Thursday, January 31, 2019

122. අතර මග . . . !




 මාගේ ලොරි පොඩ්ඩා


පසුගිය කාලය පුරාවට මා කාලය ගතකලේ මාගේ ලොරි පොඩ්ඩා නොහොත් ට්රක් රිය ගොඩ දා ගැනීමටය. පලමුව මා එහි සවිකොට තිබූ වේග හතරේ ගියර පෙට්ටිය ගලවා වෙනුවට වේග පහේ; තේරෙණ සිංහලෙන් කියනවානම් 5 ස්පීඩ් ගියර පෙටියක් සවි කිරීමය. එයට අඩු වැඩිය ලෙස ක්ල්ච් ප්ලේට් හා ප්රෙෂර් ප්ලේට් අතුරු පස ලෙස සැපයීමි. එම ගියර පෙට්ටිය තිබුනු එකට වඩා සෙන්ටි මීටර 10 ක් දිගින් වැඩි නිසා එයට ගැල පෙන්නට පසුපස අවර පෙති කඳ හෙවත් ප්රොපෙලර් ෂාෆ්ට්  එක කොට කර සාපේක්ෂව  ඉදිරිපස ප්රොපෙලර් ෂාෆ්ට් එක දිගු කලෙමි. ඉන් පසු සිදු කලේ පසු පස ඩිෆරන්ෂලය ඇක්සලය හා දුනු මිටි දෙක සමගම ඉවත් කොට එයට 5 ස්පීඩ් එකලසක් එක් කිරීමය. මන්ද 5 ස්පීඩ් ගියර පෙට්ටියට ගැලපෙන ඩිෆරෂලයේ; පීනියන් හා ක්රවුන් වීලයේ දැති අනුපාතය 4 ස්පීඩ් ඩිෆරන්ෂලයට වඩා වෙනස් වන නිසාය. මේ සියල්ල සිදුකලේ මිතුරකු සතු  ගර්හිත නිසාන් පැට්රල් වැගනයකින් ගලවා නැවත මාගේ ලොරි භාගයෙන් ඉවත් කරණා අදාල කොටස් නැවත සවි කර දීමේ පදනම මතය. අඩුපාඩුවට ගෙවන මුදල් වලට අමතරවය! සාපේක්ෂව වැගනයේ දුනු මිටි සමන්විත වූයේ තුනී දුනු කොල හතකින් වන අතර ට්රක් රියේ දුනු මිටි වල වූයේ ගනකමින් වැඩි දුනු කොල හතරක් පමනි. මේ නිසාම ට්රක් රියට අමතර සුව පහසුවක් එක් කිරීමට දුනු මිටි හතරද මාරු කලෙමි. මේ සියල්ල සිදු කලේ මා තනිව වෙහෙසමින් වන අතර පසු ගිය මාසය තුල මා ඔසවන ලද, අදින ලද, තල්ලු කරණ ලද මුළු බර කිලෝ 1000 ඉක්මවන්නට ඇත. මේ සියල්ල සමග සිදුවූයේ පසුගිය කාලය පුරා පාන්දර 1.00 -2.00 වනතුරු නිදිවරමින් මජං නාගෙන වැඩ කල අතර මේවන විට ඉදිරිපස දුනු ෂකල් හා දුනු බුෂ් අළුතින් යෙදීම හා මාගේ ට්රක් රියෙන් ඉවත් කල ඉදිරි පස දුනු මිටි දෙක සමන්විත ඩිෆරන්ෂලය මිතුරාගේ රථයට සවි කිරීම කල යුතුව ඇත!
මේ සියල්ල වචන දෙතුන් සීයකින් ලියා අවසන් කල හැකි වුනද නිමකිරීමට ගතවන ශ්රමය -මිනිස් පැය ගනන අති මහත්ය. වෙහෙස සෙසු පටු නැත
 වින්ඳ දුක දන්නේ මාත් හදවතත් පමණි!




මේ සියල්ලටම වඩා එය; මා ඔබෙන් ඈත් කර තැබීමට හේතුවිය. මෙනිසාම ලියන්නට බොහෝ දේ හිත තුල ඉපදී හිත තුලම මිය ගියේ තුන් මාසයේ, හත් දවසේ තබා පාන්ශුකූලයටවත් ඉඩක් නොතබාය! එනිසාම බයිසි පැදිල්ලද තරමක් පසු බෑවේ; ඉදිරියට එන උදරය ඉදිරියේය. නමුත් සිතට වදින දසුන් රැසක්පසුගිය කාලය පුරාවට දැකීමි
මේ පිළිබඳව සටහනක්!

Wednesday, January 9, 2019

121. සයිකලයෙන් තල් අරණට . . . . 9


සියල් සතහට සෙවන සදමින් - නොවේ වෙනසක් ජාති ආගම්
දකුණින් ආවත් උතුරේ සිටියත්

ආනා රෙස්ට් පිහිටියේ A 9 මාර්ගයේ වම් පසය. එය පිහිටියේද තරමක හුදෙකලා පෙදෙසකය. මාර්ගයට සාපේක්ෂව තරමක උස් බිමක එය පිහිටා තිබුනේය.අපගේ කාමරය තිබුනේ එහි වම්පස කොටසේය. ආනා රෙස්ට් පිහිටියේ A 9 මාර්ගයේ වම් පසය. එය පිහිටියේද තරමක හුදෙකලා පෙදෙසකය.  අපට  ලැබී තිබුනේ කොරිඩෝරයකට මුහුන ලා; මුල් කෙලවරේ පිහිටි විශාල කාමරයකි. එහි තිදෙනෙකු හට සුව පහසුවෙන් ගත කිරීමට අවශ්‍ය සියළු දේ සකසා තිබුනි.යාබද  නාන කාමරයද හදිසි අවශ්‍යතාවයකදී ඩබල් ඇඳක් වුව දැමීමට හැකිතරම් ඉඩ පාඩුව සාදා තිබුනි. පලමුව නා  ගැනීමට එහි ගිය මාහට එහි සුවිශාලත්වය මහත් සේ අසීරුවක් විය. එය  දැනුනේ ගෙදරක සාලය මැද නිරුවතින්  සිටිනවා වැනි හැඟීමකි!

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...