නෙලාගත් අස්වැන්න - අටුව

Monday, February 19, 2018

84. සැම්සන් සහ විල්සන්....!

   

නන්දියෙස් මුදලාලි කොණ්ඩය බැන්දේය. ඔහුගේ බඩු කඩය තිබුනේ තණකොළ වත්තේ ගඟෙන් එගොඩ සුද්දාගේ වතත්ටත් ගමටත් සිල්ලර බඩු විකිණිම ඔහුගේ වෙළඳාම විය.
රතු බල කොටුවක් ලෙස නම් දැරූ එම ගම්පළාතේ එලි පිටම කෙලින්ම යු ඇන් පියට වැඩ කලේ ඔහු පමණි. එවකට පළාතේ සැලකිය යුතු ධනවතෙකු ඔහුගේ කඩයට බඩු ගෙනාවේ කොළඹ සිට පැමිණි බර කරත්ත වලිනි. සිල්ලර වෙළෙඳාමට අමතරව ඔහු කල රබර් මිලදි ගැනීමේ ව්‍යාපාරයෙන් ධනය ඔහු වෙත ගලා ආවේය.
හිට්ලර් ජර්මනියේ ආඥාදායකයා වූවේය. මහ යුද්ධය ඇරඹිණි. යුරෝපය පුරා මිත‍්‍ර හමුදාවන්ට උපකරණ නිපදවෙන කම්හල් ඉඳි විය. රබර් අත්‍යවශ්‍ය අමු ද්‍රව්‍යයක් වියග ජර්මනියේ හිට්ලර් නිසා තණකොළ වත්තේ නන්දියෙස් මුදලාලි මහා ධනවතෙක් විය.
යුද්ධයෙන් පසුව මිල්ටේරියේ රථ වාහන තුට්ටුවට දෙකට විකිණින. එහෙත් එකල තුට්ටුවක් සොයා ගැනීමට පවා හැකි වූයේ බොහෝ ස්වල්පය දෙනෙකුට පමණිග නන්දියෙස් මුදලාලිද ඒ අතරින් එකෙකු විය. ඒ හේතුන් නිසාම ඔහුද MW කාපරි ෆෝඩ්  බස් රථයකට හිමිකම් කිවේය.
එවකට සිටි බස් මුදලාලි හට තම බස් රථ දිවැවීමට රියැදුරා මුදල් එකතු කරන්නා හැරුනු විට තවත් පුද්ගලයෙකු ගේද සේවය ලබා ගත යුතු විය. ඒ නගරංකාරයෙකුගේය. චන්ඩින් නොමැති බස් රථ වේළුනි.

වෙනත් බස් රථ වල සිටි මගීන් වුවද එම රියෙන් බිමට බස්වා තමාගේ රියට ගොඩකර ගන්නා චනඩින් වුවද නොසිටියා නොවේග නන්දියෙස් මුදලාලි හටද චන්ඩියෙකුගේ අවශ්‍යතාවයක් ඇති විය. ඔහු චනඩියෙකු ගෙනාවේ මීගමුවෙන්ය. තමන්ගේ ගමේ රටේ එකාට වඩා පිටතින් එන  ඕනෑම එකෙකුට විශේෂ ගෞරවයක් දැකවීම අදට පමණක් උරුමවු දෙයක් නොව එකලද එසේම විය.
නන්දියෙස් මුදලාලිගේ බස් සේවාව කාලයත් සමඟ වියැකිනි. නෙල්සන් බොඩියේ ප‍්‍රගමනය සඳහා මීගමු චන්ඩියා තණකොළ වත්තේ සිට අසල පිහටි කුඩා නගරයට සේන්දු වී නගරයේ නගරමා වියග නන්දියෙස් මුදලාලි අවසානයේ තණකොළ වත්තේම තණකොල ගසක් සේ මළේය.
මුදලාලි මිය යන විට ඔහුට දරුවන් කිහිප දෙනෙක්ම විය. ඉන් වැඩිමහල්ලා සැම්සන් විය. ඒවන විට මීගමු චන්ඩියා හටද දරුවන් සිටියෝය. ඔවුන් අතරින් වැඩිමහල්ලා වුයේ විල්සන්ය.
සැම්සන් සහ විල්සන් හොඳ මිතුරන් වුයේ කාලයත් සමඟයග නන්දියෙස් මුදලාලිගේ යු ඇන් පීයට වැඩ කිරිමේ පුරුද්ද සැම්සන්ද ඉදිරියට ගෙන ගියේය. ඔහු තම පියා මෙන් ගම් මට්ටමින් නොව ප‍්‍රාදේශිය මට්ටමේන් ද ඔබ්බට ගිය දේශපාලනයක් කල අයෙකු වුවේය. නවසිය හැට ගණන් වලදී ප්‍රේමදාස වැටී නිදා ගත්තේ සැම්සන්ගේ පැදුරේය. ඩඩ්ලි සැම්සන්ගේ පිඟානේ බත් කා ඇත. ජේ ආර් සමඟ ඉඹුල්ගොඩදී ගුටි කා ඇත.
කෙසේ වෙතත් සෑම මැතිවරණ සමයකදීම සැම්සන් යු ඇන් පීයට නැතිවම බැරි අයෙකු විය. මැතිවරණයේදී ඡන්ද එකතු කරන පිලට සැම්සන් නායකත්වය දුන් අතර  ඡන්දයෙන් ඵල ප‍්‍රයෝජන ගත් පිලට නායකත්වය දුන්නේ විල්සන් විසිනි. විල්සන්ගේ දේශපාලන දිවියේ  වැදගත්ම සිදුවීම  ලෙස පෙනෙන්නේ ඔහු නගරාධිපති වීමය.
පිවිතුරු දේශපාලනයේදී පිදෙන මල් කලකදී පරෙවී හැලෙන බවත් එහෙත් දූෂිත දේශපාලනයේදී වඳින ගල් මගින් තමාට පවුරක් බලකොටුවක් හෝ නිවෙසක් ඉඳි කර ගත හැකි බව විල්සන්ට ප‍්‍රථම වතාවට පසක් වූයේ නගරාධිපති වී තම පළමු මැදිහත් වීම ලෙස නගරයට පොදු වැසිකිළියක් මැස්සන් පිරෙන්නාක් මෙනි. අවසානයේදී වැසිකිලිය ඉඳිකල කොන්ත‍්‍රාත්කරුවා වෙතින් තම නිවෙසට පිඟාන් කට්ටලයක් ලැබුනගි වැසිකිළියෙන් ලද පිඟාන ජරාව කෑමේ ආරම්භය විය.
සැම්සන් නන්දියෙස් මුදලාලිගේ දේපල විකුණා කමින් යු ඇන් පීයට කැඹුරුවේය. තවත් කලකින් පළාතේ මන්ත්‍රීවූ රතු බල කණුව පෙරලා දැමු විල්සන් එතැන ගත්තේයග හොර ඡන්ද මැරකම් දූෂණ වංචා සංකල්ප නොව් පාරිභෝගික වස්තූන් වූවා නම් ඡන්දය දිනා නගරයට එන විට විල්සන් පළඳින්නේ කොල පැහැති ඉටි කොල මල් මාලයක් නොව දූෂණ වංචා මැරකම් එකිනෙකට අමුනන ලද මලයක් වීමට ඉඩ තිබුණි.
කිසිදා මත්පැන් පානය නොකල සැම්සන් හට එම ඡන්ද ව්‍යාපාරයේදී බොන්නට සිදුවිය. ඔහු ඡන්ද ප‍්‍රතිඵල ගුවන් විදුලියෙන් ඇසුවේ කණමදයෙකු ලෙසය. සැම්සන් පක්ෂයෙන් හෝ ආණ්ඩුවෙන් බලාපොරොත්තුවු දෙයක් නොමැත. එසේම ලැබුනු දෙයක්ද නොමැත. ඔහුගේ මෝටර් රථය ඡන්දයට විල්සන් නාම යෝජනා දුන් දිනයට පෙරදින විකුණා දැම්මේය. ඒ මුදලින් ඡන්ද ව්‍යාපාරය දියත්වුනු අතර නාම යෝජනා භාර දීමත් සමඟ ආසනයෙන් එකතු වු ආධාර මගින් තම බිරිඳගේ නමින් ඔසටින් ලොරි කටුවක් අරන් දැමීමට විල්සන්ට හැකි විය.
කාලය වේගයෙන් ගෙවී ගියේය සැම්සන්ට මෙන්ම විල්සන්ටත් දුවා දරුවන් සිටියෝය. සැම්සන් හට තම නිවැසි තම ආදරණීය එකම බිරිඳගෙන් පුතුන් දෙදෙනෙකු හා දියණියක ලද අතර  විල්සන්ගේ දරුවන් කොළඹ පාසැල් වල රගර් ගසද්දී සැම්සන්ගේ දරුවන් කොළඹ ටියුෂන් ඒමට නගරයේ බස් නැවතුම් වල වෙළුනි.
විල්සන් පළාතේ පොලීසිටය පමණක් නොව මුළු මහත් පොලිස් දෙපාර්තමේන්තුවටත් ත්‍රිවිධ හමුදාවටත් අභියෝග කරමින් උතුරට තහනම් බඩු ගෙන ගිය අතර සැම්සන්ගේ බාල පුත‍්‍රයා පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස දකුණු පළාතේ පොලීසියක වැඩ භාර ගත්තේය.
විල්සන් ඒවන විට නගරයේ පමණක් නොව මුළු මහත් පළාතේම මහා ධනපතියා හා බලවතා වී සිටියේය. ඊළගට ඔහු අත ගැසුවේ දාහේ හා පන්සීයේ හොර නොට්ටු එළි දැකවීමටය. එය නොබෝ කලකින් එලිදරව් වුවද ඊට ආණ්ඩුවේ කල්ප වෘක්ෂ සහ ඔවුන්ගේ කිලටි අත් වල පිරිත් නූල් ගැටගැසු පැවිදි උතුමන්ද සම්බන්ධවු බැවින් සිදධිය මතු වුනාටත් වඩා වැඩි සීඝ‍්‍රතාවයකින්ය.
විල්සන් තම ලොකු පුතාව සහකාර වතුඅධිකාරිවරයෙකු ලෙස කන්ද උඩරට වතු යායකට යොමුකල අතර සැම්සන්ගේ ලොකු පුතා පිළිකාවකට ගොදුරු විය.
සැම්සන්ගේ මුළු මහත් පවුල් සංස්ථාවම දෙදරවා ලීමට එම අවාසනාවන්ත සිදුවීම සමත් විය. සැම්සන්ගේ බිරිඳ රැකියාවක් කලේ යාබද ග‍්‍රාමීය රෝහලෙහි වින්නඹු මාතාවක් ලෙසය. ඇය දරුවන් සිය දහස් ගණනක් බිහි කිරීමට ඇප උපස්ථාන කල අයෙකු විය. තමා සිය දහස් ගනණක් දරුවන් උපද්දවු අයෙක් උනත් තමාගේ දරුවා මේ තරම් අවාසනාවන්ත රෝගයකට ගොදුරු වුනා නේදැයි සිතෙන විට; මෙ සල්ලි අච්චු ගැසීමේ සිද්ධියට වඩා ප‍්‍රදේශය පුරා පැතිර ගියේ සැම්සන්ගේ බාල පුතා ගුරු පඩියක් කොල්ල කෑමේ පුවතයි.
තම එකම සොයුරාගේ රෝගී තත්ත්වය කරණ කොට ගෙන පැන නැගුනු අවශ්‍යතාවයන් පිරිමසා ගැනීමට ගත් උත්සහය උසාවියේදී ඇගයීමකට ලක් නොවු අතර එයට ප‍්‍රථිචාර දැක්වුනේ අවුරුදු 04ක කාලයක් රජයේ වියදමින් කන්න අඳින්න හා ඉඳුම් හිටුම් ලබා දෙන්නට විනිසුරු ගත් තීරණයෙනි.
හොර සල්ලි විල්සන් ධනවතෙක් කල අතර සැම්සන් හිඟමනට පත් කරන ලදී. තම පුතුන් දෙදෙනා බේරා ගැනීමට ගියද සැම්සන් හට ඉතරි වුයේ තමා වැටී නිදන පැදුර පමණි.
කොතෙක් මහන්සි ගත්තද මුදල් වියදම් කලද පිළිකාවත් නීතියත් අවසානයේ ජය ගත්තේය. සැම්සන්ගේ ලොකු පුතාගේ අවසාන කටයුතු වලට විල්සන්හට සහභාගි වන්නට නොහැකි විය. හදිසි තීරණයක් මත විල්සන්ගේ බාල පුතා ඇමෙරිකාව බලා පියාසර කිරීමද එදිනම යෙදී තිබීම එයට හේතුව ලෙස අවස්ථාවට සහභාගි වන්නට පැමිණි ඔහුගේ පුද්ගලික ලේකම්තුමාගෙන් සැම්සන් දැන ගත්තේය.

තම ගේ අවට ගස් වල පොල් පැහෙන තෙක් බලා නොසිට; පොල්මල් කපා හෝ කුරුම්බා විකුණා මුදල් ගෙන කසිප්පු බොන තත්තවයට සැම්සන් පත්විය. 
පක්ෂයේ මෙන්ම රටේ නායකයාට විරුද්ධ දෝෂාභියෝගයක් ගෙන ඒමට පක්ෂයේ දෙවෙනි පෙල නායකයන් ගත් තීරණයට එකග වීමේ වරද මත විල්සන් ආණ්ඩුවෙන් ඉවතට විසිවුනි. 
කාලය ගෙවි ගියේය සැම්සන් දිනක් ගේ පිළිකන්නේ දෙරි ගැසුවේ ඉල ඇට තුන හතරක් ද බිඳෙමින්ය. මාස ගණනක් ඔහු ඔත්පලව ඇඳේ සිටියේය. මෙම කාල වකවානුව තුල රටේ කිසිදු මැතිවරණයක් නොපැවැත්වු හෙයින් සැම්සන් ගේ ඇද වැටීම පක්ෂයට බල පෑවේ නැත. එම කාලය තුල ඔහු මාරයාට නොව මාරයා ඔහුට අත වනමින් විය. තම මිතුරා හට අංශභාගය වැලඳි ඇති බව සැම්සන් දැන ගත්තේ මේ කාලයේදීම වීම කෙතරම් දෛවෝපගතද?
විල්සන්ගේ දරුවන් හට දේශපාලනය දිරෙව්වේ නැත. බොහෝ දරුවන් රට අත හැර ගියෝය. විල්සන්ගේ ගෙදර මෙන්ම සැම්සන්ගේ ගෙදරද පාළුවට ගියේය.
සැම්සන්ගේ එකම දියණිය වෛද්‍ය විද්‍යාලයට තේරුණි යූ ඇන් පීයේ දූෂණ භීෂණයන් සැම්සන් හට පක්ෂය පමණක් නොව දේශපාලනයට එපා කර විය.
ටික කලකින් සැම්සන් සුව අතට පත් විය. විල්සන් ඔත්පල වී-නොවී සීටියේය! සැම්සන් බීම අත් හැරියේය. සැම්සන්ගේ බිරිඳ නැවතත් පසලොස්වක අටසිල් සමාදන් වෙයි.
විල්සන් මෙරට හැර ගිය තම දරුවන් නැවත ලිපි එවන තුරු බලා සිටියි. සැම්සන් බලා සීටින්නේ  තම බාල පුතාගේ; දිනෙන් දින වැඩෙන දරුවන්ගේ කෙලි කවටකම් දෙසය ලබන වෙසක් සමාවෙදි පුතාට එන්න පුඵවන් වේවී ඔහු තනිවම සිතයි.

11 comments:

  1. උඩ කතාවට- ලෝකය පෙරලෙයි කාලේ ගෙවී යයි ලෝ දම් කැරකෙනවා.. සාදු සාදු සාදු... :))

    පේළි අතර කතාවට- හ්ම්ම්ම්... :/

    ReplyDelete
    Replies
    1. වෙන ෆොන්ට් එකක්! ඉඩ ලබුනු විට ආයෙත් ලියා දමන්න සිතා සිටිමි! අමාරුවෙන් හරි කියවපු එක ගැන ස්තූතියි!

      පරම සත්යය!

      Delete
  2. ගම් පලාත පමනක් මනඃකල්පිතය.//

    😂😂😂😂😂

    ReplyDelete
  3. තමන් කරන හොද හෝ නරක මැරෙන මොහොතක් තියා හරි තමන්ට පල දෙනවා. මම හිතන්නේ එහෙමයි. ඔබතුමා නම් මේ කතාවට එකග නැතුව ඇති. සැම්සන් අවසාන කාලේ හරි හිතේ සතුටින් ඉන්නේ ඒ නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. සැම්සන් යනු සැබැවින්ම් අහිංසක මිනිහෙක්! එයා කාටවත් කරදරයක් නැති කෙනෙක්. එයා දැන් ජීවතුන් අතර නෑ!

      Delete
  4. තමන් කළ යහපත් දෙයෙහිද අයහපත් දෙයෙහිද ප්‍රතිඵල රය සක මෙන් තමා පසුපස එයි.

    ටයිප් කරනකොට හෝ ස්ක්‍රීන් ෂොට් ගන්න ඉස්සර 'Check Spelling as you type' ඩියැක්ටිවේට් කරල තිබ්බනං අර යටින් තියෙන රතු ඉරි ටික අයින් කරගන්න තිබ්බ.

    ReplyDelete
  5. අයියන්ඩි කියවන්න නම් අමාරුයි පේනව මදි.

    ReplyDelete
    Replies
    1. හෙට අනිත්දාම හරියට ලියා දාන්නම්!

      Delete