එක් දිනක් මහ මගදී හමුවූ අයෙක් මා සමග කීවේ මෙම රථයේ ඉදිරිපස සබ් ඇක්සල් Sub Axels, සස්පෙන්ශන් කොටස් Suspension Assy, නකල් Knuckel, හබ් Hub යනාදි සියල්ල වෙනුවට; ගැලපෙන; ජපන් වාහනයක කොටස් යොදා නවීකරණය කල හැකි බවයි. ඊට අනුකූල පිටුපස ඇක්සලද වෙනස් කල විට සියළු රෝග නිවාරණය වන බවක් කීවේය. මෙම නවීකරණය කරන්නට අවශ්‍යනම් වාහනය නාවලපිටියට (හෝ ගම්පොළට) ගෙන ආයුතු බවත් පැවසීය.
ඒ සඳහා යොදා ගන්නා ජපන් වාහනය කුමක්දැයි මා කිහිප වරක් ඇසූ නමුදු එය නොකීමට ඔහු පරිස්සම් විය!
ඒ මිනිසුන්ගේ හැටි ය!
සාමාන්‍ය ගෙදරක සියළු අවශ්‍යතා පිරිමසා ගැනීමට එය සුපිරි රථයකි. ඉදිරිපස සැප පහසු අසුන් දෙකක් ඇති අතර දෙවන පේලියේ ආසන තුනකි. පිටුපස මලු හෝ භාන්ඩ තැබීමට විශාල ඉඩකි. පස් දෙනෙකුගේ සතියක ඇඳුම් කැඩුම් දමාගෙන සතියක ගමනක් යාමට වුවද එය ගැලපේ.
"එහෙනම් අහවල් එකකටද විකුණන්නේ?" ඔබ මගෙන් අසාවි.
අංක එක එය ෆෝවීල් වාහනයක් නොවීම.
දෙක ඉදිරිපස වීල් බෙයාරිම්; වාහනයේ බරට සුදුසු සේ සකසා නොමැති බැවින් ඒවා ඉතා ඉක්මණින් මාරු කිරීමට සිදුවීම.
තුන මාගේ දරදඬු වාහන භාවිතාවට එය නොගැලපීම.
ඉරිදාට; වසික රැගෙන යන ගමනට එය ඔරොත්තු නොදෙන බව යටි සිත සෑම මොහොතකම පැවසීම!
සමහර විට එය හිතළුවක්ම වෙන්නට ඇත. පැන්තර ජීවිතකාලය පුරාවටම පාවිච්චි කරණා පිරිසක්ද වේ.
සමහර; වාහන පිළිබඳව පමනක් නොව ගෙවල් දොරවල් පුද්ගලයින් පිළිබඳවද මේ සිතුවිල්ල එසේම මය. විවාහ දෙදරවා ගන්නා පුද්ගලයින් පසුව කරගන්නා විවාහ තුල ඉතා සාර්ථකව ගත කරති.
එසේම සමහරුනට නොගැලපෙන වාහන තවත් සමහරුනට මල් මසුරන් ය!
බ්‍රහස්පතින්දාවක ලහි පිටේ පැන්තරයේ කතන්දරේ ලියා පල කලෙමි. සෙනසුරාදා හවස් වන විට ලහිපිට පලවේලාය. ඉරිදාට වැඩේ පත්තුවේ.
වාහනය විකිණීම සඳහා ලිපිනය ලෙස මා පල කලේ මාමණ්ඩියගේ ගෙදර ලිපිනය ය. ඒ අපගේ කඩවත නිවසට එන්නට මිනිහෙකුට වාහනයක් නිකං දෙනවා කිව්වද හිත හදා ගන්න අමාරු කාර්‍යයක් වන බැවිනි!
අදාල දිනයේ පුවත් පතේ ලිපිය පලවී තිබුනි. මම එය ලක්ෂ 18කට මිළ කොට දක්වා තිබුනි.
එහෙත් මාගේ හිත කිව්වේ මෙහි වෙළෙඳපොළ වටිනාකම ලක්ෂ 17/50 ක් වන බවයි. අදාල ඉරිදාවේ උදේ 6.00 වන විට චිකන් අතේ අරං තරුණයෙකු පැමිණියේය. ඔහු පැමිණියේ ඔහුගේ කුඩා පුතාවද කැටුවය. කොට කලිසමක් සහ ටී ෂර්ට් එකක් ඇඳ පැමිණි ඔහු සේවය කලේ HSBC බැංකුවේය. ඔහු වාහනය වටා කැරකී ලක්ෂ 17 කට ඉල්ලීය.
මගේ අවසාන ගනන ලක්ෂ 17/50 වන හෙයින් ඔහුගේ මිළට මා එකඟ නොවීය. මම මගේ අවසාන මිළ; 17/50 ඔහුට දැණ්වීය!
ඒ සමගම අයෙක් පැමිණියේය, ඔහු පැමිණි ගමන් වාහනය වටේ කැරකී 17/75 කට ඉල්ලීය.
ඒ සමගම මුළින් පැමිණි තරුණයා මා වෙත පිං සෙන්ඩුවෙන්න පටන් ගත්තේ 17/50 කට ඔහු ගන්න කැමති බව පවසමිණි.
මා මහත්වූ උභතෝකෝටිකයකට මුහුණ දුන්නෙමි.
දෙවනුව පැමිණි අය සමග මා පරීක්ෂණ ධාවනයකට වාහනයට නැග්ගේ "ඔයා බයවෙන්න එපා මම ඔයාට තමයි වාහනේ දෙන්නේ!" කියාය.
පරීක්ෂණ ධාවනය අවසානයේ දෙවැන්නා වාහනයෙන් බැස්සේ 17/75 කට දෙනවා නම් දැන්ම අත්තිකාරමක් දෙන්නටත් හවසට වාහනේ ගන්නටත් එකඟ බව පවසමිනි.
මා ලක්ෂ 18 කියන සංඛ්‍යාවෙම සිටියෙමි.
ඒ මුලින් පැමිණි තරුණයාට වාහනය ලක්ෂ 17/50ට දෙන පොරොන්දුව රැකීමටය.
පැය භාගයක් ඇතුලත සියල්ල විසඳුනේය.
අත උඩ රුපියල් 1775000 කට විකිණීමට හැකිව තිබුනු වාහනය මම 1750000 කට විකුණා දැමුවේ උදේ පාන්දරම රුපියල් 25000ක් පාඩු ලබමිණි.
මාමණ්ඩියට ගෙවන ලද ලක්ෂ 18 සමග ගත් විට මා 50,000ක් පාඩු විඳ අවසන් ය!
මාමණ්ඩිය ඇතුළු පිරිසගෙන් මා හට ඉගැණ්වීම් 500කි. එදිනම බිරිඳගේ නැගනියගේ අළුත උපන් දරුවාට නමක් හොයන්නට අහුබුදුලාගේ නිවසට මමත් මස්සිනාත් ගොඩ වැදුනෙමි. අහුබුදුගේ ආලින්දයේ "සිළුමිණ" පත්තරයකි.
මස්සිනා පැමිණි වැඩේ කරගන්නා තුරු මා එහි "රථ වාහන" ලුහුඩු දැන්වීම් තීරුව පිරික්සීය.
"ටොයොටා 106 කැබ් රථය, 56 ශ්‍රී, 17/50යි. පවර් ස්ටියරිං, ෆෝ වීල්, . . . . . " මම එහි සිටම ඇමතීමි. වාහනය ඇත. ආපසු බිරිඳගේ මහ ගෙදරට ගොඩවූ සැණින් ඇය සමග වාහනය බැලීමට පිටත් වුනෙමි. නිවසේ මිදුලේ වාහනය නවතා ටිබුනි.
"මම මේක ගන්නවා!" මම බිරිඳට කීවෙමි.
ඒ මගේ හැටිය! වාහනය හොඳ උනත් නරක උනත් මොන දොසක් තිබුනත් මගේ හිතට ඇල්ලුව හොත් එය ගෙදර ගෙන ඒම මාගේ සිරිතය!
කථාව පටන් ගත්තෝය.
ඔහුද මාගේ පාසලේ ආදී සිසුවෙකි. ඔහු නමින් දර්ශන දලුවත්ත හෙවත් "දැල්ලා"ය. වාහනයට ඔහු 17ක් කියයි!
වැඩේ නිමෙටම පත්තුවී අවසානය!
මම වාහනය 16ට ඉල්ලුවෙමි.
"අනේ මල්ලී මම ඔය වාහනේ නෙල්නා ෆාම් එකෙන් ගත්තෙම 16 1/2 ට! මේ බලන්නකෝ. . !" ඔහු කුවිතාන්සියක් පෑවේය.
"හරි අයියේ එහෙනං මට ඒ ගානට දෙන්නකෝ!"
මගේ මූන දෙස මද වේලාවක් බලා සිටි "දැල්ලා" "ආ එහෙනං අරං පලයං!" කීවේය.
වාහනයේ පරීක්ෂණ ධාවනයේදී ඒය හත් අට පොලක නැවතිනි. එය එන්ජිමට නිසි පරිදි ඩීසල් නොලැබී යාම නිසා බව වැටහුනෙමි.
"අවුලක් නෑ අයියේ! වාහනේ නම් දෙතුන් තැනක නැවතුනා! ඒ උනාට මම වාහනේ අරං යනවා! මට මේක වැදුනා!"
වාහනය අරං ආවෙමි.
මම මගේ වචනයට අර්ථයක් එක් කිරීමට ගොස් විඳි පාඩුව හවස් වන විට මැකී ගොස් ය.
56 - 1086 මා සතු වූයේ එසේය.
මටත් අප පවුලටත් මහත්වූ සේවාවක් කරණ්නට එය පසු දින සිට පටන් ගත්තේය. Toyota LN 106 යනු ඉදිරිපස Rigid Axel සහ දුනු (Leaf Springs) ආ අවසාන කැබ් රථයයි. ඉදිරිපස දුනු ඇථි නිසා තරමක් ගැස්සෙන බවක් පෙන්නුම් කලද එය අතිශය User Friendly රථයකි.
එන්ජිම 3L - 2800CC එකක් වූ අතර එය මෙරට ප්‍රසිද්ධ වූයේ "ඩොල්ෆින් එන්ජිම" ලෙසිනි. මන්ද; මෙම එන්ජිම මෙරටට ප්‍රථම වරට පැමිණියේ හයි ඒස් ඩොල්ෆින් රථය සමගය.
5 Forward ගියර් පෙට්ටියකි.
වාහනය මිළදී ගත් දිනට පසු දින; කොට්ටාවේ විකසිත එන්ටර්ප්‍රයිසස් එකට ගොස් වසන්ත පෙරේරා හමුව ඩීසල් ෆිල්ටරයක් සහ ෆිල්ටර් හෙඩ් එකක් ගෙන සවිකල පසු අතර මග නැවතීම සහ මුලින්ම නිටාවටම සුව විය.
වසන්ත පෙරේරා මාගේ පාසලේ පංති සගයෙක් විය. අමතර කොටස මිළදී ගැනීමට ගිය ගමනට මාමණ්ඩියද එක් විය. ඒ ඔහුට බැංකු කටයුත්තකට යන්නට තිබුනු හෙයින් වන්නට ඇත. වසන්ත පෙරේරා ෆිල්ටරයට හා ෆිල්ටර් හෙඩ් එකට සල්ලි නොගත්තේය.
එහෙත් එය කොට්ටාවෙන් රැගෙන පන්නිපිටියේ අරලිය උයන අසලට එන්නට නොහැකිවිය. වාහනය අතර මග නැවතුනි. මම මාමණ්ඩිය ත්‍රී වීලරයක නග්ගා ගෙදර යැවීය. තවත් කෙටි වේලාවකින් මා වාහනය අටවාගෙන ගෙදර පැමිණියෙමි.
කැබ් රිය මා සමග සිටි වසර 5 කට අධික කාලය තුල අතර මග නැවතුනේ තවත් එක් වතාවක් පමණි! ලංකාවේ බොහෝ ස්ථානවලට ඇය අපව කැටිව ගියාය. රැයක් දවාලක් නැතිව හැල්මේ දිව ගිය ඇය පවුලේම කෙනෙක් ලෙසට නොබෝ කලකින් පත්විය!!!