මාගේ පෝස්ටුව ප්‍රධාන වශයෙන් කොටස දෙකකි.
ඉන් එකක් වන්නේ මෙරට සංගීත ක්ෂේත්‍රයේ පතාක යෝධයින් දෙදෙනෙකුගේ කුප්‍රකට ගනුදෙනුවක් පිළිබඳවය.
අනෙක් කොටසින් සාකච්ඡවට ගැනෙන්නේ "ගීතයේ අයිතිය" පිළිබඳව අද දවසේ මෙරට සංගීත ක්ෂේත්‍රය තුල ගැටෙන මාතෘකාව පිළිබඳව මාගේ අදහස ඉදිරිපත් කිරීමය.
එම ගනුදෙනුවට මා "කුප්‍රකට" යන විශේෂණය යොදන්නේ ඇයි?
කැසට් පට නිශ්පාදකයෙකු වෙත අයිතිය ලභාදී ඔහුගේ වියදමින්, බොහෝවිට ඔහුගේ ශබ්ධාගාරයක් තුල ගැයෙන ගීතයක් අඩංගු තැටිය පටිය හෝ Master Tape එක; එයම හෝ එයින් උදෘතයක්, උපුටනයක්, කොපියක්; මුල් නිශ්පාදකයාට නොදන්වා අන් අයෙකු අතට පත් කිරීම, මුදළට විකිණීම වංචාවක් වන බැවිනි.
ලෝකයේ ඕනෑම "කුපාඩිකමක්" යම් තාක් දුරකට සාධාරණීයකරණීය හැකි ක්‍රම වේ. උදාහරණයක් ලෙස රොබින් හුඩ්, සර්දියෙල් පිළිබඳව සමාජ ගත වී ඇති ආකාරය මතක් කර බලන්න.
මෙම "කුප්‍රකට" ගනුදෙනුවෙන් තමා ලත් මුදල්; එම ගීතය ජනගත කිරීමට උර දුන් ගායකයා හෝ ගායිකාව සමග බෙදා හදාගෙන කෑවේ නම් එම "කුප්‍රකට" භාවයට කිසියම් හෝ තරමකට සුදු හුණු ගා ගැණීමට හැකියාවක් තිබුනි. එහෙත් සිදුවූයේ එසේ නොවේය.
ඔවුන් එසේ විකුණා දැමූවේ මොනයම් ලෙසකින් හෝ ඔවුනට අයත් ගීත පමණක්මද?
එය එසේ වූවද පෙර මා පැවසූ ලෙසට එසේ සිදු කිරීමට ඔවුනට අයිතියක් වේද?
ඒ පළමු කොටසය.
අපගේ ආදරණීය බ්ලොග් පාඨක, රචක, ලේඛක යන තිදෙන ප්‍රශ්ණ කර ඇත්තේ මෙම පළමු කොටස පිළිබඳව නොවේ. දෙවන කොටස පිළිබඳවයි.
දැන් අපි Ushan W, Lotus සහ නිදි (නිමල් දිසානායක අපේ මිත්‍රයා) යන ත්‍රිත්වය; මවිසින් මීට දින කිහිපයකට පෙර; "300. ගීතයේ අයිතිය කාගේද?" යන මැයින් ලියන ලද පෝස්ටුවට ලියන ලද කමෙන්ටු පිළිබඳව; විමසිලිමත්ව එකින් එක බලමු!
Ushan W ට;
"මට තවම හිතෙන්නේ ගීතයක අයිතිය පද රචකයා සහ සංගීත නිර්මාණකරු ට හිමිවිය යුතුයි කියන එකයි. මේ කිසිම විටක ගායකයා අවතක්සේරු කරනවා නෙමෙයි. මේ කියන දේට මාත් එක්ක එකග නැති වෙයි ගොඩක් අය. ඒත් logically, ගායකයා කියන්නේ tool එකක්. පද රචකයා සහ සංගීත නිර්මාණකරු මේ tool එක හරහා එයාලගේ නිර්මාණය එලියට දානවා. ආයෙත් කියන්නම් මේ ගායකයා අවතක්සේරු කරනවා නෙමෙයි හොදේ. හරියට චෙෆ් කෙනෙක් එයාගේ රෙසපි එකකට cake එකක් හදලා oven එකෙන් bake කරනවා වගේ. cake එක රස වෙන්න oven එකේ condition කොච්චර වැදගත් උනත් චෙෆ්ට තමයි cake එකේ අයිතිය."
ඔහුගේ තර්කය හා අදහස වන්නේ ගී පද රචකයා ලියන ගීතයක් (හෝ වෙනත් පද්‍ය නිර්මාණයක්) සංගීතඥයා විසින් තනුවක් යොදා සංගීතවත් කොට නිපදවන, නිර්මාණය කරණු ලබන ගීතය තුල ගායකයා යනු හුදෙක් එළිදැක්වීම සඳහා උපයෝගී කරගනු ලබන මෙවළමක් පමණක් බවයි!
මා මගේ එම පෝස්ටුවේ කී පරිදිම එකම ගීතයක් වෙනත් ගායකයින් දෙදෙනෙකු විසින් ගයන විට එයට ඇතිවන (හෝ නැතිවන ) ශ්‍රාවක ජනප්‍රියතාවයට හේතුව කුමක්ද?
මා එහිදී ප්‍රියා විසින් ගායනා කල "සරතැස නිවා . . " ගීතය උදාහරණයට ගෙන ඇත.
එකම පද මාලවක්, එකම තනුවක් වෙනත් ගායකයින් දෙදෙනෙකු විසින් ගායනා කරද්දී දැනෙන වෙනස ඇතිවන්නේ කෙසේද?
මේ දිනවල මුහුනු පොතේ චන්දන ලියනාරච්චි පිළිබඳව බොහෝ බොහෝ පෝස්ටු ලියැවේ.
ඉන් පෝස්ටු කිහිපයක ගායකයින් හට යෝජනවක් (සොඳුරු අනතුරු හැඟවීමක්) කර ඇත.
"චන්දනට ඔබේ ගීත කියන්නට දෙන්න එපා! එය ඔහු ඔහුගේ කර ගන්නවා. ඊට පසුව අපිට අහන්න හිතෙන්නේ එම ගීතය චන්දනගෙ වර්ශන් එකෙන්!"
මොකක්ද මින් කියැවෙන්නේ?
පෙර වෙනත් ගායකයෙකු ගැයූ ගීතයක් චන්දන ගයද්දී චන්දන විසින් එය "චන්දන ලියනාරච්චිකරණය" කරණු බවයි.
ඔහුගේ ඉතා ලයාන්විත හෘදයාංගම වූ සිහින් ස්වරය හදවතේ ගැඹුරුම තැන පැළපදියම් වන බවයි.
එකම ගීතයක් මෙසේ වෙනස් වන්නේ කෙසේද?
මේ ප්‍රාථිහාර්ය බේකරියක පෝරණුවකට සම කිරීම කෙතරම් සාධාරණද?
"කේක් එකක් අයිති එය හදන අරක්කැමියාට මිසක පෝරණුවට නොවේ " යන්න ඔහුගේ ටැග් ලයින් එක වී ඇත.
මෙහිදී මා දකින්නේ අරක්කැමියා හට අමුද්‍රව්‍ය සපයන; උදාහරණයක් ලෙස පිටි, බිත්තර, වතුර, සීනි, ලුනු, බටර් සපයන්නන් මෙතැන සිටින්නේ කොතැනද? ඔවුන්ටද අයිතියක් තිබේද නැද්ද? මෙතනින් අපි බිත්තර කියන සාධකය ගෙන බැලුව හොත් කේක් එකෙන් යම් කොටසක් කිකිළියටද අයිති විය යුතුය.
එය බේකරියේ පෝරණුවට හෝ පෝරණු හිමියාට වඩා වැඩි අයිතියක් විය යුතු යැයි මා යෝජණා කරමි!
මෙතැන චන්දන ලියනාරච්චි කියන සාධකය මා උදාහරණයට ගන්නම්.
ඔහු ජාතික තරුණ සේවා සභාව මගින් නිමැවුනු ගායකයෙකි.
අනූව දශකයේ එයට ඇතුළුවී විශාරද නිමල් ගම්හේවා ඇදුරිඳු යටතේ ශිල්ප හදාරා ඩිප්ලෝමා ලාභියෙකු ලෙස ඉන් ඉවතට එන චන්දන ඉන් පසුව විශරද කඩඉම පසුකරයි.
මේ නයින් ගත් කල දශක තිහකට ආසන්න කාලයක් ඔහු ගායනය පුරුදු පුහුණුවී ඇත!
ඔහු අද සුගායනය කරණ්නේ නො එසේනම් වෙනත් සංගීතඥයෙකුගේ Tool එකක් නැතිනම් බේකරියක පෝරණුවක් වී ඇත්තේ එසේ අවුරුදු 30ක නො එසේනම් දශක තුනකට ආසන්න කාලයක් කල අකණ්ඩ කැපවීම කරණ කොට ගෙනය!
සේකර නම් ප්‍රථිභාපූර්ණ කවි ලියන්නා නො එසේනම් පද්‍ය රචකයා ගී පද රචකයෙකු වන්නේ අමරදේව නම් රන් ස්වරය හරහාය.
සෝමදාස ඇල්විටිගල "සිනිදු සුදු මුදු තලාවේ" ගීතය බිහි කරණ්නේ අමරදේවයන්ගේ රන් ස්වරය හරහාය.
ඔබගේ "අරක්කැමියා, කේක් සහ පෝරණුව" ටැග් ලයින් එකට හෝ උදාහරණයට අනුව ඔහුට පිටි මෝලියක් නැතිනම් Dough එකක් අනා තබා ගත හැක!
පිළුණු වෙනවාට ශීතකරණයක බහා තබා ගත හැක.
එහෙත් එය කේක් එකක් නොවේ!
ඔහු දශකයක් තබා ගත්තද එයට පිටි ගුලියක් යැයි කීවාට කේක් එකක් කියන කෙනෙක් හොයා ගන්නට නොහැක.
එය කේක් එකක් බවට පත් වන්නේ පෝරණුවක් තුලින්ම පමණි.
මිනිසුන් දහසක් එක් වී ගොඩ නැගිල්ලක් නිපැදවූවද එය පසන් නිවසක් කරණ්නට හැක්කේ තරුණියකට / ගැහැණියකට / බිරිඳකට / මවකට පමණ වනවාක් මෙන්ම කිසිවෙකුට කිසි දිනෙක අලෙවි කර ගැනීමට නොහැකි පිටි ගුලිය කේක් එකක් බවට පරිවර්ථනය කිරීමේ හාස්කම ඇත්තේ පෝරණුවේ හෝ බක්කරේ සතුවය.
පිටි අනන්නන් මේ දිනවල පවසන්නේ අපිට පිටි අනන්න පුළුවන්නන්ම් අපිට අපි කැමති පෝරණුවකින් එය කේක් එකක් බවට පත් කර ගත හැකි බවය!
මින් ගම්‍ය වන; ඔවුනට නොතේරෙණ සත්‍ය කුමක්ද?
මොන විදියකින් පිටි ඇණුවත් එය කේක් එකක් කර ගැණීමට කිසියම් හෝ පෝරණුවක නැතහොත් බක්කරේ කෙනෙකුගේ සහය අවශ්‍ය බවයි.
"හරි අපිම පෝරණුවක් හදලා අපිම පුච්ච ගන්නවා!" ඔවුන් පොර ටෝක් දෙයි.
අපිට කියන්න ඇත්තේ "හරි බං ඉතිං අපි එපා කිව්වද? එතකොට උඹ බක්කරේ වෙලා ඉවරයිනේ!' එතකොට ඒ ක්‍රෙඩිට් එක අයිති උඹට! කියාය.
කිසිදු කලා කටයුතු දෙකක් අතුරින් එක් කලාවක් අනෙක අභිබවා යනවායැයි කීමට නොහැක.
උදාහරණයක් ලෙස චිත්‍රසේනට වඩා අමරදේව හෝ ඊටත් වඩා ජෝජ් කීට් දක්ෂයි හෝ සියල්ලටම වඩා ලෙස්ටර් හෝ ජෝ අබේවික්‍රම නැතිනම් රවිශංකර් ඉදිරියේ සිටිනවා යැයි අපට කිව හැකිද?
"මින් එක් අයෙක් අනෙකාට වඩා ජාත්යන්තර පිළිගැනීමක් ඇත!" නැතිනම් "එක් අයෙක් වඩා ජනතා ප්‍රසාදය දිනාගෙන ඇත්තේ අනෙකාය!" යනුවෙන් අදහස් දැක්වූවාට; මින් එක් අයෙකුගේ කලා කටයුත්තට වඩා අනෙකාගේ කලා කටයුත්ත හෝ දක්ෂතාවය ඉදිරියෙන් යැයි කිව හැකිද?
මෙය තුන් ඈඳුතු නිර්මාණ කාර්‍යයක් විනා එක් අයෙකුගේ බූදලයක් නොවේ. එහි අයිතිය තිදෙනා අතරම බෙදී යා යුතුය.
සේකර සේම, සෝමදාස ඇල්විටිගලත් එසේම අමරදේවත්; "සිනිදු සුදුමුදු තලාවේ . . . " හි සම අයිතිකරුවන් ය! ඉන් තිදෙනාම දැණට ජීවතුන් අතර නැති වුවද එම නිර්මාණය අසන, ඇසෙන සෑම මොහොතකම හිතට දැනෙන අතිශය සුන්දර හැඟීම වෙනුවෙන් අප එම තිදෙනාටම ස්තූති වන්ත විය යුතුය!
තිදෙනාගේම නිර්මාණ දායකත්වය එම මට සිළිටු නිර්මාණය සඳහා එකසේ උරදී ඇත.
එය සේකරගේ නෑදෑයෙකුට හෝ සෝමදාස ඇල්විටිගලගේ පැවතෙන්නෙකුට හෝ අමරදේවගේ පුතෙකුට හෝ දුවෙකුට; රුපියල් වලට "බක්කරේ" කෙනෙකුට හෝ "බක්කෙකුට" විකිණිය නොහැක.
ඒවා සදතන කලා කෘථීන් ය!
ඒවා රැකුනේ ඒවායේ පරම අයිතිය එකළ අභියෝගයට ලක්නොවුණු නිසාමය!
මෙය හරියට; අදටත් ගම් වල කොස් ගස් රැකෙන්නේ ඉඩම් නඩු නො එසේ නම් නොබෙදූ ඉඩම් නිසම මෙනි! මෙය කමැති උනත් අකමැති උනත් අප පිළිගත යුතු සත්‍යයකි!
Lotus මහතා / මහත්මිය වෙතට;
සමන්ත පෙරේරාගේ Podcast එකද මාගේ ලිපියට එක් කලානම් මගේ පෝස්ටුව වඩාත් සමබර වෙන බව ඔබ යෝජණා කරයි. මම එයට අනිවාර්‍යයෙන්ම එකඟ වෙමි. මෙයට රෝහණ වීරසිංහගේ අදහසද එක් කලේ නම් එය තවත් සමබර වීමට සහ සාර්ථක වීමට ඉඩ තිබුනි.
සත්තකින්ම සමන්ත පෙරේරාගේ අදහස් දැක්වීමක් පිළිබඳව මා එදින වන විට දැන නොසිටියෙමි.
රෝහණ වීර සිංහගේ අදහස් මෙයට එක් නොකලේ ඒ පිළිබඳව යම්තාක් දුරකට අදහසක් ගොඩ නගා ගැනීමට ජගත්ගේ Podcast එක හරහා ඉඩ ලැබෙනා බැවිනි.
ඔබ ඒ ගැන සඳහන් කොට ඇති නිසාම මම එයද පසුගියදා නැරඹූවෙමි. ආරම්භයේදීම ඔහු ගීතය අයිතිය හිමි වියයුත්තේ එහි නිර්මාණකරුවන්ට යැයි සෘජුවම කියයි.
ඔහු පවසන්නේ ගීතයේ ප්‍රසාංගික අයිතිය Performing Riots පමණක් ගායකයාට හෝ ගායිකාවට හිමිවන බවය. ඒ නිසාම ගීතය සම්බන්ධව කිසිදු මැදිහත්වීමක් හෝ වෙනස් කිරීමක් කරණ්නට ගායකයාට හෝ ගායිකාවට නොමැති බව ඔහු පවසයි.
එය එසේ නම් ඕස්ට්‍රේලියාවේදී දීපිකා ප්‍රියදර්ශණීට ප්‍රසංග වේදිකාවේ ගීත ගැයීමට වාරණයක් පැනවුනේ ඇයි?
ඇයගේ ගීත වල තනු සකසා තිබුනු සංගීතඥයාගේ පුතා විසින්; එම ගී ප්‍රසංග සංවිධානය කල අයට; නම් කරණ ලද ගීත 10ක් ගයන්නේ නම් එක් ගීතයක් සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් 1000 ක මුදලක් තමා වෙත ගෙවිය යුතු බවත් එසේ නොවන්නේනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ යැයි තර්ජනය කරණ්නේත් ඇයි?
ඔහු බොහෝ තැණ් වල සඳහන් කරණ වැකියක් වේ. එනම් "ලෝක නීතිය" යන්නයි! මේ කොහේ ඇති නීතියක්ද? ඉන්දියාවේ පවා ජාත්යන්තර සම්මුතීන් වල සිටිනාතරතුර තම රටට ගැලපෙන ලෙසට එය වෙනස් කිරීමකට භාජනය කර ඇති බව එම සාකච්ඡාව මෙහෙයවූ දෙදෙනාගෙන් එක් අයෙක් පැවසීය.
සමන්ත අතින් එක් වරක් කියැවෙන්නේ ඔහු විසින් ගායනා කල "සුවඳයි . . . . . මල් සුවඳසේ . . . " ගීතය වෙනත් ගායකයෙකු විසින් ගායනා කරණු ලබන බව ඔහු දැණ ගෙන නොසිටි බවය. එය ඔහුට දැනුනු ආකාරය ඔබම සවන් දී බලන්න!
"තමන් ගායනා කල ගීතයක් වෙන අයෙක් විසින් ගායනා කරණු ඇසීමම ගායකයෙකු හට කෙතරම් හිත රිදෙනවා ඇතිද?" මෙහෙයවන්නා අසයි.
ඒවාට නිසි පිළිතුරක් නොලැබේ.
සමන්තගේ සාකච්ඡාව මුළ සිට නැවත ඔබට නරඹන මෙන් මම යෝජණා කරමි. ඔහුගේම ස්ථාවරය ඔහු වෙතින්ම බිඳී යන ආකාරයක් මාහට දැනුනි!
Intellectual Property නීතිය ඔබ උපුටා දක්වයි. එසේම එහි facts වලට කථාකල යුතු බවත් ඔබ ප්‍රකාශ කරයි. මෙහිදී ගායක ගායිකාවන් පවසන්නේ නීතිය සංශෝධනය වියයුතු බවයි. මෙම පවතින නීති රාමුවට අනුව ඔවුන් පමණක් නිර්මාපකයින් වන අතර ගායකයින් හුදෙක් බේකරි හෝ පෝරණු බවට පත්වේ.
ලංකාවේ නීතිය තුල වාහන දෙකක් එකක් පසු පස අනෙක ධාවනය වන විට; ඉදිරි පසින් ධාවනය කරණ්ණා මොන වරදක් හෝ වින කැඩීමක් කලත්; පසුපසින් ධාවනය කරණ්නා තම වාහනය ඉදිරි වාහනයේ නොගැටෙන්නට පරිස්සම් කර ගත යුතුය. කොටින්ම පිටිපස්සෙන් හැප්පුනු එකා වැරදිය! ඔබ මෙරට වාහනයක් ධාවනය කරණ වාඅනම් විශේෂයෙන්ම අධික රථවාහන තදබදය පවතින විට ඉදිරිපසින් ධාවනය කරණ විශේෂයෙන් පුද්ගලික බස් රථ, ත්‍රීවීල්, මෝටර් සයිකල නොමැරී බේරෙන්නේ අපේ ඉවසිළිමත්බව භාවය නිසා වන බව තේරුම් යනවා ඇත.
නීතිය පැවතියාට එය සියළු අවස්ථාවකදීම ස්ත්‍යය වන්නේ නැත. කොල්වින් තම සේවා දායකයාව "ගොයම් කොලෙන්" මුවා කර ගත්තේ නීතිය තුලය! සතාසිවම් නඩුවේදී මිනී මරුවන් ලෙස "වංගෙඩිය සහ මෝල් ගහ" ඉදිරිපත් වන්නේ නීතිය තුලය!
එහෙත් නීතිය යාවත්කාලීන විය යුතුය.
මෑතක් වන තුරු (තවමත් පවතීදැයි මා නොදනී!) ගෙදරක තබා ගත හැකි තේ කොළ රාත්තල් ගණනක් පිළිබඳව නීති පොතේ තිබුනි!
අප පවසන්නේ නීතිය යාවත්කාලීන විය යුතු බවයි!
ඔබ පසුව ලියන;
"යම් දෙයක් ගැන කතා කරද්දි කතා කරන්න ඕනෙ facts. කෙනෙකුට ප්‍රසන්න පෙනුමක් තියෙන නිසා එයා කරන හැමදේම හරි කියලා කියනවනම්, තවත් කෙනෙකුගෙ දෙමව්පියො හොඳයි ඒ නිසා එයත් හොඳ වෙන්න ඕනෙ කියලා කියනවනම් එතන කතා කරන්නෙ facts නෙවෙයි, that's speculation. අපේ emotions අනුව අපි ගායකයෙකුට හෝ ගායිකාවකට කැමතියි කියලා අපිට නීතිය වෙනස් කරන්න බෑ."
ඡේදය පිළිබඳව නම් කණගාටුවෙමි. "කියන කෙනාගේ ප්‍රසන්න පෙනුමට . . . . . ." ආදී වශයෙන් පැවසීමට පිළිතුරු මා නොලියන්නේ එසේ ලිවීම මාහට තරම් නොවන නිසා නොව; මාගේ පාඨකයින්හට මා දක්වන ගරුත්වය කරණ කොට ගෙනය.
"ගීත අතලොස්සක් ලියූ රචකයෙක්" යනුවෙන් මා යම් තැනක සඳහන් කොට ඇත! ඔව් එක ගීතයක් රචනා කලත් ඔහු රචකයෙකුම වේ. මා මෙහිදී ඔහුව එසේ පවසන්නේ හුදෙක් අවඥාවකට නොව; හෙළයේ මහා ගාන්ධර්වයාවූ අමරදේවයන් විසින් ගායනා කල "ආරාධනා" ගීතය ප්‍රචලිත වීමට හෝ සාර්ථක වීමට හේතුව ලෙස ඔහු තනු නිර්මාපකයාව ඉස්මතු කරණ්නට යන හෙයින් ය!
ගීතයේ වඩාත්ම සුවිශේෂී කාරණාව තනුව නම් එම ගිතය ගායනා කරණ්නට අමරදේව සොයා යන්නේ ඇයි?
"සමන් ලෙනින්" ගයන "අම්බරුවෝ" ගීතයට මෙතනින් සවන් දෙන්න!
ඔබ හිතනවාද එය වෙනත් ඕනෑම ගායකයෙකුට ගැයිය හැකියැයි කියා? එයට ඔබේ උත්තරය "නෑ ඒක මම හිතන්නේ නෑ!" යන්න නම් එම ගීතයට සමන් ලෙනින් එකතු කරණ ඔහුගේ කොටස නිර්මාණශීලී එකක් නොවන්නේද?
මෙවන් උදාහරණ නම් එමටය!
නිදීට පිළිතුරු :
සන්නස්ගලත්, රවී සිරිවර්ධනත් සියල්ලෝම පද රචකයින් වේ. ඔවුන්ගෙන් මේ පිළිබඳව අදහස් දැන ගැනීම "හොරාගෙ අම්මාගෙන් පේන ඇහිල්ලකි!"
ඔවුන් කිසිදු දිනෙක තමාගේ වර්ගයාට පිටින් කට නො අරති. ඒක හරියට මොන වරද කලත් ඝනයන්, එකට එකතු වෙනවා සේය. පොලීසිය; පොලිස්කාරයාගේ පැථ්ත ගන්නවා සේය. පෙරකදෝරුවො එකට එකතුවෙනවා සේය.
"වැහි පබළු සැළී" ගීතයට ඔහු ලියා ඇත්තේ පිං තකාද? එයට ඔහු රුපියල් 10,000ක් අය කලානම් දැන් ඒ ගීතය ගැන ඔහු මොනවාද මේ කියවන්නේ?
මා දන්නා පරිදි "යෞවනයේ පොපියන චමත්කාරය - ක්‍රීම් සෝඩා" ටැග් ලයින් එක ලිව්වේද සන්නාය! විකිණෙන හැම ටොනික් බෝතලයකින්ම සන්නා කීයක් හරි ලැබෙනවාදැයි ඔබම අසා බලන්න. ලිව්වා ! සල්ලි ගත්තා!! එවා එච්චරය්!!!
එක් වරක් ගායකයෙකු පැවසූ පරිදි ගේ හදා ගත් පසුත් බාසුන්නැහැට ගෙවිය යුතුද? සමන්ත සහ රෝහණ දෙදෙනාම මේ "බාසුන්නැහැ" කථාව විවේචනය කරති. එහෙත් ඒ ආකාරයෙන් හැසිරේ.
තනු නිර්මාණය කරණ්නේ නිකංද? ඒ මුදල වැය කරණ්නේ කවුරුන්ද?
මීට දශක ගණනාවකට පෙර ශ්‍රීමතී තිලකරත්නගේ ස්වාමිපුරුෂයාට ප්‍රේම කීර්ති ගීත ලියූ පරිදිද දැන් ගීත ලියැවෙන්නේ?
ගීත රචනය හා තනු නිර්මාණය මේ වන විට ව්යාපාරයකි. එය තවදුරටත් කලාවක් නොව කර්මාණ්තයක්වී අවසන් ය!
ගීතය බිහිවීමේදී පද වලට (මේ පදද ඔහු ඔහුගේ අම්මා අප්පාගෙන් ඉගෙන ගත් ඒවා නොව සිංහල භාෂාවේ වදන් ය!) ගෙවනවා නම් තනුවට (සප්තකය, රාග ඔහු සොයාගත් එකක් නොවේ!) ගෙවනවා නම් ඇයි ගීතයේ අයිතිය ගායකයාට හෝ ගායිකාවට හිමි නොවිය යුත්තේ?
අප පවසන්නේ එයත් නොවේ! අයිතිය තිදෙනා අතරම බෙදී යායුතු බවයි!
ඔබ ගෘහ නිර්මාණ ශිල්පියෙකුට ගෙවා නිවසක් අන්දවා ගනී. එය කොන්ත්‍රාත් කරුවෙකුට හෝ බාස් කෙනෙකුට කියා ගේ නිමවා ගනී. ඉන් පසුව එම ගෙය කුළුයට දුන් පසු එයින් කොටසක් ඔබ මාස් පතා ඔවුන්ට දෙන්නට යනවාද?
මට කියන්නට ඇත්තේත් තුක් විතරක් කියාමය!
පසුව ලියමි! එකමත් එක රටක ගායක ගායිකා සංගමයක් තිබුනේය. එහි සභාපති වූයේ "ලොරෙන්සෝද අල්මේදා" ය. ඔහු පුරා වසර 4ක් සභාපතිත්වය ඉසුළුවේය. ඔහු තවත් වසරක් සිටියේය. ඔහුට 6 වන වසරටත් එහි ලැගීමට සිත්වුනු අතර ගායක ගායිකාව ඊට ලෙඩේ ඇද එළවා දැමූහ.
ඔහු ඉන් ඉවත්ව ගොස් නිකං සිටියේ නැත.
පද රචකයින්ගේ හා තනු නිර්මාපකයින්ගේ සංගමයක් ඇටවූවේය. ඉන් පසු තනු නිර්මාපකයින් හා පද රචකයින් ගායකයින්ට එදිරිව උසි ගැන්වීය!
මේ එකෝමත් එක රටකය!
ඔබ කිසිවෙක් හිතනවාට වඩා මේක ආතල් ලෝකයක් ය! බොහොමයක් කලා කාරයෝ කලහ කාරයන් බව තේරුම් යන්නේ ඒවායේ අභ්‍යන්තරයට ගිය විටය.
මේ ගැණ තවත් අදහස් දැණ ගණීමට; ගායක ගායිකා සංගමයේ හිටපු සභාපති රොහාන් ද සිල්වාගේ මේ හඬට සවන් දී බලන්න.