Monday, June 17, 2019

143. කළු ගඟ දිගේ . . . . . 7

 හතර වරං - හතර දෙනෙක් - හතර අතේ !
(ප්‍රාජේ ට: ඔය නිල් පාට අත්දිග ටී ෂර්ට් එකක් ඇඳ ගෙන විරිත්තන් ඉන්න පසිඳු අතේ තියෙන්නේ පදම් කල දාරුමය හබලක්!)

කළු ගඟ; මහවැළිය තරම් සුන්දර තාවයකින් හෙබි ගඟක් නොවීය. 
එසේම එය කැළණි ගඟ තරම් මිත්‍ර ශීලී බවක් දැක්වූවේද නැත. 
මා එසේ කියන්නේ ඇයි?
 මහවැළිය ලංකාවේ ගංගා අතර රාජිනිය වූවාට එහි මහා ප්‍රචන්ඩත්වයක් දක්නට නොමැත. 
මුළු ගඟාවෙන් සැලකිය යුතු කොටසක් පොල්ගොල්ලෙන් බෝවතැන්න උකුවෙළ ඔස්සේ රජරට කෙත් බිම් වලට හරවා යැවෙන බැවින් මහියංගනය දෙසින් ගලන්නේ එය වඩාත් සාමකාමීවය. 

එසේම බොහෝ දුරක් තැනිතලාව ඔස්සේද ක්‍රමික බෑවුමක් ඔස්සේද ගලනා බැවින් එහි මහා වේගයක්ද දක්නට නොමැත. 

 එසේම මහියංගනයේ සිට මනම් පිටිය දක්වා කිලෝමීටර 72 ගලන්නේ ශශ්‍රික වන පෙතක් තුලින්ය. ඒ වස්ගමුව ජාතික වනෝද්‍යානය නම් වූ වන පෙතයි.මෙනිසාම දෙපස ඇති කුඹුක් සෙවන සමගින් ගලනා ගඟ අතිශය සුන්දර ලාලිත්‍යයකින් සමන් විත්වේ.

ගඟේ බොහෝ ස්ථාන වඩා වැඩි පලලකින් යුතුව ගලනා බැවින් එය බොහෝ විට නොගැඹුරුය! 
පතුල සියුම් වැලි තලාවකි. 
අවම මිනිස් ක්‍රියා කාරකම් වලින් යුත් පරිසරයක ගලනා ඇය එනිසාම ඇගේ නීර්මලත්වය සාගරය තෙක්ම රැක ගනී.

මට මේ වෙලාවේ මතක් වෙන්නේ කලාශූරී අල්හාජ් මොහිදීන් බෙග් කලා කරුවා විසින්; මීට දශක ගනනාවකට පෙර ගැයුනු සුන්දර ගීතයකි.

ඒ; 1955 වසරේ සැප්තැම්බර් මස 6 වනදින භාරත රිදී තිරයේ තිරගත වූ රාජ් කපූර් ගේ "ශ්‍රී 420" චිත්‍ර පටයට මොහමඩ් රෆී, ලතා මංගේස්ක' හා මුකේශ්  විසින් ශයිලෙන්ද්‍ර ගේ පදවැලක් හා ෂන්කර් ජායිකිශන් ගේ සුමදුර තනුවක් අනුව ගැයුනු "ඕ රමයියා වස්තාවයියා . ///" ගීතය මත බිහි වූ "සාගර හිමිය සොයා - රූබර නදිය ගියා . . //" ගීතයයි.

සත්තකින්ම මහවැළියට එය කදිමට ගැලපුනි.


 මහවැළිය වස්ගමුව වන පෙත හරහා . . !
(මහවැළිය දිගේ මහියංගනයේ සිට මනම්පිටිය තෙක් කල සංචාරයේදී රාත්‍රිය ගතකල කඳවුරු බිමේ සිට උදෑසන දුටු අයුරු !)

කළණි ගඟ දෙපස තිබූ අර්ධ නාගරික ජනාවාසයන්ගේ පාරම්පරික පදිංචි කරුවන් ස්නානය හා වෙනත් පවිත්‍රහා කටයුතු ඉෂ්ඨ සිද්ධ කරගන්නේ කැළණි ගඟෙන් බැවින්  ගඟ දෙපස බොහෝ විට කිසිවෙකු සිටියේය.

එසේම පෞද්ගලිකව මමද මගේ ජීවිත කාලය පුරාවට කළණි ගඟ හා බද්ධව සිටි නිසාදෝ යටියන්තොට හක්බෙල්ලාවකදී පමණක් නොව අගනුවර කැළණි පාලම යටින් ගලනා ගඟ දුටුවද එම මොහොත "දැකල පුරුදු කෙනෙක්" දුටු මතකය, හැඟීම හිතට ගලා එයි.

මම මීට ආසන්න උදාහරණයක් ගෙන එන්නම්. ඔබ දකුණු ලකට ගමනක යෙදෙනා විට; එය "ඇඟට" දැනෙන්නට පටන් ගන්නේ කළුතර චෛත්‍යය, පයාගල රේල් ගේට්ටුව, බේරුවල පොල් රුප්පාව, අහුංගල්ල හෝ වෙනයම් භෞතික වස්තුවක, ප්‍රදේශයක දසුනක් සමග නොවේද? 

එවන්වූ එකිනෙකාට සුවිශේෂීවූ සංඛේත කිහිපයක් තම තමන්ගේ ජීවිතවලට බද්ධවී පවතී.

එවන් වූ හෘදයාංගම බවක් කළු ගඟ දැකීම තුලා මාහට ඇති නොවීය. එයට තවත් දෙයක් හේතුවන්නට ඇත. ඒ ගඟේ නමයි. "කළු ගඟ"! 
ඔව් ඒ නමම සිතට ගෙන එන්නේ තරමක අවිනිශ්චිත හැඟීම් සමුදායකි.

අප පිටත් වූවේ තරමක තෙත් බර කාලගුනයක් සහිත උදෑසනකය. තෙත් බර කීවාට හීන් පොදයක් වත් නොවුනි. 
ගඟාවේ දිය මතු පිට යාන්තමින් මීදුම් පටලයක් මැවී තිබුනි. අප පිටත්වූ වෙලාව නිසාදෝ ගඟ දෙපස කිසිවෙකු හෝ නොසිටියේය. අප පිටත් වන විට උදෑසන 6.30-7.00 වෙන්නට ඇත.

මාගේ ගෝ ප්‍රෝව වගෙ එකේ හෙවත් ඇක්ශන් කමරාවේ දිනය හා වේලාව නියමිත පරිදි සැකසීමට ඇනෝට වේලාවක් නොතිබුණු බැවින් කාලය ගැන සාක්ෂ්‍යයක් සොයා ගැනීම තරමක දුෂ්කර කටයුත්තක් වේ.

අප ගමන පිටත්වී පලමු මීටර කිහිපය තුලදීම ගඟ මැද දිරාගිය ගසක කොටසක් රැඳී බාධාවක් අටවාගෙන සිටි අයුරු මාහට යාන්තමින් මතකය. ගඟේ පලල අඩි 20-25 කට සීමා වී තිබුනි.

ජලයේ යම් පමනක පහැදිලි තාවයක් දක්නට ලැබුනි.

ඉහලට ගොස් ලූපයක් දිගේ ගමන් කොට හරවා ගත් පසිඳුත් තෙශාන්තත් පදින ලද කයාකය අපව පසුකොට ඉදිරියට ගියේය.

මමත් ඇනෝ හෙවත් මුද්දාත් පැද්දේ ඊට පසු පසිනි. නොකීවත් දෙදෙනෙකු යන විට එකෙකු ඉස්සරහින් යන විට අනෙකා පසු පසට වීම ඉතා සමාන්‍ය තත්වයකි.

ඔවුන් ලූපයක් සෑදුවේත් අපට පෙර ගමන් කිරීමටත් පහැදිලි හේතුවක් විය. ඒ ඔවුන් පදින ලද අලුත් කයාකය ඉතා සැහැල්ලු වෙනවා සේම මනා නිමාවක් හා හැඩයකින් යුක්ත විය. 
මේ නිසාම එය ඉතා පහසුවෙන් ඒ මේ අත හැරුණි. 
එසේම එහි ඉදිරි පස පැද්දේ කිලෝ 40-50 ක බරකින් යුක්ත වූ තෙශාන්ත මුල්කිරිගලය.

කටින් බරපතල ටෝක් ඉෂූ කලාට තරාදියට දැම්මාම  පාන් රාත්තල් දෙකේ බරය. 
ඊට සාපේක්ෂව පසිඳු බරින් වැඩිය. 
මේ නිසාම කයාකයේ ඉදිරිපස ජල තලයෙන් තරමක් ඉහලට එස වේ. ඉදිරි පස සැහැල්ලු වූ විට එයට වේගයෙන් යා හැකිය.  මෙය කයාකයකට පමනක් නොව සෑම සියළු යාත්‍රාවකටම පොදු සාධකයකි. 
එය පැද්දේ ද පලපුරුදු දෙදෙනෙකි. මෙනිසා ගමන පුරාවටම ඔවුන් හට තම කිරුළ රැක ගැනීමට වැඩි ඉඩ කඩක් තිබුනි.

අපේ කයාකයේ තත්වය මීට ඉඳුරාම වෙනස් ය. ඉදිරි පස පැද්දේ ඇනෝ හෙවත් මුද්දා වන අතර ඔහු මා මෙන් දෙගුණයක් බර වීමට වැඩි ඉඩ කඩක් තිබුණි. 
අපගේ කයාකය වඩාත් බරසාරය. ඇනෝට පදිනවාට වඩා ෆොටෝ ඇල්ලීම අතින් මහත්වූ වැඩ කොටසක්; කැමරා ආම්පන්න එලියට ගැනීමේදීත් ඒවා නැවත අකුලා ගබඩා කරණයේදීත් තිබුණි.


අඹ කයියක් !

මේවා දුකට කියන කවි ලෙස පෙනුනත් දැනුනත් ඇත්තත් මෙයම වන්නේය.
ගඟේ පලමු නැමි දෙක පසු කිරීමත් සමගම වම් පසි වූයේ වැළි පාරුවක් හා ඒ මත නැගුණු දෙදෙනෙකි.

ඒහා සමාන්තරව වම් පසින් ගඟ හරහට දිවෙන නිල් පැහැති අඟුලකි. 

අඟුලක් යනු යනු ඔරුවට වඩා ස්ථිර සාරව සැකසුනු යාත්‍රාවකි. ඔරුව යනුවෙන් හඳුන්වන්නේ; ගසෙක කඳකින් හාරන ලද යාත්‍රාවකි. ඒ සඳහා බහුලව භාවිතා වෙන්නේ කොස්, දෙල් වැනි ගස් කඳන්ය. මෙයට වඩාත්ම සුදුසුම කඳ වන්නේ වල්දෙල් ය.
 ඔරුවට කොල්ලෑවක් සම්බන්ධ කරගත් පසු එය වඩාත් ස්ථාවර වේ. ඔරුවත් කොල්ලෑවත් සම්බන්ධ කරණ්නේ වියල් වලිනි. කොල්ලෑව සදා ගන්නේ ඇල්බීසියා හෝ ලුනුමිදෙල්ල ලීයෙනි. ඒවා දියට ඔරොත්තු දෙන අධික උත්පලතාවය්ක් සහිත බව මෙයට හේතුවය.

අඟුලක් යනු ඔරුම දෙකක් එකට සම්බන්ධ කොට එය මත ලෑලි අතුරා සකසන යාත්‍රාවය. 

මේ වන විට ඔරු හදන්නට වල්දෙල් වලට තිබුනු අයිති වාසිකම පහැරගෙන ඇත්තේ ෆයිබර් ග්ලාස් වලිනි. එකල කැඩී බිඳී, දිරාගිය ඔරුවක් කලකදී පොලොවට පස්වී යයි. 
අද වන විට ලැංකාවේ සෑම ගංගාවකම පතුලේ තැනින් තැන කිසිදා නොදිරණ ෆයිබර් යාත්‍රා කොටස් තැන්පත් වී ඇත. මේවායේ කැඩී වෙන් වුණු කොටස් වල දාර බොහෝ සෙයින් තියුණුය.

වැලි ගොඩ දාන බොහෝ ගංඟාවල ගං පතුල ෆයිබර් අපද්‍රව්‍ය වලින් අනූනය. බොහෝ විට මේවා ගස් වලින් වට කොල වලි වැසී පැවතියද ඒවා මොන ලෙසකින් වත් දිරා පත් වන බවක් නම් නොපෙනේ.

වරක් බෙලිහුල් ඔය වයිල්ඩ් ඩ්‍රිෆ්ට් ආයතනයේදී මා ලද පුහුණුවකදී; සිගරට් ෆිල්ටරයක් දිරාපත් වීමට අවුරුදු 200 ක් ගත වන බවක් කිසිවෙකු පවසනු මා අසා සිටියෙමි. එහි සත්‍ය අසත්‍ය තාවය කෙසේ වෙතත් මා එය තර්කයකින් තොරව විශ්වාස කරමින් කටයුතු කරණ්නෙමි. 

එය "අපාය" ගැන කුඩා කල තිබුනු  සැකය මුසු විශ්වාසය මෙනි.

වැලි ගොඩ දැමීමට අවසර දෙන රජයේ වගකිව යුත්තන් විනාශ වූ බෝට්ටු පිළිබඳව විමසීමක් කරණ බවක් නම් නොපෙනේ. ඔවුන් කරණ්නේ එය ඉවුරට ගාල් කිරීම හෝ ගැඹුරේ ගිල්වීමය. 

දිරාපත් වී හෝ ප්‍රයෝජනයකින් තොර නැව් ද මෙසේ ගිල්වන බව මා අසා ඇති අතර ඒ පිළිබඳව දෘෂ්‍ය සාක්ෂි මා අත පවතී. එහෙත් එය මත්සයන් ඇතුළු ජලජ ජීවීන් හට වාසභූමියක්, සූථිකාගාරයක් මෙන්ම ජනපදයක් වන අතර බොහෝ විට එය කාලයකදී දිරා පත්වී අපගේ කට වහරේ පරිදි "පොලොවට පස් වී" යනු ඇත!

ටයිටැනික් නැවද ඉදිරි දශක දෙක තුන ඇතුලත මිනිස් ඇසින් සදා කාලිකවම තුරණ්වී යනු ඇති බව ප්‍රකාශිතය!

තෙශාන්ත මුල්කිරිගල යනු එකෙන්ම ගිය තැන බොර කර ගන්නා චරිතයකි. 
මේ ගැන සුපිරිම අත් දැකීම් කිහිපයක් මට ඇති අතර ආසන්නයේම සිදුවූ සිද්දිය පිළිබඳව ලියන්නට තවම ඉක්මන් වැඩිය. 
මහ වැළි ගඟ දිගේ ගමන් කරද්දී "නුවරගල" ගමේ මිනිසුන් හා එක්ව ඔවුන්ගේ කුස්සියට වැදී බත් මාළු පිසගෙන ආවේද මේ "බොර කිරීමේ" ප්‍රථිපලයක් ලෙසය! 
පසිඳු ගැන කතා කලද අනේ අපරාදෙ කියන්නට බැරිය!

ගිය තැන විට කාගෙන, බීඩී බීගෙන නෑකම් හදාගෙන හිරමණේ උඩ ලැගගෙන මුන ගැසෙන උන්ගේ මොළය කොලොප්පන් කිරීමට උන් දෙන්නා දන්නේම නැත! 

සත්තකින්ම එය මෙතෙක් අපට අනවශ්‍ය කරදරයක් වී නැති අතර එය ප්‍රයෝජන වත් වූ වාර බොහොමයක් ය! 
ඔවුන් දෙදෙනා හට සහරා කාන්තාරයේදී හමුවන ඔටුවෙකුට උවද මචාං කියා උගේ සරීරයේ වැදගත්ම ඉන්ද්‍රිය වුවද ගලවාගෙන ඒමට ඇති හැකියාව බොහෝ විට අපේ බඩගිනි නිවීය!

එහෙත් මෙවන් සංචාර - කර්මාන්තවලදී හමුවන පලාතේ උදවිය සමග මා සබඳකම් ඇති කර ගන්නේ බොහෝ කල්පණාකාරීවය. 
මගෙන් වෙන අඩුපාඩුව කිසිවෙකුට දැනෙන්නට පෙර කී ඩබල කිසිදු ලෙසකින් ඉඩ නොතබති!
මා එසේ අවම සබඳකම්  සහිතව කටයුතු කරණ්නේ ඔවුන්ගෙන්; අපගේ නිදහස හා ස්වෛරී භාවයට බලපාමක් සිදුවිය හැකි යැයි මා තුල ඇති අනියත බියය!

වැලි පාරුව  හා අපගේ ගමන් සගයන් දෙදෙන අපට තරමක ඈතින් දිස්වේ.
 ඊට සමගාමීව පෙරකී පරිද්දෙන් අඟුලකි. වැලි පාරුව මත දෙදෙනෙකු සිටි අතර අඟුල මතද කිහිප දෙනෙකු සිටියෝය.
ඒ අසල පදීම නැවතූ තෙශා හා පසිඳු ඔවුන් සමග කිසියම් කතා බහක යෙදෙනු හඳුනා ගනීමට අපට පුලුවන් දුරකින් ඒ වන විට අප දෙදෙන සිටියෙමු.



ඔය සුට්ටං කකුල් දෙකක් පෙනෙන්නේ තෙශා ගේය. 
හාවා හඳ දකින්නාසේ මමත් ඇනෝත් ඉදිරියෙන් ගමන් ගත් සුන්දර මොහොතක්!

ඒ වන විට ඇනෝ හෙවත් මුද්දා තරමක ප්‍රසස්ථ මට්ටමකින් හබල් ගසමින් විය.
 එසේම ඔහු බොහෝ විට මාගෙන්; ඔහුගේ හබල් ගසීමේ දොස් විමසමින් ඒවා නිදොස් කර ගනීමේ සාර්ථක ප්‍රයථ්නයක් යෙදෙමින් විය. 

මෙවන් ගමන් වලදී අප වෙතින් ප්‍රථික්ෂේප වන්නේ "අති පණ්ඩිතයින්",කුහකයින් හා මුරණ්ඩු උන්වය. 
එවන් අය සමග ගඟා දිගේ යනවා විනා ලියුමක් තැපැල් කිරීමට තැපැල් කණ්තෝරුවකට වත් මා යාමට අකමැතිය! 

ඇනෝ එම කුලක තුනෙන් එකදු එකකට හෝ අයත් නොවීය. එසේම කලකට පෙර ආත්මාරක්ෂක සටන් ක්‍රම හා ඒ හා බැඳුනු ව්‍යායාම කිරීම තුළින් මඬිනා ලද සිරුරකට හේ උරුම කම් කීවේය. එනිසාම ඔහු කයාකයට කිසි ලෙසකින් නිකංම නිකං බරක් පමණක් නොවීය. 

අප; එනම් මමත් ඇනෝත් ඔවුන් වෙතට කිට්ටු වෙන තෙක්ම තෙශාත් පසිඳුත්; වැලි පාරුවේ සිටි දෙදෙනා සමග  "අඹ කයියකට" අලගු තබමින් විය!
 ඒවන විට අප හතර දෙනාගේත් ඔවුන් දෙදෙනාගේත්  ලග්න රාශීන්  හැරුණුකොට ගෙන අන් සියල්ල බෙදා හදා ගෙන සිටි අපගේ මිත්‍රයින් දෙදෙන

"හේනං අපි යනවා අයියේ . . . " කියමින් යළිත් පෙරට ගමන  ඇරඹුවෝය!

අඟුලේ සිටියේ කිසියම් වෘථියකට යන කෙසඟ කෙඬෑරි කෙල්ලකි! සමා වෙන්න සිහින් සිරුරකට හිමි කම් කී යුවතියකි. ඇය මවා ගත් ආඩම්බරයකින් හොම්බ දික් කරගෙන සිටි බවක් මා ඇනෝට සෙමෙන් කී අතර ඇනෝ එය "හ්ම්! හ්ම්!!" ගාමින් බකමූණු න්‍යායෙන් පිළිතුරු දුන්නා විනා කිසිවක් ඊට වඩා කිසිත්  නොපැවසීය. 

"නේද බං!?"

"හම්! හ්ම්!!"

" මොකද බං හුං හුං ගාන්නේ කතා කරහං කො! මොකද උඹට අවුල්ද?"

"ම්හු!"

"හේනං?"

"කහේ හුලහ් . .!"

තවත් ටික වේලාවකි කාරණය වැටහිනි! ඇනෝ කට පුරවාගෙන බුලත් විටක් හපමින් විය! 
කාරණේ වඩාත්ම සිත්ගන්නා සුළු දේ වූයේ "ගඟක මාළු බානවා තබා ගඟට කෙල ගසන්නේ වත් නැති!" ලේබලය යටතේ ගමන් ගන්නා අප ඉදිරියේ ඔහුට බුලත් කෙල ගැසීමට අවකාශයක් මෙතෙක් නොවී තිබීමය!

මට ඒ සමගම මතක් වූයේ ප්‍රියා සූරිය සේන කොප්පෙ ගැසූ සින්දුවක ඔරිජිනල් එකය! 
"ඉස්සර මා ඔබ බලන්න ආවේ කට පුරවාගෙන බුලත් විටෙන් . . .

දැන් ඉඳ හිටලා බලන්න එන්නේ දත් ටික මැදගෙන පුවක් මුලෙන් . .  //"

ලද අවසරයෙන් ගං දිය මත රක්ත වර්ණ රටාවක් ඇඳී ගියේය!


අම්ම අප්පගෙ බූදලය ලෙස ගඟ වෙන් කොට !

ගඟේ තවත් ටිකින් ටික පහතට ගමන් ගනිමින් විය. ගඟ හරහා ඇඳි නයිලෝන් රැහැන්  මකුළු දැල් සේ ලඟින් ලඟින් විය. 
ගඟ හරහා අඳි මෙවන් රැහැන් පද්ධතියක් කැළනි ගඟේ රංවල තොටුපොල ආසන්නයේ ද තිබෙනු මාහට මතක් විය. අනිවාර්යයෙන්ම වැලි ගොඩ දැමීම සඳහා හෝ අනවසරයෙන් ගං පතුල හූරමින් ඉල්ලම් ගොඩ දමන්නන් විය යුතුය.

ගඟ දෙපස වූ කිසිදු තොටුපොලක් සිහින් වැලි තලාවෙන් ගැවසී ගත් ඒවා නොවීය. ඒවා හුදෙක් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ බෝල ගල් වලින් සමන් විත ගල් ගොඩවල්ම විය! කුඩා අර්තාපල් ගෙඩි නො එසේනම් ආඬිචොක් අල ගොඩවල් සේ මේවා ඈතට දිස් විය!

ආඬිචොක් යනු යටියන්තොට ආදී ප්‍රදේශ වල මීට දශක දෙක තුනකට පෙර ගඟ අසබඩ වැවුණු අල විශෙෂයකි! එහි පත්‍රය; කහ පඳුරේ පත්‍රයට තරමක නෑ කමක් දක්වූ අතර පඳුරද එවන්ම වූ හැඩයක් හා ප්‍රමානයක් ගති. 
පඳුරක් ගලවූ පසු නෙක නෙක ප්‍රමානයෙන් යුතු කුඩා ඉතාමත් ගෝලාකාර වූ ජිල් බෝල ප්‍රමාණයේ සිට ගොල්ෆ් බෝලයක ප්‍රමාණයේ වටකුරු අල රොත්තක් දැකිය හැකිවිය. 
මේවා බොහෝ විට තම්බන්නේ හවස් කාලයේය. ඒ නිදහසේ අල්ලාප සල්ලාපයේ යෙදෙනා'තර පොතු අරිමින් කෑමටය! මේවා කෑ කාලයක් තබා පඳුරක් දුටු කාලයක් මතක නැත! 
දැන් එවන් අල්ලාප සල්ලාපයේ යෙදීමට හැකියාවක් නැති තරමට සියල්ලෝ "බිසී" වී ඇත!

මේ වගත් මෙතනම ලියා යන්නට අවසර! 
එකල ඕනෑම ගෙදරක හවස් යාමයේ දූවරු ලඟින් වාඩි කරගෙන උකුනන් හෙවත් තඩි බලන මව්වරු ගම් වල දක්නට ලබුනෝය! 
මගේ සොහොයුරියද මාගේ ආදරණීය මව ඉදිරියේ බිම වාඩි වී මුමුණමින් සිටිනු තාමත් මතකය. 
මව් වරු තම යොවුන්  දියණියන්ගේ ජීවිතය හා බැඳුණු කාරණා කාරණා ඇහිඳගන්නේ මේ උකුනන් ඇහිඳිනවාට සම ගාමීවය. 
 මෘදු ලෙස හිස අතගාමින් තමන් පසුපස සිට තමා තොර තෝංචියක් නැතිව "ගිරවිය" සේ කියනා සියල්ල; හූ මිටි දෙමින් ; නොදැනෙන සේ ප්‍රශ්න කරමින් සිටින්නේ තමාගේ ආදරණීය අම්මා බව මතක් වන්නේ වැඩේ අවසන් වී රැලි ඇර රිදෙන්නට කොණ්ඩය පීරණ විටය.
ඒවන විට සියල්ල මව වෙත සම්ප්‍රෙශණය වී හමාරය. 

බොහෝ විට මෙවන්  "උකුණු මෙහෙයුම්" වලදී බයිට් එක ලෙසට ගැනුනේ ආඬිචොක් අල මුට්ටියකි. 

මේ සියල්ල පෙරා, පත අට එකට සිඳුව, අවශ්‍ය තැන් පමනක් තොරා බේරා ගෙන,  කලබල නොවීමට හා දියණියගෙන් නොවිමසීමට ගිවිස්සාගෙන පියාගේ කනේ තියන්නෙද එම අම්මාමය!
 කුමරතුඟු මුනිදස් පඬිතුමාගේ "හීන් සැරයේ" දෙවන පරිච්ඡෙදයේ එන ලෙස "එදින අලි හාමිනේ ආදරගුලියකි . . " යනාදී වශයෙන්  එන්නේ මෙවන් අමුත්තක්  සැමියාට කියන්නට යන බිරිඳක් ගැනය!

තව තවත් ගඟාවේ ටිකින් ටික පහලට යමින් වන්නෙමු. 
ඉවුරු දෙපස තනින් තැන නෙක ප්‍රමාණයෙන් යුතු වූ උණ පඳුරු විය. ඉවුරු බොහොසෙයින් උස්ය. 
ඉවුර ආසන්නයේ උවද ගඟ සිමෙන්තියෙන් බඳින ලද කාණුවක් සේ පතුලට සෘජුව ගිලුණුඉවුරකින් යුක්ත විය. එය අධික ලෙස වැලි ගොඩ දමීමේ හා වෙනත් මිනිස් නොපෙනත් කම් වල ප්‍රථිපලයක් විය යුතුය.

හිරු සෙමෙන් ගං දිය මත සෙවනැළි චිත්‍රණය අරඹා තිබිනි. හිරුට කළින් පිබිදුනු වැලි ගොඩ දමන්නන්, ඉල්ලම් හාරන්නන් හා ඉල්ලම් ගරණ්නන් වැඩ අල්ලා තිබුණි. ඔවුන් බොහෝ අය අප ඇතදී දුටුව මුත් ලං ලං වත්දී තරමක් පසුබා සිටිනු දක්නට ලැබුනි.

 ගඟේ බොහෝ ස්ථානවල එනම් ගඟේ මැද ඉනි සිටුවා තිබුනි. ඒ වැලි බෝට්ටු නවතා තැබීමට හා ගං පතුලට කිමිදීමට පහසු වීමට යෙදූ උපක්‍රමයක් විය. 
මේ ඉනි සකසා තිබුනේ ගැල්වනයිස් යකඩ පයිප්ප වලි වන අතර ඉන් එකක විෂ්කබ්භය අඟල් 2 ක් පමණ විය.  සමහර ස්ථාන වල එසේ සිටුවීමට ගෙන ආ යකඩ පයිප්ප ඉවුරේ තිබුනි අතර ඒවායේ එක් කෙලවරක් තියුණු ලෙස සකස් කල යකඩ උලකට පාස්සා වද්දා තිබුණි!

සුන්දරත්වයෙන් හෙබි යමක් නැවතිය යුත්තේ එහි වටිනාකමක් නොදන්නා අතක නොව එය මට සිළිටුව මෘදුව එය ස්පර්ශ කල හැකි සුරතකය!


මෙම කළු ගඟද රැඳී ඇත්තේ තමා හූරා කන්නා නරුමයන් පිරිසක් අතරය!


සියලු දුක් දරා සිටින ඇයගේ ලය යවුලෙන් විද !

ගඟේ බොහෝ තැන් හරස් කර තිබුණි. ඒ උන ලී හා වෙනත් දැව යොදා ගෙනය. මේ වැලි රඳවා ගැනීමට කල උපක්‍රමයකි! මෙවා අපගෙ ගමන් පෙතට ගෙන ආවේ මහත්වූ බාධාවකි!

 ටිකින් ටික උදැසන ගෙවෙන්නට පටන් ගනිමින් විය.

ජීව ඔරලෝසුව උදේ අහර කිස ගැනීමේ වේලාව මතක් කරමින්ය. අප; අතවූ සිතියම් ගෙන අප සිටි ඉසව්ව හා ඒහා අවට තිබිය යුතු අවන්හලක්, කඩයක් අවම වශයෙන් රොටී තැටියක් ඇති තැනකට ඉව කරමින් විය.

මා විජයභාහු මහතාට කීවා සේ ගඟේ කිසිදු කෘථිම සළකුණක් නොමැත පාලමක් විනා! එහෙත් ගඟ විශාල කෝණ වලින් හැරෙනා තැන් එසේම වෙනත් අතු හා පාර්ෂව ගඟා එක් වන තැන් ආදිය පිළිබඳව කිසියම් සෝදිසියකින් යුතුව ගමන් ගැනීම අපගේ සිරිතය.


ගඟ ගලන්නේ දකුණු අත පැත්තේ සිට වමටය. 
කළු පැහැතින් රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයද කහ පැහැයෙන් ගඟද දැක්වේ!
( මහ පාරෙණ් යන විට දක්නට ලැබෙන පන්සල්, අපන ශාලා, කඩ සාප්පු වයින් ඉස්ටෝරුවක්ද මෙම සිතියමේ ලකුණු කොට ඇති අයුරු පෙනේද?)

සිතියමට අදාලව ඒවන විට සෛධාන්තව  පසුකරමින් තිබෙන ප්‍රදේශය ; ගඟේදී හමුවන අය හා විමසා බලා ප්‍රායෝගිකව අප සිටිනා ඉසව්ව නැවත සකසා ගනී.

"තෙශා දැන්නං බඩගිනියි බං! බලපං කන්න තියෙන තැනක්!?"

ඒවන විට ගඟ දෙපස අප අපසු කරණ සෑම මීටරයක් මීටරයක්න් පාසා මිනිසුන්; ගඟ සමග  විවිධ ගනුදෙනු වල යෙදී තිබෙනු දක්නට ලැබුණි. අප ව ඇස ගැසෙද්දීම ඉහලට ඔසවා එක එල්ලේ අප දෙස බලා සිටි ඔවුන් අප පසුකර යන තෙක්ම විමසිල්ලෙන් බලා සිටියෝය.

"මචං මේ හරියෙ කොහෙද කඩයක් තියෙන්නේ උදේට මොනව හරි කන්න?"ඒ තෙශාන්තය!

" ඕ ගොල්ලෝ පහු කලේ අර වංගුවෙන් උඩට නැග්ග තැනම කඩේ නෙ!?"

ඒ කඩය අතීතයට එක්වී හමාරය!
අනාගතයේ හමුවන කඩයක් ගැන විමසූ විට මීට කිලෝමීටර දෙකක් පමණ දුරකින් ඇති කඩයක් ගැන තතු දැක්වීය. 
ගඟේ වම් පස ඇති වැලි තොටු පොලකින් ඉහලට නැගිය යුතු බව මතක තබා ගෙන අප ගඟ පහලටම ගමන් කලෙමු.

ගඟට කයාකය දියත් කල මොහොතේ එහි ඇතුලත ජලය පවතින මට්ටම ගන මතකයක් කයාකයක් පදින්නෙකු හට තිබිය යුතුය. 
කයාකය දියට දැමූ විට එය මුළුමණින්ම දිය මතුපිට නො පාවේ. එසේම කයාකය මත ගමන් ගැනීමට නියමිත දෙදෙනාහට අමතරව තවත්  විශේෂ, අවශේෂ,සුවිශේෂ, අවශ්‍ය, අනවශ්‍ය, අත්‍යවශ්‍ය සියළු දේ එය මතුපිට ගොඩගසා ගත් විට එය තවත් ගැඹුරකට ගිලී යයි. 

මේ සියළු දේ සමගින් කයාකයේ පතුලේ සිට මතුපිට තෙක් ඇති කුඩා ජලය ඉවත් කිරීමේ සිදුරු හරහා ජලය ඉහල නගී. බොහෝ විට නමෝ විත්තියෙන් කයාකය මත වාඩි වෙන්නට සිදු වන්නේ ජලයෙන් තෙත්වූ ආසනයක් මතටය. එය කං කෙළින් කරවන සුන්දර අත් දැකීමකි.

රත්නපුර මහ සමන් දේවාලය පසුපසින් දියට බට මොහොතේ සිට මේවන විට පැය දෙකකට ආසන්න දුරක් අප ගමන් ගෙන තිබුනෙමු. එම දියට පැමිණි මොහොතට වඩා මේ වන විට කයාකය තරමක් දියේ ගිලී ඇති බවක් මාහට දැනෙමින් විය. 

මෙම කයාකය මහවැළියේදීද මෙසේම ජලය පිරී ගියේය. 
මා තෙශාට කතා කොට මට හැඟෙන දැනෙන දේ පැවසූවෙමි.


වග වලසුන් හැර වෙනත් කිසිවෙකු නොමැති කැලයක් මැද 
පතුල සිදුරුවූ යාත්‍රාවක් සමග  . . !
(මහවැළි තරණයේදීද  ෆයිබර් කයාකය පුපුරා ගියේය.)

"මොකද ගොඩට අරණ් බලමුද?" තෙශා ගේත් පසිඳුගේත් එකම පැනය විය.
"නෑ දැන් ඉක්මනට කන්න තැනක් බලමු . . . !එතනදී බලලා ටේප් පාරක් අලව ගමු!"

තවත් විනාඩි 30 කින් පමන තරමක් පිරිස සිටි වැලි තොටුපොලකට අප අවතීර්ණ වුනෙමු. 

"මචං මේ හරියේ කඩයක් කොහෙද තියෙන්නේ?" සුපුරුදු ලෙංගතු විලාශයෙන් තෙශා එතැන සිටි 6 X 4 "නඩේ ගුරා' මොඩලය ඇමතීය. 

"ආ මෙතනින් උඩට නගින්න. එන්නකෝ මම පෙන්නන්නං!"

එතැන ඉවුර තරමක් පහත්ව තිබුණි. පසිඳු පැදවූ කයාකය රැහැණින් ගැට ගැසූ අතර මගේත් ඇනෝගේත් කයාකය අප මහත් වැර වෑයමෙන් යුතුව ගොඩට ඇදගත්තෙමු. 
ඒමත පටවා තිබූ පෙරකී අන්දමේ සකල සම්මාන පිලිවෙලින් ඉවත් කලෙමු. 
ඒවන විට තෙශාන්තත් පසිඳුත් නඩේ ගුරා සමග ඉවුර උඩට නැග නොපෙනී ගොස්ස්ය.

සෙමෙන් පිලිවෙලින් සියල්ල ඉවත් කල පසු එක් හැචයක  අඩුම කුඩුම මල්ලේ තිබුණු; චීනයේ නිපදවන ලද මල්ටි ටූලයේ අනුප්‍රාප්තිකය ගෙන කයාකයේ ඉදිරි කෙළවරේ තිබුණු ඇබය බුරුල කර ගලවන්නට පටන් ගත්තෙමි.

පලමුවෙනි වට දෙක කැරකැවීමත් සමග එය තුල එතෙක් තෙරපී තිබුණු වාතය ශබ්ද නගා පිටවන්නට පටන් ගත්තේය.  සංවෘථ කයාකයේ පතුලින් ජලය පිරෙද්දී එය තුල එතෙක් තිබුනු වාතය ක්‍රම ක්‍රමයෙන් පීඩනයට පත්වේ. 

මූඩිය හෙවත් ඇබය ගලවා ඉවත් කොට කයාකය පසුපස කොනෙන් අල්ලා මහත්වූ වැර වෑයමෙන් යුතුව එසෙව්වෙමු.
 මගේ අනුමාණය නිවැරදි විය! 
මහවැළියේදී මෙන්ම විශාල ජලස්කන්ධයක් එය තුල විය. ජලය මුළුමණින්ම ඉවත් වන තුරු අනෙක් පසින් ඔසවාගෙන සිටීම මහත්වූ අපහසු කාර්‍යයකි. 
ඒ අසල තොටුපොළේ  සිටුවා තිබුනු ලී කොටයක් අපට පිහිට විය. කයාකයේ එක් පසක්  ඒ මත ඔසවා තැබීමෙන් ජලය සියල්ල පහසුවෙන් ඉවත් කර ගැනීමට මටත් ඇනෝටත් හැකිවිය!



ඉස් මොල්ලේ ගිය වතුර එලියට යන තුරු !

කාලය ගෙවී ගියේය!

කයාකය තුල තිබුණු සියලුම ජලය ඉවත් කොට හමාර විය!
 දැන් ඇත්තේ මුණින් නැවූ කයාකයේ පතුල හොඳින් පිරික්සා බලා කිසියම් සිදුරක් හෝ පිපිරීමක් කඩතොළුවක් වුනි නම් එය ඇස්බැස්ටොස් ටේප් හෙවත් නෝලීක් පටි වලින් පිරියම් කර ගැනීමටය. 

වැලි තොටුපොලේ සියල්ල එතැනින් ඉගිල ගොසිනි.  උස් ඉවුරේ මතුපිට සිට අපදෙස විමසිල්ලෙන් බලා සිටි කිහිප දෙනෙකු හැරෙණ්නට එහි සිටි බහුතරය එතන නොසිටියේය. තොටුපොල ආසන්නයේම ගැඹුරු පතලකි!


මෙහි ජීවිත මෙන්ම හෝදා පාළුවී ඇති ගං ඉවුර !

එතැන සිටි වයෝවෘධ අයෙකු හැරෙණ්නට අන කිසිවෙකු අප සමග දොඩමළු වූවේ නැත. 
ඔහු අප අසලට පැමිණ මුල මැද අග එකිනෙකට සම්බන්ධයක් නොමැති ඔහුගේ දුක්බර ජීවිත ගමන ගැනන් මොන මොනවාදෝ තොර තොංචියක් නැතිව දෙඩෙව්වේය. ඒ සියළු කයි කතන්දර මැද මා විමසිල්ලෙන් සිටියේ අප වෙතින් ඉවත්වූ තෙශාත් පසිඳු කොයි මොහොතේ ඉවුර මුදුනින් මතුවේ විදෝ කියාය.
  
එම ඉවුර අප සිටි තන සිට අඩි10 ක පමණ උස් එකක් විය!
එන්න එන්නම කාලය ගෙවී යත්ම මාහට ඉවුර සමීපයේ පිහිටි පතුලක් නොපෙනෙන ඉහලටම දිය පිරුනු පතල සිහිවේ.

තෙශාටයි පසිඳුටයි මොකක හරි කරදරයක් වත්ද?

ඒ සමගම මගේ මතකයට ආවේ මාගේ පියාණන් සමග එකට සේවය කල තරුණ නිළධරයෙකු  අදවන තුරා සොයා ගැනීමට නොහැකි වීම පිළිබඳ කතා පුවතයි!
 මෙය සිදුවූයේ අදින් වසර 30 කට පමණ පෙර හබරණ ගල් ඔය හංදිය, හතරැස් කොටුවේදීය.
එම තරුණ නිළධරයා මාගේ පියා සමග වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කලේය.
එකල තාත්තා පැවසූ පරිදි කිසියම් පිරිසක් විසින් එම අහිංසක තරුණ නිලධරයා මරා; මහ කැලයේ වියලී ගිය ගසක බිලයක් තුලට දමා ගිණි ලා ඇත! එම මිනී මරුවන් කිසිදා සොයා ගැනීමට නොහැකි විය!

 අත හැර දමා ඇති පතල් කොතරම් නම් මේ පලාතේ ඇතිද?


ගං දෑල දෙපසම
කෑල මල් පිපි ඕසෙට

කොමල කළු ගඟ
සිඹිමි ඔබ ගෙන දෑතට

හද ඉතින් ඉවසන්න

බාරවෙන්නම් මම - කළුතරට !


පුවතක් . . . . . !


සියළු විස්තර පසුව ලියන්නම්. 


මේ තවත්; ආරක්ෂාව, පුහුණුව හා නිවැරදි මග පෙන්වීමකින් තොරව සිදුකල ක්‍රියා කාරකමක අනිටු ප්‍රථිපලයක් ලෙස ආරංචි වෙමින් පවතී.  මෙම ස්ථානය එනම් කිරි අම්මාගේ ඇල්ල තරණය පිළිබඳව මා ලියා ඇත. එයට මෙතැනින් පිවිසෙන්න>








49 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අඩේ අදත් මමද කොහෙද ඉස්සෙලම කොමෙන්ට් කරන්නේ.. වෙනදට නම් පොස්ට් එක දැම්ම බලපන් කියල උඹ කියනවනේ. ඉතුරු ටික පදින්නේ කවද්ද ...? අර going home එක නම් ෂෝක්.. ලඟදි හීනෙනුත් දැක්ක ලස්සන මාළු එක්ක කිමිදෙනවා.. යන්න කාලේ හරි වාගේ.....

    ReplyDelete
    Replies
    1. අනේ උදේම වැඩ පොඩ්ඩක් සෙට් උනා බං. ඊයේ බොසා එක්ක කේස්! ඒක අගිස්සෙව්වා උදේම! ඌට හිතෙන්න ඇති මං අහපු මෝඩ කම කියලා? ඌරොත් එක්ක වලි දාගන්නවද බං මොලේ තියෙන එකෙක්?

      Delete
  3. Replies
    1. කනක් ඇහිලා ඉන්න බැරි උනා විජේබාහු මහත්තයෝ තමුන්නැහැලගෙන්!?

      Delete
  4. ඊළඟ පාර වත් ඔය හිල් ටික වහගත්තොත් හොදයි කියලා කව්රුත් කිව්වේ නැතෙයි...දෙමටගොඩ අපිට ඉතින් ඔරු පදින්න අය්යලට වගේ ගඟවල් තියෙන එකක්යැ.තියෙන්නෙත් කොළොන්නාවේ ඇල විතරයි.මන් අහලා තියෙනවා අපේ තාත්තලා පුංචිම කාලේ ඔය ඇලේ මිනිස්සු නානවලු.දැන් නම් ඔකේ වැටුනොත් තෙල් තමයි නාන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔය කොලොන්නාවෙ ඇලේ නාපු කතාව මමත් අහලා තියෙනවා. ඕවා දැක්කාම තමයි හිතෙන්නේ "පරිසර අමාත්‍යංශ " තියෙන්නේ අහවල් එකකටදැයි කියා!
      ඉතින් අපිත් කයාක් පදින්නේ ගේ පිළිකණ්නේ නෙවෙයි කොල්ලෝ! අපිත් එලෝ මෙලෝ නැතිව ගිහින් තමයි ගඟක් හොයා ගන්නේ!

      Delete
  5. Maori ones:-

    https://teara.govt.nz/en/object/8180/paddles

    ReplyDelete
    Replies
    1. අපිට කොයිංද මහත්තයෝ මාළු?

      Delete
  6. //සුන්දරත්වයෙන් හෙබි යමක් නැවතිය යුත්තේ එහි වටිනාකමක් නොදන්නා අතක නොව එය මට සිළිටුව මෘදුව එය ස්පර්ශ කල හැකි සුරතකය!

    මෙම කළු ගඟද රැඳී ඇත්තේ තමා හූරා කන්නා නරුමයන් පිරිසක් අතරය!//

    මම හිතන්නේ මේ කියමන කළු ගඟට පමණක් නොවෙයි, ලංකාවේ තියන ලස්සන තැන් හැම එකකටම අදාලයි.

    සමන් දේවාලේ ගාව ඉඳං පැය දෙකක් ආවානම් කිරිඇල්ල කිට්ටුවටවත් ඇවිත්ද කියලා ඊළඟ කොටසින් දැනගන්න පුළුවන් වේවි.
    ස්තුතියි.



    ReplyDelete
    Replies
    1. සත්තකින්ම! ඒ ගැන කියලා වැඩක් නෑ. අපේ රටේ තියෙන ස්වභාවික දේ වෙනත් රටක තිබුනානම්; රටේ මිනිස්සුන්ට රස්සාවක් නොකර නිකං කාලා බීලා ඉන්න තිබුනා; බලන්න එන විදේශිකයින්ගෙ සල්ලි වලින්! ඒත්! මම කැන්ගරු දේශයට ඇවිත් "ගම්බුයා පාක්" උද්‍යානය බලන්න ගියා. ඇත්තටම බලන්න දෙයක් නෑ. ඒත් රටේ බලධරයින් ඒවා පරිස්සම් කරලා අලෙවි කරන හැටි!එතනින් ගියාම ග්‍රේට් ඕෂන් රෝඩ්?

      හරි හරි අපි ඉක්මනින්ම කිරි ඇල්ලට යමු!

      Delete
  7. මහත්මයා, ඕමාන් ගල්ෆ් කලාපීය මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට පසුගිය දා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි අරාබිය සිය ප්‍රතිවාදී ඉරානයට චෝදනා කරනවා කියලා ඔබට ආරංචි ඇති නේද? නාවිකයෙක් වශයෙන් මේ ගැන ඔබගේ අදහස කුමක්ද?

    ReplyDelete
  8. මාත් ආටිචෝක් අල කෑ කෙනෙක්. ඒ කාලේ ඔයිං පඳුරු ගාලක්ම අපේ තාත්තගේ මහගෙදර වත්තෙ තිබුනා. ඒකෙ පොත්ත හෙන තුනී වුනත් සෑහෙන හයියයි.

    අර වගේ කයිවාරු කාරයො ඔය කොතැනත් ඉන්නව. ඒ මිනිස්සුන්ට තමුන්නෙ හිතේ තියෙන බේගල් ටික කියාගන්න කෙනෙක් හම්බවුනහම ඉතිං කියෝනව එපා වෙන්නම.

    ඔරු ගැන කිව්වං මතක් වුනේ. අපි ඔරු කිව්වෙ ඉහත කියාපු අඟුලට. වල්මී ආතගෙ ලඟ තිබ්බා ඔයිං කොල්ලෑ ඔරුවක්. ඒකෙ ඉතිං මිනිස්සු හුඟක් යන්න බෑ.

    ReplyDelete
    Replies
    1. සතුටුයි ආඬිචොක් අලයක් කාපු එකෙක් හරි ඉන්නවා කිව්වාම? ඇත්තටම ඒවා කොහොමද දන්නේ නෑ අපේ මිනිස්සු අමාරුවෙන් වඳ කලේ?
      කොල්ලෑ ඔරුව වේගෙන් පදින්න පුළුවන් අඟුල වගේ නොවෙයි!

      Delete
    2. https://www.simplyrecipes.com/recipes/how_to_cook_and_eat_an_artichoke/

      Delete
  9. Api ahema thami, hariya? (will read and comment proper later)

    ReplyDelete
    Replies
    1. "අපි එහෙම තමයි!" කියන්නේ "වමෙන් ගියත් අපි දකුණේ" කියන එකද විජේභාහු මහත්තයා ? එළ !

      Delete
  10. This article gives clear idea designed for the new users of blogging,
    that truly how to do blogging.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ හෘදයාංගවම නම් බොහොමත්ම ස්තූතියි! නිහතමාණීව සතුටු වෙමි!

      Delete
  11. Api Benthara Gangen eha, hariya? Oheta dan therunada?

    ReplyDelete
    Replies
    1. කඹුරුපිටිය තියෙන්නෙත් ඔය පැත්තෙමද සෑර්?

      Delete
    2. Ow, Mathara, Thihagoda elangata Kamburupitiya, (ehe ohege nadayo innwai?)

      'Me dasa makkatei' kathawa ahala nedda?

      Jokes aside, I still could not read your post properly. I have a bad habit of reading comments before reading the post.

      Delete
  12. ඔය යන ගමං මාළුවෙක් කාරිය බාන්නැද්ද. :-) සෑහෙන කාලෙකිං ගොඩ වැදුණෙ

    ReplyDelete
    Replies
    1. අනේ මහේෂ් මල්ලි මම පර පන නැසීමෙන් සර්ව සම්පූර්ණයෙන්ම ඉවත්වූ කෙනෙක්. ඒ අපායෙ යන්න තියෙන බයටනම් නොවේ. මේ මිහිමඬල මත ජීවත්වන සෑම කුරා කුහුඹුවෙකුටම ජීවත් වීමේ ඇති පරම අයිතිය සුරකිනු වස්! එසේම ගහ කොල, ඇල දොළ සියල්ල සුරකිමින් තමයි මේ හැම දේම කරණ්නේ!

      Delete
  13. "මෙම කළු ගඟද රැඳී ඇත්තේ තමා හූරා කන්නා නරුමයන් පිරිසක් අතරය!"

    ඔබගේ මේ වචන කොතරම් වේදනාකාරී ද. පරිසරයේම කුඩා කොටසක් වන මීනිසා පරිසරය කොතරම් සාහසික ලෙස භාවිතා කර ඇති ද .

    ගංගාවක් ගලන්නේ අවට පරිසරය කොතරම් සරු කරගෙන ද ? මිනිසුන් අද ගැන පමණක් සිතා කටයුතු කිරීමේ ප්‍රතිපල මිනිසා විසින්ම පසු කාලීනව බුක්ති විදිනවා ඇත.

    හැමදාම වගේ අගෙයි ඔබේ සටහන .

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම මල්ලී ගමනේ සතුටට වඩා හිත පිරිලා තියෙන්නේ පරිසර විනාෂය දැක පුපුරු ගැසූ හිතේ දැඩි දුක් බර මතකයෙන්! බොහොමත්ම ස්තූතියි!

      Delete
  14. Replies
    1. බුදු මල්ලියේ. කවදාද උඹ ඔය කෙහෙම්මලට හිංගල අකුරු ටිකක් වක්කර ගන්නේ?

      Delete
  15. අපිත් ආවා තට්ටයාගේ ලෝකේ බලන්න

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ!!!!!! කොහොම උනත් ස්තූතියි! එකසිය ගානට!!!

      Delete
  16. ලස්සන මතක එකතුවක් ලස්සනට ලියලා..

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම එය සුන්දර මතකයක්ම තමයි! ජීවිතය කියන්නේ මතකයන් එක් කොට තැනූ ගෙත්තමක්. ඔබ හිතන්න බීරළු රේන්දයක් මැද්දට තනින් තැනට එක් කල කුඩා නෙක වන් පබළු කැට ! ඒ වගේ තමයි මේ විචිත්‍ර මතක!

      Delete
  17. WijebahuJune 21, 2019 at 10:03 AM
    Mun denna bath kanna kiyala baduwak passewath giyada?

    As usual good to read about the trip (well, little about the trip and more nonsense)

    I have not read about Mahaweli trip, sounds like a must read. I remember the fist time I saw Mahaweli river near Mahiyangana Raja Maha Viharaya, I must have been about 4 years, my father told me this is Mahaweli and longest river in SL.

    Beruwala is not South, yes on the way to South. South is beyond Benthara river, hariya. Fiber boats being dump in the river is a real sad story.

    Asking direction from strangers, I was in Colombo last December, friend of mine in AUS ask me to donate 10 lunch packets in front of St Anthony's church Kochchikede. I went there about 11am, it was bit early to find lunch packets near by. I ask one man where to find lunch packets, he ask me to follow him (I thought he is going to point me to a shop) Then he pointed me to a 3 wheeler ask me to get in, I said I want lunch packets, he said yes we have to go in this, I ask him to go to hell (nicely) and walked bit towards the Kovil and found a shop to buy lunch packets.

    Yako, wine store eka thiyene map eke, bath kade nadda? Umbala nam puduma gan karayo thami. Phone eke Google deviyo nadda?

    I have never heard about Artichoke in SL, what we have here is more like 'Kehel Muwa' not potato.

    Badu ballana, ne bath kanna giya denna awai?


    Thattayagekolama: 11.50 AM
    පිළිතුර

    කියන්නත් බෑ. හැබැයි මුන් දෙන්නගෙ ඩයල් දෙකේ හැටියට පස්සෙන් ගියා කියා මිසක් ඉස්සරහින් ගියා කියලානම් හිතන්න බැරිය!

    සත්තකින්ම දකුණ පටන් ගන්නේ බෙන්තර ගඟෙන් ඉක්බිතිවය. එහෙත් බේරුවල පොල් රුප්පාවේද "දකුණේ ඌෂ්නය" යම් දුරකට ගැබ්වී පවතී. (එහෙම නේද?)

    ඇත්තටම අපි කාගෙන් හරි උදවාක් ඉල්ලුව සැණින් ඌ බලන්නේ අපෙන් මොකක්ද ඩැහැගන්න පුළුවන් කියලා! පලපුරුද්දෙන් මේ කියන්නේ; කෑම්පින් කරණ්න තැනක් ඇහුවොත් බලන්නේ රෑට අපි ගාව තියෙන අරක්කු ටිකට කෙළින්න!

    නෑ නෑ බත් කඩත් තියෙනවා. බත් නම් මොනවා කරණ්න බැරිද? කාගෙන් හරි ඉල්ලං කන්න හරි බැරියැ! ඒ වගේද වයින්?

    ගූගල් තිබුනාට ෆෝන් එලියට ගන්න බෑ බොහෝ තැන් වලදී. අනික ඉලෙක්ට්‍රොනික් ඩිවයිසස් වලට වඩා; විශ්වාසය අතින් මැප් එක පහසුයි,විශ්වාසදායකයි, මත යැපීමට ඇති හැකියාව ඉහලයි!

    ආඬිචොක් කියන්නේ කුඩා අල ප්‍රබේධයක් ලෙල්ලක්/ පොත්තක් සහිත; සුදු පැහැති!

    පොඩ්ඩක් ඉන්නකෝ මම කොයි ලෝකෙන් හරි අල ගෙඩියක් හොයලා පින්තූරයක් දාන්නම්.
    ස්තූතියි හැමදා වගේම!

    ReplyDelete
  18. චා චා.. පරක්කු උනානේ එනකොට.. කොහෙද අර ගෑනු ළමයෙක් අරෙහෙ පැටලිලා කරදරේක. ඒක ටිකක් එහෙට්ට මෙහෙට්ට කරන්න වෙලා ගියා. ආයෙමත් කරදරේක වැටිලානේ.. මම මේ කිව්වේ මම ලියාගෙන යන කතාව ගැන ( මා + කටින් කලේ! ඇවිත් කියවයි කියල..)

    පැද්දා පැද්දා පැද්දා කියනවට වඩා ලොකු සාරයක් තියෙන්න ලියලා. මට මතකයි මම කලින් දැක්කා වගේ ( ඔබේ පලවෙනි කොටසේදී) මේ ගමනම දවස් දෙකෙන් ගියපු කෙනෙක් ගැන අනුවර්තනයක්/පරිවර්තනයක් තිබ්බ. ඒකත් යම් පමණකට රචකයා/සංචාරකයා මේ වගේ කාරනා මතුකරලා තිබුනා වගේ මතකයි. නමුත් මේ තරම් ගැම්මෙන් ලියවිලා නොතිබ්බ නිසා වෙන්න ඇති මේ ලිවීමේදී දැනුන 'අපේ දුක' වෙනස්.

    ඔක්කොමත් හරි, අර තෙත පිටින් කයාක් එකේ පස්ස තියන්න වෙනවා කියනකොට නම් හම්මියෝ කියවෙනවා

    ReplyDelete
    Replies
    1. මම කොර වෙලා හිටියා ගෑනු ලමයෙකු ගේ කරදරයක් කිව්වාම? මේ මධුලිකා ලමය ගැන නේද?

      මගේ මතකයේ හැටියට ඔවුනුත් ගිහින් තියෙන්නේ දින තුනකින්.

      මට මේ වෙලාවෙ මතක් වෙන්නේ වරක් චන්ද්‍රිකා සිරිවර්ධන නම් ගායිකාව සමග මා කල "විරෝධාකල්ප ගීතයෙන් සිදුවන කිසියම් සමාජ මෙහෙවරක් වේද?" යන මැයෙන් කල සාකච්ඡාවකදී ඇය කල ප්‍රකාශයක්. "මිනිස්සුත් පව්! ඉතිං ආණ්ඩුවත් පව් නේ!?"
      ඔය වගේම මිනිසුන්ගේ අතින් දූෂනය වන ගඟ සේම; ජීවිතය සරි කර ගන්නට ඒ මිනිසුන් ගන්නා අප්‍රමාණ දුක් කන්දරාව දැක්කාම මේ දෙපාර්ෂවයම ඉන්නේ දුකක කියලයි හිතෙන්නේ!

      අපි පෙළඹෙන්නේ වඩාත්ම අපට සුදුසු තැනින් පාර පනින කහ ඉරක් ඇඳ ඊට මිනිසුන්ව යොමු කරවන්න. ඒත් විය යුත්තේ මිනිසුන් පාර පනින්නට වඩාත්ම නැඹුරු ස්ථානයේ කහ ඉරක් ඇඳීම කියලයි මම නම් හිතන්නේ.
      මෙය තරමක ආන්දෝලනාත්මක ප්‍රකාශයක් යැයි ඔබට සිතේවි.ඔබ මේක ආදේශ කර බලන්න අලි මංකඩක් වෙතට. ඔවුන්ගේ පාරම්පරික ගම්බිම් මිනිසුන් ආක්‍රමණය කරලා; ඒ වෙනුවට අපිට අතහැර දමන්නට ඇති ඉඩ කඩක් අලින්ට දෙනවා. ඒක කිසිදිනෙක සාර්ථක වේවි යැයි ඔබ සිතනවාද?

      මේ කාරණය මා මේ ගන්නෙ දූෂණයට ගලපා ගන්නේ ඒ මිනිසුන්ට වඩාත් යහපත් ජීවන රටාවක්, ජීවත් වීමේ ක්‍රමවේධයක් ලබා දුන හොත් ඔවුන් සීතල වතුරේ උදෙ ඉඳන් රෑ වෙනතුරා කට්ට කන මේ ජොබ් එක අත හැර දමාවි.

      ඒ කන කට්ටේ හැටියන පශ්චාත් භාගය තෙමෙන එකත් වැඩක්ද නෝනෙ?

      Delete
  19. පසිඳුවෝ, අනේ ඉතින් අපි හාවෝ නේ........ අනික් දවසේ ඉත්තෑවා ගෙදර තියලා යන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අඩෝ නරි කොල්ලනි! මා කිසි දිනෙක කිසිවෙකු හට ඉත්තෑවෙකු වී නොමැත; බලාසිටින වුන් හට ඉත්තෑවෙකු සිටින්නා සේ සිතෙන වැඩ කලාට!

      Delete
    2. හරි හරි ඉතින්, කේන්ති ගන්න එපා. ඔය වයසට හොඳ නැ ...

      Delete
  20. අපොයි... ගඟට වෙලා තියෙන දේ දැක්කම බොහොම කණගාටුයි.

    උඩට ගිය දෙන්න පල්ලෙහ දෙන්නව අමතක කරල කොටාබානවද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම ඒක හරිම කණගාටුදායකයි!

      කියන්නත් බෑ උන් බත් කාලා කොහේ හරි දොයි ද දන්නෙත් නෑ!

      Delete
  21. මම ගිය සැරේ පොස්ට් එකටත් ආවද කොහොද? උබ බ්ලොග් කෙමෙන්ට් වල දකිනවට වඩා සුන්දර මිනිහේක්....
    උබ ප්‍රා ට කිව්වා වගේ අපිට කොහේන්ද බන් මාලු...උබලා ලියන මේ වගේ සුන්දර ගමන් හිතින් යනවා මිසක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොහොමත්ම මෙන්ඩා!
      ඔබ මාව හඳුන්වා ඇත්තේ මා වඩාත්ම සතුටු ආකාරයට!
      මම එහෙමමද කිඅන්න මම දන්නේ නෑ.
      ඒත් මා උත්සහ කරණ්නේ මගේ සොහොන් කොත මත "මෙහි නිදන්නේ අතිශය සුන්දර මිනිහෙක්!" කියන වැකිය ලියා තබන්නට හිතෙන ආකාරයට මෙන්ඩා!

      සොයිසා පුර මහල් නිවාස වල ඔබේ අක් මුල් වෙත්ද?

      Delete
    2. දන්නේ නැහැ බන්...අපේ ගම ජාඇල උදම්මිට...ඒත් තාත්තා මැරුනට පස්සේ ගම සමග තියන සියලු සම්බන්දතාවය අතෑරලා දාලා තියේන්නේ...අර කතාවට කියන්නේ ඉලව් මගුල් නැහැ කියලා අන්න එහම එකක්...
      මට උබ දැනුනේ එහමයි බන් මට හිතට දැනුන දේ ලිව්වා..ඇත්තටම උබ සුන්දර මනුස්සෙයේක්....උබව දැක්කේ නැති උනාට කතා කරේ නැති උනාට උබ හිතන විදෙහේන් මට දැනෙනවා උබ ඇතුලේ ඉන්න කෙනා එහම්ය් කියලා

      Delete
  22. මෙදා පාරත් මම පරක්කුයි. බොග දාන අය අඩු නිසා දැන් සතියට පාරක් දෙකක් තමයි මේක බලන්නෙ.

    ගගට වෙලා තියන අපරාදෙනම් බලන්නත් දුකයි අයියන්ඩි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම ඒත් බැලුවා උඹ නැත්තේ මොකෝ කියලා!? මට නම් හිතෙන්නේ දැන් බ්ලොග් ලියන අය වැඩිපුර ලියනවා කියලයි!

      Delete
  23. මාත් ඔයත් එක්කම ගමන ගියා වගේ අයියේ....

    ReplyDelete
    Replies
    1. ඔව් මම උත්සාහ කරණ්නෙ ඔයාලවත් එක්කම යන්න තමයි! ස්තූතියි බොහොමත්ම!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...