Thursday, September 25, 2025

295. කඩවත ලක්ෂ්මන් අයියා . . !

සයිකලයකට අත තබාගෙන කණ්නාඩි දමාගෙන සිනහමුසු මුහුනින් - සයිකල්  ලකී

කඩවතට පැමිණි මුල් වකවානුවේ ඒ කියන්නේ මීට දශක තුනකට විතර පෙර තමයි ලක්ෂ්මන් මට මුණ ගැහෙන්නේ. කඩවතම ලක්ෂ්මන්ව දන්නේ "ලක්ෂ්මන් අයියා" නැතිනම් "ලකී අයියා" කියන ආදරණීය නාමයෙන්.

මේ බ්ලොග් එකේම එක තැනක මම ලක්ෂ්මන් අයියා ගැන ලියලා තියෙනවා. මෙන්න මෙතන. එතන තියෙන ටික උපුටලා මෙතන අලවන්නම්. 

මාගේත් වසිකගේත් සයිකල් හැදුවේ කඩවත හයිවේ එන්ට්‍රන්ස් එක ළඟ ලකී අයියාය. ලකී අයියාගේ වින්කලය හෙවත් වැඩපොල තියෙන්නේ ඉලෙක්ට්‍රික් සරා හෙවත් සරත් අයියාගේ ගැරේජ් එකේ කට ගාවය.

මේ නිසාම සයිකල් හැදුවත් නැතත් බොහෝ සති අන්තවල; ලකි අයියාගේ වින්කලේට හොස්ස පෙවීම අපගේ සාමාන්‍ය සිරිතකි. ඊට තවත් හේතුවක් විය. සරාගේ වැඩ පොලේ ඉඳ ගැණීමට පුටුවක්, බංකුවක් සොයා ගැනීම නිකිණි සෙවීමක්ම විය. එහෙත් ලකි අයියාගේ වැඩ පොලේ එක් පසක බිත්තියට හේත්තු වූ දිග බංකුවකි. 
සරාගේ ඉලෙක්ටික් ගරාජයට එන හැම දෙනාටම එම බංකුවේ ලැගීමට අවසර නැතත් අප වැනි යාව ජීව සාමාජිකයින් හට එතැනට සෙටමෝල් වීම අවුලක්ම නැති කාරණයක්ව පැවතුනි.
ඒ අපේ වාහනයේ ඉලෙක්ටික් වැඩේ කරණාතුරු ලකාර් එක ගැසීමටය.

"ආ! සරත් අයියා ගාවට ආවාද?"

ඒ වෙලාවට ලකි අයියා ගැඹුරු හඬින් අසයි!

අපිව දුටුවාම ලකී එයාගේ ගැඹුරු වොයිස් එකෙන්  “ ආ ! කොහොමද ? “ කියන්නේ තාලෙට  ඇදලා පැදලාය.   

ලකී ද කොලු කාලේ සයිකල් ශූරයෙකි.
 
තවමත් ආරෝහ පරිනාහ දේහයකට හිමි කම් කියන හේ  වරක්  බොනිෆස් ලා හෙන්ඩර්සන් ලා සුමනවීරලා එක්ක පොලොන්නරුවට පැද තිබුනේය. ඒ කතාවද සුපිරිම කතාවකි.
ඒකාලෙ සයිකල් රේස්  සඳහා මුලින්  නම් ලියා පදිංචියක් තිබී නොමැත. ආරම්බක ස්ථානයට යන ඕනෑම කෙනෙකුට තරගයට  සහභාගී විය හැකි වූ අතර ඒ සැමට; තරගය සඳහා ම නිර්මිත සුවිශේෂි ටී ෂර්ට් එකක් ලැබුනි. 
මේ ටී ෂර්ට් එකක් හොයාගෙන එය ඇඳගෙන බයිසිකලයක් පැදීමද; සයිකල් රේස් එකකට සහභාගී වී දිනීම  තරම්ම පොඩි කික් එකක් දෙන වැඩකි.
ඉතින් මම අමාරුවෙන් නොකිව්වාට කෙරුණු වැඩේ තේරුණා නේ?

ආරම්භක ස්ථානයෙන් ටී ෂර්ට් එක ඇඳගෙන රේස් එක සමග හැතැම්මක් පමණ පැද; නැවතී ටී ෂර්ට් එකද රැගෙන නෝන්ඩි නැතිව ගෙදර එන අයියලා එකල බොහෝ සිට ඇත!
ලක් පොහොර දීපවියාප්ත මහා සයිකල් ධාවන තරඟය 1984 හෝ  1986 විය යුතුය. 
ලකී තම යාළු මිත්තරයින් කිහිප දෙනෙකු සමග පාන්දරම ගෝල්ෆේස් පිට්ටනිය දෙසට පැමිණියේ ටී ෂර්ට් කිහිපයක් "ගල්" කිරීමේ අවංක චේතනාව මුල් කරගෙනය.
පොතේ විදියටම සියල්ලන්ටම ටී ෂර්ට් ලැබුනාලු. එතැන් පටන් තරගය ඇරඹුනු පසු අපේ ලකි අයියත් පදින්න පටන් ගත්තාලු.
"මමත්: බොනියලා සුමනෙලා එක්ක එක පොදියට සෙට් වෙලා පදින්න ගත්තා!
අපි ආවෙම කිරිබත්ගොඩින් හරි කඩවතින් හරි නවතින්න බලාගෙන.

ලකී තම යාළු මිත්තරයින් කිහිප දෙනෙකු සමග පාන්දරම ගෝල්ෆේස් පිට්ටනිය දෙසට පැමිණියේ ටී ෂර්ට් කිහිපයක් "ගල්" කිරීමේ අවංක චේතනාව මුල් කරගෙනය.
පොතේ විදියටම සියල්ලන්ටම ටී ෂර්ට් ලැබුනාලු. එතැන් පටන් තරගය ඇරඹුනු පසු අපේ ලකි අයියත් පදින්න පටන් ගත්තාලු.
"මමත්: බොනියලා සුමනෙලා එක්ක එක පොදියට සෙට් වෙලා පදින්න ගත්තා!
අපි ආවෙම කිරිබත්ගොඩින් හරි කඩවතින් හරි නවතින්න බලාගෙන.
 ඔය ලකි අයියාගෙ ශෝකාලාපයයි.

1973 සිට 1994 දක්වා තරග දහසකටත් වඩා හේ පැද ඇත. 

මේ කතාන්දර අහන්නට පුළුවන් වන්නේ රිම් ඇද අරින "බකල් අච්චුව" ලඟ නිස්කාන්සුවේ ඉන්නා වෙලාවටය. 

නැතිනම් ලකී අයියා හැමදා හැම වෙලාවේම එකසිය ගානට වැඩය!
මාගේ Scott එකද මා  හා හා පුරා  කියා ගෙන ගියේ  ලකි අයියාගේ රජ දැක්මටය.
 “අප්පා……. මේක සුපිරි භාන්ඩයක්නේ !”

පුරුදු පරිදි ලකි අයියා තම ගොරෝසු හඬින් ඇද පැද කීවේය.
ඒ බෞතීස්මය මට ඉහටත් උඩින් ය!
මධුෂාන්ගේ අලුතගෙනා Giant මනමාලිය ද කඩවතදී   ලකීව බැහැදැක්කේය ! 

 “අප්පා……. මරු සයිකලයක්නේ . . !?”

ලකි අයියා එයටද නියත විවරණ දුන්නේය. 

අද වුවත් ලංකාවේ කොයි අස්සක් මුල්ලකහෝ හමුවන පැරණි ධාවකයෙක් "කඩවත ලකී" ව හඳුනයි. ඔහු පදින තරග ආරම්භක ස්ථානයට ගොස් ඔහුගේ දෙපාවල මස් පිඩු බලා සිටිය අයුරු වරෙක මා හට මිතුරෙකු පැවසීය.

ලකි අයියලා සයිකල් රෙස් පැද්දේ; සයිකල් රේස් ක්‍රීඩාවේ ස්වර්නමය යුගයකය. එකල බොහෝ ගමක කොල්ලෙකු රැලේ සයිකලයක් අටවාගෙන රේස් පදින්නට පුහුණු වනු උදෑසනට දකින්නට හැකියාව තිබුනි.
"සුමනෙගෙ සයිකලේ එක අතින් උස්සන්න පුළුවං . .!" ඔවැනි කතා එකල කඩපිල් වල කතාවුනි.
'අළුතින් බොනියා ගෙනල්ල තියෙන භාන්ඩෙ ඇඟිල්ලෙන් උස්සන්න පුළුවං!" මේවා ඇත්තද? මෙච්චර සහැල්ලුවට බයිසිකල් හදන්න පුළුවංද? අපි අපගෙන්ම ඇසුවෙමු!


එකල සිටි; බොහෝ සයිකල් රේස් පදින්නන් මෙන්ම ලකි අයියා නැවතුනේ වින්කලයකිනි. කඩවත නගරයේ පහල මායිමට ආසන්නව ඔහුගේ වින්කලය පැවතුනි. එම කුඩා කඩ කාමරයට අයිතිකරුවන් ලබා ගත්තේ ඉතා සොච්චම් මුදලකි. 

"මට කියලා තියෙන්නේ; මට පුළුවන් කාලයක් වින්කලේ කරගෙන යන්න කියලයි!" ලකි අයියා ව්දිනක් මට පැවසීය.

මා පළමුව ලකි අයියා හමුවට ගිය දවසේ "දැන්නං බෑ! අද තියා මේ සතියෙ වත් මම වැඩ භාර ගන්නෑ!" ගැඹුරු හඬින් පැවසූ අයුරු අද වාගේ මතකය!

"මොන බක පණ්ඩිතයෙක්ද මංදා මූ නං!?" මම මටම කියා ගත්තෙමි.
"මම ඔයාට තැනක් කියන්නං යන්න! එයා මගේ ගෝලයෙක් . . !" ලකීගේ ඒ කතාව එක්ක මට තවත් මල පැනීය. 

"මගෙ ගෝලයෙක්! - මගුල!" මම පුණරුච්ඡාරණය කලෙමි. "රෙද්ද!"

ඊට බොහෝ කාලෙකට පසුව ලකි අයියා මා ගජ මිතුරන් විය. එහෙං මෙහෙං මමත් තරමක දුරක් පදින බව දැන ගන්නට දැන ගන්නට ඔහු වඩ වඩාත් මා සමග මිතුරු විය. 

කාලය සමග ලකි අයියාගේ දණ හිසේ ආභාධය හට ගැනුනි. ඒ අධික ලෙස සයිකල් පැදීම නිසා කියා මා සිතූවද ඔහු පැවසූවේ සයිකල් අළුත්වැඩියා කරණ විට කුඩා බංකුවක; පැයකට  විසි තිස් වතාව ඉන්ද ගැනීමටත් නැගිටීමටත් සිදුවූ නිසා කියාය. 
තවත් කාලයක් යන විට ලකි අයියාගේ කට හඬ වෙනස් විය. ඒ වන විට ඔහුට වයස හැටක් හැට පහක් වන්නට ඇත. 

"මට අංස භාගෙ හැදීගෙනලු එන්නේ . . !" දිනක් ඔහු වේදනා භරිතව මා සමග කීවේය!
"අම්මට සිරි . . ! මමත් දන්නා වෙද්දුන් දොස්තරලා ලැයිස්තුවක් ඔහුට කීවේය.

තවත් කලක් යන විට ලකි අයියාට කතා කිරීම බෙහෙවින් අපහසු විය. බොහෝ වචන හඬ නගා නොකියා; සයිකල් වැඩ පොල ඇතුලේ තිබුණු මේසයක ඇඟිල්ලෙන් ඇඳ පෙන්වීමට හේ නැඹුරු විය.

ඊළඟ මාස කිහිපය ඔහු වැඩ කලේ  මුඛය ලේන්සුවකින් වසාගෙනය. 

ඒ අතර කාලය තුල කඩවත නගරයේ ඒ ඉසව්වට හැම විටම ඔහුව බැහැ දැකීමට ගියෙමි. එහෙත් කිසි විටෙක් ඔහු හා අල්ලාප සල්ලාපයේ යෙදීමට උත්සාහ කලේ වත් නැත. මන්ද ඒ වන විට හේ සම්පූර්ණයෙන්ම කතා කල නොහැකි තත්වයකට පැමිණ තිබුණු බැවිණි. කුමණ හෝ කටයුත්තකට මා ප්‍රදේශයෙන් ඉවත්ව සති ගණනකට පසුව පැමිණ ලකී අයියාගේ වින්කලය ඉදිරියෙන් යන විට එහි වහලයේ සවිකොට තිබුනු බෝඩ් ලෑල්ලේ එක් පසෙක සුදු කොඩියක් බිමට පහත්ව තිබුනි!

පසු ගිය කාලය පුරා මාස කිහිපයක් ලකි අයියාගේ අක්කා (බිරිඳ) එහි පැමිණ තවත් කාර්මිකයෙකු සමග එක්ව භාර ගෙන තිබුණු වැඩ ටික අවසන් කිරීමට උත්සාහ ගනිමින් විය. 
අද උදෑසන මා කඩවත නගරයට ගියේ ඩයලොග් බිලක් ගෙවා දැමීමටය. එවිට මා දුටු දසුනෙන් හිත දෙදුරුම් කෑවේය. මම වාහනය පසෙක නවතා එතැනට ගොස් ඡායාරූප කිහිපයක් ගතිමි. මේ පහතින් ඇත්තේ ඉන් කිහිපයකි. යුගයක් එසේ අවසන් විය.



23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...