Thursday, August 17, 2017

44. කිරිබත් කන්නට ගොස් ඉල්ලං කෑවේ දුටු ගැමුණුද - රාජසිංහද ?


පොඩි කාලේ මම පන දාගෙන පෝස්ටුවක් ලියන අතර තුර අල්ලපු ගෙදර සියාතු මාමා  ඔහුගේ බුලත් කොටන ලී වගෙඩියෙන් ගන්නා ලද ඡායා රූපයක්!
(සියාතු මාමාගේ බුලත් පහියේ තිබී සොයා ගන්නා ලද මේ ඡායා රූපය ; ලංකා සම්භාන්ඩ සංයුක්ත මණ්ඩලය මගින් සංරක්ෂණය කල එකකි.)

පෝස්ටුවට කොමෙන්ටුවක්! කොමෙන්ටුවට රිප්ලයි තුනක්!!

මා ගේ  පසු ගිය මෝටර් රථ මිළදී ගන්නාවුන් අරභයා ලියන ලද පෝස්ටුවකට ඉරෝමානි නම් මාගේ පාඨිකාවිය දමන ලද කොමෙන්ටුවක;  අපගේ “සයිකල කයිවාරුව” අතරමග නවතා වෙනත් පෝස්ටුවක් ලිවීම ගැන සුහද විචාරයක යෙදී සිටියාය.

ඉරෝමානිගේ කොමෙන්ටුවෙන් පසු විරවපට්ටම් වූ ලියුම්කරු පවුලගේ හවරිය ඔලුවේ පටලවා ගෙන!

එහි එක් තැනක ඇය සඳහන් කොට තිබුනේ එවිට එය  “දුටුගැමුනු රජතුමා කිරිබත් කෑ අකාරය ” ගනීවියැයි කියාය.

අධිරාජ්යවාදීන්ගේ කුමන්ත්‍රණයක් යැයි හඳුනාගත්  සිද්ධියට අදාල කිරිබත!
(පුරා විද්යා දෙපාර්තමීන්තුව හා කොළඹ කෞතුකාගරය අනුග්‍රහයෙනි.)

එයට  පිළිතුරු  ලෙස ඇය පෙන්වාදුන් වරද පිළිගත්  මා නිකම් ඉන්නට බැරිවාට “ කිරිබත් කන්නට ගොස් වැඩේ අනාගත්තේ දුටුගැමුනු නොව රාජසිංහ රජතුමා බව ලියා දැම්මේය. 

සටනට සූදානම්ව!

එයට එතුමිය හා සයුරිය පිලිතුරු දුන් ආකාරය අදාල පෝස්ටුව යටට ගොස් බලන ලෙස ඉල්ලමින් මාගෙ අර්ධ පෝස්ටුව ආරම්භ කරමි !  


      ඉතිහාසයේ කවර කවදාවත්ම ජනතා අපේක්ෂාවනට පිටු නොපෑ එකම රජවරුන්;
 G8 සමුළුව අතර තුර ජනතාව වෙනුවෙන් කැපවෙන බවට පොරොන්දු වෙන
 අයිතිහාසික ගිවිසුමට අත්සන් කිරීමෙන් පසු සමූහ ඡායා රූපයකට පෙනීසිටි අයුරු!

මෙම ආප්තෝපදේශයට මුල්වී ඇති රජු ; තම සතුරා සමග බොහෝ වාර ගනනාවක් ; කිසිදු සැලසුම් සහගත භාවයකින් තොරව  යුධ වැද; එහෙත් දිනුමක ගැනීමට අපහසු වූ අයෙකු බව එයින්ම  පැහැදිලිවේ.  


විජිතපුර සටනට 

එහෙත් මා දන්නා තරමින් දුටු ගැමුණු රජු එසේ යුද්ධ ගනනාවක් සිදුකර නොමැත. විජිතපුර සටන හැරෙන්නට වෙන යාන්තමින් හෝ  සටනක්  සිදුකර ඇත්නම් ඒ තම සොහොයුරු තිස්ස සමගය.එයටද යුද්ධයක් කීමට නොහැකි තරමේ සිඟිති වළියක් පමණි.


මගේ දුප්පත් -  මහාවංශය!

 “මහා වංශය” හි  (ගුණපාල වීරසේකර සංස්කරණය ) එක්තැනෙක ; “මහා යුද්ධ විසි අටක දීත් පසු නොබැස්ස මේ ඇත් රජ අද පසු බසියි.  ඵුස්සදේව , මේ කිමෙක්දැයි රජතුමා ඵුස්ස්දේවයා   විචාළේය.” (243 පිටුව) යනුවෙන් කල සඳහනෙන් දුටුගැමුනු රජතුමා නොසැහන්න යුද්ධ කල අයෙකු බව අපට සිතන්නනට ඉඩහැරියද “මහා වංශයේ” කිසිදු තැනෙක එවන් එක් උද්ධයක් ගැන හෝ සඳහනක් නොමැත.  

විජිතපුරට ඔන්න මෙන්න තියා - ඵුස්සදේව


මා සිතන පරිදි ඒ සියල්ල විජිතපුර සටනේම කුඩා කුඩා පෙරමුණු විය යුතුය. ඒ කිසිවක් සැලසුමකින් තොරව කොරණ්නට ගොස් අල කරගත් බවක්ද අපට අසන්නට දකින්නට තැනක් නොමැත.  


එසේ තරමක හෝ සටනක් කරත් එය කොටස් වශයෙන් හෝ පහසු ගෙවීමේ ක්‍රමයකට සිදුකොට නැත! 

එය හරියට නන්දි කඩාල් කලපුවෙන් ප්‍රභා සමග අවසන් ගමන් ගිය ඊලාම් යුද්ධය අතර තුර ; වරින් වර අයි ටී ඇන් එකේ රාමවික්‍රමලා ; තමන් කලා වගේ වික්‍රමයෙන් යුතුව අපට ; “මුහමාලෙයි ඉදිරි ආරක්ෂක වළල්ලේ සටන” , “අලිමංකඩ සටන” ආදීවශයෙන් පෙන්වූ කුඩා කුඩා සටන් විනා වෙනදෙයක් වීමට කිසිදු  සාක්ෂියක් ඉතිහාසයේ මා දැක නොමැත.  

ගනු කඩුව එනු සටනට! (මද කෝපයෙන්....)

එහෙත් මායාදුන්නෙලා; ටිකිරි කුමරු හෙවත්  I වන රාජසිංහ වැනි අය පෘතුගීසීන් සමග වාර ගනනාවක්  ස්ථාන ගනනාවකදී සටන් කල සුපිරිම චරිථය! ඇත්තෙන්ම උන්නැහැලාට අප සළකනවා මදිය. මන්ද ඒ අය සටන් කලේ යුරෝපයේ අංක එකේ හමුදාවන් එක්කය. තුවක්කු ඉදිරියේය. අභ්‍යන්තරයේ කචල් මාද්‍යයේය. ඇත්තටම මේ අය සුපිරි පොරවල්‍.

නිතර නිතර සීතාවක රණබෙර ඇසුනා - 
කොළඹ කොටුවෙ බළල් මසුත් ගිණි ගනන් වුනා

 පෘතුගීසීන් පෙරදිග රටකදී  නන්නපෝල් වෙන්නට, එකසිය ගානට; ඊයේ පෙරේදා ඉන්දියාවෙන් කෑවා සේ කා:ලබන ලද ප්ර්ථම , දරුණුතම පරාජය වන මුල්ලේරියා වෙලේ සටන මේ අප්පලා පුතාලගෙ එළම වැඩකි.

මේ අය ගැන කථාන්දර සිරාවටම ලියා තියෙන පොතක්.



මුල්ලේරිය වෙලේ වතුර ලෙයට හැර වුනා - ටිකිරි කුමරු රාජ සිංහ නමින් රජ වුනා

මායාදුන්නේගේ  රාජ්‍ය කාලය අරඹෙන්නේ  1521 දීය. I වන රාජසිංහ රජ වන්නේ 1554 දීය. II වන රාජසිංහ රාජ්‍යත්වයට පත්වන්නේ විමලධර්මසූරිය ගෙන් පසු 1629 දීය. මා විශ්වාස කරණ පරිදි අපගේ කථා නායකයා මේ අන්තිමට සඳහන් කල  II වන රාජසිංහ රජුය.   


සටන් බිම

ව්යාජ රාජසිංහලාට නොරැවටෙන්න!  නියම රාජසිංහව හඳුනාගන්න!

ඉතින් සොහොයුරියනි ; ඌව සබරගමු දෙදිසාවේ ප්‍රධාන සංඝනායක  ධූරන්ධර තිපිටක භරතීශ්වර පණ්ඩිත නාවිල්ලේ ධම්මානන්ද  කියලා හාමුදුරු කෙනෙක් 1969 මාර්තු මාසයේ ලියා පලකරළා තියෙනවා පොතක් “මධ්‍යම ලංකා පුරාවෘත්ත ” නමින්. එහි 163 වන හා 164 පිටු වල  මෙසේ සඳහන් වේ.


මෙන්න පොත! 
කඩේ සාප්පුවේ නෑ! පොලේ පේමන්ට් එකේ නෑ!! 
හැමදාම නෑ! හැම තැනම නෑ!!

“දිනක් පෘතුගීසින් විසින් ලුහුබඳවනු ලැබූ රාජසිංහ රජතුමා ආරක්ෂාව පිණිස උඩුගොඩට ගොස් බොහෝ විඩාපත්ව ගැමියකුගේ ගෙමිදුලෙහි ගලක් මත හිඳ ගත්තේය.

නෝන්ඩි නැතුව වෙස්වලා ගත් රජතුමා !

එවිට ගැමියාද රජුබව නොදත් නමුත් දේහලක්ෂණයෙන් උතුමකු බැව් දැන ගෙතුළට කැඳවා අනුභවයට කිරිබත්ද පිළිගැන්වීය. ක්ෂුධාව අධිකව පැවති බැවින් යුහුව කනු කැමති වූ නමුත් බත උණුසුම්ව තුබූ බැවින් ඒ මේ අතින් බත් පිඬු කරන්ට යාමෙන් කරදරයට පත් රජු දුටු ගැමියාගේ  බිරිඳ ‘පින්වත නුඹේ කිරිබත් කෑමත් රසිංදෙයියන්ගෙ යුද්ද් කිරීම වගේය’ යි කෙළි පිණිස මෙන් කීවාය.

රජද එබසට සිනාසී ‘කිරිබත් කන සැටි හා යුද්ද කරණ සැටිද පැහැදිලිව කියා දෙන ලෙස’ ඉල්ලා සිටියේය.

එකල ඕතොමෝ ‘උනුසුම් කිරිබත් හැම පැත්තෙන්ම කඬ කඩා කන්ට යාමෙන් අතත් කටත් දැවෙන බවත් , එක පැත්තක පටන් කුඩා කොටස්වලට කඩා නිව නිවා කෑ යුතු බවත් , එපරිද්දෙන්ම රාසිංදෙයියන්ද හැම තැනම යුද්ද කරන්ට යාමෙන් පරංගියා පැරදවිය නොහැකි බවත් , එක පැත්තක සිට කොටසින් කොටස පහර දුන්නොත්  සතුරා පහසුවෙන් පරාජය කළ හැකි බවත්’ කීවාය.

තමන් රාසිංදෙයියන් බවපවසමින්
(කවුරු කවුරුත් පදිරි කරවමින්!)

එවිට රජතුමා ඉතා සතුටුව ‘තමන් රාසිංදෙයියන් බවත් , ඇගේ ගුරුකම සිතට ගෙන ඒ අනුව සටන් කරණ බවත් , ත්මා අල්ලා ගැණීමට පරංගින් ලුහුබැඳ එන බවත් , ඔවුන්ගෙන් ගැලවීමට උපකාර වුවමනා  බවත් කීය.
 එයැසූ ගැමියාද වහා ඇඳක් පිළියෙල කොට රජතුමන් ගේ තුළට කැඳවා සතුරන්  එන මග බලා සිටියේය.

ඒ සැණෙකින්ම  එතැනට පැමිණි සතුරු හමුදාවද ‘රාහිං දෙවියන් ගෙයි සිටීනම් තමන්ට පාවා දියයුතු බවත්, ගෙහිමියාට මහත්වූ පඬුරු දෙන බවත්’ කීහ.

එවිට ගැමියාද ‘රජතුමන් ඉතා විඩාවට පැමිණ  ගෙයි සැතපෙන බවත්, අවදිවූ වහාම අල්ලා දිය හැකි බවත්’ කීය. ගෘහණියද රජතුමන් අවදිවන තුරු විඩා සංසිඳ විය යුතු බව කියමින් බරාඳේ එක් එක් කණුවක් ලඟට පැදුරක් දැමුවාය.

එයින් ඉතා සතුටට පත් සතුරෝද එහි දිගාවී පිපාසය අධික  බැවින්   වහාම බීමට රා ගෙන්වා දෙන ලෙස කීවෝය. ගෘහණියද රා ගෙන ඒමට යන අයුරක් දක්වා අසල ගොවිපලකට ගොස් එහි සියලුදෙනාහට මෙපවත් දන්වා ඔවුන් සමග පසුපසින් විත් එකෑවරම සතුරන් සියලුදෙනාම කණුවලට සිරකොට තදින් බඳවා රජුට පාවා දුන්නාය.
 පසුව පෘතුගීසීන් පරදවා ජයගත් රජ තෙමේ ගැමියාට හා අඹුවටද තනතුරු සමගම ගම්  වරද දුන්නේය.

සියල්ලටම මුලින් රජ!

රජතුමාගේ මරණින් පසු මෙපුවත සිහිවීම පිණිස එතුමාගේ බිසව විසින් උඩුගොඩ පුරණ විහාරය කරවා   ඊට ගම්බිම්ද පුද කරණ ලද්දීය.

රජතුමන් වාඩිවී සිටි ගල හා ‘යුද්දවරද්දන මුදියන්ස’නමින් තනතුරු ලැබූ ගැමියාගේ ගෙදරද වත්තේගම සිට පන්විලට යන මාර්ගාසන්නයෙහි උඩුගොඩ පිහිටා ඇත්තේය.දැනට උඩුගොඩ පුරාණ විහාරයද නටබුන් වී තිබේ ”   
   
ඉතින් මාගේ ආදරණීය පාඨිකාවන් (පාඨකයාගේ ගැහැනු සතා ) දෙදෙනාහට මා ; මගේ පෝස්ටුවේ “රාජසිංහ” යන නම යෙදූවේ නිකම්ම නොවන බව පැහැදිලිවනු නොඅනුමානය.











කෙසේ වෙතත් “වොල්ටෙයාර් ” පැවසූ පරිදි  මම ඔබෙ අදහසට එකහෙලාම විරුද්ධ වුවද ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් දිවිහිමියෙන් කැපවෙමි. 


එසේම  ඔබ දෙපලගේ කොමෙන්ටු මාගේ පෝස්ටුවට විශාල අළංකාරයක් එක් කල බවද මා සඳහන් කරනු කැමැත්තෙමි. සංවාද විසංවාද නොමැත්තේ සොහොන් පිටි වල පමනි. සමාජ ප්‍රගමනයට ඒවා අනිවාර්‍ය සාධකයන්‍!     

මාගේ පෝස්ටුවකට යටින් මෙතෙක්  ලියැවුනු අභියෝගාත්මක එකම කොමෙන්ටුව ලිවීමේ ගෞරවය  ඉරෝමානි සොයුරියට පුදකරමින්ද ; එයට ඌණ පූර්ණයක් එකකල සයුරිටද ස්තීතිය පුදකරමින් මෙම අර්ධ පෝස්ටුව ට තිත තබන්නම්.

දහසක් මල් පිපේවා ! දහසක් මත ගැටේවා !! – මාවෝ සේ තුන්ග්



             

  

45 comments:

  1. හම්මටසිරි වෙනවා. මෙව්වට ඌණපූර්ණ දාන්න අපට නම් දැණුම නැතුවා. ( අපි තාම පොඩි පැඟිරි වයසෙ කොල්ලොනෙ :)). මාරම සංවාදයක් තමයි කාලෙකට පස්සෙ දැක්ක.

    ReplyDelete
  2. තට්ටයා ගේමට එන්ටර් වෙන ආකාරය මරැ,

    "මෙම ආප්තෝපදේශයට මුල්වී ඇති රජු ; තම සතුරා සමග බොහෝ වාර ගනනාවක් ; කිසිදු සැලසුම් සහගත භාවයකින් තොරව යුධ වැද; එහෙත් දිනුමක ගැනීමට අපහසු වූ අයෙකු බව එයින්ම පැහැදිලිවේ. එහෙත් මා දන්නා තරමින් දුටු ගැමුණු රජු එසේ යුද්ධ ගනනාවක් සිදුකර නොමැත. විජිතපුර සටන හැරෙන්නට වෙන යාන්තමින් හෝ සටනක් සිදුකර ඇත්නම් ඒ තම සොහොයුරු තිස්ස සමගය.එයටද උද්ධයක් කීමට නොහැකි තරමේ සිඟිති වළියයක් පමණි."

    ඒකනම් පට්ට

    ReplyDelete
  3. විස්කෝතුයි! විස්කෝතුයි!!

    ReplyDelete
  4. ඔය කතාවල ස්වාභාවයක් තියනවා කාල (හා සමහරවිට ද්වීප ) තරණය කරන. දුටු ගැමුණු ගැන තිබුන කතා රාජසිංහටත් ආරෝපණය වෙන්න පුලුවන්.
    ඔය කතා කාලයේ දෙපැත්තටම යන්නත් පුලුවන්. රාජසිංහගේ කතාව දුටුගැමුණු ගේ කියන්නත් පුලුවන්. යුද්ධ හුඟක් අමාරුවෙන් කිරීම ගැන විජයබාහු හා පරාක්‍රම බාහුට වුනත් දාන්න පුලුවන් කතාකාරයෙකුට

    ස්කොට්ලන්තයේ රොබර්ට් ද බෲස් සහ මකුලුවා කතාව වලගම්බා ගැනත් කොහෙද ලියල තියනවා මං දැකලා තියනවා.
    වලගම්බා හා ගුහාවෙ මකුලුවා කතාව කොයිතරම් පරණද මං දන්නෙ නෑ
    පරණ ඉස්කෝල පොතකින් ගත්ත බෲස් ගේ කතාව වලගම්බාට දැම්මද , කතා දෙකම එකම ඉන්දු යුරෝපීය ආර්ය මූලයකින් ආවද දන්නෙ නෑ. කොහොමවෙතත් සමාන කතා වෙනස් අයිතිහාසික පුද්ගලයින්ට යෙදීම හා වෙනස් සංස්කෘතීන් අතර තිබීම සුලභ දෙයක්
    රජු වෙස් වලාගෙන රට වැසියන් අතරට යාම හා එයින් ඉගන ගන්නා පාඩම් නම් ලංකාවේ රජවරුන් කීප දෙනෙක් ගැන හා වෙනත් රටවල් ගණනාවකත් තියනවා.

    මේක අහල තියනවද?

    //One of the best known stories in English history is that of King Alfred and the cakes. Children are taught the story where Alfred is on the run from the Vikings, taking refuge in the home of a peasant woman. She asks him to watch her cakes – small loaves of bread – baking by the fire, but distracted by his problems, he lets the cakes burn and is roundly scolded by the woman.//

    http://www.historic-uk.com/HistoryUK/HistoryofEngland/King-Alfred-the-Cakes/

    තට්ටයගේ පෝස්ට් හැමදාම ආසාවෙන් කියවනවා. ආසාවෙන් කමෙන්ට් කරන්නත් හැකි පෝස්ට් එකක් මේ පාර දැම්මට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ප්‍රා ජේ! ඇත්තටම ඒක එහෙම තමයි.
      ඒත් අර හෙළුවෙන් නාන කොට කවුරු හරි දකී කියලා අඩිය නැති බේසමක් ඉස්සරහට අල්ලගෙන හිටියා වගේ ; මම ලියපු එක මම ගොඩ දාගන්න එපායැ. ඉතින් මමත් ඒක තමයි කලේ.
      කාලය දීපය වෙනස් උනත් එකම දේවල් තමයි එක එකාට සිදුවන්නෙත් එක එකාට ආරෝපනය කරන්නෙත්.දිගටම බලන්න. නැවතත් ස්තූති වන්ත වෙමි!

      Delete
    2. ඕන් ඕකම තමයි මාත් එදා පෝස්ටුවෙදි කිව්වේ. අවන්කවම මම ඔය කතාව ඔය රජවරු දෙන්නා සම්බන්ධයෙන්ම අහල තියනවා. සමහර තැන් වල ඔය කතාවේ ඉන්න ගැමියාගේ බිරිද ආච්චි කෙනෙක්. ඔය වගේ වෙනස් කම් එක්ක ජන කතා එකම විදියට තැන් තැන් වල කියවෙනවා.

      Delete
    3. සයුරි බොහොමත්ම ස්තූතියි! කවුරු මොනව කිව්වත් ; ඒ දේවල් මගේ මතය සමග කෙතරම් ගැලපුනත් නැතත් මේ සංවාදය තුල හරිම අපූර්වත්වයක් මා දකිනවා. එයට මුල පිරූ ඉරෝමාණිටත් ඔබටත් මා නැවත නැවතත් ස්තූති වන්ත වෙනවා.

      Delete
  5. අනේ මන්ද මේවට කොමෙන්ටු දාන්ඩ ඒ හැටි දැනුමක් නෑ..... ඒ වුනත් පට්ට

    ReplyDelete
    Replies
    1. අනේ මචන්! අපිට කියලත් දන්න මගුලක් නෑ. ඒත් මොනා හරි ලියන්න එපායැ. බොහොමත්ම ස්තූතියි තඩියා!

      Delete
  6. ඔබතුමා කියන විදියට මම තාමත් වැරදයි. එතකොට අකුර ප්‍රකාශන සම්පාදනය කරලා තියෙන ලංකාවේ රජවරු පොතේ 67 පිටුවේ තියෙන විස්තරය වැරදී.එකේ ගැමුණු කුමාරයා ගැන මේ විස්තරය තියෙනවා. ඇයි එහෙනම් පාසල් ළමුන්ට මේ වගේ වැරදි දේ දෙන්නේ. තව දෙයක් ඔබ කියනවා රාජසිංහ රජු තරම් ගැමුණු රජතුමා සටන් කලේ නෑ කියලා.එහෙම වෙන්නේ කොහොමද . දෙමළු ekkඅ ලොකු සටනක් දීලා පළමුවෙන්ම ලංකාව එක්සේසත් කලේ ගැමුණු කුමාරයා.එළාර රජ තෝමරය දැමීය.ගැමුණු රජ එය වැළකීය සිය කඩොලැතු ලවා ඒ පර්වත නම් ඇතු දෙදළින් ඇන්නවී.එළාර රජහට තෝමරය දැමීය. ඇතු සහිත ඒ තෙමේ එහි හිනි .මෙම සටන පිලිබදව මහාවංශයේ සදහන් වෙන්නේ මෙහෙමයි. ඉතින් ඔබ මොකද කියන්නේ. කොහොම උනත් මගේ දැනුමට වඩා ඔබේ දැනුම ඉහලයි.එයට මම ගරුකරමි.

    ReplyDelete
    Replies
    1. ප්‍රිය මහත්මියනි, මේ මම ඉයන්නේ මගේ කංතෝරුවේ සිටය. මෙවෙලාවේ මාගේ මත්කය හැරුණුවිට වෙනත් කිසිදු මූලශ්‍රයක් නොමැති බැවින් උපුටන දැක්වීමට මාහට අපහසුය. හෙට උදේ වන විට මෙයට මාගේ අදහස එක් කරමි. ස්තූතියි.

      Delete
  7. මටත් මතක මේ ජනප්‍රවාදය දුටුගැමුණු රජතුමා ගැන කියවෙන්නේ කියලා.පොඩි සමීක්ෂණයකට වගේ ළඟ පාත් අයගෙන් අහලා බැලුවා ඔක්කොටමත් කියන්නේ ඒකම තමයි.

    ReplyDelete
    Replies
    1. මල්ලි මහා වංශයේ වැඩිම පරිච්ඡේද ගනනක් ලියැවී ඇත්තේ දුටු ගැමුණු රජු ගැනය. ඒ වාගේම අපේ පාසල් වලද උදේ ඉඳන් හව්ස් වනතුරු පතුරු ගහන්නේ දුටුගැමුණු දුටුගැමුණු දුටුගැමුණුමය! කොටින්ම රටේ ප්‍රයිවෙට් බස් වර්ජනයක් තිබුනත් බස් එකක ගරුකටයුතු උතුමෙක් මොනවාහරි සුන්දර නිර්මාණ ශීලී කට්යුත්තක යෙදී අපිට් මල පැන්නුවද අපට මතක් වෙන්නේ ගැමුනුවමය! (මහා සමුද්‍රයක්වන් වැව් තැනූ රජුන්ගේ නම ; උදෑසන දත් සැට් මැදීමට ගන්නා දත්-කුඩු වලට යෙදූ අපේ රටේ අයියලාගේ හැටියට බස් පළුවාට ගැමුනු යැයි කීමේද එතරම් අරුමයක් නොමැත!)
      එහෙත් ඊට කිසිදු ලිඛිත මූලාශ්‍රයක් නොමැත. හෙටදින පොරොන්දු ප්‍රකාරව ඉරෝමනී මහත්මියට මා පිළිතුරු බැඳිය යුත්තේය. එයින් මා තවදුරටත් මෙම මූලාශ්‍රයන් ගෙන හැර දක්වන්නෙමි. ස්තූතියි බොහොමත්ම!

      Delete
  8. ඔතරම් පත පොත කියවන ඔබට මේ ගැන දැනගන්න නොලැබීම ඉතාම කණගාටුවකි. බක්කරේද මගේ කීම අනුමත කරයි.ඔබ කියන දෙය මා කිසිම පොතක කියවා නැත. මේ ගැන තිබෙන එක පොතක් හෝ මට සොයා ගැනීමට හැකි උවහොත් මා ඔබ සමග එකගවේමි.මාගේ මතය නිවැරදි බව සනාථ කිරීම සදහා එම කරුණු ඇතුලත් පොත ඔබ වෙත එවීමටද හැකි බව මා කාරුණිකව දැනුම් දෙමි. එමෙන්ම නැවත මේ සම්බන්දව මම ඔබ හා නොගැටෙමි. ඒ ඇයි ද කියතොත් ඔබ විසින් ලියන අලුත් පොස්ටුවක් කියවීමට ඇති කැමැත්ත නිසාය. මා පරාජය බාර ගත්තාද නැද්ද කීයා තීරණය කිරීම ඔබටම බාර කරමි.

    ReplyDelete
    Replies
    1. මෙහි ජය පරජයක් කිසිවෙකුටත් නොමැත! එකෙක් අය තමන් දන්නා, ඇසු , විශ්වාස කරණ , කියැවූ දේ තුලින් තම අදහස් පලකිරීමයි සිදුවූයේ. එහෙත් මාගේ අදහස් ප්‍රකාශ කිරීම අවසන් නැත. ඊයේ දින මා ගතකලේ සයිකල් ගමනේ අවසාන භාගය ලිවීමටය.එළඹෙන සඳුදා වන විට මේ සම්බන්ධයෙන්වන මාගේ පිළිතුර බලා පොරොත්තු වන්න. බොහොමත්ම ස්තූතියි! ඔබ මාගේ බ්ලොග් එකට වඩාත් වැඩි වටිනාකමක්; ඔබගේ කොමෙන්ටු හරහා ලබා දුන් අතර එයට නැවතත් මා ස්තූති වන්ත වෙමි.

      Delete
  9. ථූපවංසය කියවා බැලුවොත් දුටුගැමුණු මහවැලි ගංගාවතරණයේ සිට තම භින්න මාතෘක සොහොයුරා වූ දීඝාභයගෙ ඉඳල දිගටම විජිතපුරය දක්වා කඳවුරුවල හිටපු එළාරගෙ හමුදා එක්ක කරපු සටන් විස්තරය ලස්සන කතාවක්. (ථූපවංසය නම් කියන්නෙ දීඝාභය නම් දෙමළා මරා.. කියලයි)කාවන්තිස්ස රජ්ජුරුවො ඉන්න කාලෙ දීඝාභය මහවැලි ගං සීමාව රකින්න යවා හිටිය. (දුටුගැමුණු රජවුනාම එයා එළාර පැත්තට ගිය බවයි කියන්නෙ. ඒ තොරතුර ථූපවංසයෙන් නෙමෙයි) කඩොල් ඇතා කරත්ත් රෝදයකුත්, ගෝඨාභය පොල්ගහකුත් සුරනිමල කඩුවකුත් අරන් වීදි සටන් කරා කියලයි කියන්නෙ. අනිත් අයගෙ නමුයි ආවුදයි මතක නෑ.

    ReplyDelete
  10. පස්වාන් දහසකට බුදුවන්ට ගැත්තාට අනුකම්පා කල මැනව. ගෝඨාභය නෙවෙයි. ගෝඨයිම්බර තමයි පොල්ගහෙන් වැඩපෙන්නුවෙ. (චැහ්! කැමරාව ගෙනියන්න බැරිඋනානෙ පොටෝ කෑල්ලක් අර තියන්න) තා ඩිංගෙන් රිටිගල ජයසේනට වෙච්ච දේ තමයි වෙන්නෙ. බෙල්ල ගහල යන වැඩ.

    ReplyDelete
    Replies
    1. හිතාදර ඇනෝ තුමෝ. මා ථූපවංශය නම් කියවා නැත. එහෙත් ඔබ කියා ඇති දෙයින් තව දුරටත් මාගේ අදහස තහවුරු වේ. ඒවා සියල්ල කුඩා කුඩා සටන් විනා මහා සටන් නොවන්නේය. නමුත් එම සටන් සියල්ල විජිතපුර සටනට සමගාමීව කෙරුණු ඒවාය. හිල්ටන් එකේ වෙඩින් එකකට යන්න නුවර ඉඳන් පිට්ත් වන් කෙනෙක් අඹේපුස්සේදී කන ජිනදාස තලගුලියක් වගේ තමයි මේ අවශේෂ සටන්! මේ කිසිම තැනක දුටුගැමුනු අනාගත්ත බවක් කොහේවත් ලියැවී නොමැත. ඔය කියන කාලයේ බාහු බලය; තීරණාත්මක වූ කාලයක් විනා මහා යුධ උපක්‍රමයන් උපයෝගී කරගත් කාල වකවානුවක් විය නොහැක. බොහොමත්ම ස්තූතියි!

      ඔබගේ ඝෝඨාභය කථාව කිව්වාම මට තවත් කථාවක් මතක් වුනා. එක් වරක් ඇස් ගොඩගේ පොත් සාප්පුවට එක් පොත් කතුවරයෙකු ගොඩ වැදෙන විට
      " ආ! මේ අපේ ගොටයිම්බර මහත්මයානෙ"
      යි එතැන සිටි එක් මහතෙකු ගොඩගේ මහතා අමතා කියා ඇත. පැමිණි ආගන්තුක මහතාද සිනාසී වාඩිගෙන කථාවට වැටුනු අතර පෙරකී මහතා තව දුරටත් "ගෝටයිම්බර" ලෙසින් දිගින් දිගටම ඇමතු අතර පසුව කතාන්දරේ එළිවිය!
      ආගන්තුකයා ඇරැව්වල නන්දිමිත්‍රය! අනෙක් මහතාට දසමහ යෝධයන් ටැපලී ඇත!

      Delete
  11. මම ඔබේ අදහස සමග විරුද්ද උනා නොවේ. මහාවංසෙ දිගවිස්තරයක් නැතිඋනාට විස්තර තියෙන තැනක් කිව්ව විතරයි.කතාවෙ හැටියට (ඕව ඔක්කොම කතාතමා. අපි බලන් හිටියය). විජිතපුරයට යනකම් පරද්දපු කඳවුරු වලින් පැනල ගියපු ඔක්කොම විජිතපුරයේ එකතුවුනා. අන්තිම දරුණුම සටන එතන.
    කිරිබත් කතාවට දුටු ගැමුණු ගෑවෙන්නෙ එළාර සමග වුන යුද්දෙ නිසා නෙවෙයි. තාත්ත මැරෙනකොට දුටු ගැමුණු හිටියෙ කොත්මලේ. එනකොට මලය සද්ධාතිස්ස කඩොල ඇතයි , අම්මවය් අර දිගාමඩුලු ගිහින්. දුටුගැමුණු මුල් වර මල්ලි එක්ක යුද්ද කරල පැරදිලා ඉන්නකොට වෙච්ච කතාවක් ලු ඔය කිරිබත් කතාව. මාත් ඔය කතාව අහපු මතකෙන් තමයි කියන්නෙ. ඕක උනේ අපරැක්කෙදි කියල කියනව. 'අප+රැක්ක නිසා දුටුගැමුණු යුද්දෙන් පස්සෙ ඒගම ඒ කාන්තාවට දීල ගමට නමත් දුන්න කියල කියනව. ජනශ්‍රැති ඒ විදියටම පිළිගන්න නෙමෙයි තියෙන්නෙ. මොකක් හෝ සිද්දියක් ජනතාව අතර කතාවක් හැටියට පරපුරෙන් පරපුරට ආපු හැටි නේ.
    ඔබේ ගෝඨයිම්බර කතාවත් නියමයි!

    ReplyDelete
    Replies
    1. ඇනෝතුමෝ නෑ නෑ එහෙම නෙවෙයි. මේවා සියල්ල කතා තමා. නමුත් මේ සංවාදය බොහෝ සිත්ගත් එකක්! බොහොමත්ම ස්තූතියි. මම බොහොම නිහතමානීව හා යටහත් පහත්ව කියන්නේ ඔබ තුමාත් අනෙක් අපගේ මිතුරු මිතුරියනුත් එක්කල කිසිදු අදහස මට විරුද්ධව කල ප්‍රකාශ කල ලෙස මා නොසලකමි. ඒව සියල්ල මුදිතා ගුණ භරිථව විඳ දරා ගත්තෙමි.(අමරදේව මහත්තයා වගේ - තේරුනේ නැහැ නේද මේ කතාවට අමරදේව මහතා සම්භන්ද වන්නේ කෙසේද කියලා?. ඒකත් රසවත් කතාවක්. පස්සෙ දවසක මතක් කරණ්න. කියන්නම්!)

      Delete
  12. මේ ගැන ඇතිවෙලා තියන කතාබහ රසවත් වගේම වටිනා එකක්.ජනප්‍රවාද කොහොමත් කාලයත් එක්ක වෙනස් වෙලා වර්ෂන් කීපයක් තියෙන්න පුළුවන් .හැමදෙනාගෙම අදහස් එක තැනක එකතුවීම වැදගත් .

    ReplyDelete
    Replies
    1. නිකං ඉන්න බැරිවට ; ඔච්චර ලඟින් ආස්සරේ කරලත් ; උඹත් කිව්වනේ මේක උනෙ දුටු ගැමුනුට කියලා. ඕක තමයි එකට කෑවත් බෝනස් වෙනස් කියන්නෙ!

      Delete
  13. හැක්.. හැක්.. බලාගෙන ගියාම තට්ට අයිය ‍බයිසිකල් පදිනවට වැඩිය ලොකු අමාරුවක වැටිල වගේ පාඨිකාවක් හින්ද.
    මොනව උණත් ඉතිං ඒ කාලෙ අපි හිටියෙ නැති හින්ද ඔය පොත දාන කෂ්ටිය කියන එක තමයි පිළිගන්න වෙන්නෙ. හැබැයි ඉතිං ඔය ඉතිහාසය කාලෙන් කාලෙට අප්ඩේට් වෙන හින්ද මේ සම්බන්ධව සාක්ෂි තියෙන තැන් වලින් ඔය පුරාවිද්‍යා චක්කරවර්තිල හොයල බැලුවොත් අගනේයි.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ ! ප්‍රසන්න මම ඔරුවක් පැදගෙන ඉන්නෙ නැතිව දන්න එකයි නොදන්න එලයි හැම මගුල ගැනම ලියන්න ගිහින් දැන් දන්න ටිකත් ලියා ගන්න බැරි ගානයි. මේ පාඨිකාවෝ එල්ලෙන්නමනෙ බලන්නෙ වඳින්න වඳින්න.

      Delete
  14. තට්ටේ බේර ගන්න හෙල්මට් එකක් ඕනෙයි අය්යේ ?හැබයි ෆුල් ෆේස් නම් නෙමෙයි .ඕකනේ කියන්නේ පටන් ගත්තු එක අහවර කරලම හිටිය නම් ඉවරයි හිටන් කියලා.ඔහොම පොඩි කතාවක් යනකොට ත් පොඩි ගතියක් තියෙනවා වගේ ..මමත් ඔය කතාව රජවරු දෙන්නා ගැනම කියවලා තියෙනවා .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දැන් මම පත් වෙලා තියෙන අන්ත අසරණ භාවය නිසා මං දන්න ටික්වත් ලියා ගන්න බැරි තත්වයකට පත් වෙලා බුදු මල්ලියෙ!
      මම ඒත් බැලුවා මොකද එක මිනිහෙකුට එක ගෑනියෙක්ව විතරක් බඳින්න දීලා තියෙන්නේ ඇයි කියලා!

      Delete
    2. රජවරුන්ට ඒ නීතිය නොතිබුන නිසානේ යුද්දෙට කියලා හැමදාම මාලිගාවෙන් බේරිලා ගිහිල්ලා කිරිබත් කන්න වුනේ

      Delete
    3. ඒක නෙමෙයි, "කිරිබත් කෑම ගැන ලියන්නට ගිහිල්ලා ඉල්ලංකෑවේ කවුද" කියලා ඊලඟ පෝස්ට් එක ලියමුද?

      Delete
    4. ඇත්තටම ඉල්ලන්ම කෑමක් තමයි. මානැවතත් ස්තූතිවන්ත වෙනවා ඉරෝමාණිත් සයුරිත් ඇතුළු සියළුම සහුර්දයන් (මේ කෙහෙම්මලේ මට ඕන එකක් කොටන්න බෑ ඌට ඕන එක තමයි ලියවෙන්නේ !) සියළ්U දෙනාටත් මේ පෝස්ටුව මේ තරම් දුරකට රැගෙන ආවාට!

      Delete
  15. Manjula Ayya,
    Bohom pin, Apita apa ethihasaya mathakkarala denna watapita haduwata.
    Luuwa hamotama pin. Attama kiyanawanam mama kamathi "apitath rajek innawanam"
    samahrak toiyo hithai mama biyak kiyala. Ekata kamak naha. Supiri prachchandrawadaya hinda apita wela thiyan de gana hithankota dukai.
    Api anthima singhala raju anthimata hitiya thana thami pethangoda uyana. Mama bicycle giya ea uyana balanna.
    "Ana kuhubiyana
    Thopatath rajek inna
    Mokada karanna
    Api karuma apata wanne

    Rajek labunothin
    Eada kiribath kannan
    Pehara karannan
    Sadu naden gigum dennan

    Gayanaya Nanda Malani mathiniya

    ReplyDelete
    Replies
    1. බොහොත්ම ස්තූතියි මල්ලි! ඉක්මනටම සිංහල ෆොන්ට් එකක් දාගත්තොත් නරකද?

      Delete
  16. තට්ටයා බොස්. දේශපාලනය වගේම ඉතිහාසය ගැනත් මගේ දැනුම ඍණ අගයකි. 🙈. දන්නේ ලංකාවේ හිටිය අන්තිම රජ්ජුරුවෝ පමණකි. එයත් නම පමණකි. ඉතිහාසය උනත් කමක් නැහැ මෙහෙම ඉන්ටරෙස්ටින් විදිහට ලියනවනම්.

    ජය වේවා...!!

    ReplyDelete
    Replies
    1. අපි කියලත් මහා විසාලෙට දන්න දෙයක් නෑ මචං. එහෙන් මෙහෙන් කියවලා දාගත්තු දෙයක් තමයි! මොනවා උනත් උඹලා මේක මෙච්චර දුර ගෙනාවට එකසිය ගානට තුති!

      Delete
  17. තට්ටස්, මගෙත් අදහස ඕකම තමයි. අපේ තාත්ත ගාව තිබුණා උඩරට විත්ති කියල පොතක්. ඒකෙත් තිබුණෙ දෙවෙනි රාජසිංහ රජුට වෙච්ච දෙයක් කියල. අනික එහෙම පොඩි පොඩි යුද්ධ කර කර හිටපු ඉතිහාසයක් නෙවෙයි ගැමුණුට තිබ්බෙ. තිස්සෙං පටංගෙන අනුරාධපුරේ දක්වා ගහගෙන ගහගෙන ගියා...

    හැබැයි ඒ ගැහිල්ල කිරිබත් කන්ඩ දීපු උපදෙස එක්ක ගැළපෙනව...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී ඇත්තටම තාර්කිකව බැලුවොත් තවමත් මට හිතෙන්නේ මගේ අදහස වඩාත් නිවැරදියි කියලයි.
      1. දුටුගැමුනුගේ ඉතිහාසය තුල යුද්ධයක් අනා ගත්තු කථාවක් කොහෙත්තම නෑ.
      2. නමුත් රාජසිංහ ; පෘතුගීසින් එක්ක එල්ලි එල්ලි ගේම ඇදගෙන ගිය කෙනෙක්.
      3. මගේ මතකය නිවැරදිනම් ඔය මරදානෙ ටෙක්නිකල් හංදියේ ඉඳන් අළුත්කඩේ උසාවි සංකීර්ණය
      පැත්තට යන කොට හමු වෙනවා නේද ඇලක්. ඕක කපලා තියෙන්නෙත් උන්නැහැමයි. ඒ කොළඹ
      කොටුවට ගේම දෙන්න ; දිය අගලෙ තිබුනු වතුර මාළිගාවත්ත වගුරට බස්සන්න්.
      4. ඔය ඒකාලේ හිටපු විජාතික ඉතිහාසඥ්ඥයන් පවා මුන්නැහැගේ වැඩ ගැන හොල්මං වෙලා තියෙනවාලු.
      5. අනෙක අර මම උපුටනය ගත්තු පොතේ විදියට නම් ඒ ගම ඇතුළු පුරාවිද්යා සාධක රාශියක් තවමත්
      තියෙනවා කියලයි කියන්නේ.
      6. අනෙක දුටුගැමුනු සතුරන් එලවද්දි දුවලා ගිහින් හැංගිලා හිටියා කියලා කොහේවත් තියෙනවද්?
      7. මට තාම මහාවංශයේ ඩබල් චෙක් කර ගන්න බැරි උනා ! මගේ මතකයේ හැටියට නම් එහෙම
      එකක් නෑ. මොකද එහෙම දෙය දුටුගැමුනුට උනා නම් අනිවාර්යයෙන්ම මහාවංශ රචකයා ඒක
      අනිවාර්යයෙන්ම
      ලියනවාම මයි. දුටුගැමුනුට ගිය හච්චිං ගනනත් හොඳට මහාවංශය බැලුවොත් හොයාගන්න පුළුවන්
      නිසා!
      කොහොමටත් අදම මම ඒක බලලා අප්ඩේට් එකක් දාන්නම්!
      8. ඉතිහාසයේ දුටුගැමුනු වෙස්වලාගෙන ගිහින් තියෙන්නේ තාත්තත් එක්ක කොක්ක දාගෙන කොත්මලේට
      ගිය පාර විතරයි නේද?

      කොහොමත් බොහොමත්ම ස්තූතියි කියෙව්වාට ලිව්වාට!

      Delete
  18. කවුද දන්නෙ දෙන්නටම එකම සිද්දිය උනාද කියල ..??

    ReplyDelete
    Replies
    1. ඒක හරි! මොකද කිරිබත් උයන්න දන්නෙ "යුද්ධ වරද්දන මුදියන්සෙ" ගෙ පවුල විතරක්යැ නේද මලේ!?

      Delete




  19. More
    1 of 906

    Print all In new window
    තට්ටයාගේ කොලම පිලිබඳ පාඨක යෝජනා.
    අලුත් ආටිකල් දාන්නෙ නැද්ද තට්ටයෝ..

    මෙහෙම කරමු ද?.

    තව එඩිටර් කෙනෙක් අදුන්වාදෙමු.

    මල්ලිටත් කියමුද ඔසී වල විත්ති කියලා ආටිකල් සීරීස් එකක් පබ්ලිශ් කරන්න කියලා. ඒක නැගලා යයි. එතකොට ලඟ ලඟ ආටිකල් වැටෙනවා.

    කොල්ලටත් පාලුවයි ස්ට්‍රෙස් එකයි යන්න වැඩේ හොඳවෙයි. අනික ලියනව කියන්නෙ මොලේට හොඳ එක්සසයිස් එකන් නෙ..


    මීට
    නොයිවසිලිමත් පාඨක පාඨිකාවෝ.

    ReplyDelete
  20. ප්‍රිය මහත්වරුනි,නෝනාවරුනි;
    අපගේ ඉරෝමණී නෝනා විසින් දක්වා ඇති පොත ප්‍රකාශයට පත් කල "අකුර" ප්‍රකාශකයින් ගේ 0318899826 අංකයට අද දින එනම් 21/08/2017 පස්වරු 2.07 ට මා කතා කලෙමි. දූර කථනයට පලමුව ඇමතුවේ ශයාමලී ජයසුන්දර මහත්මියය. එතුමියගේ ප්‍රකාශය වූයේ අදාල පොතේ දක්වා ඇති කරුණු පිළිබඳව තමා කිසිත් නොදන්නා බව හා තම ආයතනයේ සංස්කාරක මණ්ඩලය රැස්වන සෙනසුරාදා දිනයට කතා කලහොත් වඩාත් සුදුසු බවත්ය. එයට අමතරව තම ආයත්නයේ ප්‍රධනියා වන්නේ එම්.එස්.එල්.මොරායස් මහතා බවටත් මා කල විමසීමේදී පැවසුවාය. තවත් මොහොතකින් එම ආයතනයෙන් මාහට ඇමතුමක් ලැබුනි. ඒ කෝලිත රණතුංග මහතාගෙන්ය. එතුමා මගෙන් ගැටළුව ගැන දීර්ඝ විස්තරයක් ලබා ගත් අතර මා බ්ලොගයේ නම ගම පවසා ඊට පිවිසී බලා මාහට අමතන මෙන් ඉල්ලුවෙමි. පස්වරු 2.22 වනතුරුත් පිළිතුරක් නොලද්දෙන් නැවත මා එම මහතා අමතා බ්ලොගයට පිවීසුනාදැයි විමසීමි. ඒ වනතුරුත් ඔහු බ්ලොගයට පිවිස නොතිබූ බැවින් එම මහතාගේ මොබයිල් අංකය ගෙන එයට බ්ලොගයේ නම් යැවුවෙමි. පිළිතුරක් ලද විගස අප්ඩේට් එකක් දමමි.2.31pm
    -තට්ටයා.

    ReplyDelete
  21. අප්පද බොල..මටත් එක්ක නෙව ලියල තියෙන්නේ :) මොනව උනත් හිනා වෙලා බඩත් රිදෙන්න ගත්තා අර රජවරුන්ගෙ පොටෝග්‍රාප් එක දැකලා. ලියපු ඉස්ටයිල් එකත් මරු. මාත්තෘකාවට බැස්සොත් ඉතින් මට හිතෙන හැටියටනම් ඕක ජන කතාවක් නේ නෝනාවරුනි මහත්තුරිනි. ඉතිහාස පොත ලස්සන වෙන්න ඔය වගේ එව්වා ඕන තරම් හරිම ඔෆීසියල් විදියට ලියල තියනවා අපේ ගත් කතුවරු. කොටින්ම ඔහොම එකක් ඔය එක රජෙක්ටවත්
    උනාද කියලත් මටනම් ශුවර් නෑ. දැන් ඉතින් කට්ටියම කොස්ස අරන් එයිද දන්නේ නෑ මට ගහන්න :p

    ReplyDelete
    Replies
    1. කොහොමද වෙස් වලා ගත් දෙවන රාජසිංහ රජු? ස්තූතියි බොහොමත්ම!

      Delete
  22. මගෙත් අදහස ඔය සිද්ධිය සිද්ධ උනේ රාජසිංහ රජුට වීමේ සම්භාවිතාවය වැඩි බවයි...
    මොකද, ඒ ආච්චි අම්මා අහන්නේ "පුතේ උඹේ කිරිබත් කෑමත් හරියට රාසිහ දෙය්යෝ යුද්ධ කරනවා වගේනේ" කියලා...
    ඔහොම තමයි අපි පොඩි කාලේ ඇහුවේ...
    ඊට අමතරව මගේ ගාව තියෙන පොතකත් මේ සිද්ධිය ගැන තිබුනේ රාජසිංහ රජු සම්බන්ධව...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතේ උඹ හරියටම හරි! මමත් අහලා තියෙන්නේ ඔය වචන සෙට් එකමයි!
      මොකද්ද අප්පා ඒ පොත? බොහොමත්ම ස්තූතියි! අකුර ප්‍රකාශකයෝ තාම කතාකලේ නෑ මචං!

      Delete
  23. මම දන්න හැටියට ඔය සිද්දිය වෙලා තියෙන්නෙ දෙවැනි රාජසිංහ රජ්ජුරුවන්ට. රාසිං දෙවියෝ කිව්වේ එතුමට. ඔය කතාව "මගදිගට ජනකතා I" කියන පොතෙත් තිබ්බ.

    ගැමුණු රජ්ජුරුවෝ යුද්ද වලින් පැරදිලා පලා ගිහින් නෑ. තාත්තත් එක්ක කොක්කක් දාගන කොත්මලේට ගියා මිසක්. ඒ යද්දිත් එතුමට යුධ අත්දැකීම් නෑ.

    මහා වංශයේ යුද්ධ 28ක් ලෙස දක්වා ඇත්තේ එක් එක් බලකොටු අල්ලාගැනීම උදෙසා කල සටන් විය යුතුය. මහියංගනයෙන් පටන්ගෙන විජිතපුර දක්වා කරනලද සටන් ගණන විසි අටක් හෝ ඒ ආසන්න ගණනකි.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! ගොඩ වැදුනාට , ලිව්වාට! මගෙත් දැක්ම ඔය දේම තමයි! ස්තූතියි නැවතත්!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...