ජවය පිරුණු තරුණ නයන....!
උදෑසන
ආහර
කිස
වරකපොල
නැවතුමෙන්
සපුරා
ගත්
අප
යළිත්
සුපුරුදු
ගමනට
එක්
වූවෝය.
උදෑසන
ආහාරය;
ජෑම්
තවරණ
ලද
පාන්
හා
ආනමාළු
කෙසෙල්
ගෙඩියකින්
සපුරා
ගත්
අප
ජීවනී
මුසු
වතුර
හා
සාමාන්‍ය ජලයෙන් සතර්පණයවී මගට බටහ.
අවසාන
පෝස්ටුව මුදා
හැරීමත්
සමගම
එහි
සඳහන්
කොට
තිබූ
ආහාර
වට්ටූරුව
පිළිබඳව
බොහෝ
අපේ
හිතවතුන්
උනන්දු
වන
බවක්
පෙනී
තිබුනි.
එහිදී
එක්
අපේ මිත්‍රයෙක්;
වඩා
හොඳ
නොඑසේනම්
මෙවන්
ගමනකට
වඩාත්ම
යෝග්යවන්නේ ඇම්බුන් ද ආනමාළුද කියා විමසා තිබුනි. සමහර පලාත්වල ඇම්බුන් කෙසෙල් වලට ඇම්බුරුස් කියාද කියනු මා අසා ඈත. ඒ කෙසේ හෝ වේවා ආනමාළු තමයි මේ වැඩේට ගැලපෙන කෙසෙල් වර්ගය ලෙස ලොව පුරා ප්‍රචලිතවන්නේ.
සැඟවුනු අමුත්තා සොයන්න....!
දැන්
ඊළඟ ප්‍රශ්නය වන්නේ
ඈම්බුන්
වලින්
ආනමාළු
වෙන්
කොට
හඳුනා
ගන්නේ
කෙසේද
යන්නය.
ඉතා
පහසුය.
සෝඩා
දැමූ
ගල්
අරක්කු
වලින්
වී
ඇස්
ඕ
ඒ
වෙන්
කර
හඳුනා
ගන්නවාටත්
වඩා
පහසුවෙන්
මේ
දෙවර්ගය
වෙන්
කොට
හඳුනා
ගත
හැක.
මෙම
කොටස
මම
ලියන්නට
සිතාන
සිටියේ
මීට
මදක් ප්‍රමාදව උවද
මා
සමග
ගිය
ගමන්
සගයාට
මධූට
මා
කලින්
මෙම
පාඩම
කියා
දෙන්නට
නොහැකි
වීමෙන්
සුපිරිම
ඝනයේ
පටලැවිල්ලක්
පටලවා
ගන්නට
ඔහු
සමත්
වූ
හෙයින්මෙය
දැන්මම
ලියා
තියන්නම්.
ගන්න කන්න මෙන්න ගැම්ම....!
ආනමාළු
කෙසෙල්
වල
නැට්ට
හෙවත්
නටුව
සාපේක්ෂව
ගත්
කල
ඇම්බුන්
වලට
වඩා
ශක්තිමත්ය.
("ඇඟට
හයිය
එන්න
නැට්ට
හයිය
කෙසෙල්
කා
යුතුය.
මෙලෙස
මෙය
මතක
තබා
ගන්න!)
ඉදුනු
ඇම්බුන්
කෙසෙල්
කැන
එල්ලා
තැබිය
නොහැක!
ගෙඩි
බිමට
හැලේ!
ඒවා
ඇවරි
කපා
මේසයක්
හෝ
වෙනයම්
තට්ටුවක්
මත
තබා
අලෙවි
කරණු
දැකිය
හැක.
යාන්තමින්
එසවූ
සැනින්
ඇවරියෙන්
වෙන්වේ.
ඇම්බුන්
වඩාත්
ලස්සනය.
සුකුමාරය!
පිරුණු
යුවතියක්
මෙනි!
ආනමළු
එසේ
මහා
ලස්සනක්
නොමැත.
ඉදී
යන
විට
ලෙල්ල
තැනින්
තැන
කලු
වී
තිබෙනු
දැකිය
හැක.
කළු
උනාට
හිත
හොඳය.
සුන්දර හැඩයක්ද ඇත!
නිකංද "කළු කෙල්ලේ නුඹ හරිම හැඩයි .... //" කියලා තියෙන්නේ!
නිකංද "කළු කෙල්ලේ නුඹ හරිම හැඩයි .... //" කියලා තියෙන්නේ!
ලොවම පරසිදු කළු කෙල්ල නෙෆාටිටි...!
ඇම්බුන්
සාපේක්ෂව
කහපාටට
හුරුය.
ආනමාළු
කොළපාටට
ලඟය.
කෙසෙල්
පිළිබඳව
භාහිර
උපාධියක්
පළතුරු
කඩේකින්
ලද
මාහට
ද
දිනක්
දෙහිඕවිට
කඩයක
සිටි
වයසක
ආච්චි
අම්මෙක්
ආනමාළු
කියා
ඇම්බුන්
ගෙඩි
දෙකක්
වික්කේ
"එක
එක
විදියේ
ආනමාළු
තියෙනවා!
ගෙඩිය
කඩන්න
අමාරු
ඒවත්
තියෙනවා;
අල්ලනකොටම
ගැලවෙන
ජාතියකුත්
තියෙනවා!!"
කියා
අසරණ
මා
රවටා
ලමිනි.
බයිසිකල්
පදින
එවුන්ට
ආනමාළු
ඇමේණියාවක්
නො
එසේනම්
භය
පක්ෂපාත
භාවයක්
තියෙනා
බව
ඇගේ
පැසුනු
බුද්ධියට
ඒ
වන
විට
තේරුම්
ගොස්
තියෙන්නට
ඇත!
එම සිද්ධියෙන් පසු ආච්චි අම්මලා ඉන්න කඩ වලින් ආනමාළු නොකෑමට මා දැඩිසේ අධිටන් කර ගත්තෙමි. ඔබටත් මම එම අදහස තදින්ම සිතේ ධාරණය කර ගැනීනීමට මා තරයේම අවවාද කර සිටිමි.
මේසය මත සිට කල චාරිකාව...! අයිටනරිය
අප ගමනට පෙරදී සකස් කල අයිටනරිය හෙවත් ගමන් සටහනට අනුව ඊළඟ නැවතුම වූයේ පොල්ගහවෙලය. වරකාපොල සිට අප තරමක වේගයක් පවත්වා ගනිමින් පැද්දෙමු. නිශාන් පහුවී නොපෙනී ගියේය. අප ඔහුට බොහෝ වර කුඩා ගියර වල පදින ලෙස පැවසූවද එය ඔහු එතරම් පිළිගත් බවක් පලකලේ නැත. ආසනය නොහොත් සැඩලය නියමිත පරිදි ඔසවා ගන්නා ලෙස යෝජනාවද "කුඩා ගියර" කථාව මෙන්ම "ෆොගෙට් ෆයිල්" එකට අමුනා දැමූ ලෙසක් ඔහු කෙරෙණ් පලවිය.
මේ නිසාමදෝ ඔහු අපෙන් බොහෝ සෙයින් පසුවී ගිය වගක් පෙණුනි.
නොපෙනී ගියද ඔහු පදිනා වේගයට
සාපේක්ෂව
අපේ ගමන් වේගය පැයට කිලෝ මීටර 2-3 විය
යුතුය. එවිට පුරා පැයක් පැද ගියද අප සිටිය යුත්තේ ඔහුට කිලෝ මීටර 2-3 ක දුරකිණි.
උදා:
අපේ වේගය = 20 පැයට කිලෝ මීටර
ඔහුගේ වේගය = 18 පැයට කිලෝ මීටර
ඔහුට සාපේක්ෂව අපගේ වේගය = 20 - 18
=
2පැයට කිලෝ මීටර
දුර / කාලය =
වේගය
කාලය = දුර / වේගය
(හරස්
ගුණිතයෙන්)
එමනිසා ඔහුත් අපත් අතර කාල වෙනස = 2/18
=
0.11 පැය
= 6.6
විනාඩි
මේ
නයින් ගත් කල අප කිසියම් නැවතුමකට ලඟාවී විනාඩි 5-10 අතර කාලය තුල නිශාන් අප කරා පැමිණිය යුතුමය!
මේ නිසාඅප ඔහුව අතරමග දමා පැද ගිය වගක් කියවා ගෙන යාමේදී ඔබට දැණුන හොත් එය මේ ඉහත දක්වා ඈති සරල "සාපේක්ෂ ප්‍රවේග " හා "ප්‍රවේග කාල" සෛධාන්තයන් කියවා බලා අපව නිදොස් කොට නිදහස් කල මැනවි. "ඉතින් ඔච්චරම පොඩි වෙනසක් නම් තියෙන්නේ පොඩ්ඩක් හිමින්ම එකටම ගියානම් ඉවරයිනේ!" කියා එවිට ඔබට සිතෙන්නට පුළුවන. එවිට මතක් කල යුතු වන්නේ "සනත් ජයසූරිය තියරිය
ය!
මේ වන විට වේලාව උදෑසන 7.00 පසුවූවා පමණි. වරකපොල සිට අඹේපුස්ස දක්වා පැමිණ කුරුණෑගල දෙසට හැරවූ සැණින් අප වෙනත් දේශයකට ඇතුළුවූවා වැනිය. මහ
පාර
දෙපස ඇති ගහ කොල සපිරි පරිසරයද එමගින් පාර පුරා ඇදි සෙවනැළි රටාද මේ නවදේශයට මංපෙත් විවර කල මංසලකුණු විය.
ඒවන විට හිරු දිනය අරඹා හෝරා කිහිපයක් ඉක්ම ගොස් තිබුනද මනුසත්තු දිනය පටන් ගත්තා පමනක්ම මෙන් දිස් විය.
ඕනෑම දවසක දිනය ඇරඹුණු බවට සලකුණ ලැබෙන්නේ සුදෝ සුදට සැරසුනු පාසල් දරු දැරියන්ගෙන් මහ පාර ගෙත්තම් වූ විටය.
පාසල් දිවිය අතැර කල් යත්ම යත්ම මෙම ගෙත්තමේ සුන්දරත්වය වැඩි වැඩියෙන් දැනෙන්නට පටන් ගනී. පාසල් දිවිය හුදෙක් කඨෝර මතකයක් වන අතලොස්සක් දනන් හැරුණු විට අන් හැමට එය නෙතට උළෙලක්ය!
මුං නැති මග - නැත අන් සැප...!
අපගේ මෙම හිතුවක්කාරී ගමන ඇරඹුණු දිනය පාසල් නිවාඩු කාලය වීම මොනතරම් අඩුවක්ද? පන කඩාගෙන බයිසිකල පදින අපට අත්පොඩි වනන කොල්ලො කුරුට්ටන් එකෙකු දෙන්නෙකු නොමැති වීම කෙතරම් ශෝචණීය
තත්වයක්ද?
දිනය ඇරඹි බවට මෙදින සලකුණු කලේ වැඩ කරණ ජනතාවය ය. අඹේපුස්ස හන්දියේ මහා සෙනග සේනාවක් බසයක් එන තුරු බලා සිටියෝය. ඔවුනට අපගේ පැදීමේ; මහා විශ්මයක්, කුතුහලයක්, ආශ්චර්යයක් පෙනුනු බවක් නොපෙනුනි. ඔවුන් බලාපොරුතුවෙන් සිටියේ එයට වඩා මහත් වූ ආශ්චර්යයක් දැකබලා ගැනීමේ අටියෙනි. ඒ අන් කිසිවක් නොව අසීරුවකින් තොරව දෙපයින් හිට ගෙන යාමට හැකි බසයකි!
අඹේපුස්ස පසු කරණවා ත්
සමග මධුෂාන්ගේ තලබනුව
ඈඟිරි ගාන්නට විය.
"අප්පට සිරි තාත්ති." ඔහු මා දෙස බලා මිමිණීය. ඊළඟ නිමේශයේ එය වම් කන් පෙත්තට තදවිය!
". . .
. . . . . . . . . . . . . ."
"අපි අඹේපුස්ස පහු කරලා...!" මධූ දූරකථනයට කෑමොර දුන්නේය!
". . .
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ."
"ආ එහෙනම් පාරේ ඔහේ ඉඳන් එන කොට දකුණු පැත්ත අයින බලාගෙන එන්න. . .!"
"තාත්ති තුල්හිරිය පහු කරලා! පොළොන්නරුව බස් එකක එන්නේ!!
ඉඳන් ඉන්නේ මේ පැත්තෙම පිටිපස්සේ ඉඳන් දෙවෙනි සීට් එකේලු!"
පොළොන්නරුවෙන් ඉවතට අදෙන පරසිදු "සාන්ත අන්තෝනි" බසයක්...!
මධූට පොඩි සිනහවක් පහළවී ඇත! ඒ; තව මොහොතකින් තමාගේ පවුලේ අය පමණක් නොව අල්ලපු ගෙදර බල්ලා බළලා නොව මීයන් පවා; තමාගේ මේ ගමන ගැන හොඳින් සැක හැර දැන ගන්නට ලැබෙන නිසා නොව තම පියාටවත් කිරීමට නොහැකිවූ තමාගේ වික්‍රමාන්විතය ගැන තම පියා දැන ගනු ඇස් මනා පිට තමාටම දැකගත හැකි වීමය.
අප අඹේපුස්සෙන් නිකමී තුල්හිරිය දෙසට පදිමින්ය. මධූගේ තාත්තා ඉදිරියට පිම්මේ එන බසයක වාඩිගෙනය! එකවර ඈතින් බසයක් මතු විය.
"අන්න අරකද. . .. ?"
"නෑ . . . නෑ... ඒක නෙමෙයි!"
මෙසේ තවත් මොහොතකින් වෙඩික් කෑ වල් ඌරකු සේ; බුදුන් ඉදිරියට රා කල දොලොසක් බී පමිණි නාළාගිරියා සේ බිමට ඔරවාගත් මුහුණකින් යුත් අශෝක් ලේලන්ඩ් බසයක් ඊගහ වාගේ අප ඉදිරියට එමින් විය.
"ඕන්න බස් එක . . .. !"
ඇයි කවුරුවත් මාව හෙව්වද ඈං...?
අප පසෙකින් නවතා ගතිමු, බසය එක් අසුරුසැනින් අප පසු කරගෙන ඉගිළුනේය.
කෙසේ
හෝ අදාල අසුන අපට නාභිගත කර ගැනීමට පුළුවන් විය!
අඳෝමැයි! මධූගේ පියානෝ බිමට නැඹුරු කරගත් හිසින් යුතුව සිටිනු අප දෙදෙනාම දුටුවෝය. එහෙත් ඔහු අපව දුටුවේ නැත. තවත් මොහොතකින් බසය නොපෙනී ගියීය. මධූ වහාම තත්තාට ඇමතුවේය.
"මොකද උනේ? අපි දැක්කා තාත්ති බිම බලාගෙන යනවා. . .?"
" . . .
. . . . . . . . . . . . . . . . . . . .
!"
"අයියෝ . . ....!? "
"තාත්ති අපේ ෆොටෝ එකක ගන්න ෆෝන් එක සෙට කර කර ඉඳලා තියෙන්නේ!"මධුෂාන් සිද්ධිය විස්තර කලේය.
මධුෂාන්ට ඇඬුනාදැයි මට බලන්නට බැරිවිය. කෙසේ හෝ එය මාහට සිනහව ගෙන එන්නක් විය. එහෙත් මා පසුව හොර
රහසේ සිනහවන්නට සිතා දුක්බර මුහුනක් ආරූඩ කරගෙන පදින්නට විය.
මාස් සළුගම
අඹේපුස්සෙන් හැරුණු පසු තුල්හිරියෙ මාස් සළුගම පසුකල පසු කුඩා පල්ලමක් සමග සුපිරි ජවයක් දැනෙන්නට ගන්නේය. උදෑසන සිසිල් සුළඟ කපාගෙන වේගයෙන් අප පැදයමින් විය. පාර අසබඩ තණ නිල්ල අතැර යන්නට; රාත්‍රිය පුරා වට පිණී සිසිල සූදානම් බවක් නොපෙණුනි. අහස් කුස නිල් පාටින් දිලුනි. කාලගුණය සිසිල් වුව වියළි එකක් විය. කෙමෙන් අප අලව්ව පාලම උඩට ප්රවිෂ්ඨ වුනෙමු. සුපුරුදු පරිදි කාච සටහනක් සනිටුහන් කර ගත් අප නැවතත් ගමනට බටහ.
මා කුඩා කල "අලව්ව" කියූ සැණින් මතකයට ආවේ "අලව් යකු"ය. අද ද එම සිතුවිල්ල මෙම නගරය පසු කිරීම සමග සිතතුල මතක සේයාවක් මවයි. ඕනෑම නගරයකට ඒ අවට ඇති ජලාශයක් හෝ ජල දහරාවක්, වන පෙතක්, වෙල් යායක්, කඳු පන්තියක් ගෙන එන්නේ ලියක දිගු ගෙල බැඳි සිහින් රිදී පොටකින් ඇතිකරවන සුන්දරත්වයය. එම නගරයට දුම්රිය මගකින් ගෙන එන්නේ රිදී පොටේ එල්වූ නිල් මිණකින් ගෙන එන කාන්තියකි, වටිනාකමකි. මේ සියල්ල එක්තැන්වූ තැන අලවි යකුට කොහිද ඉඩක්? සත්තකින් අලව්ව රමණීය නගරයකි! එතෙක් මා ඔයේ වම් ඉවුරේ ගමන් කල අප අලව්වේ සිට ගමන් කරණ්නේ දකුණු ඉවුරේය. අසල කුඹුක් ගසින් සැදුනු තුරු වියනකි. එය ඇත්තේ අප ගමන් කල පස නොව අනෙක් පසය. එනම් මා ඔයේ ඉවුරේය! මාර්ගයේ අප ගමන් කල යුතු වන්නේ වම් පසිනි. අප ගමන් ගත් මාර්ගය ආසන්නයේ එනම් වම් පසින් දුම්රිය මාර්ගය
දිවේ. මා ඔය ගමන් ගන්නේඅ දකුණු පසිනි. මහා මාර්ගය දුම්රිය මාර්ගය මා ඔයත් අතර "සන්ඩ්විච්" වෙලාය. අප මෙම සැන්ඩ් විච් එකේ කුඩා ලූනු කැබැල්ලක් හා ගම්මිරිස් කුඩක් විය!
එතැන් සිට දුම් රිය මග; මහ මගට ඔමරි පාමින් ඉදිරියටම දිවේ. මා ඔය මේ සියල්ල දෙස නෙතඟින් බලමින් ලතාවකට තම ගමන යන්නීය.
සිරුරේ ජවයද අවට පරිසරයේ අසිරියද, හොඳින් පදම් වූ ගමන් රිද්මයද, කාලගුණයේ ආශිර්වාදයද කලක සිට ගල
ගාමින් සිටි අසිපතේ මුවහත පිරික්සන සටන් අරඹුමේ උනන්දුව උද්යෝගය සටන්කාමීත්වය යන සකල විධි හැඟීම් දැනීම් කරණකොටගෙන අපගමන්
කලේ විනෝද චාරිකාවක යෙදෙන තරුණයන් සපිරි බසයක් පසුපස අසුන මෙන් සතුටු සයුරේ කිමිදෙමින්ය!! ජව සම්පන්නවය!!අධිෂ්ඨානශීලීවය!!!
ගැම්ම...!
අප කිලෝමීටරයට සෙල්ෆි 20 ක පමන වේගයක් පවතා ගනිමින් විය! ලා හිරු රැස් තුරු අතරින් අප දෙස බලා කීවේ "ඔහොම යමුකෝ" කියාද? "පස්සෙ බලාගමු! " කියාද? කියා ඒ මොහොතේ සිතා ගනීමට නොහැකිවිය!
පොල්ගහවෙල ආසන්නයේ මග දෙපසින් ඇරඹී ඈතින් ඈතට දිවෙන මනස්කාන්ත වෙල් යායක් පවතී. කුඹුරු අස්වද්දා නිල්ල ගැසී පූදින්නට ඔන්න මෙන්න කියනා වයසේ වූ ගොයම් ගස් එක තාලයකට සුළඟේ ඔමරි පාමින්ය. වේරලියද්දගේ "වි. . . . . .. මල් පබා. // " ගීතය
එතැන් සිට මාගේ උදා ගී දැහැනට එක්විය.
ගොයම සිපගෙන එන සිසිලසින් පිරි මද පවන සයිකල් පදින අපට මහත්වූ "වාතයක්" විය! මෙය කලකට පෙර නන්දා මාලණී ගෝකුළ නමැති ගායිකාව විසින් පවත්වන්නට යෙදුනු "පවන" නම්වූ ඒක පුද්ගල ගී ප්‍රසංගය පිළිබඳව පුවත් පතක පලවූ විචාරයේ හෙඩිම විය! "පවන" පවනක් නොව වාතයකි! එසේ එම
විචරකයා
එසේ ප්‍රකාශ කර
සිටියේ
මන්දැයි
මා
හට
මේ
මොහොතේ
සිහියට
නගා
ගත
නොහැකි
වුවද
මෙදින
මේ
නිල්ල
සිපගෙන
එන
සිසිලස
කැටිවූ
මදනළ
අපට
"වාතයක්"
වූයේ
එමගින්
අපගේ
පැදීමට
එදිරිව
ගොඩ
නැගුණු
අධික සුලං ප්රථිරෝධයයි! කන්දක් පදිනවාට වඩා එය අපහසුදායක තත්වයකි! එම සුන්දර පෙදෙස පසුකොට තවත් ස්වල්ප වේලාවකින් අප පොල්ගහවෙල නගරයට අවතීර්ණ වීමු.
මොකද කන්දට ඇඹරෙණවද බාප්පේ...?
නගරයේ ඔරළෝසු කණුව අසලින් පටන්ගන්නා නැග්ම කෙළවර වන්නේ රෝහල අසල බෑවුම පටන් ගැනීමත් සමගය. මෙය පොල්ගහවෙලට පමනක් සුවිශේෂි තත්වයක් නොව සෑම කන්දක්ම පල්ලමකින් කෙළවර වීම ලෝක ධර්මතාවයකි! එම බැවුම නොහොත් පල්ලම බසිනවිට දකුණු පස ඉහලින් පාසලක් වේ. එය ඉදිරිපස සිල්ලරබඩු කඩයක් නොහොත් ග්‍රොසරියක් ඇත.
මමත් මධූත් එක් දිනකින් කිලෝමීටර දෙසීයක් පැද පොළොන්නරුවට ගිය දිනයේද උදෑසන එක් නැවතුම් පොලක් වූයේ මෙම ස්ථානයමය. අප එම ස්ථානයට ගොඩවැදී විනාඩි කිහිපයක් ඇතුලත පෙර සාධනය කල සාපේක්ෂ ප්‍රවේග සිද්ධාන්තය නැවත ඔප්පු කරමින් නිශාන් කුමාරද එතැනට සම්ප්‍රාප්ත විය. එතැන නවතා සුපුරුදු පරිදි ජෑම් සහ පාන්, ආනමාළු කෙසෙල් හා ජීවනී මිශ්‍ර ජලයෙන්
නැවත පැදීමේ හිලව්ව ගෙවා දමා
මද
වේලාවක්
පර
අයිනේ
පේමන්ට්
එකේ
වාඩිගෙන
ගිමන්
නිවමින්
සිට
සිට
නැවතත්
ගමන
ඇරඹූයෙමු.
පොලගහවෙල පසුවී ටිකදුරක් ඉක්ම යත්දී වසන්තය නිමාවේ. එතැන් සිට ලොකු කුඩා කඳු කිහිපයක් පසු කිරීමට සිදුවේ.
සාමාන්‍යයෙන් මධූෂාන් කඳු වලට අඹරෙණ්නේ නැත. මධුෂාන් ඇඹරුණද බයිසිකලේ මදූෂාන්ට ඇඹරෙන්නට ඉඩ දෙන්නේ නැත! එය ඕණෑම කන්දක් සැඩලයේ වාඩිවී කකුළේ බරින් පැද යන්නට හැකිය.
කඳු වලදී ඔහු සුපුරුදු පරිදි ඉදිරියේ සිට පදින්නේ මේ අරුමය නිසාය. මෙය මා දුකට ගයන කරත්ත කවියක් ලෙස ඔබට පෙනෙනු ඇත. මෙහි කිසියම් ශෝකී රාවයක් නැත්තේමනොවේ. "තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා. . . " කවියේ මොනවා නැතත් හපුතලේ කන්දක් ඇති බව පරම සත්‍යයක් වනවා
සේම
මධූගේ
සයිකලය
ඉතා
සුමට
පැදීමක්
ඔහුට
මුළු
ගමන
පුරාවට
සැලසූ
බවද
අමූලික
ඇත්තකි!
පට්ටපල් සත්‍යයකි!!
ගල්
පැලෙන
යථාර්තවාදී
අර්ථ
පූර්ණ ප්‍රකාශයකි!!!
එතැන්
පටන්
අපගේ
ගමන
තරමක
මන්දගාමී
ස්වරූපයක්
ගත්තේය.
අප කුරුණෑගලට ආසන්න වනවිට අමට සෙල්ෆියකට සුදුසු පසුතලයක් වෑන් රියෙදුරෙකු සකස් කොට දී තිබුනි.
එයද ග්‍රහණය කර
ගනිමින්
අප
කුරුණෑගල
නගරයට
ඔන්න
මෙන්න
තිබියදී
දුටු
වෙළෙඳ
පුවරුවක්
විසින්
අපගේ
ගමන
නවතාලූවේය.
ඒ
අන්
කිසිවක්
නොව
මා
සේවය
කරණ
ආයතනයේකුරුණෑගල
ශාඛාවේ
නාම
පුවරුවය.
මෙම
පුවරුව
දුටු
සැනින්
මධූගේ
මඩ
කුරු
කුරු
ගෑම
මා
පොළොන්නරු
ගමනේදීද
අත්දුටු
සත්යයකි. එදින සේම මෙදිනද කුරු කුරුව එලෙසින්ම විය. එය මධුෂාන්ගේ අවුලක් නොව නාම පුවරුවේ අවුලක් විය යුතුය.
මධූගේ සියළු ගෘහ කර්මාන්තයන්ගෙන් ඉක්බිති නැවතත් අප ගමනට එක්විය.
මධූ ගේ මුහුනේ ඇති සිරියාව - එනම් රටටත් වඩා විසල්ව පැතිරී...!
කුරුණෑගල සිට අනුරාධපුරයට යාමට අප තෝරා ගත්තේ ඇල්ල දළදාගම ගල්ගමුව හෙවත් තලාව පාරය. අප ගමන සැලසුම් කර තිබුනේද මෙම මාර්ගයේමය. මෙය දඹුල්ල හරහා යනවාට වඩා ස්වල්ප වශයෙන් හෝ දුර අඩු මාර්ගය වේ. එතැන් සිට කුරුණෑගල නගරය හරහා අප ගමන් ගත්තේ දැඩි හිරු රෂ්මියෙන් මහත්සේ පීඩා විඳිමින්ය. කුරුණෑගල උෂ්නත්වය අධික නගරයකි. අධික ජනාකීර්ණ බව, බොහෝ සෙයින් සංයුක්තවීම, ඉහත කාරණා නිසාම නිරන්තරයෙන් පවතින වාහන තදබදය, ගහ කොල බේතකටවත් නොමැතිකම එසේම වියළි කළාපය මායිමේ පැවතීම මෙයට හේතු ලෙස පෙන්වාදිය හැක.
මේ සියල්ල අභිබවා ඉහළට හිස ඔසවාගෙන සිටින්නේ ඇතුගලය. මෙම යෝධ පර්වථ රාජයා දිවා හිරු රැසින් උනුසුම් වෙත්ම වෙත්ම නගරය ගිණියම් වේ. නගරය ගිනියම් වෙත්ම වෙත්ම ඇතාගල වඩ වඩාත් උනුසුම්වේ! මෙම සාධකයන් දෙක චක්‍රීය ලෙස සමතුලිත වීම නිසා; ඉන්න බැරිවට ගිණි මද්ධහනේ සයිකල් පදින අපට පමනක් නොව නගරයේ ගැවසෙන සෑම සියළු දෙනා හටම අධික උණුසුමෙන් පීඩාවිඳින්නට සිදුවේ.
අපිට මෙහෙමනම් පිළිම වහන්සේට කොහොම ඇතිද....?
වාහන තදබදය අතර සයිකල් පැදීම; සිත සන්සුන් කොටගෙන මනස දමනය කර ගැනීමට කඳුබොඩ විපස්සණා භාවනා මධ්යස්ථානයට ගොස් දින ගනනාවක් භාවනා කරණවාට වඩා ප්‍රථිපල ගෙන එන ක්‍රියාවලියකි! මෙය වඩාත් ඉක්මණින් පසක් කර ගැනීමට මේ සඳහා දිවා මධ්‍යහනය තෝරා ගන්නේ නම වඩාත් මැනවි!
ස්කූටි පදින නංගිලා ඩියෝ පදින අක්කලා ත්‍රීවීල් පදින අයියලා බස් කරකවන මාමලා කිසිවෙකු සයිකල ගනන් ගන්නේ නැත. ඔවුන් සිතන්නේ සයිකලයක් යනු හුදෙක් ක්ෂෙත්‍රඵලයක් විනා පරිමාවක් ඇති වස්තුවක් විලස නොවේ! තවත් විදියකින් කියනවානම් ඝනකමක් ඇති වස්තුවක් ලෙස සයිකලය ඔවුන් දකින්නේ නැත. කොටින්ම ඔවුන්ට මෙය කොහෙත්ම වස්තුවක් නොවේ.
බොහෝ දෙනා නිවසේ අතැර දමා තිබෙන බොහෝ දේ අන් අයට "වස්තුවක්" වනවා සේම සයිකලය; පදින අපට මහානර්ඝ මැණිකකි! එහෙත් වස්තුව අතැර දැමුනු නිවසේ හිමි කරුවන්ට සේම මහා මාර් ගයේ අයිති කරුවන් වන පෙරකී පදවන්නන් හට අප කිසිදු වටිනාකම නොමැති දූවිලි අංශූන්ය.
සියළුදෙනාගේ තාඩන පීඩන මැද අප නගරය සිසාරා
නගර
සීමාවෙන
එළියට තනි කෑල්ලට පැමිණියෙමු! කුරුණෑගල නගරයද තරමක් සංකීර්ණ නගරයකි.
එහෙත් උසස් පෙල සමත් කර ගැනීමට වසර අටක් දහයක් මෙම නගරයේ පන්ති ආ මධුෂාන් නොදන්නා ලිඳක් බෝක්කුවක් මෙහි තිබුනේ නැත. ඔහු පසු පස අප ඒ මේ අතට පැද ගිය අතර අප මතුවූයේ සුන්දර වැවක් අසලිනි. කුරුණෑගල නගර මාධ්‍යයේ ඇති වැවනොව මෙය වාරියපොල දෙසට දිවෙන මගේ පසෙක ඇති එකකි. එහි සුන්දරත්වය මා නොලියා සිටින්නම්. ඔබ දෑසිම බලා විඳ දරා ගන්න! ඒ අසල අප විවේකය පිණිස නැවතුනෙමු!
මචං අවුලක් නෑනෙ...?
ඇති යාන්ත්ම් තුන්දෙනා එකට ඉන්නවා...!
ජංගම පොටෝ සාප්පුවක්...!
පෙඳ පාසී හොඳින් ගැවසී දිය යාවි වැසී වැව දුකෙන් පසු බසී.....!
වැව ඉස්මත්තේ - දාගැබ තැනුනා....!
Machang, This is 4, how to find 1-3? Thanks
ReplyDeleteඅන්න ලින්ක් ටික ඉහලින්ම දැම්මා මචං! ගිහින් බලපං! ස්තූතියි බොහොමත්ම!
DeleteThanku machang
Deleteතට්ටතුමාගේ අවධානය පිණිසයි : අර ඔයාගේ ගමන් සගයාගේ ඉරි ඉරි ඉරි ඉරි ටීෂර්ට් බදකඩිත්තුව හංගන්න බැරිද?
ReplyDeleteඔයා නෝනෙ කියන්නේ උප්පැන්නෙ හංගන්න කියනවා වගේ ඒවනෙ!?
Deletehttps://metro.co.uk/2014/05/14/men-listen-up-heres-21-things-women-secretly-hate-you-wearing-4727520/
Deleteපෙරකදූරු මාත්තියා දන්නවත් ඇතිනේ!
Deleteඒක නෙවෙයි.. මම එහෙම කිව්වේ මොකෝ දන්නවද? ඔබතුමාගේ මොන සයිකල් පැදිල්ලක උනත් ඒ කියන සාමාජිකයා ඉන්නවා වීමත්.. ඒ හැම පින්තුරයකම වගේ ඉන්නවා වීමත්, ඒ හැම පින්තුරේම ඉන්නේ ඔය ඇඳුම ඇදගෙන වීමත් ආදිය හිතල මාතල කිරල ගත්තහම.....
බොරුනම් බලන්න ඔය අර සිරියාවට හිනාවේගෙන ඉන්න පින්තුරේ වෙනකොට අර උන්දා ඇඳගෙන ඉන්න ඇඳුම නිසා රට පටලැවිලා වගේ නේ? අත්දෙක කොටට ඇඳගෙන ආපු ඔබතුමාගේ ටීෂර්ට් එක එකපාරටම දික් වෙලා! අනේ මේවා කාට කියන්නද? මේ රට මහා එපාකරපු රටක් අප්පා...
බොහොමත්ම ස්තූතියි ඔබ එලෙස තීක්ෂණව බැලුවාට. ඔය රාජකාරිය චිත්‍රපට කර්මාන්තයේදී නම් හිමි වන්න්නේ සහය අධ්‍යක්ෂකට! ඇත්තෙන්ම සිදුවී ඇත්තේ මා අතින් රූප රාමු දෙකක් මාරුවී යාම. ඉහලින් ඇත්තේ කුරුණෑගල නගරයට වඩාත් ආසන්නයෙ අප නැවැත්වූ අවස්ථාවේ ගත් පිංතූරයක්! ඊට යටින් තියෙන්නේ ඉහත ස්ථානයට සේන්දුවීමට ප්‍රථම "ආනන්ද වෙඩිසිංහ" මහතාගේ ව්‍යාපාරික ස්ථානය පසු කරණ අවස්ථාවේ ගත් එකක්. ව්තැන පසුකොට ගොස් නැවතුනු ස්ථානයේදීයි අත් දිග ඇදුම් ඇද ගත්‍තේ චන්ඩ හිරු රැසින් මිදෙන්න. බොජොමත්ම ස්තූතියි එම වරද
Deleteපෙන්වා දුන්නාට ඉඩ
ලත් වහාම නිවැරදි කරණ්නම්!
මචං ඔන්න උඩින්ම ලින්ක් ටික දිගේලි කලා! ස්තූතියි!
ReplyDeleteකාන්තාවන් පිලිබඳ තට්ට මහතාගේ බහුසෘතබව ගැන කිසිම සැකයක් කිසිම කෙනෙකුට නොමැති අතර එවැනි දේ පිලිබඳව වලියට තුඩුදෙන ඔපීනියන්ද එතුමා සතුය
ReplyDeletehttps://www.washingtonpost.com/archive/politics/1990/02/26/was-nefertiti-black-bitter-debate-erupts/4e7bdc74-18a6-435e-a5f6-df900cb7f014/?noredirect=on&utm_term=.d98a57bd5ed4
නේත්‍රම්පලම් එකක් ගෙනියනවනම් ඔක්කොටම කෑවහැකි ඒක
https://en.wikipedia.org/wiki/Changalikodan
මම ඉන්නෙ දෙවෙනි තැන!ස්තූතියි බොහොමත්ම!
Deleteස්කූටි පදින නංගිලා ඩියෝ පදින අක්කලා ත්‍රීවීල් පදින අයියලා බස් කරකවන මාමලා කිසිවෙකු සයිකල ගනන් ගන්නේ නැත.//
ReplyDeleteසම්පුර්න ඇත්තක්. මේ බව ලගදි අත්වින්දා. මේ බ්ලොග දැකලා ඇතිවුන සයිකල් පිස්සුවට මවුන්ටන් සයිකලයක් අරගත්තා. පානදුරේ ඉදන් ගල්කිස්සට අනොරා වැස්සක හවස 5ට මෙලෝ හසරක් බ්රේක් නැතිව පැදලා. ඒ මදිවට චෙන් පනිනවා.ජර්මන්ටෙක් එක ලගට එනකොට හොද පන ගිහිල්ලා.
ඕන්න දැක්කද මේවා කියෝන එකේ විපාක! කියෝනකොට හෙල්මට් එකක් දාගෙන එපැයි !!
Deleteමාතෘකාව සයිකල් පැදීම. තහනම් වචනය චේන් පැනීම!
Deleteනෝනාට මම එක වතාවකුත් කිව්වා එන්න කියලා
සයික්ලින් ටුවර් එකක් කරණ්න. කෝ ඉතිං ආවා තියා කතා කරණ්න ලියන්නවත් මගක් නෑ නොවැ!
අගනා ගමන් විස්තරයක්.
ReplyDeleteඔය ඇතුගලෙන් ටවුන් එක රත්වෙන එක වලක්වන්න තමයි සොබාව ධර්මයා විසින් ටවුන් එක මැද වැවකුත් හදෝල තියෙන්නෙ. කොහොමද ධර්මයගෙ වැඩ.
ඕක හරියටම වියලි කලාපෙ කොමඩු හැදෙනවා වගේ තූලනයක්! ස්‍තූතියි!!
Deleteපැදිල්ලත් මරු...ලිවිල්ලත් මරු....
ReplyDeleteබොහොමත්ම ස්තූතියි!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteI needed to follow your instructions , advises , directions.
ReplyDeleteThough some time , I delayed to get the correct idea.
කලබල නොවී කියවගෙන යමුකෝ මලේ!
Deleteසතු වීරියෙන් පා පැදියක් පදවාලා
ReplyDeleteඇතු ගල් පුරේ පසුකර එම සිරි බලලා
සිතු ලෙස නුඹව දැකුමට මට නොහැකිවෙලා
මතු දින එද්දි කිවමැන මට දන්වාලා....
ඔබතුමා අපේ ගම්දිහා ඇවිත් ගිහින්නේ...
අවසානෙදී ඔබ සඳහන් කෙරූ වැව අපි හදුන්වන්නේ "සාරගම වැව " කියලයි. මේ ගැන ලිපි පෙලක් ඉදිරියේදී " දුමී " ගෙන් දැකගැනීමට හැකිවෙයි.
ජයවේවා!!!
ඔබ ගම් පියස ඇතුගල පුර අසල ඇතී.
Deleteබව මා නොදන්නෙමි මා මග
හැර නොයතී
දැන සිටි යනම් ඔබ නිවසට
ගොඩ වැදෙතී
ඔබ දැක බලා කවි පොකුණේ කිමිදයතී
saragama lake
ReplyDeleteOh yes! Saragama Lake
Deleteකට්ටිය එකට පිටත් වෙලා ඔහොම මග හලලා යනවද ? ඒ මදිවට තව පින්තුරත් ගහලා .අර මනුස්සය ආයේ නම් එන එකක් නැහැ බයිසිකල් පදින්න
ReplyDeleteඕව මහ කැත වැඩ නේද මලේ?
Deleteමාමෙ, මං පහුගිය දොහක දැක්කා ඒරොප්පෙ යංකිසි කුරිඤ්ඤං සමාගමක් රෝද හතරෙ පුස්සයිකලයක් හදලා තමුන්ගෙ පාවිච්චියට. ඒකට හයිබිඩ් හිටං තියෙනව. හොඳ හේත්තුවක් දාගෙන පදින්නයි තියෙන්නෙ. එ් වගේ රෝද හතරෙ බයිසිකල් හෙලදිවේ මහපාරෙ පදින්න ලොරි ලයිසන් ගන්ට වෙයිද? ඒ ගැන නීතිය කවරේද?
ReplyDeleteඅපගේ බොහෝ දේවල් මෙන්ම මේ පිළිබදව නීතිත් බොහොම යල් පැන ගිය ඒවා!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඉහතින් දැක්වෙන්නේ මුදල් නොගෙවා ප්‍රචාරය කල වෙළද දැන්වීමකි. මේ පිළිබදව කිසිවක් තට්ටයා වන මා නොදන්නා අතර මෙය පලකල මදුශාන් ප්‍රනාන්දු මහතා මා කිසි ලෙසකින් නොදන්නා අයෙකි. එමෙන්ම ඒ මහතා සමග කරණු ලබන කිසිදු ගනුදෙනුවක් පිළිබදව මා වග කියනු නොලැබේ!
ReplyDeleteදැන් ආනමාලු කන්නේ සයිකල් පදින උන් පමණක්ම නොවේ, ඉන් එහාට එහාට ගිය ආනමාලුද ඇත්තේය ... සමහරක නැට්ට හරියය, එහෙම නැති ඒවාගෙන් ප්‍රයෝජනයක් නැත :)
ReplyDelete//ස්කූටි පදින නංගිලා ඩියෝ පදින අක්කලා ත්‍රීවීල් පදින අයියලා බස් කරකවන මාමලා කිසිවෙකු සයිකල් ගනන් ගන්නේ නැත.//
මේ කතාව වැරදිය ඔය කියන අය සයිකල් පමණක් නොව සක්කරයගෙ පුතා වයිමා ආවත් දනිස්සේ පහළට ගණන් ගන්නා උදවිය නොවේ !