Monday, May 29, 2017

29. වතවන සිරිසුමන අපේ හාමුදුරුවෝ



නුවන් තේනුවරගේ තෙල්සායම් චිත්‍රයක්

මගේ “හාමුදුරුවන්ගෙන් බුද්ධාගම බේරා ගනිව්” පෝස්ටුවත් “හන්බයන්ද? සිංහලුන්ද?” පෝස්ටුවත් කියැවූ සමහර මිතුරු  තොමෝ සිතා සිටින්නේ මම පන්සල සමග හෝ ගරුතර සංඝ සමාජය කෙරෙහි සංසාරගත කොරෝධයකින් ඉන්න තුන් වේලටම ඩයට් එකට  බුද්ධාගම  ගෙන ඩෙසට් එකට සංඝ සමාජය ගන්නා;  අජාසත්තගෙ ෆිට් එක වන දේවදත්ත කෙනෙක් කියාය. එය එකසිය  ගානේ මුලාවකි. මිත්‍යා දෘෂ්ඨියකි . සිංහලෙන් කියනවානම් අමුම අමු රැවටිල්ලකි.
මම කියන්නේ හාමුදුරුවන් මීට වඩා ප්‍රොෆෙශනල් විය යුතු බවයි. ප්‍රැක්ටිකල් විය යුතු බවයි. ධනවත් දායකයිනට පමනක් නොව සමස්ථ ජන සමාජයටම  එකසේ වැඩදායක පිරිසක් විය  යුතුබවයි. මේ වැඩ දායක කීවේ ස්ට්‍රැයික් කරන්නවත්, පාගමන් උද්ඝෝෂන සිදුකොට සිවුර කරේ තියාන වැට වල් උඩින් පැන පොලිස්  පොලු පහර කා තට්ටේ පලාගන්නවත්, පාර්ලිමේන්තුවට වැඩමවා; තමන්ගේම යෝධ පිතූරයක් තම පන්සලේ අටවා තබා එහි එන මෝඩ උපාසක අම්මලාට කියා මල් තියා වන්ඳනා මාන කරගන්නා කොලොන්නාවේ  සුමංගල උන්නාන්සේ කොරගත්තා  වගේ; මර්වින් සිල්වා පෝරිසාදයා වෙතින් දෙක නිශ්ක්‍රීය කරගෙන ඉස්පිරිතාල ගානෙ ලගින්නවත් නොවේය! දෙන දේ කා වෙනදේ බලා නොසිට සමාජයට අර්ථයෙන් ධර්මයෙන් දිය හැකි දෙයක් දී; පල්ලියෙ පියතුමන්ලා සේ අවශ්‍ය දෙයට පමනක්  හොම්බ දමා කාඩ් එක  බේරා ගෙන ඉන්න කියාය. එවිට බබාත් බබාගේ අම්මාත් දෙදෙනාහටම ගොඩයා හැක.

මේක කියවන අය ඒගමන කියාවි ‘‘කොහෙද තට්ටයෝ ඔය කියන මොඩල් එකේ හාමුදුරුවෝ ඉන්නේ බුදධකාලීන භරතයේද?” කියලා . අනේ නෑ අයුබොවංඩ මම මේ  කියන කඨන්ඩරේ  කියවන්නකෝ තරහ අවසර!

වැල්ලවත්තේ ඉස්සර රෙදි මෝල ; නැතිනම් දැන් විදියට කියනවානම් හැව්ලොක් සිටි එක ලඟින්  ගලනා කවුරුත් දන්නා  කුණු ඇල එතැනින් යන්නේ ගාලු පාර හමුවට. මේ ඇළ අයිනේ තියෙනවා: හරියටම සැවොයි ෆිල්ම් හෝල් එක  ඉස්සරහින් පාරක් ඇළ අයින දිගේ. මේ පාරේ නම ධර්මාරාම පාර වගෙයි මතක. ඔය පාරදිගේ ගියාම තියෙනවා ටිකක් පැරණි පංසලක් . ඕකෙ වැඩ ඉන්නවා කොළඹ පැත්තේ ඉස්කෝලෙක උගන්වන හාමුදුරුනමක් නම වතවන සිරිසුමන! 

මේ පන්සලට මම ගියේ අප දන්නා හඳුනන සැට් එකක් මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා කඨිණ  පිංකමක් කරලා ඒකට පිටිපස්සේ ඉන්ඳන් අත්වැල අල්ලන්න හෙවත් සයිඩ්  සපෝට් එකට. කඨිණයට කලින් හැම පන්සලේම කරණ විදියේ පොඩි පොඩි වැඩ ටිකක් මේ පංසලේත් කෙරුණා. හැබැයි හරිම ප්‍රායෝගික විදියට.

කඨිණයට හිටියේ  දායකත්වය ගෙන තිබිනේ වෙන බොහෝ පංසල් වල වාගේ ලෝකෙ කාලා වතුර බීපු ශයිලොක්කෙක් නෙවේ. දැන උගත් හත් අට   දෙනෙකුගෙන්  යුත්  කණ්ඩායමක්. ඒනිසාම එකෙක් පොරක් වනවා වෙනුවට කණ්ඩායමක් සාමූහිකව  වැඩ කරණු දක්නට  ලැබුනා. මේ කණ්ඩායමේ හිටිය වයස්ගතම සාමාජිකයා තමයි හාමුදුරුවන්ගේ ආදරනීය තාත්තා. එතුමාට ඒ සඳහා වියදම් කරන්නට මුදල් වත් මහන්සි වන්නට  තරම් හොඳ සෞඛ්‍යයක් වත් තිබුනේ නෑ. ඒත් ඒ තාත්තා පුලු පුලුවන් විදියට බැකින් එක දුන්නා වැඩේට.

ඒට පස්සේ ඔය පොඩි පොඩි බෝධිපූජාවක්, තෙසැත්තෑ ඥාන පූජාවක්  වගේ වැඩ වගයක් කලා. මේ හැමදේ කදිම හරිම පිලිවෙලක් තිබුනා. හැම වැඩේම කලේ හමුදුරුවන්ගේ ඩිරෙක්ට් සුපර්විශන් එක යටතේ. පැන්, ගිලන්පස තියන භාජනයේ වර්ණයේ  ඉඳන් භාජනයකට දාන්න ඕන පැන්, ගිලන්පස ප්‍රමානය;  මට්ටම ගැන පවා; හාමුදුරුවෝ විපිලිසර විය. 

මහ පිරිතක් පැවැත්ත්වූ අතර එය හවස 2.00 ට පමන පටන් ගෙන රෑ 7 – 8 පමන අවසන් විය. මේ නිසා රෑ එලිවෙනතුරු කෙරෙණ පිරිත් සජ්ජායනා වලදී සේ; හාමුදුරුවන් පිරිත් දෙසනා අතර තුර; පසෙකට වී බයිලා කියන්න; සිගරට් ගංජා ගහන්න ; කාර් වල ඩිකියේ තියාගෙන ශොට් එකක් දාන්න දායකයින්ට තිබුනු ස්වර්ණමය අවස්ථාව සිරිසුමන හාමුදුරුවන් විසින් බකල් කරණා  ලදී.

කඨිණ පෙරහැර  නිකම්ම නිකන් මල් පෙරහැරක් විය. අලි ඇත්තු, පපර බෑන්ඩ්, පොන්න ඩාන්ස් , කිසිවක් එහි නොතිබුනි. මල් හා කොඩි රැගත් උපාසක උපාසිකවන් ට අමතරව; හාමුදුරුවන්  උගන්වන පාසැලෙන් නැටුම් කණ්ඩායමක් පැමිණ  තිබුනි. 

පසු දින සවස වැඩහිටි හාමුදුරුවන් වහන්සේ ගේ ධර්ම  දෙශනාවෙන්  වැඩේ අවසන් විය. 

කාලය ගෙවී ගියේය. මස ගනනාවකට පසු මා ගේ හදවත ලෙඩ විය. හදවත තුල හිරවූ ලේ දහරා  ගලායාමට; අවහිර වූ මාර්ඝ  වලට බෝක්කු කටවල් යොදා හදවත රෙපයාර් කර ගන්නට  මා රෝහල් ගත විය.  මේ වැඩේට මා සැත්කම් ශාලාවට එනතුරු රඳවා  තබා තැබුනේ   ඊ ටී යූ   එකේ  හෙවත් කෙළ වෙන උන්  බලාගන්නා අංශයේය.
දහවල් 1.00 ට 2.00 ට විතර  මාගේ බිරිඳ මා හට කථා කොට හාමුදුරුවන් වැඩිය බව පැවසීය. මා ඇහැ ඇර බලන විට වතවන සිරිසුමන හාමුදුරුවෝ මාගේ ඇඳ අසලය.
“මහත්තයෝ ඔහෝම වැඳ ගන්නකෝ ” ඒ උන් වහන්සේගේ කරුණාබර වදන්ය.

පිරිත් කීමෙන් අනතුරුව;
“නෝනා ඔය අටපිරිකර මහත්තයට දෙන්නකෝ පිළිගන්වන්න!” කීවේය. 

මාගේ බිරිඳ මා අත තැබූ අටපිරිකර මා දෝතින්ම උන් වහන්සේට පිළිගැන්වීය. එය භාරගත් උන් වහන්සේ මාහට අශිර්වාද කොට නික්ම ගියේ අවට සිටි සෑම රෝගියකු ලඟටම ගොස්; මටමෙන්ම පිරිත් නූල් බැඳීමෙන් පසුවය .

පිරිකර රැගෙන පසු ගමන්  ගිය මාගේ බිරිඳ   නොබෝ වේලාවකින් මා අභියස විය. ඒ වන විටත් මා වෙනුවෙන් බොහෝ මුදල් වියදම් කර තිබුනු බිරිඳ ගෙන් මා ඇසුවේ පුහුදුන් සත්වයෙකුට අසන්නට හිතෙනා පැනයකි.

“අටපිරිකර වලට කීයක් ගියාද ………..?”

“මට වියදම් කරන්න උනේ නෑ ! හාමුදුරුවෝ එන ගමන් පසලෙන් අරන් ඇවිල්ලා ඔයාට කියලා පූජා කරවන්න……!!!” 

හදවත ලෙඩ වූ මොහොතටත් වඩා මාගේ හදවත බර විය. එය; මාගේ  දෙනෙතින් බිරිඳ දකින්නට ඇත.!

සියලු සත්වයෝ නිදුක් වෙත්වා!

28. හම්බයන්ද ? සිංහලුන්ද?




අපි බොහොමයක් මුස්ලිමුන් හඳුන් වන්නේ ඉහත නමින්ය. හම්බන්වැල්ල, හම්බන්තොට යන වචන සෑදී ඇත්තේ  ඉහත වචනය මුල් කරගෙන විය යුතුය. 

සිංහල පාඩම පසෙක ලා අපි අතරේ කලක පටන් තියෙනා ඇරියස් එක ගැන කතා කරමු .  සිහලයින්ට මුස්ලිමුන් සමග විසඳා ගත යුතු ගැටළු කිහිපයකි.

මුස්ලිමුන් ගේ ජනගහනය  නුදුරේම සිහල ජනගහනය අභිබවා යෑමට නියමිතය.

මේ වන විටත් ලමා ජනගහනය සිහලුන් පසු කොට හමාරය !

ආර්ථිකය සූක්ෂම ලෙස අල්ලාගනිමින් සිටියි .

ඉඩම් අත්පත් කරගනී .

ආගම ව්‍යාප්ත කරයි .

ස්වභාවයේ ජීවත් වන; ශාඛ සත්ව  සියලු දෙනා හට තමවර්ගයා  බෝකරලිය හැක. ඒ සඳහා ඇවැසි සියලු අංගෝපාංගයන් වලට අප උපතින්ම උරුමකම් කියන්නෙමු. ඒ අතින් මුස්ලිමුන්; සිහලුන් අභිබවා යෑමක් හෝ මුස්ලිමුන්ට සිහලුන්ට නැති විශේෂ හැකියාවක් හෝ නැත. සිහලුන් තම පුංචි පවුල පවත්වාගෙන යෑමටත්; මුස්ලිමුන් මහා පවුල් ඒකකයක් පවත්වා ගෙන යෑමටත් ඇති ඉතාකුඩා ගුණාකාරය වන්නේ එකිනෙකා සිතන ආකාරය පමනකි.

මෙහිදී සිහලුන්  Quality ගැන සිතද්දී මුස්ලිමුන් සිතන්නේ Quantity ගැනය. සිහලුන් තම කුඩා පවුල් ඒකකය විශිෂ්ඨ මට්ටමකට ගෙන එන්නට උත්සාහ ගන්නේ අධ්‍යාපනයෙන්,  විනයෙන්, පෝෂනයෙන්, සමාජ සුරක්ෂිත භාවයෙන් වැනි කරුණු තුලින්‍ය.  පුංචි දරුවන්ට ඉගැන්වීමේදී උපයෝගී කරගතයුතු මූලික කරුණු තුන වන “ටිකක්, සෙමෙන්, හොඳින්” විය යුතුසේම; සිහලුන් තම පවුල ටිකක්, සෙමෙන්, හොඳින් සෑදීමට වැඩි නැඹුරුවක් දක්වයි.

මුස්ලිමුන් බහුතරය   උත්සාහ ගන්නේ තම පවුල ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමටය. මුස්ලිමුන් සිතන්නේ ආර්ථික වශයෙන් මෙම සමාජය ජය ලැබීමට නම් යොමුවිය යුතු වන්නේ ව්‍යාපාරික ලෝකය  වෙතය. ව්‍යාපාරයක් සාර්ථකව  පවත්වා ගෙන  යෑම සඳහා විශ්වාස වන්තයින් සිටිය යුතුය. තම පවුල් ඒකකය කෙතරම් විසල් වුවද ඒ සෑම සාමාජිකයා වෙත්ම එල්ල වුනු වගකීමක්, රැකියාවක් පවතී. 

“විශ්වාසා පරමා ඥාතී” යන්න  සිහලුන් විශ්වාස කරත්ම ඔවුන් ගේ ඉගැන්වීම වන්නේ “ඥාතී පරමා විශ්වාසා” යන්නය! අප ජනඍතිය තුලම “මිනිසාට වින කරණ සතුන් තිදෙනා  ලෙස නම් කොට ඇත්තේ මීයා, වේයා  සහ නෑයා ය! බහතෝරණ වියේ පටන් අප උගෙන ගන්නා; මිනිසාට හානි කරණ සතුන් වන මීයාට හා වේයාට පසු කලෙක එක් කරණ්නේ නෑයා වය. (සත්‍ය ලෝකය තුල විවාදයක්ද නැත.)

මුස්ලිම් ජන  සමාජය මාළු ටැංකියක් සේය! මාළු ටැංකියක සිටින මාළුවකු කසාදයක් බඳින්නට උවමනා වූ විට අල්ලපු ටැංකියෙන් මනමාලියක් සොයා ගන්නේ නැත. ඌ තම සහකාරිය, පෙම්වතිය හෙවත් මාළු කෑල්ල සොයා ගන්නේ තමා  සිටිනා ටැංකිය තුලින්මය. මුස්ලිම් ජන සමාජය තුලද මේ තත්වය බොහෝ දුරට සමානය. ඒ නිසාම මුස්ලිමුන් වසන ගමක් ගත්තද, නගරයක් ගත්තද, වෙනත් කුමන ආකාරයේ ජනපදයක් ගත්තද හැම එකාම “අපේ එකෙකි”! මේ නිසාම එම ප්‍රදේශය  තුල ඇතිවන ඕනෑම ආර්ථික සටනකින් එකෙකු පරාද වුවද ජය ගෙන ඇත්තේ තවත් “අපේම” කෙනෙකි. ඒ නිසාම අවුලක් නැත!

ඔවුන් ගේ සමාජය වෙත වෙළෙඳ කටයුත්තකට කිසියම් අගන්තුකයෙකු ගිය හොත්; එම ව්‍යාපාරික කටයුත්තට ඍජුවම සම්බන්ධ  වන අය  හැරුණුවිට තව බොහෝ දෙනෙක් ග්‍රවුන්ඩ් සපෝට් එකට එම ස්ථානයට රොක් වේ. ඒ අය එම කටයුත්තට අවශ්‍ය පෙළඹවීම්, පනගැන්වීම්, උසිගැන්වීම්, උත්ප්‍රේරක, අනුපාන, කුඩ ඇල්ලීම්, ගොටු ඇල්ලීම්, චියර් කිරීම්, වතුර ගැසීම්, පවන් ගැසීම් ආදි එකී මෙකී නොකී සියල්ල වටේ සිට කරණු ඇත. ඒ වැඩේ කෙරෙණ පැත්තටය. මොනයම් හෙයකින් ඔහුගෙන් ඔබ ඉවත් වීමට සැරසුනහොත් මෙතෙක්  පවන් ගැසූ අය භාණ්ඩ අලෙවි කරන්නා වී; එතෙක් අලෙවි කරන්නාව සිටි අය පවන් ගැසීමට පටන් ගනී. මෙහි ඇති විශේෂත්වය  වන්නේ මෙවර අලෙවි වන්නේ ඔබේ අව්ශ්‍යතාවයට වඩත් සමීප දෙවෙනි අයට අයත් භාණ්ඩයකි! මෙය මුල් අලෙවි කරුවා ගැටළුවක් කරගන්නේද නැත. එයට හේතුව  වන්නේද “ඌ ද  අපෙ එකෙකු” වනබැවින් විය යුතුය! 

මේ නිසාම ඔවුන්ගේ නිවාස තුලින් ජනනය වන පිරිසට ජීවත්වීම මහා  අමාරු කටයුත්තක් නොවනු ඇත.  මොන විදියකින්වත් බිස්නස් එක පිට නොයැවීමට ඔවුන් වග බලා ගනිති! 

ඕනෑම ජන සමාජයක, පරිසර පද්ද්තියක ජීව සමතුලිත තාවයක් පැවතිය යුතුය. එය කිසිවෙකුට බැහැර  කල හැකි  කරුණක් නොවන්නේය. අපේ රටේ දිවියන් වේගයෙන් වඳවීයාමෙන්  සිදුවන අඩු පාඩුව මකා  ගැනීමට අප්‍රිකාවෙන්  සිහයන් ගෙනත් අපේ වනාන්තර වලට මුදා නොහරින්නේ ඒ නිසාය . මෙසේම අපේ රටේ වේවා වෙනයම් රටක හෝ පවතින ජන සංයුතිය වෙනස් වීම භයානක තත්වයකි. මන්ද එක් සංස්කෘතියක් විසින්  තවත් සංස්කෘතියක් සිතා මත හෝ  නොසිතා ගිල දැමීම  සාපරාධී ක්‍රියාවකි. ඔස්ට්‍රේලියාවේ මුල් පදිංචි කරුවන් වූ ඇබොර්ජිනී වරුන් හට, රතු ඉන්දියානුවන් හට උවද සිදු වූයේ  මේ තරම් බර පතල නොවූ වද අවසාන ප්‍රථිඵලය එකසේ භයානක වූ ක්‍රියාවලියකි.

නැවතත් අප කතාවේ මුලට ගියහොත් බහුතරයක් වූ  සිහලුන්හට තම පැවැත්ම පවත්වා ගෙන  යාමට මුස්ලිමුන් කර ඇති බලපෑම කුමක්ද? සිහලුන්ගේ ජනනය කිරීමේ හැකියාව ඔවුන් විසින් කප්පාදු කොට ඇත්ද?  මුස්ලිමුන් සිහලුන් අතික්‍රමනය කිරීම නවතා දැමිය හැකි  සදාචාර සම්පන්න කිසිදු ක්‍රමවේදයක් වෙත්ද? සිහලුනට මේ අතික්‍රමණය නවතාලීමට තමන් විසින් මෙලොවට ජනනය කරණ සංඛ්‍යාව තීරණය කරන්නේ පිටස්තර බලවේගයක් විසින්ද?
මෙහිදී මුස්ලිම් පල්ලිය විසින් සමාජයේ  පවතින ආර්ථික අසමතුලිත තාවය මග හැරවීමට අර්ථයෙන් ධර්මයෙන් සමහර අවස්ථාවල මැදිහත් වීමක් කරණු ලබනු ඇත.

එය උපදේශනය, ණය ගනුදෙනුවක මැදිහත් කරුවකු ලෙස කටයුතු කිරීම, උදව් උපකාර හුවමරුවක පහසුකම් සපයන්නා ලෙස කරණ මැදිහත්  වීම විය හැක. මේ මැදිහත් වීම  කරණු ලබන්නේ ණය ගැනීමේදී  පමනක් නොවේ. ආපසු ගෙවීමේදීද, ආපසු නොගෙවා කට්ටි පැනීමේදීද මේ ඇදිහත් වීම කරණු ලබයි .

බොහෝ විසල් පරිමානයේ මුස්ලිම් වියාපාර කෙරෙණ ස්ථානයන්හි කුඩා වියාපාරිකයින්ද තම එදිනෙදා ජීවිතය  ගෙනයාමට කුමක් හෝ කුඩා වියාපාරයක් කරති. පේමන්ට් එකේ හෝ ඉදිරිපස පඩියමත හෝ තබාගෙන ජීවන සටන ගෙනයන මුස්ලිම් දුප්පතා හැදෙන්නේ  වැඩෙන්නේ මහා වියාපාරිකයා සෙවනේය. සමහර විට එම අවසරය ලැබෙන්නේ පල්ලිය හරහා විය හැක. එකම පොකුනකින් මුව දොවාගෙන, එකම ශාලාවක  එකට බිම අසුන් ගෙන සෑම පන්තියකටම අයත් මුස්ලිමුන් එකට; එකම දෙවියෙකු යදිති. ලොකු වියාපාරිකයින් පැමිනි විට ලොකු මව්ලවි තුමා පැමින මහතින් වැඩි නූල් බදින්නට යන්නේ නැත. ලඟටම ගොස් දෙවියන් වන්දවන්න යන්නේ නැත. කොටින්ම පන්සල් වල ඇති පංති බේදය මුස්ලිම් පල්ලියක දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින්ය. මෙය අප කැමැත්තෙන්   හෝ අකමැත්තෙන් වුවද පිලිගත යුතු සත්‍යයයි. පන්සලට මේ මැදිහත් වීම කරණ්නට නොහැකි වන්නේ මන්ද? කළුතර  බෝධිය, අනුරාදපුර අට්මස්ථාන, දළදා මාළිගය, සෝමාවතිය, කැළණිය  වැනි සිද්ධස්ථාන වල දිනක ආදායමෙන්  පවුල් කීයක්නම් නගා සිටුවිය හැකිද?
සිහලුන්   පුංචි පවුලට   ආදරය  කර්න්නට මූලික වූ හේතු කිහිපයකි.

දරුවන් කුඩාකල රැක බලා ගැනීමට තියෙන අපහසු භාවය.

කිරි පිටි  ආදියට යන වියදම් දැරීමට නොහැකි වීම.

පාසැලක් සොයා ගැනීමට ඇති අපහසුව.

දැරිය නොහැකි ඉගැන්වීම් සඳහා යන වියදම්.  

එදිනෙදා වියදම්

මුස්ලිම් ගෙදරක   සිටින අධික ජනගහනය නිසාම දරුවන් බලා ගැනීම කජු කන වැඩකි. කුඩා පරිමානයෙන් සිදුකෙරෙන ව්‍යාපාරික  කටයුතු හා සමාජයෙන් ලැබෙනා අධාර උපකාර මගින් වියදම් බර සැහැල්ලු කර ගත හැක. එසේම ඔවුනට ඇති ප්‍රාථමික අවශ්‍යථා නිසා ආර්ථිකය ගැට ගසා ගත හැක. පාසැල් පිලිබඳව තිබෙන ආකලපය වන්නේ ලඟම පසැල - හොඳම පාසැල  යන්නයි. මෙසේ ජීවිතය අල්පේච්ඡ කරගෙණ ඇත. 90% ක් ම මුස්ලිම් ගැහැනුන් ගෙදරට වී සිටිති. වදන හැම  ලමයෙකුම බලාගන්න නැනීලා ගෙදරම සිටිති. මේ නිසාම පවුල කොයි තරම් විසල් වුවත් එය  බරක් ලෙස ඔවුනට නොදැනේ.

ලමුන් 6 දෙනෙකු මෙලොවට බිහිකල කුච්චවේලිහී  මුස්ලිම් මවකගෙන් වරෙක ඒ පිළිබඳව විමසීමක් කල විට ඇය පැවසූවේ “ දෙවියො දුන්නා අපි ගත්තා ” කියාය. මෙය කොයි තරම් සරළ වූත් සාධරණ වූත් සාර්ථක වූත් ප්‍රකාශයක්ද? මේවාට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කල හැක. නමුත් තම කුස තුලට සිතා මතා හෝ නොසිතා අහම්භයක් ලෙස හෝ එන දරුවා; දෙවියන්ගෙන් ලත් තිළිණයක් ලෙස මවකට දැකිය හැකි නම් ඒ දරුවා මොනතරම් වාසනා වන්තද?
වරක් විශාල ලොතරැයි දිනුමකට හිමිකම් කී අයෙකු මුණ ගැසුනු පුවත් පත් වාර්ථා කරුවෙකු තමා ලොතරැයි  අංකය තෝරා ගත් හැටි විමසීය.

“මම නමයේ ඉලක්කම තුන් පාරක් දැක්කා. නම වරක් තුන විසි හතරයිනේ! ඉංග්‍රීසි හෝඩියේ විසි හතර  වෙනි අකුර ඇම් නේ!! ඉතින් මම පාන්දරම ලොතරැයි කාරයා ලඟට ගිහින් ඇම් විසිහතර  ඉස්සරහට එන ටිකට් එකක් ගත්තා!!” දිනුම් හිමිකරු කියාගෙන ගියේය.
“ඉතින් නම වරක් තුන විසි හතරත් නෙවෙයි. ඉංග්‍රීසි හෝඩියේ විසි හතරවන අකුර ඇම්මුත් නෙවෙයිනේ!?”
“ඕකනේ ඕනවට වඩා ඉගෙන ගන්න හොඳ නෑ කියන්නේ …!” 

සමාජය ඥානණය කරනවා යැයි සිතන බොහෝ දෙයින්  සිදු වන්නේ අප නොසිතන අවැඩකි.  අප පාසැල් යන අවදියේ තිබුනු මත් නිවාරණ ප්‍රදර්ශන තුලින් අප හොඳින් මත් ද්‍රව්‍ය පිළිබඳව දැනුවත් විමු. ඒ නිසාම අප අළුත් අළුත් අත්දැකීම් ලබා ගැනීමට ඒවාට හුරුවූ අයද නැතිවා නොවේ!

මා පෙර සඳහන් කල බෞද්ධ සිද්ධස්ථාන වලින් සිංහලයාගේ යහ පැවැත්ම උදෙසා කල දෙයක් වෙත්ද? බණ දෙසීම්, බෝධි පූජා, පාංශුකූල, හැරුනාම  දුප්පත් දරුවෙකු වෙනුවෙන් කල දෙයක් වේනම් එය ලැබැන ආදායමට සාපේක්ෂව කෙතරම් අල්පද?

මේ ගැන කෑමොර දෙන උන් තම වර්ගයා වැඩි වශයෙන් බිහි කිරීමට කල සම්මාදම කුමක්ද?අවම වශයෙන් දරුවන් තිදෙනෙකු  මෙලොවට එක් කොට ඇත්ද? එසේනම් හම්බයෝ බෝවෙනවා! කියා මර ලතෝනි දුන් පමනින් සිංහල කුස තුලට දරුවන් පිළිසිඳ ගන්නවාද? අපට කියන්න ඇත්තේ අනෙක් ජාතිය වැඩි වෙනවා කියා මර ලතෝනි නොදී ගෙදරටවී  ඉතා පහසුවෙන් කල හැකි තමාගේ යුතුකම් කොටස වගකීම නොපිරිහෙලා ඉටුකොට; පසුගිය සමයේ තම පන්සල් අසලට දමා ගිය ඇත්පැටව්  බලාගත් හිමිවරුනට උපදින දරුවා භාර දෙන  ලෙසය. මන්ද ඇත්  පැටවෙකු බලා ගන්නවාට වඩා මිනිස් පැටවෙකු බලාගන්නා එක පහසු බැවින්ය.

කිරිබත්ගොඩ පානදුර ආදී සමහර ප්‍රදේශවල මුස්ලිම් ව්‍යාපාර බිහිවීමට එම ප්ර්දේශයන්හී සමහර බිස්නස් කාර තක්කඩින් පසුගිය කාලයේ මාෆියා ගේම් දුන්නේය. එහෙත් අදවනවිට කිරිබත්ගොඩ තත්වය ස්වල්ප වශයෙන් වෙනස් වී ඇත . ඒ “හමීඩියාස්” ලා උදේශි  සිටියට පැමිනීමත් සමගය. මා දන්නා පරිද්දෙන් මුස්ලිම් කූල් ප්ලැනට් එකට රෙදි මසා ජීවත් වන බොහෝ සිංහල අය සිටිති. මෙය හොඳ ප්‍රවනහාවයකි. මුස්ලිමුන් උපන් ගෙයි බිස්නස් කාරයෝය. උන්ට ඒ වැඩේ කරන්නට දී බඩු ටික  සප්ල්යි  කිරීම සින්හලුන් භාරගෙන ඇත. කූල් ප්ලැනට් එක වර්ජනය කරන්නට කතා කරණ අයට මෙම සිංහල ඇඟළුම් සපයන්නන්ට කලහැකි විකල්ප යෝජනාව කුමක්ද?  සිංහල අයියලා නගර ආක්‍රමණය කරගෙන මුස්ලිමුන්ට එන්න නොදෙන්නේ ජාති ආලේටද? නොඑසේ නම වෙළෙද මාෆියාව හේතු කරගෙනද?

යටියන්තොට නගරයේ හාඩ්වෙයාර් කඩ හතරක් පවතී. මින් දෙකක් මුස්ලිම් වන අතර එකක් සිංහල බෞද්ධ   වන අතර අනෙක සිංහල කතෝලික වේ. මින් සිංහල බෞද්ධ කඩේ ඇති මගුලක් නැත! කතෝලික කඩේ ඉන්න එකාට අපි කථා කලත් ඌ කතා   කරන්නේ නැත !! (බොරුනම් සිරී පාදෙ යන වෙලාවක හරි යටියන්තොට  පෙට්‍රල් ෂෙඩ් එක ඉස්සරහ තියෙන හාඩ් වෙයාර් එකට ගොඩවී බලන්න. මේ බ්ලොග් එක පල්ල මම බොරුවක් කියනවානම් මේ බ්ලොග් එකට හෙණ හත වදීවි  !) කඩේ උගේ මස්සිනාගේය. මාසයක් එක දිගට උගෙන් බඩු ගත්තද එක දවසක් රුපියල් 50 ක් අඩු උවහොත් කඩේ එකා කියන්නේ “එහෙමනං ඇණ ටික තියලා යන්න!” කියලාය.  එතකොට උගෙන් අහන්න හිතෙන්නේ ඇණ ටික තියලා ටකරං ටික විතරක් ගෙනිහිං ඒවා  වහලේ රීප්ප වලට හයි කරන්නේ “අහවල්”එකෙන්ද කියලාය!
මුස්ලිම් කඩේට ඇත්ලු වෙද්දීම කඩේ එකා සිනහ පිරි මුහුනෙන් යුතුව “අයියේ මොනවද ඕනේ ?” කියලා ඔබෙන් අසාවි .ඔබ ගිය දෙවන තෙවන දවසේ  රුපියල් 500 ක පමන භාන්ඩ ප්‍රමාණයක් ණයට ගන්නට පුළුවන. මේ ණය වීමේ  හැකියාව දින පතා වර්ධනය වන ගුනාංගයකි. නගරයේ වැඩිපුරම බිස්නස් ඇත්තේ මේ කඩේටය!
මේ කථාව අහපු ගමන්; මීට කලින් මම මේ කථාව කියනවා අහන් හිටපු අපේ වෑල්ඩින් රුවන් වාගේම ඔබත් කියාවි “ඒ උන්ගේ කපටිකම! ඒ උන් ඔයාව අල්ලගන්න!!” කියලා. එතකොට මම අපේ රුවාට කියපු කතාවම ඔබට කියන්නම් . “ගමක ඇහැට කනට පේන කෙල්ලක් සිටී. මේ කෙල්ල එකෙකුගේවත් මුහුණ බලන්නේ නැත . ඒකිට අපේ එවුන් කියන්නේ මොනවාද? ඒකිගේ කිසියම් අවයවයකට ස්තාන මාරුවක් ලැබී ඇතැයි අපේ එකාලා පූර්ව නිගමනයකට නොඑළඹේද? මේ කෙල්ලම සැමදෙනා සමඟ සුහද ශීලී ලෙස සිනහ වන්නේනම් ,කතා කරන්නේනම්; ඇයට කියන්නේ කුමක්දැයි  මා නොකිවමනාය.” මේලෙසින්ම  කඩේ එවුන් කලයුතු වන්නේ “කපටිකමින්” අප සමග සිනහවී  හදිසියේ අතමාරුවක් කර ගැනීමට අවකාශය සපයමින් කරණ වෙළඳාමද? නොඑසේනම් කඩේට එන එකාගේ මුහුනවත් නොබලමින් හදිසියකට රුපියලක්වත් නයට නොදී කරණ “රෙස්පට්” වෙළඳාමද?
(මා මුලින් කී කඩේ අයිතිකරු-මස්සිනා  සෑම සියලු දෙනා සමග සුහද ශීලී අයෙකි. ඔහු නිකමට වත් කඩේට එන්නේ නැත . වරෙක මා ඔහුගෙන් ඒ පිළිබඳව විමසූ විට කීවේ “එන්නේ නැත්තේ ආවොත් නයට දෙන්න වෙනවා !” කියාය. )

ඔබ මුස්ලිම් සැලූන්  එහෙකින් කොන්ඩය කපන ගමන් අයිස් ක්‍රීම් එකක් ඉල්ලුවද සැනෙකින් එය ඔබ අත තබාවි. එසේම එම සැලූන් එකෙන්ම අයිස් ක්‍රීම් එකක් ගන්න තැනක් ඇසුව හොත්; අයිස් ක්‍රීම් විකුණන තවත් මුස්ලිම් කඩයක්ම පෙන්වාවි.

මේ පරීක්ෂනයම සිංහල කඩයක් කේන්ද්‍ර කරගනිමින් කල හොත් නිරීක්ශණය කුමක්දැයි   මා කිව යුතු නොවේ.

ජීවිතං අනියතං මරණං නියතං කියා උදේ හවා කියවන අප මරණයකදී බිම පෙරලි පෙරලි  හඬති ! මැරුණු එකා ප්‍රථිසංධියක් ලබා හෝ අවසාන විශ්චයෙන් සතියකට පසු  මළකුණ වලදමති. ඒ මුළු බොඩියෙන් යම් ප්‍රථිශතයකි. අව්ශේෂ කොටස වෙනමම වල දමනු ලැබේ . මුස්ලිමුන් මැරුණු එකාගේ මුළු බොඩියම පැය 24 න් එකටම වලලති. 

මුස්ලිම් ජන සමාජය පුරුෂ මූලික කොට සෑදී ඇත . එහෙත් කාන්තා ආරක්ශාව පිළිබඳව  බොහෝ  අවදානයක් දක්වති. මුළු මුස්ලිම් සමාජයම පුරුෂ මූලික ලක්ෂණ පහල කලද කාන්තාවන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වති. වරෙක ත්‍රිකුණාමලයේ සිට පුල්මුඩේ දක්වා දිවෙන බස් රියට මුස්ලිම් කාන්තාවක් මගින් නැග්ගේය. ඇය සිටගෙන සිටි අතර මාගේ ආසනයට අනෙක් පසින්  මුස්ලිම් යුවලක් වාඩිවී සිට්යෝය. ටික දුරක් යද්දී මා අසල ආසනය හිස් විය.  එවිට එතැන සිටගෙන උන් කාන්තාව මා අසලින් අසුන් ගැනීමට සැර සෙත්ම අසල සිටි මුස්ලිම් යුවලෙහි හුන් පිරිමියා වහා නැගිට ඔහුගේ අසුන ඇය වෙත ලබාදී මා අසලින් අසුන් ගත්තේය! ඕනෑම ජන සමාජයක් ත්ම ස්ත්‍රී වර්ගයාට දක් වන ගරුත්වය මත ඔවුන්ගේ මතු දියණුව  රඳා පවතී. බොරුනම්  ඔබ ඔබගේ අම්මාගෙන් හෝ බිරිඳ ගෙන් අසා දැනගන්න. (වාහන මිළදී ගැනීමට ලීසිං දෙන ආයතනයක සේවය කල මාගේ මිතුරකු පැවසූයේ: ලීසිං ණය මුස්ලිමුන්ට ලබා දීමේදී ගනුදෙනු කරුවාගේ බිරිඳ ඇපකරු ලෙස යොදාගන්නට ඔවුන් හැමවිට උත්සාහ කරණ අතර එවිට මුස්ලිම්  ණය කරුවා කෙසේ හෝ ණය ගෙවන්නට පෙළඹෙන බවයි. මන්ද ඔවුන් තම බිරිඳෑවරුන්ව උසාවියට අමුනුවන්නට දැඩි මැළි කමක් දක්වන බැවින්ය.)

සිහලුන්  නිදහස් ස්ථානයක තම නිවස සෑදීමට  සූදානම් වෙද්දී මුස්ලිමුන් ඈත එපිට සුන්දර ස්ථානයන් හි තිබුනු නිස්කලංක පරිසරය බල්ලට දමා කෙසේහෝ නගරයෙන් පර්චස් 2 ක් හෝ ගෙන තට්ටු ගනනක නිවසක් තනා ගෙන; යට තට්ටු  තුන කඩ කාමර සඳහා  කුලියට දෙනු  ඇත .මේ නිසාම  නගරයේ සිංහලයන් සතු ඉඩම් සඳහා  ඉහල මිලක් ගෙවීමට  මුස්ලිමුන් ඕනෑම විටෙක සූදානම්‍ය. සිහලුන් මෙම ගනුදෙනුවලට අකමැති වේ නම් තම ඉඩම්  නො විකුනලා තියාගන්නට පුළුවන. නමුත් ඔවුන් කරන්නේ තම ඉඩම විකුනා දමා එම මුදලින් තමන්ගේ වෙනත් අවශ්‍යතාවයක් පිරිමසා ගැනීමය. එය තම තමන්ගේ කැමැත්තය . මෙම ක්‍රියා වලිය මුස්ලමුන් ඉඩම් අල්ලනවා යැයි කිව හැක්කේ  බලාඉන්න අයට පමනි . විකුණූ අයට එය හුදෙක්  තවත් එක් වෙළඳමක් පමනි! 

කිසියම් පලාතක එසේ සිංහලයකු තම මුදල් අවශ්‍ය තාවය මත තම ඉඩම මුස්ලිම් අයෙකුහට අලෙවි කරන්නට සූදානම් උවහොත් ඊට වඩා වැඩි මුදලක් ගෙවන්නට සූදානම් වන  සිංහල ජාති මමකයන් සිටිත්ද? මුස්ලිමුන් සිංහලයිනට ඉඩම් විකුනන්නේ නැත යන්න ; “සිංහලයන්ට මුස්ලිම් පල්ලි  ඇතුලට යන්න නොදෙති! යන්න සේම තවත් මුසාවාදයකි.  බොහෝ විට සිදු වන්නේ සිංහලයෙක් ගැනීමට පෙර ඔවුන් ගෙන් එකෙකුම ලොකු ඔෆර් එකක් දීමය.

අප දන්නා  කොතරම් ලංකිකයින් ප්‍රමානයක ඕස්ට්‍රේලියාව ,කැනඩාව ආදී  රටවලට සංක්‍රමනය වී ගෙවල් දොරවල් මිලදීගෙන පදිංචි  වී ඇත්ද? එම රටවල මුල් පදිංචි  කරුවන්; “ලංකිකයන් අපේ රටවල ඉඩම් කොල්ල කනෝ!” කියා රෙදි උස්සගෙන කෑ ගසනවා ඔබ අසා ඇත්ද?

පෙරදී  මෙන් නොව මේ වන විට  බොහෝ මුස්ලිමුන් හට අධ්‍යාපනයේ වටිනාකම මැනවින් වටහා ගෙන ඇත. නව පරපුරට සිංහල  දෙමල ඉංග්‍රීසි  මැනවින් හසුරවත්! ජනගහනය වැඩිනොකලද, ඉඩම් නොඇල්ලුවද, වෙළඳාම ආක්‍රමණය නොකලද ; ඔවුනට  අධ්‍යාපනයේ මහිමයෙන් ඉදිරියේදී රට යටත් කල හැකිවේ.

මුස්ලිමුන් ආගම ව්‍යාප්ත කරණා තුරු හාමුදුරුවන් කළයුතු  වන්නේ  කුමක්ද? ඔවුනට බුද්ධාගම ව්‍යාප්ත කරන්න්ට බැරි ඇයි? මුල මැද අග ඉතාමත් තර්කානුකූලව ඇති දර්ශණයක් වන  බුද්ධ ධර්මය පන්සලට එන උපාසක උපාසිකාවන්ට හැර වෙන කිසිවෙකු වෙත  ගොස් වදාල බවක් හීනෙන් වත් අසා ඇතිද? දිඹුලාගල හාමුදුරුවන්ගෙන් පසුව අන්‍ය ලබ්ධිකයෙකු මහණ කරගත් හාමුදුරුවන් වහන්සේ කෙනෙකු ගැන අසා ඇතිද? වටා පත නැතත් අන්ඩ්‍රොඉඩ් ෆෝන් එක අතේ ඇති  අද කාලේ හාමුදුරුවන්; එයින්වත්  බණ දෙසා ආගම ව්‍යාප්ත කරන්නට සැරසෙන්නේනම්  කොයිතරම්  අගනේද?

බුදුන් වහන්සේ පවා ඒකාලේ  “කොක්ක ගැසුවේ” අන්‍ය ලබ්ධිකයින් හටය. ඒනිසා කිසියම් ආගමකින් නැවත ඒ දෙයම කරන්නේ නම් මෙත් සිතින් බලා සිටීම හා  බුද්ධාගම ව්‍යාප්ත කිරීමට විධිමත් ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීම හැර අනිත් ආගමික ස්ථාන පොලොවට සමතලා කිරීම  සාධාරණ වේද?  
මෙම ලිපියෙන් මා  උත්සාහ ගන්නේ මුස්ලිමුන් කරණ සියලු ජඩ වැඩ අනුමත කරන්නට නොවේ. විල්පත්තුව කිසියම් අයෙකු විනාශ කලේ නම් එයට නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වී දඬුවම් ලබාදිය යුතුය.නැගෙනහිර බෞද්ධ නටබුන් ඩෝසර් කොට ඇත්නම් ඒවාට නිසිපරිදි “සැළකිය”යුතුය. මේ සියල්ලට  රටේ සාමාන්‍ය නීතියෙන් පිළිතුරු දිය යුතුය .

කල යුතු වන්නේ  අන්ජාතිකයින් නැගී සිටින විට  ඒ  අයගේ කකුලෙන් ඇදීම හෝ “මෙන්න මුන් අපේ ජාතිය කනවෝ!” කියා කෑමොර දීම නොව   තම ජාතියේ නැගීසිටින්නට වෙරදරණ වුන්ට අත දීම හා අපේ එවුන්ට කෙළවී ඇත්තේ කොතනදැයි  සොයා එයට  නිසි  ප්‍රථිකර්ම යෙදීමය.

.



Thursday, May 25, 2017

27. ගඟක් දිගේ ගිය ගමනක් 3


Canoe  
(මෙය ඇත්තෙන්ම කැනූ නොව ක’නූ  ය.)


Canoe යනු රතු ඉන්දියානුවන් ඈත අතීතයේ සිට භවිතා කල පරම්පරික යාත්‍රාවකි.මුල් කාලයේදී වේ වැල් වැනි නැමෙන සුලු රාමුවක් වටා බර්ච් ගසේ පොත්තක් ඔතා , මසා මෙය සකස් කොට ඇත .






එය අපේ රටේ ඔරුවට බොහෝ සෙයින් සමාන වන අතර  ඔරුව මෙන් නොව පැතැලි පතුලකින් යුක්ත වේ . මුළුමනින්ම  විවෘත යාත්‍රාවක් වන මෙහි ඇතුලත වාඩිවී හෝ බිම දණ ගසා සිටිමින් පැදීම සිදු කරනු ලබයි .



මේ සඳහා කෙටි හබලක් ( Paddle) භාවිතා  කරණු ලබයි . වර්ථමානයේ Pvc, ෆයිබර් ග්ලාස් ,ඇළුමීනියම් වැනි අමු ද්‍රව්‍ය  වලින් නිපදවන මේවා බොහෝවිට දෙදෙනෙකුට පැදයාමට හැකිවන අතර   තිදෙනෙකුට ගමන් පහසුව සලසා ගත හැක .



Kayak
(මෙය කයාක් නොව  ක’යිඇක් ය.)
Kayak යනු ඇස්කිමෝ වරුන් භාවිතා කල සාම්ප්‍රදායික යාත්‍රාවකි.       වර්ථමානයේ  මෙම යාත්‍රා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැක.

1. Sit in top (sit kayak) යාත්‍රාව තුල අසුන් ගෙන පදින Kayak.

Sit solo kayak

2. Sit on top (sot kayak) යාත්‍රාව මතුපිට අසුන් ගෙන පදින Kayak.
Sot tandem kayak 

Sot Inflatable Triyak


Sit in top (sit kayak)
sit kayak

(sit kayak) මෙම යත්‍රාව පදින්නා එය තුල අසුන් ගත්තාට පසුව ඔහුගේ හෝ ඇගේ සිරුර  හා යාත්‍රාවේ බඳ රබර් මුද්‍රාවකින් මුද්‍රා තැබෙනවා. මෙම මුද්‍රාව හැඳින්වෙන්නේ  Skirt නමින් .මේනිසා පැදීමේදී තම ඉනෙන් පහල කොටස තෙමීමෙන් වැලකේ. 

Solo kayak with skirt

බොහෝ විට මෙවැනි kayak භාවතා කරණු ලබන්නේ Rapid (ඇළි) තරණයට. Rapid එකක් යනු ගංගා , ඇළ දොළ  සීඝ්‍ර බෑවුම් හෝ ගල් අතුරින් ගලා බසිනා විට දියෙහි  ඇතිවන අධික වේගය, කැලඹිළි සහගත තත්වය, නොහික්මුනු බව, මුරන්ඩු ස්වභාවය, පෙරයිය නොහැකි (Unpredictable) බව ලෙස දැක්විය හැක.

 තරණයේදී ඇති දුෂ්කරතාවය මත පදනම් කොට ගෙන Level 1, Level 2 යනාදී වශයෙන්; මෙම ඇළි  වර්ගීකරණය කරනු ලබයි. ගල් පර්වත අතරින්  මොහොතින් මොහොත දිශනතියන් වෙනස් කරමින්, තම සිරුර ඒ මේ අත අඹරවමින්; එමගින් යාත්‍රාව සමබර කරගනිමින්, හබල් ගැසීමේ රටාවන් මොහොතින් මොහොත වෙනස් කරමින්, විටෙක තම ශක්තියද, විටෙක තම බුද්ධියද, තවත් විටෙක තම අත් දැකීමද, තවත් විටෙක පෙරයීමද මෙහෙයවමින් කරණු ලබන Rapid තරණය සඳහා  වඩාත් ගැලපෙන්නේ One Man Sit In Top Kayak එකකි.


                                   Solo kayak action in white water


Solo kayak action in white water

 මෙහිදී  One Man Kayak නැතහොත් Solo Kayak යනු තනි පුද්ගලයෙකු පදින Kayak ය. ඔබ  නිවසේ   සිට රූපවාහිනියෙන් නරඹන ක්‍රීඩා වැඩසටහන් වලදී විශාල වේගවත් එමෙන්ම තියුනු ජල කඳ සමග පහලට පැදයන්නේ sit kayak ය යන්ය. 
මේවා දෙදෙනෙකුට පැද යා හැකි Two Man ඒවාද ඇති අතර ඒවාට  Tandem kayak යැයිද කියනු ලබයි. හදිසි අවස්ථාවකදී මෙම  sit kayak යක් පෙරළී ගියද වතුරේ ගිලී යන්නේ නැත. 
ඒ මෙම යාත්‍රා දෙකෙළවර සවිකොට හෝ පුරවා ඇති ඉපිලුම් ද්‍රව්‍ය (Buoyancy Aid) හේතු කොට ගෙනය. 
මෙම වර්ගයේ  එනම්  sit kayak පැදීමට මනා පුහුණුවක් ඇවැසිවේ. යාත්‍රාව පෙරළී ගිය හදිසි අවස්ථාවකදී  නැවත උඩු යටි කුරු කර ගැනීම විශේෂයෙන් පුහුණු විය යුතු ක්‍රියා කාරකමක් වෙනවා. Eskimo Roll නමින් හඳුන්වන්නේ මෙම සුවිශේෂී දක්ෂතාවයයි.

Eskimo Roll

Sea kayak යනුවෙන් හඳුන්වන්නේ මුහුදු රළ අතරින් පැදයාමට හැකි වනසේ සිහින්ව හා ඉදිරිපස තියුනු ලෙස සැකසූ ඒවාය. මේවා බොහෝ විට sit kayak වේ .

Sea kayak


Sit on top (sot kayak)


sot kayak යනු මුද්‍රා තබන ලද යාත්‍රාවකි. මූඩිය වසන ලද පැතැලි ප්ලස්ටික් බෝතලයක් සිහියට නගා ගන්න. එය   sot kayak යක අනුරුවක් වේ.පදවන්නා ඉඳගන්නේ ඒ මත ඇති නොගැඹුරු වලේය.පදින්නාගේ දෙපා තබා  ගත හැකි පරිදි මතුපිට නිර්මාණය කොට ඇත. විනෝදය සඳහා පදින Recreational kayak බොහෝවිට  sot kayak  ය.

Recreational kayak 

මන්ද එය පැදවීම පහසු වීම කරණ කොට ගෙනය.ඉතා ඉක්මනින් පැදවීමට ඉගෙන ගත හැකිය. හදිසි පෙරළීමකදී kayak  ය   හා එය පදවන්නා වෙන්වන අතර kayak  ය නැවත උඩු යටි කුරු කොට ඒ මතට නැගීම පහසු කටයුත්තක් වේ. 

පොදුවේ kayak පදවන හබල (Paddle) හි දෙකෙළවරෙහිම වරළ් පිහිටා ඇත .
පොළොවට සමාන්තරව හබල හිසට උඩින් තබා වැළමිට අසළින්  අංශක 90 ට නවා ඉහලට ඔසවා හබල සමබර වන සේ  රඳවා තබා ගෙන පැදීම සිදු කරයි.


Kayak පැදීමේදී  එකිනෙකට වෙනස්වූ  මූලික රටා පහක් ගෙනහැර දැක්විය හැක. නිසල ජලය මත මෙන් නොව ගලා යන ගංගාවකදී හමුවන බාදක මගහැර  Rapid තරණය කරමින් පැදීමේදී  මෙම රටා සියල්ල පාහේ ඉවහල් වේ.

1.    Forward             (ඉදිරියට)
2.    Reversing         (පසුපසට )
3.    Turning (Sweep) (හැරවීම)
4.    Rudder effect  (හැසිරවීම  )
5.    Draw          (හරස් චලනය )

Forward  stroke

වර්ථමානයේ kayak නිපදවීම සඳහා  PE- Poly Ethylene, LDPP-Low Density Poly Properline, අලුමිනියම්, Glass  Fiber වැනි අමුද්‍රව්‍ය උපයෝගී කරගනු ලැබේ . PE, වලින් නිපදවන ලද kayak සාපේක්ෂව Glass  Fiber kayak වලට වඩා සැහැල්ලු වේ. ඒ නිසාම පැදීම හා හැසිරවීම පහසු . ත ගැටීම් වලට ඔරොත්තු දේ. මිළෙන්  අධිකය! මෙහි ඇති ප්‍රධාන අඩු පාඩුව  වන්නේ අළුත්වැඩියාවට ඇති අසීරු තාවයය. එසේම නවීකරණය කිරීම (Modification) කිරීම උගහටය.


මෙරට බොහෝ  kayak නිපදවෙන්නේ Glass  Fiber වලිනි. මේවා ගාල්ලේ ONDA, මොරටුවේ දනූශා මැරයින්, කඩවත කිරිල්ලවල ඔරියන්ට් ෆයිබර්  වැනි ස්ථාන වල නිපදවනු  ලබයි.   
මාගේ kayak ය ගැනීමට පෙර කරණ ලද අද්‍යනයේදී PE/LDPP kayak යන්  විකිණීමට ලංකාවේ  ඇති එකම ස්ථානය ලෙස මුනගැසුනේ කිරුළපන පිහිටි The Edge  නම්වූ  ස්ථානය  පමනි . එහි විකිණීමට තිබුනු kayak යක්  රුපියල් 125000/- පමන විය ! මෙය  මා ගේ බජෙට්ටුවට දැරිය  නොහැකි නිසාත් හදිසි අවශ්‍යතාවයකදී අළුත්වැඩියා කිරීමේ  පහසුව නිසාත්  Glass  Fiber kayak යක් ගැනීමට මා අපහසුවෙන් උවද ඒවන විට  හිත හදාගෙන තිබුනි. 
එනිසා මා kayak ය මිළදී ගත්තේ දනූශා මැරයින් වෙතිනි . දනූශා වෙතින් එහි  මිළ නියම කොට තිබුනේ රුපියල් 55000 කටය. පසුව එය 50000 කට ලබා දීමට ඔවුන් එකඟවිය. 
කිරිල්ලවල ඔරියන්ට් ෆයිබර් අයිති නලීන් මාහට පැවසුවේ මෝල්ඩ් එකක් ඇත්නම් වඩා අඩු මුදලකට;  වඩා හොඳ  තත්වයේ එකක් සාදා දිය හැකි බවය. එවිට මම ඔහුට යෝජනා කලේ ; 50% - 50% යොදා කයාක් එකක් ගෙන ඔහුට මෝල්ඩ් එකක් නොහොත් අච්චුවක් ගන්නා ලෙසයි. 
සෑහෙන කතිකාවකින් පසු ඔහු රු: 20000/= ක් ද මා රු:30000/=ක් ද යොදා  kayak ය මිළදීගෙන  සතියක  කාලයක්  තුල මොල්ඩ් එක සාදා ගෙන kayak ය මාවෙත භාරදීමට   ඔහු  හා මා  අවසානයේ එකඟ විය .සිකුරාදා දිනයක හවස් වරුවේ ඔහු kayak ය ගෙනැවිත් තිබුනි. පසුදින උදෑසනින්ම මා ඔහුගේ නිවසට ගියෙමි . එය  නිල් පැහැති එකක් විය .  

එය මතුපිට Hatches තුනක පියන් තිබුනි. Hatch එකක් යනු kayakයේ මතුපිට සිට එතුලට සාදා ඇති වලකි. එය තුලට ආහාර, කැමරා, ෆෝන් වැනි දේ  දමා පියනකින් වසා සුරක්ශිතව තැබිය හැක. 
kayak ඔහුගේ බඩී ලොරියෙන් බිමට බා ගත් විගස  මා  උත්සාහ  කලේ Hatch එකක් ඇර බැලීමයි. මමද ,නලීන්ද බොහෝ වෙහෙස මහන්සි වි එක් පියනක් හැර බැලුවාම පෙනුනේ එම  පියන් යැයි බොරු මවා පෑමක් පමනක් බවය! 
එම  පියනට යටින් කිසිවක් නැත. තිබී තිබුනේ පියන් තුනක් පමනි. මේ පිළිබඳව එය මිළදී ගත් දනූශා මැරයින්  ආයතනයට මා ඒ පිළිබඳව පැමිණිලි  කලද ඔවුන් පැවසුවේ ඔවුන් පැවසුවේ; ඔවුන් කිසිදු තැනක Hatches තියෙන බවක් පවසා නැති අතර කළු පැහැති පියන් තුනක් සවි කොට ඇත්තේ හුදෙක් පෙනුමට පමනක් බවයි! 
ඔවුන්ගේ වංචා සහගත කථාවට මට දෙන්න පිළිතුරක් නොවූවද නලීන් වෙත තිබුනි. 
ඔහු  නොමිළේම  Hatches තුනක් kayak  මතුපිටට සවිකර දෙන්නට; නොඑසේ නම් දනූශා මැරයින් බොරුව යථාර්තයක් කර දෙන්නට පොරොන්දු විය! 

නලීන්ගේ නවීකරණයන්ගේ පිහිටෙන් මා අතට පත්වූයේ මට අවශ්‍ය ආකාරයේ kayak යකි. Hatches තුල දැමූ  Dry Bag  වල අහාර ඇදුම් මුදල් ෆෝන්, කැමරා ඔරලෝසු මුදල් පසුම්බිය වැනිදේ අසුරා   සුරක්ශිතව ගෙන යාමට අපට හැකිවිය .

බරින් කිලෝ 35 -40 ක් පමන වන  මෙම kayak  සමග ඇති මාගේ සුවිශේෂී බැඳීම වනුයේ එහි ඇති ඉහල ස්ථායි තාවයයි. හිතා මතා වත් එය පෙරළීමට අපහසුය. 
එය kayak  එකක් නොව Triyak එකකි. Triyak යනු  ඉදිරිපස හා පසුපස දෙදෙනාට අමතරව තවත් කුඩා අයෙකුහට මැද අසුන් ගැනීමට ඉඩක් ඇති kayak යකි. මේ නිසාම මෙය මත අමතර බරක් රැගෙන යාමට ඉඩකඩක් හා ඉපිලුමක් පවතී. මේ නිසාම පසු කලෙක ගං  වතුර සහනාධාර බෙදීමේදී අප එකවර බත් පාර්සල් 140 ක් පටවා පැද ඇත්තෙමු! කිලෝ 200 ක පමන බරක් එයට දැරිය හැක!


බත් පැකට් 35 බැගින් වූ Dry Bag  4 ක් දරා ගත්  kayak  කැළණි මුල්ලේ සිට කොහිලවත්තේ ගංගා තිලක විහාරය තෙක්........ - 2016 මැයි ගං වතුර !

නවීකරණයන්ගෙන් පසු එක් උදෑසනක kayak ය යටියන්තොට -හක්බෙල්ලාවකට  ගෙන ගියෙමු .  “මු” කීවේ  මෙ ගමනට මාගේ බිරිඳද  පැමිනි හෙයින්ය.  මාගේ පැරණි Land Cruiser B J 60 රථයේ හුඩ් රැක් එක  මත තබා ගැට ගසා ගත් විට kayak ය බොහෝ සෙයින් කීකරුව රථයේ  වහල මත සුවසේ වැද්හොත්ය.

හක්බෙල්ලාවක ග්‍රාමයේ සිටි බොහෝ දෙනා ඔරු පැදීමේ ප්‍රවීණයෝය. මන්ද ඔවුන් හට මෙයට කාලයකට පෙර එගොඩ මෙගොඩ යෑමට සිදුවූයේ ඔරුවක ආධාරයෙන්  වන බැවින්ය. එකල එසි සිට ගැසැනු පිරිමි ළමා ලපටි සියල්ලෝ මෙම විශයෙහි කෙළ පැමිනියෝ වූහ! ඕනෑම හැඩ පහරක; ජල මට්ටම ඔරු කටෙන් අඟල් 2 ක් තිබියදී ඔරුව නොපෙරළවා ගනිමින් එගොඩ මෙගොඩ යෑමට ඔවුනට පුළුවන! 


kayak Launching!


kayak  ට ව්ම් පසින්; ගල් තලාවට ඉහලින් ; උඩින්ම තියෙන ලොකු ගලට පහලින් ඇත්තේ මා පීනන්නට උගත්  "අහිංසක වක්කලමයි ! 

වතුර වැඩි දවසක්......!
අවුරුදු 50 ක් පුරාවට ඒ බව නිර්ණය කරන්නේ ඈත පෙනෙන ගල දියෙන් මතුවී පෙනෙන ප්‍රමාණය අනුවයි.

මේ ගමනේ අරමුන වන්නේ නමෝ විත්තියෙන් kayak ය දියට දැමීමය . කොටින්ම මෙය Ship Launching එකක්  හෝ Ship Commission කිරීමක් හා සමාන වැදගත් කමකින් යුක්ත විය . ඒ වෙන කිසිවෙකුට නොව හුදෙක්  මාහටම පමනක් විය !!! 

කවදා හෝ මා ජීවිත කථාව ලියැවුවහොත් එහි පටුනට එක් කල යුතු තවත් වචනයක් එම දිනෙන් එක්විය. ඒ අන් කිසිවක් නොව kayaking ම විය.

summery of kayaks & canoes


23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...