Saturday, August 25, 2018

105. ආදරණීය දියණිය....!





"  සිය පතක් ලෙසින් නුඹ
   දෝතින්ම නෙලාගෙන;
බුදු පුදට රැගෙන යන
           ලෙසින් රැක බලාගෙන . . . !
නිදි නැතිව නිදි කිරන
          ගෙවී ගිය දින ගනන . . . . . !
උඹෙ පතුල් සිප මදිව
         දිවෙන් එහි රස බැලුව . . . .!
හිතේ ගිනි මත ඉදුන
 හබුං කට බත් දෙමිට ;
කවන්නට කී නුඹට
        මහ පුදුම කථන්දර . . . . . !
රෑ මැදුයමේ නැගිට
කරද්දී රැහැයි හඬ ;
 නිදන තුරු දෙපා මත ;
      ගැයූ ගී කවි මිහිර . . . . . !
පාසලේ පළමු දින
දමා ආ විට තනිව ;
        තෙත උනේ මගෙ දෙනෙත
           පළමුවයි උඹෙ නෙතට . . . !
බනිමි හැරෙනා අතට
     ඇසෙන සේ මුළු ලොවට
    පෙනෙනු ඇත මා නුඹට
         කුමන මේ වදයක්ද. . ?
 විඳින්නේ හැම ගැහැට
   පුදන්නයි උඹ ලොවට ;
  නොවේ කර අග රැජින
           වෙයන් දුවකට මවක . . . . ! "











  •  

27 comments:

  1. Hithata wadina kavi pelak...duwek inna nisa wendethi hondatama denuna..

    ReplyDelete
    Replies
    1. ඔව් මම ඕක "කඩදාසි කොලේ" ට ලියපු කොමෙන්ට් එකක්. මේක අපේ වගේ සංස්කෘථියක් තියෙන රටක; ම්ධ්‍යම පාන්තික දෙමව්පියන් සැමට සර්වකාලීනව පොදුවූ එකක්. ස්තූතියි කියෙව්වාට ලිව්වාට!

      Delete
  2. හිතට දැනුන.හැම දෙමව්පියෙක්ගෙම සිතිවිලි

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර විට ඔවුන් දෙමව්පොයන් වන තුරු හිතාගන්න බෑ , තේරුම් ගන්නේ නෑ අපි එයාලට මොන තරම්. ආදරේ කරණවද කියලා. සමහර වෙලාවට අපිටත් එකසිය ගානට කේන්ති යනවා එයාලා එක්ක. අපි ඒ වැරදි නිවැරදි කරණ්නට යන්නේ වහලෙ උඩ යන්න කෑගහලා! ඒ තරහට තමයි. ඒත් ඒ තරහවේ මුල "මුං ව හරියට හදාගන්න ඕන! කාගෙන්වත් වචනයක් නොඅසන්න!" කියන එක. ස්තූතියි.

      Delete
  3. සුන්දරයි.. දරුවෝ අපේ ජීවිත වර්ණවත් කරනවා!

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම. උන් ඉන්න කල් කරදරේ! ඒත් මොන දේකට හරි එක දවසක් ගෙදරින් එලියෙ හිටියොත් ඒක දරාගන්න බැරි පාළුවක්. දුකක්!! බැන්නාම තරහාවෙලා මූන දික් කරගෙන ඉනකොට බැන්න මෝඩ කම කියලා හිතෙනවා. ඒත් එහෙම තරහින් හිටියත් එයාලා ගෙදරින් එලියට බැහැලා යනකොට ඇවිත් කකුල්දෙක අල්ලලා තරහින් වදින එක හරිම අමුතු හැඟීමක් හිතේ ඇතිකරවන්නේ. මමත් තරහින්ම "බුදු සරණයි" කියන එක එයාලට කොහොම දැනෙනවද දන්නේ නෑ. බොහොමත්ම ස්තූතියි!

      Delete
  4. දුවෙක් ඉන්න නිසා වෙන්න මගෙත් හිතට වැදුනා. දාරක ස්නෙහය කියන්නෙ හරි පුදුමාකාර දෙයක්.

    ReplyDelete
    Replies
    1. මේක මේ ගේ මුල්ලක ඉඳන් ලියන කොටත් කෙල්ල ගෙයි අනිත් මුල්ලේ ඉඳන් සිංදුවක් කියනවා. ස්තූතියි හැඟීම් හුවමාරු කරගන්න ආවාට!

      Delete
  5. ඇත්ත නේන්නං. දුවෙක් ඉන්නවා කියන්නෙ ජීවිතේ වෙනස් කරන අත්දැකීමක්...අපේ ආදරය ඔවුන්ට තේරෙනවද කියල දැනගන්න ක්‍රමයක් තියෙනවනං....!!!!

    ReplyDelete
  6. එයාලා අපේ ආදරය තේරුම් ගෙන දක්වන ප්‍රථිචාර වලින් ඒක තේරුම් ගත හැකියි යම් තාක් දුරකට. ඒත් අපි මුහුණ දෙන වඩාත් ගැටළුකාරී තත්වය ලෙස මා දකින්නේ ඔවුන්ගේ සිත සුව පිණිස ; අනාගතය පිළිබඳව ගන්නා තීන්දු තීරණ පනවන යම් යම් බාධා වැට කඩොළු ඉඩ නොදීම් සීමා කිරීම් ඔවුන් ; අප ඔවුන් කෙරෙහි කේන්තියෙන් තරහවකින් කරණ කියන දේ ලෙස දැකීමයි. මෙතන මා වඩාත් මුහුණ දෙන අවුල වන්නේ. ඇයට වඩා වසර දෙකක් වැඩි මහළු පුත්‍රයා වෙනුවෙන් මා දක්වන සහන ශීලී ප්‍රථිපත්ති ; දියණිය තේරුම් ගන්නේ මා පුත්‍ර වාදියකු ලෙස කරණා කියනා දේවල් ලෙසයි. කොහොමත්. ඌ රජ කපටියෙක්. ඕන දෙයක් ශූක්ෂමව කරගන්නා අයුරු ඌ හොඳින්ම දන්නවා. ස්තූතියි බොහොමත්ම!

    ReplyDelete
  7. අගේ ඇති පද පෙළක්.

    ReplyDelete
  8. බොහොමත්ම ස්තූතියි ප්‍රසන්න!

    ReplyDelete
  9. මේං මෙතන්ට, මේං මෙතන්ට වැදුනා,
    .
    .
    .
    වතන ලෑ කියල්ල පට්ට...

    ReplyDelete
    Replies
    1. ස්‍තූතියි. දරුවන් වැඩෙද්දී තවත් ගැඹුරට දැනෙනු ඇත! ස්තූතියි!

      Delete
  10. 0 likes

    Like

    Facebook icon
    Twitter icon




    “The good father does not have to be perfect. Rather, he has to be good enough to help his daughter to become a woman who is reasonably self-confident, self-sufficient, and free of crippling self-doubt, and to feel at ease in the company of men.”
    ― Victoria Secunda

    ReplyDelete
  11. ප්‍රාජේ මා මෙතෙක් වෙලා උත්සාහ කලා ඒ උපුටනය එලෙසින්ම දක්වන්න. එහෙත් එය සොයා ගැනීමට අපහසු උනා. එයින් කියැවුනේ මෙවන්වූ අදහසක්: වර්ථමානයේ අප උත්සුක වියයුත්තේ හොඳ දරුවන් සෑදීමට නොව හොඳ දෙමව්පියන් තැනීමටය. මන්ද පසුගිය කාල වකවානුව දෙස ආපසු හැරී බැලීමේදී අප අපගේ සීමිත වූ කාලය යොදා ඇත්තේ අපගේ දෙමව්පියනට හොඳ දරුවන්සේ සැලකීමට නොව අප්ගේ දරුවනට හොඳ දෙමාපියන් වීමටය!

    ReplyDelete
  12. I wish i could write something like this to my own daughter oneday!!! 😢❤

    ReplyDelete
    Replies
    1. ස්වභාවය තුල මා පෞද්ගලිකව විශ්වාස කරණ්නාවූ සියළු විශ්ව ශක්තීන්ගේ බල
      මහිමයෙන් ඔබට ඒ පින්බර අව්ස්ථාව ඉතාමත්ම නුදුරේදීම ඉෂ්ඨ සිද්ධ වේවායි හර්දයාංගවම පතමි! යහපතක්ම වේවා!!

      Delete
    2. ඔබ කීර්තිමත් නාලන්දියයෙක්ද?

      Delete
  13. Thank you very much uncle. Ow uncle mama Nalandian.

    ReplyDelete
  14. සතුටුයි! ඔයා වසිකව දන්නවද?

    ReplyDelete
  15. Ah ow uncle wasika aiyawa tikak dannawa :)

    ReplyDelete
  16. මගේ ගඟක් දිගේ පෝස්ට් එක බලන්නකෝ. එතකොට වසිකයි මගෙයි සම්බන්ධය හොයාගන්න පුලුවන්!

    ReplyDelete
  17. අය්යේ මගේ කෙල්ලටත් තවම අව්රුදු දෙකයි ,වයිෆ් ගෙදර ඉඳන් ඇස දෙක වගේ පරිස්සම් කරනවා .මම ගෙදර ගියාමයි ඒ මනුස්සයා නිදහසේ හුස්මක් ගන්නේ .ඇත්තටම දෙමව්පියෝ දරුවෝ හදන්න ලොකු මහත් කරන්න විදින් දුක දැන ගන්න දරුවොත් දෙමව්පියන් වෙන්නම ඕනේ ..මේ තරම් ,සමහර විට මීටත් වඩා මහන්සියක් ,කැපකිරීමක් අපි වෙනුවෙන් කරන්න ඇති කියලා හිතෙන කොට අම්මා තාත්තා ගැන ඇතිවෙන ආදරේ කියලා ,ලියලා ඉවර කරන්න බැහැ .

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම මේ ඩිජිටල් ලෝකෙ නෙවෙයි අපි වැවුනේ! එකසිය ගානට කට්ටක් කාලා තමයි ඒ අය අපිව මේ තැනට ගෙන එන්නට ඇත්තෙ. මට නම් අවථාවක් ලැබුනා අපේ අම්මාට කෘත ගුණ යම් පමනකට වත් දක්වන්න. ඒවා හරිම ශෝචනීය කතා. අපේ අම්මා මැරෙණ්නට කලින් මට නියත විවරණ ලැබුවා ඇගෙන්! ඒ අතින් මම සතුටුයි! ඒත් ඇය මා අසල නෑ කියන මතකය බොහොම කටුක එකක්. අම්මා මා හැර ගොස් වසර 25 ක් විතර වුවත් බොහෝ මව් ගුණ ගීත මගෙ ඇස් කෙවෙණි තෙත් කරණවා අදටත්!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...