Thursday, June 1, 2017

ගඟක් දිගේ ගිය ගමනක් 4


මේ ගඟට මා මෙතරම් බැඳුනේ මන්ද යැයි.......! 

කුඩා කල මා හට යාත්‍රාවක් විය . එය උණ ලී පහුරකි .මෙය මට සාදා දුන්නේ බී  ඇල් සිරිපාල නොහොත් “මහත්තයා” ය. ඔහු අද ලොරි රියැදුරෙකි ! උණ ලී  පහුර  සාදාගන්නේ අනෙකුත් පහුරු සාදා ගන්නා ආකාරයට නොවන්නේය.  එක හා සමාන දිගින් යුත් අඩි 10 පමන දිගැති උන ලී 8 ක්- 10 ක් ගෙන ඒවයේ එක් කෙලවරක් සිදුරු  කොට ඒ   හරහා  යවන ලද  ලී ඉන්නකට තබා උණ ලී එකින් එක බැඳ ගනු ලැබේ . අනෙක් කෙළවර උණලී සියල්ල එක පොදියකට තබා ගැටගසා ඒමත ඉඳ පොල් පිත්තෙන් හබල්  ගැට ගසනු  ලැබේ! එකල මමද තරමක යාත්‍රිකයකු  විය.

මාගේ ඥාතියකුවූ ලලිත් සුනිලාල් හෙවත් ශාන්ත බාප්පා ඕනෑම රාත්‍රියක වුවද ඉවට ඔරු පැදිය හැකි අයෙකි. ඒ  ඔහුගේ කුප්‍රකට චර්‍යාවන්ගේ මහිමයෙන් ඔහුට ලැබුනු නිසග දායාදයකි. එසේම මෙවැනි ආශ්වාදනීය කටයුත්තකට ඔහුව හවුල් කර ගැනීම  පහසු කටයුත්තකි. ඒ නිසාම මාගෙ Kayak Lonching එකට ඔහුවද සහභාගී කර ගත්තෙමි. මමත් ශාන්ත බාප්පාත් මහත් වැර වෑයමෙන් යුතුව Kayakය; BJ 60 යේ හුඩ්  රැක් එක  මතින් බිමට වඩමවා ඉන් ඉක්බිතිව සෙමෙන් සෙමෙන් ගස් අතරින් කැළණි ගඟ වෙතට ගෙන ගියෙමු .

බාප්පා දිසාපාමොක් ඇසුරේ...................................!
(පොතින් පතින්, ජංජාලෙන්, උගත් ටිකට , අතිනුත් දමා ; පත අට එකට සිඳුවා !)

 එතෙක් කිසිදු දිනෙක පියැවි ඇසින් Kayakය ක් දැක නොතිබූ ශාන්ත බාප්පාට මෙම යාත්‍රාව පිළිබඳ මා එතෙක් උගත් කරුණු කාරණා සියල්ල පැවසීමෙන් අනතුරුව අපගේ මංගල ගමන පිටත් වූයෙමු. 


මංගල ගමනට මොහොතකට පෙර මා බාප්පා වෙත අභිනවයෙන් හබල පිරිනැමීම....!

මේ හැරෙන්නේ අභිනවයෙන් මා  හබල  අතට ගැනීමටයි!

මට තනිව පුළුවන්ද?


 පුළුවන්!

ජේෂ්ඨයා වූ ඔහු පසුපසින් හබල් ගෑ අතර මා ඉදිරියේ විය. කොල්ලෑව සහිත ඔරුවක් තරමටම ස්ථායි නොවූවද ඉතා කෙටි කලකින් එය පදවීමට අනුගත වීමට අපට හැකි විය .පසුව මම   පසුපස ගෙන පැදවූ අතර  ඔහුගේ කළ පුරුද්ද හා මාගේ පත පොතෙහි දැනුම එකට එක්කොට Kayakය පැදවීමට අප මනා පරිචයක් ලැබුවෙමු . එදින මා ආපසු පැමිනියේ ශාන්ත බාප්පාහට මාගේ කලක සිට තිබුනු අදහස ඉදිරිපත්කොට එයට ඔහුගේ සහභාගීත්වයද තහවුරු කරගෙනය. ඒ ඉදිරි මාස  කිහිපය තුල කැළණි ගඟ ඔස්සේ පහලට යාත්‍රා කිරීමටය .ශාන්ත බාප්පා වරක් නොව කිහිප වතාවක් හබෙල්ලාවක සිට මහ රෑ කට්ට කළුවරේ ලී කඳන්  බැඳි පහුරු ගඟ දිගේ ගෙනඇවිත් තිබුනු කල පුරුද්ද මට  කෙසේ වෙතත් මාගේ  බිරිඳට මහත් අස්වැසිල්ලක් විය.

එතැන් සිට මා ගමනට අවශ්‍ය දෑ පිළිබඳව ලැයිස්තු සකස් කරන්නට පටන් ගතිමි. අන්තර්ජාලය ඔස්සේ කරුණු එක්‍රැස් කලෙමි . මේ සියල්ල සමගින් මාගේ  තරුණ මිතුරන් දෙදෙනා හට මාගේ සැලැස්ම හෙලි කලෙමි . පළමුව පසිඳුටත් දෙවනුව අම්රාන්ටත් “මල්ලි මම කැළණි ගඟෙ පහලට යන්න හිතාන ඉන්නවා” කිව්වා පමනි . ඔවුනට අවශ්‍ය වූයේ දිනය පමනි .

මුළු හදවතින්ම ස්වභාව ධර්මයට ආදරය කරණ ; එසේම ඒ පිළිබඳව මනා වැටහීමක් හා කලපුරුද්දක් ඇති පසිඳුත් අම්රානුත් පැමිනීම මගේ ආත්ම විශ්වාසය වඩාත්  වැඩි කරණු ලැබීය. ඒ වන විටත් අර්ධ ශතවර්ෂයකට ආසන්නයේ උන් මා තුල ඇති ආත්මශක්තිය ශරීරයේද ඇති බවට තිබූ විශ්වාසයෙන් ඔබ්බට ගොසින් බැලීමට මාහට අවශ්‍ය විය . මේ පිළිබඳව ප්‍රථයක්ෂ කර ගැනීමට මා කලේ හක්බෙල්ලාවක සිට කඩවතට කිලෝ මීටර් 69 ක දුරක් පා පැදියකින් පැමිනීමයි . මෙයද රසබර කථාවකි. Kayakය හක්බෙල්ලාවකට ගෙන ගොස් ප්‍රථම වතාවට එය දියට දැමීමෙන් සති කිහිපයකට පසු යෙදුනු සිකුරාදාවක මම එහි ගියෙමි . ඒ හිත උපන් අදහස ක්‍රියාවට නැගීමට ප්‍රථම කරණු ලබන “ඉව ඇල්ලීමටය” ! සිකුරාදා රාත්‍රිය පහන් කරණ තෙක් කල්පනා කලේ ; මේ ක්‍රියාව ප්‍රායෝගිකව ඉටු කිරීමට ඇති බාධක කවරේද පිළිබඳවයි. මෙහිදී මාහට දැනුනු ප්‍රධාන බාධකය වන්නේ ශරීර ශක්තිය , දරා ගැනීමේ හැකියාව  යන කාරණා දෙකයි . මේ ගැන සිතමින් සිටින මාහට එකවරම සිහියට නැගුනේ වසර ගනනාවකින් පැද නැති මාගේ පැරණි බයිසිකලයයි . “මේ බයිසිකලය මට ගෙදරට පැදගෙන යා හැකි නම් ; අනිවාර්‍යයෙන්ම මාහට Kayakය රැගෙන හක්බෙල්ලාවක සිට කැළණියට හෝ කඩුවෙලට හැක !” ඒ මා සිතට ආ අදහසයි . “මේ බයිසිකලය ඒතරම් දුරක් යන්නට තරම්   සෞඛ්‍ය සම්පන්නද ?( වසර ගනනාවක් හුලං බැස තිබුනු) “ටයර් ටියුබ් වලට හුලං ගසා පැයක් තබමි ! එම පැය තුල හුලං ටයර් ටියුබ් තුල රැදී පැවතුනහොත් මා මගේ ශක්තිය පිළිබඳ ශක්‍යතා අධ්‍යනයට මුහුණ දෙමි . නැතහොත් බයිසිකලය මෙහිම දමා ආ ලෙසටම බසයෙන් ගෙදර යමි.” 

පාරෙන් උඩ ගෙදර. ගෙට උඩින් නාහේන මූකලාන !


 පාරෙන් පහල මේ අපේ ආච්චි අම්මලාගෙ පරණ ගේ තිබුනු ඉඩම. මේ ඉඩමට පහලින් කැළණි ගංග .

අපේ ගෙදරට එනම්  A7 මාර්ගයට  ඉහලින් ඇති  අපේ පැරණි නිවසට ඉදිරියෙන් ඇත්තේ රෑ කඩයකි. කුඩා නිවසක් ඉදිරියේ පවත්වාගෙන ගිය මෙම කඩය ලඟට ගෙනගිය මකුළු දැලින් පිරුණු බයිසිකලයට මා ; එම කඩෙන්ම ඉල්ලාගත් පොම්පයෙන් හොඳින් නොව ඉතා හොඳින් හුලං ගැසුවෙමි . “ දෙකෙන්  එකක් වෙයං !” සිතා තදින් හුලං ගැසූ බයිසිකලය පසෙක තබා නැවත මා සුපුරුදු වැඩ කටයුතු වල නිරත වන්නට සැරසුනා පමනි ; මහත් හඬින් ලමයින් පිරිසක් “හලෝ !? හලෝ !!??” යනුවෙන් කෑගසනු මට ඇසුනි. මා එකවර  මාර්ගයේ ඉහල පෙදෙස එනම් හැටන් දෙස බැලුවෙමි . විශාල බෑග් කිහිපයක් ඉදිරි පස හා පසුපස පටවාගත් ; අඩි 7 ක් පමන උසැති විදේශිකයකු තම පා පැදිය පදවාගෙන් එනු මට පෙනුනි . දසුනින් මා වික්ෂිප්ත විය . චාල්ස් ඩිකන්ස් ගේ පොත්වල නම් මෙවැනි අහම්බයන් සිදුවේ . එහෙත් සත්‍ය ලෝකයේ…? ඉතා පහසුවෙන්ම මා ඔහු නවතා ගතිමි . මා කොළඹ බයිසිකලයෙන්  යන බවත් සුළු මොහොතක් රැඳී සිටිය හොත් මාහටද ඔහු හා එක්විය හැකි බව ඔහුට පැවසූයෙමි . 

ඔහු එක පයින්ම එයට කැමති විය . මා වහාම මාගේ Back pack එකට පෙර දින ගෙන ආ ; අතට අහුවුනු රෙදි හා අනෙකුත් ලට පට සියල්ල ඔබා ගතිමි . කාමරයේ  දොර වසා ඉබ්බා තද කොට බයිසිකලය ගෙන ඔහු හා එක් විය . ඔහු නමින් Ulf ය. ජර්මන් ජාතික හේ ලොව පුරා රටවල් 25 ක බයිසිකලයෙන් ගමන් ගන්නා අයෙකි . සෑම වසරකදීම  එක් රටක් තෝරගෙන රටවටා ගොස් නැවත ගම රට බලා යෑම ඔහුගේ විනොදාංශයයි. කටුනායකින් ගොඩ බට ඔහු ගුවන් තොටුපලෙන් පිටට පැමින  ඇත්තේද බයිසිකලයෙනි .එතැනින් මීගමුව - හලාවත -පුත්තලම - යපනය -ත්‍රිකුණාමළය - මඩකලපුව -අරුගම් බේ - අම්පාර - නුවර එළිය  - තලවකැලේ - හැටන් -ගිනිගත්හෙන - කිතුල්ගල - හක්බෙල්ලාවක් - යටියන්තොට - අවිස්සවෙල්ල - රත්නපුර  -හම්බන්තොට - මාතර - ගාල්ල - අලුත්ගම - බේරුවල - දෙහිවල - කොළඹ -කටුනායක තෙක් කිලෝ මිටර් 1900 ක ගම්නක් අතර තුරේදී ඔහු මට හමු විය . ඔහු සමග අවිස්සවෙල්ල තෙක් කිලෝ මීටර් 27 කදුරක් එකට ආ මා එතැනින් ඔහුගෙන් වෙන්වී කඩවතට එන්නට මහ දවල් පැද්දෙමි . අවිස්සාවෙල්ලෙන්  හංවැල්ලටත් ; එතැනින් සමනබැද්ද හරහා ගිරිදරටත් ; ගිරිදරින් දොම්පෙ හරහා දෙල්ගොඩටත් ; එතැනින්  උඩුපිල හරහා කඩවතටත් පැමිනියෙමි . කඩවත නිවසට මා පැමිනියේ කැළණි ගඟ දිගේ එන ගමනට අවශ්‍ය ශක්තියද අතැතිවය. ඊට දින  ගනනාවකට පසු තම අසහාය පා පැදි චාරිකාව නිමකල උල්ෆ් කඩවත නගරයේ දී මාහට හමු වූයේ ;  මාගේ ආරාධනාවකට අනුව රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වන්නට අප නිවසට පැමිනෙමින් සිටියදීය . එදින රාත්‍රියේ අප නිවසේ ගතකල උල්ෆ් පසුදින දහවල් මමත් මාගේ බිරිඳත්  ගුවන් තොටට ඇරළුවෙමි !

උල්ෆ් ගෙදර ගිහින්!

මේ සියළු  කරුණු සිදු වෙමින් පවතිද්දි මා Google Map අනුසාරයෙන් කැළණි ගඟේ සිතියමක් ගෙන එය මුද්‍රණය කොට ලැමිනේට් කර  ගත්තෙමි .යොදා ගත්තේ 2015 මැයි 23 නි සෙනසුරාදා දිනයයි . මේ දිනය තහවුරු කර ගැනීමත් සමග Lakdasun හි Trip Invitation එකක් නැතහොත් විවෘත ආරධනාවක් පල කලෙමි .මාහට ඒ සම්බන්ධයෙන් පිළිතුරු  පණිවිඩයක් හෝ ලැබුනේ Dhamz නමැති අනවර්ථ නාමයෙන් තමන් හදුන්වාදෙන ධම්මික මහෙන්ද්‍ර නමැති තරුණයාගෙන්  පමනි .


හක්බෙල්ලවක පිහිටියේ යටියන්තොටට සැතපුම් 4 ක් එනම් කිලෝ මීටර 6.4 දුරිණි . ඒ මාගේ පාරම්පරික නිවස තියෙන ස්තානය ; අපේ ගමනේ ආරම්භක ස්ථානය ලෙස ඒ වන විට අප තෝරාගෙන තිබුනේය . අදාල සිකුරාදා හවස් වන විට පසිඳු ; ඔහුගේත් අම්රාන්ගේත් solo Kayakය න් දෙක ; ඩීමෝ බට්ටෙකුගේ පටවා ගෙන ඔරුගොඩවත්තේ පිහිටි මාගේ සේවා ස්ථානයට පැමිනියේය . එතැන් සිට මෙම . Kayakය න් හබෙල්ලාවකට ප්‍රවාහනය කිරීම භාරගෙන තිබුනේ මා ගේ මිතුරෙකු විසින් . ඔහුගෙ කැබ් රථය එන තුරු මද වේලාවක් රැදුනු අප සවස 6.30 පමන වන විට ඔරුගොඩවත්තෙන් නික්මින.  අම්රාන් අපසමග එක්වූයේ රාත්‍රී 12.30 – 1.ට පමනි . අම්රාන් පැමින තවත් ටික වේලාවක් දොඩමළුව සිටි අප නින්දට ගියේ පසුදින පාන්දරින් නැගිටින අදසින් . පසුදින උදෑසනින් අවදි වූ අප ගමනට අවශ්‍ය ආහාර ලෙස ; බිත්තර  යොදන ලද සැන්විච් පෙති කිහිපයක් සකසා ගෙන තොටුපොල වෙත පිය නැගුවෙමු. 

අඩි 20 කන්ටේනරය !
 වම් පසින්  යාන්තමින් පෙනෙන්නේ ශාන්ත බාප්පාගේ නිවසයි.

එතෙක් තොටුපොල  පිහිටි ඉඩමේ ස්ථාපනය කොට තිබුනු අඩි 20 කන්ටේනරය තුල  දිගු විවේකයක් ගෙන තිබුනු මාගේ  Kayakය ද එලියට ගත්තෙමු. ඊළගට කලේ අල්ලපු වත්තේ සිටිනා ශාන්ත බාප්පා එකතු කර  ගැනීමට සැරසීමයි . අහෝ දුකකි ! ඉරකි ! තිතකි !! බාප්පාගෙ ඇඹේණිය පැමින  ඒ දුක්බර  කථාව අප ඉදිරියේ ගෙනහැර දැක්වීය . ඔහු ඒ සඳහා ; සෞඛ්‍ය ය  අතින් ගමනට සුදුසු මට්ටමකට නොසිටින බව දැන්වීය  !! ඒ සමගම කවුරු නාවත් පටන් ගත් ගමන තනිව හෝ අවසන් කිරීමට අප සිතා ගත්තෙමු . මෙහිදී පොදුවේ අප තිදෙනාමත් ; තනිව මමත් මුහුණ දිය යුතුව තිබුනු ගැටළුව වූයේ මාගේ triyek තනිව පැදගෙන එන්නට සිදුවීමය. එහෙත් කිසිවෙකුට කල හැකි දෙයක් නොමැත. අප  තිදෙනාට Kayakය යන් තුනක්  ගෙන එන්නට ඇත . අප අධිෂ්ඨානයෙන් ගමනට සූදානම් විය .


23 comments:

  1. පින්තූරත් තියෙන නිසා කතාව හොදට විදිතෑකි

    ReplyDelete
  2. නියම ගමනක් වෙන්ඩ ඇති.කොච්චර දුරක් ගියාද?

    ReplyDelete
  3. සිතට ලඟ නිසාම මචං කියලා කතා කරන්නම් දෙන්නාටම. කතන්දරේ මුල ඉඳන් බැලුවා නම් මතක ඇති මේ තාම යන්නේ පෙරවදන හෙවත් පෙරගමන කියලා. තව පෝස්ටු දෙකකින තුනකින් තමයි ඇත්තටම "ගඟක් දිගේ ගිය ගමනක් " පටන් ගන්නේ. දිගටම කියව ගෙන යන්න. පුලුවන් හැම මොහොතකම පොඩි හරි කමෙන්ටුවක් දාන්න. කමෙන්ටු තමයි ඉන්ධන ; මේ ගමන යන්නට. ගිය ගමනටත් වඩා සතුටක් දැනෙනවා උඹලගේ කමෙන්ටු දැක්කාම!

    ReplyDelete
  4. අඩේ මරුනේ ...
    මුල ඉඳලාම රසවින්ඳා ... දිගටම ලියමු ...
    මමත් ඔය වගේ ඇඩ්වෙන්චර් ගමං වලට පට්ට ආසයි ... එක සැරයක් කිතුල්ගල වයිට් වෝට රාෆ්ටිං ගිහිං තියනවා ... වතුරක ගිහිං තියෙන්නෙ එච්චරයි ...
    අයියා කඩවතද ..?
    මම කිරිල්ලවල ..

    ReplyDelete
  5. අටමගේ පාරෙන් ආවේ. ඉතුරු ටිකත් ලියපන් වෙලා තියෙන විදිහට. නියමයි.

    👊🏽

    ReplyDelete
  6. අටම් අයිය හරහා තමයි බ්ලොග් එක ගැන දැන ගත්තේ...
    ලක්දසුන් එකටත් ගිහින් බැලුවා, මමත් ඒකෙ ඉන්නවා මුල කාලේ ඉඳලම. හැබැයි දැන් යැවෙන්නෙ නැතිම තරම්...
    ගඟ දිගේ ගමනක් මුල ඉඳලම බලන්න ඕනේ...
    මේ බ්ලොග් එකේ පාට අවුල් මචෝ...

    ReplyDelete
  7. අටමගෙ පහුරෙ නැගල තමයි මෙතෙන්ට ආවෙ.
    මුල ඉඳලම කියෝගෙන එන්නං.

    'බ්ලොගර් ෆලෝවර්' ගැජට් එක දැම්මොත් අපිට එන්න ලේසි වෙයි.

    ReplyDelete
  8. ැටං අයියා පෙන්නප් පාරෙ ආවෙ.'


    කෑම්ප් ගහන්නයි රට වටේ යන්නයි තියෙන ආසාව තාම ඉටු කරගන්න බැරි උනා මටත් තාම.

    ReplyDelete
  9. ඉතුරු ටිකත් ඉක්කමනට දෙන්ඩෝ

    ReplyDelete
  10. අටම්පහුර දිගේ ඇවිල්ල මෙතෙන්ට නැග්ගෙ....කියවල බලමු ඉතුරු ටිකත්...තට්ට ඇඩ්වෙන්චර්.........

    ReplyDelete
  11. කථාව ලස්සනට ලියල.
    මගෙ උපන් ගමත් ඔය කිට්ටුවමයි තැලිගම.
    මගේ බ්ලොග් එක ( sinhalabloggala.blogspot.com)

    ReplyDelete
  12. මචංලා මම අද සඳුදා කන්තෝරුවට ඇවිත් තමයි මේ බ්ලොග් එකට ආවේ. ඉතින් උඹලගෙ කොමෙන්ටු ටික දෙක්කාම සිරාවටම සංතෝශයි. එකාට එකාට රිප්ල්යි කරන්න පුලුවන්නම් හොඳයි. ඒත් කාලය තමයි හරස් වෙන්නේ. ඒ නිසා සලාදයක් තමයි දෙන්නේ. තම තමන්ට තෝර බේර ගන්න වෙනවා සමාවෙලා ! මට මේ බ්ලොග් එක හරහා කියන්න ඕනෙ මචන් මේ හැම දෙයක්ම උඹලා අපි වගේ සාමාන්ය පොරවල් වලට කරන්න පුළුවන් දේවල් කියන එක තෝරා බේරා දෙන්නයි. පීනන්න පුලුවන් නම් ඒක ඇඩඩ් කොලිෆිකේෂන් එකක්. කාට හරි කරන්න ඕනනම් ඕන උදව්වක් නොමසුරුව ! තැලිගම ලඟමයි හක්බෙල්ලාවක. මම හොඳටම දන්නවා. මම එහේ ඉස්පිරිතාලෙන් බෙහෙතුත් අරන් තියෙනවා. දුරින් නෑ වෙන බුවෙකුත් ඉන්නව කරුණාපාල කියලා සී ටී බී එකේ වැඩකරපු. ඔයා කිරිල්ලවලද. මම කඩවත ගෝනහේනෙ, රුප්පගොඩ! කෑම්පින් කරලා නැතිනම් එන සතියෙම දිනයක් දාගෙන කරන්න ; දුරක යන්න බැරිනම් පලවෙනි එක ගෙදර වත්ත පහල හරි , මිදුලේ හරි කමක් නෑ. වෙන්න ඕනෙ පටන් ගන්න එකයි. බොහොමත්ම ස්තූතියි කොමෙන් පලකල නොකල සියලුම දෙනාට!

    ReplyDelete
  13. http://www.lakehousebookshop.com/pdesc.php?id=2

    ReplyDelete
  14. හක්බෙල්ලාවක කිව්වා ගම. ආයෙ එන වෙලාවක කියම්මගන. සැට්ටෙමු වෙලාවක ;-)
    maheshrmx@gmail.com

    ReplyDelete
  15. ඔය උඩ ගෙදර ඉන්නවා නේද සුදු අක්කා කෙනෙක් 91 ආට් කරේ, රුවන්වැල්ල සෙන්ට්‍රල්. දැන් මොකද කරන්නේ

    ReplyDelete
  16. මටත් ඔහොම හීනයක් තිබුනා ඌරු බොකු ඔය දිගේ ටියුබ් වලින් එන්න. ඒ මට අවු. 8 ක් විතර කාලේ. ඒක තාමත් හීනයක් ම විතරයි. ඒ නිසා මේක මම කියෙව්වේ හරිම ආසාවෙන්. හොඳම ටික එන්නේ පස්සේ නේද

    ReplyDelete
  17. මචංලා, මචීලා , පොඩ්ඩක් තරහ අවසර! සිකුරාදා නැත්නම් ලබන සඳුදා වෙනකොට අලුත් පොස්ට් එක එල්ලනවා. මේ සති අන්තෙ කරපු වැඩේ අද නැත්නම් හෙට පොස්ටුවක් විදියට දාන්නම් . එයත් දයාබරත්වයෙන් යුතුව වැළඳගන්න.
    මචී, සිහින තමයි අපව ජීවත්කරවන්නේ. බඩට පාන් කෑවාට හිතට ඕන කරන්නේ බලාපොරිත්තු , සිහින , ඔයා ඒක මතක් කරාම මටත් මතක් උනා මමත් නමයෙ දහයෙ පන්ති වල ඉන්නකොට ඔය වගේම සිහිනයක් තිබුනා නේද කියලා. අපි දන්න හඳුනන මචීලා ඉන්නවා ඔය සිහින හැබෑ කරගත්තු . මමත් තව යාලුවෙක්වන අජන්ත එක්ක කිතුල්ගල ඉඳන් හක්බෙල්ලාවකට ටියුබ් දෙකක ආවා.
    සුදු අක්කලා දෙන්නෙක් නම් හිටියා ඒගෙදරට එහා ගෙදර. එක්කෙනෙක් බැඳලා ඉන්නෙ රත්නපුර. අනිත් එක්කෙනා ඔය දැරණියගල පැත්තේ. මට ෂුවර් නෑ ඔයා කියන්නෙත් ඒ අයවමද කියලා.
    මච්ං මහෙෂ්, උඹ ඒ පැත්තෙද?
    ප්‍ර- ජේ , මම ලින්ක් එක ගොඩදාගෙන ඔයාට වෙනම ලියන්නම්.
    බොහොමත්ම ස්තූතියි. පෝස්ටුව බැලුවාටත් , කොමෙන්ටු එල්ලුවාටත්. නැවත කියන්නේ උඹලා අපි වගේ සාමාන්ය පොරවල්ට කරන්න පුළුවන් දේවල් මේවා. ලොකු අභ්යන්තරයක් නෑ. ඕන කෙනෙකුට කරණ්න පුලුවන්. කරණවානම් එකෙන්ම ෆුල් භක්තිය!

    ReplyDelete
  18. බ්ලොග් එකම කියවලා ඉවරකලත් කමෙන්ට් දාන්න බැරි උනා ගුගුල් අවුලක් හින්දා .....අප්පා ආප්ට ඇප්රුවල් දාල නේද මේකා

    ReplyDelete
  19. අංක එකටම කින්න ඕන මචං ඔයාගේ සින්ඩියෙන් මට ඉහල රසික ප්‍රථිචාර! ඊකට අනීක වාරයක් තුති! වෙලාවක හමුවෙමු ! මච්ං කයාකින් වලට පීනන්න පුලුවන් වෙන්න ඕනම නැහැ. ඇත්තටම වැඩේට කැමතිනම් කරන්න පුලුවන් . අනික පීනන ඉගෙන ගන්න එකත් මහ ලොකු දෙයක් නෙවෙයි . ඉඩක් ලැබුනොත් කියලා දෙන්නම්. පූල් එකකට ගියාම බලපං තත්පර 5 ක් විතර දියමත රැඳෙන්න පුලුවන්ද කියලා. ඒක එකෙනාගෙන් එකෙනාට වෙනස් වෙනවා. යන්තම් හරි එහෙම ඉන්න පුලුවන්නම් අනිවා ඉගෙන ගන්න පුලුවන්. (සමහර එවුන් මම දැකලා තියෙනවා විනාඩි 10 - 15 වතුර උඩ ඉන්නවා අතපය ගහන්නෙ නැතිව ) ඒ ක උන්ගෙ ඇඟෙම තියෙන විශෙෂත්වය. ඒක මම හිතන්නෙ සිරුරේ ඝනත්වය පිළිබඳ සිද්ධියක්! මුල ඉඳලාම බැලුවද ? නැවතත් කියන්නම් බොහොමත්ම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. රිප්ලයි කරනකොට තව කමෙන්ට් එකක් විදිහට දාන්ඩ එපා , අදාල කමෙන්ට් එක යට තියන රිප්ලයි කියන එක ක්ලික් කරලා දාන්න

      Delete
  20. අටමගෙ ඔත්තුවෙන් ආවෙ.. මේක මිස් කරන්න හොඳ නැති බ්ලොගක්.. නියම අත්දැකීම්..
    ජයවේවා..!!

    ReplyDelete

ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...