නෙලාගත් අස්වැන්න - අටුව

20. අළුත් අවුරුද්ද ඔබට සුභ ද . . . . ?(අසුභ සුභ)



වැටට කම්බි කනුවකට ගැනීම හැර වෙන කිසිදු වැඩකට නොගන්නා එරබොදු ගස් වල නොපිපුනු පොට්ටු අවුරුද්ද කිට්ටු බව  දන්වයි.
තමන්ට කියා කූඩුවක් අට්වා ගන්නට බැරිව ; කුනුගොඩක් කුනු ගොඩක් ගානේ චාටර් වන කපුටා තමන්ගේ දාඩිය මහන්සියෙන් හදා ගන්නා කූඩුවේ ඌ නැති අල්ල පනල්ලේ බිජු ලන කොහා අපට අවුරුද්ද එන බව කියයි.
ක්‍රෙඩිට් කාඩ් එක උතුරා ගොස් ඇති නිසා ගෙදර සැමට රෙදි ගැනීමට අපහසුය.
නොනගතේට වැඩ අතාරින්න් බැරි තරමට වැඩ ගොඩවෙලාය.
ප්‍රයෝජනයට ගන්නට ඇති කිරි ටික  උතුරවා අපතේ යවා අවුරුද්ද ලබයි.
එතෙක් අවට තිබුනු නිස්කලංක බාවය රත්ඥ්ඥා පුපුරවා නැතිකර දමති.
හදන්නේත් ලැබෙන්නේත්  ශරීර සුව තාවයට නොගැලපෙන තෙල්,පිටි, සීනි පිරුනු කෑමය.
ප්‍රධාන අහාරය ලෙස කෑ විගස නිදිමත එන කිරිබත් කන්නෙමු.
පලමුව දුන් එකාට වැඩිපුර දිය යුතු "ගනු දෙනු" කිරීම අමුම අමු ප්‍රෝඩාවකි.
අල්ලපු ගෙවල් වලින් එවන කෑම පිඟන් හිස්ව යැවීමට බැරි හෙයින් අප අමාරුවෙන් සාදා ගත් දේ පිටතට දීමට සිදුවේ. ඒ වෙනුවට ලැබෙන්නේ කටේ තියන්නට බැරි දේවල්ය.
වැඩ අල්ලන වෙලාවේදී හිට ගන්නට පනක් නොමැත.
බූරු ගසා සත්පහ නැතිවෙයි.
ඩෝප් වී කේස් දා ගනී.
කඹ් ඇද , කොට්ට පොර ගසා එතෙක් ගමේ පැවති සාමය නැතිකර ගනී.
එතෙක් ලැජ්ජාවට බයට හැදුනු කෙල්ලන් අවුරුදු කුමරි තරඟය සමග සියල්ල නැතිකර ගනී.
හිස තෙල් ගාන්නේ භාගයටය.
වැස්ස නිසා සඳ බැලීම උගහටය
හිස් අතින් අළුත් අවුරුද්දේ ගෙවල් වලට යාම  මුස්පේන්තුකමක් සේ සලකන බැවින්ය නෑ ගෙවල් වල යෑම නැවතේ.
රැකියාව සඳහා පිටත් විය යුතු දින තෙක් ගෙදර  ඉන්නට නිවාඩු නැත.
නැකතට සියල්ලෝම පිටත්  වීමනිසා බස් වලට නැග ගත නොහැකි වීම නිසා රතු ඉර වදී.
තුවාල කරුවන් ගනන හා මැරුණු ගනන පසුදින රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඉතින්මුදලාලිලා කොහොම කිව්වත් , සුමනදාසලා ග්‍රහ තාරකා මොන තරම් කඩේ  යැව්වත්  කෙලෙසද අවුරුද්ද සුභ වන්නේ.........?????

සෙස්ස පස්සට - තට්ටයා

No comments:

Post a Comment