Wednesday, April 18, 2018

91. ප්‍රේමය ගැන කතා බහක්!





ගොඩ වැදුනු එකේ මේ සිංදුව පොඩ්ඩක් මාත් එක්ක මුමුනලාම කියවන්නට පටන් ගමු! එහෙම හොඳයි නේද?

හිතේ  කලක සිට පැල පදියම් වූ අදහස් ගොන්නක් ලියාතබන්නට උවමනා උනත් එය නිවැරදි අනු පිලිවෙලකට ගලපාගන්නට නොහැකිවීම මෙම ලිපිය ලිවීමට මෙතරම් කලක් ගතවන්නට හේතු විය.කුඩා කෙමියක් ඇති භාජනයක් තුලට දැමූ වීදුරු බෝල මෙන් ලියන්නට ඇතිදේ සිරවී ගොසිනි.එසේ හෙයින් මා මෙයින් සිදුකොට ඇත්තෙ සිරවී ඇති දේ අතට අහුවෙන අහුවෙන පරිදි ඉවතට ඇද පෙනෙන්නට සැලැස්වීමයි.
 මෙයට දිය හැකි හොඳම උදාහරණය වන්නේ රෙදි සෝදන යන්ත්රයක් එහි ලූ  රෙදි පෙරෙදි   සෝදා අවසන් වූ පසු එයින් රෙදි ඉවත් කරණ්නට යාමේදී සිදුවන ක්රියා දාමයය. හිතන්න සියලු රෙදි එකට වෙලී පැටලී ඇත.අතට අහුවෙන අහුවෙන දෙයින් මා  එලියට අදිමින්. එකක් ගන්නට අපහසුවිට තව එකකින් අදින්නෙමු. විටෙක අතට එන්නේ එක මේස් එකක් පමනි. අනෙක මතුවන්නේ තවත් ටික වේලාවකින්!  




එකකට එකක් නොගැලපෙන සේ ඇදි ඇදී එන අදහස්  සෝදා පිරිසිදු කල පසු!

මේ සංවාදය මෙසේ පටන් ගමු. දිනක් මා මිතුරු නුවන් මල්ලි හෙවත් වෙජිටේරියන් ( එයාව අපේ ගෙදර හඳුන්වන ගෞරව නාමය!) අලුත් සිතුවිල්ලක් මා සිතට ඇතුළු කලේය.
අයියෙ ;බැන්දට කොපමන කාලයක් එකට හිටියද කියන එක නොවේ වැදගත් වෙන්නෙ. දෙදෙනා අතර බැඳීමක් නැත්නම් වෙන්වෙන්න ඕනෑ. දැන් බලන්න අපේ රටේ  ගෝල්ෆේස් හරි වෙන බීච් එකකට හරි ගිහින් බලන්න අවුරුදු 50 -60 පැනපු කපල් එකක ආසවට අහින් අල්ලගෙන යනවා දැකලා තියෙනවද? ඒඋනාට එහෙම රටවල් කොච්චර නම් තියේද ?”


උප්පැන්නයට අනුව වයසට නොයන දිනෙන් දින තරුණවන ආදරය!

බලාන ගියාම කතාව ඇත්තම ඇත්තය. අපේ රටේ කීදෙනෙක් නම් මුදල් ගෙවා චිත් පට මගින් හෝ නොගෙවා රූපවාහිණියෙන් හෝ කොයි තරම් වියපත් වූවන්ගේ  ප්රේම ජවනිකා ඇස් කෙවෙනි තෙත් කරමින් බලන්නේද?මැදි වයස පසුකරණ හෝ කල ; එහෙත් සුපිරි ප්රේම වන්තයින් ටෙලි කතා වල අප කොතෙක් නම් දැක  ඇත්ද? නව යොවුන් තරුණ තරුණියන් පරදා ප්රේම කරණ  කයි කතන්දර උදේ සිට රෑ වනතුරු ඉකිගසමින් නරඹන ඔවුන්ගේ නිවෙස තුල වෙසෙන තම ස්වකීය බිරිඳ හෝ සැමියා වෙත එම ආදරය දක් වන්නේද?මා ගේ උසස් නිළධරයෙකු දිනක් උදෑසන කංතෝරුවේදී මුන ගැසිනි.
 මම ඊයේ දැක්ක ඔයා කවුද ලේඩි කෙනෙක් එක්ක පාර පනිනවා කොහුවලදි   
සර් ! මගෙ වයිෆ්
වෙන්න බෑ අතින් අල්ලගෙනනෙ හිටියේ. මම මගේ වයිෆ් ගෙ අතින් අල්ලගෙන ගිහින් නෑ අවුරුදු 10 කින්  වත් ! ”  
මා නිරුත්තර වුනෙමි.


මියෙන තෙක්ද ඉන් මතුවට - නෑර අත දිවෙන පෙම!

අප ප්රේම ගීත කීයක් නම් රස විඳින්නේද ? කාලානුරූපීව ජෝතිගේඉර  සඳ වැඳලා - නෙත්දෙක ඇරලා - අත ඔබෙ නලලෙ තියා …//” ගීතයේ සිට විකටර්ගෙසසර සැරිසරණතෙක් ඔබමගේ ඔබමගේ //” වැනි ගීත කීයක් නම් හදවතින්ම රස විඳ ඇතිද ? කෝ ඒත් කසාද බැඳ වසර 5 ක් 10 ක් යනවිට ප්රේමයක්.අසන නරඹන ගයන සවන් දෙන සූවිසි මහා  සුන්දර ප්රේම කථා රාශියට අප ඇලුම් කලද; අප ඒවා තුල මනසින් ජීවත් වුවද  එසේ ජීවත් වන්නට කැමති වුවද අප; අපගේ නීත්යානුකූල බිරිඳ හෝ සැමියා සමග ජීවත් වන්නේ අතේ දුරිනි. මන්ද ? විවාහයට පෙර තම පෙම්වතියගේ කුඩා  හිසේ රුදාවක් පිළිබඳ මහත්සේ උනන්දුවන පෙම්වතුන් විවාහයෙන් පසු බිරිඳට කුමන ව්යාධියක් වූවද   ඇස් හැර  නොබලති.
හරි හරි මටත් අමාරුයි තමයි මම මේ  නොකිව්වට ….”මේ ඊට ප්රථිචාරය.
මෙය කියවන විවාහවී වසර 5 ක් ඉක්ම ගොස් ඇති ඔබ අතුරින් කීයෙන් කීදෙනෙක් නම් තම සහකරුට හෝ සහකාරියටමම ඔයාට ආදරෙයි ..!” කියා ගෙවුනු මාස 6 ක් ඇතුළත එක් වතාවක් හෝ පවසා ඇත්ද ? නලළ සිප ඇතිද?මෙය මා ඔබගෙන් පෞද්ගලිකව ඇසුව හොත්එයාට ඒවා වැඩක් නෑ …!”කියා බොහෝ  විට  කියාවි.නමුදු මම එම ප්රශ්න කිරීමම ඔබගේ සහකරු හෝ සහ කාරිය වෙතින්  විමසුව හොත් ඔහු හෝ ඇය බොහෝ විට එම  පිළිතුරම දෙනු ඇත.එතකොට ප්රශ්ණය කිකිළිද බිත්තරේද කියන තැනට වැටෙන්නේය!


මේ ඒ සෙනෙහස මද?

මේ සියල්ල්ලම  නොඑසේ නම් දැන් ඕව කොරන්නේ මොකටද ? නැතිනම් අපි දැන් අම්මලා තාත්තලානෙ කියනු ඇත. එහෙත් අප කඳුළු පෙරාගෙන මෙල් ගිබ්සන්ගේ  For Ever Young බලන්නෙමු. (බලන්න එය සුපිරිම ප්රේම කතාවක්!)


කියන්න වදන් නෑ - බලන්නම වෙනවා!

එවිට ගැටළුව ඇත්තේ කොතැනකද? වයස සමග ප්රේම කිරීමේ රටාව අමතකව ගොස්ද ? නැත චිත්රපට වල නළුවා හෝ නිළිය ; එම නිර්මාණය තුල හොඳින්  ජීවමන ලෙස ප්රේම නොකලොත් අප එහි අඩුපාඩු  සියයක් දකී.ඔහු හෝ ඇය දිනක් හෝ තහනම් ප්රේමයක බැඳුන හොත් ජීවිතයේ කිසිදු දිනෙක නොකල ලෙසින් නැවුම් ආදරය කරණු ඇත.තම තම පමනට  එම ආදරය වඩාත් නිර්මාණශීලී එකක වීම දක්නට හැක. 


අප අපගේ පෙම් වතිය හෝ පෙම් වතා හට ආදරය කරණ්නට පටන් ගන්නේ ඔහු හෝ ඇය දකින්නටත් කලිනි.අප යොවුන්  වියට එලඹෙත්ම දකින දෙයින් අසන දෙයින් හෝ සිතට  සිතෙන දෙයින් අපගේ අනගත සහකරු පිළිබඳ මනෝ රූපයක් ගොඩ නගා ගෙන සිටිනු බොහෝ විට දක්නට ලැබේ.බොහෝ පිරිමින්ගේ මනෝ රූපයට මූලික වන්නේ තම ආදරනීය මව වුවද එයින් එහා ගිය; මත ගොඩනගා ගත්  සුන්දර  සිතුවමක් හදවත තුල ඇති හිස් අවකාශයේ සැරිසරණ්නට ඉඩ හැර ඇත.


මා එය මට දැනුනු හැටි කියන්නම්. මා යොවුන් වියට එළඹෙන අවදියේ චිත් පටියක් ප්රදර්ශනය වුනාබයිසිකලේකියලා. ඒකෙ  රඟපෑවෙ ජෝ   අබේවික්රමයි මාලණියිද කොහෙද?ජෝඅබේවික්රමව නම්  100% ක්ම හරි.එහි එක් ජවනිකාවක් තියෙනවා ජෝ අබේවික්රම උදැල්ලකට මිටක් ගහනවා.මේ වැඩේ කරණකොට එක වරම එයාගෙ ඇඟිල්ල තැලෙනවා.එයා වේදනාවෙන් ඇඟිල්ල අල්ලාගෙන සිටිනවිට ඔහුගේ  ආදරනීය බිරිඳ එතනට දුවැවිත් එම ඇඟිල්ල මුව රුවා ගන්නවා!යොවුන් මගේ සිත තුල එතෙක් නින්නාද නොවූ තතක සියුම් කෝමළ ස්වරයක් හැඬවීමට එම ජවනිකාව ඉවහල් විය.පසුකලෙක මා සොයන්නේ එවන් ප්රේමයක් නොවන්නේදමෙය බොහෝ අය  තම විවාහ ජීවියේ මුල් කාලයේදී  තත්වාකාරයෙන් අත් දැක ඇති සුන්දර සිද්ධියක් වනු ඇත. එහෙත්  පසු කාලීනව ඇය ක්රියා කරණ්නේත් ඔහු ඉල්ලා සිටින්නේත් ගොරකා , සුදුලූනු , ඉඟුරු එකට අඹරා ගෙනත් රෙදිකඩකින් එතීමටය ! එතෙක් පැවති සුන්දර ප්රේමය ගොරක සුදුලූනු සමග මිරිස් ගලේ ඇඹරී ගොස් !


බඹරවගේ ඇත  තවම විසේ...!

පුද්ගල ප්රේමය දෙදරී යාමට ඇල්කොහොල් කරණ්නේද සුපිරිම මෙහෙයකි ! ඉතා ආදරයෙන්  ,සෙනෙහසින් සිටින අඹු සැමියන් අතරට  මෙය පැමින මිනිහා නොමිනිහා වී තම බිරිඳ තවත් බයිට් ප්ලේට්  එකක්  ඩෙවල් පෝක් එකක් ලෙසට දකින මහත්වරු සිටිති.ඔවුන් අතර එතෙක් තිබූ ප්රේමය අතුරුදහන් වන්නේ ඩෝප් බැසීමටත් ප්රථමයෙන්.මා බොහෝ අළුත විවාහ වන තරුණ මිත්රයින්හට දෙන වැද්ගත්ම අවවාදය වන්නේ නොබීපු දවසට බිත්තිය පැත්තට හැරී නිදා ගත්තද දෙකක් දාගත් දිනට තම බිරිඳදෙස හැරී යහන් ගත  වන ලෙසයි!බොහෝ බිරින්දෑවරුන් තම සැමියා ගේ බීමට යුද්ධ ප්රකාශ කරණ එක් හේතුවක් වන්නේ බීමෙන්  පසු තමාව  නොසලකා  හැරීමයබීමත් සමග තමාකෙරෙහි වඩාත් උනන්දුවන මහත්වරු සිටින ගෙවල්වල බොන්නට  ගියවිට බයිට් වලින් කිසිදු අඩුවක් පාඩුවක් දැනෙන්නට නෝනාවරු ඉඩ නොතබති !  


උඹද? මමද?
තම බිරිඳ සමග තරගයට වැටුනු මහත්වරුන් සිටිති. ඔවුන් බිරිදට ආදරය කරණ්නේ ඇයට කෙළවුනු අවස්ථාවලදී පමණි! සිද්ධිය  ගැන හොඳින්  විස්තර දැනගැනීමට හැකි හොඳම මග ගැටළුවට මැදි වූ කෙනා ගෙන් දැන ගැනීම වඩාත් යෝග් වන නිසාය.ඔවුන් අතරද පුද්ගල ප්රේමය ගව් ගනනක් දුර ගොස්.සමහර පිරිමින් සිතා සිටින්නේ බිරිඳ යනු තමා ගේ අන්තේවාසික සේවිකාව කියාය. ඒසමගම සියළු  විනෝදාංශ රසාස්වාදන හිමිවිය යුත්තේ තමාට පමනක් යැයි සිතයි.අඩුම පිරිවැටුමකින් තම ගෙදරදොරේ වැඩකටයුතු ටික කර කියා ගෙන තමාට ඇවැසි වෙලාවට කිසිදු වියදමකින් තොරව ලිංගිකත්වය ලබාගත හැකි  ක්රමවේදය විවාහය ලෙස ඔවුන් අර්ථ දක්වා ගනිති.


ස්වයං චිත්‍රපට වින්දනය!

ජිම් යන්නේ ඔවුන්. චිත්රපටි , සංගීත සංදර්ශණ නරඹන්න යන්නේ ඔවුන්. මිත් සමාගම් පවත්වන්නේ ඔවුන්.හැඩට අඳින්නේ ඔවුන්.බැචුලර්ස් ට්රිප් සියල්ල ඔවුන්ගේ අයිතීන්.ඇයට හිමි වන්නේ රැකියාවක් කලහොත් එයත් දරුවනුත්  කුස්සියත් යන බර්මූඩා ත්රිකෝණයට මැදිව මියෙන්නටය.


එකදා පංසිල්-සැමදා අටසිල් නොව එකදා අටසිල් - සැමදා දස සිල් !

බිරින්දෑවරුනට ජීවිතයේ මැදිවයස එළඹෙන්නටත් පෙර ජීවිතයේ අනිත්යය  පෙනෙනට පටන්ගැනීමද ප්රේමය පලා යාමට ප්ර්ධාන හේතුවකි.බුදුන් වහන්සේ වදාලේ  හැමදා පන්සිල් එකදා අටසිල් ලෙසය.උන් වහන්සේ ලෞකික ජීවිතය මෙන්ම ලෝකෝත්තර ජීවිතය ගැන එකසේ දේශනා කොට ඇත.එහෙත් අභාග්යයකි!සමාජයේ වෙසෙන බොහෝ කාන්තාවන් බුදුන්ටත් වඩා බෞද්ධයෝ!කාර්යාලවල හෝ වෙනයම් සමජයක සිටින විවහය ඉහිරවාගත් හෝ විවාහයක රස ඵල නෙලාගැනීමට අපොහොසත්වූ හෝ උවමනාවෙන් පැහැර ඇරගත් කාන්තාවන් තම සංගමය පුළුල කරගන්නේ මෙම ව්යාජ ධර්ම ප්ර්චාරක කටයුතු වලිනි!එතැන් පටන් විවාහය පුද්ගල ප්රේමය යනුබැඳීම්! තම සැමියා පළිබඳ සොයා බැලීම්ගැටීම්.


අපේ එකා කලොත් වැඩක් නැට්ටෙ ඉඳන් ගොම!
වරෙංකො ගෙදර!!

තවත් බිරින්දෑවරුණට ලෝකයේ සියළුමදෙනා සර්ව සාධාරණවන අතර එම කුලකයට අයත් නොවන එකම අවයවය වන්නේ ආදරණීය සැමියාය.සාධාරණ හෝ අසාධාරණ අවුලක් ඇති කරගෙන නිවසට පැමිනෙන ඔහු  එය තමබිරිඳ සමග පවසන්නේ අස්වැසිල්ලක් පතාගෙනය. මෙන්න එයට බිරිඳගේ ප්රථිචාරය -“අනේ ඔයා කොහේ  ගිහින්ද අවුලක් කර නොගත්තෙ කියලා කියලා කියන්න කෝ ?”    
ගෙදර සියළුම තීන්දු තීරණ ඇයගේ වැඩක්.ඔහු වෙනුවෙන් හිතන්නේ ඇයයි. ඔහුට ඇති කාර්යය වන්නේ කියන දේ කොට;දෙනදේ කා;වෙනදේ බලාසිටීම පමණි. 




මේ මුලු ලෝකයම මගේ! (හැබැයි ගෙදර පවුලගෙ!!)

මෙතනදී මට මතක් වුනා පොඩි කථාන්දරයක්.
එක නිවාස යෝජනා ක්රමයක සිටි තරුණ පහේ අඹු සැමි යුවලක් සෑමදිනෙකම පාහේ කෙස් වළු පටලාගෙන සිටිනු  අසල් වැසියනට සුලභ හඬක් වූයෙන් එම යුවලට අවවාද කිරීමට වෙනත් වයස්ගත විශ්රාමසුවයෙන් සිටින ගුරුතුමෙකුව යොමු කරණ ලදී .
ගුරුතුමා - දැන් බලන්න පුතා කොහේද ප්රශ්ණ නැත්තේ කියලා. දැන් අපේ ගෙදරනම් අපිට තියෙන සියළුම  ප්රශ්න ; ලොකු ප්රශ්න , කුඩා ප්රශ්න විදියට වෙන් කරගෙන තමයි අපි ඒවට පිළිතුරු සොයන්නේ !
තරුණ සැමියා   - කාටද ලොකු ප්රශ්න ; කාටද කුඩා ඒවා ?
ගුරුතුමා - කුඩා ප්රශ්න ගැන සොයා බලන්නේ අපේ හාමිණේ. ලොකු ඒවා මට තමයි !
තරුණ බිරිද - මොනවද ඔය නෝන විසදන කුඩා ඒවා ?
ගුරුතුමා - රෑට දවල්ට මොනවද කන්නේ ? , නිවාඩුවට අපි කොහෙද යන්නෙ ? ගෙදර ගාන්නෙ මොන පාටද ?  රැට තියෙන පාටියට යනවද නැද්ද ? දුවගෙ මංගල්ලෙ ගන්නේ කොයි කාලෙද ? කොහේද ? එන මාසෙ මගේ පැන්ශන් එකෙන් මොනවද කරන්නේ ? ඔය වගේ ඒවා ……!
තරුණ සැමියා  - එතකොට මොනවද ලොකු ප්රශ්න  …?
 ගුරුතුමා- ඇයි දෙයියනේ කොච්චරනම් තියෙනවද ? බොස්නියාවේ ප්රශ්නය ! චෙච්නියාවේ අර්බූදය !! කියුබාවේ ගැටළුව !!! ඔන්න ඔය වගේ ඒවා !?

මා ඇසූ තවත් රසවත් කතාවක් පවසා නික්ම යන්නම්. තවත් ලියන්නට බොහෝ දෑය. ඒවාද ඉදිරියේ කතා කරමු !


මහ එකාගේ හී පාරේ යන හීන් එකා !

වැද්දිය - හීන් එකෝ ! තෝ දඩමස් පොජ්ජ යි මී පැණියි  නැහැමින් කොටාබාපිය ! එතොකොට තොටත් තොගෙ මහ එකා වගේ වැල්වල එල්ලිලා රුකුලෙ මන්දො කරණ්න පුළුවන්. මීපැණි බැද්දෙන් හොයාන එන්න පුළුවං.මුවා ගෝන හඹන්නට පුළුවං.අප්පුච්චා වගේ කොටි හපුවා එක්ක හටං කොරණ්න පුළුවං. උඹටත් ඉක්මනටම අප්පුච්චා වගේ මහ එකෙක් වෙන්න පුළුවං. කාපිය නැහැමිං !

බිරිඳ - උඹ ඉතින් නොකා ඉදලා තාත්තාවගේම මට වද දියංකො! ලේසියියිනෙ කිසි කරදරය ක් නැතිව ඇඳේ ඉඳන් කෙදිරි ගගා ඉන්න එකනෙ ඇත්තෙ.පුළුවං නං මහ මිනිහා වගේම  උඹත් කවදාහරි තව කොහේ හරි ඉන්න් ගෑනියෙකුට වදයක් වෙයං  !  

 මෙම කථා දෙකෙන්ම උපහසයට ගෙන ඇත්තේ බිරින්දෑ වරුන් වීම ගැන මාගේ පාඨිකාවන්ගෙන් සමාව ඉල්ලා සිටිමි. වාගේම තරහ අවසර ! ඊළඟ කථිකාවට අපි මහත්වරුන්ගේ කථා දෙකට හතරක් ලියමු !   
අත් දැකීම් ඇති නැති සියල්ලෝම මේ කථාවට පෝර දමත්වා ….!   
සුපිරි කතා දෙකක් මතක් උනා බැලන්ස් වෙන්න !


මාව බේරා ගනියෝ !  පස්සෙ  පුලුවංනං ගෑනිත් ගැනියෝ !!

ඔන්න දවසක් අපේ පාඨකයෙක් යනකොට ජලාශයක් අයිනේ තියෙන පාරකින් මහත්තයෙක් කෑ ගහනවා ලු කරවටක් වතුරේ ඉඳන් !
අපිව බේර ගනියෝ ……!” කියලා .
අපේ පාඨකයාත් අරමැරෙන්න එපා ..! මැරෙන්න හරින්නත් එපා ……!!” පෝස්ටුව එහෙම බලලා ඇග පුරා මොරාල් එක හදාගෙන  හිටියෙ. වැඩේට බහින්න කලින්අපිකියන එක ප්රථ්යක්ෂ කරගන්න එපායැ? මොකද මේ මනුස්සයානම් කොහොම හරි බේරිලා ඉන්නවානෙ !
කවුද අපි කියන්නේ …?”
මායි මගේ නෝනයි …! අනේ ඉක්මනට ….!!”
කෝ  එතකොට නෝනා ?”
එයාගෙ කර උඩ තමයි මම මේ හිටගෙන ඉන්නේ …….!
“^%$#*)!!@%$$^&()_*^%$%##&&*((#@@!#@$^%^())_)........!”
විපතෙදී තම ජීවිත් ගැනවත් නොසිතා බිරිද ගැන සිතන සැමියකුගේ කතාවකි !


මේ අනිත් කථාව !


මොන කස්තිරමටවත් බිම නොවැටුනු පෙරේතකම !

ඔන්න ගමේ අප්පුහාමි කෙනෙක්  එයාගේ පවුලවත්  දොක්කං  ගුවන්කරණම් පෙන්වන ප්රදර්ශනයකට ගියාලු.  ඒකෙදි එකා පසුපස එකා තිදෙනෙකුට හිඳ ගමන් කල හැකි ; එක් හුලං පෙත්තකින්  උඩ ගිහිං ; උඩුකුරු, යටිකුරු, මැදකුරු, වටකුරු , කුරු කුරු ; අඩව් , කස්තිරං , කරලං , පෙන්වමින්  උඩු ගුවනේ වැඩ හිටිය සුට්ටං ආසියාත්තරාවක් ප්රදර්ශනය පෙන්වපු පිට්ටැන්නට  ගොඩ බෑවාලු.
ඊටපස්සෙන් පහු ඒකෙන්  එලියට දොක්කපු නියැමුවා ; පිනිමුවා සේ වටේ ඉදං තමං දිහා කොර මඤ්ඤං  වෙලා බඩ උලා  ගෙන හිටිය පිරිසට කිව්වලු
මෙතන  ඉන්නවානම් මොකෙක් හරි එකෙක් මාත් එක්ක අර විදියේ කරලං ගහද්දී හිත තද කොරාණ මීක් නොකියා ඉන්න ඇහැක් එකෙක් මං උන්දැට මහ පොලොවට දොක්කපු ගමන් අං අර වැල ගහ යට නවත්තලා තීන ; ටෑංකිය පිරෙන්න පැස්ටෝල්  ගාපු  මොටෝ සයිකලේ ගෙදර ගෙනියන්ඩ දෙනවා…..” කියලා.   
මෙතනට නිකංම නිකං ආපු අර අප්පුහාමිටත්  හිතුනාලුඅඩේ මේක තමයි අඩා  අපෙ   මැරිච්ච වඳ ආත්තාගෙ පවුල හීනෙන් ඊයෙ පෙනිලා මට විට කොටන  වංගෙඩිය ඔහොක් කොරලා පෙන්නන ඇත්තේ …!” කියලා පවුලවත් ඉස්සර කොරාණ ඉදිරි පත් උනාලු තරග  කොරන්න !
දැන් ආසියාත්තරාවේ ඉස්සර්හින්ම ඒකෙ ඩැයිබර් ලු . ඊළඟට අර අප්පුහාමිලු . පිටිපස්සෙන්ම මායියා!
ඕං  රූං  ගාගෙන යානෙ අහසට ඉගිල්ලුනාලු. ඩැයිබර් මුලු හයියම දාගෙන එහාට ගියාලු . මෙහාට ගියාලු . හිටිගමන්ම තිරිංග තද කොලාලු.  යානෙත්; ගමේ ආරච්චිගෙ මදාවි පුතා කච්චෝරු කට්ටුවේ හිදං තිරික්කලේට බැංඳ පුසි ගොනාගෙ කිරිජ්ජ පල්ලට කෙවිටෙන් ඇන්නා වගේ හඬ දීගෙන ආකාසෙ එහාට යනවලු මෙහාට යන වලු. උඩු කුරුලු. යටි කුරුලු! ඩැයිබර මොන කෙළි කොලත් අර අප්පුහාමි  මීක් නැති ලු ! ඩැයිබර් දැන ගත්තලු මූ මගේ  මොටෝ සයිකලේට කෙළින්නම ආපු භහිරවයෙක් තමයි කියලා හිත හදගෙන අන්තිම බර පතලම වෙට්ටු ටිකත් දාගෙන පිට්ටැන්නට දොක්ක උනාලු .
ඩැයිබර් බහින ගමන්ං අර උන්දැ ගෙන් ඇහුවලු මනුස්සයෝ උඹට  ඩිංගිත්තක්වත් බයක් සැකක් සාංකාවක් දැනුනෙම නැත්ද අම්මා පල්ල මං අච්චර මගෙ අම්මා මුත්තා කලෙවත් නොකල ජාතියේ සුකුරුත්තං පෙන්නලත්?”   කියලා.
කිව්වට මොකෝ කියංඩ  ! මගේ මායියා බිමට වැටුනු වෙලේනම් මගේ මුලු සර්වාංගෙම හිරි වැටිලා ගියා ආයිබොවංඩ ….!” කිව්වාලු .
ඔන්න අපේ මහත්වරු !
ආයෙමත් කියන්නම් තරහ අවසර ! අත් දැකීම් ඇති නැති සියල්ලෝම මේ කථාවට ලුණු ඇඹුල් ඇතිව පෝර පෝර දමත්වා ….! 



      

32 comments:

  1. https://www.maxim.com/maxim-man/bald-men-are-sexier-2017-1

    ReplyDelete
    Replies
    1. ඉතිං ඇයි මේ කෙඳිරි? මට කොන්ඩයෙක් වෙන්න බැරි උනාට ඔබට විනාඩි පහෙන් තට්ටයෙක් විය හැකි නොවැ? මොකද කියන්නෙ?

      Delete
  2. අළුත් අවුරුද්දේ හොඳ මාතෘකාවක් ගැන කතාවක් ලියුවාට ස්තුතියි . අපේ ලාංකික සමාජයේ දෙන්නා දෙමහල්ලන්ගේ ආදරය හිතේ තිබුනාට ප්‍රකාශ කරන්නේ නැහැ . බටහිර සමාජයේ ඕනෑම සුළු දෙයකට (හස්බන්ඩ් දොරක් ඇරලා වයිෆ් ඇතුල්වෙනකම් අල්ලාගෙන හිටියත් "තෑන්ක්ස් ඩාල්" කියනවා . වයිෆ් බොන්න මොනවාහරි ගෙනත් හස්බන්ඩ් ට දුන්නම තෑන්ක්ස් ඩාල් කියනවා . වැඩට යන්න පෙර, වැඩ ඇරී ආ පසු කිස් එකක් දෙනවා). අපේ සමාජයේ තවමත් මුල්බැසගෙන තියන පැරණි පන්නයේ අදහස් සහ ආදරය කිරීම තරුණ වයසේ කලයුතු දෙයක් කියන සිතුවිලිත් අයින් කලයුතුයි . ඒ හැරත් අපගේ අචාර ශීලිත්වයේත් ලොකු අඩුවක් තියනවා . කඩේකින් බඩුවක් මිලදී ගත් විට, ඉතුරු මුදල් දුන් විට, තෑන්ක්ස් කියන්නේ කීයෙන් කී දෙනාද ? නමුත් බටහිර සමාජයේ තෑන්ක්ස් හෝ ප්ලීස් කියන වචන නොයෙදන වාක්‍යයක් නැති තරම් . ඒවාගේ හොඳ වචන දරුවන් ඉතාම කුඩා කල සිට පාවිච්චියට ගැනෙන නිසා අමුතුවෙන් ආචාරශීලී වීමක් අවශ්‍ය නැහැ. අපේ සමාජයත් ටික ටික ආචාරශීලීත්වය දියුණු කරගන්නවා කියලා මට එක උදාහරණයක් කියන්න පුළුවන්. වසරකට පමණ පෙර අපි ලංකාවේ ඉන්දැද්දී තැපැල් කරු ලියුමක් දුන්නාම මගේ බිරිඳ තෑන්ක් යූ කිව්වාම තැපැල් කරු 'යූ ආර් වෙල්කම්' කිව්වා

    ReplyDelete
    Replies
    1. ඔබ තුමා පැමිණීමටත් ලිවීමටත් වඩා මා වික්ෂිප්ත උනා සිංහලෙන් අකුරු ඇමිනීම ගැන! එහෙත් ඔබගේ සුපසන් ඉංගිලිසි බස් වහර මාගේ මේ බ්ලොගයට එක් කලේ විචිත්‍රත්වයක් යැයි පවසන්නේ නිර්ලෝභීව හා නිර්ව්යාජවය! කමෙක් නෑ ඔබ ලියනවා නොවැ!
      ඔබ මතු කොට තිබෙන කරුණ මා මිටි කොට දැක්වුවහොත් ඉන් කියැවෙන්නේ අප පරිත්යාගශීලී ජාතියක් (මෙයද මේ වනවිට විවාදයට තුඩුදේ !) වූවාට ස්තූතිවන්ත ජාතියක් නොවන බවයි! පැහැදිලිවම මා එය පවුල් සංස්ථාව තුල පමනක් නොව සමස්ථ සමාජය තුලින්ම දැකගත හැකි තත්වයකි!
      සමහර විටබොහෝ දෙනා සිතනවා තමන්ට අන් අයගෙන් සිදුවන බොහෝදේ තමන්ට අනිවාරයයෙන්ම සිදුවිය යුතු දේවල් බවත් ඒවාට තමා එම පාර්ශ්වයට ස්තූතිවන්ත වීම කල යුතුවීම අනවශ්ය දෙයක් බව! එය අපේ ජීවිතවලට ඇවිත් තියෙන්නේ අපේ පුරුෂාධිපත්ය, ගැති මානසිකත්වය මත ගොඩ නැගුනු හීනමානය හා අධිමානය කරණ කොටගෙන අනිටු ප්‍රථිඵල! එන්න!! ලියන්න!!! බොහොමත්ම ස්තූතියි!

      Delete
    2. ස්තුති කිරීම, ප්‍රති ස්තුති කිරීම, සමාව ගැනීම වගේ දේවල් මේ වෙද්දී ඉස්සරට වඩා ගොඩක් වැඩිවෙලා තියෙනවා...
      තව පරම්පරා දෙක තුනක් යද්දී සැලකිය යුතු වෙනසක් වෙයි...

      Delete
    3. සත්තකින්ම එහෙම වෙනවා නම් හොදයි!

      Delete
  3. මේ කතාව නම් අපූරුයි. කියන්න දේවල් ගොඩාාාක් හිතෙන හින්ද - එක්කො මොනවත් ම නොකිය ඉන්නවා.....

    ReplyDelete
    Replies
    1. මම බලාපොරොත්තු වුනේ මගේ මේ අසංතුලිත , අසම්පූර්ණ මතවාදයට යමක් එක් කරයි කියා. හැකිනම් නැවත සිතා බලා ලියන්න!

      Delete
    2. :-) නෑ. මම එහෙම කිව්වෙ ඔබගේ ලිපිය ගැන කිසිදු අවතක්සේරු කිරීමකින් හෝ හෑල්ලු කිරීමකින් නොවේ. මෙය කියවද්දී මගේ හිතට නැගෙ දේවල් මීටත් වඩා විසිරුණු ස්වභාවයෙන් යුක්තයි. කමෙන්ටුව කොහෙන් පටන් ගන්නද කියලා හිතෙනවා. අප තරුණ කාලයේදී ප්‍රේමය නමින් හැඳින්වූ දෙයට, කාලය ගත වද්දී සිදුවන්නේ කුමක් ද, යන්න මටත් ප්‍රශ්නයක්. (මම ශතවර්ෂ භාගයත් ඉක්මවූ කෙනෙක්. :-)''') අපි අපේ තරුණ වියේදි ඉන්නේ ආදරය පිළිබඳ අපේ ම වූ කිසියම් ෆැන්ටසි එකක. ඒ කාලෙ අප හිතා ඉන්නෙ අපේ විවාහය කියන්නෙ මේ ෆැන්ටසි එක මහපොළොවට පැමිණීම කියලයි. එහෙත් ඇත්තටම සිදු වන්නේ. ඒ ෆැන්ටසි එක විනාශ වී යථාර්ථය අත් දැකීමයි. ඒත් ඒකෙ වරදක් කියන්නත් බැහැ. මොකද මිනිසුන් වන අපි හැමෝම වෙස් වෙනස් චරිත. එක සමාන දෙන්නෙක් ඉඳීය කියල බලාපොරොත්තු තියා ගැනීම මෝඩ කමක්. ඊට පස්සෙ කරන්නෙ මේ එකිනෙකා අතරෙ තියන වෙනස් කම් අවබෝධ කරගෙන අවුල් කරගන්නෙ නැතිව මේ හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යන එක. හැබැයි, තවත් කාලයක් ගත වෙනකොට හිතෙනවා. අර කලින් පියවරේදී වෙනස් කම් අවබෝධ කරගත්තාය කියලා හිතපු එකත් මුලාවක්., එහෙම අවබෝධයක්වත් අපි ලබාගෙන නෑ කියල.( තවත් කෙනෙක්ගෙ අත්දැකීම් මීට වෙනස් වෙනවාද මම දන්නෙ නැහැ.) අනවබෝධයෙන් ඉන්නවාට වඩා හොඳයි වෙන් වෙන එක කියලා කිවිවට, ඒක හොඳ වෙන්නෙ දරුවන් නැති කෙනෙකුට විතරයි. දරුවන් ඉන්න යුවලක් ආත්මාර්ථකාමී ව වෙන් වුව හොත්, ඔවුන්ගේ නොගැලපීමට කිසි සේ ත් වග කිය යුතු නැති, ඔවුන් නිසා ම ඉපදුනු දරුවන් අති මහත් විඳවීමකට භාජනය වෙනවා.

      Delete
  4. සැහැල්ලු සයිකලයෙන් බැහැලා ගල් රෝලක් වගේ මාතෘකාවක් තෝරගෙනනේ !

    මම හිතන්නේ නැහැ කවුරුත් තමන්ගේ අවංක අදහස ලියයි කියල. (මමත් ඇතුළුව) මොකද මේ වගේ මාතෘකා එක්ක ගනුදෙනුකිරිමට තරම් ඕනෙකමක් ඇති අය නෑ.

    ප්‍රේමය ; ආදරය ; විවාහය
    මේ තුනම අපි කිසිවෙක් එළිපිට අවංකව අදහස් ප්‍රකාශ කරන්නේ නැහැ. හේතු කිහිපයක් නිසා
    1. මොනවා ලිව්වත් අපේ ඇත්ත කටුකයි
    2. ඊට වඩා හොඳයි ජෝක් එකක් කියෝලා ජොලියේ ඉන්න එක කියා හිතන ආකල්පේ නිසා
    3. ලිබරල් වෙන්න හිතුවත් අපි තාමත් ඉන්නේ මුල්බැසගත්ත ගතිපැවතුම් වල ගිලිලා
    4. අනුන්ගෙන් බලාපොරොත්තුවෙනවා මිසක් තමන්ගෙන් අතපසු වෙනදේ ගැන පිළිගන්න ඇති අකමැත්ත

    තව ඇති.

    පෝස්ට් එක ගැන නොලියා වැටිය ගැන ලිව්වේ. මම මාතෘකාව කියෙව්වේ 'කතාබහක්' නෙවෙයි 'කතා පහක්' කියලා. බලනකොට කතා පහ නම් තියෙනවා.

    ප.ලි: මම ලියන්න හිතාගෙන උන්නු පෝස්ට් එකක් කලින් ලියා දැමීම හෙලා දකිමි!

    ReplyDelete
    Replies
    1. මම බලාපොරොත්තු වුනේ මගේ මේ අසංතුලිත , අසම්පූර්ණ මතවාදයට යමක් එක් කරයි කියා. හැකිනම් නැවත සිතා බලා ලියන්න!
      ඔයාට කියන්න තියෙන්නෙත් මේ දේමයි! ලියන්න හිතෙන දකින දේ!

      Delete
  5. තව අවුරුදු 5තින් විතර කොමෙන්ට් කොරාන්නම්.

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ඒක බලන්න අවුරුදු 5 ඉන්න ඕනෙද?

      Delete
    2. මල්ලි ඔම්ලට් එකේ රහ ගුණ කියන්න කිකිළියක් වෙන්නම ඕනනෑ! ඒ වගේම මේ ලොකේ එකම කිකිළියක්වත් තාම සාර්ථකව ඔම්ලට් එකක් හදලා නෑ මං හිතන්නේ!! ඒ හින්දා ඕවා කරණ්නම ඕන නෑ ලියන්න! හිතන හිතෙන දකින බලාපොරොත්තුවන දේ ලියන්න!!!

      Delete
  6. Replies
    1. උඹ ඉතින් මල්ලියේ තොත්ත බබානෙ!?

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. Love love love.......... everything change, uncertainty is the only certainty in this world,if you can understand this fact you wouldn’t write this, that’s what I feel. These days people have very high expectations, when you lower your expectation anyone can have a happy life. Just because she is my wife or he is my husband we don’t have to expect............I think 🤔 this is true “what goes comes around”.if anyone one be kind to each other love is always there. Things change every second in ourselves we should accept this to live a happy life.

      Delete
    2. සුරන්ජි ;
      විශ්වයේ වෙනස් නොවනා එකම දෙය වන්නේ වෙනස් වීමයි!
      මෙය ඔබවිසින් මා වෙත මතක් කරදීම ගැන මා පලමුවෙන් ඔබට ස්තූතිවන්ත වෙමි.
      ඔබගේ එම වැකිය කියැවූ පසු මාහට සුනිල් එදිරිසිංහයන්ගේ ගීතයක් මතක් විය.
      "සදා කාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක් ......!
      සොයා නෙක ගම් දනව් පීරා..... ගෙවූ කාලය සිහිනයක්.....//"

      මෙය මමද විශ්වාස කරණ විශ්ව සාධාරණීය ප්‍රකාශයකි.
      "වැසි වැස්සොත් ගඟ ගලයි..." යන්නද එවන්ම වූ සාදාරණීය ප්‍රකාශයක් සේ ලාංකික අපට දිස්වේ. එම ප්‍රකාශය සාධාරණ වූ නියාවෙන් වැස්ස හෝ ගඟ හෝ ඊට ප්‍රථිවිරුද්ධවූ නිරුදක කතර ගැන හෝ නියගය කතා නොකර සිටීමට හේ තුවක් නොමැත.
      එහෙත් ඔබගේ ලිවීමට අනුව ගත් කල :
      මේ දිනවල ශ්‍රී ලංකික රජය කොළඹ හා ඒ අවට ප්‍රදේශයන්හී ඇතිවන ගංවතුර තත්වයන් පාලනය සඳහා යටියන්තොට ; අලිවත්ත ප්‍රදේශයේදී කැළණි ගංගාව හරස් කොට වේල්ලක් ඉඳි කිරීමද ඉහත "වැසි වැස්සොත් ගඟ ගලයි...." පිළිගන්නා කිසිවෙකුටත් එකඟ විය නොහැකි ක්‍රියාවකි.

      විශ්වයේ වෙනස් නොවනා එකම දෙය වන්නේ වෙනස් වීමයි!
      අප කිසිවෙකුට මෙයට විරුද්ධ විය නොහැක . අප ඊට අනුගත වියයුතුය. මෙම පාඩම අප උගෙන ගත්තේ ගමේ පන්සලෙන් නොව පාසලේ හතේ අටේ පන්ති වලදී උගෙන ගත් පාඩමකිනි!
      එය අපට උගැන්වූ ගුරු භවතා කෙසේ වෙතත් ඔහු ගත් නියැඳිය නම් අපට අනුගත මතක ඇත. අද උදේත් මා දුටිමි!
      "පරිසරයේ සිදුවූ අඛන්ඩ පරිවර්තනයනට අනුගතවූ කැරපොත්තන් වසර සිය දහස් ගනනාවක් පුරා තම ජීවය පවත්වා ගෙන එන අතර එම තත්වයනට අනුකූලව වෙනස් විය නොහැකිවූ ඩයිනොසරයන් මිහිපිටින් සදා කාලිකව වඳ වී ගියෝය!" එම ඉගැන්වීමයි.

      මා මෙහිදී සාකච්ඡාවට ගෙන ඇත්තේ සදාකාලික ප්‍රේමයක් ගැන නොවන බව ලිපියේ හෙඩිමට යටින් ලියා දක්වන්නට නොහැකිවීම මාගේ අත් වැරැද්දකි.
      ඒ ගැන කමා වන්න!
      මා මෙහිදී කියන්නට උත්සාහ කලේ අප එක් එක් අය පුද්ගලිකව; ආරම්භයේදී අත්විඳින නො එසේනම් සිහින මවන ආදරය ප්‍රේමය හෝ සෙනෙහස අප අප්ගේම අතපසුවීම් වලින් නොසලකා හැරීම් තුලින් අකර්මන්ය වී හෝදා පාළුවී පුරණ්වී යන ආකාරය ගැන මාහට සිතෙන කරුණු කියා පෑමටයි.
      උදාහරණයක් ලෙස බීමත්කම බොහෝ පුද්ගල ප්‍රේම සඹඳතා සුනු විසුනු කර දමයි.
      මෙය ඔබේ විවරණයට අනුව පසක් කර ගන්නේ කෙසේද?
      ලෝකය සෑම මොහොතකම වෙනස් වන සුළුය යන ධර්මතාවය අනුකූලව බිරිඳ තම සැමියාගේ බීමත්කම හා ඊට සඹැඳි පීඩාකාරී තත්වයන් කෙසේ නම් ඉවසා සිටින්නද?
      එම බිරිඳ ඔහුගෙන් ඉවත්ව යන්නට පියවරක් ගතහොත් එය සමාජය දකින්නේ ඔබ සිතන තරම් සුන්දරවද?
      "ඔය පොඩ්ඩක් බිව්වට; ඉඳහිටලා පාරක් දෙකක් ගැහුවට; ඔය බඩුවක් දෙකක් පොලොවේ ගැහුවට ඔය මිනිහගෙන් වෙන්වෙන්න ඕනෙද? ඔහොම තමයි මේ ලෝකේ හැමදේම වෙනස් වෙනවා නේ, ඉතින් ඒකාලෙ වගේ නෙවෙයි මිනිහා දැන් ටිකක් බොනවා තමයි !" මේ සමාජය දකින රූප රාමුවය.
      සැමියාගේ බීමත් කමින් පෙලෙන ඈ " ඔව් වෙනස් වෙන ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවානම් ඇයි විවාහය වෙනස් විය යුත් යැයි ඔබලා නොසිතන්නේ. ඇයි බැන්ද මිනිහා සමගම මා සිටිය යුතු යැයි ඔබ උපකල්පනය කරණ්නෙ?" කියා පෙරලා ඇසුව හොත් ඔය මූලධර්මවාදී අදහස් දරණ්නන්හට දුවන්නට පාරවල් මදිවේවි.

      මීට කලකට පෙර මහාචාර්ය නන්දදාස කොදාගොඩයන් රූපවාහිනී සංවාදයකට එක්වී "මේ සමාජයට දොස්තරලා වාගේම කොන්දොස්තරලාත් ඉන්න ඕන බව අපි පිළිගන්න ඕන! ඒනිසා අපි අපේ හැම දරුවෙකුම දොස්තර කෙනෙක් කරණ්නට ලමයාව පෙළන්නට අවශ්ය නෑ...!" කීවේය.
      එවිටම දූරකථනයෙන් ඇමතූ ප්‍රේක්ෂකයෙක් පැවසුවේ "මහාචාර්ය තුමාලගෙ දරුවො දොස්තරලා කරණ්නත් අපේ දරුවෝ කොන්දොස්තරලා කරණ්නත්ද දැන් ඕනෑ?" කියා නොසන්ඩාල ප්‍රශ්ණයක් ඇසුවේය.
      ඔබගේ "විශ්වයේ වෙනස් නොවනා එකම දෙය වන්නේ වෙනස් වීමයි! " සහ මාගේ "වැසි වැස්සොත් ගඟ ගලයි..." වාගේම මම එවන්ම වූ තවත් ප්‍රකාශයක් අසා ඇත්තෙමි. ඒ "ප්‍රශ්ණය තමන් කරා එනතුරු පිළිතුර දාර්ශණිකය..!" යන්නය.
      බොහෝ අය තමන් විය පත්වන විට බොහෝ රස මතක අකුලා ගේ එළිපත්තට පිටින් තබයි. නිව්ටන් ගේ තුන්වන නියමය නොදන්නා අයට ප්‍රේම කොට විඳි සිත් තැවුල් දන්නේ නිව්ටන්ගේ පවුල මිසක් අයින්ස්ටයින් නොවේ.

      මෙහිදී මම වොල්ටෙයර්ගේ ප්‍රකාශයකින් සමුගන්නම්! 'මා ඔබගේ අදහසට ඉඳුරාම විරුද්ධවූවද ඔබගේ අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය දිවිහිමියෙන් රකිමි!"

      තවත් සුපිරි කතාවක් බොබ් මාලේ කියා තිබුනා. "සමහරු වැස්ස විඳිති! තවත් අයට එය හුදෙක් තෙමීමක් පමණි!"

      මා එක් කරණ්නම මගෙනුත් වැකියක්: ජීවත් වන්න මැරෙණා තෙක්! මියෙන්න ඉතිරිකර නොමියෙන ප්‍රේමයක්!

      බොහොමත්ම ස්තූතියි!

      Delete
    3. මෙන්න මේක කියවලා බලන්න!

      https://nopalakatha.blogspot.com/2018/04/blog-post.html?showComment=1524471343102#c1664094410077313989

      Delete
  8. අපේ සමහර ගෑණු බුදු හාමුදුරුවොන්ටත් වඩා බෞද්ද කියපු එකට උදාහරණයක් එහෙම ඕනෙනම් දවසක අපේ ගෙදා වරෙන්..හැක හැක හැක.. අපේ ගෙදර තැන්කියු නෑ.. ඔක්කොටම පින් තමයි සිද්ද වෙන්නේ.. උම්මා නම් දෙනවා වැඩට යන්න ගෙදරින් එලියට යන්න යන හැම වෙලේම අවුරුදු පලොහක ඉඳන් පැවතගෙන එන සිකුවන්ස් එහෙකට.. දැන් ළමයින්ටත් ඒක හුරුවෙලා.. හැබැයි ඊට කලින් ඊට කලින් පොල්තෙල් පහන් පත්තු කල්ල බුදුන් වැඳලා ඔක්කොම කල්ල හතර ගාතේ දාල වැටිලා වැඳලා තමයි උම්මා දෙන්නේ.. මොනා කරන්නද උන්දැගේ කැමත්තනේ කියල මං ඉන්නවා.. හෙහ් හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. වැඳලා හරි මොකෝ උම්මා ලැබේ නම්? මට තියෙන අවුල මම කෙලින්ම කියන්නද? ඒ ලැබෙන්නෙත් අර බබාලා බලන්න ගියාම බෙදන ජාතියෙ කම්මුල් දෙපැත්තටනේ. දෙයියනේ ආදරය කරණ දෙන්නෙක් එහෙමද උම්මා දෙන්නේ. ඒවා නිකං හාච්චි! අර ආච්චිලා අපිට දෙන ජාතියේ. හැබැයි ඉස්සර අපේ තාත්තා ගමනක් යන්නට කලින් අපිට හාච්චි එක එක බෙදලා සුරුස් ගාලා හොරා වගේ අපේ අම්මගෙ දෙතොල් මත අකුණු ගැහැව්වා වගේ අසුරු සැණින් උම්මා එකක් ප්‍රථිශ්ඨාපනය කරණවා. මට හෙන අවුල්! ඇයි අප්පා අම්මාට මෙච්චර හොඳට හාච්චි දෙන්න කම්මුල් දෙකක් තියෙද්දි කට කන්න තනන්නේ කියලා! දැන්නෙ දන්නෙ හොරේ. අම්මත් ඉන්නවා රෙස්පට් ඊරි වගේ මුකුත් නොදන්නා ගානට! රෙස්පට් ඊරි ගේ කඨාව වෙලාවක කියන්නම්!

      Delete
  9. අනේ මන්දා මේවට කියලත් බැහැ ,නොකියත් බැහැ .එක්කෝ නොකියම ඉන්නවා

    ReplyDelete
    Replies
    1. අනේ ලියපල්ලකො කොල්ලො! උඹලගෙ ජෙනරේශන් එකේ ඔය වැඩ කෙරෙණ්නේ කොහොමද කියලා?

      Delete
  10. http://neelanimnayasl.blogspot.com/
    අය්යේ වෙලාවක් තියේ නම් ගිහින් බලන්න

    ReplyDelete
    Replies
    1. මම මේක ගොඩ වදින තැනක්. ඌ මට මේ පෝස්ට් එකේම කමෙන්ට් එකකුත් දාලා තියෙනවා. . මමත් ඌට කමෙන්ට් කරලා තියෙනවා! ela!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...