Wednesday, December 27, 2017

53. අන් ඇකයේ සුවෙන් වෙසෙන - මසිත උපන් මගෙ සිතුවිළි 2


මා මේ වන විට ; අන් හිමි  බ්ලොගයන්ගේ කොමෙන්ට් නොදමන ජාති භ්‍රෂ්ඨයෙකු වී හමාරය! එසේ වීමට හේතු භූථවූ කරුණු කිහිපයකි!
1.මා දිනපතා රැකියාවට යන්නේත් එන්නේත් කිලෝමීටර 17.5 X 2 ගෙවා පාපැදියෙනි. මේ නිසාම අන් අයට මෙන් යන එන ගමන් මාහට ; බ්‍රෙක් ගැසීම , බෙල් ගැසීම , අහිංසක බස් රියැදුරන්ගෙන් බේරීමට හා ඔවුනට මෙත් වඩා බණ පදයක් දෙකක් කීමට හැරන්නට අන් ඉඩක් ගමන තුළ  නොමැතිවීම!
2. මාගේ අන්තර් ජාල පහසුකම් කාර්යාලයට පමනක් සීමාවී ඇතිහෙයින් ගෙදර සිට ටයිප් කිරීම හැර වෙන කිසිදු  සයිබර අතේ තබා සයිවර් අතේ වත් මොන අතේ වත් වැඩක් කිරීමට ඉස්පාසුවක් නොමැතිවීම!
3.මාගේ සියළු ගද්ය පෝස්ටු වදන් 1500ත් -2000 ත් අතර වීම හෙයින්; ඒවා සතිය පුරා යක්කු ගසින් බහින තෙක් ලිවීමට සිදුවීම!
4.සති අන්තය ; සෑම ගෘහ අමූලිකයකු හටම තියෙන  වහල සෑදීම , බල්ලන් නෑවීම , ගෑස් ටැංකිය ගෙන ඒම , කාණු සුද්දකිරීම . රෙදි වැල් බැදීම යනාදී වශයෙන් ත්යෙන 101 ක් කාර්යයන් හා   කඩේ යෑම,ලකාර් ගැසීම, වැනි දෑට දියවී යෑම! ඒ සියල්ලටම වඩා සති අන්තයේ ; බටහිර වෛද්ය ක්‍රමයෙන් බෙහෙත් හොයාගෙන නැති කිලෝ මීටර 40 සයිකල් පැදිල්ල් , වාහන කබල යට රිංගීම , සැමදා පදින සයිකලයට සාත්තු සප්පායම් කිරීම වැනිදේ නිසා යන්තම් හෝ ඉස්පාසුවක් තිබුනද එයද අකාරුණිකව වාෂ්ප වීම!

ඉතින් මේ සියල්ල ගැන සර්ව සාධාරණ විදියට සිතාබලා මා ගැන තරහ අවසර!

තවත් එකක්. ලියන්න ගියාම "+++++" වැනි කෙටි කොමෙන්ටු  මාදන්නේ නැත! ඒවා මේ වාගෙ පතරංග ජාතකයයන්ය!

කඩදාසි කොලේ

සියල්ල කඩදාසියේ ලිවිය නොහැකිය
·                                    Home
·                                    කවි : සඳැස් /නිසඳැස්
·                                    නිදහස් කතා
·                                    කෙටිකතා
·                                    සිනමා විචාර
·                                    නවකතා
·                                    සිත්ගත් ගීත
·                                    සිත්ගත් ගීත

Wednesday, December 13, 2017

162. දඩයම සහ .... | predator


නිර්මාණ
මම දුටුවා ඔබ මට ආරාධනාවක් කොට ඇතිවග මාගේ අදහස එක් කරණලෙස කල. 
ස්තූතියි  ඔබට! 
සංචාරකයෙකු විනා නොවෙමි මා විචාරකයෙකු. 
එහෙත් හැකිය විඳිනට  රසවත් බව කලා කෘථියක. 
එය සම්මත හොඳ එකක් හෝ නරක එකක් දැයි මා නොදනිමි. එහෙත් හොඳ  යැයි සම්මත බොහෝ දේ මමද විඳින්නෙමි. ඒ මගෙ රස නහර වලට ගැලපෙන්නේ නම්‍
එහෙත් එය නිර්මාපකයාගේ චින්තනයට ඉඳුරාම වෙනස්ව ගිය අදහසක් විය හැක. උදාහරණයක් ලෙසට “මෝනාලීසා” යනු මාහට තවත් එක ගැහැනු රුවකි සිරුරේ කිසිදු හැඩයක් නැති ! කලා ලෝකේ කෙළි කාරයින් එයට මේතරම් මැරෙණ්නට යන්නේ  මන්දැයි මාහට සිතාගත නොහැක.  ගුප්ත සිනහව!  
මෙවැනි රූප වෙන ත්තේම නැත්ද? එය ඇන්ඳ අය හෝ ඇඳිනලද කාලය   අමතක කල හොත් එය ගැන  මට ඇති විෂේශත්වය ගැන කියන්නට දෙයක් නොමැත.
A4 කොලයක් ගෙන හොම්රන් පැස් කූරු දෙක තුනකින් ඒ මත අක්‍රමවත්ව අඳින ලද කුරුටු ගෑමක්; හොදින් ඝන ලෑල්ලකින්  රාමු කරවා ; ප්‍රදර්ශනයකදී “ “අඳ ගොවියාගේ සිතුවිළි” නොඑසේනම් “වර්ණ !” වැනි නමක් යොදා මාර්කට් කල හැක. ප්‍රදර්ශන වලදී දින ගනන් උඩුයටිකුරු කොට එල්වා තැබූ චිත්‍ර ගැන අප අසා ඇත.
ප්‍රියාගේ “හෙට දවසේ අප දෙදෙනා …..” ගීතය පිළිබඳව විවරණයක් ලියන්නට විචාරකයෙකුට ආරාධනා කලහොත් මොන මොන දේ ලියයිද?   එහෙත් එය ඇරඹෙන්නේ හුදෙක් ගල් බෝතලයකින් බව ප්‍රියා කියනා තුරු  අප දැන නොසිටියෙමු.
කලා කරුවන් රැවුල් කොණ්ඩා  වවා ඒවා නොපීරා සිටිය  යුතු  යැයි මතය සමාජ ගත වූයේ විප්ලවකාරයින් ද සිටිය යුත්තේද එසේයැයි  මතය ඇතිවන්නට පෙරද පසුද යැයි මාහට සිතා ගත  නොහැක.
 පත්තර කාරයින් සුරා සොඬුන්  විය යුතුද ?
 බ්ලොග් ලියන්නන් දෙපිට කැපෙන කුණුහරුප ලිවිය යුතු යැයි මතයක් තිබේද?

ගීත වල යටි අදහස නැතිනම් යටි පෙල ; නව අර්ථකථන සැපයීමද නොඅඩුව දක්නට ලැබේ. “හිත මිතුරු සුළඟ ලඟ එන වැහි වළාවට කියන් …” 
එසේම “සඳකඩ පහනක …..” වැනි ගීතවලට නව අර්ථ කථන සපයා ඇති අයුරු පෙනෙන්නට තිබුනි. 
මේවා සමහරක් කියවා රස විඳිය හැකි හා කිසියම් තාර්කික බවක් ගැබ්වී තිබුනද බොහෝ ඒවා හුදෙක් පලහෑළිම විය !
ඇත්තෙන්ම මෙය නව ප්‍රවන තාවයක් නොවන්නේය.

මන්ද ; “අම්බලමේ පිනා - වළං කදක් ගෙනා
             ඒක බිඳපි ගොනා  - ඒකට මට හිනා ”
කවියද මීට බොහෝ කලකට පෙර මෙසේ නව අර්ථ කථන යාන්ත්‍රනයට හසුවී ගිය එකකි. 
“පුහුදුන් සත්වයා සංසාරය පුරා කර පින්නාගෙන ආ කෙලෙස් ගෞතම නායිකයින් විසින් සුණු විසුනු කල සේක !” මේ එය අර්ථ කථනය කල  අයුරුයි.
 මා එය දකින්නේ හැඩට හැදුනු ගසක් ලී මෝලකදී සෙලෙක් ගසා පිට පලු ඇර හතරැස් කොට ලෑලි ඉරණ්නා සේය ! 
මෙහි වඩාත්ම ආන්දෝලනාත්මක කථාව වන්නේ එහි“ගොනා” කියා ඇත්තේ  ගෞතම නායක යන්නෙහි හැකුළුම Abbreviation ලෙස දැක්වීමය! 

ඇයි ඩෝල්ටන් අල්විස් (මතකය  හරි නොවෙද ?) ලියන ලද;
 “එගොඩහ යන්නෝ …….” ගීතයද  මෙලෙස යන්ත්‍රානු සාරයෙන් 
බුදු ගුණ ගීයක් කල තවත් එක් අවාසනවන්ත අහිංසක නිර්මාණයකි!

සමහර විටෙක නිරමාපකයා මෙහිදී කිසිදු හැල හොල්මනක් නොමැතිව (ඇත්තෙන්ම මෙයට හරියටම ගැල පෙන වචනය වන්නේ “නොකර සද්ද!” යන්නය ) සද්දෙ වසා තම නිර්මාණයට ලැබී ඇති සුපිරි අර්ථකථන දෙස බලා සිටියි.
 එසේ මෙසේ පෘථග්ජන්යෙකු එළියට ඇවිත් “අනේ පිස්සුද බං ! මං එච්චර දෙයක් හිතාගෙන ලියපු මගුලක් නොවේ ඕක !” කියා කියන්නට එන්නේ නැත!

 එය හරියට ඔසී අබේගුණසේකර ජනාධිපතිවරණයට ඉල්ලද්දී “නව සමසමජ පක්ෂයෙන් ” ගැසූ පෝස්ටරය වාගේය!
 එහි ; එවකට මියගොස් සිටි විජය කුමාරතුංග විසින් කියන ලද්දක් සේ 
උපුටා දක්වා  සිටි;
“ශ්‍රී ලංකාව ඉන්දියාවේ 30 වෙනි ප්‍රාන්තය හෝ අමෙරිකාවේ 51 වෙනි ජනපදය හෝ වීමට මා ඉඩ නොදෙමි ….!”
 යනුවෙන් වූ කයිවාරුව කිසිදා ඔහු ගේ කියමනක් නොවීය ! 
එය එය හුදෙක් වික්‍රමබාහු කරුණාරත්නගේ වචනය! අදහස්‍
ඔහුගේ මෙහෙයවීමෙන් මුද්‍රණය  වූවකි! 
එහෙත් කිසිදු විජයගේ අනුගාමිකයෙකු “මෙහෙම  දෙයක් අපේ විජේ මහත්තයා කියලනම් නෑ!” කියා කිව්වේ නැත!   මන්ද ඔවුන්ද කැමති වූයේ විජය; “ටොන් 15 වේ ගල් රෝලක්” වැනි හරබර  කථා කියනු ඇසීමටය!   
එහෙත් විජේ තම රැස්වීම්වලදී කතාකලේ හැඟීම් බර ආදරණීය කතා විනා දේශපාලනමය හෝ ආර්ථිකමය වශයෙන් වැදගත් කතා නොවේ!
  
මමද වරක් මෙවන්ම වූ සාහසික ක්‍රියාවක් සිදුකොට ඇත්තෙමි. දිනෙක එය ලියා තබන්නම්.

මේ නිසාම නිර්මාණයක් වරගැන්විමේදී නො එසේනම් අර්ථකථන සැපයීමේදී තරමක් නොව බොහෝසෙයින් පරිස්සම්  වියයුතුය.

එසේ නම් අරඹමු කියැවීම!

අප ඉපැදුනු දින සිට මියෙන දින දක්වාම කිසියම් දඩයමක යෙදෙමින් වන්නෙමු.  එක් එක් ආකාරයේ දඩයම් පසුපස අප ලුහු බඳිමින් වන්නෙමු. ප්‍රේමයද එක් තරා දඩයමකි. 
ඇස ගැටේ. ලුහු බඳියි! ප්‍රයෝග යොදයි! වසන් වෙයි! සොයා ගනියි! ඉලක්කය ගනියි! ක්‍රියාත්මක වෙයි! පල නෙලයි! ඉන් සතුටු වෙයි!  නො එසේ නම් දුක්වෙයි! තව කොයිතරම් ගැලපීම්ද?
තමා කල දඩයම  නො එසේ නම් නෙලා ගත් ඵලය කොතරම් තමාට ගැලපේද? ඉන් තෘප්තිමත්ද?

ජීවිතයේ වරක් දෙවරක් තම සීමිතවූ ඊතල මෙහෙයවූ අයෙකු  අවසනදී 
තම ප්‍රේමය අවකාශයට මුදාහරියි. 
එයට නියමිත ඉලක්කයක් නොමැත. අත්තේ අවස්ථාවක් පමණි.
 එය සැමගේ අවධානයට යොමු වූවද නොවූවද අවකාශය තුල එය සැරි සරයි.  එහෙත් එහි වටිනාකමක් කිසිවෙකු නොගනී. මන්ද ඉලක්කයක් මත පතිතවන හීය හා කොපුවතුල ඇති හීය හැරුණු කොටගෙන අන් හී වලට කිසිවෙකු  කවර  කලෙකවත් වටිනාකමක් දී ඇතිද?

එහෙත් එහි වටිනාකම හඳුනාගන්නෙකු ලොව කොතැන හෝ සිටිනු ඇත.  ඔහු එය ග්‍රහනය කොට ගනු ඇත කිසිදා එය බිම පතිත නොවන පරිදි!

බොහෝ  දෙනෙකු තෘෂ්නිම්භූතව බලා සිටිද්දී මෙහි අරුමය දකින කිසිවෙකු ප්‍රශ්න කරණු ඇත!
"මෙයට පෙර ඉලක්කගත් ප්‍රේමයනට කුමක්වීද?"
    
හේමන්තයේ පිපී හිනැහෙන වසන්ත කැකුළු...
Thursday, 21 December 2017
මං වැරදියි තමයි.. ඒත් උඹලා හැදියල්ල.. ස්වයං විවේචනයක්.. Does your kid safe at your own house?
මිත්රයා, ඉතින්
බොහොමත්ම ස්තූතියි මෙහෙම දෙයක් ගැන ඔබ කතා කිරීම ගැන!
ඇත්තටම මට බොහෝ අවස්ථවල හිතිලා තියෙනවා ඔය සාමාන්ය ජීවිතයේ ආරක්ෂාව ගැන ලියන්න. එතැනදී මට කියන්න ඕන වෙන්නේ ජනප්රිය මාතෘකාව ගැන නම් නොවෙයි. ඒකෙ අනිත් පැත්ත.

උදාහරණයක් විදියට මේ රටේ යතුරු පැදි කරුවන් වසරකට විශාල සංඛ්යාවකගේ ජීවිත මෝටර් රථ (බස් ලොරි ඇතුළුව) පදවන්නන් විසින් බිලි ගත්තද සාපේක්ෂව ; රියැදුරන්ගේ දක්ෂතාවය , ඉවසිලිවන්ත කම , හැකියාව කරණකොට ගෙන පාපැදි කරුවන්ගේ ජීවිත බේරෙණ ප්රමාණය හා ගත් කල එය ඉතා කුඩා අගයකි.
"
මුන්ගේ ජීවිත බේරිලා තියෙන්නේ අනිත් එවුන්ගේ බ්රේක් මත!" යැයි වරෙක බස් රියැදුරෙකු මාහා පැවසීය.
නමුත් සමාජය තුල මුල බැසගත් මතය වන්නේ බස් රියැදුරන් මිනී මරුවන් ලෙසය. බහුතර අනතුරු සිදුවී ඇත්තේ ඔවුන්ගේ වරදින් විය යුතුය!
එහෙත් ඔවුන් අභය දානය දුන් ජීවිත ගනනද අපමන විය හැක!

අප අසා ඈත්තේද පත්තර වල ලියා දක්වා ඈත්තේද යට කරපුවා පමනි! කතාද අන්තිම අනුවේදනීය ඒවාය! මේවා ලියා පලකරණ්නේද ආවෘථ පිරමීඩ න්යායයෙන්ය.

"
බස් මරුවා සිව් දරු පියා බිළිගනියි" නමුත් ඇතුලාන්තය බැලූවහොත් බොහෝවිට සිදුවී ඇත්තේ මරණ කරු අපරික්ෂාකාරී ලෙස ක්රියා කොට ඇති බවය!
මෙයට වෙනස් සිද්ධියක් ගෙන බලමු.
ඔබට මතකද ඇමති ආරක්ෂක අංශයේ සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයක් බස් රථ දෙකකට මැදිවී ජීවිත ගනනාවක් විනාෂවූ අයුරු!
හුදී ජනයාට ඇමති ආරක්ෂක අංශය ඇලජික් නිසා ඩිෆෙන්ඩර් රියැදුරාහට බැන වැදුනද "හොඳ වැඩේ " කියා නොකියා කීවාට ඔබ බලන්න වීඩියෝව වරක් දෙවරක්.
එතනදී ඩිෆෙන්ඩර් රියැදුරා සියදිවි හානිකර ගැනීමක් ලෙස ලේබල් වීඇතත් සිදුවන්නේ බස් රියැදුරන්ගේ සාමූහික මිනී මැරීමකි!
නවතා පලමු ගියරයේ පිටත් වන බස් රථයට ඉස්සරකරණ ඩිෆෙන්ඩරය ඉදිරියට එන්නේ වංගුවෙන් මතුවන අනෙක් බස් රියය.
ඉන් පලමු බස් රියේ රියැදුරා ඇක්සලරේටරයෙන් තම පාදය තත්පර 10 කට ගත්තානම් ; නො එසේනම් ඉදිරියෙන් මතුවන බසයේ රියැදුරා තම රථය එක් අඩියක් දෙකක් වම් අතට ගත්තානම් වේගය මදක් අඩු කලානම් මේ අනතුර සිදුවන්නේ නැත!
මීට සමානම අනතුරකින් මීට කලකට පෙර කතරගම ගිය මුළු පවුලක්ම විනාශ විය.
නමුත් අප අනතුරු වලක්වා ගැනීමට යෝජනා කරණ්නේ යතුරු පැදි කරුවන් බේරා බස් රියැදුරන් බස් එලවිය යුතුය! යන මතයය.
එහෙත් ඇත්තෙන්ම අප අපගෙ ආරක්ෂාව වෙනුවෙන් කුමක් සිදුකොට ඇතිද? අප අනෙකාගේ ආරක්ෂාව සඳහා කල යුත්තේ කුමක්ද?
මේ පිළිබඳව කෙරෙණ කටයුතු වලට සමාජමය වටිනාකමක් ලබෙන්නේ කවදාද?
ස්තූතියි මේක හොඳ ප්රවේශයක්. පුරණ්න ! යටින් අපි ලියන්නම්!

අඟහරු අඩවිය.

පිටසක්වලයෙකුගේ සිතිවිලි..

Wednesday, December 21, 2016

 

අහිමි වූ රාජ්යය සොයා නැවත පැමිණි රැජින..

මේ කතාව පටන් ගන්නේ දුම්රිය කථාවක් සමග! W පංතියේ දුම්රිය එන්ජිමක් අපගේ ලාංකිකයින්ගේ දෑතින් නැවත ජීවය ලැබ සේවයට එක්වූ ආකාරය ගැන ලියැවුනු රසබර ලිපියක් මෙම බ්ලොගයේ පලවී තිබුනා. W පංතියේ දුම්රිය එන්ජිම මෙරටට හඳුන්වා දීමේ ගෞරවය හිමි වූයේ කීර්තිමත් නිළධරයෙකු වූ ඩී බී රම්පාල මැතිතුමාටයි! මේ එතුම ගැන කෙටි සටහනක්!

මල්ලී, ලංකාවෙ හදන්න බැරි කමක් නැහැ. දැන් එම් 1, එම්2, එම්4 තිබුනට එම්3 කියලා එකක් ගැන කිය වෙන්නේ නෑනේ. ඒක තමයි ලංකාවේ 1956 දිද කොහෙද හැදුවා කියන "ජයන්ති" එන්ජිමේ කේත අංකය කියලා කවුදෝ දවසක් මට කිව්ව. කතාව ඇත්ත නම් අපේ රටේ ඇන්ජිමක් හදලා තියෙනවා! ඔය රම්පාල මහත්තයාගේ ගේ තිබුනේ මම දන්න තරමින් කොට්ටාවත් පන්නිපිටියත් අතර තියෙන පැට්රොල් ශෙඩ් එක ලඟ. (මොරවක මෙඩිටෝ කොම්පැනිය ලඟ) ඔය මහත්තයාගේ සහෝදරයා තමයි ඩී බී නිහාල්සිංහ හෙවත් ශ්රී ලංකාවේ ප්රතම සිනමාස්කෝප් චිත් පටිය -වැලිකතර හදපු අධියුරු තුමා. මුන්නැහැගෙ තාත්තා තමයි ඩී බී ධනපාල - ලංකාදීප පුවත් පතේ මුල් කතු තුමා. රම්පාල මහත්තයා එකම කාලේ දුම් රිය දෙපාර්තමේන්තුවේ වගේම ඉන්ජිනේරු සංස්ථාවේ මුල් පුටුවේ ඉන්දලා තියෙනවා. හැබැයි පඩි අරන් තියෙන්නේ දුම් රියෙන් විතරයි. අනෙක ගරු සේවයක්. (මේ වගේම මහත්තයෙක් හිටිය වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ ඩබ්ලිව් එච් පෙරෙරා කියලා එයාට කවුරුත් කිව්වේ "කෑලෑ රජ්ජුරුවෝ" කියලා. එයාම තමයි ඒකාලේ දැව සංස්ථාවේත් ප්රධානියා. එයත් කලේ ගරුසේවයක් !) ඉතින් දවසක් ඉංජිනේරු සංස්ථාවේ රැසවීමකදී සභාවෙන් යෝජනාවක් ඇවිල්ලා තියෙනවා " දුම් රිය දෙපාර්තමේන්තුවට අයිති ඉඩමක් ඉන්ජිනේරු සංස්ථාවේ ප්රයෝජනයට ලබාගැනීමක් පිලිබඳව!" එතුමා මූලාසනයේ ඉඳලා කියලා තියෙනවා එහෙම ඉල්ලීමක් තියෙනවානම් ඒක දුම් රිය් දෙපාර්තමෙන්තුවෙ ප්රධානියා වෙත ලිඛිතව යොමු කරණ මෙන්! වැඩේ විදියටම කෙරුනාට පසුව පසුදිනෙක දුම් රිය දෙපාර්තමේන්තුවේ තම කන්තෝරු කාමරයට ගියපසු එමලිපියට පිලිතුරක් ලෙස ; ඉන්ජිනේරු සංස්ථාවේ සභාපතිට ලිපියක් ලිව්වේලු. "සභාපති තුමනි, ඔබගේ ඉල්ලීම ඉටුකිරීමට නොහැකිවීම ගැන කණ්ගාටුවෙමි..........................." යනුවෙන්. මා දන්න තරමින් දුම් රියෙන් ලාභ ලභා ඇත්තේ එතුමන් ගේ කාලයේදී පමනි. නිහාල්සිංහ ආනදියයෙක් වන අතර රම්පාල මහතා කීර්තිමත් නාලන්දියයකු වේ.

තට්ට්යා














04. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...