ගියොත් හොඳ පෝස්ටුවක් !
නොගියොත් හොඳ ප්‍රවෘථියක් !!
මොනවා උනත් මේක මම හදවතට දුන් පොරොන්දුවක් !!!නොගියොත් හොඳ ප්‍රවෘථියක් !!
යන්නේ වැලි කතරක් වෙත වූවද දෙපසේ දිලෙනා නිල්ලක මහිමය !
නිශාන්ගේ
සපැමිනිම;එතෙක් “මොකා නැතත් මම යනවා”කියා හිත ගල් කරගෙන සිටි මාගෙ සිත දියකර අරිණ්නට සමත් විය.
එදින එනම් දෙසැම්බර් 22 හවස අපි තිදෙන අපගේ නිවසට ගාල් වුනෙමු.ඒ වන
විට
අප
ගෙනයාමට
ඇවැසි
සියලු
දේ
වෙන්
කර ගෙන තිබුනෙමු. මෙහි සිට ගෙනයන ආහාර පාන වූයේ ජෑම් තවරණ ලද පාන්, ජීවනී මුසු කල ජලය, අමතර ජීවනී, මුද්දරප්පලම්, රට ඉඳි, අනමාළු කෙසෙල්, ඕට්ස් යන දේවල්‍ය.මෙවන් ගමන් සඳහා මග දිගට ප්‍රයෝජනයට ගනු ලබන්නේ කැලරි
සපිරි
අහාරයන්‍ය.ජෑම් සහ පාන් මේ සඳහා කදිමට ගැලපී යයි.ජීවනී
වල
අන්තර්ගතයන්
අතර
සෝඩියම්
හා
පොටෑසියම් ප්‍රධාන තැනක් ගනී.මෙහිදී සෝඩියම් මගින් මාංශ පේශීන් ගේ ක්‍රියාකාරීත්වයට අගනා පිටුවහලක් වනවා සේම කෙන්ඩා පෙරලීම වලක්වනු ලබයි.පොටෑසියම් මගින් විජලනයෙන් ආරක්ෂා
කරණු
ලබයි.මෙය කියවන ඔබ අධිකව වෙහෙස මහන්සි වන ක්‍රියාකාරකමක යෙදෙනවානම් පිරිසිදු ජලය වෙනුවට ජීවනී මුසුකල ජලය පානය කිරීමෙන් උසස් කාර්යක්ෂමතාවයකින් යුතුව කටයුතු
කල
හැකිවේ. ශරීරයට අවශ්‍ය කැලරි ලබා
දෙන
ග්ලූකෝස්
ලබාගැනීම
ජෑම්
තැවරූ
පාන්
මගින්
ලැබුනද; කිසියම් නිශ්චිත
කාල පරාසයක් තුල ශරීරයට
ග්ලූකෝස්
ලබා
ගත
හැකි
නො එසේනම් අවශෝෂනය කර ගත හැකි කිසියම් නිශ්චිත මට්ටමක් පවතී.ඉන් ඉක්බිති සිරුරට ලබාදිය යුතුවන්නේ රුධිරයට ඍජුවම අවශෝෂනය කරගත හැකි “පලතුරු සීනි”හෙවත් ෆෘක්ටෝස්ය. මුද්දරම්පලම්, රට ඉඳි මගින් ලබාගන්නට උත්සාහ කරණ්නේ මේ ෆෘක්ටෝස්ය.ආනමාළු කෙසෙල් වල ඇති සුවිශේෂී ලක්ෂණය වන්නේ සිරුරේ ග්ලූකෝස් මට්ටමේ සාන්ද්රණයට අනුකූලව ෆෘක්ටෝස්;රුධිරයට මුදා හැරීමයි.ක්‍රිකට් ක්‍රීඩකයන් හා වෙනත් මලල ක්‍රීඩකයන් ක්‍රීඩාව තුලදීම ආනමාලු හෝ වෙනත් කෙසෙල් විශේෂයක් ආහාරයට ගනු ලබන බව දක්නට ලැබෙන්නේ
එහෙයිනි!
කෙහෙල් අතර කෙසෙල් ගෙඩි ! - ආනමාළු
ගමනේදී
අපට
අවශ්‍ය විටෙක අවශ්‍ය තැනෙක විඩා නිවාගැනිමට අවශ්‍ය වන්නේ නම් මෙම අහර වලින් සුළු ප්‍රමාණයක් හෝ
ගෙන
යා
යුතුවේ. මන්ද ගමනේදී අපි නවත්වන ගස් ගල් යට ෆෘක්ටෝස් තබා ඉඟුරු ඇඟිල්ලක්, ඤාණ
කතාවක් , හුලං විස්කෝත්තක් වත්
සොයා
ගත
නොහැකි
වීමට බොහෝ සෙයින් ඉඩ ඇති හෙයින්‍ය.
සියලුම බඩු බාහිරාදිය අපි කොටස් තුනකට වෙන් කර ගත්තෙමු. නිශාන්; ජනපදයක් පිහිටුවීමට තරම් දේ එකතු කරගෙන තිබුනි.ටියුබ්ද පොම්පද එකක් ලෙඩ දුන්නොත් වැඩ ගැනීමට වැඩිපුර ටේල් ලයිට්ද විදුලි පන්දම්ද හදිසියක් උනොත් අඳින්නට වැඩිපුර කලිසම් ටී ෂර්ට් මේස් සෙරෙප්පු ආදී එකී මෙකී නොකී සබ්බසකලමනාව රැසක් එම එකතුවේ තිබුනි.මේවා සමස්ථ එකතුව විසල් පොදියක් වී තිබුනි.ඒ ගැන මා හෝ මධුෂාන් ඔහුගෙන් විමසූ විට ඒ එක් එක් දේ ගැන කියන්නට හේතූන්ද ඔහු වෙත තිබුනි.
මේ එකවුන්ටන්ලාගේ හැටියක්ද මන්දා !?
මා ගේ Scott
Spotster P6 සයිකලය කිලෝ 14 ක් බර වන විට එහි රෝදයක තිබුනි ස්පෝක් කම්බි ගනන 32 කි.කිලෝ 10 ක සීමාවේ බර පවතින මධූගේ Giant Escape සයිකලයේ පැවති ස්පෝක් ගනන 28 කි. Bridgestone
X3 සයිකලයක් බර අධික වනවා සේම එහි ස්පෝක් ගනන 36 කි.මාගේ සයිකලයට වඩා මධූගේ සයිකලය එසේ කිලෝ 4 බර අඩු කිරීමට එහි නිෂ්පාදකයා කටයුතු කිරීමේදී ස්පෝක් කම්බි ගනනද අඩුකොට එම අඩුකල ස්පෝක් වල බරද ගනනය නොකලා යැයි කිසිවෙකුට හෝ ප්‍රකාශ කල හැකිද?
අන්තිම පිදුරු ගහ පටවන්නට මත්තෙන් යන්නෙමි බේරී!
“නිශාන් මල්ලි අහලා නැද්ද අන්තිම පිදුරු ගහ ඇති ඔටුවා මැරෙණ්ණ!” කියලා කතාවක් තියෙනවා.
“ඒවුනාට අයියේ මගදි ………………” ඔහුට
ඊට
හේතු
තිබුනි !
කෙසේහෝ
එදින
රත්රී 9.30 – 10.00 වන විට අප ගෙනයාමට නියමිතවූ සියලුදේ අපගේ පැනියර වල අසුරා සයිකල් තුනම සූදානම් කොට අවසන් විය. හැකි ඉක්මනින් නිවෙස් වලට ගාල් වන්නේ පසුදින උදෑසන හමුවන බලාපොරොත්තුවෙනි.අප ඉලක්ක කරගෙන සිටින්නේ
පසු දින උදෑසන 4.00 වන විට අපගේ ගමන පිටත් වීමටය! ජීවිතයේ
තවත්
එක්
අභියෝගයකට
මුහුණ
දීමට
හෙට
දිනයේ
නියමිතව
ඇත.යාපනයට සයිකලයකින් යාම මාගේ සිහිනයක් විය. ඔව් ඒක Bucket List එකේ කලක සිට තිබුනු ආශාවකි.ඔබ
මගේ 23 වන බ්ලොග් පෝස්ටුව වෙත ගොස් බලන්න.එය නම් කොට ඇත්තේ “එක දවසයි! සයිකල් දෙකයි!! කිලෝමීටර දෙසීයයි!!!”ලෙසය.එහි මුලින්ම දක්වා තිබුනේ;රත් පැහැ සැඳෑ නුබ පසුබිමේ පිහිටුවා ගත්;යාපාපටුනේ
උස්ව
වැඩුනු
තල්
රුප්පාවකට
වැටුනු
දිනය
නික්මයාමේ
අවසන්
කණිසමේ
සුන්දරත්වය
රැගත්
ඡායා
රූපයකි.එයට යටින් ලියා තැබුනේ සිතේ ගැඹුරුම තැනින් උපන් පද වැලක්! “යාපා පටුනට යන්නේ කවදද සයිකලයක් පැදලා ….” එම පද වැලයි.සත්තකින්ම
මේ හෙට
දිනයේ
ඉෂ්ඨ ශිද්ධ කර ගැනීමට දෑස් දල්වා බලා සිටින්නේ එම අපේක්ෂාවයි.ඔව්
මගේ
හදවතට
දුන්
පොරොන්දුව
ඒ
අකරයෙන්ම
සිදුවනු
මා
මගේ
දෑස් නොහෙලා
බලා
සිටින්නෙමි.
නිදි
යහනට
වැටී
කෙටි
වේලාවකින්
මා
නිදි
ලොවට
පිවිසුනෙමි.මධ්යසාර මිලී ලීටර 50 ක් ගත් සැනින් පවා එයින් සංතර්පණය
වී
එහි
පහස
විඳිය
හැකි ආකාරයෙන් නිර්මිත
සිරුරක්
උපතින්
මා
හට
උරුම
වී
ඇතිවා
සේම
මා
බෙහෙවින්
සතුටුවන
තවත්
එක්
ලැබීමකි මාගේ නින්ද!හෙට දිනය මොන තරම් අවිනිශ්චිත වුවද මා හට හොඳින් නිදි සුවය ලැබෙනු ඇත!
උදෑසන 4.00 වන විට අප සියල්ල නැවත එකතුවිය.ඉක්මනින්ම අප ගමනට සූදනම් විය.අපට ඉතිරිව තිබුනේ පාන් වල ජෑම් අතුරා
අහුරා ගැනීම. මද උනුසුම් ජලයේ ජීවනී දිය කොට
සකස් කර ගැනීම.එලියේ සිසිලසේ එතෙක් අප හා යාපනේ යන්නට දත කට මැදගෙන බලා සිටි
ආනමාළුවාව නොතැලෙන්න අසුරා ගැනීම වැනි සුලු කටයුතු කීපයක් පමණි.අවසන් සුවිශේෂී කටයුත්ත
ලෙස ඉතිරිව තිබුනු අදහන ආගමක් දහමක් සිහිකර
ගමන පිටත් වීමට අවශ්‍ය අධ්‍යාත්මික පසුබිම සකසා ගත් අප සයිකල් එතෙක් ගිමන් හරිමින්
තිබුනු ස්ථාන වලින් එළියට ගත්තෙමු.
අටවිසි බුදු වරුන් ගෙන් දුසිමක් පමන !
උදෑසන 4.15 වන විට සියල්ල සූදානම් වී තිබුනි. අප සිටින්නේ
බලාපොරොත්තුවූ වේලාවට විනාඩි 15 ක් පසුපසිනි. මාගේ බිරිඳත් දියණියත් අප යන මග බලන්නට අවදිව සිටියෝය.
The Good,the Bad and the Ugly
තිදෙනා සෙල්ෆියකට මුහුන පෙන්වා ගමනට පිටත් විය.මගේත් නිශාන්ගේත් හිස පැළඳි හා මධූගේ සයිකලයේ හැන්ඩ්ල් බාරයේ සවිකොට තිබූ විදුලි
ලාම්පුවෙන් නිකුත්වූ එළි; අපට සයිකල හසුරුවා ගැනීමට ප්‍රමාණවත් ආලොකයක් සැපයීය. මද
වේලාවකින් නිවසේ සිට දිවෙන රළු මග ගෙවා අප
නුවර පාරට පිළිපන්හ.ඒ වන විට නුවර කොළඹ ප්‍රධාන
මාර්ගය රථාකීර්ණ (ජනාකීර්ණ සේ රථාකීර්ණ) වී නොතිබුනි.එහෙත් සෑම විනඩි 10 කට වරක් දුර
ගමන් සේවා බස් රථයක් අපට ගොරවාගෙන පවන් සලමින් ඇදී ගියේය.අපගේ පා පැදි නුවර කොළඹ මහා මාර්ඝය සිප ගත්තේ කඩවත රම්මුතුගලිනි. එතැන් සිට අප පාරේ වම් පස අයිනට
වී පදින්නට විය. මාගේ වයස ගැන සලකා හෝ මා කණ්ඩායමේ
ඉදිරියෙන් පදිමින් විය. සයිකල් පදිනා විට ගීතයක් මිමිණීම මාගේ පුරුද්දකි.එමගින් කාන්සිය
මැකෙනවා සේම පැදීමේ රිද්මය ඒකකාරීව පවත්වා ගත හැකිවේ.එම ගීතයට අනුග්‍රහය දක්වන්නේ
ගමනට පෙර ඇසෙන රසාලිප්ත ගීතයක් හෝ අවදිවී ඒමේ අත හැරෙද්දී මතකයට එන ගීත කණ්ඩයකි.මෙදින
නිශන් හා මධුෂාන් සමග හරඹ කරමින් පිටත්වන මොහොතේ කිසිදු ගීත කණ්ඩයක් තබා වෙස්සන්තර
ජාතකේවත් සිතට ගලා ආවේ නැත!
එහෙත් ඉඳිගහමුල පහුකරණවාත් සමග මාර්ඝයේ වම් පස පිහිටි
තිස්ස ලී මඩුව අසන්නයේ ඇති මධුර
හෝටලය දිනයේ පලමු ගීතය සදහා අනුග්‍රහ දායකත්වය සැපයීය. ඒ මාර්ඝය ආසන්නයේ තබා ඇති කුඩා
කටවුට් එකකිනි.
“ප්‍රණීත ආහාර”…..!
එතනින්ම
මාගේ උදා ගී සංග්‍රහය ඇරඹිනි.
මී පැණි පරදන වොයිස් එක !
“ප්‍රනීත මී පැණි ගෙන ආවත් - විෂ රැඳි බඹර තුඩේ
….//”
මා ප්‍රියා සූරියසේනට මයික්‍රෆෝනය භාරදී සයිකලය පදින්නට
විය. මී පැණි හදවතට ඉතා ලඟ රසයකි. එසේම ප්‍රියාගේ මෙම ගීතයද ගමනට ඇවැසි රිද්මය මනාවට
සැපයීය.
බිඳින බිඳින තරමට සුවඳයි සුධවල සඳුන් ගසේ
පිසින පිසින තරමට ඉපදයි කඳුළැලි බිඳුණු ඇසේ
ප්‍රියා වේදිකාවෙන් බැසගියේ ගීත ගනනාවක්
ගායනා කිරීමෙන් පසුවය. ඒවනවිට අප යක්කල පසු කරමින් විය.
අපගේ කණ්ඩායම මා පෙලගස්වා තිබුනේ මධුෂාන් පසුපසටම වන්නටය. මන්ද අපගේ
කණ්ඩායමට නිශාන් අළුතෙන් එක්වී තිබුනු නිසාය.නිශාන් ගමනට එක්වී තිබුනේ DSI Bike ජර්සියකින් බව යාන්තමට වාගේ මට මතකය.ඊට අමතරව දනිස්
පොල්කටු ආවරණය වීමට Knee Gurd වල සිට අත් වැසුම්, Arm Guard , Elbow Guard, සපත්තු මේස් ආදී
එකී මෙකී නොකී සියල්ලෙන්ම සන්නාහ සන්නද්ධ වී සිටියෙය. මධුෂන් කියන්නේ; නිශාන් ෂුවර් එකටම
Ball Guard එකකුත් ඇඳ සිටින්නට ඇත කියාය. ඔහු වැටේදෝ බියෙන් මෙන් ආසනය හැකි පමන පහත්
කොට තිබුනි.ඔහු සයිකලය පැද්දේද යාන්ත්‍ර වාසිය වැඩි ලොකු ගියර වලය.මෙනිසා ඔහුගේ ගමන
මහත් මන්දගාමී විය! මා පදින්නේ මාගේ සුපුරුදු වේගයෙන්‍ය. ඊට වඩා වේගයෙන් පැද්ද ද අඩු
වේගයකින් පැද්ද ද මා වෙහෙස වේ.එය මට පමනක් අදාල ධර්මතාවයක් නොවේ. බොහෝ අය හට තමන්ට සුපුරුදු වේග රිද්මයක් ඇත.පිතිකරුවන්ට
සුපුරුදු පහර දීමේ රටාවක් ඇත. සනත් ජයසූරිය ආරක්ශකාරීව පන්දුවට පහර දීමට ගියහොත් සිදුවන්නේ
ඉතා සර්ථකලෙස අසාර්ථකවීමටය.
කෝ බං බෝලෙ!?
සයිකල් ධාවකයින්, මළල ක්‍රීඩකයින් වැනි අය තම පුහුණුව
තුල පවත්වාගෙන යන වේගය සේම ඔවුන්ගේ හෘද ස්පන්දන වේගය වැනි කාරණා මීට හේතුවේ.
සමහර පුද්ගලයින්ගේ හෘද ස්පන්දන සාපේක්ෂව අඩුය.එවැනි අය හොද දුර දුවන්නන් වේ. මන්ද
එම අඩු වේගය නිසා හෘදය වෙහෙස වීම අඩු බැවිනි.යක්කල ආසන්න
වන විට මාගේ සුපුරුදු වේගය විසින් මා කණ්ඩායමෙන් බොහෝ ඉදිරියට ගෙනැවිත් තිබුනි.තවත්
සුළු වේලාවකින් කණ්ඩායමේ පසුපසින්ම පැමිණි මධූ මා අසල විය.ඒ නෝක්කාඩුවක්ද සමගිනි.ඒ නිශාන්ගේ මන්ද
ගාමී බව පිළිබඳ ගතුව කියමින්‍ය.
“මෙහෙම ගිහිං කවද යාපනේ යන්නද ….?”
“හරි ඔයා පදින්න එයා එයි !”
මගේ කෙටි පිළිතුර;මධූ ද මා සමග එක්ව පැදීමට ඇවැසි අවසර
පදය විය.නිශාන් මීට කලකට පෙර කිලෝමීටර 70
වකට අධික දුරක පාපැදි ගමනක යෙදී තිබූ අයෙකි. එසේම ඔහු නිරණ්තරයෙන් පුහුණුවේ යෙදෙන්නෙක්
විය.එනිසා ඔහුට ඔහුගේ වේගය පවත්වා ගෙන එන්නට ඉඩදී අප ඉදිරියට පැද ආවෙමු.නිශාන්ගේ විදුලි
පහන් එළිය කෙමෙන් කෙමෙන් අපගේ දර්ශන පථයෙන්
අතුරුදහන් විය. නැවත මධුෂාන් තම වේගය අඩුකොට නිශාන් පිළිබඳව සොයා බැලීමට නතර වුනු අතර මා ඉදිරියටම මාගේ
සුපුරුදු වේගය පවත්වා ගෙන ආවෙමි. අපගේ ගමන් මගේ ප්‍රථම නවා තැනට මා ආසන්නයේය.තිහාරිය , බණ්ඩාරනායක සමාධිය
පසුකොට නිට්ටඹුව නගරයට මා තනිව සේන්දු උනේය.ඒ උදෑසන 5 පසුවී විනාඩි 36 ක් ගෙවෙද්දීය.ස්වල්ප
වේලාවකින් මධූ හා නිශාන්ද පැමිණියෝය.
අනිත් දෙදෙනා එන තුරු - රැඳෙමි මම නිරතුරු !
මෙහේ යන්නේ මෙහෙන්!
නිට්ටඹුවේ නගරයේ රෙදි කඩයක් ඉදිරියේ නැවතුනු අප ජලය මදක්
පානය කොට ගමනට එක්විමූ.එතැන් පටන් අප තරමක ගමන් වේගයක් පවත්වා ගනිමින් පැද ගියෙමු.ටිකින් ටික අඳුර මැකෙමින් තිබුනි.වේවල්දෙනිය හැරුනුවිට අපගේ ගමන අඩාල කරණ්නට සමත්
භූවිෂමතාවයක් හමුවූයේ වෙන්ඩෝල් නිෂ්පාදනාගාරය අසලදීය. ඉනපසු කුඩා කඳු හමුවුවද ඒවාට
මමත් මදුෂානුත් සාර්ථකව මුහුන දුන්නෙමු.
උදෑසන 6.31 වන විට අප වරකපොලට පැමිනියෙමු. හරියටම ඊට විනාඩි 7 කට පසු නිශාන් ද අපහා එක්විය!
අපි සංතෝසෙන් ඉන්නේ දුක ශෝකය නෑ දන්නේ...//
ඔව් මම හොඳින්! මෙතන වට්ටක්කා වැලක් තියෙනවා මලක් පිපුනු !
කටේ පාන් - අතේ ෆෝන් !
සන්නාහ සන්නධව විජිතපුර සටනට !
යන්නයි යන්නේ!
පිටවයන්නට මොහොතකට පෙර....!
පිටවයන්නට මොහොතකට පෙර....!
මාමෙ ඔය ගමනට තව එක දෙයක් අඩුයි. ඒ තමයි යූ ඇස් බී බල ප්‍රතිදාන තොටුවක් තියෙන සූරිය කෝෂ ලැලි කෑල්ලක්. ටෙලිපෝන්, කැමරා, ටෝච් එව්වා කොයිවත් ඉරදෙයියන්නෙ බලෙන් චාජ් කෙරියැකි ඒකෙං. විද්‍යුත් බොක්කෙං ඩොලර් දහයක් පාලොවකට ගෙන්නියැකි මං හිතන්නෙ. හැබැයි හොඳ එකක් ගන්න වෙයි. මං ගෙන්නපු එක බාලයි. සමහර පෝන් වලට ගැවෙන්නවත් මදි.
ReplyDeleteඇත්තමයි බුදු මල්ලියේ ඔය අටමගලක් ගන්න මගේ පපු කැනත්තේ සැහෙන කාලයක ඉඳන් බලා ඉන්නවා. කොටින්ම මම මහජන සම්පත ලොතරයියකුත් ගත්තා. කෝ ඉතින් ලක් එකේ හිලක් කොල්ලෝ!
Deleteඔය ආහාර වට්ටෝරුවත් දැනගත්ත එක හොඳයි.
ReplyDeleteසුරංග මම මේ හැමදේම ලියන්නේ "මම මේක කලා! උඹලට බෑ නේ හූ..හූ ....!"කියන්න නම් නෙවේ.
Deleteමේ මම කල හැමදේම උඹ අපි වගේ ඉතා සාමාන්ය මිනිහෙකුටත් කරණ්න පුළුවන්වීමට ඇවැසි සියළු තොරතුරු ගුරු මුෂ්ඨියකින් තොරව දැක්වීමටයි.
කියවාගෙන යන්න "ඇම්බුං" කෙහෙල් වලින් "ආනමාළු" වෙන් කර ගන්න තැන ඉඳන් බයිසිකලේ ගියර් මාරු කර ගන්න හැටි වෙන තුරු දන්න කියන සියළුදේම කියලා දෙනවා!
හූ කිව්වත් නැතත් මට නං ඔය වැඩේ සෑහෙන දුරයි. අර ආහාර වට්ටෝරුව අපේ ජීවිතේ පන ගැටගහගන්න ඕන වෙන වෙනිං තැං වලටත් එහෙම්මම දාගන්න පුළුවං නේද?
Deleteඑකෙන්ම! එහෙම හිතන්න එපා! ඕනම දුර ගමනක් පටන් ගන්නේ පලමු පියවරෙන්. කිලෝමීටර 100 ක් පදින එක ගැන කලබල වෙන්න එපා. ඔයාට කිලෝමීටර 20 ක් පදින්න පුළුවන්නම් මේක මහ ලොකු ගේමක් නම් නොවෙයි!
Deleteකිලෝමීටර් විස්සක්? හත්තිකේ මේ කඳු ටිකේ? මාව මැරෙයි හුලං වැදිලම.
Deleteඅහලා නැද්ද වික්ටර් හියුගෝ කියලා තියෙනවා මිනිසාට නැත්තේ ශක්තිය නොව ආත්ම ශක්තිය කියලා!
DeleteEvery teacher once was a student
ReplyDeleteEvery winner once was a loser
Every expert once was a beginner
But all of them have crossed the bridge called "LEARNING"
Dr. Abdul Kalam
This comment has been removed by the author.
ReplyDeleteComing together is beginning.....
DeleteKeeping together is progress.....
Working together is success......!
Henry Ford
Better you share more experience. Don't stop from Wewaldeniya. You all are good challenge takers. Interesting to read rest of the journey. At least till go to Jaffna.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteරංගික / රංගිකා,
Deleteමගේ බ්ලොග් එක සිසාරා බැලුවහොත් ඔබට තේරේවි මම මා අත්දුටු හොඳ-නරක, සතුටු-අසතුටු,
බලාපොරොත්තුවූ-නොවූ ,සෑම සියළු දේ ලියා තියෙනවා මා කල හැම ඇක්ටිවිටි එකකම.
අර මම මීට උඩින් සුරංගට කිව්වා වාගේ "ආනමාළු" කෙසෙල් "ඇම්බුං" වලින් වෙන් කර ගන්නා ආකාරයත් ලියවෙනවා ඉදිරියට!
මම දන්න නොදන්න හැම දේම හැකි පමන නිවැරදිව ලියා තබනවා තවත් අයෙකුට අත් වැලක් වන්නට.
මීට පෙරත් මම කිහිප වරක් මා ලියා තියෙනවා මේ ඕනම දෙයක් තමන්ගේ දෙයක් විදියට ඕනෑම මාධ්යයකින් විකෘතියකින් තොරව ලියන්න පල කරණ්නට ඕනෑම අයෙකුට අවසරය තියෙනවා!! මන්ද මට ඇවැසි මේ දේවල් සාමාන්ය ඔබ මම වැනි මිනිසුන්ට "කල නොහැකි දේවල්" කුලකයෙන් ඉවතට ඇද දමන්නට!
ස්තූතියි!
හරිම අපූරුයි අයියේ... අර ආහාර වටිටෝරුව හරිම වැදගත්. අපිත් ගමනක් යනකොට අනිවාර්යයෙන් අරං යනවා රටඉඳියි, ෆාමසියෙන් ගන්න සුක්‍රෝස් බෝතලුයි. වතුරට ජීවනී දාලා ගෙනියන එක ඊළඟ පාර අත්හදා බලන්ට ඕනෑ... වඩා හොඳ ඇම්බුංද ආනමාළුද?
ReplyDeleteආයේ කථා දෙකක් නෑ "ආනමාළු" ! "ආනමාළු"!! "ආනමාළු"!!!
Deleteලබන පාර මාවත් ඇන්න යන්න
ReplyDeleteලක්මල්,
Deleteජුනි 20 ත් ජුලි 30 ත් අතර දින 40 ඇතුලත සයික්ලින් ටුවර්ස් දෙකක් ප්ලෑන් කරල තියෙනවා. ඉන් එකක් අනිවාර්යයෙන්ම කරණවා.
ඒක හක්බෙල්ලාවක සිට නුවර එළියට.
කිලෝ මීටර 88 ක් A7 පාර දිගේ. A7 පාර ඇරඹෙන්නේ අවිස්සාවීල්ලේ සිට නුවර එළියට. හක්බෙල්ලාවක තියෙන්නේ 26 කිලෝමීටර කණුව ආසන්නයෙ. මෙම ගමනේ පලමු කිලෝමීටර 10 ඒකියන්නේ කිතුල් ගලට යනතුරු සුළු නැග්මක් පමනයි දක්නට ලැබෙන්නේ. එතැන් සිට හැටන් දක්වා එක දිගට නැග්මක් තියෙන්නේ. ඒ අතරෙ බෑවුම් දෙකක් හමුවනවා වටවල නගරයට පිවිසෙන්නට පලමුවෙන් හා හැටන් නගරයට මොහොතකට පෙර හමුවන පරසිදු උණ පඳුර පාමුල නිවීයන.
මට ලක්මල් හැටන් එකෙන් එහාට පාර මතක නෑ මොකද මමත් එතනින් එහාට පැද නොමැත් බැවින්.
ඉඳුරාම කියන්න පුළුවන් හැටන් වෙනතුරු කිතුල්ගල සිට කිලෝමීටර 36 ක් එකම නැග්මක්! එනවානම් පොඩ්ඩක් දැන්ම සිට පදින්න ඕනෑ. පෙරහුරුවක් ලෙස!
ස්තූතියි!
මේ පෝස්ට් එකේ වැදගත්ම දේ තමයි අර කෑම වට්ටෝරුව. අපේ වැඩි හරියක් කරන්නෙ මෙලෝ සිහියක් නැතුව කාගෙන කාගෙන යන එකනෙ.
ReplyDeleteනවතින්නැතුව පදිමු.
ස්තූතියි! මේ ලියන්නේ මාස පහක් ඉක්ම ගිය මතකයක්. ඇත්තටම මින් ඉදිටියට ලියන්න තියෙන්නේ අර ඇම්ඩා "ට්‍රැක්ටරයක් කතා කරයි " රචනාව ලිව්ව හැටි දන්නවා නේද? "ට්‍රර්‍රර් ටකටක ට්‍රර්‍රර්‍ර ටක ටක ටක ට්‍රර්‍රර්‍රර් ටකටක.........."
Deleteආන්න ඒ වගේ "පැද්දා..පැද්දා..පැද්දා..පැද්දා..පැද්දා..පැද්දා..පැද්දා..!"කියලම තමයි!
හරි ලියමු ලියමු !!!
ස්තූතියි!
++++++++++
ReplyDelete! ! ! ! ! ! !
Deleteඕට්ස් ආහාරයට ගැනීමට විශේෂ හේතුවක් තිබේද?..මා විමසන්නේ මෙවැනි වෙහෙසකර ගමනකදී එහි ඇති විශේෂය ගැනයි
ReplyDeleteඕට්ස් වල ඇති සුවිශේෂි ලක්ශණය වන්නේ එහි ගබඩා වී ඇති ශක්තිය රුධිරයට එක්වන්නේ ක්‍රමක්‍රමයෙන් වීමය! ග්ලුකෝස් අහුරක් කටේ දාගත් පසු මෙන් එය එකවර සිරුරට එක් නොවේ. මෙවන් ගමනකදී ඇවැසි වන්නේ එකවර ශක්තිය මුදාහැරීමක් වන ආහාර නොව මෙසේ සෙමෙන් සෙමෙන් අවශ්යතාවයට අනුව ප්‍රථිධානයවන ශක්ති සංඝටකයන්ය!
Deleteතවත් දෙයක් කුඩා ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් කුසට ප්‍රමාණවත්වීම , ගෙනයාමේ පහසුව , පාර අයිනේ තේ කඩයකින් ස්ට්‍රොං තේ එකක්ගෙන එහි දමා තලපයක් සාදා ගෙන වේල පිරිමසා ගැනීමට හැකිවීම තවත් අතුරු ලාභ විදියට පෙන්වා දෙන්න පුළුවන්!
Deletethank you!
DeleteWhen the spirits are low, when the day appears dark, when work becomes monotonous, when hope hardly seems worth having, just mount a bicycle and go out for a spin down the road, without thought on anything but the ride you are taking.”
ReplyDelete- Arthur Conan Doyle, Scientific American, 1896
“Nothing compares to getting your heart rate up to 170-something, riding hard for an hour-twenty, getting off and not hurting, as opposed to 24 minutes of running, at the end of which I hurt. When you ride a bike and you get your heart rate up and you’re out, after 30 or 40 minutes your mind tends to expand; it tends to relax.”
- Former President George ‘Dubya’ Bush, May 2004
Thanks Pra-Jay! Thanks!!
Deleteජීීවනීී කේස් එක මීීීීලග හයික් එකේදිීී ට්‍රයි කරමි.
ReplyDeleteසාමාන්‍ය වේගයට එන්න අමාරු සාමාජිකයෙක් ඉන්න එක එක වේලාවකට කරදරයක් වගෙත් දැනෙනව. ඕකම අනිත් පැත්තටත් වනෙඅවස්ථථා නැතුවාම නොවේ.
කියවගෙන යමුකො මද්දෝ
Deleteස්තූතියි!
ඉතාම ආසාවෙන් මේ ලිපිය කියෙව්වා. හොඳ හොඳ කතා තව දුර යනකොට කියවන්න ලැබෙන බව විස්වාසයි. අර ඇල්කොහොල් 50ml කතාව නම් එච්චර හොඳ එකක් නොවේ. ඇල්කොහොල් 37.5% (සාමාන්‍යයෙන්)වන බෝතලේක තියෙන්නේ 700ml කියා සැලකුවාම ආසන්න වශයෙන් බෝතලයෙන් 1/5 ක ප්‍රමාණයේ නේද ඇල්කොහොල් 50ml අඩංගු වෙන්නේ ?? කොටින්ම ඔය නොකියා කියන්නේ කාලක් විතර ගැහුවා කියලද??
ReplyDeleteමීට පෙර දැමු ප්‍රතිචාරයකදී ඔබතුමා මට බ්ලොගක් ලියන්න කරපු ආරාධනය මම දැක්කේ පහුවෙලායි. ඒ නිසයි ඒකට ස්තුති කරන්නවත් පිළිතුරක් නොදැම්මේ.
අනේ නෑ සෑම් මහත්තයා. 750/50=15. ඒකියන්නේ බෝතලෙන් 15 න් එකක් බිව්වත් අනේ
Deleteමට ශෝක් එකට දැනෙනවා!
ඉතින් පටන් ගමුකො බ්ලොග් එකක්! ඔන්න පලවෙනි කමෙන්ට් එක මගේ ගානෙ!
එල එල පැදගෙනම යමු එහෙනම්......
ReplyDeleteස්තූතියි! එන්න අපිත් එක්කම යමු කයියක් ගහගෙන!!
Deleteදිග කමෙන්ට් එකකට වෙලාව මදි...
ReplyDeleteඑළ එළ ඔහොම දිගටම පදිමු...
නිකං ඉන්න මට අහල ගියත් මදෑ?!
ReplyDeleteමේ ඉන්න ඔටුවගෙ රටේ හැම තැනම බයිසිකල් පදින්න බැහැ, පාරෙ වාහන අරං යන් ඔටුවෝ සහ හරක් නිසා එහෙම ගියොත් ගෙදර එන එක ෂුවර් කරන්නත් අමාරුයි ... බයිසිකල් පදින්නම ඕන නම් ඕෆ් රෝඩ් හරි සයිකල් ට්‍රැක් එකක් හරි හොයාගෙන යන්නම ඕන.
ReplyDeleteඒ නිසා කොයිතරම් අමාරුවෙන් හරි බයන්න සිකල් ලයන්නක් ගන්න එක අමතක කරල ඉන්නව :(