Thursday, March 14, 2019

129. කළු ගඟ දිගේ . . . . . . !


1870 දී කළු ගඟ - රත්නපුර


 "තල් අරණ . . . !" නිමා වූයේ තරමක දුකකුත් සිතට එක් කරමින්.

ජීවිතේට ආසාවට අකුරු 5 ක් කොටලා කොමෙන්ට් නොකලාට හමූනාම එහෙම නැත්නම් දූරකථනයෙන් අමතා "මොනවද මේ ලියන මගුල් . . ?" කියා ඇඟේ වදින්න කමෙන්ට් කරණ එවුන් දෙතුන් දෙනා කිව්වෙත් "උඹේ ඇඩ්වෙන්චර් එක පට්ට ට්‍රැජඩියක්නෙ බං !" කියලා. (ඇනෝපිලිස්ද දැන් ටික කලක සිට වැටී ඇත්තේ මේ කැටගරියටමය!)

ඒකට හේතුව මා හිතන විදියට ලියපු දේ වත් ලියපු විදියේ වත් වරදක් නෙවෙයි.

මොකද එකෙක් අතින් කියවුනා හරිම කතාව.

 "උඹේ සයිකල් ටුවර් එක ඉවර උනාම දැනුනේ අර පොඩි කාලේ ඉස්කෝලෙ නිවාඩුවට ලොකු අම්මලාගේ ගෙදර ගිහින් ආතල් එකේ ඉන්න කොට නිවාඩුව ඉවර වෙන්න දවසක් තියෙද්දි අපිව එක්කන් යන්න අම්මා ආවාම දැනෙන්නේ ? ආන්න ඒ වගේ ෆීලින්ග් එකක්!"


ඒක කියවපු භවතුන්ට වගේම මටත් දැනුනු එකක්.

පෝස්ට් එක පබ්ලිශ් කරලා බ්ලොග් එකේ ටිකක් කිමිදෙන කොට තමයි තේරුණේ ඇත්තටම මගේ හොබී එක මම අවුරුදු ගානකින් කරලා නැති බව.

ඔව් කයාකින්! ඒක තමයි මගේ අංක එකේ හොබී එක!
මහවැළි ගිහින් අවුරුදු ගනනාවක් ගෙවිලා!
ඒ පෝස්ට් එක කියවද්දි හිතට දැනෙන ජීවය! ජවාධික බව!!

මම එවෙලේම ගත්තා ඇමතුමක් පසිඳුට!

"කියන්න අයියේ . . . මොකක්ද සීන් එක . . . ?"

"මල්ලි මට හිතුනා කලු ගඟේ යන්න රත්නපුරේ ඉඳන් කළුතරට! මොකද කියන්නේ ?


"එළනේ . . ! කවද්ද යන්නෙ . . ?"


"හිටපං මම තෙශාට කතා කරලා කියන්නම්!"


"එළ . . . !"


රිසීවරය අත තබා ගෙනම   තෙශාන්ත ඇමතූවෙමි.

"කීයපං ! කොහෙද යකෝ උඹ හිටියේ . . ?" ඒ තෙශාන්ත මුල්කිරිගලගේ ගෞරවණීය ඇමතීම්ය!

"වැඩ බං! ඒක නෙවේ මගේ අදහසක් තියෙනවා රත්නපුරේ ඉඳන් කළුතරට කළු ගඟේ යන්න. මොකද කියන්නේ . .  ?"


"යමු ! කවුද යන්නේ තව? පසියට කතා කලාද?


"ඔව් මචං උඹයි මායි පසියයි තව එකයි. ඒකට බලහං වනජීවී එකේ අලි පන්නන මෛත්‍රියව! මම ඌට කැමතියි . . !


"ඌ එන එකක් නෑ ! ඌට කොල්ලෙක් හම්බුනා දැන් මාසෙකට විතර කලින් . ! කොයි එකටත් මම ඌට කතා කරලා උඹට මන්ඩේට  අප්ඩේට් එකක් දෙන්නම් "


"හරි මචං  පොඩ්ඩක් ට්‍රයි එකක් දියං ඌව ගන්න. . !"


"කිව්වොත් නං එන්න ඕන තරම් ඉන්නවා. ඒත් උන් එකෙක් වත් මෙලෝ රහක් නෑ. අනික උඹේ හැටිත් මං නොදන්නවෑ . . . !? හැබැයි යන මගුලක ඉක්මනට යමං ! 

එන පෝයට සිරීපාදෙට වැස්සොත් මෙහේ වතුර වැඩි වෙයි සූස් ගාන කොට . . ."

"එළ . . තෙශා උඹ ට තියෙන්නේ අරූව සෙට් කරගන්න බලන එකයි ගඟ දිගේ ගූගල් මැප්ස් වලින් ගිහිල්ලා බලන එකයි !"


"ඕකේ මචං . 
බං! බං!! බං!!" (ඒ තෙශා 'Bye'  කියන හැටිය!)

එතැන් සිට ගමන ගැන සොයා බැලීම හා සෙමෙන් සෙමෙන් පිඹුරුපත සැක සීම මා වෙතින් සිදු වන්නට විය.
අන්තර්ජාලයේ සැරිසරණ විට මාහට අප මේ යන්නට යන ගමනමීට කලකට පෙර ගිය පුවතක් සොයා ගැනීමට හැකිවිය.
දක්වා තිබුනේ thinkworth.wordpress.com බ්ලොග් අඩවියේය.
 එය එල්මෝ ජයවර්ධන නම් වූ ගුවන් නියමුවා හා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හී ජීවත් වන සොලිසිටර් වරයෙකු විසින් ලද අත් දැකීමක් විය.  එල්මෝ ජයවර්ධනයන් විසින් ලියන ලද "This and that" නම් පොතේ පරිච්ඡේදයක් මෙසේ එහි උපුටා දක්වා තිබුනි.


ThinkWorth


3/10/2019    
                                                                       
Canoeing down the Kalu Ganga
The trip had been on my mind. The trick was to find a matching dullard to come along. Wild goose chasers these days are hard to come by. Ananda came from far, all the way from Melbourne. Left his legal paraphernalia and pleaded guilty to join me in canoeing down the beautiful Kalu Ganga, from Ratnapura to Kalutara.
Forget the planning. There is no planning. Our lives are too full of plans to carry it to the river. This one was pure spasmodic, take it as it comes stuff. The boat was there, the lovable SOLITAIRE. We were ready; Ana Jayasinghe and I, and the Kalu Ganga would surely flow. That’s all you need to melody moonbeams.
It would take three days, that’s what I reckoned. In age, Ana and I added to a fair amount over hundred years. He’s never canoed before, but he runs full marathons. Knew what discipline was. That’s what you need in the river, a plodder who will hang in there when the going got rough. The days would surely crawl from tiring to very tiring. We would stop two nights. Friends would put us up.
Then, there was Hemal, the support man, who would follow us by van. We were no Robinson Crusoes. A touch of civilization was a must, especially considering how young we were. It was a mandatory ruling given by the family tree, from every single branch.
Day one was from Ratnapura to Kiriella. I do not know what the river distance is, but it is a lot more than by road. Kalu Ganga meanders all the time. Three hours of steady rowing, from three to six in the evening, brought us to Kiriella. Out there, the river is narrow and it jangles fast, makes it a bit rough, but easy paddling for old shoulder blades. Ana, the novice, tested out well. We packed the boat ashore, and went back to stay the night at Ratnapura.
The next morning we started out early. By seven we were in the river. The idea was to go as far as possible, to lighten the third day. It was beautiful. Words do fail me in my best a empt to describe. How can I punch bu ons on a thinkpad and relate something I feel deep inside. I’ll try. The Kalu Ganga flows, misted in the middle, and the far banks filled with flora in all shades of green. From the beginning it is a well-laid buffet for the eyes. It is serene and silent. Only the birdcalls disturb the quietness. The skies put out a sheet of blue, dappled with various shapes of white clouds, dots of cirrus and dashes of stratus. The wind blows, soothing the soul. The world stands still as we row, just as nature intended.
We came from Kiriella passing Pahala Dumbara, Bodinagala, and Bulathsinhala, to the bridge across the Horana Govinna road. 3 hours 50 minutes. We had breakfast on the riverbank, a feast of hoppers and bananas. Took a few breaks, and came to the bridge by noon. We carried the boat under the bridge. The jaggard rocks there, are for Rambo types, certainly not for two ancient pelicans. From the bridge we rowed to Veherawa a, Kotapotha, Narathupana and Thebuwana. Kotapotha was the best I saw. We bathed in natural granite bath-tubs, installed on the river by the gods themselves, where the water jacoozeed around you. Smoked a cigar and talked of life. We both agreed we couldn’t change our lots, too many responsibilities. The lawyer and the aeroplane driver would remain. Too far ingrained. But, we sure were thankful for this interval.
Thebuwana was a stop for lunch. We ate two packets of rice and rested on a sand bank under a bo tree. It is the people you meet that give the varnish to the trip. A kind woman, living with her two small children in a shanty, gave us plain tea. The boatmen, the river dobbins making their meagre living, were ever so friendly. We stopped and cha ed. Broke their monotony, ours too. They wished us well, we wished back for the fish to bite, hello and good-bye. The best were the sand collectors we met, or should I say the saddest. Jayantha is 29. He dives and digs sand from the riverbed. Only job available, works from 6 to 6. Makes 150-200 rupees. Starts the day with a gulp of moonshine and continues to warm himself from the brew all day long. “Otherwise too cold” he tells me. End the day with a full bo le, pauperized ecstasy of the poor. He is not the odd one. It is the norm among the sand diggers. No solution. No way out, perpetual penance in the concert of the downtrodden. The names of the actors did alter, but never the parts.
At times, in life, such moonbeam melodies do make a difference. From Thebuwana we rowed to Galapatha, a pleasant afternoon’s work. It was six again when we came ashore. Total rowing time for the day; 8 hrs and 40 minutes, only three more hours to Kalutara. The next day was the grand finale. The river gets wide after Galapatha and there is hardly a flow, hard work for worn old muscles. SOLITAIRE moved along, as graceful as ever. Our paddles dipped, and our hearts sang, as we inched our way to the destination. We came around the last bend and there loomed in all its majesty, the shining white dagoba of the Kalutara Pansala. It is a sight to remember, the two bridges linking the banks, the sea in the far horizon, and the temple dominating a clear blue sky.
The wild goose chase was over. “Oru Ana” packed his bags and flew off to Melbourne, to yell in his courtroom, whilst I crept back to my flight deck to drive aeroplanes. But we treasure the remembrance. We’ll surely take some moments and think of Solitaire and the Kalu Ganga, the journey, the people, the totality, all adding to the beauty and serenity of a distant world. We certainly will be thankful for the li le intermission. A break from our daily drudgery, to sing our hearts on an odyssey, that others possibly may call eccentric and absurd.                                                                                                                                                                                                                             https://thinkworth.wordpress.com/2017/09/16/canoeing-down-the-kalu-ganga/

මේ ඉහත පුවත මගේ හදවත මා හට දැක්වූ අයුරු :


       ඔරු කඳෙක - කළු ගඟේ . . . . . . . !
මේ චාරිකාව මාගේ සිත තුල කාලයක් තිස්සේ පැවති එකකි. අඩුව පැවතුනේ වුයේ ඊට ගැලපෙන තත්වයේ මෝඩයින් කිහිපදෙනෙකි. එවන් එකතුවක් ඇතිකරගැන්ම තරමක අපහසු කරුණක්ව පැවතියද, මෙල්බර්න්හි සිට මග ගෙවාගෙන ආනන්ද පැමිණියේය. මා කෙරෙහි ඇතුවූ අනුකම්පාව නිසාදෝ ඔහු සිය නීතිමය ආම්පන්න සියල්ල පසෙකලා මා සමඟ සොඳුරු කළු ගඟේ යාත්‍රා කරන්නට පැමිණ සිටියේය.

සැලසුම් පසෙක ලා අප සෘජුවම කාර්යයට අවතීර්ණ වූයෙමු. අපගේ ජිවිතයේ බොහෝ දේ අප සැලසුම් කරමින්ම ගතකිරීම, ගඟකට අනුචිතයයි සිතුවෙමු. මෙය පරිපුර්ණ වශයෙන්ම අහම්බයෙන් සිදුවන යමක් ලෙසටම අවශෝෂණය වන්නට ඉඩ හල යුතුය. ආදරණිය බෝට්ටුවකුත්, ආනන්ද ජයසිංහ යන ගමන් සගයාත් මමත්, සහ නිසැකයෙන්ම ගලාබසින කළු ගඟත් යන මේ සියල්ලම අප සතු විය. සඳකිරණ සමඟ සැනහෙන්නට තවත් දේවල් කුමකටද?

ගණනය කල පරිද්දෙන්, එය දින තුනක චාරිකාවකි. එය අනාටත්, මටත් ; අපගේ වයසට සෑහෙන ප්‍රමාණයකි. ඔහු මිට ප්‍රථමයෙන් ඔරු පැද නැතත්, දිගු දුර ධාවකයෙක් ලෙස විනය ගැන මනාව අවබෝධයෙන් සිටින අයෙකි. රළු පරොළු ගඟකදී , ඔබට අවශ්‍ය වන්නේ එවන් ඉවසීමක්; සංයමයක් සහ විනයක් ඇති දරාසිටින සගයෙකි. දිනෙන් දින ගතවී අපගේ කායශක්තිය අප  ගිලිහෙද්දී අවශ්‍ය වන්නේ මානසික ශක්තිය ලබාදෙන මිතුරෙකි.

අපගේ උපකාරක මිතුරා ; හේමාල් ; අපහා සමව වෑන් රථයකින් ගමන් කිරීමට නියමිතව තිබිණි. අප රොබින්සන් කෘසෝ වන්නට අවැසි නොවුයේ, අපගේ වයස සලකා බැලුවිට යම් පමණකට මිනිස් රැකවරණයක් තිබියයුතු හෙයිනි. එය අපගේ නිවෙස් තුලින් පවා සැමවිටම තදින් ලබාදුන් අවවාදයක් ලෙසද කිව හැකිය.

ප්‍රථම දිනය නියමිතව තිබුනේ රත්නපුර සිට කිරිඇල්ල දක්වාය. ගඟේ දුර ප්‍රමාණය ගැන අවබෝධයක් නැතත්, එය මාර්ගයෙහි සටහන්වන දුරට වඩා දීර්ඝ බව නම් අවිවාදයකි. නිතර වක්වී ගලා යන කළු ගඟ ඔස්සේ, උදෑසන සිට පැය තුනක් තිස්සේ එක හුස්මටත්, සවස තුනේ සිට හය දක්වා කරනලද ඔරු පැදීම විසින් අපව කිරිඇල්ල වෙත සේන්දු කරවනලදී. එම කොටස පටු සහ ඝෝෂාකාරී බැවින් රළු වුවද පැදීම අපහසු නොවිය. ආධුනික අනා විසින් සතුටුදායක ප්‍රගතියක් පෙන්නුම් කරද්දී, බෝට්ටුව ලැහැබේ සුරක්ෂිත කොට දවසේ අවසානය සනිටුහන් කරමින් රය පහන් කිරීම සඳහා අපි නැවතත් රත්පුරය බලා ගමන් ඇරඹුවෙමු.


පසුදින උදෑසන අපි කලින්ම ආරම්භය ලබාගතිමු. උදෑසන හතේ කණිසමට ගඟ කරා පැමිණි අපගේ අරමුණ වුයේ , තුන්වන දිනයේ වැඩි ප්‍රථිපල සඳහා හැකි උපරිම දුරක් ගමන් කිරීමයි. උදෑසන අතිශය රමණිය විය. ඒ දර්ශනය විස්තර කරන්නට තරම් අනුකුල වචන මා සතුව නැත. තින්ක් පෑඩ් එකක බොත්තම් තුලින් ඔබමින් හද පතුලට දැනෙන එවන් හැඟීමක් විස්තර කිරීම උගහටය. නමුත් උත්සහ කල හැකිය. ගංගාවේ මධ්‍යයෙහි මිහිදුම් සළුව දරමින් ,දෙපස නිල්තණ අතරින් පතර මලින් ගවසා කළු  ගඟ කෝමල ලෙස ගලාහැලෙයි. ඒ දසුන ඇසට මිහිරිතම රස අඳුනකි. නිශ්චල , හදවත සනහාලන පරිසරය කුරුළු කුජනයෙන් දෙසවන් පිනවා දීප්තිමත් අහස පුරවා ඇති වලාකුළු වල අළුපැහැති රටාවන් නෙතට ගෙන ආවේ සුබ දසුනක්මැයි! අප ගත පිසගෙන හමාගිය සුළඟ ගත සිත සනහාලයි. මුළු ලොවම නිශ්චලව අප දෙස බලාසිටින්නා සේ මට දැනුනි, සොබාදහමේ අරුමය එයයි.

කිරි ඇල්ලෙන් පිටත් වූ අපි පහළදුම්බර , බෝධිනාගල සහ බුලත්සිංහල පසුකොට හොරණ ගොවින්න මාග්රය හරහා වැටුන පාලම තෙක් පැමිණියෙමු. එය පැය තුනකුත් විනාඩි 50 ක කාලයකි. ගං ඉවුරේ පසෙක සිට ආප්ප සහ කෙසෙල්ගෙඩි වලින් උදෑසන ආහාරය සප්පායම් වූ අපි මද විවේකයකින් අනතුරුව දහවල් වනවිට පාලම කරා ළඟා වුනෙමු. අප වැනි වයෝවෘධ කුරුල්ලන්ට නොහොබිනා තරම් විසල් ගල් වලින් එම මාර්ගය ගහන වුවත් , ඒ අතුරෙන් ඇති දුෂ්කර මාර්ගය ඔස්සේ අපි බෝට්ටුව අනෙක් පසට රැගෙන ගියෙමු. එතැන්සිට අප පිලිවෙලින් වෙහෙරවත්ත , කොටපොත , නරතුපන හරහා තෙබුවන වෙත පිවිසුනෙමු. වඩාත්ම මා සිත්ගත්තේ කොටපොතයි. එහි වූ ස්වභාවිකව තැනුන ශෛලමය නාන තටාංක වල බැස සිත්සේ ගත සම්බාහනය කරවා ගන්නට අවසරය ලදින් එය කෙටි දුම් පානයක් සමග බද්ධව ජීවිතය ගැන සිතමින් කෙරුණු මිතුරු කතාබහක් දක්වාම ඇදී ගියේය. අප දෙදෙනාටම වෙනස් කරන්නට කියා යමක් නොමැති බවත් තවදුරටත් ලොකු කෝට්බෑ කාරයෙක් සහ ගුවන්යානා රියදුරෙක් ලෙස ඉතිරි කාලය ගතකරන්නට තරම් අපහා වගකීම් බද්ධව පවතින බව අවබෝධ කොට ගතිමු. සියල්ල ස්ථාපිතය, එබැවින් අපට ලැබුන මේ කෙටි සුන්දර විවේකයට අපි වඩාත් ස්තුතිවන්ත වීමු.

දහවල් ආහාරය සඳහා තෙබුවන නතර වීමු. බත් පාර්සල් දෙකකින් කුසගිනි නිවාගත් අපි, සිසිල් බෝ සෙවනක අතුරන ලද වැලි තලාවක සැතපුනෙමු. අපගේ මේ ගමන ඔපකල, සිය කුඩා දරුවන් දෙදෙනා සමඟ අතුපැලක සිය දිවිය ගෙනියන කරුණාවන්ත ගැහැණියක විසින් අපට කහට පිළිගන්වන ලදී. සිය ජීවිකාව ලෙස ඔරුකරුවකුව ගෙවනා මිනිසුන් සැමවිටම සුහදශීලි වුහ. ඔවුන්ගේත් අපේත් සාංකාව එයින් නිවී ගියේය. ඔවුන් සැමවිටම අපට සුභ පැතු අතර අපද පෙරලා ආචාර කළෙමු. වඩාත්ම හොඳ හෝ දුක්බරද කියා එකවරම කිව නොහැකි වැලි ගොඩ දමන්නන් මා සිත් ගත බව සැබෑය. උදෑසන 6 සිට සවස 6 දක්වා රාජකාරියේ නියුතු , වයස අවුරුදු 29 ක් වූ ජයන්ත, ගංපතුලෙන් වැලි ගොඩදමන්නෙකි. තිබෙන එකම රැකියාව එය වන අතර දිනකට රුපියල් 150- 200 ක් උපයයි. කසිප්පු වඩියකින් ඇරඹෙන මුළු දිනයේ, දවස පුරා උණුසුම්ව සිටීමට ඔහුට අවැසි සහනය ලබාදෙයි. "නැතිනම් හරි සීතලයි" , ඔහු මට පවසයි. දිනය අවසන් වන්නේද තවත් කසිප්පු බෝතලයකිනි. දිළිඳු බවේ ප්‍රමෝදය! මෙම කතාව වැලි ගොඩදමන සියල්ලන්ගේම පොදු කතාව මිස ,ඔහුට පමණක් ලඝු කොට දැක්විය නොහැකිය. පිඩිත ජනයාගේ නිරන්තර ජිවන රගලය එලෙසය. නළුවන්ගේ නම වෙනස් වුවද, සියල්ලන්ගේම භූමිකාව එයයි.

ජිවිතයේ යම් යම් අවස්තාවන් වලදී එවැනි අත්දැකීමක් අප අවදිකරවන්නට සමත්වෙයි. එතැන් පටන් අප තෙබුවන සිට ගලපාත දෙසට පැද ගියෙමු, එය සොඳුරු සන්ධ්‍යාවක්ම විය. ගඟ ඉවිරට සේන්දුවන විට සවස හය පමණ වන්නට ඇත. මුළු දිනය පුරා අප පැය අටකුත් විනාඩි විස්සක කාලයක් පුරා පැදගොස් සිටියෙමු. කළුතරට ඇත්තේ තව හෝරා තුනක කාලයකි. අපගේ අවසාන මහා අභියෝගය නියමිතව තිබුනේ පසුදිනටය. ගලපාත පසුවනවාත් සමඟම ගඟ පළලින් වැඩි වී තිබුණු අතර ගැලීමක් නොමැති තරම් විය. අපගේ පැරණි ගෙවුණු මස්පිඩු වලට යම් තරමක භාරධුර රාජකාරියක් විය. බෝට්ටුව සුපුරුදු සුහදතාවයෙන් අප හා බැඳී සිටී. ගමනාන්තය කරා යන අපගේ හබල්ගෑම ගැඹුරුය, හද ගැස්ම තියුනුය. අවසන් වංගුව පසුකරද්දී, කිරි පැහැයෙන් බැබලි ඈතින් විරාජමානව වැඩසිටින කළුතර දාගැබ දර්ශනය වන්නට විය. පාලම ද්විත්වය එකිනෙක යාවෙන , ඈතින් පෙනෙන මුහුදු තිරයේ උත්කර්ෂවත් දර්ශන තලයට නිල්පැහැති අහස්කුස අරා විරාජමානව සිටින දාගැබ කිසිදා අමතක නොවන දසුනකි.

අපගේ වික්‍රමාන්විතය අවසන්ය. ඔරු අනා සිය සමන් මලුත් පටවාගෙන මෙල්බර්න් හි ඔහුගේ උසාවියට පියඹා ගිය අතර, මම මගේ ගුවන් යාන ආසනයට රිංගාගතිමි. නමුදු අපට මහත්වූ මතක ගබඩාවක් සුරක්ෂිත කරගතිමු. සුන්දර කළු ගඟත්, අපගේ ගමනත්, හමුවූ; කතා කල මිනිසුනුත්, අපගේ ආදරණිය ඔරු සගයාත්, මේ සියල්ලම අපෙන් වෙනස්වූ, හුදකලා ලොවකට අපව රැගෙන ගිය බව යම් මොහොතකදී අපට නැවත නැවතත් සිහිපත්කල හැක. සැබවින්ම අප ලද මේ විවේකයට බෙහෙවින්ම ස්තුතිවන්ත වන්නෙමු. වෙහෙසකර දෛනික රාජකාරි අතරින්, හදවත ත්‍රාසයෙන් පුරවාලන, මෙවන් ක්‍රියාවන් තවත් අයෙකුට විකාර සහ අත්භූත වීම නොරහසකි.
 


මා අතින් කෙමෙන් කෙමෙන් ගමනේ යටි වියමන සැකසෙද්දී මා සමග එක්ව සේවය කරණ  රුෂාන් ගමගේ මිතුරා දිනක් උදෑසන මා හමුවට පැමිණියේ පොතක්ද අතැතිවය.
ඒ නෝබට් අයගමගේ විසින් ලියැවුනු 2014 රාජ්‍ය සාහිත්‍ය සම්මානිත නවකතාව වූ  "කාල නදී ගලා බසී " කෘථියයි.

"ඔයා ඔය ගමන යන්නට කලින් මේ පොතත් කියවලාම යන්න. පොතම බැරිනම් මේ හැඳින්වීම වත් කියවලා බලන්නකෝ . . . !"

ඔහු පොත මා අත තැබුවේ ප්‍රවේශය මුලට පෙල ගස්වා මය.




ප්‍රවේශය:

" කුඩා වියේ සිටම කළු ගඟ මගේ සමීපතම අසල්වැසියෙකු වූවේය. මේ පෞරාණික අසල්වැසියා එදා මෙදා තුර ගෞරවණීය බියමුසු කුතුහලයක්ද ගැඹුරු ළෙන්ගතුකමක්ද මා තුළ ජනිත කළේය.

එකම ගඟට දෙවරක් බැසිය නොහැකියයි කියමනක් තිබේ. එසේය. ගඟ සෑම නිමේෂයක් පාසාම වෙනස් වන්නේය. ගඟ දිය අළුත් වන්නේය.

ගඟ දිය මත යාත්‍රා කරණ්නෝද එසේමය. වරෙක කෝපයෙන් වියරු වැටෙති. වරෙක ප්‍රේමයෙන් ආතුර වෙති. තම සාම්ප්‍රදායික ජල යාත්‍රාව මත තම මුළු ජීවිත කාලයම ගෙවා දමන ඔව්හු, හැමදාම අළුත් ගම් බිම්දකිති.අලුත් මිනිසුන් ඇසුරු කරති.

ලෝකය වෙනස් වන අයුරු මුලින්ම දකින්නේ ඔව්හුය.

එසේ ගඟ දියේ යාත්‍රා කළ මගේ මුතුන් මිත්තෝ අදින් වසර සියවස් ගනනාවකට පෙර සිට ඉහළ කඳුකරයේ සිට පහළ මුහුදුකරයට එන ගමනේදී මේ භූමියේ සිදු වූ මහා භෞතික වෙනස්වීම් දුටුවෝය. ජනී ජනයාගේ ඇවතුම් පැවතුම්, ගති සිරිත් සහ සියලු මානවීය චර්යාවන් ඇසුවෝය; දුටුවෝය.

සබරගමුව දිස්ත්‍රික්කයේ පළමු රබර් පැළය ප්‍රෙඩ්‍රික් ලුවිස් නම් ඉංග්‍රීසි ජාතිකයා ඉඩම්ගොඩ ප්‍රදේශයේ කඳු බෑවුමක රෝපණය කළ එක්දහස් අටසිය අනූතුන වසරට, වසර පහකට පසු දවසක සාදිරිස් නම් වන කොලු ගැටයා ඉඩම්ගොඩට ආසන්න අයගම නම් ගමෙන් පලා ගියේය.

ඉඳහිට ගමේ ගිය දවසක මම කළුගඟ මතින් කළුවර ගලා එන හැන්දෑවක කළුගං ඉවුරේ සාදිරිස් නම් වන මගේ මියගිය සීයා සමග මනසින් හුදෙකලා වෙමි.

සීයා ඔහුගේ පාරු ජීවිතයට මා කැඳවාගෙන යන්නේය.

එසඳ මම අඳුරු ගං දියේ පාව එන පාරුවක වැදී නදී ජල තලය කැලැඹෙන හඬ අසමි. තණ්ඩලේගේ, පැණිගල අයියාගේ, ගෝවින්නගේ, පාරු සයිමාගේ, කුමතේරිස්ගේ කටහඬ අසමි.

මරණය හඹා එන ජල තීර්ථය ඔස්සේ ජීවිතය ලුහුබැඳ ගිය ඒ මිනිසුන්ගේ සැබෑ ජීවන පුරාවත මෙලෙස "කාල නදී" සමග ඔබට පිරිනැමෙන්නේ මවිසින් සියැසින් නුදුටු ඒ අතීත ඥාති සමූහයාට මගේ හදවතේ ගැඹුරුම පත්ලෙන් පිරිනැමෙන අපිරිමිත භක්ත්‍යාදරය සමඟිනි.

කළු ගඟට ඔහේ ගලා යන්නට ඉඩදී අපි කාල නදී නම් පරිකල්පනීය ගං ඉවුරුබඩ සිට ඔවුන්ව කියවමු. "



ගං දෑල දෙපසම
කෑල මල් පිපි ඕසෙට

කොමල කළු ගඟ
සිඹිමි ඔබ ගෙන දෑතට

හද ඉතින් ඉවසන්න
බාරවෙන්නම් මම - කළුතරට !

39 comments:

  1. ගිහින් ආවද ?
    යන්නද ලෑස්තිය?

    ReplyDelete
    Replies
    1. ඕං ගියා - මේං ගියා වගේ තත්වයක්!

      Delete
  2. What the hell is this? planning a trip? Book review/translation? Will read again this evening to see who is mad, you or me?

    ReplyDelete
    Replies
    1. එකෙන්ම මම! ඔබ මා ලියන දේ කියවන එක විතරයි නොවැ කරණ්නේ?!? මම මේ ලියන්න මහන්සි වෙලා තියෙන්නේ මෙන්න මේකයි:- බයිසි පැද පැද හිටියාට මගේ අංක
      එකේ Hobby එක kayaking. මම දැන් අවුරුදු දෙකකින් වත් කයාකින් කරලා නෑ. එක පාරටම හිතෙනවා කළු ගඟේ කයාකින් කරණ්න. මගේ ගමන් සගයන්ට කතා කරණවා. උන් එකඟ වෙනවා. ඒ ගැන බලද්දි මට Blog post එකක් හමුවෙනවා. ඒ මීට කාලෙකට ඉස්සර Capt: Elmo Jayawardhane කල ගමනක්. ඒකෙ අනුවර්තනයකුත් මම දක්වනවා. ඒ අතරෙ මා එක්ක සේවය කරණ් මිත්‍රයෙකු පොතක් ගෙනත් දෙනවා. ඒකෙ ප්‍රවේශයත් මම පෝස්ටුවේ පහලින් එල්ලලා තියෙනවා. අපි මේ මොහොතෙත් විවිධ හැල හැප්පීම් මත සැලසුම් කරණවා කළු ගඟ දිගේ රත්නපුර සිට කළුතරට යන්නට. මම අමාරුවෙන් පටල-පටලා ලිව්වේ ඔන්න ඕකයි! ස්තූතියි.

      Delete
  3. පදිමු එහෙනම් අපි එන්නම් පස්සෙන්

    ReplyDelete
    Replies
    1. අනිවා! තුවාල තෙමා ගන්නෙ නැතිව !! ගිහින් ආවොත් ලියන්නම් ඉතිරිය! ඔබලාගේ පැමිනීම මට ඉමහත් ධෛර්‍යයක්!

      Delete
  4. ස්පිටල් ගේ වයිල්ඩ් සිලෝන් පොතේ ගඟ (කලු නොවේ)දිගේ චාරිකා කියෙව්වද?

    (Btw, I gave a glowing description of your writing and the fanatical fan base to the Bank authority. Wasn't well received though)

    ReplyDelete
  5. අනේ ප්‍රාජේ මම කියවලා නෑ. ඔය වගේම පරණ පොතක් තියෙනවා මීමන ප්‍රේමතිලකගේ වල් අලීන් සහ වැද්දන් මැද කියලා. ඒකෙත් මේ වගේම සංචාරයක් ගැන තියෙනවා වගේ මතකයි. බැංකුවේ ඉහල ප්‍රථිචාරයන්ට ඊයේ මා පත් උනෙමි. බොහොමත්ම ස්තූතියි මා ගැන බොරු කීවාට!

    ReplyDelete
  6. අගෙයි, බෝට්ටු නැති උනත් අපිටත් බැරියැයි ඔබත් එක්ක ගඟේ යන්න.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි. සත්තකින්ම ඔබත් සමග දකින අසිරිය බෙදා හදා ගැනීම ප්‍රධාන අරමුණක් මේ ගමනේ!

      Delete
  7. සුමන සමන් දෙවියන්ගේම පිහිටයි...!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබටත් මටත් අපි සැමටත්!

      Delete
  8. ඇත්තටම ගග දිගෙ යන ගමන පාරෙ සයිකල් පදිනවට වඩා ගොඩක් ලස්සන අත්දැකීමක් වෙන්නම ඔනේ. මම කවදාවත් ගිහින් නැතත් මෙ වගේ දේවල් කියවනකොට තේරුම් ගන්න පුලුවන්. ඇත්තටම අපේ මිනිස්සු මේ වගේ දේවල් වලට යොමු වෙන්නෙ හරි අඩුවෙන්. ඒක කාලය,සල්ලි පිලිබඳ ප්‍රශ්නයක් වෙන්න බෑ ගොඩක් දුරට.
    මටත් ලස්සන මතකයන් තියෙනවා කැළනි ගගත් එක්ක. මොකද මට අවුරුදු 7 වෙනකම් අපි හිටියේ කැළනි ගග පේන මානේ. මගේ 2නි අයියා ජීවිත 3-4 ක්ම බේරගෙන තියෙනවා අපි එහේ හිටිය කාලේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ලැබෙන අත්දැකීම වාගේම ඒ සඳහා විය යුතු වෙහෙස මහන්සිය, සූදානම් විය යුතු ආකාරය සියල්ල වෙනස්! අවදානම අහසට පොලොව වගේ. ලැබෙන ආශ්වාදයත් එසේමමයි. ආඩම්බර වෙන්න පුළුවන් මල්ලි කෙනෙක්!

      Delete

  9. තවත් රස කතාවක් වගෙයි.
    මේක කියෙව්වාම මට හිතුනේ ඉස්සර කාලේ "කඳන් පහුරු" බැඳගෙන කළු ගඟ දිගේ ඇවිත් ඊට පස්සේ බොල්ගොඩ වැව හරහා මොරටුව දක්වාම පාරු පැදපු මිනිසුන්ගේ රැකියාව වීර ක්‍රියාවක් නේද ? කියලයි. රැකියාව කොතරම් දුෂ්කර උනත් එහි සැඟවී තියන ආස්වාදය ඔවුන් රහසිගත්වම විඳින්න ඇති.
    ඉස්සර කළු ගඟේ හල්වතුර තොටුපොළ හරහා (පාලම් පාරුවෙන් එගොඩ වී) බස් එකක් ධාවනය උනා. ඒ බස් ධාවනය ගැන අපූරු කතාවක් තියනවා.
    "වැහි කාලෙට බස් එක යන්නේ නැහැ, හේතුව හැඩ පාර සැර නිසා පාලම් පාරුව හැසිරවීමට නොහැකි වීමයි."
    "පායන කාලෙට බස් එක යන්නේ නැහැ, හේතුව ගඟේ වතුර අඩු නිසා පාරුව ගං පතුලේ වදිනවා"
    කොහොමද අපේ බස් සේවාව ??ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔව් සෑම් මහත්තයා. ඔවුන් සැබෑම විරුවන්. එසේම ජීවිතයේ සුන්දරත්වය වින්ද මිනිසුන්! ඔබ ඔය කොයන ආකාරයේ තොටුපොළක් තිබිලා තියෙනවා දුම්බර තොටුපොල කියලා. බස් සේවයේ එදා මෙදා කියලා වැඩි වෙනසක් තිබිලා නෑ වාගෙයි!

      Delete
  10. මේක කියවන්න තරම් වෙලාවක් තිබ්බේ නෑ පහුගිය ටිකේ.. මුද්ද දාපු ෆොටෝ වගයක් නම් දැක්ක අහම්බෙන් ඒ ගැනත් හොයන්න බලන්න බැරි උනා
    මට මතක විදියට අපි මේක ගැන කලින් කතාවෙලා තියෙනවා. ජිවන ෆර්නාන්දු ගේ දම්පාට දේදුන්න බ්ලොග් එකේ තියෙනවා ජිවන ගිය විස්තරේ පුදුමයි කියවන්න හම්බුනේ නැති එක. කොහොම හරි නාකි අපිට බැරි එක උඹල වගේ තරුණ කොල්ලෝ යන එක ගැන කියවන්න ලැබෙන එකම සතුටක්. ජය වේවා! සමන් දෙයියන්ගේ හසුනක් අරන් ගිහින් කළුතර බෝධියට බාරදීලා ආපු ක්යාකින් කුරුල්ලෙක් ගැන අනාගතේ සන්දේශයක් ලියවෙයි! :D

    ReplyDelete
  11. මට කමෙන්ට් දාන උන් දැන ගන්න එපායැ මම කියන්නේ ලියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා. ඒ හින්දමයි ඇනෝපොලිස්ව දොක්කං ගියේ. ඌ මම පෝස්‍ට් එක ලියන්න කලින් නිකං සරම ඉස්සුවා වාගේ සියල්ල මූනු පොතට දාලා.මොනා කරණ්නද ? කුම්ඹලා මාළු කෑවානම්
    විඳෝපන් බළලෝ කියලා මාත් ඔහේ හිටියා. මුලින් මුලින් මූ හෙමිනා වාගෙ ඉඳලා පහු වෙනකොට අපිට උගන්නන්න තියා ගත්තා කියහංකෝ! ඔබ තුමාට මගේ
    බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනාට මං නං ඔය පැත්තේ ඇවිත් ගියා. මගේ අඩි සළකුණු තාම දැකලා නෑ මයෙ හිතේ!?!?!?!?

    ReplyDelete
  12. ඔබගේ ගමන සාර්ථක වෙන්න කියල මම සුබ පතනවා.
    හතර දෙනෙක් යනව නම් එක බෝට්ටුවක ද දෙකක් යනවද.
    කලින් ගිය අයගේ ගමනේ විස්තර පරිවර්තනය ක් දැම්ම එක ගොඩක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. බන්දු ඔයා මීට කලින් මම කයාක් ගැන ලියපුවා කියෙව්වානම් වඩාත් පුළුල් වැටහීමක් ලබා ගන්න තිබුනා! ඇත්තටම අපි යන්නේ දෙදෙනෙකුට ගමන් කල හැකි ද් Two man kayak නැතහොත් Tandem kayak වල! ස්තූතියි පැමිණියාට!

      Delete
  13. ජාපනේ ගිහින් හති අරින්නත් කලින් ගඟේ බැහැල වගේ! අන්න ඒක නම් මරේ මරු ! මේපාර නම් කිඹුල් කතා වලට අපි බය නෑ කකුල් දෙක උස්සගෙන කියවන්නේ.

    කවද්ද ගියේ? මේ මම හිතන්නේ කසකාරයා වෙන්ට ඇති!

    ReplyDelete
  14. ස්තූතියි පැමිණියාට. ඔහොම කියවාගෙන යන්නකෝ හොඳ මධුලිකා වගේ!

    ReplyDelete
  15. You made some good points there. I checked on the internet for additional information about the issue and found most individuals
    will go along with your views on this website.

    ReplyDelete
  16. Excellent goods from you, man. I have be mindful your stuff
    previous to and you are just too great. I really like what you've acquired
    right here, really like what you're saying and the way
    during which you are saying it. You're making it entertaining and you still care
    for to stay it smart. I can't wait to learn much more
    from you. That is actually a wonderful website.

    ReplyDelete
  17. Hi, I believe your website could possibly be having browser compatibility problems.
    Whenever I look at your website in Safari, it looks fine however,
    if opening in IE, it's got some overlapping issues. I merely wanted
    to give you a quick heads up! Besides that, excellent site!

    ReplyDelete
  18. Are you preparing to travel and go to Sri Lanka? Then don't forget to store and
    discover for the very best finds in the any shops in this nation.
    cheap jerseys China http://Bb02.cimafoundation.org:8080/mediawiki/index.php/Wholesale_Nfl_Jerseys_97827

    I'm really impressed with your writing skills as well as with the layout
    on your blog. Is this a paid theme or did you modify it yourself?
    Anyway keep up the nice quality writing, it is
    rare to see a great blog like this one nowadays.

    ReplyDelete
  19. Does your site have a contact page? I'm having problems locating it but, I'd like to shoot
    you an e-mail. I've got some suggestions for your blog you might be interested in hearing.

    Either way, great blog and I look forward to seeing it grow over time.

    ReplyDelete
  20. Wonderful website you have here but I was wanting to know if you knew of any community forums that cover the
    same topics discussed here? I'd really love to be a part of
    group where I can get feedback from other experienced people that share the same interest.
    If you have any recommendations, please let me know.
    Kudos!

    ReplyDelete
    Replies
    1. https://rodhadekersthiyaduwa.blogspot.com/

      http://lankawesanchare.blogspot.com/

      http://sanchara99.blogspot.com/2017/06/uthuwankanda.html

      http://awidda-paya.blogspot.com/

      http://www.samakayawate.com/





      Delete
  21. Thanks for sharing your info. I really appreciate your efforts
    and I will be waiting for your next write ups thanks once again.카지노

    ReplyDelete
  22. These are genuinely great ideas in on the topic of blogging.

    You have touched some pleasant points here. Any way keep up wrinting.카지노

    ReplyDelete
  23. Hello there! I could have sworn I've been to this site before but after browsing through many of the posts
    I realized it's new to me. Regardless, I'm definitely delighted I found it
    and I'll be book-marking it and checking back
    regularly!카지노

    ReplyDelete
  24. Hi there, the whole thing is going well here
    and ofcourse every one is sharing data, that's genuinely fine,
    keep up writing.카지노

    ReplyDelete
  25. Hi there! I just wanted to ask if you ever have any problems with hackers?
    My last blog (wordpress) was hacked and I ended up losing many months of hard
    work due to no data backup. Do you have any methods to prevent hackers?

    ReplyDelete
  26. cheap jerseys
    https://patriotedebout.com/qtoa/index.php?qa=21158&qa_1=wholesale-nfl-jerseys-from-china-92551
    Earlier this year, a city commissioned study by Ecotagious revealed 10,800 homes in Vancouver were left
    empty for more than a year in 2014. Hydro electricity consumption data collected from 225,000 of 280,000 homes in Vancouver from 2002 to 2014.


    Unquestionably consider that which you stated. Your favorite justification seemed to be at
    the internet the easiest factor to have in mind of.
    I say to you, I definitely get irked whilst people
    think about issues that they plainly don't understand about.
    You controlled to hit the nail upon the highest and also defined out the entire
    thing without having side effect , folks could take a signal.
    Will probably be again to get more. Thanks

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...