Tuesday, June 19, 2018

102. සයිකලයෙන් තල් අරණට . . . 4




ජවය පිරුණු තරුණ නයන....!

උදෑසන ආහර කිස වරකපොල නැවතුමෙන් සපුරා ගත් අප යළිත් සුපුරුදු ගමනට එක් වූවෝය. උදෑසන ආහාරය; ජෑම් තවරණ ලද පාන් හා ආනමාළු කෙසෙල් ගෙඩියකින් සපුරා ගත් අප ජීවනී මුසු වතුර හා සාමාන් ජලයෙන් සතර්පණයවී මගට බටහ.
අවසාන පෝස්ටුව මුදා හැරීමත් සමගම එහි සඳහන් කොට තිබූ ආහාර වට්ටූරුව පිළිබඳව බොහෝ අපේ හිතවතුන් උනන්දු වන බවක් පෙනී තිබුනි. එහිදී එක් අපේ මිත්‍රයෙක්; වඩා හොඳ නොඑසේනම් මෙවන් ගමනකට වඩාත්ම යෝග්යවන්නේ ඇම්බුන් ආනමාළුද කියා විමසා තිබුනි. සමහර පලාත්වල ඇම්බුන් කෙසෙල් වලට ඇම්බුරුස් කියාද කියනු මා අසා ඈත. කෙසේ හෝ වේවා ආනමාළු තමයි මේ වැඩේට ගැලපෙන කෙසෙල් වර්ගය ලෙස ලොව පුරා ප්‍රචලිතවන්නේ.

සැඟවුනු අමුත්තා සොයන්න....!

දැන් ඊළඟ ප්‍රශ්නය වන්නේ ඈම්බුන් වලින් ආනමාළු වෙන් කොට හඳුනා ගන්නේ කෙසේද යන්නය. ඉතා පහසුය. සෝඩා දැමූ ගල් අරක්කු වලින් වී ඇස් වෙන් කර හඳුනා ගන්නවාටත් වඩා පහසුවෙන් මේ දෙවර්ගය වෙන් කොට හඳුනා ගත හැක. මෙම කොටස මම ලියන්නට සිතාන සිටියේ මීට මදක් ප්‍රමාදව උවද මා සමග ගිය ගමන් සගයාට මධූට මා කලින් මෙම පාඩම කියා දෙන්නට නොහැකි වීමෙන් සුපිරිම ඝනයේ පටලැවිල්ලක් පටලවා ගන්නට ඔහු සමත් වූ හෙයින්මෙය දැන්මම ලියා තියන්නම්.

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...