Thursday, August 30, 2018

107. ආර් ප්‍රේමදාස



ජාතිය එක්සත් කල නොහැකි වූ සඳ එක්සත් ජාතීන් වෙත !


මගේ; "තල් අරණ" ට දුමිඳු ගමගේ මල්ලි දාලා තිබුනා කොමෙන්ටුවක්! මේපෝස්ටුවේ මම; දළදාගම පිහිටි ප්‍රේමදාස මහත්තයාගේ අඹ වත්තක් ගැන ලියාඇති බැවින් දුමිඳුගේකොමෙන්ටුවෙන් අසා තිබුනේ; 

"අයියේ අර අඹ වත්ත ලැවරියා විකුනලා ගත්තු එකක්ද දන්නෙ නෑ නෙ?" කියාය. කොහොමටත් ප්‍රේමදාස චරිතය ගැන පොඩි කයියක් ගහන්න මම කලක ඉඳන් පෙරුම් පුර පුරා හිටියේ. මං හිතන්නේ අද ඊට නිසිඅවස්ථාව යෙදුනා කියාය.

දැන් ඊළඟ ප්‍රශ්නෙ!  

කොහෙන්ද පටන් ගන්නේ කියන එක.  

මේ කතාවට යම් වටිනාකම ලැබෙන්න මා මෙලෙස කතාව පටන් ගන්නම්. 
"මා කිසි දිනෙක ප්‍රේමදාස මහතා හට හෝ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය පාවිච්චි කල අයෙක් නොවෙමි. එසේම ඔහු ආමර් වීදියේදී ජීවිතක්ෂයට පත්වීමේ පණිවිඩය සතුටු සිතින් අසා දැනගත් අයෙක් විමි." දැන් ඒ පිළිබඳව මා එක්ක තර්ක විතර්ක නොකර කතාව පටන් ගනිමු.

අප එක් එක් අයගේ සිත් තුල මුල් බැසගත් වීරයන් සිටිති. මාගේ සිත තුල බොහෝ කලෙක සිට එසේ ලැගුම් ගත් වීරයෙක් වූයේ අමෙරිකාවේ සිව් වන ජනාධිපති එබ්‍රහම් ලින්කන්ය. 
ඊට ප්‍රධාන හේතුව වන්නේ ඔහුගේ චරිත කතාවේ උදෘථයක් අපෙ හතරෙ පන්තියේ පෙල පොතේ එක් පාඩමක් ලෙස කැටි කොට තිබූ නිසාය. එම පාඩම මගේ රුධිරයට කෙතරම් බද්ද වී ඇත්දැයි කිව හොත් එහි එන; "නොපසුබස්නා වීර්යයත්, උට්ඨාන ධෛර්යයත්" ; යන වදන් පෙල අද ද මවෙතින් ලියැවෙන්නේ එකම පෙලටය. මීට දශක හතරකටත් පෙර කියැවුනු එම වදන් පෙලින් ගරු බුහුමන් ලබන්නේ එබ්‍රහම් ලින්කන් තුමාවය. 
අද දින මා මෙරට කිසියම් දේශපාලන චරිථයක් ගැන ලියන්නට ගිය හොත් එම වදන් පෙල භාවිතා කරණ්නේ ප්‍රේමදාස චරිථයට ඉදිරියෙන් පමනි. ඔව් ඔහු එතරම්ම අධිෂ්ඨානශීලී අයෙක් විය. එසේම කැපවීම, වෙලාවට වැඩ කිරීම, සෘජු බව, ගැටළු විසඳීමේ බුහුටිබව අතින් ඔහු රටේ අනෙකුත් නායකයින් වෙතින් ගව් ගනනාවක් ඉදිරියෙන් සිටියේ යැයි මා සිතමි. 
බොහෝ දෙනා තම ඉනෙහි පසෙක කොපුවේ ලා තිබුනු අසිපත් එළියට ගෙන මුවහත් කරණ හඬ මට ඇසේ. මා ඔවුන් නිහඬ කරවන්නම්; ඒ අසිපත් නැවතත් කොපු තුල රඳවන්නම් මේ වගන්තියෙන්. “ඔහු සුදුසු වන්නේ රටක දෙවැනියා වීමටය! දෙවැනියාව සිටිනාතුරු ඔහු වඩාත් ප්‍රායෝගික නායකයකු විය. ඔහු පලමු නායකයා වීම සමග එම ජනප්‍රියත්වය ඔහු වෙතින් ගිලිහුණි!”





මහ පොළොවේ පය ගසා සිට රජ ගෙදරට !

ඒබ්‍රහ්ම් ලින්කන් ජීවිතය පටන් ගත්තේ ඉතාමත් දුගී දුප්පතෙක් ලෙසටය. එය ඔහුට ආභරණයක් විය. ඔහු ජනාධිපති පදවිය දැරූ රට ලංකාව නොවී අමෙරිකාව වූයේ එරට මිනිසුන් තුල තිබුනු හා පවතින එම උසස්ආ කල්පය නිසාම විය යුතුය. 
ප්‍රේමදාස මහතා අගමති පදවිය සමග මුලින්ම හෙබවූයේ සභානායක කමය. ඔහුගේ මුල්ම පාර්ලිමේන්තු කතාවක් තුල; "කන්ටේනර් පර්යන්ත, ග්‍රැන්ටි දොඹකර"; ගැන කියැවුනා මට අද මෙන් මතකය. එම කතාව මටත් වඩා හොඳි අසා සිටි අයෙකු සිංගප්පූරුවේ සිටියේය ඒ එරට අගමතිවරයාය.  

එල් ටී ටී ඊ සංවිධානයට මෙරට වසර ගනනාවකින් පසුපසට ඇදදමීමට අවශ්‍ය ධෛර්යය ආශිර්වාදය ඔවුන් වෙතින් නොළැඹුනා යැයි අපට විශ්වාස කල හැකිද? මන්ද අප කන්ටේනර් හැසිරවීමට පටන් ගත්තානම් මුලින්ම බඩේ පාර වදින්නේ ඔවුන්ට බැවිනි.

එකල විපක්ෂයේ ඡන්ද රැස්වීම් වල ප්‍රධාන සටන් පාඨය වූයේ ; "ලැවරියා කොල්ලාගේ"; කථාවය. ප්‍රේමදාස තම ග්‍රැන්ටි දොඹකර කථාව අස්සේ ; "වලව්වල අවජාතක කොල්ලන්ට වඩා ලැවරිය විකුණූ කොල්ලාගේ. ." යනුවෙන් ඊට ප්‍රැථි උත්තර බැන්දේ පාර්ලිමේන්තුවේදී මය! 
මේවායේ ඇත්ත නැත්ත පසුකලෙක චින්තන අයියා ලෙස මාගේ නිඹඳ ගරු බුහුමනට ලක් වන චින්තන ජයසේන මහතා මාසමග අඩියක් පුඩියක් ගසපු අවස්ථාවක පවසා ඇති අතර ඒවා පන පිහිටුවීම; බොහෝ පාර්ශවයන්ට සිදුවන අසාධාරණයක් බැවින් ඉදිරියට නොලියා සිටීමට තීරණය කරමි. මේ කතාවේ ඉහත මා සඳහන් කල වාග් ප්‍රහාරය ට

අනුබද්ධිතව තවත් ප්‍රකාෂයක් කිරීමට ඔහු පසුබට වූයේ නැත! ; 

"මෙරට වස්සාටයි වැස්සිටයි සිදුවූයේ ඉංදියාවේ වැස්සිටයි වස්සාටයි සිදුවූදේට නොවෙනස් දෙයකි!" ; ඔහු තොලේ කටේ නොගැවී කීවේය. 
ලෝකයේ පලමු අගමතිණිය වූ සිරිමාවෝ ආර් ඩී බණ්ඩාරනායක මතිණියද ඇයගේ එකම පුත් අනුර බණ්ඩාරනායකද ඉංදියාවේ ඉන්දිරා ගාන්ධි මතිනියද ඇයගේ කණිටු පුත් සංජේ ගාන්ධිද දේශපාලන බිමෙන් අතුගෑවී ගියේ එකම වකවානුවක වීම පුදුම සහගතය.  

මේ දේශපාලන ගැලරි කතා ඔහුට පාරා වලලක් වූයේ කොහෙවත් සිටි රජීව් ගාන්ධි ඉංදියාව හසුරුවන්නට පටන් ගැනීමත් සමගය.

(මගේ චරිතය ඝාතනය කරන්න !
මා කුඩා කල සිට රැක ගත මාව මරන්න එපා !! නොව)
"මාව මරන්න !
මා කුඩා කල සිට ගොඩනගා ගත් චරිතය ඝාතනය කරන්න එපා !!"


ප්‍රේමදාස චරිතය ගොඩ නැගෙන්නේ පිටකොටුවේ පේමන්ට් එකෙනි.
 එහෙත් ඔහු සුරා සූදුවෙන් තොර අයෙක්විය. ඔහුගේ;"සුචරිත" ව්‍යාපාරය ඔහුගේ දේශපාලන ජීවිතයේ ඇරඹුමයි.
 ඔහු නැගීසිටියේ ඔහුම දහ දියෙන් මහන්සියෙන් තැනූ ඔහුගේම වේදිකාව මත මිස එක්සත් ජාතික පක්ෂය හෝ වෙනයම් අයෙකු තැනූ වේදිකාවක නොවීය.
 වේදිකාව තැනීමට භාවිතාකල සෑම කණුවක්ම ලෑල්ලක්ම වරපටක් ඇනයක් හේ දැන සිටියේය.

ප්‍රවීණ මාධ්‍යවේදී ඩී ඇෆ් කාරියකරවන ගේ;"දශක සතක මතක"; පොතේ ප්‍රේමදාස මහතා වෙනුවෙන් පරිච්ඡේද තුනක් වෙන් කොට ඇත. ඉන් පලමු වැන්න ;"ආර් ප්‍රේමදාස"; ලෙසින්ම ලියාතබා ඇත. ඉන් ඡේදයන් තුනක් පමනක් මම මෙහි බහා ලන්නම්.


"මේ අතරතුරේ අනෙකුත් ලියුම් වලින් මාගේ සිතගියේ ඉතා ලස්සන අකුරෙන් වියත් සහ ආචාරශීලී අන්දමට ලියා තිබුනු ලියුමකටය. එය ආර්. ප්‍රේමදාස නමැත්තෙකු ගෙනි. ;"මිහිර" සඟරාව අගයමින් ලියූ එම ලියුමෙන් තවත් කරුණක් අසා තිබිණි. ඒ, ඔහුත් සඟරාවක් පළ කරණ්නට යන හෙයින් ඊට උපදෙස් දිය හැකිද යන්නයි. මම පිළිතුරු ලියනුවා වෙනුවට කොළඹ ගිය විටෙක දී කෙහෙල්වත්තේ, සාන්ත බස්තියමේ; "සැනසුම"; සොය ගියෙමි. මුඩුක්කු පෙදෙසක වුවද ඇතුලට වන්නට පිහිටි ඒ ගෙය විශාල එකක් විය. ඉහළ මධ්‍යම පන්තියේ ගෙයක් සේ පෙනිණි.

එදා මා සාන්ත බස්තියමට ගිය ගමනේ දී අප දෙදෙනා; මිහිර සඟරාව ගැනත් ඔහු පල කරණ්නට යන ; "ස්වදේශය"; සඟරාව ගැනත් බොහෝ වේලා සාකච්ඡා කළෙමු. ඉන් පසු නිතොර නිතොර හමුවූ අපි දෙදෙන කුලුපග මිතුරෝ වීමු. ප්‍රේමදාස චරිතය ගොඩ නැගෙන්නේ මුඩුක්කු පරිසරයක් තුල වුවද ඔහු ඒ තුල ගොඩ නැංවීමට යන්ත දරණ්නේ සුචරිතවාදී  සමාජ රටාවකි. "දසක සතක මතක" හි ප්‍රේමදාස වෙනුවෙන් වෙන්වුනු ප්‍රතම පරිච්ඡේදය අවසන් වන්නේ මෙවන් වූ වැකියකිනි.

"සුචරිත ව්‍යාපාරය මඟින් කැරුණු පිටකොටුවේ තැබෑරුම් වහන ඡන්දෙට ද මම සම්මාදම් වීමි!"  

ඔහු වෙනුවෙන් ලියැවුනු දෙවෙනි පරිච්ඡේදය නම් කොට ඇත්තේ "ප්‍රේමදාස සමඟ" කියාය. එම පරිච්ඡේදය අවසන් කොට තිබුනේ  


"වැඩකට බැස්සා ම වෙහෙස, අව් වැසි, කාල වේලා නොබලන, අප්‍රතිහත ධෛයයක් ඇති මේ හාදයා, කවදා හරි ඉහළ තැනකට යනු නිසැක බව මට සිතිණි. එහෙත් ඔහු මේ රටේ අගමැති - මේ රටේ ජනපති වේ යැයි මට නම් කිසි සේත්ම සිතුණේ නැත!" කියාය.

"ගම් උදාව" පමනක් නොව ඔහුගේ කාලයේ පැවති ඕනෑම රාජ්‍ය හෝ ජාතික උත්සවයක්පැවැත්වීමට නියමිතව කෙරෙණ සූදානම බලන්නට ඔහු පෙර දින එහි පැමිණීම අනිවාර්‍ය අංගයක් විය.
 පැමිණීමෙන් පමනක් නොව එහි අඩු ලුහුඩුකම් සොයා බලමින් ඒවාට පිළියම් යොදමින් කටයුතු කිරීම ඔහු අතින් නිබඳවම සිදුවිය. 
වරක් සාක් සමුලුව සඳහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව සකසමින් තිබෙන විට ඔහු එහි ගොස් මාලදිවයින් අගමැති අබ්දුල් ගයුම් මහතා වෙත පනවා තිබුනු ආසනය අනෙක් ආසන වලට වඩා මදක් ඔසවා තබන්නට උපදෙස් දී ඇත. 

මන්ද සාක් රටවල එතෙක් මෙතෙක් සිටි වාර්ථාගත උසින් අඩුම රාජ්‍ය නායකයා වූයේ ඔහු බැවිනි. ඔහු සෑම දිනකම පාන්දර 3.00 වන විට පිබිද දවසේ වැඩ කටයුතු අරඹයි. රෑ එළිවන තුරා කණ සාක්කුවේ වැටෙන්නට බොන කන අනෙකුත් දේශ පාලුවන්ට මෙන් නොව ඔහු නැගිට ගත් මොහොතේ පටන් නියමිත පැය ගනනාව සුචරිතයේ රැඳී සිටිමින් සාමාන්‍ය මිනිසුන්ගේ ගැටළු වලට ඇහුම් කන් දීම හා ඒ හා බඳුණු ලිපි ලේඛණ භාර ගැනීම මියයන තෙක්ම කරගෙන ගිය කටයුත්තකි. 

අගමැති පුටුවේ සිටියදී පාන්දර ඉතා සාමාන්ය ඇඳුමකින් සැරසී තනිවම තම මොරිස් මයිනරය පදවාගෙන අවශ්‍ය ගමනක හේ යෙදීමේ පුරුද්දක් විය. එසේ ගමන් ගන්නා විට සොම්මරයක් නොහොත් ජටාවක් හිසේ පටලවාගෙන යන පුරුද්දක් පැවති බව දුටුවන් පවසති.

එක් දිනක් ඔහු රුවන්වැල්ලට රැස්වීමක් සඳහා පැමිණියේ අඟුරුවැල්ලේ සිටය. අඟුරුවැල්ලේ සිට රුවන්වැල්ලට කිලෝමීටර දෙක පැමිණියේ පිරිවර පිරිවරා පා ගමනෙන්ය. ප්‍රේමදාස පයින් යන්න රුසියෙකි! එය කාරියකරවන මහතාද පවසා ඇත. එදා අඟුරුවැල්ලේ සිට රුවන්වැල්ලට ඔහු පමිණියේ අධික වේගයකින් බව මාහට යාන්තම් වාගේ මතකය. ඔහු සමග පා ගමනේ යෙදුනු අනෙක් පිරිස පමිණියේ කඩින් කඩ දුවමින්ය!





දේශපාලනයේ හරි පදම !

ඔහු සතුවූ ප්‍රායෝගික දැනුම හා ගැටළු නිරාකරණය කිරීමේ බුහුටිබව පිළිබඳ රසවත් කතාවක් මා අසා ඇත. දිනක් ප්‍රේමදාස මහතා හට හදිසියේ ත්‍රිකුණාමලයට යැමට අවශ්‍යතාවයක් පන නැග ඇත. ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් මහා රත්‍රියේ කුණාටු සහිත දැඩි වැසි සහිත කාලගුණයක් මාධ්‍යයේ කෙරුණු මේ ගමන කෙලවරදී හෙලිකොප්ටර නියමුවා මුහුණ පා ඇත්තේ අසීරු අවස්ථවවකටය. 
ඒ එදින කුමන හෝ සිදුවීමක් කරණ කොටගෙන නගරය මුළුමනින්ම අඳුරේ ගිලී තිබීම නිසා යානය ගොඩ බැස්සීමට ස්ථානයක් සොය ගැනීම කිසිසේත් නොහැකි වීමය. ගුවන් නියමුවා ප්‍රේමදාස මහතාට මෙම අපහසු තාවය දන්වා නැවත අනුරාධපුරයට හෝ කොළඹට එන්නට අවසර පැතීලු. 

ප්‍රේමදාස මහතා නියමුවාගෙන් පෙරලා විමසා ඇත්තේ යානය ගොඩ බැස්සවීමට කොපමණ ඉඩකඩක් අවශ්‍යදැයි කියාය. ඉඩ කඩ ගැන වැටහීමක් ලබාගත් ජනපති වහාම ත්‍රිකුණාමලයේ පොලිස් අධිකාරි කන්තෝරුව ඇමතීය. ඔහුගෙන් ඊට විධානයක් ලැබුනි."පොලීසියේ වාහන හතරක් අඩි මේ මේ පරමාන දුරිණ් හෙඩ් ලයිට් දාගෙන මුහුණට මුහුණ සිටින ලෙසට අසවල්විද්යාලයේ පිට්ටනියේ නවත්වන”! ලෙසය.  

හෙලිකොප්ටරයඅහසේ වට දෙකක් කරකැවෙන්නට මත්තෙන් පාසල් පිට්ටනියක හෙලිකොප්ටරය බැස්සවීමට ප්‍රමාණවත් ඉඩක් ආලෝකමත්වී තිබෙනු නියමුවාට පෙනිනි. යානය සුරක්ෂිතව එහි ගාල් කර ගැනීමට හේ සමත් විය!

ප්‍රේමදාස වෙත රට පත්වන්නේ ඔහුගේ වචනයෙන්ම පවසනවානම් "දෙකොන විලක්කුවක්" ලෙසිනි. දකුණේ ජේ වී පිය හා උතුරේ එල් ටී ටී ය සමග ආණ්ඩුව කරගෙන යාම ඉතා අපහසු කට යුත්තක් විය. ඔහු තේරී පත්වුනු ජනාධිපති වරණය ජේ වී පිය විසින් තහනම් කල ඡන්දයක් විය. 

1989 ජනවාරි 02 වනදා මහ නුවර බෝගම්බර පත්තිරිප්පුවේදී ජනපති ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා ඔහු කල කතාවේදී ජනතා විමුක්ති පෙරමුණ හා එල්ටීටීඊය සමග සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳා ගැනීමට ඇති කැමැත්ත ප්‍රකාශ කර සිටියේය.1983 සිට එක දිගට පවත්වාගෙන ආ හදිසි නීතිය ඉවත් කිරීම නිසා ත්‍රස්තවාදී මර්දන නීතිය යටතේ බූස්ස කඳවුරේ හා මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩංගනයේ රඳවාගෙන සිටි 1800 දේශපාලන සිරකරුවන්ට නිදහස ලැබුනි. එසේම ගිරාඳුරුකෝට්ටේ පැවති ජන හමුවකදී හේ ජේ වී ප යට හා එල් ටී ටියට සාකච්ඡා වලට එන ලෙස ඉල්ලීය.  

හරියටම පසුදින උපතිස්ස ගමනායකගේ අත්සනින් නිකුත් කල ලිපියකින් ජනපති නීතිවිරෝධීව පත්වුනු අයෙක් ලෙස නම්කොට සිටි අතර එල් ටී ටිය සාකච්ඡා සඳහා එකඟ විය. ඇන්ටන් බාලසිංහම් 1989 අප්‍රේල් 27 දින මෙරටට තම ඇඹේණිය සමග ගොඩ බසින්නේ මේ සමගය. 

කවුරුන් කෙසේ කීවත් දේශපාලකයින් ඇතුළුවන්නේ වෙනත්කුලකයකටය. එය පොදු ජනතා කුලකය සමග කිසිවිටෙක ඡේදනය නොවේ. එසේ ඡේදනය වුනු එකම දුර්ලභ අවස්ථාව ප්‍රේමදාස මහතා බලයට පත්වීම ලෙස මා දකිමි. ඒ නිසාම පක්ෂය තුලින්ම ඔහු වෙත එල්ල වන්නට වූවේ සීසර්ට මෙන්ම වූ පිටිපසින් එල්ල කරන පිහි පාරවල්ය. ඊට හේතු මූලිකවූ කරුණක සේයාවක් වික්ටර අයිවන් විසින් රචිත "අර්භූධයේ අන්දරය "; පොතේ ජේ ආර් ජයවර්ධන සම්බන්ධයෙන් ලියැවී ඇති තැනෙකින් පරාවර්ථනය වේ. 

"ජේ ආර් ජයවර්ධන එජාපයට තිබුණු කොළඹ හතේ පෙනුම නැති කොට එයට පොදු ජන පෙනුමක් ලබා දුන්නේය. රාජ්‍ය නායකයා ගොවිගම කුලය නියෝජනය කරණ විට දෙවැනි නායකයාගේ තැනට ගන්නේ සිංහල කුල ධූරාවලියේ ආන්තික කුලයක් නියෝජනය කළ ආර්. ප්‍රේමදාසවය!"

චින්තන ජයසේනයන් කියනා පරිදි ජේ ආර් එලියට රෙද්ද ඇන්දාට ගෙදරදී අඳින්නේ කකුල් දෙකටම කලිසම්ය. මෙය සත්ය ප්‍රකාශයකි. සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක ගත්තද එය එසේමය. උන්නැහැද සාමාන්ය ගමනට ඇන්දේ කලිසම්ය. කිරිබත් ලුණුමිරිස් කැවුම් කෑවේද හැන්දෙන් ගෑරප්පුවෙන්ය. බැසිල් රාජපක්ෂද උන්නැහැගේ දෝනියැන්දාගේ මගුලට සහභාගී වුනේ කුරහං සාටකේ කුස්සියේ දොරේ එල්ලාය.  

කේ ජයතිලකට සම සමාජය අරහං වන්නේද කොල්වින්ගේ ක්‍රියා කලාපයකි. යූඇන්පියේ රජ කකුල් වලට ප්‍රේමදාස ගැලපුනේ නැත. ඔවුනට ඕනෑ වූයේ මීට වඩා සමාජශීලී සෝශල් පොරක්වය! එයට හේතු භූතවූ කරුණු රාශියකි.

1998 ජුනි මස “මුතුහර” සගරාවට ලිපියක් සපයන ඇම්. සී. ඉඳුනිල් ප්‍රනාන්දු නම ලියුම් කරු “දේශපාලනයේ රසකතා - රණසිංහ ප්‍රේමදාස” නමැති ලිපිය ආරම්බ කොට ඇත්තේ මෙසේය. 

“ශ්‍රී ලංකාවේ නිදහසට පසු ගමන් ගත්දේශපාලන මග වෙනස් කල නායකයෙකි රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. පොදු ජනයා තුලින් පන නැගී දේශපාලන කරළියේ ඉහළම පෙත්තට නැගි එකම පුද්ගලයා එතුමා ය.ඊටප්‍රථම අගමැති ජනපති තනතුරු වලට පත් සියල්ලෝම උපතින් ප්‍රභූත්වය දරා සිටියවුන්ය.මෙම පුද්ගලයින්ගේ ප්‍රභූත්වයට හේතු වුයේ ඔවුන් පැන නැගි සමාජ පදනමයි. මෙම පවුල් පදනම ප්‍රභූවරුන් යැයි හැඳින්වූයේ පසවදාරුම්හේතුන් මතය.

1. ලන්දේසි , ඉංග්රීසි පාලන යුග වලදී නිළ හා නම්බුනාම වශයෙන් මුහන්ධිරම් , මුදලි , මහා මුදලි , නයිට් නාම ආදිය ලැබූ පරම්පරාවකට අයත් වීම.

2. තේ , පොල් ,රබර් , මිනිරන් , හා කොන්ත්‍රාත්වලින්

විශාල ලෙස මුදල් ඉපැයු පවුලකට අයත් වීම.

3. ව්යවස්ථාදායක සභාව , රාජ්‍ය මන්ත්‍රණ සභාව , පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරලැබූ පරම්පරාවකට අයත් වීම.

4. පිටරට හෝ මෙරට විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා තිබීම.

5. උඩරට රදළ පරපුරකට ඥාති සම්බන්ධකම් ඇති වීම.

ගෙන හැර දැක්විය හැක.”

මේ කිසිදු “සුදුසුකමක්” ප්‍රේමදාස මහතාට නොවිය. ඔහුට තිබුනේ දැඩි අද්විතීය ආත්ම ශක්තියකි. මෙම සුදුසුකම් ලද්දවුන් අතර ප්‍රේමදාස මහතා නියුඩ් කෑම්ප් එකේ ඇදුමක් ඇද සිටින එකාගේ තත්වයට පත්වන්නට ඇත! එවකට ප්‍රේමදාස වෙතින් අමාත්‍ය මණ්ඩලය කැඳවූම් ලැබුවේ වෙලාවකින් අවෙලාවකින් තොරවය. ඒ ඕනෑම වේලාවක ජනපති කැඳවන රටේ ඕනෑම ස්ථානයකට සපැමිණීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් විය. එසේම ප්‍රේමදාස මහතා නීති විරෝධී ව්‍යාපාර හෝ හොර වංචා දූෂන කල බවට මේ වනතෙක් කිසිවෙකු පවසා නැත. කිසිදු හොර මුලක්; හොරෙක් නොවන අයෙකු තම නායකයාලෙස තබා ගන්නට කැමති නැත. 
එසේම ප්‍රේමදාස පොෂ් පොරක්ද නොවීය වික්ටර අයිවන් මතු කල කරුණද හේතු විය හැක. කොහොමත් උදේ ඉඳන් රෑ වනතුරු වැඩ කරණ; හැමදේටමහොටේ දාන; තමා ගැන සෙවීලෙන් ඉන්න් බොසෙකුට අපිවත් කැමති නැත! ඉතින් ප්‍රේමදාස මහතාට පමනක් එය වෙනස්විය හැකිද? 

අද මෙන් නිළධාරීන්ට හෝ සේවක සංගං හෝ ශිෂ්යන්ට අවශ්‍ය ලෙසට රටේ පාලනය හා සාමාන්‍ය මහජනතාවගේ දිවි පෙවෙත අල කරන්නට ඔහු ඉඩ දුන්නේ නැත. ප්‍රේමදාස මහතා ඡන්දයට යන්නට පෙර දළදා මාළිගයට භාරයක් වී තිබුනි. ඒ මාළිගාවට රණ් වියනක් සාදා නිමකර දෙන්නටය. දිවුරුම් දී පත්තිරිප්පුවෙන් බිමට බැස ඔහු මහනුවර ජනාධිපති නිවස්නයේදී රටේ හා පලාතේ ප්‍රධාන නිළධරයන් හමුවිය. ඉතිරිය මා දෙබසක් ලෙසින්ම ලියන්නම්:.

"මගේ අදහසක් තියෙනවා මේ ද්ළදා මාළිගාවට රණ් වියනක්ලබා දෙන්නට. ඒ ගැන ඔබ තුමන්ක්ලාගේ අදහස් දැන ගන්න මම කැමතියි. . . !"; ජනපති තුමා මෙය ප්‍රකාශ කොට අවසන් වනවා සමගම නැගී සිටී එක් නිළධරුවෙක්

" සර්! ඔය වැඩෙන් මෙම ස්ථානයේ තිබෙන පෞරාණික බව එහෙම පිටින්ම නැතිවී . .. . "ඔහුට කතාව නිමකරණ්නට නොලැබුනි.

"තමුසෙට මම එන්න කිව්වේ මේක කෙරෙණ හැටි අහගන්න මිසක් නොකෙරෙන හැටි අහගන්න නෙවෙයි . . . . යනවා යන්න මෙතනින් එළියට!"කියා ඔහු එලවා ගත්තේ ලු.  එතැන් පටන් සියල්ලො වැඩේ කෙරෙණ ආකාරය හා පිළිවෙල ද තම තමන්හට ඒ සම්බන්ධයෙන් කල හැකි දායකත්වය පිළිබන්ධව ප්‍රේමදාස මහතාව දැනුවත් කරණ ලදී. රණ් වැට අදත් පවතින්නේ එනිසාය.

හිට්ලර් ගේ මහඟු ප්‍රකාශයක් වෙයි. මාගේ බ්ලොගයේ වම් පස මා එය දක්වා ඇත. "යමක් ඉටු කිරීමට පෙර දහසකින් වුව විමසන්න. එහෙත් කාර්‍යය පටන් ගත්පසු දසක් එයට එරෙහි වුවද නොනවතින්න!" එහි සැකවින් අදහසය.

කලකට පෙර මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන් හට රට නැවැත්වීමේ සිවිල් බලතල තිබුනි. ඒ මිසීලා හරහාය. හෙද සංගමයේ නියමුවා ලෙස ඔහු පාරට බැස්ස විට රෝහල් සියල්ල ඇන හිටී. දිනක් ප්‍රේමදාස මහතා ඔහුගේ පංසලට ගොඩවිය. තරමක් වේලා අල්ලාප සල්ලාපයේ යෙදී සිට

"හාමුදුරුවන්ට මොනවද තියෙන අඩු පාඩු එහෙම . . .? විමසීය.  

හාමුදුරුවන් ජනපතිට කිසියම් පාරිභූගික වස්තුවක නාම පදය කියා දක්වීය. ප්‍රේමදාස මහතා මොහොතකින් එය ලබා දීමට අදාල සමාගමට උපදෙස් දුන්නේය.  

ඉන් අනුතුරුව හාමුදුරුවන් වහන්සේගෙන්ද සුළු ඉල්ලීමක් කලේය.

"දැන් හාමුදුරුවූ මේ පංසලේ වැඩ ටික බලාකියා ගෙන ඉන්න. මම රටේ වැඩ ටික බලා ගන්නම්. කරුණා කරලා ඒවාට ඇඟිලි නොගහා ඉන්න බලන්න!" හාමුදුරුවන්ද ඒ ඔවදන අකුරටම පිලිපැද්දෝය.

දින කිහිපයකට පෙර මා වෙත ලබුණු වට්ස් අප්පණිවිඩයකින් දැක්වුනේ සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ප්‍රසිද්ධ වේදිකාවේ සිට ජනතාව අමතා කල ප්‍ර කාශයකි. සමහර විට එය මෙය කියවන ඔබට අළුත් දෙයක් නොවනවා ඇත. 1980 දී සිංගප්පූරුවේ ගුවන් සේවාවේ නියමුවන් වැඩි පඩි ඉල්ලා කල වැඩ වර්ජනයට ඔහු මුහුණ දුන් ආකාරය එහිදී ඔහු විස්තර කරයි.






"මම ඔවුනට තෝරාගන්න විකල්ප දෙකක් ලබා දුන්නා.එකක් නැවතත් වැඩට යන්න. නැත්නම් පරම්පරා ගනනකට මතක හිටින්න මගෙන් පාඩමක් ඉගෙන ගන්න! ඔවුන් ආපසු වැඩට යාමට තීරණය කලා. මන්ද ඔවුන් දැන සිටියා; ඔවුන් ඇතිව හෝ නැතිව මම ගුවන්සේවය නැවත අරඹන බව!"



1951 ජුලි 08 වන දින සිළුමිණ පුවත් පතට "කොළඹනගරයේ පාලනය හා නගර සභාව " යන මැයෙන් එවකට කොළඹ නගරික සභිකයෙකු ලෙස ලිපියක් ලියමින් ඔහු මෙසේ පවසයි. "මගෙ කොට්ඨාශයට අයත් ප්‍රදේශය තුළ වීදි විස්සක් ඇත්තේය. මේ වීදි විස්සේ ඡන්ද දායක සංඛ්‍යාව හයදහසක් පමණ ඇත. ඉදින් මේ වීදි විස්සේ අඩු පාඩුකම්ද, ඒවායේ පදිංචිව සිටින්නන්ගේ අපහසුකම්ද ඔවුන්ට ලැබිය යුතු සහනයද සොය බලා ක්‍රියා කිරීම පහසුවන්නේ ඒ ඒ වීදිය වෙනුවෙන් නියෝජිතයින් පත් කොට ඒ නියෝජිතයින්ගේ මාර්ගයෙන් ලබෙන තොරතුරු අනුව ක්‍රියා කිරීමෙන්ය යනු මගේ කල්පනාවයි" මේ ඔහුගේ පාලන ව්‍යූහය පිළිබඳ තිබුනු සිතුවිළිය.





කාගේවත් උපදෙස් නොපතා තනිවම නාන්න යෑම !


ප්‍රේමදාස මහතාට තිබෙන විශාලතම චෝදනා වන්නේ ඉන්දියාව වෙතින් එල්ටීටීයේකොන්ද කඩා දමනා තුරු බලා නොසිට ඉන්දියාව පලවා හැරීම හා එල්ටීටීය කෙරෙහි අපමන විශ්වාසයකින් යුතුව කටයුතු කිරීමය. 
මේ කටයුතු නිවැරදි පීල්ලට දමන්නට හැකි බුද්ධිමතුන්, පරිණත දේශපාලකයින් යූඇන්පිය තුල එවකට සිටියත් “උඹම ඇදගෙන නා ගනිං!” කියා පසෙකට වී ඔවුන් බලාසිටියා විනා ප්‍රේමදාසව නිවැරදි කරණ්නට කිසිවෙකු උත්සුක නොවීය. එසේම ප්‍රේමදාස මහතා තුල තිබුනු මුරණ්ඩු ගති ස්වභාවය නිසා කිසිවෙකු ඔහුට උපදෙස් ලබා දීමට නොයන්නටද ඇත.

රිචඩ් මුදලාලියි ගෙදර උදවියයි.


මේ කතාව ඇරඹි අඹ වත්ත ගැනත් යමක් පවසන්නම්. 
එය ඔහුගේ පියාවන ඒ රිචඩ් සිල්වා විසින් අඹන්පොල ප්‍රදේශයේ වැව් තාවුල්ලක සියඹලා ගසක් යට බොහෝ කලකට පෙර පැවැත්වූ ඉඩම් කච්චේරියකින්මිළදී ගත් බවක ප්‍රේමදාස මහතාම අඹන්පොල පැවති රැස්වීමකදී කී බවක් මා අසා ඇත. 
එහි කිසියම් සම්භාවිතාවක් පවතී. මන්ද සිල්වා මුදලාලිගේ මීගමුවේ පෙරියමුල්ලේ කඩේට යාබද කඩේ අයිතිව සිටි මනුවෙල් මුදලාලි අඹන්පොල ප්‍රදේශයේ දුම්කොල වවන ලද අයෙක් බව ඩීඇෆ් කාරියකරවන මහතා තම පියා ගැන සඳහන් කරමින් කියා සිටී.

මෙම ලිපිය අවසන් කිරීමට මා තෝරා ගත්තේ චින්තන ජයසේනයන් වරක් ඔහුගේ කොලම නම්වූ ටැබ්ලොයිඩ් පුවත් පතට ප්‍රේමදාස මහතා පිළිබඳව ලියන ලද ලිපියක තිබූ කොටසකින්ය. මෙය ලියන්නේ හුදෙක් මාගේ මතකයෙන් වන බැවින් සුළු වශයෙන් විය හැකි වෙනසක් වෙතොත් ඊට කමාව භාජනය කරණු ඇතැයි මා උදක්ම විශ්වාස කරමි.

"වල්ලට අත තබන්නට පෙර කුරුම්බාවේ රස කීමට දැන සිටි ප්‍රේමදාස; තමා වටේ සිටි දේශපාලන ඇට්ටි හා ගොං කළටි නිසා ආමර් වීදියේදී ගහ මුල වැටී මිය යාමට සිදුවිය"





ජිවිතයේ අවසන් ජවනිකාව රග දැක්වීම !

07/09/2018
“මගේ ලෝකය - My World” අප වෙත විදහන අපේ හිත මිතුරු  දීඝජන්තු කළණ  මල්ලී මෙම පෝස්ටුවේ අගට ආර් ප්රේමදාස මහතා ගැන රසාලිප්ත මතකයක් ආවර්ජනය කොට ඇත. එයද කියවා බලන්නට  අරණ සුහද ආරාධනයයි  මේ! මල්ලිගේ ශ්රේෂ්ඨ පිය තුමා ගැන  “මගේ ලෝකයේ” පලකල ලිපියක ලින්කුවද ඔහු අප වෙත දක්වා ඇත. එයද රසාලිප්ත ලිපියකි. “එළ !” මෙන්න  මෙගේ මුද්රාව . එයත් කියවා බලනු මැන !





37 comments:


  1. එතකොට අය්යේ මඩකලපුවේ පොලිස් නිලදාරීන් හයසීයකට අදික ප්‍රමාණයක් යටත් වෙන්න අණ කරලා මරලා දානකල් බලන් හිටියෙත් මේ උත්තමයා නේද ?
    පාලකයෙක්ට අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ කෙලින් වැඩ කරන ගතිය මේ මනුස්සයට හොඳට පිහිටලා තිබිලා තියෙනවා .හැබැයි ඕනේ වට වඩා වැඩිය ....

    ReplyDelete
  2. මම පලමුවෙන්ම ඔබට හිස නමා ආචාරය පුදකරණවා පලමුවෙන්ම තමන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට වේදිකාවට එළඹීම ගැන. ඔය සිද්දිය මට මතකයි නිරායුධ පොලිස් නිළධාරීන් අමානුෂික ලෙස එල්ටීටීඊ සංවිධානය මගින් ඝාතනයට ලක්වුනු අයුරු! මට තබා ප්‍රේමදාස මහතා වලෙන් නැගිට ආවත් එම සිද්ධියට සුදු හුනු ගාන්නට බෑ. ඒවා බරපතල වැරදි! මේ ආකාරයට අපගේ රාජාවලීය පටන් ගත්දා සිට අද සිටිනා මෛත්‍රීපාල උන්නැහැ දක්වා සිටි සෑම තරාතිරමකම පාලකයින් ගේ අවධි තුල සිදුවූ තක්කඩිකම්, තකතීරුකම්, අදූරදර්ශී තීන්දු තීරණ හුවා දැක්විය හැකියි. නමුත් ඔබ සිතනවාද එම පොලිස් නිළධරයින් ; එල්ටීටිය විසින් මරාදමන්නට තීන්දු තීරණගෙන ඇතිබව දැන දැනම ප්‍රේමදාස ඔවුනට යටත්වී සිටීමට නියෝග කලාකියා. එවන් තීන්දුවකට එළඹීමෙන් ඔහුට අත්වන වාසියක් ලාභයක් මාහට නම් නොපෙනේ! එල්ටීටියට රැවටුනු ප්‍රථම හා එකම රාජ්‍ය නායකයා ඔහුද? මහා පරිනත ජේ.ආර්.ගේ සිට සෑම සියළුදෙනාම පාහේ එකවරක් හෝ ප්‍රභාකරණ් හට රැවටී ඇත. බොහෝ දෙනෙකුට තමා මෙතෙක් ඔවුනට රැවටී ඇතැයි දැනුනේ තමා
    මෝචරියේ සිට කල්පනා කරණ විටය! මම මේ කියන්නට යන්නේ "අනේ ගනං ගන්න එපා මල්ලී , එයා රැවටිලා!" කියලා එම ජීවිත නැතිවීම, ඒ
    භරපතල ඛේදවාචකය බටර් ගාන පිහියෙන් අතුල්ලා තුනී කිරීමට නොවේ. මා දකින්නේ ප්‍රේමදාස විසින් ගනු ලැබූ බොහෝ වැරදි තීන්දු තීරණ වලට ඔහු වටා සිටි බොහෝ අය වග කිව යුතුයි කියා. නියුරම්බර්ග් නඩු තීන්දුවේදී එහි චූදිතයින්ව සිටි දෙවන ලෝක යුද්ධයෙ යුධ අපරාධ කරුවන් හට "හිටලර් කිව්වා ; මම කොලා!" කියා ශේප් න්‍යාය දමා බේරුම් කර ගැනීමට නොහැකිවිය! එය ජාත්‍යන්තරව පිළිගත් සිද්ධාන්තයකි. ඒනයින් ගත්කල "ප්‍රේමදාස කිව්වා මම කොලා!" කියා සින්ක් එකෙන් අත හෝදාගෙන සරමෙන් අත පිහිදා ගන්නට එවකට පොලිස්පති තුමාට හෝ ආරක්ෂක ලේකම් තුමාට ඉඩක් නැත! මට මතක ලෙසට ඔය කාලේ ; පොලීසිය ඊට යටත්ව තිබුනද නොතිබුනද JOT එකද පැවතුනි. පොලීසිය යටත්ව පැවති අමාත්‍යංශයක්ද එහි ඇමති , පොඩි ඇමති , සුට්ටං ඇමති ඇතුළු නිළධර කරකාදීන් බුසලක් සිටියහ. ඒ එක් සද්ගුණවත් සුපෙම්වතෙක් වත් මෙම තීන්දුවට එරෙහිවී ඉල්ලා අස්වුනිද? නියුරම්බර්ග් නඩුතීන්දුවේදී පර්ශ්න කෙරෙණ්නේ මෙයයි. මා
    දන්නා පරිදි මෙයට එරෙහිව නැගී සිටියේ එක් අයෙකි.(වෙනත් අය වෙතොත් ඒ සම්බධයෙන් කණගාටු නොවන්න. ඒ නම් අපට එලිකරණ මෙන් ඉතා කාරුණිකව මෙයින් ඉල්ලා සිටිමි!) මේ මොහොතේ මා කන්තෝරුවේ සිටිනා බැවින් එතුමාගේ නම සඳහන් කිරීමට නොහැකිවීම ගැන කණගාටු
    වෙමි. (නම නිවැරදිව මතක නැති බැවින්!) ඉඳුරාම අද ගෙදර ගිය සැනින් නම යටින් ලියන්නම්. එස් එල් ගුණසේකර මහතාගේ "මධ්‍යස්ථවාදීහු හා මාරයාගේ පැකේජය" පොතේ පිදුම කර ඇත්තේ එම පොලිස් විරුවා නමිනි. කෙසේ වෙතත් මා මේ ලිපිය අරඹා පලමු වචන 50 - 100 ඇතුලත ප්‍රකාශයක් සිදුකොට ඇත! ඒ ප්‍රේමදාස මහතා සුදුසු වන්නේ ටූ ඕ සී ලෙස විනා ඕ අයි සී ලෙසට නොවන වග. ලෙනින් ගේ සෙවනෙ සිටිනා තුරු ස්ටැලින් සාමාන්‍ය මිනිසෙකුම
    විය. ඔහු මොනතරම් දරදඬුදැයි දැන සිටියේ ලෙනින්ම පමනි. එනිසාමයි ලෙනින් ඔහුගෙන් පසු පක්ෂයේ සභාපතිත්වයට ට්‍රොට්ස්කිව ගෙන එන්නට උත්සුක වන්නේ. එහෙත් සෝවියට් දේශය දාරුමය යුගයේ සිට අයෝමය යුගය දක්වා ගෙන එන්නේ ස්ටැලින්ගේ එම දරදඬු මිනිස් ස්වභාවයමය. ඔබ සිතනවාද් හිට්ලර්ට මුහුන දීමට ට්‍රොට්ස්කිට හැකිවේ කියා ස්ටැලින්සේ. එහෙත් මතක් කරගන්න ස්ටැලින් පලමුව හිටලර් සමග ගිවිසුමකට එළඹුන බවක්! පසුව බලයට පත්වන් කෲෂෙෆ් ස්ටැලින්ග්‍රාද් ; ලෙනින්ග්‍රාද් කලද ස්ටැලින් හාරපු මෙත්‍රෝ දුම්‍ රිය මාරග වල දැම්මේ නැත! අප අද දවසේ සොයා බැලිය යුත්තේ ඔවුන් කල කී යහපත් දෑ විනා වික්ක ලැවරියාවේ පැනි පොල් අඩු වැඩිය නොවේ! ස්තූතියි. ගෙදර ගිය ගමන් අර නම දන්න්ම්
    දුමිඳු මල්ලී.

    ReplyDelete
    Replies
    1. දුමිඳු මල්ලි අර එස්. එල්. ගුණසේකර මහතාගේ පොතේ නම "කොටි, මධ්‍යථවාදීහු සහ මාරයාගේ පැකේජය" යනුවෙන් වෙනස් විය යුතුයි. ඒ පොතේ පිළිගැන්වීම දක්වා තිබුනේ මෙසේය:

      මා මේ පොත පිළිගන්වනුයේ මා කිසිදාක නොදත් තැනැත්තෙකු වන නැසීගිය අයිවන් බොතේජු සහකාර පොලිස් අධිකාරිවරයාටයි.

      දෙමළ ඊළාමයේ විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ - කොටි) රජය සමග "සාම සාකච්ඡා" වල නියැළී සිටින වග පෙන්වමින් සිටින අතර තුර 1990 ජුනි 11 වන දින මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවල පොලිස් ස්ථාන සියල්ල ක්ෂණිකව වටලා ප්‍රහාරයක් එල්ල කරද්දී අයිවන් බොතේජු කල්මුණේ සහකාර පොලිස් අධිකාරිවරයා වශයෙන් සේවය කලේය. කල්මුණේ පොලීසිය ද ප්‍රහාරයට ගොදුරුවූ එක් ස්ථානයකි.
      ආයුධ භාර දී පොලිස් ස්ථානයෙන් ඉවත් වන ලෙසට කොටින් විසින් කෙරුණු ඉල්ලීම්වලට අවනතවීම අයිවන් බොතේජු ප්‍රථික්ෂේප කලේය. කොටි රොකට් මගින් විදින බෝම්බ, මෝටාර් හා ස්ව්‍යංක්‍රීය අවි වලින් ප්‍රහාර එල්ල කලහ. අති විශාල පිරිසක් හමුවේ, කරට කර සරිලන පොලිස් නිළධාරි පිරිසක් හෝ අවි ආයුධ නොමැතිව, සැහැල්ලු මැෂින් තුවක්කු දෙකක්, ටී 56 තුවක්කු විස්සක්, රයිපල් තුවක්කු හා සාමාන්‍ය තුවක්කු කිහිපයකින් පමනක් සන්නද්ධ වූ කල්මුණේ පොලිස් නිළධාරීහූ අයිවන් බොතේජුගේ මග පෙන්වීම යටතේ අභීතව සිය පොලිස් ස්ථානය ආරක්ෂා කලහ.

      ගුවන් හා කාල තුවක්කු සහාය ලබා දෙන ලෙසට අයිවන් බොතේජු විසින් රජය වෙත නොකඩවා කරණ ලද ඉල්ලීම් බීරි අලින්ට වීනා වැයුමක් විය. ඒ වෙනුවට යටත් වන ලෙසට ඔවුන්ට රජයෙන් අණ ලැබිණ. වෙනත් විකල්පයක් නොවූ බැවින් ඔව්හු යටත් වූහ. එසේ යටත් වීමට පෙර මේ පොලිස් නිළධාරීන් ආරක්ෂා සහිතව අම්පාරට රැගෙන ගොස් එහිදී මුදා හැරීමට පොරොන්දුවූ කොටීන් අම්පාර දිස්ත්‍රික්කයේ සෙසු පොලිස් ස්ථාන වල සේවය කරමින් සිටි සිංහල හා
      මුස්ලිම් පොලිස් නිළධාරීන් ද සමග මොවුන් තිරුක්කෝවිල්හි වනාන්තරයට රැගෙන ගියේ ඇස් වසා දෑත් පිටුපසින් බැඳ දමමිණි. එහිදී බිම දිගා වීමට අණ කොට සිර කරුවන් වශයෙන් සිටිද්දී ම ඔවුන් ඝාතනයට ලක්කර වූයේ බුර බුරා නැගෙන ස්ව්‍යංක්‍රීය ගිනි අවි ජාලාවකට ගොදුරු කරවීමෙනි.

      එම අවස්ථාවේ කොටි සංවිධානය විසින් නැගෙනහිර පලාතේදී සිර කරුවන් වශයෙන් සිටිද්දී ම ඝාතනය කෙරුණු සිංහල හා මුස්ලිම් පොලිස් නිළධාරීන්ගේ සංඛ්‍යාව 600 ඉක්මවිය. රජය විසින් එල්ටීටීඊ සංවිධානය කෙරෙහි තබන ලද විශ්වාසය වෙනුවෙන් ඔවුන් සියළු දෙනා තම ජීවිත වලින් වන්දි ගෙවූහ.

      මා මේ ග්‍රන්ථය අයිවන් බොතේජු සිහිපත් කිරීම සඳහා ඔහුට පිළිගන්වනුයේ ඔහු, සංඛ්‍යාත්මක වශයෙන් 600 ඉක්ම වූ එකී පොලිස් නිළධාරීන් සංඛේතවත් කරණ නිසා ම නොවේ. එහෙත් ඊට වැඩිමනත් සංඛ්‍යාත්මක වශයෙනි. සෑම අනුප්‍රාප්තික රජයක් විසින්ම කොටි සංවිධානය වෙත යළි යළිත් විශ්වාසය තැබීමේ පුදුම සහගත අනුවණකම වෙනුවෙන් සිය ජීවිත හා අත් පා පූජා කලාවූත් රජය විසින් හෝ ජාතිය විසින් හෝ නොදන්වා එමෙන්ම අමතක කර දමා තිබෙන ඒ තරමටම නිර්භීත වූත් හැම නිලයකම හමුදා භටයන්, නාවික භටයන්, ගුවන් භටයන් හා අහිංසක පුර වැසියන් ඔහුගෙන් සංඛේතවත් වන බැවිනි.

      එවැනි බිහිසුණු අනුවණ කමක් යළි කිසිදාක සිදු නිවේවා.

      එස්. එල්. ගුණසේකර

      යනුවෙන්!

      Delete
  3. දේශපාලනය ගැන කතා කොරන්න නම් මගේ කොහොමත්ම කැමැත්තක් නෑ. විශේෂයෙන් වර්තමානය ගැන. එත් පේ‍්‍රමදාස මහතා දැන් මිය ගිහිල්ලා හින්දා අතීතයේ දේ ගැන කතා කෙරුවට නම් අකමැත්තක් නෑ. පේ‍්‍රමදාස මහතා සෟජු තිර්න ගන්නා පුද්ගලයෙක් උනත් අන්තිමේදි මියගියේ ජනප‍්‍රියත්වයෙන් හීන මිනිසෙක්වෙලා. නමට ශ‍්‍රීමත් කෑල්ලක් එකතු කරගැනිම. බොධිපුජා කාරයෝ මල් වට්ටි පුජා. අසුඅට රියන් කටඅවුට් හැම චැනල් එකකම රුපවාහිනි පුවත්වගේ දේවල් නිසා මිනිස්සුන්ටම එපා වුනා. එකට වග කියන්න ඔනේ එයා විතරක් නොවෙයි වටේ හිටපු හෙන්චයියෝ රෝත්තත්. හැබැයි දැන් ඉන්න හා හිටපු ගොබිලන්ට වැඩිය කෙලින් මිනිහෙක් කියලා මටත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අසංග මම
      ලියන හැම
      බොහෝ දේකින්ම බලාපොරොත්තු වන්නේ සමාජගත වැරදි අදහස් තරමක් දුරට හරි වෙනස් කිරීම. හිතන්න මම "තල් අරණ....."
      ලියන්නේ මේ වගේ දේවල් ඉතා සාමාන්‍ය
      කරුණු කාරණා බව කියන්න. ප්‍රේමදාස මහතා මියගොස් දශක ගනනාවක් ගියත් සමාජය තුල පැල පදියම්
      වෙලා තියෙන්නේ ඊටත් දශක පහකට පෙර ලැවරියා විකුණපු කතාව නම්
      මම හිතනවා එය නිවැරදි කලයුතුයැයි කියා. කිසිවෙකු හිට්ලර් චරිතයට පොදු ආයුධ වලින් පහර දෙන අවස්ථාවක් මා දුටුවහොත් මා උත්සාහ කරණවා ඔහුතුල ඇති එක හොඳක් හෝ හුවා දක්වන්න. එසේම මහත්මා ගාන්ධි තුමාව අනවශ්‍ය තරම් අගයනවානම් මා සොයා බලනවා ඔහු එතරම්ම සර්ව සම්පූර්ණ මිනිසෙක්මද කියලා! මොකද සමාජයක් තුල සර්ව සම්පූර්ණ හොඳ මිනිසුන් හෝ එකසිය ගානට නරක මිනිසුන් සිටිය නොහැකි බැවින්! ස්තූතියි!

      Delete
    2. Everyone is a shade of grey. Noone is completely black or white.

      Btw, Mr. Bald must be a fan of Fifty Shades of Grey, right?

      Delete
    3. // සමාජයක් තුල සර්ව සම්පූර්ණ හොඳ මිනිසුන් හෝ එකසිය ගානට නරක මිනිසුන් සිටිය නොහැකි බැවින්. //

      ඔබගේ කතාව සම්පුර්ණ සත්‍යක්. මේ සමාජයේ කළු හෝ සුදු චරිත නෑ. ඉන්නේ දෙකම කලවම්වු අළු චරිත පමනයි.

      Delete
    4. ප්‍රාජේ ඔබ අන්තිමට මට යෝජනා කොට ඇත්තේ ඔබ තුලින් මා දකින ලෙසද ? හහ්! හහ්!

      සත්තකින්ම අර ඔය එකෙක්වත් හොදම හෝ නරකම කියන්න බෑ. අනික දේවදත්ත තුලින් බැලූවිට බුදුන්වහන්සේත් , ජුදාස්ගේ ඇසින් යේසුස් වහන්සේත් දෙදෙනාම දඬුවම් ලැබිය යුතු අය!

      තවමත් "පොංගු තමිල්" උත්සව ප්‍රභාගේ උපන්දින සැමරුම් උතුරේ පැවැත්වෙන්නේ මේ නිසා විය යුතුය.

      Delete
  4. සමහර වැරදි තිබ්බත් ප්‍රේමදාස මහත්තය රටට වැඩක් කරපු මනුස්සයෙක්. ඔය ගම්උදා තිබ්බෙ නැත්තං ඇඹිලිපිටියෙන් එහාට තාමත් නොදියුණු තත්වෙ තියෙන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! එහෙම කිව්වේ ප්‍රේමදාස උන්නැහැට හොඳයි කිව්ව නිසා නොවෙයි. අනේ කවුරු කමෙන්ට් කලත් නැත්ත ඔබගේ පැමිණීම ඉර හඳ වගේ නිසා! ඔව් ඇත්තටම ඔහුට යම් දැක්මක් තිබුනා. ඒක ජාත්‍යන්තර එකක් නම් නොවෙයි. සීයට සීයක්ම දේශීය වූ එකක්. ඔබ හිතන්න චීනය බිහිකල මාවෝ සේතුංට තිබුනාද මහා විශාල ජාත්‍යන්තර දැක්මක්?

      Delete
  5. අදටත් මගේ හිතේ ඉන්න 'ජනාධිපති'!!!

    ReplyDelete
    Replies
    1. දැකීමත් සතුටක්! "හිතේ ඉන්න එකම ජනාධිපති" කියන වැකිය නොවේ. ඔබතුමාගෙ සපැමිණීම! කිසියම් සීමිත ප්‍රජාවක් තුලට කිසියම් මුදලක් මුදා හැරියහොත් ඉන් සීයට අනූවක් එම ප්‍රජාව තුලටම නැවත මුදා හැරේ. හිතන්න ගාමන්ට්ස් ෆැකටරියක සේවිකාවක් මාසික වේතනය ලෙස රුපියල් 10000 අතට ගත හොත් ඉන් 9000 ක්ම ; ඇය ජීවත්වන නගරය හෝ වටාපිටාව තුල ; තමන් ලබා ගන්නා සේවා හෝ භාන්ඩ වෙනුවෙන් වැය කරයි. එම සේවා සපයන්නා හෝ භාන්ඩ සපයන්නාද තමා ලබන
      මුදලින් සීයට අනූවක් ඔහු ලබාගන්නා සේවා හෝ භාන්ඩ සඳහා වැය කරණු ලබයි. මේ ආකාරයෙන් මුදල් ගලන දාමයක් ඇරඹීමයි ඇඟළුම්
      200 යේ ක්‍රම වේදය යටතේ ක්‍රියාවට නැංවූයෙ. ඒවා ක්‍රියාවට නැංවීමට යාමේදී මුහුණ දුන් ප්‍රායෝගික ගැටළු විසඳූ ආකාරය ගැන කියන්න වෙනම පෝස්ට් එකක් ලියන්න වෙනවා. ස්තුතියි! දැකීමත් සතුටක් මිත්‍ර!

      Delete
  6. ඉන්න කාලෙ අපිට අප්‍රියම එක්කෙනා. කාලයේ ඇවෑමෙන්, අපි වයසට යාමෙන් සහ ඊට වඩා නරක අය දැකීමෙන් ඔහුගේ තිබූ හොඳ ගණනාවක් අපි දැන් දකිනවා.

    සංක්ෂිප්තව කියනවා නම් අපි දැකලා තියන කාර්යක්ෂමම නායකයා. ලොකුම වැරද්ද තිබුනේ වන්දිභට්ටයන්ට තිබුන කැමැත්ත.

    මම පෞද්ගලිකව කැමතිම දේ නගර අලංකරණය, පෞරාණික ගොඩනැගිලි සංරක්ෂණය හා කෞතුකාගාර පවත්වාගෙන යාම පිලිබඳව ඔහුගේ තිබුන උනන්දුව

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම හරියටම හරි ඒ නිර්වචනය! ඔහු හොඳම කෙනා නොවුනත් නරකම කෙනානම් නොවේ! පාර්ලිමේන්තුව හා තම පක්ෂය තුලින්ම ආ ඝර්ෂණය විසින් ඔහුගේ බුද්ධිය මොට කරවණු ලැබුවා. ඔහු ගේ මම දකිණ විශිෂ්ඨත්වය ප්‍රශ්න විසඳීමේ ලඟ වංගු ගැනීම. මතකද එක රැයින් බිහි උනු බම්බු රේල් ගේට්ටු! ඔය ෆැක්ටරි 200 දාන්න ගියාම නිළධාරීන් පස්ස ගහද්දි ඒවාට ප්‍රථිකර්ම යොදා ඇති ආකාරය ප්‍රශංසනීයයි! ස්තූතියි!

      Delete
    2. එතන ලොකු tragedy එකක් තියනවා නේද තට්ට මහතාණනි, උතුරේ විශාල යුද්ධයක් හා දකුණේ දරුණු කැරල්ලක් නොතිබුනා නම් ඔහු ලංකාව සෑහෙන්න දියුණු කරනවා. එහෙත් අපේ රටේ සමාජය හා දේශපාලනය අනුව එහෙම දරුණු තත්වයක් නොතිබුනා නම් ඔහු ජනාධිපති වෙන්නෙත් නෑ.

      Delete
    3. සත්තකින්ම! ඔබ
      මාගේ දේශපාලනය ඉවතට අදිනවා වාගේ! එදා පමනක්
      නොව අද තත්වය ගත්තත් පාලකයින්ට රටට ජාතියට සේවය කිරීමට වඩා වැඩි කාලයක් ගත කරණ්නට වෙලා තියෙන්නේ වටේ ඉඳන් ගහන ඒවායෙන් බේරි බේරී දුව ඇවිදින්නට. යූඇන්පියටම උනත් ප්‍රේමදාස වදයක් වන්නට ඇති! ඔහුට ඕනෑම දේකට පිළිතුරක් තිබුනා. ඔහුට ඕනෑම කෙනෙකුගෙන් "ඇයි බැරි?" කියලා අහන්න පෞර්ෂ්‍යක් තිබුනා. එලෙසම "ඇයි ඒක මේ විදියට බැරි?" කියා අහන්නට දැක්මක් තිබුනා! ඒක විශිෂ්ඨ ගුනාංගයක්! දේශපාලන බමුණු කුලයට මේ කෙහෙල්වත්තේ මනුස්සයාව මල වදයක් වෙන්න ඇති. ලොකු ලොකු ඇමතියෝ තමන්ගේ උගත් ලේකම්ලා එලිව්ව්නකල් රෑවෙනකල් නිදිවරාගෙන තමන්ට වාසි සහගත ලෙස සකසා අරණ් ගිය මහා ව්‍යාපෘථි ප්‍රේමදාසගේ පේමන්ට් මොලෙන් කුණු කූඩෙට වැටුනු වාර ඇත! කව්ද අප්පා ඒවට කැමති? හිතන්නකෝ අපි කැමතිද කියලා?

      Delete
    4. ඒ කියන්නේ සාමාන්‍ය තත්වයක් යටතේ නම් ඔහු ලංකාවේ හිටිය හොඳම නායකයෙක් වෙන්න තිබුනා. ඒත් සාමාන්‍ය තත්වයකදී ඔහුට බලයට එන්න බෑ. ඔහුත් බලයට කොහොමහරි ආවනම් මොන තත්වයක් යටතේවත් බලය අත නොහරින්න, හොඳින් හෝ නරකින් බලයේ ඉන්න හදන්නත් තිබුනා. ලංකාව පරිණත, ඩීසන්ට්, දියුණු ඩිමොක්‍රසි එකක් නෙමෙයි බොස්. අපි මානසිකව, සාමාජීයව ප්‍රජාතන්ත්‍රවාදී අය නෙමෙයි

      Delete
    5. සත්තකින්ම ඇත්ත. දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් තුල ප්‍රේමදාස කෙනෙකු බිහිනොවන්නට මෙන්ම එවන් දියුණු රටක් උනා නම් ඔහු අසාර්ථක නොවන්නටයි තිබුනා. තනිව සිතා බලන්න. අප තනි තනිව කෙතරම් ප්‍රජාතන්ත්‍රවාදිද කියා. අපේ සිත් තුලම දරණ ගසා සිටින සපුන් කෙතරම්ද? ඔබ ඔබේ ආයතනයේ ඔබ සමග සේවය කරණා අයට මොනතරම් ප්‍රජාතන්ත්‍රවාදීවී ඇත්ද? මා එසේ ඔබෙන් අසන්නේ මා නිදොස් හෙයින්ද? නැත! මමද එසේමය. අප අපගේ දරුවන්ගේ ස්ව්‍යංතීරණ අයිතීන්ට ඉඩදෙන සීමාව කොයිතරම් පටුද? අප ජපානයේ මිනිසුන්ගේ ආචාරශීලීබව කොතෙරම් අගය කලද අප එසේ අචාර ශීලීවී ඇතිද? ඔවුන්ගේ දේ අප කයිවාරු තුල අගය කොට "ඒකට අපේ එවුන්!" කීවාට අපද එසේම බව මේ ලියන මටවත් තේරෙණවාද? කොයි තරම් කෑගැසුවත් අප කිසිදු සංයමයක්, හැදියාවක්, අචාරශීලී බවක් නැති ජාතියකි! මේක මේ NGO කතාවක් නොවේ! මා අත්දුටු දේය! ස්තූතුයි මේ සංවාදය මෙතනට ගෙනාවාට!

      Delete
    6. http://www.wrisley.com/cycle.htm

      The democracy of cycling is better than the cycle of democracy !

      Delete
    7. http://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=3&ved=2ahUKEwjgl-2m1pTdAhUCT48KHeWgAuYQFjACegQIBRAC&url=http%3A%2F%2Faconvivir.org%2Fdocumentos%2Fcycling_and_democracy.doc&usg=AOvVaw07jjJyfOHztjRM22JS3eED

      :-D

      Delete
  7. ස්තුතියි ඇත්තටම ප්‍රේමදාස මහතා පිලිබදව නොදන්න කරුණුත් දැන ගන්න ලැබුණා. ආර් ප්‍රේමදාස කිව්වම හුගක් අයට මතක තියෙන්නෙ 89/90 භීෂන කාලය විතරයි. ඒත් එතුමා ගැනවත් එතුමා රටට කල සේවය ගැනවත් නොන්දන්නා අයගේ දැනගැනීම පිණිස මෙම ලිපිය මුහුණු පොතේ බෙදාගන්න හිතුවා. ඒකට කමක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඔබගේ ඉල්ලීමෙන්ම කතාව පරන් ගන්නම්. මේ ලිපිය පමනන් නොව මෙහි පලවන ඕනෑම ලිපියක් කිසිදු පෙර දැනුම් දීමකින්, අවසරයකින් තොරව ඕනෑම මාධ්‍යයක ඕනෑම කෙනෙකුට පල කලහැකියි. මෙම ලිපිය මාගේ සිත තුල පවතිනා කල් පමණි එය මගේ වන්නේ. අවකාශයට මුදා හැරිය පසු එය පොදු දෙයක්. මගේ හෝ මාගේ බ්ලොගයේ නම ඇතිව හෝ නැතිව මෙය කැමති තැනක කැමති ලෙසකින් පලකරණ්න. භීෂන සමය අනුමත කල
      නොහැකි වූවාට වෙනත් ඕනෑම රාජ්‍ය නායකයෙකු සිටියානම් කරණ්නෙත් ඔය දේමයි කියලා තමයි මා සිතන්නේ. නො එසේ නම් කල යුතුව තිබුනේ දේශ ප්‍රේමී ජනතා ව්‍යාපාරයට රට භාර දීලා පසෙකට වන්න. ඉතින් එහෙම නම් එල් ටී ටී යටත් ඔවුන් අවුරුදු 30 ක් තිස්සේ ඉල්ලපු කොටස දීලා ඉන්න තිබුනා නේ!? ඔවුනුත් මේ රටේ පුරවැසියන්ම නොවැ!? ඔවැනි දේ ගැන අප කතා කරණ්නේ දෙබිඩි පිළිවෙතකින්! ස්තූතියි!

      Delete
    2. ස්තුතියි. භිෂන සමය මට මතකයි . අපි හුගක් තරුණයි. ආයුධ අතට ගත් ජීවිතය ගැන හරි අත් දැකීමක් නැති තරුණයන්ව පාලනය කරන්න දැඩි තීරණ ගන්නම වෙනවා. ජෙවිපිය පටන් ගත්තත් අන්තිමට නොයෙකුත් අපරාධ කාරයින්ට ආයුධ අරන් තරහ කාරයො සහ වෙනත් පලි ගැනීම් පවා කිරීමට එය රුකුලක් වුණා. ඒ සම්බන්ධයෙන් ඔබගේ මතය හා එකගයි.

      Delete
    3. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය පටන් ගත් කාලේ එය ඉතා ආශ්වාදනීය අත්දැකීමක් උනා. මොකද ගමේ ඒ වෙනකල් සෙස්සන් හට රැස් පෙන්නගෙන හිටිය දේශපාලනමය හෝ වෙනයම් සමාජ මට්ටමකින් අන් අය පරයා ඉහල නැගි එකා පහු වෙනිදා හතර මං හංදියේ බෝඩ් ලෑල්ලක් කරේ එල්ලගෙන දණ ගහ ගෙන ඉන්නවා. ගමේ කසිප්පු පෙරපු එකා , මිනී මරුවා සල්ලාලයා වෙඩි කනවා. මෙහි තිබුනා සමස්ථ සමාජයටම ලැබුනු කාලකන්නි සතුටක්! (දැන් දිරව ගන්න අමාරු උනාට අදත් එල් ටී ටි ය පැවතුනා නම් හොඳ යැයි උතුරෙන් ඇහෙන්නේ ඒ නිසයි. ඒක සාධනීය තත්වයක්! අපි මෙහේ ඉඳන් මැරෙණ්න හැදුවාට!!) නමුත් කාලය ගෙවෙද්දී මේ කැලෑ නීතියෙන් දඬුවම් දීම සමාජයටම කරදරයක් උනා. ඔබ හිතන්න ගමක ඉන්නවා යූඇන්පී බල කණුවක්. ඒත් ඔහු ගමට අවශ්‍ය කෙනෙක්. ඔහු සාධාරණ කෙනෙක්. ඔහුට තමා දරණ තනතුරු වලින් ඉවත් වන්න කියා ඔහු එය ප්‍රථික්ෂේප කිරීම වෙනුවෙන් ලැබෙන්නෙ 7.62 mm ඇමෝ එකක් T56 න් පිටවන. මෙය සමස්ථ ගම දකින්නේ පිළිකුලෙන්. ඊළඟට රජ්‍ය සේවකයින් හට ඉල්ලා අස්වෙන්න බලකිරීම. ඒ අතින් එල්ටීටීය ඔය තරම් මුග්ධ වැඩ කලේ නෑ යන්නයි මගේ අදහස. මුළු මහත් 30 වසරක යුධ ඉතිහාසය තුල යාපනයේ අධ්‍යාපනය කඩාකප්පල් වන ආකාරයට සිදුවී ඇති ක්‍රියා මොනවාද? ඔවැනි සිද්ධීන් නිසා සමාජය තුලින්ම දේශ ප්‍රේමීන් ඉවතට තල්ලු උනා . ඒ සමගම ප්‍රේමදාස තමාගේ උපාය මාර්ග යොදා ගනිමින් රජය පවත්වා ගත්තා. ඩී බී විජේතුංග, ඩඩ්ලි සේනානායක ඇරෙන්න කවුරු හිටියත් කරණ්නේ ඔය ටිකම තමා. මීට වෙනස් ක්‍රියා මාර්ගයක් තිබුනි නම් කියන්න!

      Delete
  8. ප්‍රේමදාස මහතා ගැන ඔබ ලියා තිබෙන ලිපිය අනර්ගයි
    ඒ කාලයේ දැලි රැවුල වැවෙමින් තිබු තරුණයන් ලෙස ,එම චරිතය දෙස බැලු ආකාරයටම
    ඒ දෙස බැලිය නොහැකියි .
    ඔහු තරම් වැඩ කරපු නායකයෙක් නැති තරම්, ඔහු තමයි රාජ්‍ය තන්ත්‍රය තුල සිටි කුසීත
    නිලදරයන්ගෙන් උපරිම වැඩ ගත් මිනිසා
    හැබැයි ඔහු දරුණු හීන මානයකින් පෙලුනා , ඒ නිසාමයි තමන්ට අයිති නැති ප්‍රබූත්වයක්
    මවා ගන්න තමන්ගේම පවුල ගැන පොත් ලීවේ.
    ඔහුට උගතුන් සමග වැඩ කල නොහැකි තත්වයක් තිබ්බා , ඒ වගේම ඔහු වටා සිටි අය ඔහුව ඇන්දුව හැටි මැරෙන තුරා ඔහු දැන නොසිටින්න ඇති .
    හොදම උදාහරණය , මම ඉගෙනගත්තේ කොලබ කනත්ත අසල ජාතික පාසලක , දිනෙක ප්‍රේමදාස මහතා පාසලේ සංචාරයකට ආවා. ඔහුගේ පැමිණීමට පෙර එවකට සිටි විදුහල්පති , ගොවි ජන සේවා එකෙන් පෝච්චි වල හිටවපු එලවලු පැල ගෙනල්ලා පෝච්චිය නොපෙනෙන්න පොලොව යට ඉන්දෙව්වා .
    ප්‍රේමදාසට මේක පෙන්නුවේ ළමුන්ගේ වැඩක් ලෙස , ඔහු ඉතා සන්තෝෂ උනා , විදුහල්පති අවසානයේ අද්යාපන ලේකම් තනතුරටම නැග්ගා.
    මේ වගේ උදාහරණ ඕනෑ තරම්

    ReplyDelete
    Replies
    1. සීයට සීයක්ම මම ඔබ සමග එකඟයි! දරුණු හීන මානයකින් පෙළුණු එක නම් ප්‍රසිද්ධ කතාවක්. උගතුන් සමග වැඩ කල නොහැකි වීම මා දකින්නේ දෙවිදියකට. ඉන් පළමු වැන්න වන්නේ ඔහුගේ හීන මානය නිසාම ඔහු උගතුන් කෙරෙණ් වියෝ වන්නට ඇති. දෙවැන්න මම මෙහෙම පැහැදිලි කරණ්නම්. (මට මේ මොහොතේ සියළු දත්ත සොයා ගැනීම අපහසු බැවින් කතාව සැකවින් කියන්නම්.) ඔන්න ඒකාලෙ දරුණු දුම්‍ රිය හා වෙනත් මහා මාර්ගයේ දිවුනු රථයක් දුම් රිය හරස් වෙන තැනකදි ගැටුනා. හේතුව හොයා බලන කොට එම ස්ථානයේ රේල් ගේට්ටුවක් තිබුනේ නෑ. දැන් මෙයට කල යුතු නිවැරදි ක්‍රියා මාර්ගය කුමක්ද? ශක්‍යතා අධ්‍යනයකින් පසු ඒ ස්ථානයට අදාල වන්නෙස් කුමන ආකාරයේ රේල් ගේට්ටුවක්ද කියා සොයා ඒවා සෑදීමට හා සවිකිරීමට යන වියදම සොයා බලා ටෙන්ඩර් කොමිටියක් පත් කොට . . . . ඔය වගේ මාස 6 ක 7 ක ක්‍රියා පටිපාටියක්. එතකොට මේ දේවල් වලින් නිළධාරීන්ගේ ගසා කෑම් නැවැත්වීම තවත් දෙයක්. තව ලියනවානම් අර නාගසේන වස්තුවේ "කොන්ඩය මුඩුකිරීමට හේතු" කීවා සේ පිටුවක් පුරා ලියන්න පුළුවන්. ඒත් ප්‍රේමදාස මහත්තයා කලේ එක රැයින් මුළු රටේම තිබුණු එවන් අනාරක්ෂිත තැන් වලට උන බම්බු වලින් තාවකාලික ගේට්ටු සවි කොට ඒවායේ සේවයට එම ස්ථානයට ආසන්නව සිටි සමුර්ධි ලාභියකු සේවයේ යෙදවීම. ඒවා අද වන විට ස්තිර ගේට්ටු බවට පත්වෙලා. මේවා බුද්ධිමතුන්ගේ උගතුන්ගේ ඇසින් බලන කල නූගත් ග්‍රාම්‍ය වැඩ! අර වීර ක්‍රියාව අලස් මහත්තයාගේ වැඩක් වෙන්න ඇති නේද? ඔයාට මම කියන්නම් සමහර විට ඔය අදහස එයාට එවන්න ඇත්තෙත් ප්‍රේමදාස මහතාම වෙන්නත් පුළුවන්!

      Delete
  9. වර්තමාන වැඩ වර්ඡන වලට මෙතුම වගෙ ඡනපති කෙනෙක් හිටියනම් හරි

    ReplyDelete
    Replies
    1. ඔයා මේ බ්ලොග් එකේ මැද තියෙනවා ලී ක්වාන් යූ 1980 දී එරට ගුවන් නියමුවන් ගේ වැඩ වර්ජනයක් බැලන්ස් කරපු හැටි කියවෙන වීඩියෝ ක්ලිප් එකක්. ඒක බැලුවාද? ඒක බලලාම හිතන්න රටකට අවශ්‍ය කොයි වගේ කෙනෙක්ද කියලා! කරුමෙ කියන්නෙ ඔහොම කරණ රටට හිතැති එවුනුත් අපේ රටේ නෑ. හිටියත් උන්ගෙ අතට බලය අපි දෙන්නෙත් නෑ. අපි මොන තරම් අගය කලත් ලී ක්වාන් යූ ගේ ඒ මර්ධන ප්‍රථිපත්තිය අපේ රටේ කරණ්න ගියදාට අපිම ඊට එරෙහි වෙනවා!

      Delete
  10. මහත්මයා වැඩ කරන්නේ එක්සත් ජාතික පක්ෂ මාධ්‍යය ඒකකයේද?

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මා මේ ප්‍රශ්ණය කිසිවෙකුගෙන් හෝ යොමුවේ යැයි බලාපොරොත්තු උනේ මීට කලින්. මා දිනෙක මහින්ද රාජපක්ෂ මහතා ගැන ලිපියක් ලියූවොත් ඔබ අසාවි මා පොහොට්ටුවේද කියා. ඔබට මා කිසිවෙකුට මෙතෙක් නොකී දෙයක් කියන්නම්. ඔබ මගේ "තල් අරණට. . .! කියවාගෙන යන්න. මහ පාන්දර කිළිනොච්චි නගරය පසු කරණ විට එතනින් ගියාම පරන්තන් හංදියෙන් ඔබ්බට යනවිට හිතට දැනුනු නිර්ව්‍යාජ සිතුවිළි කියවා මා ගැන වටහා ගන්න. අසූනවයේ යූ ඇන් පී මැරයන් විසින්
      මා යටියන්තොට නගරයේදී ග්‍රහනයට ගනීවිදෝ බියෙන් CTB බසයේ බිම දන ගහගෙන නගරය පසු කලේ. නමුත් ඔබ කියවාගෙන යන්න මුල සිටම. මහින්ද මහත්තයාට වගේම ප්‍රේමදාස මහත්තයාටත් චෝදනා ප්‍රශංසා තියෙනවා. ඒ හැම්දෙනා තුලම උකහා ගත යුතු දෙයක් තිබුනා. නමුත් පොදුවේ දර්ශනාය වුනේ ඔවුන්ගේ අව පස පමනයි! මා
      කැමතියි මෙසේ නිර්නාමිකව හෝ ඔබ ඔබගේ මතවාදය මේ මේසය මතට ගෙන එනවා නම්! එහි අප සියල්ලටම ගතයුතු දෙයක් ඇති. ලියන්න! ස්තූතියි!

      Delete
  11. වටිනා ලිපියක්.

    ReplyDelete
  12. 1992 වසරේ දිනක් උදෑසන 6 ට පමණ නිල ඇදුමෙන් සැරසුන පොලිස් නිලධාරීයෙක් නිවසේ විදුලි සීනුව නාදකරා .මම දොර විවර කර මොහොතේ ඔහු ,

    පුතා , තාත්තා ඉන්නවද ? යැයි විමසුවා .

    මම ඔව් , ආන් .... ඉන්නවා කන්තෝරු කාමරේ යැයි පවසා සිටි අතර අම්මා ද ඒ මොහොතේ කවුදෝ පැමිණියේ කියා බලන්නට පැමිණ මම අසලින් සිටගත්තා .

    මේ ....ආටිගල මහත්තයාගේ නෝනා වෙන්න ඕනේ . ඔහු පැවසුවා .

    ඔව් , මම තමයි .

    මැඩම් , ජනාධිපතිතුමා ඇවිල්ල ඉන්නවා ආටිගල මහත්තයා හම්බවෙන්න .

    කුඩා මම පුදුමයෙනුත් පුදුමයට පත් වීමි. ඒමෙන් ම තැති ගැන්මට ද පත් වුනෙමි. ඒ මක් නිසා ද යත් ප්‍රේමදාස ජනාධිපතිතුමා නැමති චරිතය මගේ කුඩා සිතේ සිත්තම් වී තිබුනේ භයානක කෙනෙකු ලෙස ය.

    ඒ වන විටත් උප්පති එජාප පාර්ෂව කරුවකු වූ මගේ තාත්තා ඒ වසරේ ම ඉහල පාලනයට නොනැමී රජයේ සේවය අවන්කවම ඉටුකරපු වරදට එජාපයේ ම ඇතැම් පාලක බලවේගයන් වල උදහසට ලක්ව කලකිරීමෙන් නිවසට වී සිට කාලයක් .

    තාත්තා ද වහා පැමිණ එතුමන් පිළිගත් අතර ,

    ප්‍රේමදාස ජනාධිපතිතුමා-

    ආටිගල ......... තමුසේ එහෙනම් උන්ට තොවිලේ නටන්න කියල ආව නේද ?

    උබල වගේ දහයක් හිටියනම් මට ඇති . ඒත් උබ මොකද කරේ ?

    තාත්තා :- සර් .... මම .....

    මම දන්නවා මනුස්සයෝ හැම දෙයක් ම . ඊයේ රෑ තමයි මම විස්තරේ දැනගත්තේ .

    ඒක තමයි මම ගෙදරටම ආවේ .

    තමුන් හෙට ඉදං වැඩට එන්න ඕනේ . කරන මිනිහට කරන්න දෙන්නැති උන් පන්නන්න තොවිලේ මම නටන්නම් .

    ඔය ඇමරිකායන වැඩේ අල්ලලා දානවා ටික කාලෙකට .

    තේරුනා නෙ... ?

    තාත්තා :- ඔව් සර් .

    ReplyDelete
    Replies
    1. අනේ මල්ලි මේ සීන් එක බර දාලා හරියට ලියන්නකෝ මෙතනම! උඹලගෙ පියතුමා ගැනත් විස්තර ඇතිව. හා ද?

      Delete
    2. ප්‍රේමදාස ජනාධිපතිතුමා නිවසට පැමිණිවග දැනගත් තාත්තා විමතියට පත් වූ බව මට වැටහී ගියේ ඔහුගේ මුහුණ බැලු විට ය . ජනාධිපතිතුමා ගේ පෙනුම අතිශය ගම්බීර විය. නිවසට පැමිණෙන ඔහුට තාත්තා ආචාර කර විට ඔහු ඔහුගේ අත් දෙකෙන් තාත්තා ගේ ආයුබෝවන් කියූ අත් දෙක අල්ලා ගෙන සිනාමුසු මුහුණින් මෙසේ කීය

      "ආටිගල ......... තමුසේ එහෙනම් උන්ට තොවිලේ නටන්න කියල ආව නේද ? "

      තාත්තා තව වචනයකුත් කියන්නට පෙරම නැවතත් එතුමා ,

      උබල වගේ දහයක් හිටියනම් මට ඇති මේ රට මට ගෙනියන්න . ඒත් උබ මොකද කරේ ?

      ජනාධිපතිතුමා තාත්තා ගේ ඇස් දෙස බලමින් කථා කළෝය . ඒ හැම වචනයක් ම නිවාස පුරා ගිගුම් දෙන්නට විය . මමත් අම්මාත් ඔහු දෙස බලා සිටි අතර නිවසේ මෙහෙකාරිය අම්මා ලගට විත් යමක් මිමිනුවාය .

      ඔය අතර ජනාධිපතිතුමා අම්මා දෙස බලා සිනාසෙමින් කීවේ "නෝනා මහත්තයා අපිත් උදේට කාල නැහැ තවම" ලෙස ය.

      අම්මා පෙරලා පිළිතුරු දුන්නේ "සර් උදේ කෑමට අපිත් එක්ක ඉන්නවනම් කොච්චර් හොදයි ද කියා ය "

      ඔය අතර තාත්තා කථාව මැදට පැමිණ ,

      සර් .... මම ..... කියද්දීම ,

      එතුමා ,

      "මම දන්නවා මනුස්සයෝ හැම දෙයක් ම . ඊයේ රෑ තමයි මම විස්තරේ හරියටම දැනගත්තේ .

      ඒක තමයි මම මහ පාන්දර ගෙදරටම ආවේ" .

      තාත්තා කිසිත් නොකියා බිම බලාගත අතර ,

      නැවත වරක් තාත්තා දෙසට හැරුන ඒතුමා ,

      "තමුන් හෙට ඉදං වැඩට එන්න ඕනේ .

      කරන මිනිහට කරන්න දෙන්නැති උන් පන්නන්න තොවිලේ මම නටන්නම් . "

      අනික ඔය ඇමරිකා යන්න හදන වැඩේ අල්ලලා දානවා ටික කාලෙකට .

      තේරුනා නෙ... ? කීය .

      තාත්තා ද පෙරලා " ඔව් සර් " .කීවේය .

      පසුව මද වෙලාවක් අල්ලාප සල්ලාපයේ යෙදුනු එතුමා උදේ ආහාරයත් නිවසින් ම ලබාගෙන පිටව ගියේ ආයෙත් ආපු වෙලාවක එන්නම් යැයි කියමින් ය .
      එහෙත් නැවත කිසිදා මේ මහා පුරුෂයාට අප නිවසට පැමිණෙන්නට නොහැකි වූ අතර ඉතා අවාසනාවන්ත ලෙස තම දිවියෙන් සමු ගත්තේ රට මොහොතකට අරාජික කරමින් ය .

      Delete
    3. හොදයි අය්යේ ... මම මෙහෙම හදුන්වාදෙන්නම් තාත්තා ගැන ,
      https://magelokaya01.blogspot.com/2017/12/blog-post_11.html

      Delete
    4. ඔබ තුමාට බොහොම ස්තුතී එම වටිනා ලිපියට මගේ නම ද එකතු කල එකට .

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...