Tuesday, August 1, 2017

එක දවසයි!! සයිකල් දෙකයි!! කිලෝමීටර දෙසීයයි !!! 1



රජ මැදුරක ඉපදී සිටියනම් උඹත් රජෙකි පුතුනේ....!
හොඳට ඉන්න රැලේ රෝයල් කෙනෙක්! 
  කලකට පෙර මා කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ වැඩකරණ කාලයේ ; සෑම සති අන්තයකම කටුනායක සිට පිටකෝට්ටෙට පැමිනියේ පාපැදියෙන්‍. එසේම සති අන්තයේ මිතුරු සමාජය පවත්වන්නට පිට කෝට්ටේ සිට මොරටුව සොයිසා පුර මහල් නිවාස වෙත ගියේද මාගේ සයිකලයෙන්ම විය .
 ඒ මීට අවුරුදු 25 කට 30 කට එහා කොළු කාලේ  කථාය. ඒකාලෙ පැද්ද රැලේ රෝයල් Raleigh Royal බයිසිකලේ තවමත් මා ගාව පවතී.
මාගේ ජීවිතයේ කටුකතම කාල පරිච්ඡේදයකදී මා සමග සිටි විශ්වාසවන්ත ගමන් සගයා ;මෙම යකඩ ගොඩ විය.  ඒ බයිසිකලයෙන් මා කොළඹ නොගිය පාරක් තොටක් නොමැති ගානය!
මාගේ  “ගඟක් දිගේ …………4 !” පෝස්ටුවේ සඳහන් ආකාරයට හක්බෙල්ලාවක සිට කඩවතට  කිලෝ මීටර 69 ක් උල්ෆා සමග පැද්දේද මෙම සයිකලයම  විය. 


මගේ රැලේ රෝයල් ලේඩීස්ලා දෙන්නෙකුට මැදිව  ඔළුවඅනිත් පැත්තට දාගෙන 69 වාගේ මගේ ඔෆිස් රූම් එකේ ඉන්නා අපූරුව! 

 එදා එලෙසින්   සයිකලය පැද්දාට පසුව 
 යලිත්  cycling කියන දේ මාගේ ජීවිතයට සෙමෙන් සෙමෙන් ඇතුළු වූයේ  මටත් නොදැනීමය.
මෙයට මාගේ තවත් මිතුරකු වන සෙලාන් බැංකුවේ මුදිතද වග කිව යුතුය!
ඒ කතාවෙන්ම මේ කතාව පටන් ගමු !
මා සතුව ටොයොටා 106 කැබ් එක තිබුන කාලයේ ඔහුටද එම වර්ගයේම කැබ් එකක් තිබුනි . 
ඔහුද කැම්පින් උනට බෙහෙත් ගනිමින් උන් අයෙකි. මාගේ   කිලෝ මීටර 69 “වීර චාරිකාව” ගැන කියත්ම ඔහු ගේ  උන රෝගී තත්වය වඩාත් උග්‍ර වී අලුත් රෝගී තත්වයක ලක්ෂණ පහළ වන්නට විය ! ඒ cycling ය. ඔහු එකවර ඔහුගේ මුළු පව්ලටම සරිලන සේ   එකවර සයිකල් 5 ක් මිළදී ගත්තේය . ඒ පැළියගොඩ සයිකල් සොහොන් බිමකින්‍ය!
 ඔහු එහි ඔත්තුව මටත් හරියටම කීවේ උගේ පිස්සුවට හොඳින්ම ගැළපෙන එකා මා බව ඉවට වගේ ඉන්තේරුවටම තේරුම් ගත් නිසා විය යුතුය. මා හටද සයිකලයක් ගැනීමට ඇවැසි විය. එයත් එකක් නොව ගෙදර පොඩි උන් දෙදෙනාහට හා මට යන තිදෙනාටම තුනක් ය ! මේ  කියන කාලයේ උන් පොඩි උන්‍ය!
                    අපගේ අල්ලපු ගෙදර තිලක් අයියාගේ ලොකු කෙලී සංකපාලි (තිලක් අයියා නම් කියන්නේ ඒ නම “ආඩපාලි” ලෙස වෙනස් විය යුතු බවය!)  තමන් අලුතින් හදාගෙන යන ගෙදර වහලය ගසන්නට මුදල් අඩු පාඩුවක් පිරිමසා ගන්නට සීට්ටුවක් අරඹා තිබුනේ  ඊට මාස හතරකට කළිනි. හරියටම  තුන්ඩු ඇහිඳිද්දී මාළඟට හතරෙ ඉලක්කම කුරුටු ගෑ තුන්ඩුවම පෙරළී  ආ හැටි මට  අද ද ප්‍රෙහෙළිකාවකි.
සීට්ටුව 20,000 කි. 
එය අතට ලැබුනු පසු කලයුතු 101 ක් වැඩ රාජකාරී මා සිත තුල පෙලගස්වා තිබුනි. සෑම දිනෙකම වාගේ රෑට නින්දට යන්නට මත්තෙන් “ඉතිපිසෝ …” කියන්නාක් මෙන් 20,000 න් කරණ දේ මෙනෙහිකරමින් සිටිය දින ගනන මෙතැකැයි කිව නොහැක . 
අනේ අපරාදෙ කියන්න බැරිය!
 සීට්ටුව ලැබෙන්නට හරියටම  කලින්දා පාන්දරම අපේ ගේ ඉස්සරහට මුදිත නම් වූ බුහුබාවා පැමිනියේ ;නිකං ඉන්නවානම්  පෑළියගොඩ සයිකල් සොහොන් බිමට මා කැඳවාගෙන යන්නටය.  
මා කැඳවාගෙන යෑමේ මූලික උවමනාව වූයේ ඔහු පෙරදින ගෙනැවිත් තිබූ බයිසිකලයක්; වෙනත සයිකලයක් හා  නැවත  මාරු කරණ්නට එතන ඉන්නා හුදී ජනයාහට තෙල බෙදන්නය ! නොහොත් බැලන්ස් කරන්නටය !! (මා රැකියාවක් ව්දියට කරන්නෙත් කොම්පැනියට ඇවිත්  මල පනින කස්ටමර්ලාව බැලන්ස් කිරීමය.)
     එදින අනුන්ව බැලන්ස් කරන්නට ගිය මා ගෙදර පැමිනියේමාගේ එන මාසේ අය - වැයේ බැලන්ස් එක  මුළුමනින්ම   අල කර ගෙනය!

 මෙයට ප්ර්ධාන වග උත්ත්‍ර කරු වන්නේ අනිකෙකු නොව “හෙට සීටුවෙන් බේරණ” පොරොන්දුවට මාහට පොලී රහිත ණයක් දීමට ඉදිරිපත්වූ මුදිතයාය !
මේ ගෙනා සයිකල් තුන ; නැවත මා cycling ලෝකයේ සැරිසරණ්නට මග පාදන්නට හේතු  භූත වූ   කරුණවිය.
මේ සියල්ලෙන් පසු මා ගේ එකසිය ගානක් වන විනොදංශ අතර පෙර සිටි ස්ථානය දිනා ගැනීමට cycling වලට හැකි විය. 
ඊළඟට හැදුනේ බ්‍රෑන්ඩඩ් බයික්  Branded Bikeඋනය! එය සනීප කරගන්නට තවත් කලක් ගතවිය. දවසක් ඉක්මන් එකේ සැරිසරණ විට මා නෙත ගැටුනේ කිරිඳිවැල විකිනීමට තිබුනු Scott sportster p6 සයිකලයේ මංගල දැන්වීමය. 


තාමත් හොඳට නාවලා තෙත මාත්තු කරලා ඕඩි කොලොන් ටිකක් දාලා නැපියක් කාරිය ඇන්දුවාම මගේ සයිකලෙත් මේ වාගේමයි!

    ගෙදරට නාකි  වෙමින් සිටී අවුරුදු 70 ක පමන මහල්ලෙක් හට ;
 “අපගේ සුරූපි කණිටු දියණිය හට; වයස්ගත ,පැසුනු බුද්ධියකින් හෙබි ස්වාමි පුරුෂයෙකු සොයයි!" කියා මංගල දැන්වීමක් දුටු විට දැනෙන සතුට කෙසේද ? එවන්ම වූ සතුටක් මාහටද දැනිනි.
 මා පසුවදාම දෙතුන් දෙනෙකුට ණය වී කිරිඳිවැලට බසයෙන් ගොස්  එහි සිට ගෙදරටම ස්කොට්ට් රාජයා පැදගෙනම ආවේය!
 ගෙදර එන විට යාන්තම් ඇඟේ රස්නය තිබුනාට “උන” සෑහෙන්න හොඳවී  තිබුනි! කොහොමත් හොඳින් දාඩිය දැමූ පසු උන බහිනවා  යැයි පැරණි අය කියන්නේ නිකං කට  කහනවට නොවෙන බව එදින හොඳින් වැටහුනි. 


තෙශා සමග! හයි වේ හැදෙයි හෙමිං හෙමිං!
මමත් තෙශාත් හෝ අප තිදෙනාම හෝ අප දෙදෙනෙකු
බොහෝ රාත්‍රීන් ගේ කඩවත් හා  අවට සයිකල් පැද්දෙමු. මේ කාලයේ   කඩුවෙල සිට කඩවත දක්වා අධිවේගී මාර්ඝයේ වැඩ කෙරමින් තිබුනු අවදිය විය. 
බොහෝ දිනවල අප තරු එළියේ ; මහ රෑවෙන තුරු සයිකල් පැද්දෙමු. ඒවා  ජීවිතේ අමතක නොවන සුන්දර අත් දැකීම විය. මේ පිළිබඳව රසකථා කිහිපයකි. වෙනමම කථා කරමු.
ඊළඟට අප කලේ  කුමන්ත්‍රණකාරී හා සංවිධානාත්මකව අපේ අයියාගේ කොල්ලා වන මධුෂාන් හට  අපේ උන බෝකිරීමය.   
ඒ සිද්ධිය අවසාන වූයේ ණය කඩ් පතේ පිහිටෙන් සීදූවෙන් Giant එකක් ගෙදරට කැන්දාගෙන පැමිනීමෙන් පසුවය.
කුළගෙදරින්...... දුම්ඹර කඳු වැටියෙන්....!

මධුෂාන්ට අව්ලක් නොවූයේ ඔහුගේ පව්ල නොහොත් ඇඹේණිය ඒදිනවල පොළොන්නරුවේ ගොස් සිටි නිසාය. නැතහොත් ඒ මගුලටත් දෙයියන්ගේම පිහිටය.
මදුෂාන් ජයන්ට් එක ගත්තේ සීදූවෙන්‍ය. සීදූවේ “සුදත් සයිකල්” යනු සයිකල්  සුපිරි වෙළෙඳ සැළකි.
 එයත් එක්ක ගත් කල අපි ඉස්කෝලෙ යන කාලේ ; හවසට බොරැල්ල පැත්තේ කරක් ගහද්දී වීදුරුවෙන් වින්ඩෝ ෂොපින්  කල   සයිකල් බසාර් , මරදානේ නිව්  වෙල්කම් ස්ටෝස් වාගේ ඒවා නිකම්ම නිකං පෙට්ටි කඩය !
 අපි වාගේ “රෝගීන්ට” පිං සිද්ධ වෙන්න දැන්සුදත් සයිකල් එක තවත් විශාල කොට ඉස්සරහ වත්තේද කෑල්ලක ෂෝ රූම් එකක් දමා අවසානය !

ණය කාඩ් පතෙන් මිළදී ගත් ජයන්ට් පෙම්වතිය ගෙදර ගෙනාවේ මාය! මධුෂාන් යතුරු පැදුයේ පෙරගමන් ආ අතර පට්ට දවල් 1.00 ට 2.00 ට සයිකලය  පැදගෙන සීදූවේ සිට කඩවතට කැන්ඳාගෙන ආවේ මාය.

මේ යකා මේ මඟුල ගත් දා පටන් මූට හැදුනේ එසේ මෙසේ අමාරුවක්  නොවුනි.
අපි පසලේ හතේ අටේ පංතිවලදී ඉගෙන ගන්නා :  ත්‍රිත්ව  එන්නත  ලබාදෙන රෝගා බාධ තුන වන  ඩිප්තීරියා , ගලපටලය , කක්කල්කැස්ස තුනම එක්පිට; ජලභීතිකාව රෝගියෙකුට වැළදුනු ගානට මධුෂාන්ගේ රෝගී තත්වය උත්සන්නවිය !
 එයට අමතරව තෝන්තුවෙන් වාගේ මරු කියවන්නටද පටන් ගති. ඔහු මාදකින හැම වෙලාවකදීම  මගෙන් විමසුවේ අමුතුම නුහුඟුන පැනයක්‍
  ඒ අන් කිසිවක් නොව
“බාප්පි අපට  පොළොන්නරුවට බයිසිකලෙන් යන්නට බැරිද?”
 යන පැනය විය.   
පුළුවං ! ඇයි බැරි !?
ඒ මාගේ කෙටි උත්තරය විය.
මේ උත්තරය සමගින් හේ ටිකෙන් ටික බයිසිකලයෙන් කෙටි දුර පදින්නට පටන් ගත්තේය.
පළමුව කඩවත සිට නිට්ටඹුවටත් 
ඉන් පසු වරකාපොලටත් 
තවත් කිහිප දවසකින් තුල්හිරියටත් පැද තනි කෑල්ලට ගෙදර එන්නට 
ඔහු සමත් විය ! 
අවසාන වන විට කිලෝමීටර  100 ක ගමනක් ඔහු සෑම සති   අන්තයක  ම වාගේ පැද්දේය. 
මෙහි වඩාත් සිත් ගන්නාසුළු දෙය වන්නේ මේ වන විට අළුත් බයිසිකලය ගෙන මාස 2 ක කාලයක් තුල මේ සියල්ල සිදුවීමයි . 
  ඒ සියල්ලටම අමතරව හේ ජාලයේ සැරිසරමින් සයිකල් ටුවර් එකක් පැදීමේදී කලයුතු හා නොකල යුතු කරුණු කාරණා රාශියක් සොයා බැලීමටත් ඒවා පිළිබඳ මා දැනුවත් කරණ්නටත් ඔහු කටයුතු කලේය. 
ගමනට පෙර ගතයුතු කෑම වට්ටෝරු , පදින අතරේ ගත යුතු දේ , ගමන පිටත් වීමට පෙර ආසන්න දින දෙක හෝ තුන කල යුතු අත් හල යුතු දේවල් යනාදී සියල්ලෙන්ම හේ ඒ වනවිට  සන්නද්ධවී සිටියේය. 

මාගේත් වසිකගේත් සයිකල් හැදුවේ (හා කැඩුවේ ) කඩවත 
හයි වේ එන්ට්‍රන්ස්  එක ලඟ ලකී අයියාය. 
ලකී අයියාගේ වැඩපොල තියෙන්නේ ඉලෙක්ට්‍රික් සරත් අයියාගේ ගැරේජ් එකේ කට ගාවය. 
සරා හෙවත් ඉලෙක්ට්‍රික් සරත් අයියා ගැනද වචනයක් ලිව්වේ නැත්නම්
 එතන ලොකු ඇදයක්‍! සරත් අයියා සිරා වැඩ්ඩෙකි. 
ඕනැම පරණ කාර් එකක නමයි මොඩල් එකයි කිව්ව  ගමන් 
ඒ වාහනයට උවමනා වයර් හනස්ස කඩවත හංදියේ වැඩපොලේ බිම එලා  හදාගෙන 
පහුවෙනිදාට ෂොපිං කවරයක දමා ගෙන ගොස් කාර් එකට අමුනා ඒම සරාට කජු කන වැඩකි !
 ඒත් අපේ වාහනයක සිග්නල් ලයිට් හැදුවොත් 
ගෙදර  ඇවිත්  බලන කල ඒ /සී වැඩ කරණ්නේ නැත ! 
පහුවෙනි දාට    ඒ /සී හදන්න ගිහින් ආවිට හොර්න් එක හ්ම් සද්දයක් වත් නැත! සිග්නල් ලයිට් එකේ බල්බ් එක මාරු කලොත් ; හෝන් එක ගසද්දී නිකම්ම වයිපරේ වැඩය !ඒ සරා ගේ හැටිය. 
මේ නිසාම සයිකල් හැදුවත් නැතත් බොහෝ සති අන්තවල ලකි අයියාගේ වින්කලේට අප නිතැතින්ම පිවිසේ .ඒ අපෙ වාහනයක ඉලැක්ට්‍රික් වැඩක කරණාතුරු ලකාර් එක ගසන්නටය!


කනුවකට බරවී ඈත් දුර අවකාශය දෙස දෙනෙත් යොමාගෙන ;
ඈත එන වාහනයක් දෙස සරාගී බැල්මක් හෙලාගෙන- ඉලෙක්ටික් සරා


සයිකලයකට අත තබාගෙන කණ්නාඩි දමාගෙන සිනහමුසු මුහුනින් 
- සයිකල් ලකී
අපිව දුටුවාම ලකී එයාගේ ගැඹුරු වොයිස් එකෙන්  “ ආ ! කොහොමද ? “ කියන්නේ තාලෙට  ඇදලා පැදලාය.   
ලකී ද කොලු කාලේ සයිකල් ශූරයෙකි. 
තවමත් ආරෝහ පරිනාහ දේහයකට හිමි කම් කියන හේ  වරක්  බොනිෆස් ලා හෙන්ඩර්සන් ලා සුමනවීරලා එක්ක පොලොන්නරුවට පැද තිබුනේය. ඒ කතාවද සුපිරිම කතාවකි.
ඒකාලෙ සයිකල් රේස්  සඳහා මුලින්  නම් ලියා පදිංචියක් තිබී නොමැත. ආරම්බක ස්ථානයට යන ඕනෑම කෙනෙකුට තරගයට  සහභාගී විය හැකි වූ අතර ඒ සැමට ; තරගය සඳහා ම නිර්මිත සුවිශේෂි ටී ෂර්ට් එකක් ලැබුනි . 
මේ ටී ෂර්ට් එකක් හොයාගෙන එය ඇඳගෙන බයිසිකලයක් පැදීමද ; සයිකල් රේස් එකකට සහභාගී වී දිනීම  තරම්ම පොඩි කික් එකක් දෙන වැඩකි.

ඉතින්  මම අමාරුවෙන් නොකිව්වාට කෙරුණු දේ තේරුනානෙ ?
 ආරම්බක ස්ථානයෙන් ටී ෂර්ට් එක ලබාගෙන තරඟය සමග හැතැම්මක් දෙකක් පැමින නවතින් අයියලා ඒකාලේ සැහෙන්න ඉඳ ඇත.

ලක් පොහොර දීපවියාප්ත මහා සයිකල් ධාවන තරඟය 1984 හෝ  1986 විය යුතුය. 
ලකී තම යාළු මිත්‍රයින් කිහිප දෙනෙකු සමග පාන්දරම ගෝල්ෆේස් පිටිය අසලට පැමිණියේ   ටී ෂර්ට් කීපයක් ගල් කරණ්නටය.

සිතූ පරිදිම ටී ෂර්ට් ලැබුනි. තරගය ඇරඹුනි.

“බොනියලා සුමනෙලා එක්ක  එක පොදියට සෙට් වෙලා  ඔහේ පැද්දා.
 අපි ආවේ කිරිබත්ගොඩින් හරි කඩවතින් හරි නතර වෙන්න බලාන.
 මට කඩවතට එනකොට අව්ලක් නෑ. 
පැද්දා නිට්ටඹුවට . 
තව යන්න පුළුවන්. වරකපොලට ගියා ම්හු !
 කුරුණෑගලට ගියත් තව යන්න පුළුවන් වගේ .
ඔය විදියට මම පොළොන්නරුවේ ගල්ලෑල්ලටම ගියා  !” ඔය ලකි අයියාගේ වදන්‍ය.
“යනකොට මග  දිගට වැස්ස. මාව හබරණදි වැටුනා!
ගල්ලෑල්ලට එකට ගියේ සුමනෙ . දෙක බොනියා .
 ඒ ඔක්කොම රේසින්ග් ඈ !?
මම හය !
ස්ටැන්ඩර්ඩ් වලින්  එක !
 එනකොට  දඹුල්ලට  විතරයි ආවෙ. අසනීප  උනා. පස්සේ ඇම්බුලන්ස් එකෙන් ගෙදර ආවා!
එහේ  අපිට නවතින්නවත් කන්නවත් තිබුනේ නෑ.
මම පංසලක රැ නැවතුනේ.
 රෑට කඩේකින් ගෙන්නගත්තු බත් එකක් කාලා බඩත් අවුල් උනා !”
 ඔය ලකි අයියාගෙ ශෝකාලාපයයි .

1973සිට 1994 දක්වා තරග දහසකටත් වඩා හේ පැද ඇත ! 

මේ කතාන්දර අහන්නට පුළුවන් වන්නේ රිම් ඇද අරිණ  බකල් අච්චුව ලඟ නිස්කාන්සුවේ ඉන්නා වෙලාවට පමනි . 
නැතිනම් ලකි අයියා හැමදා එකසිය ගානට වැඩය.

මාගේ ස්කොට් එකද මා  හා හා පුරා  කියා ගෙන ගියේ  ලකි අයියාගේ රජ දැක්මටය.
 “අප්පා……. මේක සුපිරි භාන්ඩයක්නේ !”

  පුරුදු පරිදි ලකි අයියා තම ගොරෝසු හඬින් ඇද පැද කීවේය.
ඒ බෞතීස්මය මට ඉහටත් උඩින්‍!

මධූගේ අලුතගෙනා මනමාලිය ද කඩවතදී   ලකීව බැහැදැක්කේය ! 
  “අප්පා……. මේක සුපිරි භාන්ඩයක්නේ !”

  ලකි අයියා එයටද නියත විවරණ දුන්නේය. 
ඇත්තෙන්ම මධුෂාන් ගේ Giant සයිකලය සුපිරිම භාන්ඩයක් වන්නේ එහි සැහැල්ලු බවත් සමගය. 
එහි බර කිලෝ 10 කි ! මාගේ ස්කොට් එක කිලෝ  14 ක් විය .

සියල්ල මෙසේ ගලා යන විට මධුෂාන් ගෙන්  මට බේරෙන්නට නොහැකි තත්වයකට පත්විය. 
සෑම දිනයකම වාගේ ඔහුට මගෙන් අහන්නට තිබුනේ එකම පැනයකි.

 ඒ  “අපි පොළොන්නරුවේ යන්නේ කවදාද ?” යන්න පමනි. 

 අන්තිමට කරණ්නට දෙයක්ම නැතිව අසරණව සිටි මා 2017 අප්‍රේල් 1 මේ සඳහා යොදා ගැනීමට තීරණය කලෙමු.
 අපි මේ කරණ්නට යන පශ්චාත් භාගය රිදුම් දෙන වැඩේ කරණ්නට ඒ තරම් සුදුසු දිනයක් මුළු කැලැන්ඩරේම බැලුවත් සොය ගන්නට අපහසුය .

අපේ දුමින්ද ගමගේ මල්ලීමෙන් මමද ; කාලය දීපය  දේශය බලා , ගෙදර වත්තේ තනකොළ ටික කපා , බල්ලන් දෙන්නා නාවා , ගේ අතුලේ මකුළු දැල් ටික කඩා දී , රාහු කාලය අතහැර සුමනදාසගෙන් සුභවෙලාවක් අසා  එයද මග හැර අපේ ප්‍රිය බිරිඳට කිට්ටු කලෙමි. 

“මොකක් පොළොන්නරුවට බයිසිකලයෙන් යන්න ……..!?”

 කතාව ෆුල් සීරියල් විය ! පස්සෙන් පහු ගමන කරණා හැටි බොහෝම තනුක කොට ; ඇල්  වතුර පීරිසියට දමා නිවා බොන තියරියෙන් දුන් විට  මූලික වටයෙන් දෙවන වටයට සමත් විය !

ඉන් පසුව මම කාල සටහනක් සැකසිමි .

 මාගේ “සයිකලයක් අරණ් පදිමු !” පෝස්ටුවේ අත පුරා දමා ඇත්තේ මා සැකසූ අයිටිනරිය නොහොත් ගමන් පෙර සටහනයි.




අටමස්ථාන , සොලොස්මස්ථාන විස්තරය

 එය බිරිඳගේ  ඇප්රුවල්  එකට දමන්නට මත්තෙන් එයට ; මග දිගට තිබෙන  ඉස්පිරිතාල , ඩිස්පැන්සරි ,මූලික රෝහල් යනාදි වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියළුම වෙහෙර විහාරස්ථාන , අටමස්ථාන , සොලොස්මස්ථාන වල විස්තරයක්ද එක් කළෙමි.


මන්ද අපේ පවුලගේ චරු චුරුව සමගින් පටන් ගත් අටෝ රාසියක් ගමන් බිමන්, වැඩකටයුතු  වලට හෙනහුරා වඩින්නේ  වැඩේට මම බහින්නත් කළින්‍!

මෙය මට  පමනක් නොව බොහෝ ගෘහ (අ)මූලිකයන් දන්නා පරම ස්ත්‍යය! (බොරු නම් ඕන චන්ඩියෙක් “මේක  බොරුයි!”  කියලා  කොමෙන්ටුවක් දමාපල්ලා …..!)

අවසානයේ වැඩේ කිරි ගහට කෙළමෝලෙන් ඇන්නාසේ වැඩ කළේය. විශ්වාසෙට ගන්න ආයිබොවංඩ ! අපේ පවුල මගේ ප්‍රොජෙක්ට් රිපෝට් එක ඇප්රූ කලාය.
හැබැයි යටින් පොඩි  මිනිට් එකක්ද සමගිනි.
“මේ ගමන දින දෙකකින් නිමා කල යුතු වේ !”
 මන්ද ඇම්මට වාගේ එක දිගට පදින්නට ගොස් මැන්ටලේට අව්ලක් වේ යැයි සිතූ නිසා විය යුතුය.
එහෙම හිතුවම පොඩි  ගැම්මකුත් හිතට දැනෙන්නට විය !
ඇත්තටම අපේ හාමිනේ අපිට මූනට නොපෙන්නුවාට හොරෙන්, හොරෙන් ; 
හිත යටින් ; කාටත් නොදැනෙන්න ;  හොරා වගේ අපිට ආදරේ වගේය.
 ඒ ආදරේ බලන්න නම් මැරෙන්න යන්නම වෙනවාය !
 ( බොරු නම් කොරළා බලන එකයි ඇත්තේ !)

ඉතින් ඒකට ගැලපෙන්න දවස් දෙකකින් ගමන නිමාවන වාර්ථාව තමයි මම සභා ගතකලේ.
දැන් ගමන යන්නට අපේ  සයිකල් කිරි ටොයියා එකට  පැදිල්ල  තිබිය යුතු මය. 
මදූ ගේ අදහසේ හැටියට එයාගේ Giant  එක වාගේ මොඩ්ර්න් බයිසිකලයක් හදන්න තරම් තාක්ශණික දැනුමක් ලකී අයියාට නැතිවා වාගේය
. ඒනිසාම එයා එයාගේ සයිකලේ   හදන්න දුන්නේ නාවල පාරෙ Bianchi ෂෝ රූම් එකටය.  
බයිසිකලේ බාර දීලා ඇවිත් එතන පුරාජේරුව කිව්වාම මගේ හිතත් මෙව්වා මෙව්වා වී ගියේය!
 මේ තරම් මෙව්වා වෙන්නට මූලික වශයෙන් හේතු භූත වූයේ එතන හැම දේටම ඇවැසි නිවැරදි උපකරණ හා මෙවලම් තිබීම මෙන්ම සියළුම අමතර කොටස් එතැනම තිබීමය. අවසානෙදී මමද මාගේ ස්කොට්ව  එක්කගෙන ගියේ එතැනටමය.

ඉතින් මාර්තු 25 විතර මධූගේ රෙකමදාරුවයි පාරට්ටුවයි නිසාම මමත් ස්කොට්  එක අරන් ගියා නාවල බියන්කි කඩේට ! 
 අප්පා එතන හිටය එකා  බයිසිකල් කාපු  එකෙක් ! අපරාදෙ කියන්න  බැරිය ඌ කියන විදියට බයිසිකලෙන් භාගයක්ම මාරු කරන්න ඕනලු !
 (මගේ ස්කොට් එකයි පරණ ඩන්ලොප් එකයි දෙකම කෑවේ වසිකයි, පසිඳුයි දෙන්න කියලා මට ඇද නැතිව කියන්න පුළුවන්. උන් දෙන්නා අම්රාන් එක්ක මෙහේ ඉඳන් දෙනියායේ ගිහිල්ලා තමයි මේ බයිසිකල් දෙකට මේ වින්නැහිය වුනේ .) 
   සයිකලේ ක්‍රෑන්ක් එකයි (කොග් වීල් එක), චේන් එකයි , ෆ්‍රී වීල් එකයි ,බ්‍රේක් පලු හතරයි , කේබල් ටිකයි මාරු කරලා; සර්විස් එකත් කරලා මධූ ගේ සයිකලෙත් එක්කම අපිට ලැබුනේ මර්තු 28 විතර.
මාරතු 31 වනදින රාත්‍රියේ අප අපගේ බඩු මුට්ටු අහාර පාන බයිසිකලයට බද්ද කර ගැනීම ඇරඹුයෙමු. 
බයිසිකල් දෙකටම අප පැනියර දෙකක් අමුනා ගත්තෙමු . පැනියර් යනු ලැගේජ් එකට අතිශය සමාන ඒමත අහාර පාන  යනාදිය දමා ගැනීමට සෑදලයක් සේ සැදුම්ලත් මලු දෙකක් තිබුනි. 


 අප භාවිතා කල වර්ගයේම පැනියරයක්!

අපට ගෙනයාමට බොහෝ දේ එකතු වී තිබුනි. 
පැනියරය අමුනා ගැනීමෙන් පසු මගේ සයිකලය බොහෝ සෙයින් බර වැඩිවී තිබුනි. ජෑම් ගානලද පාන් රාත්තලක් , ආනමාළු කෙසෙල් ඇවරියක්, වතුර බෝතල් දෙකක් (එකක ජීවනී වලින් සමන් විතවිය.), ඇඳුම් කට්ටල දෙකක් ,මගේ ජීවිතාරක්ෂක කඹය , හුලං පොම්පය , මෙවලම් කිහිපයක් සහිත ටූල් කිට් එකක් ,  කුඩා නිදන ස්පොන්ජ් ශීට් එකක් , ප්‍රථමාධාර පැස , මගදී අහාර වශයෙන් ගැනීමට ඕට්ස් පැකට් කිහිපයක් යනාදී වශයෙන් මහා බඩු එකතුව නිසා සයිකලයේ බර කිලෝ 5 කින් 6 කින් සාර්ථක ලෙස ඉහල දමා ගැනීමට මා සමත් වී සිටියෙමි .

රාත්‍රී 12.00 ව්න විටත් අප බයිසිකල් සමග ඔට්ටු වෙමින් සිටියේ හෙට ගමනට අනිවාර්යයෙන්ම ඇවැසි ශාරීරික නිදහස අප  විසින් කාදමමින් සිටියෙමු .

සිරිත් පරිදි අපේ හාමිනේගේ සුන්දර , කාරුණික, ආචාරශීලි වදන් වලට පිං සිද්ධ වෙන්න මධ්යම රාතී පසුවී ගස් නැග්ග යක්කු බිමට බහින යාමයේ නින්දට වැටුනි. 

පාන්දර 4.30 පම්න වනවිට අප නැවත පිබිදුනෙමු.  සැහැල්ලු ආහාරයකින් සප්පායම් උනු අප හිසේ බැඳි විදුලි පන්දම් එලියෙන් පාර සොයාගෙන  මගට වැටෙන්නට ආදරනීයනට සමුදුන්නෙමු.

" ඔන්න ඔයාට යන්තම් හරි අමාරුවක් තියෙනව නම් පදින්න එපා! 
රෑට පරිස්සම් තැනක නැවතී හෙට උදෙන්ම යන්න.- බුදු සරණයි!"

 ඒ ගෙදරින් ලද අවසාන ඉල්ලීමය! අවවාදයය!නියෝගයය!
 සියල්ල කැටිවූ ආදරනීය ප්‍රාර්ථනයය!

"බාප්පි අපි කොහොම හරි කිලෝ මීටර 200 ම අදම යන්න බලමු. කලොත් ඒක සිරා වැඩක්! මොකද කියන්නෙ ට්‍රයි එකක් දෙමු නේද?"
 මධුශාන් කනට ලංවී හොරෙන්ම විචාලේය!

"බලමු!" මම මගේ යටි සිත සඟවාගෙන උත්තර දුන්නෙමි.

" ඔව් මටත් කරණ්න ඕන  සිරා වැඩම තමයි ! බලමු!!"

 මම මටම කියා ගත්තෙමි.
                

     

පිටත් වන්නට මොහොතකට පෙර!
කන්නාඩි කාරයානෝ මාගේ කරුමක්කාරයායනෝය! -  මධුෂාන් කොලුවා

30 comments:

  1. හැක්.. මේක ගඟේ ගියාට අන්තයි වගේ පේන්නෙ.
    මාත් කාලයක් බයිසිකල් වලට දස වද දුන්න කොල්ලො ටිකක් එක්ක එකතුවෙලා. දැන්නං ගෙදර බයිසිකල් පුස් කනව.

    //මගේ ජීවිතාරක්ෂක කඹය// ඒක අරං ගියේ වැඩේ අල උනොත් බෙල්ලෙ වැල දාගන්න වෙන්ටැ.

    ReplyDelete
    Replies
    1. ආ! මුදළාලි මහත්තයා ! අද ඉක්මනටම ඇවිත් වගේ! බොහොමත්ම ස්තූතියි! කඹේ ගෙනියන්නේ ඒ වගේ දේකට වුනත් ප්‍රයෝජනයි නේ! හහ්! හහ්!! හා!!

      Delete
  2. බිරිදගේ චුරු චුරුව සමග ගමනක් ගියාම හැමෝටම හෙනහුරා ලබන්නේ නෑ. කොඉදේටත් චුරු චුරු ගාන එක ගැණු ගතියනේ . මම කියන්නේ අත්දැකීමෙන් කොහොම උනත් ගමන ගියානේ . ඉතිරි ටිකත් ලියමුකො බලන්න . කියවන්න ආස හිතෙනවා .

    ReplyDelete
  3. මට පේන්නෙ ඔයත් මහත්තයට නොම්මර එකටම චුරු චුරුවක් වෙන්න ඕනෙ!

    ReplyDelete
  4. ඔක්කොමත් හරි කඹේ මොකටද කියන එක තමයි ප්‍රශ්නෙ .කිලෝමීටර් දෙසීයක් ! මග දිගට හොඳ අත්දැකීම් ලැබෙන්න ඇති .

    ReplyDelete
    Replies
    1. මල්ලි මම මලගෙදරක ගියත් වතුරක් දැක්කොත් අනිවා බහිනවා. ඉතින් මේ ඇත්තමයි කියන්නේ කොයි ලෝකෙ ගියත් නාන්න කිට් එකකුයි , කඹෙයි , ටොර්පිඩෝ එකයි (මේගැන "ගඟක් දිගෙ.. " පොස්ටුවක ලියලා ඇති. ඒක හරියට මූඩිය තදින් වහපු ලීටර් පහේ ඔයිල් කෑන් එකක් වගේ එකක්. ජාලයේ ගිහින් Bay Watch Type Rescue Torpedo කියලා ගහලා බලන්නකෝ) යන ආම්පන්න ටික අරන් තමයි යන්නේ. ඉතින් මේ ගමනට ගත්තෙ කඹේ විතරයි. ඒත් වැඩක් උනේ නැහැ. අර මාත් එක්ක ගිය පොලොස් කොට්ටෝරුවට තිබුනු පශ්චාත් භාගයේ අමාරුව නිසා. නාන තියා ; කන්න බොන්නවත් නවත්වගත්තේ හරි අමාරුවෙන්!

      Delete
  5. නෝනා මහත්තයව දාලා ඔහොම යාලුවෝ එක්ක විනෝද වෙන්න යන්න එපා සර්. සර් නැතුව නෝනා මහත්තයට තනියිනි. මේ වගේ පවුල් ගැන ඇහැ ගහගෙන ඉන්න සෙල්ලක්කාරයෝ හැම තැනම. ගෑනුන්ගේ හිත වෙනස් වෙන්න යන්නේ බොහොම සුළු මොහොතයි, වරදේ බැඳුනත් ඒක සඟවා ගන්නත් ඒ පාර්ශවය දක්ෂයි. කසාද නොබැන්දත් මං මේ ගැන දන්නවා.

    ReplyDelete
    Replies
    1. අනන් ඒකට තමයි ඇනෝ තුමෝ අර ජීවිතාරක්ෂක කඹේ ගෙනියන්නේ. කේස් එකක් නම් එල්ලෙන්න.

      Delete
  6. බුදාම්මෝ, මතක් වෙනකොටත් මයිල් කෙලින් වෙනවා. ගමන තමයි ගමන. ජීවිතේ එක වරක් වත් කරල තියෙන්න ඕන සීන් එකක් තමයි මේක. ඇඟේ හයිය වගේ හිතේ හයිය හරි හරියට තියෙන්න ඕන මේ වගේ සීන් එකක් කරන කොට. මේක ලියන තට්ටයා මගෙ බාප්පා වෙච්චි, මෑන්ස් ගෙ මොරාල් තමයි ඉතින් :) :) :)

    ReplyDelete
    Replies
    1. මේ හීන් එකෝ! මාව නිකන් මුරුංගා අත්තේ තියන්න එපා. මම උඹවයි , උඹේ තාත්තවයි උගෙ තාත්තවයි ; උඹේ තාත්තගෙ තාත්තගෙ තාත්තවයි තුන් හතර දෙනාවම දැකලා කථා කරලා, ඇසුරු කරලා තියෙන එකෙක්! උඹලා පරම්පරාවම අනිත් එවුන් අන්දන්නයි බැලන්ස් කරන්නයි සුපිරියටම දන්නවා! කොහොම උනත් ආයෙත් මම Bike Tour එකක් ගියොත් යන්නෙ උඹව දාල තමයි කොල්ලෝ. ඒක නම් ඉර හඳ වගේ ෂුවර්!

      Delete
    2. පව් යකෝ මදුවා .....

      Delete
  7. පස්යාල, ගල්නෑව, හබරණ පාරෙන් යන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ප්‍රා ජේ, පස්යාල - මීරිගම - ගිරිඋල්ල නාරම්මල - රඹා වැව - වාරිය පොල - කුරුණෑගල - ගලේවෙල හරි ; නැත්නම් වාරියපොල - කැකිරාව - මරදන්කඩවල පැත්තෙන් හබරණට එන්න ඕනෙ. ඒත් ගල්නෑව?

      Delete
    2. රැජින හන්දියෙන් ගල්නෑව පාරට දාල බුල්නෑව හරහා

      Delete
  8. හම්මට... ඔය තියෙන්නේ ගානට ලියල. RDA දන්නවනම් අල්ලාගෙන යනවා අපිව, හොරෙන් පැද්ද කියලා.....

    ReplyDelete
    Replies
    1. මචන් ඒ කතා වෙනම පෝස්ටුවක ලියමු!හයි වේ එකේ බයිසිකල් ඇදගෙන ආපු කථා! වැටෙන් පැනපුවා....! අපිව RDA එකට අහු වුනු හැටි! මම පියාඹපු කතාව! කොයිතරම් නම් දේවල්ද?

      Delete
  9. මේක දැක්කම ආයෙත් බයිසිකල් පදින්ඩ ආසාවක් ආවා ...
    ඉතුරු ටිකත් ඉක්මනට දාන්ඩ ...

    ReplyDelete
    Replies
    1. පදිමු! පදිමු !! අහල නැද්ද "පදින්නෝ දිනන්නෝ" කියලා පුරාණ කතාවක් තියෙනවා!

      Delete
  10. අම්මේ සෑහෙන ඉතිහාසයක් තියන සයිකලයක් නේ. පණ වගේ ඇති ඉතින්.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් සයුරි! ඒකට ඒකාලේ මගේ යාළුවෝ දාල තිබුනු නම තමයි "යකා" ! තාමත් එයා මා ගාව. ඉස්සර Nottingham England පිත්තල Head Badge එක තිබුනා. දවසක් මේක හදන්න ග්‍රෑන්ඩ්පාස් පැත්තේ වින්කලේකට දැම්මාම එතන එකා ගලවගෙන! ආයෙත් මම එතනට ගිහින් ඌට පාට් එක දාල ඒක අරන් ආවා. ඒත් අහෝ දුකකි , ඉරකි ,තිතකි...... ඒක මගේ අති අස්ථාන ගතවෙලා! මම ඒකාලේ මගේ හැම ගමනකටම එයාව යොදාගත්තේ පැවති ආර්ථික අපහසුකම් නිසාමයි ! ඉතින් ඔයා කිව්වා හරි ! එයා මට ගොඩාක් වටින කෙනෙක්. ඒත් අර බැජ් එක හොයා ගන්නකම් පුනරුත්ථාපනය කරන්නට බැරිව ඉන්නවා. මොකද ඒ බැජ් එක ගහන්න නම් සයිකලේ ඉදිරි පස මුළුමනින්ම ගලවන්න ඕනෙ. මේ සති අන්තෙ සුපිරි ගමනක් දාගෙන තියෙනවා. ඊළඟ සති අන්තෙ හරි බැජ් එක හොයන්න ඕනෙ ගේ අනිත් පැත්ත පෙරළලා හරි. හමු උනොත් ඔයාට තමයි ඉස්සෙල්ලාම කියන්නෙ ඔන්න!

      Delete
  11. ඊයේ කියෙව්වට අදයි කමෙන්ට් කරන්න වෙලාවක් හම්බුනේ .මට නම් බයිසිකලයක් තිබ්බේ නැහැ .ඒ වුනාට අඩුවක් නැතුව යාලුවෝ ළඟ නම් තිබ්බා මගේ වගේ පදින්න.අය්යාගේ රැලේ රෝයල් Raleigh Royal බයිසිකලේ වගේ එකක් මගේ හොඳම යාලුවෙක් ළඟ තිබ්බා .මගේ වැඩේ ඕක ඉල්ලගෙන (ඒ කාලේ හිටිය කෑල්ලක් බලන්න )පාගන එක .දවසක් පන්ච් එකක් වෙලා උස්සගෙනම ගෙදර ගෙනාවට පස්සේ බලනකොට ඇනයක් ඇනිලා ටියුබ් එක ගන්න දෙයක් නැති තරමට කැපිලා .මට හැබයි අය්යා තරම් දුර පැදලා පුරුදු නෑ .දැන් කොහොමත් අව්රුදු දහයකින් වගේ බයිසිකලේකට නැගලා නෑ

    ReplyDelete
    Replies
    1. අනේ මල්ලි මගේ ජීවිතෙත් බොහෝ කාලයක් යනතුරු මට බයිසිකලයක් තිබුනේ නැහැ. මම ඔ/ල් කරලා සෑහෙන කාලයකට පස්සෙ තමයි බයිසිකලයක් ලැබුනෙ. ඔඅය ගැන මට තියෙන්නේ හරිම අනුවේදනීය මතකයක්. දැන් නම් දෙයියනේ කියලා පදින්න සයිකල් කීපයක්ම තියෙනවා. මගේ අර පරණ පෝස්ටුවක තියෙන හෙඩිම තමයි මතක් කරණ්න තියෙන්නේ. "සයිකලයක් අරණ් පදිමු!" බොහොමත්ම ස්තූතියි. ඒක නෙවෙයි මොකද කැබිනට් ඇපෘවල් එකට උනේ?

      Delete
  12. Thank you for your call at this evening. You came now for correct subject. Because I is my subject. Thank you. You just started to write.
    Good thinks will come later. Is not
    it? you invited me to ride at twice. But i could not join with you. Job is first . Is not it? Try to ride at end of month. Thank you again for your writing. I am waiting for next. Sorry for late comment.

    ReplyDelete
    Replies
    1. නිශාන්, ඉතින් අලුත් පෝස්ටුව පටන් ගන්නෙම ඔයා ගෑන ලියලා. ඒකෙ ඔයාගෙ ප්‍රශ්න වලට පිළිතුරු ඇත.බොහොමත්ම ස්තූතියි! හමුවෙමු නුදුරේම!

      Delete
  13. http://www.lankaenews.com/news/6143/si

    ආසිරි රෝහලේ දත් ජොස්තර ‘කුමාරයා‘ තරුණියකගේ දත් බලන ගමන් ලිංගික අතවර කරලා

    (ලංකා ඊ නිව්ස් -2017.අගෝ.04, පෙ.ව‍‍‍‍‍.8.15) කොළඹ ප්‍රකට පුද්ගලික රෝහලක් වන ආසිරි පුද්ගලික රෝහලෙන් දන්ත ප්‍රතිකාර ලබා ගැනීමට ගිය තරුණියකට දන්ත ප්‍රතිකාර කරන අතරතුරදී දත් ජොස්තරයා විසින් ඇයගේ ශරීරය නොමනා ලෙස අත පත ගාමින් ලිංගික අතවරයක් කළා යැයි බලධාරීන් වෙත පැමිණිලි කර තිබේ.

    මෙම පාහර ක්‍රියාව කරන ලද දත් ජොස්තරයා නමින් කුමාර කළුආරච්චි නමැත්තෙකි. (සේයාරුවේ දැක්වේ) අතවරයට පත් තරුණියගේ ඥාතිවරියක වන ප්‍රියන්ති ජයසිංහ මහත්මිය විසින් ආසිරි පුද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂකවරයාටද , ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයටද, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද, මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. (එම පැමිණිල්ලේ පිටපතක් ලංකා ඊ නිව්ස් වෙත එවා ඇති අතර එය මෙහි දැක්වේ.)

    මීට ඉහතදීද දන්ත වෛද්‍ය කුමාර කළුආරච්චි විසින් තරුණ රෝගී කාන්තාවන්ට විවිධ අතවර සිදු කොට තිබෙන බවට වාර්තා වී ඇත​. මෙම පුද්ගලයාගේ නොමනා ක්‍රියා කලාපය නිසා ඔහුගේ වෛවාහික බිරිඳද මොහුව අතහැර දමා විදේශ ගතවී තිබේ.

    ලංකාවේ කෙතරම් වෛද්‍යවරුන්ගේ හිඟයක් පැවැතියද, මෙවැනි පාහර ජොස්තර නීචයන්ගේ වෛද්‍ය බලපත්‍ර අහෝසි කර, මොවුන්ට උගැන්වීමට මහජනතාව විසින් වියදම් කරන ලද බදු මුදල්ද මොවුන්ගෙන් අයකර, වෘත්තියෙන් පන්නා දමා වෛද්‍ය වෘත්තියේ උත්තම භාවය ආරක්ෂා කර ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතුය.

    පැමිණිල්ලේ පිටපත මෙතනින්

    කුමාර කලුඅරච්චිගේ ජායාරුපයක් මෙතනින්

    ReplyDelete
    Replies
    1. දවස් දෙකක් දාගෙන අපිත් එක්ක සයිකල් ටුවර් එකක් දැම්මානම් ඔය අමාරු ගොඩාක් නිට්ටාවටම සුව වෙනවා.

      Delete
    2. කෝ දැන් යහපාලනයේ පොලිසිය ,කොමිසෝන්
      ආසිරි පුද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂකවරයාටද , ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයටද, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද, මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ

      ප්‍රියන්ති ජයසිංහ මහත්මිය ඇයි පොලිසියට පැමිණිල්ලක් දැම්මේ නැත්තේ ඔය පොලිසිවල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ වල පැමිණිල්ලක් දාලා එකේ පැමිණිලි අංකය සහ පොලිස්ස්ථානය කොහෙද

      කෝ මේවට ගත්ත පියවර දොස්තරව ඇරස්ට් කලාද

      පපඩ ෂෝ නේද>>>> බ්ලොග් පොලිස්ඉයන්.... ඇනොගේ XXX ටෞකන්න සිතාගෙන ඇඩ්වාන්ස් සල්ලිගත්ත එකාටවත් බැරිද පැමිණිල්ලක් දාන්න ශ්‍රී ලංකා පොලිසියේ

      Delete
  14. මටත් බයිසිකබලක් ගන්න සෑහෙන්ට උවමනාවක් තියෙනවා. හාමිනාත් ඒකට නං සපෝට්. වැඩේ කියන්නෙ ඕක අඩි දහයක්වත් පැදං යන්න ඇහැක් වෙයිද කියන එකනෙ. දැනටමත් හැතැප්මක් පයිං ගිය ගමං රේඩියේටරේ බොයිල් කරලා, කං කඩාහැලිලා, දිව දොට්ට ඇදිලා, ඇස් උඩ ඉන්දිලා, කකුල් වෙව්ලලා හෙනම විකාරයක් වෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. සුරන්ග කොහොමත් ඇවිදිනවට හරි දුවනවට වඩා හරි සයිකල් පදින එක ලේසියි . පටන් ගන්න කොට අමාරු උනාට ටික දවසක් යනකොට පුරුදු වෙන්න පුළුවන්. පලවෙනියෙම්ම හොඳ බයික් එකක් ගන්න. ඊට පස්සෙ හිමීට පදින්න පටන් ගන්න. අවුලක් නෑඅපි මේ කරණ්නෙ ඔයාල අපි ඕන කෙනෙකුට කරණ්න පුළුවන් දේවල්. මගේ "සයිකලයක් අරන් පදිමු" පෝස්ටුව කියවන්න. ඊට පස්සෙ සයිකලයක් අරන් පදිමු ! ලඟ පාතක ඉන්නවානම් ඕන සප් එකක් දෙන්නම් . ටික දවසක් පදින්න එකක් උනත් දෙන්න බැරි කමක් නෑ.

      Delete
    2. සුරංග ඔය ඉයන් ළග ටෞකන්න ඇඩ්වාන්ස් ගත්ත සල්ලි වගයක් තියනවා අත මරුවකට ඉල්ලගන්න බලන්න බැහැයි කිව්වොත් උඹව කොටියාම කාපිය කියලා ඊ මේල් එකක් දහන්

      Delete

ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...