Thursday, May 11, 2017

අසංක ප්‍රදීප් ගුරුසිංහ (ගුරා!)

ගුරා!
ජුරම්පතීලා ජුරාලා වෙනකොට , අරවින්දලා අරාලා වෙනකොට ගුරුසිංහ ගුරා වූවේය.  ගුරා ක්රිකට් ගහන්න පටන් ගත්තේඉසිපතනේ ඉඳිද්දීය. මේ කියන්නේ බරණැස මිගදායේ නොවේ. තිඹිරිගස්යායේය. මාගේ මතකය නිවැරදි නම් ඔහු නාලන්දාවට පැමිනීමටපෙර; ඉසිපතන 11 න් පහල පාසැල්කණ්ඩායම නියෝජනය කොට තිබුනේය.
ගුරා නාලන්දාවට පැමිණියේ  6ජී පන්තියටය. ඔහු නාලන්දයට පැමිනියාද ? නැතහොත් නාලන්දය උනත්ඔහුනොබෝ කලකින්ම ඔහුට වඩා දිග ක්රිකට් බැග් එකක් එල්ලාගෙන පැමිණීම ; සැමටසාමාන්යදර්ශනයක්විය.
පසුව ගුරා 6එච් පන්තියකකඩාපාත්විය.එක ලදගුරා අනිත්සිසුන්ට වඩා උසමහත බුවෙකි. ඒදේහ ලක්ෂණ ඔහුට ලැබීඇත්තේ මව්පාර්ශ්වයෙන් විය යුතුය. 6එච්පන්තියටසිංහලඉගැන්වූයේරණසිංහසර්ය. මේ අනෙකෙකු නොව ප්රවීන චිත්රපටවිචාරක රෙජී රණසිංහයෝය. එතුමාඇන්දේආරියසිංහලසූට් එකය. සිංහලෙන් කියනවානම් නැෂනල් එකය. කළුපැහැති මල්ලක් එල්ලාගෙන පාසලට පැමිනේ. සමහර අවස්ථාවලදී ඔහුහමුවන්නට නොයෙක්අමුත්තන් පැමිනෙන අතර ඔහු එවිට මද විරාමයක්ගනී.රණසිංහ සර් තරමක උසමහත අයෙකි. කනේමයිල්ය! (කනේමයිල්යනු "අලුත්කාර්" හා "කාර්පිස්සුව" කරණලොකුගමගේමල්ලීගේපොක්සැගන්එකනම්නොවේ! මේ සිරාවටමකනේමයිල්ය.)  දිනක් හවස්වරුවේ රණසිංහ සර් පැමිණ විෂය උගැන්වීමපටන්ගති. විෂයට අදාල උම්මග්ගජාතකය පොත්ගෙන එක් එක් සිසුවාට පාඩම කියවන්නට සැලැසුවේය.ගුරාගේ වාරය පැමිණුනි. ගුරා පුටුවෙන්නැගිට කියවන්නට පටන් ගති.පසුපස අසුනේ සිටියේ දැනට කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ අධ්යක්ෂක පුටුවක සිටින හිරාන් පීරිස්ය. ඔහු අත තිබුනේ එවකට බොහෝ ප්රචලිත පයිලට් වර්ගයේ බෝල්පොයින්ට් පැනකි. මෙම පෑනේ ඇති සුවිශේෂි ගුනංගයවන්නේ එහි තුඩවි ශාලව හා ඉතා තියුනු ආකාරයෙන් පැවතීමය. රණසිංහ සර්ගේ විධානයෙන් ගුරාගේ කියැවීම නතරවිය. ගුරා වාඩිවෙන්නට සැරසෙත්ම හිරාන් පීරිස් හෙවත් පීරා තමා අතෙහිවූ පෑනගුරාගේ පුටුව මත හිටෙව්වේය. ගුරාහරියටම "නිල" බලා පෑන මත ඉඳගත්තේය. එක්ෂණයෙන් ඉද්දගැසුවක් මෙන් නැගිටුනි. ඒ වන විටත් පෑන ඇනුනු තැනින් ලේ වහනය වීම ඇරඹීතිබුනි. තත්පර ගානක් ඇතුලත කලිසමේ අල්ලක පමනප්රමානයක් රතු ලෙයින් තෙත්විය. රණසිංහ සර්ට එක්වරම සිදුවූදේ සිතාගැනීමට නොහැකිවිය. ඔහු ප්රශ්ණ කලද ගුරා කිසිවක් නොකීවේයරණසිංහ සර් නැවත නැවතත් විමසුවද ගුරාගෙන් පිළිතුරක් නොලැබුනෙන් අන්අයගෙන් කරුණු දැනගත්හේ පීරාගේ කනට අතදිගහැර හුක් පහරක් එල්ල කල අතර පීරාටද "හුක්" ගෑවුනේය!
ගුරාගේ ක්රිකට් ගුරා නෙල්සන් මෙන්ඩිස් සර්ය. නෙල්සන් මෙන්ඩිස් සර් නාලන්දාවට ක්රිකට් උගන්වද්දී ඔහුගේ සොයුරු ලයනල් මෙන්ඩිස් සර් ආනන්දයට ක්රිකට් ගැස්සුවේය. නෙල්සන් මෙන්ඩිස් සර්ව මොනවෙලේ බැලුවත් මල අතේ තියාගෙන හිටය සුපිරි චරිතයකිකොයි මොහොතේ ගිනිකණ පනිනවාදැයි සිතීම උගහටය.බන්දුල වර්ණපුර, රොෂාන් මහානාම ඔහුගේ මෝල්ඩ් එකේ වක්කරපු නොම්මර එකේ වැඩ්ඩෝයඔවුන් කිසිදිනෙක පොල් අඩ්ඩෝ නොවුනහ. ගුරා මෙන්ම ඔවුන් ද තාක්ෂනික පිතිකරුවන් විය. ගුරාවමත් පිතිකරුවකු විය. ඉඳහිට විකට් කීප්කලා මතකය.නාලන්දයේ ක්රිකට් ක්රීඩාවට යුගමෙහෙවරක් කල මහ යුගපුරුශයන් දෙදෙනෙක් විය. එක් අයෙක් නෙල්සන්මෙන්ඩිස් සර්ය. අනෙකා ඇඩ්ඩිං අයියයා. මැච් ඒක ගහන්න ටීම් එක නෙල්සන් මෙන්ඩිස් සර් හදද්දී ගහන්න ග්රවුන්ඩ් එක හැදුවේ ඇඩ්ඩිං අයියාය.ඇඩ්ඩිං අයියා නාලන්දයටම නාකි වූ අයෙකි. හේ ආදරය කලේ පිට්ටනිය නොහොත් ග්රවුන්ඩ් එකටය. ග්රවුන්ඩ් එකේ හදවත වූ තණතිල්ල හෙවත් ටර්ෆ් එකටය. ගුරා නාලන්දෙට එන විට තිබුනේ මැට්න් යෙදූ පිච් එකක් පමනි. ටර්ෆ් එක හැඩුවෙ තවත් වසර ගනනාව කට පසුවය. ටර්ෆ් හැදිල්ලත් දරුවන් හැදිල්ලත් එකහා සමානය . මන්ද හදනවාට වඩා අමාරු වන්නේ රැක බලා ගැනීමය.ටර්ෆ්  එකත් එසේමය .හදනවාටවඩා අමාරු වන්නේ රැක රැකබලාගැනීමය. දරුවෙක්මල්ලෙක් නැති ඇඩ්ඩිං අයියා මේ වැඩේ දිවිහිමියෙන් ම කලේයක්‍රීඩා නොකරන හැම විට ටර්ෆ් එක හේනක් සේ වටකර තිබුනි . බොහෝ අවස්තාවල ටර්ෆ් එක මතුපිට වතුර වෑසෙන හෝස් එකක් හෙවත් වතුර ගලන රබර් බටයක් තිබුනේය .පිට්ටනියේ සෙල්ලම් කල කිසිවෙකු මොන යම් හේතුවකටවත් ටර්ෆ් එකේ වැටෙන් ඇතුලට  අඩියක් තියන්නට තරම් ගටක් තිබුනු අය එකල නොසිටියහ . එක්වරක් පිට්ටනියේ සිටි සිසුන් කණ්ඩායම් දෙකක් සම්බෝල ගසමින් සිටි අතර එක්වරම බෝලය ටර්ෆ් එකේ වැට මායිමෙන් ඇතුලට ගියේය .බෝලය පසුපස දිව ආ “ගෝර්කිට’’ බ්‍රේක් නැතිවිය . හේ පැමිනි වේගයෙන්ම ටර්ෆ් එකේ වැට උඩින් පොලොවට ලෑන්ඩ් කලේය . අනේ ලෑන්ඩින් එකේ ප්‍රමාද දෝශයකින් ගෝර්කි ටර්ෆ් එක මත ලිස්සා ගියේය. ගෝර්කි  ගේ  පොලිස්  DI  සපත්තු දෙකේ අඩියට ටර්ෆ් එක මත කානුවක් හෑරුනි . මියුසිකල් ෂෝ එකට බාල කෙලීව අරන්ගිය අම්මා තම දූ සිඟිත්ත දිහාම ඇහැ තියාන ඉන්නා සේ හැම මොහොතකම ටර්ෆ් එක මත ඇහැ තියාන ඉන්න ඇඩ්ඩිං අයියාට මේ සීන් එක තත්පරයට මීටර් විය . සරම කැහැපට ගසා ගත් ඇඩ්ඩිං අයියා මොහොතින් ගුවන් ගත විය .  හෙන පුපුරන හඬක් නික්මිනි . ගෝර්කි කම්මුල අල්වාගෙන දුක්බර බැල්මක් දමාගෙන එතනින් චුත විය .!
ගුරාගේ බයිට් එක අංක 560 බංගලාව හංදිය , පිටකෝට්ටේ ලිපිනයේ විසූ නාරද සුමනරත්නය . (මොහු කලක් ලේක්හවුස් ආයතනයේ ප්‍රධාන පරිපාලන නිළයක් දැරීය . ඒ නාරදගේ ලොකු අක්කා බැන්ද අනුර ප්‍රියදර්ශන යාපා ජන මාද්‍යය ඇමති වීමේ ආනුභාවයෙන් නොවේ යැයි කාහටනම් කිවහැකිද ? අනුර ප්‍රියදර්ශන පෙරකදෝරුවා කලක් වැඩකලේ සුමනරත්න නොතාරිස් සමගය . සුමනරත්න නොතාරිස් මහතා එකල ලංකාවෙන් වැඩිපුරම ඔප්පු ලියා වාර්ථා තැබුවෙකි . අනුරට වැඩකලේ දිසාපාමොක් තියරිය විය යුතුය !) ගුරා තමාගේ හම්පඩ බෝල් ගාර්ඩ් එක නාරදගේ නහයට දැමීමේ සිට කල  හැකි හැම අනර්ථයක්ම නාරද ට කලද එය විහිලුවක් ලෙසම විසඳුනි . ගුරා ක්‍රිකට් බෑග් එකට අමතරව කලු පැහැති මල්ලක් පංතියට ගෙනාවේය . එය කොයි අතින් බැලුවත් මල්ලක්ම විය . කොච්චර Try කලත් එයට භග් එකක් යැයි කිව නොහැක ! එහි කහ පාටින් පූසකුගේ කොමිටල් රූපයක් ඇඳ තිබුනි . උදේ ලන්ච් එකයි , දවල් ලන්ච් එකයි 10 ට කන අරවා මේවායි හැම මගුලක්ම තිබුනේ මේක අඩියේය. කොටින්ම මෙය ඩඩ්ලිගේ “ලක්බිම” හාල් ගබඩාව වාගේය . උදේට පියාඹන පීරිසියක් වැනි ටෝස්ට් කරණ ලද  පාන්  රැගෙන එන ගුරා පලමු පීරියඩ් එකේ ලියන්නට ගන්නේ ඉන් එක ආකාශ වස්තුවක් භක්ශනය කරණාතුරය ! දැං වාගේ පාන් ටෝස්ට් හඩනා දඬු අඬු නොමැති යුගයක ගුරාගේ අම්මා සකසා දෙන ලද්දේ ; පාන් පෙති දෙක මැනුවලි  දඬු කඳේ ගසා ගෑස් ලිප උඩ තබා කර කරන ලද ටෝස්ට් විය යුතුය .  ගුරා කන ගමන් බලා හිටින හැමෝටම  ටෝස්ට් ඔෆර් කළද කිසිවෙකු නොකෑවේ  ගුරාගේ බෝල් ගාර්ඩ් එක මතක් වීමෙන් විය යුතුය .
ගුරා එක දවසකින් තරුවක් වූවකු නොවේ . සෙමෙන් සෙමෙන් තම ස්ථානය කණ්ඩායම තුල ඇති කරගත් අයෙකි . ඔහුගේ එක් අසාර්ථක සමයක එක දිගට බින්දු පෝලිමක් කණ්ඩායමට එක්කර දෙන්නට හේ සමත් විය . එහෙත් එය නෙල්සන් මෙන්ඩිස් මහතාට ප්‍රශ්නයක් නොවීය . එක් වරම ගුරාට සෙට් විය . ඔහු ගහන්නට පටන් ගත්තේය . ඒ ගැහිල්ල ඔහුව 19 පහල ශ්‍රී  ලංකා පාසල් කණ්ඩායම සමග ඕස්ට්‍රේලියාවටම ගෙන ගියේය .
ගුරා ගහන මැච් බලන්නට ගුරාගේ පන්තියේ එවුන් රට පුරා ගියේය . එසේ ගිය අවස්ථාවලදී  පන්තියේ පොරවල්ට කෘථ ගුණ සැලකීමට ; පිට්ටනියේ  ඔවුන් සිටන දෙසට ඕනෑම  බැරි අමාරු අවස්ථාවකදී  උවද හයේ එකක් හෝ හතර හමාරේ එකක් පත බාවන්නට  ගුරා සමත් වේ . ගුරා ගේ ජේෂ්ඨයා රොටියාය. මේ පොල් රොටියා හෝ කොත්තු රොටියා හෝ එළවළු රොටියා නොව මහානාමය . නම මහා  උනාට රොෂාන් අමුම අමු සිම්පල් චරිතයකි . ආනන්ද - නාලන්ද මහා  ක්‍රිකට් තරඟයේ වැඩිම ලකුණු  වාර්ථාව කරෙ තියාන උන්නේ බන්ධුල වර්නපුරය . දැන් ITN එකේ Talent Show වැනි දන්නැති  මගුල් වලට ඇවිත් හීනෙන් දෙඩෙව්වාට ඒකාලේ සුපිරිම වැඩ්ඩෙකි . ටෝනි ඕපාතලාගේ ගුලිය කා දකුණු අප්‍රිකාවට ගොස් ටිංකිරි ගා ගත්තාට බන්ධුල ක්‍රිකට් අතින් රඹටි  හැලෙන්නට ගැහුව කාලයක් තිබුනි . කිම් හියුස් ගේ නායකත්වයෙන් පැමිනි ඕස්ට්‍රේලියානු ටීම් එකට වැලේ වැල් නැති වෙන්න ගැහුවේ බන්ධුල ඇන්ඩ් බෝයිස්ලාය ! එක මැච් එකක බන්ධු 107 ක් ගැසුවා යාන්තම් මතකය . මේ බන්ධුගේ රැකෝඩ් ට කෙළ වෙන්නේ ආනදයේ ප්‍රසන්න අමරසිංහ අතිනි . ප්‍රසන්න අමරසිංහ වැඩ්ඩෙකු නොවේ . එහෙත් කරුමෙට එදා වැඩේ පත්තුවිය .එතක් බන්ධුල සතුව තිබූ නොදැවී 118 ක වාර්ථාව ප්‍රසන්න 127 ගසා කැඩුවා වාගේ මතකය . ඉන්පසු නැවත නාලන්දය ගැලවුනු කලිසම ඇඳගත්තේ මහානාමගේ පිහිටෙනි . ඒ එකසිය තිස් ගානකි . ඊළඟ අවුරුද්ද  සෙට් උනේ ගුරාටය .ගුරා සෙන්චරියක් දමා පැවිලියන් එකට ආවේ ආනන්ද - නාලන්ද සියල්ලන්ගේම චියර් එක මැද්දේය . ඒක හරියට  ඕස්ට්‍රේලියාවේ මර්ක් ටේලර් ට්‍රිබල් සෙන්චරියක් දමා; සර් ඩොනල්ඩ් ඩොන් බ්‍රැඩ්මන්ගේ රෙකොර්ඩ් එකට උම්මා එකක් දී පැවිලියන් එකට ආවා වාගේය .
ගුරා  ඇට්ටි හැලෙන්නට පොල් අඩි ගහන එකෙකු නොවේ . වන් ඩවුන් බැට්ස්මන් ප්ලේ කලයුතු ආකාරයට සෙමෙන් සෙමෙන් ඉනිමක් ගොඩ නංවන ක්‍රීඩකයකු විය . ලංකාවේ දන්න නොදන්න සියල්ල වේදිකා නාට්‍යය බලන්න පටන් ගත්තේ නිහාල් සිල්වා සාජන්ට් නල්ලතම්බිට නටන්න ගත්තාට පසුවය . ඒවාගේම දන්න නොදන්න හැමෝම ක්‍රිකට් මැච් බලන්න පටන් ගත්තේ කලූ - සනත්  සුසංයෝගය ලෝකෙටම ඉස්ම යන්න ගහන්න පටන්  ගත්තාට පසුවය .  මෙසේ නව ක්‍රීඩා කලාවක් බිහිකරමින් සිටි මෙම දෙපල 1996 ලෝක කුසලානයේදී ආපසු හැරී එන්නේ ඉතා අඩු ලකුනු ගනනකටය . එතැන් පටන් සතෙන් සතේ , රුපියලෙන් රුපියල එකතු කරලා එකතු කරලා ලංකාව ගේමට ඇන්ටර් කරන්නේ ගුරාය . කලූලා සනත්ලා අවුට් උනාට පසු  TV එකට පස්ස හරෝගෙන සතුටට ගහන්න ගෙනා ගල් බෝතලේ දුකට ගහන්න පටන්ගෙන පැයක් හමාරක් යනකොට රුපියල් 1500 ට හරි බාගයක් ගෙනත් ගහන ගානට ලංකාවටම ත්‍රිල් එක ගෙනාවේ ගුරා හා අරවින්දය
වරක් එවකට ක්‍රීඩා ඇමති වරයා වූ නන්ද මැතිව්ගේ දැඩි තීරනයක් මත අරවින්ද කණ්ඩායමෙන් ඉවත්කෙරුණි . ඒ ශරීර යෝග්‍යතා පරීක්ෂන්යෙන් අරවින්ද හැලීම නිසාය. මේ කරුණ නිසා අර්ජුන ඇතුලු පිරිසක් Austral-Asia තරග සංචාරය වර්ජනයකලහ .විවිධ වූ ගැටුම් රැසක් මැද  රොෂාන්ගේ  නායකත්වයෙන් සර්ජා යනටීම් එක ; අර්ධ අවසාන පූර්ව තරගය සෙට් වෙන්නේ නවසීලන්තය සමගය .  මැච් එකක් ගොඩ දාගන්නට ගුරා අන්තිම 174 න් 115 ක් රැගෙන තනිවම ට්‍රයි කලත් අන්තිමට මැච් එක ඇනුනි .අවසාන පන්දු දෙකෙන් ලකුණු 9 ගන්නට තිබුනු අතර ගුරා පළමු පන්දුවට හයේ පහරක් එල්ලකලද දෙවන පන්දුවට ලබා ගැනීමට හැකිවන්නේ ලකුණු 1 ක් පමනි !  ඒ කඳුළු පිරුනු දැස් සඟවාගත් ගුරා; මහා  දෙස බලා එදා සමාව ගත්තේද ? උන්ගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයකි .
කාලයත් සමග නැවත අර්ජුන නයකත්වයට පත්විය . ඉන්පසු සිදු වූයේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම 3 වැනි පිතිකරු හට සිදුනොවිය යුතු දෙයකි. ලෝක ශූරතාවයෙන් මාස 8 ගත් වෙද්දී මහා හැලුනි.  තවත් ඉතා කෙටි කලකදී ගුරා වද හැලුවේය . එයට ආසන්නතම හේතුව ලෙස මණ්ඩලය දක්වාතිබුනේ ගුරා වේගවත් මදි බවයි ! මේ වන විට ගුරා  කණ්ඩායමේ  කළමනාකරු වන අතර තේරීම් කමිටුවේද අසුන්ගෙන ඇත. ලැජ්ජාව නැත්තේ මණ්ඩලයටද නැතිනම් ගුරාටද කියා නොඅසන්නේ අද පවතින්නේ එදා පැවති මණ්ඩලය නොවන බැවින් වීම හා ගුරා කරන්නේද ජොබ් එකක් නිසා බැවිනි .
කලකට පෙර අපට චිත්‍ර පටි ශාලාවේ නම කියූ සැනින් ගමේ නම කටට එනතරම් හුරුවක් තිබුනි .  ජීවනි - අලව්ව , නිමාලි  -  කිරිබත්ගොඩ , චන්ද්‍රා - අවිස්සාවේල්ල  යනාදී වශයෙන් . අනේ දෙයියනේ කියලා චිත්‍ර පටි සංස්ථාව අපේ ඒ ඕනනැති මතකයට කෙළා වැදෑරුවේය ! තවත් ඉස්සර ඡන්ද කොඨ්ඨාශයෙ නම කිව් සැනින් මංතිරියාගේ  නම කියන්නට පුලුවන් කම තිබුනි . අනේ මේ ඊයේ පෙරේදා මැරුනු රවිගේ තාත්තා ව්‍යවස්ථාධායකයට කරපු  විනාසයේ ප්‍රථිඵලයක්  ලෙස මොන මංතිරි මොකේද කියා හොයා ගැනීම සෙල්ලම් නැත .
මේ විදියටම කලකට පෙර මුළු ටීම් එකම කට පාඩමින් කියන්නට මතක යේ තිබුනි . අද  වන විට මණ්ඩලේ හා තේරීම් කමිටුව විසින් අපේ මතකය අවුල් කර ඇත!  ගුරෝ පුලුවන්නම් ටීම් එකක් හදපං මිනිස්සුන්ට ඉන්න එවුන් ගේ නම් මතක හිටින්න අඩු ගානෙ ඊළඟ සීසන්  එක ඉවර වෙනකංවත්   !


3 comments:

  1. දුව පොඩි කාලේ මං මෙල්බර්න්වල ළමා කොන්සර්ට් එකක් බලන්නට ගිය වෙලේ ගුරුසිංහත් ඇවිත් හිටියා දරුවෙකු සමග!

    මේ කියන්නේ 1999 වගේ කාලේ කියායි මතක.

    ReplyDelete
  2. ආනන්-නාලන්ද මැච් එක කලින් සතියේ පාසල් දෙකේ ගුරුවරුන් ගේ මැච් එකක් තියෙනවා. මා නැරඹු ඒ මැච් එකකට මෙන්ඩිස්ලා දෙන්නාම සෙල්ලම් කළා. ලයනල්ට වඩා ණෙල්සන් දක්‍ෂයි කියායි මට හිතුණේ!

    ReplyDelete
  3. රසික මහත්තයෝ , ඒ ගෙවිලා ගියේ ඒ ඉස්කෝලවල ස්වර්ණමය යුගය. නෙල්සන් මෙන්ඩිස් සර්ලා හිටිය කාලෙ තිබුනු ඉස්කෝල දෑන් අභාවයට ගිහිල්ලා. ඒ කාලෙ නාලන්ද ග්‍රවුන්ඩ් එකේ ආනන්ද - නාලන්ද ස්ටාෆ් මෑච් එක තිබුනු දවසක මෑච් එකට චියර් කරන්න ; මේ දවස්වල ලංකාවේ ක්‍රිකට් වල ඉන්න දේශපාලු සුපිරි වැඩ්ඩෙක් ගෙනාවා මෙගාෆොන් එකක් කරේ එල්ලගෙන. ආයෙ කතා දෙකක් නෑ යාළුවාව හැරෙන තැපෑලෙන් එලියට දාන්න ඒකාලෙ හිටිය ගුරු වරුන්ට පුලුවන් උනා. අද නම්!?

    ReplyDelete

ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...