Monday, March 25, 2019

130. රජයේ වැඩ බිම



උදේ නො එති
දවල්ට එති
පොතේ ලියති
අට ම දාති

කහට ගසති
බුලත් හපති
බීඩි උරති
රේස් දමති

ඕමි බලති 
කයිය ගසති 
දෙකක් දමති 
කාලා නිදති

හවස නාති
ගෙදර දුවති
පිකට් කරති 
පඩි ඉල්ලති


Thursday, March 14, 2019

129. කළු ගඟ දිගේ . . . . . . !


1870 දී කළු ගඟ - රත්නපුර


 "තල් අරණ . . . !" නිමා වූයේ තරමක දුකකුත් සිතට එක් කරමින්.

ජීවිතේට ආසාවට අකුරු 5 ක් කොටලා කොමෙන්ට් නොකලාට හමූනාම එහෙම නැත්නම් දූරකථනයෙන් අමතා "මොනවද මේ ලියන මගුල් . . ?" කියා ඇඟේ වදින්න කමෙන්ට් කරණ එවුන් දෙතුන් දෙනා කිව්වෙත් "උඹේ ඇඩ්වෙන්චර් එක පට්ට ට්‍රැජඩියක්නෙ බං !" කියලා. (ඇනෝපිලිස්ද දැන් ටික කලක සිට වැටී ඇත්තේ මේ කැටගරියටමය!)

ඒකට හේතුව මා හිතන විදියට ලියපු දේ වත් ලියපු විදියේ වත් වරදක් නෙවෙයි.

මොකද එකෙක් අතින් කියවුනා හරිම කතාව.

 "උඹේ සයිකල් ටුවර් එක ඉවර උනාම දැනුනේ අර පොඩි කාලේ ඉස්කෝලෙ නිවාඩුවට ලොකු අම්මලාගේ ගෙදර ගිහින් ආතල් එකේ ඉන්න කොට නිවාඩුව ඉවර වෙන්න දවසක් තියෙද්දි අපිව එක්කන් යන්න අම්මා ආවාම දැනෙන්නේ ? ආන්න ඒ වගේ ෆීලින්ග් එකක්!"

Tuesday, March 5, 2019

128. සයිකලයෙන් තල් අරණට ම . . .10


පෙ.ව 7.15 
දිනය පටන් ගෙන. නිල් අහස් කුස තුල ඉන්ද්‍රඛීලයක්සේ නැගිට ගත් තල් අරණ

එදින වැසි මන්දාරමකින් යාපන අර්ධද්වීපය වැසුනු දිනයකි. ප්රේමසර ඈපාසිංහයන් කියන්නාසේ "ක්රීඩාවට උචිත කාලගුණයක් " පැවතුනි. ක්රිකට් ක්රීඩාවට නොව සයිකල් පැදීමටය. අප මද විරාමයක් ගනු පිණිස බෝක්කු ගල මත වාඩි උනෙමු. අනෙකක් නොව; මා ට්රැක්ටරය පසුපස හඹා'විත් නැවතුනු ස්ථානයේය

එතැනට ආසන්නව බස් නැවතුමක් විය. එතැන සිටි තරුණියන් තිදෙන;  එකිනෙකා හා කතා කරමින් සිටි අපදෙස බලා සිටි මුත් අප නිකමටවත් ඔවුන් දෙස බැලුවේ නැත

හොඳටෝම වැරදුනා


"එකිනෙකා හා කතා කරමින් එතැන සිටි තරුණියන් තිදෙන දෙස අප බලා සිටි මුත් ඔවුන් නිකමටවත් අප දෙස බලුවේ නැත! "  
යනුවෙන් එය නිවැරදි විය යුතුය!

අප විවේකය සඳහා නැවතුනු විට අනුගමනය කරණ; කාරණා කිහිපයකි.  අහරක් ගැනීම, වතුර බීම, බයිසිකලයේ ටයර මිරිකීම හෙවත් හුලං බැලීම යන කාරණා මින් ප්‍රධාන තැනක් ගනී.පිටුපස ඇති පැනියර සැකසීම. මේ කරුණුවලින් බොහොමයක් සෑම නැවතුමකදීම ඉටු කෙරේ. කෑමේදී හා ජලය පානය කිරීමේදී අනෙක් සගයන්ගෙන්ද විමසීම අනිවාරයයෙන්ම සිදුවන චාරිත්රයකි.


තමා රැගෙන වතුර බෝතලය සම්පූර්ණයෙන් තිබිය යුතුය. නැතහොත් බී අවසන් කලයුතුය යන න්‍යාය කාගේ සිත තුල නොවුනත් මගේ සිතේ තදින්ම කා වදී තිබුනු. එයට නිශ්චිත හේතුවක් නොමැත



මේක හදපු එක නොවෙයි පුදුමෙ - කවුද දන්නෑ හිටෙව්වේ?


23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...