Monday, July 8, 2019

145. ළඳුනේ; මේ බජාර් එකේ ලලක්කා !


“I believe that sex is one of the most beautiful, natural, wholesome things that money can buy.” 
― Steve Martin
පසු ගිය සති අන්තය ගෙවී ගියේ ඉතාමත්ම අවිවේකීව.

රැකියාවේ එදිනෙදා වැඩ වලට අමතරව ඥාතියෙකුගේ නිවසක තිබූ ආගමික කටයුත්තකට සක්‍රීයව මැදිහත් වීම; මෙම අවිවේකී බවට ප්‍රධාන අමුද්‍රව්‍යය සැපයූවා යැයි කීවොත් නිවැරදියි.

මේ සර්ව රාත්‍රික පිරිත් දේශණය අතර තුර මාහට මගේ නෑදෑ මිතුරෙකු සමග හෝරා කිහිපයක් දොඩමළු වීමට ලැබීම කිසියම් භාග්‍යයක් උනා.

ඔහු සහන් විජේසිංහ - ජනාධිපති විදුහලේ ඉතිහාසය හා මාධ්‍යය ඇදුරිඳු කීවොත් වඩාත් නිවැරදියි.
 කතාව ඇරඹුනේ ඔහුගේ අලුත් අත් දැකීමක් කියන්නට ගොසින්.

"අයියේ මේ ළඟදි දවසක් මම පංතියට ගිහින් කොල්ලො ටිකත් එක්ක පොඩි තෙලකට සෙට් උනා.

 නිකමට දැන ගන්න ඕන උනා උන්ගේ රසාඥ්ඥතාවයේ නිම් වළලු කොතනදැයිද කියා. එක එකාගෙන් උන් කැමතිම ගීත අහගෙන යන කොට කියැවුනේ "ගෑනිට වඳින ගාථා" වගේ අඳෝනාවල්!
ඒ අතර එකෙක්ගෙන් කියැවුනා "ළඳුනේ . . " ගීතය. ඇත්තටම මටත් හරිම සතුටුයි. මම මේ ගීතය ගැන උන් එක්ක මගේ පමණට පොඩි සංවාදයක් ඇරඹුවා!


'ලැම පමනක් ලොවට පෙනෙන . . . . .'
'අඳුරේ පව් කරණ දනා . . . . . . . . .'

ඔය වගේ වැකි මම ඔවුන් එක්ක කතාවට ගත්තා.

ම්හු! මුන්ට ගානක් වත් නෑ.  මට තේරුණා මුන් එක්ක මේ සිංදුව ගැන කතා කරණ එක මෙලෝ තේරුමක් නැති කාරණයක් කියලා!
 භාගෙට භාගයක් මේ සිංදුව අහලාවත් නැති ගානයි.

පස්සෙ මගේ ඔළුවට ආවා මරු අදහසක්. මම ඇහුවා උන්ගෙන්  " දැන් ඔයාලා අහල තියෙනවද 'බජාර් එකේ ලලක්කා . . . . ' සිංදුව?"

අප්පට සිරි ඔක්කොම අහලා තියෙනවා !


"මම පටන් ගත්තා ලලක්කා විචාරය . . !

බජාර් එකේ ලලක්කා -මල්ලි හිත හොඳ අක්කා
සුර සැප වින්දා - කාගෙත් වත ගොත රැක්කා . . '

මෙවන් වෘථිමය කාන්තාවක සතුව ඇති වඩාත් වටිනා කියන ගතිගුණය වන්නේ තම පාරිභෝගිකයින් පිළිබඳව දක්වන රහස්‍ය භාවය.
මේ ලලක්කා එය තදින් අරක්ෂා කල කෙනෙක්. . . . . . . . . . . . 

'නංගි රොසක්කා - එතනම කසිප්පු වික්කා
දැක්කා නොදැක්කා වාගෙයි නංගිට අක්කා . . . . '

මේ ලලක්කා ඉබේ මේ සමාජය තුලට පැමිණි චරිතයක් නොවේ. ඇය පැමිණෙන්නේ තම සමාජ පසුබිම තුලින්.
අක්කාගෙ රැකියාව නංගීත්; නංගිගේ රැකියා ස්වභාවය අක්කාත් එකිනෙකාට නිවැරදිව හා අවභෝධයකින් යුතුව දනී. 
එය ගැටළුවක් වී නොමැත.
මන්ද එය දෙදෙනාගෙ මව වන  ඉසක්කාද එම අවකාශය තුලම සිට
'නෝන පලා ගන්නවාද අසා' එළවළු විකුනණ බැවින්!

කොල්ලන්ට වැදුනා කියන්නකො අයියෙ සුපිරියටම! "

සෑහෙන්න ට්‍රයි කරලා එකම අච්චුවේ යන්ත්‍රාණුසාරයෙන් ගී ගයන අමරසිරි!


මේ ප්‍රස්තූතය ගැනම කපුගේ කියා තියෙන්නේ මොන තරම් ලගන්නා සුළු භාවය කින්ද කියා මේ පෝස්ටුව ගුවන් ගත කොට දිනක් ගත වෙද්දී මට හිතුනා! "සීත පිනි බිඳු කඳුලු සලනා - මලානික තරු වැළපෙනා " 

ගීතය තුල ඇයගේ දුක්ඛිත භාවය, ඇගේ අසරණ කම, ඇය ලක්වූ සමාජ අසාධාරණය මොනවට චිත්‍රණය වෙනවා. ඒ වචන වලින් ඔබ්බට ගිය හඬින් - වොයිස් එකෙන්! වචන වලින්, මෙලඩි එකෙන් සවන් දෙන්නා යන උපරීම දුරෙන් ඔබ්බට ඔහුව හෝ ඇයව ගෙන යන්නේ මේ මම කියන වොයිස් එකයි. මිනිස්සු හින්දි අනුකාරක ගී ඇසුවේ මෙලඩියටමද? වචන වලටමද? උත්තර එපා. එම සින්දුවේම ඔරිජිනල් හින්දි සින්දුව කලින් රස වින්දේ මෙලඩිය නිසා පමනක්ද?වොයිස් එක නිසාමය. 


භාරතයේ ගෝල්ඩන් වොයිස් සම්මානය දිනා ගත් රාජේන්ද්‍ර කපූර් "ගීත්" චිත්‍ර පටයට එක් ගීතයක් ගායනා කරණවා - ජිස් කෙ සෆ්නේ කියලා. අසා බලන්න එම කෝමල මධුර හඬ කෙතරම් සුන්දර දැයි කියා!


ගීතයක් ගායනයේදී ජෙෆ් බෝයිකොට් බැට් කරණවා වගේ කඩුල්ල ඉදිරියේ නොසිට තම භාව ප්‍රකාශනය; වචන වලින්, හඬින්, එහි උස් පහත් කිරීම් තුලින්, ටෙම්පො එක , පිච් එක යනාදී වශයෙන් කී නොකී සියළු කාරණා වලින් විචිත්‍ර කල යුතුයි කියන එක තමයි මම නම හිතන්නේ.

 (තරඟාවලියකින් පසු අසන්ත ද මැල් ගෙන් ජෙෆ් බෝයිකොට් පිළිබඳව විම සීමේදී ඔහු ප්‍රකාශ කොට සිටියේ "ඒක හරියට තාප්පයකට බෝල් කරණවා වගේ" කියාය. මන්ද විකට් කූරු තුනට ඔබ්බෙන් යන කිසිදු පන්දුවකට ඔහු පහර දීමට නොපෙලබෙන ක්‍රීඩකයෙකු ලෙසට ප්‍රසිද්ධය!)


"එළ! පෞද්ගලිකවම මම උනත් 'ළඳුනේ' ට වඩා 'ලලක්කාට' කැමතියි. මම මගේ කට හඬ අවදි කලා. 

සහන්ට පිළිතුරක් දිය යුතුය! සහන් මල්ලි; 'මේ මොකක්ද මේ?' කියන්නාක් මෙන් බලා ඉන්නවා.

අපරාදෙ කියන්න බෑ; ඒ කැමැත්තට ලොකුම දායකත්වය කරණ්නේ  අමරසිරි පීරිස් මයි!
මොකද එයා සිංදු කියන නැත්නම් කියවන කෙනෙක් මිසක් ගායනා කරණ කෙනෙක් කියල නම් නොදැනෙණ බැවින් !"

"ඇයි අයියේ එහෙම කියන්නේ?" මගෙන් ලද බලාපොරොත්තු නොවූ ප්‍රකාශය නිසා සහන් ඉච්ඡාභංගත්වයට පත් වෙලා වගෙයි මට පෙනුනේ.

"දැං බලන්න සිංහල තේරෙණ්නෙ නැති කෙනෙකුට 'ලඳුනෙ' යි 'කණ්‍යාවී' යි 'ඇපල් මලයි' මොකක් ඇහුවත් එයාට හිතෙන්නේ ගෑනි මැරිලා මිනිහා කියන සිංදු විදියට නේ?

මේ ළඟදි අමරසිරි කලානේ ප්ලෙ බැක් එකක් මොකද්ද ෆිල්ම් එකකට. අර 'මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා . . . ' කියන්නේ. හිතන්නකො ඕක වැඩිය ඕන නෑ පුන්සිරි සොයිසට දුන්නා නම් ඕක අහන්න පුළුවන් විදියට කියාවි.
ඒකෙ අඳෝනාවක් මිසක ඒ දුකට මුල්වූ ආදරය , ප්‍රේමය එහි සුන්දරත්වය හැඟෙන්නේ නෑනෙ!"

"හරි කවුද අයියේ ඔයා කියන විදියේ වේරියේශන් එකක් ඇතුව සිංදු කියලා තියෙන්නේ?"



මුද්දරේ එන්නට කලින්ම "පීච්ං" සීල් එක වැදුනු ජෝති !

"අපෝ සෑහෙන්න ඉන්නවා. වැඩිය ඕන නෑ ගන්නකො ජෝතිව. 'අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පන මාගේ . . ' එකයි 'රොබින් හුඩ් වගේ ලක් දිව පතල උන නමයි'  කියන සිංදුවයි 'සොභාව හංගා මේ ලෝ තලේ . . . . . ' කියන එකයි ගැයෙන හඬ කොයි තරම් වෙනස් ද?

 අමරපෙම් ලතාවෙ ඩුවට් එක!
  ඇන්ජි 'අමරපෙම් ලතාවේ - රණ් මලක් උදාවේ
 අඳුන් සඳුන් සුව මැවේ - මනෝ මන්දිරේ'   කියලා සිංදුවේ පිච් එක නවලා පාත් කරලා තිබ්බාම කෝමද ජෝති  

'ඉසුරුමුණි කතාවේ - යුවල දැන් සිනාසේ '  කියන කොට ඒ හඬේ තියෙන ප්‍රේමණීය බව?



ජොතිගේ සිංදු කියා ජීවත්වන දෙන්නෙක් !?

 ඔය වගේ සිංදුනම් කොච්චර තියෙනවද? ඔයා අහලා තියෙනවද 'කන්දෙන් කන්දට - ලන්දෙන් ලන්දට' කියන සිංදුව?"

"ම් . . . මට මතකයක් නෑ . . !"

"එතකොට
'සමනොළ මුදුනේ සිරිපද සිඹසිඹ - උදා ඉරක් පායයි
සැණසිළි සුවදෙන - නවමල් සුවඳින්
දැහැමි දැයක් පිබිදෙයි . . . //'  සිංදුව?

හැත්තෑහතේ ජේආර් ගෙ ආණ්ඩුව ධර්මිෂ්ඨ සමාජයක් උදා කලා නොකලා ඒ සිංදුව හරිම ආකර්ෂණීය ගීතයක්. හරියට හැත්තෑදෙකේ ජනරජ සීන් එකත් එක්ක එලියට ආපු වික්ටර්ගේ 'අපි ඔක්කොම රජවරු . . . . ' ගීතය වගේ . . "

"ඔයා මොකද හිතන්නේ වික්ටර් ගැන?" සහන් කථාව තවත් දුරකට ගෙන ගියා.



වයසට නොගිය - හඬ, හැඩ හා වැඩ

"වැඩ්ඩෙක්නෙ !? දැන් ඔය 'ඔක්කොම රජවරු' සිංදුවයි, 'තනිවෙන්නට මගේ ලොවේ ' සිංදුවයි අරණ් බලන්නකො වෙනස හඬ ආරේ . . !?"

"ඔව් ඇයි 'සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා' ?

'සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ඝනඳුරු රෑ - තනිකම නෑ
සොයා එන්න ඝනඳුරු තරු නිවලා
මගේ එළිය අද ඔබ පමනියි . . .

ජීවිතයම සතු එකම සුවේ

හී සර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු - ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ . . . " අප දෙදෙනාම සෙමෙන් මිමිණීය.

"ඒ භාව ප්‍රකාශනය තම හඬින් මතු කල නොහැකි නම්;  අපිත් ගායක ගායිකාවෝත් අතර වෙනසක් නැති වෙනවාකියන එකද ඔයා මේ කියන්නේ?" මම අමාරුවෙන් කියන්න හදපු දේ සහන් හරියට ෆ්‍රේම් කරගෙන තිබුනා. ඒක මට ලොකු දෙයක්!

"අනිවා! මේ කියන්නේ මධුර මනෝහර කටහඬක් තිබිය යුතුයි කියන එක නම් නොවෙයි.  අවකාශයේ තියෙන ශබ්ද අතුරින් මිහිරි හඬවල් 'නාද' වෙනවා. මේ නාද කිසියම් රටාවකට හැඩයකට පෙල ගැස්වීමයි සංගිතයෙන් කෙරෙණ්නේ. ඒ නිසාම කිසියම් මිහිරියාවක්, හැඩයක් තිබිය යුතුමයි. මම කියන්නේ සංගීතයේ මහා සම්ප්‍රදාය ගැන!"මම පැහැදිලි කලා!

මේ කාලයේ සිංහල සංගීතය තුල සක්‍රීයව සිටින ගායකයින් ගෙන් කවුද අයියා හිතන්නේ ඔය වේරියේශන් එක  කරණ අය ඉන්නේ?

"ඉන්න අයියලා ගෙන් මං නං හිතන්නේ සුපිරියටම ඒ වේරියේශන් එක තියෙන්නේ එඩ්වඩ් ගේ කියලයි." මම කීමි.

"ඔව් මාත් හිතන්නේ 'කැරකෙන රෝදේ . . ', 'මාරම්බරී . . ', 'පින්න මලෙ . . .' , 'පලංචියෙ . . ', ඔව් ඇත්තටම වෙනස් තමයි. සහන් ගීත කිහිපයක් මතක් කලේය.

"ඇයි 'මුව මුක්තා ලතා . . ' වැඩිය එපා 'කටු අකුලේ . .' සිංදුවයි 'මගෙ කඳුලින් නිමාවූ ' එකයි 'සිරි යහනෙ යි . . . '  . . . . "



සදා තරුණ - අමරදේව

"එතකොට අමරදේව මාස්ටර්?"

"ඔව් එයාට තිබුනේ අතිශය ශෝකා කූල හඬක් තමයි. ඒත් කොහොමද 'පාවෙනා නිල් වලාවේ', එතනින් ගියාම 'ස්වර්න විමානෙට . . .' වගේ සිංදු?"

"අයියෙ මම කැමතිම සිංදුවක් 'සීතාදේවි' ෆිල්ම් එකේ 'නිම් හිම් සෙව්වා  . . .' සින්දුව !"


"ඔව් එක සුපිරිම සිංදුවක් තමයි. ඇයි 'සත් සමුදුරේ' සිංදු දෙක අරණ් බලන්නකෝ වෙනස?"


"අන්න ඔයාව හොයනවා.  . . . . ! හාමුදුරුවන්ව පංසලට ඇරලවන්න . . . . " තවත් කුඩා ඥාතියෙකු අපෙ අඹ කයිය අල කලේය !

"අප්පට සිරි! මම ගිහින් එන්නම් අයියේ . . . . !"

 "එළ! "

මේ තව එකක් "ආලෙ බැන්ද මගෙ පනේ සෝමාවතී මාගෙ සෝමාවතී . ." ඒක කොහොමද? එතනින් නැගිට යන සහන්ට ඇසෙන්නට මා කීවෙමි.

"ඒකත් මාස්ටර්ගෙ නේද?"


"ඒකනේ !?"


සරමට බැස - බිම ඉඳගෙන - බජව් දැම්ම - අතීතයක් !









48 comments:

  1. Daneta kalin dekak dalada me agana wicharaya karanne? Maru

    ReplyDelete
    Replies
    1. විජේභාහු මහත්තයා! මගේ ලොකු මස්සිනා ගෙයක් හදලා එකට යන දවසේ රාත්‍රියෙයි මේ සීන් එක උනේ! එන උන්නැහැලට කන්න දෙන එකයි මට තිබුනු රාජකාරිය. උදව්වට හිටියෙ පොඩි මස්සිනා. ඌ ඔබ තුමා ඔය කියන කටයුත්තට ගියා මොකෙක්ද කලා කාරයෙක් එක්ක. මම තනිවම. ඊට හපන් වැඩේ අල කර ගන්න බෑනෙ. ඉතිං ඔහේ ඔටුවා සේ හිටියා!

      Delete
    2. On a serious note, they are all nice songs. When you think of it, it is true they have different talents or voice pitch for different songs. Like you said, Jothi had most variances. Amaradeva's Premasandawo and Swarnawimaneta are kind of different to his standard pitch. Like most here said, I am no expert to critique music.

      Delete
  2. අම්මටහුඩු පට්ට ඇත්ත නේ.

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නේ කාලෙන් කාලෙට ඔය වගේ බිහිවෙන "පොර වල්" ගැන ලියද්දි කියද්දි අපේ බොහෝ උදවිය වඩාත් පරිස්සම් වෙනවා.
      අහල නැද්ද "පණ්ඩිතයා ඇවිදින්නෙ නැති තැන මෝඩයා පිණුම් ගහනවා" කියලා. මේ ඒ පිනුම් ම තමයි!
      ඇත්තටම මට නම් මෙලෝ රහක් නෑ අර "මගේ නොවන ආදරේ" සිංදුවේ. වචනයි, වොයිස් එකයි මෙලඩියයි කොයි එක ගත්තත් වදින්නේ නෑ.
      කොහොමද සත්සමුදුරේ "සිනිඳු සුදු මුදු තලාවේ" එහෙම.
      වැඩිය ඕන නෑ "රත්තරන් අම්මා" ෆිල්ම් එකේ ජෝති කියනවා කෝච්චියේ ගමට එන ගමන් සිංදුවක්. කොල්ලා එන්නේ අම්මාව බලන්න. ඒත් ඒ වෙනකොට අන්ත දුකක් විඳලා අම්මා මැරිලා චිතකයේ දැවෙනවා. සිංදුව "අතීත දිවියේ අනන්ත අඳුරේ විඩාව නිමවේ . . " සිංදුවේ ටෙම්පො එක කෝච්චියෙ දිවිල්ලට හාර්මනයිස් වෙන්න දාලා තියෙන්නෙ. ඒත් දැනෙන හැඟීම.
      හින්දි "ආරාධනා" ෆිල්ම් එකේ තියෙනවා එස් ඩී බර්මන් කියන සිංදුවක්. අහලා බලන්න ප්ලේ බැක් මියුසික් කියන්නේ කොහොම එකක් ද කියලා. බොහොමත්ම ස්තූතියි ඇවිත් කියවා ලිව්වාට!

      Delete
    2. Saphal hogi teri aradhana

      Delete
    3. හරියට හරි මේක තමයි එස් ඩී බර්මන් කියන සින්දුව!

      https://www.youtube.com/watch?v=yYF9RIPNHac

      Delete
  3. මෙව්වාට කොමෙන්ට් කරන්නට තරම් "මම ප්‍රබුද්ධ මදි" කියා ඔබගේ ජූනී මාසයේ පොස්ට්ටුවට ඇනෝ කෙනෙක් කිව්වා මතකය .
    (AnonymousJune 10, 2019 at 6:23 PM
    'මගේ ලෝකය' කියලා තිබ්බම හිතුවේ ඉස්සර රංග-අසේල ලියපු බ්ලොග් එක ආයේ පටන් අරන්ද කියලා. බැලුවම මේ ඒ නම කොපි කරලා ලියන ජරාවක්නී.)


    ඒනිසා මෙව්වා කියවා "අයින්වෙලා පයින් යමු පුතේ" කියා තමයි කියන්නට තිබෙන්නේ .

    කොහොම නමුත් තට්ටයාගේ කොලම කියවන්නට ආටියා පැමිණියා .

    ReplyDelete
    Replies
    1. කලණ මල්ලි මේක තට්ට්යාගෙ බජව් දාන කාමරේ!
      බයවෙන්න එපා ඕන දෙයක් ලියන්න. එහෙමම තමයි වෙන්න ඕනෙ.

      මම කියන එකවත් වෙන එකෙක් කියන එකවත් ජනප්‍රිය මතය වත් අදල නෑ.
      ඒත් තමන් ලියන දෙය පිළිබඳ වගකීම විතරයි දරණ්න ඕනෙ. සමහර විට මම ලියන්නේ මම දකින මට දැනෙන දේ නෙ!? ඒකට ඔබට එකඟ වීමට හෝ නොවීමට පුළුවන්.ඒ වගේම තවත් අපේ පාඨකයෙකු හට නොගැලපෙන්නට ඕනෑතරම් ඉඩ කඩක් තියෙනවා. ඒවා එහෙම තමයි.
      නිකංද බුදුන් වහන්සේ කියලා තියෙන්නේ "නා නා රූප - නා නා සංඥා" කියලා.
      ඒ වගේම කවුරු හරි තමන්ට නිර්දය විදියට නෙළනවා නම් "සබ්බේ පෘථග්ජනා උම්මත්තකා" කියලා හිත හදා ගන්න එකයි ඇත්තේ.
      ඒත් එහෙම එකසිය ගානට කෑලි හැලෙන්න නෙළන්න කලින් ඕනෑම කෙනෙක් "කත්වානං උපමං කත්වා ගහනෙයියං න ඝාතයේ" කියලා පොඩ්ඩක් බැලන්ස් කරගෙන ලියනවා නං තමයි හොඳ!
      ඔන්න මම ඔයාට අර්ථයෙන් ධර්මයෙන්ම කිව්වා! අහල තියෙනවානෙ "තාදි ගුණය" කියන එක! අන්න එහෙමයි මේවාට මුහුණ දෙන්න ඕනෙ!

      Delete
    2. ධර්මයෙන් ම කරුණු උපුටා ගනිමින් අගේ ඇති පිළිතුරක් .

      බොහොම ස්තුතී ඔබතුමා ට ! :)

      Delete
    3. ස්තූතියි බොහොමත්ම සැමදා වාගේ මෙහි පමිණියාට; මම ඔහේ ආවාත් නැතත්!

      Delete
    4. Kalana, don't worry about lowlife people commenting. Some people have nothing better to do (like when we were 16 years)

      Once I was told by an Ano, not to post English in Sinhala blogs. I said, only blog owner will decide what I post, and ask him/her to mind own business. (I write mostly from office, very restricted environment, so no Sinhala writing for me for now.

      Delete
    5. Ha ha ha ha .

      Yes , Absolutely .
      Thanks for your kind words Mr.Wijebahu

      Delete
    6. කතා මැද කතා! බිං කුළිය හෙවත් තොං ලැබෙනවා නම් අවුලකුත් නෑ!

      Delete
  4. රූකාන්ත කියන ජෝතිගේ සින්දුව මොකක්ද ලොක්කෝ

    ReplyDelete
    Replies
    1. ආදර මල් පවනේ
      https://www.youtube.com/watch?v=L7VhV9xxLTk
      අමර පෙම් ලතාවේ
      https://www.youtube.com/watch?v=0xllHpEz70c
      දුරකතනයකින්
      https://www.youtube.com/watch?v=ZaoqVknKRXE
      සඳ මෝදුවෙලා නැගෙනා
      https://www.youtube.com/watch?v=TEF72sQany0
      හද විමන් දොරෙණ්
      https://www.youtube.com/watch?v=wP13wIfT-qg

      දැනට ඇති මයෙ හිතේ!?

      Delete
  5. ayye, you have done a great job, i didn't realize that my story is an important one, but i was wrong , i guess tha's the beauty of the story telling....great work

    ReplyDelete
    Replies
    1. අහා! සහන් මල්ලි! ඒක වටිනා කියන කතාවක්! මම පෙල ගැස්සුවා විතරයි. ඇත්තටම මීට වඩා බොහෝසෙයින් සාරවත් කථාවක තමයි අප යෙදුනේ. ඒත් මම එය ලේඛන ගත කරද්දී සමහර රස මුසු තැන් ඇඟිලි අතරිණ් ගිලිහී ගියා! ස්තූතියි බොහොමත්ම!

      Delete
  6. මම නං සංගීතය ගැන දන්නා දෙයක් ඇත්තෙම නැහැ. සින්දු වල හොඳ නරක විග්‍රහ කරන්න මං දන්නේ නැහැ. බොහෝවිට මම සින්දු අහන්නේ තනියම ඩ්‍රින්ක් එකක් දානවානම් තමයි. අහන්නෙත් එකම සින්දු සෙට් එක. තරුණ වයසේ අය නම් මට හිනා වේවි! මේවාට කැමති අය තවමත් ටික දෙනෙක් හරි ඇති.
    නාරද දිසාසේකර ශුරීන්ගේ ගේ ''මුළු හදින් මම ඇයට පෙම්කොට", මේ භවයේදී, ගලන ගඟකි ජිවිතේ (නන්දා මාලිනි සමග),
    දේවානන්ද වෛද්‍යසේකරයන්ගේ 'මොකද මැණිකේ',
    නන්දා මාලිනියගේ අම්මාවරුනේ/ සුදු හාමිනේ /කරදර පොදිබැඳ (අමරදේවගේ ඔරිජිනල් එකට වඩා නන්දා මාලිනීගේ හඬ මේකට ලස්සනයි).
    ඊළඟට චන්ද්‍රා මේ රෑ පායා (ජෝති/සුජාතා), ජේ ඒ මිල්ටන් පෙරේරාගේ පෙර ආත්මයක, වැඩකරලා ඉවර නොමැත ,
    අමරදේව ශුරීන්ගේ "පිලේ පැදුර", පෙර දිනයක මා, සංසාර ගමනේ, පීනමුකෝ කළු ගඟේ
    වික්ටර්ගේ අඩවන් දෑසින් , පාවේ වලා
    කපුගේ ගේ අයියන්ඩියේ, උන්මාද සිතුවම්, අභිසාරිකාවන්ගේ
    සනත් නන්දසිරිගේ ඇවිලෙන ගිනිදැල්,
    දයාරත්න රණතුංග ගේ දුරස් වෙන්නට මේ ලෙසින්
    සුනිල් එදිරිසිංහයන්ගේ සඳකඩ පහනක, කුඩා ගමේ (හුලවාලි එකේ සින්දුව)
    ජො වා දා කියාවෝ (ටජ් මහල් ලතා/රාෆි)
    කොයි ජබ් රාහ නපායේ (දෝස්ති /රාෆි)
    තෙරේ මේරේ (අභිමාන්, ලතා /කිෂෝර්)
    නගරේ නගරේ ද්වාරේ (ලතා, /මදර් ඉන්ඩියා
    අමතක වෙච්ච ඒවත් තව දුසිමක් විතර ඇති

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ!
      අහන්න තියෙන්නේ ඒකම දෙයයි! "ඔය මහත්තයා හිතන්නෙත් මගේ හිතෙන්ද ඈ?" කියලයි.
      ඔය ලස්සනම සින්දු සෙට් එකක්! මේ දුසිමට තව දුසිම් දොලහක් ඒ කියන්නේ ග්‍රෝස් එකක් එක් කල හැකි මට මෙහේ ඉඳන්; කිලෝමීටර 5000 ක් එහා ඉන්න ඔබ තුමා ව කිසිදා නොදැක හා කිසිදා කතා බස් නොකර වුනත්.
      ඒ ටෙලිපති ආශ්චර්‍යයක් නොවේ. ඒ එකම සංක්‍යාතයකට අප සිතන පතන බැවින්.

      බොහොමත්ම ස්තූතියි ඔබ තුමාට මේ වගේ සුන්දර ගිත සමුච්ඡයක් මෙවෙලාවේ මතක් කලාට. ඉතින් මේක තමයි හොඳම විවේචනය, විචාරය. මම එහෙම කියන්නේ හේතුවක් නැතිව නොවේ.
      මමම වරක් ලියා තියෙනවා "කලාව ගැන කතා දෙකක්" කියලා තැනක. එතනදී මම කියනවා මහාචාර්‍ය සරත්චන්ද්‍රයන් "හොඳ කලා කෘථියක්" යන්න නිර්වචනය කල හැටි. මම එය මෙතනම ලියන්නම්. "හොඳ කලා කෘථියක් යනු හොඳ කලා කෘථියක්! ඊට වඩා දෙයක් නෑ!!" මෙන්න එතුමාගේ නිර්වචනය.
      ඔබ ලියා ඇති ගී ලැයිස්තුවේ එක් එක් ගීතය ගෙන මට ලියන්නට තරම් දේවල් හිතට එනවා. නමුත් ඊට දිනක ඉඩ කඩක් ලැබේවි. කුඩා ගමේ ගිතයේ අවසාන අන්තරා කොටස මතක් කරණ්නම් ඔබ වෙනුවෙන්.

      "ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකී
      රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
      ආලෙ බිඳුනු දා කුමකට කඳුළු හෙලණු සකී
      ආල වඩන යන තේරුම බෝසත්කම සකී"

      බොහොමත්ම ස්තූතියි!

      Delete
    2. Sam, how about kaun hai jo sapnon and mera payar bhitu hai

      Delete
    3. හින්දි සින්දු ගැන වෙලාවක වෙනමම ලියමු විජේ භාහු මහත්තයා!

      Delete
  7. sahan wijesingheJuly 8, 2019 at 11:43 PM

    we must continue from where we have stopped that day ayye, looking forward......

    ReplyDelete
    Replies
    1. අළුත් තැනකින් අළුත් විදියට අලුත් අදහස් එක්ක !

      ස්තූතියි නැවත නැවතත් මේ ලියමන සඳහා මාහට උත්ප්‍රේරක සැපයුවාට !

      එදා ඔබ හමුනොවන්නට කිසිදා මෙවැන්නක් නොලිය වෙන්න තිබුනා!

      Delete
  8. එළ, ජින් සීයක් වගේ දාලා නෙවි නේද උන්නේ.ඇයි අමරදේව මාස්ටර් ගේ "සිරිපා පියුමේ, රොන් සුනු තැවරේ.... " (රන් සළු 1967)

    https://www.youtube.com/watch?v=w9BuzjzD7Ao

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මචං! ඔව් ඇත්තටම ඒක හරිම සුන්දර ගීතයක්!

      Delete
  9. “A sex worker deserves a billion times more respect, than the mystical fraudsters of the society, such as astrologers, psychics and tarot card readers.”
    ― Abhijit Naskar

    “Some would say a whore don't have no expectation of Heaven. I'd say, if she gives value for cash, she's got a better shot at God's blessing than your average banker. Jesus loved Mary Magdalene. He kicked over tables when He met a moneylender.”
    ― Elizabeth Bear

    ReplyDelete
    Replies
    1. “Churchill: "Madam, would you sleep with me for five million pounds?" Socialite: "My goodness, Mr. Churchill... Well, I suppose... we would have to discuss terms, of course... "
      Churchill: "Would you sleep with me for five pounds?"
      Socialite: "Mr. Churchill, what kind of woman do you think I am?!" Churchill: "Madam, we've already established that. Now we are haggling about the price”
      ― Winston S. Churchill

      Delete
  10. ගායකයො නෑ.. ඒකනේ අවුල. අනික දැං සිංදු ගයනව නෙවී. කියනවා නෙ.. ඒකත් කකුල් දෙකට නැත්තං මළ ගෙවල් වලට 😀😀😀
    ජෝති පොරක් වෙලා අමරසිරි චොර වෙන්නෙත් එතනදිම තමයි

    ReplyDelete
    Replies
    1. එළ! ඇත්තටම බොහෝ සින්දු ගැල පෙන්නේ මළගෙවල් වලට වෙස්සන්තර ජාතකේ වෙනුවට කියන්න!

      Delete
  11. අපේ තට්ට මහත්තයාගෙන් අගනා ලිපියක්. මේ ලිපිය කියවද්දී හිතට ආපු සිතුවිලි ටික අකුරු ටිකකට ගොනු කරන්න බෑ. වෙනම ලිපියක් ලියන්න වේවි. අපේ තරුණ උන්ගේ රසාඥ්ඥතාව හරිම පටුයි. එහෙම කිව්වා කියලා අපි නාකි නෑ. අපිත් තරුණ කොල්ලෝ තමයි හරිය. පොඩි උදාහරණයක් දෙන්නම්. අපේ ඔපිසියේ ක්ලාක් මල්ලියා අහන්නේම කෙල්ල දාල ගිය අදෝනා සිංදු. උගේ යාලුවොත් එහෙමයි. පෙත්පත් කියවන්නේම නෑ. ආසාවක් ඇත්තේම නෑ. කොලඹ කැම්පස් එකේ ගිය අවුරුද්දේ කෝස් එකක් කරද්දි අපේ ලෙක්චර්තුමිය ඇහැව්වා අපිත් එක්ක හිටපු කෙල්ලන්ගෙන් ගොලු හදවත නවකතාව කියවලා තියේනවාද කියලා. පුදුමේ කියන්නේ උන් එකෙක් වත් ඒ ගැන අහලා තිබුනාට පොත කියවලා නෑ. උන් ඔබතුමා සදහන් කල එක ගීතයක්වත් අහලත් නෑ. අහන්නෙත් නෑ. ආපසු ට‍්‍රැක් එකට ආවා නම්. ඔය ගොඩාක් ගීත ලියවිලා තියෙන්නේ රුපවාහිනිය නැති කාලේ හරි ආපු අලුත. එවායේ ගීතය හොදන් අසද්දි රුපය හිතට නැගෙනවා නේද? එත් දැන් ඒවායේ ගිතයට අරුත් නැති රුප රචනා නිසා රසවිදින්න බැරි ගතියක් එන්නේ නැද්ද? එකම ආරකකින් අදෝනාවක් වාගේ ගයන අසංක පි‍්‍රයමන්තගේ ගීතවලත් හොද රචනාවන් තියේනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙනම බොහොමාත්ම ස්තූතියි අසංග මහතා!

      ඔබගේ කොමෙන්ටුව තුලින් කියැවෙන එකිනෙකට වෙනස් එහෙත් එකිනෙකට බැඳුනු යථාර්තයන් කිහිපයක්ම තියෙනවා. මම කතාව ඔබේ කොමෙන්ටුවේ අගින් පටන් ගන්නම්.
      ඇත්තෙන්ම ඔබ පවසා ඇති පරිදි කලා කෘථියක් අත් විඳීමේදී ඇතිවන චිත්ත රූප තුලින් තමයි; එම කලා කෘථියෙන් ඉදිරිපත් කරණ භාවමය ප්‍රකාශණය ශ්‍රාවකයා, ප්‍රේක්ෂකයා හෝ පාඨකයා වෙතට සම්ප්‍රේශනය වන්නේ.

      එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන දෙයක්. තමා අත්දැක ඇති අත් දැකීමක් හෝ අත්විඳීමට කැමති එකක් හෝ විය හැකියි. ඔබට මතකද අපි රුසියානු පොත පත කියවන විට තේ වත්කරණ "සැමෝවාරය" කියලා ගැජබිට් එකක් ගැන කියැවෙනවා. එතකොට අපි එකිනෙකා ඒක හිතට ගන්නේ එක් එක් විදියට. මොකද එකෙක් වත් දැකලා නැති බැවින්. එකෙකුට ඒක බොයිලෙරුවක්! තවත් එකෙකුට කේතලයක්!! තවත් එකෙකුට තේ පෝච්චියක්!!! ඒ මොකක් උනත් අප එකි නෙකා සිතාගත්තු චිත්තරූපය මත ගොඩනගා ගන්නා සුන්දර හැඟීම් සමුදායක්; එම පත පොත කියවීමෙන් හදවතට එක් කර ගත්තා.

      ඔබ පැවසූ ලෙසින්ම රූපවාහිණියෙන් ගීතය සමග නොමිලේ බෙදා හරිණ රූප පෙල සමග අප සියළු දෙනාම ඊට කොටු වෙනවා. ඒ නිසාම ගීතයක් තුලින්; එහි පද මාලාවෙන්, ශෘතියෙන්, ටෙම්පො එකෙන්; මෙහිදී මා ඉහත බොහෝ සෙයින් දීර්ඝ ලෙස කතා බස් කල වොයිස් එකෙන් ශ්‍රාවකයා වෙතට ලබාදීමට වෙහෙසවී කටයුතු කලයුතු දේ නිකංම නිකං ටේක් අවේ හැඟීමක් වෙනවා. කිසිදු වෙහෙසක් මහන්සියකින් තොරව රූප රාමු එහා මෙහා කිරීමෙන් ශ්‍රාවකයා වෙතට සම්ප්‍රේශණය වෙනවා.එනිසාම මා කලින් කී ලෙසට ගෙදර ගොසින් උයාගෙන පිහා ගෙන තමන්ට හැකි පරිදි අවශ්‍යතාවයට අනුකූල ලෙස සැකසූ ආහාර වේලක් වෙනුවට කඩේකින් ඔතා ගෙන ආ කෑම පාර්සලයක් දිග ඇරගෙන කනවා වැනි දෙයක්. ඔබ මතු කලේ ඉතාමත් වැදගත් අදහසක්!

      කලා කෘථියක් රස විඳ එසේ තමා තුල ඇතිකර ගත හැකි භාවය රස විඳීමයි. ඉහල රසඥ්ඥතාවයක් යනු විඳිය හැකි භාවමය හැඟීමේ උපරිම අවම තාවයද? මා සිතන්නේ එයයි. මිනිසුන්ගේ (ගැහැනුන්ද ඇතුළුව) එවන් රසවිඳීමකට පෙරහුරුවක් ලැබෙන්නේ කියැවීමෙන්. මන්ද කවිය,කෙටි කතාව, නවකතාව, ගීතය,ඔපෙරාව,නාට්‍යය, චිත්‍ර පටය මෙලෙසිනුයි මෙම කලා කෘතීන් පෙල ගැසෙන්නේ. මින් එක් එක් කලා කෘථිය එකින් එක දියුණු වී වැඩි දියුණුවී ඇති ආකාරයක් දැකිය හැක. කවියකට වඩා; වඩ වඩාත් කරුණු කාරණා ලියමින් එක් කරමින් පාඨකයා වෙතටතම සිතෙඟි ඇතිවන හැඟීම සම්ප්‍රෙශණය කිරීමට කලා කරුවාට අවස්ථාව සැලසේ. ගීතයක් වන විට කවියකට වඩා ඊට බොහෝ ඉඩකඩක් ද එක්වේ.

      අප ජීවිතයේ මුල් කාලයේදී ගල් ලෑල්ල මත ලියා ඉදිරියට පැමිණි විලසින් කියැවීම නමැති වඩාත් අසීරු අභ්‍යාසයේ යෙදීමෙන් ලබන පරිචය වඩාත් පහසු එමෙන්ම සංකීර්ණවූ ගීතය නමැති කලා කෘථිය රස විඳීමට ඇවැසි හුරුව ලබා දෙනවා. නොකියවන සමාජයක රස විඳීම තරමක පසු බෑමක් තිබීමට මාදකින හේතුව එයයි.

      මා මින් අදහස් කරණ්නේ නෑ නොකියවන හෝ නොකියවපු අය අතර උසස් ගී රස වින්දනයක් ඇති අය නැතැයි කියා. ඒත් පෙර හුරුව වඩාත් උසස් නිමැවුමකට හේතුවක් බව අපි කවුරුත් විශ්වාස කරණ සත්‍යයක් නොවේද?

      ඔබ මතු කොට තිබෙනවා අසංග ප්‍රියමන්ත ගැන. ඔහු කලා ලෝකයට අත් පොත් තබන්නේ මගේ මතකයේ හැටියට කිසියම් ආධුනික ගී තරඟයකදී අමරදේව මහතාගේ ගීතයක් ගායනා කරලා. මා වැරදි නම් නිවැරදි කරණ්න ඒ ගීත්ය "දස්කම" චිත්‍ර පටයට අමරදේව මහතා ගායනා කල "ඉපිද මැරේ යලි ඉපිදේ නොතිර සසර සගරේ" ගීතය. සත්තකින්ම මේ ගීතයට අනුගත විය හැකි හඬක් ඔහු තුල තියෙනවා. එසේම ඔහු තෝරා ගන්නා ගී පදරචනාද ඔහුගේ හඬට හා වපසරියට ගැල පෙන ඒවා. එනිසාම ඔහු ඒ තුල යම් සාර්ථකත්වයක් ලබා තිබිය හැක!

      Delete
  12. ජෝති අපිට, අපි ජෝතිට!
    මෙන්න හැට්ටරුත් අත ඉස්සුවා.

    අපේ තට්ට සෑර්ට තැන්කිව් වෙන්ඩ ඕනේ මෙහෙම හරි ජෝති අයියා ගැන ඇගයීමක් කළාට.
    ජෝතිපාලගේ බොහොමයක් චිත්‍රපටි ගීත නේ තියෙන්නේ. සින්දුව ඇහෙනකොට හිතෙන්නේ නැද්ද මේක පිචෑර් එකේ ගාමිණීට නැත්තං මේක විජේට කරපු එකක් කියල. අර හින්දි පිචෑස් වල සිංදු ඇහෙන කොට, කාරෙකේ යන ගමං කියන එකක්ද අස්පය පිටේ යන ගමං ද ජෝඩුවද දෙදාහක විතර ගෘප් එකක් කියන එකක්ද කියල හිතෙනවා වගේ.
    හැබැයි එඩ්වඩ්ගේ බොහොමයක ටෙම්පො එක නං ඉතිං ස්ලෝ මෝෂන් තමයි - සීපද ඉට්ටයිල් එකේ,.

    මේකේ Wijebahu සෑර්ගේ (මං හිතන්නේ එයා කළු සුද්දෙක්- අපේ ලංසියා වගේ) කොමෙන්ට් මට හිතෙන්නේ අර අමරසිරි පීරිස්ගේ සිංදු කියවනවා වගේ.
    මට මතක් වෙන්නේ අපේ පරණ ඔපීසියේ හිටපු ලංසි හාදයා. ඉංගිරිසියෙන් කතා කොරන්ඩ ගියාම කොහොමද දන්නවද දෙනවා ඇට්ටි හැලෙන්ඩ. එලම කිරි. හැබැයි ඉංගිරිසියෙන් ලියුමක් ලියල දෙන්ඩ කිව්වොත් හරි කියවල තේරුං කොරල දෙන්ඩ කිව්වොත් මෑන්ට තේ බොන්ඩ, කඩේ යන්ඩ හදිස්සියක්.
    අනී අයි කාන්ට් රයිට් සිංහල කියල ඉංගිරිසියෙන් කොමෙන්ට් කෙරුවට, හැට්ටර් නං හිතන්නේ මේ සිංහල බ්ලොග් ලියන බොහොම අයට ඕනේ නං යස අගේට ඉංග්‍රීසි භාෂාවෙන් බ්ලොග් එකක් පබ්ලිෂ් කොරන්ඩ බැරි කමක් නෑ. උන් සිංහලෙන් ලියන්නෙත් මොකක් හරි හේතුවක් නිසා නේ.
    අනික බ්ලොග් පොස්ට් එක වගේම කොමෙන්ට් වල තියෙන දේවලුත් වැදගත්. ඉතින් 'Once I was told by an Ano, not to post English in Sinhala blogs. I said, only blog owner will decide what I post, and ask him/her to mind own business. (I write mostly from office, very restricted environment, so no Sinhala writing for me for now'. '
    Please don't BS here buddy. බොහොමයක් දෙනා මෙව්වා බලන්නෙත් කොමෙන්ට් කොරන්නෙත් ඔෆිස් වල ඉඳල තමයි.
    Wijebahu සෑර්ට බ්ලොග් ඕනර්ටම කොමෙන්ට් කොරාරාන්ඩම ඕනේ නං වෙනත් විදිත් තියෙනවා.
    කොහොමද අපේ කොකස සබාපතිතුමා මේකට දෙමළෙන් කොමෙන්ට් එකක් දැම්මනං. එල නේ. PPN!
    අනේ පීස් සාමාන්‍ය විදියට සාකච්චාවට එකතු වෙන්ඩ, මම හරි ඉස්පෙෂල් වෙන්නේ නැතුව.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම මේක හැට්ටර් මහත්තයා මම ලිව්වේ ජෝතිව අගයන්න නෙවෙයි.
      ඒ කෙන් අදහස් කරණ්නේ නෑ මේක ලිව්වේ වැරදීමකින් හෝ නොලියවිය යුතු දෙයක් කියා. මම හිතන්නේ ජෝති ගැන මෙහෙම කතා කරන එක උන්නහැට කරණ අඩු ලුහුඩු කමක් කියලා.

      මම කැමතියි හැම වෙලාවකම ඉදිරිපත් කරණ්න විවාදයට තුඩු දෙන උදාහරණයක්, අදහසක්! මන්ද එවිටයී එතන සංවාදයක් විසංවාදයක් ඇති වන්නේ.
      සමහර විට අපේ කතාවේ නායකයා සහන් මල්ලි කථාන්දරේ කියාගෙන යද්දි මමත් "බලහංකො දැං හැදෙන එව්වො 'ළඳුනේ' වගේ සිංදුවක් අහලා නෑ නෙ !?" කියලා හූ මිටි තිබ්බානං එතනින් කතාවත් කම්මුතුයි. මේ සුන්දර කතා බහ ඇතිවන්නේ වත් මෙවැනි පෝස්ටුවක් ලියැවෙන්නේවත් නෑ. "වී නැතිව බත් කොයින්ද ?" කිව්වා වගේ එතැනින් එහාට කොයි කොමෙන්ටු හා පිළිතුරු?

      එනිසාමයි මම උදාහරනයට ගත්තේ ජෝති අයියාව! නමුත් මගේ ඒ භාවිතයට ජෝති අංග සම්පූර්ණ උදාහරණයක් සැපයූවා කීවොත් ඒක අතිශයෝක්තියක් නොවේ.

      හැට්ටර් මහත්තයො ඔයාට කියන්න එක් වතාවක් මම සැට් උනා රවුං බෝතලයක් තියපු හතරැස් මේසයක් මායිමේ. වටේට හිටියේ සමාජයේ බොහෝ දන උගත් පිරිසක්. උන්නැහැලා පටන් ගත්තා සංවාදයක් කේමදාස මාස්ටර් ගැන!
      මම ඔය කියන කාලෙ උන්නැහැ ගොළු හදවතින් තුන්වෙනි යාමයට කැසට් එක එහෙම කරලා කප් ගහලා හිටියේ. මම ඉතිං ලොකු ලොකු උදවියගෙ කතා බහට හොට දාලා හොට පටලව ගන්නෙ නැතිව සද්දෙ වහලා එකක් දෙකක් හීනියට ලඟ නවාගෙන ඉන්නකොට එතැන හිටිය මහතැන් කෙනෙක් මගේ පැත්තට හැරිලා "ඔයාගෙ අදහසුත් කියන්න අපිට දැනගන්න . . !" කියලා බාල්දිය අතටම දුන්නා නා ගනිං ම කියලා කියන්නකො.
      මමත් ඉතිං ආයෙ දෙකක් නෑ කට කෑවත් හිතේ තියෙන දේ කියන එකා හිංදා " මං නං කියන්නෙ ලංකාවෙ හොඳම සංගීත කාරයා සරත් දසනායක" කියලා කියපි.
      අප්පට සිරි එක කෙළියයි.
      මට ඇදලා ගැහුවේ නැති ටික විතරයි. ඒ මහතැන්ලා කියපු බර බර වචන තෝර ගන්නම මට සිහියෙන් ඉන්න වෙලාවක උනත් පැය ගානක් යන තරං.
      පස්සේ කතාව වෙලාව එක්ක හීල් වෙලා සිංදු කියන්න පටන් ගත්තා. මමත් ලඟ තිබුනු බෙලෙක් පිඟානක් මුනිං හරවලා ඇතුලට රෙදි කෑල්ලක් එහෙම හිර කරගෙන සංගීතෙ සපයන්න සෙට මෝල් උනා කියමුකෝ.
      ආ ඔයාම හොඳ බයිලා එකක් කියන්න කෝ කියලා එතන හිටිය කෙනෙක් මටම ආරාධනා කලා. එයාල බලා පොරොත්තු උනේ "ඇරපං කරාමේ මේක අපේ පයිප්පේ . ." වගේ එකක උනත් මම කිව්වේ "අමර පෙම් ලතාවේ . . " සිංදුව ඉවර වෙන කොටම වන්මෝ පාරක්!
      දුන්නා දෙකට "පාට පොදක් තිලකලා . . " නවත්තන්න හම්බුන්නෑ හෙන ඉල්ලුම.
      මමත් ඇරියෙ නෑ කිව්වා තුන් වෙනි එකත් "මා ප්‍රාර්ථනා ආශාවො . " ඒක කියලා ඉවර වෙලා මම මහන්සියටම නැවැත්තුවා.
      නවත්තලා හති දාන ගමන්ම ඇහුවා "දන්නවාද ඔය සිංදු තුනේ මියුසික් කරලා තියෙන්නේ කවුද කියලා? සරත් දසනායක !" කට්ටිය එකෙන්ම කොර වුනා!
      මේ කතාවත් එදා සහන් මල්ලි එක්ක මම කිව්වා පිරිත අස්සේ.
      ඉතින් ඒ වගේ ජෝති ගැන ලියමු හොඳ වැකියක්!
      (වැකියක් - මේක කොප්පෙ ගැහුවේ 'ඇත්තෙ' සිරා හෙවත් බී ඒ සිරිවර්ධන ගෙන්)
      මම පොල් ගාගෙන මිරිස් අඹරගෙන වැඩේ පටන් ගන්නම්.
      ලුණු ඇඹුල් හට්ටර් මල්ලිලාගෙන්! හා ද? එහෙමනම් එකෙන්ම! එළ!

      Delete
  13. පෝස්ට් එකත් කමෙන්ට් වලින් යන සංවාදයත් හරිම අගෙයි. අපිත් අහගෙනයි ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි! ඔව් මේක නොසිතපු වෙලාවක නොසිතූ ලෙස ලියැවුනු ලිවිය යුතු ලිපියක්! නැතිද අදහස් ඉදිරිපත් කරණ්නට?

      Delete
  14. මගෙ නම් ඕව ගැන දැනුම 0

    ReplyDelete
    Replies
    1. ඇයි බං රස්තියාදුවේ යන කොට රෑ කෑම්පින් කරණකොට උඹලා සිංදු කියන්නේ නැතිද කොල්ලෝ?

      Delete
  15. මෙච්චර දේවල් දැන ගෙන අර අහවල් එකකට ජෝකර්ලා දෙන්නෙක් ගෙනත් පැදුරු පාටි දැම්මද කියලා හිතෙනවා

    ReplyDelete
    Replies
    1. අපි බං අනුන්ට ඇද කිව්වාට අපිට කියන්න කිව්වොත් හබක් නෙ!?

      Delete
  16. තට්ටයා , උඹ නම් මාරයි බං . මේ පොස්ට් එක කියවද්දී නිකම්ම භාවනාවක් වගේ දැනුනේ මට.

    කියන්න ඕනේ විශේෂම දෙයක් තියෙනවා. මීට අවුරුදු 5, 6 කට කලින් ඒ කියන්නේ අපි බ්ලොග් වලට පිස්සු වැටිලා පය ගණන් බ්ලොග් කියෝපු කාලේ මේ ජාතියේ නානා ප්‍රකාර දැනුම රසය පිරිච්ච බ්ලොග් ගොඩාක් කියවන්න ලැබුනා. මොකක් හෝ හේතුවකට මේ වෙනකොට ඒ ගම්මා බ්ලොග් වලින් හේදිලා ගිහින් වගේ මට තේරෙනවා.
    එත් මේ පොස්ට් එක කියෝපුවාම ඒ පරණ ආතල් එක ආපහු ලැබෙන්න පටන් ගත්තා.
    ආපහු මාව ඒ පරණ බ්ලොග් කාලෙට ගෙනිච්චා වගේ තමයි දැනුනේ..

    සමාවෙන්න , මම සංගීතය ගැන එච්චර අධ්‍යනය කරපු කෙනෙක් නෙමේ, ඒ නිසා ඔය වෙරියේෂන් , ස්වර, අරක මේක ගැන වැඩියේ දන්නේ නැහැ.

    පොස්ට් එකේ කියවිච්චි සින්දු සේරම මම පට්ටම පට්ට ආසා සින්දු.

    මේ තියෙන්නේ පොස්ට්ම එකේ නොකියවෙච්චි එත් මම ආසම කරන සිංහල සින්දු අතලොස්සෙන් දෙකක්.

    රෝහණ බැද්දගේ ගේ "කන්දේ ලන්දේ"
    අමරදේවගේ " ආරාධනා".

    ඔබ තුමා කියන ජාතියේ සංගීත ලක්ෂණ ඔවයේත් තියෙනවය කියලා මම හිතනවා. එත් මම දන්නේ නැහැ.
    මට ඒ සින්දු හරියට කණට මී පැණි වක්කරනවා වගේ.
    එකයි මම ආයේ ආයේ ඒ සින්දු අහන්න කැමති.

    ඔබ තුමාගෙන් ඒ සින්දු දෙක ගැනත් අදහසක් බලාපොරොත්තු වෙනවා.
    --------------------

    මුල්ම වතාවට මෙහෙ ගොඩවුනේ.

    දිගින් දිගටම එනවා අලුත් පොස්ට් හොයාගෙන.

    ReplyDelete
    Replies
    1. විභීෂණ තුමනි!
      මා බ්ලොග් ලෝකයට යම් පමණක නවකයෙක්! එනිසාම ඔබගේ කමෙන්ටුව මට මහමෙරක්! ඉස් ඉසෙල්ලාම ඊට මගේ ස්තූතිය ප්‍රකාශ කරලා කතාවට වැටෙමු. මම කියලා මහා සංගීතඥානයක් සහිත කෙනෙක් නොවෙයි. මම කියලා තියෙන්නෙත් අන්තිම සරල දෙයක්. මම ඒක මේ විදියට ලියන්නම් යලිත් ඔබ වෙනුවෙන්ම.

      මීට කාලෙකට ඉස්සර මෙරට හිටිය අංක එකේම සංගීතඥ්ඥයින් අතුරිණ් මුලින්ම කියැවුනු නම් අතර සිටිය අය තමයි ගවුස් මාස්ටර්, මුත්තුසාමි මාස්ටර් රොක්සාමි මාස්ටර් ලා වගේ අය. ඉතින් මේ අයගෙන් එක් අයෙකුට සිංහල මලපොතේ අකුරක් බැරිලු. මාස්ටර් ලඟට ගීතය ලියාගෙන යන්නේ සින්ග්ලිශ් වලින්ලු. එයාට ඒකෙ අදහස පොඩ්ඩක්වත් නොතේරෙණ බැවින් එයා අහනවාලු මේක හැපී එකක්ද සෑඩ් එකක් ද කියලා! (සතුට දනවන ගීයක්ද නැතිනම් දුක්බර ගීතයක්ද යන වග) එය ගායකයා විසින් පහදා දුන් පසු ඔහු ඊට තනුවක් යොදනවාලු.

      එයින් කියැවෙන දේ තමයි යොදන තනුව හෙවත් මෙලඩියෙන් වචන නොතේරෙන අයෙකුට උනත් හිතට අදහසක් ඇතිවෙනවා මෙම ගීයෙන් කියැවෙන්නේ කුමණ ආකාරයේ අදහසක්ද කියලා. ඔබ හිතන්න අමරදෙව මාස්ටර්ගේ "සන්නාලියනේ " ගීතයේ වචන නොතේරුණාට ඒ මෙලඩිය ඇසුවාම තේරෙණවා නේද ඒක මහා දුක් බර එකක් කියලා. "මළහිරු බසිනා සැන්දෑ යාමේ" ගත්තත් එහෙම තමයි නේද? මා ලියා දක්වා තියෙනවා එක් තැනක "ආරාධනා" හින්දි චිත්‍ර පටයේ එන දුක්බර ගීයක් ගැන. ඒක කියන්නේ එස්.ඩී. බර්මන් කියන භාරතයේ මහා සංගීත්ඥ්ඥයෙක්. ඔහු තමයි "ආරාධනා" චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක වරයා. රාෆි, කිෂෝර්, මන්නාඩේ, තලාත් මෙහෙමුද්,මහේන්ද්‍ර කපූර් එතනින් ගියාම එකෙන්ම දුක් බර වොයිස් එකක් තිබුනු මුකෙෂ් ට වත් ඒ ගීතය ගායනා කරණ්න දෙන්නෙ නෑ.එයාම කියනවා. අහල බලන්න මෙතනින් ඒ අමරණීය හඬ: https://www.youtube.com/watch?v=yYF9RIPNHac බලන්න ඔබට හිංදි නොතේරුණාට මෙයින් කියැවෙන්නේ අතිශය දුක්බර අදහසක් කියා දැනෙන්නේ ඒ මෙලඩියෙනුයි බරමන් ගේ හඬිනුයි නේද?

      ගීත්යක පද වැලෙන් කියැවෙන, හැඟෙන, අදහස, ව්‍යංගාර්ථය, වක්‍රෝක්තිය උද්දීපනය කරණ්නට මෙලඩියෙන් එසේත් නැතිනම් තනුවෙන් සිදුවන්නේ මහා විශාල මෙහෙයක්. "බිම්බරක් සෙනෙග ඇවිදින්" ගීතයට එවන් රණ බෙර හඬකුත් "උළලේනෝ" ගීතයට වියොලාවෙන් (හෝ ඩබල් බේස් නම් සංගීත භාන්ඩයෙන්) උත්පාදිත සංගීතයක් ප්‍රධානවශයෙන් යොදාගෙන ඇත්තේ කපුගේට අදාල දිනයේදී මුලින්ම අතට අසුවූ සංගීත භාන්ඩය එය වූ නිසාද? නැත ගීතය විසින් එම ඉන්ස්ටෘමන්ට් එක ඉල්ලා සිටි බැවින් කියලයි මටනම් හිතෙන්නේ! එසේම ඒ ගීතයන් දෙකෙහි ටෙම්පො එක රිද්මය තෝරාගෙන ඇත්තේද ගීතයෙන් ප්‍රකාශිත අදහස හැඟීම සවන් දෙන්නා වෙතට තිතටම ලබා දිය යුතු නිසා නොවේද?

      දැන් අපි ගීතයේ මෙලඩිය ගැනත් ටෙම්පො එක ගැනත් කතා කලා. ඒ වගේම වෙනසක් සුවිශේෂීත්වයක් ගයකයා වෙතින්ද ඉෂ්ඨ සිද්ධ විය යුතුයි. ඔහුට ගයන්නට ලැබෙන ගීතයෙන් ප්‍රාකශනය වන්නාවූ අදහසට ගැලපෙන හඬක් එයට ලබා දිය යුතු වෙනවා. මෙන්න මේ මගේ අදහසේදී තමයි ඔය අමරසිරි පීරිස් පිළිබඳව මා කතා කරණ්නේ, ලියන්නේ.

      ඔබ මා වෙතඉදිරිපත් කොට ඇති එක් ගීතයක් ගෙන බලමු. "කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානෙ . ." අතිශය සුන්දර ගීතයක්. ඔබ එම ගීතයට හොඳින් සවන් දී බලන්න එම ගීතය ගැයෙන සංවර බව! අප එම පරිසරය සමග මොහොතකට බද්ධ වීමට රෝහණ බැද්දගේ කලා කරුවා තමාගේ කට හඬ ඉතා සංයමයකින් මෙහෙයවන ආකාරය සවන් දී බලන්න. ඊළඟට ඔහු වෙතින්ම ගැයෙන "මගෙ රත්තරණ් හෙලේනා" ගීතයට සවන් දෙන්න. එම හඬේම ඇති රොමාන්තික බව වටහා ගන්න. ඒකට මම උදාහරණ සැපයූවේ ජෝති ගෙන්. එඩ්වඩ් ගෙන්! ඔවුන්ගේ එකිනෙකට වෙනස් අදහස් ගැයෙන්නේ වෙනස්, වෙනත් හඬ වල් වලින්. එයයි මා පවසූ වේරියේශන් එක.

      "ආරාධනා" සුපිරිම ගීතයක්. එම ගීතය ඇතුලත්වුනේ සිංහල "ආරාධනා" චිත්‍ර පටයේ. ඔය චිත්‍ර පටියට ගැයෙනවා තවත් සුපිරිම සිංදුවක් මිල්ටන් මල්ලවාරච්චි සහ අනුලා බුලත්සිංහල දෙපල වෙතින්."සීත අරණේ සුපුල් නාමල . . ." තමයි ඒ සින්දුව. මා ඊටත් අතිශයින්ම කැමති ගීතයක්. මා හිතනවා ඔබත් ඊට කැමති ඇති කියා!

      Delete
    2. වැඩිය මියුසික් ගැන දන්නේ නැහැ කිව්වාට , උඹ මේ දන්නා "ටික " ත් මාර බරපතලයි.
      ඒ නිසා උඹේ රිප්ලයි එකත් මාර බරපතලයි.
      බොහොම වටිනවා.

      ඒ වගේම භාෂාව නොතේරුණත් තනුවට, මෙලඩි එකට සිංදුව අර්ථ ගන්වන්න පුළුවන් කියන එකටත් මම සීයට සීයක්ම එකඟයි.

      උඹේ ගීත විචාරය නම් මට බොහොම හිතට වැදුනා..
      ආපහු පාරක් උඹේ ඊළඟ පොස්ට් එක බලන්න එන එක එනවාමයි.

      Delete
    3. බොහොමත්ම ස්තූතියි!
      ඇත්තෙන්ම මේ වගේ පෝස්ට් අර බටර් කේක් ගෙඩියක අතරිණ් පතර හමුවන මුද්දරප්ප්ලමක් වගේ. මොකද මම වැඩි පුර ලියන්නේ සයික්ලින්, කයාකින් වගේ ඇඟ රිදෙන ඒවා බැවින්.
      කොහොම උනත් බොහොමත්ම ස්තූතියි.
      ඔබගේ පැමිණීම මා ගෞරවයෙන් අපේක්ෂා කරනවා!


      ඔව් සත්තකින්ම භාෂාව නොතෙරුණත් තනුව හෙවත් මෙලඩිය වාගේම ගායකයා හෝ ගායිකාවට තම හඬ මෙහෙයවලා සවන් දෙන්නාව තවත් ටික දුරක් එහාට ගෙනයන්න පුළුවන්.

      විටෙක අජන්තා රණසිංහයන් කියනවා "ගීතයේ තනුව යම් පමණකට පදමාලාව තුල තිබෙනවා!" කියලා.
      මේකට දෙන්න පුළුවන් සුපිරිම උදාහරණය ලෙස මා දකින ගීත දෙකක් නම් කරණ්නම්.
      එකක් කලින් කී ලෙසට "බිම්බරක් සෙනෙග ඇවිදින්" තව ඔබ අසා තිබෙනවාද දීපිකාගේ "කවිය ඔබ . . . !" ගීතය.

      බලන්න ඒ පද රචකයා (මගේ මතකය නිවැරදිනම් සුනිල් ආර් ගමගේද කොහෙද!) ලියන ලද එම පද වැලට රොහණ වීරසිංහටවත් ආයෙ වෙන මෙලඩියක් දාන්න පුළුවන්ද කියලා.
      ඒ තරම් ඒ වචන සෙට් එක යුනීක්!
      ඇත්තටම ලියන දේවල් කවුරු හරි මේ විදියට කියවනවා කියලා දන ගත්තාම නොනවත්වාම ලියන්නට හිත එකඟ වෙනවා. බොහොමත්ම ස්තූතියි!

      Delete
  17. /ගීතයක් ගායනයේදී ජෙෆ් බෝයිකොට් බැට් කරණවා වගේ කඩුල්ල ඉදිරියේ නොසිට ../

    එහෙම බැට් කරන එකත් එක කලාවක්...හෙහ්..හෙහ්...ඒකට කියන්නෙ "Stone walling" කියල...:)

    ලිපිය ඉතා අපූරුයි මුඩු හිසැත්තනි...:)

    ReplyDelete
    Replies
    1. "මුඩු හිසැත්තනි"
      හහ් හහ් ඒක මරු යෙදුමක්! මට තාමත් මැරෙණ්න හිනා!!
      එතකොට ඔබ තුමන්ලා "කේශ ශීර්ෂ" ලාද?

      මා අමාරුවෙන් වටේ පඳුරු වලට තල තලා කිව්වේ නිකංම පොල්ලෙන් ගැහුවා වාගේ සිංදු කියන්නේ නැතිව එහි පද රචනයට හා/ හෝ පද රචකයා විසින් අසන්නාට සම්ප්‍රේශණය කරණ්නට යෙදුන එසේත් නැත්නම් එම ගීතය යොදා ඇති ප්‍රස්තූතයට ගැලපෙන අයුරිණ් තම හඬ හෙවත් වොයිස් එක වෙනස් කරලීමේ හැකියාවක් "ගායකයකු (හෝ ගායිකාවක)" සතු විය යුතුය කියන කථාවය.

      තෙරිලා නේද (හොරා වගේ) නොතේරුණා වගේ මාව කඩේ යවන්නේ කේශ ශීර්ෂ?

      Delete
  18. I absolutely love your site.. Pleasant colors & theme.

    Did you develop this site yourself? Please reply back as
    I'm looking to create my very own blog and would like to know where you got this from or
    what the theme is named. Many thanks! I couldn’t resist commenting.
    Well written! I have been surfing online more than 4 hours today, yet I never found any interesting article like yours.
    It's pretty worth enough for me. In my opinion, if
    all site owners and bloggers made good content as you did, the net will be a lot more useful than ever before.
    http://Alienware.com

    ReplyDelete
  19. හොද විස්තරයක්.

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...