Wednesday, August 30, 2017

47. වාහන මිළදී ගන්නන් වෙත 2


තට්ටයා හෙට අනිද්දා ගන්නට යන රථය

අපිට වාගේම වාහන වලටද උප්පැන්නයක් ඇත .
 ඒකට කියන්නේ “පොත” කියලය. 
මුල්කලේ තිබුනේ ඇත්තටම පොතකි . 
ඊටපස්සේ කොම්පුටර්  ලොකු කොලේය. 

ඉස්සර ලොකු කොලේ නම් දැන් තියෙන්නේ මොන කොලේද කියලා ඔනෑ එකෙකුට තේරුම් ගියත් “දැං තියෙන්නේ පොඩි කොලේ” කියා විහිළුවට වාගේ කියන්නේ හිතේ සතුටටය. 

පොතේ මගඩි වැඩි නිසා ලොකු කොලේත් , ඊටත්  පහු වෙනකොට පොඩි කොම්පූටර් කොලයක්ද   RMV එකෙන් දී ඇත.

ශ්‍රී ලංකවේ සියළුම රථ වාහන වලට අධිගෘහිත දෙවියන්ගේ පූජා භූමිය හා දේවාලය


කොම්පූටර් පොඩි කොලේ

දැං ඒහින්දා හොර මැරකං වෙන්නෙ නැතිව ඇති නේද ? කියලා කට තියාගෙන ඉන්න බැරි කමට අහන්න ඕනේ එකෙකුට හිතෙනවාය

මට අහන්නට ඇත්තේ “ආයුබොවංඩ ලංකාවේ නොවේද? කියලාය  !

මේ උප්පැන්නේ
කාරණා කරණා කිහිපයක් ඇත
1 ලියා පදිංච් අංකය - ඔව් ඔව් වහනේ නොම්මරේ තමයිය!

කාගෙ කාගෙ නොම්බර!

වැඩේ පටන් ගන්න තියෙන්නේ ඔන්න ඔතනින්‍ . 
තමන් වාහනයක් ගන්නට ගියතැන මේ වාහනේ ලංකාවට ආවේ කොයි කාලයේද කියන එක යාන්තමින් වත් දැන ගන්න ඕනෑය. 

හිතන්නකෝ මෙහෙම දැං ඔය අළුත් ප්‍රාඩෝ 150 ක් හරි වෙන මොකක් හරි  අළුත්ම අළුත් කිරිකිරි වාහනයක් තියෙනවා 5 ශ්‍රී නොම්මරයක් ගහලා.

ප්‍රාඩෝ 150 

 එතකොට එකෙන්ම දැනගන්න ඕනෙ මේ නම් මේකෙ පොත නොවනබව.

 ඒක හරියට ජුහී චවුලා වගේ කෑල්ලක් එනවා උප්පැන්න්‍ත් අරන් තමන්ව කසාද බඳින්න  ; නම තියෙන්නෙ“ අංගො හාමි” කියලා  .
 කියන්න දෙයක් නැ තේරෙනවානෙ වැඩේ අවුල් කියලා.
අංගො හාමි!?

අපේ රටේ පැට්‍රෝල් වලටයි ඩීසල් වලටයි වෙනවෙනම නොම්මර ඒකාලේ තිබුනා. ඉතින් තමන් ගන්න යන වාහනේ දුවන්න දාන තෙල් වලට අදාල නොම්මරයක් දැයි හොයා ගන්න පුළුවන්.

පටලවා ගන්න එපා!

ලොරි නොම්මර බස් නොම්මර ආදී වශයෙන් බොහෝ වෙනස් වෙනස් අංක ඇත. තමා මිළදී  ගන්නට යන්නේ  කුමක්දැයි අවබෝධයක් නැත්නම් ඒගැන සොයා  බල සිටිය යුතුය.

CAA මයිනරේ.

සමහර වෙලාවට ඕකෙ අනිත් පැත්ත ද  වෙන්න පුළුවන්‍ .
 උදාහරණයක් ලෙසට හිතන්න කාෂ්‍යප බුදුන්ගේ කාලෙ මයිනර් එකක් එනවා CAA වගේ අළුත් නොම්මරයක් එක්ක. 
අපිට හිතන්න තියෙන්නේ මේකෙ මොකක් හරි කොස්සක් , ඉදලක් නැත්නම් අඩුම ගානෙ ඉළපතක් වත් ඇති බවය,චැසි නොම්මරේ මීටත් වඩා ලොකු කොස්සක් තිබිය හැක!


මේවගේ සීන් වලදී බ්‍රෝකරයෝ නැතිනම් විකුණන කූඨකයෝ කියන කතා කිහිපයක් ඇත.

1.    මේක මෙච්චර දවස් පෝට් එකේ (වරායෙ ) හිරවෙලා තිබුනු එකක්!
2.    ඇම්බැසියකින් (තානාපති කාර්‍යාල) ගත්තු එකක්!
3.    හමුදාවෙන් ගත්තු එකක්

මේ කතා වලින් කුමක් ඇත්තද නැත්ත ගැන අදාල ආයතන හෝ RMV එකෙන් සොයා බලා ගත යුතුය.

සර්ව බල ධාරී දෙවියන්ට වඩා කපුවන්  කට්ටඬියන් කොට්ටූරුවන් රජකරණ දෙවොල!


අනෙක වාහනයක නොම්මරේ 325 , FZ හෝ  EA  ආදී E අක්ෂරයෙන් පටන් ගන්නා එකක් වේනම් ආයෙ හෝදන්න දෙයක් නැත .
 අනිවාර්‍යයෙන්ම RMV එකේ දෙපාරක් ලියාපදිංචිවී ඇතිබව ‘ලබ්බට රිටෙන් ඇන්නාසේ” කිවහැක. 
ඉතින් එකපාරක් ලියාපදිංචිය හොඳනම්  දෙපාරක් උනාම මොකද්ද වෙන අවුල කියාලා කාට හරි කට  කහනවට  අහන්න හිතෙන්න පුළුවන
. උන්නැහැට කියන්න ඇත්තේ ඕක “කසාද බැඳිල්ලට” උපමා කොට බලන්න කියලාය.

ඒ පොත දැක්ක ගමන් මේකෙ ඇතුලේ  මොකක් හරි “ අභ්‍යන්තරයක්” තිබෙන බව තේරුම් ගන්නවා හොඳය.     

ඇතුලේ ඇති අභ්යන්තරය!


2. චැසි අංකය


වාහනයේ  උප්පැන්න්යේ ස්ත්‍රී පුරුෂ භාවය දැක්වෙන්නේ මෙයින්‍ය. ඉස්සර වාහන වල චැසි අංක තිබුනේ බස් රූට් වගේ ඔහේ ඉලක්කං කිහිපයකි.

කාලයත් එක්ක මේ අංකයට කිසියම් වටිනාකමක් එකතුවෙන්නට විය. 
එය එසේ වූයේ එකම වාහනය මාදිලි එහෙමත් නැත්නම් දන්න සිංහලෙන් කියනවානම් මොඩල් වලින් එන්න පටන් ගත්තාමය .

උදාහරණයක් විදියට මීට කාලෙකට පෙර පොලීසියට (කැම වෑන් වලට )දී  තිබුනු TOYOTA ජීප් එක Land Cruiser  BJ40 ය.  

 (ඇත්තටම  Jeep  කියන්නේද  Toyota වැනිම තවත් වර්ගයක් විනා මාදිලියක් නොවන්නේය. සෙරෙප්පු සියල්ලටම බාටා කියන අමුසිරිලාංකිකයෝ වැටකොළු මැස්සක් වන් ඕනෑම දඬු මැස්සකට කියන්නේ ජීප් කියලාය!)
      

  
    Land Cruiser  BJ40 කියන්නේ මේන්න  මේකටය.

Land Cruiser  BJ40චැසි අංකය 

මෙම වාහනේ චැසි අංකය ඇරඹෙන්නේ BJ40-…………..  යනුවෙනි.
 එවිට මෙම වාහනයට අදාල පොත ලෙස ඉදිරිපත් කලයුතු වන්නේ චැසි අංකය  BJ40-…………..  ලෙස දැක්වෙන එකක් විය යුතු මය !

මීට වඩා   රෝද අතර පරතරය එනම් ඉස්සරහ රෝදය හා පිටුපස රෝදය අතර දුර (Wheel Base )  මේන්න මෙච්චර විතර වැඩි
 නැතහොත්  අරකට වඩා  යාන්තමින් දිග එක  ;Land Cruiser  BJ40 නොවන්නෙය. 
එය  BJ43 ය . මේකෙ චැසි අංකය ඇරඹිය යුත්තේ BJ43 යනුවෙනි.


Land Cruiser  BJ43 කියන්නේ මේන්න  මේකටය.

(මේවා හඳුන්වන්නේ රැජිනගේ බාසාවෙන් මිසක හිංගලෙන් වත් දෙමලෙන් වත් නොවේ . බී ජේ ෆොර්ටි , බීජේ ෆොර්ටි ත්‍රී  කියාය!)

 මේකෙ දිගම එක ට කටපුරා කියන්නේ  BJ45 කියාය.
මේකෙ චැසි නොම්මරේ එන විදිය ; මේක බලන කියෝන ඔබ තමුන්නාසෙලාට ඇස්පියාන කියන්න පුළුවන් බව මට විශ්වාසය.


Land Cruiser  BJ45 කියන්නේ මේන්න  මේකටය.


මීට කාලෙකට පස්සේ පොලෝසියට දුන්නේ  Land Cruiser  BJ75 එකය. 
මේකට සාමාන්‍යයෙන් කියන්නේ පොලිස් මොඩල් කියලාමය.  




Land Cruiser  BJ75


මෙම වාහන ලංකාවට ආවේ 32- 3000 කාණ්ඩයෙන් උඩ බව මගේ මතකයයි. සමහර විට මෙවන් වාහනයක් 28 ශ්‍රී වාගේ තිබුනොත් එතන මොකක් හරි කොස්සක් තිබිය යුතුය! 
අප මෙවන් වාහයක්  පිළිබඳව පෞද්ගලිකව සොයා බැලුවෙමු. එහි චැසි අංකය වූයේ 


   BJ45-……………යනුවෙනි.
මේ පෝස්ටුව ඔබට තේරුම් යන අයුරින් මට ලියාගන්නට හැකි වුනි නම් හෝ
 මා අමාරුවෙන් ලියපු දේ කියවපු උන්නැහැලට තේරුම් ගියානම්
 මේ වන  විට තේරුම් ගොස් අවසාන වී  ඇති වෙලා තියෙන අවුල ! 

මේ Land Cruiser  BJ75 එකට අතපුරා ගසා ඇත්තේ
 පරණ BJ45 එකක චැසි නොම්මරේ හා උප්පැන්නයය !
 ඔබට හිතෙන්න පුළුවන් එතකොට තිබුනු ඔරිජිනල් පොත 
අයිතිකාරයාගේ පවුල දොළ දුකට කාලද කියලා.

Box Prado එකක්

අනේ නෑ ! අපි සැක කරණ්නෙ  ඒ පොත ගසගෙන Box Prado එකක්
 පාරේ දුවනු ඇත කියාය! 
එතකොට ඒ  Box Prado එකේ පොතට මොකද වුනේ ?
 ඕනෑම එකෙකුට අහන්න හිතෙනවාය.
 ඒක හරියමන් ජම්මයක් නැතිව කන්ටේනරයක් තුල
 “පාවිච්චි කරණ ලද මෝටර් රථ අමතර කොටස් ”  හෙවත් බොඩි පාට්ස්  ලෙසට ; රේගුවේ කනෙන් රිංගා හෝ වලාපට නැතිනම් තිසර පට ඇතුලින්
 ලංකාවට ගොඩ බසින ලද එකක් විය යුතුය  !

එවිට ශරීරයක් තිබුනාට එයට ආත්මයක් නැත ! 
කොටින්ම අප්පෙකු නැති අවජාතක එකෙකි !
එයට Land Cruiser  BJ75 පොලිස් මොඩල් රථයේ පොත තබා 
එහි චැසි අංකය Box Prado එකේ චැසියේ  කොටා  
පරණ පොලිස් රියේ නොඉම්මරේ ගසාගත්තාම 
ජාමෙ බේරගෙන පාරේ දුවා ගන්නට පුලුවන.
 Box Prado එකේ වටිනාකම පොලිස් රථයක මෙන්  දෙගුනයටත් වඩා වැඩිය. 



නමුත් ඇත්තටම Box Prado එකේ චැසි නොම්මරේ පටන් ගත යුත්තේ
 LJ  යනුවෙනි !
 දැංන්  මේක කියෝන උන්නැහැලට හිතෙන්න පුලුවන්
 “තට්ටයා අනා ගත්තා නේදෝ” කියලා.
 අනේ තරහ  අවසර ඒවාට  ඕනෑ තරම් ක්‍රම විධි සහ නිශ්පාදන අපේ රටේ ඇත. 

Custom එකේ උදව්වට RMV එක ඉදිරි පත්වන්නේ මෙන්න මේ බැරි අමාරුකම දුටුවාම මය !



RMV එකෙන් Land Cruiser  BJ75 පොතේ
 බඩ පිරෙන්න අත පය  දිග ඇරලා Body Fitted කියා ගැසූ සැනින් 
සියළු දෝස භංගවේ!
 ඒවා ගැන RMV අසල ගැවසෙන  දැන මුත්තන්ගෙන් ඇසූවිට  උන් කියන්නේ “මොනාද ලොක්කා කරාන්න බැරි …..!? කියාය!

RMVඑක අසල ගැවසෙන අයියා කෙනෙකු තමාගී පාභෝගිකයාගී අව්ශ්යතාවය ගැන විමසිලිමත් වන අයුරු! 

අවජාතක Box Prado එකට සුජාත භාවය ලැබෙන්නේ එසේය.
 බලන ඕනේම අයෙකු හට හිතෙන්නේ  පැරණි Box Prado එකට අළුත් බොඩියක් තියා කියා හෝ පැරණි පොලිස් මොඩල්  BJ75 එකේ බොඩිය දිරා ගිය පසු Box Prado බොඩියක් සවිකොට ඇත කියාය.


 Box Pradoචැසිය
 - පෙනේද කොයිල් ස්ප්‍රින්ග් හතරක් දිලිහි දිලිහි තියෙනා අයුරු

මෙය නිවැරදිව සොයා ගැනීමටද ක්‍රම ඇත ! මන්ද  Box Prado එකට ඇත්තේ ඉන්ඩිපෙන්ඩන්  සස්පෙන්ශන් (Independent Suspension)  ක්‍රමයකි. නොඑසේ නම් කියනවා නම් හතරම කොයිල්  ස්ප්‍රින්ග් ය.     BJ75 ඇත්තේ දුනු මිටි හතරකි !

 BJ75 ගොනා මොඩල් චැසිය - පෙනේද දුනු මිටි  හතරෙ  උජාරුව.

 මේවා ගැන ඇසූ විට මේවාකරණ අයියල දෙන උත්තරේ වන්නේ
 අපි දුනු මිටිහතර ගලෝලා කොයිල් ස්ප්‍රින්ග් කලා කියලාය.
 ඇත්තටම ගත්තත් එහෙම කරණ්නට පුළුවන් රජ වැඩ කාරයන්ද සිටිති! 
එහෙත් ඒ තරම් මහන්සි වන්නට ඔවුනට අමාරුවක් තිබේ යැයි සිතන්නට කිසිදු සාධකය අප දැක නොමැත 

Mitsubishi රථයක චැසි  නොම්මරයට අකුරු හෝ ඉලක්කං 17 ක් ඇත ! පහත දක්වා අත්තේ එම Digits 17 න් කියැවෙන කරුණු කාරණාය. 



විමසිල්ලෙන් බලන්න තායි ලන්තයේ නිෂ්පාදිතMontero Sports රථයක ක හා  ජපානයේ නිෂ්පාදිත Montero රථයක චැසි අංකයේ වෙනස!













මෙවන් සැක සහිත රථයක් පොලිස් වෙනත් රජයේ ආයතනක් විසින් 

අතඩංගුවට ගත් පසු එය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත
 යොමු කරණු ලබයි.
 එහිදී විමර්ශණය කරණ්නේ එහි සඳහන් චැසි අංකය ; 
රථයේ නිශ්පාදකයා විසින් චැසිය මත කොටන ලද එකක්ද නැතිනම් අපේ අයියලාගේ වැඩක්ද කියලාය.
අපේ අයියලා මුල් කාලයේ මෙන්
 කටුවෙන් මිටියෙන් චැසි නොම්ම්මර කොටන්නේ නැත. 
ඒවාට නවීනතම ක්‍රම ඇත. 
රස පරීක්ශකගේ අත් කාචය මෙම ක්‍රම සහ විධි වලට ඇඹරේ ! 

රස බලන රස පරීක්ෂක!

එහිදී චැසි නොම්මරයේ නිර්දෝශී බව ඔප්පු වුවහොත්
 ඊළඟට කරන්නේ එම රථයේ මෙරට වෙළෙඳ නියෝජිතයාගෙන්
 තාක්ෂණික වාර්ථාවක් කැඳවීමය.
 එහිදී මෙම  චැසි අංකයට අදාල වන්නේ කුමන මාදිළියක රථයක් දැයි
 සොයා බැලීම කරණු ලබයි !    
අවසානයේ කියන්නට ඇත්තේ  මේ සියළු දේවල් ඉෂ්ඨ ශිද්ධ කරණ්නේ මිනිසුන් කියාය.



 දාහට නොඇඹරෙන එකා පන්දාහට ඇඹරේ ! 
පන්දාහට  නොඇඹරෙන එකා දහ දාහට ඇඹරේ !!
 එහෙමත් නැති එකා පනස් දාහටද  නැතිනම් ලක්ෂයට හෝ  
මිළදී ගැනීමට  නොහැකි විය නොහැක යැයි කිසිවෙකු කිවහොත්
 එයට එකඟ වීම හෝ නොවීම ඔබසතු කාර්‍යයක් යැයි 
මා විශ්වාස කරණ බව පවසන්නේ 
කුමන සිතුවිල්ලක් හදේ දරා ගෙනදැයි  සිතීම
  ඔබහට භාර බව මා මැදිහත් සිතින්   මෙයින් පවසා 
නිහඬ වන්නට සිතුනද ; 
ඔබ විසින් මේ පිළිබඳව මා විසින් දරණ  මතය පිළිබඳ
 වැරදි අවභෝදයකට ; එය තුලින් එළඹෙනු ඇතැයි සිතත්ම
 මාහට මුනිවත රකින්නට සිතෙන්නේ ;
 “කාගෙ මෝ කාගත්තත් මොටද අන්න්චි රාළගෙ පනං අට ලැබෙනවානම්” යනුවෙන් කියැවෙන 
පැරණි  ආප්තෝපදේශය මතක්වීමෙන් නොව
 අපේ තාත්තා ජීවත්ව සිටින කල  නිතර ඔහුගේ මුවෙන් පැවසෙන
“ නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නසා ගන්නෙපා  යකෝ ”
යනුවෙන් 
ආදරයෙන්; 
සෙනෙහසින් ;
 මෘදු ලෙස  කියන වගන්තිය මතක් වීමෙනි !

 (චැසි අංකවල කේස් බේර ගන්න එක ඔන්න ඔය  වගන්තිය වගෙ අමුම අමු අච්චාරුවක් නොව වංබොටු මෝජුවක්‍  !)

චැසි අංකයට සැලකුවා මදි නේද ?

චැසියට වඳින ගාථාව කියා චැසිය නමදින බැතිමතෙක්!

නිකංද කපුගේ සිංඳුවකුත් කීවේ

“චැසිය මගේ නුඹ - නෑ මා ඔබගේ චැසිය නොවේ …!!” 

කියලා




 කපුගේ   

41 comments:

  1. This comment is about a car numberplate. Yesterday an Australian numberplate (it's a NSW registration "4"/ so it's the 4th car registered in NSW) SOLD TO 2,450,000 AUD (approximately 300 million rupees) to a chinese businessman. This is just the numberplate, not a car.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි කියෙව්වාට , ලිව්වාට අපව දැනුවත් කලාට. මං ගාවත් තියෙනවා පරණ ස්ටඩ්බ්‍රේකර් එකක් නොම්මර තහඩුවක් . කලකදි එයටත් මිලක් ඒවි නේද?

      Delete
    2. Please don't misunderstand me for typing this in English. I am not having a Sinhala letter software in my pc. Your Studebaker number plate must have some historic value, so, one day you may be able to sell that, if you do not want to keep it anymore. I have a better story related to your article. Please read it.
      I had a series 1 land rover fitted with a 4dr5 (12 v round light rosa engine, not the 4dr5 jeep engine)until 1990. It's original registration was 1 sri 37--, then diesel registration was 31 sri ----. Then I crash it and bend the chassis. So I bought a condemned land rover series 11 ( no engine, no book, just the body and chassis)and put my 4dr5 in that, and stamp my original chassis number. (I was in automobile engineering field, so I have no problem make things legal through my friends, workmates, etc) Then, one day I find out, light lorry registration fee (up to 1200kg gvm was) 800 rupees compare to 6000 rupees which I am paying for my 31 sri number. So, I put my car on the weighing scale and find out it was only 1270kg. Then I strip every bit of unnecessary things (including back seats )from my vehicle and make it just below 1200kg. Even diesel tank had to be almost emptied to make it lighter. Then I got it registered as a light lorry (41 or 42 sri, I cant remember now) and payed 800 rupees as annual registration thereafter. Imagine checking the history of my land rover?? It is bad enough to give a headache to a seasoned guy like you.

      Delete
    3. මේක හොඳ Case Study එකක්! මේ අපි අත්විඳි එක කථාවක් විතරයි. මේ වගේ මොන තරම් දේවල් වෙන්න පුළුවන්ද? ඔය වගේ එක වතාවක් ලංකාවට මිට්සුබිෂි ජීප් එකක් ගේන කොට ආණ්ඩුව අන්දපු කථාවකුත් තියෙනවා. ඉක්මනට ෆොන්ට් එකක් දාගත්තොත් බොහෝ දෙනෙකුට ඔබගේ වටිනා කොමෙන්ටු ප්‍රයෝජනවත් වේවි. බොහොමත්ම ස්තූතියි!

      Delete
  2. හොද විස්තරයක්. නොදන්න කරුණු ගොඩක් දැනගන්න පුලුවන් උනා.
    325 වගේම 226 ඒවත් තියෙනව නේද දෙපාරක් රෙජිස්ටර් කරපු.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න. 226 ලොරි වලට අපු නොම්මරයක් මම දන්නා තරමින්. මට පුළුවන් උනොත් ඔය එකෙක් නොම්මරේ මේ රටේ පලවෙයෙම්ම රෙජිස්ටර් කල දිනය සොයා පල කරන්නම්. කාට හරි ප්‍රයෝජනයක් වෙයි නේ.
      ඒක නෙවේ ලඟදි අපි අපි දකියි නේද? ඔන්න මාව නම් ඕන ඈතක අඳුන ගන්න පුළුවන් මගේ අයිඩෙන්ටිය තියෙන්නේ ඔළුවෙනේ. ඒ නිසා ඈතට හඳ පායලා වගේ තියුනොත් ලඟට ඇවිත්, නොකඩපු අරක්කු බෝත්ලේකින් පිටට තට්ටු කරණ්න.

      Delete
    2. 226 ලොරි නොම්බරයක් තමයි. ඒත් අපේ බුවෙක් ගාව ඒ නම්බරේ තියෙන L300 එකක් තියෙනව. ඇන්ජිම තිවුවට පස්සෙ තමයි අර නොම්බරේ ඇවිල්ල තියෙන්නෙ. වෑන් එකක් උනත් එලවන්න ලොරි ලයිසන් තියෙන්න ඕන.

      හම්බවෙයි නේද. කරුමෙටවත් තට්ට කාරයො දෙතුන් දෙනෙක් හිටිය‍ොත් තමයි සොරි වෙන්නෙ. හැක්..

      Delete
    3. ඇයි ඔයා අහලා නැද්ද තට්ටයෝ සියල්ල මංජුලලා නොවෙති කියලා පැරණි ආප්තෝපදේෂයක් තියෙනවා. හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නවා වගේ මං ගාවට් ඇවිත් "සොයා සොයා ආවා මං සෙව්ව මැණික හම්බුනා...!!" කියලා අර කිව්ව විදියට නොරිදෙන්න ආඩරීට වගේ තට්ටුවක් දාන්න!

      Delete
    4. Praසන්ன හායි!

      හානේ ඔයාට ලොරි එලවන්න ලයිසන් තියනවද ලොරි ඇතුලේ දාන් අදින්න ත් පුලුවන්නේ. මම ලොරි ඇතුලේ දාන් ඇදලා තියනවා කලින් .
      රක්වානේමාමා ගව තවම පැරණ බෙඩ්ෆෝර්ඩ් ලොරියක් තියනවා එක විකුනනකොට මම එක ඔයාටයි මට දාන් අදින්න ගන්නම්. පස්සේ ඔය ගල් අදින්න ගන්න ඇහැකිනේ, ගොඩකවෙල ඉඳන් තංගල්ල ට.

      රතන්පුරේ යමු මාත් එනවා.

      ටෙක් කෙයා ඩාලිං ,,,සියු සුඋන් .....මන් ඔයාගේ ලපටි පැටියා

      Delete
  3. එල එල නොදන්න සීන් ගොඩක් තියනව නේ

    ReplyDelete
    Replies
    1. ථැන්කූ! ථැන්කූ!! තව සුපිරිම ඒවාතියෙනවා. ලියන්න අමාරුයි. පොලීසිය උස්සන් යයි. IKMAN.LK L Toyota Land Cruiser ගහලා බලන්නකො. අන්න තියෙනව මෙරූන් පාට BJ 75ක් 28ශ්‍රී. කෑගල්ලෙ. කතාකරලා සැක හැර ගන්න. මං ගාව කාලෙකට ඉස්සෙල්ල තිබුනා පරණ නිසාන් පැට්‍රොල් 160 කොටයක්.32/0865 . මෙන්න දැන් ඒ නොම්මරේට දුවන්නේ සිරා ලොන්ග් වීල් නිසාන් y 60 සුපිරිම භාන්ඩයක්. වැඩේ එළම කතාව මොකද්ද දන්නවද තඩියෝ. අර කලින් ත්බුනු එක පොලිස් ඔක්ෂන් එකෙන් ගත්තු එකක්!

      Delete
    2. ටහිකේ කියන්නෙ ඕකට තමා !!!!

      Delete
    3. මගේ ගාව තිබ්බ පැට්‍රොල් කොටේ 32-0848. ඒකත් පොලිස් ඔක්ෂන් වලින් ගත්තු වාහනයක්...
      විකිණුවට පස්සේ දැක්කේ නැහැ...

      Delete
  4. චැසි අංකෙන් විස්තර ඔන්ලයින් හොයාගන්න විදිහක් නැද්ද?
    දැන් අළුත් නොම්බර තියන පරණ වාහන පරක්කු වෙලා ගෙනාපුව වෙන්ඩ පුළුවන් නේද ?(දෙකයි පනහට වාහන හොයද්දි එන ප්‍රශ්න😀😀)

    ReplyDelete
    Replies
    1. ඒ ගැන හොයලා ලියන්නම්. එහෙම වෙන්න පුළුවන්. මම මෙතනදි අදහස් කලේ එහෙම ඒවා ගන්න එපා කියන එක නොවෙයි. ඇත්තටම එහෙම එකක් ගන්නවා නම් ඒ ගැන වැඩි දුර සොයා බලන්න ඕනෑ කියන එකයි. දැන් වරායේ කිසියම් හේතුවකට රඳවා පසුව වෙන්දේසි කල එකක් නම් ඊට අදාල ලියකියවිල තියෙන්න ඕනෑනෙ. අනික එහෙම ඒවායේ චැසි නොම්මරේ අගට CMT කියලා අංකයක් එකතු කරණවා. එතකොට ඒක නීත්යානුකූල වාහනයක්! පැහැදිලිද බුදු මල්ලියේ?

      Delete
  5. මහත්තයා රජයේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේද වැඩ කරන්නේ? ඔබතුමා මේ ලිපිය ලීවේ ශිෂ්‍යත්ව ළමයි ඉලක්ක කරගෙන නේද? ලිපියේ ඇති සරල, විනෝදකාමී බව දුටුවාම මා එය තීරණය කරේ. බොහොම හොදයි මහත්තයා මේ වගේ පොඩි ළමයි දැනුවත් කිරීම ගැන. දැන් පාසල් විෂය නිර්දේශ වලටත් මෙවැනි දෑ අඩංගු වනවා නේද? හැබැයි පොඩි ළමයි විතරක් නෙමෙයි වැඩිහිටියන් පවා මේ ගැන දන්නේ අඩුවෙන්. එවැනි උදවිය ඉල්ලක කරගෙනත් ලිපියක් පල කරන්න මහත්මයා.

    ඒ වගේම මහත්මයාගේ කලින් ලිපිත් මා කියෙව්වා. ඔබතුමා කඩවත අවටද පදිංචිය මහත්මයා? මා ඉන්නේ ඒ අවට. ඔබතුමා වගේ අයෙක් දුටුවා කඩවත කොමර්ෂල් බැංකුව ඉදිරිපිට සයිකල් සාදානා කඩේ. එනමුත් ම කතා කරේ නැහැ. ඔබතුමාගේ ස්වරුපය දුටුවම බය හිතුනා මහත්මයා.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් මම මේක දාන්න හිටියේ ශිෂ්යත්ව විභාගෙට කලින් ඒත් පරක්කු උනා.
      වැඩිහිටියන්ගෙ එකත් ලඟදීම ලියනවා.
      කඩවත තමයි.
      බයවෙන්න කාරියක් නෑ. මම චික්න්, පොර්ක් ඇරෙන්න මොනම මසක් වත්කන්නේ නෑ!
      ස්තූතියි!

      Delete
    2. ඒ කියන්නේ මහත්මයා හරක් මස් කන්නේ නැද්ද? මහත්තයා තලේබාන් බෞද්ධයෙක් කියලා හිතලා තමයි මං මග ඇරියේ. මොකද මහත්තයාගේ පෙනුම තට්ටේ ගාපු කොලුකාරයෙක් වගේ. තට්ටයෝ කොහොමත් කොලුකාරයෝනි. සාදුලත් එහෙමනි. සාමනේරලට කරනවනි රෑට හොදට.

      හරක් මස් වලට විරුද්ධ තලේබාන් බෞද්ධ කොලුකාරයෙක් වන මහත්තයා මේ වගේ පිටයනකොට මහත්තයාගේ නෝනාමහත්තයා බලා ගන්නට වෙන්නේ අපිට තමා.

      ස්තුතියි මහත්මයා අදහස් පල කිරීමට අපටත් අවස්ථාව ලබා දීම ගැන.

      Delete

    3. අනේ මම එම අංශයට කොහොමත්ම නෑ.

      අවුලක් නෑ ඒකාලෙ රජ්ජුරුරුවන්ගේ අන්ත්ඃපුරය බලාගන්න එකත් "සුදුසු" කෙනෙකුට භාර දීලා තියෙනවානෙ!

      Delete
  6. Replies
    1. බොහෝම ස්තූතියි කෙයෙව්වාට , ලිව්වාට , අගය කලාට!!!

      Delete
  7. අනාගතේ ප්‍රයෝජන පිණිස කියෙව්වා .කුලියපිටියෙන්ම එකක් ගන්නවා .වැඩේ ඉවරයිනේ .

    ReplyDelete
    Replies
    1. ආ දැනුයි තේරුනේ කුලියාපිටිය කතාව! එල එල!!

      Delete
  8. මෙන්න මේ මැසිමක් අරගෙන

    https://www.ebay.com/sch/i.html?_odkw=chassy+number+machine&_osacat=0&_from=R40&_trksid=p2045573.m570.l1313.TR0.TRC0.H0.Xvin+code+marking+machine.TRS0&_nkw=vin+code+marking+machine&_sacat=0

    මෙන්න මේ විදිහට
    https://www.youtube.com/watch?v=tRNuegwZu6g

    චැසි අංක කෙටුවම රස පාරීක්ෂකත් හොල්මන්...

    අනික ජීප් වල දුණු කොයිල් කරන එක බහුලව සිද්ධ කරන දෙයක්...
    විශේෂයෙන් ලෑන්ඩ්රෝවර් වල...
    සීරියස් ඩිෆෙන්ඩර් වලට කන්වර්ට් කරද්දී ගොඩක් අය ඔය වැඩේ කරනවා...

    අර BJ75 මොඩ්ල් එක දැන් ආපහු එනවා නේද අලුතෙන්...
    අලුත්ම ඉංගිරිසි අකුරු තුන ගහගෙන උජාරුවට යන හැටි දැක්කම ආසාවේ බැහැ...

    ReplyDelete
    Replies
    1. ඕවත් වැඩද මල්ලි.... ඕවත් වැඩද... රජ වැඩ කිඩ දෙන්නට අපි දෙල්කඳ යමුද
      මොනවද කෙරෙන්න ඕනේ මොඩල්එ අනුව ගාන ඩිපෙන්ඩ් වෙනවා...

      Delete
  9. මාරම මාරයි ඔබතුමා වැඩාකාරන්නෙ ඔය ඉහලින් කියපු ආයතන දෙකෙන් එකකද?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මද්දෝ, මම ලංකාවට වාහන ගෙන්න්වන කොම්පැනියක වැඩ!

      Delete
  10. තට්ටයා අයියේ..!! ඔහේගෙ දැනීමත් මගේ මස්සිනාගෙ දැනීමටම ගොඩක් සමානයි උනාට මටනං වාහනයක බ්‍රේක් එකයි ක්ලච් එකයි රේස් කරන එකයි කෝකද කියල දන්නෙ නැති කමටම මට වාහන ගැන විශිෂ්ට අවබෝදයක් තියෙනවාය 🙈. ජීවිතේට ලයිසන් එකක් තිබිලාවත් නැතිය. එකපාරක් ලයිසන් ගන්න ලියන විභාගයත් කරල පාස් උනත් ඊළඟ සතියෙ ආයෙත් රට ගියා. තට්ටය අයිය කිව්ව දේවලුයි මගේ මස්සිනා ගෙ අත්දැකීම් අනුවමයි හිතාගත්තෙ කවදාහරි ගන්නවානම් ගන්නෙ හොඳ තත්වයේ ජපන් වාහනයක්ම තමයි කියල.මටනං ඉතිං සැපට කන්කරච්චලයක් නැතුව ආරක්ෂාකාරීව ගමනාන්තයට යන්න පුලුවන්නම් ඉතිං කෝච්චියද බස් එකද ටැක්සියද තිරික්කලයද කියන එක අදාලම නැත. ඒත් මෝටර් සයිකල් නැතුව හොඳේ 🤣🤣🤣

    ReplyDelete
    Replies
    1. උඹට මල්ලි අපි කොහොමත් බයිසිකල් තහනම් කොරලනෙ තියෙන්නේ! හැබැයි ඒත් වාහනයක් ගන්න ඕන උනොත් කියපන් මලේ ගිහින් බලමු!

      Delete
  11. හපෝ...මේ රටේ මිනිස්සු කරන මගඩි ගැන දැන ගත්තම මෙන්න මේ ඉන්න තැනකට වෙලා ඉන්න හිතෙනවා දිගටම...

    ReplyDelete
    Replies
    1. මගඩි නැතත් ඔයා නම් හඳ අල්ලපු මිනිස්සුන්ගේ රට දාලා එන එකක් නැහැ!

      Delete
  12. Hi Manjula Ayya
    It is a very usefull article.
    Thank you very much.

    ReplyDelete
  13. කාලෙකින් කියවපු බොහෝම රසවත් සහ හරවත් බ්ලොගයක්. බොහොම ස්තුතියි ඔබතුමාගෙ කාලය මිඩංගු කරනවාට. මේ ලිපිය හරිම වැදගත්. මමත් ටිකක් 4dr5 , bj40 වගේ ඒවට
    සෑහෙන්න මනාපයි. නමුත් ගෙදර ඇත්ති වැඩි මනාපයක් නැති හින්දා තාම කාර් විතරයි.

    ReplyDelete
    Replies
    1. අනේ තීර්ථ මමත් ඔය වාහන දෙකටම පොඩි බය පක්සපාතී බවක් තියෙනවා. ඒකෙනුත් 40 යට තමයි කැමැත්ත. මං ගාව තියෙනවා 60 ක්. ඔය සමහර තැන්වල පෙන්නලා තියෙන්නේ. දැන් ඒක විකුනන්න හිතාන ඉන්නේ. විකුනලා ගන්නේ එළම වාහනයක්. දන්න කියන එවුන්ට කිව්වාම අහනවා "තොට පිස්සුද? " කියලා ආදරේට වගේ. මොකද්ද දන්නවාද? Austin Loadstar K9 මෙන්න මේකක්. ගූගල් කරලා බලන්නකෝ!

      Delete
  14. වටිනවා අයියේ ඔයාගේ වැඩ ටිකට නම්
    තෙරුවණ් සරණයි සමන් දෙවි පිහිටයි....
    මිනිසුන් මුලිවෙන්ඩ නලින් හරිදේ නිවැරදිව කියාදෙන්ඩ පුලුවන්නම් අද මිනිසුන් කොච්චරනම් සතුටින් ඉදිද....
    සල්ලි නෙමේ අයියේ...ජිවිතය කියන්නේ නිවැරදි දේ නිවැදි වේලාවට මිනිසුන්ට පහදා දීමයි. වටිනා කමක් ලැබෙන්නේ පසුව...ඉදිරියට යමු... සියලුම දෙවි දේවතාවන්ගේ පිහිටයි.....

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි මල්ලි! සමන්දෙවි පිහිට පතන එකෙන් ඔබ සිටිනා ඉසව්ව ගැන පොඩි ඉවක් වැටෙනවා! දිගටම කියවන්න.

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...