Sunday, May 28, 2017

වතවන සිරිසුමන අපේ හාමුදුරුවෝ




නුවන් තේනුවරගේ තෙල්සායම් චිත්‍රයක්

මගේ “හාමුදුරුවන්ගෙන් බුද්ධාගම බේරා ගනිව් ” පෝස්ටුවත් “හන්බයන්ද? සිංහලුන්ද ?” පෝස්ටුවත් කියැවූ සමහර මිතුරු  තොමෝ සිතා සිටින්නේ මම පන්සල සමග හෝ ගරුතර සංඝ සමාජය කෙරෙහි සංසාරගත කොරෝධයකින් ඉන්න තුන් වේලටම ඩයට් එකට  බුද්ධාගම  ගෙන ඩෙසට් එකට සංඝ සමාජය ගන්නා;  අජාසත්තගෙ ෆිට් එක වන දේවදත්ත කෙනෙක් කියාය. එය එකසිය  ගානේ මුලාවකි . මිත්‍යා දෘෂ්ඨියකි . සිංහලෙන් කියනවානම් අමුම අමු රැවටිල්ලකි .
මම කියන්නේ හාමුදුරුවන් මීට වඩා ප්‍රොෆෙශනල් විය යුතු බවයි . ප්‍රැක්ටිකල් විය යුතු බවයි . ධනවත් දායකයිනට පමනක් නොව සමස්ථ ජන සමාජයටම  එකසේ වැඩදායක පිරිසක් විය  යුතුබවයි .මේ වැඩ දායක කීවේ ස්ට්‍රැයික් කරන්නවත් , පාගමන් උද්ඝෝෂන සිදුකොට සිවුර කරේ තියාන වැට වල් උඩින් පැන පොලිස්  පොලු පහර කා තට්ටේ පලාගන්නවත් , පාර්ලිමේන්තුවට වැඩමවා  ; තමන්ගේම යෝධ පිතූරයක් තම පන්සලේ අටවා තබා එහි එන මෝඩ උපාසක අම්මලාට කියා මල් තියා වන්ඳනා මාන කරගන්නා කොලොන්නාවේ  සුමංගල උන්නාන්සේ කොරගත්තා  වගේ ; මර්වින් සිල්වා පෝරිසාදයා වෙතින් දෙක නිශ්ක්‍රීය කරගෙන ඉස්පිරිතාල ගානෙ ලගින්නවත් නොවේය  ! දෙන දේ කා වෙනදේ බලා නොසිට සමාජයට අර්ථයෙන් ධර්මයෙන් දිය හැකි දෙයක් දී ; පල්ලියෙ පියතුමන්ලා සේ අවශ්‍ය දෙයට පමනක්  හොම්බ දමා කාඩ් එක  බේරා ගෙන ඉන්න කියාය . එවිට බබාත් බබාගේ අම්මාත් දෙදෙනාහටම ගොඩයා හැක.

මේක කියවන අය ඒගමන කියාවි ‘‘ කොහෙද තට්ටයෝ ඔය කියන මොඩල් එකේ හාමුදුරුවෝ ඉන්නේ බුදධකාලීන භරතයේද ? ” කියලා . අනේ නෑ අයුබොවංඩ මම මේ  කියන කඨන්ඩරේ  කියවන්නකෝ තරහ අවසර !

වැල්ලවත්තේ ඉස්සර රෙදි මෝල ; නැතිනම් දැන් විදියට කියනවානම් හැව්ලොක් සිටි එක ලඟින්  ගලනා කවුරුත් දන්නා  කුණු ඇල එතැනින් යන්නේ ගාලු පාර හමුවට . මේ ඇළ අයිනේ තියෙනවා : හරියටම සැවොයි ෆිල්ම් හෝල් එක  ඉස්සරහින් පාරක් ඇළ අයින දිගේ. මේ පාරේ නම ධර්මාරාම පාර වගෙයි මතක . ඔය පාරදිගේ ගියාම තියෙනවා ටිකක් පැරණි පංසලක් . ඕකෙ වැඩ ඉන්නවා කොළඹ පැත්තේ ඉස්කෝලෙක උගන්වන හාමුදුරුනමක් නම වතවන සිරිසුමන ! 

මේ පන්සලට මම ගියේ අප දන්නා හඳුනන සැට් එකක් මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා කඨිණ  පිංකමක් කරලා ඒකට පිටිපස්සේ ඉන්ඳන් අත්වැල අල්ලන්න හෙවත් සයිඩ්  සපෝට් එකට. කඨිණයට කලින් හැම පන්සලේම කරණ විදියේ පොඩි පොඩි වැඩ ටිකක් මේ පංසලේත් කෙරුණා. හැබැයි හරිම ප්‍රායෝගික විදියට.

කඨිණයට හිටියේ  දායකත්වය ගෙන තිබිනේ වෙන බොහෝ පංසල් වල වාගේ ලෝකෙ කාලා වතුර බීපු ශයිලොක්කෙක් නෙවේ . දැන උගත් හත් අට   දෙනෙකුගෙන්  යුත්  කණ්ඩායමක් . ඒනිසාම එකෙක් පොරක් වනවා වෙනුවට කණ්ඩායමක් සාමූහිකව  වැඩ කරණු දක්නට  ලැබුනා. මේ කණ්ඩායමේ හිටිය වයස්ගතම සාමාජිකයා තමයි හාමුදුරුවන්ගේ ආදරනීය තාත්තා. එතුමාට ඒ සඳහා වියදම් කරන්නට මුදල් වත් මහන්සි වන්නට  තරම් හොඳ සෞඛ්‍යයක් වත් තිබුනේ නෑ. ඒත් ඒ තාත්තා පුලු පුලුවන් විදියට බැකින් එක දුන්නා වැඩේට.

ඒට පස්සේ ඔය පොඩි පොඩි බෝධිපූජාවක් ,තෙසැත්තෑ ඥාන පූජාවක්  වගේ වැඩ වගයක් කලා . මේ හැම  දේකදිම හරිම පිලිවෙලක් තිබුනා . හැම වැඩේම කලේ හමුදුරුවන්ගේ ඩිරෙක්ට් සුපර්විශන් එක යටතේ . පැන් ,ගිලන්පස තියන භාජනයේ වර්ණයේ  ඉඳන් භාජනයකට දාන්න ඕන පැන් ,ගිලන්පස ප්‍රමානය;  මට්ටම ගැන පවා ; හාමුදුරුවෝ විපිලිසර විය. 

මහ පිරිතක් පැවැත්ත්වූ අතර එය හවස 2.00 ට පමන පටන් ගෙන රෑ 7 – 8 පමන අවසන් විය. මේ නිසා රෑ එලිවෙනතුරු කෙරෙණ පිරිත් සජ්ජායනා වලදී සේ; හාමුදුරුවන් පිරිත් දෙසනා අතර තුර ; පසෙකට වී බයිලා කියන්න; සිගරට් ගංජා ගහන්න  ; කාර් වල ඩිකියේ තියාගෙන ශොට් එකක් දාන්න දායකයින්ට තිබුනු ස්වර්ණමය අවස්ථාව සිරිසුමන හාමුදුරුවන් විසින් බකල් කරණා  ලදී.

කඨිණ පෙරහැර  නිකම්ම නිකන් මල් පෙරහැරක් විය . අලි ඇත්තු ,පපර බෑන්ඩ් , පොන්න ඩාන්ස්  , කිසිවක් එහි නොතිබුනි . මල් හා කොඩි රැගත් උපාසක උපාසිකවන් ට අමතරව ; හාමුදුරුවන්  උගන්වන පාසැලෙන් නැටුම් කණ්ඩායමක් පැමිණ  තිබුනි. 

පසු දින සවස වැඩහිටි හාමුදුරුවන් වහන්සේ ගේ ධර්ම  දෙශනාවෙන්  වැඩේ අවසන් විය . 

කාලය ගෙවී ගියේය .මස ගනනාවකට පසු මා ගේ හදවත ලෙඩ විය .හදවත තුල හිරවූ ලේ දහරා  ගලායාමට ; අවහිර වූ මාර්ඝ  වලට බෝක්කු කටවල් යොදා හදවත රෙපයාර් කර ගන්නට  මා රෝහල් ගත විය .  මේ වැඩේට මා සැත්කම් ශාලාවට එනතුරු රඳවා  තබා තැබුනේ   ඊ ටී යූ   එකේ  හෙවත් කෙළ වෙන උන්  බලාගන්නා අංශයේය .
දහවල් 1.00 ට 2.00 ට විතර  මාගේ බිරිඳ මා හට කථා කොට හාමුදුරුවන් වැඩිය බව පැවසීය . මා ඇහැ ඇර බලන විට වතවන සිරිසුමන හාමුදුරුවෝ මාගේ ඇඳ අසලය .
 “මහත්තයෝ ඔහෝම වැඳ ගන්නකෝ ” ඒ උන් වහන්සේගේ කරුණාබර වදන්ය.

පිරිත් කීමෙන් අනතුරුව;
 “නෝනා ඔය අටපිරිකර මහත්තයට දෙන්නකෝ පිළිගන්වන්න !” කීවේය. 

මාගේ බිරිඳ මා අත තැබූ අටපිරිකර මා දෝතින්ම උන් වහන්සේට පිළිගැන්වීය . එය භාරගත් උන් වහන්සේ මාහට අශිර්වාද කොට නික්ම ගියේ අවට සිටි සෑම රෝගියකු ලඟටම ගොස් ; මටමෙන්ම පිරිත් නූල් බැඳීමෙන් පසුවය .

පිරිකර රැගෙන පසු ගමන්  ගිය මාගේ බිරිඳ   නොබෝ වේලාවකින් මා  අභියස විය. ඒ වන විටත් මා වෙනුවෙන් බොහෝ මුදල් වියදම් කර තිබුනු බිරිඳ ගෙන් මා ඇසුවේ පුහුදුන් සත්වයෙකුට අසන්නට හිතෙනා පැනයකි .

“ අටපිරිකර වලට කීයක් ගියාද ………..?”

“ මට වියදම් කරන්න උනේ නෑ ! හාමුදුරුවෝ එන ගමන් පසලෙන් අරන් ඇවිල්ලා ඔයාට කියලා පූජා කරවන්න……!!!” 

හදවත ලෙඩ වූ මොහොතටත් වඩා මාගේ හදවත බර විය . එය; මාගේ  දෙනෙතින් බිරිඳ දකින්නට ඇත.!

සියලු සත්වයෝ නිදුක් වෙත්වා!

12 comments:

  1. මච්ං තෙශා ඔය ජාතියේ හදවතිනම ලෙන්ගතු හාමුදුරුවරු නැතිව නෙවෙයි. හරි විරළයි. හැබැයි බොරු ෂෝ නෑ. වැඩ විතරයි!

    ReplyDelete
  2. හෑම හාමුදුරු නමක්ම මේ විදියට හිතලා,සල්ලී පස්සේ යන්නේ නෑතුව ආගම දහමට වෑඩක් කරනවානම් කොච්චර දෙයක්ද.........

    ReplyDelete
  3. ගිහාන් මල්ලි , සල්ලි කියන දේ නෑතිව ජීවත් වෙන්න බෑ ඒක බුදුහාමුදුරුවොත් වරක් ප්‍රකාශ කරලා ටියෙනවා. මට මේ වෙලාවේ ඒ කා විශයෙහි කියපු දෙයක්ද කියලා මතක නෑ. නමුත් තමාට ලැබෙන මුදල් හදල් , තාන්න මන්න වගේ දේවල් ලැබෙන කොට මිනිහා නොමිනිහා වෙනවා. එතකොට එයාලා තමන් සතු සියලුම සිවිල් බලතල යොදන්නේ තමන්ගේ ඕනෑ එපාකම් වලට මිසක් අන් අයගේ හිත සුව පිණිස නොවෙයි! දැන් දොස්තර කෙනෙක් වෙලා ඉන්න ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් එයාලාගෙන් බහුතරයක් පොඩිකාලේ ඉඳන්ම බලා ඉඳලා තියෙන්නේ දොස්තරලා වෙන්න . ඊ කාලේ ඒ කියන්නේ උන්ගේ පොඩි කාලේ කවුරුහරි ඇහුවොත් ඒ ඇයි කියලා උන්ගේ උත්තරේ වෙන්න ඇත්තේ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න කියලා! මුන් පාස් අවුට් උනාට පස්සෙනේ වැඩේ බලන්න පුලුවන්. හාමුදුරුවො ගත්තත් ඕකම තම්යි බොහෝ දුරට තත්වය වෙන්නේ!

    ReplyDelete
  4. කතෝලික පල්ලිය (සහ සමහර ප්‍රොතෙස්තන්ත නිකායන් ) හොඳින් සංවිධානය වූ ආයතන. ඒවායින් සමාජ සේවා සහ පූජක විනය, දඬුවම්, ආර්ථික කලමණාකරණය ආදිය ක්‍රමානුකූලව වෙනවා. බෞද්ධ පූජක පක්ෂයට ඒවගේ සංවිධානයක් නෑ. තියන ආයතන වුනත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ. පූජක පක්ෂයට පුද්ගලයන් ලෙස (individually ) සාපේක්ෂව ලොකු ස්වාධීනත්වයක් තියනවා. එනිසා සංවිධානය හා පුද්ගලික සහ හෝ ආර්ථික විනය ආදිය අධීක්ෂණය හා මධ්‍යම කලමණාකරණය අවමයි. ඒ වෙනස නිසා අඩුපාඩු හුඟක් වෙනවා. ඒ ස්වාධීනත්වය හොඳ දෙයක්ද, නැද්ද, සෙන්ට්‍රල් අධිකාරියකට මීට වඩා යටත් වියයුතුද යන දේවල් විවාදාත්මකයි

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම ප්‍රා-ජේ මම අනෙකුත් ආගම් ගැන කථා කරණ්න යන්නේ නැහැ. ඒ වුනාට පන්සල කිසියම් අධිකාරිමය දේහයකින් පාලනය විය යුත්තක් බව මම හිතනවා. ගරු මර්සලීන් ජයකොඩි පියතුමා වරෙක කියා තිබුනා " ලාංකික කිතුනුවාගේ ආගම ක්‍රිස්තියානි වුවද සංස්කෘතිය බෞද්ධ වේ" කියලා. ඒ වාගේම මේ රටේ අද දවසේ කුමන ආගමක අයෙකුවුවද ඔහුගේ හෝ ඇයගේ මුතුන් මිත්තන් කවදා හෝ දවසක බෞද්ධයකුව සිටින්නට ඇත. මේ නිසාම ඔබ හෝ මම කුමන ආගමක් දර්ශණයක් පිළිගත්තද පන්සල , බෞද්ධ භික්ෂුවගේ ක්‍රියාකලාපය හා බුද්ධ දර්ශනය නොකෙලසී පැවතීම තුලින් සමාජයට කිසියම් වැඩදායක කාර්ය භාරයක් වනවා යැයි මා විශ්වාස කරමි. මේ හික්මීම , හැදියාව ; අන් ආගමිකයින්ට තම තමන්ගේ ආගම ඇදහීමේ අයිතිය තහවුරු වීම දක්වාම දිවෙන දෙයක් ලෙසයි මා දකින්නේ . කොහොමත් භික්ෂුවකට පමනක් නොව ඕනෑම බෞද්ධයෙකුට තිබිය යුත්තේ දර්ශනයක් විනා ආගමක් නොවේ.!

      Delete
  5. මනුස්සකම හැම ආගමකට ජාතියකට වඩා ඉහලින් තියෙන්ඩ ඕනි දෙයක්.

    කයාකින් ගැනත් ඉක්මනට ලියන්ඩ.

    ReplyDelete
  6. බොහොමත්ම ස්තූතියි ඔබගේ අදහස් වලට . ආගමක් තුලින් කෙරෙන්නේත් මිනිසා තුල මනුසත්බව රැකදීම , රැදවීම හා වර්ධනය ලෙසිනුයි මමත් දකින්නේ. යේසුස් වහන්සේ තම කන්ද උඩ දේශනාවේදි කියන්නෙත් ඔය දේම තමයි. කයාකින් පොස්ටුව ටයිප් කොටලා තියෙන්නේ. හෙට වෙනකොට එල්ලන්නම්. ඔබගේ ඒ පිළිබඳ උනන්දුව මාගේ සතුට වඩවයි. බොහොම පිං!

    ReplyDelete
  7. ඔහොම තැන් බොහොම අඩුයි

    ReplyDelete
    Replies
    1. මචං හොඳට ඉන්න හාමුදුරුවෝ ටිකත් වන කරන්නේ අපේ පසික්කාඩු ගිහියො! හැම එකා ගැනම නෙවෙයි මම කිව්වේ. බහුතරය. වැරදි මාර්ගෙ ගියොත් ගියාම තමයි. මොකද මොන්වැරැද්ද කලත් හාමුදුරු හාමුදුරුවරු එකතුයි. ඕක හරියට ප්‍රයිවෙට් බස් එකක් හැප්පුනාම මුලු බස් එකේම එවුන් අරූර බනිනවා වගේ. වෙනස බනින්නැති එක විතරයි.

      Delete
  8. තෙසැත්තෑ ඥාන පූජාව කොහොමද කරන්නේ කියලා දෙන්න පුලුවනිද?
    my email is publictest123@gmail.com

    ReplyDelete
  9. මහත්මයා මමත් හරියටම දන්නේ නැහැ. මම දෙන්නම් වතවන් හමුදුරුවන්ගේම දූරකථන අංකය. උන්වහන්සෙ දන්නෙ නෑ මේ මගේ බ්ලොග් හුට්පටේ. ඔබතුමා හාමුදුරුවන්ට කථා කරලා අහන්න. ප්‍රථිපලය මට දන්වනවානම් ඔබ තුමාට අනේක වාරයක් පිං!~ 0712748174

    ReplyDelete

ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...