Tuesday, September 19, 2017

50. පොලීසියේ මහතෙකු ගැන කථාවක්....!





මහතා උපන්නේ හිනිඳුම් පත්තුවේය.
ගමේ ඉස්කෝලෙන් මහින්දයට ආවේය.
 විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු රස්සාව සොයා ගත්තේ පොලීසියෙනි .

ඔහු කිසි දිනෙක මත්පැන කටේ නොතිබ්බේය.
සිගරැට් නොබිව්වේය.
ගෑනුන් හඹා නොගියේය.
පගා නොගැසුවේය.
කොටින්ම පොලිසියේ හිටියාට “පොලිස් කාරයෙකු ” නොවීය.
ඒනිසාම දේසපාලුවන් අතර ජනප්‍රිය චරිථයක් නොවීය.

භීෂන සමයයන් දෙකකදීම ඔහු පොලිසියේ විවිධ කොට්ඨාශයන් හට නායකත්වය ගෙන දුනි.

කිසිදු දිනෙක හේ තම දැත්වල ලේ තවරා නොගත්තේය.


හොර ඡන්ද දමන්නට ඉඩ නොදුන්  තැන හිටපු අධ්‍යාපන ඇමතියා මහතාට රෙද්ද උස්සා පෙන්වීය.
මේ ඇමතියා පාටියකදී සූර් වී හෝටලයේ තඨාකයට දෙනෝ දාහක් ඉදිරියේ සුළු දිය පහකල ප්‍රින්සිපොල්මය!
පෙන්වූවාට දකින්නට තරම් දෙයක් එහි නොවන්නට ඇත.

ඔහුට පොලිස්පති කම ලබාදී පොලිසියට ලබාගන්නට තිබූ ගෞරවය ට පොලීසිය පයින් ගැසුවේය.

හොරඡන්දයක් වත් දාගන්න ඉඩක් නොතබන එකෙකු පොලිස්පති කරණ්නට තරම් දේසපාලුවෝ බූරුවන් නොවෙති.
මහතාට ඒවා බැරි වුවද ; පුළුවන් එව්වෝ පොලිසියේ ඕනෑතරම්‍ය.

මහතා සියල්ල අළුයම ලූ කෙළ පිඩක්සේ ඉවතදමා විශ්‍රාම ගියේය.
සියළු දරු මුණුපුරු මිණිපිරියන් මැද විශ්‍රාම සුවයෙන් හේ විසීය.
හේ මීට මස ගනනාවකට පෙර තම චරිතාපදානය එළි දැක්වීය.
නමින් එය "අන්න ඒකයි හරි!" විය.
එදින ඔහු නොසිතූ තරම් පිරිසක් එයට සහභාගී වූහ.
එය  දේසපාලුවන්ගෙන් තොර චාම් උත්සවයකි.

 පසුගිය මාසයේ හදිසියේ ඔහු මලේය

අවමංගල සභාවේ තබා මල ගෙයි හතර මායිමේ දේස පාලුවෙකු නොවීය.
පැරණිවී අවලංගුවූ පලාතේ මංතිරියකු ආවායැයි ; තබා තිබුනු පොතේ වූ සටහනෙන් කියැවේ.

මලගෙදර කතා කල හාමුදුරුවන්  කෙනෙකුද නිළධරුවකුද ඉකි ගැසීය .
බොහෝ හාමුදුරුවන් අතර ඉකිගැසූ කෙනා සොයා ගැනීමට අපොහොසත් වුනෙමි.
නිළධරයාගේ  නම නම් මතකය

ඒ   පූජිත ජයසුන්දර නම් වූ   අයෙකි!

මැරුනු මිනිසෙකු ගැන මැරෙන මිනිසෙකුගේ සටහනක්!



මිනිසෙකුගේ නික්ම යාම!

53 comments:

  1. මේ වගේ නිළ දරුවන් ගැන අහන්න ලැබුනත් හිතට ලොකු සතුටක්. ඒ වගේ උතුම් මිනිසෙක් ගැන ලිවීමට ඔබට සිතීමත් එම තැනැත්තාට කරන ලොකුම ගෞරවයක්. ඔහු මෙලොව නැතත් අපේ ගෞරවය ඔහුට පුදකරමු. ජයවේවා.

    ReplyDelete
  2. මේ වගේ නිළ දරුවන් ගැන අහන්න ලැබුනත් හිතට ලොකු සතුටක්. ඒ වගේ උතුම් මිනිසෙක් ගැන ලිවීමට ඔබට සිතීමත් එම තැනැත්තාට කරන ලොකුම ගෞරවයක්. ඔහු මෙලොව නැතත් අපේ ගෞරවය ඔහුට පුදකරමු. ජයවේවා.

    ReplyDelete
  3. බොහොමත්ම ස්තූතියි ඉරෝමානි. ඒ මහතා සැබවින්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක්. මහත්මා ගති ඇති කෙනෙක්!

    ReplyDelete
  4. අපේ දුරින් නෑදෑ වෙන සීයා කෙනෙක්

    ReplyDelete
    Replies
    1. සීයා ගැන කියන්න දෙයක් නැද්ද මුණුබුරෝ?

      Delete
  5. මේ සටහන නියමයි ...
    ලේ අවුට් එකත් මේකටම ගැලපෙනව ...
    කලින් පෝස්ට් එකට කමෙන්ට් එකක් නොදාන්න හිතා ගත්තා ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! හදගෙන යමු! ඒක නෙවේ මේ පොලිස් මහත්තයා ගැන දන්නවද ?

      Delete
  6. හූම් ගාන්නෙ කොයි එකටද තඩි මල්ලියේ?

    ReplyDelete
  7. මැරෙනකල් බලා ඉඳලා ඊට පස්සේ ගුණ වැයීම අකමැති උනත් මෙහෙම චරිතයක් සිටිය බව දැනගත්ත එක හොඳයි.

    මම කැමති නැහැ පොලිසියේ ඉන්නේ ජරා මිනිස්සු කියලා 'විස්වාස' කරන්න.

    ReplyDelete
    Replies
    1. ලිඛිතා මිනිස්සු ගැන දැන ගෙන හිටියේ ලඟින්ම ඇසුරු කල අය විතරයි.
      බොන්න කන්න නොයන නිසාම ඇසුරුකලේ සීමිත වැදගත් පිරිසක්!
      ඒ නිසා ප්‍රසිද්ධිය අඩුයි.
      මම මීට කලින් වතාවක් කියලාතියෙනව සමාජගත වැරදි මත කිහිපයක් ගැන.
      ඒ වගේ තවත් එකක් තමයි "බොන එකාගෙ පපුව හොඳයි!" හෝ එහි විලෝමය වන
      "නොබොන එකාගෙ පපුව හොඳ නෑ!" කියන එක.
      මේවා බොහෝ කාලයක සිට සමාජ ගත්වී ඇති බොරු!
      බෝධි මහතා ආකල්පමය වශයෙන් වගේම භෞතික වශයෙනුත් හොඳ පපුවක් තිබුනු කෙනෙක්.
      ඔහුට විශ්ව විද්යාලයේ පට බැඳී තිබුනු නම "ජොල්ලා"!
      මම හිතන්නේ ඒ තරම්ම ජොලි පොරක් වෙන්න ඇති ඒ කාලෙ!
      බොන තැන් ඇලජික් වුනු කෙනෙක් නෙවේ ඔහු!
      හැබැයි යාළුවො අතර ඉමහත් ප්‍රසිද්ධියක් තිබුනා බොන තැනක හිටියොත් බයිට් ටික කාලා ඉවර කරණවා කියලා!!!
      එයා කැමතිම සිංදුවකුත් තිබුනා. මොකද්ද දන්නවද?

      "දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා....!!"

      Delete
    2. // "බොන එකාගෙ පපුව හොඳයි!" හෝ එහි විලෝමය වන
      "නොබොන එකාගෙ පපුව හොඳ නෑ!" කියන එක.

      //

      අත්දෙකම ඔසවා අනුමත කරමි. මෙය මිත්‍යාවක් බව ප්‍රසිද්ධියේ පිළිගත් පළමු බ්ලොග් ලියන එකා ඔබ වෙන්න ඇති. පපුවේ හොඳකම ගැන නම් වෙච්ච සහ උන දේවල් වලින් මොනවට පැහැදිලි වී ඇත.

      Delete
    3. ස්තූතියි! හැබැයි මම හොඳට බොන එකෙක්! මගේ පපුව ගැන සුපිරියටම දන්නෙ දොස්තර ටානියා පෙරේරා! ස්තූතියි! හැබැයි මම හොඳට බොන එකෙක්! මගේ පපුව ගැන සුපිරියටම දන්නෙ දොස්තර ටානියා පෙරේරා! එයා තමයි මගේ පපුවට ස්ටෙන්ට් තුනක්ම රිංගෙව්වෙ මීට අවුරුද්ද්කට හමාරකට කලින්!

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. ඉහත මා "වැදගත්" යන වචනය භාවිතා කොට ඇති අතර එම වචනය මාවිසින්ම මෙසේ නිර්වචනය කරමි
      වර්ෂ 1948 දී කොළඹ , පළමු වැනි මරදානේ , නො: 49 ස්ථානයේ , ධර්මසමය යන්ත්‍රාලයෙන් මුද්‍රණය කොට ප්‍රසිද්ධ කිරීමට යෙදුනු ; ශස්ත්‍රාචාර්ය , අධිනීතීඥ බී ඒ ,පී එච් ඩී උපාධිධාරී ඒ පී ද සොයිසා මහතා විසින් සම්පාදිත "ධර්ම සමය - සිංහල ශබ්ද කෝෂයේ 1656 පිටුවේ "වැදගත්" යනනට දී ඇති තේරුම් වන්නෙ "සැලකියයුතු" ,"Important" ,"Respectable" යන වචනයන්ය.

      මෙම "Important"යන වචනයට ගුණසේන - මලලසේකර ශබ්දකෝෂයේ දී ඇති තේරුම වන්නේ "වැදගත්" ," බරපතල" ," බලගතු" "බලසම්පන්න" යන්නය.

      මාගේ පිළිතුර තුල මා "වැදගත්" යන වචනය යෙදූයේ මින් "සැලකිය යුතු" කියන අදහස නිර්මිත් වෙන පරිදිය. ඕනෑම ජන සමාජයක් තුල සිටින බහුතර සමාජ විරෝධීන් අත් හල විට අන් සියළු දෙන මේ "සැලකිය යුතු" ඝනයට ඇතුළු වේ. මෙහිදී ආර්ථික තත්වය , සමාජ තත්වය , හෝ වෙනත් උස්මිටිකම් සලකා බලා නැත! ඔහු විසූ කටුගස්තොට කහගල්ලේ සාමාන්ය මිනිසුන් මීට සාක්ෂි දරණවා ඇත!

      Delete
  8. හොඳ සටහනක්. පොලීසිය පොලිෂ් කරන්න පුලුවන් මේ වගේ අයට තමයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ හැටි දන්නවානේ. දඩයම් බල්ලො ගැටගහලා හදනවා ; ඒ හින්දා උන්ට දඩයම් කරණ්න බෑ! ලෙහලා ඉන්න බල්ලන් දඩයම් කරන්නෙ නෑ උන්ට ඕනෙ කමක් නෑ!
      ඒවගේ වැඩක් කරණ්න පුළුවන් එවුන්ට බලය නෑ. බලය තියෙන එවුන්ට වැඩ කරණ්න ඕනෙ කමක් නෑ!

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  9. ⁣සංකෂිප්තව නමුත් සියල්ල අන්තර්ගත ව මගේ පියාණන් පිළිබඳ ව කරන ලද සත්‍යයවාදී සටහනට මගේ ස්තුතිය!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි මහත්මියනි!
      ඔබට හැකි අවස්ථාවක එතුමා පිළිබඳ මතකය මෙය තුල අවදි කරණ්න.
      මන්ද ගමක ඉපිද රටටකට නායකත්වය දෙන්නට සුදුසුකම් ඇති මිනිසෙකු දිනකින් දෙකකින් ගොඩ නැං වෙන්නේ නැත. එවන් මිනිසකුගේ ගමන් මග අසන්නට දකින්නට කියවන්නට කුහුලෙන් යුතුව බලා සිටින පිරිසක් වෙති.
      ස්තූතියි නැවතත්!

      Delete
    2. දිනෙති ලියනගේට බැරියැයි අප්පුච්චා ගැන ලියන්න බ්ලොග් එකක් පටංගන්න. අර විචාරක මාමෑ දෝනියැන්දත් ලියාගෙන යන්නෙ අපූරුවට එකක්.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
  10. ලංකාවෙ පොලිසියේනම් වෙන්න බෑ

    ReplyDelete
    Replies
    1. ඔව් මද්දො මුන්නැහැගැන හොයලා බලන්නකො! ලංකාවෙ මදන්නා පරිදි ජරාව නොකාපු එකම පොලිස් නිළධරයා වෙන්න ඕනෙ. උඹලත් හොයලා බලපලකො මල්ලි!

      Delete
    2. ඒ කියන්නේ ඔය ඇඬුවා කියන් එක්කේනාත් කැවද? කව ඔය ඇඬුවා කිකිව එක්කෙනාට කලින් හිටපු කෙනාත් ඔය වගේමද?

      Delete
    3. ඔය ජරාව කියන එක මුදල්ම වෙන්න ඕනෙ නැහැනෙ! නේද මල්ලි?

      Delete
  11. මෙහෙම මිනිස්සු අනන්තවත් පොලිසියේ ඉන්නවා. කරුමෙ කියන්නේ වයසට ගියත් උන් තාමත් පීසීලා.

    ReplyDelete
    Replies
    1. බෝධි ගේ "අන්න ඒකයි හරි" පොතේ පිදුම ලියා තිබුනේ මෙන්න මේ විදියට.

      අත්පත් කිරීම

      "පොලිස් දෙපාර්තමේන්තුව තුළ
      තවමත් අනේක විඳි දුක්ඛ දොඅමනස්ස අනුභව කරමින් වුවද ,
      පොලිසියේ හොඳ නම ආරක්ෂා කරන්නට කැපවුනු , කැපවෙන
      සියලුම තරාතිරම්වල පොලිස් නිලධාරීන්ට හා
      පොලිස් දෙපාර්තමේන්තුවට......

      එමෙන්ම ,
      මේ ආ ගමන් මගේදී
      විටෙන් විට මා මුහුණදුන් අනවරත ගැටලු මෙන්ම ජයග්‍රහණයන්ද
      එකසේ බෙදා හදාගත්
      මගේ ආදරණීය බිරිඳ රංජනීට හා මගේ දියණිවරුන්වූ දිනිතිට හා චාරුට"

      යනුවෙන්.
      අර ඔබ ලියා ඇති පී සීලා ගැන වෙන්නඇති මුන්නැහැ මේ කියලා ඇත්තේ!

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  12. හිස නමා ඔහුට ආචාර කරනවා...

    ReplyDelete
  13. I respect him.
    Thank you for your comment.

    ReplyDelete
  14. ඇසුරුකලේ සීමිත වැදගත් පිරිසක්
    can u pls explain this "වැදගත්"
    what is the criteria on this

    ReplyDelete
    Replies
    1. ඉහත මා "වැදගත්" යන වචනය භාවිතා කොට ඇති අතර එම වචනය මාවිසින්ම මෙසේ නිර්වචනය කරමි
      වර්ෂ 1948 දී කොළඹ , පළමු වැනි මරදානේ , නො: 49 ස්ථානයේ , ධර්මසමය යන්ත්‍රාලයෙන් මුද්‍රණය කොට ප්‍රසිද්ධ කිරීමට යෙදුනු ; ශස්ත්‍රාචාර්ය , අධිනීතීඥ බී ඒ ,පී එච් ඩී උපාධිධාරී ඒ පී ද සොයිසා මහතා විසින් සම්පාදිත "ධර්ම සමය - සිංහල ශබ්ද කෝෂයේ 1656 පිටුවේ "වැදගත්" යනනට දී ඇති තේරුම් වන්නෙ "සැලකියයුතු" ,"Important" ,"Respectable" යන වචනයන්ය.

      මෙම "Important"යන වචනයට ගුණසේන - මලලසේකර ශබ්දකෝෂයේ දී ඇති තේරුම වන්නේ "වැදගත්" ," බරපතල" ," බලගතු" "බලසම්පන්න" යන්නය.

      මාගේ පිළිතුර තුල මා "වැදගත්" යන වචනය යෙදූයේ මින් "සැලකිය යුතු" කියන අදහස නිර්මිත් වෙන පරිදිය. ඕනෑම ජන සමාජයක් තුල සිටින බහුතර සමාජ විරෝධීන් අත් හල විට අන් සියළු දෙන මේ "සැලකිය යුතු" ඝනයට ඇතුළු වේ. මෙහිදී ආර්ථික තත්වය , සමාජ තත්වය , හෝ වෙනත් උස්මිටිකම් සලකා බලා නැත! ඔහු විසූ කටුගස්තොට කහගල්ලේ සාමාන්ය මිනිසුන් මීට සාක්ෂි දරණවා ඇත!

      Delete
  15. further to above & just for your info
    my farther was a retired police inspector & he hanged him self in last year because he want to be his wife (my mother has passed away about 2 years ago)\
    so pls don't tell me about how sensitive of the people in police

    ReplyDelete
  16. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ඔබ තුමාගේ නිර්මාණශීලී කොමෙන්ටුව ඉවත් කිරීමට සිදුවීම පිළිබඳව මගේ බලවත් කණගාටුව පිළිගන්න. ඉදිරියේ ශ්‍රී ලංකා පොලීසිය පිළිබඳව විවෘථව මා කතා කරමි. එයට ඔබගේ කොමෙන්ටුව නැවත පල කරණ මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි!

      Delete
  17. නියමයි අයියේ... ඒත් මේ ලිපිය එතුමාගේ දැසට පෙනෙන කාලෙක ලියවුනා නම් කියලා හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම ඒ ගැන මමත් දුක් වෙනවා. එතුමගෙ පොත එළියට දාපු දවසෙයි , එතුමගෙ මළ ගෙදරදියි තමයි මට එතුමා ගැන වඩාත්ම වැටහුනේ! ස්තූතියි!

      Delete
  18. අඬන්ඩ ඕන වෙලාවෙදි අඬන්නේ නැති මිනිස්සු ඒ මනුස්සය මැරුණහම අඩලා වැඩක් නෑනේ නිකන් බොරු සෝබනය ක්
    ඔහු අදහන දහමට අනුව පැතූ තැනකට යන්න ලැබේවා

    ReplyDelete
    Replies
    1. උං හිතුවා මෙයා මුංගෙ එකෙක් කියලා.
      මුං හිතුවා මෙයා උංගෙ එකෙක් කියලා.
      අන්තිමට උනුත් මෙයාව අතහැරියා. මුනුත් අත හැරියා.
      මිනිස්සු විතරක් හිතුවා මෙයා අපේ කෙනෙක් කියලා.
      ස්තූතියි!
      පුළුවන් උනොත් "අන්න ඒකයි හරි !" අරන් කියවන්න.

      Delete
  19. මේ මහත්තමයා නේද පොදු පෙරමුණ 1994 දී ආපු අළුත කොළඹ බාරව ආවහාම පස්සේ තමුසෙව යාපනයට මාරු කරනවා කිව්වහාම කමක නැහැ. කළින් හිටියෙත් එහේ තමයි කිව්වේ. පොලිස්ය බල්ලට ගිහින් නැහැ සමඑහර විට බ‍ල්ල‍ෝ පොලිසියට බැඳිලාද දන්නේ නැහැ කිව්වේ

    ReplyDelete
    Replies
    1. 1994 චන්ඩ්‍රිකා බලයට පැමිනීමත් සමගම රාජගුරු මහතා පොලිස්පති වේ. ඔහු බෝධි සමග තිබුනු "මිත්‍රත්වයේ" ප්‍රථිඵලයක් ලෙස තවත් නියූජ්ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු සිටියදී ඔහුටද මඩකලපුවට යාමට සිදුවෙයි.ඊට අමතරව මේ සිද්ධිය පිළිබඳව මාතුල නිවැරදි වැටහීමක් නෑ. ස්තූතියි!

      Delete
    2. ඊටත් පස්සේ ආවේ සිරාම පොරක්නේ? උතුරේ යන්න බැහැයි කියලා සේවය අතහැර ගියා කෙනා පොලොස්පති උනේ මිනිහා හරි ලකි හිනිදා වෙන්න ඇති. ජීවිත කාලේම පොලොස්පති උනා ‍නෙව.

      Delete
    3. කිසිම නීතියක් නොමැති රටක නීතිය වන්නේ අවනීතියය!
      විරුවන් නොමැති රටක සුරුවන් වන්නේ කයිවාරු කරුවන්ය!!
      මේවා දියුණු රටවල , නොදියුණු රටක හෝ දියුණු වෙමින් පවතින රටවල දක්නට නොලැබේ.
      මේවා කිසිදු දිනෙක දියුණු කල නොහැකි රටවල දක්නට ලැබෙන ලක්ෂනයන්ය!

      Delete
  20. වන සිව්පාවුන් වැනි පොලිසිය මැද
    දෙවි දේවතාවුන් වැනි "බෝදි" ලා ඇත.

    ප ලි : අය්යා පුජිත ජයසුන්දර කිව්වේ අර නීතිය නාවලා ,ලිෆ්ට් එකේ ඔපරෙටර්ට කණට ගහන්න ගිය කෙනා නෙවෙයි නේද ? මොකද පොලිසියේත් එක නම තියෙන ඕනේ තරම් ඉන්නවනේ ...

    ReplyDelete
    Replies
    1. හරියටම හරි උන්නැහැම නේද පොලිස්පති !

      Delete
  21. සැලියුට්! මගේ අල්ලපු සීට් එකේ හිටපු පොලිස් අධිකාරිවරයා එක්කත් මං ඔහු ගැන කතාවෙලා තියෙනවා.. a rare gem!

    ReplyDelete
    Replies
    1. ඔබගේ කොමෙන්ටුව මාගේ ලිපියට මහත්වූ හරසරකි!
      එම වදන්වල ගැබ්වී ඇති ගරුත්වය මිය ගිය ඔහුටත් ජීවත්ව සිටින ඔහුගේ පවුලේ අයටත් හිමිවනු ඇත! ස්තූතියි අතිශයින්ම!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...