Sunday, May 26, 2024

285. තිස් වසරක රථ මතක (17)


සතොසෙන් (සතොස මෝටර්ස් වෙතින්) ලක්ෂ දාසය හමාරකට ලැබුනු වන්ඩිය මගේ අතට ආවේ ලක්ෂ 18ක් ගෙවාය! ඒ මාගේ මාමණ්ඩියගේ වීරක්‍රියා හේතු කොටගෙන ලැබුනු ලාභයකි! කෙසේ හෝ වේවා එයින් ගිය යාපනය ගමන ඉතා සුන්දර එකක් විය. පැන්තරය බොහෝ සෙයින් සැප පහසු වාහනයකි. ප්‍රසිද්ධ ගායක සුනිල් එදිරිසිංහද පැන්තර ලෝලියෙකි. ඔහු ලඟ බොහෝ කලක් පැන්තරයෙක් රජකල බවක් මා අසා ඇත. 
එහෙත් එය මිළදී ගත් අලුතම වාගේ; මා පෙරකී රුපියල් දෙකේ කාසියක් තරම් වූ; ඉදිරිපස හබ් බෙයාරිම දෙමටගොඩදී කැඩී විසාල කරදරයකට මුහුණ පෑවේය. මේ නිසාම පැන්තරයාගෙන් නිදහස් වීමට මා සිතා ගත්තෙමි.

එක් දිනක් මහ මගදී හමුවූ අයෙක් මා සමග කීවේ මෙම රථයේ ඉදිරිපස සබ් ඇක්සල් Sub Axels, සස්පෙන්ශන් කොටස් Suspension Assy, නකල් Knuckel, හබ් Hub යනාදි සියල්ල වෙනුවට; ගැලපෙන;  ජපන් වාහනයක කොටස් යොදා නවීකරණය කල හැකි බවයි. ඊට අනුකූල පිටුපස ඇක්සලද වෙනස් කල විට සියළු රෝග නිවාරණය වන බවක් කීවේය. මෙම නවීකරණය කරන්නට අවශ්‍යනම් වාහනය නාවලපිටියට (හෝ ගම්පොළට) ගෙන ආයුතු බවත් පැවසීය. 

ඒ සඳහා යොදා ගන්නා ජපන් වාහනය කුමක්දැයි මා කිහිප වරක් ඇසූ නමුදු එය නොකීමට ඔහු පරිස්සම් විය!

ඒ මිනිසුන්ගේ හැටි ය! 

සාමාන්‍ය ගෙදරක සියළු අවශ්‍යතා පිරිමසා ගැනීමට එය සුපිරි රථයකි. ඉදිරිපස සැප පහසු අසුන් දෙකක් ඇති අතර දෙවන පේලියේ ආසන තුනකි. පිටුපස මලු හෝ භාන්ඩ තැබීමට විශාල ඉඩකි. පස් දෙනෙකුගේ සතියක ඇඳුම් කැඩුම් දමාගෙන සතියක ගමනක් යාමට වුවද එය ගැලපේ. 

"එහෙනම් අහවල් එකකටද විකුණන්නේ?" ඔබ මගෙන් අසාවි.

අංක එක එය ෆෝවීල් වාහනයක් නොවීම.

දෙක ඉදිරිපස වීල් බෙයාරිම්; වාහනයේ බරට සුදුසු සේ සකසා නොමැති බැවින් ඒවා ඉතා ඉක්මණින් මාරු කිරීමට සිදුවීම.

තුන මාගේ දරදඬු වාහන භාවිතාවට එය නොගැලපීම.

ඉරිදාට; වසික රැගෙන යන ගමනට එය ඔරොත්තු නොදෙන බව යටි සිත සෑම මොහොතකම පැවසීම!

සමහර විට එය හිතළුවක්ම වෙන්නට ඇත.  පැන්තර ජීවිතකාලය පුරාවටම පාවිච්චි කරණා පිරිසක්ද වේ. 

සමහර; වාහන පිළිබඳව පමනක් නොව ගෙවල් දොරවල් පුද්ගලයින් පිළිබඳවද මේ සිතුවිල්ල එසේම මය. විවාහ දෙදරවා ගන්නා පුද්ගලයින් පසුව කරගන්නා විවාහ තුල ඉතා සාර්ථකව ගත කරති. 

එසේම සමහරුනට නොගැලපෙන වාහන තවත් සමහරුනට මල් මසුරන් ය!

බ්‍රහස්පතින්දාවක ලහි පිටේ පැන්තරයේ කතන්දරේ ලියා පල කලෙමි. සෙනසුරාදා හවස් වන විට ලහිපිට පලවේලාය. ඉරිදාට වැඩේ පත්තුවේ.

වාහනය විකිණීම සඳහා ලිපිනය ලෙස මා පල කලේ මාමණ්ඩියගේ ගෙදර ලිපිනය ය. ඒ අපගේ කඩවත නිවසට එන්නට මිනිහෙකුට වාහනයක් නිකං දෙනවා කිව්වද හිත හදා ගන්න අමාරු කාර්‍යයක් වන බැවිනි!

අදාල දිනයේ පුවත් පතේ ලිපිය පලවී තිබුනි. මම එය ලක්ෂ 18කට මිළ කොට දක්වා තිබුනි.

එහෙත් මාගේ හිත කිව්වේ මෙහි වෙළෙඳපොළ වටිනාකම ලක්ෂ 17/50 ක් වන බවයි.  අදාල ඉරිදාවේ උදේ 6.00 වන විට චිකන් අතේ අරං තරුණයෙකු පැමිණියේය. ඔහු පැමිණියේ ඔහුගේ කුඩා පුතාවද කැටුවය. කොට කලිසමක් සහ ටී ෂර්ට් එකක් ඇඳ පැමිණි ඔහු සේවය කලේ HSBC බැංකුවේය. ඔහු වාහනය වටා කැරකී ලක්ෂ 17 කට ඉල්ලීය. 

මගේ අවසාන ගනන ලක්ෂ 17/50 වන හෙයින් ඔහුගේ මිළට මා එකඟ නොවීය. මම මගේ අවසාන මිළ; 17/50 ඔහුට දැණ්වීය!

ඒ සමගම අයෙක් පැමිණියේය, ඔහු පැමිණි ගමන් වාහනය වටේ කැරකී 17/75 කට ඉල්ලීය.

ඒ සමගම මුළින් පැමිණි තරුණයා මා වෙත පිං සෙන්ඩුවෙන්න පටන් ගත්තේ 17/50 කට ඔහු ගන්න කැමති බව පවසමිණි.

මා මහත්වූ උභතෝකෝටිකයකට මුහුණ දුන්නෙමි.

දෙවනුව  පැමිණි අය සමග මා පරීක්ෂණ ධාවනයකට වාහනයට නැග්ගේ "ඔයා බයවෙන්න එපා මම ඔයාට තමයි වාහනේ දෙන්නේ!" කියාය.

පරීක්ෂණ ධාවනය අවසානයේ දෙවැන්නා වාහනයෙන් බැස්සේ 17/75 කට දෙනවා නම් දැන්ම අත්තිකාරමක් දෙන්නටත් හවසට වාහනේ ගන්නටත් එකඟ බව පවසමිනි.

මා ලක්ෂ 18 කියන සංඛ්‍යාවෙම සිටියෙමි.

ඒ මුලින් පැමිණි තරුණයාට වාහනය ලක්ෂ 17/50ට දෙන පොරොන්දුව රැකීමටය.

පැය භාගයක් ඇතුලත සියල්ල විසඳුනේය.

අත උඩ රුපියල් 1775000 කට විකිණීමට හැකිව තිබුනු වාහනය  මම 1750000 කට විකුණා දැමුවේ උදේ පාන්දරම රුපියල් 25000ක් පාඩු ලබමිණි.

මාමණ්ඩියට ගෙවන ලද ලක්ෂ 18 සමග ගත් විට මා 50,000ක් පාඩු විඳ අවසන් ය!

මාමණ්ඩිය ඇතුළු පිරිසගෙන් මා හට ඉගැණ්වීම් 500කි. එදිනම බිරිඳගේ නැගනියගේ අළුත උපන් දරුවාට නමක් හොයන්නට අහුබුදුලාගේ නිවසට මමත් මස්සිනාත් ගොඩ වැදුනෙමි. අහුබුදුගේ ආලින්දයේ "සිළුමිණ" පත්තරයකි.

මස්සිනා පැමිණි වැඩේ කරගන්නා තුරු මා එහි "රථ වාහන" ලුහුඩු දැන්වීම් තීරුව පිරික්සීය.

"ටොයොටා  106 කැබ් රථය, 56 ශ්‍රී, 17/50යි. පවර් ස්ටියරිං, ෆෝ වීල්,  . . . . . " මම එහි සිටම ඇමතීමි. වාහනය ඇත. ආපසු බිරිඳගේ මහ ගෙදරට ගොඩවූ සැණින් ඇය සමග වාහනය බැලීමට පිටත් වුනෙමි. නිවසේ මිදුලේ වාහනය නවතා ටිබුනි.

"මම මේක ගන්නවා!" මම බිරිඳට කීවෙමි.

ඒ මගේ හැටිය! වාහනය හොඳ උනත් නරක උනත් මොන දොසක් තිබුනත් මගේ හිතට ඇල්ලුව හොත් එය ගෙදර ගෙන ඒම මාගේ සිරිතය!

කථාව පටන් ගත්තෝය.

ඔහුද මාගේ පාසලේ ආදී සිසුවෙකි. ඔහු නමින් දර්ශන දලුවත්ත හෙවත් "දැල්ලා"ය. වාහනයට ඔහු 17ක් කියයි!

වැඩේ නිමෙටම පත්තුවී අවසානය!

මම වාහනය 16ට ඉල්ලුවෙමි.

"අනේ මල්ලී මම ඔය වාහනේ නෙල්නා ෆාම් එකෙන් ගත්තෙම 16 1/2 ට! මේ බලන්නකෝ. . !" ඔහු කුවිතාන්සියක් පෑවේය. 

"හරි අයියේ එහෙනං මට ඒ ගානට දෙන්නකෝ!"

මගේ මූන දෙස මද වේලාවක් බලා සිටි "දැල්ලා" "ආ එහෙනං අරං පලයං!" කීවේය.

වාහනයේ පරීක්ෂණ ධාවනයේදී ඒය හත් අට පොලක නැවතිනි. එය එන්ජිමට නිසි පරිදි ඩීසල් නොලැබී යාම නිසා බව වැටහුනෙමි.

"අවුලක් නෑ අයියේ! වාහනේ නම් දෙතුන් තැනක නැවතුනා! ඒ උනාට මම වාහනේ අරං යනවා! මට මේක වැදුනා!"

වාහනය අරං ආවෙමි.

මම මගේ වචනයට අර්ථයක් එක් කිරීමට ගොස් විඳි පාඩුව හවස් වන විට මැකී ගොස් ය.

56 - 1086 මා සතු වූයේ එසේය.

මටත් අප පවුලටත් මහත්වූ සේවාවක්  කරණ්නට එය පසු දින සිට පටන් ගත්තේය. Toyota LN 106 යනු ඉදිරිපස Rigid Axel සහ දුනු (Leaf Springs) ආ අවසාන කැබ් රථයයි. ඉදිරිපස දුනු ඇථි නිසා තරමක් ගැස්සෙන බවක් පෙන්නුම් කලද එය අතිශය  User Friendly රථයකි.

එන්ජිම 3L - 2800CC එකක් වූ අතර එය මෙරට ප්‍රසිද්ධ වූයේ "ඩොල්ෆින් එන්ජිම" ලෙසිනි. මන්ද; මෙම එන්ජිම මෙරටට ප්‍රථම වරට පැමිණියේ හයි ඒස් ඩොල්ෆින් රථය සමගය. 

5 Forward ගියර් පෙට්ටියකි.

වාහනය මිළදී ගත් දිනට පසු දින; කොට්ටාවේ විකසිත එන්ටර්ප්‍රයිසස් එකට ගොස් වසන්ත පෙරේරා හමුව ඩීසල් ෆිල්ටරයක් සහ ෆිල්ටර් හෙඩ් එකක් ගෙන සවිකල පසු අතර මග නැවතීම සහ මුලින්ම නිටාවටම සුව විය. 

වසන්ත පෙරේරා මාගේ පාසලේ පංති සගයෙක් විය. අමතර කොටස මිළදී ගැනීමට ගිය ගමනට මාමණ්ඩියද එක් විය. ඒ ඔහුට බැංකු කටයුත්තකට යන්නට තිබුනු හෙයින් වන්නට ඇත. වසන්ත පෙරේරා ෆිල්ටරයට හා ෆිල්ටර් හෙඩ් එකට සල්ලි නොගත්තේය.

එහෙත් එය කොට්ටාවෙන් රැගෙන පන්නිපිටියේ අරලිය උයන අසලට එන්නට නොහැකිවිය. වාහනය අතර මග නැවතුනි. මම මාමණ්ඩිය ත්‍රී වීලරයක නග්ගා ගෙදර යැවීය. තවත් කෙටි වේලාවකින් මා වාහනය අටවාගෙන ගෙද පැමිණියෙමි. 

කැබ් රිය මා සමග සිටි වසර 5 කට අධික කාලය තුල අතර මග නැවතුනේ තවත් එක් වතාවක් පමණි! ලංකාවේ බොහෝ ස්ථානවලට ඇය අපව කැටිව ගියාය. රැයක් දවාලක් නැතිව හැල්මේ දිව ගිය ඇය පවුලේම කෙනෙක් ලෙසට නොබෝ කලකින් පත්විය!!!


25 comments:

  1. හැලපකඩේ බ්ලොග් අඩවියේ හැලපයා හදිසි හෘද අබාධයක් සෑදී මිය ගිය බවට සදහන් වන පුවත සත්‍යයක්ද?

    ReplyDelete
    Replies
    1. කොහෙත්ම නැත. හැලපයියාට මම ඊයේ උදේ කථා කලා. ඒ වෙලාවේ උන්නැහැ මගලෙගොඩ - කොළඹ යන අතර මග!

      Delete
    2. බොහොම ස්තුතියි පිළිතුරට.

      හැලපගේ බ්ලොග් එකේ කවුද කොමෙන්ට් එකක් දාලා තිබ්බා. ඒකයි මාත් මේ කලබල වෙලා බැලුවේ.

      අජිත් ධර්මා ගෙන් ඇහුවම ඔහු කිවේ ලක්මාල් ගෙන් අහන්න කියලා.

      ඔබට ස්තුතියි මහත්මයා.

      Delete
  2. කාලෙකින් ආයිත් පුරුදු ලස්සන සටහන් කියෙව්වා.
    ජයවේවා අයියේ

    ReplyDelete
    Replies
    1. අනේ මලේ මේ දවස් වල එකසිය ගානට වැඩ, ඒ අතරේ ගිටාර් ගැහිල්ලකුත් පටං අරං! ඉතින් ලියන්න උනේම නෑ! සමාවන්න ඊට!

      Delete
  3. මේවා දැක්කම 4WD උන වැඩි වෙනවා, මම 4WD එකක් නැති එකම වතු කාරයා වෙන්න පුළුවන්. බලමු බලමු, ලබන මාසේ මුල ගමරට එන්නයි ඉන්නේ හිටන්.

    ReplyDelete
  4. ටොයොටා හයිලක්ස් 106 කැබ් එක මමත් ආසම වාහනයක්....ඇත්තටම ඒකට මට ආසාව ආවේ මම මගේ ඉන්ඩ්‍රස්ට්‍රියල් ට්‍රේනින් එකට ගිය අංශයේ ලොක්කට තිබ්බෙ ඒ කැබ් එක. ඒකෙ පුදුම ලස්සනක් මම දැක්කේ.. ඒත් ඊට පහු කාලෙක මම වාහනයක් ගන්න හොයන කොට ඒ කැබ් එක එච්චර සුලභ උනේ නෑ...ඒත්
    56 ශ්‍රී කියලා ලියලා තිබ්බෙට වාහනේ 56 ඩෑශ් වාහනයක් නේද.

    වාහන ගද්දි විකුණදිදි දෙකේදිම මම ඔය 25k 50k වගේ ගනන් බලන්නේ නෑ...ඉල්ලුවද දුන්නා..කිව්වද ගත්තා වගේ තමයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක හරි අපූරු වාහනයක්! මාත් එක්ක සෑහෙන කාලයක් එයා හිටියා. අපිව රටේ බොහෝ තැන් වලට එක්කගෙන ගියා පරිස්සම්ව.

      56- 1086 !

      Delete
  5. පැන්තරේ ඉසුසු නේද.
    දහ ජරාව. ඔය පැන්තර් තඩියක් හින්ද නොමැරෙී බේරුණේ පූරුවෙ වාසනාවකට. මතක් වෙද්දිිත් ඇඟ හිරිවැටෙනව.

    එතකොට මම වැඩ කරන්නේ මහව. මගේ ෆස්ට් ඇපොයිමන්ට් එක. හදිසියේ information එකක් ඇවිල්ලා අපි ගියා ගල්ගමුවෙන් ඇතුලේ පැත්තකට. යන්න හදිසි නිසා රියදුරා ටිකක් වේගයෙනුත් ගියා. කොහොමහරි අදාල තැනට ලංවෙනකන් කිසිම කරදරයක් නැතුව ගියා. ඇත්තටම ඒක තමා එතන ලොකුම දේ. මොකද ප්ලේස් එකට යන්න ඔන්න මෙන්න තියලා හේනක් මැදදී වාහනේ ඉස්සරහ දකුණෙ බෝල් ජොයින්ටුව කඩාගෙන වැටුන කියහන්කෝ.

    අර ගල්ගමුව නවගත්තේගම පාරෙ කොහෙ හරි කඩං වැටුන නං වාහනේ එහෙම්ම කොණ්ඩෑරුං ගහල අපිට වෙච්චචදෙිකුත් නැති වෙනව. එහෙනං තට්ටයියා මහේස් කියල පොරක් දන්නෙත් නෑ.

    ඉසුසු නං තූ නෙදකිං.

    ReplyDelete
    Replies
    1. ඩිපාමන්ට් එකේ.තිබ්බ ඔක්කම පැන්තර් අයිං කලා ඒ සිද්ධියෙන් පස්සෙ. හුඟක් එව්ව ඔක්ෂන් දැම්ම. (ඒ හේතුවමනොවෙන්න පුලුවන්. නමුත් ඒ කාලෙ තිබ්බ පැන්තර් ඔක්කම අයිංම කරල දැම්ම. අලුත්ම හයිලක්ස් ගත්තෙ ඊට පස්සෙ) එකක් හෝ දෙකක් ඉතිරි වෙලා ඇති. අන්තිම එක නං කුරුණෑගල SOB එකේ තිබ්බ දිර දිර.

      Delete
    2. ඉසූසූ වල ෆේල් උනේ ඉසූසූ ජෙමිනි, ඇස්කා කාර් දෙකයි ඔය කියන පැන්තරේයි විතරයි.
      ඉසූසූ කියන්නේ ජපානයේ හදන හොඳම වාහනයක්.
      ඉසූසූ ට්‍රක් සහ SUV රථ කිසිදු අඩුපාඩුවක් නැති වාහන.
      මගේ අවබෝධයේ හැටියට මිට්සුබිෂි 4ඪD56, ටොයෝටා 3L, නිසාන් SD 27 සහ ඉසූසූ 4JB1 කියන එන්ජින් අතුරින් වැඩිම ආයු කාලයක් ඇති එන්ජිම ඉසූසූ 4JB1 එන්ජිමයි.
      කිලෝමීටර ලක්ෂ 5ක් පමණ කිසිදු ආබාධයකින් තොරව දුවන්නට පුළුවන් එන්ජිමක්.
      ඩබල් කැබ් අතිරින් 4JB1T එන්ජිම සහිත කැබ් රිය; එන්ජිමේ ක්ෂමතාවයට දළ බර දක්වන අනුපාතය (Weight to power ratio) අනුපාතය අතුරින් ඉහලම අගයක් ගන්නා ඩබල් කැබ් රියයි.
      ඒ වහ්ගේම ඉහලම ස්ථායිතාවය ඇති ඩබල් කැබ් රියද වෙනවා!
      තවතෙකක් පිටුපස ආසනයේ වැඩිම ලෙග් ස්පේස් (Leg Space)එකත් ඇති රථය වන්නේ එයමයි.

      පැන්තරය ඒ අතින් ඉතාම දුර්වල වාහනයක්!

      Delete
  6. තට්ටයා මහත්තයාට පොඩි තෑග්ගක්:
    https://www.youtube.com/watch?v=e1_Jy7qzm6k

    ReplyDelete
  7. එක කාලෙක වතු අධිකාරීන්ටත් දීල තිබුනා

    ReplyDelete
    Replies
    1. වතු අධිකාරී වරුනට Isuzu Trooper නම් දීලා තිබ්බා මතකයි.

      Delete
    2. පොලිසියටත් දීල තිව්න නේද.
      මතකයි ඒ දාස්සොල අන්න ටූපරේ එනව පැනගනියාව් කියල කට්ටිය කඩා බිඳගෙන දුවනව.

      Delete
    3. ඔව් ඒකාලේ පොලීසියට ට්‍රූපර් දීලා තිවුනා! ඒවායේ බොහොමයක තිබුනේ C240 එන්ජින් වගෙයි මතක! ඒවා හොඳ වාහන.

      Delete
  8. මටත් ඔය දැක්ක ගමං හිතට වදින එක තියෙනව. ඊට පස්සෙ පොඩි පොඩි කිවිසුම් යනකොට මං ගැන ම පොඩි අවිශ්වාසයක් එනව. ඒක මේ ලිපිය කියවලා නැති වුණා.

    ReplyDelete
    Replies
    1. "දැක්ක ගමං හිත වැටුනා - වාසනාවේ දොර ඇරුනා" කියන්නේ නිකංම නොවේ නේ!

      Delete
  9. පාඩුව විඳගෙන උනත් වචනෙ තිව්ව එකට මාගෙ හද පිරි මෙව්ව එක...!

    ReplyDelete
    Replies
    1. ඔව්! නමියා ! මම; මාගැන ආඩම්බර වෙන එක් අවස්ථාවක් තමයි ඔය සිදුවීම!

      Delete
  10. 4wd උන වැඩිවෙලා මරු විකල්ලෙං කියවෙනව මේව කියෙව්වම

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...