේ ස්ථාවර දූරකථන අංකය බැවින් මා එයට නතු නොවීමි.

මෙම සිදුවූ සිදුවීමට හදවතින් මට කුනු බැනුම්ය! මා අනවශ්‍ය තරම් "ස්මාට්" වීමට ගියා වත්ද? කම්ක් නෑ මම තව දවසකින් දෙකකින් කතා කරණ්නම්. මා හදවතට පොරොණ්දු උනෙමි!


හිතවත් කමෙන් ඔතා බෙහෙත් දෙන තැනක්!

ඔබට මතකද මේ රූප රාමුව? "සයිකලයෙන් තල් අරට 1" පටන් ගන්නෙම  මෙම රූප රාමුවෙන්. මේ ෆාමසියට අධිගෘහිත දේවතාවා තමයි සුසන්ත !

සුදාරකව ඇමතූ දිනට හරියටම දිනකට පමණ පසු දිනෙක මාහට "පුරසඳ ෆාමසියේ" සුසන්ත ගෙන් ඇමතුමක් ලදිමි. 
"අයියෙ ඔයාට කතා කරණ්න ඕනෑ කියලා එක්කෙනෙක් මොබයිල් එකේ නොම්මරේ ඇහුවා මම දෙන්නද?"
තල් අරණ තෙක් මා සමග සයිකල් පැදපු ගමන් සගයෙකු වූ නිශාන්ත නම් අතිශයින් ප්‍රයෝජනවත් මිත්‍රයා මාහට සපයා දීමේ ගෞරවය හිමිවිය යුතුවන්නේද සුසන්තටම වන බැවින් මා දෙවරක් නොසිතුවෙමි.

"අවුලක් නෑ දෙන්න මල්ලි!" මම කීවෙමි.

අනේ අපරාදෙ කියන්න බෑ විනාඩි ගනනක් යන්නට ඇත. මගේ ජංගමයට නන්නාදුනනා අංකයකින් ඇමතුමක් ගලුවේය.

"අයියෙ මම සුදාරක! . . . . . ." (අප්පට සිරි!)

කතාව නිම වූයේ ඊළඟ කයාක් සංචාරයට ඔහුව එක් කර ගැනී මේ පොරොන්දුව ඔහු මත මා තබමිනි!

මේ වන විට ඇනෝගේ උන ගැනීම අපේ ගමනට ඇන ගැනීමක් වී අවසානය! පසිඳුගේ දකුණු අප්‍රිකානු ගමන කරණ කොට ගෙන මෙම ගමන ඇනෝගේ උන බසින තුරු කල් දැමීමටද නොහැක!

පසිඳුහට FGASA (The Field Guides Association of Southern Africa)  පාඨමාලාව සඳහා පිටව යන්නට ඇත්තේ සැත්තැම්බරයේය! එයද සැලකිල්ලට ගත යුතුය. එසේම වැසි නැති දිනයක් වියයුතුය. දැඩි ඉඩෝරයද ගමනට බාධා පමුණුවයි.

මට එකවර සුදාරක මතක් විය! මම ඔහුට ඇමතුමක් ගතිමි.

සුදාරක එකෙන්ම වැඩේට ගැලපී ගියේය. ඒ මොහොතේ උවද ඇඳං සිටි ඇඳුම පිටින් හෝ ගමනට ඔහු එකඟය! එළය!
කිසිදා ඇහැට දැක නැති එකෙක් සමග කයාක් සංචාරයකට යෙදෙන පලමු අවස්ථාව මෙය නොවේ. මහවැළියේ "ගඟක් දිගේ"  ගමනට මෛත්‍රීව සහභාගී කරගත්තේද එලෙසමය! 

ඇනෝගේ සිත නොරිද්දාම මා සුදාරක පිළිබඳව; වට්ස් අප් ජාලය හරහා ඔහුට හා අනෙක් දෙදෙනා හට දැනුම් දුන්නෙමි.



එදින රාත්‍රියේ අප දූරකථන සම්මන්තරණයක යෙදුනෙමු. ඔහුව හැකි උපරිමයෙන් අප් දැනුවත් කලෙමු. 

අපගේ සියළු බලා පොරොත්තු සුන් කරලමින් මහ වැසි පටන් ගැනුනි. මේ වැසි රත්නපුරයට ඇතුළු කළු ගඟේ ඉහත්තාවට, ජල පෝෂක ප්‍රදේශ වලට හෝ ගංගා ධාරයට  කඩා වැටුන හොත් අප හට කයාක පදින්න වන්නේ සංචාරයට නොව ආධාර බෙදීමටය.


ගමනේ මුල සිටම කළු ගඟ මා සිත් ගත් එකක් නොවීය! එනිසාම මා කිසිවෙකුට යන්න කියන්නේද නැත! එනිසාම වැසි වැටීමෙන් එම හැඟීම තවත් උද්දීපනය වීමට ඉඩකඩක් ඇත. එසේම කලු ගඟේ නොගැඹුරු තැනක් හමු නොවීය. එනිසාම වැසි සමග එය වඩාත් ගැඹුරු විය හැක.
සත්තකින්ම යත්‍රාවක් තුල සිටිනා අයෙකු ගැඹුර ගැන කලබල විය යුතු නැත. මන්ද එය පාවෙන්නේ මතු පිට බැවිනි. එහෙත් අධික ගැඹුරක් පවතින ස්ථාන හරහා පැදයාමේදී සිතට දැනෙන බිය කිසිදු තර්කයකින් අස්වසාලිය නොහැක. 
කෙතරම් ශක්තිමත්ව නිර්මාණයකල; විශාල උසකින් සමන්විත ගොඩනැගිල්ලක සිට පහත් බැලූ විට සිතට දැනෙන බියට එය සමානය. 
මේ කාරණා නිසාම වැස්ස විසින් මගේ උප විඥ්ඥානය මත ඇති කල ප්‍රථිරෝධය සෙසු පටු නැත!


වැසි නිසාම අගෝස්තු 11 ගමනට මගේ සිත තුල තරමක ප්‍රථිරෝධයක් පැවතුනි. එනිසා අගෝස්තු 10 වනදින දහවල් වනතුරුද පසුදින ගමන පිළිබඳව නිශ්චිත නිගමනයකට එළඹීමට අපට නොහැකිවී තිබුනි! ඒවන විටත් පසිඳු යාලින් පිටත් වී කොළඹ බලා පැමිනෙමින් විය.ඒ පසුදින යාත්‍රා කිරීමටය. හෙට දින යාමට නියමිතව තිබෙන ගමන; අද දිනය තුලදී අවලංගු කිරීමේදී සැළකිය යුතුව තිබුණු එකම කරුණ වන්නේ පසිඳුගේ කාලය, මහන්සිය හා මග වියදම පමණි.


අප දෙපසට වැනෙමින් "මස් කනවද? මාළු කනවද??" කියමින් දෙපැත්තට අදිමින් සිටිනා විටදී මගේ වැඩපොලට පසිඳු කඩා වැදුනි. 

"දැන් හෙට යනවද?" මම දෙපැත්තටම නැති ගන්ධබ්බ ප්‍රශනයක් ඇසුවෙමි.

"නැතුව!? යනවා! යනවා!!" 

මට තවදුරටත් ගමන ගැන හිතන්නට දෙයක් නොමැත. හිතන්නට ඉඩ කඩක්ද නොමැත. 

සීතාවක රාජසිංහයන් කල සිටි අරිඨ්ට කී වෙන්ඩු "රාජා හෝ මා හෝ ගංගාවෝ" කීවාසේ; මමද "කයාකයෝ පසිඳුවෝ ගංගාවෝ" කියා සිතාගෙන මගේ අළුත්ම අදහස මෙන්ම යෝජනාව ජාලයට එක් කලෙමි.

මැරෙණ්න එකෙන්ම!

සුදාරක මා ඇමතීමි! මම පසුදින ගමන යන බව අවධාරණය කලෙමි. ඒ ගමන්ම තව පුංචි පහේ ඉල්ලීමක්ද කලෙමි!

"කොල්ලො එවපංකො උඹේ පොඩි පිංතූරයක් උඹ කොයි වගේද කියලා දැක බලා ගන්න"

හොර බළල් මූණත් තහඩුව!

මා ඇනෝව අමතා පසුදින අප නව ගමන් සගයෙකු සමග ගමන් අරඹන බව හෙමි හිමීට කියා දැමුවෙමි. 

"අනෙ අයියේ ලොකු දෙයක්! මට ඔයාට කියා ගන්න බැරිව හිටියේ වෙන එකෙක් දාගෙන යන්න කියලා!"

මදුරුවෙකුගේ සමු ගැනීම!

ගං දෑල දෙපසම
කෑල මල් පිපි ඕසෙට

කොමල කළු ගඟ
සිඹිමි ඔබ ගෙන දෑතට

හද ඉතින් ඉවසන්න
බාරවෙන්නම් මම - කළුතරට 

මියෙන්නට පෙර දිනෙක 
එතෙක් හද; ඉවසන්න

විඳින අපමණ දුක් ගැහැට












28 comments:

  1. වැඩේ අතෑරල නෑ බලාගෙන යනකොට.
    බලමු අලුත් මිත්‍රය එක්ක ඉතුරු ටික පැද්දෙ කොහොමද කියල එහෙනං.

    ReplyDelete
    Replies
    1. එහෙම බැහැනෙ ප්‍රසන්න! පටන් ගත්තු එක ඉවරයක් දකින්නම ඕණෑනේ! ස්තූතියි කුළුඳුළේම ගොඩ උනාට!

      Delete
  2. Soooooo, it's on again with a new trooper?

    ReplyDelete
    Replies
    1. ඔව් සත්තකින්ම! අළුත් සගයෙකු කෙරෙහි අළුත් විශ්වාසයක් තබා ගෙන අළුත් ගමනක්!

      Delete
  3. https://www.madrivercanoe.com/us/

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක හොඳ නමක්; නම ගිය! ස්තූතියි!

      Delete
  4. හරි එහෙනම් ආයෙත් පදිමු....
    තට්ට මහත්තයෝ මේ බ්ලොග් එක කියවන සුවහසක් ජනයා හැමොමත් ඔහේලත් එක්ක කළු ගඟ තරණය කරනවා හැබහින් නොවුනත් සිතෙන්.........

    ReplyDelete
    Replies
    1. මොන තරම් අහන්න කැමති දෙයක්ද ඔය කිව්වේ!? ස්තූතියි!

      Delete
  5. බලාපොරොත්තු උන විදියට ගමන අවසාන කරන්න බැරි උනාට, පටන් ගත් දෙයක් කෙසේ හෝ නිමා කිරීම වැදගත්.
    කවුරු කිව්වාද කියලා දන්නේ නැති උනාට "As long as you start something, it is always your duty to finish it " කියලා කියමනක් තියෙන්නේ මේ වගේ වැඩ වලට තමයි.

    ReplyDelete
    Replies
    1. සෑම් මහත්තයා!
      අපි මැරතන් කරූගෙ රටේ මිනිස්සු නොවැ!
      ඉතින් අපි යමක් පටන් ගත්තොත් ඒක ඉවර නොකර ඉන්න එක ඒ තරම් යුතු නෑ.
      තව දෙයක්! අපේ මිනිස්සු හරිම දක්ෂයි ඕනෑම වගකීමක් වගකීමකින් තොරව භාර ගැනීමට!
      එනිසාමමයි ඒ අය පටන් ගත්තු දෙය අවසන් නොකෙරෙණ්නේ. ඇයි වග කීමක් හෝ වගවීමක් නෑනෙ ඒක ඉවර කරණ්න.
      ඉතින් හැමදාම වගේ අදත් ස්තූතියි කියා සමුගන්නම්!

      Delete
  6. පෙනෙන විදිහට නං මහත්තයෝ, හෙණට තෙමිලා!

    ReplyDelete
  7. පෞද්ගලික කෙටිපණිවිඩ, ජායාරුප පලව ඇති නිසා පෝස්ටුව උඩින් පල්ලෙන් කියෙව්වේ මහත්මයා. චාරිකාවේ සටහන් කවදාද පල කරන්නේ?

    මහත්මයා කඩවත ද ඉන්නේ? කඩවත ශ්‍රී ජයසේකරාමය අධිපති අක්කරෙයිපත්තුවේ චන්ද්‍රජෝති ආදිපාද ස්ථිවරයන් වහන්සේ අපේ බාප්පා. උන්වහන්සේගේ පන්සලේ තමයි මාත් නතරව සිට රැකියාවට යන්නේ. එහෙ එනවා නං හමුවෙන්න.

    රසික

    ReplyDelete
  8. රසික මහතානෙනි! සත්තකින්ම විවාහයක් කියන්නේ පෝරුව පිට නැගීම පමනක් හෝපොතේ අත්සන් කිරීම පමනක්ම නොවෙයිනේ. ඒ වගේ මේ චාරිකා හුදෙක් ගඟට බැස්සා පැදල ගියා පමණක් නොවේ. ඇත්තටම හැමදාමත් මට වඩාත් අමාරු කටයුත්ත උනේ ගමන සංවිධානය කිරීමයි. මෙහි ලියැවී ඇති කිසිදු ගමනක් මා මුදල් වෙනුවෙන් ගොස් නොමැත. එනිසාම ඕනෑම අයෙකු හට හෙට යන්නට තිබියදී උවද අද "බෑ" කියන්නට පුළුවන.
    ඉතින් මෙවන් චාරිකාවක් ඔබ හෙට සංවිධානය කලත්; මම මුහුණ දුන් ප්‍රශ්ණ වලින් බහුතරයකට මුහුණදෙන්නට පුළුවන,ඒ නිසාමයි මා මුහුණ දුන් ගැටළු ඒ ආකාරයෙන්ම දක්වන්නේ.
    චාරිකාව පමණක් ලියා පල කලහොත්; ඒ පසුපස පැමිණ මෙවන් ගමනක් සං විධානය කල අයෙකු; කටුක අත්දැකීමකට මුහුණ දුන් වහාම ඔහු පසු බසීවි.එයින් ඔහු ගලවා ගන්නටයි මා මුහුණදුන් කාරණා එකක් නෑර ලියා තබන්නේ.

    ඔබ දකිණ්නට මා එන්නම් දිනෙක!

    ReplyDelete
  9. ඔබේ බ්ලොග් අඩවිය හරිම ලස්සන සහ ධනාත්මක එකක්. සතුටුයි හමු වුනාට. දිගටම පසුපස එමි සෙවනැල්ලක් මෙන්, බය වෙන්න එපා just following

    ReplyDelete
  10. ඉතුරු ටිකත් පැදල එන්ඩෝ
    තෙරුවන් සරණයි !

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි කොහෙද හිටියේ මෙච්චර කල්?

      Delete
  11. ඇත්ත වශයෙන්ම මංජුල මහත්මයා, මෙලෙස ජීවිතයත් මරණයත් අතර කෙරෙනා ධාවන වලදී අප දෙවියන් කෙරෙහි සම්පුර්ණ විශ්වාශය තැබිය යුතුයි.

    ඇත්ත වශයෙන්ම මංජුල මහත්මයා සෑම ආගමකම, යුදෙව්වන් උනත්, මගමදාමිකයන් උනත්, මිත්‍යා දුෂ්ඨිකයන් උනත් ඒ අතර හොද මිනිස්සු ඉන්නට පුළුවන්, ඔවුන් හොද භක්තිමත් මිනිස්සු වේවි. ඒත් ඒ අය ක්‍රිස්තියානිකාරයන් නෙමෙයි.

    ඉතිං මංජුල මහත්මයා නාවිකයන්ගේ ගැලවුම්කරුවාවූ ශාන්ත අන්තෝනි මුණිතුමා කෙරෙහි ඔබතුමාගේ අචල විශ්වාශය තබාගන්න.සුභාරංචි පණිවිඩය බෙදාහැරීම සදහා ඉදිරියටත් ලියන්න.

    යම් යම් වේලාවන්හිදී අපට දුක් කරදර, ලෙඩ රෝග පැමිණෙනවා. ඒත් මහත්මයා අප දෙවියන් වහන්සේගේ අපරිමිත කරුණාව කෙරෙහි විශ්වාශය තබන්න ඕනි. ඒවා පැමිණෙන්නේ දෙවියන්වහන්සේ අපව පරික්ෂා කරන විටදීයි. උන් වහන්සේගේ කැමැත්ත ඒක නම් අපි කංකෙදිරි ගාන්න ඕනා නැහැ. සර්වබලධාරි දෙවියන් වහන්සේගේ බලයත් යහපත් කමත් සිහියේ තියා ගන්නට ඕනි.

    ගැලවීම සදහා ඥානය ලබා ගැනීමට නම් මංජු මහත්මයා, අපෝස්තළුවරයා කිව්වා වගේ නොපෙනී තියෙන දේවල් කෙරෙහි විශ්වාශය ඇති කර ගන්න ඕනි. අපගේ ඉන්ද්‍රියන්ට ප්‍රත්‍යක්ෂ දේවල් පිළිගැනීමෙන් පින් ලැබෙන්නේ නෑ. භක්තිමත් ක්‍රිස්තියානීන් වන අපගෙන් බලාපොරොත්තු වන විශ්වාශය නම්, ඒ වගේම සුභාරංචියේ ශ්‍රේෂ්ඨ පොරොන්දු හා බැදී ඇති විශ්වාශය නම්, පරමෝත්කෘෂ්ට දෙහි ඇති විශ්වාශයයි.

    අපට වටහාගන්න බැරි අබිරහසක් වන, දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ පහල වීමයි-පොලොවට බැහැලා මනුෂ්‍ය වේශයක් අරගෙන අපගේ ගැලවීම සදහා ඇත්ත වශයෙන්ම අප්‍රමාණ දුක් වින්දා වූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ පහල වීමයි. ඒ දිව්‍යමය ආශිර්වාදයෙන් , ක්‍රිස්තියානීන් නොවන අයද කල්යාමේදී ක්‍රිස්තියානීන් බවට හැරවීමේ බලයක් ඇති බවත් කියන්න ඕනි. එවැනි බලයක් ඇති දෙවියන් වහන්සේ කෙරෙහි සම්පුර්ණ විශ්වාශය දැන් තවත් තැබිය යුතුකාලය ඉදිරියේ පැමිණ ඇත්තේ මහත්මයා.

    අපෝස්තුළුවරයා මොකක්ද කියන්නේ? 'ප්‍රේමය මෙහි වෙයි, අපි දෙවියන්වහන්සේට ප්‍රේම කළෝ නොවෙමු, උන්වහන්සේ අපට ප්‍රේම කල සේක. අපගේ පාපයන් සමා කරවීම සදහා උන්වහන්සේගේ පුත්‍රයා එචු සේක'

    බලන්න මංජු මහත්මයා කොයිතරම් අපුරු දෙයක්ද? ඒ නිසා දෙවියන් කෙරෙහි ඔබතුමාගේ අචල විශ්වාශය තබාගන්න.යක්ෂයාගේ ශාපලත් අඳුරට අසුවෙන්න එපා. හිත ශක්තිමත් කරගන්න. ඔබතුමාට ඒ සදහා ශක්තිය ලැබේවා කියා මා අද සවස දිව්‍ය යාඥඥා මෙහෙයේදී ඉල්ලා සිටින්නම්.

    දෙවියන්වහන්සෙගෙන් ප්‍රඥාව ඉල්ලා සිටින්න (යාකොබ් 1:5). මක්නිසාද ඔබ බෙදාගන්නේ දෙවියන්වහන්සේගේ ගැළවීමේ පණිවුඩයයි. එම නිසා ඔබට වඩා ඒ ගැන දන්නේ උන්වහන්සේය . ශුභාරංචිය එළිදරව් වූයේ මිනිසාගේ ප්‍රඥාවෙන් නොව දෙවියන්වහන්සේගේ බලයෙනි (1 කොරින්ති 2:5)

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම මා උපතින් බෞද්ධයෙකු ලෙස බෞද්ධාගම අතුළු අනෙකුත් සියළුම ආගම් වල පවතින වටිනා කියන සියළු දේ උකහා ගනිමින් ජීවත් වන්නෙක්මි. දෙවියන්ගේ වඩාත් ආශ්චර්‍යයමත් වූ නිර්මානය වන ස්වභ්හව ධර්මයට බලවත්සේ ඇළුම් කරමින් එහි පැවැත්මට එකඟව ජීවත් වන්නෙක්මි. එනිසා සියළුදෙවියන්ගේ පිහිට ආරක්ෂාව අපවෙත ලැබෙනු ඇතැයි විශ්වාස කරමි. ස්තූතියි!

      Delete
  12. බැල්ලපිටියට , යාල , ගැන ලියවෙද්දී මගේ නැන්දා(තාත්තා ගේ අක්කා) ඉන්න ගලපාත ගෙදර මතක් උණා තට්ට මහත්තයෝ .

    ReplyDelete
    Replies
    1. තරුණයා!
      අන් බ්ලොගයට කොමෙන්ටු දැමීමට පෙර තම බ්ලොගයට දැමූ කොමෙන්ටු වලට පිලිතුරු දුන මැනව!

      Delete
  13. ගේම අතෑල නෑ එහෙනම්

    ReplyDelete
  14. ඒක හරි.. ඊළඟ එක බලමු.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සපැමිනියාට!

      Delete
  15. අම්මෝ මම නොදන්නවනේ තට්ටයියගේ රහස් පරීකශක වැඩ .මගෙත් ඔෆිස් නොම්බරේටනේ ඉස්සෙලම කතා කලේ

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ඇත්ත නේන්නම්! මට මතකත් නෑ කොහොමද හොයා ගත්තේ කියලා!?

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...